li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, December 21, 2022

සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස

“... හොරාත් හෙණ සිරා පොරක්. එදා කඩ වහන්න කලින් පැය දෙක තුනේදී මූ හාරලක්ෂ අසූ එක්දාහක බඩු අරං... සල්ලි ගන්න හදලා නෑ. ලක්ෂ දෙකක විතරම අරං තියෙන්නේ රත්තරන් බඩු!”

“රත්තරං හොරෙක්!”

“ඔව් ඔව්. දැන් මෙහෙම වැඩකුත් තියෙනවා. මට ඉන්නෙත් රත්තරං නෑනා කෙනෙක්නේ...” නලින් ඉඟි මරා එහෙම කියනකොට අයන්ති ඔළුව උස්සා කන්දීගෙන හිඳියි.
“ලංකාවට එන්න ඉස්සෙල්ලා අපේ නෑනාත් මගෙ එකවුන්ට් එකටම දැම්මා ලක්ෂ හතරක්. ඒ සල්ලිනෙ නෝට්ටු ගොඩේ උඩින්ම තියෙන්න ඇත්තේ. හොරා අරගෙන තියෙන්නේ ඒවා. ඉතිං දැන් නෑනා කියයි -නලින් අයියා පව්.
අලාභෙන් බාගයක් මාත් විඳ ගන්නං කියලා!- අන්න නෑනලා!”

සර් ජෝන්ස් බංගලාවේ චාරිකාවට එකතු වුණු ගැටවර- ගැටවරියෝ...

“කියයි, කියයි... අක්කගේම නංගිනෙ...” එහෙම කියවෙන්නේ එයාලාව තවත් අවුස්සන්නටය.

ඒත් කලබල වෙන්නේ අයන්ති නොවේ! “ඇත්තමයි, නලින් අයියා වෙනුවෙන් මගෙ ඔක්කොම සල්ලි වුණත් එපා කියන්න තිබ්බා- මාත් ඕස්ට්‍රේලියාවේ MBBS ඩොක්ටර් කෙනෙක්වත් වෙලා හිටියා නං. නලින් අයියා කැමතිම නං ඉතිං ඒ ලක්ෂ හතරේ පාඩුව මම විඳ ගන්නං. හැබැයි, ඔයා පරෙස්සමට මගෙ ළඟ තියලා තියෙන සල්ලි ටික මම අරගන්නවා... එතකොට හරිනේ.” අයන්ති ටිකිරි මොළේ මෙහෙයවා කියයි.

“ඔය හතර-පහ මොනවද නලින්. ඔය හොරකමත් මොකක්ද?
මේ සරත් අයියා වත්තේගෙදර සණස බැංකුවේ දැම්ම ලක්ෂ 28ක් වතුරේ ගියේ. මම ජපානේ අවුරුදු පහළොවක් විතර කට්ට කාලා කාලා හම්බ කරගෙන ආව ලක්ෂ 40ක් ඒ සණස පාරෙම මකර කටට ගියේ. නඩුත් නෑ- බඩුත් නෑ. 2017  ඉඳල තවම හොරාව හොයනවලු. ගිය අවුරුද්දේ අල්ල ගත්තයි කියලත් කියනවා. තාම අපිට නං සෙතක් වෙන පාටක් නෑ.
-අහිංසක පෙන්ෂන්කාර මිනිස්සු කී දෙනෙක් නං අන්තිම අඩියටම වැටුණද... දන්නවද,
වත්තේගෙදර සණසේ සල්ලි දාපු මිනිස්සු 2146 දෙනෙක්. පිල්ලි ගැහුවේ රුපියල් ලක්ෂ 9,100ක්!  එව්වට උදව් කරපු; හොරුන් රැකපු එව්වොන්ට හෙණ හතම වදින්න ඕනි. ඒත් ඒ මහ එවුන් ඔය තවම යහතින් ඉන්නෙ.”

ඔය කතන්දර කියැවුණේ මාතලේ බමර කිරි ඇල්ල ළඟදීය.

සිහි කල්පනාවෙන් නිදිගෙ පංච තන්තරේ කියවන කෙනෙකුට නං, මේ වෙද්දී පොස්ටුවේ ලොකුම අඩුපාඩුවක් අහු වෙලා තියෙන්නට ඕනෑය. දියවන්නාව අසල කිඹුලාවලින් පිටත් වුණාට පස්සේ, අපි එක පාරටම මාතලේට ගියාද? ඒ අතරවාරයේ මොකුත්ම  සිද්ද වුණේ නැද්ද?

වුණා නේන්නං!
මේ ලියන්නේ ඒ ඕපාදූපයන්ය:

ඊට පස්සෙය, හෝටල් දඩයම ඇරඹුණේ... (ඉස්සර එහෙම දඩයම් තිබුණේ නැත!

මීරිගමින් High way එකට පිවිසුණාට පස්සේ ගයාගේ බඩගිනි කෙඳිරිය වැඩි වුණේය.

“ඔයාටත් බඩගිනි ඇති නේද නිමල් අයියේ. මේ වෙලාවේ පැණිරස ජාති කන්න බැහැනෙ... සනෝලි. ටිකිරි මාරි පැකට් එකක්වත් කඩමු... සාන්ත අයියේ, ආ- අපේ එක්කෙනාටත් දෙන්න.”

එහෙම දුන්නත් සාන්ත, අතුල දෙන්නාම බිස්කට් කෑවේ නැත.
“අයියා කිව්වා කුරුණෑගලින් මොනවා හරි කාලා යමුයි කියලා. මාතලේටම යනකල් ඉන්නේ නැතිව.”
“ඔව් සාන්ත. මටත් හෙණ බඩගිනියි මචං... ඒක බිස්කට් කාලා හරි යන බඩගින්නක් නෙවෙයි.” අතුලගේ මනාපයත් ඒ යෝජනාවටය.
නුවර අධිවේගී මාර්ගය තවමත් කුරුණෑගලින් එහාට යන්නේ නැත. යග්ගහපිටිය exit එකෙන් පිටතට එද්දී අප කවුරුනුත් හිතමින් හිටියේ පාතරාසය වළඳන්නේ කොයි මොහොතේද, කොහෙන්ද කියලාය.

පාර අද්දරම තිබුණු අවන්හලක් ඉදිරියේ අපේ වාහන හතර ගාල් කර ගන්නටත් පුංචි යුද්ධයක් කළ යුතු විණි. ඊට වැඩි යුද්ධයක් කරමිනි, කට්ටිය දඩිබිඩියේ වාහනවලින් බැස්සේ. ඒ අතරේ, ඉස්සෙල්ලම හෝටලය ඇතුළට ගිය ප්‍රියන්තත්- සෙරානුත් මුහුණු බෙරි  කරගෙනය, එළියට ආවේ...
“තිහකට තරං කෑම නැහැල්ලු.”

“නඟිමු, නඟිමු වාහනවලට.”

ඊට පස්සෙය, හෝටල් දඩයම ඇරඹුණේ. අන්තිමේදී ඉඩකඩ සහිත වාහන අංගනයකුත් තියෙන ආපන ශාලාවකට යැවිණි. එතනදීත් අපේ පක්ෂියා හිටියේ, නීච වුණු ගමන්ය. “බත්, ඉඳියාප්ප වගේ දේවල් නං නෑලු. Short Eats නං ඇති වෙන්න දෙන්නංලු. මොකද කරන්නේ?”
ප්‍රියන්ත කට්ටියටම බෝලය pass කළේ, තීරණය කිරීම ඔවුන්ටම පවරමිනි.

“අපෝ අපෝ, පාන්පිටි ගුළි ගිලල මේ බඩගින්නට ඔරොත්තු දෙන්නෑ.”
ඔන්න එතැනිනුත් එළියට... “අතුල, ඔයා කැවුමුත් ගෙනාව නේද?” ප්‍රියන්ත අහන්නේ වාහන අංගණයේදීය.
“ඔව් අයියේ. දෙන්නද?” අතුල ප්‍රියන්තගෙන් අහයි.
“මට විතරක් නෙවෙයි අතුල, ඔක්කොටම දෙමු.  කට්ටිය, අපි මෙතැනම ඉඳලා කැවුමක් කාලා මාතලේටම අදිමු.”

Car Park එකේම ඉඳගෙන කැවුම් කන අපේ දිහාව හැරි-හැරී බලමිනි, යන තරමක් පදිකයන් හැමෝම යන්නේ. ඒ මොකෝ?

ඒ අංගනාවන් හය දෙනා බමර කිරි ඇල්ලේ වැල් පාලම උඩ සිටිද්දී මහින්දාගමනය’ සිහි කරවමින් එයාලාට නමස්කාර පූජාවකුත් කළේය!)

වාහනයේ බොනට්ටුව උඩ තියාගෙන මැණිකේ නංගි කේක් කපන නිසාද/ නැත්තං අපි තැනින් තැන හිටගෙනම කැවුම් කන නිසාද?

“නිමල් අයිය දන්නවද අද මේ සේරම අංජබජල් වැඩ එකපිට එක වෙන්නෙ අපලයක් නිසයි කියලා. අර මිනිස්සු ඒ අපලෙ දිහා තමයි බල-බලා යන්නෙත්, මේ මොන සමයමක්ද යකෝ කියලා.”
“සමයමක්?”

“ඇයි යකඩෝ, අපේ මහණ වෙන්න යන කට්ටිය දිහා.” සාන්ත අත දික් කරලාත් පෙන්නයි.

ඒ කතාව එල්ල වුණේ කොහාටදැයි මට මීටර් වුණේ එතකොටය. අපේ නඩේ කාන්තාවන් හය දෙනාම එදා සැරසී සිටියේ එකම පන්නයේ ගවුම්වලිනි. කහපාට ගවුම්වලිනි.
“ඒ මදිවට නෙවිල් අයියයි, සුමිතුයි දෙන්නත් කහපාට T Shirt ගහලා. අම්මප, ඔය අපලේ තමයි මේ පල දෙන්නේ.”

එහෙම කියූ මනුස්සයා, ඒ අංගනාවන් හය දෙනා බමර කිරි ඇල්ලේ වැල් පාලම උඩ සිටිද්දී ‘මහින්දාගමනය’ සිහි කරවමින් එයාලාට ‘නමස්කාර පූජාව’කුත් කළේය!

කහ ගවුම් අදහස කාගෙ එකක්දැයි, මං වහන්සේ අහගත්තේ ‘ජාත්‍යන්තරයට news සපයනවා’ යැයි විරුදාවලියක් ලබාගෙන සිටින බබිතාගෙනි. (විරුදාවලිය ගැන ලුණු- ඇඹුල් එක්කම විස්තර කියන්නේ තවත් ඉස්සරහදීය.)
“ඒ අයිඩියා එක අපේ චමනිගේ. එයා කැන්ඩි එකට ෂොපින් ගියාම ඔය කහ ගවුම් දැකලා අපි පස් දෙනාටම අරගෙන ඇවිත්. අතුලලත් trip එක යන හින්දා, මං ගයාටත් ඒ ජාතියෙන්ම ගවුමක් ගෙන්නා ගත්තා...”

ඒ ගවුම්වල අපලයක් තිබ්බත් නැතත්- ප්‍රියන්තගේ කැවුම් කෑමේ යෝජනාව අපට ගෙනාවේ ‘සපල’ සැනසිල්ලකි.
“කැවුම් නොකන අයට කේක් දෙන්නං.”
ලොකු පිරිසකට වුව ‘කෑම පිසීමේ
චිත්තම්මාගේ හපන්කම’ 100%ක්ම උරුම කරගෙන හිටින මැණිකේ නංගි කියයි; කියලා හදාගෙන ආ කේක් එකක් කපයි.
එයිනුත් වැඩි වාසිය අපටය. කැවුම් විතරක් නොව කේකුත්...

“හදිස්සියට කියලා මම හදාගෙන ආව තේ බෝතලයකුත් තියෙනවා. කට්ටිය එක්කම ටික ටිකවත් බොමු.” අයන්තිත් ලොකු උණුවතුර බෝතලයකින් ප්ලේන් ටී බෙදයි. තේ එපා යැයි කියූ කිහිප දෙනෙකු හිටියත්, වැඩි දෙනෙක් ඒ ඉස්තරම් ඉඟුරු තේ බිව්වෝය. “පුදුම වැඩේනෙ! මෙච්චර බෙදලත් ඉවර නැහැනේ.” අයන්ති උදම් අනයි.

ඒ සිදුවීමම අප කුඩා කැබිලිත්ත දේවාලයෙදී මුරුතැන් බතක් පිසූ අවස්ථාවෙදීත්...
“හොඳ හිතින් දුන්න නිසා වෙන්නැති. දෙයියොත් උදව් කරලා!”
(හොඳ හිතින් කරන දෙයට දෙවියනුත් උදව් දෙනවාද? එහෙම නං නරක චේතනාවලින් යුතු අයට දෙවියන් දඬුවම් නොකරන්නේ ඇයි?)

මෙතනදී මට සිහිපත් වෙන්නේ අයන්තිලා කලින් වතාවක ලංකාවට ආ වෙලාවේ, මට අත්දකින්නට ලැබුණු දෙයකි. “නිමල් අයියේ, අපි පුංචි කාලේ අපේ තාත්තා මෙහෙ රාජකාරී කළා. එතකොට තිබ්බ චාරිත්‍රයක් තමයි මේ. අපි මේ වැව් තාවුල්ලේ මුරුතැන් බතක් උයලා පුල්ලෙයාර් දෙයියන්ට පූජා කරනවා.” Trip එකක් අතරවාරයේදී ඇලයාපත්තුවට ගියාම සුමිත් කිව්වේය.

එතැන වැව් කණ්ඩියේ තිබුණේ සුවිසල් වෘක්ෂයක් පමණකි. දැල්වූ පහන් පිදූ ලකුණු, හඳුන්කූරු දැල්වූ ලකුණු විතරක් නොව කොළ අතු කඩා එල්ලූ ලකුණුත් එතැන තිබිණි. ඒත් දේව රූප- දෙව් පිළිම ආදී කිසිවක් එතැන තිබ්බේ නැත.

“ඉතිං සුමිත් මෙච්චර ගොඩක් දානේ හදලා?” මං ඇහුවේ සුමිත් උයන්නට ගෙනිහින් තිබුණු පොල් ගෝනිය, හාල් ගෝනිය හා අනෙකුත් කළ-හලමනාත්, පතරංග සාස්පාන් ආදියත් එයාලගේ වාහනයෙන් එළියට වඩම්මද්දීය.

“අයිය දන්නවද? මේ දානය උයන්නේ අපි විතරයි. පිරිමි කට්ටිය විතරයි. ගෑනු අයව ගාවා ගන්නේ නෑ.
හැබැයි කොච්චර ඉව්වත් දෙයියන්ට පූජා කරල ඉවර වෙනකොටම, කොහෙන් හරි මිනිස්සුත් එනවා දේව දානේ ගෙනියන්න. අන්තිමට චුට්ටක්වත් ඉතිරි වෙන්නෙ නෑ.” සුමිත් එහෙම උත්තර දෙද්දී නම්, මට පුදුම හිතුණු විත්තිය නොකියාම බැරිය. එහෙම පුදුම හිතුණේ, ඒ ඉසව්ව එතරම් ජනාකීර්ණ නොවුණු එකක් බැවිනි.

‘මේ පාළු මණ්ඩියක ඔය තරමට මිනිස්සු කොහෙන් එන්නද?’

මට මතක හැටියට හාල් කිලෝ දහයක් විතර, මුං ඇට කිලෝ දෙක-තුනක් විතර, හකුරු මුල් හත අටක් විතර ඒ මුරුතැන් බත උයන්නට ගැනිණි. ඒ සීනි, මුද්දරප්පලම්, කජු ආදියට අමතරවයි. (එදා මාත් එතැන ප්‍රධාන කෝකියෙක් වීමි.) හඳුනන ගම්වැසියන් දෙතුන්- දෙනෙකුත් අපට සහාය වෙනු පිණිස ආවා මතකය.
ඊළඟට සුමිත්ගේ විශ්වාසය අකුරටම පල දැරූ හැටි ගැන මම අදත්- තවමත් පුදුම වෙමි.

මුරුතැන් බත උයා දෙවියන් උදෙසා කොටසක් (තේක්ක කොළයක තැන්පත්කොට වගෙය- මට මතක) පූජා කරනවිටත් ගම වැසියන් දහ දොළොස් දෙනෙකු වැව් තාවුල්ලට ඇවිදින් අහවරය.

එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත

එතැන් හිට පැයක්වත් ගියේ නැත!

බිඳක්වත් ඉතිරි නොවී ඒ මුරුතැන් බත් කල්දේරමම මිනිසුන්ට බෙදා දෙන්නට අපට හැකි වුණේ පුදුමාකාර විදිහටය. එවැනි දේ මට තවමත් විසඳා ගත නොහැකි ගැටලුය. ඒ සිදුවීමම අප කුඩා කැබිලිත්ත දේවාලයෙදී මුරුතැන් බතක් පිසූ අවස්ථාවෙදීත් වුණේය!

විමලරත්න කුමාරගම කිවිඳුන්ටත් මෙවන් ඇදහිලි- විශ්වාසයන් සහිත මිනිසුන් වැව් සංහිඳේදී හමු වුණා වෙන්නැතිය. එයින් හොඳටම impress වුණු කුමාරගම කවීන්ද්‍රයා 1948දී ‘අයියනායක’ නම් කවි පන්තියක් ලිව්වේය. එයින් අම මිහිරක් ලද මට නම් අදත් ඒ කවිවලින් ලැබෙන්නේ නොසිඳෙන මිහිරකි. මේ එම කවිවලින් දෙකකි:

  බුද ගුරු සනි හිරුට හිමි හැම         දවස්වල
  මේ සංහිඳේ එළියක් ඇත සවස්           කල
  ලෙඩ දුක්වලින් මිදුමට බාරයක්          කළ
  හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්වල             

  වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ රත
  ගනඳුර වසන විට ආලෝකයෙහි       නෙත
  සඳරැස් ගලන විට තෙරපී සෙවණ        මත
  එක දෙවියෙක් නොවේ දාහක් එතැන ඇත

ඇලයාපත්තුවේ වැව් සංහිදේදී හා කුඩා කැබලිත්තේදී අප කළ විදිහට අදත් දේව දානයක් ඉව්වොත්...

දේව දානයක් නොව මළ බතක් ඉවිල්ලවත් අද ලේසියෙන් කරන්නට බැරිය. අවුරුදු 74ක් තිස්සේ අපේ රට පාලනය කළවුන්ගේ කෙරුවාවට පින් සිද්ද වෙන්නටය; ඒ.
2022 දෙසැම්බරයේ, මේ සටහන අකුරු කරන කාලයේ සිරි ලංකාවේ තත්ත්වයයි ඒ. අද මේ කොදෙව්වේ ජනතාව එක වේලක් වුවත්- නිකම්ම පිරිමසා ගන්නට ඉඩක් ලැබෙයි නම් එය පැහැර නොහරිති. ඒ තරමටම ඔවුන් ‘පොහොසත්’ය. 

ඉතිං, අන්න- පානයෙන් හරිම පොහොසත් විත්තියක් පෙනුණු හෝටලයෙනුත් හරි පිහිටක් නොලද අපි, වාහන නැවතුමේදීම කැවුම්- කේක්- ඉඟුරු තේ ආදියෙන් සන්තර්පණයවී මඟට පිළිපන්නෙමු. ප්‍රියන්තගේ ඉලක්කය වුණේ, මාතලේ අරුණාලෝක අවන්හලයි.
“එහෙ අපිට හරි යන දේවල් තියෙයි.”

එයාලා හැමෝම හෝටලයේදී කිසිවෙකුටත් දෙවෙනි නොවෙන්නට වග බලා ගත්හ!

නමුත් අපේ වාහන හතරෙන් එකක්වත් නවත්තන්නට එතැන ඉඩ තිබුණේ නැත. ටවුම වටේටම කරක් ගහලා, හතර පොළකය වාහන නැවැත්තුවේ.

අරුණාලෝකයේ උඩ තට්ටුවම අප වෙනුවෙන් සකස් කෙරුණි.
තෝසේ, පරාටා, ඉඳියාප්ප, හොදි මාළු පිණි සූදානං කෙරෙන තුරු මසල වඩේ හා උළුඳු වඩේ දීසි මේස උඩට සැපත් විණි. දත් තිස් දෙකෙන් විස්සක් විතරම අඩු කටක අයිතිකාරයෙක් වුණත්, එතනදී නම් පසු බැස්සේ මේ නිදි නොවේ. ඇත්තම කියමි. මම මසල වඩේ පෙරේතයෙක්මි.
පදමට ලුණු ඇතිව, මඳ ගින්නේ බැද තිබුණු ඒ ක්‍රන්චි පරිප්පු වඩේ මසුරං වටී.

කැවුම්, කේක් කෑවාම බඩගින්න නැති වුණාය කියමිනි; අපේ නඩේ වැඩි දෙනෙකු හෝටලයට ආවේ. නමුත් එයාලා හැමෝම හෝටලයේ අනුභවයේදී කිසිවෙකුටත් දෙවෙනි නොවෙන්නට වග බලා ගත්හ!

ඊළඟට තිබුණේ සෝඩා, ස්ප්‍රයිට් වැනි බෝතල හා අවුළුපත් මිලදී ගැනීමේ තරගයයි. දැන් ඒවා මිළදී ගන්නෝත් නොගන්නෝත් ඔක්කොම සාප්පුව ඇතුළේය. සාප්පුවේ සිටින තරම් සේවකයෝ හා සිකියුරිටි මහත්වරු සාප්පුව පුරාම විසිරෙමින් අපේ අයගේ හැසිරීම නිරීක්ෂණය කරති.
“ඔන්න කෙඳිරි ගාන්න එපා. මං ලොතරැයි ටිකක් ගන්න නැවතිලයි එන්නෙ.” මගෙන් නෙවිල්ට කෙඳිරුමක්.
“ඉතිං දැන්මම යන්න හදන්නෙ? ඔහොම ඉන්නවා. තමුසෙ ලෙඩා, තනියම ගිහිං ටවුමේ අතරමං වුණොත් අපිටයි මළ කරදරේ. අපිත් එක්කම යං.”
“ඇත්තටම නිමල් අයියේ ඔයාට මොකටද ස්වීප්.”

උත්තර දෙන්නේ නෙවිල්ය. “මෙයාට ඇදිල තියෙන ස්වීප් මදිද මචං. අම්මලා එංගලන්තේ. නංගිලා මල්ලිලා එංගලන්තේ. විදේශාධාර එන්නෙ පවුම්වලින්! ඒ මදිවට ප්‍රියන්තල, අයස්මන්තල, අපි කරන උදව්... අපි මේ සැරේ පාද යාත්‍රාවේ යන්න කලින් මේකට සපත්තු දෙකක් ගන්න ගියා, හක්ස්ලි. අයස්මන්ත මූට අරං දුන්නෙ 45,000/-ක සපත්තු කුට්ටමක්. හැබැයි මෙයා ඒක උස්සගෙන ගියා විතරයි. දැම්මේ කබල් දෙකක්!”

“මගෙ ගැනම හොය- හොයා ඉන්නේ නැතිව ගන්න මඟුලක් අරගෙන ඉන්නවා.” වටේට හිටින අයට හිනා ඔහොම කතන්දරවලටය!

දැන් හැමදාම කවුරු හරි එක කට්ටියක්වත් මේ ටවුන් එකේ අරගලයක් කරනවාමයි.

ලොතරැයි ගන්නට ගියාමය, කහ ගවුම්කාරියන් පස් දෙනා (හයෙන් එක්කෙනෙකු එතකොටත් මාතලේට ඇවිත් තිබ්බේ නැත.) මාතලේ නගරයේ ඇතිකොට තිබුණු කැළඹිල්ල කියැවුණේ. මං වහන්සේ ලොතරැයි පත් තෝරන අතරේ අලෙවිකරුවා මිත්‍රශීලී හිනාවක් පෑවේය. මමත් ප්‍රතිසිනා පෑවෙමි. ඊළඟට ඔහුගෙන් ප්‍රශ්නයක්...

“සර්ලා අදත් අරගලයක්ද?”
“අරගලයක්...?”
“තරහ වෙන්න එපා සර්. සර්ලගෙ කට්ටියේ ලොකු නෝනලා සේරම එකම පාටින් ඇඳල...”
ඇත්තය, වාහන හතර අතේ නවත්තලා ආවත්- දැන් අපේ කහ ගවුම්කාරියන් පස් දෙනෙකු එක්ව ගමනේ යෙදෙමිනි, ඉන්නේ. “මේ දවස්වල හැමදාම කවුරු හරි එක කට්ටියක්වත් මේ ටවුන් එකේ අරගලයක් කරනවාමයි. ඒකයි මම එහෙම ඇහුවේ.”

අපේ ලොකු නඩය දැක්කාම කෙනෙකුට එහෙම හිතුණත් පුදුම නැත!

හැමෝම මෙහෙම ලොකු නඩ පිරිවරාගෙන ගමන් යන්නට ලැහැස්ති නැත. නිදිගෙ පංච තන්තරේ නිත්‍ය පාඨක ප්‍රා ජේ හිතවතා එහෙම කෙනෙකි.
මේ පෝස්ටු මාලාවේ පළමුවැන්නට comment එකක් එවමින් හිතවත් Pra Jay මහත්තයා මෙලෙස කියා තිබිණි.

“නිමල්ගෙ ට්‍රිප්වලින් මට නොගැලපෙන එකම කොටස තමයි ඒවා යන පුද්ගලයින් ගණන. හුඟක් ඉස්සර නම් යාලුවො හුඟදෙනා හෝ පවුල් කීපයක් එක්ක ට්‍රිප් ගියා.

දැන් නම් එහෙම ආසා නෑ. එකම ඉන්ටරෙස්ට් තියන, සීමිත ඉඩක කිසිම අප්සෙට් එකක් නැතුව දවසක් දෙකක් ඉන්න පුලුවන් අය කීප දෙනෙක් එක්ක විතරයි.

නිමල්ට නම් ඉතිං තරහ ගියාම බැනලා ඉන්නත් පුලුවන්නෙ. :-D මට ට්‍රිප්වලදි එහෙම බෑ.”

නමුත් එතැනට යන තුරුම යන්නෙ කොහාටදැයි අපෙන් කිසිවෙකුටවත් නොකියන්නට...

Pra Jay මහත්තයාගේ ඒ කමෙන්ටුව මට සිහිපත් වුණේ මේ සති අන්තයේත් ගිය සංචාරය හින්දාය. සර් ජෝන්ස් බංගලාවට ගියේත් ලොකු පිරිසකි. (එයින් 24 දෙනෙකුම මේ ගමනටත් එක් වුණු උදවියයි; 27කියි ලියවෙන්නට තිබුණු ඉඩ නැති වුණේය. Sanoli Swets අතුලලා කුරුණෑගල කිට්ටුවටම ගිහිං ආපසු හැරී ආවෝහ. -ආවෝහ නෙවෙයි, ‘ඔවුන්ට ආපසු හැරී එන්නට කරුණු යෙදිණි’යි කියන එකය, වඩා සුදුසු.)

සර් ජෝන්ස් බංගලාවේදී අතුලගෙන් කියැවුණේ තාත්තා රෝහල්ගත කෙරුණු විත්තියකි. “නිමල් අයියෙ, අපේ තාත්තට දැන් 91ක්. හැබැයි තවම කොණ්ඩේ ඉදිල නෑ. දත් වැටිලා නෑ. තාත්තා මට වැඩිය කොල්ලා වගේ!” අතුල කියාගෙන ගියේය.
“හැබැයි දැන් හිටි ගමන් මතකෙ නැති වෙනවා. අපි එන්න කලිනුත් තාත්තාව නර්සින් home එකක නැවැත්තුවා. කල්පනාව තිබ්බේ නැතිව. දැන් call එක ආවේ එහෙන්. තාත්තාට දැන් කල්පනාව ඇවිත්. එයා fit එකේ ලැහැස්ති වෙනවලු ගෙදර යන්න. අපි බයේ ඉන්නේ ගෙදරදී ඔහොම වෙලාවක පාරට ගිහින් කල්පනාව නැති වුණොත් කියලා... අම්මා එපැයි කිව්වට අහන්නෙත් නැහැනේ."

(අපේ ගමන්වලට යන උදවිය එකම ෆ්රීකුවෙන්සිය තියෙන; විනෝදබර අය බව කියන්නටය, මේවා කියන්නේ.)

එතැනම හිටි හක්ස්ලි බොහොම ගාම්භීර විදිහට අතුලගෙන් ප්‍රශ්නයක් ඇහුවේ එතකොටය. “ඇහුවට මොකුත් හිතන්න එපා මහත්මයා. දැන් එතකොට ඔබතුමා කවදා වගේද තාත්තගෙ උත්සවේ ගන්න හිතාගෙන ඉන්නේ?”

හක්ස්ලිට නොදෙවෙනි කටකාරයෙකු වුණු අතුල උත්තර දුන්නේ මහ හයියෙන් හිනා වෙමිනි. “ අයියේ, සමහර විට ඔයාගේ උත්සවයෙන් පස්සේ!”

මේ trip එකත් සූදානම් කෙරුණේ ප්‍රියන්ත අතෙනි.
නමුත් එතැනට යන තුරුම ‘යන්නෙ කොහාටදැ’යි අපෙන් කිසිවෙකුටවත් නොකියන්නට ප්‍රියන්ත පරෙස්සම් වුණේය.

මාරබැද්දට ගියාම කෙනෙකුට දැනෙන්නේ වලාකුළු අතර සිටින බවයි!

ප්‍රියන්ත අපට කියා තිබ්බේ මන්දාරම් නුවර පැත්තේ තැනක් වෙන් කරගත් විත්තිය පමණි.

සර් ජෝන්ස් ගමනේ පළමු post එකට Lotus එවූ කමෙන්ට් එකෙන් කිව්වා වගේමය. “... නිමල්ට ට්‍රිප්ස් යන්න නොඅඩුව අවස්තා ලැබෙනවා නේද. Trip Advisor එකෙත් දාලා තියෙනවා නිමල්ලා ගිය තැන. ලස්සනයි වගේ...”
ඔව් Lotus! මේ සති අන්තයේ ප්‍රියන්ත අප කැටුව ගිය තැනත් ට්‍රිප් ඇඩ්වයිසර් එකේ දමා තියෙන තැනකි. ලස්සනයි නොව, අතිලස්සන සුන්දර පාරාදීසයකි!

මාරබැද්දට ගියාම කෙනෙකුට දැනෙන්නේ වලාකුළු අතර සිටින බවයි!

මාරබැද්ද ගාර්ඩ්න්ස් රිසොර්ට් ගමනට අපි 37 දෙනෙක් ගියෙමු.

ඒ ගමනට වෙන් කරගෙන තිබුණේ දෙසැම්බර් 18,19,20 දින තුනයි. දෙසැම්බර් 18 වෙනිදා උදේ අපේ පිරිසත් එක්ක trip එකට පිටත්වී, මඟක් යද්දී අතුලට දුරකථන ඇමතුමක් ලැබිණි. ‘තාත්තා අන්තරා වුණා’...

ඉතිං...

32 comments:

  1. ට්‍රිප් පොස්ට් දෙකම බැලුවා, ට්‍රිප් එක මම ගියා වගේ දැනුනා. මාරබැද්ද මාර තැනක්නේ, යන්නම ඕන තැනක් හ්ම්ම්.
    මම විජේබාහු

    ReplyDelete
    Replies
    1. ඇත්තටම විජේබාහු මහත්තයෝ. එහාට ගියාම දැනෙන්නේ වලාකුළු අතර ඉන්නවා වගේ.

      Delete
  2. මාරයි නේ මම එක

    ReplyDelete
  3. //හැමෝම මෙහෙම ලොකු නඩ පිරිවරාගෙන ගමන් යන්නට ලැහැස්ති නැත. //

    ට්‍රිප් විතරක් නෙමෙයි කොහෙවත් ලොකු සෙනගක් එක්ක ඉන්න කැමති නෑ පැය තුන හතරකට වැඩිය විශේෂ අවශ්‍යතාවයක් නැත්නම්.

    ට්‍රිප්වලදි ඒ ප්‍රශ්නෙ ඊට වඩා සීරියස්. පොඩි ක්‍රවුඩ් එකක් වුනත් එකම ඉන්ටරෙස්ට් තියන ( කූඩැල්ලන්ට බය අය එක සිංහරාජෙ, සත්තුන්ට කැමති නැති අය එක්ක විල්පත්තු යන්න බෑවගේ තමයී) , එකට දවස් දෙක තුනක් ඉන්න පුලුවන්, එකිනෙකාට කැමති අය විතරයි.

    රාජකාරිවලට හෝ යුතුකමකට යන ගමන්වගේ නෙමෙයිනෙ. ආසාවෙන්, අමාරුවෙන් වෙලාව හොයාගෙන, රිලැක්ස්කරන්න යන ගමන්වලදි මිනිස්සු ටොලරේට් කරන්නත් ඕනෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, ඒක තමන්ටම කර ගන්නා challenge එකක් කර ගත්තොත් කොහොමද?

      Delete
    2. අපොයි චැලෙන්ජ් ඕනෙ තරම් තියනව රස්සාවෙ, සල්ලි හොයන එකේ, යුතුකම් කරන එකේ.
      ආසාවෙන් තමන්ට කියල ට්‍රිප් එකක් යනකොට මම කැමති චැලෙන්ජ් කොයිතරම් දුර ඇවිදින්න හෝ ඩ්‍රයිව්කරන්න පුලුවන්ද, දුර්ලභ කුරුල්ලෙක් ස්පොට් කිරීම, අමාරු තැන්වලට යාම, තැන් හොයාගෙන යාම වගේ දේවල්. මිනිස්සුත් එක්ක සිටීම වගේ චැලෙන්ජ් ට්‍රිප්ව්වවලදිත් ඕනෙ නෑ. මගෙ ෆේවරිට් ට්‍රිප් මම කැමති හා මම කැමති දේවලට කැමති අය සමග. දෙවනියට ෆේවරිට් තනියම යාම

      Delete
    3. ඒකෙත් හැටි. ඔය කාරණේදී ඔබතුමාත් මාත් ඉන්නේ ප්රතිවිරුද්ධ කෙළවරවල් දෙකේ. හැබැයි අපි ගිය දීර්ඝ ගමන් දෙකේදීම මට කිසිම අවුලක් දැනුණේ නැහැනෙ. අවුලක් තිබුණු පාටක් දැක්කෙත් නැහැනේ.

      Delete
    4. මම නිමල් එක්කගිය ට්‍රිප්නම් ඉතින් ටික දෙනයි. ඔක්කොම හොඳයි. එක දවසෙ ට්‍රිප්නෙ

      Delete
  4. මන්දාරම් නුවර නම් කොහොම හරි යන්න ඕනෙ. (මම මුලින් හිතුවෙ ඒක නවකතාවක තියෙන නගරයක නමක් විතරයි කියලා).

    "බිඳක්වත් ඉතිරි නොවී ඒ මුරුතැන් බත් කල්දේරමම මිනිසුන්ට බෙදා දෙන්නට අපට හැකි වුණේ පුදුමාකාර විදිහටය" කොච්චර හොඳයිද. කෑම අහක යන්නෙ නැත්නම් එච්චරයි. මගේ අත්දැකීම නම් ලංකාවෙ සමහර අය දවල්ට කාලා ඉතුරු වුනු දෙයක් රෑට කන්න කැමති නෑ. ඇයි කෑම අහක දාන්නෙ කියලා මම සමහර වෙලාවට ඇහුවොත් මගේ කසින්ස්ලා වුනත් බලන්නෙ මම ඒගොල්ලන්ට ලැජ්ජා හිතෙන දෙයක් කිව්වා වගේ.

    "අද මේ කොදෙව්වේ ජනතාව එක වේලක් වුවත්- නිකම්ම පිරිමසා ගන්නට ඉඩක් ලැබෙයි නම් එය පැහැර නොහරිති". නුදුරු අනාගතයෙදී සමහර අයට කියන්න පුලුවන් වෙයි 'මගේ කාලෙදි ජනතාවට එක වේලක් කන්න තිබුනා' කියලා.

    ReplyDelete
    Replies
    1. Lotus, අවුරුදු කීපයකට කලින් අපි මන්දාරම් නුවරට ගිය ගමනක විස්තර ටිකක් ලියවුණා, මගෙන්.
      https://nidigepanchathanthare.blogspot.com/2019/10/blog-post_14.html

      ඔයා කියනවා වගේ අපේ නායකයන් පුරසාරම් කියන්නත් ගනීවී 'මං රටේ ජනතාවගේ ස්ථුලතාව අඩු කළා' කියමින්.

      Delete
    2. //ලංකාවෙ සමහර අය දවල්ට කාලා ඉතුරු වුනු දෙයක් රෑට කන්න කැමති නෑ.//
      ලංකාවේ ගැහැනු අය හුඟ දෙනෙක් කුස්සියටම හිර වෙන්නත් ඒක එක හේතුවක් Lotus,

      Delete
  5. මාරබැද්දනං මාර ලස්සනයි වගේ. ලොකු උනාමවත් යන්න බැරියැ.

    ReplyDelete
    Replies
    1. එහෙනං එහෙනං ප්‍රසන මහත්තයෝ!

      Delete
  6. කියවලා හිට කොමෙන්ට් කරන්න හදනකොට යාලුවෙක් ඇවිදින් කීබෝර්ඩ් එක අරන් ගියා. හෙහ්හෙ.....

    ඇත්තක්. නිදිලොක්කට හතරඅතින් සුයිප් ඇදිල තියෙද්දී මොකට බොරුවට ගන්නවාද මන්ද 😂😂

    "වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
    මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම" ඒ කයි සෙට් එකේ හිතට වැදුන දෙපදයක්. මේ ආගමික- නිරාගමික... පොඩි අවිස්සීමක් තියෙන කාලෙට හොඳ අදහසක්.

    සම්පූර්ණ අයියනායක කවි කොලේ මෙතැනින්...
    http://kavimuthumal.blogspot.com/2012/07/blog-post_5.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නමී. බැරිද ස්වීප් එකක් අද්දවලා දීලා මං මොනවා කරයිද කියලා බලන්න.

      Delete
    2. අයියනායක කවි පන්තියටත් වඩා සංවේදී- හිත පාරවන කවි පන්තියක් තමයි කුමාරගම කවියාගේ -හේරත්හාමි- කවි පෙළ. නමී, ඒක කියවලා තියෙද?

      Delete
    3. හමු වුණු වෙලාවක මතක් කරන්න.

      Delete
    4. http://kavimuthumal.blogspot.com/2011/08/blog-post_29.html

      Delete
    5. https://www.lankadeepa.lk/features/%E0%B6%B8%E0%B6%B8-%E0%B6%B8-%E0%B7%80%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7-%E0%B6%B8%E0%B7%85-%E0%B7%83%E0%B6%BB%E0%B6%BB-%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%84%E0%B6%9A-%E0%B6%9A%E0%B6%B4%E0%B6%BD-%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%80/2-509039

      Delete
    6. ගොඩාක් ගොඩාරියක් ස්තුතියි ඩ්‍රැකී, සුපිරි links දෙක වෙනුවෙන්....

      Delete
    7. බල්නවාකු ඒකෙත් හැටි. මන් දෑව ලින්ක් එක වෙනුවට මට ස්තූතියක් නෑ

      Delete
    8. ඒක නමියො ලැබීම

      ඇට් යුව සර්විස් නිදි...

      Delete
    9. වස අත් වැරද්දක් නමී. ගොඩාරියක් ස්තුතියි ඔයාටත්.

      Delete
  7. ආාාහ්... මේක දාපු දවසෙම කියෙව්ව. කමෙන්ට් එකක් දාන්න හිත එකලාසියක් උනේ දැං.

    නිදි අයියට සුභ නත්තලක් ම වේවා!

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී මලයා ඇතුළු ආදරණීය පාඨක හැමටාත්, සකල ලෝක වාසීන්ටත් සතුට සාමය සපිරි සුබ නත්තලක් වේවා!

      Delete
    2. ඔන්න මාත්.... හැමදෙනාටෝම සුබ නත්තලක් කියල කියාණෝ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්