li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, October 30, 2021

හිනා තවත් හිනා - හයවෙනි කොටස

‘මැකී ගිය බකුසු දඩ මං-1’ post එකට එයා නිර්මාණය කරලා තිබුණු....

  උඩම foto එක නං මල්           මසුරන්ය
  ඔහොම වැඩ දානකොට නං     ඊරිසියාය
  ඒකෙන් මටත් වැඩ ගන්නට     හිතුණාය
  බා ගත්තාට කොලිටිය මදි         වාගේය

  එවනවද එයින් කොපියක් අකුරු  හොඳ
  එතෙක් බලා හිඳිනෙමි මම; මිතුරු    සඳ
  තව තව විකුම් දක්වන්නට ලෙසින්   අද
  බස්සට ලැබේවා විස්කම් දෙවිඳු     තෙද!

ආදර පූජාසනේ පොස්ටුවලදී කිව්ව ‘තැපෑලෙන් හා ටෙලිෆෝනයෙන් මට පෙම්කළ කවියා සුනන්ද’ට පිං සිදු වෙන්න, මාත් කයි පද ගැට ගහගන්න ටිකාක් පුරුදු වුණා. ඒ පුරුද්දට ඉඳහිටලා කවිත් ලියවෙනවා තවමත්.... 

උඩින් තිබුණු කවි දෙකත් සැප්තැම්බර් 29 වෙනිදා මම ලිව්වේ, බස්සා මහත්තයාටයි. මැකී ගිය බකුසු දඩ මං-1’ post එකට එයා නිර්මාණය කරලා තිබුණු අපූරු foto එකක් ඉල්ලලා.
හැරෙන තැපෑලෙන් මගේ ඉල්ලීම ඉටු වුණා. ස්තුතියි බකුසුතුමෝ!

ඒ foto එක චුට්ටක් එහෙ-මෙහෙ කරලා ඔන්න මාත් පාවිච්චියට ගත්තා. හැබැයි සුබ නැකත උදා වුණේ අද තමා.

තියෙන තරං දේවල් එක සැරේ බුක්ති විඳීම හොඳයිද? කියලා ඇහැව්වා මතකයි නේද, පසුගිය කොටස අවසානේ. ඒකට පදනම වුණේ; අධිපරිභෝජනය වැරදිය කියන මතයයි. 
අපේ ‘හිනා තවත් හිනා’ පොතේ එන ඊළඟ කතාවත් වැරදි ගොඩාරියක් ගැන කතාවක්!

රථවාහන පොලිසියේ නිලධාරියා, වාහනය නවත්වන්නැයි සංඥා කළේය.  

38. වැරදි කීයද?

වේගයෙන් ධාවනය වෙමින් තිබුණු මෝටර් රථය පසුපස හඹා ගිය රථවාහන පොලිසියේ නිලධාරියා, වාහනය නවත්වන්නැයි සංඥා කළේය. රථය මාර්ගයෙන් අයිනකට කර නවත්වන ලදී.
පොලිස් නිලධාරියා මෝටර් සයිකලයෙන් බැස වාහනය වෙත ගමන් කළේය.

රියදුරු අසුනේ සිටි මැදිවියේ මහතා පොලිස් නිලධාරියා වෙත බයාදු සිනහවක් පෑවේය.

“ගන්නවා ලයිසන් එක!”
රියැදුරා බලපත්‍රය දිගු කළේය.

“මහත්තයා හයි ස්පීඩ් ආව බව දන්නවද?”
“අනේ නෑ සර්!” රියැදුරා වහාම පිළිතුරු දුන්නේය.

“මොකද නොදන්නේ? හැතැප්ම ගාණකට එහා ඉඳන් මං ඔයාට කිව්වේ හයි ස්පීඩ් යන්න එපා කියලා...” යාබද අසුනේ වාඩිවී සිටි කාන්තාව කීවාය.

“තමුසෙගෙ කට වහ ගන්නවද නැද්ද....” යැයි රියදුරු අසුනේ සිටි මහතා තම බිරිඳට කඩා පැන්නේය. ඒ අතර රියදුරු බලපත්‍රය පිරික්සූ පොලිස් නිලධාරියා ඊළඟ ප්‍රශ්නයත් ඇසුවේය.

“මහත්තයාගේ ලයිසන් එකේත් කාලය පැනලා. මේක අලුත් කර ගන්න තිබ්බේ මාස තුනකට කලින්.”

“මො...න...වා? ඔය ඇත්තමද සර්? මං හාංකවිසියක් දැනගෙන හිටියේ නැහැනෙ..” සැමියා කීවේය.

“මොකද නැත්තේ... මං පහුගිය ටිකේ කට කැඩෙනකල් කිව්වේ නැද්ද ඕක රිනීව් කර ගන්න කියලා.” බිරියගේ කතාවට සැමියාගේ රතු ඉර පැන්න බව පැහැදිලිව පෙනිණි.

“මං දැන් සැරයක් කිව්වා තමුසෙගෙ ඔය පඩික්කං කට වහගන්න කියලා, නොදන්නා මළ ඉලව්වලට හොට නොදා...” සැමියා ඇඟිල්ලක් උරුක් කර බිරිඳට තර්ජනය කළේය.

අපි දන්නා විදිහට නං, නාවුක හමුදාවේ ඉඳලා තියෙන- අඩි දහයක්වත් පීනන්න බැරි එකම එක්කෙනා එතුමා වෙන්ඩෝනි. 

එය දුටු පොලිස් නිලධාරියා බිරිඳට කතා කළේය.
“මහත්තයාට හරියට තරහ යනවා නේද මැඩම්?”

“හැම වෙලාවේම නෙවෙයි! මේ වගේ බීලා ඉන්න වෙලාවට විතරයි...” බිරිඳ කීවාය.

මං වහන්සේ නං ජීවිතේටම යාන්තම්වත් බීලා ඉඳලා නෑ!
මගේ මධුවිත පාවිච්චියක් නැතිවට මොකෝ, එව්වා පාවිච්චි කරන ගොඩාක් අයව ඇසුරු කරනවා. දන්නවනේ, අපේ ගෙදරට දැන් සමහර බොනපාට්ලා අයිතිවාසිකම් පවා කියන බව “නිමල් අයියට බෑ අපි මෙහෙට එන එක නවත්තන්න. අපි දැන් අවුරුදු කීයක් තිස්සේද මෙහෙදී set වෙන්නේ... ඒ හින්දා දැන් අපිටත් මේ ගෙදරට අයිතිවාසිකමක් තියෙනවා!” කියමින්.
මටත් දැන් ඒවා පිළිගන්නයි වෙලා තියෙන්නේ.

මොකද ඔය තර්කය ගෙනාව හිතවතා නාවික හමුදාවේ ඉඳලා විශ්‍රාම ගිය එක්කෙනෙක්. දන්නවනේ, හමුදාවේ හිටපු අයගේ වැඩ කොහොමද කියලා!
අපි දන්නා විදිහට නං, නාවුක හමුදාවේ ඉඳලා තියෙන- අඩි දහයක්වත් පීනන්න බැරි එකම එක්කෙනා මෙතුමා වෙන්ඩෝනි. නම්-ගම් නං නොකියන්නේ ‘අතීතයටත් බලපාන විදිහට නීතියක් ගෙනත්’ මනුස්සයාගේ පෙන්ෂන් එක නැති කරයි කියන බයට!

(අපේ ආණ්ඩුවට දැන් ඒ තරමට අහේනිය.... හැබැයි ඒක ඉවරයි වගේ. අද තිබුණා පරවුර්තියක් ‘අගමැතිතුමා මන්තිරින්ලට අලුතින් වාහන දෙඤ්ඤං කිව්වලු’. හැබෑ නේන්නං, වාහන නැතිව උන්දලට ගෙම්බෝ වගේ පැන-පැන තමා ‘රට හදන ගමන් සේරෝම’ යන්න වෙන්නේ!
සැලූන් දොරත් ඇරලනේ තියෙන්නෙ!!)

බලන්න මේ තරුණ යුවල නිරුවතින් විඳින නිදහස. මෙහෙම නිදහසක් ලෝකේ වෙන කොහෙවත්....

ඉතිං ඔහොම මධුලෝලී පාප මිත්තරයන්ගේ පුරුද්දක් තමයි, තනියම බොන්නට ඇති අකමැත්ත. එකෙක් මොනවා හරි හොඳ බීමක් බිව්ව ගමන්, අනෙක් අයට පාරට්ටු කරනවා. (අම්මෝ තවමත් වෙලාවකට සමහර උන්දැලා දාන දහිරියක්, මටත් පොවන්න.) තනියම බොනවට වැඩිය ආතල්ලු අනෙක් අයත් එක්ක share කර ගත්තම.

මටත් ඒ බෙදාගන්න පුරුද්ද තියෙනවා, වස කැත විදිහට.
හොඳ පොතක් කියෙව්වාම; හිතට වදින film එකක්- drama එකක් බැලුවාම, හරි කැමතියි තව අයවත් ඒවා බලන තැනට තල්ලු කරන්න; එයාලටත් ඒ සතුට විඳින්නැයි කියන්න.

අනේ, එක සැරේට දහස් වතාවක් සමාව ඉල්ලනවා ඔබ තමුන්නාන්සේලාගෙන්- මගේ ඔය ‘කපුටු ගති සොබාව’ ගැන. ජන්මෙටත් වැඩිය පුරුද්ද ලොකුයිලු නෙව.
ඒ ගතිය නිසාමයි
‘තට්ටයා මහත්තයා’ගේ fb එකේ තිබුණු මේ අපූරු යාන් එක ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවේ! (මාතෘකාවක් නං අතින් දැම්මා, අවසර නොගෙනම.) ඉන්නෙ ස්වර්ගේ

‘ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක්ආදම් සහ ඒවා දෙවියන්ගේ ඊඩ්න් උද්‍යානයේ ඉන්න දර්ශනයක් සිතුවමට නැංවුවලු. මේක විවෘත කරන දවසේ ලෝක නායකයෝ සේරම වගේ මේ චිත්‍රය බලන්න ආවලු.

ඩොනල්ඩ් ට්‍රම්ප් මේක දැකලා කිව්වලු, "බලන්න මේ තරුණ යුවල නිරුවතින් විඳින නිදහස. මෙහෙම නිදහසක් ලෝකේ වෙන කොහෙවත් රටක නෑ. මොවුන් අනිවාර්යයෙන්ම ඇමරිකානු ජාතිකයෝ."

එම්මානුවෙල් මැක්රෝන් කිව්වලු, "නෑ නෑ බලන්න ඔවුන්ගේ ස්වාභාවික ලාලිත්‍යය. ඔවුන්ගේ ශරීරවල හැඩය. මෙහෙම සුන්දරත්වයක් ලෝකේ වෙන කිසිම ජනතාවකට නෑ. මොවුන් අනිවාර්යයෙන්ම ප්‍රංශ ජාතිකයෝ."

සර්ජියෝ මත්තරෙල්ලා කිව්වලු, "වෙන මොකුත් බලන්න ඕන නෑ. බලන්න ඔවුන්ගේ ඇස්වල ආදරය පිරිලා තියෙන හැටි. මේ ලෝකේ වෙන කිසිම ජාතියක් ඉතාලිකාරයන් වගේ ආදරය කරන්නෙ නෑ. මොවුන් අනිවාර්යයෙන්ම ඉතාලි ජාතිකයෝ." කියල.

මෙහෙම ගොං හරක් වෙන මොන රටේ ද ඉන්නෙ?
අපේ සෑර්නුත් ඔතන හිටියලුනේ.... එතුමා කිව්වලු,

"ඔබතුමන්ලා මොනවා කිව්වත් මොවුන් ශ්‍රී ලාංකිකයෝ. බලන්න.., මුං දෙන්නටම කන්ඩ තියෙන්නෙ එක ඇපල් ගෙඩියයි. විළි වහගන්ඩ රෙද්දක් නෑ. ඉන්ඩ හිටින්ඩ ගෙයක් නෑ. රෙන්ඩ කක්කුස්සියක් නෑ. හැබැයි උං හිතාගෙන ඉන්නෙ උංගේ අප්පච්චි දෙයියන්නාන්සේ කියල, උං ඉන්නෙ ස්වර්ගයේ කියල. මෙහෙම ගොං හරක් වෙන මොන රටේ ද ඉන්නෙ?"

මොන රටේ ගොං හරක් හිටියත් අපට මොකෝ- අපි ඔන්නොහෙ සින්දුවක් කියාගෙන ෂපාන් එකේ ඉඳිමු. මංම පටන් ගන්නංකො එහෙනං...

‘අපිට කන්න දෙනව නං- අපිට බොන්න දෙනව නං
මොන කෙංගෙඩියද තව ඕනෙ කියන්නේ...’

39. ෂෝක් තෑග්ගක් ගෙනාවා!

“ඔන්න ඩාලිං, මං ඔයාගේ උපන් දිනේට ෂෝක් තෑග්ගක් ගෙනාවා!” වැඩ අවසන්වී ගෙදර පැමිණි මරිසිපාල බිරිඳට කීවේය.

“ඔච්චර පුංචි තෑග්ගක්?”
සැමියාගේ අතේ තිබුණු කුඩා පාර්සලය දුටු බිරිඳ නොපහන් මුහුණෙන් යුතුව විමසුවාය.

“පුංචි..? ඇරලා බලන්නකො... දියමන්ති මාලයක්!”

“ඒ වුණාට මං ඔයාට කිය-කියා හිටියෙම කාර් එකක් ඕනෑ කියලනේ....” බිරිඳ කීවාය.

“ඒත් ඩාලිං, තවම ඉමිටේෂන් කාර් හදන්නෙ නැහැනෙ.”

මම මනුලොව ඉඳිද්දී නිරන්තරයෙන්ම ඔබතුමා ගැන, ස්වර්ගය ගැන දේශනා කළා.... ඒත් අර මඟමරු සුවාරිසා.....

40. දේව කාරිය

සිඤ්ඤෝරා පියතුමාණෝ ස්වර්ගස්ථ වූහ.
ඊළඟ විනාඩියේ එතුමෝ ස්වර්ගයේ දැවමුවා මාලිගයක සිටිනු දැකිය හැකි විය.
ස්වර්ගයට පිවිසීමට ලැබීම ගැන අතිශයින් සතුටුවූ පියතුමා ලී මාලිගයේ සීමැදුරු කවුළුව හැර වටපිට බැලූහ.

“මොනවා? වෙන්න බෑ.... වෙන්න බෑ.”

තමා දුටු දෙයින් විස්මයට පත්වූ පියතුමා වහාම දෙවි පියාණන් වහන්සේ හමුවීමට ගියේය.

“මාගේ පියාණෙනි, ඔබතුමාට බරපතළ වරදක් සිදුවී තිබේ...”  පියතුමෝ දෙවි පියාණන්ට පැවසූහ.
මුවෙන් කිසිවක් නොබිණූ දෙවි පියාණෝ මඳ සිනහවක් පහළ කළහ. එයින් දිරි වැඩුණු පියතුමා විස්තර සහිතවම තම පැමිණිල්ල ඉදිරිපත් කළේය.

“මම මනුලොව ඉඳිද්දී නිරන්තරයෙන්ම ඔබතුමා ගැන, ස්වර්ගය ගැන දේශනා කළා.... ඒත් අර මඟමරු සුවාරිසා බස් එළවන ගමන් කොච්චර මිනිස්සුන්ට තුවාල කළාද හප්පලා.... ඒත් අන්න, ඒ මිනිහාත් ස්වර්ගයට ඇවිත්. ඒ මදිවට රත්තරං මාලිගාවක! මට නිකම්ම නිකං ලී මාලිගාවක්... මේක කොච්චර අසාධාරණද?”

“පියතුමනි, ඔබතුමා නිතරම අපි ගැන; යහපත ගැන දේශනා කළ බව ඇත්ත. ඒත් ඒ වෙලාවේදී ඒක අහගෙන හිටිය අය මොකද කළේ? හොඳට නිඳා ගත්තා!
ඒ වුණාට අර සුවාරිස්...
මිනිහගේ බස් එකට නඟින ඕනිම කෙනෙක් බස් එකෙන් බහිනකල්ම දෙවියන් සිහි කර කරයි හිටියේ.
ඒ සේවය නිසයි, සුවාරිස්ට ස්වර්ණ ප්‍රාසාදයක් ලැබුණේ.’ දෙවි පියාණෝ කීහ.

දැන් මට ඉස්සර තරම් ස්ට්‍රෙන්ත් එකක් නෑ වගේ.... ඉස්සර නං... (කිව්වේ රූපේ ඉන්න හර්කියුලිස් නෙවෙයි.)

41. ඔහෙටත් පුළුවන්

බාවා මහත්තයා ගැන අහලා ඇතිනේ!
නෑ... නෑ... ජෙෆ්රි බාවා මහත්තයා ගැන නෙවෙයි. මේ බාවා මහත්තයාත් ඒ පරම්පරාවට සම්බන්ධද නැද්ද කියලා නං මම දන්නෙ නෑ.
හැබැයි, බාවා මහත්තයාගේ ‘බාව’ හින්දාමද කොහෙද, ගම් පළාතේ හරිම ප්‍රසිද්ධයි.

කොහොමෙන් හරි දැන් බාවා මහත්තයාට අවුරුදු හැත්තෑපහත් පැනලා.
ඔන්න දවසක්දා බාවා මහත්තයා ගියා සුප්‍රසිද්ධ දොස්තර මහත්තයෙක් ළඟට.

එයා නෂ්ටකාමය, ලිංගික බෙලහීනත්වය, රහස් රෝග ඔක්කොටම බෙහෙත් කරන එක්කෙනෙක්.

“මට ප්‍රයිවට් එකේ ඩොක්ටර්ට කතා කරන්න ඕනි.” බාවා මහත්තයා රහසින් වගේ කිව්වා.
නර්ස් නෝනලා පැත්තකට ගියා.

“බලන්නකො ඩොක්ටර්, දැන් මට ඉස්සර තරම් ස්ට්‍රෙන්ත් එකක් නෑ වගේ.... ඉස්සර නං ඕනි තරං වෙලාවක් අල්ලලා ඉන්න පුළුවන්....”

“ටේක් ඉට් ඊසි මිස්ටර් බාවා! දැන් මිස්ටර් බාවාට හැත්තෑපහත් පැනලානේ... ඒකයි ඔය...” දොස්තර මහත්තය එහෙම කිව්වාම බාවා මහත්තයාට යකා නැංගා!

“එහෙම වෙන්නේ කොහොමද? අර මිස්ටර් කොතලාවල කියනවා එයාට නං එහෙම කිසිම අබල-දුබල වීමක් වෙලා නැහැල්ලු. මිනිහට දැන් අසූවත් පැනලා....”

“ඉතිං මිස්ටර් බාවා, මිස්ටර් කොතලාවල එහෙම කියනවා නං, ඒ වගේම ඔහෙටත් පුළුවන්නෙ ඕනෙම දෙයක් කියන්න.” දොස්තර හෙමිහිට කිව්වා.

ඊයේ පෙරේදා දවසක අපේ වල් ප්‍රියන්ත හිතවතා ලැහැස්ති කරලා තිබුණා පොඩි සංචාරයක්. යනකල්ම අපට කියලා තිබ්බේ නෑ, යන පැත්ත ගැන මිස ‘කොහාටද යන්නේ’ කියලා. Surprise එකක්! රිවර්ස්ටන් අඩවියේ ‘සර් ජෝන්’ස් බංගලාව’ට...
කවුද බොලේ දන්නෙ ඒ ගමන ගිහින් ඇවිත් ‘කොතලාවල උන්නැහෙගේ නම’ත් ඈඳිච්චි යාන් එහෙකුත් මට අකුරු කරන්න වෙන බව.

අරූ තාම හෙල්ලෙන්නෙවත් නැතුව හිටි පිළිමෙ වගෙ ඉන්නවලු... තක්බීර් වෙලා!

ඒ බංගලාවේ තමයි ජෝන් කොතලාවල මහත්තයා දිගු විවේක වේලාවන් ගත කරලා තියෙන්නේ.

අපේ නඩයේ හිටි තුන් දෙනෙකුට තෙවෙනි දවසේ පාන්දරින්ම ආපහු එන්න වුණා, ඥාතිවරියෙකුගේ හදිසි වියෝගය නිසා. ඉතිං ඒ ආපසු පැමිණි කාන්තාවන් දෙන්නෙකු හිටිය කාමරයේ තව ඉතිරි වුණේ ladiesලම දෙන්නෙක්.
“ඔයාලා බය වෙන්න එපා! මේ බංගලාවේ කාමරවල ගෑනු විතරක් නිඳාගෙන ඉන්න කාමරවලට කොතලාවල මහත්තයාගේ අවතාරේ එනවයි කියලා තියෙන කතාව බොරුලු!” අපේ හිතවතෙක් අර දෙන්නට කිව්වා, රහසෙන්!

මළ කෙළියයි!  හොඳටෝම බය වෙච්චි එයාලා දෙන්නා එදා රෑ නිඳා ගත්තේ තරුණ පුතෙකුවත් තනියට කාමරේට ගෙන්නා ගත්තාට පස්සෙයි!
(මතකයිනෙ, ඒ trip ගැන වෙනමම ලියන්නං කියලා මං ඔයාලට පොරොන්දුවකුත් දීලයි තියෙන්නේ.)  

ඒක නෙවෙයි. ලෝකේ වැඩියෙන්ම තියෙන්නේ ‘ලිංගිකත්වය’ මුහු වුණු විහිළුද? (හිතවත් දිලිප් ජනක කුමාර සහෘදයා තමයි මේ විහිළුව මට එවා තිබ්බේ; ස්තුතියි දිලිප්! මේ ලිංගික යාන් එකත් උපුටා ගැනීමක්ලු- හොඳේ!)

පිටි පිළිමේ!

ඔන්න මිනිහෙක් දවසක් කොටුවක් පැන්නලු...
එක පාරටම ඒ ගෑනිගෙ මිනිහා ගෙදර ආවලු... ගෑනි ටක් ගාලා අරූගෙ මුලු ඇඟේම පවුඩර් ගාලා සාලෙන් හිටගන්න කියලා, අරූට කිව්වලු හෙල්ලෙන්නෙ නැතුව ඉන්න කියලා....

ගේ ඇතුළට ආපු මිනිහා අරූව දැකලා මේ මොකද්ද කියලා ඇහැව්වාම ගෑනි කිව්වලු ‘අනේ මං දවල් ෂොපින් ගියාම ලස්සන පිළිමයක් තිබ්බා. ඉතිං ඒක ගෙනාව, ඇත්ත වගේමයි නේද?’ කියලා.

‘හ්ම්ම් ලස්සනයි ලස්සනයි’ කියලා මිනිහා ඒ කතාව එතනින් නවත්තලා වොෂ් දාල, කෑම කාල, රෑ ගෑනිත් එක්ක නිදා ගන්න ගියාලු. ...

මේ ලෙඩාට එයා මැරිලා නැතිය කියන එක බලෙන් ඒත්තු ගන්වන්න හදන්ඩ එපා...

අරූ තාම හෙල්ලෙන්නෙවත් නැතුව හිටි පිළිමෙ වගෙ ඉන්නවලු... තක්බීර් වෙලා...

පාන්දර දෙකට විතර මිනිහා නැඟීටලා කිරි වීදුරුවක් හදලා, බිස්කට් පැකට් එකක් අරන් පිළිමෙ වගේ ෆුල් අන්දොස් වෙලා ඉන්න මෑන් ගාවට ගිහින් මෙහෙම කිව්වලු...
"මෙන්න මේක කාල කිරි එක බීලා හිටහං... මාත් දවසක් එළිවෙනකම් පාං පිටි නාලා හුස්මවත් ගන්නැතුව ඔහොම හිටගෙන හිටියා වෙන ගෙදරක ... මට වතුර පොදක් දෙන්න එකෙක් හිටියෙ නෑ, බං!”
  

42. මැරුණු මිනිසා

සීසර් මංචනායක රෝගියෙකි.
ඒ රෝගයත් නිතරම දැකිය හැකි එකක් නොවීය. ඔහු තරයේම විශ්වාස කළේ තමා මියගිය අයෙකු බවයි.

“ඔයා මැරිලා නෑ අනේ!” බිරිඳ ඔහුට කීවාය.

“තාත්තා මැරිලා නැහැ තාත්තේ!” දරුවෝත් ඔහුට කීහ.

“ඔහේ කොහොමද මැරිලය කියන්නේ. මේ ඉන්නේ යස අපූරුවට පණ පිටින්...” අසල්වැසියෝත්, හිතවත්තුත් ඔහුට කීවෝය. ඒ කාට-කාටත් සීසර්ගෙන් ලැබුණේ එකම පිළිතුරකි.
“මං මැරිලා.... තමුසෙලා කොහොමද මට වැඩිය හොඳට මගේ ගැන දන්නෙ?”

අන්තිමේදී පවුලේ අය සීසර් මංචනායක මානසික වෛද්‍යවරයෙකු වෙත කැඳවාගෙන ගියහ.

“මේ ලෙඩාට එයා මැරිලා නැතිය කියන එක බලෙන් ඒත්තු ගන්වන්න හදන්ඩ එපා... අපි බොහොම විද්‍යානුකූලව එයාට පහදලා දෙමු, එයා තවම පණ පිටින් බව....” මනෝ වෛද්‍යවරයා සීසර් පරීක්ෂාකොට පවුලේ අයට උපදෙස්ද දුන්නේය.
ඉන්පසු ඔහු නොයෙකුත් වෛද්‍ය විද්‍යා පොත්-පත්, සඟරා ආදියේ පළව තිබුණු මළවුන් පිළිබඳ තොරතුරු සීසර්ට කියවන්නට සැලැස්වීය. ඒවා පිළිබඳව ඔහු හා සාකච්ඡාද කළේය. සීසර්ද බෙහෙවින්ම උද්‍යෝගීමත්ව ඒ සාකච්ඡාවලට සහභාගී වූවේය.

“දැන් තේරෙනවා නේද මැරිච්ච කෙනෙකුගෙයි පණ පිටින් ඉන්න කෙනෙකුගෙයි වෙනස?” අන්තිමේදී වෛද්‍යවරයා විමසුවේ ජයග්‍රාහි ලීලාවෙනි.

බුදු අම්මෝ ඩොක්ටර්, අර පොත් ඔක්කොම වැරදියිනේ!

“ඔව් ඩොක්ටර්.” සීසර් උත්තර දුන්නේය.

“මොකක්ද ඒ?”                                           

“මැරිච්ච මිනිහෙක්ගෙන් ලේ ගලන්නෙ නෑ!” සීසර් වෛද්‍යවරයාගෙන් උගත් දේ ඔහුටම පහදා දුන්නේය.

“ආන්න හරි! දැන් ඔය කාරණාවත් මතකෙ තියාගෙන අපි පුංචි පරීක්ෂණයක් කරලා බලමු. විද්‍යානුකූලව යමක් සොයලා දැන ගන්නේ පරීක්ෂණයක් කරල, ඒක නිරීක්ෂණය කරලත් ඉවර වෙලානේ...” මනෝ වෛද්‍යවරයා ජයග්‍රාහී ලීලාවෙන් කියා, සීසර් මංචනායකගේ ඇඟිල්ලකට එන්නත් කටුවකින් ඇන්නේය.

“පේනවද... දැන් මොනවද පේන්නේ....”
සීසර්ගේ තුවාලවූ ඇඟිල්ලෙන් ලේ බිඳු කිහිපයක් ගලන අයුරු පෙන්වා වෛද්‍යවරයා විමසීය.

“බුදු අම්මෝ ඩොක්ටර්, අර පොත් ඔක්කොම වැරදියිනේ! මෙන්න මැරිච්ච මිනිහෙක්ගේ ඇඟෙනුත් ලේ ගලනවා!!” සීසර් කෑ ගසා පිළිතුරු දුන්නේය.

අදට ඇති. නොමැරී හිටියොත් ඊළඟ කොටසත් දෙඤ්ඤං.... එතකල්, බ්ලොග් ලියන අපි කවුරුත් වෙනුවෙන්.... මේ උපකාරේ...



71 comments:

  1. ++++++++++😊🦉🐶

    කාලා, බීලා ආයෙ එන්නං. දැනට, ඒතෙක් වැට.😊

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ් අද කතා ටික වෙනදටත් වැඩිය හොඳයි. මසුරං, මගෙත් මූඩ් එක වෙනස් වුනා. ඔහොම යං.🙏😊👌

      Delete
    2. ස්තුතියි බකුසු මහත්තයෝ, ඔයාලා වගේ අය ඔහොම අගේ කරනකොට මගේ මූඩ් එකත් තව හොඳ වෙනවා.

      Delete
  2. නොවරදවා කියව්වාට කාලෙකට පස්සේ කොමෙන්ටුවක් කොටා ගන්න විවේකයක් ලැබුනා.
    විහිලුවක් උනත් දෙවියෝ බොහෝම සාධාරණ වෙලා තියෙනවා

    ReplyDelete
    Replies
    1. කොමෙන්ටුව කොටනවා වගේ නෙවෙයි අසංග, අන්න අමන් භූෂණටත් දැන්නුවා තමුන්නාන්සේ අපි එක්කලා වස්ගමු ගිය වෙලාවේ අලි ගහපු විස්තර පොස්ට් එකකට ලියමින් ඉන්නා බව. ඒක ඉක්මන් කරන්න වෙයි.

      නෙවිලුත් කියනවා ඒක ඉක්මනින් ල්ව්වේ නැත්තන් අර පොල්මුඩු කතාව එලියට දානවලු!

      Delete
  3. ඔය විදියට කොළඹ ඇඹිලිපිටිය බස් එලෝන ඈයො කෙලින්ම දිව්යලෝකෙ යනව ඇති.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ ආශ්චර්ය බොලව්....

      Delete
    2. ලංකාවේ ආශ්චර්යය කියන්නෙ දිවිය ලෝකේ මෙහාට ගෙනත් තියෙන එකද නමී?
      ප්‍රසන්න, ඇඹිලිපිටියේ බස්වල විතරද ගිහින් තියෙන්නේ?

      Delete
  4. දවසක් ට්‍රැෆික් රාලහාමියෙක් පාර මැදට පැනල බයික් එකක් නවත්තගන්ඩ කෑගැහුවා...

    "නවත්තනව ඕක... නවත්තනව, හෙල්මට් නෑ, සයිඩ් කන්නාඩි නෑ, සිග්නල් ලයිට් නෑ, හෙඩ්ලයිට් නෑ... "

    "රාලහාමි අයිං වෙන්ඩ පාරෙං..." බයික්කාරයත් කෑ ගැහුවලු "මේකෙ බ්රේකුත් නෑ..."

    ReplyDelete
    Replies
    1. හත්තික්කේ 😂😂😂

      Delete
    2. මහේෂ්, බලන්ගොඩ දියවින්න ගමේදී ඇහුනු දෙයක් තමා හත්තිලව්වේ... ඒ පැත්තටම පොදු විත්තියකුයි මට පෙනුණේ.

      Delete
  5. මේක අපේ ඩොක්ටර් මාමගෙ කතාවක්, (කොපි ‌පේස්ට් කරන ලදි)

    ඩොක්ටර් ජොහැන්නස්බර්ග් නුවර වැඩ කරන කා‍ලේ, ඒ අය ඒරටට විදේශිකයන් වූ හින්දා එයාලගෙ සහායට දේශීය නර්ස් නෝනා කෙනෙක් සපයා දී තිබුණා ලු. ඒ නර්ස් නෝනලා රාජකාරියට අමතරව භාෂා පරිවර්තනයත් කරලා තියෙනවා. මෙහෙම එක දවසක් රෝගීන් පරීක්ෂා කරන අවස්ථාවක, ඩෝකටර් හිටපු තැනට අල්ලපු ක්‍යුබිකල් එකේ නර්ස් මහ හයියෙන් කෑගැහුවලු.

    ඩොක්ටර් පුටුවෙන් නැගිටලා බැලුවලු මොකද කියලා. එතකොට අල්ලපු ක්‍යුබිකල් එකේ වයස හැටක විතර පිරිමි ලෙඩෙක් ඉන්නවලු, නර්ස් හිනාව තද කරගන්න බැරුව ඇඹරෙනවලු. ඉතින් අපේ ඩොක්ටර් අනිත් ඩොක්ටර් ගෙන් ඇහුවලු මොකද වුනේ කියලා. අනිත් ඩොක්ටර් කිව්වලු,

    “මේ පේෂන්ට් මට කියනවා, එයාගෙ වහස හැට හතරයි ලු. එයාට ලිංගික වශයෙන් පසුබට ගතියක් දැනෙනවලු කියලා. ඉතින් මම ඇහුවා ඔයාට ඒක දැනෙන්නෙ කොහොමද කියලා. එයා කියනවා, කලින් නම් මම දවසකට හතර පාරක් xxx කළා. දැන් කරන්නෙ දෙපාරයි කියලා.“

    “ඉතින් මම එයාට කිව්වා, ඔයාට කිසිම අවුලක් නෑ. ඔයා කියන එක ඇහුනම මට හිතෙනවා මම ලිංගිකව පසුබටයි කියලා“

    “නර්ස් ඒක ලෙඩාට තේරුම් කළාට පස්සෙ, මම එයාට එයාට කිව්වා, මම ප්ලාස්ටර් ඔෆ් පැරිස් වලින් ඔයාගෙ අහවල් අවයවයට කොපුවක් හදා දෙන්නම්, ඒකෙ මුළ හරියට ටිකක් ඉස්සරහින් ගණකම නූලක් ගැටගහලා, ඉණ දෙපැත්තෙන් පිටිපස්සට ගන්න. ඊට පස්සෙ ඔයා ඕනෙ ඕනෙ වෙලාවට අර නූල පිටිපස්සට අදින්න. වැඩේ සාර්ථකව කරගත්තැකි කියලා.“

    ReplyDelete
    Replies
    1. කවුන්ට් කෙනෙක් වෙන තමුන්නාන්සේට ඔබින කතාද හැබෑට ඔය කියවලා තියෙන්නේ...
      බෝම නාකයි, බෝම නාකයි. Very bad! මීට පස්සේ ඕවා කියවන්ඩ එපා. කලින් කියෝපුවා තව තියෙනවා නං, එව්වා විතරක් අපටත් කියන්ඩකෝ අද වගේ.

      Delete
    2. කලිං කියෝපුවා නෙමෙයි, ලියාපුවා...

      හිටින්ඩ තව ටිකක් මතක් කරන කං...

      Delete
  6. සුරාවෙහි රසයත් – සරා එහි ඇති ගුණයත්
    බොන අය මිස වෙනත් – නොබොන අනුවණ දනෝ නොදනිත්

    ReplyDelete
    Replies
    1. උපුටා ගැනීමකි...

      //
      මෙම කෘතිය ක්‍රිස්තු වර්ෂ 1935 දී ප්‍රකාශිතය. කතුවරයා ඇන්.ඇම් ශ්‍රී රත්නායක බණ්ඩාර නම් පුද්ගලයෙකි. ඔබගේ රසවින්දනය සඳහා සුරා මාලය මෙසේ ඉදිරිපත් කරමු.

      1.කිතුල් පොල් සහ තල්
      ඈ සුරා දෙන ගස් දුල්
      නැමද කර සිතු ලොල්
      මඳක් පවසමි සුරා ගුණ පුල්

      2.සුරාවෙහි රසයත්
      සරා එහි ඇති ගුණයත්
      බොන අය මිස වෙනත්
      නොබොන අනුවණ දනෝ නොදනිත්

      3.කට පුරා බීලා
      ගව කුකුළු මස් කාලා
      ඉන්ට බැරි ඌලා
      කුමට මැව්වද දේව මෝලා

      4අසුර යුද වන් කල
      සුරනගෙ ලැබුව පණ නල
      සුරාවෙහි තෙද බල
      නිසා බැව් එය පෙනෙති පොත් වල

      5.නරලොව රජුන් හට
      යුදයක් පැමිණ වූ විට
      සුරා දී මත් කොට
      මිසක් සෙබලෝ නොයති කිසි විට

      6.දෙවියන් රජුන්ටත්
      පෙර විසු උතුම් සතටත්
      පිහිට වූ යහපත්
      සුරා බීමෙන් දොසක් නම් නැත්

      7.දවාලට කාලක්
      සවස් කල බෝතලයක්
      බීවොත් දැන පමණක්
      සුරාවට වෙන නොමැත බෙහෙතක්

      8.ගතෙහි සැම කැක්කුම්
      සිතපත් තක්කු මුක්කුම්
      නසා බොරු රැක්කුම්
      සුරති හළ රඟ කෙරෙයි දැක්කුම්

      9.කරනට මෙදෙය මට
      බැරියයි යමෙකු කීවිට
      දුනහොත් සුරා තුට
      මරු ළඟට මුත් යේ ඉදිරියට

      10.යක් පිසස් බියටත්
      නුරා සැප බැරි ලෙඩටත්
      සුරා වැනි හිතවත්
      උතුම් බෙහෙතක් ලොවෙහි කිසි නැත්

      11.මෙකප මුලදී එක්
      සුරා නම් පසිඳු වැද්දෙක්
      සොයාගත් විඳ දුක්
      හෙයින් නම් වී සුරා යයි නෙක්

      12.එදා සිට සැම දෙස
      පතළ වී සුරා නිසි ලෙස
      සත් දනෝ ලොව කුස
      බොන්ට වනි බඩපුරා සහතොස

      13.කුඹුරු ගොවිතැන් වැඩ
      කරනා සඳෙහි ගිම් මැඩ
      ගන්ට නම් නුඹෙ බඩ
      පුරා බීපන් සුරා හැර තුඩ

      14.වැඩක් වුව සේනක
      මිතුරන් සමඟ වීමෙක
      වැනි අන් සැප කිමෙක
      එයින් මැදපන් සුරා ගස් නෙක

      15.රත් පිත ද ගිනියම්
      සහයෝනි සුද බින්දුම්
      හැරලන කොඳු රිඳුම්
      කිතුල් රා හැර නොමැති වෙන යම්

      16.ඉදිමුමද බරවා
      කැසි රිඳුම් බඩ පුරවා
      කිතුල් රා පෙරවා
      බීව හොති යෙති රෝග හරවා

      17.කලවා කොඳු රිදී
      නහර පණ නැති ලෙඩ දී
      නම් පිය මිතු සදී
      බීව හොත් එය නසයි රා ඉදී

      18.අඟ පසඟ වකුටුව
      වාත කැකුම් පිහිටුව
      යස පොල් රා දුටුව
      සැණින් යයි ගත වඩා සතුටුව

      19.අජීරණ ගඳ ලෙඩ
      ඇතහොත් කිකිළිබිජු මැඩ
      බ්‍රැන්ඩි සමඟින් තුඩ
      ලුවොත් යෙයි පිනි දිනිඳු දුට හැඩ

      20.ලෝ පූජිත විස්කී
      සෝඩා එක්ක හැක්කී
      බීවොත් වරක් කී
      රෝග සැණෙකින් යෙයි වැළැක්කී

      21.ජින් නම් ඉතාමය
      යහපත් ගුණ යුතාමය
      මුතුරු ලෙඩැ තාමය
      බීවහොත් පිරිසුදු වෙතාමය

      22.නොකී නව මනහර
      සුරා ඇති ලොව බටහිර
      ගෙන සමඟින් බීර
      බීව නුඹහට යෙහෙකි හැමවර

      23.එහෙයින් සුරායා
      බීලා බඩ පුරායා
      විදිමින් නුරායා
      ගෙව්ව කල් දැන මේ සුරායා

      24.බීම සැම වේලේ
      වෙරිවී සිටින ලෝලේ
      නුඹේ අද රාළේ
      ගෙලේ ලමි මේ සුරා මාලේ

      25.දිනේවා! දින දින
      සුරා සැල ළඟ ගැවසෙන
      බේබදු මිතුරුවන
      සුරා තුරු ඇති තුරා සතොසින



      මෙසේ සුරා මාලය නිමියේය.
      //

      https://www.manthrana.com/2021/09/24/suramalaya/

      Delete
    2. ස්තුතියි ඩ්රැකී,
      ළඟදී දවසක හැට්ටර් මලයාත් ඔය කවි පෙළ මට එවලා තිබුණා!

      Delete
    3. මං පස්සෙ දැක්කෙ, චමින්ද දිසානායක ඒ කවි පෙළට ලිංක් එක පහළ දාල තියෙනව.

      Delete
    4. මෙහෙම කවි පන්තියක් තියෙනබව ඊයෙ වෙනකන් දැනන් හිටියේ නෑ. ඔය හෙඩ්ලයින් කවිය පරන සින්හල චිත්‍රපටියක රවීන්ද්‍ර රන්දෙනිය කියනවා යාන්තමට මතකයි. හරිම වචනටික හොයාගන්න ගියාම තමයි කවි පන්තිය දැක්කේ. අන්තර්ජාලයටත් වෙහෙස නොබලා මෙවන් තොරතුරු ඊට ඇතුලත් කරන අයටත් ස්තූති වේවා.

      Delete
    5. මේ වගේ අපේ තාත්තාගේ අතින් ලියපු කවි පොතක තියෙනවා "කපුටු සංදේශය" කියලා! ඒකෙ පුරා තියෙන්නේ සෘංගාරය දෝරෙ ගලන කවි. ඔය වගේම තවත් අතින් ලියපු කවි පොතක් මා ලඟ තිබ්බා! (තාත්තාගේ කපුටු සංදෙශයට "දෝරෙ ගලන ශෘංගාරය" කියලා ලිව්වාම මේ මල හත්තිලව්වට ලියන්න වචනයක් හොයා ගන්න නැහැනෙ බං!)

      Delete
    6. තට්ට සෑර්, එව්වා වල කවි ටිකක් දාලා පෝස්ට් එකක් ලියමුද?

      මම ලින්ක් එක දිගේ ගිහින් ලිපිය බැලුවා. පට්ට ලිපියක්. ඊටත් වඩා පුදුමෙ ඒ හාමදුරුවො ගැන. අන්න සාහිත්‍යට සේවයක් කරප්ය් නියම හාමදුරුවරු.

      ඔය නෝක්කාඩු මාලය වගෙ එව්වා තියනවා කියල අහල තිබුනට, මාලා කාව්‍ය කියල වෙනම එකක් තියනවා කියල දැණගත්තෙත් අදයි.

      Delete
    7. ඔන්න අජිත් මහත්තයෝ, ඔයාට කරන්න පුළුවන් බරසාර කටයුත්තක්. නෝක්කාඩු මාලය පුස්කොළ පොතක්. මෙහෙ පිටපත් නැහැල්ලු. එකම පිටපත තියෙන්නේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරේ.... මොකද කියන්නේ....

      Delete
    8. haa දැන් ඒ වගේ ජොබ් වැඩියි. පොඩි සාදුත් වැඩක් භාර දුන්න

      Delete
    9. ඔය කිව්වට අජිත්, පහු වෙලා හරි ඔයා ඔය වැඩේට බහීවි කියලයි මගේ හිත කියන්නේ...

      Delete
    10. පහුවෙලා වුණත් කියවුණු වචනේ වටිනවා!

      Delete
  7. https://www.vishwakarma.tv/2020/05/27/sura-malaya-poems/

    ReplyDelete
    Replies
    1. ආයෙමත් චමීට ටිකාක් නිවාඩු-පාඩු ලැබිලා වගේ!

      Delete
    2. කොච්චර වැඩ තිබ්බත් නිදිගේ බ්ලොග් එකනම් කොහොම හරි කියවනවා. සිංහලෙන් ටයිප් කරන එක තමා අමාරු වැඩේ.

      Delete
    3. මෙන්න මෙතන තියනවා Keyman දාගන්න හැටි, සිංහල ටයිප් කරන්න.
      https://frozenlazyowl.blogspot.com/2021/06/10.html

      Delete
  8. අම්මෝ..බඩත් කොර......මටත් තියනවා කතාවක් කියන්න.....ආයමත් ඇවිත් කොටන්නම්..

    ReplyDelete
    Replies
    1. ගෑල්ළමයින් නං බඩ කොර වෙන දවසට තැඹිලි ගෙඩියක් බොනවලු මෙන්ඩො....
      කතාව නං කියන්ඩ ආවට කමක් නැහැ රජෝ, හෙරොයින් හය ඉක්මනටම දෙනවා කියලා ඔබතුමා අපට පොරොන්දු වෙලයි ඉන්නේ....

      Delete
  9. https://news.ycombinator.com/item?id=17703285

    https://www.wondersandmarvels.com/2014/05/famous-sailors-who-couldnt-swim.html

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, ඔයාගේ links දෙකට ගිහිල්ලා කියවනකොට මගේ හිතට ආවේ අර පිහි ඇනුම් කාපු අපේ මිත්තර නාවිකයා... ඉඳහිට blog එකට ලිපිත් ලියන.
      ඒ පින්වතාගේ ශරීරෙ විදිහට නං... අහලා බලමුද?

      Delete
  10. නිදි බස්සා පොස්ටුවකුත් දාලා ආවනම් ඒ පැත්තටත්..
    https://frozenlazyowl.blogspot.com/2021/10/blog-post_30.html?showComment=1635681620182#c5354435873172298285

    ReplyDelete
    Replies
    1. ඊයේ දවසම වගේ මේ පැත්තට වැක්කෙරිච්චි තද වැස්සෙන් කොම්පීටර්ට වාරණයක් පනවලා තිබුනේ නමී.. ඔන්න ඔයාලට උත්තර ලියපු ගමන් එහාට යනවා.... තැන්ක්ස්!

      Delete
  11. මොනා උනත් දෙවියො සාධාරයි නිදි.....

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. හැබැයි සමහර දෙයියෝ මොළ හතක් හෙම ලැබුණම පල් වෙනවා!

      Delete
  12. ඔන්න එක දවසක් වෙසක් දවස් වල සුද්දෙක් දාගත්තු අපේ ගයිඩ් පොරක් කොළම්පුරේ වෙසක් පෙන්නන්න එක්ක ගෙන යනවා. පෑලියගොඩ තොරණ ලග නවත්වලා පොරට තොරණ ගැන විස්තරයක් එහෙම කළා. සුද්දත් ගයිඩ් පෙරව ඇඹරිලා යන ප්‍රස්නයක් ඇහැව්ව. අර තොරණ මැද්දේ ඉන්න බුදු හාමුදුරුවෝ අතේ ඇගිලි දෙකක් නවාගෙන ඉන්නේ ඇයි කියලා. ගයිඩ් පොරට හිනියට වාගේ මුත්තර බරකුත් දැනුනා මේකට කොහෙම උත්තර දෙන්න කියලා හිතෙද්දි.
    පොර ඔලුවා කසලා ලග හිටපු පොඩ් එකෙක් ගෙන් ඇහුවා
    මල්ලි අර බුදු හාමුදුරුවෝ ඇගිලි දෙකක් නවාගෙන ඉන්නේ ඇයි කියලා සුද්දා අහනවා කියලා.
    පොඩි ඇම්බැටිටයා එක පාරටම කිව්වා
    අයියේ සුද්දා හස්ත මුදා දන්න එකක් යෑ ඌට කියාපං තොරණ දවස් පහක් පෙන්වනවා දැන් දවස් දෙකක් ඉවරයි තව තුනක් තියෙන බව තමයි එතැනින් පෙන්වන්නේ කියලා.

    ReplyDelete
    Replies
    1. අහලම නොතිබුණු කතන්දරයක් අසංග.
      මට තාම මැවිලා පේනවා! බුදු හාමුදුරුවෝ ඇඟිලි දෙක නවාගෙන ඉන්න චිත්තරේ!

      Delete
    2. අඩෝ අසංග, ඒක පට්ට කතාව ඈ...

      Delete
    3. යකෝ ඒක නං එළම එළ!

      Delete
  13. අම්බෝ.. පීනන්න බැරි නේවි කාරයෙක් කියුවම විළි ලැජ්ජාවට රතු වෙලා හිටියේ.. දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.. හැබෑට රහසින් වත් කියන්න බැරිද ඔය කවුද කියල.. :))

    ReplyDelete
    Replies
    1. ගණං ගන්ඩෙපා කමි. ඔය එයාෆෝස් කාරයො එකෙක්ටවත් පියාඹන්ඩ පුළුවන්ද? අඩු ගානෙ පොල් ගහකට නගින්ඩවත් පුළුවන් උදවිය ඉන්නෙ කීයෙං කී දෙනාද?

      Delete
    2. හමු වුනු වෙලාවක කමීටම එයාව මුණ ගස්සවන්න බලන්නන්කෝ.

      Delete
    3. ඔය නේවි උන්දලට පීනන්ඩම බෑ 😃😃

      Delete
    4. කල්‍යාණ උන්දැට පුළුවන්. බ්ලොග් එකේ තිබුන ලියල.

      Delete
  14. Replies
    1. ඒක නේන්නං.
      වෙනස් විදිහක එකක්. මරු!

      Delete
  15. මුදියන්සෙ ගෙ මේකත් මරු. දැන් ම ටිකක් හිනාවෙලා, පස්සෙ මේ පෝස්ට් එක කියෙව්වනං මිසක් එක පාර කියවන්ඩ එපල්ලා. හිනා වෙන එක දරා ගන්ඩ බැරි වෙයි.

    ReplyDelete
    Replies
    1. මරු නේන්නං- මල මඟුලක් වෙන්නේ තව ටිකෙන්.
      ඩ්රැකී, කල් තියා වොර්නින් එකක් දුන්නටත් ස්තුතියි!

      Delete
  16. ඉට් එළම කිරි! මා අදටත් විශ්වාස කරණා පරිදි පුවත් පතක පලවූ; වඩාත් නිර්මානශීලීවූ හිනා කථා ගොන්න වූයේ නවයුගයේ පලවූ සිනා කථා කොලමයි. (කිලමක් කීවාට එය හරස් අතට ඉඩක් ගත් ලිපියකි) එදා ඒ ලිපි කියැවීමෙන් ලත් සිනාව නැවතත් මා වෙත ගෙන ආ ඔබට ස්තූතියි!
    "මං බොඥ්ඥෑ!" ගැඇවාටනම් හරියන්නෑ පුතෝ ඔන්න!

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එකෙන්ම පේනවා, හොඳ පාස්ට් එකක් ලිව්වොත් පාටයකාල කොච්චර හොඳ සපෝට් එකක් දෙනවද කියල? පොස්ට් එකේ අගය, දෙගුණ වුනා කමෙන්ට් නිසා.😊

      සෑර්, අර කිව්ව මාලා කාව්‍ය පෝස්ට් එක ලියන්න, ඈ? 👌🙏😊

      Delete
    2. සහතික ඇත්ත. චුට්ටක් විතර ආඩම්බරයි තමුන්නාන්සේලා සේරම තව රසකතා ලියලා එවන තැනට ගෙනෙන්න ඇහැක්වීම ගැන.

      තට්ටයා මහත්තයෝ, වැස්ස අඩු වෙද්ද්දාවෙකෝ... නේද?
      කපුටු සංදේශය අපටත් රස බලන්න දෙනවා නේද?

      Delete
  17. මෙන්න මගේ ගානෙ "මස් කටු මාලය"

    කුකුල් කටු ලෙව කා
    ලෙසටම වළලලා කා
    කටු නොකනා එකා
    දනෝ දැන් ඉල්ලං-කා

    කට්ටෙහි ඇති රසයත්
    එහි ඇති මනා ගුණයත්
    කයි කන බලු මිසක්
    නොකන හූනෝ නොදනිත්

    කවුරු හරි මාලා කාව්‍ය ගැන පෝස්ට් එකක් ලියාපියෝ!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ටොමී.
      ඔයාට සංග්‍රහයක් විදිහට මෙන්න මගෙන් 'මලාකා* මාලය'

      මස් ගොඩ බදාගෙන කා
      කටු ටික කර විසික්කා
      සට්ටඹියන්ට සලකා
      මහතැන් වෙයි 'මලාකා*'

      වහලුන් වීමෙ ගතියත්
      ගොන්නුන් වෙන කැමැත්තත්
      කවුරුන් කෙලෙස කිව්වත්
      නාරිති දනෝ තවමත්!

      *මලාකා යනු කවුරුන්දැයි නොදන්නේ නම් පහතින් ඈති link එකට ගිහින් බලනු මැනවි.
      https://nidigepanchathanthare.blogspot.com/2019/10/blog-post_14.html

      Delete
  18. හම්මෝ..
    අද ටිකත් මරු ඈ. වැඩෑරිල ඇවිත් කියවනකොට මහන්සිය කොහෙ ගියාද නෑ. 😂😂😂
    ජයි හෝ

    ReplyDelete
    Replies
    1. ජයි හෝ කියලා හින්දියෙන් ලිව්වේ මලාකා කියල ග්‍රීක් (?) වචනෙකුත් දැක්ක හින්දද මහේෂ්?

      Delete
  19. පෝස්ට් එක කියවලා, කමෙන්ටු ටිකත් කියවලා ආවම පෝස්ට් එක ගැන අමතක වෙනවා😅😅😅


    කමෙන්ට් ටික මරු
    පෝස්ට් එක මරේ මරු👌👌👍

    ReplyDelete
    Replies
    1. නවීන්,
      මරු සිටින දිසාවට පිටුපා යනු! ස්තුතියි.

      Delete
    2. මරු විතරක් නෙවෙයි හරිනං යෝගිනී කාලරාහු දෙන්නාට සම්මුඛව යනකොටත් මග අනතුරු බහුලයි

      Delete
    3. කවුද දෙයියනේ ඔහොම දේවල් දන්නෙ.... අදමයි ඇහුවෙත්..

      Delete
  20. පිටි කතාවමරු . අනිත් ඒවා අහල තියෙනවා. අහල නැති ඒවා දාහන්කො

    ReplyDelete
    Replies
    1. කවුද දෙයියනේ දන්නේ, ඔයාට ඇහිච්චි නෑහිච්චි එව්වා.
      ඔයාලගේ සම්බෝල පාටිවලදී එහෙම අනන්තවත් යාන්ස් කියවෙනවා ඇතිනේ. ඉතින් ඔයාට ඒවා ඇහිලා තියෙන්න තියෙන ඉඩ වැඩියි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්