li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, April 27, 2023

තිස් එකේදී... -දහතුන්වෙනි කොටස

“තේරුණා නේද? ගොඩක් පරෙස්සම් වෙන්න වෙයි. ඔයාට ගොඩක් හිතවත් කෙනෙක් විදිහට මීට පස්සේ මෙහෙම කිට්ටුවෙන් ඉන්නවත් බැරි වෙන නිසයි, යන්න කලින් මේක කියල යන්න හිතුණේ... ආයෙමත් අපි මීට් වෙන එකක් නෑ! ඔයා...”

“ඈ? ඇයි ඒ?” අශාන්ට බාධා කරමින් මට කියැවුණේ නිරායාසයෙනි.

ඒකයි දැන් අපි වගේ අය හැංගිමුත්තන් නැතිව අපි මෙහෙමයිකියලා එළිපිටම කියන්නේ.

“ඇයි ඒ කියන්න ඉස්සෙල්ලා මේක කියල ඉන්න ඕනි, නිමල්. මේකයි වැදගත්... දැන් මෙහෙ අපි වගේ හෝමෝලා අතරේ...” අශාන් ‘අපි වගේ හෝමෝලා අතරේ’ කියලා කීවේත් ඉතාම සාමාන්‍ය දෙයක් කියන ස්වරයකිනි. මා ඒ බව විශේෂයෙන් අවධාරණය කළේ අවුරුදු 38කට එහා අතීත කාලයකත් අශාන් වැනි forward; ඍජු උදවිය හිටියේ ගොඩක් අඩුවෙන් හින්දාය. එවිට එංගලන්තය වැනි රටකදී පවා සමකාමීන් යනු විකෘතියක් ලෙසිනි, වැඩි දෙනෙකු හඟිමින් හිඳ තිබුණේ.

(Track එකෙන් පිට පැනලා, මේ පෝස්ටු මාලාවේ 12 වෙනි කොටසට පස්සේ පළ කළ ‘තිස් එකේදී - 12ට comment එකක්...’ පෝස්ටුව ඔබ කියවන්නට ඇතැයි සිතමි. එහි comments ටිකත් කියවන්නට ඉඩක් ඔබට ලැබුණාද? නොලැබුණා නම්; නිදහසක් තිබෙයි නම්; අකැමැත්තකුත් නැති නම් කරුණාකර මෙතැන click කර එහාට ගිහිං එන්න!)

“ඔයා දන්නවද නිමල්, දැන් මෙහෙ අපි වගේ හෝමෝලා අතරේ මොකක්දෝ ලෙඩක් පැතිරෙනවලු... මෙහෙ විතරක් නෙවෙයි. ඇමෙරිකාවෙත්...” අශාන් බැරෑරුම්ව කියයි.
“ඉස්සර වගේ නෙවෙයි, දැන් අපි වගේ අය අපේ අයිඩෙන්ටිටි එක හංගගෙන ඉන්නෙ නැහැනෙ. වෙනස් විදිහට හිතන්න බැරි අපේ රෝයි අයිය වගේ මිනිස්සු, අපේ ඒ forwardකමට තරහයි. ඒ මිනිස්සු කියනවා මේ ලෙඩේ homo කමියුනිටි එක විනාශ කරන්න දෙවියන් වහන්සේ එව්ව දඬුවමක් කියලත්...”

“Homo කොමියුනිටි එක?”
“ඔයා මේවා එච්චර දන්නෙ නැති එක ගැන පුදුම වෙන්න දෙයකුත් නෑ නිමල්. මේ රටවල්වල දැන් අපි වගේ අය organize වෙන්න පටන් අරගෙන තියෙන්නේ. එහෙම එකතු වෙලා, අපේ rights වෙනුවෙන් fight කරන්න පටන් අරගෙන තියෙන්නේ... ඒකයි දැන් අපි වගේ අය හැංගිමුත්තන් නැතිව ‘අපි මෙහෙමයි’ කියලා එළිපිටම කියන්නේ.”

එතකොට මට හිතෙන්නට ඇති දේ, අද භාෂාවෙන් නොලියා එදා බසින්ම අකුරු කළොත් මෙහෙමය. ‘එංගලන්තේ ගල්කාරයන් / කොලුකාරයන් සංවිධානය වෙලා අයිතිවාසිකම් ගැනත් හටන් කරනවා? හැංගි හොරා නැතිව එළිපිටම -අපි මෙහෙමයි කියමින් පෙනී ඉන්නවා!’

මගේ සිතැඟි අශාන්ට පෙනිලා වගෙය. “ඔයාට පුදුමද?”

පුදුමයෙන් ඇරී තිබුණු කට වසාගෙන, මං තවත් හුස්මක් ගන්නා විට අශාන්ම කතාව පටන් ගත්තේය. “ඒ හින්දමයි මට හිතුණේ ඔයාට direct කතා කරන්න. එහෙම හෝමෝ ගැන්සියක අර ලෙඩේ තියෙන එකෙක්ට ඔයාව මීට් වුණොත්...”
කැත හිත! කැත හිත කිව්වේ අශාන්ගේ හිත ගැන නොවේ. මගේ හිත ගැනය. ඒ ප්‍රකාශය මගේ සිත තේරුම් ගත් ආකාරය ගැනය.

කුණු ලෙඩ යැයි ගම්මුන් කීවේ සමාජ රෝගවලටය. එතකොට ඒවාට ඉංගිරිසියෙන් කිව්වේ ‘Venereal Disease’...

“ඔයා හිතන්නෙ අශාන්, තව අයගෙන් මාව පරෙස්සං කර ගන්නද?”

දඟ ගතියෙන් ඒක අහලා ඉවර කරන්නටත් කලින් අශාන් ක්ෂණිකව ක්‍රියාත්මක වුණේය.
ඒ යක්ෂයා මගේ අතකින් අල්ලා, එයාගේ ළඟට ඇදගෙන හොඳටම රිදෙන විදිහට මගේ කට මිරිකුවේය. “Bloody බාස්ටර්ඩ්... උඹ කැමති එකෙක් එක්ක කැමති විදිහකට හැමනියං. I don’t want to stop you... මං උඹේ කවුද යකෝ උඹව නවත්තන්න?” අශාන් එහෙම කිව්වෙත් මගේ කට මිරිකාගත් ගමන්මය; ගිනි පිටවෙන දෙනෙතින් මාව දවා අළු කරලන ගමන්මය.

එතකොටත් මගේ ඇස් දෙකෙන් හෝ ගාලා කඳුළු ගලන්නට පටන් අරගෙනය.

ඒ දැඩි හස්තයේ ග්‍රහණයට කිටි-කිටියේ හිරවී තිබුණු මගේ කටෙන් දැනුණු වේදනාවට වැඩි වේදනාවක් මට දැනුණේ- අශාන්ගේ සැහැසි; දයා විරහිත ස්වරූපය නිසාය.
අත අහකට ගත් අශාන් මොහොතක් මගේ මූණට එබීගෙන හිඳ, මාව ඔහුගේ තුරුල්ලට ඇද ගත්තේය; පපුවට තුරුලු කරගෙන, හිස් මුඳුනට මෘදු චුම්බනයක් පිරිනැමුවේය; කොඳුරන කටහඬින් කියවන්නට පටන් ගත්තේය.

“I can’t protect you. Yes, මට එහෙම කරන්න ඕනෙත් නෑ. ඒත් මම උඹට ආදරෙයි, පරයෝ. ඒ ආදරේ හින්දමයි කියන්නේ- ඔයාට නරකක් වෙනවට මං කැමති නෑ... මේ දවස්වල හෝමෝ කට්ටියට පරෙස්සං වෙන්න වෙලා තියෙන්නේ V.D.වලින්... ස්පෙෂලි හෝමෝ අය අතරේ අලුතින් පැතිරෙන ලෙඩෙන්... උඹ ඕවා දන්නෙ නෑ කොල්ලො.”

‘දන්නේ නැතිව හිටියේ’ අශාන්ය!

අපේ පාරේ තිබුණු නිවසකට ‘වේස ගෙදර’ කියලා කියන්නේ ඇයිදැයි කියලාවත් නොතේරෙන සංදියේදීමය, මං ‘කුණු ලෙඩ’ ගැන මුල් වරට ඇසුවේ.
අන්න වේස ගෙදර අම්මණ්ඩිට පිස්සු හැදිලා... හූ තිය-තියා හෙළුවෙන් ගේ වටේ දුවනවා. අර පොන්නයා ගෑනිව අල්ලලා ගැට ගහන්නේවත් නැහැනේ.... මයියොක්කා ආච්චියෙ.... මේ ටිකේ රංජිලව පියදාස මුදලාලිගේ කඩේටවත් යවන්න එපා.....නුගේගොඩ ඇන්ටි අපේ ආච්චිට කිව්වේ මාත්  එතැන හිටි බවක්වත් ගණනකට නොගෙනය. එතකොට මං දැනගෙන හිටි වේසා ගෙදරක් නැත; තේරුමකුත් නැත.

කුණු ලෙඩ යැයි ඒ සංදියේ ගම්මුන් කීවේ ‘සමාජ රෝග’වලටය. එතකොට ඒවාට ඉංගිරිසියෙන් කිව්වේ ‘Venereal Disease’ කියලාය.
ටික කාලයක් යද්දී ඒ ලෙඩ වර්ග ගණනිනුත් වැඩි වුණේය; ඒවාට ගොදුරු වෙන්නන්ගේ සංඛ්‍යාවත් වැඩි වුණේය. ඒවා හැඳින්වෙන ‘නම’ත් මාරු වුණේය. ‘Sexually Transmitted diseases’- ලිංගාශ්‍රිතව වැලඳෙන රෝග!

අප සිටි ඉරියව්ව, හිටි හැටියේම අශාන්ට පසක් වුණා වෙන්නට ඇති. මාව පසෙකට කළ ඒ හාදයා...

තජකය මඟින් ‘ජනගහන සැලසුම්’ වැඩ සටහන්වලට සම්පත් දායකයෙකු ලෙස සහභාගී වෙන අවදියේ ‘සමාජ රෝග’ ගැනත් දේශන පැවැත්වීමට මේ ලියන්නාට සිදු විණි. ඒ අවදියෙදී ‘ලිංගාශ්‍රිත රෝග පැතිරීමේ වේගය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ පළමුවෙනි ස්ථානය’ දිනාගෙන තිබිණි!        

එසේ දේශන පැවැත්වීමට කලින්, දේශන පවත්වන්නන් ලෙස අපව ඒ සඳහා විශේෂ අධ්‍යාපනික වැඩ සටහන් රැසකටම සහභාගී කරවන ලදී. ‘අපව’ කිව්වේ අනුර ජිනදාස, අසෝක කපුරුගේ හා නිදිය. (අනුරත් දැන් blog රචකයෙකි.) ඒ වැඩ සටහන් කිහිපයක සම්බන්ධීකාරක වශයෙන් මට කොළඹ මහ රෝහලේ සුප්‍රසිද්ධ 33 කාමරයට ගොස් ‘xxxx ප්‍රනාන්දු’ මහත්මා හමුවීමටත් සිද්ද වුණේය.

එලෙස ගිය මුල්ම දිනයේ එක-එක්කෙනාගෙන් ‘33 කාමරයට යන පාර’ අහද්දී රෝහල් සේවකයන්ගෙන් පවා ලද නිගරු බැල්මවල් මට තවම මතකය!

ඉතිං, අශාන් ඒ විෂය / සමාජ රෝග විෂය සම්බන්ධයෙන් මගේ දැනුවත්කම ගැන දැනගෙන හිටියේ නැත. මං ඒ හාදයාට ඒවා ගැන පම්පෝරි කියන්නට ගියෙත් නැත. වැඩියෙන් අහගෙන හිටීමෙන් වැඩියෙන් දැනුවත් වෙන්න ඇහැකියි නෙව. ඉතිං මං කළේ, විමසිලිමත් බැල්මෙන් යුතුව ඒ දෙනෙත දිහා බලාගෙන ඉඳීම විතරය.

අප සිටි ඉරියව්ව, හිටි හැටියේම අශාන්ට පසක් වුණා වෙන්නට ඇති. මාව පසෙකට කළ ඒ හාදයා එහාට-මෙහාට සක්මන් කරන අතරේය, ඊට පස්සේ කතා කළේ.

“දැන් ගොඩක් අය පිස්සුවෙන් ඉන්නේ. මරණ බය නිසා වෙන්නත් පුළුවන්... ඉස්සර කොන්ඩම්ස් පාවිච්චි කරපු සමහර අයත් දැන් ඒවා අතෑරලා. සමහරු එහෙම කරන්නේ තරහෙන්- මරාගෙන මැරෙන්න වගේ... මට බය තමුසෙ ඒ වගේ gang එකකට set වුණොත් නං... ඒකයි මං ඔයාට අනතුරු අඟවලා තියන්න හිතුවේ. Selfishකමකට නෙවෙයි.”

අදටත් මට  දුකය!
ඒ තරම් කෙනෙක්... ආත්මාර්ථකාමීත්වයෙන් තොරව, හුදු සෙනෙහස නිසාම මට ‘අවවාද කරන්නට සිතූ කෙනෙක්’...

අශාන් හැරුණු විට එවන් අයෙකු ලෙස මට හමු වී තිබුණේ දීඝායු පමණකි. ඒ 1968 වසරේදීය. එකල නිදිගේ ජීවිතයට අහම්බෙන් සපැමිණි දීඝායු, ඔහුට නිරපරාදේ ලිංගික අපවාද චෝදනා නැඟෙද්දීත් රණවකගෙන් මා රැක ගන්නට සැදී-පැහැදී කැප වී උන්නේය.

මෙයා මගේ. කවුරුවත් මෙයාට කිට්ටු වෙන්න එපා!

වසර ගණනාවක් පැවතුණු අපේ මිතුරුදම ලිංගික සබඳකමක් නොවිණි; එකම වතාවක් කැලණිවැලි මාර්ගයේ; පුංචි කෝච්චි පෙට්ටියකදී කෙරුණු දිගු French Kiss හුවමාරුවක් හැරුණු විට... (අදටත් මට ඒ සොඳුරු සිප ගැනීමේ අරුත වටහාගත නොහැකිය. ඒත් දීඝායු එසේ කළේ රහසින් නොවේ. එඩිතරව අනෙක් පාසල් සගයන් ඉදිරිපිටදී; ඔවුනටත් කීමෙන් අනතුරුවය... ඒ එඩිතර වීම ගැන ‘දාහතර වෙද්දී... -දහවෙනි කොටස’ ලියද්දී මම සඳහන් කළෙමි.)

‘... එදාත් කැලණිවැලි කෝච්චිය ගියේ ඉබි ගමනිනි. කෝච්චි පෙට්ටියේ හිටියේ අප තුන්-හතර දෙනා විතරය.

ඔන්න නුගේගොඩ පහු විණි. උඩහමුල්ල ආවේය; එතැනින් පිටත් වුණු වහාම වගෙය...

මට නිමල්ව kiss කරන්න තියෙනවා.... මචංලා බලන්නෙපා!
දීඝායු මිතුරන්ට කිව්වේ කිසිම ඇකිළීමක්- පැකිළීමක් නැතිවය.
මට කිසිවක් හිතා ගන්නට ඉඩ ලැබුණේ නැත
; දීඝායු මගෙන් කිසිවක් ඇහුවෙත් නැත. මගේ ඉදිරියෙන් හිටගෙන, මා වෙතට නැඹුරුවී, දෝතින්ම මගේ මුහුණ අල්ලාගෙන, මුහුණට පහත් වුණේය....’

(ඒත්, ඊට පසුව එහෙම දෙයක් කවරදාවත් නොවුණු ගණනටය- දීඝායු මගෙන් ඈත්වී යනතුරු අවුරුදු ගණනාවක්ම හිටියේ; අපමණවත් ‘අවසර කල් රහස් තැන්’ ලැබෙද්දීත්!)

චුට්ටක් ඉන්න.
මෙතෙක් තිබුණු තිමිර දුරු කරන එළියක්....

ඒ වචන ටික කොම්පියුටරයෙන් අකුරු කරන අතරේ- පළමුවෙනි වතාවට මගේ කල්පනාව වෙනත් මානයකට පිවිසුණේය.
එසේ මිතුරන් ඉදිරියේ මා සිප ගැනීමෙන් දීඝායු කළේ ‘මට හණ ගැසීමක් නේද?’;
‘මෙයා මගේ. කවුරුවත් මෙයාට කිට්ටු වෙන්න එපා’ යැයි ඔහුගේ මිතුරු කැළට නොකියා කීමක් නේද? ඔහු එසේ සිතුවේදැයි මම නොදනිමි. නමුදු සිද්ද වුණේ නං ඒ ටිකය. (ඒ කිසි මිතුරෙක් ඉන්පසු මට සමීප නොවූහ; සමීප වෙන්නට උත්සාහයක්වත් නොදැරූහ!) අනේ, මෙතුවක් කල් මට මෙහෙම කල්පනාවක් ආවේ නැති හැටි!

දීඝායු මෙන්ම අශානුත් මගේ ජීවිතයට පිවිසුණේ ‘අවසන් සුසුම් පොද තෙක්ම ඔවුනගේ ආදරණීය මතකයන් මහද ගැබ තුළ රඳවා තබා යන්නට’ය. දීඝායු නම් මුල්ම හමු වීමෙන් පසුවත් වසර කිහිපයක් යනතුරු මට හමු විණි. එහෙත් අශාන් එසේ නොවීය. අපේ හමුවීම් සංඛ්‍යාව දස වතාවකටත් වඩා අඩුය.

එදාත් අශාන් පැමිණ තිබුණේ මට සමු දෙන්නට එක්කය!
“අපි ලබන සතියේ ඕස්ට්‍රේලියාවට යනවා...” ඔහු කිව්වේ සංකාබර හඩකිනි.

අපි යන්නේ tour එකකට නෙවෙයි, කොල්ලො...

“කී දවසකටද අශාන්? ඔයයි කයිසරුයි නේද යන්නෙ...” මගේ කටහඬේ තීව්‍රතාවත් අඩු වෙලා වගෙය, මට දැනෙන්නේ.

“ඕස්ට්‍රේලියාවේම සෙට්ල් down වෙන්නයි අපි යන්නේ... Tour එකකට නෙවෙයි, කොල්ලො!”
“හදිසියේ..”
“ටික දවසකට කලින් apply කරලා තිබ්බේ. Chance එක ලැබුණා...”

අශාන්ට අනුව ඒ අවසර ලැබීම ඔහුට ලැබුණු වරමකි. “It's for good! අපි දෙන්න එහෙම හරි ඈත් වෙන එක හොඳයි. එහාට ගිහිල්ල තමයි මම ඔයාව ආයෙ contact කර ගන්නේ...” අශාන් කිව්වේය. “Be careful. මම කියපු දේවල් මතක තියා ගනිං.”

ඒ හමුවීම  හා වෙන්වීම අදටත් මට අදහාගත නොහැක්කකි; ඒවා ප්‍රබන්ධයක් බඳුය. සිහිනයෙන් ගෑ සුවඳක් සේ එය වරින්- වර මතකයෙන් මතුව එයි; සුවඳ සුඟක් විහිදුවා යළි අතුරුදහන්ව යයි.

එදා Hounslowහි ගෙදරට මා ඇරලවා අශාන් නික්ම ගියේ, මට ටෙලිෆෝන් කරන බව කියමිනි. එවන් ඇමතුමක් ආවාද- නැද්ද කියන්නට අදටත් මම නොදනිමි.
‘හොඳ වැඩේ! දැන් තේරෙනවද හොංකොංවල ජෝලට කොහොමද හිතෙන්න ඇත්තේ කියලා?’ මම මටම වැරැද්ද පවරා ගන්නෙමි. ‘උඹත්
ඔය වගෙමනෙ ඒ හාදයන්ට සැලකුවේ.’

ඊට මාස කිහිපයකට පසු අශාන් පිළිබඳ මතකය සිය-දහස් ගුණයකින් වැඩිවී මතු වුණේය!
එහෙත් ඒ ගැන කියන්නට කලින්, නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය රසික-රසිකාවියනට තව බොහෝ දේ කියන්නට ඉතිරිව තිබේ.

එසේ කියන්නට තිබෙන ආසන්නම තොරතුර (මගේ දිනපොතේ) ලියැවී තිබෙන්නේ 1985 මැයි 28වෙනි අඟහරුවාදාය. ග්‍රාම්‍ය බසකින් ලියැවී තිබෙන ඒ කොටස මෙහෙමය: ‘දැන් මෙහෙ ගෑනියෙක්ව බඳින කෙනෙකුට මෙහෙම ඉඳිතෑකි. පනත සම්මත වුණේ අද.’
ඒකාන්ත වශයෙන්ම ඒ news එක මා අහුලා ගන්නට ඇත්තේ එදා පත්තරයකින් වෙන්නට ඇති.

එංගලන්තයේදී අපේ ගෙදරට ඉංග්‍රීසි පත්තර මිලදී ගෙනාවේ නැතිය! ඒත් හැමදාම වගේ පත්තරයක් දෙකක් ගෙදරටම ආවේය. සමහර දවසකදී එකම පත්තරයෙන් පිටපත් දෙකක් පවා... ඒවා ගෙනාවේ අපේ ඩැඩා හරි අපේ අම්මා හරිය. ඒ දෙන්නාත් ඒවා ගෙනාවේ සල්ලි වියදම් කරලා නෙවේ.

දැන් කොළ එළියක් ලැබී තිබෙයි. (ගිය සතියේ- අම්මා, සමන්ති, දීපාල්, දීපානි- සමන්තිගේ දෙපුතුන් ඩ්රූ හා පවන් සමඟ)

දැන් නං තත්ත්වය කොහොමදැයි කියන්නට මට අවබෝධයක් නැත. ඒ දවස්වල නම් මෙහෙමය.

එංගලන්තයේ බොහොමයක් කට්ටිය පත්තර මිලදී ගන්නේ උඩින්-පල්ලෙන් කියවන්නට වගේය. ඒ කාරිය කෙරෙන්නේත් බස් එකේ හෝ කෝච්චියේ හෝ යන-එන ගමන්මය. කියෙව්වාට පස්සේ ඒ පත්තරය ආසනයක් උඩ එහෙමම තියෙන්නට ඇරලාය, එයාලා යන්නේ.

ඉතිං ‘රංජි පුතාගේ කියවීමේ රුචිය දන්නා අපේ අම්මා’ හෝ ‘නිමොල්ගේ දැනුම් පිපාසාව දන්නා අපේ ඩැඩා’ හෝ අරහෙම පත්තර දැක්කොත් ගෙදර ගෙනෙයි. ඒ මට කියවන්නටය.

අපේ අම්මාත් ඒ පත්තර කියවන්නීය. ඒ news හෝ විශේෂාංග හෝ නොවේ. පලාපල තීරුවය. එච්චරය!

ලංකාවේදීත් ඒවා ගැන උනන්දු නොවුණු මට පිස්සු හැදුණේ, එහේ ලග්නය හිමියන් වෙන්කොට තීරණය කෙරෙන විදිහ දැක්කාමය. යුරෝපාකරයේ කෙනෙකුගේ ලග්නය තෝරන්නේ උපන් නැකත අනුව නොවේ. ඉපදුණු මාසය අනුවය. එක මාසයක් තුළ උපන් හැමෝටම හිමි වෙන්නේ එකම ලග්නයකි. පිස්සු ක්‍රමයක් නේද?

එහෙම කියවෙන පලාපල විස්තර ටක්කෙටම හරි යනවාදැයි දන්නේ අපේ අම්මා වගේ ඇත්තියන්ය.

නෙවිල්ලගේ අම්මාට වගේම දැන් එයාලගේ පුංචි අම්මාටත්, අපේ අම්මාටත් ඩිමෙන්ෂියාවය.
ඒ අතරේම අපේ අම්මාට පිළිකාවකුත්ය. 2022 සැප්තැම්බරයේ හිට අම්මා වැඩි හරියක් ඉන්නේ ඇඳේය. අම්මා නිරෝගීව සිහි කල්පනාවෙන් ඉන්නවා නම්, අර පලාපල විස්තර ගැන තව වගතුගත් මට හාරාවුස්සා අසා ගන්නට chance එකක් ලැබෙයි.
ඒ හෙට උදේ අපේ බඩා මල්ලා; දීපාල් අම්මාව ලංකාවට එක්කගෙන එන නිසාය.

හොඳ කල්පනාව තියෙන වෙලාවලට, අපේ අම්මා කොඳුරන්නේ ‘ලංකාවට තව සැරයක් ගිහිං එන්න ආසයි.’ කියලාලු. මෙතුවක්  දවස් ඒ ආසාව ඉටු නොකෙරුණේ වෛද්‍ය අනුමැතිය නොලැබුණු නිසාය. දැන් ඔවුන්ගෙන් කොළ එළියක් ලැබී තිබෙයි. ඔය විස්තර කිව්වේ, නයෙක් එළවන්නට හිතාගෙන නෙවේ.
පළමුව, සංසාරයේ හැටි කියන්නටය.
දෙවනුව, මේ blog අඩවියේ posts පළ වීම තරමක් හෝ පමා වෙන්නටත් ඉඩ තිබෙන බව කියා- ඒ වෙනුවෙන් මගේ කනගාටුව ප්‍රකාශ කරන්නටය.

ඔව්... Blog ලිපි ලිවීමට මුල් තැන දීම ටික දවසකට පැත්තකින් තියන්නෙමි; (එහෙත් ලැබෙන සියලු විවේකයන්හිදී ඔබ වෙනුවෙන් මෙසේ ලියන්නෙමි.)

මානෙල් නංගී අම්මාවත් එයාලගේ ගෙදරම නවත්වාගෙන සියලු වතාවත් කරන්නට සූදානම්ව සිටියි. මට කරන්නට හැක්කේ එහි රැඳී අම්මාත් එක්ක සතුටු සාමීචියෙන් කල් ගෙවීම විතරකි. අපට මේ තරම් දේ ලබා දුන් අම්මා මියගිය පසු නොවේ, ජීවත්ව හිඳිද්දීම එයාව සතුටින් තෘප්තිමත්ව තියන එක වඩා වැදගත් කියලාය, අප හිතන්නේ... 

à ඊළඟ කොටසට...

36 comments:

  1. අම්මව බලාගන්න ගමං හැකි වෙලාවක මේ පැත්තෙ ඇවිත් යන්න.
    අම්මට නිරෝගී සුව පතනව.

    ReplyDelete
    Replies
    1. මටත් කියන්න තියෙන්නේ නයා කියපු දේම තමයි ලොකා

      Delete
    2. ස්තුතියි ප්‍රසන්න, උදාර දෙන්නටම.
      ඊයේ හවස මම එක දිගටම පැය තුනකට වඩා වැඩි කාලයක් fed up නොවී, නිදා නොවැටී, හොඳ කල්පනාවෙන් යුතුව අපිත් එක්ක කතා කරමින් හිටියා.
      දීපාල් කිව්වේ එංගලන්තයේදී අම්මා එහෙම හිටියේ පැය බාගයක් විතර වෙලාවක් කියලයි.

      Delete
  2. අම්මකෙට්ටුවෙලා නේ.
    ඔව් ඇය ඉන්න කාලේ හොඳින් බලාගන්න එක තමා වඩාත් නිවැරදි දේ. ඇයට යහපත... ප්‍රාර්ථනා කරනව 🙏!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අම්මා හොඳටම කෙට්ටු වෙලානේ නමී. foto එකෙන් ඒක පෙනුණේ නැහැ මට නං. දැක්කමයි තේරුණේ.

      Delete
  3. Replies
    1. +++++++++++++++++ ස්තුතියි බස්සෝ +++++++++++++++++

      Delete
  4. ඔන්න ඔහෙ එක්කො කියලම දානවා.🤔
    මේ කතාවෙ නියම වීරයා "ආර්.වී. ලීලාවතී" කියල හිතෙන්නෙ මට විතරමද? උන්දෑ දීලා ඇදලා එසේ මෙසේ ගේමක් නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඇත්තයි බකුසුතුමෝ.

      අපේ තාත්තා කියපු විදිහට නං 'බදුල්ලට ඉස්සෙල්ලම රේල්ලුව එන දවසේ අශ්වයන්ට තණකොළ කපාගෙන ගිය 'රහුබැද්දේ විදානේලාගේ කිරිවන්තේ' උන්දෑගේ ලොකු දුව-
      තේ වත්තෙන් දර ගෙනෙන එන වැඩේ මඟ හරින්නට ඉංග්‍රීසි පත්තර කෑල්ලක් දිහා බලාගෙන ; දන්නා එකම ඉංග්‍රීසි වචනය yes, yes කියන්නට තරම් කට්ට වුණු ඉස්කෝලේ යන ළමිස්සිය-
      කණුපැලැල්ල මයිලගස්තැන්නෙන් දික්කලිසම්කාරයෙක්ව කසාද බැඳගත් පළමුවැන්නිය- (එහෙම කළ දෙවන්නියගේත් අක්කණ්ඩිය)
      තමන්ගේ ලොකු දුවගේ 'කසාදිය' දවසේ මඟුල් මේසයේ තිබුණු චීස් 'අත හෝදන සබන්'ය කියා හිතූ 'ගමේ වින්නඹුව; ගෙඩි වෙද හාමිනේගේ' ලොකු දුව-
      1954 හිට 1975 දක්වා දරුවන් දස දෙනෙකු වැදීමේ යන්තරයක්වූ මව-
      බදුල්ලෙන් කොළඹටත්- එතනින් එංගලන්තයටත්- ඊට පස්සේ රට රටවල් හත අටකටමත් ගිය 'ආර්.වී. ලීලාවතී' වීරවරියක් නේන්නං, බස්සා මහත්තයෝ!

      ඊයේ රෑ ඕවයින් ටිකක් මතක් කරමින් අම්ම එක්ක කතා කරමින් හිටිද්දී, අම්ම කිව්වෙත් 'මෙයා තමයි ඕවා ඔක්කොම මතක තියාගෙන ඉන්න කෙනා' කියලයි.

      Delete
    2. ගොඩක් ස්තුතියි ලක්මාල් මහත්තයෝ!

      Delete
  5. අපට මේ තරම් දේ ලබා දුන් අම්මා මියගිය පසු නොවේ, ජීවත්ව හිඳිද්දීම එයාව සතුටින් තෘප්තිමත්ව තියන එක වඩා වැදගත් කියලාය, අප හිතන්නේ... //
    Respect....

    ReplyDelete
  6. අම්මත් එක්ක නිමල්ගෙ පවුලෙ කට්ටිය ඉන්න ෆොටෝ එක ලස්සනයි.

    "අම්මා මියගිය පසු නොවේ, ජීවත්ව හිඳිද්දීම එයාව සතුටින් තෘප්තිමත්ව තියන එක වඩා වැදගත්" .. ගොඩක් අය මේ කාරනේ හොඳට තේරුම් අරන් වැඩ කරනවා නේද. යාලුවන් හා colleaguesලගෙ මම දකින තව හොඳ දෙයක් තමයි පොඩි පොඩි ප්‍රශ්ණ තිබුනත් mother-in-lawට ඉතා ආදරෙන් සලකන එක.

    උඩ කමෙන්ට්ස් වලත් කියලා තියෙනවා වගේ මමත් හිතන්නෙ නිමල් මේ පෝස්ට්ස් මාලාව මේ කාලෙම ලියන්න ගත්තෙ අම්මට ගෞරවයක් විදිහටත් කියලා. Not just a coincidence නේද.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus.
      1. ඒ foto එක ලස්සන වෙලා තියෙන්නේ ලොකු පුතා ඒකේ නැති නිසා!
      2. හැබෑටම ඔයාට හයවෙනි ඉන්ද්රියයකුත් තියෙනවාද? එහෙම ඇහුවේ නැන්දම්මට සැලකීම ගැනත් ලියා තියෙන නිසා. අපේ මානෙල් නංගිලගෙ ගෙදර දැන් බලාගන්නට වෙලා තියෙන අය දෙන්නයි. මානෙල් විවාහවී ඉන්න පවුලේ ඉන්නේ පිරිමි සහෝදරයන්ම 4 දෙනෙක්. අනෙක් ලේලිලා ඇඳටම වැටී හිටින නැන්දම්මගේ වගකීම් ගන්න බැහැයි කියන නිසා, කාලයක සිටම එයාව බලා ගන්නෙත් අපේ නංගිලා. මානෙලුත් හදවත් රෝගියෙක් නිසා- අපේ අම්මා ලංකාවේ ඉන්න තුරු නැන්දම්මාව බලා ගන්නැයි මස්සිනාලගෙන් ඉල්ලුවාම ලොකු අයියා හා බිරිය පොලිසියටත් ගිහිං කියල ඒක කරන්න බැරි බව. එක සහෝදරයෙක් විතරයි තරමක හෝ නැමියාවක් පෙන්වල තියෙන්නේ. එයාගේ බිරියත් විරුද්ධ නිසා වැඩේ අත හැරිලා. (post එකකට තරං දේවල් එකතු වුණා ඒ වැඩෙන්.)
      3. මේ කාරනේදී නං නං ඒක එහෙම පිට්න්ම අහඹුවක්.

      Delete
  7. පලවෙනි ෆොටෝ එක -ඒකෙ තියෙන ජීවී අජීවි ඔක්කොම කොටස් එකතුවෙන් හොඳ පණිවිඩයක් දෙනවා නේද.

    "එක මාසයක් තුළ උපන් හැමෝටම හිමි වෙන්නේ එකම ලග්නයකි. පිස්සු ක්‍රමයක් නේද?" Short cuts...?? අනුර ජිනදාස මහත්තයා මේ පෝස්ට්ස් බලන නිසා explanation එකක් දෙයි සමහරවිට.

    "වැඩියෙන් අහගෙන හිටීමෙන් වැඩියෙන් දැනුවත් වෙන්න ඇහැකියි නෙව" මමත් මේක කරන්න නිතරම උත්සාහ කරන කෙනෙක්.

    ReplyDelete
    Replies
    1. 1. මට කෙරුණු පැසසුමක් විදිහට බාර ගන්නම්!
      2. අනුරට මතක් කරන්නයි වෙන්නේ. ඒ යෝදයා ලියපු post එකට comment කළ අයටවත් එයා තවම උත්තර දීල නැහැනේ.
      3. ඉතා හොඳ ප්‍රතිඵල ලැබෙනවා නේද Lotus?

      Delete
    2. ඔය රටවල ඉන්න අය ඔය කියන ලග්න කථාව වැරදිම නැහැ.
      ඒ අය කියන්නේ සූර්යා ඉන්න රාශිය ලග්නය කියලයි.
      හැබැයි ඒකත් අපේ එකට වඩා වෙනස්.
      අපිට හිරු මේෂයට යන්නේ අප්‍රේල් 13 ,14 විතර වුණාට එයාලට මාර්තු 21. මොකද අපේ රාශි චක්‍රයයි එයාලගෙ රාශි චක්‍රයයි වෙනස්. ජ්‍යෝතිශයේ සායන නිරයන භේදය කියන්නෙ ඒකයි.
      අපේ පැරණි කේන්ද්‍රවල සූර්ය කේන්ද්‍රය කියා එකක් ඇඳ තිබුණා.ඒ සමගම චන්ද්‍ර කේන්ද්‍රයකුත් ඇඳ තිබුණා.පරාශර ඍෂිතුමා කියා තිබෙන්නේ මේ කේන්ද්‍ර තුනම ඒක කේන්ද්‍රීයව ඇඳ ඇති සටහනක් උපයෝගී කරගෙන පලාඵල කිවයුතු බවයි. ලග්නය අභිප්‍රාය පෙන්වනවා.රවි එයට යෙදෙන ක්‍රියාකාරීත්වය පෙන්වනවා.සඳු ඒ සඳහා මානසික යොමුව හදනවා. යම් දෙයක් වීමට ඒ තුනම අවශ්‍යයි.

      Delete
    3. ස්තුතියි අනුර මහත්තයෝ!

      Delete
  8. නිදි මටත් ඔය මෙහෙ පලාපල කියන විධිහා තේරෙන්නේ නැති මගුලක්. මම බලන නිසා නෙමේ. අපේ ගෙදර කිසි කෙනෙක් බලන්නේ නැහැ. හැබැයි ඔය ප්‍රශ්නේ කාලෙකට කලින් අර මළවුන් සමග කතා කරන පරීක්ෂණ කරන කාලේ ඒ මිඩියම් කෙනෙක් මට මේ සුසාන් ගැන කීව. එයාලා කීව විශ්හට මෙයා "මාර හොඳයි. හෝ හරි " මටනම් ඉතින් වැල් වටාරම් වගේ. https://www.astrologyzone.com/

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ. Link එකට ස්තුතියි.
      මං හිතුවේ ඔයා මේ කාරණේ ගැන හොඳට දන්නවා ඇති කියලයි. කොහොමද ඔහොම වෙන්නේ කියල හොයන්න වටිනවා නේද?

      Delete
    2. ටිකක් චීන ක්‍රමයට සමානයි නේද. හැබැයි ඒකම නෙමේ.
      https://www.chinahighlights.com/travelguide/chinese-zodiac/chinese-vs-western-astrology.htm#google_vignette

      Delete
    3. අජිත් ඔබගේ අදහස් පරස්පර විරෝධී නේද? ඔබ කියන දේ හරිම විකාරයි.

      දැන් ඔබ කියනවා යම් යම් තෝරාගත් පක්ෂ කීපයක් සඳහා ඔබේ බ්ලොග් අඩවිය තුල ඉඩ දෙනවා කියලා එතකොට ඔබ සිරස මාධ්‍ය ජාලය සිරස ටීවී ශක්ති ටීවී එම්ටීවී සිරස එෆ් එම් ශක්ති එෆ් එම් ආදී මාධ්‍ය ගණනාවක් එතකොට සීයත මාධ්‍ය ජාලය හරහා නාලිකා ගණනක් තව ස්වර්ණවාහිනී ඊඒපී මාධ්‍ය ජාලය ලයිකා ජාත්‍යන්තර මාධ්‍ය ජාලය ඇතුලු විශාල වශයෙන් මාධ්‍ය ආවරණයක් ලැබෙන සමගි ජන බලවේගයට මේ බ්ලොග් එකේ ඉඩ තියෙනවා කියලා කියන්නේ නමුත් එවැනි කිසිම බලයක් නැති බූරුවංස මංගොන්පිලයා වගේ උන්ගේ පක්ෂ වලට (ඒවායේ නම් මතක නැහැ) සහ සිරිසේනගේ නිදහස් පක්ෂයේ/සංධානය වෙනුවෙන් වෙනුවෙන් මේකේ ඉඩක් නැති එක පුදුමයක්

      ඒ වගේම රුපියල් බිලියන ගණනක් වත්කම් ඇති වී එෆ් එම් වැනි නාලිකා වගේම සමාජ ජාල වල Sponsored ගිණුම් රාශියක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජන බලවේගයට ඉඩ තියෙනවා නමුත් එබඳු කිසිම බලයක් නැති 43 සේනාංකය සහ පැතුම් කර්නර් අප මිතුරු සහෘදයාගේ ජාතික හරිත පෙරමුණට හෝ මංජු නිශ්ශංක වගේ අයගේ පක්ෂ ගැන කිසිම කතාවක් නෑ? ඇයි ඒ? ඒ වගේ කුඩා පක්ෂ ගණනාවක් තියෙනවා ඒවාට කැපිල්ල දාන්නේ ඇයි? ඔබට තියෙන ලොකුම චෝදනාවක් වන රනිල්ට කඩේ යන අයට පමණක් ඉඩ දෙන බවට වන චෝදනාවන් තවත් තහවුරු වෙනවා මේකෙන් එහෙම නේද?

      දීප්තිගේ සමබිම සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අයට ඉඩ ලබා දීම ගැන මටත් සතුටුයි මගේ ප්‍රණාමය පුද කරමි ඒ ගැන නමුත් කෝටි ගණන් වටින බස්රථ බෙද බෙදා යන දැවැන්ත මාධ්‍ය ආවරණයක් ඇති සජබයත් ඒ වගේම බැසිලා විසින් යටින් මෙහෙයවන බවට චෝදනා එල්ල වී ඇති රනිල්ට යටින් සපෝට් බවටත් චෝදනා එල්ල වී ඇති එමෙන්ම විශාල වශයෙන් මුදල් ඇති ප්‍රචාරක වැඩ වෙනුවෙන් විශාල වශයෙන් වියදම් කරන දැවැන්ත කටවුට් ගහන පිටරටවල ටුවර් ගිහින් විශාල වශයෙන් මුදල් එකතු කරගෙන එන ජාතික ජන බලවේගයටත් ඉහත කී සජබයටත් ඉඩ ලබාදීම මටනම් කිසිම ලොජික් එකක් නැතුව කරන බවයි පේන්නේ අර චෝදනා වලට උඩගෙඩි දෙන බව පැහැදිලි කිරීමක් පමණයි මේ කමෙන්ට් එක

      Delete
  9. අම්මාට සැඳෑ සාමය සුවයෙන් ගත කිරීමට ලැබේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි, අජිත්!
      ඊයේ පැය බාගයක් විතර ඇතුළත අම්මා මගෙන් දහ වතාවකට වඩා ඇහුවා 'මම ලංකාවට ගිහිං ආවා නේද?' කියලා. ඒ තරමට අලුත් සිදුවීම් අම්මාට අමතකයි.

      Delete
    2. අපේ අම්මාටත් දැන් නැහැ ගොඩක් දේවල් මතක නැහැ

      Delete
    3. අනේ!
      අජිත් මහත්තයෝ, අපේ අම්මාව බලන්නට එන හිතවතුන්ගෙන් ආරංචි වෙන විදිහට දැන් ලංකාවේ ඩිමෙන්ෂියා රෝගීන් ඉතා ඉක්මනින් ඉහළ යමින් තියෙන පාටයි.

      Delete
    4. අජිත් වයසක අය විතරද තරුණ පරපුර කන කට්ට? ලංකාව පහුගිය කාලේ අරගලය සමග දැඩි පිළිකුල් සහගතව රට ගැන සිතූ නිසාම රටේම තරුණ පරපුර ඇතුලු බහුතරයක් ශ්‍රම බලකායට රටම එපාවී රටින්ම පිට යාමට පොරකෑම සමග මහා බ්‍රිතාන්‍යය/ එක්සත් රාජධාණියට උසස් අධ්‍යාපනය සඳහා පැමිණි සිසුන් ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව මේ වන විට ඉන්නේ සෑහෙන ඉහළින්. පසුගිය 2022 සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුළ UK වලට මූලික උපාධිය සඳහා ඉන්ටනැෂනල් ස්ටුඩන්ට්ස්ලා 593,000 ක් ඇවිත් තිබෙනවා.

      මෙහිදී නයිජීරියාව, චීනය, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය තමයි ඉහළින්ම ඉන්නේ. ඒ රටවල ජනගහණයට සාපේක්ෂව ඒක සාමාන්‍යයක්.

      නමුත් Uksisa blog අඩවියට අනුව එකී කාලපරිච්ඡේදය තුළ පමණක් ලංකාවෙන් 8,900 ක් පමණ ඇවිත් තිබෙනවා. එය ලංකාවේ ජනගහණයට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රමාණයක්. එතෙක් මෙතෙක් යූකේ වලට ලංකාවෙන් ආපු ඉහළම ගණනයි මේ වාර්තාගත ලෙස වැඩි වූ පිරිස...

      මීට අමතරව ඒ වගේම සැලකිය යුතු විශාල පිරිසක්ද වසරක හෝ දෙකක පශ්චාත් උපාධියක් හැදැරීමට මෙලෙස පැමිණි අය සිටින අතර ඒ අය අතරින් වැඩිම ඩිපෙන්ඩස්ලා (උපාධි අපේක්ෂකයා සමග එන්නන්) ප්‍රමාණයක් UK වෙත රැගෙනවිත් ඇති රටවල් පහ අතරට ශ්‍රී ලංකාව අයත්. බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව නයිජීරියාව, ඉදියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව පිළිවෙළින් එහි සිටිනවා.

      පේන විදියට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපන සුදුසුකමක් සපුරා ගැනීමේ එකම අරමුණෙන් මේ අවස්ථාවේ විදෙස් රටකට යනවා යැයි හිතන්න අමාරුයි. රටේ පවතින අර්බුදයෙන් බේරී සිටීමට හෝ ඉන් ගොඩ ඒමට ඇති ඕනකම එහි ඇති බව තේරුම් ගන්න පුළුවන් දෙයක්. අවස්ථානුකූලව Survive වෙන්න කරන දෙයක්. (The continuation of life or existence) ඒ නිසයි ටිකක් වැඩි වයසට පත්ව සිටියත් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට දරු පවුල සමගම රටකට යන්නේ. මෙතෙක් කල් උපයා ගත් දේ වගේම, දෙමාපියන් සතු දේත් කැපකරමින් මේ ගමන එනවා.

      මමත් පුද්ගලිකවම දන්නා පරිදි ලංකාවේ පෞද්ගලික බැංකු ඇතුළු ඇතැම් පුද්ගලික ආයතන පවා සිය මාණ්ඩලික නිලධාරීන් විශාල ප්‍රමාණයකට විදෙස් රටකට ගොස් ඉගෙන එන්න අවස්ථාව ලබා දුන්නා. ඒ පවතින ආර්ථික අර්බුදයෙන් තම ආයතනවල නඩත්තු වියදම් අඩුකර අර්බුදයෙන් ගැළවීමේ උපක්‍රමයක් හැටියටයි.

      මෙහිදී සිදුවන්නේ brain drain බුද්ධි ගලනයක්ද කියලා හරියටම කියන්නත් බැහැ. පෞද්ගලිකව තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සිදුවන දෙයක්. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් බිස්නස් මැනේජ්මන්ට්, ඉන්ටර්නැෂනල් බිස්නස් වගේ පශ්චාත් උපාධියක් හදාරන්න එන්නේ. මොරටුව විශ්ව විද්‍යාලයෙන් උපාධි ගත් අයත් නීතිය වැනි මූලික උපාධිය ඇති අයත් එවැනි පාඨමාලා හැදෑරීමට ඒමෙන් මේක තේරුම් ගන්න පුළුවන්. කෙසේ වෙතත් උපාධිය සම්පූර්ණ කරගත්තත් එකී ක්ෂේත්‍රයෙන් UK වැනි රටක රැකියාවක් ලබා ගැනීමත් පහසු නැහැ. ලංකාවේ වෛද්‍ය, ඉංජිනේරු වැනි ක්ෂේත්‍රවල පිරිස්වලට හිමිවන සුවිශේෂී අවස්ථා යූකේවලදී ඒවාට හිමිවන්නේ ඉතාමත්ම අඩුවෙන්. ඒ නිසා Under Skill යටතට වැටෙන සුළු සුළු රැකියාවල නිරත වීමට බොහෝ දෙනෙකුට සිදුවනවා.

      Cont'd

      Delete
    5. මෙලෙස ලංකාවේ සිදුවන විදෙස්ගතවීම්වලින් බුද්ධි ගලනයක් කෙසේවෙතත් අතිවිශාල ලෙස විදෙස් විනිමය ගලනයක් නම් සිදුවෙනවා. පහුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසය වන විට 8,900 ක් ඇවිත් තිබුණත් 2023 ජනවාරි සහ පෙබරවාරි Intake එක සමග ශ්‍රී ලාංකිකයන් තවත් අති විශාල පිරිසක් UK වෙත පැමිණ ඇති බව අනුමාන කරන්න පුළුවන්.

      සරල උදාහරණයකට IMF එකෙන් ලංකාවට හිමිවෙන්න යන ණය මුදල ඩොලර් බිලියන 2.9 ක්. ඩොලරය රුපියල් 300 ක් ලෙස සෑකුවොත් එය රුපියල් කෝටි 8,700 ක්. පෙරකී පරිදි ලංකාවෙන් සිසුන් 8,900 ක් සිය දරු පවුල් සමග UK වෙත පැමිණ තිබේ නම් එක් අයෙකු අඩුම රුපියල් කෝටියක වියදමක් දරා ඇත්නම් එහි වටිනාකම රුපියල් කෝටි 8,900 ක්.!!!!

      ඊට අමතරව මේ කාලය තුළ කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ෆින්ලන්තය සහ වෙනත් යුරෝපීය රටවලටත් ශ්‍රී ලාංකික සිසුන් අතිවිශාල පිරිසක් ගොස් සිටිනවා.

      මෙතරම් ආර්ථික අර්බුදයක් පවතිද්දී මේ අන්දමින් රටට අහිමිව ඇත්තේ විශාල ධනස්කන්ධයක්. මෙලෙස එන අය පසුව හම්බු කරන එකත් රටට එවීමට වඩා වැය කරන්නේ මේ රටවල දිවි ගැටගහ ගැනීමටයි. ගෙවල් වල අයගෙන් තවත් මුදල් ඉල්ලා සිටින බව ද පේනවා.

      නමුදු ලංකාවේ සිදුවිය යුතුව තිබුණේ මෙය නොවේ. වැඩ ලෝකයට අවශ්‍ය ගුණාත්මක උපාධි පාඨමාලා සඳහා අවස්ථා වැඩිකර දී ඉන් බිහිකරන්නන් ස්කිල් වීසා යටතේ රටවලට පිටත් කර හැරීමයි. විදෙස් රටවලට ඇදී යන මේ මුදල්වලින්ම මේ සඳහා විශ්ව විද්‍යාල ඇරඹීමේ හැකියාවක් තිබෙනවා. එය රාජ්‍යයද පෞද්ගලිකද යන්න වෙනම විසඳාගත යුත්තක්.

      බොහො සංවර්ධිත රටවල හෙද, මිඩ් වයිෆ්, ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම සූපවේදය වැනි ක්ෂේත්‍රවලත් ඕනෑතරම් රැකියා අවස්ථා තිබෙනවා. වෛද්‍ය ඉංජිනේරු වැනි පාඨමාලා වෙනුවෙන් වැය වන මුදලට වඩා අඩුවෙන් එවැනි උපාධි ලබා දීමේ හැකියාවක්ද ලංකාවේ තිබෙනවා.

      ප්‍රශ්නය නම් මේ අර්බුදකාරී අවස්ථාවේ පවා ලංකාවේ සියලුම දේශපාලන පක්‍ෂ වල දේශපාලකයන් මේ ප්‍රශ්න කිසිසේත්ම නොතේරුම් ගැනීමයි. ජවිපෙ, පෙරටුගාමී වැනි පක්ෂ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම වැනි කරුණු සම්බන්ධයෙන් දැඩ් පිළිවෙතක සිටියද රටෙන් පිටවෙමින් තිබෙන විශාල විදෙස් විනිමය ගැන මේ වෙලාවේ ඇසුවාම උත්තර නැතුව නොඇසූ කන්ව ගොළු පිළිවෙත් අනුගමනය කරනබව පෙනෙනවා.

      ඔය විදෙස් රටවල් තමන්ට අවශ්‍ය ශ්‍රම බලකාය වෙනුවෙන් ස්වදේශිකයන්ට ඉගැන්වූවද විදෙස් සිසුන්ට ඉගැන්වීම යනු ඔවුන්ට හුදෙක් මුදල් හම්බ කරන්න කරන බිස්නස් එකක් පමණයි. රට වැටෙන විට විදෙස් සිසුන් ගෙන්වා ගෙන එකී රටවල් ගොඩයද්දි අපේ රටේ අපි වැටිලා ඉද්දි තියෙන විදෙස් විනිමය ටිකත් පිටට දීමක් මේ කරන්නේ.

      ලංකාවට ඉතා අඩු වියදමකින් මැදපෙරදිග සහ දකුණු කොරියාව ඇතුලු ලෝකෙටම වටින කුසලතා සහිත ශ්‍රමිකයන්ව බිහිකර විදෙස්ගත කර රටට ආදායම් උපයා ගතහැකිව තිබියදී මේ සිදුවන දෙය අඛණ්ඩව සිදුවන්නේ නම් අනාගතය තවත් අර්බුදකාරීවීම නොඅනුමානයි, මේ ගැන කතා කරන්න අදහසක් නැද්ද?

      Delete
  10. ආදරණීය නිමල් අය්ය්ස්ට , ඔයාගේ ආදරණීය අම්මා ඇතුලු පවුලක හැමෝටම තෙරුවන් සරනයි .

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්