li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, March 16, 2022

හෙනහුරු ගුණ්ඩු- බත්තලං...- සිව්වෙනි කොටස

තමුන්නාන්සේ වේලාසනින්ම නිඳාගෙන නේද හිටියේ? මඟුලකටද යක්ෂයො.... (foto- සඳසරා පීරිස්)

චඃ! ටෝච් එකේ එළිය එහා-මෙහා වැනෙනවා, අර කට්ටිය දැකලා වගෙය. එයාලා සද්ද වැසුවෝය; කොඳුරන සද්ද විතරය දැන් ඇහෙන්නේ!

සීරුවෙන් පා ඔසවමින් කූඩාරමෙන් එළියට ආවත් ටෝච් එක නොදල්වා tent එකෙන් ඈතට යන්නේ කොහොමද? එහෙම ගිහින් සුළු දිය බාලා, ආපහු කූඩාරමට එද්දී හක්ස්ලිත් ඇහැරිලාය. “වෙලාව කීයද නිමල් අය්යේ?”

අපේ කතා සද්දය නිසා අර ‘පරිසර ලෝලීන්ගේ සංවාද මණ්ඩපය’ විසුරුවා හැරියා වගෙය.
“ප්‍රියංකර, අද පාන්දර මෙහෙම කතාවක් මගේ කනට වැටුණනෙ....” කියන තැනින් පටන් ගෙන- පාන්දර storyය  කියලා, එයාගෙනුත් ඒ විස්තර ඇසුවෙමි.
මොන? ප්‍රියංකර ගල් ආඳෙකි! යන්තමින් තොරතුරු කිව්වා මිස කාටවත් දැඩි විවේචනයක් එල්ල නොකරන්නට පරෙස්සම් වුණා වගෙය, මට පෙනුණේ. ඔහු කියන විදිහට සමහර කණ්ඩායම් විනෝදයට නොව, පරිසර අධ්‍යයනයන් සඳහාය බත්තලංගුණ්ඩුවට එන්නේ. “එහෙම සර්ලා ටිකක් වෙන්ඩ ඇති!”

“හැබැයි සර්! තව ටික කාලයක් යනකොට මේ හරියත් මූදටම ගිහින් තියේවි කියල නං අපිත් බයෙන් ඉන්නේ!”

ඒසා උඩ දමන ‘සංවර්ධන සැලසුම්’ රට පුරා ක්‍රියාත්මක කෙරෙන්නේ ඇත්තටම පරිසර හානි ගැනත් කෙරෙන නිසි අධ්‍යයනවලින් පසුවද?

“ඊයේ රෑ නිමල් අයියට ඇහැරවන්නත් හිතිලා ආයේම නිකං හිටියා.” හර්ෂ තේ කේතලය අරගෙන එන අතරේ අයස්මන්ත කිව්වේය.
“තමුන්නාන්සේ වේලාසනින්ම නිඳාගෙන නේද හිටියේ? මඟුලකටද යක්ෂයො මගේ නින්ද කඩන්න හැදුවේ... මං නිඳා ගන්න ගියේ එකොළහට විතරනේ.” මම සිරිත් ලෙසම කඩා පැන්නෙමි.

අර පේනව නේද? මිල්කි වේ නොබලා නෙවිලාවතී නිඳාගෙන තියෙන්නේ බෝට්ටුවක් ඇතුළේ, සීට් එකක් උඩ! (foto- සඳසරා පීරිස්)  

“සොරි වෙන්ඩ ඕනි!
රෑ ඇහැරිලා උඩ බැලුවම නිමල් අයියේ, Milky Way එක නියමෙට දැක්කා. මතකයිනෙ, පාද යාත්‍රාවේ ගිහින් ඉද්දි.... ඊටත් වැඩිය ක්ලියර්.

-ඒකයි යුෂ්මතාටත් කූද්දන්න හිතුණේ. හරිශයා වැල්ලෙ රෙද්දක් එළාගෙන නිඳාගෙන හිටිය. මමත් එතැනම ඇල වෙලා සෑහෙන වෙලාවක් අහස දිහා බලන් හිටිය. දන්නෙම නැතිව මටත් නින්ද ගිහින්...”

එදා අපේ gentsලා  වැඩි දෙනෙකුට නිඳා ගත්තේ කොහේදැයි නිනව් නැත. “අර පේනව නේද? මිල්කි වේ නොබලා නෙවිලාවතී නිඳාගෙන තියෙන්නේ බෝට්ටුවක් ඇතුළේ, සීට් එකක් උඩ! ඒයි....  තේ බොන්න එනවා...”
නිදි ගැට කඩමින් ඒ හාදයා උජාරු කතා කියයි. “Bed tea එක ළඟට ගේන්න ඕනිනේ මචං...”
“බෙඩ් ටී එක ගේන්න තමුසේ ඉන්නෙ ඇඳකද? කුණු වෙන්න බීල බෝට්ටු සීට් එක උඩ නිඳා ගන්නකොට පෙනුණේ ඇඳක් වගේද? අර තව එකෙක්. බලනවකො බෝට්ටුව පතුළේ ගුළි වෙලා නිඳාගෙන ඉන්න ලස්සන....”

“කවුද හලෝ කුණු වෙන්න බිව්වේ. අපි මඳ පමණට... මඳ පමණට... බුදුහාමුරුවොත් දේසනා කළේ- මොකක්ද? දන්නවද... මජ්ජපමා...”
මෙහෙව් එකෙකු එක්කලා කොහේ කතා කරන්නද?

අපේ ගෝරිය නිවෙනකල්ය, සාන්ත බලා ඉඳලා තියෙන්නේ.

“මොකක්ද පීරා මිල්කි වේ කිව්වේ?”
“කියනව වගේ නෙවෙයි සාන්ත, ඒක බලන්නම ඕනි දෙයක්!”
අයස්මන්ත ‘අහස් ගඟ’ ගැන විස්තරය කියයි. හැම දෙයකදීම පාහේ සිංදුවක්- පොතක්- film එකක්- නාට්‍යයක් සිහියට එන මට කල්පනා වුණේ ‘අහස් ගඟ’ ගැන ලියවී තියෙන්නේ එකම-එක ගීතයක බවයි.
‘යොවුන් වසන්තයේ දුහුල් වලාකුළේ’.... තව සිංදු තියෙනවද?

ඒ වැල්ල පිවිතුරුය; නොකිළිටිය....

“සර්ලට ටොයිලට් එකක් camping site එක ළඟම තියෙනවා!” බත්තලංගුණ්ඩුවේ තිබෙන පහසුකම් ගැන කියද්දී ප්‍රියංකර අපට කී බව ඇත්තය. ඒ වැසිකිළිය අසල හැම තිස්සෙම වගේ ‘ජන ගඟක්’ ඒකරාශී වෙමින් තිබුණා වගෙය. දේශපාලන රැස්වීම්වලට සෙනඟ ගෙනෙන හැකියාව නිසාම ගරු මන්ත්‍රී පට්ටමක් ලැබුණු කෙනෙකුත් මෙහාට ඇවිල්ලාවත්ද?

“අපි නං ඔතෙන්ට රිංගන්න බලා හිටියේ නෑ. ඉන්දියාවටම ගියා. කිසි කරදරයක් නැතිව චූන් එකේ වැඩේ කරගෙන ආවා!” ඒ ඔජ වැඩිල්ල මගේ හිතටත් වැදුණේය. “කොහොමද.... එහෙ අවුලක් නැද්ද?”
“නියමයි... මුහුදු හුළං වැදි-වැදී....”

ඒ විස්තරයෙන් පස්සේ, සාන්තත් මාත් දෙන්නාම වෙරළ දිගේ අනන්තයට ඇවිදගෙන ගියෙමු.
ඒ වැල්ල පිවිතුරුය; නොකිළිටිය; එහෙත් බෑවුම වැඩිය.

පිවිතුරුය- නොකිළිටිය!
ඒ කීම බොරු කරන සාක්කි තිබ්බේ ගොඩකරයට වෙන්නටය. ‘ඔක්කොම කුණු බේරුවල් බොක්කට’ නෙවෙයි වගෙය... සාගරයට වෙන්නට ඇතිය.
‘උඹලගෙ කුණු මට මොකටද?’ සයුර සිතනවා වෙන්නැති. හෝමෝසේපියන් සතා ඉවක්- බවක්, ලවක්- දෙවක්, අනුකම්පාවක් නැතිව මුහුදට දාන කුණු සේරම ‘සිඳු ළඳ’ ආපසු ගෙනෙන්නේ බත්තලංගුණ්ඩුවටද?

වැල්ලෙන් ගොඩට වෙන්නට එකම ප්ලාස්ටික් කසළ අංගණයකි!

බිම් තඹුරු වැල්, පුංචි පුංචි පඳුරු, ප්ලාස්ටික් ගොඩවල් විතරක් නොවේ වීදුරු බෝතලත් මඟ හරිමින්ය  අපි ‘සුදුසු ඉසව්ව’ක් කරා ගියේ. ගොහින් ‘ලොකු වැඩේ’ කර ගත්තේ.

“උදේ අර පැත්තට ගියාම මං දැක්කා ප්‍රියංකර, එක ළඟ තියලා තියෙනව ලොකු ප්ලාස්ටික් බූලි ගොඩ-ගොඩ. තැනින් තැන. ඒ හරියේ ලොකු වළවලුත් තිබ්බා... මොනවද මහත්තයො, ඒ?”
“ඒ නිමල් අයියේ, වතුර බූලි.
දූපතේ අයට බොන්න වතුර ගෙන්න ගන්නෙත් කල්පිටියෙන්. ගෙදර වැඩවලට- හෝදන්න කරන්න දූපතේ අය මිරිජ්ජ වතුර ගන්නෙ වැල්ලෙ වළවල් හාරලා.... එක වළක් හාර ගත්තම ඒකෙන් වතුර ලීටර් 20-30ක් ගත්තැකි. ඊට පස්සේ කරිජ්ජ උනන්න ගන්නවා. එතකොට තව වළක් හාරා ගන්නව.”
ඒ විදිහට බලද්දී දූපත්වාසීන් විඳිනවා ඇත්තේ සුළු-පටු කරදරයක් නොවේ.

ඔයා තමයි මෙයාට කියන්න ඇත්තේ ගිහින් tent එකෙන් නිඳා ගනිං කියලා.... (foto- වෙනුජ තේජාන්)

“කරදරයක්? ඒවද කරදර. මෙන්න ඊයේ රෑ බබීතටත් කරදරයක් වෙලාලු!” අතුල හිනා වෙවී ඔත්තුවක් කියයි. “මොකද මචං ඇත්තටම වුණේ?”

අතුලම ඇහුවේ සාන්තගෙනි. මං කළේ අහගෙන ඉඳිල්ලය. උත්තර දෙන්නේ සාන්තගේ ඇඹණියයි.
“තව මොකද වුණේ කියලත් අහන ලස්සන.
මේ අතුල... කට වහගෙන නොහිටියොත් ඔයාව උස්සගෙන ගිහින් මුහුද මැදට දානවා. ඔයා තමයි මෙයාට කියන්න ඇත්තේ ගිහින් tent එකෙන් නිඳා ගනිං කියලා.... ඔව් නිමල් අය්යේ, කවදාවත් නැතිව සාන්ත ඊයේ රෑ කූඩාරම ඇතුළට ඇවිත් මැද්දෙම පෙරළුණා. අපිට ඉඩක් නෑ... ඉතිං අපි නිඳා ගත්තේ එළියේ...”

“වැරදි වැඩේ මචං, උඹ පවුලව එළියට දැම්මේ! චුට්ටක් හිතන්න එපැයි බං. ඒ මදිවට උඹ පුතාගේ කලිසමලු ඇඳගත්තෙත්....” අතුල බබීතාව තවත් අවුස්සන්නට බලයි.
“වෙනදට මම එහෙම වැඩි වෙන්න ගන්නෙ නෑනෙ මචං... ඊයේ කවලම් වුණු නිසා වෙන්නැති... වැදුණා! ඒක තේරිච්ච ගමන් තමයි මං ගිහින් ඇල වුණේ...
දැන් නං බඩගිනියි.... කන්න මොකුත් නැද්ද බබිතා?” සාන්ත අසයි,

එතකොටත් මේසය උඩට පෙති පාන් ගෙඩි ගොඩක් ready පිටය. “ප්‍රියංකරලා මාළු කරියකුයි, පොල් සම්බෝලයි ගේනව කිව්වා. එතකල් ඉන්න ඔයාට බැරි නං, අපි ගෙනාව ජෑම්- බටර් එහෙමත් තියෙනවා...”

“එහෙනං ටිකක් වෙලා බලං ඉන්න වටිනවනේ!” සාන්ත විතරක් නොවේ, අපිත් බලා සිටියෙමු.

“ඒ මාළු හොද්දත් මරු- පොල් සම්බෝලෙත් මරු!” මං කිව්වේ පාතරාසය රස විඳින අතරේය.
“මං ඔය ඇහුවමයි නිමල් අයියා වෙන කෙනෙක් උයපු දේකට හොඳයි කිව්වා...” නන්ද කුමාර මාවත් අවුස්සන්නට හදයි.
අපේ ගමන්වලදී වෙලාව යනවා දැනෙන්නේ නැත්තේ මෙහෙම රණ්ඩු හින්දාය; කොහොමෙන් හරි එකිනෙකාව පටලවා ගන්නා හින්දාය. හැම මොහොතක්ම ‘සුහද වලි’වලින් පිරී’තිරෙන හින්දාය!

දත් වහල්ල හොඳටෝම දිරා ගිහින් තියෙන නිමල් දිසානායකයා මුලින්ම කන්නට පටන් ගත්තත්, කෑම ඉවර කරන්නේ අන්තිමයාටය. එවේලේත් එහෙමය. ඒකා කාලා ඉවර වෙනකොට කූඩාරම් හකුළලා; bags අසුරලා බෝට්ටුවලට බඩු පටවලාත් අහවරය.

පව්නේ සර්! ඉන්ඩ දෙමු!! අපිට මේ  බෝට්ටුව තල්ලු කරගන්න පුළුවන්නෙ. (foto-සෙරාන් එච්. ගමගේ)  

ආයෙමත් බෝට්ටුවලට....
රෑ වැටුණු වළට දවලුත් වැටෙනවා නම් ඒ ඇට මෝඩයෙකි. මෙදා සැරේ බෝට්ටුවට නැංගාම, මං වාඩි වුණේ සීට් එකක නොවේ. බෝට්ටුව පතුළේය. එහෙම කළේ එතකොට කකුල් දිග හරින්නට; ඉරියව් මාරු කරන්නට පහසු නිසාවෙනි. ගොඩටම ඇදලා තිබුණු බෝට්ටුවකට නැඟගන්නට ඉඩ ලැබීම මට වැඩියත් ලේසියක් වුණේය.

“සර්! මේක දාලා වාඩි වෙන්න.” මගේ හෙයියම්මාරුව දුටු ‘මාමා’ බෝට්ටුවේ තිබණු මොකක්දෝ පොදියක් මට දුන්නේය. පුංචි බත්තලංගුණ්ඩුවේ සිට එන ගමනේදී අපේ බෝට්ටුව පැදෙව්වේ ප්‍රියංකරගේ තාත්තා; ‘මාමා’ය.

“මේ මොකද මේ? බෝට්ටුව මුහුදට තල්ලු කරන්නත් කලින් මේගොල්ලෝ නැඟලා.... බහිනවා, බහිනවා...” අපේ කල්ලියේ එකෙකුගෙන් ගෝරනාඩුවකි. ඒ, ladiesලා දෙන්නෙකුත් මං එක්කම බෝට්ටුවට නැඟගෙන හිටි නිසාය.
“පව්නේ සර්! ඉන්ඩ දෙමු!! අපිට මේ  බෝට්ටුව තල්ලු කරගන්න පුළුවන්නෙ.”
“පුළුවන් වුණාට, බෝට්ටුව කරකවන්නත් වෙනවනේ....”
ඒ කතාවට හිනාවෙන් උත්තර දීලා ... බෝට්ටුව මුහුදට තල්ල කරන්නට පිරිස මෙහෙයවූයේ ප්‍රියංකරයි. “කතා කරලා අල්ලමු. ඔන්න... ඕඩි හෙළෙයි!”

‘හෙළෙයි හෙළෙයි/ ඕඩි හෙළෙයි/ හෙළෙයි...’ තත්ත්පර ගණනකින් බෝට්ටුව වතුරේය. සිරිත් පරිදිම බෝට්ටු හතර පිටත් වෙන්නේ එකටමය!

“අපි දැන් යන්නෙ ගඟේ වාඩියටලු!” හරිශ්චන්ද්‍ර වාර්තා කරයි. “නිමල්ට ඔහොම යනකොට අමාරු නැද්ද?”
“මෙහෙම ලේසියි.”

වැඩි වෙලාවක් යන්නට කලින් බෝට්ටු හතරම වම් පැත්තට හැරිණි. අප පිවිසුණේ ගංගාවකටයි. ඉවුරුවලින් එපිට පෙනෙන්නේ කොළ පාටින් බැබළෙන කැලෑ මණ්ඩිය. නාවික හමුදාවේ මුර පොළින් අපේ බෝට්ටු ලියාපදිංචි කරගත්තාට පස්සේ.... අප පිවිසුණේ එළුවන්කුලම ඉසව්වේ ‘ගඟේ වාඩිය’ හරියටය.
ගඟේ අතු-ඉති දිගේ ඉහළට අපේ බෝට්ටු මන්දගාමීව ඇදෙයි. ප්‍රියංකරලා මේ සොයන්නේ හොඳ හෙවණකි; අපේ ලොකු නඩයට පැය කීපයක් තැග්‍ ගැහෙන්නට තරම් ඉඩ තියෙන වැලි තලාවකි.

දවස් දෙක තුනක් නැවතිලා, අපිට මෙහේ camping කරන්නත් අවසර දෙනවද? (foto- වෙනුජ තේජාන්)

“අපිට ගඟේ නාන්නත් පුළුවන් නේද?”

“මොකක්ද මේ ගඟ?”
“දවස් දෙක තුනක් නැවතිලා මෙහේ camping කරන්නත් අවසර දෙනවද?” එක-එක්කෙනාට එක-එක ප්‍රශ්නය. ප්‍රශ්න ඕනෑවට වඩා වැඩි වුණාම කෙරෙන්නේ එකකටවත් උත්තර නොලැබී යාමයි. මේ දවස්වල අපේ රට පුරාම වෙන්නෙත් ඒකය!
පුරස්න විතරය; උත්තර නැත!!

බැලූ බැලූ පැත්තේ රුක් ගොමුය; ලතා මඬුලුය; පුලින තලාවන්ටත් ඉඩ දෙමින් නිසංසලේ පහළට ඇදෙන කලා ඔයේ අතු-ඉතිය. රාජාංගණය හෙමත් පහු කර ගෙන ආව නිසාදෝ, දැන් කලා ඔයට කිසිම හදිස්සියක් නැත.

“සර්ලා මැඩම්ලා පරෙස්සමින් බැහැගන්න. මෙතැන හොඳයි නේද? නාලා, දවල්ට කෑවට පස්සේ අපි අටාරා ලැගූන් එකට යං... එතකං අපේ තාත්තයි, බියුටසුයි සර්ල එක්ක මෙතන ඉඳියි.
මචං හර්ෂ... lunch පාර්සල්ස් තියෙන පෙට්ටියත් මේ නවතින බෝට්ටුවක නේද කියල බලපං....” ප්‍රියංකර ඉක්-ඉක්මනින් විමසයි- හොයයි- බලයි!

එයාලා තවත් කට්ටියක් ප්‍රවාහනය කරන්නට සැරසෙන පාටය.
“මචං නෙවිල්... බඩු කොයි බෝට්ටුවේද?” අපේ උනන්දුවෙක් ඒ අස්සේ විමසයි.

“හඃ හඃ, එව්වා රෙඩි. මේ නෙවිල්ට එව්වා මිස් වෙන්නෙ නෑ. බොරුද කියලා මේ මිස්ටර් දිසානායකගෙන් අහල බලපං විශ්වාස නැත්තං!”
“මේ! මගේ කට අවුස්සා ගන්නෙ නැතිව, තමුසෙලා කරන මඟුලක් පාඩුවේ කර ගන්නවා....” මගේ බොරු තරහව හර්ෂලටත් සිනහ ගෙනෙයි. “විශ්වාස නැත්තං...”

“පව්නේ නිමල් සර්! අපි ඒ මහත්තුරුන්ට මේසෙකුයි පුටු ටිකකුයි දීලම යන්නං!”
“ආන්න නියම අයිඩියා එකක්... You see...එහෙමනේ ඉන්න ඕනි! දෙන්න මල්ලී.”
පුටු අර ගන්නට අපේ නඩේ ‘බාලයා’ හක්ස්ලිත් ඉදිරියටම ඇවිත්ය. “මට නෙවෙයි... මේ තරුණ කොල්ලන්ට වැඩි වෙලාවක් හිටගෙන ඉන්න පණ නැහැලු!”

බයිට්ස්වල මදි පාඩුවට, විටින්-විට අපේම සගයෙක් bite වෙයි! (foto-සෙරාන් එච්. ගමගේ)

අපේ trip ඉතිහාසයටම නොලැබුණු අවස්ථාවක් අපට ලැබුණේ එදාය!

ඒ පුටු තියලා තිබුණේ අඩියක් විතර වතුරේය.
පුටුවල වාඩි වුණාම කලා ඔයේ සිහිල් දිය දහරා අපේ දෙපා දෝවනය කරමින් නිසංසලේ ඇදී යයි. වරින්-වර ළඟට එමින්; ඈතට දුවමින් මාළු රෑන් (පඩි නැතිවම) අපේ දෙපා කිති කවති.
‘සිටින්න, ඇයට පමණද සිසිල දිය හැක්කේ, ඇයි මට?’ හමා එන මඳ නල රැල් කොඳුරා අසමින් නදිය හා තරගයකට අවතීර්ණ වෙලාය.

‘ඔය කවුරුත් කරයි මං නැත්තං!’ විසල් කුඹුක් තුරුත් දොඩමළුව සිටිති!

ඒ අතරේ අපේ කොල්ලො-කෙල්ලෝ එතැනම දියට පනිති.
“ඒයි, අතන ගැඹුරුයි.” වතුරේ පිහිනා ගිය එක්කෙනෙක් අනෙක් අයට අනතුරු අඟවයි.

බෝතලවලටත්, කඩල- මුරුක්කුවලටත් කාඩ්බෝඩ් පෙට්ටියෙන් එළියට එන්නට හදිසි වෙලාය. වීදුරුවලටත් ඒ කඩිනම බෝ වුණා වගෙය.
බයිට්ස්වල මදි පාඩුවට, විටින්-විට අපේම සගයෙක් bite වෙයි!

“යුද්දේ දවස්වල උඹ මොකද්ද මචං පාවිච්චි කළේ? බැටන් පොල්ලද?”
“එහෙමද හිතන්නේ? මම ඔය හැම වෙපන් එකක්ම පාවිච්චි කරලා තියෙනවා.... හඃ!”
සෙරාන් එතැන සිදු වුණු දේවලුත් වීඩියෝ කරලා තිබුණත්, කියවෙන දේවල් හරිහැටි තෝරා ගන්නට බැරිය. අපේ කට්ටියත් දියවන්නා මන්දිරයේ සාමාජිකයන් වගේමය. කිසිම විනයක් නැත. එක්කෙනෙකු කතා කරන අස්සේ තවත් අය කතා කරති.

අපේ ආච්චී නං එහෙම වෙලාවට අප ආම්බං කළේ ඇනුම් පදයක් කියමිනි; ‘මොකද යක්ෂයිනේ, සක්කිළි පඩි ගත්ත වගේ!’
දැන් එහෙම කියන්නට- අහන්නට බැරිය. උත්තමයන්ට අපහාස කළැයි නඩු පැවරුවොත්.....

අශෝක හඳගම සක්කිළිකතන්දර සේරම ඒ චිත්‍රපටයේ යස රඟට ප්‍රතිනිර්මාණය කර තිබෙයි.

අනෙක දැන් පරම්පරාවට ඒ කතා; ඒ තොරතුරු අලුත්ය. (ගිය සතියේ සාන්තත්, නෙවිලුත්, මමත් ‘ඇල්බොරාදා’ ෆිලුම බැලුවෙමු. අශෝක හඳගම ‘සක්කිළි’ කතන්දර සේරම ඒ චිත්‍රපටයේ යස රඟට ප්‍රතිනිර්මාණය කර තිබෙයි. ඒ විස්තර ටික බලා ගන්නම වුණත් ඒ film එක බලන්නට වටියි!)

“හරි, හරි! ඔයා හරියට එයා අහන දේ තේරුම් අරගෙන නෑ. xxx කියන්නේ ඔයා හමුදාවට සුදුසු නෑ කියලා. ඔයා හිටියේ ආමි එකේද නැත්තං සැල්වේෂන් ආමි එකේද කියලයි එයා අහන්නේ...”
“චී, චී.. අපේ කොල්ලට එහෙම කිණ්ඩිය දාන්න එපා!”
මං මේ ගළපා ගන්නේ මට තේරුම් ගත හැකි ටිකක් විතරය.

“මං පොඩි ප්‍රශ්නයක් අහන්නං. අම්මප, නොදන්නකමටමයි අහන්නේ... T 56 මැගසින් එකේ බුලට්ස් කීයක් තියෙනවද?”
‘කියන්ඩ නං එපා මචං. / එයාට මොකටද එව්වා? / ඔය අහන්නේ JVP කතාවක් / ඔව්වට අහු වෙන්න එපා මචං! / මෙයාට කියන්ඩ එපා.’ කලින්ම කතා කරගෙන එක සම්මුතියකට ආවා වගෙය; දැන් බයිට් එකට ගැනෙන්නේ තවත් කෙනෙකි!
ඒවා සේරම මෙතැන ලියන්නට ගියෝතිං නම්, පංච තන්තරේ ‘මහා පදරංගයක්’ වෙනවා සිකුරුය!

හිතේ හැටියට නාලා- කාලා- බොන අය බීලා ආයෙම බෝට්ටුවලට -> කල්පිටියට -> අටාරා ලැගූන් එකට. අප කල්පිටියට එනකොටත් තව නඩයක් ප්‍රියංකරලා එක්ක මුහුදට යන්නට පොරොත්තුවෙන්, පොල් රුප්පාවක ගීත සාජ්ජයකය.
අපරාදේ! අපේ හතරවෙනි බෝට්ටුවත් වෙරළට සේන්දු වෙනවා දුටු ගමන්ම එයාලගේ සිංදු නැවතුණේ.... ඒ කට්ටිය ගීයට ඒ තරම්ම හපනුන්ය!

අපි ස්විමින් පූල් එකට බහින්නයි යන්නෙ.... (foto-සෙරාන් එච්. ගමගේ)

Atara Lagoon එකේ එදා රැය පහන් කරන්නටය, අපේ ගමන සංවිධානය කළ ප්‍රියන්ත සැලසුම් කොට තිබ්බේ. “නැත්තං මහන්සි වැඩියි නිමල්. ටිකක් වියදම් වැඩි වුණත් අද මෙහෙ ඉඳලා හෙට lunch එකෙන් පස්සෙයි අපි යන්නෙ.”

“අයියේ, අපි නං දැන් පිටත් වෙනවා. හෙට මට වැඩ වගයක් තියෙනව කියල මම කිව්වේ!” අයස්මන්තගේ සූදානම පිටත් වෙන්නටය. එයාලා හතර දෙනා අපට සමු දුන්නේ එබැවිනි.

“නෙවිල්. මම ඇහුවට කියන්නේ නෑ.... ඔයා අහනවකො බබිතගෙන්...! එක්කෙනෙකුට බර ගණනක් වෙනව ඇති... කොටසක්වත් ගන්න කිව්වොත්...”
සමහර දවසකට විතරය, ප්‍රියන්ත ගමනේ වියදමෙන් කොටසක් පවා ගෙවන්නට අපට ඉඩ දෙන්නේ. අවුරුදු දෙක-තුනක සිටම මට නම් රුපියලක්වත් ගෙවන්නට අපේ කට්ටිය ඉඩ දෙන්නේ නැත. මට නොකියාම එයාලා කතිකා කර ගෙන මගේ බර පැන උසුලති!
ඇති-පැති කලණ මිතුරන් ලැබුවාම එහෙමය.

මේ වතාවෙත් මගේත්, තව කීප දෙනෙකුගේත් ගමනේ බරපැන දැරුවේ හිතවත් ප්‍රියන්තය. ඉතිං, අපට කළ හැක්කේ හෘදයංගමව ස්තුතිවන්ත වෙමින්, ප්‍රියන්තට පිං දීම පමණකි! (සමාවෙන්න ප්‍රියන්ත, මෙහෙම ලියනවාට ඔබ අකැමැති බව දැන-දැනම ලිවීම වෙනුවෙන්.)

Atara Lagoon එකේ සුව පහසු කාමරවලට ‘නිඳි බන්ධනය’ක් කරලා වගෙය, මට දැනෙන්නේ. අපේ පිරිසෙන් වැඩිම දෙනෙකු කාමරවලට වැදුණු පමාවෙන් ඇඳන්වලය; කෙටි නින්දකට වැටිලාය.... මාත් එහෙමය.

“නැඟිටිනවා! අපි ස්විමින් පූල් එකට බහින්නයි යන්නෙ....” කව්දෝ මගේ කකුලෙන් අදියි.
“මට නිඳිමතයි!” වදින තැනකට වදින්නට කකුලෙන්ම ඇනලා, මම ඇඳේ ඉහත්තාවට ගුළි ගැසුණෙමි. ඒත් වැඩි වෙලාවක් එහෙම වකුටුවී ඉන්නට ලැබුණේ නැත. ‘තේ හදලා.... නිමල් අය්යේ තේ බොන්න එන්න!’

එතකොට නොගිහින් ඉන්නද? තේ බොනවා නං උණුවෙන්ම තිබිය යුතුය!

කොරෝනා හින්දා මිෂාන් ලොකුවට වෙඩින් එක ගන්න නැතිව ඇති.

පිහිනුම් තටාකයට බහින්නට ගිය කට්ටිය තවම ගොඩය. ඒ හැමෝමත් ‘foto shoot’ එකක් නරඹමින් සිටිති. ‘තැන ලස්සන නිසා මෙතනට එන්ඩ ඇති!’

‘අනේ අම්මේ... අරගොල්ලෝ කපල් එකට දෙන වදයක්!’ අපේ කෙනෙක් විස්සෝප වෙනවත් එක්කය..
‘ඒකනෙ වැඩේ!  නිකං නෙවෙයි, ඔහොම වද දෙන්නෙ මඟුල් ජෝඩුවෙන් සල්ලිත් අය කරගෙන...’
එදා නං එහාට-මෙහාට දිව්වේ, පුටු උඩට නැංගේ, බිම දිගා වුණේ කැමරා කණ්ඩායමේ අය  විතරය. “තව ටික දවසකින් ජෝඩුවලටත් ඒවා කරන්න වෙනව මචං!”

“මර්වින්. අපේ යාළුව මිෂාන් රන්දිකගෙ ෆොටෝ shoot එක එයාම කර ගත්තද දන්නෙ නෑ නේද...” අප හා ගමන් රැසකටම එකතු වූ මිෂාන් හොඳ ෆොටෝග්‍රැෆර් කෙනෙකි; විවාහ වුණේ මෑතකය.

“මහිතේ, කොරෝනා හින්දා මිෂාන් ලොකුවට වෙඩින් එක ගන්න නැතිව ඇති.”
“කොරෝනා... නෙවෙයි දැන් තියෙන්නේ ඔමික්‍රෝන්නෙ... අද ප්‍රියංකර කිව්වා, බත්තලංගුණ්ඩුවේ යන්න තිබණු බුකින් එකකුත් කැන්සල් වුණයි කියලා. ඒ කට්ටියේ කීප දෙනෙකුටම ඔමික්‍රෝන් හැදිලලු!”

එහෙම අශුභවාදී කතන්දරවලට අපට ඉඩක් නැත.
වැඩිහිටි කට්ටියට සම වයසේ අයත් එක්ක, හිතේ හැටියට පිස්සු නටන්නට ලැබුණු අවස්ථාවක් නිසාය; ඒ. ඒ කෝලම් සේරම ලියන්නට ගියෝතින් නං මට විසුමක් වෙන්නේ නැත. එහෙම වෙන්නේ මේ වැඩිහිටි මිත්තරයින්ගෙන් නොවේ; එයාලාගේ දුවල-පුතාලාගෙන්ය.
(ඒ කෝලම්වලට හොඳම සාක්කියක් විදිහට ‘වෙනුජ තේජාන්’ගෙ, මේ තත්ත්පර දහයේ වීඩියෝව විතරක් මෙතැනට ඔබමි!)

   අඩහ කෑම දහස්    වටී
   නිඳි මැරුවා දහස්   වටී
   ඇවිද්ද පය දහස්    වටී
   ඉවසු බලේ දහස්   වටී- කියලාය අපේ පැරණි උදවිය නං කිව්වේ. Atara Lagoon කෑම ශාලාවේ නං තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් අදහසක් දෙන කියමනක් පෙන්වන පුවරුවකි. ‘One cannot think well, LOVE well, Sleep well, if one has not dined WELL’ කියලාය එහි තිබ්බේ.

   හොඳට   හිතන්නත්
   ආලෙ     කරන්නත්
   සුවෙන්  නිඳන්නත්
   ඇහැකියි කෑවොත්! කියලාය මං ඒ අදහස කවියට නඟන්නේ.

පුරාණ කවිය නොව, ඉංගිරිස් අදහස ඉස් මුඳුනින් පිළිගත්තා වගෙය අපේ උදවිය එදා රෑත්- පහුවදා උදෙත්- දවාලෙත් ‘අටාරා ලැගූන්’ එකේ කෑමවල රස වින්දේ!

ඒවායේ රුව- ගුණ- රස වනන්නට නොයා, පහුගිය post එකේ අවසානයට හිතාදර රසික-රසිකාවන් කැඳවාගෙන යන්නටය, දැන් මගේ සූදානම.

‘මේ posts මාලාවට නම යෙදුවේ ‘හෙනහුරු ගුණ්ඩු...’ කෑල්ලකුත් එක්කලාය. ඒත් ඒ මාතෘකාව අරුත් ගන්වමින් හැබෑම හෙනහුරු කතන්දර දිගාරින්නට වෙන්නේ, ඊළඟ; අවසන් කොටසේදීය.
ඒකත් කියවන්නට එනවා නේද?’
මම එදා ඇසුවෙමි. දැන් කියන්නට යන්නේ ඒ හෙනහුරු කතන්දරයයි.

ඉංගිරිස් අදහස ඉස් මුඳුනින් පිළිගත්තා වගෙය අපේ උදවිය එදා රෑත්- පහුවදා උදෙත්- දවාලෙත් අටාරා ලැගූන්එකේ කෑමවල රස වින්දේ! (foto- වෙනුජ තේජාන්)

අපේ බත්තලං ගුණ්ඩු සංචාරයට වාහන පහකින් 28 දෙනෙකු ගිය විත්තිය මම කීවෙමි. දූපතට අප කැටුව යන්නට පැමිණි බෝට්ටුවල ප්‍රියංකර ඇතුළු 4 දෙනෙකු විණි. ඒ කියන්නේ සේරමලා 32ක්.

හෙනහුරා කල්පිටියේ කට්ටියට කරුණාව පෑවත්, කොළඹින් ගිය අපට නම් සලකා  තිබුණේ දයානුකම්පා විරහිත ලෙසකිනි.

ගමන ගිහින් එද්දීම සමහරුනගෙ ඇඟ රිදෙන්නට පටන් ගෙනය. සමහරුනට උණ ගතියක් ඇති වෙලාය.

පෙබරවාරි 6 වෙනිදා උදේ ආරංචි වුණේ අපේ 28 දෙනාගෙන් 20 දෙනෙකුටම උණ, හෙම්බිරිස්සා ගතිය, තදින් ඇඟ රිදීම, කෑම අරුචිය, කැස්ස වාගේ රෝග ලක්ෂණ එක-දෙකක්වත් ඇතිවී තිබෙන බවයි.

‘වෛරස් උණද දන්නෙත් නැහැනේ.’ සමහර දෙනෙකු දොස්තර මහත්වරුන්ටත් ඉස්සෙල්ලා ‘රෝග විනිශ්චය’ කරන්නට සමත් වෙලාය.
“වෛරස් උණෙන් කමක් නෑ. පරෙස්සම් වෙන එකයි තියෙන්නේ, මේ දවස්වල හැම තැනම... ඕමික්‍රෝන් වෙන්න තියෙන ඉඩ වැඩියි.... කොරෝනාවලදී කරපු විදිහටම නිරෝධායනේ වෙන්න... මේක පැතිරෙනවා වැඩියි.... ගෙවල්වල අයටත් බෝ වෙයි!”

එන්නත් ලබාගෙන ඉඳලාත්ය මේ!

‘අපේ 28 දෙනා’ දින තුනක් තිස්සේ වාහනවල යද්දී විටින්-විට මිශ්‍ර වූහ. බෝට්ටුවල යද්දීත් එහෙමය. කන-බොන- නිඳන තැන්වලදීත් එහෙමය. එහෙම වෙලාත් 8 දෙනෙකුට මේ රෝගාබාධය වැළඳී තිබ්බේ නැත.

මොන හේතුවකින් හෝ මටත් ඒ අමාරුකම් කිසිවක්ම හැදුණේ නැත. මං වහන්සේ ඊට කලින් දෙමාසයේම වගේ ලෙඩ මරගාතේ හිටි නිසා වෙන්නැති!
දැන් නං කොයිකටත් කියලා, මං සූදානං වෙන්නේ ඉක්මනින්ම ‘බූස්ටර් එන්නත’ත් විද ගන්නටය෴

33 comments:

  1. +++++++++++🙏👌😊

    ටිකිලාධිපති දැන් ගහන්නෙ වැට නෙමෙයි, __________ ඔන්න ඔහොම එකක්.🤔

    ReplyDelete
    Replies
    1. ඒක සංකීර්ණ භාෂාවක්.
      https://www.schoolnet.org.za/PILAfrica/en/webs/c008243f/san_language.htm වගේ

      Delete
    2. හ්ම්.. මට ඒත් හිතුනා, මේකත් ඩාවින්චි කෝඩ් එක වගේ වෙන්ටෑ කියලා.🤔

      Delete
    3. අම්මට සිරිගජ!
      ඔය බාසාවෙන්ම post එකකුත් ලියන්න හිතුනා....

      Delete
  2. කොහොමත් මං ඒ ෆිල්ම් එකේ බැලුවෙ ඒ සනීපාරක්ෂක කම්කරු සංස්කෘතිය සහ 1920/30 ගණන්වල වැල්ලවත්ත , කොලඹ ගැන තියෙයි කියල විතරයි. ඒත් ඉතිං යාලුවෙක් ටිකටුත් අරන් එක්කගෙන ගිය නිසා. මං දන්න තරමට ඔයිට වඩා බලන්න පුලුවන් ෆිල්ම් එකක් හදන්න තිබුන නෙරූඩාගෙ ලංකාවෙ අත්දැකීම් නෙරූඩා ලියල තියන විදිහට හැදුවනම්. ඒත් ඕන වෙන්න ඇත්තෙ අධ්‍යක්ෂකට ඕනෙ සම්භාව්‍ය කතාවක් හදන්න වෙන්න ඇති.

    සංබාව්ව ඇල්බොරාදා බලල දැන් ආස හිතෙන සීමිත (8) සීරීස් එකක් බලනව https://en.m.wikipedia.org/wiki/Pieces_of_Her_(TV_series)

    ReplyDelete
    Replies
    1. දුප්පත් අපට නැට්-ෆිලික්ස් නෑ අපෙ හාංදුරුවනේ.

      Delete
    2. මං ප්‍රාග් අයිතිහාසික බස්තුමනි. මං බලන්නෙ DVD. හැබැයි රු 70. හොරු නේද?

      Delete
    3. баланна оне спасиба пра

      Delete
    4. බස්සට හුඩු! රුසියානු සිංහල? ඇයි, පුටියගෙ ලිස්ට් එකේ ලංකාවත් තියනවද? වෙලාව බලල, ගවගාලට එකක්....

      Delete
    5. මතක විදිහට, කස්ටිය සොඳුරු ආඥාදායකයෙක් හොය, හොය නේද හිටියෙ? ආන්න බාර දෙනව නං - වැඩොල්ෆ් පුට්ලර්. රූබලේ, රුපියල තරම්ම බාල්දු වෙලා නෑ නේද?

      Delete
    6. තමුන්නාන්සේලාගෙ comment දැක්කම නිකම්ම තේරෙනවා ලෝකේ පුංචි වෙලා තියෙන තරම!

      Delete
    7. хари хари тнваришь басса 😀

      Delete
    8. හරි පූටට දුන් නම් අඹර වල ගන්නවා ලංකාව , දුන්නේ ඩුප්ලිකේට් එකෙකුටනේ

      Delete
    9. මිනිස්සු එහෙම නොකරයිද මහත්තයෝ, නාග ලෝකෙනුත් කැලණියට වැඩලා කිව්වකොට....

      Delete
  3. //බුදුහාමුරුවොත් දේසනා කළේ- මොකක්ද? දන්නවද... //
    මජ්ජපමා දට්ඨාණා වේ-රමණී...

    ReplyDelete
    Replies
    1. මදයට, පමාවට හේතුවන දේ වලින් වැළකී සිටීම........

      Delete
    2. නෑ යකො. මද පමණට දස්ට කිරීම රමණීය වේ.

      Delete
    3. වේ රමණී නෙවෙයි වේ මරණී!

      Delete
    4. හෙහ්.. මුන්ට වෙනම පාලි බාසාවක්

      Delete
  4. හ්ම්.. අල්බෝරදා බලන්නට ඕන.... ඔබේ බටේට දා හැටියෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම හරි බලන්නකෝ. හැබැයි හෝල් එකක බලනකොට එන ගතිය වෙනයි නේද?

      Delete
    2. ඒකනම් ඇත්ත ඉතීම්.....

      Delete
  5. නියමයි ඈ . වෙලාවක නිදි අයිය එකක් ට්‍රිපක් යන්න ඕනේ.
    වැල්ලේ හොර වැඩේ ගැන කියද්දී මතක් වුනේ ඒ දවස් වල සින්දුවක්
    ජෝතිපාල වැල්ලේ .... ඔන්න ඔහොම එකක්.

    ReplyDelete
    Replies
    1. ඔරිජිනල් එක නං තිබ්බේ හින්දි ආරාධනා film එකේ. සිංහල කොපිය 'අභිරහස' film එකේ. සුසුදු රැල්ල වැල්ලෙ පෙරළි ගීත ගයයි යළි යළී
      අජිත්ටත් හොඳ හොඳ එව්වා මතකයි නේද?

      දැන් නං trip එකක් යන්න පස් මහ බැලුම් බලන්න වෙයි වගේ!

      Delete
  6. http://transyl2014.blogspot.com/2022/03/sri-lankan-version.html

    ReplyDelete
  7. 'බස්සෝ, තරහයි හොඳටම තරහයි පාර පෙන්නුවට ලියල උඩින්
    ටිකක් හෙම නෙවෙය් තලන්න හිතෙනව තමුන්නාන්සෙට මඩු වලිගෙන්'
    ගැස්සුණාද හිත එහෙම කියද්දී, කිව්වේ බොරුවට බොරු තරහෙන්
    කවුරුත් එහාට යන්න වටිනවා, ලිපියත් වටිනව මල් මසුරන්!

    ReplyDelete
    Replies
    1. මට මේක දැක්කම මතක් වුනේ නිදිව. මේ ඔත්තුව දාන්න හොඳම තැන මෙතන කියලත් හිතුනා.

      Delete
    2. මෙතන ගැන එච්චර ව්ශ්වාසයක් තිබ්බට ස්තුතියි. ඒ කතාවට උපහාරයක් විදිහටයි මේක දාන්නෙ.
      https://www.lankahotnews.net/2022/03/namal-denies-involvement-in-puttalam.html

      Delete
    3. කල්පිටියට යන ගමනක් කියලත් කියනවා.

      Delete
  8. අගෙයි අගෙයි ගමන.

    ReplyDelete
  9. https://www.youtube.com/watch?v=W31eOj81EIk

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්රැකී.
      එයාලා වගේ අයට සපෝර්ට් කරන්න වටිනවා: ඉතිං මෙහෙම ලිව්වා.

      සාරයි චමත්කාරයි සේරම කදිමයි
      එන්නෙන්නෙම වැඩේ නැඟලා යන පාටයි
      කොලිටිය හොඳයි; අදහස් එහෙමත් මාරයි
      'හොඳටම කළේ' ඔහෙලලු කියනව ඇත්තෙයි?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්