li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, September 1, 2021

ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස

සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ....

‘ගෝලාකාර ලෝකේ ඉන්න විවිධාකාර මිනිස්සු එක්ක පුදුමාකාරව ජීවිතේ ගත කරන කාලයක....

ඒ විවිධාකාර පුද්ගලයන් විවිධ විදිහට ආද‍රේ බලාපොරොත්තු වෙනවනෙ.
සම්මතයෙන් ඔබ්බට ගිය අසම්මත ආදර කතාත් තියනවානෙ.

ඒ ගැන තවත් පුද්ගලයන් වෙනස්ම කෝණයකින් බලලා ගරහන අවස්ථාත් නැතුවා නොවේ; ඒත් ආදර කතාවක් ඒවායින් නවත්වන්න හැකි වෙයිද?
නීතියකට පුළුවන් වේවිද ආදරයකට හරස් වෙන්න
?
කෙනෙක්ට පුළුවන්ද තවත් කෙනෙක් සිතන පතන ආකාරය වෙනස් කරන්න
?
අසම්මත නිසා තමන් ආදරය කරන පුද්ගලයාව සිතින් යටපත් කරන්න පුළුවන්ද
?
අසම්මත වුණත් ආදරයට කියන්න වෙනත් නමක් තියනවාද
?

මගෙ අම්මෝ! ප්‍රශ්නයක් දෙකක් නෙවෙයි ප්‍රශ්න පත්තරයක් කියලද හිතුවේ.
ඒත් මොකෝ, ජීවිතේ කියන්නෙ උත්පත්තියේ ඉඳලා- මරණය තෙක්ම නොනැවතී ඉදිරිපත් කෙරෙන ප්‍රශ්න මාලාවක්. දැනුවත්ව හරි නැතිව හරි අපි එව්වාට උත්තර හොයනවා; විසඳුම් දෙනවා. සමහරක් හරි යන උත්තර, සමහරක් වරදින එව්වා.
ඒත් ජීවිතේ නවතින්නෙ නෑ, ඔහේ ඉදිරියට ගලාගෙන යනවා....

‘ජීවිතේ ගංගාවකී - දෛවෙ එහි දිය පාරකී
 ජීවිතේ ගංගාවකී
 ඒ ගඟේහී පාවෙනා - පිදුරු කැබලිය ලෝ දනා//
 එකට එක්වී - ටික දුරක් විත්
 ආයෙ වෙන්වී යයි වහා....’
ලතා වල්පොල ගැයුවා මතකයිද ‘පුරුෂ රත්නය’ චිත්‍රපටියට. ගොඩ දෙනෙකුට ඒක මතක හිටින්න නං විදිහක් නෑ, පුරුෂ රත්නය ආවේ 1959 අවුරුද්දෙනේ....

සුනිල්වන් නිලෙන් දිලෙන දීප්තිමත් අහසෙ නිරුවත් පා යුවලක් දිස් වෙනවා.

එක-එක්කෙනා ජීවිතය දිහා බලන්නේ වෙනස් වෙනස් විදිහට. එක-එක්කෙනා කිව්වමත් එකිනෙකාට වෙනස්නෙ නේද?

ඉතිං, අද පෝස්ටුවේ මුලින්ම කියපු ‘ප්‍රශ්න පත්තරේ’ මං ලියපු එකක් නෙවෙයි.
xxx xxx ලිව්ව එකක්.... ටක්කෙටම කියනවා නං, xxx ලියපු එකක පේළි කිහිපයක්.
‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළන්නට එන දයාබර හිතවතුන්ට නං, මේ අඩවියේදී මීට ඉස්සර xxxව හම්බ වෙලා නෑ. මාත් මේ ළඟදී එයාව හඳුනා ගත්තේ, නොදැක; හමු නොවී; ලියන-කියන දෙයින් විතරක්!

xxxව මුණ ගැහෙන්නට මඟ පෑදුණේ වික්ටර්ස් හරහාය!

සුනිල්වන් නිලෙන් දිලෙන දීප්තිමත් අහසෙ නිරුවත් පා යුවලක් දිස් වෙනවා. ඒවා චලනය වෙන්නේ පිහාටුවක් පාවෙන තරමේ හෙමිං..... ඉහළ පහළ යන චලන කිහිපයකට පස්සේ වේගය වැඩි වෙනවා, හිටි ගමන්. ආ.... fit කොල්ලෙක් පොලා පනිනවා. (දන්නවනේ, එහෙම කිව්වේ මගේ දැනීමේ තරමටය.
නිකමට වාගේ අයස්මන්ත දොස්තර මහත්තයාගෙන් ඒ පොලා පැනීම ගැන ඇහුවාම, ඒ සෙල්ලමට කියන ඉංග්‍රීසි වචනය කිව්වේය. Trampoline.) මුලින් දර්ශන ටික තිබිලා තියෙන්නෙ slow මෝෂන්වලින්, එතකොට තමයි අපටත් ඒ පාවීම දැනුණේ....
ඊළඟට මෙන්න බොලේ අර හාදයා හැටට-හැටේ ෆුට් සයිකලය පාගනවා.
අපට හිතෙන්නේ එහෙම කරන්නේ ව්‍යායාමයට කියලාය.

අනේ, වැරදිලානේ. ඒ හාදයා වැඩට යන්නේ සයිකලයෙනි. වැඩ කිව්වාට මහ ලොකු සුදු කරපටි රස්සාවකුත් නොවේ; ගෘහ භාණ්ඩ හදන තැනක කම්කරු වැඩක්.
වැඩ අහවර වුණු ගමන් මේ හාදයා මල් පොකුරකුත් අරගෙන දුවන්නේ ඉස්පිරිතාලෙටය.

තම ශක්තිමත් සිරුර ගැන උනන්දු වෙන ඔහුගේ උදරයේ මාංශ පේශි දැනටමත් පමණට වඩා වැඩි වෙලා වගේද?

ඒ රෝහල් ඇඳකටම සින්නවී; සේලයින් වතුරෙන් ජීවත් වෙන මහලු කාන්තාවක බලන්නටය. මල් ගෙනනවාවත්, වික්ටර්ස් ඇගේ නළලතට හාදුවක් පිරිනමනවාවත්, ගිලන් ඇඳ මතින් වාඩිවී ඉන්නවාවත් මහලු කත නොදනී.

ඔහු; වික්ටර්ස් එතරම් සුවපහසු දිවියකට හිමිකරුවෙකු නොවෙන බවත්, ඉන් පස්සේ අපට පෙනෙයි.

තම ශක්තිමත් සිරුර ගැන උනන්දු වෙන ඔහුගේ උදරයේ මාංශ පේශි දැනටමත් පමණට වඩා වැඩි වෙලා වගේද? ඒවාම සොයමින් ඉඳලාත් බැරිය. රෑට යමක් උයා ගන්නටත් තිබේ. ටෙලිෆෝනය නාද වෙන්නේ එතකොටමය.

හරිම අපූරු film එකකට, නියමෙටම ගැළපෙන උපසිරසි යොදන xxx, මෙන්න මෙතැනදී sub එකක් විදිහට කොටන පළමු වචනය ‘ඔව්’ කියන එකය.
The Man with the Answers චිත්‍රපටයට උපසිරසි සපයන xx xxxට ‘ඔව්’ වදන කොටන්නට film එක පටන් ගෙන විනාඩි 4 තත්පර 27ක් යනතුරු බලා හිඳින්නට සිදුවී තිබේ.

මම චිත්‍රපට හදන්නෙක් නොවෙමි; විචාරකයෙක්ද නොවන්නෙමි. එහෙත් මට වදින ෆිලුමක් බැලුවාම; මට දැනෙන ෆිලුමක් බැලුවාම, හැකිතාක් දෙනා එය බලනවාට කැමැත්තෙක්මි. ඇත්තම කියතොත්, මේ ෆිලුම මාව උස්සලා පොළොවේ ගැහුවා වගේ.....
නෑ, නෑ, නෑ. ඒ උපමාව මෙතනට හරි යන්නේ නැත; දරදඬු වැඩිය. කොහොමද ‘බූරු ඇඳක වැතිරී හිටි මං වහන්සේව ඔසොවාගෙන ගිහින් සුවපහසු මෙට්ටයක් උඩට අත හැරියා වගෙයි’ කිව්වොත්? ග්‍රාම්‍යයිද....

සිනමාව තියෙන්නේ රූපාවලියකින් කතන්දර කියන්නටය. ප්‍රධාන වශයෙන්ම කැමරාවෙන් කෙරෙන ඒ කටයුත්තේදී ආලෝකය, වර්ණ, දුර-සමීප රූ වගේ ගොඩාක් දේවල්වලින් ප්‍රයෝජන ගැනෙයි. ඉස්සර නම් සිනමා කැමරාවෙන් ඒ දර්ශන සිර කර ගත්තාය කිව්වේ, සෙලුලොයිඩ් පටිවලය. දැන් වෙනස්- දියුණු තාක්ෂණික මෙවලම්ය භාවිත වෙනවයි කියන්නේ.)

අනෙක් තැන්වලදීත් තෝරා ගැනෙන්නේ වැරදි මිනිසුන්වය.

ප්‍රේක්ෂක අපට පෙන්විය යුතු දර්ශන මොනවාද කියලා තෝරාගෙන කපලා- කොටලා- ඉවත් කරලා- පුරුද්දලා ඉවර වුණාම තමයිලු, සංගීතය යොදන්නේ. සමහරවිට දෙබසුත්... ඒවායෙන් අපේ හැඟීම් තවත් උද්දීපනය කළ හැකිය.

සමා වෙන්නෝනි! මේ කියන්නේ අපේ රටේ වැඩි දෙනෙක් බලන මෙගා ටෙලි ගැන එහෙම නෙවේ. ඒ වැඩි හරියක් ‘ගුවන් විදුලි නාට්‍ය’ය. රූප නොදැක්කාට කමක් නැත. දෙබස්වලට කන් දුන්නාම ඇතිය. වැඩි හරියක්ම එහෙම වෙද්දී වෙනස්ම එව්වාත් රූප පෙට්ටියට එයි.
එතකොට නං නිකම්ම නිකං ඉන්නට බැරි නිසාය
වීරයා ගෙදරද?’ වගේ; ‘තණමල්විල කොල්ලගෙ යටිබඩ’ වගේ posts මගෙන් ලියැවුණේ.

වීරයා එකේ චාමර තරම්වත්, තණමල්විල කොල්ලා දීප්ත තරම්වත් ලකයක් නැති කොල්ලෙක් විදිහටයි, මේ ෆිලුමේ Wiktoras මම නං දැක්කේ;

පතෝලයා, කූරා, කිතුලා වගේ මැරෑටියෙකු විදිහටය. ඒ එක්කම මොකක්දෝ හීන් දුකකුත් වික්ටර්ස්ව දකිනකොටම නරඹන්නන්ගේ හදවතට කාන්දු වෙන්නට පටන් ගනියි. The Man with the Answers කාස්ටින් මැනේජර්ලාගේ හපන්කමයි ඒ.

කලිනුත් කිව්වෙමි. අපේ රටේ නොකෙරෙන්නෙත් සුදුසුම අය තෝරා ගැනීමයි! Filmsවලදී විතරක් නොවේ, අනෙක් තැන්වලදීත් අප තෝරා ගන්නේ වැරදි මිනිසුන්වය.

එහෙම කියන්නට නම් ලෙහෙසිය; කෙරුවාවය අමාරු. බොහොමයක් පැතිවලින් බලද්දී, අපේ පුංචි කොදෙව්ව- මහ විශාල රට-රාජ්ජයන් එක්කලා සැසඳීම සාධාරණ නැති බවත් ඇත්තය. ඒත්... පුළුවන් තරමටවත් කරන්නට උත්සාහ ගත යුතු නැත්ද... අනේ මන්දා!
ඉතිං, වික්ටර්ස් දුවන්නේ....

තරහ නැහැනෙ, ඒ දර්ශන පෙළ මගේ වචනවලින් කියනවට. මගේ අවියවචන නෙව!

‘... ඒ රෝහල් ඇඳකටම සින්නවී; සේලයින් වතුරෙන් ජීවත් වෙන මහලු කාන්තාවක බලන්නටය. මල් ගෙනනවාවත්, වික්ටර්ස් ඇගේ නළලතට හාදුවක් පිරිනමනවාවත්, ගිලන් ඇඳ මතින් වාඩිවී ඉන්නවාවත් මහලු කත නොදනී...’

උඩිනුත් තියෙන මේ ඡේදය ආයෙමත් මෙතනට දැම්මේ වැරදිලා එහෙම නෙවෙයි, හොඳේ.

ඒ ඡේදයට වචන විසි හයයි තියෙන්නේ.
ඒ දර්ශන පෙළ තිරයේ දිස් වෙන්නේ තත්ත්පර 32ක් වගේ කෙටිම කෙටි කාලයකදී....
තරහ නැහැනෙ, ඒ දර්ශන පෙළ මගේ වචනවලින් කියනවට.
‘මගේ අවිය’ වචන නෙව!

ඒ රථවාහන තදබදය සහිත වීදියකි. වික්ටර්ස් උදේ සිටම ඇඳගෙන ඉන්නා සරල ඇඳුම පිටින්ම; බෑගය පිටේ එල්ලාගත් ගමන්ම, පාර පනින්නට බලා හිඳී. ඔහුගේ අතේ මල් පොකුරකි. පාර පනින ඔහු ඇතුළු වෙන්නේ මහල් ගොඩනැඟිල්ලකටය.
ඒ බිල්ඩිමේ දොරටුව අසලම සිටගත් වියපත් මිනිසෙක් දුම් පානයට සැරසෙයි. ඔහු රෝගියෙකු බවත්, ගොඩනැඟිල්ල තුළදී දුම් පානයට අවසර නැති බවත් පෙනෙන්නේ, සේලයින් බෝතලයක් එල්ලූ ධාරකයකුත් වැඩිහිටියා අසල තිබීමෙනි.

වික්ටර්ස් පඩි පෙළ තරණය කොට වාට්ටුවට ඇතුළු වෙයි.  අපට පෙනෙන්නේ එහි ඇති ඇඳන් තුනක් විතරය. තුනේම වියපත් රෝගීහු වැතිර සිටිති. තිදෙනාටම සේලයින් බෝතල් සම්බන්ධ කළ ගමන්ය. වික්ටර්ස් යන්නේ මැදින් ඇති සයනය වෙතය.

ඒ කියන්නේ, එක කොටසකට දවස් තුනක වගේ කාලයක් ගියා.

එතැන ඇති කුඩා කබඩ් මේසය මතවූ බඳුනකට මල් පොකුර දමන වික්ටර්ස් පහත්වී, රෝගිනියගේ නළලට හාදුවක් පිරි නමයි; පිරි නමා සයනය මතින් වාඩි වෙයි.

ඇගේ ජීවිත පහන නිවී යන්නට ආසන්නය කියනවාසේ, ඒ ගිලන් සයනයට ඉහළින් ඇති ටියුබ් ලයිටය දැල්වෙන්නේ, නිවි-නිවීය.

මේ දර්ශන ටික රූගත කරන්නට කොච්චර පිරිසක්- කොච්චර කාලයක් ගත කරන්නට ඇතිද? කොච්චර වියදමකුත්....
The Man with the Answers චිත්‍රපටය රටවල් තුනක තුන් දෙනෙකුගේ නිෂ්පාදනයකි! එතකොට වියදම හිතා ගතෑකිය.

‘ඒ කාලේ ටෙලිනාට්‍යයක් කරන විට, සියයට සීයක්ම තිර නාටකය අංගසම්පූර්ණ කරගෙනයි රූගත කිරීම් කරන්නේ. දර්ශන තල හරියටම බලලා වෙන් කරගෙන තමයි රූගත කිරීම් කළේ. මෙහි තිබෙන්නේ කොටස් දාහතක් වුවත්, එය රූ ගත කිරීමට මාස දෙකකට ආසන්න කාලයක් ගත වුණා. ඒ කියන්නේ, එක කොටසකට දවස් තුනක වගේ කාලයක් ගියා. ඒ නිර්මාණය එතරම්ම සැලසුම් කළ නිසයි එතරම්ම සාර්ථක වූයේ. අද කොටස් තුනක් එක දවසට රූ ගත කරනවා....’
අද උදයකාන්ත වර්ණසූරිය මහත්තයා එහෙම කියන්නේ, එදා; 1983 රූගත කළ ‘දිය සුළිය’
ටෙලි නාටකය ගැනයි.

අද එක දවසට කොටස් තුනක්... අපේ කලා නිර්මාණවල ප්‍රමිතිය පහළ බහින එකත් පුදුමයක්ද?

උසස් ගණයේ විදෙස් කලා නිර්මාණවලට අපේ හිත ඇදෙන්නේ, එව්වා ‘තිබ්බා - ගැහුවා’ කුලකයේ නොවන නිසාවෙනි.

එහෙම අය එහාට එන්නෙ අලුත් films ගැන දැන ගන්නයි, නොමිලේම filmsවලට දෙන සබ්ස් අර ගන්නයිනෙ.

The Man with the Answers බයිස්කෝප් එක පැය 1 යි මිනිත්තු 25ක ධාවන කාලයකින් යුක්තයි. මෙය අයත් වෙන්නේ Drama, Romance කාණ්ඩයට. මෙම චිත්‍රපටිය නිකුත් වුණේ 2021 ජූලි 20 වෙනි දිනයි. කතාව, නිර්මාණය සහ අධ්‍යක්ෂණය කර ඇත්තේ Stelios Kammitsis විසින් වන අතර ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙන්නේ Vasilis Magouliotis, Anton Weil සහ Stella Fyrogeni යන අයයි. සයිප්‍රසය, ග්‍රීසිය සහ ඉතාලිය යන රටවල රූගත කර ඇති මෙම චිත්‍රපටිය ඉංග්‍රීසි, ග්‍රීක්, ජර්මන් සහ ඉතාලි යන භාෂා හතරෙන්ම සමන්විතයි.’

xxx xxx ‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියට ලියූ ලිපියේදී කියලා තිබුණා.

xxxගේ ලේඛන ශෛලිය ගොඩක් ආලවට්ටම් නැති; ඍජු එකක්. බයිස්කෝප් අඩවියට එන වැඩි දෙනෙකු ඉලක්ක කර ගන්න ජාතියේ. අනෙක ඒ site එකේ රසිකයන් වැඩි දෙනෙකුත් යෞවන වයසේ අය විත්තියයි commentsවලින් මං තේරුම් ගත්තෙත්.
එහෙම අය එහාට එන්නෙ අලුත් films ගැන දැන ගන්නයි, නොමිලේම filmsවලට දෙන සබ්ස් අර ගන්නයිනෙ. නිමල් දිසානායක වගේ එතැන තියෙන සම්පූර්ණ ලිපියම කියවලා ‘සාහිත්‍ය රසයක්’ විඳින්නවත්, IMDB රේට්ස්සුයි කුණු තක්කාලි අගයයි දෙකම ගණන් අරගෙන; පස් මහ බැලුම් බලන්නවත්  නෙවෙයිනෙ.

හැබැයි සමහර වෙලාවට වැඩි දෙනෙකුට නාල්ලන films වුණත්, මාව නං සසල කළ අවස්ථා තියෙනවා. දන්නවනේ, මං සතියකට films පහක්වත් බලනවා.
හැමදාම වගේ බයිස්කෝප් සිංහලෙන් site එකටත් ගොඩ වැදෙනවා. එහෙව් කෙනෙකුගේ හිත සසල කරවන චිත්‍රපටත් සෑහෙන්න තියෙනවා වෙන්න ඕනේ නේද? තියෙනවා! නමුත් ඒවා සේරම ගැන ලියපං, ලියපං කියලා මගේ හිත වද කරන්නේ නෑ.
ඒත් මෙදා....

සමහරුන් නම් ලියන්නේ බඩගෝස්තරේ උපයා ගන්න.... අපි එහෙමයැ?

ඇයි මගේ හිත එහෙම වද කරන්නේ. මගේ ජීවන අත්දැකීම් ලියන එක ලෙහෙසියි. මගේ හැඟීම් විතරක් ලියන එකත් ලේසියි. සමහරුන් නම් ලියන්නේ බඩගෝස්තරේ උපයා ගන්න.... අපි එහෙමයැ. ලියන්නේ අපේ සතුට උදෙසා.

ඉතිං මේ වගේ post එකක්, මටම හොඳය කියලා හිතෙන විදිහට ලියන්න නම් ගොඩාරියක් ගෙදර වැඩ කරන්න වෙනවා. ඒකට වෙලාව කැප කරන්න වෙනවා.

ඒ වේලාවෙන් ටිකක් ඉතිරි කර ගන්න රුසිත් දිලීප මට උදව් කළා. බයිස්කෝප් site එකේ ලිපි copy කර ගන්න බැරි නිසා ඒවා බලාගෙන, උපුටා ගන්න තැන්වලට ආයෙම අකුරු කොටන්නයි මට වෙලා තිබුණේ.
බ්ලොගය ලියන්න ගත්තු දවස්වල මං අමුම අමු මැට්ටා හිංදා ‘copy paste’ කෙරිල්ලක් දැනගෙන හිටියේ නෑ. උපුටා ගැනීම්වලදී පුදුම පරිප්පුවක් කෑවා මතකයි,
සමුදුරු මූර්තිය’ ගැන ලියද්දිත්.

දැන් ටික-ටික එක-එක්කෙනාගෙන් අහගෙන හය-හතරෙන් දශම එක-එක විතර මාත් දන්නවා.
fb එකෙනුත් විස්තර හොයා ගන්නවා.

දන්නෙ නැති වුණත්, මිතුරෙකු නොවුණත් මං xxxට massage එකක් යැව්වා, film එකේ ලිපියේ පිටපතකුයි- සබ්ස් පිටපතකුයි ඉල්ලලා. අනේ, අපරාදේ කියන්න බෑ, ඒවා එව්වා. හැබැයි නුවණක්කාර විදිහට ‘මොනවටද?’ කියන එකත් අහලා දැනගෙන, ඊට පස්සේ.
Wonder ෆිලුම බලලා කැළඹුණු හිතිං ලියූ ‘විරූපීට රැවටෙන්නේ සුරූපී කියලා’ වගේ postsවලිනුත් බයිස්කෝප් සිංහලෙන් site එකට වරදක් නොවුණු බවත් xxx වටහා ගන්න ඇතිනෙ.

සුධා ධවල සීතල හිමෙන් සැරසීගත් කඳු මුඳුනේ කාරය නවත්වන වික්ටර්ස්, අනන්තය දෙස බලා හිඳිද්දී වටහා ගන්නේ ‘මැතියාස්’ යනු තම ජීවිතයේම කොටසක් බවයි. 

‘ඉතිං නිමල්, මේ ෆිලුම ගැන තමුසෙ මෙච්චරටම වහ වැටුණේ ඇයි?’
“ඒක හොඳ හින්දා....”

‘හොඳයි කිව්වේ....?’
“හො..ඳ..යි කියන්...නේ හො-ඳ හින්දනේ....!”
‘තමුසෙගෙ
නළවන කතන්දරයි, වචන හරඹයි තියා ගන්නවා තමුසෙටම. ඔය වගේ උත්තරවලින් තමුසෙට අනිත් අයව තම්බන්න ඇහැකි වෙයි. මාව නෙවෙයි.’ යටි හිත කියන්නේ කිණ්ඩි හිනාවකුත් එක්කමය.

මම මගේ ඇතුළාන්තයට එබෙමි; යටි හිතට එබෙමි.

සහතික ඇත්තය. මේ දිනවල මා බ්ලොගයට ලියමින් සිටියේ posts මාලා දෙකකි. මවිසින්ම රචිත හිනා වෙන්න හිනා’  පොතේ කතන්දර ඉදිරිපත් කිරීම එකය. දෙවැන්න ‘දාහතර වෙද්දී’ය. දාහතර වෙද්දී මට ලැබුණු අතිශය සංවේදී අත්දැකීමක් මගේ ජීවිතයට බෙහෙවින් බලපෑ බව මම පිළිගනිමි. (නොඑසේ නම් මා දීඝායුගේ නමේ මුල් අකුරෙන් අපේ චූටි නංගීටත්, බඩා මල්ලාටත් දීපානි- දීපාල් කියා නම් යොදන්නේ නැත.

බණ්ඩාරවෙලදී මට දීඝායු හමු වීමෙනි; ඒ අත්දැකීම් මාලාව ඇරඹුණේ. දැනටමත් ඒවායින් බොහොමයක් එම posts කියවා ඇති ඔබ දනියි. ඒ දිනවල මගේ මනෝ භාවයන්... සිතුම්-පැතුම්.... කෙසේ වීද?

The Man with the Answers චිත්‍රපටය ඒවා යළි මට සිහි ගන්වයි!

‘ඔන්න ඔහොම ඇත්ත කියපං! ඒ නිසයි නිමල් උඹ මේ film එකට ඔච්චර කැමති!’

Film එකේ 59 වෙනි විනාඩියෙදී, ‘වික්ටර්ස්’ බැවේරියාවේ සීත කඳුකර පාරක මැතියාස්ව‌ තනිකොට දමා පලා යන්නේ තරහෙන් පුපුරමිනි.
සුධා ධවල සීතල හිමෙන් සැරසීගත් කඳු මුඳුනේ කාරය නවත්වන වික්ටර්ස්, අනන්තය දෙස බලා හිඳිද්දී වටහා ගන්නේ ‘මැතියාස්’ යනු තම ජීවිතයේම කොටසක් බවයි.
ඔහු නැවතත් මැතියාස් සොයා එයි. 62 වෙනි විනාඩියෙදී වික්ටර්ස් මැතියාස් වැලඳ ගන්නේ හද පිරුණු සොම්නස නොසඟවමිනි.

ඔහුගේ ළය මඬලේ හිස රුවාගන්නට මට උවමනා විණි. එහෙත් මට එය කළ නොහැකි විය. මෙදා වික්ටර්ස් එය කරන විට....

එදා රණවක නිසා අසරණව හිඳිද්දී පිහිටට පැමිණි දීඝායුට සමීප වෙන්නට, ඔහුගේ ළය මඬලේ හිස රුවාගෙන හඬන්නට මට උවමනා විණි. එහෙත් මට එය කළ නොහැකි විය.

මෙදා වික්ටර්ස් එය කරන විට, මැතියාස් තම සගයාව තුරුළු කර ගන්නා විට එතැන හිඳින්නට ඇත්තේ මාද?

කෙනෙකුට අනුව The Man with the Answers යනු සමරිසි චිත්‍රපටයක් විය හැකිය. මගේ දැනීමේ හැටියට, ශ්‍රී ලංකාවේ මෙම තේමාව යටතේ නිපදවී තියෙන්නේ එකම එක film එකක් විතරය. ‘මලට නොඑන බඹරු’. එවැනි තේමාවන් අපට අරහංය. අප සිල්වත් මහෝපාසකයන්ය; හීනෙන්වත් වැරදි නොකරන්නවුන්ය. නිකෙලෙස් ඇත්තන්ය; කියනවා නම් තව දිගට කිව හැකිය!

එහෙත්, මට නම් ‘පිළිතුරු දන්නා මිනිසා’ චිත්‍රපටය අසම්මත ආදර අන්දරයක් පමණක් නොව ජීවිතයද විවරණය කෙරෙන්නකි.

‘සම්මතෙන් එහා ගිය
අසම්මත බැඳීමක්....

ඒත්,
ආදරයට කොහෙද
සීමා මායිමක්....

හැඟීම්
ආධ්‍යාත්මික නම්
කොහේද එතන
අසම්මතයක්...

ආදරය
අසීමාන්තිකයි....

මුළු කතාවම නං කියන්න නෙවෙයි මගේ අදහසත්. ඒත්...
එනිසයි ඔවුන් ළඟ
මෙතරම් ප්‍රේමයක්....’

බයිස්කෝප් සිංහලෙන් අඩවියට xxx සපයා තිබුණු ලිපිය අවසන් කරලා තියෙන්නේ එහෙමයි. ඒත් මගේ පෝස්ටුව නං අදම ඉවර කරන්නෙ නෑ රජෝ. පළමුවෙනි කොටස විතරයි මේ අවසන් කරන්නේ.

Film එක පැයයි විනාඩි 25ක් දිගයි කියලා දැනටමත් ඔයාලා දන්නවනේ. මුළු කතාවම නං  හිතාදර ඔයාලට කියන්න නෙවෙයි මගේ අදහසත්. ඒත් මේ අපූරු සිනමා සිත්තමේ හැඩරුව ලියන්න වෙන්නෙ තව එක කොටසක්වත් අරගෙනයි.
මොකද දන්නවද?

දාහතර වෙද්දී පෝස්ටු මාලාව ඉවර වුණාට පස්සේ ලියන්නට හිතාගෙන ඉන්න ‘පහළොවේ සිට....’ postsවලටත් මේ කතන්දරේ කියවෙන දේවල් සමීප නිසා!

එහෙනං... අදට.....

41 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රුසිත්.
      බයිස්කෝප් site එකට මේ film එක හා සබ්ස් දීලා, මට ලියන්නට නිමිත්තක් ලබා දුන්නාට.

      commentsවලින් පෙනෙනවා නේද අපේ හිතාදර පාඨක රසවතුන්ගේ අදහස්වල විවිධත්වය. එයාලගෙන් තව අදහස් ඒවි, දෙවෙනි කොටසුත් තියෙනවානේ මේ ලිපියේ.

      එතකොට film එක බලපු අයත් ඉඳීවිනෙ.

      Delete
  2. https://www.advocate.com/love-and-sex/2018/8/13/16-iconic-same-sex-couples-throughout-history

    ReplyDelete
    Replies
    1. ඒකෙත් හැටි කියන්නෙ, ඇඩ්වකට් ඩොට් කොම් වෙච්චි හැටි...

      Delete
    2. අබ්බගාත් ඩොට් ඩොට් ඩොට්......

      Delete
    3. ප්‍රා ඇන්ඩ් ජේ - very famous too

      Delete
    4. දැන් දැන් Pra Jay මහත්තයා කෙටි comments වගේම දිග කමෙන්ට්ස්තුත් දාන එකයි මට නම් පෙනෙන විශේෂත්වය, ඉස්සර වගේම links දෙන අතරේම.

      ඔහොම යනකොට කොහොමද Pra Jay මහත්තයාටත් බ්ලොග් අඩවියක් පටන් ගන්න හිතුණොත්...

      Delete
    5. //..Pra Jay මහත්තයාටත් බ්ලොග් අඩවියක් පටන් ගන්න හිතුණොත්...//

      1. රාවණා නැගිට "බෙඩ් ටී" එකක් ඉල්ලනු ඇත.
      2. ලී බෝනික්කෙක් බ්ලොග් ලියනු ඇත.
      3 දියසේන යළි ඉපිද ජනාධිපති වනු ඇත.
      4 හෙළ යක්ඛ විද්‍යාඥයින් "ෂැමෝටි" දොඩම් තාක්ෂණය, ප්‍රති-මැවිසුරු කර, බිබිලේ දොඩම් වවා රට පටවනු ඇත.

      එවං මේ සුතං!

      Delete
    6. 5. බස්සො නොලිස්සනු ඇත.

      Delete
    7. හරියටම නිච්චි නෑ,
      අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා වැස්සක් වස්සලා වගෙයිනෙ!

      දියසේන කොහොම වෙතත් දියාරුසේනලා නං ගොඩාරියක් පහළ වෙලා ඉන්නේ! උන් එක්ක බලද්දී බස්සොන්ගේ ලිස්සීම් nothing!

      Delete
  3. ප්‍රා ජේ උපදෙස පරිදිම පෝස්ට් එක කියෙව්වෙ නෑ.

    ReplyDelete
    Replies
    1. https://www.twaamc.com/vampire-training-course-san-antonio-tx.html

      Delete
    2. මාත් කියෙව්වෙ නෑ, ඒත් කමෙන්ට් නං කියෙව්වා.ආයෙ එන්නං.

      ඩ්‍රැකියො, නියම රා ටිකක් තියනවා මෙතන. ගසමුද?

      http://marcuspriyanthaperera.blogspot.com/2021/09/blog-post.html

      Delete
    3. අම්මට සිරි!
      Pra Jay කියාපු දිහාට ගියාම තිබ්බනේ කාලය එක්ක හටන් කරන්න පුහුණු කරෝන තැනක් ගැන. ඩ්රැකීට නං ඔව්වා ඕනි වෙනෙකක් නෑ, අපට මිසක්.

      රා නොබිව්වට මොකෝ බොන අයව බලන්න කියලා ගියා බකුසුතුමෝ මීගමුවේ මාකස් ප්‍රියන්ත පෙරේරා මහත්තයාගේ පොට් එකට! ස්තුතියි එහාට පාර කිව්වට. පෙරේ+රා මහත්තයෙක් කළ වික්‍රමයක් ගැනත් කියවෙන post එකක් ඔළුවෙ කැරකි කැරකී තියෙන දවස් මේ. ඒකට වැඩක් වෙයි වගේ, මේ ලිපියත්.

      links දෙකට දෙන්නාටම ස්තුතියි!

      Delete
  4. baiscopelk සයිට් එකේ තාමත් හොඳ movies දෙනව ද? කාලයක් - ඒ කියන්නෙ අවුරුදු 8-10කට කලින් - ඒ සයිට් එක මගෙ ප්‍රියතම තැන වෙලා තිබුනා movie torrents download කරන්න. ඒ කාලෙ එයාලා සිරාම සිරා movies ගොඩක් දුන්නා. පස්සෙ පස්සෙ මෙලෝ රහක් නැති TV series යි කොරියන් ඩ්‍රාමායි දෙන්න පටන් ගත්තම මම එතැන අතෑරලා දැම්මා.

    ReplyDelete
    Replies
    1. මේක හොඳයි

      https://torhd.cc/

      Delete
    2. Buratino මහත්තයෝ, මේ පොස්ටුවේම link එකත් දමා තියෙන සමුදුරු මූර්තිය ලිපිය ලියන අතර සඳහන් කළා වගේ මතක දෙයක් කියන්නං. ඒ අවුරුද්දේ ඔස්කාර් සම්මානවලට නිර්දේශිත films නවයටම බයිස්කෝප් සිංහලෙන් site එකෙන් සබ්ස් දීලා තිබුණා.

      දෙන සේරම films නං මම බලන්නේ නෑ, තෝරා ගන්නවා. මගේ දැනීමේ හැටියට නං තවමත් එහෙන් හොඳ films දෙනවා.

      සමුදුරු මූර්තිය- The Shape of Water ෆිලුම ගැන මම 2018 ලියූ ලිපියට link එක දාන්නේ මෙතෙක් කියූ දේට සාක්ෂියක් විදිහටයි.
      http://nidigepanchathanthare.blogspot.com/2018/04/blog-post_9.html
      ස්තුතියි!

      Delete
    3. බකුසු මහත්තයෝ, මගේ ඉංග්‍රීසි යන්තං සන්තං පදං හින්දා රුසිත්ලා වගේ අයට පිං දිදී තමා සිංහල subs එක්ක films බලන්නේ.
      ලේසියට...

      ඒත් ඔයා දීලා තියෙන link එක වෙන කාට හරිවත් ප්‍රයෝජනවත් වෙයිනෙ, ස්තුතියි!

      Delete
    4. නිදි කියන කතාව ඇත්ත. baiscopelk එකෙන් කෙරෙන සේවය සිංහල සබ් දෙන එකයි. ඒ අනුව අපේ සිංහල පාථකයොන්ට ජාත්‍යන්තර සිනමා රසවිඳින්න අවස්තාවක් ලැබෙනවා.

      ඒත් අපි එතනම පල් වෙන්න ඕනෙ නෑ කියන එකයි, මගේ අදහස. බොහෝවිට මෙතන ප්‍රශ්ණය වන්නේ ඇක්සන්ට් එක නිසා, ඉංග්‍රීසි සබ් දාගෙන බලන්න කියලා තමයි, මම නං කියන්නෙ.

      Delete
    5. ඔයා හරි බස්සා මහත්තයෝ. ප්‍රධාන ප්‍රශ්නේ ඇක්සන්ට් එක තමයි. අනෙක් කරුණ (මට නම්) පුරුද්දයි. සමහර ඉංග්‍රීසි වචන හොයන්න ඩික් එක ගන්න වෙනවා film එක බැලිල්ල නවත්තලා. ඒත් ඉංග්‍රීසි
      ලිපි එහෙම කියවද්දී ඒ රශ්නය එච්චර බලපාන්නේ නෑ.

      Delete
    6. // සමහර ඉංග්‍රීසි වචන හොයන්න ඩික් එක ගන්න වෙනවා film එක බැලිල්ල නවත්තලා//

      අපි හෙමීට හරි තාක්ෂණය දෙන පහසුකම් පාවිච්චි කරන්න, පුරුදු වෙන්න ඕනෙ. Windows වල System-wide ඩික්ෂනරි එකක් නැතිකම ලොකු අඩුවක්. ඒ අඩුවට විකල්පයක් ලෙස:

      https://wordweb.info/

      භාවිතා කල හැකියි. වචනයක තේරුම හොයන්න, පොත් පෙරලන්න වෙන එක ආතල් කැඩෙන වැඩක්. ඒත් කම්පූටරේම ඉඳගෙන කන්ට්‍රොල්+ටැබ් ගහලා වචනෙ හොයන එක ඊට වඩා ලේසියි. ටිකක් කරදර වුනත්, භාෂාවක් ප්‍රගුණ කිරීමට අවස්ථාව ලැබීමේ වාසිය එතන තියනවා.

      තව උදාහරණයක් ලෙස, දැන් මම ලින්ක් දාන්නෙ අමුවෙන්. ඒ ලික් එක හයි-ලයිට් කරලා, රයිට් ක්ලික් මෙනු එකෙන් "Go to..." එකෙන් ලින්ක් එකට යන්න හැකි නිසා.

      මේ කමෙන්ට් එක ලියන කොටත්, සිංහල/ඉංග්‍රීසි අතර මාරුවෙන්න වින්ඩෝස්+ස්පේස් පාවිච්චියත් ඒ වගේම ලඟදී පටන් ගත්ත ක්‍රමයක්.

      Delete
    7. @DGM,

      මම දැන් පාවිච්චි කරන්නෙ Bit Che කියන software එක. Torrents හොයන්න ජාලෙ පුරා රවුං ගහන්න උවමනා නෑ. Movie එකේ නම type කරලා search කලාම උන්දෑ මට ලෝකෙ තියෙන torrents ඔක්කොම ටික හොයලා දෙනවා. මට තියෙන්නෙ feeds හොඳට තියෙන torrent එකක් ත‌ෝරලා බාගන්න විතරයි.

      @නිදි,

      මට සිංහල sub-titles නං එච්චර වැඩක් නෑ, බලන්නෙ දෙමළ හෝ කෙළිඟු හෝ වගේ ෆිල්ම් එකක් ඇරෙන්න. ඒකයි වැඩිපුරම බයිස්කෝප් සයිට් එක අතෑරලා දාන්න හේතුවුනේ. ඒ වගේම ඒකෙ සමහර උදවිය දීලා තිබුනු සිංහල sub-titles දිහා බැලුවම හිතුනා ඊට වඩා හොඳා නොදන්න දෙමළ දාන් බලන එක කියලා.

      Delete
    8. ඇර සොයිසා! ඔය තියෙන්නෙ, මමත් දැන්ම අත්හදා බලන්න ඕනෙ. ස්තූතියි.

      Delete
    9. බුරටිනෝ මහත්තයෝ, මාත් තමුන්නාන්සේ එක්ක එකඟ වෙනවා. හැබැයි බාගෙට.

      සමහර අයගේ subs හරි නැහැ තමයි. එහෙම වෙනවා ඇත්තේ subs දෙන හුඟාක් අය නවක- තරුණ අය නිසා වෙන්නොනි. ඒත් එහෙම සමහරුන් අත්දැකීම් ලබද්දී පරිනත වෙන විත්තියත් පෙනුණා.

      බ්ලොගය ලියද්දී මං වුණත් තවම එක-එක දේවල් ගොඩාරියක් ඉගෙන ගන්න නිසා වෙන්නැති, එහෙම අඩුපාඩු තරමක් දුරට ඉවසන්න මට හැකිවෙලා තියෙන්නේ.

      ආ, ඔයා දීලා තියෙන උපදෙස්වලටත් ස්තුතියි, හොඳේ.

      Delete
  5. අද පෝස්ට් එකේ අමුතු රසයක් තියෙනවා. නිදි, රුසිත් දෙන්නගෙම ලිවීමෙ එකතුවක් නිසා වෙන්න ඇති. Netflix වල search කලා මේක නැහැනෙ.

    'හැඟීම් ආධ්‍යාත්මික නම්- කොහේද එතන අසම්මතයක්...' Not sure. බුදු හාමුදුරුවොවත් මේ කාලෙ වැඩ හිටියානම් අහගන්න තිබුනා.

    (අද sleep talking බස්සා ඇවිල්ලා නැත්තෙ මොකෝ).

    ReplyDelete
    Replies
    1. ආව, ආව ඇවිත් ලිස්සල ගියා බුදියන්ට :). නැත්නං රට්ටු කයි කතන්දර කියනව නෙව?😂

      Delete
    2. බස්තුමා නැති බ්ලොග් පෝස්ට් එකක කොලිටිඑකක් නෑ. නරියෙක් පැනපු නැති කුකුල් කොටුවක් වගේ.

      Delete
    3. ඔව්, ඒක ඇත්ත. බස්සා දොය්ය බබා උනාට කමෙන්ට්ස් ඇල'ට්.

      Delete
    4. හැමෝටම ස්තුතියි!
      Lotus ඔයා හරි! ලිපිය රසවත්වීමට ලැබෙන ලකුණුවලින් වැඩි හරියක් මට නෙවෙයි අයිති. එහෙම සංවේදී film එකක් හැදූ අයට, subs එක්ක එය හඳුන්වා දුන් රුසිත්ට හා බයිස්කෝප් සිංහලෙන් site එකට.

      ඒ වගෙමයි, නාඳුනන මං සබ්ස්වල හා ලිපියේ පිටපතක් ඉල්ලලා යවපු ගමන් ඒවා එවූ රුසිත්ට ආයෙම වතාවක් ස්තුති කරන්න වෙනවා. ඒවායේ උදව්වෙන් තමයි පෝස්ටුව ලියද්දී වෙලාව ඉතිරි කරගෙන ගොඩක් දේවල් විග්‍රහ කරගන්න ඇහැක් වුණේ!

      Delete
    5. මේ කවුරුහරි අපි ගැන මුකුත් කිව්වද? ඔහෙට කියන්න ජයසේන දොරේ, කුකුල් කට්ටක් කාපු කාලයක් මතක නෑ. මැලියං රාළගෙ කොටුවට පනින්න බෑ, උන්දෑ හපුයියා.

      මේ , මස්කටු නැද්ද, රා කට්ටක් වුනත් හොඳා නැතිකමට.

      Delete
    6. Hey, long time no see. Welcome back, Motts.

      Delete
    7. නරිමොටා සහෝ, ඔයා කියන්නේ සිරිපාල දොරේ ගැන නෙවෙයි නේද?

      ඔව්වොව්, ජයසේන දොරේ උත්තරත් දීලා තියෙන්නේ.

      Delete
  6. කිසිම ආදරයක් අසම්මත විය හැකිද?

    ReplyDelete
    Replies
    1. චමී, සම්මත අසම්මත සේරම ඇතිවෙන්නේ ඒවා නිර්වචනය කරන අයගේ නිර්ණායක එක්ක නේද?

      කෙනෙකුට රස - කෙනෙකුට වස කියන්නේ ඒ නිසා වෙන්නැති!

      Delete
  7. අසම්මත ආදරයක් කියල මම හිතන් හිටියේ කසාද බැඳපු කෙනෙක් විවාහයට පිටින් කරන එකක් කියල. නැත්නම් අර ලොලිටා නබකොව් වර්ගයේ ඒවා කියල. ඒකෙත් හැටි

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයා ලොලිටා වගේම මිනිත්තු එකොළහේ කතාන්දරය- ෂැන්හයි සොඳුරිය- වගේ පොතුත් කියවලා ඇති නේද?
      සමා වෙන්නොනි, මෙතැන ඒ පොත්වල ඉංග්‍රීසි නම් කියන්න මතක නැතිවට.

      දැනට නම් මතක් වුණේ මෙච්චර වුණාට තව ගොඩක් තියෙනවා...

      Delete
    2. තව එකක් අජිත් මහත්තයෝ, අසම්මත ආදරයක් කියන වචනය පාවිච්චි නොවුනත් ඒ ඒ වකවානුවලට නොගැළපෙන, සමාජයෙන් වරද විදිහට දැකපු කතා 550 ජාතක පොතේ හා තව බණ පොත් ගොඩකත්,
      හින්දු දේව කතා, ග්‍රීක පුරාණෝක්ති, බයිබලේ වගේ තැන්වලත් තියෙන්නේ....

      වෙනමම ස්තුතියි dash පාරක් ගහන්න බෝලේ උස්සලා දුන්නාට.

      Delete
  8. අසම්මත නොවේමැයි හද රැඳුන
    ප්‍රේමයක්
    දුක නිවන සිත හදන නෙත රැඳුන
    හීනයක්
    හිමි අහිමි කෙසේ වුව අසම සම
    මහ මෙරක්
    ලොව කෙසේ ඇදහුවද ආදරය
    ගීතයක්

    ReplyDelete
    Replies
    1. නැත ලොවේ අන් රසඳුනා
      ආදරේ සේ සුව දෙනා!

      ස්තුතියි දිමුතු (නංගී).

      Delete
  9. Replies
    1. මේ භාෂාව තාම ඉගෙන ගන්න බැරි වුණා නවීන්. ඒත් ස්තුතියි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්