li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, April 16, 2022

අවුරුදු දෙදොහක විත්ති

ගෝඨා ගෝ ගම’; ඒ ගමේ කෙරෙන තරුණ අරගලය....

සූර්ය දිව්‍ය රාජයා මීන රාශියේ සිට මේෂ රාශියට සංක්‍රමණය වුණේ 14 වෙනිදා. අලුත් අවුරුද්ද ලබන්නෙ එතකොටනෙ.

අපි පොඩි කාලෙ නං ඒ උත්සවයට කිව්වේ ‘සිංහල හින්දු අලුත් අවුරුද්ද’ කියල. දැන් ඒකට ‘සිංහල දෙමළ අලුත් අවුරුද්ද’ කියලා කියන්න පටන් අරගෙන. ඒ ඇයි?
අනේ දන්නා කෙනෙක් ඉන්නවා නං, මට කියා දෙන්න ඕනි. හොඳද!

ඉස්සර කිව්ව නම වෙනස් කෙරෙනවා නං, වෙනස් වෙන්න ඕනි ‘ශ්‍රී ලාංකේය අලුත් අවුරුද්ද’ කියල නේද? මට හිතුණේ එහෙම.

ඔව්වත් ප්‍රශ්නද කියලා කාට හරි හිතෙන්න පුළුවනි.
ඇත්ත! මේ දවස්වල මටත් තියෙන ලොකුම ප්‍රශ්නෙ අවුරුදු නෙවෙයි, ‘ගෝඨා ගෝ ගම’; ඒ ගමේ කෙරෙන තරුණ අරගලය. ඒ කොල්ලො- කෙල්ලො හැමෝම එහාට වෙලා fun ගන්නවා නෙවෙයිනෙ. ආතල් එහෙකුත් නෙවෙයිනෙ ඒ යුද්දෙ.
අව්වට කර වෙවී, මහ වැහිවලට තෙමි-තෙමී, ගිරිය කඩාගෙන ‘Gota go home’ කිය-කියා කෑ ගගහා ඉන්න එක ලේසි-පාසු වැඩක්ද?

ඊටත් දැන් දවස් හතක්ම ගෙවලත් ඉවරයි!
නිදියෝ, කටෙන් බතල හිටවන උඹත් කියයි! මට එහෙම හිතෙන්නෙ නිකම්ම නෙවෙයි.

ඒ උද්ඝෝෂණ මෙච්චර අගේ කළත්, මට තවම එහාට යන්නට හම්බ වුණේ නැති නිසා. හරියටම කියනවා නං නොගිය නිසා- හේතු සහිතව!
අප්‍රේල් තුන්වෙනිදා මහරගම තරුණ සේවා සභාව ඉස්සරහ තිබුණු උද්ඝෝෂණයට නං යන්තං යා ගත්තා. ගෙදරදීම ‘Go’ කියලා බෝඩ් එකකුත් ලියාගෙනයි මං ගියේ.
අනේ!
ඉස්සර ලස්සනට අකුරු ලියූ නිමල් දිසානායකට, ඒ අකුරු දෙක ඇඳ ගන්නත් පොඩි පහේ යුද්ධයක් නෙවෙයි කරන්න වුණේ.

එදා ඉගෙනගත්තු ඒ පාඩම නිසාය මං මෙතෙක් ගෝඨා ගෝ ගමට නොගියෙත්.

ඉතිං, එදා මහරගමට ගිහින් බලනකොට එතැන 99%ක්ම ඉන්නේ තරුණ කොල්ලො- කෙල්ලො. ‘මේ මැන්ටලේ මොකට අපේ අස්සට ආවද?’යි එයාල හිතාවි කියලා මට ලජ්ජාවකුත් හිතුණ.

කොරෝනාව නිසා සිද්ද වුණු එක හොඳක් මට හරිහැටිම තේරුණේ එදා ඒ වෙලාවෙ. Mask එක. මාස්ක් එකක් දාගෙන ගිය නිසා පේන්නෙ මුහුණෙන් බාගයක්නෙ. ‘Black හෙනා’වලට පිං සිද්ද වෙන්න කොණ්ඩේත් කළුයි. තට්ටෙ තියෙන්නෙත් පස්සෙන්නෙ.
මාවත් කොල්ලෙක් වගෙ පෙනෙන්න ඇති නේද?

කාලගෝලයා ‘මියෙම්වා රැකෙම්වා’ කියලා වතුරට බැස්ස විදිහ මතක් කරගෙන, මං වහන්සේත් පේළියේ පරතරයක් තිබ්බ තැනක හිට ගත්තා; බෝඩ් එකත් දිග ඇරගෙන.
මළ කෙළියයි; ජුලි හතයි!

මගේ දකුණු අතේ වෙවිලිල්ල ගැන මොට්ට මට කලින් කල්පනා නොවෙච්චි හැටි. නැවතිල්ලක් නැතිවම දකුණත වෙවුලන්න ගනිච්චි! එතකොට බෝඩ් එකත් වෙවුලන්නෙ සිටි-සිටි ගාගෙන.
‘අනෙඃ! ඔන්න ඔය වෙවිලිල්ල කවුද බලන්නේ’ කියලා හිතාගෙන හිටි පියවරේම විනාඩි දහයක්වත් ඉන්න වුණේ නෑ....
පට්ට අව්ව නිසා මගේ ඉහින් කනින් දාඩිය බේරෙන්නත් ගත්තම දැනුණු සැප. අත් දෙකෙන්ම බෝඩ් එක අල්ලගෙන ඉන්න හින්දා, ලේන්සුව එළියට ඇදගත්තත් වැඩක් ඇතැයි...

මෙන්න ඊළඟ බැරියර් එක!
එක කකුලක මස් පිඩුවක් රිදුම් දෙන්න ගත්තා- ‘ගණන් ගන්න එපා නිමලෝ!’....
තව එකක්... තවත් එකක්. ‘එකම ඉරියව්වකින් වැඩි වෙලාවක් ඉන්නට බැරිකම තියාගෙන මොකට මෙහෙම තැනකට ආවද මොට්ට හරකෝ?’ මං හිටියේ දත කාගෙන. වැඩි වෙලාවක් ඒ වික්‍රමය කරන්නටත් බැරි පාටයි.
චුට්ට වෙලාවක් හරි වාඩි වෙන්න හිතාගෙන, ටිකක් පස්සට වෙල බලද්දි පෙනුණේ, ඒ තැන්වල තියාගෙන බෝඩ් අඳින තරුණයන්.

මම ආපසු ගෙදර ආවෙමි.
ඔරලෝසුව මට කිව්වේ ‘මහ ලොකුවට උද්ඝෝෂණේ කරන්න ගියා. තමුසේ පැයයි එතැන හිටියේ’ කියලාය.

එදා ඉගෙනගත්තු ඒ පාඩම නිසාය මං මෙතෙක් ‘ගෝඨා ගෝ ගම’ට නොගියෙත්.

හිතෙන් ගෝඨා ගෝ ගමේ ඉඳිද්දී මට මතක් වෙන්නේ නසරානි දේවල්ය.

එහෙම මගේ පංචස්කන්ධය ගෙදර නවත්තගෙන හිටියත්, මගේ හිත නං වැඩි හරියක්ම හිටියේ එහාට ගිහිල්ලා, එයාලත් එක්කල.

අපේ තාත්තා නං අපට ගොඩාරියක් දේවල් පුරුදු පුහුණු කෙරෙව්වේ අපි පොඩි සන්දියේදීම. ‘ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා’ වගේ ගොඩාරියක් දේවල්...
මහරගම ආච්චී ඊටත් වැඩිය දේවල් ව්‍යංග්‍යයෙන් මට ඉගැන්නුවේ කතන්දර කියා දිදී. ‘ලජ්ජා බය කියන්නේ දේව ධර්මයට, පුතේ!’ මහිංසාස කුමාරයාගේ කතාන්දරය (දේව ධර්ම ජාතකය) කියන අතරේ ආච්චී උලුප්පල කිව්ව.
හතර දෙනෙක් කාට හරි හොඳයි කිව්වොත්, හතර වරම් දෙවිවරුත් එයාට ආශිර්වාද කරනවා රංජි!” ආච්චී නිතරම කිව්වේ නිකම්ම වෙන්න බෑ.

හිතෙන් ගෝඨා ගෝ ගමේ ඉඳිද්දී මට මතක් වෙන්නේ නසරානි දේවල්...

එයාලගේ දරු-මුණුපුරන්ට එහෙම දැනමිතිකම්- ගුණ ධර්ම කියා දෙන්නට තරං නිදහසක් ඩී.ඒ. රාජපක්ෂ මහත්තයාට, දෝන දන්දිනා මාතාවට හෙම තියෙන්ඩ නැතුවැති.

ඩී.එච්. ගුණපාල උන්නැහේ, මොන ඇන්නෑවකටද ඔහේගෙ අතිජාත මේ ලොකු පුතාට ඉගැන්නුවේ ‘පැත්තක් ගියත් ඇත්තම කියපං!’ කියලා.
ඔයාටත් තිබ්බනේ ‘රාජපස්ස පරම්පරාවේ අය වගේ ලජ්ජා නැතිව ඉන්න’ හැටි මට උගන්නන්න.
  ‘හිතක් පපුවක් නැතිව අනුන්ට ඕනි හෙණයක් වෙච්චාවේ- අපේ මල්ල පිරෙනවා නං’ වගේ දර්ම උගන්නන්න.
  ‘හිතට එකඟව වැඩ කරපං!’ කියලා උගන්නන්නේ නැතිව ඉන්න...

රට කාපු මුන්ට හෙණ හතම වදින්න ඕනි!කියලා දිගටම කියන්න ගනිද්දී...
ඔව් තාත්තෙ, හෘද සාක්ෂියට එකඟව වැඩ කරන්න ගිහින් මට කොච්චර වාසි නැති වුණාද? කොච්චර දේවල් මඟ ඇරුණාද?

වැඩිය එපා, මේ අවුරුද්දේ....
අප්‍රේල්වලට මාසෙකටත් කලින් ප්‍රියන්ත මට කිව්වේ ‘අවුරුද්දට පානම තැනක් බුක් කළා’ය කියලා.
“13 උදේ ගිහින් 16 එන්නේ. ඔන්න නිමල් වෙන වැඩ එහෙම දාගන්න එපා!” කියලත් කිව්වා. අතින්-මිටින් සතයක්වත් වියදම් කරන්න දෙන එකක්යැ- එව්වත් එයාගෙන්මනේ! මාත් වචනෙ දුන්නා.

එතකොට මෙහෙම ‘ගෝටා ගෝ හෝම්’ කතන්දරයක් තිබ්බෙ නෑනෙ. කොච්චර හරි ‘13 උදේ මඟදී තමයි නිමල් අයියේ, අපි උදේට කන්න හිතාගෙන ඉන්නේ’ කියල බබිතා නංගි කිව්වම මං පොරොන්දුත් වෙලා හිටියේ පරිප්පු කරියක් උයාගෙන එනවයි කියල.

රටේ හැමෝම වගේ මමත් හිතාගෙන හිටියෙ අපේ ජනාධිපතිතුමාට, අගමැතිතුමාට එහෙම ලජ්ජා- බය දෙක යන්තංවත් තියෙනවයි කියල, එයාලගේ මොන වැරදි- මොන අඩුපාඩු තිබ්බත්.
  රට පුරාම මිනිස්සු ගෑස් පෝලිම්වල දෙස් දෙවොල් තියද්දී,
  කන-බොන බඩුවල මිල අහස උඩට යනකොට රට්ටු සාප කරද්දී,
  තෙල් පෝලිම්වල දවස් ගණන් තපින උදවිය ‘කරන්න බැරි නං දාලා පලයව්!’, ‘රට කාපු මුන්ට හෙණ හතම වදින්න ඕනි!’ කියලා දිගටම කියන්න ගනිද්දී - නෑහුණා වගේ හිටියත්.....
  රට වටේම කොල්ලො- කෙල්ලෝ එකම තැනකට එකතු වෙලා, එක හඬින් කියනකොට හරි ඒ මිනිස්සුන්ට ඇහෙයි; දැනෙයි කියලයි මමත් හිතුවේ.

මොන?
  ‘ගෝඨා ගෝ ගම’ ජාත්‍යන්තරේට ගියා; ලජ්ජා හිතුණෙ නෑ.
  ඉන්දියාවේ හිඟන මනුස්සයෙකුත් අපේ රටට ආධාරයක් එව්වා: ලජ්ජා හිතුණෙ නෑ!!
  ලෝකේ පුරාම රට-රටවල ඉන්න මිනිස්සුත් ‘Gota go home’ කියමින් පෙළපාලි යන්න ගත්තා; ඒත් ලජ්ජා හිතුණෙ නෑ!!!
  රටේ නම ගිය කලාකාරයෝ, ක්‍රීඩකයෝ, නීතිවේදියෝ, වෘත්තිකයෝ, සාහිත්‍යධරයෝ වගේ කොච්චර දෙනෙක් ‘
ගෝඨා ගෝ ගම’ට ඇවිත් Go Home Gota කිව්වද? ඒත්- තවමත් ලජ්ජා නැතිව ඉන්නවා....

   දැන් ‘ගෝඨා ගෝ ගමේ’ ශාඛාවන් රට පුරාම බිහි වෙන්න පටන් ගෙන!

ගෝඨා ගෝ ගමේ පළමුවෙනි ශාඛාව පටන් ගත්තේ බදුල්ලෙන්!

ඔයා දන්නවද තාත්තේ, මාත් හෙණ ආඩම්බරෙන් ඉන්නේ.

ගෝඨා ගෝ ගමේ පළමුවෙනි ශාඛාව පටන් ගත්තේ බදුල්ලෙන්! මීගහකිවුල ඉස්කෝලෙදිත් කිව්වා වගේ බදුල්ලේ ඉපදිච්ච කොල්ලෙක් විදිහට ආඩම්බර වෙන්න බැරිද ඉතිං?

‘බදුල්ලට ඉස්සෙල්ලාම කෝච්චිය එනකොට උඹලගෙ සීයලත් තණකොළ මිටි අරං ස්ටේසමට ආවා බං’ කියලා ඔයා ඒ දවස්වලත් බදුල්ලේ සීයාට අපහාස කළාට, දැන් ඌවෙ බින්තැන්නේ අලුත් පරම්පරාවත් හෙණ දියුණුයි තාත්තේ.

එයාලා ඉංගිරිසි දන්නවා. ලෝකෙ වටේ සිද්ද වෙන දේවල් දන්නවා. ලංකාවේ ඈත එපිට ගම්මානෙක සිද්ද වෙන දෙයක් වුණත් තත්ත්පර ගාණක් යන්න කලින් දැනගත හැකි තරමට දැන් තාක්ෂණේ දියුණුයි. ඒ තාක්ෂණ පකීර්ලත් එක්කයි දැන් ලොක්කොන්ට වැඩ කරන්න වෙලා තියෙන්නේ.

දැන් ඉන්න දේශපාලන නායකයෝ හැමෝම නාකි මැන්ටල්නෙ....

අපේ ජනාධිපතිතුමාලත් අලුත් පරම්පරාව ගැන වැරදි තක්සේරුවකින් ඉන්නේ.
ඒකෙ පුදුමෙකුත් නෑ. දැන් ඉන්න දේශපාලන නායකයෝ හැමෝම නාකි මැන්ටල්නෙ, මං වගේ!

තාත්ත දන්නවද, ගෝඨා ගෝ ගමේ ඊළඟ ශාඛාත් මහනුවරදි- ගාල්ලෙදි පටන් අරං!
ආරංචිවල හැටියට නං, පිටරටවලත් මේ ශාඛා පටන් ගන්න යනවලු.....
ඇමෙරිකාවේ නං දැනටමත් ‘GOTA ENA GAMA’ කියලා බෝඩුත් හයි කරලා ඉවරයි!

ඉතිං තාත්තේ, මට අර කියාගෙන ආපු දේ කියන්න බැරි වුණා නෙව.
Trip එක යන්න කලින්; 13 වෙනිදාට කලින් විසඳුමක් වෙයි කියලයි මං හිතුවේ.
‘වැස්සකට තෙමෙන්නත් අකමැති විප්ලවකාරයෝ තමයි ලංකාවේ ඉන්නේ’ කියලනෙ මමත් විශ්වාස කරගෙන හිටියෙ.
අම්මට සිරි!
මේ අරගලේ කරන ලක්ෂ ගාණක් අව්වේ කර වෙවී ඉන්න හැටි දැකලා, වැස්ස වලාහක දෙයියන්ටත් දුක හිතලද කොහෙද... හිටගෙන පුම්ක හෝදන සයිස් එකට වස්සවපි..... ඒත් අරගලේ හිටපු අය No හෙල්ලුම්!

එතකොට නං මගේ හිත කුයි-කුයි ගාන්න ගත්තා.

‘අරහේ ලක්ෂ ගාණක් අව්ව වැස්ස නොතකා, රෑ දවල් නොතකා කට්ට කන්නෙ උන් වෙනුවෙන් විතරද?
  උන් එච්චර දුකක් විඳිද්දී උඹලා විනෝද වෙන්න යන එක හරිද නිමලෝ?
  මහ ලොකු සහකම්පනේ කියන්නේ ඕකටද?
  හදවතින් ඔබ තනි කළේ නැත කියන්නේ ඕකටද බං?’ හිත දිගටම අහන්න ගත්තා.

හිතක්-පපුවක් තියෙන ඇති-පැති අය ‘ගෝඨා ගෝ ගම’ට කෑම- බීම- වතුර බෝතල් වැහි වස්සවන්න පටන් ගෙන!
මගේ මොළෙත් නිකං හිටියෙ නෑ. විරුද්ද තර්ක කෝටියයි....

‘තමුසේ ගෙදර හිටියයි කියල උද්ඝෝෂණේට මොකක්ද වෙන යහපත?
  කොල්ලො තාප්පවල චිත්‍ර අඳින වෙලාවෙ වගේ
කිඹුල බනිස් ගිහින් දෙන්නද?

  fb එකේ #GoHomeGota2022 කියන posts එමට share කරන අය අවුරුදු කන්නෙ නැතුව ඉඳියිද?
  ඕයි, අපි නැතිවට ඕනි තරං මිනිස්සු ඉන්නවා, fight කරන්න!’

මං හිටියේ දෙගිඩියාවක.
මාත් හිතුවේ උද්ඝෝෂණේ රැල්ල ඉක්මනටම ඉවර වෙයි කියල. කවුද හිතුවේ රැල්ල සුනාමියක් වෙයි කියල.

වෙන එකක් තියා- මේ වෙද්දී ආදි වාසීනුත් උද්ඝෝෂණයට එකතු වෙලා! හොයල බලද්දී ගෝඨා ගෝ ගමට හෝ ගාලා උදව් ගලනවා.

වැරදි පරම්පරාවක් එක්කයි ‘හිස් Excellency’ලා පැටලිල තියෙන්නේ.

වැරදි පරම්පරාවක් එක්කයි හිස් Excellency’ලා පැටලිල තියෙන්නේ.

Tents, වැසිකිළි විතරක් නෙවෙයි- පුස්තකාල පවා ඉදි වෙලා.
ප්‍රසිද්ධ ආයතනවලින් ෂෝට් ඊට්ස්, පාන්, බනිස් වගේ දේවල් ගෙනැත් දෙන්න පටන් අරං... හිතක්-පපුවක් තියෙන ඇති-පැති අය, කෑම- බීම- වතුර බෝතල් වැහි වස්සවන්න පටන් ගෙන.

සමහර උදවිය හාල්- පොල්- තුනපහ- හැලි-වළං- ළිප් පවා පොදි බැඳගෙන ඇවිත් ගෝඨා ගෝ ගමේදීම උයල -පිහල උද්ඝෝෂණය කරන කට්ටියට කන්න දෙනවා.

දඩි-බිඩියෙ වෛද්‍ය පහසුකම්- නීති ආධාර දෙන තැනුත් ගෝඨා ගෝ ගමේ ඇරඹිලා. ආයුර්වේද මධ්‍යස්ථානයක් පවා.....

එයිට හපං, 69 ලක්ෂයක් බිහි කරවන්න දර-දිය ඇදපු ඔක්කොමලම වගේ ‘එදා තමන් කළේ වැරැද්දක්’ය කියමින් එක දිගට ජනතාවගෙන් සමාව ඉල්ලන්න පටන් අරං....

ඇටිකිචි මං මොනව කියල කරන්නද, trip එකත් නොගිහින් ගෙදර නැවතිලා.
අනෙක මම ප්‍රියන්තට පොරොන්දු වෙලයි හිටියෙත්- ගමනට එනවයි කියල.
ඔයාමනේ තාත්තේ අපට ඉගැන්නුවෙ ‘අම්මව දෙනවයි කිව්වා නම්, තාත්තව ගස් බැඳලා හරි දියල්ලා’ කියලත්.

මොකද කරන්නේ?
  පොරොන්දුව රකිනවද-
  හෘදය සාක්ෂියට අනුව වැඩ කරනවද....

මේ අරගලයෙන් තරුණ පෙළ ලබන දැනුම සිරි ලක් මාතාවගේ යහපත හා දියුණුව පිණිස වේවා!

මං දෙවෙනි option එක තෝරා ගත්තා.
පරිප්පු කරියත් හදල යවලා, මම ගෙදර නැවතුණා.

මගේ මෝඩකම වෙන්නැති; 14 වෙනිදා කිරිබත් ටිකක්වත් උයන්න හිත දුන්නෙ නෑ. කාටවත්ම සුබ පැතුවෙත් නෑ. හැබැයි, මට සුබ පතපු  හැමෝටම ‘එසේම වේවා!’ කියලා නං කිව්වා!

දැන් තියෙන්නේ බලාගෙන ඉන්නයි.

2015දී රාජපක්ෂ ආණ්ඩුව ඇද වැටීමත් එක්කම හනික කටුනායක ගුවන් තොටුපලින් පැනල ගිය එක්කෙනා, මෙදා සැරෙත් කොවිඩ් ආසාදිතයි කියලා ලංකාවෙන් පනියිද?

මෙච්චර කල් කසාය බීපු ගොළුවෝ වගේ විරවගෙන හිටි අයගෙ කට දැන් ඇරිලා.
‘උගන්ඩානු රජයේ ඉල්ලීමකට අනුව පසුගිය 2021 වසරේදී එරට එන්ටබේ ගුවන් තොටුපොළ වෙත උගන්ඩා
මුදල් නෝට්ටු ප්‍රමාණයක් රැගෙන ගිය බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම දැන් පවසයි.....’. තව ඉස්සරහට මොන-මොන දේවල් හෙළි වෙයිද; පිළිගැනෙයිද?

පුරවැසි අපට තියෙන්නේ හොඳ සිහි කල්පනාවෙන් බලා ඉන්න එක විතරක්ද?

‘ලක්වාසී ලෝවාසී සියලුම ශ්‍රී ලාංකිකයන්ට සුභ අරගලයක් වේවා!’
මේ අරගලයෙන් තරුණ පෙළ ලබන දැනුම සිරි ලක් මාතාවගේ යහපත හා දියුණුව පිණිස වේවා!!
කියලා පතමින්; අනාගතය දිහා ඉතාම සුබවාදීව බලමිනුයි මම නං,
මේ අවුරුදු දෙදොහක විත්ති පෝස්ටුව ලියන එක මෙතැනින් නවත්වන්නේ෴සිද්ධි රස්තු෴

46 comments:

  1. ඔබට නීරෝගීමත් සුබ අලුත් අවුරුද්දක් වේවා!
    සැබෑ අරගලයට ජයවේවා

    ReplyDelete
    Replies
    1. සැබෑ අරගලයටත්, ශ්‍රී ලංකාවටත් ජය වේවා!

      Delete
  2. හිතට එකඟව වැඩ කිරීම ගැන මාගේ ප්‍රණාමය !
    සුභ අරගලයක් වේවා 🙏🙏🙏

    ReplyDelete
  3. සුභ නව වසරක් වේවා!

    අරගලය සාර්ථක වේවා!

    ReplyDelete
    Replies
    1. සිරිලක තරුණ අරගලය සාර්ථක වීම සඳහා ඔබ සැමගේම ආසිරි පැතුම් අවැසිමයි.
      කොහොමද තාක්ෂණ වීරයෝ:
      https://www.facebook.com/nimal.dissanayake.10420/posts/1041894170037880

      Delete
  4. ඔබගේ ධෛර්යයට ප්‍රණාමය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, අරගලයේ නියුතු කාටත් දිරිය අවැසි මොහොතයි මේ.

      Delete
  5. මෙච්චර විස්තරයක් ලියල තියන එකේ, වැට දිගේ ලිස්සන එක කැතයි කියල හිතුනා.

    සුභ නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. නමී මට කියපු දෙයක් ඔන්න බස්සා මහත්තයෝ මම ඔයාට කියනවා.
      හිතට එකඟව වැඩ කිරීම ගැන මාගේ ප්‍රණාමය !

      Delete
  6. මහරගම උද්ඝෝෂණයට ගිහිල්ලා වගේම ට්‍රිප් එක යන්නෙත් නැතුව අරගලය වෙනුවෙන් ගෙදර නැවතිලා නිමල් පෙන්වලා තියෙන්නෙ හොඳ fighting spirit එකක්.

    අරගලය ගැන නම් ප්‍රශ්ණයක් නැහැ. නමුත් රෙදිත් නැතුව කඩේ ගිය කලාකරුවන්(?) පෝලිමේ ඇවිල්ල සමාව ගන්න එක නම් විකාරයක්. පොහොට්ටු උඩ විසිකරකර දියසෙන් කියලා කෑගහන සිංදුව කියපු බාගයක් විතර දැන් එතනනෙ. සමාව ගන්න එක හොඳ දෙයක් නමුත් ශරීර භාශාවෙන් නම් පෙනෙන්නෙ කවදා හරි ගුටි කන්න වෙන හෝ අයතා ලෙස රැස් කල ධනය දෙන්න වෙයි කියලා ඇතිවුනු බය. ක්‍රීඩකයින් ගත්තත් රොෂාන් මහනාම වගේ මුල ඉඳන්ම බය නැතුව කතාකල අය නෙවෙයිනෙ දැන් මූණ ඉස්සරහට දාගෙන ඉන්නේ.

    කොහොම වුනත් අරගලය ඉස්සරහට වඩා හොඳ තැනකට යයි කියලා හිතනවා. එකම දේ එකම විදිහට දිගටම කරද්දි 'ඔබත් ඔහොම ඔතන ඉන්න- මමත් මෙහෙම මෙතන ඉන්නවා' තත්වෙට නොයන්න බුදිධිමත් වැඩපිලිවෙලක් යයි කියලා හිතනවා. ගාල්ලෙ GotaGo ගමට පොලිසිය ආ වෙලාවෙ මිනිස්සුන්ගෙ හැසිරීම ඉතාම එඩිතරයි.

    ReplyDelete
    Replies
    1. අපි දන්න ඉතිහාසයේ හැටියට එදා ඉඳලම කොච්චර පාවා දෙන්නන්- බිය ගුල්ලන් ඉඳලා තියෙනවද? ඒත් එයාලා අමරණීය වෙලා නැහැනේ Lotus.

      එයාලා වගේ නොවී,'තමන් කළ වැරදි වටහාගෙන හැබෑ ලෙසම පසුතැවෙන අයත්' ඉන්න පුළුවන් කියලා හිතමු, කාලය පෙන්නාවි ඔවුන්ගේ හැබෑ තතු.

      මැරෙන්නේ එක සැරයයිනේ, ඉතිං උපන් රටට- රටේ ජනතාවට සෙතක් වෙන දෙයක් වෙනුවෙන් සටනක් කරලා මළත් මොකෝ.

      Delete
    2. ප්‍රසිද්ධියේ කඩේ ගොහින් මුකුත් ලබා ගත් නැති කළාකරුවො වගේම
      නොපෙනෙන්න කඩේ ගොහින් වාසි ලබාගත් කළාකරුවොත් හිටිය.

      මද්දලාවේදී ජේසු තුමාගෙ අදහසට කීකරු වුන ජනය වගේ වැරදි ඇති සිලල්ලෝම ගල් නොගසා ඉමු.

      Delete
    3. නමී, ප්‍රශ්නය වෙන්නේ අපට අනුන්ගේ ඇහේ තියෙන අල්පෙනෙත්ත පෙනෙද්දී අපේ ඇහේ තියෙන පොල් පරාලේ නොපෙනෙන එකයි.

      Delete
  7. ලෝටස් මහත්මියගේ ප්‍රකාශයට එකගයි. මුලින් ගුටිකන්න වෙයි කියලා හැංගිච්චි උන් දැන් අතුරුආන්කරාවක් නෑ කියලා දැනුනාම එළි පහලියට ඇවිල්ලා. ඒකනේ ජොනියලා පිං මන්ත්‍රි සාගරලා දැන් වහසිබස් දොඩන්නේ. මෙයලා යවන්න ගෝටාගෝ ගමේ අවුරුද්දක් වාඩිලාගෙන හිටියත් සාමකාමි අරගලයෙන් නම් බැරි වෙයි. හෙටානිද්දාට පොලෝසියෙන් දාලා ඔය ගම අකුලෝනවා. උදේට ගමේ ඉන්නේ 20 -30 ක් අතර පිරිසක් විතරයි. ඉතිං අතදිගහැරලා බැටන් පොලුපාරවල් කදුලු ගෑස් දෙන්න සැදිපැහැදි ඉන්නවා. මේක අනාවැකියක් Pre Warning එකක් දෙන්නේ.


    හැබැයි කවුරු කිව්වාත් ගියේ නැති ගෝටා අහන්නේ එක්කෙනක් කියන එක විතරයි. ඥාණාක්කා කිව්වොත් මිනිහා අකුලන් ගෙදර යන එක ඉර හද වාගේ සුවර් තමා.

    ReplyDelete
    Replies
    1. අසංග මහත්තයෝ, ඔයා පාන්දර වැඩට යද්දී යන්තමට පෙනිච්ච දේවල්වලින් අරගලයේ දිග-පළල මනිනවා වාගේ. හවසට ආපහු එද්දී gota ගෝ ගම කොහොමද?

      Delete
  8. නිමල්, ඔබ ශ්‍රේෂ්ඨයි. අරගලයට ජය. සැමට සුභ නව වසරක් වේවා.

    ReplyDelete
  9. නිමල්ට ටිකවෙලාවකට ගෝල්ෆේස් ගිහින් එන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ටික වෙලාවකට නං ඊයෙත් යන්න තිබ්බා, trip එක ගිය පිරිස බස් එකක්ම අරං යන්න සංවිධානය වෙද්දී අඬ ගැහුවා, Pra Jay,
      මට අදහසක් ඇවිල්ලයි තියෙන්නේ, දිග වෙලාවක් ඉන්න බලාගෙන එහෙ යන්න. බලමු....

      Delete
  10. ආවා.. කියෙව්වා.. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ජය වේවා කිව්වේ ගෝටා ගෝ හෝම් එකට නේද.... ලිඛිතා, මාත් එසේම වේවා කියනවා.

      Delete
  11. අපිත් යම් යම් අරගල කරා, ටයර් සැයේ නොහිහින් කොළඹ දුර නැ ගෙදරක හැංගිලා බේරුනා. ගමේ හිටියනම් බඩු බනිස් (අපි දකුණේ හරිය?). කොහොම නමුත් පසුව මොලේ පැදුනා.

    මෙන්න මම අද අරගලය දකින විදිය, මේක දේශපාලුවන් වගේම පුරවැසියන් ඇති කරපු දෙයක්, රජයේ සේවා 20/21 දෙවසර නිකම් පඩි ගත්තා, ඒ කාලේ ආන්ඩු විරෝදීන්ට නිකන් ඉදන් පඩි ගන්න එක හරි ජොලි. රටේ ජාතික ධ්‍නය වැඩිපුර කන්නේ දේශපාලුවන් සහ රජයේ සේවකයන්. හිනා වැඩේ මිනිස්සු අපි හරි දේශපාලුවන් මේකට වග කියන්න ඕන කියන එක, පගා ගහන්නේ, රස්සාව හරියට නොකරන්නේ දේශපාලුවන් වීතරද? (ප්‍රශ්නයෙන් බාගයක් හැංගිලා නේද?) අරගලයෙන් පසු දේශපාලන වගේම රජයේ සේවයෙත් වෙනසක් උනොත් වැදගත්.

    මම වෙන රටක හිටියට ලංකාවේ වියාපාරයක් කරන නිසා අපේ මිනිස්සුන්ගේ වැඩ ගැන දැනුමක් ඇතුවයි මේවා කියන්නේ

    දැන් සමහරු 225 ගෙදර යන්න කියනවා, සමහරු රාජපක්ස නම ඇති අය ගෙදර යන්න කියනවා. ප්‍රජාතන්තරයට මේ දෙක ගැලපෙන්නේ කොහොමද? මේ 225 මිනිස්සුන්ගේ චන්දයෙන් ආපු අය නේද? අපේ ගමේ මන්ත්‍රි ගෙදර යවන එක අයිති කාටද? මහරගම ඉන්න නිදි ටද අපේ ගමේ ඉන්න බයියන්ටද? මේවා දැවෙන ප්‍රශ්න මල්ලි. අර ජනතා පරමදිපත්වය කියන මෙව්වා එකට මොකද වෙන්නේ?

    මේ රටේ (AUS) පොලොව හාරලා රතරන් ගන්න පුළුවන් උනත් රජය දිගටම වැඩකරා (යම් අඩුපාඩු සමග) අද 2019 ට වැඩ හොඳ ආර්ථික මට්ටමක ඉන්නව, මේවා දේශපාලුවන් ගේ වැඩ පමණක් නොවේ

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. විඑජ්බාහු මහත්තයෝ, ඔබතුමා මගේ blog එක දිගටම කියවන කෙනෙකු නිසා දන්නවා ඇති, හෘදය සාක්ෂිය ගැන මම නිතරම කියන බව.
      මං දැකලා තියෙනවා අවංකව වැඩ කරන මිනිසුන්ට අපේ රටේදී ලැබෙන ගෞරවය මොන වගේද කියලා.
      කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ, අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ කළමනාකරු විදිහට අවුරුදු හයක් විතර වැඩ කරලා එතැනින් අස් වුණාම අපේ අම්මා ඇහුවෙ මෙහෙමයි. 'මෙච්චර කල් ඔය මැනේජර් වැඩේ කරලත් මොකක්ද රංජිට ලැබුණු සෙතේ?'

      තමන් වැඩ කරන තැනින් අල්පෙනෙත්තක්වත් ගෙදර ගෙන ඒම හොරකමක් කියලා නිතරම කියපු; ඒ ධර්මය අකුරටම රැකපු, බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත පාරේ හිටපු දේවේන්ද්‍ර මහත්තයාට සමහරු හිනා වුණු හැටි මං දැක්කා. එතුමාට සමහරු කිව්වේ අවංක මෝඩයෙක් කියලයි. විශ්‍රාම ගියාට පස්සේ එතුමා ඉංග්‍රීසි ටියුෂන් දෙමින්, අසීරුවෙන් පවුලේ කටයුතු බලාගත් හැටි අදටත් මම නම් සිහි කරන්නේ ඉමහත් ගෞරවයෙන්.

      Delete
    2. ඒ වගේමයි විජේබාහු මහත්තයෝ, එතුමා වගේ අයව දැකලා, ඇසුරු කරලා තිබුණු නිසාත් වෙන්න ඇති- මට ඉතාම ආඩම්බරයෙන්; ඔළුව කෙලින් තියාගෙන කියතහැකි 'මමත් රාජකාරි කරන කාලයේ සේවා ස්ථානයෙන් හොරකම් නොකළ කෙනෙකු බවත්; සතයකවත් කොමිස් නොගත් කෙනෙකු බවත්.'
      මට තියෙන්නේ මගේම නීති, මගේම ප්‍රතිපත්ති. මං ඒවා ලියපු තැනක් මේ:
      http://nidigepanchathanthare.blogspot.com/2018/05/blog-post_12.html

      Delete
    3. කිව්වම හිනා යයි, හොරෙකුට වුණත් ප්‍රතිපත්තියක් තියෙන්න ඕනි කියන පාඩම තදින්ම මගේ හිතට වැදුණේ මට අවුරුදු දහය විතර වෙද්දී. ගුවන් විදුලියේ ගිය නාට්‍යයකින්. ඒ විස්තරත් මං ලිව්වා. ඒ වගේම පේව්මන්ට් එකේ හොර බෙහෙත් වෙළෙන්දෙකු වුණු සිරිපාල අයියා ප්‍රතිපත්තියක් රැකපු හැටිත්. එයාලා තමයි මගේ පරමාදර්ශ:
      http://nidigepanchathanthare.blogspot.com/2018/07/blog-post_91.html
      මේවා මම ලිව්වේ 2018දී.

      Delete
    4. 1971 කැරැල්ල, 83- 88 විනාශයන් එහෙමත් තරමක්වත් දකින්නට මං අවාසනාවන්ත වුණා. 83 කලබල පටන් ගන්න දවසේ අපි හිටියේ අනුරාධපුරේ, ඉස්කෝලෙක තජක වැඩ සටහනක් කරමින්.
      එදා ගෙදර එන්න බැරිව දවස් දෙකක්ම මඟ හිරවී ඉඳල කොළඹට එද්දීත් ගොඩක් තැන ගිනි ගන්නවා. මිනී පිච්චෙනවා. ජාති ආලකාරයෝ මහරගම තරුණ සේවා සභාව ඉස්ස්සරහ වාහනයක් එක්කම දෙමල පවුලක් ගිනි තියලා තියෙද්දී අහම්බෙන් මටත් එතැනින් යන්න වුණා.
      පමුණුව පාරේ, දේවාල පාරට හැරෙන්නට ඔන්න මෙන්න කියලා තියෙන තැන තරුණ හාදයන් දෙන්නෙක්ව මරලා, නිරුවතින් පාර අයිනේ දාලා තිඑනවා මම දැක්කා- 89 දී.

      Delete
    5. ඒ ඒ සටන් කල අයගේ අරමුණු - හා ඔවුන්ගේ සටන් ක්‍රම සමහරක් මමත් අනුමත කරන්නේ නෑ.
      89 ජවිපෙ තරුණයන් හිර කරලා තිබුණු මහියංගනේ, මාපාකඩවැව කඳවුරේදී ඒ තරුණයන් ගොඩක් එක්ක කතා කරන්නත් මට ඉඩක් ලැබුණා. පොලිසිවලදී ඔවුන්ට දීලා තිබුණු වධ හිංසා ගැන ඒ ළමයි කියපු දේවල්.... මේ දැනුත් මගේ ඇස්දෙක කඳුළෙන් නහවනවා.

      Delete
    6. ලංකාවේ එකම දෙශපාලන පක්ෂයක්; සංවිධානයක් ඇතුලෙවත් so called ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ කියලයි මං දන්නෙ. එහෙමය කියල හිතලා
      වෙන්නැති අපේ වැඩිහිටියන් නිකම්ම හිටියේ. තරුණ පෙළ හෙලා දැක්කේ.

      අපේ මහරගම ආච්චී 71 පිබිදීම දැක්කේ 'චේ ගුරා කාරයො මැතිණිව පන්නන්න කරන වැඩ' විදිහට.
      89 අරගලකාරයෝ දිවි පරදුවට තියලා වැඩ කරද්දී, (මාත් tv බලන්නට ගිය) ගෙදරක අය jvp කොල්ලොන්ට පලු යන්න බනිනවා.
      එදා නොනිල ඇඳිරි නීතිය දාපු නිසා.
      "මුන් හින්දා අද අපිට 'ඉරට හඬන මල්' බලා ගන්නත් නෑ!" කියමින්.

      Delete
    7. ඔහොම දේවල් ගොඩක් අමතක කරන්නේ කොහොමද විජේබාහු මහත්තයෝ.
      අපි හැමෝම අපටම අවංක වෙනවා නං;
      අපි කරන-කියන දේ ගැන ටිකක් හරි කල්පනා කරනවා නං;
      හෘදය සාක්කියට ඇහුම් කන් දෙනවා නං අපටම හොඳක් වෙයි නේද?
      දැන් ඉන්න තරුණ පෙළ මේ අරගල කරන්නේ ඉස්සරට වැඩිය මොළේ ඇතිව. පේනවනේ, ඊයේ- පෙරේදා ආලෝකයෙන් කල පෙරලිය!

      Delete
    8. මන්ත්‍රීලා ජනාධිපතිලා පත් කරන්න ඡන්දය දෙන්න ක්‍රමයක් තිබ්බට, එයාලව අයින් කරන බලයක් පුරවැසි අපට කෝ?
      පේනවානේ රටෙන් වැඩි කොටසක්; එක හඬින් Go කියද්දීත් වෙන දේ...

      Delete
    9. //අපි වත්මන් මහජන අරගලයෙන්ම පටන් ගත්තොත් තනි පුද්ගලයින් විශාල පිරිසක් පාරට බැහැලා තමන්ගේ ප්‍රශ්න හඬගා කියන්න පටන් අරන්. ඒ බොහෝ දෙනෙකු සතුව ඒ ප්‍රශ්න වලට විසඳුම් නැහැ. මේක ඒ අයගේ වැරැද්දක් නෙමෙයි. මේ මිනිස්සු පාරට බැහැලා ඉන්නෙම ඒ අය ළඟ ඒ අයගේ ප්‍රශ්න වලට විසඳුම් නැති නිසා. තමන්ට විසඳාගත හැකි ප්‍රශ්න මිනිස්සු මොන විදිහෙන් හරි විසඳා ගන්නවා.

      ඕනෑම ප්‍රශ්නයකට විසඳුම් තියෙනවා කියා කියන දේශපාලනඥයින්ට වඩා මේ මිනිස්සු අවංකයි. කළ යුත්තේ කුමක්ද කියා තමන්ට නොතේරෙන බව ගොඩක් තරුණයෝ මයික් ඉදිරිපිට බය නැතුව කියනවා.

      "ඒකනම් මට තේරෙන්නේ නැහැ. කවුරු හරි මොනවා හරි කරන්න ඕනෑ!"

      ඒ අය කියන්නේ කරන්න පුළුවන් කෙනෙක්ට රට බාර දෙන්න කියලා මිසක් තමන්ට බාර දෙන්න කියලා නෙමෙයි. කරන්න පුළුවන් කෙනෙක් සේ පෙනෙන පුද්ගලයෙක් කෙරෙහි විශ්වාසය තියන්න මේ මිනිස්සු සූදානම්. නන්දලාල් වීරසිංහ මේ විදිහේ මනුස්සයෙක් කියලා ගොඩක් අය හඳුනා ගෙන තියෙනවා. ඒ එක්කම නන්දලාල් වීරයෙක් වෙලා.

      වීරයෝ හදන එක භයානකයි. ඒක කාට වුනත් අදාළයි. නන්දලාල් කියා කියන්නෙත් වැරදි කළ හැකි, වැරදීම් විය හැකි සාමාන්‍ය මනුස්සයෙක්. ඒ නිසා, කොයි තනතුරට කවුරු ආවත් මනුස්සයා ගැන විශ්වාසය තියනවාට වඩා කරන දේ ගැන සැලකිල්ලෙන් බලා සිටිය යුතුයි. විශ්වාස නොකරනවා මෙන්ම ඕනෑවට වඩා අවිශ්වාසද නොකළ යුතුයි. සාමාන්‍යයෙන් විශ්වාස කරන්න අමාරු පුද්ගලයෙක් අතින් වුනත් සිදු විය යුතු නිවැරදි දේ සිදු විය හැකියි.//

      ඉකොනොමැට්ටා අද ලියලා තියෙන කොටහක් ඒ උලුප්පලා ගත්තේ.
      https://economatta.blogspot.com/2022/04/blog-post_18.html

      Delete
  12. https://youtu.be/Z87nKf9ifPw?t=755

    ReplyDelete
    Replies
    1. 'හැම දෙයකටම පති තුනක් තිබේ. ඔබ දකින පැත්ත, මම දකින පැත්ත හා ඇත්ත පැත්ත.' කියන කාරණේ තමයි මට මේ වීඩියෝව බලද්දී සිහි වුණේ.
      ස්තුතියි!

      Delete
  13. අරගලය සාර්ථක වේවා. ජය පතමි!

    ReplyDelete
    Replies
    1. ඔබෙ සුපැතුමත් අරගලයට සවියක්! ස්තුතියි අහස යාත්රිකයාණෙනි!!

      Delete
  14. විජේබාහුගෙ කමෙන්ට් එකේ තියෙන සමහර දේ සමඟ එකඟයි. (අපි ඔක්කොම හොඳ හොරු, ඔක්කොම වැසියෝ. තුන් සිංහලයම නෑඳෑයෝ.) විජේබාහු කලකිරීම මට තේරෙනවා. නිදි කියල තියෙන "වීරයෝ හදන එක භයානකයි" කියන එක හරහා ලොකු කතාවක් කියැවෙනවා. අරගලයට නායකත්වයක්(වීරයො) නැති එක හොඳයි කියල හිතෙන්නෙ ඒකයි. ඇත්ත, එතකොට පැහැදිලි අරමුණක් හෝ පැහැදිලි විසඳුමක් නෑ වගේ ප්‍රශ්ණ එනවා.

    ඒත් අපි රනිල්, අනුර, සජිත් හෝ වෙනත් විපක්ෂ නායකයො ගමුකො. ඔය එකෙක්ටවත් පැහැදිලි විසඳුමක් තියනවද නෑනෙ? හරි උන්දලට පැහැදිලි අරමුණක් තියෙනවා තමයි. අරගලයේ හරි. මිනී කර පිටින් ගිහිල්ලා හරි බලය අතට ගන්න එක.

    අරගලකරුවො 225ම එපා කියන්නෙ ඒක නිසා වෙන්ටෑ? ඒකෙ ෆේස් වැලිව් එක නැතුව රූපකයක්(metaphor) විදිහට ගත්තාම ඉල්ලන්නෙ, මේ මජර, දූෂිත සිස්ටම් එකේ වෙනසක්.

    අරගලකරුවො කියන්නෙ තොපි ඔක්කොම හොරු, ඩීල් කාරයො, ණයට අරං හොරා කන්න මිසක් ඉදිරි දැකීමක් නෑ කියලයි. සිස්ටම් එක හැදිලා තියෙන්නෙ එහෙමයි.

    අපේ රටේ දේසපාලුවන්ව, ඔය තැනට ගෙනිච්චෙ අපි. ඒ නිසා 69 ලක්සෙ, කඩේ ගිය අය වගේම කාවවත් "එල්ලන්න" ඕනෙයි කියල මට හිතෙන්නෙ නෑ. දේසපාකයින්ගෙ බලය/වරප්‍රසාද කප්පාදු කරන්න ඕනෙ.ආදායම විඝණනය කරලා දැඩි විනයකට යටත් වෙන, වගකියන ක්‍රමයක් හදන්න ඕනෙ. මේ තියෙන්නෙ එහෙම රටක්.

    මේ තියෙන්නෙ ස්වීඩනයෙ දේශපාලකයො ගැන

    මේ තියෙන්නෙ අපේ දේශපාලකයො ගැන



    මම රාජපාක්ෂිකයෙක් නොවෙයි, ඒත් තමන්ට වැරදුන බව ගෝඨා පිලිගත්ත එක හොඳ ආරම්භයක්

    ReplyDelete
    Replies
    1. මේ මුට්ටිය දාලා බැලුවෙ. ලිස්සනවද, ඉතුරු ටිකත් කියනවද කියල ඒ අනුව තීරණය කරනවා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ස්තුතියි බස්සා මහත්තයෝ. //මේ තියෙන්නෙ අපේ දේශපාලකයො ගැන// කියන තැනට යොදන්න අදහස් කළේ /රජ සැප අත නොහරින මැති-ඇමැති වරප්‍රසාද/ කියන තැන යෙදු link එකද? මේ තියෙන්නේ කියන තැන link එක වැටිලා නැති නිසයි ඇහුවේ.

      Delete
    4. ඔව් ඒකෙ එහෙම තමයි හිතුවෙ, පලවෙනි එක අවුල් නිසා.

      Delete
  15. අම්මෝ නිදි ගේ උත්තරේ දිග, බස්සා මුට්ටිය මොකටද ඔලුව දාපන් ගහන්න කව්රුත් නැ, නිදි ගේ බ්ලොගනේ.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. උත්තරේ දිග වැඩිවීම ගැන කනගාටුයි. අවුරුදු පනහක් විතර තිස්සේ එකතු වෙන වේදනාවෙන් බිඳක් ලියැවුණේ.

      Delete
  16. "රජයේ සේවා 20/21 දෙවසර නිකම් පඩි ගත්තා."
    දැන් විජේබාහු ඉන්න රටේ උනත් ආණ්ඩුව පළාතක් ලොක් ඩවුන් කලාම වැඩට එන්න බැරි මිනිස්සුන්ට පඩි දෙන්නේ නැද්ද?

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්