මේ අවුරුද්ද හොඳයි වගේ කියලා කිව්වේ.... |
මට නං 2022 හොඳ වෙයි කියලා හිතනවා. හැබැයි ඒ මදි.... ඔයාලටත් එහෙම වෙනවා නං තමයි
හොඳ. මම ඉතිං තනියම බුදු වෙන්න හිතාගෙන ඉන්න හාදයෙක් නෙවෙයිනේ...
මට මේ අවුරුද්ද හොඳයි
වගේ කියලා කිව්වේ ජනවාරි දෙවෙනිදා වෙනවිට ‘නිදිගෙ පංච තන්තරේ’ කියවූ පාඨක සංඛ්‍යාව
(Hit counter) දෙලක්ෂය පන්නපු නිසයි. සත්තයි; හිතාගෙනවත් හිටියේ නැති ඉලක්කයක්. මේ
blog එකට අවුරුදු හතර වෙන්නෙත් තව මාස තුනකට පස්සෙනේ.
ඉතිං මට ඒ සතුට ගෙන දෙමින්, මගේ ජීවනාන්දරය දිගටම කියවූ- කියවන- ප්‍රතිචාර දක්වන
හිතාදර; දයාබර පාඨක ඔබ හැම දෙනාටම ‘ගොඩාරියක් ස්තුතියි’ කියන්නේ හද පිරි සතුටින්.
අපි එහෙනං ‘හිනා තවත්
හිනා’ පොතේ අවසන් කොටස කියවන්න පටන් ගනිමු නේද?
92. අයිතිවාසිකම
එම වැඩබිම
තට්ටු පහකින් සමන්විත ගොඩනැඟිල්ලක් ඉදි කෙරෙමින් තිබුණු එකකි. ඉහළම තට්ටුවේ වැඩ
කරමින් සිටි ස්ථිර කම්කරුවෙකු වූ සිරිසේන පලංචියෙන් බිමට වැටී රෝහලට ගෙන යන ලදී.
“පස්වෙනි
තට්ටුවෙන් වැටුණට පස්සේ ආයිත් අහන්න දෙයක් ඉතිරි වෙන්නෙ නෑ.... මෙලහටත් කූරියා
ගහලා ඇති!” වැඩබිමේ පිරිසක් කතා වූහ.
එම මතය සනාථ විණි. සිරිසේන මිය ගියේය.
ඊට
පසුවදාම අනියම් කම්කරුවන් සියලු දෙනාම එක ස්ථානයකට රැස් කළ ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරුවා
මෙසේ කීවේය.
“සිරිසේන
වෙනුවට තමුසෙලාගෙන් කෙනෙක් ස්ථිර කරලා වැඩට ගන්නවා... දැන් පෝලිමක් හැදෙනවලා... මම
පරීක්ෂණයක් කරලා තෝරා ගන්නං කාවද හොඳ කියලා.”
අනියම්
කම්කරුවෝ වහ-වහා පේළියක් සැදුණෝය.
ඒ අතර එක කම්කරුවෙක් අනෙක් අය තල්ලු කර දමා පෝලිමේ මුලට පැන්නේය. කොන්ත්‍රාත්කරු
මෙය දැක ඔහුට කඩා පැන්නේය.
“වලස්
පියා! තමුසෙගෙ උස මහත තිබුණට මොළයක් නැද්ද... බලනවා... අනිත් මිනිස්සු පෝලිම
හැදුණට පස්සේ තමුසේ කොහෙදෝ ඉඳලා ඇවිත් ඉස්සරහටම පැන්නා... කොච්චර වැරදියිද?”
හිස කසා
අහිංසක ලීලාවක් පෑ වලස් පියා ගරුසරු ඇතිව කතා කළේය.
“අනේ සර්,
සමා වෙන්ඩ ඕනෑ... මේ ඔක්කොටම වඩා මට අයිතියක් තියෙනවා පෝලිමේ මුලටම එන්ඩ.”
“ඒ කොහොමද
මිනිහෝ තමුසෙට එහෙම අයිතියක් හම්බ වෙන්නේ?” ගොඩනැඟිලි කොන්ත්‍රාත්කරු කෝපයෙන්
විමසුවේය.
“ඇයි සර්,
මුංද සිරිසේනව බිමට තල්ලු කළේ?” වලස් පියා ඇසුවේය.
අග්‍රාමාත්‍යතුමා ‘පෝලිම් නැති කරන්නැයි’ අතිගරු ජනාධිපති නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට..... |
93. ඕවත් වැඩද?
‘ඩොලර්
පන්දාහක තෑග්ගක්!’
බාර් එකේ
දොර ළඟින්ම එල්ලලා තියෙන බෝඩ් එක දැකපු හාදයා බාර් එකට ඇතුළු වුණා.
“මොකක්ද අර බෝඩ් එක?” මිනිහා බාර්
කීපර්ගෙන් ඇහුවා. කතාවේ විදිහෙන්ම පෙනුණා, මිනිහා ටිකාක් විතර නහයට නාහන කෙනෙක්
බව.
“අමාරු
වැඩ තුනක් තියෙනවා! ඒ චැලෙන්ජස් තුනම දිනා ගත්තොත් ඩොලර් පන්දාහ ඔහේගෙ අතේ.....”
“ඉස්සෙල්ලා
දානවා විස්කි ඩබලක්!....
හා... දැන් කියනවකෝ බලන්න ඔය වැඩ මොනවද කියලා.”
“එක... අර
අතන මේසය ළඟ වාඩි වෙලා ඉන්න මිස්ටර් ‘ඒ’ව පෙනෙනවා නේද? එක පාරෙන්ම මිනිහට වැටෙන්න
ගහන්න ඕනි... එහෙම ගැහුවොත් විතරයි දෙවෙනි ස්ටේජ් එකට යන්න පුළුවන්...” බාර් කීපර්
තෝරා දුන්නේය.
“මොකක්ද
දෙවෙනි පියවර?”
“අර පිටිපස්සේ
කාමරේ ඉන්නවා මිනීමරු කිඹුලියක්... ඒකිගේ එක දතක් නරක් වෙලා තියෙන්නේ... කිසිම
ආයුධයක් නැතිව ඒකිගේ නරක් වෙච්ච දත ගලවලා දාන්න ඕනේ.... ඒකත් කළාම තුන්වෙනි එක...”
“හරි හරී!
ඒකත් කියනවකො බලන්න.”
මම තමුසෙට වැටෙන්න ගහන්නයි යන්නේ... |
මදාවි
හාදයා වටපිට බැලුවා.
දැන් හැමෝම බලා ඉන්නවා මොනවද වෙන්න යන්නෙ කියලා. “දානවා තව විස්කි ඩබලක්!” මිනිහා
එක හුස්මට ඒක ගිල දාලා ගියා මිස්ටර් ඒ ළඟට.
“නැඟිටිනවා....
මම තමුසෙට වැටෙන්න ගහන්නයි යන්නේ...”
මිස්ටර් ඒ
නැඟිට්ටා. අත් දෙක පපුවට උඩින් බැඳගෙන ගලක් වගේ හිට ගත්තා.
බාර් එකේ හිටිය මිනිසුන්ට ඇහිපිය ගහන්නවත් වෙලාවක් ලැබුණේ නෑ. අර හාදයා උඩ පැනලා
එක පාරයි ගැහුවේ; ඇසුරු සැණින්! මිස්ටර් ඒ හතර ගාතේ දාල බිම වැටුණා.
මදාවි
හාදයා කවුන්ටරේට ආවා. තව විස්කි වීදුරුවක් ඉල්ලාගෙන එක හුස්මට ඒකත් ගිල්ලා. බාර්
කීපර් කිඹුල් කාමරේ දොර ඇරලා මිනිහව කාමරේට දාලා දොර වැහුවා.
‘ග්‍රෝර්...
ග්...ග්‍රෝර්... ග්‍රෝර්... ග්‍රෝර්...’ දඩබඩ සද්ද අස්සෙම කිඹුලියගේ ගෙරවිලි
සද්දෙත් ඇහුණා, එක දිගටම. විනාඩි දහයක් වීතර යද්දී කිඹුලියගෙ ගෙරවිල්ල හීනි
කෙඳිරියක් වෙලා නතර වුණා.
මදාවියා කාමරයෙන් එළියට ආවා. ඇඟ පුරාම සීරීම් තුවාල... කමිසේ කීතු-කීතු ඉරිලා...
කලිසම නං මිනිහා අතකින් එල්ලා ගෙනයි ආවේ, යට ඇඳුම පිටින්...
“දානවා තව
විස්කි ඩබලක්... දාල පෙන්නනවා අර දත ගලවන්න ඕනි පරට්ටිව!” මදාවියා කිව්වා.
94. පහෙන් එකක් කඩලා
කුඩා
සුනිල් නිතරම බොරු කීමට පුරුදුව සිටියේය. දිනක් ඒ ගැන දැඩි ලෙස උරණ වූ සුනිල්ගේ
පියා ඔහුට කඩා පැන්නේය.
මොකද ළමයෝ බෙරිහන් දිදී අඬන්නේ... ඔය ඇඬිල්ල නවත්තලා කියනවකො... |
“ඔව්
තාත්තේ!”
“ඉතිං
එයින් එකක් කැඩුවොත් මොකක්ද වෙන්නේ?... කියපං බලන්න බූරුවා වගේ බලං ඉන්නෙ නැතිව.”
පියාගේ
කෝපය ගණනකට නොගත් සුනිල් මෙසේ කීවේය.
“පන්සිල් පද පහෙන් එකක් කැඩුවාම හතරක් ඉතිරි වෙනවා.”
95. හිනා වෙලා වෙච්චදේ
පුංචි
රුවන් මහා හයියෙන් අඬාගෙන අම්මා ළඟට දිව ආවේය.
“මොකද
ළමයෝ බෙරිහන් දිදී අඬන්නේ... ඔය ඇඬිල්ල නවත්තලා කියනවකො.” අම්මා ඔහුට කීවාය.
“තා....ත්...තා
ලීයකට ඇණයක් ගගහ හිටියා.... ඉතිං... මිටිය ලිස්සල ගිහින් තාත්තගේ ඇඟිල්ලක වැදුණා.”
රුවන් කීවේය.
“ඉතිං
ළමයෝ... ඕකට අඬන්න ඕනෑය.. හිනා වෙන්නනේ තිබුණේ...”අම්මා සිනාසුණාය.
“ඒකම තමයි
අම්මේ මම කළෙත්... තාත්තා මට ගැහුවේ ඒකටනෙ!”
Machigatta ana!
ඇමෙරිකානු ව්‍යාපාරිකයෙක්
ජපානයට ගියේය.
පළමු රාත්‍රියේදීම ඔහු
ජපාන ජාතික රූමත් වෙසඟනක හෝටල් කාමරයට ගෙන්වා ගත්තේය. මුල් කොටස කිසිදු බාධාවක්
නැතිව ගෙවී ගියේය. එහෙත් ඔහු සංසර්ගය පටන් ගත්තා පමණි, වෙසඟන බෙරිහන් දෙන්නට පටන්
ගත්තාය.
“Machigatta ana! machigatta ana!!”
ව්‍යාපාරිකයා දැනගෙන
සිටි ජපන් බසක් නැත. ‘නියමයි කියනවා වෙන්නැති!’ ඔහු සිතා ගත්තේය.
තමුසේ කොහොමද කියන්නේ ඒක වැරදි හිල කියලා? |
අනෙක් මිතුරන් අත්පොලසන් දෙද්දී ඇමෙරිකානුවා ‘Machigatta ana! machigatta ana!!’ කියමින් ප්‍රහර්ෂය පළ කළේය.
ව්‍යාපාරිකයාගේ එක ජපාන
මිතුරෙක් වහාම එයට ප්‍රතිචාර දැක්වූයේ මෙසේ අසමිනි.
“තමුසේ කොහොමද කියන්නේ ඒක වැරදි හිල කියලා?”
පොතේ 96 වෙනි කතාවත්
ගොල්ෆ් ගහන්න ගිය නෝනලා තුන් දෙනෙකු ගැනයි.
96. ස්ත්‍රීන්ට විශේෂයි!
පොහොසත්
නෝනා මහත්තුරු තුන් දෙනෙක් ගොල්ෆ් ගහන්න ගියා.
ඔන්න එක නෝනා කෙනෙක් ගොල්ෆ් බෝලෙට ඇති වීරියෙන් පහර දුන්නා. ජංජාලයයි! බෝලේ වීසි
වෙලා ගියේ ළඟම තිබුණු පුංචි කැලෑව පැත්තට.
“ඩෝන්ට්
වොරි! ඩෝන්ට් වොරි!! මං බෝලේ හොයා ගෙනමයි ආපහු එන්නේ...” කියල කියපු නෝනා කැලේට
රිංගුවා.
නෝනට යන්න වුණේ පොඩ්ඩ දුරයි.
උගුලකට අහු වෙලා හිටිය පත ගෙම්බෙක් ‘බක-බක’ ගාලා නෝනට කතා කළා. නෝනත් කරන්න ආව
වැඩේ නවත්තලා ගෙම්බා දිහාව බැලුවා.
“අනේ
මැඩම්! මාව මේ උගුලෙන් බේරලා අරින්නකෝ... නිකම් නෙවෙයි, මැඩම් මාව මේකෙන් බේරලා
අරිනවා නං මම මැඩම්ට හිතන-පතන දෙයක් ඉෂ්ට කර ගන්න පුළුවන් වර තුනකුත් දෙනවා!”
ගෙම්බා කියපි.
“වර
තුනක්?” නෝනා පුදුමයෙන් ඇහුවා.
“ඩෙෆිනීට්ලි
මැඩම්!” ගෙම්බා සහතික වුණා.
මාව මේ ලෝකෙන් ලස්සනම ලස්සන ගැහැනිය කරවන්න! |
“මැඩම් මට
කළේ ලොකුම උදව්වක්. දැන් මැඩම්ට පුළුවන් ඕනිම වරයක් ඉල්ලන්න. හැබැයි..... තව
ඩිංගෙන් මට අමතක වෙනවා. මැඩම් ඉල්ලන ඕනිම වරයක් ඉෂ්ට වෙද්දී, ඉබේම ඒ වගේ දහ ගුණයක්
මැඩම්ගෙ මහත්තයට හම්බ වෙනවා.... තේරුණනෙ....”
“අයියෝ
සිම්පල්නේ....” නෝනා කිව්වා. කියලා හිතුවා.... හිතුවා.....
“හරි! මාව
මේ ලෝකෙන්ම ලස්සනම ලස්සන ගැහැනිය කරවන්න.” නෝනා ගෙම්බාට අණ කළා.
“මැඩම්
හොඳට හිතුවද? මැඩම් ලෝකෙන්ම ලස්සන ගැහැනිය වෙනකොට මැඩම්ගෙ මහත්තයා මැඩම්ට වැඩිය දහ
ගුණයක් ලස්සන වෙනවා. කමක් නැද්ද?” ගෙම්බා තේරුම් කළා.
“ඒකට කමක්
නෑ! එයා එහෙම වුණත් ලෝකෙන්ම ලස්සන ගෑනි මමනෙ.” නෝනා ආඩම්බරෙන් කිව්වා.
ඔන්න
පළමුවෙනි වරය ඉෂ්ට වුණා.
දැන්
දෙවෙනි වරය ලබා ගන්න අවස්ථාව.
“මට ලෝකෙන්ම පෝසත් ගැහැනිය වෙන්න ඕනි!”
“නෝනා,
එතකොට මහත්තය නෝනට වැඩියෙන් දහ ගුණයක් පෝසත් වෙයිනෙ...”
“අපි
දෙන්නා ළඟ පංගු බේරු නැහැනේ... අපේ දේවල් අපි දෙන්නම හවුලේ භුක්ති විඳිනවා... ඉතිං
හරිනේ....” නෝනා තේරුම් කළා. ඒ ඉල්ලීමත් ඉෂ්ට වුණා.
“හරිද?”
නෝනා ඇහුවා.
“ඔක්කොම
හරි!” ගෙම්බා ඔළුව හොලවලා කිව්වා.
“දැන්
එහෙනං මට යාන්තමට හැදෙන පපුවේ අමාරුවක් හදවන්න.” නෝනා කිව්වා.
“හරි
නෝනා. ඔන්න ඒ ඉල්ලීමත් ඉෂ්ට වෙනවා...” ගෙම්බා එහෙම කියලා කට ගන්නටත් කලින් නෝනට
දැනුණා පුංචිම පුංචි පපුවේ අමාරුවක්!
නෝනට හිනා
වෙන්න කට මදි.
“කොහොමද මගේ ටිකිරි මොළේ?” නෝනා එයාටම කියා ගත්තා.
ඔබ පිරිමියෙකු නම් ඉතිරි කොටස කියවා බැලිය යුතුය. |
මෙතෙක් මේ කතාව කියවූ ඔබ කාන්තාවක නම් මෙතැනදීම කියවීම නවත්වා, කාන්තාවන්ගේ බුද්ධි මහිමය පිළිබඳව සතුටු වීම මැනවි.
කතාවේ ඉතිරි කොටස නොකියවන්න.
පාඨක ඔබ පිරිමියෙකු නම් ඉතිරි කොටස කියවා බැලිය යුතුය.
නෝනා සිතුවේ ඒ වෙනකොටත් මහත්තයා තද පපුවේ අමාරුවක් සෑදී මියගොස් ඇති බවයි.
එය සාකල්‍යයෙන්ම වැරදිය; අතාර්කිකය!
ඇගේ තෙවෙනි පැතුම වූයේ ‘යාන්තමට හැදෙන පපුවේ අමාරුවක් තමාට ඇති කරවන්න’ යන්නයි. ඒ
පැතුමත් දහ ගුණයකින් ප්‍රබල වී; ගණන් නොගත යුතු තරමේ හෘදයාබාධයකි, ඔහුට වැලඳුණේ.
කාන්තාවන්ගේ ස්වභාවය එයයි.
තමන් අතිශය බුද්ධිමත් බව ඔවුහු සිතත්. එනිසාම අතිශය සුළු කරුණු පවා ඔවුන්ගේ
අවධානයෙන් ගිළිහී යයි.
*****ඉතා වැදගත්!!
ඔබ කාන්තාවක නම්, මුල් අවවාදය නොපිළිපැද මෙතෙක් දුර කියවීම නිසා ඔබගේ සතුට
අහිමි කර ගෙන; ඔබේ මෝඩකම අවබෝධ කර ගෙන ඇත. එපමණක් නොවේ!
කාන්තාවන් අවවාද නොපිළිපදින පිරිසක් බව නැවතත් වරක් සනාථ කර ඇත.
97. ගෙවන විදිය
“බලන්නකෝ
මුදලාලි මහත්තයෝ.... මං අද උදේ ඉඳලා එක විනාඩියක්වත් නිකං ඉන්නේ නැතිව දාඩිය
මුගුරු දාගෙන මුදලාලි මහත්තයාගේ වත්ත සුද්ද කළා, හරකෙක් වගේ! ඒත් මුදලාලි මට
දෙන්නෙ රුපියල් සීයයි.”
“හා! ඔය
සීයේ කොළේ මෙහාට දීපං... මං උඹට තණකොළ මිටියකුයි, පුන්නක්කු බාල්දියකුයි දෙන්නං!”
ෂුවර්ද... ෂුවර්ම ෂුවර්ද? |
නීතීඥවරයෙක්
පිටරටකට යන ගමන් මිනිහට වාඩි වෙන්න වුණේ ලස්සන තරුණ කෙල්ලක් ළඟ. කෙල්ල පාඩුවේ
යනවා.... මිනිහට කම්මැලියි...
“එක්ස්කියුස් මී. මිස් කැමතියිද පුංචි ගේම් එකක් කරන්න. කම්මැලිකමටත් එක්ක..”
“මට ටිකක්
නිඳා ගන්න ඕනේ!” කෙල්ල එහෙම කියලා ඇස් දෙක වහගත්තා.
දන්නවනෙ, නීතීඥයන්ගේ හැටි.
“එහෙම නෙවෙයි මිස්. අපි ඩොලර් පහ ගණනේ දාලා මේ ගේම් එක කරමු!”
මිනිහා
එහෙම කිව්වත් කෙල්ල නෙවෙයි ඇස් ඇරියේ. මිනිහත් අත අරින්න ලැහැස්ති නෑ.
“අපි
මෙහෙම කරමු.... මේක නිකම් කම්මැලිකමට කරන ගේම් එකක්නේ. මං මිස්ගෙන් ප්‍රශ්නයක්
අහනවා... මිස්ට උත්තර දෙන්න බැරි වුණොත් ඩොලර් පහක් මට ගෙවන්න ඕනේ.... නොදන්න
උත්තරේකට මිස් ගෙවන්න ඕනි ඩොලර් පහයි... පුංචි ගණනක්!
ඒත් මිස් අහන ප්‍රශ්නෙකට මට උත්තර දෙන්න බැරි වුණොත් මං මිස්ට ඩොලර් පන්සීයක්ම
ගෙවන්න ලෑස්තියි!”
ඒක ඇහුණු ගමන්ම කෙල්ල ඇස් ඇරියා.
“ෂුවර්ද...
ෂුවර්ම ෂුවර්ද?”
“මගේ වචන
දෙකක් නෑ!”
“එහෙනං
ඔයාම ඉස්සෙල්ලා අහන්න.” කෙල්ල කිව්වා.
“පෘථිවියේ
ඉඳලා හඳට ඇති දුර සැතපුම් කීයද?”
ලෝයර්
ඇහුවා.
කෙල්ල උත්තරේ ගැන හිතන්නවත් තත්ත්පරයක් නොගෙන පර්ස් එක ඇරියා. ඩොලර් පහක නෝට්ටුවක්
අරං නීතීඥයාට දුන්නා. ඒකත් සාක්කුවට දාගෙන ලෝයර් කෙල්ල දිහාට හැරුණා.
“දැන් ඔයාගේ ටර්න් එක...”
“ඉර
පායාගෙන එනකොට කකුල් තුනෙන් කන්දට නඟින සතෙක්, ඉර බහිනකොට කකුල් හතරෙන් කන්දෙන්
බහිනවා. ඒ සතා මොකාද?”
ප්‍රශ්නය
අහලා කෙල්ල ආසනේ ඇන්දට හේත්තු වෙලා ඇස් පියා ගත්තා.
දන්න ශිල්ප සේරම දාලා උත්තරේ හොයන්න ගත්තා. |
ම්හු! ඊළඟට මිනිහා දිගට හරහට ටෙලිෆෝන් කර-කර එයාගේ යාළුවන්ගෙන් උත්තරය හොයන්න පටන්
ගත්තා. ඒත් නෑ.....
ඊළඟට එක-එක රටවල ඉන්න තව යාළුවන්ට ඊමේල් කර-කර උත්තරේ හෙව්වා. ඒක හරි ගියෙත් නෑ!
ඔහොම කරලා බැරිම තැන මිනිහා සාක්කුවෙන් පර්ස් එක එළියට අරං ඩොලර් පන්සීයක් ගැන්නා.
එතකොටත් කෙල්ල හොඳටෝම නිඳි. ඇයි පැය ගණනාවක් ගිහිල්ලනේ... මිනිහා කෙල්ලව ඇහැරෙව්වා,
ඩොලර් පන්සීය කෙල්ලට දුන්නා.
“මං
උත්තරේ දන්නෙ නෑ!” ලෝයර් කිව්වා.
කෙල්ල
නිශ්ශබ්දවම පර්ස් එක ඇරලා ඩොලර් පන්සීය ඒකට දාන ගමන් ඩොලර් පහක් එළියට ගත්තා. ඒක
ලෝයර්ට දුන්නා.
“මමත්
උත්තරේ දන්නෙ නෑ!”
99. හොඳ පුරුදු
“උදේ
පාන්දරම බ්‍රහ්ම මුහුර්තයෙන් නැඟිටලා, වතුර දෝත් හතරක් බීලා, විනාඩි දහයක්-පහළොවක්
භාවනා කරල ඉවර වෙලා යෝග ව්‍යායාම කරනවා නේද... මාර ෆිට් මචං!”
“උඹ
යකෙක්නේ... උඹ ඔව්වා කරනවා කියල මම දන්නෙ නැහැනෙ මචං. කොච්චර කල් ඉඳලද උඹ ඔව්වා
කරන්නේ?”
“ලබන
සුමානේ ඉඳලම පටන් ගන්නයි හදන්නෙ මචං!”
මම කොල්ලා කාලෙ පාට-පාට ගිරවියෙකුට අහවල් වැඩේ.... |
වියපත් මහත්මයෙක් බස්
නැවතුමේ රැඳී සිටින අතරතුරේ තරුණයෙකුගේ විච්චූර්ණ විලාසිතා නිරීක්ෂණය කරමින්
සිටියේය.
තැන්-තැන්වල පච්ච
කොටාගෙන, කනක් විද කරාබුවක් පැලඳගෙන සිටි තරුණයාගේ විලාසිතා කෙස් වැටියේ තැනින්-තැන
කොළ, රෝස, කහ, නිල් පාටවලින් දිළිසෙමින් තිබිණි.
“මොකද මැන්ටලේ? තමුසෙට
වෙන වැඩක් නැද්ද, කන්න වගේ මගේ දිහා බලන්නේ?” වැඩිහිටියාගේ නිරීක්ෂණ බැලුම්වලින්
කේන්තියට පත් තරුණයා ඇසුවේය.
“අනේ නෑ දරුවෝ! මම
කොල්ලා කාලෙ පාට-පාට ගිරවියෙකුට අහවල් වැඩේ කළා.... ඔය දරුවා දැක ගමන් ඒක මතක් වෙලා මං කල්පනා කළේ, ඔය ළමයා මගේ
පුතාවත්ද කියලයි...”
100. රෑට ෆ්‍රීද?
මැටිල්ඩා සන්තෝසෙන්
උඩ පැනගෙන සුෂ්මිතා ළඟට ආවා!
“මොකද මේ.
සන්තෝසෙන් පිපිරි-පිපිරී?” සුෂ්මිතා ඇහුවා.
“එ...යා... එයා මේ දැන් ටෙලිෆෝන් කළා....” මැටිල්ඩා කෙඳිරුවා.
“කවුද
එයා?”
“වෙන කවුද
ඉතිං...” එහෙම කියලා මැටිල්ඩා ඇස්වලින් පෙන්නුවේ අලුතෙන් කන්තෝරුවට පත් වෙලා ආව
තරුණ බොස්ගෙ කාමරේ.
“ආව්
ආව්... එතැන ඉඳල මෙතැනට කෝල් කරලා මොනවද ඉතිං කිව්වේ?”
එයා ඇහුවා අද රෑට මං ෆ්‍රීද කියලා... |
“මාරයි!”
සුෂ්මිතා හීල්ලුවා. “... ඊට පස්සේ....”
“ඊට
පස්සේ.. ඊට පස්සේ... එයාට මං කිව්වා ‘ඔව්’ කියලා. එතකොට... එතකොට එයා කිව්වා
‘මාවලස්’ කියලා. එහෙම කියලා ඇහුවා විනාඩියකට ඇවිත් යනවද කියලත්.....”
“පලයං
පලයං... උඹ නං මාර ලකී මචං...” සුෂ්මිතා මැටිල්ඩාට සුබ පැතුවා.
බොස්ගෙ
කාමරේට ගිය මැටිල්ඩා විනාඩියෙන් ආපහු ආවේ මූණ එල්ලගෙන; තඩි ෆයිල්ස් ටිකකුත් උස්සගෙන....
එන ගමන්ම එයා සුෂ්මිතා ළඟ නැවතුණා.
“බලපං, අර
ඌරු තඩියා මේ හෙණ ගහන ෆයිල්ස් ටික දුන්නනේ, අද රෑටම ඉවර කරන්න කියලා.”
101. උඹ වාහනේ එළවපං
මිතුරෝ
සිව් දෙනෙක් විනෝද ගමනක් ගියහ. හොඳ පදමට කෑම-බීමෙන් සප්පායම් වූ ඔවුහු ගී ගයමින්
ආපසු එමින් සිටියහ. වාහනය පදවමින් සිටි මිතුරා හදිසියේම වාහනය නවත්වා, ගී ගයමින්
සිටි මිතුරෙකුට මෙසේ කීවේය.
“අනේ
මචං.... උඹ බීල වැඩියි! ඔහොම බීලා කොහොමද සිංදු කියන්නේ. උඹ වාහනේ එළවපං!”
102. ප්‍රොජෙක්ට් එක
අම්මා:
අදත් ඔක්කාරේ කළා නේද? පහුගිය ටිකෙත් මං හොඳට බලාගෙනයි හිටියේ... මෙහෙ බලපං, මට
ඔව්වා හංගන්න උඹට බෑ. මං උඹට ඉස්සෙල්ලයි උපන්නේ....
කියපං, උඹට බබෙක් නේද?
දුව:
(බයෙන් මෙන්) අනේ ඔව් අම්මේ!
මේක ගොඩක් කට්ටිය ඉන්න හවුල් ප්‍රොජෙක්ට් එකක්.... ගෘෘප් ප්‍රොජෙක්ට්! |
දුව:
ඔච්චර කෑ ගහන්න එපා අම්මේ. ඒක අපේ ඉස්කෝලේ
ප්‍රොජෙක්ට් එකක්....
අම්මා:
ඈෑෑෑෑෑෑ... මොකක්ද බං ඔය ප්‍රොජෙක්ට් එක?
දුව:
ජීවිතයේ ආශ්චර්යය!
අම්මා: ඒ
ආශ්චර්යයෙන් කමක් නෑ.... කියපං, කවුද ළමයගේ තාත්තා?
දුව: මං
කොහොමද අම්මේ දන්නෙ.... මේක ගොඩක් කට්ටිය ඉන්න හවුල් ප්‍රොජෙක්ට් එකක්නේ.... ගෘෘප්
ප්‍රොජෙක්ට්!
2012 අප්‍රේල් මාසයේ පළ
කෙරුණු ‘හිනා තවත් හිනා’ පොතේ අන්තිමටම තියෙන්නේ එහෙමය. පුදුමේ කියන්නේ, ඊට
අවුරුදු දහයකට පස්සේ දැන් රටේ තත්ත්වය ගැන කියන්නත් ඒ පොතේ අවසාන වදන් ටික
උපුටාගත්තම හරියන එකය.
‘මේක ගොඩක් කට්ටිය ඉන්න හවුල් ප්‍රොජෙක්ට් එකක්.... ගෘෘප් ප්‍රොජෙක්ට්!’
දැන් අපේ
රටේ ආණ්ඩුවත් අර ගෘෘප් ප්‍රොජෙක්ට් එකට සමානය. නමට විතරක් හවුල්කාරයන් සිටී. එකෙකු
කරන දේ අනෙකා දන්නෙ නැතිය. ඒ නිසා එයින් උපදින්නට යන ළමයාට හරිහමන් තාත්තෙක් නැත.
වගකීම ගන්නට; ‘අපි තමයි හරියටම කළේ’ කියන්නට කෙනෙකුත් නැත.
ඒ මදිවාට ‘ප්‍රොජෙක්ට්’ එකට සහභාගී වුණු හැම දෙනාමත් සුජාත පුත්‍රයන් නොවෙයි වගෙය;
මුක පූට්ටු වී ඉන්නවා වගෙය෴
ඔන්න මම අවා, විජේබාහු
ReplyDeleteකාලෙකින් විජේබාහු මහත්තයා!
Deleteආයුබොවන්, ආවා කල්ලියේ කෙනෙක් නොවෙන නිසා හොඳයි, නැතිනං බයයි!
ටික දවසක් මිස් උනා, ටිකක් කම්මැලි උනා
Deleteහිටි හිටි ගමන් අපි කාගෙත් මූඩ් බහින වෙලාවල් එනවනේ....
Deleteයකෝ නීතිඥ යොත් අඹරන කෙල්ලෝ ඉන්නව ඇහුවම ජොලි. අන්න කතාව. ගිරිවිට වැඩේ කරපු එක අහල තියෙන්නේ සෙබඩ කට කලා කියල.
ReplyDeleteඒකත් මරු එකට තියෙයි, නේද අජිත්?
Deleteඑකක් දෙකක් අහලා තිබ්බට, වැඩි හරියක් කතා අහල නෑ.
ReplyDeleteහපෝයි, මේක අන්තිම හිනා පෝස්ට් එකද?
හිනා තවත් හිනා පොතෙන් නම් අන්තිම කොටස තමයි බස්සා මහත්තයෝ.
DeletePrint කරන්නේ නැතිව ටයිප් සෙටින්ග් කරලා ප්රූෆ් ගත්තු එකක් තියෙනවා... ටික දවසකින් එකත් දෙන්නන්කෝ, හොඳයි නං.
ආයෙ අහලා! දෙන්න, දෙන්න තමයි ලැබෙන්නෙ පිංවත.
Deleteඑහෙමයි ස්වාමීන් වහන්ස!
Deleteදෙලක්ෂෙට කොඩි දැම්මට ඔන්න සුබ පැතුම් මගෙන්.
ReplyDeleteස්තුතියි ප්‍රසන්න සුබ පැතුම වෙනුවෙන්!
Deleteසුබ අලුත් අවුරුද්දක් වේවා!
ReplyDelete"හිනා තවත් හිනා" කතා මාලාව මෙයින් ඉවර කරන්නේ නැතුව දිගටම අරගෙන යමු.
මමත් තව විහිළුවකින් (මේක එතරම් politically correct නොවීම ගැන සමාවෙන්න) මේකට සම්මාදම් වෙන්නම්.
දොස්තර ලෙඩාගෙන් නම ඇහුවා.
"ම ම ම ම මහින්ද"
'තමුසෙට පුංචි ගොතයක් තියනවා වගේ.'
"අනේ නැහැ දොස්තර මහත්තයෝ, මට නම් ගොතයක් නැහැ. ඒත් අපේ තාත්තා නම් ගොතයි."
'ඉතින් තාත්තා ගොත උනාට තමුසේ ගොත නැත්නම් මොකටද ම ම ම ම කියලා ගොත ගහන්නේ??'
"අනේ ඒකනේ දොස්තර මහත්තයෝ, අපේ තාත්තා උප්පැන්නේ රෙජිස්ටර් කරන කොට කියාපු නම ඒ නර්ස් නෝනා ඒ විදියටම ලියා ගෙන නේ !"
සෑම්, ස්තුතියි!
Deleteබකුසුතුමාට දුන්නු උත්තරේ ඔයාටත් සෑහෙයි කියලා හිතනවා.
නර්ස් නෝනා දිවැසින් වගේ දකින්න ඇති ඒ පොඩි එකා හන්දා රටම හිඳෙන බව!
එක්තරා රටක තිබුනු සත්තුවත්තක් ආරම්භකරලා වසර සියයක් පිරුනු නිසා එය සමරන්නට දවස් පහක උත්සව මාලාවක් දියත් කෙරුනා. පළමු දිනය වෙන්වුනේ දේශපාලුවන්ටයි උන්ගේ අඹුදරුවන්ටයි විතරයි. දෙවන දවසේ ඉදන් තමයි මහජන දින ඇරඹෙන්නේ. නරඹන්නන් වැඩියෙන් ගෙන්වා ගන්නටත් එන නරඹන්නන්ට තැග්ගක් දෙන්නටත් පොඩි තරගයකුත් දැම්මා. ඒක තමයි කුඩුවක දමලා ඉන්න අප්‍රිකානු සිංහයාව කෙදිරි ගාවන එක. මේකා අහිංසක හීලෑ එකෙක් කුඩුවට උනත් යන්න පුලුවන්. තෑගි මුදල රුපියල් ලක්ෂ පහක්. හැබැයි රුපියල් විස්සක් දීලා ටිකට් එකක් ගන්න ඕනේ මේ තරගයට එකතුවෙන්න.
ReplyDeleteමිනිස්සු කුඩුවට ගිහිල්ලා කොච්චර උත්සාහ කළත් සිංහයා බකංනිලාගෙන උන්නා. කාටවත් බැරිවුනා සිංහයාව කෙදිරි ගස්සන්නට.බැරිසිලාට වඩා මොළ කිහිපයක් වැඩියෙන් තියෙන අපේ අන්දුබයියාත් ගියා පලමු දවසේම සත්තුවත්ත බලන්න. මිනිහාට පැයක් විතර බලං හිටියා සිංහ කුඩුව ලඟට වෙලා. මිනිස්සු උත්සාහ කරනවා බලන් උන්නු අන්දුබයියාත් ටිකට් එකක් අරගෙන කුඩුව ලඟට ගියා. කුඩුවට රිංගපු අන්දු බයියා සිංහයාගේ ගැජට් එකෙන් අල්ලලා සවයං වින්දනේ දුන්නා. සිංහයාට බඩු යනකොටම කෙදිරිගෑවුනා. තරගෙන් දිනපු පොරට ලක්ෂ පහක් ලැබුනා.
දෙවනි දවසේ තරගය වෙනස්කරලා තිබුනා. සිංහයාගේ ඔලුව ඉහළ පහළ කරවලා හිනස්සුවොත් එකට ලක්ෂ පහක් දෙනවා කිව්වා. දෙවන දවසේ කාටවත් බැරිවුනා සිංහයාව හිනස්සවන්න. මේ අතරේ කුඩුව ලඟට ගිය අන්දු බයියා සිංහයාට ලංවෙලා හිමිහිට කාටවත් නෑසෙන්න "මාව මතකද?" කියලා ඇහුවා. සිංහයා "ඔව්" කියන්න ඔලුව ඉහළට පහළට හෙලෙව්වා. "එහෙනම් ආයෙත් ඒකම කරනවාට කැමතිද?" කියලා අන්දුබයියා ඇහුවා විතරයි සිංහයාට මාරම හිනාවක් ගියා. පොර දෙවැනි සැරයටත් ලක්ෂ පහක් දින්නා.
ඔන්න තුන්වන දිනයේදි තරගයත් නීතිත් වෙනස් කළා කාටවත් කුඩුව ඇතුලට යන්න බෑ. මේ පාර කරන්න තියෙන්නේ සිංහයාව කෑ ගස්සන එක. පළමු දවසේමවාගේ මිනිහාට පැයක් විතර බලං හිටියා සිංහ කුඩුව ලඟට වෙලා. මිනිස්සු උත්සාහ කරනවා බලන් උන්නු සිංහයාටත් මේ විකාර බලන් ඉදලා එපාවෙලා පොඩි නින්දකුත් ගියා. කුඩුවට අතදාපු අන්දුබයියා සිංහයාගේ නැට්ට අල්ලගෙන එළියට ඇදලා වෙර දමලා හයියෙන් හපාගෙන හිටියා. මරහඬ දීලා සිංහයා කෑ ගැහුවා. අන්දු බයියා මේ පාරත් ලක්ෂ පහක තෑග්ග අරන් ගෙදර ගියා.
පාලකයින්ට තේරුනා වැඩේ වැරදුනා කියලා ඒ හින්දා හතරවන දවසේ තරගයේ කොන්දේසි වෙනස් කළා. සිංහයාට අත තියන්න කොහොමත්ම බෑ. සිංහයාගේ ඔලුව ඉහළ පහළ කරලා දෙපැත්තට වනන්න හෝ බය කරන්න තමයි මේ පාර කරන්න තිබුනේ. අන්දුබයියා මේ සැරයෙත් සිංහයා ලඟට ගිහින් හිමිහිට "මාව මතකද?" කියලා ඇහැව්වා. සිංහයා "ඔව්" කියන්න ඔලුව ඉහළට පහළට හෙලෙව්වා. "එහෙනම් ආයෙත් ඒකම කරනවාට කැමතිද?" කියලා අන්දුබයියා ඇහුවා විතරයි සිංහයා එපා කියන්න ඔලුව දෙපැත්තට වනලා නැට්ට දෙපරුන්ද අස්සේ ගහන් කෑ ගසාගෙන "බුදු අම්මෝ"ත් කියාගෙන කුඩුව මුල්ලකට දිව්වා. අන්දුබයියා මේ පාරත් ලක්ෂ පහක් දින්නා.
😄 😁
Deleteඅන්දු බයියාව අදහන්න වටින්නේ.
Deleteමොකද අසංග. තවම මොකුත් ලියන්න නැකත ආවේ නැද්ද? comments විතරද ලියන්නෙ....
මගේ බ්ලොග් එකට හෙනහුරා ලබලා. මම ලියන ඒවා ඔහේලාට සින්ඩිවලට පෙන්නන්නේ නෑ.පිං ඇති මහත්තයෙත් පුලුවන්න නම් දෝසේ ඇරවලා දෙන්න.
Deleteසෙනසුරාද දවස් හතක් කපුටන්ට එළඟිතෙල් දාපු පාන්තිරේ බැගින් දෙන්න. ඔය සෙනසුරු අපල දුරුවෙනවා සත්තයි. හැක්..
Delete(ප.ලි. ඔය වැඩේ කපුටන්ට මොන විදියට බලපායිද කියා නොදනිමි.)
හෙනහුරා කාකයන්ට බලපාලා කපුටන්ගේ ගූ ගල් වෙයිද?
Deleteඅසංග ලියන්නෙ නැත්තෙනම් අපරාදෙ තමයි. කොච්චර ලස්සණට, සිතට වදින විදිහට කතා ලියන්න පුලුවන් කෙනෙක්ද.
Deleteඒක නේන්නං.
Deleteඅසංග, පොඩි මෑන්ලා දෙන්නාත් ඔයාගේ කම්පියුටරෙන් වැඩ දානවා නේද? ටිකක් හොයලා බැලුවොත්....
ඔයවගේ නැවතීමකට පාන්තිර කවලා හරියන්නේ නෑ. හැබෑවටම වෙලා තියෙන දේ බලන්න වෙනවා.සමහර විටෙක සෙනසුරාදා දවල් කෑමවේල අතහැරලා ඒ මුදල කළු බල්ලෙකුට රතු පාට. කළ බත්වේලක් දීමෙන්ම ප්‍රතිඵල ගන්න පුළුවන්
Deleteකළු බල්ලෙකුට රතු පාට කළ බත් වේලක් දීලා.... ඇහුවමයි අනුර මහත්තයෝ!
Deleteජ්‍යෝතිශ උපදේශ වල තව හුඟක් දේවල් තියෙනවා ලේසියෙන් කරන්න පුළුවන් ලාබෙට කරන්න පුළුවන් ඒවා.වැඩේ ඒවා නොදැන ග්‍රාහක පිරිසට දරන්න බැරි තරම් වියදම් කරවන්නෙ.
Deleteඔයාගේ blog අඩවියෙන් ඉස්සරහට ඒවා ගැන ලියවෙයි නේද?
DeleteThe man with a stutter says “shh ssshhh sshh”. The other man says “what is it, did you catch a fish”? The stuttering man continues to make ssshhh noises, the other man says “spit it out”. The stuttering man says “ssshhh ship!!” Before the 2nd man can react a ship crashes into their boat.
ReplyDeleteMonths later they both have recovered and go on another fishing trip. The stuttering man again starts saying “ssshhh”. The 2nd man starts panicking thinking he’s going to get hurt again. The 2nd man jumps out of the boat as fast as he can, the stuttering man says “sshhh sshhh Shark!!”
Pra Jayත් දෙන ආතල්..
Deleteලෝයර් ජෝක්ස් නැත්ද?
DeleteA 50-year-old lawyer who had been practicing since he was 25 passed away and arrived at the Pearly Gates for judgment. The lawyer said to St. Peter, “There must be some mistake! I’m only 50 years old, that’s far too young to die.” St. Peter frowned and consulted his book. “That’s funny, when we add up your billing records, you should be at least 83 by now!”
DeleteAn attorney was working late one night in his office when, suddenly, Satan appeared before him. The Devil made him an offer. “I will make it so you win every case that you try for the rest of your life. Your clients will worship you, your colleagues will be in awe, and you will make enormous amounts of money. But, in return, you must give me your soul, your wife’s soul, the souls of your children, your parents, grandparents, and those of all the your friends.” The lawyer thought about it for a moment, then asked, “But what’s the catch?
DeleteHow many programmers does it take to change a light bulb? None, because it is a hardware problem.
Deleteඅජිත්ට හෙණ ජොලියක් හිතිලා වගෙයි!
Deleteහොඳා, හොඳා. ඔහොමම එමු!
https://kolambagamaya.blogspot.com/2022/01/blog-post_8.html
Deleteනියම කතා ටික නෙව.
ReplyDeleteමේ අවුරුද්ද හොඳයි කියල හිතෙන එකේ දිගට ලියමු හිනා කතා කොහින් හරි හොයන්.. ඒ නැතත් කියවං ආ ජීවිත කතාව ගෙන යමු ඉදිරියටම.
අසනීප වෙන්න කලින් plan කරගෙන හිටියේ හිනා පොත් කීපයක්ම අච්චු ගස්සන්න. තුන්වෙනි පොතත් ටයිප් සෙටින් කරවල සෝදුපත් බලලත් එක්ක තිබ්බේ. තව ලියාපු කතා ගොඩකුත් තියෙනවා. හොඳ වෙලාවට වීසි කළේ නැත්තේ.
Deleteබස්සා, සෑම්, නමී වගෙ තව අයත් කියනකොට හිතෙනවා තුන්වෙනි පොතත් ගන්න. ඒත් ටික දවසක් ගියාවේ නේද?
ජීවිත කතාවෙත් තියෙනවනේ තව ලියන්න...
හ්ම්...
DeleteQ: How does a computer get drunk?
ReplyDeleteA: It takes screenshots.
අජිත් මහත්තයෝ, කොහොමට ඇද්ද ගූගල් එකෙන් ඔය කතාව පරිවර්තනේ කළෝතින්?
Deleteපරිගණකයක් බීමත් වන්නේ කෙසේද?
Deleteඑය තිරපිටපත් ගනී.
වරේවා!
Delete'හිනා තවත් හිනා' හැම කොටසක්ම සහ හැම කමෙන්ට් එකම රස වින්දා. මම නම් හිතන්නෙ හිනා කතා දැන් ඇති කියලා. ඕනෙමෙ 'ජනප්‍රිය' දෙයක් එක දිගටම කරගෙන යනකොට ඒකාකාරී වෙනවා. කොහොමත් ලංකාවෙ බහුතරයක් තමන්ම අගය කරලා, තමන්ම ඉහලමට ඔසවලා තිබ්බ දේවල් වලට තමන්ම හෙන ඉල්ලන තත්වෙට ඇවිල්ල තමයි නවතින්නෙ. (මම කියන්නෙ අර නිමල් අන්තිමට කියලා තියෙන ප්‍රොජෙක්ට් එක ගැන). ඒ නිසා නිමල් කියලා තියෙනවා වගේ ටිකක් පහුකරලා ආයිත් එන එක තමයි වඩා හොඳ. අනිත් එක නිමල් අති විශාල පරාසයක ලියන කෙනෙක්නෙ.
ReplyDeleteස්තුතියි Lotus ඍජුවම අදහස කිව්ව එක ගැන.
Deleteමැන්චෝසන් චාරිකා ලියන බවටත් මං පොරොන්දුවක් දීලා තියෙනවනේ. ඒ වේම හිතේ තිබුණු දෙයක් කියන්නන්.
ජපුරේ ජන සන්නිවෙදන ඩිප්ලෝමාව කරලා තීසීස් එකට ලිව්ව පොතකුත් තියෙනවා. 'ඉඳ ඉඳ එක ගෙදර' කියලා. ඒ ගැනත් හිතමින් ඉන්නේ... ආයෙම කියවලා බලන්න ඕනි ඉස්සෙල්ලාම, 1996 ලිව්ව එකක්නේ....
'ජපුරේ ජන සන්නිවෙදන ඩිප්ලෝමාව කරලා තීසීස් එකට ලිව්ව පොතකුත් තියෙනවා. 'ඉඳ ඉඳ එක ගෙදර' කියලා'. ඔය තියෙන්නෙ ලියන්න දේවල්.
Deleteඒක නේන්නං!
Deleteඅද උදේ හිතවතෙක් මරු යාන් එකක් එවලා තිබුණා. වෙනස්ම එකක් හින්දා අදම comment එකක් විදිහට දාන්න හිතුණා.
ReplyDeleteමහත්තයෙක් එළදෙනෙක් එක්ක හික්කඩුවෙ වෙරල දිගේ ඇවිත් තරු පහේ බාර් එකකට ගොඩ උනා.
"මට දෙන්න එක්ස්පෙන්සිව්ම විස්කි එකෙන් ෂොට් එකක්.. බයිට් එකට BBQ පෝක් රිබ්ස් ඩ්ෂ් එකක් දාන්න...ඔයාට මොනවද ඩාලිං...?"
"මටත් ඒ විදියටම දෙන්න...." වැස්සි කිව්ව.... තව වට කීපයක් ඒ මෙනූ එකේම ගිය මහත්තය.
"කීයද ගාන?"
"රු.62,800/=යි"සාක්කුවට අත දාපු මහත්තය හරියටම 63,800ක් මේසේ උඩ තිබ්බ
"බැලන්ස් එක ඔයා තියගන්න"
පහුවදා නැවතත් ඒ ජෝඩූව ආවා.
"මට දෙන්න වර්ල්ඩ් බෙස්ට් රම් එකෙන් ෂොට් එකයි,බයිට් එකට රොස්ටඩ් ලැම්බ් රිබ්ස් ප්ලේට් එකකුයි.ඔයාට මොනවද ඩාලිං.?""මටත් එකෙන්ම දෙන්න මෙයා...."
බාර්මන් බැලුවා නියම බර කාරයෙක් වගේ.. පොර ඇහුව මහත්තයගෙන්....
"සර් ..... සර්ගේ ගානේ මාත් ෂොට් එකක් ගන්නද...?"
"ඔයාට ප්‍රශ්නයක් නෙමෙයිනම් මට ප්‍රශ්නයක් නෑ.. අයියෝ ගන්න..."
වට කීපයක් ඔය විදියට ගිහිල්ල. මහත්තය ඇහුව ගාන කීයද කියල.... "රු. 123,650/=..." සාක්කුවට අත දාපු මහත්තය රු. 124,650/= අරගෙන මේසේ උඩින් තියල බැලන්ස් එක බාර්මන්ට තියගන්න කිව්වා...."
අපේ බාර්මන් අඤ්ඤකොරොස්....!
"සර් කොහොමද ටිප් එකත් එක්ක ගාන හරියටම සාක්කුවට අත දාපූ ගමන් ගන්නේ...?"
"ඒක ටිකක් ළොකු කතාවක් ළං වෙනව කියන්න..""මට රස්සාවකුත් නැතුව.. කෙල්ලෙකුත් නැතුව... සල්ලිත් නැතුව ඒව ලබාදෙන්න කියල සීනිගම දේවාලෙ පොල් ගැහුවා... මිරිස් ඇඹරුවා.... කෝ හරිගියෙ නෑ...
පස්සෙ මම ජීවීතේ එපාවෙලා පැරෑලියෙදි කෝච්චියට බෙල්ල තියන්න ගියා... කෝච්චිය ළං වෙන කොටම එක පාරටම කවුදෝ මාව ඇදල ගත්ත."
"නෑ? කවුද? පොලිසීයෙන්ද...?""නෑ අයිසෙ..පොලීසියෙන් නම් මාව මූදට දාලා පොල්ලකින් ගහල මරයි. මේ ආවේ..සීනිගම දෙයියො.."
"උන්නාන්සෙ කිව්ව වරම් තුනක් දෙන්නම් කියල.මම පළවෙනියට ඉල්ලුවේ ලොකු ගෙයක්,මාතර බීච් එකෙන් ලොකුම ගෙයක් ඔයාට ලැබෙයි කිව්ව.දැන් දෙවනි වරම. මම මෙතනදි ටිකක් කට්ට උනා"
"ඉතින්.ඉතින් සර් මොනවද ඉල්ලුවේ...""මං කිව්ව මට කැමති ඕනම දෙයක් ගන්න. හරියටම මුදල මගේ සාක්කුවට එන්න ඕන කියල.. ඒකෙන් මට අවශ්‍ය සියළුම දේ... කෑම බීම, යාන වාහන ඉඳුම් හිටුම්, රට සවාරි ඕන දෙයක් අදටත් මට ලැබෙනවා...""ෂා.... මාරයිනේ... එත් සර් ඔච්චර දේවල් ලැබිලත් මේ එළදෙනක් එක්ක එන්නෙ....?
"ඊලඟ වරමට මම දෙයියංගෙං ඉල්ලුවේ.. ජීවිතේ පුරා ආදරෙන් මගේ ළග ඉන්න එළ කෑල්ලක්.....
#අවවාදය :-
දෙවියන්ගෙන් පරිස්සම්වෙන්න....
(අන්තර්ජාලයෙන්) උ.ගැ
ඒකනම් ශෝක්. ඔය සිදුවීමම කාන්තාවකට උනානම් බූරුවෙක් එක්කනෙ එන්නවෙන්නෙ.
DeleteLotus, එහෙම වුණා නම්?
Delete