li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, May 4, 2022

උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස

ගමක ඉඳලා ගෝල්ෆේස් ආපු දුප්පත්...

“මාත් කුඩු ගහන Xත්තෙක් යකෝ. මේ මල්ලිලාගේ ෆෝන් එක දීපං....” 3 කිව්වා.
“කියන දේ අහලා ෆෝන් එක දියං. මම තොට ගහනවා මැරෙන්නම.....” 2ත් කිව්වා.

“ම...ම.. මං ගත්තෙ නෑ.” හොරා කෙඳිරුවා.
“මෙයා නිඳාගෙන හිටිද්දී මේකා ෆෝන් එක ඉස්සුවේ!” 5 කිව්වා. අපේ ජයශංඛ හිටියේ ඒ සේරම අහගෙන. මිනිහත් මැදට පැන්නා.
“දීපං Xත්තෝ ෆෝන් එක.” ඒ අස්සේ හොරා බාගෙට නැඟිට්ටා. ‘චටාස්’ අතක් ගුලි කළ මුෂ්ටි ප්‍රහාරයක්- හොරාගෙ මුහුණටම එල්ල වුණා.
“අම්මොහ්....” ආයෙමත් පුටුවේ වැදීගෙන ඒකා එතැනම බිම වැටුණා....

(මෙන්න එතන ඉඳලා විස්තරේ:) හොරා එයාගේ කට වහගෙන හිටිය අත දිග ඇරලා බැලුවා. ලේ තලියක් මිනිහගෙ අතේ. හොරාගෙ මූණ හරහට පාරක් ගැහුවේ මැදිහත්කාරයා- 2. දැන් එයාත් හොරාගේ වම් පැත්තෙන් ඇණ තියාගෙන වාඩි වෙලා.
“මම ඕකනේ තොට කිව්වේ. ඔය ගැහුවා නෙවෙයි මචං, අත ගෑවා. යකෝ... ගමක ඉඳලා ගෝල්ෆේස් ආපු දුප්පත් කොල්ලො දෙන්නෙක්නෙ. පව් බං... ෆෝන් එක දීලා දාපං. අපෙන් මැරුම් නොකා...” මැදිහත්කරුවා කිව්වා, අනුකම්පාවක් පෙන්නමින්.

“මම ගත්... ගත්තෙ නෑ අයියේ....” හොරා කෙඳිරි ගාමින් කීවා. ජාතික කොඩිය අතේ තියාගෙන හිටිය මැදිහත්කරුවා- 3ත් මගේ කකුල්වල ගෑවි-ගෑවී වගේ වාඩි වෙලා හිටියේ. හොරාට දකුණු පැත්තෙන්. “තොට පේනවද මේක. නිකං නෙවෙයි යකෝ කොඩිය මේකේ එල්ලගෙන ඉන්නේ.....” මිනිහා කොඩිය දරාගෙන ඉන්න ලීය පෙන්නුවා. “... මේක නිකම්ම ලීයක් නෙවෙයි xත්තෝ. මට පුළුවන් මේකෙන් ඇනලම තෝව මරන්ඩ.”

අම්මට සිරි!
මෙයාලා ඇත්තටම තරුණ අරගලයට උදව් වෙන්ඩ ආව අයද?
ටික දවසකට කලින් උද්ඝෝෂණකරුවන් කාල්ටන් නිවස වටලාගෙන හිටිය වෙලාවෙත්, ආරක්ෂක අංශවලට පිටුපසින් හිටි සමහරුන්ගේ ඇඳුම් අස්සෙ මේ වගේ පොලු තිබුණු විත්තියයි මට මතක් වුණේ. (නිරායුධ උද්ඝෝෂණකරුවන්ට පහර දීලා, පැනලා යද්දී වාහනය පෙරළිලා එක්කෙනෙක් මළේ!)
මේ අරගලය කඩාකප්පල් කරන්න; අරගලය අල කරන්න හිතාගෙන කාට හරි මෙතනට එන්න බැරිද?
හොඳටෝම පුළුවන්! එකම දේ, එහෙම එන්න ඉඩ තියෙන බව අරගලයේ නියුතු තරුණ පෙළ දැනුවත්ව ඉන්න එකයි. ඒ ගැන විමසිලිමත්ව ඉන්න එකයි.

මල්ලිලා දැක්කද මූ හොරාට....

“පොඩ්ඩක් හිටපංකො මචං.... ගැහුවට මේ මල්ලිලට ෆෝන් එක හම්බ වෙන්නෑනෙ බං....” මැදිහත්කාරයා- 2, දෙවෙනියව අස්වැසුවා. “උඹ කොහෙද?”

හොරා විස්තර කිව්වා. මැදිහත්කාරයාත් ප්‍රශ්න ඇහුවා. හොරා රාගම- වත්තල- ජාඇල නගර තුනේම විස්තර කිව්වා. “ඒකනෙ කියන්නේ. මාත් ඒ පැත්තෙ පොරක් තමයි යකෝ... ඔන්න ඕක දීලා දාපං.” මැදිහත්කරුවා යෝජනා කළා.
හොරා එතකොටත් කියන්නෙ ෆෝන් එකක් නොගත්ත කතාවමයි.

ජාතික කොඩිධරයා නැඟිට්ටා. “මල්ලිලා දැක්කද මූ හොරාට ෆෝන් එක ගන්නවා.” ෆෝන් එකේ අයිතිකාරයාගෙනුයි; 4, මිත්තරයාගෙනුයි; 5 ඇහුවා.
එච්චර වෙලා 4-5 දෙන්නට කිසිම දෙයක් කියන්නවත්- කරන්නවත් ඉඩක් ලැබුණේ නෑනෙ. ඒ දෙන්නම නිකංම- නිකං ප්‍රේක්ෂකයන් වෙලයි හිටියේ.

“මෙයා නිඳාගෙනයි අයියේ හිටියෙ... මාත් එතැනම හිටියෙ. මේකා තමයි අපි ළඟින්ම ඇල වෙලා හිටියේ. මෙයාට දැනුනලු සාක්කුවට අත දාලා ෆෝන් එක ගන්නවා... එතකොටම අපි මූව අල්ල ගත්තා...” කතාව කිව්වේ ෆෝන් එක නැති වුණු කෙනාගේ මිතුරා; 5.
“එතකොටම මගේ ෆෝන් එකෙන් මෙයාගේ ෆෝන් එකට ring එකක් දීල බැලුවා. ඒ ළඟින්ම එක සැරයක් රින්ග්ස් යනවත් ඇහුණා. ඊට පස්සේ ඒක සයිලන්ට් වුණා....”

එතකොට තමයි ජයශංඛටත් ඉහිලුම් නැතිව ගියේ. මිනිහත් මැද්දට පැන්නා. “ගත්ත ෆෝන් එක දීපං යකෝ මුන්ට.”

බොහොම අමාරුවෙන් නිස්සද්දව ඉවසගෙන හිටි මගෙත් රතු ඉර පැන්නා. “චූටි පුතා, තමුසේ මෙතැනින් වාඩි වෙනවා හොඳ හිතින්....” එච්චර වෙලා ජයශංඛ වාඩි වෙලා හිටි තැන පෙන්නමින් මං කිව්වා. ඊළඟට මං කතා කළේ ජාතික කොඩිය දරාගෙන හිටි කෙනාට.

හැබැයි දෙන්නම පුදුම සහයෝගෙකින් වැඩේ handle කළේ; පියවරෙන් පියවර.

“මං මෙතන උපවාසයක් කරන්නෙ... මෙතන රණ්ඩු වුණාම මේ වැඩෙත් කඩාකප්පල් වෙනවා. තරහ නැතිව මෙයාවත් අරං ටිකක් ඈතට ගිහින් ඕක බේරුමක් කර ගන්න...” මම ඒ හාදයාට බැනරයත් පෙන්නුවා. මගේ පුටුවට පිටුපසින් එල්ලලා තිබ්බ බැනරයේ වටිනාකම ඉස්මතු වුණේ ඒ වෙලාවේ. බැනරය දිහාව බලපු එයාලා නැඟිට්ටා.... යන්න හැදුවා.
මොන? අඩි තුන-හතරයි ගියේ, හොරා ආයෙමත් ඇදගෙන වැටුණා, ඊළඟ උපවාස කුටියේ මායිමේ!

අපරාදේ කියන්න බෑ. අපේ ජයශංඛ ඊට පස්සේ නළියව්වේ නෑ! තොල් හපාගෙන වාඩි වෙලා හිටියා.

ඒත් අපි දෙන්නටම පෙනුණා ඊළඟට වෙච්චි දේවල්. හොරාව වට කරගෙන මැදිහත්කරුවෝ දෙන්නා ප්‍රශ්න ඇහුවා; තර්ජන කළා; ගහන්නත් හැදුවා.... එයාලා දෙන්නා කලින් අඳුරන දෙන්නෙක් විදිහට නෙවෙයි පෙනුණේ. හැබැයි දෙන්නම පුදුම සහයෝගෙකින් වැඩේ handle කළේ; පියවරෙන් පියවර.
“මූට ගහලා වැඩක් නෑ මල්ලි. ගැහුවොත් මේ කාලකන්නියා මැරෙනවා.... අපි පොලිසියට කියමු!”

විනාඩි ගණනකින් පොලිසියේ නිලධාරීන් දෙතුන් දෙනෙක් එතනට ආවා. කට්ටිය වටවුණු නිසා වෙච්ච දේවල් අපිට පෙනුණෙවත් ඇහුණෙවත් නෑ.

ටිකකින් පොලිස් නිලධාරීන් පිටත්ව ගියා!
හොරා ඇතුළු පිරිස එතනමයි......

“තුවාල වෙන්න ගැහුවට පස්සේ පොලීසියෙන් බාර ගන්නෑ!” එතැන වෙච්චි සේරම බලාගෙන හිටි රාජන් අපට කිව්වා. “පොලිසියට ගිහිල්ලම කියන්නලු!”
රාජන් කාගෙ කවුද- එතන මොනවා කරනවද කියලා නම් (ආපහු ගෙදර එනකල්වත්) මට තේරුණේ නෑ. පෙනුණු විදිහට එයා දෙමළ. ඒකයි මං එයාට ‘රාජන්’ කියලා නමකුත් දුන්නේ. අපට යාබද උපවාස කුටියේ අයත් එක්ක රාජන්ට මොකක් හරි සම්බන්ධකමක් තිබුණු හැඩයි. රාජන් නිතරම හිටියේ ඒකේ. එයාත් ප්ලාස්ටික් පුටුවක් හොයාගෙන ඇවිත් මට කිට්ටුවෙන් වාඩිවෙලා හිටියෙ, ගොඩක් වෙලාවට.....

හොරාවත් ඇදගෙන කට්ටියම පිටත්ව ගියේ, හොරාව පොලීසියට බාර දෙන්න වෙන්නැති.
“පොලීසි ගියාට වැඩක් වෙන්නෑ. කුඩ්ඩව එළියට දානවා.” එතැනම හිටි නරඹන්නෙක් කිව්වා. “.... නිකං රස්තියාදුවක් විතරයි!”

ඔයාලා මේ ශුද්ධවූ අරගල බිමට එකතු වෙලා ඉන්නේ අපේ සටනට උදව් දෙන්නයි!

“ගෝඨා ගෝ ගමේ ආදරණීය ජනතාවනි. ඔයාලා මේ ශුද්ධවූ අරගල බිමට එකතු වෙලා ඉන්නේ අපේ සටනට උදව් දෙන්නයි. අපේ උතුම්වූ මාතෘ භූමිය කාබාසිනියා කරන මේ පාලක හැතිකරය පන්නලා දාන්නයි- මව් බිමේ සුජාත දරුවන් වෙන ඔබ සැම දෙනා මෙහාට එකතු වෙන්නේ... ඒ වගේම සුජාත නොවන පිරිසකුත් මෙහාට; ගෝඨා ගෝ ගමට ඇවිත් ඉන්න බව ඔයාලට මතක් කරන්න ඕනි.

-කරුණාකරලා ඔබේ මොබයිල් ෆෝන්, බෑග්, මුදල් පසුම්බි ඒ සුජාත නොවෙන පිරිසගෙන් පරෙස්සම් කරගන්න..... එල්ලාගෙන ඉන්න ඔයාලගේ බෑග් පපුව ඉස්සරහට හිටින විදිහට එල්ලා ගන්න.....”

‘අරගල භූමිය’ අට්ටාලයෙන් එහෙම නිවේදන විටින්-විට නිකුත් වුණත් සමහරුන් ඒ අනතුරු ඇඟවීම් ගණනකට නොගන්නවා වගෙයි. සමහර වෙලාවට ඒ යකඩ කටෙන්ම කියවෙච්ච විදිහට නං අරගල බිමේදී- දවසකට ජංගම දුරකතන දහයක් දොළහක්වත් හොරකම් කෙරෙනවාලු!

සුදු ඇඳගත්තු ලොකු හොරුන්ව දැක්ක ගමන් අඳුනාගන්න අමාරුයිනේ. මොට්ට අපි පුරුදු වෙලා ඉන්නේ ඇඳුමෙන් මිනිස්සුන්ව මනින්න.
ඇත්තම කියනවා නං මමත් එහෙම තකතිරුවෙක්; බාහිර පෙනුමෙන් කුඩුකාරයන්ව මනින්නෙක්. ඒ අනුව කෙරුණු නිරීක්ෂණයක් මේ:
හකු පාඩා බැහැලා තියෙන, ඇස්වල කිසිම දීප්තියක් නැති, අපිරිසිදු පෙනුමැති, කෘශ වුණු අතපය ඇති ‘කිළුටු බායිලා’ කල්ලි පිටින් ‘ගෝඨා ගෝ ගම’ පුරා කරක් ගැහුවා, දවස තිස්සෙම...

අර ෆෝන් හොරාත් ඒ වගේ එක්කෙනෙක්!

ඒත් එතකල් ඉන්නේ නැතිව....

2022 අප්‍රේල් 23 

“මහප්පේ, මම ඔයාට ටවල් එකක්, ටූත් බ්‍රෂ් එකක්, සබන් කැටයක් හෙම ගෙනාවා. Wash එකක් දාගන්න විදිහක් හොයන්නද?” ජයශංඛ පාන්දරින් ඇහුවා.

කිසිම කෑමක් නොගෙන ඉන්නකොට කටේ අප්‍රසන්න ගතිය ඇති වෙන්නේ නැතිම තරම්. එහෙම වුණත් මම ඊයේ රාත්තිරියේම කරාබු නැට්ටක් හැපුවා, අමි රහක් නොදැනෙන්න.
උපවාසේ අස්සේ කොහෙන්ද යකෝ කරාබු නැටි? ඔයාලට එහෙම හිතුණද?

දන්නවද, මගේ කන්නාඩි කොපුව ඇතුළේ තියෙන්නේ කන්නාඩිය විතරක් නෙවෙයි. ටූත් පික්ස් තුන හතරක් වගේම කරාබු නැටි තුන හතරකුත් ඒක ඇතුළේ තියෙනවාමයි, හදිසියකදී ගන්න.

අනෙක් අයට කොහොමද මන්දා, මට නං කරාබු නැටි දෙක තුනක් හැපුවාම හෙම්බිරිස්සාව හැදෙන එක නවතිනවා. හැබැයි, එහෙම හපන්න ඕනි ‘යන්තම් උගුර කසාගෙන එනකොටම’යි.
ඉතිං ඊයේ හවස මදිය නොකියන්නම වැස්සෙන් නෑවාට පස්සේ මම කරාබු නැටි දෙකක් හැපුවා. උදේ බලද්දී ඉතිරි වෙලා තිබ්බේ එක කරාබු නැට්ටයි.

“ඕනි නෑ චූටි පුතේ. මං මේ කරාබු නැට්ටක් කටේ දාගත්තා විතරයි. නෙවිල් එනකොට මගේ කමිසෙකුයි, දත් බුරුසුව, රේසර් එක එහෙමයි ගෙනේවි... ඒත් එතකල් ඉන්නේ නැතිව මං wash room එකට ගිහින් එන්නං.”

“තනියම? Are you sure....” ජයා ඇහුවා.
“මට පුළුවන් මිනිහෝ.”
“ඒ වුණාට මහප්පේ, ඔයා ෆාස්ටින් එකක් කරන ගමන් නිසා....”
“තවම කිසිම අමාරුවක් නෑ චූටි පුතේ. මං හෙමින් සැරේ ගිහින් එන්නං. කවුරු හරි ආවොත් කියන්න මම ඉක්මනට එනවයි කියලා.” මං එහෙම කිව්වේ, ‘කොළොම්පුරේ’ අසංග රණසිංහ ආරච්චි හිතවතා මතක් වුණු නිසාය.

“හෙට උදෙත් මම එනවා නිමල් අයියේ.... වැඩට යන ගමන්.... මොනවද ගෙනත් ඕනේ? උපවාස කරන නිසා වතුර තමයි ඔයාට ගෙනත් දෙන්න වෙන්නේ.....” කලින් දවසේ මාව බලන්නට ආවාම අසංග කිව්වේය.

දැක්ක දේකින් මං ගල් ගැහුණේ නැතිවා විතරය!

අරගල බිමට වැසිකිලි කුටි 6ක් සවි කර දුන් ආයතනයට ගොඩාක් පිං!

දහස් ගණනක් දෙනාට පාවිච්චියට තිබෙන්නේ එපමණි. ඒවාත් අයින් කරවන්නට බලධාරීන් කැස කැව්වාලු! අර වැසිකිළි 6 දහස් ගණනක් දෙනාට ඇත්ද?  ඒ නිසාදෝ ගෝඨා ගෝ ගමේ සමහර අඳුරු තැන්වලින් යනකොට මං වහන්සේට දැනුණේ ‘ඇමෝනියා’ ගුහාවක් මැදින් යනවා වගෙය.

23 වෙනිදා උදේ එහෙම එද්දී දැක්ක දේකින් මං ගල් ගැහුණේ නැතිවා විතරය!
මොකක්ද දන්නවද මට පෙනුණේ.... අර ෆෝන් හොරකම් කතන්දරේ මැදිහත්කරුවෝ දෙන්නා එකිනෙකා හා හිනා වෙවී කතා කරමින් එන විදිහය. (ඊට පස්සෙත් කිහිප වතාවක්ම එයාලා එකට එහෙ-මෙහෙ යනවා මට පෙනුණා.)

“ආ!” මං ඇවිත් පුටුවේ වාඩි වෙනවත් එක්කම වගේ රාජන් වතුර බෝතලයක් ගෙනත් දුන්නා. මට ඉස්සරහින්, පාරෙන් අනිත් පැත්තෙ කුටි දෙකකම වතුර බෝතල දහස් ගණනක් ගොඩ ගහල තිබුණා. අපේ කුටියට යාබද කුටියකත්.... ඕනිම වෙලාවක, ඕනිම කෙනෙකුට ගන්න, අත පොවන මානෙම වතුර බෝතල තිබ්බා, නොමිලේම.

“මේක පටන් ගත්ත දවස්වල වතුර බෝතල් එකතු කරගෙන ගිහින් විකුණපු අයත් හිටියා. ඊට පස්සේ වතුර බෝතල් දුන්නේ පැකින් එක කඩලා. දැන් නං ඒ වැඩේ නැවතිලා වගෙයි....” මට කිව්වේ රාජන්මයි. “ඔහොම පොඩ්ඩකින් තෙමුවට ඇද්ද? මම තව වතුර බෝතලයක් ගේන්නං...”
රාජන් එහෙම කිව්වේ මම කරන වැඩේ දිහාව බලාගෙන ඉඳලයි. මම පුංචි අත් පිස්නාවක් යන්තමට වතුරෙන් තෙමලා මුහුණ-කට, බෙල්ල, අත් එහෙම තෙමාගන්න වෙලාවේ. (බඩා මල්ලා පොඩි කොලෝන් බෝතලයක් ගෙනත් තිබුණා, එහෙම වෙලාවට බින්දුවක් අත් පිස්නාවට දාන්න.)

ගෝඨා ගෝ ගමට ඉර පායාගෙන එද්දී අසංග ආවා. පැය බාගයක් විතර තනි රැකලා ගියා. ඊට පස්සේ මම බලාගෙන හිටියේ සාරවිටකාරයෙක් එනකල්.

අන්න එක්කෙනෙක් පාරෙන් එහා පැත්තෙ!
“ජයෝ, අර සාරවිටකාරයාගෙන් කරාබු නැටි දෙක තුනක් අරගන්නවකෝ... තියෙනවා නං.” මම ජයශංඛට කිව්වා. එතකොටත් එයා කවුද හාදයෙක් එක්ක බජනෙට වැටිලයි හිටියේ. ඒ හාදයාටත් වැඩක් නැතිවා වගෙයි. ජයා එක්කම මිනිහත් ගියා කරාබු නැටි ගේන්න. එයාලා ආවේ විනාඩි හතලිස් පහකට විතර පස්සෙ.

ඊට වැඩිය ලොකු ප්‍රොබ්ලම්ස් ලස්සනට සොල්ව් කරලා තියෙනවා....

“නෑ මහප්පා... මිනිහ ළඟ නෑ. පොර කඩාගෙන යනවනේ. අපි දෙන්නා ගොඩක් දුර ගිහිල්ලයි සාරවිට මිනිහව අල්ල ගත්තේ. මිනිහ කිව්ව චැතැම් ස්ට්‍රීට් එකේ කඩේක නං බඩු have කියලා. මායි මේ ෆෙන්තයි ගිහින් ගෙනල්ල දෙන්නං...” ජයා කියාගෙන ගියා.

“ඕනි නෑ මිනිහෝ. කරදර වෙන්න එපා.”
“මොන කරදරයක්ද මහප්පා. Take it easy! යමු බ්‍රෝ!”

මට එච්චර ඇල්ලුවේ නෑ ජයාගේ අලුත් මිත්තරයාගේ විදිහ. ඒ වෙනකොටත් මිනිහා පැය එකහමාරක් විතර ජයා එක්ක එහෙ-මෙහෙ ගිහින්, කතා කරමින් ඉඳලා ඉවරයි. දැන් ඒ දෙන්නම චැතැම් වීදියටත් ගිහින්.... ඒ හාදයාට ගෝඨා ගෝ ගමේ කරන්න දෙයක් ඇත්තෙම නැතිවද මෙහෙම රස්තියාදු ගගහා ඉන්නේ?
දන්නවනෙ, මගෙත් වැරද්දක් තියෙනවා. සමහර දෙනෙකුව දැකපු ගමන්ම එයාලට 100%ක් ලකුණු දෙන මං, සමහරෙකුව දුටුමනින්ම ‘හොම්බට හැටක් අනින්න ඇත්තං’ කියල හිතනවා. අර හාදයා වැටුණෙත් ඒ දෙවෙනි ගොඩටයි.

පැය එකහමාරකට පස්සේ ඔන්න දෙන්නා ආවා. කරාබු නැටි පැකට් එකක් අරං. ග්රෑම් 25 පැකට් එකක් රුපියල් 125/-කට.
එතකොට මම කිරල- මැනලා වචන එකලස් කරගෙන; හිත හදාගෙනත් ඉවරයි.

චූටි පුතා කරාබු නැටි පැකට් එක දෙන අතරේ මං කතා කළා. “ජයෝ... තමුසෙට කියන්න දෙයක් තියෙනවා!”
“මොකක්ද මහප්පේ?” මිනිහා පුටුව ළඟින්ම ඇණ තියල වාඩි වුණා.
“තව ටිකකින් නෙවිල් මාමා ආවම ඔයා ගෙදර යනවා. ඉතිරි දවස් ටිකේ ඔයා මට උදව්වට එන්න ඕනි නෑ......”
“ඇයි ඒ? මම ආවේ දවස් තුනම අදින්න....”

“අද පාන්දර වෙච්ච දේ දැක්කනේ.... ඔයාට ආව වැඩේ මතක නැති වෙනවා..”
“මහප්පා, You have no අයිඩියා අබවුට් මී. මම ඊට වැඩිය ලොකු ප්‍රොබ්ලම්ස් ලස්සනට සොල්ව් කරලා තියෙනවා....”
“වෙන්න ඇති. ඒත් අපි මෙහාට ආවේ ඒකට නෙවෙයිනේ.... ඔයාට කැමතියි නං ආයේ මෙහාට ඇවිත් ඕනි දවසක් මෙහෙ ඉන්නවා. හැබැයි, මගෙත් එක්ක, මෙතන නෙවෙයි.... වෙන ඕනෑම තැනක....”

තරුණ කොල්ලො කට්ටියකට ඇහැක් වෙලා, සූර්ය පැනල කීපෙක උදව්වෙන් පැය 24ම ගෝඨා ගෝ ගමට විදුලිය දෙන්න.  

චූටි පුතාගේ ඇස්වල කඳුළු. මගේ හිතෙත් කඳුළු. තව කෙටි වැකි කීපයක් අපි අතරේ හුවමාරු වුණා. ජීවිතේ හැටි එහෙම තමයි. අකමැති දේවලුත් කියන්න- කරන්න වෙනවා, සමහර වෙලාවට.

ජයශංඛ ආපහු ගියේ නෙවිල් ආවට පස්සේ;
ඒ අල්ලපු කුටියේ ඉඳලා අපේ කුටියට වයර් එකක් ඇදල, විදුලි බුබුලකුත් සවි කරලා දීලයි.

“නිමල් අයියා දන්නවද, මෙහාට කරන්ට් එක දෙන්නෙ සෝලා යුනිට් එකකින්. මගේ යාළුවෙක් එහෙමත් එතන ඉන්නවා.” කුටියට ආව තමීර හර්ෂක කිව්වා.

මට හීල්ලුණා. තරුණ කොල්ලො කට්ටියකට ඇහැක් වෙලා, සූර්ය පැනල කීපෙක උදව්වෙන් පැය 24ම ගෝඨා ගෝ ගමට විදුලිය දෙන්න. ඒත් දැනුත් අපේ රටම බාගෙට අඳුරේ.... ඇයි දන්නෑ මෙහෙම වෙන්නේ? අද රෑට තමිරත් එනවයි කිව්වනෙ, එයාත් එක්කම ගිහින් හරි අර යාළුවාගෙන් විස්තර අහගන්න වටිනවා.

විස්තර?
හිතවත් වෛද්‍යවරියක වන බෝධිනී සමරතුංග සැතපුම් දහස් ගණනක් දුරින් හිඳිමින් වුණත් මගේ විස්තර හොයා බලලා
මුහුණු පොතේ සටහනකුත් යොදලා. ඒ මදිවට සෞඛ්‍ය සේවාවේ නිරත හැමෝටම වගේ පවරලා මගේ ගැන හොයා බලන්න. 

අප්‍රේල් 23 14.14
Hunger strike at Gall face Sri Lanka - Day 2

Mr. Nimal Dissanayake is a fellow blog writer I have read for many years.

He writes the blog නිදි ගේ පංචතන්ත්රය ....In Sinhala language. He is one of the Sinhala bloggers who were active through blogs apart from face book and other social media platforms.

He is also suffering from multiple myeloma, a cancerous status which makes us all distress and worried as his health status may deteriorate any moment.

The volunteer doctors who give their services to the protesting area in Galle face, which is called "gotagogama" have been notified and alerted regarding his health.

... to support the protest and wish the current president and governing party would respect the wishes and pleeds of the citizens of this country.

Mr. Nimal Dissanayake states that he is doing this hunger strike to support the protest and wish the current president and governing party would respect the wishes and pleeds of the citizens of this country.

I pray for his health and that his selfless humane act would reach the hearts of many in this country.

#BBC
#CNN
#AlJazeera
#GoHomeGota2022

මට යාබද කුටියේ උපවාසය කරන කෙනා කමිසයත් ගලවා දාලා බිම දූවිලි ගොඩේම හිඟන්නෙකු වගේ වැතිරිලා හොඳටෝම නිඳි. නින්දේය කිව්වට කලන්තේ හැදිලද කියලත් සැකයි. එයා ගැන හොයා බලන්න කෙනෙකු ආවේ ඉඳහිට. හොඳ වෙලාවට එයා ඇවිත් හනික ගියේ කාව හරි එක්ක එන්න වගේ. හරි නේන්නං. ආවේ රාජංගනේ හාමුදුරුවෝ- තව තුන්හතර දෙනෙකුත් පිරිවරාගෙන.

එක්කෙනෙක් නින්දේ හිටි කෙනාව කීද්දුවා.
“දැන් උපවාසේ කෙරුවා ඇති! කිරි එකක්වත් බොමු. පේනවනෙ ඔහේගෙ හැටි. මැරිලා යයි...”
“එයා කියනවා හාමුදුරුවනේ දිගටම උපවාසේ කරන්න ඕනියි කියලා....” උපවාසකරුවා කිට්ටුවටම පහත්වී කතා කළ කෙනෙක් කිව්වා.

“එහෙනං ඉතිං මට කරන්න දෙයක් නෑ. බල කරන එක මගේ ප්‍රතිපත්තිය නෙවෙයි...” හාමදුරුවෝ කිව්වා. ඒ අතරේ කවුද කෙනෙක් මාවත් හාමුදුරුවන්ට පෙන්නුවා. උන්වහන්සේ මගේ කිට්ටුවටත් වැඩියා. විස්තර ඇහුවා.

“පරෙස්සමෙන්. මෙයා මගේ පන්සලේ ඉන්නේ... එයාත් උපවාසේ කරන්නයි මෙහෙ ආවේ.... මෙහෙම හිටියට මෙයා රන්ජන්ගේ හොඳ හිතවතෙක්.” උන්වහන්සේ කිව්වා.

එතකොටත් ඒ බව, ඒ හිතවතාම මට පෙන්වලයි තිබ්බේ. එයාගේ මුහුණු පොතේ postsවලින්.

හාමුදුරුවන් වහන්සේ යන්න කලින් ‘voice cut’ තුනක් ගත්තා, කුටිය පසුබිමට තියාගෙන. හාමුදුරුවන් වහන්සේ වගේම තව දෙන්නෙකුත් කතා කළා. මට අදහා ගන්නත් බැරි වැඩක් ඒ වෙලාවේ නං දැක්කේ. අර උපාසක මහත්තුරු දෙන්නට කැමරාව යොමු වුණා විතරයි, උන්නැහේලා දෙන්නටම කරන්ට් වැදුණා වගෙයි; වෙවුලන්න ගත්තා; රතු වුණා.

අරගල බිමේ foto ගන්න තරම් වටින දේවල් එමටයි!

(මම අමාරුවෙන් කට තද කරගෙන හිටියා හිනා නොවී. එහෙම හිනා යන්න ආවේ ඒ මහත්තැන්ලාට අපහාසයක් කරන්න හෙම නෙවෙයි. අපේ තාත්තව මතක් වෙලා. අපෙන් කවුරු හරි ගිරිය කඩාගෙන කෑ ගැහුවොත් තාත්තා නොවැරදීම ඇහුවා ප්‍රශ්නයක්. “මොකද යකෝ, ගිරිය කඩා ගෙන කෑ ගහන්නේ.... ලබ්බ බස්සා ගන්නද?”)

හරිම උද්වේගකර වොයිස් කට්ස් තුනකුත් අරගෙනයි ඒ කට්ටිය පිටත් වුණේ! හැබැයි අර දූවිලි ගොඩේ හිඟන්නෙක් වගේ වැතිරිලා හිටි උපවාසකාරයාට කැමරාව එල්ල කළේ නෑ. (අරගල බිමේ foto ගන්න දේවල් එමටයි!) මගේ අතේ කැමරාව තිබුණා නං, මම ඒක එල්ල කරන්නේ එයාගේ බඩට. සිදුහත් තවුසා දුෂ්කර ක්‍රියා කරන කාලෙ චිත්‍රයක් සිහි ගන්වමින් මේ උපවාස හිතවතාගේ ඉල ඇට කූඩුව මතුවෙලා තිබුණා; බඩ පිටට ඇලිලා තිබුණා!

මට හිතෙන්නෙ රාජාංගනේ උන්නාන්සේ ‘බල කළේ නැතිවාට’ මොකද ‘බල කරන්න පුළුවන් කට්ටියකට වැඩේ පැවරුවා’ කියලයි. ‘එයාලා’ ආවේ ඊට ටිකකට පස්සේ.

තුනට විතර ඇති, රතු කුරුස සංවිධානයේ කට්ටිය එතනට කඩා වැදුණා. පරීක්ෂා කිරීම්; උපදෙස් දීම් ගොඩාරියක්... එයාලා හිතවත් උපවාස සගයාව ගිලන් රථයකට පටවාගෙන පිටත් වුණා.
ඒත් එක්කම රාජන් උන්නැහේ එතැන එල්ලලා තිබ්බ බැනරය ගලවලා අරං, නවලා ඒක මගේ පුටුව යටට දැම්මා.
(ඊට පස්සේ රාජන් ඒ බැනරය පාවිච්චි කළේ නිඳා ගනිද්දී බිමට එළා ගන්නයි.)

ඒ අලකලංචිය අහවර වෙලා, හුස්මක් ගන්නවත් වෙලාවක් හම්බ වුණේ නෑ.
ගෑනු ළමයෙක් ඊයක වේගයෙන් මගේ ළඟට ආවා. ළමයෙක් කිව්වට අවුරුදු දහ අටක- විස්සක විතර ළමිස්සියෙක්... ගහෙන් ගෙඩියක් එනවාටත් වැඩිය ඉක්මනින් එයා.....

එයා කියපු- කරපු දේවල්වල ඉඳලා විස්තර ඊළඟ කොටසෙන්....

20 comments:

  1. නෙවිල්නම් අර නිමල් කියන ජාතියෙ එක්කෙනෙක්ට සල්ලිත් දුන්න නේද පලවෙනි දවසෙ උදේම?

    ReplyDelete
    Replies
    1. 'පතාගෙන ඇවිත්' posts ලියද්දී මම කිව්වේ- නෙවිල්ගේ හැටි. ඔන්න Pra Jay මහත්තයෝ, ඔයාත් දැක්කනෙ කුඩ්ඩෙක් කියලා හොඳටම පෙනී පෙනීත් 100/- ක් දුන්න!

      Delete
  2. කතාවක් තියෙනවා නෙ.... හම යන්නෙ එකෙක්ගෙ නම යන්නෙ තා එකෙක්ගේ කියලා හිට.
    සුජාත දරුවන්..... අනේ නිදි ඒම කස්ටියනම් මං තාම දැක නෑ.

    ReplyDelete
    Replies
    1. සුජාත පුත්තු හිටියත් නමී එයාලව යට යනවා. කෝසල සිහිනවල එකක් නෙව මැණික් යට යද්දී ගොම වැරටි උඩ පාවෙන එක! පෙනෙන්නේම ගොම!

      Delete
  3. හ්ම්..දැන් ටිකක් තේරෙනවා. බලාගෙන ගියාම, අපේ සහජ ගති ඇරිලා නෑ. මේ වාහෙලත් එක්ක, අරගලය ඔය තත්ත්වයෙන්වත් පවත්වාගෙන යන එක පුදුමයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බස්සා මහත්තයෝ, මෙහෙම මිනිස්සුන් වෙනුවෙන් මොකටද නැහෙන්නේ කියලත් හිතෙනවා තමයි. ඒත් එයාලා සුළුතරයක් වගෙයි. අනෙක දැන් දැන් එයාලත් වෙනස් වෙමින් ඉන්නේ. තව පරම්පරා දෙකක් යද්දී සේරමලා මීට වඩා දැනුවත් වෙලා ඉඳියි නේද...

      Delete
    2. ඔව් ඔබ හරි. මිනිස්සු කියන්නෙ හොඳ-නරක මිශ්‍රණයක්. අවශ්‍ය වෙන්නේ හරි මග පෙන්නීමයි. එතකොට වැඩි දෙනෙක් හරි අතට හැරෙනවා(ගෲප් තිංකින්). අරගලය ප්‍රතිශේප කරන, හොරකම, බොරුව සහ වංචාවයි හරහා ඒ වෙනස ලැබෙයි කියා සිතනවා.

      Delete
  4. අර ගලේ අස්සෙත් හොඳ හොඳ දේවල් සිද්ද වෙලා තියෙනව බලාගෙන යනකොට.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, මෙහෙම දේවල් කොහෙත් වෙනවා. එකම දේ හුඟක් අය මේවා ගණන් ගන්නෙවත්, මතක තියා ගන්නෙවත් නෑ. මට නං ඒවා තමා ජීවන විශ්ව විද්‍යාල පාඩම්!

      Delete
    2. නිදියගෙ රෙකෝඩරේ හැම එකම රෙකෝඩ් වෙනව වගේ...😄😄

      Delete
    3. එතකොටනේ ඒ සේරම ලියන්න පුළුවන්....

      Delete
    4. ගෝත්‍රිකයන්ගෙන් පාඩමක්...
      https://chandimagomes.blogspot.com/2022/05/blog-post.html

      Delete
    5. අලුත් බෝතලේ පරණ වයින්.... ස්තුතියි නමී. ගෝමස් මහත්තයට මෙහෙම ලියලයි ආවේ.

      හරිනෙ, දැන් සටන කෙරෙනුයෙ නියම තැන
      තකතිරුවන්ට කවදාවත් නුහුරු තැන
      ඒ විතරක්ද නුහුරු උපා පෙරට ගෙන
      සටනෙක සිරිලකේ හෙට හිමි තරුණ දන!

      Delete
  5. https://naadiyaonline.blogspot.com/2022/05/blog-post.html?sc=1651764835467#c4466629807375682848

    ReplyDelete
    Replies
    1. නමී. ඔබෙ මඟ පෙන්වීම ඔස්සේ ගියෙමි, කියෙව්වෙමි, සිහියට පැමිණි දේ මෙලෙස ලිව්වෙමි.

      මෙතැනින් මාරු වෙනු නාටකයේ තිබුණු
      ගීයට රැඟුවෙ ඇන්තනියෙකි - වියෙ තුරුණු
      පුදුමය, වෙමින් බලු කුක්කෙක් හැට පිරුණු
      ඔහු දැන් හිඳී ඉතිහාසයෙ කූඩෙ කුණු!

      Delete
  6. හෙහ්, හෙහ් ඌරුකොටුව පාර.

    හොරු ගෝ ගම

    ReplyDelete
    Replies
    1. තව මොන ගම් හැදෙයිද මන්දා ඉස්සරහට....

      Delete
  7. පෝස්ට් දෙකම කියෙව්වෙ එක සැරේ.. දැන් ඉතින් හිටපන්කො කවුද අර දහ අටේ කෑල්ල කියලා හොයාගන්න ඊලඟ පෝස්ට් එක එනකන්.. :)))

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමී, ඔන්න ඊළඟ කොටසත් අද උදේ දැම්මා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්