li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, April 30, 2022

උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස

මට එහෙම ගොඩාරියක් ආඩම්බර හිතුණේ ගෝඨා ගෝ ගමේදී....
කෙනෙකුට නිහතමානීව ආඩම්බර වෙන්න පුළුවන්ද? අනේ මට නම් පුළුවන්.

මට එහෙම ගොඩාරියක් ආඩම්බර හිතුණේ ‘ගෝඨා ගෝ ගමේ’දී පැය 68 උපවාසය කරද්දී... කවදාවත් දැකලා නැති, අහලා නැති, නාඳුනන හිතවතුන් වගේම දිග කාලයක් තිස්සේ හඳුනන හිතවතුනුත් අරගල බිමේදී මාව ආරක්ෂා කළ හැටි දැක්කම; මහා පවුරක් වගේ එකට එක්වෙලා හිටි හැටි දැනුණාම.... ලංකාවේ තැනින්-තැන වගේම ලෝකේ රට-රටවලත් ඉඳගෙන ඒ හිතවතුන් මට දිරි දුන් හැටි මතක් වෙද්දී... 

ඒ මදිවට එයාලා මං ගැන ලෝකයටත් කියලා.
ඒ සටහන්වලිනුත් කීපයක් තෝරාගෙන- ඒ දින තුනේ අත්දැකීම්වලින් තවත් ටිකක් ලියන්නයි මේ සැරසෙන්නේ.

මේවාත් ලියන්නම ඕනි කියල හිතුණේ ‘මාතලන්’ blog අඩවියේ ‘ඝෝඨාස් ලාස්ට් චෑන්ස්.. විමල්ගේ ඝෝඨා ජනපති විමල් අගමැති, ඩලස් පොදු අපේක්ෂක සිහිණය’ පෝස්ටුවට මං යැවූ කවි කමෙන්ටුවක් හරහා මතු වුණු කතාබහක් නිසයි.

‘අඩු වේවා අපේ තිබෙනා        කුම්මැහිකම්
වැඩි වේවා අනුන් වෙනුවෙන් සිතන හැඟුම්
දුරු වේවා බදාගෙන කන            කෑදරකම්
තරුණ පෙළට හිමි වේවා         නායකකම්’
- කියලයි මම ලිව්වේ. ඒකට ලැබුණා උත්තරයක්.

Anonymous April 26, 2022 at 2:50 AM
‘තරුණ පෙළට හිමි වේවා නායකකම්
;
මේ තියෙන්නේ ඕනෑ තරම් අවස්ථාව
, මේ අපේ පා ගමනට සෙට් වෙන්න:
https://www.youtube.com/watch?v=LZh495Dhrsk
අනේ මන්ද
, මාරාන්තික උපවාසයට එකතුවුන දෙවෙනි හාමුදුරුවොත් එක දවසින් නැගිටල ගියා අසනීපයි කියල......’
(උත්තරේ ගෙඩිය පිටින්ම බලා ගත්තෑකි ඕනි නං එහාට ගිහින්. Post එක දික් වුණත් එතැන් හිට අපේ සංවාදය එහෙම පිටින්ම උපුටා දක්වන්නයි යන්නේ.)

නිදිගෙ පංච තන්තරේ April 26, 2022 at 7:40 PM
‘//මාරාන්තික උපවාසයට එකතුවුන දෙවෙනි හාමුදුරුවොත් එක දවසින් නැගිටල ගියා අසනීපයි කියල.//
ඒ ටික දැක්කම මොකුත් නොලියා ඉන්නවා කියලයි ඊයෙ හිතුවේ. ලිව්වම මගේ පම්පෝරිය මමම කියා ගත්ත වගේ වෙන නිසා. ඒත් ලියන්නම හිතුනා.

නැත්තන් ඒ වැඩේ අල වෙන්න තියෙන ඉඩ වැඩියි!

ඕනෑම කෙනෙකු යම් වැඩකට බහින්න ඕනි හොයලා බලලා. නිසි තක්සේරුවක් කරලා. නැත්තන් ඒ වැඩේ අල වෙන්න තියෙන ඉඩ වැඩියි.

මට දැන් 68ක්. 2013 මට මල්ටිපල් මයෙලෝමා පිළිකා රෝගය වැලඳුනේ. එහෙම තියාගෙනත් මමත්  'ගෝඨා ගෝ ගමේ' අරගලයට ශක්තියක් වෙන්න පැය 68 ක උපවාසයක් සාර්ථකව කළා. වතුර විතරයි බිව්වේ.

මම හිටි තැනට ඉදිරිපිටින් තමයි හාමුදුරුවන් වහන්සේලා උපවාස කළේ. මට යාබදවත් (රාජාන්ගනේ හාමුදුරුවන් වහන්සේගෙ හිතවතෙක්) උපවාසයක් කළා. ඒ හැමෝම රෝහල්ගත කළා; අරගල බිමේ වෛද්‍ය කඳවුරුවල අයගේ දැඩි බලපෑම මත.) දෙවෙනි දවසේ රෑ මාවත් චෙක් කරලා කිව්වේ 'දැන් උපවාසය නවත්තන්න, ඔයාව කෝමා තත්ත්වයට වැටෙන්න පුළුවන්. මැරෙන්න පුළුවන්' කියලා. මගේ මුරණ්ඩුකම නිසාම ඒ පිරිස මට කිව්වා, ඉස්පිරිතාලෙකට ගිහින්- චෙක් කරගෙනවත් එමුයි කියලා. ඇම්බියුලන්ස් එකෙන්ම මාව ආපහු ගෝඨා ගෝ ගමට ගෙනත් දානවා කියලත් පොරොන්දු වුණා. නමුත් මට තියෙන හිතවත්කමට වෙන්නැති, එයාලා මාව මහ රෝහලට ඇතුල් කරලා ගිහින්, මටත් නොකියා.

රෝහලේ දොස්තර මහත්තයාත් කාරුණිකව උපදෙස් දුන්නේ උපවාසය නවත්තන්නයි. බැරිම නම් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවදා උදේ වෙනතෙක්වත් එහෙ ඉන්නයි.

ග්ලුකෝස් දැමූ වතුර බොන එකටත් බැහැයි කිව්වාම, එතුමා කිව්වා බෙහෙතක් එන්නත් කරන්නං- හැබැයි ටිකට් කපන්න බෑ, ඔයා යනවා නං කැමැත්තෙන් ගිය බවට අත්සන් කරලා යන්නයි වෙන්නේ කියලා. මං එහෙම කළා. රෑ 10.15 සිට 11 වෙනතුරු විතරයි මම අරගල බිමේ නොහිටියේ. සිකුරාදා උදේ 9 සිට ඉරිදා උදේ 5 වෙනතුරු පැය 68 ක උපවාසය කර ගන්න මට හැකි වුණේ දැනගෙන; දැඩි අදිටනකින් යුතුව; මම මටම අවංකව වැඩේට බැහැපු නිසයි. මගේ දුටු- නොදුටු- හඳුනන- නාඳුනන හිතවතුන් නිබඳවම මට දිරි දුන් නිසයි! (ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා තවමත්- කකුල් දෙකම ඉදිමිලා අමාරුවෙන් ඇවිදින ගමන්!)

https://nidigepanchathanthare.blogspot.com/2022/04/68.html

මොකද ඒ පිස්ස පිස්සු කෙලියෙ නැත්තන්....  

Anonymous April 27, 2022 at 3:39 AM
'@ Ano 2.36 AM, ඔය නිමල්ලාගේ ඉඳලා පැතුම් කර්නර් දක්වා හාදයන් රැල්ලට ඇවිත් ගොන් ආතල් දීපු එක ඇත්ත, අර කුරුස නාඩගමක් නටපු පිස්සු හාල්පාරුවන්ටත් ඕක අදාළයි. මේ අරගලේට ඔය එක පොල් බූරු මීහරක් වහල් මීහරක් හැත්ත අලුතින් එකතු කරපු දෙයක් නෑ. හරිනම් අරගලේට ක්‍රෙඩිට් දෙන්න ඕනෙ අපි ගෝ හෝම් කියලා බනින නන්දසේන පර බල්ලට. මොකද ඒ පිස්ස පිස්සු කෙලියෙ නැත්තන් තාමත් තමන්ට කෙලවෙන බවවත් නොදැන ලෝකයේ විවිධ රට රටවලින් අනාගත පරපුර උකස් තියලා ණය අරගෙන ඒවායින් පිස්සු කෙළිමින් දෙන ගොන් සහනාධාරවලින් සැපට ඉඳලා ඊට පස්සෙ දවසක ණය ගෙවන්න පුදුමාකාර ලෙස දුක් විඳින ජනතාවක් තාමත් ඉන්නෙ. මේක පොදුවේ ජනතාවගෙ අරගලයක් මිසක් ඔය කවුරුත් පටන් ගත්තු දෙයක් නෙවෙයි, ඔය එක බල්ලෙක්ටවත් ආවඩන්න එපා, ඒකෙන් තමයි මේ අවුල වෙලා තියෙන්නෙ. හැමෝම කැමති නම් උපවාස කරපු දෙන්, හැමෝටම සමානව අරගලය හිමියි, කවුරුත් ලොකු පොරවල් මේකේ නැහැ හරිද?

නිදිගෙ පංච තන්තරේ April 27, 2022 at 5:29 AM
‘ඔබෙ අදහසත් ඉදිරිපත් කිරීම ගැන මගේ ස්තුතිය!’

Anonymous April 27, 2022 at 6:11 PM
‘ඔබේ අදහස් සමග එකඟයි. ඔවු ඉතින් කවුරු කවුරුත් තැටිය රත් වෙලා තියෙන වෙලාවට රොටී පුච්චගන්නවා විතරයි. අපි ඔය කියන ගොන් පාට් හරහා කරන්නෙ කට්ටියට අරගලය එපා නොවී දිගටම කරගෙන යන්න උත්තේජනයක් දීම
, හරියට අර මළගෙවල්වල බූරුවා ගහන එක ඕමි ගහන එක කෙබර කතන්දර කයිවාරු ගහන එක වගේ දෙයක් මෙතන වෙන්නේ. ජෙහාන් කියන එකා බාල ලීවලින් හදාපු සැහැල්ලු කුරුසයක් කර තියන් ගිහින් ටොන් ගානක් බර කුරුසයක් හැතැම්ම දාස් ගාණක් උස්සන් ගියා වගේ අධිතාත්වික ආතල් එකක් දුන්න.
එතකොට ඔය කියන හාමුදුරුවරු නිමල් වගේ අය බොරුවට පැයක් විතර ඇවිත් වාඩි වෙලා ඉඳලා අති භයංකාර මාරාන්තික උපවාස හරියට මාරක ළිඳේ මෝටර් සයිකල් පදින එකක් වගේ මාකට් කරන එක මගින් මේක හරියට සැණකෙළියක් වගේ පවත්වාගෙන යන බව ඇත්ත.
ඒත් අවශ්‍ය වන්නේ මොන විදිහකට හරි මේ කොස් එක දිගටම පවත්වාගෙන යාමට යොදන මොකක් හරි ජල්තරයක්
, ඒ හරහා ආණ්ඩුවට බල කළ යුතුයි හරි දේ කිරීමට...’

උපවාස පැය 68 කාලය තුළ මා පානය කළේ වතුර පමණකි. ඒ මට මා අවංක බැවිනි- මා කටයුතු කරන්නේ මගේ හෘදය සාක්ෂියට අවනතව බැවිනි.

නිදිගෙ පංච තන්තරේ April 27, 2022 at 8:38 PM
‘ඇත්තක් වුවත් බලෙන් ඒත්තු ගැන්විය නොහැකිය. ඒ බව දැන-දැනම වුවද මෙය ලියන්නෙ මගේ ගෞරවය හා අභිමානය වෙනුවෙනි.

මට කිව හැක්කේ අරගල බිමේදී සිකුරාදා උදේ 9 සිට ඉරිදා පාන්දර 5 වන තෙක් පැය හැට අටක කාලය තුලදී කිසිදු ආහාරයක්; පෝෂණීය පානයක් වැනි දෙයක්වත් නොගත් බවයි. මා පානය කළේ වතුර පමණකි. ඒ මට මා අවංක බැවිනි- මා කටයුතු කරන්නේ මගේ හෘදය සාක්ෂියට අවනතව බැවිනි.’

Anonymous April 28, 2022 at 12:29 AM
‘ඔය උඩ ඇනො ගෝතයින් කියන දෙවල් ගණන් ගන්න එපා නිදී. මොකද මේක බහු පාක්ෂික අරගලයක් නිසා සර්වපාක්ෂික සර්වාගමික අදහස් ඔතන තියෙනවා.
මමත් ලංකාවේ විසඳුමක් නැති ප්‍රශ්නවලට විසඳුමක් සොයා මගේ හෘදය සාක්ෂියට 200% අවනතව උපවාසයක් සාර්ථකව කළා, ඔබත් නරක නෑ නිදී, නමුත් මම නම් මීටත් වඩා හොඳට උපවාස කළා, කොටින්ම මම අප්‍රේල් 03 වෙනිදා උදේ පාන්දර පෙ.ව. 6.01 සිට ලංකාවේ වේලාවෙන් අප්‍රේල් 28 දවල් 12.45 තෙක් මේ දක්වා එක දිගට දවස් 25 ක් කෑම බීම විතරක් නෙවෙයි වතුරවත් නොබී දැඩි ලෙස මාරාන්තික උපවාසයක නිරත වෙනවා, මම නම් වතුර පොදක් තබා කෙළවත් ගිලින්නේ නෑ, මේ වගේ ඔබත් අනික් අයටත් සැබැවින්ම මාරාන්තික උපවාස කිරීමට සහ දැඩි අධිෂ්ඨානයක් කිරීමට යෝජනා කරමි.
මගේ අධිෂ්ඨානය කම්බා හොර රාජපක්ෂ හොර පෞලම සම්පූර්ණයෙන්ම රටින් හැඳි ගෑවිලා පලයන් කියන එකත්
, දෙසිය විසිපහ වෙනුවට අලුත් තරුණ පිරිසක් අපි වගේ වයස විසි තිස් ගණන්වල තරුණයන්ට මේ රට පාලනය කිරීමට අවස්ථාව ලබා දෙන ලෙසයි, මෙය අනිවාර්යයෙන්ම ඉටුවෙන බව මට විස්වාසයි, එතකම් මා උපවාසයේ යෙදේනවා, විසඳුමක් නැත්නම් කොහෙද විසඳුම් තියෙන්නෙ?
තීන්දු තීරණ ගන්න ජ්‍යේෂ්ඨ ඇමතිවරු
, මන්ත්‍රීවරු, ජ්‍යේෂ්ඨ දේශපාලනඥයො ඇයි තීන්දු තීරණ ගන්නෙ නැත්තෙ? තීන්දු තීරණ ගන්න බැරි නම් අපට දෙන්න, අපි ගන්නම්! ජ්‍යේෂ්ඨ තනතුරු අගමැතිකම හරි කමක් නෑ, කිසි ප්‍රශ්නයක් නෑ අපට දෙන්න. අපි තීන්දු තීරණ අරගෙන මේ රටේ ප්‍රශ්න විසඳලා ආපහු ඒක දෙන්නම්. මන්දිර අවශ්‍ය නෑ, V8 ඕනෙ නෑ, ආසන ඕනෙ නෑ, මේ මහපොළවෙ වාඩිවෙලා හරි මේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්න ටික විසඳීමේ වගකීම දැන්වත් තේරුම් ගන්න.’

එයාලා ඝෝෂාව අඩු තැනක කුටියක් හොයාගෙනත් ආවා.

කට්ටිය, ඉතිං ඔය පසුබිමේ ඉඳන් යමු ටික දවසක් එහාට; අතීතයට.

2022 අප්‍රේල් 21
බඩා මල්ලාත් එක්ක ගෝඨා ගෝ ගමට ගිහින් සංවිධායක හිතවතෙක් හමු වුණා. ක්‍රිකට් ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පැය 24 උපවාස කළ කුටියේම සංගීතඥ හර්ෂ මාකලන්ද උපවාස කරමින් හිටියා. ‘හෙට උදේට ඔයාගේ උපවාසයත් මෙතන කරමු!’ අර හිතවතා කීවා.
ඊට අල්ලපු කුටියේ ස්වාමීන් වහන්සේ නමකුත් මාරාන්තික උපවාසයක යෙදිලා ඉන්නවා මට පෙනුණා.

2022 අප්‍රේල් 22
Blog එකට දැම්මා මම
උපවාසයක් කරන බව කියවෙන පෝස්ටුවක්; පාන්දරින්. ඒ ගැන කෙටි විස්තරයක් fb එකට දැම්මේ ඊයේ හවසයි.

එහාට ගිහින් බලද්දී, මං උපවාසය කරන්නට සැරසුණු කුටිය මාධ්‍යවේදීන්ට වෙන් කර දීලා. ඉතිං, මගේ හිතවතා මට තෝරලා දුන්නේ ‘අරගල බිමේ’ නොනිදන තැන ඉදිරිපිට තැනකුයි.
“මෙතන පැය 24ම සද්දේ. නිමල්ට පුළුවන්ද එක දිගට මේ සද්දෙට ඔරොත්තු දීගෙන ඉන්න.” මට සහයෝගය පළ කරන්නට ඇවිත් හිටි Pra Jay ඇහුවා. තරුරසීත්, නෙවිල්ලාත් හිටියේ ඒ අදහසේමයි. කොච්චර හරි එයාලා, ටිකක් ඈතින් ෂැංග්‍රිලා ආසන්නයේ ඝෝෂාව අඩු තැනක කුටියක් (මං වෙනුවෙන්) හොයාගෙනත් ආවා.

“බෑ, බෑ. එහෙම කරන්නේ කොහොමද, මේ තැන වෙන් කරල දුන්නු කෙනාගේ හිත රිදෙයි. මං සද්දේ උහුලගෙන ඉන්නං.” මං කිව්වා.
“එතකොට ඔයාට දවස් තුනේම නින්දක් නැති වෙයි!”
එතකොටත් අරගල බිමේ උතුරණ ජීව ගුණය මගේ ඇඟට කාන්දු වෙලා ඉවරයි. “අර කට්ටිය දැන් සුමාන දෙකක් තිස්සේ රට වෙනුවෙන් එක දිගට පරිප්පු කන්නෙ... දවස් තුනක් උහුලගන්න මට බැරිද?”
මං ඒ කුටියේම උපවාසයට වාඩි වුණා, ප්ලාස්ටික් පුටුවක් උඩ.
“නිමල් අයියේ, බැනර් එකක් ඇඳගෙන එනකල් මේ බෝඩ් එක මෙතැනින් ගහමු!” අර හිතවතා පදික වේදිකාවේ බිම තියාගෙනම බෝඩ් එකක් ලිව්වා.....

ඊට පස්සේ වරින්-වර කිහිප දෙනෙක් ඇවිත් කතා කරලා ගියත් එක්ක. ජනකලත් ආවා.

ලංකාවේ සාහිත්‍ය ග්‍රන්ථ ප්‍රකාශනය උසස් නිමාවකට රැගෙන ඒමට....

ජනක ඉනිමංකඩ සහෘදයා fb එකේ සටහනක් යොදන්නට ඇත්තේ එතැනම සිටගෙන විය යුතුය.

අප්‍රේල් 22 13.43
‘නිමල් දිසානායක හෙවත් නිමල් අයියා බොහෝ කලක් පියසිරි ප්රින්ටින් සිස්ටම්ස් ආයතනයේ මුද්රණ කළමණාකරුවා ලෙස සේවය කළේය.

එම ආයතනය වැසී ගිය පසු, විදර්ශන ප්රකාශන ආයතනයේ ප්රකාශන කළමණාකරු ලෙස ඔහු ටික කලක් සේවය කළේය. ලංකාවේ සාහිත්ය ග්රන්ථ ප්රකාශනය උසස් නිමාවකට රැගෙන ඒමට 2000 වසරවල මුල් කාලයේ පියසිරි ප්රින්ටින් සිස්ටම්ස් ආයතනය හරහා ඔහු සුවිශාල වැඩ කොටසක් ඉටු කළේය.

කේ. ජයතිලකගේ සිට මොහාන් රාජ් මඩවල දක්වා ලේඛකයන් සුවිශාල ප්රමාණයකගේ කෘතිවල සෝදුපත් කියවන්නා වූයේද ඔහුය.

මුල් යුගයේ විදර්ශන ප්රකාශන අත්පත් කරගත් බොහෝ මුද්රණ නිමාවන්වල පිටුපස සිටි විශාල ශක්තීන් අතරින් කෙනෙකි නිමල් දිසානායක හෙවත් නිමල් අයියා.

දිග කාලයක සිට නිමල් අයියා සිටින්නේ පිළිකා රෝගයෙන් පීඩා විඳිමින්ය.

මේ නිශ්චිත මොහොතේ නිමල් අය්යා වැන්නෙකු මේ රැගෙන තිබෙන තීරණය ලෙහෙසි පහසු එකක් නොවේ. සෞඛ්ය සම්පන්න, ශක්තිමත් මිනිසුන්ටවත් ලෙහෙසියෙන් ගත නොහැකි එකකි.

ඒ ලාංකීය දේශපාලනයේ යහ සෞඛ්යය වෙනුවෙනි.
පාඨකයනි, ලේඛකයනි, ප්රකාශකයනි, මුද්රණකරුවනි නිමල් අයියාට සවියක් වන්න.

#gogotahome2022 වෙත සහය දක්වමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ දොරටුව ඉදිරිපිට නිමල් අයියා මාරාන්තික උපවාසයේ නිරතව සිටියි.’

“අනේ නිමල් අයියේ, මේ පුටුවේ එක දිගට දවස් තුනක් වාඩි වෙලා හිටියැකිද? අපි කුෂන් පුටුවක් ගේන්නං...” ජනකගේ ප්‍රියම්බිකා; මව්වත්කමෙන් සපිරි තුෂාරි නංගී යෝජනා කළේත් එදාමය. “අපෝ එපා නංගී. අර කොල්ලො- කෙල්ලන්ට නිකං පුටුවත් නෑනේ.” 
“ඔයා හරි මුරණ්ඩුයි අයියේ.... අපූ, අපි යමු පුතේ ඇඳි දෙකක් තියෙන පුටුවක්වත් හොයාගෙන එන්න.”
ටික වේලාවකින්ම අපූර්ව පුතා ඇඳි දෙකක් සහිත පුටුවක් උස්සාගෙන ආවේය. ඊළඟට එතෙක් මා වාඩිවී සිටි ඇඳි රහිත පුටුව ජනමාධ්‍ය කුටියට උස්සාගෙනත් ගියේය.

නාඳුනන මිනිසුන් දින ගණනාවක් මුළුල්ලේ, රෑ දවල් නොතකා, අව්වැසි ගැහැට මැද අනවරත අරගලයේය.

“එහෙන් තමයි මේ පුටුව ඉල්ල ගත්තේ. නිමල් අයියගේ උපවාසේ ඉවර වුණාම පුටු දෙක මාරු කර ගනිමු.” තුෂාරි නංගිලා එතනිනුත් නතර නොවුණෝය. “අත්තිඩියේ තැනක folding bed තියෙනවා. ඔයාට හාන්සි වෙලා ඉන්න අපි ගිහින් ඒකක් ගේන්නං.....”

“අනේ නංගී, ඒකට නං හා කියන්න බෑ. මම පුටුවෙම ඉන්නං.”
“එතකොට තමුසෙගෙ කකුල් ඉදිමෙනව නේද.....” නෙවිල්ටත් තරහ ගිහින්ය.
“එහෙම වුණාම රෑට කකුල් දෙක උඩින් තියා ගන්නං!”

එව්වා සිදු වෙන අතරේ, නදීෂ් දිල්ශාන් දිසානායක හිතවතාගෙ හෘද සාක්ෂිය මුර ගාන්නට පටන් ගෙනය.

අප්‍රේල් 22 14.32
‘මට මං ගැන මහා ලැජ්ජාවක් ඇති වෙමින් තිබේ....

මාත් ඇතුළු සමස්ත රටවැසියාගේ යහපත වෙනුවෙන් කළණ උපවාසයේය. පාස්කු ප්රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලමින් ජෙහාන් උන් සියල්ලගේ බර කරේ තබා ගෙන දින තුනක් තිස්සේ පා ගමනේය. නාඳුනන මිනිසුන් දින ගණනාවක් මුළුල්ලේ, රෑ දවල් නොතකා, අව්වැසි ගැහැට මැද අනවරත අරගලයේය. මං සීත කාමරයකය.

ඒ එක්කම මල්ටිපල් මයලෝමා නම් පිළිකාමය රෝගී තත්ත්වය මෙන්ම තම වයස්ගත තත්ත්වය පවා නොතකා කිසිම මාධ්යයක අවධානයක් නොලැබ නිමල් දිසානායක නම් හැබෑ මිනිසා යුක්තිය උදෙසා උපවාසයේය.

ඉදින් මං මා ගැනම ලැජ්ජා නොවිය යුතුද...’

ගෙදරදී නං මම දවල්ට පැයක් හමාරක් නිඳා ගන්නවා, මහ පාන්දර ඇහැරෙන හින්දා. පුරුද්දට කිරා වැටෙමින් ඉන්න අතරේ අපේ කුටියට ආවා තරුණ කෙල්ලක්. (මගේ වචනවලින් කියනවා නං ‘ඇමේසන් යෝදියන්ගෙ නෑයෙක්’ වගේ.) සැප සනීප අහලා- විස්තර කතා කරලා, සෙල්ෆියකුත් අරගෙන ගිහින් එයාත් මුහුණු පොතේ ලියලා.

අසනීපත් තියාගෙන උපවාස කරන එක ගැන නම් මගේ කිසිම මනාපයක් නැති වග....

Kithma Jayanthi  අප්‍රේල් 22 16.58
‘අරගල භූමිය තුළ පැය 69 - 1 ක මාරන්තික උපවාසයක යෙදෙන ආදරණීය නි.දි. අංකල් (නිදිගේ පංච තන්ත්රය බ්ලොගර් නිමල් දිසානායක මහත්මා) හමුව වචන කීපයක් කතාබහ කරන අතරතුර...

අසනීපත් තියාගෙන උපවාස කරන එක ගැන නම් මගේ කිසිම මනාපයක් නැති වග නම් කෙලින්ම කිව්වා මං. මොනව වුණත් එතුමාට තෙරුවන් සරණින් සියළු ආරක්ෂාව ලැබේවායි පතනවා...’

පස්සෙයි මම දන්නෙ ඒ කිත්මා ජයන්ති බව. ‘නිදි වෙනුවෙන් බ්ලොග්කාරයෝ’ සමූහයට තොරතුරු හොයන්නත් එක්කයි කිත්මා එන්න ඇත්තේ.

දන්නවනෙ මං වහන්සේගේ ‘ස්නාන චාරිත්තරේ’ ගැන. උදෙන්ම නාලා ආවට මොකෝ, දහඩියෙන් නෑවෙවී හිටිද්දී මට මාවම අප්පිරියයි. මෙහෙම අකරතැබ්බයකට මං මුහුණ දුන්නා ඔකඳ දේවාලයේ සිට පයින්ම කතරගමට පාද යාත්‍රාවේ යෙදුණු දෙවෙනි දවසේදීත්. එදාත් දෙයියෝ මට අත පෑවා, වතුර බවුසරයක් එවලා!

මෙදාත් මගේ අසරණකම දැක්ක වගේ වැස්ස වලාහක දිවිය පුත්තරයා අනෝරා වැස්සක් වස්සවපි- තද හුළඟකුත් එක්කම!
අපේ ඉහට උඩින් ඇදලා තිබුණ ඉටි රෙද්ද තද හුළඟට අහු වෙලා ඇඹරුණේ ලජ්ජාභරිත ළමිස්සියකටත් වැඩිය විළිබරවයි. මුහුද පැත්තෙන් බැට දුන්නු සුළඟ හරිම නපුරු විදිහටයි, වැසි දිය අපේ සරුවාන්ගයන්ම තෙමමින්  වැක්කෙරුවේ. හිතා ගත්තෑකිනෙ, මේ නිදි විතරක් පස්වනක් ප්‍රීතියෙන් පිනා යමින් පුටුව උඩට වෙලා තෙමිච්චි හැටි!
ඒ අස්සේ කවුද මන්දා, මේ තෙමිච්චි කුකුළගෙ foto එහෙකුත් අරං. කැතේ බෑ!

මං හිටි තැනට වම් පැත්තෙනුත් හිටියේ මාරාන්තික උපවාසයක් කරන කෙනෙක්. එයාත් තෙමුණා! ටිකෙන්-ටික මගෙත් එක්ක කතාවට වැටුණා. “ඔයා වතුර බොනවද?”
“ඔව්. ඇයි ඔයා වතුරවත් නොබීද උපවාසේ කරන්නේ? මං දන්න තරමට නං එහෙම වතුරවත් නොබී ඉන්න හොඳ නෑ.” මම එයාට පණ්ඩිතකමකුත් කිව්වා.

ජාතික කොඩිය දරාගෙන ඉන්නකොට ඕනිම කෙනෙකුට ගැම්මක් එනවනේ!

එයා වතුර බොන්න විතරක් නෙවෙයි, ළඟටවත් ගන්න අකැමැති විදිහයි මට පෙනුණේ. මට වගේ උදව්වට පිරිවරකුත් ඒ හාදයට හිටියේ නෑ. තනි අලියෙක් වගේ. මුලින් වාඩි වෙලා හිටියෙත් ලී පැලට් එකක් උඩ. එයාත් වැස්සට තෙමෙද්දී එයාට පිටිපස්සෙන් එල්ලල තිබ්බ ඉටි රෙදිත් ගොඩක් ඉරිල ගියා හුළඟට. මට තනියට ඇවිත් හිටි අපේ සුනිල් මල්ලිගේ දෙවෙනි පුතා; ජයශංඛ එතනදීම හිතවත් වුණු තරුණ ගැටව් තුන්-හතර දෙනෙකුත් එක්ක එකතු වෙලා ඒ කුටිය පිළිසකර කරලා දුන්නා.

ජයාත් දිසානායක ජාන උරුම කරගත් හාදයෙක්.
අපේ කුටියට දකුණු පැත්තෙන් තිබුණා ජාතික කොඩි අලෙවි කරන තැනක්. එතැනින් රුපියල් හයසීයක ලොකු කොඩියක් අරගත්තු ජයා ඒ කොඩිය මගේ දෙවුර වටේ දැම්මා. “එතකොට ගති මහප්පේ!”

“ඒ වුණාට චූටි පුතේ මේක පොරවගෙන ඉන්න බෑ. අතේ තියාගෙන ඉන්නං.” මං කිව්වා. ජාතික කොඩිය දරාගෙන ඉන්නකොට ඕනිම කෙනෙකුට ගැම්මක් එනවනේ. මටත් එහෙමම වුණා. (ස්තුතියි ජයෝ!)

ජයශංඛයි, නෙවිලුයි තමා 22 වෙනිදා රෑ මට තනියට කුටියේ හිටියෙත්. පාන්දර හතරට විතර නෙවිල් ගෙදර ගියා, ටිකක් නිඳාගෙන ඉඳලා දවල්ට එන්න. ජයශංඛ හිටියේ මගේ දකුණු අත පැත්තෙන් වාඩි වෙලා, කිරා වැටෙමින්. මං හිටියේ නින්දත් නොනින්දත් අතරේ.

“ෆෝන් එක දීපං යකෝ!”
මම ඇහැරුණේ ගැස්සිලා. එහෙම කියලා තිබ්බේ අපිට නෙවෙයි. තරමක් කිළුටු ඇඳුමක් ඇඳගෙන හිටි හොඳටම කෙසඟ, තරුණ හාදයෙකුට. දකුණු පැත්තෙ ඉඳලා මිනිහා ඇවිදගෙන ආවෙත් අමාරුවෙන්. තව දෙන්නෙක් ඉස්සරහින්. එක්කෙනෙකු අතේ ජාතික කොඩියක්. අර හාදයාට පිටිපස්සෙන් තව තරුණයන් දෙන්නෙක්.

සිද්ධිය කියනකොට ලේසි වෙන්න අපි ඒ පස් දෙනාව අංක අනුව නම් කරමු. (මේ මට පෙනුණු විදිහයි.)
1. හොරා
2. මැදිහත්කරුවා 
3. ජාතික කොඩිය රැගත් මැදිහත්කරුවා
4. ෆෝන් එකේ හිමිකරු
5. ෆෝන් හිමිකරුගේ මිතුරා
මීට අමතරව තව නරඹන්නන් කිහිප දෙනෙකුත් පසුපසින් ඇවිත්, ටිකක් ඈතින් බලා හිටියා.

ජනාධිපතිතුමා, අගමැතිතුමා වගේ පවතින තත්ත්වේ ගණන් නොගෙන ඉන්න පුරුද්දක්...

අමාරුවෙන් ඇවිදගෙන ආව හොරා එක සැරේම ඇදගෙන වැටුණා, මං වාඩි වෙලා හිටි පුටුවේ අතක වැදීගෙන. 2 හා 3 ඒකා ළඟින්ම වාඩි වුණා. කොච්චර ළඟින්ද කියනවා නම්, ඒ තුන් දෙනාම ඉන්නේ මගේ පුටුවේ ගෑවි-ගෑවී.

“මාත් කුඩු ගහන Xත්තෙක් යකෝ. මේ මල්ලිලාගේ ෆෝන් එක දීපං....” 3 කිව්වා.
“කියන දේ අහලා ෆෝන් එක දියං. මම තොට ගහනවා මැරෙන්නම.....” 2ත් කිව්වා.

“ම...ම.. මං ගත්තෙ නෑ.” හොරා කෙඳිරුවා.
“මෙයා නිඳාගෙන හිටිද්දී මේකා ෆෝන් එක ඉස්සුවේ!” 5 කිව්වා. අපේ ජයශංඛ හිටියේ ඒ සේරම අහගෙන. මිනිහත් මැදට පැන්නා. “දීපං Xත්තෝ ෆෝන් එක.” ඒ අස්සේ හොරා බාගෙට නැඟිට්ටා. ‘චටාස්’ අතක් ගුලි කළ මුෂ්ටි ප්‍රහාරයක්- හොරාගෙ මුහුණටම එල්ල වුණා.
“අම්මොහ්....” ආයෙමත් පුටුවේ වැදීගෙන ඒකා එතැනම බිම වැටුණා....

මොකද කරන්නේ, පෝස්ටුව දිග වැඩියි. ජනාධිපතිතුමා, අගමැතිතුමා වගේ පවතින තත්ත්වේ ගණන් නොගෙන ඉන්න පුරුද්දක් මට නෑ... තව කොටසකින් ඊළඟ හරිය කියන්නං... හොඳේ!

33 comments:

  1. අනේ මන්ද නිදි, මෙන්න මගේ සත පහ,
    ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක අරගල කළහැකි එකම දෙය චන්දයක් ඉල්ලිම පමණි. චන්දයෙන් පත්වූ අය (හොරු උනත්) බලෙන් අස් කර නොහැක.

    1) ඊලග හොරු සෙට් එකත් චන්දය දිනා පර්ලිමේන්තුවට පැමිණිය යුතුයි නේද?
    2) බටහිර රටක උනත් මේ වගේ නේද?
    3)හොරු නොවන දේශපාලුවන්ට උනත් අද බෙදන්නේ එකම හැන්දෙන් නේද?
    4)උගත් බුද්මත් අය මේ දේශපාලුවන් කන පරිප්පු කන්න ඒවිද?
    5)අද එක අලුත් උගත් බුද්මත් මුණක් එලියට බැස තිබේද?
    6)මේ අනුව 225 ගෙදර ගියත් අනාගතය සුබද?
    7)රස්සාවක් කර හම්බකර පවලට රටට වැඩක් කරන කීයක් මෙතන ඉන්නවද?
    8) වර්ජන කර කර (2020/2021 වගේ) නිකම් පඩි ගැනීමෙන් රටට වැඩක් වේය්ද
    9)තමන්ගේ කොළ/නිල්/රතු පාට ඇර අලුත් දෙයක් තිබේද?

    බොහෝ දෙනෙක්ට අමතක දේ නම් අපේ රටේ ආණ්ඩුක්‍රම වියවස්තාවේ ඇති දේවල්ය. 225 ගෙදර යන්න, ආණ්ඩුව ගෙදර යන්න කියන්නේ ඒකාදිපති හෝ හමුදා පාලනයක් නේද? අරගල කරන අය එකට කැමතිද?

    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. හ්ම්...වැදගත් ප්‍රශ්ණ ටිකක්. කෙලින්ම දෙන්න උත්තරයක් නෑ, තියෙන්නෙ තව ප්‍රශ්ණ ටිකක් විතරයි

      1. "හොරු නොවන දේශපාලුවන්"? හෑ, එහෙම අයත් ඉන්නවද?
      2. මහින්දව ජනේලෙ එල්ලුවා. රනිල් ආවා, පස්ස-වැගන්(ආයෝජන) ආවෙ නෑ. හොරුත් ලිස්සුවා, අලිය බැංකුවට කෙලියා. රනිල්ට ඇපෙත් නැතුව ගියා. ඊලග හොරු සෙට් එක....සූට් මහනවා. රට බංකොලෙත්. ඒ අස්සෙ ශ්‍රී ලන්කන්, එයාෆෝස් ගුවන් යානා ඩීල් දානවා.හ්ම්....
      3. දේශපාලුවන් උපතින්ම, හර්ද සාක්කියක් නැති sociopath ලාද? නැත්නම් මේ තියන මජර, ප්‍රභූ දේශපාලන ක්‍රමයේ නිෂ්පාදනයක්ද?
      4. දෙන දේ කලා, සශ්‍යමාරු ක්‍රමයට චන්දෙ දීලා හිටලා වෙනසක් වුනාද?
      5. බටහිර රටක උනත් මේ වගේ නේද?හ්ම්.. ජර්මනියෙ, ස්වීඩනයෙ මෙච්චරම නීලකාස හොරු නෑ කියලයි කියන්නෙ.


      Delete
    2. ලිස්සලා යන එක අසාදාරනය් බස්සෝ, ගෝල් පීස් නොගියට මේවා දැවෙන ප්‍රශ්න මල්ලි.
      මම විජේබාහු

      Delete
    3. උගත් බුද්මත් අය?
      නියමිත මිල(තානාපතිකම) ලැබුනාම, නාථ දෙයියත් විකිණුනා, ආයිබෝං.
      http://www1.kalaya.org/2022/04/blog-post_30.html

      Delete
    4. ඇනෝ, බස්සෝ.
      අහලා තියෙන. කියලා තියෙන ප්‍රශ්නවලට උත්තර නං නෙවෙයි මේ. ඔයාලගේ comments ක්යවද්දී හිතට ආව දේවල් දෙක තුනක්.
      අපේ ආච්චී මට කියාදුන් එක ඉන්දීය රජ කතාවක් තමයි 'සත්‍යවාදී හරිශ්චන්ද්‍ර'. ඒ රජ්ජුරුවන්ගේ සත්‍යවාදී ප්‍රතිපත්තිය පරීක්ෂා කරන්න දෙවිවරු අපමණ උගුල් අටවනවා. රජකම නැති කරවනවා, සොහොන්පල්ලෙක් තරමේ රස්සාවක් කරන්න සලස්සනවා. දරුවා මළාම පුළුස්සන ගාස්තුව ගෙවන්න සල්ලි නැති නිසා ඒ වැඩෙත් කරගන්න බැරි වෙනවා. ඒත් සත්‍යවාදී හරිශ්චන්ද්‍ර ප්‍රතිපත්තිය බිඳින්නේ නෑ!
      අනෙක් කතන්දරේ තියෙන්නේ ජාතක පොතේ. කුරු ධර්ම ජාතකය.
      http://jathakakatha.lk/sinhala/index.php?option=com_content&view=article&id=540:266-&catid=55:251-300-&Itemid=98
      ඒ එක්කම මතක් වෙන කතන්දර දෙකක් මේ. 1. ඕනෑම කෙනෙකු මිලදී ගත හැකිය- කල යුත්තේ විකිනෙන මිල සොයා ගැනීමය.
      2. රටකට ලැබෙන පාලකයන් ඒ රටේ පුරවැසියන්ට ගැලපෙන අයයි.
      ඔය මදැයි!

      Delete
  2. Replies
    1. වැට කොටයි වගේ නේද? දැන් ලී තියනවද? ඩිංග, ඩිංග ඩාම් වෙනවා, ඩූම් වෙනවත් ඇති නේද?🤔

      Delete
    2. වැට කොට වුණාට කාරී නෑ. ලී අඩුවෙන් පාවිච්චි වෙන නිසා ගස් කැපිල්ල අඩු වෙනවනේ!

      Delete
  3. නිදි අරගලයෙදි දැකපු දේ දිගටම ලියන්න. මේ ලියන විදිහ හොඳයි. විනිශ්වයකරුවෙක් නොවී ප්‍රේක්ෂකයෙක් ලෙස, අරගලය දැක්ක හැටි තමයි වටින්නෙ. ස්තූතියි

    ReplyDelete
    Replies
    1. එහෙම දේවල් තමයි බස්සා මහත්තයෝ, මේ post එකේදී ලියන්න වෙන්නේ. දවස් තුනම එක තැන හිටිද්දී ඇහු, දුටු, වුණු දේ.

      Delete
  4. අනේ කාලේ, වනේ වාසේ!. මේ කාලෙ නරින්ට අපලයි, සෑර්. "කාළකන්නි හිවල් රෑන" කියලත් බැන්නා. අර මීයො හින්දා බැනුං අහන්නේ අහිම්සක අපේ සනුහරේ තමයි.😒

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්න එපා නරිමොටෝ. ඔයිට වැඩිය ගාම්භීරව හිටිය සනුහරයක් අන්තිමටම කුජීත වෙලා; නන්නත්තාර වෙලා ඉන්නේ මේ දවස්වල!

      Delete
  5. අරගල භූමියේ වෙච්චි ඒවා ලියන එක හොඳා...... පහුවට, ඩිජිටල් අවකාසෙ ඉතිහාස මුලාශ්‍ර වෙයි මෙව්වා

    ReplyDelete
  6. නිදි අයියව බලන්න එන්න ආසාවක් තිබුණත් එන්න විදිහක් තිබුණෙ නෑ. කොටින්ම ඒ දවස් ටිකේ ඒ පැත්තට එන්න තිබුණ ආසාව වත් තවම සංසිදවගන්න බැරිවෙලා තියෙන්නෙ. ප්‍රාදේශීය මට්ටමේ වෙන උද්ඝෝෂණ වලට හැකි විදිහකට සම්බන්ධ වුණත් කොළඹ පැත්තට එන්න විදිහක් නැතිවට කණගාටුවක් තියෙන්නෙ.
    මේ ලියවෙන විදිහ හොඳයි. ඉතුරු ටිකත් ලියමුකෝග පුලු පුලුවන් විදිහට ඒනව කියවන්න. කමන්ට් නැතත් බලල හරි යන්න ඒනව

    ReplyDelete
    Replies
    1. මොකද අනේ මේ වෙන්නෙ. මගෙ නම හොරකම් කලේ කවුද. 😥😥🤨🤨

      මීට අවන්හල මහේෂ යා වම්හ

      Delete
    2. පරිස්සමින්, හෙටානිද්දම මහා භයානක හොරු කල එලියට එයි!

      Delete
    3. @ මහේෂ්,
      බොරු කියන්නෙපා ඔහේ ඇනොනිමස් හැකරෙක් නේද? :D

      Delete
  7. නිදී අංකල් සජිත් බැසිල්ගෙන් සල්ලි අරන් කියන්නෙ ඇත්ත නේද?

    ආණ්ඩුව පන්නලා දාලා ඒ වෙනුවට පත් කිරීමට සිදු වන සජිත් ප්‍රේමදාස රාජපක්ෂ සහ අනුර කුමාර රාජපක්ෂ වගේ ගෝත තකතීරු අමන ආත්මාර්ථකාමී ජඩයන් වෙනුවට අරගලය හරහා ලංකාවේ අලුත් දේශපාලන නායකයින් සොයා ගැනීම අත්‍යවශ්‍යයි ඒ වගේම අලුත් පක්ෂයක් පිහිටුවලා තව අවුරුදු දහයක් පමණ දිගු කාලයක් ගියත් කමක් නැහැ මොකද අමන මිනිස්සු පන්නවා හොඳ නායකයන් තෝරා රට මේ ප්‍රශ්න වලින් බේරාගැනීම සඳහා කටයුතු කළ යුතුයි නැතුව මේ වගේ අරගලය කිසිම විදිහකින් දියාරු වෙන්න නොදී රැක ගැනීමට ඕනේ, නැත්නම් අපි මෙච්චර මහන්සි වුණ එකෙනුත් ඇති වැඩේ මොකක්ද?

    ReplyDelete
    Replies
    1. විවිධාකාර ආරංචි, කටකතා එමටයි. මං නං කරන්නේ හැකි තරම් ඒවා ගැන දැනුවත් වීම විතරයි. එහෙම මිසක් තීරණවලට එළඹෙන්නේ නෑ, එක සැරේම.
      අරගලය ගමන් කරන දිශානතිය- ඊළඟට සිදු වෙනදේ වගේ දේවල් රටේ යහපතටම හේතු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කිරීම තමයි අපි වැඩ දෙනෙකුටම කරන්න ඇහැකි. දැනට නං සිදු වෙන දේ ගැන මට සතුටුයි. තරුණ පරම්පරාව හරිම උපායශීලීයි, නැණවත් වගේම ශක්ති සම්පන්නයි.

      Delete
  8. කළ දේ ගැන අභිමානයක් ඔබ තුළ තිබිය යුතුයි. මොකුත් නොකළ හාන්සිපුටු කාරයන්ට කීමට හැකි දේ ඉතා බොහෝයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඩ්රැකී, මං කරන දේවල් ගැන මට සතුටුයි, ආඩම්බරයි. වැඩිය එපා. blog හිතවතෙක් ඊයේත් කිවවා, එයා ගෝඨා ගෝ ගමට අඩියක්වත් තියන්න නෙවෙයි හිටියේ. නමුත් නිමල් අයියගේ උපවාසේ නිසා දවස් තුනේම එහාට ආවා කියලා. ඒකම වුණත් ඇති නේද?

      Delete
  9. බොහොම අගය කරනවා නිදි මාමෙ💕🥰

    දැන් කකුල් 2 කොහොමද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නවීන්. ද+කුණු කකුල විතරයි තවම ඉදිමිලා තියෙන්නේ. ඒක හොඳා, මගේ ඔළුව ඉදිමෙන්නේ නැතිව එහෙම වෙච්චි එක.

      Delete
  10. කියන්නනං කාට උනත් බැරියැ. කරන්න ගියාමනෙ රඟේ තේරෙන්නෙ.
    බස්ස කියල තියෙනව වගේ නිදි මේ දවස්ටිකේ දැකපු දේවල් මෙතන ලියන එක වටිනව.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රසෝ! තව ටිකක් තියෙනවා ලියන්න!

      Delete
  11. නිමල්ට නිහතමානී ආඩම්බරයක් ඇතිවුනු එක තේරුම් ගන්න පුලුවන් වගේම නිමල් එයට deserving. වඩා වැදගත් තමන් ගැන තමන්ට තියෙන විනිශ්චය මිස අනිත් අයගෙ විනිශ්චය නෙවෙයි. කරන්න බැහැ කියලා හුඟක් අය හිතන දේ කරලා පෙන්නන එක තමයි අවශ්‍ය. හුඟක් වෙලාවට 'වීරයො' විදිහට අනිත් මිනිස්සු දකින්නෙ arrogant අය මිසක් self esteem තියෙන අය නෙවෙයි. දැන් ඔය ජාත්‍යාන්තරයටත් චන්ඩිකම් පෙන්වපු 'ජාතීයෙ මහා වීරයින්නෙ' නිවාස අඩස්සියෙ ඉන්නේ.

    අරගලයට සම්බන්ධ අය රස්සාවල් කරනවද, දෙමව්පියන්ටත්වත් කන්න අඳින්න දෙනවද කියලා අහන අයට තේරෙන්නෙ නැති දේ තමයි එතන ඉන්න අය (හැමෝම නොවුනත්) සෑහෙන දෙනෙක් තමන්ගෙ higher skills, e.g. creativity, intellect අරගලය සඳහා යොදා ගෙන තියෙන බව. තමන්ට පුලුවන් විදිහට මොනම හෝ විදිහකින් අරගලයට සම්බන්ධ වෙන්න පෙළඹවීමක් අනිත් අයටත්, පිටරට ඉන්න අයට පවා- ඇතිවෙන්නෙ ඒකයි. ගොඩක් ජයග්‍රහන ලබා ගත්තා වගේම ඕනෙම ජයග්‍රහනයත් ඉක්මනින් ලබාගන්න හැකි වේවා කියලා හිතමු. 'අපි ඔක්කොම හොරුනෙ ඒනිසා ලොකු හොරුන්ට සයිඩ් සපෝර්ට් එක දෙනගමන් අපි පොඩි හොරකම් ටික කරගෙන ඉමු' වගේ කතා ප්‍රොමෝට් වීමත් වෙන නිසා අරගලයේ spark එක දිගටම තියාගන්න එක වැදගත්. තමන්ටත් අනුන්ටත් හානියක් නැතුව (හෝ අවමව) හැකි තාක් දුරට හැමෝම කරන පොඩි දේ පවා තීරනාත්මක ඒ නිසා කියලයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Lotus.
      'බිඳෙන් බිඳෙන් ජලේ - සෙමෙන් පිරෙයි කළේ' කියලා කුමරතුඟුවනුත් කියලා තිබ්බේ.......

      Delete
  12. http://chandimagomes.blogspot.com/2022/04/blog-post_29.html

    ReplyDelete
    Replies
    1. මහරු ලිපියකට මග පෙන්වා දීම
      කළ හිතවත ඔබට කරනෙමි තුති පිදුම

      Delete
  13. නිමල්.....මම උඹේ ආත්ම විශ්වාසයට ගරු කරන්නෙමි. යටහත් වැසියන් අතර උඹ ගුණවත් වැසියෙක් බව මම සිතමි. නිමල්...මේ කිසිම කමෙන්ට් එකක් හෝ ඔබේ අදහසක් ගැන නැවත නොසිතන්න. උඹ කරන දේ සහ කල දේ දන්නේ නුඹගේ හෘද සාක්කියයි. ඒවා ඔප්පු කරන්නට සටහන් දැමීමෙන් වෙන්නේ, උඹේ නිහතමානි සහ නිර්ව්‍යාජ අපේක්ෂාව එක එක ගොන් හුත්තලාගේ පාට කණ්ණාඩි ඇතුලේ විග්‍රහ වීමයි.
    "Being honest may not get you a lot of friends but it will get you the right ones" John Lennon

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි අරුණ මහත්තයෝ.
      ජෝන් ලෙනන් කලාකරුවාණන්ගේ කියමන නං මට අදාළව ටිකක් වෙනස් වගෙයි. අවංක මිතුරු-මිතුරියන් ගොඩක් (lot of right ones) මට ඉන්නවනේ.

      Delete
    2. තව එකක්. මට පෙනෙන හැටියට නං අරුණ මහත්තයෝ මේ ඔයාගේ පළමු comment එක. මං වැරදියි නං සමාවෙන්න.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්