li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, October 3, 2022

මට වෙච්ච දේ - දෙවෙනි කොටස

“ඔබයි- දොස්තරයි මාව වරදවා වටහාගෙන.”

“ඇයි එහෙම කියන්නෙ?”
“මට ආයෙත්
පිරිමියෙක් වෙන්න ඕනෙ නෑ.”
“ඒ හරි වැඩේනෙ. මම දන්නවා නං දොස්තරට කියනවනෙ.”

“අපි ආපහු යමු!” මම කීවෙමි. ජයසිංහ මෝටර් රිය ආපසු හරවා ගත්තේය. අපි නැවතත් දොස්තර මහතා හමු වීමට යන විට ඔහු පුදුමයෙන් බලා සිටියේය.

මගේ හිත හොඳ කිරීමට බවත්, මට පිරිමි බව ලබා දීමට වඩා...

දොස්තර මහතා මා පූර්ව ස්වභාවයට පත් කළ හැකි බැව් පවසා ඇත්තේ මගේ හිත හොඳ කිරීමට බවත්, මට පිරිමි බව ලබා දීමට වඩා ගැහැනු බව ලබා දීම පහසු බවත් එහිදී දොස්තර මහතා පැවැසීය.

මගේ හිසේ මලක් පිපුණා සේ විය.
මම දොස්තර මහතාටත්, ජයසිංහටත් මුව නොසෑහෙන සේ පින් දුනිමි.

ඉන්පසු ශල්‍ය කර්මය සඳහා සියලු විධිවිධාන දොස්තර මහතා යොදන බව මට දන්වන ලදී. එය රහසක් සේ තබාගත යුතු බව ජයසිංහත් මමත් අවධාරණයෙන්ම කියා සිටියෙමු.
මට නිවාඩු ලබා දීම ආදිය ජයසිංහ විසින්ම කරන ලදී.
මුත්‍රා බොක්කේ ගලක් සෑදී ඇති නිසා ඒ සඳහා මට ශල්‍ය කර්මයක් අවශ්‍ය වී ඇති බැව් ඔහු කාර්යාලයයේ අනිකුත් අයට දන්වා තුබුණි.

මා අවදිවන විට ඇඟපත මට වලංගු නැතිවා සේ දැනෙන්නට විය. මම එක ඇලයකින් අනික් ඇලයට හැරෙන්නට මහන්සි ගතිමි.
එහෙත් මට එය කළ නොහැක!

“දඟලන්න එපා.”
ඒ ජයසිංහගේ කටහඬය. ජයසිංහ මගේ ඇඳ ළඟ පුටුවක් තබාගෙන වාඩි වී සිටියේය.

“මේ කොහෙද?” මම ඇසීමි.

“මේ ඉස්පිරිතාලේ.” හේ කීය. “බය වෙන්න එපා. ඔබට ඉක්මනින්ම සුව වේවි.”

මගේ නාභියෙන් පහළ කොටස වණයක් සේ කකියයි. මට බලවත් තෙහෙට්ටු ගතියක් දැනෙයි.

“දොස්තර මහත්තය කෝ?”

“දොස්තර මහත්තය දැන් ඇවිත් ගියා. එයා කීවා ඔපරේෂන් එක සාර්ථකයි කියා.”

මේ ලෞකික ජීවිතය අත්හැර ආගමික ජීවිතයක් ගත කිරීම හොඳ යැයි...

ශල්‍ය කර්මයෙන් පසු මා විඳි දුක් විස්තර කොට ඔබ වෙහෙසට පත් කිරීම නුසුදුසු යැයි මට හැඟෙයි. කෙටියෙන් කියතොත් මේ ලෞකික ජීවිතය අත්හැර ආගමික ජීවිතයක් ගත කිරීම හොඳ යැයි, මම හුදෙකලාව ලෙඩ ඇඳේ සිටියදී කල්පනා කළෙමි.

ශල්‍ය කර්මයට පෙර මා තුළ තුබුණු රාගනිඃශ්‍රිත භාවය සම්පූර්ණයෙන්ම පහව ගොස්ය. මගේ ප්‍රාග් යෞවන අවදියෙදී මා කළ මෝඩකම් මා සිහිපත් කළේ මහත් ලජ්ජාවකිනි.
ජයසිංහ මහතා මා වෙත දක්වන කරුණාව නිසා මම ඔහුට ආදරය කළෙමි. එහෙත් එය ඔහු වෙත කලින් තුබුණු ආදරය නොවෙයි. ශල්‍ය කර්මයෙන් පසු මා ලෙඩ ඇඳේ ගත කළ කාලය තුළ කිසිම පිරිමියෙකු හෝ ගැහැනියක කෙරේ අලංකාරයක් දැකීමට නොහැකි විය.

ශල්‍ය කර්මයේ තුවාල සම්පූර්ණයෙන්ම සුව වූ පසු මට නවාතැනට යාමට පුළුවන් විය. මට වැඩි දුර පයින් ගමන් කිරීම දොස්තර මහතා විසින් තහනම් කරන ලදී. එහෙයින් මම මාසයක් නිවාඩු ගෙන නවාතැනෙහි ගත කළෙමි.

මේ විශාල රටක තනි වී කාලය ගත කිරීම මට බෙහෙවින් අපහසු කාරියක් විය.

එක් දිනෙක ජයසිංහ මා බැලීමට පැමිණි වේලේ මගේ අපහසුව මම ඔහුට කීවෙමි. මා තව දුරටත් මේ රටේ පසුවීමට නොකැමැති බවත්, රස්සාවෙන් ඉවත් වී සියරට ගොස් අප්‍රසිද්ධ වේශයෙන් ජීවත් වීමට කැමති බවත් ඔහුට කීවෙමි.
ජයසිංහ ඊට විරුද්ධ වූයේ නැත.

සියරට පැමිණි පසු මගේ ජීවිකාව කර ගැනීම සඳහා පුද්ගලික ආයතනයක රක්ෂාවක් ලබා ගැනීම සඳහා ඔහු උදව් දෙන බවද පැවසුවේය.

ආරෝග්‍ය ශාලාවේ සිටියදී, කිසි දිනෙක යළිත් කාමාශාවන් මා තුළ ඇති වේ යැයි මම නොසිතුවෙමි.
එහෙත් ක්‍රමයෙන් පිරිමින්ගේ ලස්සන දැක්මට මට ක්‍රමයෙන් හුරු විය.
ලංකාවට පැමිණි පසු කිසිවෙකුට හඳුනා ගැනීමට නොහැකි වනසේ ජීවත් විය යුතු යැයි මම ඉටා ගතිමි.

ගැහැනියක සේ මා කෙසේ නම් මගේ හිතවතුනට මුහුණ දෙන්නද? ප්ලාස්ටික් ශල්‍ය කර්මයෙන් ඇස් පිහාටුවල රැලි දමාගත හැකි බැව් මෙහිදී මට සිහි විය. ජයසිංහගේ ආධාරයෙන් මම එබඳු ශල්‍ය වෛද්‍යවරයෙකු සොයා ගතිමි.
ශල්‍ය කර්මය සඳහා ශල්‍යාගාරයට යන පිපුණු ඇස් පිහාටු ඇති ගැහැනිය පිටතට එන්නේ හොඳට රැලි වැටුණු, අලංකාර ඇස් පිහාටුවලින් හෙබි මුහුණක් ඇතිවය.

නව චීනයේ විශාල ප්‍රාසාද මගේ දෙනෙතින්...
කලින් කරන ලද ශල්‍ය කර්මයෙන් බිය වී සිටි මම, ශල්‍ය කර්මයක් ලබා පිටතට පැමිණි ගැහැනියකගෙන් විස්තර අසා බිය සැක හැර ඇතුළු වූයෙමි.

පැයක පමණ ශල්‍ය කර්මයකින් පසු මගේ ඇස් පිහාටුවල ස්වාභාවික රැල්ල ඇති විය. කන්නාඩියක් ඉදිරියට ගිය මට මගේ මුහුණ හඳුනා ගැනීමට පවා අසීරු තරමට වෙනස් වී තිබෙනු පෙනිණ.
මගේ සිතේ ඇති වූ සතුට නිම්හිම් නැත.

“ඔබ දැන් නම් හරි ලස්සන ගෑනි”යි ජයසිංහ ශල්‍ය කර්මයෙන් පසු මා දෙස බලා පැවැසීය.

“ඔබට හොඳ පෙම්වතෙකු ලැබෙනවාට කිසි සැකයක් නැහැ”යි කී ජයසිංහ මා ලංකාවට පැමිණි පසු මට වෙළෙඳ සමාගමක රක්ෂාවක් ලබා ගැනීමටද කටයුතු සලසා ඇති බැව් පැවැසීය.
ඔහුගෙන් මා ලද උපකාරවලට ස්තුති කිරීමට මගේ වචන කිසි සේත් මඳ විය.

ඔහු මට දැක්වූ කරුණාව හා ආදරය ගැන සිහිවත්ම ඉබේම මගේ දෑත් ඔහු වටා ගියේය. මම ඔහු වැළඳගෙන ඉකි ගසමින් හැඬුවෙමි.

රක්ෂාවෙන් මගේ අස්වීම පිළිගන්නැයි මවිසින් ලංකාණ්ඩුවට එවන ලද ලිපියට පිළිතුරු ලැබිණ. මගේ අස්වීම පිළිගත් බවද, මා ලංකාවට පැමිණිය යුත්තේ මගේ වියදමෙන් බවද එහි දක්වා එවා තුබුණි.

චීනයේ සිට ලංකාවට පැමිණීම සුළු මුදලකින් කළ නොහැක. මා ළඟ වැඩි මුදලක් ඉතිරි වී නොමැත. මම මේ බැව් ජයසිංහට කීවෙමි. හෙතෙම කෙසේ හෝ රජයේ වියදමෙන්ම ආපසු ඒමට මට කටයුතු කළේය.

විශාල ජෙට් යානය පීකිං නුවර ගුවන් තොටුපළෙන් අහසට නැංගේ මා ඇතුළු තිස් දෙනෙකුද රැගෙනය. නව චීනයේ විශාල ප්‍රාසාද මගේ දෙනෙතින් ඈත් විය. මොහොතකින් අපි වලාකුළු අතරේ සැඟවී ගමන් ගන්නට වීමු.

අපෝ! එදාමයි මම ඒක කියවලා ඉවර කළේ.

අළුයම පීකිං නුවරින් පිටත් වූ මම අද රාත්‍රී රත්මලානේ ගුවන් තොටුපළෙන් අවතීර්ණ වෙමි. එහිදී මා පිළිගැනීමට කිසිවෙකු නොපැමිණෙනු ඇත.

අට මසකට පෙර රත්මලානේ ගුවන් තොටුපළින් අහසට නැඟ රටෙන් පිට වූ මම - තිලකපාල - අද රාත්‍රී - තිලකා ලෙස රත්මලානෙන්ම ගොඩ බසින්නෙමි.’

ඉතිං....
පොත කියවලා ඉවර කළාට පස්සේ සංජේ හමු වුණු පළමු වතාවෙම, ඒ හාදයා මගෙන් ඒ ගැන ඇහුවේය. ඒ ලුම්බිණිය ළඟ ඉඳලා වැල්ලවත්තේ සායි පූජාවට යමින් ගමන්ය.
“රංජි අර පොත කියෙව්වද?”

“අපෝ! එදාමයි සංජේ, මම ඒක කියවලා ඉවර කළේ.”
“ඔයාටත් බැරිද ඒකෙ ඉන්න තිලකපාල වගේ වෙන්න?” සංජේ ඇහුවේ කලින් හිටම අහන්නට සූදානමින් හිටියා වගෙය. ඒත් සංජේ කියන්නේ මොකක්දැයි එක සැරේටම මගේ බූරු මොළයට නොවැටුණේය.
“ඒ කිව්වේ?”

“ඔයාටත් තියෙන්නේ ඔපරේෂන් එකක් කරවගන්න... තිලකපාල ඔපරේෂන් එකක් කරවගෙන තිලකා වුණා වගේ...” ඒ යෝජනාවට මගෙන් කිසිම දෙයක් නොකියැවුණු නිසා වෙන්නැති, සංජේ මෙහෙමත් කිව්වේ. “එතකොට නිමල් නිමාලි වෙයි!”

“තිලකපාල එහෙම කර ගන්නෙ එයාට... එයාට...  ලිංග විපර්යාසයක් වෙන්න ආව නිසානෙ සංජේ...”
“පොතේ එහෙමම කියන්නෙ නැහැනෙ.”
“මට නං තේරුණේ ඒ වගෙයි.”
ඒත් සංජේ පසුබැස්සේ නැත. “පොත පැත්තකින් තියමුකො... දැන් ඒ වගෙ ඔපරේෂන් කෙරෙනවලු. ඔයාටත් එහෙම එකක් කර ගන්න පුළුවන් නං මට ඔයාව කසාද බැඳ ගන්න පුළුවන්!” ඔහු කිව්වේය.

එතකොටය, මං හිතන්නට පටන් ගත්තේ.
එතකොටය, මට දැනෙන්නට පටන් ගත්තේ.

ඇත්තම කියතොත් එව්වා කල්පනාවට ආවේ...

එදා නොතිබුණු අවබෝධයක්- දැනීමක් වර්තමානයේදී මා සතුය. ඒ නිසාමය, එදා සිදු වුණු දේවල් නිවැරදිව විස්තර කිරීමට මා අද ඒ දැනීම යොදා ගන්නේ.

නමෝ විත්තියෙන්ම කියන්නට වෙන්නේ ඒ දිනවල මට තිබුණු ස්ත්‍රීත්වය පහත්ය යන සිතිවිල්ල ගැනයි. ඒ සිතිවිල්ල ඇතිවී තිබ්බේත් ඉස්තිරියාවක වූ අපේ ආච්චීට පින් සිදු වෙන්නටය.
‘ගෑනියෙකුට කවදාවත් බෑ පුතේ බුදුවෙන්න. ගෑනියෙක් බුදු වෙන්න හදනවා නං ඉස්සෙල්ලම ප්‍රාර්ථනා කරන්න ඕනි පිරිමියෙක් වෙලා ඉන්න.’ / ‘පිරිමියෙක් වෙලා උපදින්නේ පින් පළ දීලා’ / ‘ගෑනියෙක් වෙලා උපදින්නෙ කරුමෙට.’ වගේ කියමන් අපේ ආච්චීගෙන් නිතර කියැවිණි.
ටිකාක් හරි ඉස්පාසු වෙලාවක නං, ආච්චී ඒ කතාවට පලිප්පු දමමින් මේ කවියත් කිව්වාය:
   ගෑනු ජාතිය - ජරා    ජාතිය
   ගලේ ගහලා - මරා    දාපිය
   පිරිමි ජාතිය -  උතුම් ජාතිය
   කන්ට  දීලා - මල්   පුදාපිය

එවැනි හැදියාවක් ඇතිව සිටි මට, සංජේගේ යෝජනාව මුලින්ම පෙනුණේ තරමක නිගරුවක් ලෙසයි!

‘මට වෙච්ච දේ’ කියවන කාලය වන විටත්, මං වහන්සේ සමරිසි ලිංගික අත්දැකීම් රැසක්ම ලබා තිබුණු විත්තිය ඔබ දැනටමත් දනියි.
ඒ මුල්ම අත්දැකීම් මා ලද්දේ
අවුරුදු හයේදී ෂර්ලි වෙතිනි. ඒ කිසිදු දෙයක් නොදන්නා බිළිඳෙකු ලෙසය.
අවුරුදු
දොළහේදී ‘දෙවෙනි වටය’ ඇරඹිණි. එහෙම වුණත්, එය සිදු වුණේ ඉතාම රහසිගතවය.
ඇත්තම කියතොත් මගේ ලිංගික අනන්‍යතාව පිළිබඳ කිසිදු අවබෝධයක් මට නොවිණි; ඒ ගැන දිගින්-දිගට සිතන්නට තරම් උවමනාවක්වත් මට නොවිණි.

නමුදු ‘කාමේසුමිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි’ කියලා කියද්දී නං ‘වරදකාරී හැඟීමක් - පාපයක් කරනවා වගේ හිතිවිල්ලක්’ මට වද දුන් බව නොකියා බැරිය. මං කරන්නේ ලොකුම පාපයක්ද?
‘ඒ මදිවට උඹ එහෙම කරද්දී, තව සිල් පදයකුත් කඩනව නේද, බොරුවකුත් කියලා... මුසාවාදා...’ මගෙ යටි හිත මුර ගෑවේය.
ඇත්තම කියතොත් එව්වා කල්පනාවට ආවේ පන්සිල් සමාදන් වෙන වෙලාවට විතරකි. ඒ වෙලාවේදී විතරකි, එහෙම චිත්ත සංග්‍රාමයක් ඇති වුණේ.

තරුණ ගැටවරයන් රැසකගේම ලිංගික ආකර්ශනය මා වෙත ලැබෙද්දී... (සමකාමීන්ගේ පෙළපාලියක ගමන් ගන්නෙක්...)

‘සැපයක් නම් නැත කම් රස කෙළියේ’ කියලා නේද ‘ලෝ වැඩ සඟරාව’ පොතේ වුණත් තියෙන්නේ? එහෙම කියන්නේ මොන ‘කම් රස කෙළිය’ගැනද...  

හැම දේකටම විසඳුම් හොයා ගන්නා නිමල් දිසානායකයා, ඒ ප්‍රශ්නය විසඳා ගන්නට කෙරේමයකුත් ඉක්මනින්ම හොයා ගත්තේය. ඊට පස්සේ ඒ නසරානියා පන්සිල් සමාදන් වෙන වෙලාවලදී තුන්වෙනි හා හතරවෙනි සික්ෂා පද උච්ඡාරණයෙන් වැළකී; සමාදන් වීමෙන් වැළකී උන්නේය.

පන්සිල් පද පහම කියා දෙකක් කඩනවාට වඩා ඒ දෙක නොකියාම ඉඳීම, මට නම් අගේය!
ඇයි, මම පස්වෙනි එක හොඳටම රකින්නේ... මං හිත හදා ගත්තේ ඔහොම තර්ක කරමින්ය. තර්ක කෙරිල්ලේ හොඳ ඒකය. ඔබට දක්ෂ ලෙස තර්ක කළ හැකි නම්, ඕනෑම බොරුවක් ඇත්ත කරන එක වුණත් මහ කජ්ජක් නොවේ!

ඒ හිත හදා ගැනිල්ල කොහොම වෙතත්...
තරුණ ගැටවරයන් රැසකගේම ලිංගික ආකර්ශනය මා වෙත ලැබෙද්දී, හිටි ගමන් වෙලාවක මට මා ගැන පුදුම හිතෙන්නට ගත්තේය.

මම සම්පූර්ණයෙන්ම පිරිමි ලිංගේන්ද්‍රිය පද්ධතියක් සහිතව උපන්නෙක්මි.
එහෙත් මා මව්කුසේ පිළිසිඳ ගැනීමේදීම යම්කිසි වරදකුත් සිදුවී තිබෙන සැටියකි. ඒ ජානමය වැරැද්දක්ද?

මගේ කටහඬ තරමක් නාසික්‍ය; ස්ත්‍රීමය ලාලිත්‍යයකින් යුතුය. (උවමනාවෙන්ම එයට තරමක හුරතල් බොළඳකමක් මුසු කිරීමටද මට හැකියාවක් ලැබිලාය! ආදර පූජාසනේ’ postsවලදී කියැවුණේ, මගේ ඒ නසරානි කෙරුවාවේ තරමය.)
මගේ පෙනීම තරමක් දුරට සියුමැලිය.
බිම්බිසාර දේවිය වීමේදී,
එරන්දතී කුමරිය වීමේදී, පාරිකා බිසව වීමේදී,
මනමේ කුමරිය වීමේදී හා සුප්පා දේවිය වීමේදී, මට ඒ ස්ත්‍රීමය සියුමැලි බව මහෝපකාරී වුණා නිසැකය. අනෙක් අතින් මා ඒ භූමිකා සියල්ලම රඟපෑවේ අවුරුදු විස්සක් වන්නටත් කලින්ය; කුමර අවදියේදීය.

තමන් මොන වගේ විලම්භීත පිටසක්වලයෙක් වෙයිද කියලා දැනගෙන හිටියද?

එහෙත් ලෛංගික වශයෙන් බලන කල්හි මා සමකාමිත්වයට නැඹුරු වූවෙකි. එයිනුත් මා active partner කෙනෙක් නොවේ. පැසිව් ගොඩට; ස්ත්‍රීමය භූමිකාව කරන ගොඩට වැටෙන්නෙක්මි. මා හා ලිංගික ඇසුරක් පැතූවන්ගේ අභිලාෂය වුණෙත්, මා එසේ වෙනු දැකීමටය.

‘කෙනෙක් දවසක් ඇහුවා ඇයි අපි මුහුද ගාව ඉන්න මේ තරම් ආස කියලා.. තව කෙනෙක් උත්තර දුන්නා අපි ගර්භාෂයේ ගත කරන කාලයේ කණට හුරු හඬ මුහුදේ හඬට සමානයි කියලා... ඒ අපි ඉපදෙන්න වෙර දරන කාලය... අම්මගෙ පෙකණි වැලෙන් අතහැරීම පුරුදු වෙලා එළියට එන්න කලින්; තමන් මොන වගේ විලම්භීත පිටසක්වලයෙක් වෙයිද කියලා දැනගෙන හිටියද...? අම්මලා, තාත්තලා, අසල්වාසීන් ඒ ගැන දැනගෙන හිටියත් බඩ ඇතුළේ ඉන්න අපි; "අපි" ගැන හාන්කවිසියක් දන්නෙ නෑ... මම නම් ඕන දෙයක් දන්නවා කියල පොර ටෝක් දුන්නට අපි ගැහැනුද පිරිමිද, මොකක්ද වෙනස කියල දැන ගන්නත් යම්කිසි කාලයක් ගත වෙනවා..

මිනිස්සුන්ගෙ ඇඟේ වර්ණදේහ ජෝඩු 23 ක් තියෙනවා... අපි වෙනස් වෙනස් කිව්වට ඔය විසි තුන එහා මෙහා වීම විතරයි මම උඹට සමාන නෑ කියන එකම ඒකකය..

පිරිමිද ගැහැනුද තීරණය වෙන්නෙ ලිංගික වර්ණදේහවලින්... ගැහැනියකගෙ වර්ණදේහ XX වෙනවා.. පිරිමියෙක්ගෙ නම් XY වෙනවා.. අපේ පහසුව සඳහා ගැහැනියව අපි "අම්මා" කියලා හඳුන්වමු... පිරිමියාව "තාත්තා" කියලා හඳුන්වමු... දැන් ඕක එහා මෙහා වෙලා කොහොමද දරුවාගේ ලිංගය තීරණය වෙන්නෙ...

ඒක මෙහෙමයි.. අම්මගෙ X එකක් සහ තාත්ත ගාව තියෙන X එක එහා මෙහා වෙලා නම් ඒ දරුවා ගැහැනු දරුවෙක් වෙනවා.. අම්මගෙ X එකට තාත්තගෙ Y එක ඇවිල්ලා නම් පිරිමි දරුවෙක් වෙනවා... ඊටත් අමතරව තව ඒවා තියෙනවද..?

සමහර වෙලාවට ලිංග වර්ණදේහ ඩිම්බවලට යද්දි යුගලවල් වෙන් වෙනවා වෙනුවට එකට ගමන් කරනවා... ඒ කියන්නෙ XX දෙකට බෙදෙන්නෙ නැතුව එක පිඟානෙන් බඩ පුරවගන්නවා... එතකොට උදාහරණයක් විදිහට අම්ම ගාව තියෙන Xදෙක පොකුරු පිටින් එකට යනවා, ඒකට තාත්තගෙත් X එකතු වුණාම XXX වෙනවා... අන්න එහෙම වුණාම එයා ලිංගිකව ගැහැනු දරුවෙක් වුණත් බොහෝ විට මේ අයගේ කාන්තාවක් වශයෙන් වර්ධනය විය යුතු ද්විතීක ලක්ෂණ ඌනව පවතිනවා.. බොහෝවිට පිරිමි ගති ලක්ෂණවලට සමානකම් දක්වනවා... දැන් ඕකෙම අනිත් පැත්ත, අම්මගෙ X දෙක ගිහින් තාත්තගෙ Y එකකට හේත්තු වෙනවා.. ඒ කියන්නෙ XXY. තාත්තගෙන් උඩින් ලැබුණ වයි එක නිසා උපතින් පිරිමි දරුවෙක් වුණත් ද්විතීක ලිංගික ලක්ෂණ වර්ධනය වීමේදී වැඩි අයිතිය අම්මට නිසා ගැහැනු ලක්ෂණවලට වැඩි වර්ධනයක් දක්වනවා...

ඒ කියන්නෙ පස් මහ බැලුම් තියා...

හම්මෝ ඇති.. දැන් ඔළුවට අදාළ වර්ගඵලයම බෙරිහන් දෙන්නෙ XYXYXY කියලා... හරියට නිකන් උසස් පෙළ විද්යා පංතියක ඉස්සරහ පේළියේ හිටියා වගේ... මම ඔය කියන්න උත්සාහ කරේ, අපි ප්‍රධාන වශයෙන් ගන්න පිරිමි ගැහැනු කියන කුලකයට අමතරව තව අය ඉන්නවා කියලා... හැබැයි ඔය ප්‍රොසෙස් එක මොන විදිහෙ එකක් වෙයිද කියලා අපි දන්නෙත් නෑ... ඒ කියන්නෙ පස් මහ බැලුම් තියා, තුන් කොන් ටෙනිස් බෝලවත් අපි අහලක තිබිලා නෑ... බලපන් ඉතින් සැලසුම් සහගත නිර්මාණයකින් තොරව තමයි අපිට අපිව හම්බවෙන්නෙත්...

එහෙම ගත්තම මිනිස්සු වෙනස්... උඹට මම වෙන්නත් බෑ, මට උඹ වෙන්නත් බෑ... ඒත් අපිට පුළුවන් වෙන්න ඕනෙ ‘අනෙකාගේ ඒ කියන වෙනස් පොයින්ට් එකට ගරු කරන්න’... ඒත් තව එක්තරා පුද්ගලයෙක් කියලා අගේ කරන්න... විවිධත්වය කියන දේ තේරුම්ගන්න... හැබැයි අවාසනාවට අපි නොකරන්නෙත් ඕකමයි...’

තීක්ෂණ ශ්‍රී විජේසිංහ fb එකේ පළ කළ ‘Sex චැට්’ ලිපි මාලාවේ දොළොස්වැන්නේ මුල්ම කොටසය උඩින් දැම්මේ. (ස්තුතියි තීක්ෂණ!) ඒ කොටසෙන් කියවෙනවා වගේ දේවල් දැන ගන්නට මට නං එදා තිබුණේ එකම ක්‍රමයකි. සුදු මල්ලීගෙන් විමසීම.

1978 විතර තජකයට සම්බන්ධ වුණාට පස්සේ; ‘අසිරිමත් වූ දේකි’ පොත කියවන්නට ලැබුණාටත් පස්සේය, මට මේවා ගැන විද්‍යානුකූල දැනීම හොයන්නට සිතුණේ. එතකොට හම්බ වුණු සමහර ලියවිලි බර වැඩිය; නීරසය. තවත් ඒවා අතේ රෝල්ය. අද ඒ තත්ත්වය ගොඩක් වෙනස්ය.

fb එකට ලියන තීක්ෂණ වගේම, ඉතාම ක්‍රියාශීලී blog අඩවියකින් අපට හමුවෙන ඉකොනොමැට්ටාත් මේ ගැන posts කීපයක්ම ලියා තිබුණේය. ඒ එකකිනි මේ ටික උපුටා ගන්නේ, ඉකොනොටත් තුති පුදමින්.

xx ජාන සහිත ගැහැණු හා xy ජාන සහිත පිරිමි හැර වෙනත් වර්ගවල අයත් ඉඳහිට බිහි වෙනවා!
‘... xx ජාන සහිත ගැහැණු හා xy ජාන සහිත පිරිමි හැර වෙනත් වර්ගවල අයත් ඉඳහිට බිහි වෙනවා. මෙවැනි තත්ත්වයන් සැලකෙන්නේ ජාන විකෘති ලෙසයි. ඇතැම් ජාන විකෘති තත්ත්වයන් නිසා බාහිර පෙනුමේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙත් ඇතැම් විකෘති නිසා බාහිර වෙනස්කම් හා/හෝ විවිධ රෝගී තත්ත්වයන් ඇති වෙනවා.

xxy - ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය ලෙස හැඳින්වෙන මේ තත්ත්වයේදී පුද්ගලයෙකුට අමතර x වර්ණදේහයක් ලැබෙනවා. සාමාන්‍ය පිරිමියෙකුට හා ගැහැණියකට තිබෙන්නේ වර්ණදේහ 46ක් පමණක් වුවත්, මේ අයට වර්ණදේහ 47ක් තිබෙනවා. මෙය වඩාත්ම සුලබ ජාන විකෘති තත්ත්වයක් ලෙස හැඳින්විය හැකියි. 500-1000කට පමණ එක් අයෙක්ට xxy වර්ණදේහ පිහිටනවා. y වර්ණදේහය නිසා පිරිමියෙකු වුවත් x වර්ණදේහ දෙකක්ම තිබෙන නිසා ඇතැම් කාන්තා ලක්ෂණ මතු වීමේ ඉඩක් තිබෙනවා.

මීට වඩා දුලබ ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණ තත්ත්වයන්ද තිබෙනවා. 50000කට එක් අයෙක් xxxy ලෙස වර්ණදේහ 48ක් සහිතවත්, 85000කට එක් අයෙක්  xxxxy ලෙස වර්ණදේහ 49ක් සහිතවත් උපදිනවා.

xyy - මෙහිදී 1000කගෙන් එක් අයෙකුට පමණ අමතර y වර්ණදේහයක් ලැබෙනවා. බොහෝ විට මෙවැනි අය සාමාන්‍ය නිරෝගී පිරිමින් වුවත් කථාකිරීමේ දුර්වලතා ආදී ඇතැම් රෝග තත්ත්වයන් ඇති වීමේ ඉහළ ඉඩක් තිබෙනවා. මෙවැනි අය ඇතැම් ටියුෂන් ගුරුවරුන් විසින් යූටියුබ් හරහා උගන්වන ආකාරයේ බෙල්ල කැපුවත් කඳට කෙළින් හිට ගත හැකි "සුපර් මේල්ලා" නම් නෙවෙයි.

xxx - මෙයත් 1000කගෙන් එක් අයෙකුට පමණ ඇතිවන තත්ත්වයක්. ඉතා කලාතුරකින් xxxx හා xxxxx තත්ත්වයන් ඇති අයද ඉපදෙනවා.

x0 - ටර්නර් සහලක්ෂණය ලෙස හැඳින්වෙන මේ තත්ත්වය 2500කින් අයෙකුට ඇති වෙනවා. මෙවැන්නෙකුට තිබෙන්නේ එක් x වර්ණදේහයක් පමණයි. ඒ නිසා මුළු වර්ණදේහ ගණන 45ක් පමණයි.

xxyy - මේ තත්ත්වය 25000කින් අයෙකුට පමණ ඇති විය හැකියි. මීට අමතරව xxxyy තත්ත්වය ඇති ඉතා සුළු පිරිසක්ද වාර්තා වී තිබෙනවා.

ඇපොලෝ හා හයසින්ත් දෙදෙනා අතර තිබුණු විදිහේ සමකාමී ආදරයක්....

මේ අනුව පැහැදිලි වන පරිදි ජානමය ලෙස බැලූ විට සාමාන්‍ය පිරිමි හෝ සාමාන්‍ය ගැහැණු නොවන වෙනත් කණ්ඩායම් ගණනාවක් සිටිනවා...’

ඉතිං, එදා ඔය වගේ කාරණා ගැන නොදැන හිටි මගේ මානසික තත්ත්වය මොන වගේ වෙන්නට ඇත්ද? දැන් හිතාදර පාඨක ඔබට අනුමාන කර ගැනීමට පුළුවනිය.
මගේ හිතේ කොයි තරම් ගැඹුරකට ‘සංජේගේ ඔපරේෂන් යෝජනාව’ කිඳා බැහැලාදැයි මට තේරුණේත් කල් යන්න-යන්නටය. ‘කල්’ කිව්වේ අවුරුදු 12- 13ක් විතර දිග කාලයකටය.

අනේ! එතකොට සංජේ කොහේ- කොතැන- කොහොම ඉන්නවාදැයි කියලාවත් මං වහන්සේ දැනගෙන හිටියේ නැත. ඇපොලෝ හා හයසින්ත් දෙදෙනා අතර තිබුණු විදිහේ සමකාමී ආදරයක් මා ළඟ නොතිබුණා විය යුතුය. ඊටත් එහෙම ආදරයක් තිබ්බයි කියලා කියන්නේ ග්‍රීක දේව පුරාණවල නෙව...

මා විෂයයෙහි නම් ‘Out of sight – Out of mind’ තියරිය හරියටම හරි වෙන්නැති. නිතර හමු නොවී සිටීමෙන් විතරක් නොවේ, අලුත් සගයන්ගෙන් අලුත් අත්දැකීම් ලැබෙන්නට වීමෙන් වුණේ, මට සංජේව අමතක වෙලාම යාමය!

ඒකාකාරීත්වයෙන් විඩාවට පත්වීම- කියලාත් ලස්සන වචනවලින් වහන්නේ නැතිව කියනවා නම්, එහෙම වුණේ ‘මගේ චපලකම’ නිසාය. ඉතිං, ඒ කැත ගතිය ගැන වඩාත් විස්තර ඇතිව වෙනම posts කීපයකින් කියන්නෙමි. ‘මට වෙච්ච දේ’ දෙවෙනි කොටසට කුණ්ඩලි ලකුණ කොටන මේ මොහොත වෙනකල්මත්, ඒ අනාගත පෝස්ටුවලට යොදන නමක් හිතා ගන්නට බැරිවය, මං ඉන්නේ෴0෴

51 comments:

  1. පෙර දිනයේ (ඔක්තෝම්බර් 3 ) ජීවන ගමන්මගේ උපන්දිනය නම් තවත් එක් සළකුනු කණුවක් පසුකල නිදි ලොක්කාට නීරෝගි සුව හා ආයූ බෝහෝ වන්නාවූ සුබ උපන්දිනයක් පතමි..
    ආයු රඛන්තු ආවඩා....

    ReplyDelete
    Replies
    1. ඈ යකෝ එහෙම එහෙකුත් තිබ්බද? මාත් නිදි ලොක්කට නිඳුක් නිරෝගී බවින් පිරි සුබ උපන්දිනයක් පතනව.

      Delete
    2. ඔන්න මාත්... නිදිලොක්කට නිදුක් නිරෝගී සුබ උපන්දිනක් පතනවා🙏

      Delete
    3. ආදරයෙන් සුපැතුම් බාර ගත්තා, ස්තුතියි!

      Delete
    4. සුබ උපන්දිනයක් නිදි මාමෙ. 🥳🎀

      එදා(අසංග ගෙ කමෙන්ට එක් දැකපු වෙලාවෙ) කියන්න අමතක උනානෙහ්😑.

      Delete
  2. තිලකපාල තිලකා වෙනකොට ඒ මනුස්සයගෙ පාස්පෝට් එකට මොකද උනේ.

    හොඳ වෙලාවට නිමල් නිමලා නොවුනෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. තිලකපාල, ජයසිංහ දෙන්නම වැඩ කළේ තානාපති කාර්යලයෙනේ. පූස් පාට් එකකින්, පාස්පෝට් එක වෙනස් කරගන්න ඇති. තිලකාට ලංකාවට එන්න ටිකට් එකත් රජයෙන්ම අරගත්ත විදිහට...
      දැනුත් ඊට හපන් ජාවාරම් ඔය තැන්වල කෙරෙනවනේ ප්‍රසන්න.
      මොනවා වුනත් නිමල්ගේ වෙලාවත් හොඳයි තමා!

      Delete
  3. මං පන්සිල් පද පහම සමාදන් වීමෙන් වැළකී ඉන්නවා... ඒ ගන්න වෙලාවට. ඒත් පුලුහං තරම් හැම ශික්ෂාවක්ම ආරක්ෂා කරන්න උත්සහ කරනවා හිට

    ReplyDelete
    Replies
    1. පංසිල් අන්තිමට ගත්ත කාලෙ මතක නෑ. ඒ ආගමික හෝ නිරාගමික කාරණයක් නිසා නෙමෙයි. පුරුද්දට.
      ඉස්කෝලෙ බලෙන් කරවන දෙයක් නිසා පුරුදුවුනේ අත් දෙක එක් කරගෙන ඔහේ ඉන්න. දශක ගණනාවකට පස්සෙත් තාමත් ඒ පුරුද්දට නිකන් වැඳගෙන වෙන මොනවහරි කල්පනා කරමින් හෝ බලමින් ඉන්නව.

      Delete
    2. //ඒත් පුලුහං තරම් හැම ශික්ෂාවක්ම ආරක්ෂා කරන්න උත්සහ කරනවා හිට// නමී, ඒ ටික කියවනකොට එකෑවරම ඔලුවට ආව උත්තරේ ලිව්වට තරහ නැහැනේ- හිටගෙනද?

      Pra Jay, ඔයා කියලා තියෙන්නේ මං වහන්සේ ගැන නේද?

      Delete
    3. මං ගැන තමයි.
      වහන්සේ කොහොමද දන්නෙනෑ

      Delete
    4. කිසිම තරහක් නෑ නිදිතුමෝ... ශික්ෂා කිව්වම පංචශික්ෂාව විතරක්මත් ගන්ට බැහැ නේ.
      මගේ අත්දැකීම් එක්ක කියන්ට තියෙන්නේ මූණ බලලා හෝ එක හැසිරීමක් දිහා දැකලා එයා මොනවගේද කියල එකපාර ගෙස් කරන එක අමාරුයි කියලයි. හිඟන්නෙකුයි, ධනවතෙකුයි දිහා එක පාර බලලා නිගමනයකට එන්න බෑ මේ දෙන්න අතරින් වඩා ලෝභ ධනවතා වෙන්න පුළුවන් කියල. පූජකයෙක් දැකල කියන්න බෑ මෙයා සිල්වත් කෙනෙක් කියල... එකපාරම.

      Delete
    5. //ශික්ෂා කිව්වම පංචශික්ෂාව විතරක්මත් ගන්ට බැහැ නේ.//
      හෙමින් සැරේ හින්ට් එකක් පාස් කළා නේද?

      Delete
    6. හින්ට් ගැහුවේ නෑ බොල. ඔහේ කියල තිව්නෙ පන්සිල් ගැන. මං කමෙන්ට් එකෙන් කීවේ ශික්ෂා මිසක් පංච ශික්ෂා ගැන නෙවේ නෙ. මයෙ කොමෙන්ට් එකේ 'පුලුහං තරම් හැම ශික්ෂාවක්ම ආරක්ෂා කරන්න උත්සහ කරනවා හිට' වෙනුවට 'පුලුහං තරම් ශික්ෂා කාමී වෙන්ට උත්සහ කරනවා කියල කීවනම් වඩා හොදයි. එතකොට හරි.
      මං සිල් පදවල සීමා මායිම් හොය හොයා ලොකුවට වද වෙන්නෙ නෑ. හැම හොද දේ කරමින් නරකින් බැහැරව ඉන්නවා කියන්නෙ සිල් රැකීමක් නේ... එක විදිහකට. ඒ විදිහට ඉන්න උත්සහ කරනවා. ගුණමකු නොවීම, මිත්‍රධර්මයේ පිහිටා සිටීම, අනුන්ගේ සතුටේ දී සතුටු වීම පවා සීලයකට දාල ගන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ.
      නානත්ත කායා - නානත්ත සංඥා (විවිධාකාර කායවල් - විවිධාකාර සංඥා). පහලින් ඇහුව එකට විතරක් උත්තරේ ඔන්න. මාව කොච්චි වලට අහු කරන්න එපා බොල. විසාල පරාසක් නෙ තියෙන්නේ ඒ කාරනාව සම්බන්ධව... ඒ හන්ද මුකුත් නොකියා ඉන්ටම්.

      Delete
    7. කෝච්චියකට අහු වෙන්න ඔච්චර බයයිද?
      මට හින්ට් එකක් වගේ දැනුනෙ, මගෙ ළඟ ශික්ෂාව අඩු නිසා. හැබැයි ඉතිං එහෙම කිව්වයි කියලා 'උස්සල පොළොවේ ගහන්න' ඕනද?

      Delete
    8. හැබැයි රජෝ, මට ඕනි කරලා තිබුණු දේ කියවගත්තා. ඒකට ස්තුතියි.
      නානත්ත කායා - නානත්ත සංඥා (විවිධාකාර කායවල් - විවිධාකාර සංඥා)!

      Delete
  4. අර කකුළුවා ගින්නෙ දැවෙන කවිය නේද ඕක.
    ඒ කවියෙන් කියන්න හදල තියෙන්නෙ... ලෙඩවීම, වයසට යෑම, මරණය ගැන නොහිත කම් සැපයේම එලී ඉන්න එපා කියන පණිවිඩයක් දෙන්න නේ. මෙතැන කම් සැප කියල තියෙන්නෙ පංචකාමයට.
    ඔය පැරණි බ්‍රාහ්මණ කාලේ පවා කියල තියෙන්නෙ... 'ආශ්වාද, ආදීනව, නිස්සරණ'. මේක බුදු දහමේ පවා කියල තියෙන දෙයක්. 'කම්සැප විඳින්න, විඳ ආදීනව සිහි කරන්න, එසේ දැනගෙන කාමයෙන් මිදෙන්න'

    ReplyDelete
    Replies
    1. එහෙමයි, එහෙමයි. සාදු සාදු සාාාාාාාදු!

      Delete
  5. https://sasara333.blogspot.com/2022/10/blog-post.html?sc=1664870107219#c3445702031156534630

    ReplyDelete
    Replies
    1. ඔබතුමා දීලා තියෙන link එකට ගියාම මේ කවි දෙකත් නිකම්ම ලියවුණා:
      විකී බෝම් මැතිනිය ලියූ පොතක් ඇත
      වීපින් වුඩ්-ය හෙළ බසටත් නැඟී ඇත
      රබර් ගහ වටා කතාව ගෙතී ඇත
      'ගසක කඳුළු' කියවන්නම වටින පොත

      කතා දෙකක් නැත- සීයක් පොතේ ඇත
      රබර් ගහේ සුලමුල ලියවෙලා ඇත
      රබර් නිසා වුණු සෙත වාගෙම විපත
      එහි තිබෙයි, එවැනි පොත් මා දැක නොමැත!

      Delete
  6. https://www.plannedparenthood.org/learn/sexual-orientation/sexual-orientation/what-causes-sexual-orientation

    https://www.betterhealth.vic.gov.au/health/healthyliving/bisexuality

    ReplyDelete
    Replies
    1. වෙනදා වගේම තොරතුරු බහුල මූලාශ්‍ර දෙකකටම යන්නට සැලසුවාට ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ!

      Delete
  7. ජාන වලට අමතරව ළමයා ලැබෙන්න ඉන්න කාලෙ අම්මාට තියෙන ආතතිය වැඩි උනොත් එයාගෙ සහ ලමයගෙ ඇඟේ පිරිමි හෝමෝන (ටෙස්ටෙස්ටොරෝන්) අඩු වෙලා ගැහැනු ගති ටිකක් වැඩිපුර තියෙන පිරිමි ලමයි හම්බෙන්න පුලුවන්....

    අනික ලමයා මුල් අවුරුවු වල අත්දකින දේවලුත් එහෙම වෙන්න බලපානවා ...

    හරිම සංකීර්ණයි.

    ReplyDelete
    Replies
    1. මේවා මේ තරම් සංකීර්ණ වෙලා හැදිලා තියෙන්නේ කොහොමද කියලා මට හිතා ගන්නවත් බැහැ, නවීන්.

      Delete
    2. අපිට හිතන්න අමාරුයි. බටහිර අය නම් පර්යේෂණ කර කර උත්සාහ කරනවා ගොඩක් දේවල් තේරුම් ගන්න.....

      දැන් ඉතින් බටහිර අය කීවට ලෝකෙම බටහිර ක්‍රමයට තමයි වැඩ හැබැයි😂😂

      Delete
  8. පහෙන් තුනේ උපාසක වගේ නමක් හොද නැතිද

    ReplyDelete
    Replies
    1. දැන් මගෙන් අදින්නාදානාත් රැකෙනවා චමින්ද මහත්තයෝ!

      Delete
  9. මම පන්සිල් ගන්නකොට හිතන්නේ සුරාමේරය මජ්ජපමා කියන්නේ මද පමනට පමනක් සුරාවගැනීම කියලා.

    ReplyDelete
    Replies
    1. චමී, මට ඉන්න යාලුවන්ගෙන් නොබොන අය පස් දෙනෙක්වත් නෑ. ඉතිං බොන වෙලාවට බොන අය බීමේ රහ ගුණ- වාසි- අනං මනං කියන ගමන් ඔය කියන ජාතියේ අර්ථ කතනත් එමට දෙනවා! හිතා ගන්න ඇහැකි නේද?

      Delete
    2. @චමින්ද දිසානායක
      සුරාමේරය මද පමණට ගැනීම රමණීය වේ

      Delete
    3. රමණීය හොඳ ලස්සන වචනයක්. ඩ්‍රැකී, එක අකුරක ස්ථාන මාරුවකින් මාර වෙනසක් වෙනවා....

      Delete
    4. ඉස්පිල්ලක් අයින් කරාමත් තවත් හොඳ වචනයක්😁😁😁

      Delete
    5. නවීන්, පොඩි එකෙක් නේද, ඕවා දොඩන්නේ?

      Delete
    6. දැන් ඉන්න පොඩි එවුන් අපිට වඩා හපන් නිදි මාමෙ😝

      Delete
  10. මම මේකට ඊයෙ කමෙන්ට් කළා. ඒක පබිලිස් වෙලා නෑ.

    මම කිව්වෙ, මමත් ගැටවර කාලෙ පන්සිල් ගනිද්දි මුසාවාදා සිල් පදය කියන්නෙ නෑ. එතකොට ඔටෝමැටිකලි අනික් සිල් පද හතරත් අවුලක් නැති වෙනවා. මොකද, බොරු කියන්නෑ කියල නෑනෙ.

    ReplyDelete
    Replies
    1. බොලේ, තව ඉන්නව එහෙනං... හතරසිල්- තුන්සිල් එහෙම ගත්තු අය.

      Delete
  11. මේ කියන පොත හරිම කොට පොතක් නේ.

    අපි ගැටවර කාලෙ අපේ ඤාති පුතෙක් ගෙ දිහෑ යනව, වේට් එක්සසයිස් කරන්න. එතනදි අරූගෙ කම්පියුටරෙන් අපි සින්දු දානව, කම්මැලිකමට අහන්න. අපි වැඩිය ආස නැති සින්දුවක් යද්දි, අපේ මල්ලි, (අර ලූලගෙ කතාවෙ ඉන්න බාප්පගෙ පුතා) හිටපු ගමන් ඊළඟ සින්දුවට ස්කිප් කරලා, කියනව, "ඒක බොහොම කොට සිංදුවක් නේද?" කියලා.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී, ලූලගේ කතාවටත් ගිහිං ආවේ.post එකට හපන් comments ටික.... ඒ කාලේ මාත් බ්ලොග්ස්වලට ඇබ්බැහි වෙලා හිටියා නං කියල හිතුන.

      Delete
  12. තෙවන සිල්පදේ ගැනනම් මම හිතන්නේවත් නෑ. මට තේරෙන විදිහට ඔය කාරිය කොරන්න හරි ක්‍රමේකුයි, වැරදි ක්‍රමේකුයි කියලා දෙකක් නෑ. මට හරි දේ ඔබට වැරදි වෙන්න පුලුවන් වගේම ඔබට හරි දේ මට වැරදි වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. මාත් ඉන්නේ ඔය අත්තෙමයි චමී. බණේත් ඕක තියෙනවද කොහෙද- නානාත්ත කායා නානාත්ත... මොකක්ද වගේ කියමනකින්.
      කෝ මේ නමියා? මට හරියට කියල දෙනවදෝ...

      Delete
    2. අනුර ජිනදාස, නවීන් සංදීප කුමාර දෙන්නගෙන් කෙනෙක් හරි කමක් නෑ ඒක කියා දෙනවා නං- පින්!

      Delete
    3. ඕකට නම් නිදි මාමෙ එක එක අය එක එක අර්ථකතන දෙනවා. අනේ මන්දා ඉතින් මොකක්ද හරි කියලා.

      මුල්ම ප්‍රශ්නෙ තමයි මේ සිල් පදේ, බුදු හාමුදුරොවො දේශනා කරද්දි ඉන්දියාවෙ තිබුන ක්‍රමය, සංස්කෘතිය අපි නොදන්න එක. ඕනිම දෙයක් තේරුම් ගන්න අපි context එක, සන්දර්භය දැන ගන්න ඕනි. අපි ඒක හරියටම දන්නෙ නෑ.

      මම තේරුම් ගත්ත විදියට නම් (පිරිමි දෘෂ්ටි කෝණයෙන්) ,

      තමන්ට අයිති නැති, වෙනත් කාටහරි අයිති හෝ යටතේ ඉන්න (විවාහක/ දෙමව්පියන් හෝ වෙනත් කෙනෙක් යටතේ සිටින) ගැහැනු කෙනෙක් එක්ක පිරිමියා සම්බන්දයක් පැවැත්වුවොත් තමයි වැරදි.

      ගනිකා ආශ්‍රය ගත්තොත් තමන් විවාහක නම් එහෙම කරන එකත් වැරදි. විවාහක නැත්නම් ඒක වැරදි කියල මට පෙනිලා නෑ.

      අනික විවාහක නම් තම බිරිඳගෙ අනුමැතිය තියෙනව(එයා අවංකවම කැමති නම්) නම් සහ වෙනත් ගැහැනු කෙනෙක් (විවාහක නොවන/ දෙමව්පියන් යටතේ නොසිටින) ආශ්‍රය කරත් වරදක් නෑ...

      සමලිංගික ආශ්‍රයනුත් වැරදි කියල නම් මට තේරිලා නෑ.

      හැබැයි අර හැමතිස්සෙම තමන්ට අයත් නොවන කෙනෙක්, බලහත්කාරකම් , අයුතු පෙළඹවීම් නම් වැරදි හැබැයි.

      මීට අමතරව කුමර කුමරි බඹසර කියල සීන් එකකුත් තියෙනව... විවාහ වෙන්න කලින් එහෙම ඉන්න ඕනිලු. (ඒක ගැන මාත් දන්නෙ නෑ හරියටම)

      ❗❗ හරි වැරදි කියන දේවල් සංස්කෘතිය, කාලය, ප්‍රදේශය, ආගම, විශ්වාස වගේ ගොඩක් දේවල් එක්ක වෙනස් වෙනවා.

      අනිත් එක ලෝකය වෙනස් වෙනකොට බුදු හාමුදුරුවො දේශනා කරලා තියෙනවාලූ රාගය ගොඩාක් බලවත් වෙලා, ලෝකය ටිකක් පිරිහීම( බුදු හාමුදුරුවන්ගෙ අර්ථයෙන් පිරිහීම) පැත්තට යනකොට තමයි ගොඩක් සමලිංගික සහ තම පවුලේ අය ( දෙමව්පියන් දරුවන්) අතර පවා ලිංගික සම්බන්ධකම් ඇති වෙන්නෙ කියලා.

      අන්තිමට කොහොමත් හැමදේම සංකීර්ණයි.
      සරලවම තමන්ගෙන් වෙනත් කෙනෙක්ට හිත් රිදීමක්, කරදරයක් වෙන්නෙ නැති විදියට හිටියා නම් හරි.

      මොකද ඔතන අපි විවාහක නම් වෙනත් ගෑනු කෙනෙක් ආශ්‍රය කරාම බිරිඳගෙ හිත ගොඩක් රිදෙනවා. අපි එයා රවට්ටල තියෙනවා. ඉතින් ඒක කොහොමත් වැරදි නෙහ්.

      අන්න එහෙම හිතුවාම හැමදෙයක්ම තෙරුම් ගන්න ලේසි වෙයි....

      Delete
  13. ගොඩක් ස්තුතියි නවීන්, ලොකු විස්තරයක්- ගොඩක් පැති ආවරණය කරමින් ලිවීම වෙනුවෙන්!

    ReplyDelete
  14. මං කවදහරි පන්සිල් අරගත්තද කියල මම මේ කල්පනා කලේ

    ReplyDelete
    Replies
    1. ඉතිං කල්පනා වුණාද ලක්මාල් උන්නැහේ?

      Delete
  15. // එයිනුත් මා active partner කෙනෙක් නොවේ. පැසිව් ගොඩට; ස්ත්‍රීමය භූමිකාව කරන ගොඩට වැටෙන්නෙක්මි.// අර ආච්චි ගේ කතාව වගේ තමා මේකත්. හරිහැටි ලිංගික අධ්‍යපනයක් නැහැනේ නිදි . ස්ත්‍රීමය භූමිකාව පැසිව් කව්ද? ට්‍රාන්ස් කාන්තාවෝ පැසිව්ද ?මේක වැරදි කතාවක්. පිරිමි inactive partner ලා ඉන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. වැඩ- ලෙඩ අස්සේ ඉඩකඩ අඩුව තියෙද්දිත් බ්ලොග්ස් කියවනවට ස්තුතියි අජිත් මහත්තයෝ. ඇක්ටිව්, පැසිව් කතන්දර හරියටම විස්තර ඇතිව මෙතන කිව යුතු නැහැයි කියලයි මට හිතුණේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්