li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, June 21, 2022

සුප්පා දේවිගේ බඩේ මයිල් - හත්වෙනි කොටස

හරි, හරි. ඔයා චණ්ඩියනෙ!
එහෙනම් මට ලැබී තිබුණු ආරංචිය ඇත්තකි! සංජේ දැනටමත් අපේ ගොඩ දෙනෙකු අමනාප කරගෙන අවසන්ය. ඉතිං...

“හරි, හරි. ඔයා චණ්ඩියනෙ. ඒ මිනිස්සුන්ට ඕනි මඟුලක් කර ගන්නෙයි කියලා, ඔයා කියාගෙන ආපු දේ කියල ඉන්නකො.” සංජේව අස්වසමින්ය, මං කිව්වේ.
“මට මේක හිතුණේ රංජි, ඔයාව මෙහෙන් ටිකක් ඈත් කෙරුවොතින් හොඳ නිසා... හැබැයි, ඔයත් කැමතියි නං විතරයි...”
“කැමති වෙන්න හරි අකැමැති වෙන්න හරි ඉස්සෙල්ලම මොකක්ද කියල දැනගෙන ඉන්න එපැයි!”

සංජේ එයාගේ අලුත්ම යෝජනාව ගෙනාවේ එතකොටය.
ඒ හාදයා කියූ විදිහට එයාලගේ ගමේ බතික් වැඩපළක් පටන් ගැනීම වැඩියෙන් හොඳය. “අපේ වත්තෙ ඕනි තරං ඉඩ තියෙනවා. වැඩට ගන්න, රස්සාවක් කරන්නැති ගෑනු ළමයිනුත් එහෙ ඕනි තරං ඉන්නවා. මෙහෙදී වගේ ඩයි කරලා අහක යවන වතුර කාටවත් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ.... පාලු ඉඩම්නෙ වැඩිපුර තියෙන්නේ.”

ඒ දවස්වල අපට තිබුණු ලොකුම ප්‍රශ්නයකි; ඒ.

අපේ ඉඩමට අඩි දෙක-තුනක් විතර පහළිනි, මීන සංහාරය කෙරුණු කොටුවෙ ආච්චිගේත්- වනාත වත්තෙත් ඕවිටි තිබ්බේ. වනාතේ ඕවිට වැවිල්ලක් නැතිව අතෑරුණු ගමන්මය. ඊට එපිටින් තිබුණු වනාතේ කුඹුරු ලියැදි ටිකත් තිබුණේ පුරන් වෙච්ච ගමන්ය. වනාත වත්තේ කට්ටිය හදන හරකුන් දවල්ට දිගේලි කළේ ඒ පුරන් ලියැදිවලය.

දීපානි බතික් වැඩපළ පුළුල් වෙද්දී... ඩයි කිරීමෙන් පස්සෙත්, රෙදි සේදීමෙන් පස්සෙත් ඉවතට යවන වතුර වැඩි වුණේය. මුලින්ම නම් ඒකෙන් කාටවත් කිසිම බලපෑමක් වෙන බව පෙනෙන්නට තිබ්බේ නැත. මාස කිහිපයක් යද්දීය වැඩේ පත්තු වුණේ.
වනාත වත්තේ අධිපතිනිය අපේ වත්තේ වැට ළඟටම ඇවිදින්, අපේ ආච්චීට මහ සද්දෙන් කතා කළේ එයින් පසුවය.

“රතනවතී, අපි දෙගොල්ලෝ මෙච්චර කාලෙකට උඹ නොදකින් කියාගෙන නෑ.... අල්ලපු වතු දෙකේ ඉඳලත්. මත්තටත් එහෙමම ඉන්න ඕනි නං හොඳ හිතින් රංජිගෙ බතික් කෙරුවාව නවත්තල දාන්නයි කියනවා.”

ඔය වත්තෙන් පල්ලෙහාට ඇවිත් බලනවා... (මේ ඉන්නේ වනාත වත්තේ කවුරුන්වත් නොවේ. එකල නිතරම ගැටුණු යෝධයා හා පඬිතුමාය.)
“ඒක යස කතාවක් නෙව.
අපේ රංජියා මොනවා කෙරුවත් ඔහෙට මොකෝ? ඔහෙලට වගේ අපට රබර්- කුරුඳු තියෙනවැයි... කුඹුරු පොල් යායවලුත් තියෙන එකක්යැ, ආදායම් උපදින.” අපේ ආච්චීත් සද්දෙන්ම උත්තර දුන්නාය.

“කුඹුරු? අපේ කුඹුරු ලියැදි ටිකට වෙලා තියෙන නස්පැත්තිය හින්දා තමයි මේ කියන්නේ. ඔය වත්තෙන් පල්ලෙහාට ඇවිත් බලනවා... අපේ හරකෙකුට කවන්න එක තණකොළ ගහක්වත් ලියැදිවල තියෙනවද කියලා. සේරම මැරිලා. සේරම... සේරම මැරිලා, ඔහෙගෙ මහ ලොකු මුණුබුරාගේ කෙහෙල්මල් බතික් කෙරුවාව නිසා.”

ඒ වෙලාවේ වනාතේ ඇත්තියට කටින් ගැහුවත්, අපේ ආච්චී හවස් වරුවේ තනිවම වෙල පැත්තේ ‘නිරීක්ෂණ චාරිකාවක’ යෙදුණාය. යෙදී ආපහු ආවේ, පිටත්ව ගිය අභිමානවත් දසනායක රත්නවතී නොවේ. කම්පිත මුහුණෙන් යුතු, පරාජිත රත්නවතියෙකි!
“ඇත්තනේ බං! මහ පවුකාර අපරාදයක්නෙ සිද්ද වෙලා තියෙන්නේ... අර මහ අම්මණ්ඩි අපිත්තෙක්ක ඉරිසියාවට කිව්වයි කියලයි මම හිතුවේ. නෑ බං ගුණේ... උඹට වුණත් රඟේ තේරෙයි, ගිහිල්ලා බලලම ආව නං..... ග්‍රාමසේවක මහත්තයටත් කියනවයි කිව්වේ, ඇත්තටම වෙන්නැති.” ආච්චී කිව්වාය.

“අනේ මේ අම්මෙ. උන්ට ඕනි කුදයක් ගහ ගන්නෙයි කියන්න. ග්‍රාමසේවකව එක්ක ආවත් අපි නිදහස්. අපේ බතික් ඩයි වතුර අපි කෙළින්ම යවන්නේ අපේ වත්තේ වළකට. උන්ගෙ වත්තට නෙවෙයිනේ... එව්වා පොළොව යටින් එහාට ගලන එකට අපි මොනව කරන්නද?” දිසානායක හේවගේ ගුණපාල තර්ක කළේ එහෙමය.

“අනේ බං ගුණේ. උඹේ තර්කෙ උඹටම හරි. ටිකක් මනුස්සකම ඇතිව හිතපං. ඔය ඩයි වතුර පොළොව යටින් අරුන්ගේ කුඹුරු ලියැදිවලට යන්නෙ නැත්තං එව්වයේ තණකොළ සේරමත් මැරිල යයිද?”

ආච්චීගේ තර්කය සහේතුකයි වගේ පෙනුණත්, කට අපේ තාත්තාගේ තරම් සද්දය ඇති එකක් නෙවේ. අන්තිමේදී අපේ තාත්තා වාදයෙන් දිනුවේ එබැවිනි. “උඹට කියනවට වැඩිය හොඳයි යකෝ, මගේ කට ගලක උලා ගන්නවා.... අර අම්මණ්ඩි ආයෙම බැණ අඬ ගහගෙන ආවමත් ඔය පඩික්කම් කටත් අරං උඹම පලයංකො ඉස්සරහට....”

මං කියන්නේ ඔයාට එහෙ යමු කියලා... මමත් ගෙදර නවතින්නං. අපි....
ඒ ප්‍රශ්නය ගැන හිතද්දී නම්, සංජේගෙ කතාව මොළේ ඇති එකක් වගෙය, මට පෙනුණේ. ඒත් එක විඩේම ඒ විත්තිය අඟවන්නට හොඳ නැත.

“අදනෙ යකඩෝ පෙනෙන්නේ ඔයා බලන දුර! එතකොට ඔයා කියන්නේ, මෙහෙ සේරම අකුළගෙන අපට ඔයාලගේ ගමට එන්න කියලද? එතකොට රෙදි මෝලේ ඔයාගේ රස්සාව?”
“කවුද කිව්වේ ඔයාලගේ සනුහරේටම අපේ දිහා එන්න කියල. මං කියන්නේ ඔයාට එහෙ යමු කියලා... මමත් ගෙදර නවතින්නං. අපි බතික් වැඩපළක් දාමු එහේ...”

තීරණයක් නැතිවම එදා අපේ කතාව ඉවර කරන්නට වුණේය.
එහෙම කරන්නට වුණේ සංගීතය පටිගත කිරීම අවසන් වුණු බැවිනි.

“මොකද රංජි මල්ලී, ඔයාගේ අතීසාර මිත්‍රයා කියන්නේ?” සංජේ ඈතට යනතුරු ඉඳලා ප්‍රතිවාදියෙකු මට කිට්ටු කළේ විස්තර හාරන්නටය.
“ඔයාලටත් කියන්න දෙයක් තියෙනවා නං එයාම කියයිනේ!” කියලාය මං ගැලවුණේ. එහෙම කිව්වත් සංජේ ගෙනා යෝජනාව ගැන මට අමතක වුණේ නැත. යෝජනාවටත් වඩා, මට හැඟුණේ සංජේට තිබුණු උවමනාවයි.
‘එයාට ඕනි මාව මේ යක්කුන්ගෙන් ඈත් කර ගන්න!
ඇයි ඒ....
ඇයි ඒ කියන්නේ. තමුසෙට තේරෙන්නෙ නැද්ද ඒ මනුස්සයගෙ හිතේ තියෙන ආදරේක තරම....’

ආදරේ!
ඒ වෙද්දී කුමාර කරුණාරත්නගේ ආදර නිර්වචනවලටත් වඩා මගේ හිත දිනාගෙන තිබ්බේ
එඩ්වඩ් මල්ලවාරච්චිගේ ආදර විවරණයි.
එඩ්වඩ් මල්ලවාරච්චිගේ ‘ප්‍රාර්ථනා’ නවකතාව පළ වුණේ 1970දීය. එහි දෙවෙනි කොටස; සුභා 1971දීත්- තෙවැන්න; සුභ ප්‍රාර්ථනා 1972දීත් පළ කෙරිණි.

එඩ්වඩ් මල්ලවාරච්චිගේ ප්‍රාර්ථනා’ නවකතාව පළ වුණේ 1970දීය. එහි දෙවෙනි කොටස...
එවක ශ්‍රී ලංකේය යොවුන් පාඨක ප්‍රජාව ගැන කියන්නට තරම් පුළුල් අවබෝධයක් මට නැත. මට නිශ්චිතවම කිව හැක්කේ මගේ පිළිබඳවයි.

මා නම් ආදරයෙන් ආතුරවී; ප්‍රේමයෙන් මුසපත්වී ‘ප්‍රාර්ථනා’ පොත කිහිප වතාවක්ම කියෙව්වා මතකය. හොඳටම සංවේදී වෙමින්; ඉකි ගසමින්; හොටු පෙරෙන තරමට කඳුළු පෙරමින් ඒ පොත කියෙව්වා මතකය.

අද්‍යතන ගැටවර- ගැටවරියෝ බොලඳ ප්‍රේම යාදිනි ගීතවලට වහ වැටී සිටිතියි-
මහා පදරංග ජාතකයටත් වඩා දිග මෙගා ටෙලිවල පැටලී හිඳිතියි-
ජංගම දුරකථන සමාගම් පොහොසත් කරමින් love කරතියි- ඒවා විවේචනය කෙරෙද්දී නිහඬවම සිටින මට.... මගේ යොවුන් අවදියේ තකතිරුකම් මතක් වෙන්නේ නැති හැටි!

සමහරුනට බොළඳ ලෙසින් පෙනුණත් මට නම් ආදරය යනු අදටත් අතිශය සංකීර්ණ හැඟීමකි; සුන්දර එකකි; මා භාවාතිශය කරන්නකි.
සමහර විට, ඒ මා උපතින්ම උරුම කරගෙන සිටින විදිහ වෙන්නටත් ඉඩ තිබේ. එහෙමත් නැතිනම් මා හැදී-වැඩුණු පරිසරයේ; මා මුහුණ දුන් අත්දැකීම්වල බලපෑම වෙන්නටත් හැකිය. මට කිසිසේත් අමතක කරන්නට බැරි තරමට- මා කියවූ පත-පොතත්, බැලූ චිත්‍රපටත්- මොට්ට මගේ ජීවිතය හැඩ ගැස්සූ බව මගේ මතයයි.

ඒ තියරිය ලෝකයේ හැම දෙනාටම ආදේශ කරන්නට තරම් පටු හිතක් මට නැත. මං කියන්නේ මා ගැන විතරකි!

ආදරයක් ඇති විය හැක්කේ කවුරු කවුරුන් අතරද? ඒකට වයස බලපානවාද? පෙනුම.... තරාතිරම... ගතිගුණ... එවැනි දාහක් දේවල් එදා ගැටවර වයසේ සිටි මට තේරුම් ගන්නට තිබිණි.
ආදරයේ අග්‍ර ඵලය විවාහයද... මම එවැනි දේත් සිතමින් සිටියෙමි.

ඉඳහිටවත් ඔබේම ඇතුළාන්තයට එබී බලන පුරුද්දක් ඔයාලට තියෙනවද...
ඒ විදිහට බලද්දී සංජේ හා මා අතර ඇති බැඳීම අරුත් සුන් එකක් නෙවෙද?

හිතාදර රසික- පාඨක හිතවතුනි; හිතවතියනි. ඉඳහිටවත් ඔබේම ඇතුළාන්තයට එබී බලන පුරුද්දක් ඔයාලට තියෙනවද.... ඔබේම ඇතුළු හදත් එක්ක අවංක සංවාදයක යෙදෙනවද... ඔබේ සියලු රහස් දන්නා; ඔබේ හොඳ නරක දන්නා ඔබේම යටිහිත එක්ක ඔබ රහසින්වත් කතා කරනවාද?
එහෙම කෙරෙන පුරුද්දක් මට නම් තිබේ!

අපි දවසකට කිහිප වතාවක් කන්නාඩියට එබී, බාහිර ලෝකයට තමන්ව පෙනෙන්නේ කෙසේදැයි පිරික්සා බලන්නෙමු. එහෙත් අපේ හදවතට එබී බලන්නට නොසිතන්නෙමු.
එහෙම බලන්නට වැඩි දෙනෙකුට හිතෙනවා නම්.....

ජීවිතයේ දේවල් සිද්ද වෙන්නේ මට උවමනා විදිහට නොවේ; මා කැමැති විදිහටමත් නොවේ. ඒවා දෛවයේ ලියවී තියෙන විදිහට සිද්ද වෙනවාද- නැත්තං කර්මානුරූපව සිද්ද වෙනවාද යන්න මම නොදනිමි. නමුදු ඒවා සිදු වෙයි. සමහර විට එක පිට එක... එක දිගට ගොඩාරියක්...
එහෙම වෙන්නේ කොච්චර පුදුම සහගත ලෙසින්දැයි හිතෙන්නේ එව්වා මෙහෙම අකුරු කරන්නට ගියාමය; පෙළ ගස්වන්නට ගියාමය.

මගේ ඇත්තම ඇත්ත ජීවිත කතාව හිතාදර ඔබ වෙනුවෙන් ‘නිදිගෙ පංච තන්තරේ’ blog අඩවියට ලේඛනාරූඪ කරමින් ඉන්නා නිසා, ඒ සිදුවීම් වෙනස් කරන්නට; බොරු ලියන්නට ඉඩක් මට නැත!
එබැවින් මගේ පංච තන්ත්‍ර- පදරංග කතන්දරය පැටලිල්ලක් ලෙසින් පෙනෙනවා නම්, ඒ ගැන කණගාටුව පළ කරනවා හැරෙන්නට දෙයක් මට කළ නොහැකිය.

විශේෂයෙන්ම ආදරය නම් විෂය කෙරෙහි මට තිබුණේ; තියෙන්නේ තරමක් වෙනස් ආකල්පයකියි මට හිතෙයි.

එක්කෙනෙකුට විතරක් ආදරය කරමින්, විහින් සිරගත වී හිටින්නට කෙනෙකුට පුළුවන්ද? එකවර දෙතුන් දෙනෙකු වෙත ආදරය පුදමින්... ආදරය විමධ්‍යගත කිරීමක් කරන්නට බැරිද?
එහෙම කරන්නේ සසල හදක් ඇති චපලයන්ද?

වලු බලිගේ දපු කොමුවත් නොද ඇයතේකියන්නේ....
සිංහබාහු නාට්‍යයට සූදානම් වෙන කාලයේ නම් මම අතිශය චපල; කාමාශක්ත ගැටවරයෙකු වෙමින් නන්නත්තාරවී සිටියෙමි. ‘වලු බලිගේ දපු කොමුවත් නොද ඇයතේ’ කියන්නේ ඒකටය.

ඒ උද්ධෘතය මට හම්බ වුණේ, සිසිර කුමාර මාණික්කආරච්චි මහතාගේ ‘අපේ පොතේ ඔහොම නැතේ’ කෘතියේ ‘සුං මදනා’ කවි පේළියේ කවියකිනි.

  ‘ගිඟින් ළයොත් පෑ එත්තේ නැසද ඇතේ
  සුං මදනා නන්නට වෙම් සජ ගමතේ
  වලු බලිගේ දපු කොමුවත් නොද ඇයතේ
  එදන බෙකා ගටු ගොහගෙන ගඳ ඉනිතේ’

මං සුදනා වීමට කිසිම ඕනෑකමක් මට නැත. නමුදු මගේ සමහර දේවල්වල ඇද ඇර ගන්නට උවමනාවක් මට තිබ්බත් වැඩක් වුණේ නැත.
සංජේ මට කොතෙක් කියා සිටියත්, වෙනත් සමරිසි සබඳකම් නැති කර ගන්නට මට බැරි වුණේය. නමුත් ඒවා යම්තාක් දුරකට සීමා කර ගන්නට නම් හැකි විණි. ඒකත් එයාගේ අවාසියට හිටියේය. එයිනුත් වුණේ සංජේට විරුද්ධවාදී වූවන්ගේ ගොඩ වැඩි වීමය. ඒ මං නිසාය!
ඒ වෙන විටත් සංජේ කෙරෙහි අපේ තාත්තාගේ හිත බිඳවන්නට ප්‍රයත්න දැරෙමින් තිබුණු විත්තිය මටත් රහසක් විණි.

තාත්තාගේ හිත කොහොම වෙතත්, මගේ හිත නම් හොඳටම බිඳී ගිහින්ය. ඒ අදය.

මා post එකක් ලියන්නේ එක හුස්මට නොවේ. නැවති-නැවතී විවේක ගනිමිනි. ටිකක් කොටලා මහන්සි දැනුණාම, ඒ රාජකාරිය නවත්වමි. වෙනින් එකකට මාරු වෙන්නෙමි.
උඩින් තියෙන ඡේදය ලියා අවසානයේය, විවේකයක් ගෙන අද ප්‍රවෘත්ති හෙව්වේ.

හෙට රටේ අනාගත පුරවැසියන් බවට පත් වෙන්නේ මේ....
අනේ දෙයි හාමුදුරුවනේ!

ළමා මන්ද පෝෂණයෙන් පෙලෙන රටවල් අතර හත්වෙනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්වෙලා. අපේ රටේ පවුල් දහයකින් හතක්ම කන-බොන එක අඩු කරලා. එහෙම කරලත් කන්නේ ගුණාත්මක; පෝෂණීය දේවල් නෙවෙයිලු. එයින් තත්ත්වය තවත් දරුණු වෙනවලු. Unicef වාර්තාවකින් ඒ විත්තිය කියවෙන්නේ.

අරගොල්ලෝ වැරදි කළා, මේගොල්ලෝ වැරදි කළා කියමින් අපේ රටේ පාලක ගොල්ල එක-එකාට ඇඟිලි දික් කර ගනිමින්; තර්ක කරමින් කල් මරනවා. තියෙන අසාධ්‍ය තුවාලය සනීප කර ගන්න බෙහෙත් හොයනවා නෙවෙයි; තුවාලයේ අතීතය හොයමින් ඉන්නවා. ඒ අතරේ ඉඩ තියෙන හැම වෙලාවේම තම-තමන්ගේ මල්ලට බෙදා ගන්නවා.
පාලකයන්ගේ හා හිතවතුන්ගේ ගෙවල්-දේපල ගිනි තිබ්බය, කඩා බිඳ දැම්මාය කියන කතන්දර ටික වුණත් විමසලා බලන්න වටිනවා. (සමහර සිද්දි
කෙරෙව්වේ කොහොමද කියලා සජීවී සාක්ෂිත් එළියට ආවනෙ. 
ආණ්ඩුවට හිතැති මැති- ඇමතිවරුන්ගෙ ගෙවල් 47කට තමයි හානි වුණා කිව්වේ.
(බොහොම අමාරුවෙන් ජනතා සේවය කරමින් ඉන්න ඒ බේසික් පුතාලා එච්චර දේපල කන්දරාවක් උපය ගත්තේ කොහොමද කියලා වෙනම සොයා බලන්න වටිනවා.) නමුත් ඒ පොහොසත් අසරණයන්ට බෙදලා දෙන්න එකක් රුපියල් මිලියන 17ක් වටිනා ගෙවල් 101ක් කඩිමුඩියේ ගන්න තරමට අපේ රජය කාර්යක්ෂමයි; අනුකම්පා සහගතයි. එව්වට නං සල්ලිත් තියෙනවා.

ඒ අස්සේ, ඒ දේශපාලුවන් දෙන්නෙක්ම බොර දියේ මාළු බාමින්, එයාලගේ දූවරු කොළඹ, විශාඛා විදුහලටත් දමා ගෙනලු!
එයාලගේ ළමයි විතරද ළමයි? එයාලගේ දරුවෝ විතරද දරුවෝ....

අර unicef වාර්තාවෙන් කියවෙන රටේ මන්ද පෝෂිත අහිංසක ළමයි දරුවෝ නෙවෙයිද?

හෙට රටේ අනාගත පුරවැසියන් බවට පත් වෙන්නේ මේ මන්ද පෝෂිත ළමයි නේද...

පෙරේදා රාත්‍රියේ මට පිළියන්දලට ගොස් එන්නට සිද්ද වුණේය. මහරගම සිට යන විටත්, එන විටත් මඟ දෙපැත්තේ තියෙන සේරම පෙට්‍රල් ෂෙඩ්වල දිගම දිග වාහන පෝලිම්ය. සමහර ෂෙඩ් වසා දමා තිබියදීත්ය; ඒ පෝලිම් තිබුණේ.

මහරගම, ජනාධිපති විදුහල අසල Laugh පිරවුම් හලේ වාහන පෝලිම....
දැන් හැමදාම වාගේ අපේ ගෙදර ඉඳලාම තෙල් පෝලිමක තියෙන වාහන කන්දරාවක් දැකගත හැකිය. මහරගම, ජනාධිපති විදුහල අසල Laugh පිරවුම් හලේ වාහන පෝලිමයි ඒ. එය පමුණුව පාර දිගේ ඇදෙමින් ඇවිත් දේවාල පාරට හෝ චන්දන උද්‍යානය දිහාවටම දික් වෙවී තියෙයි.
ඒ පෝලිම්වල උතුරමින් තියෙන්නේ අසහනයයි; බලාපොරොත්තු කඩවීමේ හැඟීමයි; කේන්තියයි. දැන් දැන් ඒවා පුපුරා යන ලකුණුත් පෙනෙයි!

මේ අමන පාලකයන්ගේ ඇස් ඇරෙන්නේ තව කොච්චර දේවල් විනාශ වුණාට පස්සෙද... රට වැසියන්ගේ හිත හොඳටම අවුල්වී; බිඳී තැන-තැන මංකොල්ල කෑම්, කැරලි- කෝලාහල, මිනීමැරීම් වෙන්න පටන් ගත්තාමද?   

සමස්ත ජාතියක්ම සිත් බිඳී වේදනාවෙන් සිටිද්දීය, මං වහන්සේ අපේ පරණ හිත බිඳීම් ගැන ඔබට කියමින් හිටියේ. මා පීලි පැන්නේ මෙහෙම කියූ තැනදීය: ‘ඒ වෙන විටත් සංජේ කෙරෙහි අපේ තාත්තාගේ හිත බිඳවන්නට ප්‍රයත්න දැරෙමින් තිබුණු විත්තිය මටත් රහසක් විණි.’

එහෙම ප්‍රයත්න දැරෙමින් තිබියදී, සිංහබාහු වේදිකාගත කෙරෙන්නට නියමිත දිනයත් කිට්ටු වෙමින් තිබිණි.

“Light රිහර්සල් එකට ඉස්සෙල්ල සේරම වැඩ ටික කම්ප්ලීට් වෙලා තියෙන්න ඕනි. ලජ්ජ වෙන්න බැහැනේ නිමල්ලගේ තාත්තේ හරියට නොකර.” එස් අයියා කිව්වේය. “අනෙක නිමල්ල තාත්තේ, ලුම්බිණිය බුක් කරගෙන තියෙන වෙලාව ඉවර වෙනකොටම, රිහර්සල්ස් ඉවර කර ගන්නත් වෙයි.... තාත්ත දන්නවද මන්දා, නාට්‍යවල ලයිට් රිහර්සල්ස් බලන්නම පුරුදු වෙච්ච දහ දොළොස් දෙනෙකුත් එදාට එන්න ඉඩ තියෙනවා.”

“අපේ වැඩ ටික නම් වෙලාවට කෙරෙයි මිස්ටර් එස්... දැනටම ගුහාව හදල ඉවරයි! තව තියෙන්නේ සුප්පා දේවිටයි, සිංහසීවලීටයි කොටි හමෙන් ඇඳුම් දෙක හදන එක විතරයි.
ඒක නෙවෙයි එස් මහත්තයෝ, මොකක්ද අර තව මිනිස්සුත් අපේ රිහර්සල්ස් බලන්න එනවයි කිව්වේ.” අපේ තාත්තා එස් අයියාගෙන් අහද්දී මාත් රබර් කන් දෙක දික් කරගෙනය හිටියේ.

වනමෝහිනී එකේ කාන්ති ගුණතුංගයි අනිත් නිළියොයි ඒ ඇඳුමට හරි හැඩට හිටියා.....
“ඒ නාට්‍ය බලන්නම පුරුදු වෙච්චි කට්ටිය. නාට්‍ය පිස්සෝ! මම හිතන්නේ වැඩිය සල්ලි නැති අය වෙන්නැති. හැබැයි, ඒ මිනිස්සුන්ගෙනුත් අපිට හොඳක් වෙන්නේ. එයාලා නාට්‍ය ගොඩක් බලලා තියෙන නිසා, අපේ එක ගැන අදහසුත් අන්තිමට එයාලගෙන් අහගන්න පුළුවන්.” එස් අයියාගේ කතාවෙන් අපේ තාත්තා සංසිඳුණේය.

“එතකොට එදාට shows දෙකක්ම කරන්නත් වෙයි නේද?”
“ඔව් ඔව් මිස්ටර් එස්. රූපාව දාලා එකකුයි, රංජිව දාලා එකකුයි.”

අපේ නාට්‍යයේ සිංහසීවලී චරිතය act කළේ (පසු කාලයක වස බී සියදිවි නසාගත්) අපේ ලොකු නංගී නෝනා; හෙවත් පුෂ්පා රංජනීය. එතකොට එයාට අවුරුදු 13ක් විතරය.

“නෝනාට නං එක ඇඳුමයි ඕනි වෙන්නේ. රූපට දෙකක් ඕනි.... එතකොට උඹටත් එකයි...” තාත්තා ගණන් බලද්දී මට පුදුම හිතුණේය.
“මට එකක්! එහෙම කොහොමද තාත්තේ? මට දිගටම දෝතියයි හැට්ටෙයි ඇඳගෙනද ඉන්න වෙන්නේ?” මට නොඉවසිල්ලෙන් කියැවුණේ හිතා-බැලිල්ලකින් තොරවය.

“සිම්බෝ, වනමෝහිනී දෙකේ විදිහටයි කොටි හමෙන් විදිහට ඇඳුම හදන්නේ. වනමෝහිනී එකේ කාන්ති ගුණතුංගයි අනිත් නිළියොයි ඒ ඇඳුමට හරි හැඩට හිටියා.....” අපේ තාත්තා කියා තිබිණි. ඒ films දෙකම බලලා තිබුණු නිසා කොටි හමෙන් හැදූ ඇඳුමක් ඇඳගෙන සුප්පාදේවියට රඟන විදිහ මගේ හිතෙත් මැවී තිබිණි. ඒ නිසාය මං කලබල වුණේ!

“ගොන් බිජ්ජෝ, මිනිස්සු හිනස්සන්නද හදන්නේ?” මං කියා ඉවර කරනවාත් එක්කම අපේ තාත්තා ගුගුරා හැළුණේය. “දෝතියයි හැට්ටෙයි ඇඳගෙන... දෝතියයි හැට්ටෙයි ඇඳගෙන.”

.......

35 comments:

  1. Chaminda DissanayakeJune 22, 2022 at 2:01 AM

    “ආදරයේ අග්‍ර ඵලය විවාහයද...”. අපෝ නෑ . කෙනෙක් එහෙම හිතනවානම්, බොහෝවිට එතැන සැබෑ ආදරයක් නෑ . එතකොට කියන්න වෙන්නේ මෙහෙම . Love is a temptation, arising from the sensation to feel penetration.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි චමී, ඔයා ඉංගිරිසියෙන් කියලා තියෙන දේ තවමත් හරියට සිංහලට පෙරලගන්න බැරිවයි ඉන්නේ. අදහස හිතට ආවාට.

      Delete
    2. Chaminda DissanayakeJune 25, 2022 at 4:20 AM

      ආදරය වනාහි සුරාන්තය ලැබීමේ උවමනාවෙන් කුලුගැන්වූනු උද්වේගී හැගීමකි.

      Delete
  2. Chaminda DissanayakwJune 22, 2022 at 2:02 AM

    “අපේ රටේ පවුල් දහයකින් හතක්ම කන-බොන එක අඩු කරලා. එහෙම කරලත් කන්නේ ගුණාත්මක; පෝෂණීය දේවල් නෙවෙයිලු”. මේක ආර්ථික අහේනියේම ප්රතිපලයක් නෙවෙයි . නොදැනුවත්කම හා කම්මැලිකම (ගෘහණියන්ගේ) සමව වගකිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. තරමක් දුරට එකඟයි චමින්ද මහත්තයෝ. මං දන්නා ගෘහිණියන් ඉන්නවා පලා කොළ ටිකක් සුද්ද කරන්න කම්මැලි. අමුමිරිස් කපන්න බැරි-( අත දනවලු- නුපුරුදු නිසා.)

      Delete
    2. මස් මාලු වල වැදගත්කම අඩු කරන ආගමික හා ෛවදය කතා ද වගකිව යුතුයි

      Delete
    3. මම සර්ව භක්ෂකයෙක් නෙව මහත්තයෝ. අසනීපය නිසා ඉටි සහිත කෑම අඩු කරලා, ප්‍රෝටීන් සහිත කෑම වැඩි කරන්නයි වෙලා තියෙන්නේ, හැබැයි, මම පලා වර්ගවලට හරිම කැමැතියි, වැඩියෙන් කෑමට එකතු කර ගන්නවා.
      පයා විශ්වාස කරයිද මන්දා- පර්චස් 9.05 ඉඩමේ ගෙදරට අමතරව පලා ජාති වවාගෙන තියෙන තරම.
      කතුරුමුරුන්ගා, මුරුංගා, තෙබු, කර කොළ, තැල් කොළ, නිවිති, ගොටු කොළ, වැල් කොහිල, තිත්ත අඟුණ, කුරීඤ්ඤං, කෝවක්කා, ජපන් බටු හෙවත් සිංගප්පූරු!

      Delete
  3. Chaminda DissanayakeJune 22, 2022 at 2:03 AM

    මල් පිපුනත් ගති නෑරෙයි කොහොඹ රුකේ
    සිල්ගත්තත් බලලට බයලු මූසිකේ
    කල් තිබුනත් බලු වලිගේ උනපුරුකේ
    සොල්පයකුත් ඇද යන්නේ නෑ ඒකේ

    ReplyDelete
    Replies
    1. මේ තියෙන්නේ පුරාණේ කියවෙන විදිහට!

      Delete
  4. ආදරය ගැන බලන්න වටින ෆිල්ම් එකක් තමයි Her. බලලම කතා කරමුද නිදි? එක්කෙනෙකුට විතරද ආදරේ කරන්න පුළුවන් කියන එකට උත්තරේ සමහරවිට එතන තියෙනව.

    ReplyDelete
    Replies
    1. https://www.youtube.com/watch?v=dJTU48_yghs

      Delete
    2. ඩ්රැකී, Her බලලා තියෙනවා 2016. ඒත් එච්චා සුවිශේෂ විදිහට හිතට වැදිලා නෑ වගේ. ආයෙම බලන්නංකෝ.

      Delete
  5. අඹතලේ හිටපු කෙනෙක්ගෙන් අහන්න ඕනෙ අග්‍ර ඵලය ගැන

    ReplyDelete
    Replies
    1. අග්‍ර ඵල? හැන්දෑවට නා...ලා, අරක්කු කාලක් බී....ලා අඹතලේ කස්ටිය සෝවාන් ඵල ලබල වගේ නං හිටියා.🤔

      Delete
    2. කොයි කාලේද අප්පේ ඒ?
      පරණ කතන්දර ගොඩක් තියෙනවා වගෙයි, අපි නොදන්න.

      Delete
  6. එබැවින් මගේ පංච තන්ත්‍ර- පදරංග කතන්දරය පැටලිල්ලක් ලෙසින් පෙනෙනවා නම්,
    නැතුව නැතුව, හොඳටම පටලැවිල්ලක්. ඒත් අපි කැමතියි ඒකට.

    Praසන්ன

    ReplyDelete
    Replies
    1. ප්‍රොෆයිල් එකේ හැව ඇරිය වත්දෑ, ඇනෝ ආවෙ?😮

      Delete
    2. ඌ වැරදිලා භූමිතෙල් පෝලිමට ගිහිං...

      Delete
    3. ඉස්සෙල්ලාම ප්‍රසන්නට ස්තුතියි.
      බස්සා මාත්තයට, ඩ්රැකී ආදිපාදතුමාට ඊළඟට ස්තුතියි!

      Delete
  7. ආ, පෝස්ට් එකට අදාල කමෙන්ට් එකකුත් දාන්න ඕන නේද? නිදි අර එඩ්වඩ් මල්ලවාආරච්චිගෙ ඒකාලෙ පොත් හොයාගන්න නැද්ද? පස්සෙ කාලෙ ලියපුව නං තියනවා, ඒත් මට ඕනෙ, ඔය සුභා සහ ආරාධනා පොත් දෙක.

    ReplyDelete
    Replies
    1. දෙන්ඩද එඩ්වඩ් ජයකොඩිගෙ සිංදුවක් instead?
      https://yanhella.blogspot.com/2016/01/music-3.html

      Delete
    2. පිං! අම්මපා එහෙමත් කාලයක්? ඒ කාලෙයි, මයිනගෙ සවුබාගෙ කාලෙයි ආයෙ එන එකක් නෑ කියන්නෙ.🤔😒😟

      Delete
    3. ප්‍රාර්ථනා, සුභා, සුභ ප්‍රාර්ථනා පොත් තුන 70-71-72 අවුරුදුවල ගැහුවට පස්සේ ආයේ ගැහුවේ නැද්ද මන්දා. ඒ ආලේ ඊ එව්වා සල්ලි දීලා ගත්තේ නෑ. ඒවා ගන්න වෙනම කට්ටියක් හිටියා. එයාලාගෙන් පස්සේ ඒ පොත් අතින් අත ගිහින් 'ලහඳු'වැටත් ඉතිරි වුණේ නෑ, බස්සා මහත්තයෝ.

      Delete
  8. ඩ්රැකී, සිංදුවක් නෙවෙයි එහෙම පිටින්ම අපූරු සංගීතයක්ම දීලා තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. ඒක මෙතන ඉඳම්ම කියෝගෙන එන්ඩෝනෙ පිළිවෙලට...

      https://yanhella.blogspot.com/2016/01/music.html

      Delete
    2. අහල තියෙනවද, "ඌකාන්ත චන්ඩලේකා, බිත්තර්රත්තායක, ඉන්ඩානී පෙලේලා, ඇටුලූ **කාන්ට ගායික් ගායිකාවන් කාසියක් ගී ගයින බහා හංගීත රාට්රීය"?

      Delete
    3. හෙහ්,හෙහ් බිත්තර්රත්තායක. දෙකක් කම්මුතු කොලා, තව එකයි ඉතුරු.👌😁

      Delete
    4. පිළිවෙලට කියවගෙන එන්නන්කෝ, ඩ්රැකී.
      බස්සා මහත්තය කියා තියෙන විදිහට නං තුනයි තියෙන්නේ.

      Delete
    5. තව මරු බඩ්ඩක් හම්බුණා... බාගෙන අහන්න.

      http://madhawawijesekara.blogspot.com/2012/06/31.html

      Delete
    6. ඩ්රැකී මහත්තයෝ, ඔහේට රාජකාරි කරන්න වෙලාවක් හෙම තියෙනවයි?

      Delete
    7. ඒක උනේ, මම අපේ පොඩිරාළට අහන්ඩ දෙන්ඩ ඔයිං පොඩි කොටසක් හෙව්වා. හොයන්නාට ඒ හොයාපු එක ඇරුණාම අනික් ටික හම්බුණා. මං ඉතිං තනියම කන ජාතියෙ නෙමෙයි නෙ. බෙදා හදාගෙන කෑම තමා හොඳ ම...

      Delete
  9. ඩේටා පුරස්න හින්දා දැන් නෙව මේ පොස්ටුව දැක්කෙ.

    ආදරය, කායික සම්බන්ධතා විමධ්‍යගත කරොත්..... පළමු කෙනා අප කෙරේ තබපු විස්සාසයට එරෙහි වීමකුත් වෙනවා ඉතීම්.
    ඒ කියලා අපේ හිත බඳිට එකත් ලේසි දෙයක් නෙවේ...

    ReplyDelete
    Replies
    1. මං කියන්නේ මගේ ගැනයි, නමී. මගේ චපල ගතිය, අනිස්ථිර ගතිය ගැනයි. ... ඒක හොඳයි කියලවත්, නිවැරදි යැයි කියලවත් මම කියන්නේ නෑ. හිත බඳින එක මට නං කර ගන්න බෑ!

      Delete
  10. "වලු බලිගේ දපු කොමුවත් නොද ඇයතේ" කියද්දි මතක් උනේ පෙරළුම් කවි ආශ්‍රයෙන් නිර්මානාත්මක ගීයක් අග්නිදාහය ෆිලුමට ලියපු ජයන්ත චන්ද්‍රසිරිගේ 'කාන්නු ගොයියක් ...' ගීය

    ReplyDelete
  11. නමී, පද පෙරළිය ප්‍රයෝජනයට ගත්ත තව සිංදුවක් මේ. 'වික්ටර්- සුජාතා ගයන 'අම මාදරෙයි'

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්