li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, April 15, 2023

තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස

 You know what I mean...  You know what I mean...
සෑහෙන වෙලාවක් තිස්සේ අශාන්ගේ කටහඬ මගේ කන් දෙක අස්සේ දෝංකාර දිදී තිබුණු විත්තිය නොකියාම බැරිය. පලක් ඇතත් නැතත් පොඩිත්තක් හරි නසරානි වැඩක් කරන්නට මං වහන්සේ කැමතිය. අශාන් කිව්වේ ‘වැඩේ හෙමින්’ කරන්නටය.

ඒ හාදයා වෙනුවෙන්; එයාගේ ප්‍රිය සමාගමය වෙනුවෙන් එහෙම කරන එක මහ ලොකු දෙයක් නොවේ. එකම දේ මට එළිමහනේ සීතල කාගෙන ඉන්නට සිදු වෙන කාලය ටිකක් වැඩි වීමය. හිත ඇත්නම් පත කුඩා නැත!

ඒ සොඳුරු ස්වප්නය දකිද්දී මිහිරියාවක් දැනුණු බව සැබෑය. එහෙත් එහි කූඨප්‍රාප්තිය මොහොතේ...

‘හිත ඇත්නම්...?’

දිගටම ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන කෙනෙකුට නං අමතක වෙන්නට ඉඩක් නැත. අශාන් හා කයිසර් යුවල අතරට යන තුන් වෙනියෙකු වීමට මා සූදානම් නැතැයි මම පැහැදිලිව කීවෙමි. මගෙන් ඈත් වී සිටීම වඩා ප්‍රඥාගෝචර යැයි අශානුත් ඍජුවම කිව්වේය. එසේ වී තිබියදීත් අප අතර කෙමෙන් වර්ධනය වෙමින් පවතින මේ ‘ළබැඳි හැඟීම’ කුමක්ද? ඒ ගැන සිතමිනි, මා නින්දට පිවිසුණේ.
ඉතිං ඊට පස්සේඒ..ඒ..ඒඒඒ....
මගේ නිඳි යහනට
එදා රාත්‍රියේ අශාන් සිහිනයෙන් වැඩියේය; නෙක විකුමන් පාමින් මා හා සසඟෙහිත් යෙදුණේය.

මා නින්දෙන් ඇහැරුණේ කම්පනයෙනි!

‘එන පොට නං හොඳටම හොඳ නෑ නිමලෝ. දැන්වත් බොට තේරෙන්නෙ නැද්ද මෝලෝ, මොනවද වෙන්න යන්නෙ කියලා. තොට මොනවද ඕනි වෙලා තියෙන්නේ කියලා.’ හිත මොර දුන්නේ හෙමින් හෙම නොවේ.

එසැණින් මගේ ජාගර චිත්තය ඒ මතයට ප්‍රතිවිරුද්ධව කඩිනමින් කරුණු පෙළ ගස්වන්නට විණි.
‘දැන් බලහං, උඹ ලංකාවෙන් මෙහාට ඇවිල්ල මාසෙකටත් කිට්ටුයි. එංගලන්තෙට ආවය කියලා තමුසෙ කෙළෙස් ප්‍රහීන කළේ නැහැනේ. මෙහෙට එන දවසට කලින් දවසේ රෑ පද්මෙත් එක්ක හිටියට පස්සේ, උඹට වාරකන් ලබලනෙ ඉන්නේ... (නිෂ්පාදනේ වැඩියෙන් වෙලා! නිකුත් කිරීම නැවතිලා- අතිරික්තයක් හැදිලා... අලුතෙන් කෙරෙන නිෂ්පාදනය ගබඩා කරන්නට ඉඩ ගන්නේ- පරණ බඩුවලින් ටිකක් අයින් කරලයි... නේද?)
අර පොතෙත් තිබුණ මතකයි නේද
ඕක ලෙඩක් නෙවෙයි, සොබාවික දෙයක්ය කියලා.”

හැබෑ ලොවේදී මස්තකප්‍රාප්ත කරගත නොහැකි ඕනෑම අභිප්‍රායක් සිහින ලෝකයෙදී සපුරා ගන්නට යමෙකුට පුළුවන. ඒ ලෝකයේ සීමා-මායිම් නැත; නීති-රීති කඩුලු-තහංචි නැත!
මට සිද්ද වෙන්නට ඇත්තෙත් ඒ ටිකමය. දවල් තිස්සේ අශාන් එක්ක වැඩි වෙලාවක් ගැවසුණු හින්ද වෙන්නැති
, එයාවත් අර හීනෙට ඈඳෙන්න ඇත්තේ…

ඒ සොඳුරු ස්වප්නය දකිද්දී මට නොමඳ මිහිරියාවක් දැනුණු බව සැබෑය. එහෙත් එහි කූඨප්‍රාප්තිය මොහොතේ තෙත් වුණු පිජාමා කලිසම එළි වෙනතුරු ඇඳගෙන සිටින්නට බැරිය. එය මාරු කර ගත්තත් නින්ද අසලකටවත් නොඑයි. එවෙලේ, දිනපොතෙහි මේ සියල්ල විස්තර සහිතව ලියැවුණේ හුදු කල් මැරීම වෙනුවෙනි.

ඒත් අහල ගම් හතකවත් නිඳිමතක් නැත.
මොකක්ද කරන්නේ?

අර සටහන් යළි කියවා ගැනිල්ල පුරාණ ඊජිප්තුවේ, පිරමිඩ ඇතුළේ රූපාක්ෂරවලින් (Egyptian hieroglyphs) තැබූ සටහනක් කියවීමකට වඩා අසීරු වී...

මම අත තිබුණු 1985 දිනපොත කියවන්නට වීමි. ඒ සමඟම මට ආවේ පිටස්තරයෙකු වනචර යැයි කිව හැකි කල්පනාවකි.

සංගණනයක්... ඔව්... ඒ අවුරුද්දේ ජනවාරි පළමුවෙනිදා සිට අප්‍රේල් 28 තෙක් මගේ රහසිගත විශ්වයේ සටහන් අනුසාරයෙන්- මගේ ලිංගික සබඳකම් පිළිබඳව ගණනයක් කිරීමටය; මට හිතුණේ.
‘අන්න එතකොට තමුසෙටම තේරෙයි නිදි, තමුසෙ හිටි විදිහයි; දැන් ඉන්න විදිහයි.’

ජීවිත අත්දැකීම් අවංකව සටහන් කර තැබිය හැකි නම්, යම්කිසි විටෙක ඒවා හොඳට හෝ නරකට හෝ කෙතරම් ප්‍රයෝජනවත් වෙන්නට පුළුවන්ද? මට කල්පනා වෙයි.
එහෙත්, මා වුවද එදා මෙතරම් අභීතව ඒ අව්‍යාජ සටහන් තබා ඇත්තේ රහසිගත ඉලක්කම් භාෂාවෙන් ඒවා ලියූ බැවිනි. එතැනදී වසන්ත කියා දුන්
ඒ රහස්‍ය භාෂාව යොදාගෙන සටහන් තැබීමත්, මට රහසිගත මදි විණි. ඒ නිසා මං වහන්සේ යොදාගත් ‘ප්‍රයෝගයක්’ අද මටම සතුරු වෙයි.

‘තමුසෙ වික පුකාගෙන; දත කාලා- කොහොම හංගලා ලිව්වත් ඉලක්කම් භාෂාව දන්න කෙනෙකුට මේක අහු වුණොත්!’

පැන් තාලියේත් කිඹුලන් දකින නිදිට එදා කල්පනා වුණේය. ඉතිං ඒකා වැඩි පරෙස්සම තකා- ඒ සටහන් ලියන අතරවාරයේ සමහර වචන මැද්දට හා සමහර වාක්‍ය මැද්දට අනවශ්‍ය අකුරු හා අනවශ්‍ය වචනත් එබුවේය.
ඒ ප්‍රයෝගය නිසා, අර සටහන් යළි කියවා ගැනිල්ල ‘පුරාණ ඊජිප්තුවේ, පිරමිඩ ඇතුළේ රූපාක්ෂරවලින් (
Egyptian hieroglyphsවලින්) තැබූ සටහනක් කියවීම’කට වඩා අසීරු වී තිබේ!

එහෙම සකල අමාරුවක වැටුණත්, වැඩේ අල්ලලා දාන්නට මේ පුතයා සූදානම් නැත.
ඒ දිනපොතට අනුව, මහ පාන්දර මං වහන්සේ යටකී ‘ගණන් බැලිල්ල’ කර තිබෙන්නේ 1985 මැයි මස 19 වෙනි ඉරිදාට පහන් වෙද්දීය.

ගණනයට ලක් වුණේ අවුරුද්දේ මුල් දවස් 118 ගැනය.
ඒ දින 118 අතරෙන් දවස් 42ක්ම, මේ blog පෝස්ටු ලියන නසරානියා ‘තෙවෙනි සිල් පදය බිඳ දමලා’ය. නිකංම නිකමුත් නොවේ; විටින්-විට වෙන-වෙනස් හාදයන් 16 දෙනෙකුවත් හවුල් කරගෙන!
එහෙම වෙන්නට ඇත්තේ මගේ හඳහනෙන් කියවී තිබුණු
අතිධාවන කාම යෝගය’ නිසා වෙන්නටත් ඉඩ තිබේ. එහෙමත් නැතිනං- මගේ සිරුරේ ලිංගික හෝර්මෝන වැඩියෙන් නිෂ්පාදනය වීම නිසා වෙන්නටත් ඇහැකිය.

හීනෙන් හරි දැන් ඒ සීලයත් කැඩිලා ඉවරය!!!

ඒ මොක වුණත්, අප්‍රියෙල් 29 සිට මැයි 19 තෙක් දින 21ක්; සති තුනක්... සති තුනක්ම මං වහන්සේ බඹසර රැකලාය!! (අනේ කපටි මොට්ටයා, හරියටම කියපං. රැකලා නෙවෙයි, ඉබේම රැකිලා නෙව?) හීනෙන් හරි දැන් ඒ රැකිච්ච සීලයත් කැඩිලා ඉවරය!!!

පළමුවෙනි වතාවට පිටරටකට ගිය කෙනෙකුට; දවස් 21ක් කියන්නෙත් පොඩි කාලයක්ද? ඔබ අසන්නට ඉඩ තිබේ. ඒ සති තුනේදී අප පවුල පිටින්ම එකට ගෙදරින් බැහැරව ගියේ දෙපාරක් විතරකි. එකක් රෝයි අංකල්ලාගේ ගෙදරට. තව එකක්  පිහිනුම් තටාකයකට; කාටත් තේරෙන සිංහලෙන් නං Swimming-pool එකකට.
තවත් පහු නොවී ඒ ගැනත් කියන්නටය, මේ සූදානම.

මට නං මැරෙන තුරුමත් මතක් කරමින් හිනා වෙන්නට තරම් තුෂ්ටිජනක දෙයක් ඒ ගමනේදී සිද්ද වුණේය.

අපි හත් දෙනා එහාට යන්නට හැදුවේ ඩැඩාගේ කාර් එකෙනි. “බෑ, බෑ. හත් දෙනෙකුට යන්න බෑ. එක්කෙනෙකුට ඉන්න වෙයි.” ඩැඩා කාර් එක ළඟදී බර-බරයක් දැම්මේය.
“ඩී. ඔයාට සයිකලෙන් එන්න පුළුවන් නේද?” Sam මල්ලියාට යෝජනා කළායින් ප්‍රශ්නය විසඳුණේය. ඩැඩා car එක කොයි තරං හයියෙන් එලෙව්වාද කියතොත්, අපි කට්ටිය ස්විමින් පූල් එකට යනකොටත් මල්ලා එතනට ගිහිල්ලය; ගිහිං ගොඩක් වෙලාවකුත් බලාගෙන ඉඳලාය.

වඩා හිනා නොවෙන ජාතියක් වශයෙන් මට පෙනුණු බ්‍රිතාන්‍ය ජාතිකයන් නිතරම ඉන්නේ ඉන්නං වාලේ වගෙය. (ඒ මට පෙනුණු විදිහයි. මට වැරදිලා වෙන්නත් හැකිය.) නමුත් ඔවුන් ඉතා ඉක්මනින් අන්‍යයන් සමඟ සුහද වන්නටත් කැමතිය. ඒ කවුරුන් විසින් හෝ පළමු පියවර තැබුවායින් පස්සෙය.
පිහිනුම් තටාක පරිශ්‍රයට පිවිසෙන තැන tickets නිකුත් කරන්නට හිටියේ තරබාරු; මැදි වියේ කාන්තාවකි. එයා හිටියෙත් අර official මූණත් තහඩුව පිටින්මය.

(අපේ ඩැඩා ටිකාක් විතර Joker කෙනෙකි; විහිළුවට- කෙළිලොල් කතාවට ශූරයෙකි.)

“හායි Love! ගුඩ් මෝනින්. උඹ දැකල තියෙනවද වස්තුවේ, රෙඩිමේඩ් family එකක් හොයාගෙන සතුටින් ඉන්න British කොල්ලෙක්ව. මෙන්න ඉන්නවා ඒ lucky guy උඹේ ඉස්සරහින්ම.” ඩැඩා රවුමක් කැරකී කියන්නේ සතර අභිනයම උදව්වට අරගෙනයි. ඒ රංගනයට හිනා වුණු සුදු බවලතිය, ලැහැස්ති වන්නේ දිග සල්ලාපයකටය.
“මගෙ බෝතලේ coffeeත් තියෙනවා... ලකී හාදයෝ.”     

“මාර්වලස් ඩාලින්, ඔයා මෙයාලට ටිකට්ස් දීලා ඉවර වෙලා ඉන්නකෝ. මට ඇතුළට යන්න ඕනි නෑ. ඊට වැඩිය හොඳයි නිදහසේ ඔයත් එක්ක chat එකක් කරගෙන ඉන්න එක. හැබැයි ඔයාට කරදරයක් නෙවෙයි නං...”

compliment එකේ මහිමය මට අමතක වෙන්නේ, මා මියගිය දවසක විතරය!

ඩැඩා කොච්චර සාර්ථකව ඒ රංගනය ඉදිරිපත් කර ඇයගේ හිත ගත්තාද කියතොත්, ඒ lady ඉස්සෙල්ලාම කළේ අපේ ඩැඩාට පුටුවක් පෙන්වීමයි. ඊළඟටය, අපව ගණන් කිරීම කළේ.

“Two adults, four halves...”

අම්මාටත්, අනිල්ටත් full ටිකට්ස්ය; සමන්තිට, දීපාල්ට, දීපානිට සහ මට බාගෙ ටිකට්ස්ය! බාගෙ ටිකට් එකක් ලැබිලත්, මං කළේ වතුරට බැහැගෙන බලා හිටිල්ලය. එතකොට මට පීනන්නට බැරිය. (මල්වතු ඔයේ ගිලිලා මැරෙන්නට ගිය මං වහන්සේව ‘කිරිල්ලී’ බේරා ගත්තෙත් ඊට මාස කීපයකට කලින්ය.)

මට අවුරුදු 31දී ලැබුණු ඒ බාග ටිකට්ස් compliment එකේ මහිමය මට අමතක වෙන්නේ, මා මියගිය දවසකය!

“ලොකාට කම්ප්ලිමන්ට් එකක් දුන්නා නෙවෙයි. ඒ ලේඩි අපේ ඩැඩාට ආදරේටයි ඒ සැලකිල්ල කළේ.” ආපහු එද්දී අන්නා කිව්වේය.
“අපොයි ඩැඩාගේ ආදරේ!” අම්මාට ඒ කතන්දර අල්ලන්නේ නැත.
“ඒ වුණාට ලීලා මගේ ආදරේට කැමති වුණානෙ...”
ඩැඩා අම්මාව තරහ ගස්සන්නේ ගෙඩිය පිටින්ම ඇත්තක් කියමිනි. “මගේ කමිසෙක බොත්තම් දෙක තුනක් ගැලවිලා තිබ්බා. මම ඒවා අල්ලලා දෙන්නයි කියල උඹලගෙ අම්මට දුන්නා, කුලිය විදිහට පවුමකුත් එක්ක. එතකොට ලීලා හිතුවා මං හරි වියදම්කාර පෝසතෙක් කියලා... හඃ හඃ හඃ හා.”

ඒ විස්තරය කියන වෙලාවක් ඇත්තං අපේ අම්මාට මළ පනියි. එදාත් එහෙමය. “එහෙම මෝඩ වුණායින් තමයි මට මේ වැඩේ වෙලා තියෙන්නේ... එරීන් තමයි මට මේ ලණුව දුන්නේ...”

“ඩැඩී, උඹල දෙන්නා ඕක නවත්තන්නේ නැත්තං, මෙතැනින්ම අපිව drop කරන්න please! අපි පයින්ම එන්නං... මගේ කන් දෙක රිදෙනවා.” Sam අම්මලගේ වාදය නවත්තන්නේ එහෙම උපායකිනි.

ඔන්න ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය තමුන්නැහේලා (ඒ වචනේ ද්විලිංගික වගෙය කියලයි මට දැනෙන්නේ.) හැමෝම ඉවසන්න ඕනි- මගෙ වැල්වටාරම් කීම. මම පිහිනුම් තටාකයට ගිය ගමන ගැන කිව්වේ කාරණා දෙකක් නිසා.
1. අවුරුදු තිස් එකේදීත් මට තිබ්බේ ළපටි; අහිංසක පාටක් බවට පම්පෝරියක් ගහන්න. (එහෙම නොකර කොහොමද?)
2. අපේ අරුම පවුලේ සාමාජික-සාමාජිකාවන්ගේ හා ඒ රටේ මිනිසුන්ගේ ගතිසොබා ටිකකුත් පණ ගැහෙන උදාහරණේකින්ම පෙන්නලා දෙන්න.

එහෙම නැතිව ලියනවා නං ඉතිං, මෙලෝ රහක් නැතිව සාරාංශයක් නෙව ලියන්න වෙන්නේ. නේද?

නිදිගේ ජීවිත කතාව ලියනවා වුණත්, ඒක සාහිත්‍යමය විදිහට තමයි ලියවෙන්න ඕනි; රසයක් දනවන- කියවගෙන යන්න හිතෙන විදිහේ. ඒ නිසාමයි, සමහර දේවල් පෙළ ගැස්වීම විතරක් චූට්ටක් එහා-මෙහා කරන්නේ. අද කළා වගේ. ඒ කිව්වේ swimming කරන්න ගිය ගමන තමයි, ඉස්සෙල්ල සිද්ද වුණේ- දෙවෙනියට කිව්වත්.

රෝයි අංකල්ලාගේ, අශාන්ගේ කතන්දර දෙවනු තමයි සිද්ද වුණේ- පළමුවෙනියට කිව්වත්.

... ඔය කිව්වේ නීලියා ආවාම, මගේ Scanner මැෂිමට අහු වුණු හරියයි.

ඉතිං, මැයි 19 වෙනි ඉරිදා උදේ වරුව ගෙවුණේ වාහනයේ නම පින්තාරු කිරීමෙන් හිච්චි කොටහක් කරන්නටය. හිතාමතාම වැඩේ අදින්නට ඕනෑ වුණේ නැත. පොඩි චුරු චුරු වැස්සක් සැරෙන්-සැරේ වස්සවමින් වැස්ස වලාහක දිව්‍ය පුත්තරයා මට help කළේය.

“අද වෙදර් එක නම් මේ වැඩේ කරන්න දෙන්නෙම නෑ වගේ නේද, නිමොල්. අපි හෙටම කරමු. යමු... උඹලගෙ ඩැඩී එනවයි කිව්වේ දවල් වුණාමනෙ. මම උඹව drop කරන්නං.” යෝජනාව ගෙනාවේ වාහන හිමියාමය. මං බුරුසු- පින්සල් ආදිය සෝදන අතරවාරයේ මනුස්සයා ඒ විත්තිය කයිසර්ලාටත් කියලය.

“අශාන් මට කිව්වා උඹට advance එකක් හෙම ඕනිද කියල අහන්නත්...”
“නෑ, එපා. ස්තුතියි!”

ඉක්මනින්ම මං ගෙදර ආවාම, අම්මාගේ ඉහේ මලක් පිපුණු ගණනය!
“ඔයා ඉක්මනටම ආවද? හරි ෂෝක්! නීලියාත් මඟ එනවලු. ඔයා නාගෙන එන්න. රැවුලත් කපලා...”
“පිස්සුද අම්මෙ. මං ඊයේනෙ රැවුල කැපුවේ...”
“ඒ වුණාට රංජි...’” අම්මා වැඩිය මොකුත් නොකිව්වේ සමන්ති නංගීත් කුස්සියේ හිටි නිසා බවයි, මට පෙනුණේ.

“දීපාල්, මතකයි නේද මං කිව්වා. නීලියා ආව ගමන්ම ආන්ටී පාන්ටී ගගා මැරෙන්න හදන්න එපා, ඕං!” බඩා මල්ලා කුස්සියට එබෙනවාත් එක්කම අම්මා පරණ තැටියම දැම්මාය.
“එහෙනං නිකංම නීලියා කියන්නද අම්මා කියන්නේ. අම්මම නේද අපට කියන්නේ, වැඩිහිටියන්ට ගරු කරන්නයි කියලත්...” D. කෝන්තර අහයි.

“දීපාල්. මම යමක් කිව්වම කරනවා. නංගිටත් මතක් කරනවා. මම කියන විදිහට කරන්න බැරි නං උඹල දෙන්න තුන් දෙනාම උඩට වෙලා හිටපල්ලා.”

ඒ වෙලාවේ මට මතක් වුණේ ‘චක්කරය පාඩම් දෙන්නට බැරි වුණු’ මාව කට්ට කරුවල ඉස්තෝප්පුවට තල්ලු කෙරූ දවසයි. “පාඩම් දෙනකල් උඹව ගෙට ගන්නෙ නෑ.” යනුවෙන් කියූ දවසයි!
එදා වගේමය; තවමත් අම්මා තර්කානුකූල නැත.

නීලියා පියකරුය, පැහැපත්ය, උස නැත, කොණ්ඩය උරහිස තෙක් කොටට කපා- පාට කරලාය. සුමුදු දෙඩුම් ඇත්තීය. යාන්තම් ඉදිරියට වක් වුණු උරහිස් නිසා කුදු ගතියකුත් තිබ්බද මන්දා. ඒත් එයා ප්‍රසන්නය.

ඔය කිව්වේ නීලියා ආවාම, මගේ Scanner මැෂිමට අහු වුණු හරියයි.

උපාසක බළල්ලු තමයිලු එක සැරේ මීයෝ දෙන්න දෙන්නා අල්ලන්නේ!

නීලියාට සංග්‍රහ කරන අතරේ, ආගිය කතන්දර හගිස්සවන අතරේ, සැපදුක් විමසන අතරේ අපේ අම්මා නිකං හිටියේ නැත. හැකි හැම මොහොතකම ‘නිමල් දිසානායක නොහොත් රංජි නොහොත් ලොකු පුතා’ ගැනත් මොකාක්ම හරි වරුණයක් එතැනට ඇද ගත්තාය.

මට අහගෙන හිටින්නට; දරාගෙන හිටින්නට බැරි තරං අජූවට...

‘මෙයා මෙහෙම හිටියට හරි හපනා / උයන්නත් දන්නවා / මැහුම් ගෙතුම් හිට දන්නවා / බොන්නෙත් නෑ- සිගරැට් බීමකුත් නෑ / තවම කෙල්ලෙක් එක යාළු වෙලාවත් නෑ- අපිටම කැඹුරුවා විතරයි’ ඒ ආලවට්ටං කතන්දර; කැරැක්ටර් සැටිපිකෙට් දීම් සේරම වගේ සිංහලෙන්ය කියැවුණේ.

“එහෙනං ලීලා, දැන් කරන්න තියෙන්නේ නිමල්ට හොඳ කසාදයක් කරලා දීලා සෙට්ල් down කරවන්නයි!” නීලියා කිව්වේ මගේ පැත්තටත් හැරිලා, ඇස් නටවමින් ඉඟි මරමිනි.
“අනේ ඩාාාාාාලි....න්!” අපේ අම්මාගේ කට කණේය.
“හැබැයි ලීලා, ඔයා කොච්චර character certificates දුන්නත් මට නං මෙයාව විශ්වාස නෑ. මෙච්චර ලස්සන කොල්ලෙක් මෙච්චර කල් සිල් රැකලා...? මොකක්ද නිමල් අර ලංකාවේ කතාවක් තියෙන්නේ... උප්පාසක්ක බළල්ලු මීයෝ...”

ඩැඩා වත්කොට දුන් බීම වීදුරුවක් තොල ගාමින් හිටි අනිල් මහ හයියෙන් හිනා වෙලා සභාව මැදට පැන්නේ එතකොටය.

“උප්පාසක්ක නෙවෙයි නීලියා. උපාසක. උපාසක. උපාසක බළල්ලු තමයිලු එක සැරේ මීයෝ දෙන්න දෙන්නා අල්ලන්නේ!”
“Thanks Anil, අම්මා නොදන්නවට, ඔයාලා හොඳට දන්නවා ඇති නේද ලොකු අයියගේ හපන්කම්?”
“හපන්කම්...” අන්නා වචන හොයන පාටය...

à ඊළඟ කොටසට...

43 comments:

  1. ලස්සන කොල්ලෙක් මෙච්චර කල් සීලෙ රැක්ක හැටි කට්ටිය දන්නවනං තමයි වැඩේ. හැක්..

    ReplyDelete
  2. හරිම හපන්(කන), ඉවුම්-පිහුම්, මැහුම්-ගෙතුම් දන්නා, සිගරැට්-බීම පාවිච්චියක් නැති, තවම කෙල්ලෙක් එක යාළු වෙලාවත් නැති, උප්පාසක්ක බළල් ලොකු පුතුට.........

    ReplyDelete
    Replies
    1. .... සොයනුයේ, එංගලන්තයේ පුරවැසි භාවය හිමි යුවතියකි. කුලය, උගත්කම, නොසැලකේ. දරුවන් ඇති, දික්කසාද වූ....

      Delete
  3. මේක ෆන් කියවිල්ලක්. යකෝ මූ , උපාසක පූසා

    ReplyDelete
    Replies
    1. අද මේවා ලියනකොටයි, කියවනකොටයි නං fun වුනාට අජිත් මහත්තයෝ, ඒ දවස්වල නම් එකම හටනක්!

      Delete
  4. රෙඩිමේඩ් family// හෙහ් හෙ 😂

    ඔය මගුල්තුලා බලන්න එක්කයන කපුව කරන වැඩක් තමයි අම්මත් කරලා තියෙන්නෙ... නිදිලොක්කගෙ. යසයි කැරැට්ටුව නොදැන පාරම්බාපු අපූරුව

    ReplyDelete
    Replies
    1. නමී, කපුකම් කරන වැඩේ නම් මමත් කරලා තියෙනවා. ගොඩ වතාවක්. ඒවා ලිව්වත් එක්ක පරණ postsවල.
      හොඳම එක තමයි 'මගෙන් මංගල යෝජනාවක්'
      http://nidigepanchathanthare.blogspot.com/2018/07/blog-post_81.html

      Delete
  5. හොදවෙලාවට නිදිට ස්ත්‍රී පාර්ශවයට හිතගියේ නැත්තේ (එහෙම කියන්න ඉක්මන් උනා වැඩිද දන්නෙත් නෑ). නැත්තම් ඉතින් මුලු පමුනුව පාරම දිසානායකලා වෙලා ගොඩක් කල්.

    ReplyDelete
    Replies
    1. පමුණුවම නැතත් මහරගම බදුල්ල වගේ කිහිප තැනකම මගෙ සහෝදර සහෝදරියෝ හිටි බව නම් දන්නවා- හැබැයි, දිසානායක වාසගම සහිතව නෙවෙයි!
      ඒ හපන්කම කෙරුව කෙනාට නිවන් සැප ලැබේවා!
      එයා ජීවිතයෙන් සමු ගත්තේ 1976 අද වගේ දවසක- අප්‍රේල් 17 පාන්දර!

      Delete
    2. ස්තූතියි අජිත් මහත්මයා

      Delete
    3. අපිත් එතුමාට පිං අනුමෝදනා කරනවා නිදි.

      Delete
  6. සුබ නව වසරක් වේවා නිදි

    ReplyDelete
    Replies
    1. අජිත් මහතා ඇතුළු හැම දෙනාටමත් සුබ නව වසරකට ආසිරි!

      Delete
  7. අම්ම හදන්නේ නීලියා සෙට් කරන්න ද..........

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං ලලිත්! අපේ අම්මගෙත් වැඩ...

      Delete
  8. "වඩා හිනා නොවෙන ජාතියක් වශයෙන් මට පෙනුණු බ්‍රිතාන්‍ය ජාතිකයන් නිතරම ඉන්නේ ඉන්නං වාලේ වගෙය. නමුත් ඔවුන් ඉතා ඉක්මනින් අන්‍යයන් සමඟ සුහද වන්නටත් කැමතිය. ඒ කවුරුන් විසින් හෝ පළමු පියවර තැබුවායින් පස්සෙය".: මගේ අත්දැකීමත් ඒකමයි. ඒගොල්ලො එක පාරට විවෘත වෙන්නෙ නෑ, හැබැයි official capacity එකකදි තමන් ඉස්සරහ ඉන්නෙ කවුද කියලා යම් ප්‍රමානෙකට දැනගත්තම පුලුවන් තරම් උදව් කරනවා. මට හිතෙන්නෙ කාලයක් තිස්සෙම සංක්‍රමනිකයින් ඇවිල්ලා, ඇවිල්ලා ඒ එන සමහරු කපටි වැඩ කරන නිසා එකිනෙකා අතර trust එක හොඳටම අඩුයි. නමුත් උතුර පැත්තට යනකොට ඊට වඩා මිත්‍රශීලි බව වැඩියි. (කාලයක් තිස්සෙ එහෙ ජීවත් වෙන අයට මීට වඩා වෙනස් විදිහට දැනෙනවා ඇති).

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි Lotus, මගේ නිරීක්ෂණය නිවැරදි බව තහවුරු කළාට.

      Delete
    2. මං හිනා වෙන්නෙ නෑ කියල මාත් කොයිතරම් බැනුම් අහල තියනවද !
      සංක්‍රමණිකයින් අඩු පැතිවල දේශීය අය පිටරැටියන්ට කැමතියි. ඒ අය වැඩිය ඉන්නකොටනෙ ඒගොල්ලන්ගෙන් තියන කරදර වැඩි. මං හිතන්නෙ ඕනෙම රටක එහෙමයි

      Delete
    3. මං හිනා වෙන්නෙ නෑ කියල මාත් කොයිතරම් බැනුම් අහල තියනවද ! X 2 😂

      Delete
    4. ඔය හිනාවීම ගැන කතාවක් මතක් වුණා. රවා බලනවිට ඒ සඳහා වෙහෙසවිය යුතු මුහුණේ මාංශ පේශිවලට වඩා අඩු සංඛ්‍යාවක්ලු හිනා වෙනකොට වෙහෙසෙන්නේ.
      මට නං උපතින්ම ලැබිල තියෙන්නේ හේතුවක් නැතිවත් හිනාවෙන ගතියක්.

      Delete
    5. The best read to understand England and Englishman is “Watching the English” written by Kate Fox, an anthropologist. You can read it here if interested. https://edisciplinas.usp.br/pluginfile.php/4434518/mod_resource/content/1/Watching%20the%20English.pdf

      Delete
    6. පොඩි නෑ. පිටු 157ක්. ඒත් කියවා බලන්න ආසයි. බාගත්තා. ටික ටික තමා කියවන්න වෙන්නේ.
      ගොඩක් ස්තුතියි, දැනුවත් කිරීම වෙනුවෙන්.

      Delete
    7. It’s an easy read. Good thing about it is that you can read bits and pieces of it in a random manner, don’t have to read it from cover to cover. Just read what interests you, may give an insight and meaning to your experiences that you chronicle here.

      Delete
    8. ඔබ හරි. හෙඩින්ග්ස් සබ් හෙඩින්ග්ස් තියෙන නිසා එහෙම කිරීම පහසුයි.

      Delete
    9. මම අදහස් කරේ හිනාවෙන්නෙ නැතිකමම නෙවෙයි, තමන් ඉස්සරහ ඉන්න කෙනා ගැන යම් විදිහක සැකයකින් බලන එක (apprehension).
      ඕස්ට්‍රේලියන් අයට සාපේක්ශව ඒගොල්ලන්ගෙ මිත්‍රශීලී, උනුසුම් ස්වබාවය හා sense of humour අඩුයි කියලා මට හිතෙන්නෙ, නමුත් හැමෝම තමන්ගෙ අත්දැකීම අනුවනෙ එහෙම නිගමන වලට එන්නෙ.

      ඇනෝ දාලා තියෙන ලින්ක් එක හොඳයි මුල හරියෙ කොටස් කීපයක් මමත් කියෙව්වා.

      Delete
    10. තව අයත් ඒ link එකෙන් පල ලබයි කියා හිතෙනව.

      Delete
  9. "එසේ වී තිබියදීත් අප අතර කෙමෙන් වර්ධනය වෙමින් පවතින මේ ‘ළබැඳි හැඟීම’ කුමක්ද?" : අපි හැම දෙනාටම soulmatesලා group එකක්ම ඉන්නවා කියලනෙ කියන්නෙ. ඉතින් ඒගොල්ලො හැමවෙලේම අපේ සහකරුවා හෝ සහකාරිය වෙන්නම අවශ්‍ය නෑ. soulmate එක්කෙනයි ඉන්නෙ කියලා අපේ ඔලුවට දාලා තියෙන නිසාත්, විවාහයෙන් (හෝ සම්මත සම්බන්දතා වලින්) පිට අනිත් අය එක්ක කිට්ටු සම්බන්දකම් ඇති කරගන්න ගියාම එක එක කතන්දර අහන්න වෙන නිසාත්, අපි හුඟ දෙනෙකුට සුන්දර මිත්‍රත්ව අහිමි වෙනවා ඇති.

    ReplyDelete
    Replies
    1. අනිත් අයට නම් කොහොමද මන්දා, මට නම් soul matesලා ගොඩක් හමුවී තියෙනවා, Lotus.
      මටම පුදුමයි, ඒ සමීපවීම් ගැන. ඒවා බොහොම පිවිතුරු- ළබැඳි- අසිරිමත් හිතවත්කම්. සමහර ඒවා හරියට විදුලියක් කෙටුවා වගෙයි,
      බෑ බෑ. දැනට ඊට වඩා කියන්න බෑ! තව කොටසකදී හරි දෙකකදී හරි ලියවෙයි... ඒ ගැනත්.

      Delete
  10. Is Nelia Aunty still in London Nidi? Lol

    ReplyDelete
    Replies
    1. එයා ගැන තව ගොඩක් ලියවෙන්න තියෙන නිසා, ඔයාගේ ප්‍රශ්නයට උත්තර නොදී ඉන්න එකයි හොඳ. ඒකට අමනාප නැහැ නේද?

      Delete
    2. Ah, getting curiouser and curiouser , keep them coming Nidi

      Delete
    3. In case she’s still around and available might help a young man to get a visa to UK lol

      Delete
    4. ඒ කාලෙට වඩා දැන් නීති තදයි- වෙනස්, මා දන්නා තරමින්.
      ආන්ටි නීලියාගෙන් දන් උදව් ගන්න වයසක නෙවෙයිනෙ එයා ඉන්නේ.
      මෙහෙම මංගල්ලයක් ගැන මම ලියූ මරිසි මංගල්ලේ post එක ඔයා කියවල තියෙනවද?
      http://nidigepanchathanthare.blogspot.com/2018/12/blog-post_21.html

      Delete
  11. එංගලන්තයේ තත්ත්වය ගැන ඉතාමත් රසවත් තොරතුරු දැනගන්න පුළුවන් වුණා නමුත් ලංකාවේ තත්ත්වය ගැන විශේෂයෙන් නිමල් ඔබ මේ පහත නිව්ස් එක ගැන හිතන්නේ මොකක් ද මේ ප්‍රවෘත්තිය (සිංහල පරිවර්තනය) පිළිබඳව ඔබ හිතන්නේ කුමක් ද?


    //ශ්‍රී ලංකාවේ හිටපු චීන හිතවාදී ඒකාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නමැත්තා සහ එම බලවත් දේශපාලනික පවුලේ බලය සම්පූර්ණයෙන්ම ඉවත් කර බලයෙන් පහකරමින් වත්මන් බටහිර රාජ්‍ය සහ ඉන්දියාව සමග මිතුරු ප්‍රතිපත්තියක් අනුගමනය කරන ජනපති රනිල් වික්‍රමසිංහ පරිපාලනය ස්ථාපනය කිරීමට "ගෝටා ගෝ" නමින් හැඳින්වූනු මහජන උද්ඝෝෂණ ව්‍යාපාරය 2022 වසරේදී ක්‍රියාත්මක කිරීමට මූලික ස්ථානය වු ලංකාවේ අගනුවර කොළඹ නගරයේ ගෝල්ෆේස් නම් වූ උද්‍යානයේ මින් ඉදිරියට කිසිදු ආකාරයක දේශපාලන රැස්වීම්, සංගීත සංදර්ශන හෝ වෙනත් එවන් කටයුතු සඳහා කිසිම දෙයක් සඳහා ඉදිරියේ දී අවසර නොදීමට ලංකාවේ නව රජය මගින් දැඩි ලෙස තීරණය කර තිබේ.

    ඒ අනුව ගෝල්ෆේස් ගාලු මුවදොර පිටිය ලංකාවේ සාමාන්‍ය මහ ජනතාවට නිදහසේ කාලය ගත කිරීම සඳහා පමණක් භාවිතා කිරීමට වෙන් කිරීමට ජනපති රනිල් වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

    මෙම තීරණය අනුව මෙම අප්‍රේල් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන අතර සුවිශේෂී ආගමික කටයුතු සඳහා පමණක් ජනපතිවරයාගේ විශේෂ අනුමැතිය සහිතව එය ලබාදීමට පමණක් අනුමැතිය ලැබී ඇත.

    කොළඹ මෙම ගාළු මුවදොර පිටිය නම් ස්ථානය වඩා හොඳින් සංවර්ධනය කිරීම ශ්‍රී ලංකා රජයට අයත් වරාය අධිකාරිය භාර ගෙන ඇති අතර CSR සමාජ වගකීම් ව්‍යාපෘතියක් ලෙස එය සිදු කරයි. මෙම ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා රුපියල් මිලියන 220 ක මුදලක් ((එක්සත් ජනපදයේ ඩොලර් මිලියන 0.65 ක් පමණ)) වැය කිරීමට නියමිතව තිබේ. මේ සඳහා යුරෝපීය සංගමය මගින් අවශ්‍ය උපදේශන සහාය සහ මූල්‍ය අනුග්‍රහය ද ලබා දීමට නියමිත බවද මාධ්‍ය වාර්තා වල සඳහන් වේ.///

    ReplyDelete
    Replies
    1. රජයන් තීරණ ගනියි- සමහර ඒවා ක්‍රියාවටත් නඟයි- සමහර තීරණ වෙනස් කිරීමත් කරයි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්