li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, May 12, 2022

උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස

උඹලා රකින්න පොරොන්දු දෙන රට කියන්නේ....

‘.... දැනටම මූසල ඒස බල්ලන් වෙලා ඉන්න එවුන්ගෙන් මේ අහන්නේ.
ඇයි මේ මිනිස්සුන්ට මෙහෙම ගහන්නේ...ඒ මිනිස්සු හොරා කෑවද...? ඒ මිනිස්සු නිදන් හෑරුවද...? ඒ මිනිස්සු කුඩු විකුණුවද...? 

අර මිනිස්සුන්ට උඩ පැන පැන පයින් ගහන එවුන්ට ගෑස් ටික, තෙල් ටික, හාල්, කිරිපිටි නිකම් හම්බ වෙනවද...

නිල ඇඳුම අඳිද්දි දෙන පොරොන්දුවේ තියනවද පවතින රජයේ ඕනෙම තුච්ඡ නියෝගයක් පිලිපැදගන උන්ගේ තුන්මුල්ල දිවෙන් ලොවනවා කියලා... 

නෑ බං... ඔය එකක්වත් නෑ. උඹලා රකින්න පොරොන්දු දෙන රට කියන්නේ රාජපක්ෂලා නෙවෙයි බං... රට කියන්නේ අපි... මේ අපි...

උඹලට පුලුවන් නම් අපිට කියල දියන් අතේ ගල් කැටයක්වත් නැති මනුස්සයෙක්ට පස් හය දෙනෙක් වට කරගන ගහන එකේ ආතල් එක මොකද්ද කියලා...

ඕක මානසික රෝගයක්. උඹලා මානසික රෝගීන්. ඒ වගේ මානසික රෝගීන් අතට ආයුධ දීලා- අපේම සල්ලිවලින් උන්ට පඩිත් දීලා- අපිටම වෙඩි තියපන් කිවුවම, අහිංසකයෝ ටිකක් ඔය උඹලගෙන් ගුටි කන්නේ. 

තිරිසනෙක්ගේ තිරිසන්කමට සීමාවක් නැතුව ඇති. ඒත් මනුස්සයෙක්ගේ තිරිසන්කමට සීමාවක් තියෙන්න ඕන. ඒ එතන ඉන්නේ මනුස්සයෙක් නිසා. මනුස්සයෙක් විදිහට කරන හැම ක්රියාවකටම තමන් සමස්ත මනුස්ස සංහතියටම වගවෙන්න ඕන නිසා.

ඒත් ඔය තිරිසන් වැඩේ ඉවර කරලා තමන්ගේ ගෙදරට ගියාට පස්සේ උඹට පුලුවන්ද ගෙදර අම්මගේ, තාත්තගේ මූණ බලන්න... තමන්ගේ බිරිඳගේ මූණ බලන්න.... දරුවන්ගේ... අඩුම උඹට පුලුවන්ද උඹ යාලුවෙලා ඉන්න කෙල්ල එක්ක "ඊයේ දුන්නා එකෙක්ට... අම්මගෙන් බීපු කිරි මතක් වෙන්න" කියලා කියන්න.

මොකද, උඹේ අම්මලා තාත්තලා ඉන්නෙත් අපේ දෙමාපියන් එක්ක ඉස්පිරිතාලේ එකම බෙහෙත් පෝලිමේ. උඹේ ගෑණි ඉන්නෙත් අපේ ගෑණු එක්ක එකම ගෑස් පෝලිමේ....

ඔය එකක්වත් කරන්න තරම් උඹේ කොන්ද හයිය නෑ. මොකද, උඹේ අම්මලා තාත්තලා ඉන්නෙත් අපේ දෙමාපියන් එක්ක ඉස්පිරිතාලේ එකම බෙහෙත් පෝලිමේ. උඹේ ගෑණි ඉන්නෙත් අපේ ගෑණු එක්ක එකම ගෑස් පෝලිමේ. කඩදාසි නැති නිසා උඹේ ළමයිනුත් අපේ ළමයි එක්ක එකම විභාගයක් ලියාගන්න බැරුව දුක් විඳිනවා. ඔය වගේ තුප්පහි වැඩ කරලා, උඹ කොහොමද බං ඒ මිනිස්සු ඉස්සරහ වීරයෙක් වෙන්නේ.....’ 

දිමුතු සොම්නස් හිතවතා බුකියට ලියා තිබුණු දොම්නස දනවන සටහනකින් කොටසක් තමයි ඒ.

දිගටම නිදිගෙ පංච තන්තරේ කියවගෙන එන ඔයාලට මතක ඇති, මම පසුගිය කොටස අවසන් කළ විදිහ:

2022 මැයි 6 වෙනිදා හවස. කට ඇරුණා විතරක් නෙවෙයි, හීල්ලුණා; හොඳටම ඇඬුණා; පපුව පැලෙන තරමේ තරහකින් වෛරයකින් හිත පිරුණා....
දියත උයන කිට්ටුව, බත්තරමුල්ලේ පාර්ලිමේන්තු පිවිසුම අසල- ඌරු කොටුව පාරේ හොරු ගෝ ගමේඋද්ඝෝෂණයට කෙරුණු පහර දීම් දකිද්දී...

කාගෙන් අණ ලැබුණත් මිනිස්සුන්ට පුළුවනිද මෙච්චරටම අමානුෂික වෙන්ඩ... කෘෘර වෙන්ඩ... මෙයාල පොඩි කාලේ අම්මලාගෙන් බීලා තියෙන්නේ කිරිද, රීරිද?

පෝස්ටු මාලාවේ ඊළඟ කොටස ලියනකල්, ඔයාලට පුළුවනිද මට මේ තත්ත්වේ තේරුම් කරලා දෙන්න? මං ඔයාලට කිව්වා.
ඒ post එක publish කරලා ඉවර වෙලා, මුහුණු පොතේ සරද්දී තමයි දිමුතුගේ සටහන ඇහැ ගැටුණේ. ඒක මටම ලියාපු උත්තරයක් වගේ! ඒ නිසාමයි, ඒ විස්තරය මුලින්ම ඔයාලට කියවන්නට දෙන්න හිතුවේ. (ස්තුතියි දිමුතු!)
 

ඔන්න එහෙනං, දැන් ඔයාලව ආපහු එක්ක යන්නංකො කොළඹ මහ ඉස්පිරිතාලෙට. මතකයිනෙ මං කියපු වාක්‍ය දෙක. දොස්තර මහත්තයාගේ මේසයට ටිකක් එහායින් තිබුණු පුටුවල තවත් හත්-අට දෙනෙක් වාඩි වෙලා හිටියා. ඒ ගොඩේම හිටි තරුණයෙක් දැක්කාම මං වහන්සේගේ කට ඇරුණේ අප්පල්ලයක් වගේ!’

එහෙම වුණේ පැය 36කට වැඩි කාලයක් තිස්සේ ‘ගෝඨා ගෝ ගමේදී’ මං එයාගේ රසිකයෙක් වෙල හිටි නිසා. නිකම්ම නිකං රසිකයෙක් නෙවෙයි උග්‍ර රසිකයෙක්; උමතු රසිකයෙක් වෙලා හිටි නිසා!

හැබැයි එයා actor කෙනෙක් නෙවෙයි; Dancer කෙනෙකුත් නෙවෙයි. ඒකට මොකෝ, මිනිහගේ performing සුපිරි!

‘අපි එනවා කොළඹට - මයින එක්ක දුවන්ට///
සර් තමයි හොඳට කළේ - ඉඳ ගත්තොත් තැලෙයි මොළේ///
තරුණ අපේ හීන මැරූ - උඹල තමයි කම්බ හොරූ///
ගෝ ගෝඨා - ගෝ ගෝ///’ වගේ සටන් පාඨ තාලෙට කියවෙනකොට- එයා ආවේශ වෙනවා, වයින් කරපු බෝනික්කෙක් වගේ. රඟන්න පටන් ගන්නවා.

‘ගෑසුත් නෑ - ලයිටුත් නෑ
කිරිපිටි නෑ - ඉන්ධන නෑ
සිස්ටම් එක - වෙනස් නොකර
ජයක් අපට - ඇත්තෙත් නෑ’
 

ඒ තරං ඉස්තරං අභිනය පෑමක් ඒ හාදයා ළඟ තිබ්බේ. පුදුම ආවේගයක්; ආවේශයක්; වෙහෙසට පත් නොවීමක්!

සටන් පාඨ වෙනස් වෙද්දී එයාගේ නර්තනයත් වෙනස් වෙනවා. ඒ කොල්ලට තිබුණු දාංගලේ තමයි දාංගලේ! ජනාධිපති ලේකම් කාර්යාල පිවිසුමේම අටවාගෙන තිබ්බ ‘අරගල භූමියේ අට්ටාලයට’ වම් පැත්තෙ පුංචි ඉඩේ තමයි එයා හිටියේ. පැය 24 පුරාම එතැන තුන් දෙනෙක් හරි හතර දෙනෙක් හරි හිටගෙන හිටියා. සටන් පාඨවල දෙවෙනි කොටස් කියමින්, ජාතික කොඩි වනමින් හා රඟමින්. 

තුන්හුලස් හැඩයක් ගත්තු බැරියර් පෙළක් උඩ අසීරුවෙන් වාඩි වෙලා ඉඳගෙන තමයි, මයික්‍රෆෝන අත දරාගෙන එතැන හිටි තරුණ අරගලකරුවන් කතා පැවැත්තුවෙත්, සටන් පාඨ හඬ නඟමින් කිව්වෙත්.

උපවාසයට වාඩි වෙච්චි මට හරි කෙලින්ම පාරෙන් එහා පැත්තෙයි ඒ රංගනයන් ‘අට්ටාලගත’ වුණේ.

අර කොල්ලාව (කොල්ලා කිව්වේ වැඩි ආදරේට මිස ගරහන්න නෙවෙයි මහත්තයෝ!) දුටු මොහොතේ හිටන්ම මගේ ඇහැ ගියේ එයාටයි. ඒ තරං ඉස්තරං අභිනය පෑමක් ඒ හාදයා ළඟ තිබ්බේ.
පුදුම ආවේගයක්; ආවේශයක්; වෙහෙසට පත් නොවීමක්.
 

මාව බලන්නට එන හැම හිතවතෙකුටම, හිතවතියකටම වගේ මං ඒ හාදයාව පෙන්නුවත් එක්ක- ලොකු වරුණාවකුත් කරලා. 

දැන් එයාවත් ඉස්පිරිතාලෙට ගෙනත්. මාව ගෙනාවත් එක්කම. ඇයි ඒ? එතකොටත් එයාගේ අතකට කැනියුලාවක් හයි කරලා. එහෙම කරන්නේ, විටින්-විට බෙහෙත් එන්නත් කරන්න හරි, සේලයින් දෙන්න හරි තියෙනවා නම්නෙ.... පුටුවේ වාඩි වෙලා හිටියට මගේ ඇස්-කන් සේරම තිබුණේ එයාලා ළඟ... 

“නම මොකක්ද?”
“සඳරුවන් ...”
“ගම?”
“අනුරාධපුරේ...”
“එච්චර දුර ඉඳලද මෙහෙ ගෙනාවේ....”
“නෑ.... මම ගෝල්ෆේස් හිටියේ....”
“භාරකාරයෙක් නැද්ද? වාට්ටුවෙන් ටිකට් කැපුවට පස්සේ අනුරාධපුරේ යන්න සල්ලි තියෙනවද?”
සඳරුවන් උත්තර නැතිව නිස්සද්ද වුණේ ඇයි...
 

එහෙනං සේරම ගෝඨා ගෝ ගමේ.... අරගලකාරයෝ!

ඒ අස්සේ දොස්තර මහත්තයා මාවත් පරීක්ෂා කරන්න ගත්තා. (ඒ විස්තර මේ පෝස්ටු මාලාවේ මුලින්මත් කියවුණු නිසා ආයේ ලියන්නෙ නෑ.) මටත් භාරකාරයෙක් හිටියෙ නෑ. හැබැයි ආයෙම ගෝඨා ගෝ ගමට ත්‍රී වීලරයකින් හරි යන්න සල්ලි මගේ අතේ තිබුණා.

දොස්තර මහත්තයාගෙන් සමාව ඉල්ලලා, මං වහන්සේත් සඳරුවන්ලගේ කතාවට හොට දැම්මා. “සඳරුවන්.. මාත් ගෝල්ෆේස් යන්නෙ... ආපහු. මගෙත් එක්කම ඔයාටත් යන්න පුළුවන්....” 

සඳරුවන් ළඟ හිටි ඉස්පිරිතාල කාර්ය මණ්ඩලයේ කෙනා (තනතුර නොදන්නා නිසයි එහෙම ලිව්වේ.) හිනා වුණා. “මෙයාගේ ටිකට් කපන්න වෙන්නෙ නං හෙට උදේ තමයි!”

“ආ... එහෙනං දෙන්නම ගෝඨා ගෝ ගමේ.... අරගලකාරයෝ!’ දොස්තර මහත්තයාගේ කටහඬේ තෙතමනය වැඩි වෙලා වගෙයි මට දැනුණේ.

“හැබැයි... ඔයාටත් හෙට උදේ වෙනකල් වාට්ටුවේ ඉන්න වෙනවා.”

එහෙම කරන්නට බැරි බව කියලා, මගේ කැමැත්තෙන් ටිකට් කපාගෙන යන විත්තියත් මම එතුමාට කිව්වේ එතකොට. ඒ අතරේ මට පෙනුණා සඳරුවන් හෙමි-හෙමිහිට කැනියුලාව වටේට අලවලා තිබ්බ ප්ලාස්ටර් කෑලි දෙක ගලවනවා හොරාට- හොරාට.

“මට බේත් එපා! මැරුණත් මට එහාට යන්නයි ඕනේ.... මං මළත් කමක් නෑ එහෙදී...” කියලා, ප්ලාස්ටර් කෑලිත් එක්ක ගුලි කරපු කැනියුලාව බිමට දාල, සඳරුවන් සෝපානය ළඟට දිව්වා. ඊළඟට අඩියට දෙකට තරප්පු පෙළ ළඟට ......මොකද වෙන්නේ කියලා හිතා ගන්නවත් ඉඩක් නොතියා, මිනිහා ඒක දිගේ පල්ලෙහාට දිව්වා. 

හින්දි, මලයාලම්, කන්නඩ film එකක එන භාවාතිශය දෙබසක් වගෙයි නේද, සඳරුවන්ගේ ප්‍රකාශය. වෙන කෙනෙක් මට කිව්වා නම්, මං වුණත් මේ කතාව විශ්වාස නොකරන්න තිබ්බා. නමුත්, මගේම දෙසවන් මට විශ්වාසයිනෙ. ඒ වචනවල ගෞරවය; අයිතිය සම්පූර්ණයෙන්ම අයිති සඳරුවන්ටයි!
(තවත් සඳරුවන්ලා දහස් ගාණක් ‘ආදරයේ අරගල බිමේ’ ඉන්න බව දැක ගන්න වාසනාව දැන් නං ඔයාලටත් ලැබිලා අහවරයි!)
 

ලජ්ජාවෙන් වුණත් කියන්න වෙනවා, එතනදී තමයි මට හරියටම තේරුම් ගියේ ‘නොනිදන අරගලය’ කරන කොල්ලො- කෙල්ලො මොන අච්චුවේ අයද කියලා.... උන් ‘ලේ හැලුණත් පාර දිගේ - අපේ ගමන අපි යනවා’ කියන්නේ සෙල්ලමට නෙවෙයි. ‘කෑලි කපා කපා කපා - අප වනසනු සිතනු එපා’ කියන්නෙත් නිකම්ම නෙවෙයි.....

ඉතිං, බලහත්කාරයෙන් ටිකට් කප්පවාගෙන යන බව ලියලා, අත්සන් කරලා මං ගියේ වාට්ටුවේ වැසිකිළියට. ‘මෙහෙදිම තියෙන මුත්‍රා බර නිදහස් කරගෙන ගියාම ලේසියිනෙ.’

ඒ කාරිය කර ගන්න අතරේ මට කල්පනා වුණේ ‘මේ වෙලාවේ ත්‍රී වීල් එකක් අල්ල ගන්න ඇහැක් වෙයිද, එහෙම කර ගත්තත්- ගෝල්ෆේස් එකට යාගන්න පුළුවන් වෙයිද’ කියන කාරණා. හිතිවිල්ල ඉවර වෙන්නත් කලින් උත්තරේ ළඟටම ඇවිත්. 

ඒ වගේම උපදෙස්, වාහනෙන් එහාට එන්න බැරි විත්තිය කියලා....

“මම මේ තමුසෙව හොයනවා... ඇයි බලෙන් ටිකට් කපා ගත්තේ.... උදේ වෙනකල්....” නෙවිල් ඈත තියාම අහගෙනයි ආවේ.

“කවුද ඔයාට මෙහාට එන්න කිව්වේ?” මං ඉස්සෙල්ලාම ඇහුවේ ඒක. “ටිකට් කපා ගන්නෙ නැතිව හෙට උදේ වෙනකල් මෙහෙ ඉන්නයැ... එතකොට උපවාසේ....”

නෙවිල් උත්තර දුන්නේ නෑ. මං ඊළඟ ප්‍රශ්නෙත් ඇහුවා. “කොහොමද මෙහාට ආවේ?”

“අර ඇම්බියුලන්ස් එකේ ගෑනු ළමයා ටෙලිෆෝන් කරලා කිව්වා ‘තමුසෙව හෙට උදේ වෙනකල් වාට්ටුවේ නවත්තනවා’ කියලා. ඒකයි මං මෙහාට ආවේ...”

අපි දෙන්නා පහළට එද්දිත් මං කල්පනා කළේ සඳරුවන් ගේට්ටුවෙන් එළියේ හරි හිටීවිද කියලයි. පහළ හිටි සිකියුරිටි කෙනෙක් නෙවිල්ව හඳුනගත්තා. “මේ ලෙඩාවද හෙව්වේ....” 

“ ඔව්, ඔව්... පේනවනේ... මම කිව්වේ, මෙයාට නං දුවගෙන ඇවිත් පැනලා යන්න පණ නෑ කියලා...” එයාට විහිළු. ඒත් ඉතිං මේ යක්ෂයාට බනින්න ඇහැකිය.
“නෙවිල්ට මතකද, අර දඟල දඟල හිටි හාදයා....” මං සඳරුවන්ගෙ විස්තරේ කිව්වා.
“ඒකා ඉස්පිරිතාලේ ගේට්ටුවෙන් එළියට දිව්වලු කඩාගෙන.... මම හොයන්නේ එයාවද කියලා මේ මිනිස්සු ඇහුවනේ....” නෙවිල් කිව්වා.
එහෙනං සඳරුවන් පයින්ම ගෝඨා ගෝ ගමට දිව්වද?
 

අපි නෙවිල්ගේ වාහනේට යන්නත් කලින් ඉඳලාම කෝල්ස්... ප්‍රියන්තලා, නදීලා, අයස්මන්තලා වගේ වගේ ගොඩ දෙනෙක්ගෙන්... ඒ වගේම උපදෙස්, වාහනෙන් එහාට එන්න බැරි විත්තිය කියලා. ‘සේරම පාරවල් වහලා. ගොඩ දුරක් ඔය මනුස්සයාට ඇවිදගෙන එන්න පුළුවන්ද?’
‘මට මොකද ඇවිදින්න බැරි?’

එකම පාරවල්වල රවුම් ගහලත්, වාහනේ නවත්තන්න ඉඩක් ලැබුණේ කොටුවේ, චැතැම් ස්ට්‍රීට් එක ආසන්නයෙ තැනක විතරයි. ඒකත් වෑන් එකක් පිටත් වෙනකොටම අපි එතැනින් යමින් හිටි නිසා!

අපි දෙන්නා එතන ඉඳන් ගාට- ගාටා පයින්ම උපවාස කුටියට එද්දී, අපි එනකල් තලපත්පිටියේ ප්‍රියන්තලා- නදීලා කට්ටියම එතන! ඒත් එයාලා හිටිද්දීම, ගෝඨා ගෝ ගමට ආව නඩ දෙක තුනක්ම උපවාස කුටි දෙකම ආක්‍රමණය කරලා, අත්පත් කරගෙනත් ඉවරයි; අපි එතන නොහිටිය පැයේදී.

එයාල රෙදි එලාගෙන, එකා-පිට එකා වැටිලා නිඳිත් එක්ක. 

කරුණාකර සංසුන් වෙන්න.... අපේ මල්ලිලා කීප දෙනෙක් ඉක්මනට මේ ඉස්සරහට ඇවිත් මේ සිදු වීමට...

අපේ අකලංකයි, මීගමුවේ (වළං කඩේ) සම්පතුයි දෙන්නා මගේ පුටුව ඉල්ලලා දීලා, කුටියේ ඉඩකඩෙන් චුට්ටකුත් පාදලා දුන්නාය කියමුකො අමාරුවෙන්.

(හොඳ වෙලාවට නෙවිල් මගේ බෑග් එක එහෙම කාර් එකට දාගෙනයි ඉස්පිරිතාලෙට ඇවිත් තිබුණේ.) අපි එනකොට උපවාස බැනරය නං එතැනම තිබුණට, ලොකු ජාතික කොඩිය... රුපියල් හයසීයක් දීලා ජයශංඛ අරං දුන්නු කොඩිය අවතැන් වෙලා. 

ඒ අස්සෙම (අපේ කුටිය සකසා දුන් හිතවතාගේ සගයන්) තුන් දෙනෙක් මාව හොයාගෙන ආවෙ... “අංකල්ට කොහොමද? xxx අයියට එන්න විදිහක් නැති හින්දයි අපිව එව්වේ... එයාගේ මෝටර් සයිකලේ උස්සලා....” (ඒ විදිහට බලද්දී අපේ කොඩිය නැතිවීම මහ දෙයක්ද?) 

ඊට ටිකකට පස්සේ ‘යකඩ කටෙන්’ ඒ විත්තිය නිවේදනය කෙරුණේ, තවත් ආරංචියක් එක්කයි.

“... මෝටර් සයිකලය විතරක් නෙවෙයි, වැගන් ආර් මෝටර් රථයකුත් අද රෑ හොරකම් කරලා... ඉතිං, ආදරණීය හිතවතුනි, ඔබේ මොබයිල් ෆෝන්, පර්ස්, බෑග්ස් ගැන හොඳ අවධානයකින් ඉන්න....”

අවධානයෙන් හිටිල්ල කොහොම වෙතත්, ඊට ටිකකට පස්සේ ‘අරගල අට්ටාලය’ ඉදිරිපිටම පොදි කමින් හිටි පිරිස කලබල වෙනවා පෙනුණා.

“කරුණාකර සංසුන් වෙන්න.... අපේ මල්ලිලා කීප දෙනෙක් ඉක්මනට මේ ඉස්සරහට ඇවිත් මේ සිදු වීමට මැදිහත් වෙන්න...... කරුණාකරලා එයාලට ඉඩ දෙන්න....” කියනවා ඇහුණා විතරයි, කිරා වැටෙමින් හිටි රාජන් උන්නැහෙත් පාර පැනලා ඒ පැත්තට ගියා.

ටිකකට පස්සේ එයා ආවේ, විස්තරෙත් අරං. “පොකට්කාරයෙක් අහු වෙලා... පොලීසියට ගෙනිච්චා... ගහන්න දුන්නැතිව බේර ගත්තේ මෙහෙ කට්ටිය.”
මෙහෙ කට්ටිය?

මෙතැනදී තමයි මට මතක් වෙන්නේ, මේ postsවල දෙවැන්නට D.G.M. බස්සා මහතා එවා තිබ්බ comment එක.
හ්ම්... දැන් ටිකක් තේරෙනවා. බලාගෙන ගියාම, අපේ සහජ ගති ඇරිලා නෑ. මේ වාහෙලත් එක්ක, අරගලය ඔය තත්ත්වයෙන්වත් පවත්වාගෙන යන එක පුදුමයක්.’

හරි හරි කිසිම අවුලක් නෑ
කලින් දවස් දෙකේම හරිහමන් නින්දක් නැතිව හිටි  නිසයි, ගොඩ දුරක් ඇවිදින්න වෙච්චි නිසයි වෙන්නැති- මට පුටුවේ වාඩි වෙලා ඉන්නත් බැරි තරං කෙඩෙත්තුව. එතකොට පාන්දර හතරයි. “මහප්පේ, මගේ බෑග් එකේ තියෙනවා ඔයාට හීතලක් ආවොත් පොරවගන්න කියලා ගෙනාව රෙද්දක්. ඒක එළාගෙන ඔයාලා ටිකක් නිඳා ගන්න.” මයෙ හැටි දැක්ක අකලංක කිව්වා..... රෙද්දත් එලුවා...

“මට එහෙම නිඳා ගන්න බෑ.” / “නෙවිල් මාමා නිඳා ගන්න...” / “නෑ, නෑ... ඔයා..” එයාලා වාද කර ගන්න අතරේ මං බිම දිගා වුණා. 

හයට නෙවිල් අපිට ඇහැරවනකල්ම මම නං හිටියේ මර නින්දේ. බලද්දී එතැනම නිඳාගෙන තියෙන්නේ අකලංක. අපි ඇහැරෙනකොට අපේ කුටි දෙකේ ආක්‍රමණිකයනුත් ගිහින්; සම්පතුත් ගිහින්.

“මාත් ගෙදර ගිහින් හවසට එන්නං.”
“නෙවිල්, ඊට කලින් මම අකලංකත් එක්ක ගිහින් මූණ-කට හෝදගෙන එන්නං....”

එතකොටත් තාවකාලික වැසිකිළි හයේ දිග පෝලිමක්. පිරිමි පැත්තෙ. නොඉවසිල්ලෙන් නළියන දෙතුන් දෙනෙකුත් ඒකෙ.
“ලේඩීස්ලා නැහැනේ. එහාට යං...” එක්කෙනෙක් ඉස්සර වුණේ යෝජනාව ඉදිරිපත් කරමින්. කියන පමාවෙන් තව දෙන්නෙක් එයාගෙ පස්සෙන් රේස් එකක....
 

ඊට එපිටින් තිබුණු වතුර ටැංකිය ළඟදී මමත් ලජ්ජාව පැත්තකින් තියලා කමිසය ගැලෙව්වා. පොඩි තුවාය තෙම-තෙමා අත-පය පිහිදා ගත්තා. මං එහෙම කරගෙන ඇවිත්, ආපහු ප්ලාස්ටික් පුටුවට බර දෙන අතරේ වෙන්න ඇති, සමින්දික ශ්‍රීමන්ත fb එකට මේ පණිවිඩය කොටන්න ඇත්තේ.

අප්‍රේල් 24 7.42

උඹ නම් යකෙක් 'නිදි'

ඊයෙ හවස මම බලන්න ගිය වෙලාවෙ ‘හරි හරි කිසිම අවුලක් නෑ’ කියලා හිනා උනා. එහා පැත්තෙ හාමුදුරුවෝ අමාරු වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කළා කිව්වා. කලිනුත් කීප දෙනෙක් හොස්පිට්ල් ගෙනිච්චා- මම තවම බේරිලා ඉන්නවා කියලා ශක්තිමත්ව කිව්වා.

උන්ට හෙණ ගහන්න ඕනි පුතේ... මේ කරන අපරාදෙට....

ඊයෙ හවස...

ගෙදර ඇවිත් පැය කීපයකින් ආරංචි උනේ ඔහුව හොස්පිට්ල් ගෙනිච්චා කියලා. සීනි එකවර අඩුවීමක්. නිදි වෙනුවෙන් බ්ලොග්කරුවෝ ගෲප් එක ඔහුව රෝහල්ගත කරපු එක වෙනුවෙන් සතුටු උනේ ඔහු ගැනම හිතලා. 

අද උදේ...

"අන්න නිදි ආයෙත් උපවාසයේ..." ගෲප් එකේ උන් එහෙම කියද්දි මට කියවුනේ, මූ නම් යකෙක් කියලා. හැමෝම කිව්වෙ නිදිගෙ අසනීපෙ නිසා මේක නවත්තන්න ඕනි කියලා. මගෙ යටි හිත කිව්වෙ මූට මේක කරන්න දෙන්න ඕනි කියලා.

නිදිට වයස 68යි. අපි හරියට උන්නා නම් තරුණ උඹලට අද මෙහෙම පාරවල් දිගේ කෑගහන්න වෙන්නෙ නෑ කියලා පැය 68ක උපවාසයක් කරන්න නිදි ඉඳගත්තෙ.

හෙට උදේ නැගිටිනකල්,
ගැම්මෙන් හිටපං නිදි අංකල්!’ 

ඒ ගැම්මෙන්  නං ඉන්න බැරි වුණා සෑම් මැයි නවවෙනිදා දවල්, ටෙලිෆෝන් කෝල් එකක් ආවාම.... “රංජි පුතේ...” සෝමා පුංචියි කතා කළේ, බදුල්ලේ ඉඳලා.
“අනේ රත්තරං පුතේ.... ඔයා එහෙම කොහෙවත් යන්න එපා... හොඳද...... අපි කොච්චර පරෙස්සමටද පුතේ ඔයාව හැදුවේ... ඔයා පරෙස්සම් වෙන්න ඕනි රංජි පුතේ...”

“මම විතරක් පරෙස්සම් වුණාම හරිද පුංචි?” කියලා අහන්නයි මට ඕනි කළේ. ඒත් මට ඒකවත් කියා ගන්න බැරි වුණා. ඉකි ගැහි-ගැහී ඇඬෙන්න ගත්තා.
එවෙලෙ මට මොකද වුණේ?

“ඇයි, ඇයි රංජි පුතේ අඬන්නේ.... ඉවසල හිටිමු මයෙ පුතේ. උන්ට හෙණ ගහන්න ඕනි පුතේ... මේ කරන අපරාදෙට....”

මේ නිහීන පාලක රොත්තත් එක්ක,
ගොබ්බයන් වගේ අවනීතියට රජ වෙන්න දීල අහක බලාගෙන හිටි රටේ ආරක්ෂකයනුත් එක්ක;
තමන්ට වගේම කැමති මතයක් දැරීමේ අයිතිය අනුන්ටත් තියෙනවයි කියලා නොහිතපු තුච්ච පක්කලි සේනාවත් එක්ක තරහෙන් පිපිරෙමින් හිටි මම මොනවා කියල කරන්නද?

ඔව් සෑම්, ඊට පස්සෙත් මට කතා කරපු සේරමලා දැනගන්න ඇති මගේ දුක.

හැමෝම පක්කලියන් නෙවෙයි; හැමෝම කැනහිල්ලුත් නෙවෙයි; පරාර්ථකාමී උත්තම මිනිස්සුත් ඉන්නවා!

එදා වගේම තවමත් මම ඉන්නේ ‘සොත්තිසේන’ වෙලා. උපවාස කුටියෙදී රාජන්ගේ අතින් ‘NO PARKING’ බෝඩ් එකක් මගේ දකුණු කකුල උඩට අතෑරුණා. කකුල තැලිලා ඇඟිලි දෙකක් පිපිරුවා. හොඳ වෙලාවට ඒ තුවාල පැසෙව්වේ; කකුල ඉදිමුණේ ගෙදර ආවට පස්සේ. එහෙම තියාගෙනත් මහරගම තිබුණු උද්ඝෝෂණයකට ගිහින් තත්ත්වය තවත් නරක් වුණා.

එහෙම අසරණ වෙලා ඉන්න වෙලාවක ඇස් පනාපිටම සිද්ද වෙන අකටයුත්ත දැක-දැක කොහොමද ඉවසගෙන ඉන්නේ? සත්තයි! මැරෙන තරං දුකක්.... 

ඒ වෙලාවේ දැනුණු අසරණකම- දැනුණු තරහව දැනුයි ටික-ටික තුනී වේගෙන යන්නෙ...

මොකුත් හිතා ගන්න බැරිව; මොකුත් කර ගන්න බැරිව; මෙහෙම අසරණ වෙලා ඉන්නවට වැඩිය හොඳ නැද්ද මැරෙන එක.... එහෙමයි මට හිතුණේ. නිර්වින්දනය වෙලා වගේ දවස් දෙකක්ම ඉඳලයි ආයෙම මේ ලියන්න ගත්තෙත්. අනාගතේ ඉපදෙන අයට හරි කියවන්න; දැනගන්න මේවා ලියල තියන්න හිතාගෙන....

ඔව්, හැමෝම පක්කලියන් නෙවෙයි; හැමෝම කැනහිල්ලුත් නෙවෙයි; පරාර්ථකාමී උත්තම මිනිස්සුත් ඉන්නවා- යහපත් වැඩවලට උදව් කරන අයත් ඉන්නවා. ඒ උතුම් මිනිසුන් ගැනත් ඉතිහාසයේ ලියවෙන්නම ඕනි, මෙහෙමවත්.

මං කිව්වනේ මගේ පුටුවට කෙලින්ම පාරේ අනිත් පැත්තෙ තිබුණු අට්ටාලය ගැන. ඒක කිට්ටුවට හිමිදිරියේම එනවා වාහන කිහිපයක්. එක වාහනයක් නං තුන් පාරකට විතර ආයෙ-ආයෙම ආව, හැමදාම. උදේට කෑම අරං.

තවත් වාහනයකින් ගෙනාවේ පාන්. එයාලම සීනි සම්බෝල වගේ මොනවා හරිත් ගෙනාවා. එතකොටම ඒ කුටිය ඉස්සරහ දිග පෝලිමක් හැදෙනවා. පාන් කපන්න දෙතුන් දෙනෙක්/ ඒවා මැදට සීනි සම්බෝල දාන්න දෙතුන් දෙනෙක්/ බෙදන්න තව අය..... ready පිට හිටියේ...

ඒ අතරේම කිරි පැකට්... වතුර බෝතල්.... (එක දවසක් උදේට බෙදුවේ පරිප්පුයි පානුයි!)

‘තමුසෙ ඔච්චර විස්තර දන්නෙ එතැන ඉඳන් උපවාස කෙරුවද.... එහෙම නැති නං ඔත්තු බැලුවද?’

ඉතිං ඊට පස්සේ.....

21 comments:

  1. ඉයන් සහ ඉකනො හොඳ විචාර ලිපි දෙකක් ලියල තියනවා දැක්කා. දැනට රටේ සිදුවන දේ, පිටින් පේනවට වඩා සංකීර්ණයි කියලා හිතෙනවා. රනිලාගමනයේ සිට සජිත්, අනුරගේ ලිස්සන දේශපාලනය දක්වා, හැම දෙයක් ගැනම උඩින් බැලුවොත්, අපට යතාර්ථය මඟහැරෙන්න ඉඩ තියනවා.

    ReplyDelete
    Replies
    1. ඔබෙ අදහස හරියට හරි බස්සා මහත්තයෝ. දැනටමත් මම ඒ දෙකම කියවා මගේ අදහසත් ; ඉතා කෙටියෙන් ලියලා ඉවරයි.

      Delete
    2. ඒ වගේමයි අපේ ඩ්රැකී උන්නැහේ ගොඩගෙන තියෙන film එකත්!
      මේ පිටුවේ උඩින් තිබෙන 'මට උදව් කරන අය' තීරුවෙ ඉහලින්ම දැන් දැක්වෙන්නේ ඒ ලිපි තුනට යා හැකි පහසු මං!

      Delete
    3. The economy is the start and end of everything. You can't have successful education reform or any other reform if you don't have a strong economy.
      - David Cameron

      Delete
    4. ජාතිය, ආගම, මනුස්සකම, කලාව, ක්‍රීඩාව, සංස්කෘතිය, ආචාරශීලීත්වය ඔය ඔක්කොම ආර්ථිකයට වඩා උසස්, ලස්සන, සොඳුරු දේවල් වෙන්න ඇති.
      හැබැයි ඒවා පවතින්නේ ආර්ථිකය මතයි

      Delete
    5. අහා! නව් යූ ආ ටෝකින්. ඩෝන්ට් කොලොප්පං විත් මී.

      මයින ගිහින් නරියෙක් ආව කියන්නෙ ඇත්තද සෑර්? අපේ නරි නායකතුමා වෙනුවෙන් කියන්නෙ මේ. අපි හොඳ ඩීල් කාරයො සෑර්. ගිය සැරෙත් කපුටො එක්ක ඩීල් ගැහැව්වා හොර අල්ලන්නෙ නෑ කියලා. ආර්තිකේ දියුණු කරන්න? මඟුලක් අහනවා! ඕන්නං IMF, අනිත් රටවල් එක්ක කතාකරලා, ණයට "එදාවේල ටුවර්ස්" දුවන්න හදලා දෙඤ්ඤං.
      පුතානෝගෙ ආච්චිට මැනික් ගරන්න! ආ, මයිනයියා සුභපැතුමකුත් එවලා තිබ්බා.

      Delete
    6. Pra Jay මහත්තයෝ, ආර්ථිකය කියනවට වැඩිය හොඳයි වගේ, බඩගින්න- ජීවන පැවැත්ම උඩ පවතිනවයි කීම.

      නරිමොටෝ, ඔහෙටත් පොහොට්ටුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් දෙයි අලුත් අගමැතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න.
      'කොයි පුතා'ගෙ ආච්චිටද මැණික් ගරන්න යන්නෙ....

      Delete
  2. ගලක් හෝ පොලු කෑල්ලක් අතේ තිබ්බ නැති අසරණ අරගලයකාරයින්ට ගැහුවා කියන ආරංචිය ආව ගමන් ඇගේ ලේ කුපිතවුනා. 3ට සේවයෙන් මිදි ගෙදර යන්නට අවසර ලැබිලා යනවිටයි දැක්කේ අපිට කරන්න දෙයක් ඉතිරි කරලා තිබිලා නෑ කියලා.
    හැබැයි ගමට ගහන විත්තිය කල් ඇතිව මම නිදිට අනත-ුරු හගවලා තිබ්බා. හොද වේලාවට උපවාසෙ අතරේ නොවුනේ.
    අසංග - කොළොම්පුරේ

    ReplyDelete
    Replies
    1. මං බේරුණාට අසරණ අහිංසකයෝ කී සීයක් ගුටි කෑවද අසංග. වීඩියෝවල දකින්න ඇතිනේ ඒ මිනිස්සු කඳුළු ගෑස් ගහන්නයි කියද්දීත් නිලධාරීන් නොතකා හිටි හැටි.
      අරගලකරුවෝ ප්‍රතිප්‍රහාර නොදී ඉවසාගෙන හිටි හැටි...

      Delete
  3. මේ අරගලයයි රටේ වෙන දේවල් ගැනයි බස්ස කියල තියෙනව වගේ ගැඹුරෙන් හිතන්න වෙනව දැන්නං.

    මොනව උනත් අරගලේ හිටපු කට්ටියට එල්ල උන ප්‍රහාරය තරයේ හෙලා දකිනව.

    ReplyDelete
    Replies
    1. හිතක් පපුවක් තියෙන කිසිම කෙනෙක් ඒ තුච්ච පහර දීඑම අනුමත කරන්නේ නැහැනේ ප්‍රසන්න.
      මේක කලින් ඉඳලම සැලසුම් කලාද කියලත් හිතෙනවා. කොල්ලුපිටිය පොලිසියට ඊට දවස් දෙකකට කලිනුයි සනත් නිශාන්තගේ හිතවතෙක් OIC විදිහට වැඩ බලන්න එවා තියෙන්නේ.
      https://www.lankahotnews.net/2022/05/oic-oic.html

      Delete
  4. නිදි ගේ උපවාසය වෙලාවේ පහරදීම සිදු උනා නම් කොහෙන් කෙලවර වෙයිද කියලා හිතා ගන්නත් අමාරුයි.

    රුපියල් පන්දාහට, අරක්කු බෝතලේකට මිනිස් කම පාවා දුන්න මේ ප්‍රහාරකයන් ගැන නම් කියලා වැඩක් නැහැ. නමුත්, ඔවුනුත් අපේ ලාංකික ජන සමාජයේම කොටසක් නේද කියා හිතෙන කොට නම් ඇති වෙන්නේ කලකිරීමක්.

    ReplyDelete
    Replies
    1. Sam, කොච්චර බොරු කිව්වත්, වහන්න හැදුවත් ලෝකෙම දන්නවා කොහොමද- මොනවද එදා වුණේ කියලා. මම නම් බලාගෙන ඉන්නේ මේ වතාවෙවත් යුක්තිය ඉටු වෙයි කියලා. බලය වෙනුවෙන් මෙච්චර නිහීන වෙන්න මිනිස්සුන්ට පුළුවන්ද? මුන් මිනිස්සුද?

      Delete
  5. "මෙහෙම අසරණ වෙලා ඉන්නවට වැඩිය හොඳ නැද්ද මැරෙන එක..." නෑ හොඳ නෑ ...කිසිම වෙලාවක ජීවිතය අත අරින්න එපා.

    අපි වැඩ ගොඩක පැටලිලා කරන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිව ඉන්නකොට urgent and important වැඩෙන් පටන් ගන්න කියලනෙ කියන්නෙ. ලංකාවට මේ වෙලාවෙ urgent AND important දෙය stability හා international cooperation නිසා රනිල් ආපු එක වරදක් නෑ.
    හොරු ඇල්ලීම important but not urgent. නමුත් පහුගිය අත්දැකීම් හා මිනිස්සුන්ගෙ සාමාන්‍ය ආකල්ප අනුව හොරු ඇල්ලීම ෆැන්ටසියක්ම වෙන්න පුලුවන්. රනිල් ආපු එකේ 'බයි' ප්‍රොඩක්ට් (I mean by) එකක් විදිහට රාජපක්ශල ආරක්ශා වෙයි. නමුත් මිනිස්සු දැන් නැගිටලා ඉන්නවා වගේ දිගටම නැගිටලා හිටියොත් හානිය අවම කරගන්න හරි පුලුවන් වෙයි නේද.

    ReplyDelete
    Replies
    1. ඔව් Lotus, මිනිස්සු කොහොම වෙතත් තරුණ පරම්පරාව හරි දිගටම නැඟිටලා හිටියි කියලයි මං හිතන්නේ; මොළේ ඇතිව.
      අරගලයට තිරශ්චීන විදිහට පහර දෙන්න පොළඹවපු හා පහර දුන් අය අතරේ යෞවනයන් හිටි බවක් මං දැක්කේ නෑ.

      පහර දුන් අය ආපහු යනකල් මඟ රැකලා සිට එයාලට පාඩමක් ඉගැන්වූ කිසිවෙක් ඒ පිරිසගේ අනන්‍යතාව හෙළිවෙන විදිහට පුරසාරම් ෆොටෝ fb එකට දාලත් නෑ.

      Delete
  6. පට්ට වීඩියෝ එකක් දැක්කා. එක හුස්මට බැලියෑකි.👌🙏
    https://www.youtube.com/watch?v=3X-aFYF6wG0

    මාර ටැලන්ටඩ් හාදයෙක්. වීඩියෝ කොලිටිය වගේම තමයි අන්තර්ගතයත්.

    ReplyDelete
    Replies
    1. ඔව් නේන්නං. හාස්‍යය මුසුව ලස්සනට කියනවා. ශෝකී රසය විඳින්න කැමතියි නං මේකත් බලන්න.
      https://www.facebook.com/nimal.dissanayake.10420/posts/pfbid0bDqc2YfdwXsiFbPDv1a92S6J8Ni9HXjZ8H8xkYuNKZdsvgSczMATsuKBFDRbsqmjl

      Delete
  7. කාලෙකිං එන්ඩ බැරි උනා. දැනුත් තීසිස් එක ලියන ගමං. 25 වෙනිද දෙන්ඩ ඔ්නෙ.

    එතකං නිදි මේක බලන්ඩ. ඔය දුක ටිකක් හරි තුනී වෙලා යයි...

    ReplyDelete
    Replies
    1. හිනා යනවා නේන්නං. හැබැයි ඩ්රැකී විනීලා පරාද වෙන ජෝක්ස් දැන් හැබෑටම සිද්ද වෙන්න පටන් අරං.... පොලීසිය 70ක් අත්අඩංගුවට අරං, මන්ත්‍රී- ඇමති නිවාස ගිනි තිබ්බයි සැක පිට. හැබැයි ගෝඨා ගෝ ගමට ගහපු මාරයන් එකෙක්වත් තාම අරං නැහැ වගේනෙ.... පොළඹවපු අය ගැනත්.... එයාලට තවම ආරංචි වෙලා නැහැල්ලූ... මහජන අපිට තොරතුරු එවන්නලු.

      Delete
    2. රහස් පරීක්ෂක මර හොයිනා: රට පතව එති තත්ත්වය සහ ඊට බල පෑ හේතු

      තිරිකුණාමලේ වළහෙක්: ගහම්න එපා බුදු සාලාමි. මම තමයි ගෝටාගෝගමට ගහපු හාවා

      Delete
    3. රට පත්ව ඇති තත්ත්වය හරියටම දැනගන්න වෙන්නේ එයාලගෙන්ම තමයි, හේතු කොහොම වෙතත්........

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්