li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, May 12, 2023

තිස් එකේදී... -දහසයවෙනි කොටස

ඒයි ඒයි, සිංහලෙන් කතාව නවත්තපං බං. අර ඉස්සරහින් එන මිනිහා ලංකාවේ මිනිහෙක්; සෙවලයෙක්.කර වටේ දමාගෙන හිටි මෆ්ලරයෙන් මුහුණේ බාගයක් වහගන්න ගමනුයි, එයා කිව්වේ. අපිත් ලංකාවෙන් කියල දැනගත්තොත් මළ කරදරේ බං.එයාගේ කතාවෙන් වුණේ මිතුරිය එහෙම පිටින්ම නිශ්ශබ්ද වෙච්චි එක.

එහෙමයි, මට තව පැරණි රසාංග ටිකක් අහගන්න තිබ්බ chance එක එදා නැති වුණේ.

බැරි වෙලාවත්- අනේ, ලංකාවේම අය නේද කියලා, මමත් එයාලට කතා කළා නං...
තවමත් මට කල්පනා වෙන්නේ මාත් සෙවලයෙක් වෙන හැටි!

නහුතයකටත් වැඩියෙන් වෙනස්කම්...(එකම දෙපාර්තමේන්තුවක නිල ඇඳුම්වල පාටේ පවා!)

ඒ වගේමයි. එයා මාව ලංකාවේ කෙනෙක්ය කියලා අඳුනගත්තේ නැත්තේ ඇයි? ඒ තරමටම ශ්‍රී ලංකාවේ උදවිය පෙනුමෙන් එකිනෙකාට වෙනස්ද?

ගතිගුණ අතින් නම් ‘නහුතයකටත් වැඩියෙන් වෙනස්කම්’ අපේ අය අතර තිබෙයි! ඒවායින් වැඩි හරියක් නං අජාසත්තය!!

Sofa කවර මහන job එක කෙරෙන දවස්වල රාත්තිරියක call එකක් දුන්නේ විල්මන් ජයසිංහ මහත්තයායි. මතකයිනෙ, අපිත් එක්ක එකම ගුවන් යානයේ එංගලන්තයට ගිය ගුවන් විදුලියෙ එක්කෙනා.
“නිමල්, මගෙ යාළුවා මාව ලන්ඩන්වලට එක්කරගෙන එනවා... ලබන Monday. මං යාළුවට කිව්වා ඔයාලගේ ගෙදරටත් ගිහිං එමු කියලා. අම්මගෙනුයි,
ඩැඩාගෙනුයි අහන්න අපි ආවට කමක් නැද්ද කියලා.”
ටෙලිෆෝනය අතින් වසාගෙන, අම්මාටත් ඩැඩාටත් ඇසෙන සේ මම ප්‍රශ්නය ප්‍රතිවාදනය කළෙමි.

“ඕක අහන්නත් දෙයක්ද දෙයියනේ? එන්නයි කියන්න රංජි.” කුස්සියේ සිටි අම්මා දෙවරක් හිතන්නටවත් වෙලාවක් නොගෙනය, කිව්වේ.

ඊළඟට මං හැරුණේ ඩැඩා දිහාවටයි.
“Don’t look at me! දැනටමත්
ගෙදර ප්‍රධානියා කැමැත්ත දීල ඉවරයිනේ. I don’t have a place.” ඩැඩා උරහිස් දෙක හකුළුවමින්; දෑත් දෙපසට විදහා පෙන්නමින් රැඟුවේය. ‘ලීලාගේ කතා ලීලාවෙන්ම’ එයා උත්තරය තේරුම් අරගෙනය.
ඒකෙන්වත් අපේ අම්මාට ‘ඩැඩාගේ ඉඟිය’ තේරුණේ නැත. “රංජි, එයාට කියන්න ලංකාවේ විදිහට කෑම ටිකකුත් කාලම යන්න බලාගෙන lunch එකට එන්නයි කියලා.”

හැම පිරිමියාම අපේක්ෂා කරන්නේ යටහත්, සුවිනීත, කීකරු සහකාරියක ලැබීමට නේද?

එදා රෑ හවුන්ස්ලෝහි Brookwood පාරේ, අංක  91- ශ්‍රොඩර් නිවසේ වාතාවරණය හොඳටම උණුසුම් වුණේ ඒ සිදුවීම නිමිතිකොට ගෙනය.

“ලීලා, උඹ අනෙක් මිනිස්සුන්ට respect කරන්න දන්නෙ නෑ. Sorry, දන්නෙ නෑ නෙවෙයි, කරන්නෙ නෑ... සමහර වෙලාවට උඹ මට වුණත් රෙස්පෙක්ට් කරන්නෙ නෑ.” ඩැඩා යෝජිත පිල වෙනුවෙන් පළමුවෙන් අදහස් පළ කළේය.
“ආාාාා ඇත්තද? මං උඹට රෙස්පෙක්ට් ක..ර..න්..නෙ..ම නැද්ද සැසිල්?” ප්‍රතියෝජක පිල වෙනුවෙන් අපේ අම්මා විමසා සිටියාය.

යෝජක- ප්‍රතියෝජක දෙපිලටම සිටියේ එක්කෙනා බැගිනි. සාලයේ සෙටියකට බර දීගෙන හිටි මට නැඟිට ගන්නට විදිහක් නැත. විවාදය පටන් ගනිද්දීම අනිල් නැඟිට්ටේය. ‘මම wash එකක් දාගෙන එන්නං ලොකා’යි කියාගෙන උඩ තට්ටුවට ගියේය.

ඒ ප්‍රධාන නාන කාමරයටය. (ඒ තට්ටු නිවාස ඒකකයකට Bathrooms දෙකකි තිබ්බේ. ප්‍රධාන; ලොකු බාත්රූම් එක උඩ තට්ටුවේය. කුඩා වැසිකිළිය යට තට්ටුවේය.)

“ලී..ලා, ලීලා. You do that... උඹ මට ගො..ඩා..ක් රෙස්පෙක්ට් කරනවා නේන්නං, එහෙම කෙරිල්ලෙන් උඹට වාසියක් වෙන වෙලාවට. නැත්තං මට කියලා උඹේ වැඩක් කරවගන්න තියෙන වෙලාවට.” ඩැඩාගේ tone එක එතරම් ප්‍රහාරාත්මක එකක් නොවේ. එහෙම වෙලාවට එයා කතා කරන්නෙත් ප්‍රතිවාදියා දිහාව කෙලින්ම බලලා නොවේ. ඇස් පහතට යොමා ගෙනය.
එහෙම වෙන්නේ ආත්ම විශ්වාසය අඩුකම හින්දාද- නැත්තං සටනකට ඇති අකැමැතිකම හින්දාද?

එදාත් එහෙම කළා මදිවාට, ඒ මනුස්සයා ඒකමතිකවම විනිශ්චයකාරවරයෙකුත් තෝරා පත් කර ගන්නට හැදුවේය.
“බලපං නිමොල් උඹලගේ අම්මගේ කතා. කොහෙද යන මිනිහෙකුට කෑමකටත් invite කරන්නෙ- නිකමටවත් උඹෙන් ඇහුවද එදාට උඹ වැඩද කියලා... මගෙන් ඇහුවද මට වැඩක් තියෙනවද කියලා... මට කියපං නිමොල්, එහෙමද අනිත් මිනිසුන්ට ගරු කරන්නේ. ස්පෙෂලි තමුන්ගේ husbandට! හස්බන්ඩ් කියන දේට කීකරු වෙන්න ඕනි නේද, ගෑනු වුණාම.”

“ඔව්, ඔව්... එහෙම කරන්න බැරි නිසා වෙන්න ඇතිනෙ, ඔහෙගේ කලින් wife ඔහෙගෙ එකම පුතත් අරං දාල යන්ඩ ඇත්තේ. බලාගෙන ගියාම කොයි පිරිමියත් එකයි. සැසිල්, උඹල හැමෝටම ඕන කරන්නේ උඹලට වැඳගෙන ඉන්න ගෑනු.” රතිඤ්ඤා වැලක් පුපුරණ ගාණටම අපේ අම්මා පුපුරා හැලුණාය.

“නිමොල්, I can’t understand උඹලගෙ අම්මගෙ මම්බල්- ජම්බල්. You tell me, please. මොන කෙහෙල්මලක්ද මේ එයා කියන්නේ?” ඩැඩා කිව්වේ මටය.
ඔහු එවෙලේ නම් කිව්වේ දාර සයිස් බොරුවකි. අම්මාගේ ඉංගිරිසිය වියත් එකක් නොවේ. ඒත් ඒ වෙලාවේ අම්මාගෙන් ‘worship to you’ වචන ටික කියවුණේය. (අවුරුදු හයක් අම්මාගේ මම්බල්- ජම්බල් තේරුම් ගන්නට පුරුදුවී ඉන්නා) ඩැඩාට අපේ අම්මා කියන්නට තැත් කරන අදහස අහුලා ගන්නට ඒ වචන තුන හොඳටම ප්‍රමාණවත් යැයි මට තේරෙයි.

අපේ ආච්චී නිතර කියන්නට පුරුදුවී හිටි සිංහල කවිය ඩැඩා දැනගෙන හිටින්නට විදිහක් නැත.
   ‘ගෑනු ජාතිය, ජරා   ජාතිය
   ගලේ ගහලා මරා     දාපිය
   පිරිමි ජාතිය, උතුම්  ජාතිය
   කන්ට දීලා මල්     පුදාපිය’
ඒත් ඒ අදහසම නේද ඒරොප්පේ උපන්; එහෙම හැදී වැඩුණු මේ බ්‍රිතාන්‍ය ජාතික පිරිමියාත් දරන්නේ?

ගැහැනියක තම ස්වාමි පුරුෂයාගේ අණසකට යටත්වම විසිය යුතුද? හැම පිරිමියාම අපේක්ෂා කරන්නේ යටහත්, සුවිනීත, කීකරු සහකාරියක ලැබීමට නේද?

සුමාන ගාණකට පස්සේ ලංකාවේ විදිහට කෑවා. උස්මුරුත්තා වෙනකං.

ඒ කල්පනාවත් එක්කම මගෙ මොළේ හරහා හෙණ විදුලියක් කෙටුවේය.

‘උඹත් කොහොම හරි කර ගනිං අර මඟුල් ඔපරේෂන් එක. උඹටත් ඕනි ගෑ..නි..යෙ..ක් වෙන්නනේ. ඊට පස්සේ උඹටත් තේ..රෙ..යි පුතෝ ඒ..කෙ රඟේ.’
එතෙක් මට ඇතිවී නොතිබුණු සිතුවිල්ලක බීජයකි, එදා මගේ හිතේ රෝපණය වුණේ!

ඩැඩාගෙත් අම්මාගෙත් දබරයේ ලකුණක්වත් පහුවදා උදේ වෙද්දී ඉතිරිව තිබුණේ නැත.

විල්මන් ජයසිංහ කියූ ලෙසම මිතුරාත් සමඟින් අපේ ගෙදර ආවේය. ඒ එනකොටත් අපේ අම්මා උයලා අහවරය. අපේ ඩැඩා එයාගේ මිනි bar එකෙන් ගත් විස්කි බෝතලයක් දෙමිතුරන් ඉදිරිපිටින් තැබුවේය.
“අපි එනවට උඹලා මෙච්චර කැමති බව දන්නවා නං මීට ඉස්සෙල්ලයි එන්නෙ...” විල්මන් නොසෑහෙන තරමේ සතුටෙනි, කීවේ. “අපරාදේ නිමල්. උඹලගෙ මල්ලී අනිලුත් ඉන්නයි තිබ්බේ... මට තනියෙන්මනේ drink එකක් ගන්න වෙන්නේ. කොහෙද මෙයාටත් බැහැලුනේ...”

“දේසේ හැටියට බාසේ තියෙන්න ඕනිනේ මචං! මෙහෙ ලංකාවේ වගේ නෙවෙයිනෙ- චුට්ටක්වත් බීලා drive කරන්න බෑ. නැත්තං මාත්...” විල්මන්ගේ මිතුරාත් අලගු තිබ්බේය. “හැබැයි ඒකටත් එක්ක හරි යන්න මම කන්නං. ලංකාවේ රසටම උයලා තියෙනවා වෙන්න ඕනි. මේ කට්ලට්වල රසෙන්ම ඒක කියතෑකි.”

“අපේ සැසිල් ලංකාවේ කෑම ජාතිවලින් කන්නේ ඔච්චරයි. හැබැයි අමුමිරිස් නොදා, ගම්මිරිස් කුඩු යන්තමට දාලා හදන්න ඕනි...” අම්මා ඔජ වඩයි.

“වෙන්ඩ බෑනෙ මිසිස් ශ්‍රෝඩර්. මේ කට්ලට් ගාණට සැරට තියෙන්නේ. මිස්ටර් ශ්‍රෝඩරුත් මේව කෑවනේ...”
“නෑ නෑ යාළු. ලීලා මට වෙනමම හදනවා සැර අඩුවෙන්. She knows the way I liked.” එහෙම වෙලාවට ආඩම්බරයෙන් පිම්බෙන්නටත් ඩැඩා අමතක නොකරයි.

“Thanks මිසිස් ශ්‍රෝඩර්! සුමාන ගාණකට පස්සේ ලංකාවේ විදිහට කෑවා. උස්මුරුත්තා වෙනකං.” විල්මන් ජයසිංහ මහත්තයා අවසානයේදී කිව්වේය.
“තව සති දෙකකින් මම ආපහු යනවා. ඔයාලට මොනවා හරි ලංකාවට යවන්න තියෙනවා නං ලෑස්ති කරල තියන්න. මහරගම කියන්නේ කොළඹ ඉඳල මහ දුරක් නෙවෙයිනෙ. මම ගෙදරටම ගෙනිහින් දෙන්නං...”

“අනේ, කොච්චර එකක්ද විල්මන් මහත්තයා...”
“නිමොල්, උඹ ලියා ගනිං මිස්ටර් විල්මන්ව contact කරන්න ඕන number එක.” ඩැඩා මට මතක් කළේය.

“මෙන්න නොම්මරේ, ලියා ගන්න නිමල්... xxxxxxx. හීත්‍රෝ එකට යන ගමන්ම මං එනවා.” විල්මන් ජයසිංහ උන්නැහේ සහතික වුණේය.

අපට නොකියා; නොදන්වා ඔහු පිට පාරෙන්ම ආපහු ලංකාවට ගිහිංය.

ඒ අප ඔහු දුටු අන්තිම දවසය; ඉන්පසු ඔහු අපේ ඇමතුම්වලට උත්තර දුන්නේ නැත.

ඊට පස්සේ කවරදාවත් මට ඔහු මුණ ගැසීලාත් නැත; කතා කරලාත් නැත. අපට නොකියා; නොදන්වා ඔහු පිට පාරෙන්ම ආපහු ලංකාවට ගිහිංය.
එහෙම කළ එක එතරම් දෙයක් නොවේ. ඒත් ඒ සිද්දිය මතක් කරමින් අපේ ඩැඩා ‘ශ්‍රී ලංකාව’ හෙළා දකින වෙලාවට නං අපි නිරුත්තර වීමු!

ඒ අස්සෙම ඒ කළු වලාවේ රිදී ඉරකුත් අපේ ඩැඩා දැක තිබිණි.

“ඒ වුණාට නිමොල්, උඹ ලංකාවට ගියාම ඒ මනුස්සයව හොයාගෙන ගිහිං thank කරපං. ගෙනියන්නං කියලා අපේ පාර්සලය අරගෙන ගිහිං එයාම ඒක තියා ගත්තා නං... එහෙම රැවටිල්ලක් නොකළ එක වුණත් හොඳ වැඩක්නේ. He deserves a thank for it!” ඩැඩා කිව්වේ ඇත්තටම වගෙය.
ඒ දවස් කිහිපයේ එය හිටියේ ටිකාක් විතර පසුබෑ ගතියකිනි. සෙටි කවර මැස්සවූ මිතුරා මට ගෙවූ මුදල ප්‍රමාණවත් නැතැයි
ඩැඩා තැවෙමින් හිටි නිසාය ඒ.

“මං කිව්වා නේද රංජි, ඩැඩාගෙ බංකොලොත් යාළුවන්ගෙ තරම! ඉන්නකො, මම එයාට පෙන්නන්නං මටත් කරන්න පුළුවන් තරම. මම මිසිස් බනාසේටයි, එයාලගේ ලොකු පුතාටයි වචනයක් දාල තියෙන්නේ. ඒක හරි ගියොත් ඔයාට ආයෙ වෙන වැඩ හොය- හොයා රස්තියාදු වෙන්න ඕනි වෙන්නේ නෑ.”

අම්මා කියූ ‘ඒක හරි ගියේ’ දවස් කිහියකට පස්සේය.

ඒත් ඊට ඉස්සෙල්ලා, අප පළමුවෙනි වතාවට Jumble Sale එකකට යැවිණි. අපේ අම්මා මඟ බලමින් ඉඳලා තිබ්බේ ජම්බල් සේල් ගැන ආරංචියක් එන තුරුය.
“ඔන්න තියෙනවා.” Hounslow Informer පත්තරයෙන් ඒ ආරංචිය කියවූ අම්මා මටත් එය පෙන්නුවාය. “මේ ඉරිදනේ... උදෙන්ම යන්න ඕනි. මල්ලියට කියලා පවුම් පහක විතර මාරු සල්ලිත් ලැහැස්ති කර ගන්න, රංජි.”

“පවුම් පහක? ඒ ගාණට මොනවා ගන්නද අම්මෙ. ඊටත් මාරු සල්ලි....”
“මට වැඩිය හොඳට මල්ලා දන්නවා. අහගන්නකො එයාගෙන්... ඒ එක්කම ඔයා ඩැඩාටත් කියල තියන්න අපිව ඉරිදා උදේ එහෙට එක්ක යන්න ඕනියි කියලා.” අම්මා මල්ලියාටත්, මටත් ‘බෝල’ දෙකක්ම pass කළේ එකවරය.

“ඒ..ඒ..ඒ..ඒ හරි ෂෝක්. අපි ජම්බල් සේල් යනවා! Very nice. මටත් සල්ලි තියෙනවා... I can buy lot of things!” චූටි නංගිත් උඩ පැන්නාය.

එදාත් ඊට පස්සෙත් Jumble Sale කීපයකටම ගිහිං අරගත්තු දේවල්වලින් තුන හතරක් තවමත් මේ දිසානායකයා සතුව තිබෙයි!  

“මොනවද මල්ලා, ඔය සේල් එකේ විකුණන්නෙ?”
“ඒකෙ හැම දේම තියෙනවා ලොකූ.” සමන්ති නංගිත් උනන්දුවෙනි.

“හුඟක්ම වෙලාවට Jumble Sale කරන්නේ charityවල‍ට. කව්රු හරි group එහෙකින්. ගොඩක් වෙලාවට ලොකූ, පල්ලියකුත් ඕකට හවුල්. ඒ ගොල්ලෝ ඔය සේල් එකෙන් හම්බ වෙන සල්ලි සේරම පල්ලියට දෙනවා.... නැත්තං charityවල‍ට වියදං කරනවා.”

“පිං වැඩවලට වියදං කරන්න තරං සල්ලියක් හම්බ වෙන්න මොනවද බොලේ ඔතන විකුණන්නෙ?” පුරුදු විදිහට සාලයේ සෙටිය ළඟින්ම බිම වාඩිවී හිටි අන්නාගේත් කුහුල ඇවිළීලා වගෙය.
එංගලන්තයේ හැම ගෙදරකම, හැම කාමරයකම (නාන කාමරයේ පවා) බිමට පලස් අතුරා තිබෙන බවයි මං දැක්කේ! දින කිහිපයකට වරක් හූවරයකින් දුහුවිලි ඉවත් කෙරෙන නිසා ඕනෑම තැනක බිම වාඩි වුණත්, ඇඳුම් කිලිටි නොවෙයි.

එකිනෙකා පරයමින් සෑම්, දීපාල්, දීපානි තුන් දෙනාත් අන්නා ළඟින්ම බිම වාඩිවී, ජම්බල් සේල් වරුණේ අපට කීවෝහ.

ඔවුන්ගෙන් කියැවුණු විදිහට, ඕනෑම කෙනෙකුට මුදල් ගෙවා Sale භූමියේ ඉඩක් වෙන් කරවා ගත හැකිය. බොහෝ දෙනෙක් තමන්ගේ වාහනයේ ඩිකියේ හෝ පසුපස තට්ටුවේ හෝ තියා ගෙනය, විකුණන බඩු ප්‍රදර්ශනය කරන්නේ.
“එහෙම හන්දා තමයි ලොකා, ජම්බල් සේල්වලට Car boot sale කියලත් කියන්නේ.”
“බඩු ගොඩක් තියෙන අය car එක ඉස්සරහින් ඉටි රෙද්දක් එලලා ඒක උඩත් බඩු ටික දානවා.”
“One can sell ඕනි නැති පරණ ඇඳුම්, books, toys වගේ දේවල් වුණත්.”
“ඇයි Sam, පොඩි පොඩි ඕනමන්ට්ස්, සෙරමික්ස්... මල් පැල...”

අනිලුත්, මාත් පුදුම වුණේ සේල් පොළේ ඇඳ- පුටු- මේස- අල්මාරි පවා විකිණෙන විත්තිය කියවුණාමය.
“ඔයාලට කියන්න අනිල් අයියේ, මගෙ foot සයිකල් දෙකම ගත්තේ එහෙම සේල් එකකින්. හරිම අඩුවට...”

ඊටත් වඩා අප පුදුම  වුණේ එහාට ගියාමය. සමන්තිලා කිව්වා හරිය. එතැන නැති ජාතියක් නැති තරම්ය. ඒත් වැඩියෙන්ම තිබ්බේ ඇඳුම්ය.
“මේකනෙ ලොකූ, මෙහෙ හැම summer එකටම අලුත් ෆැෂන්ස්වල ඇඳුම් එනවා. ගිය අව්රුද්දෙ ආපු fashions මේ අවුරුද්දේ අඳින්නේ දුප්පත් අය විතරයි. ඇඳුම් විතරක් නෙවෙයි, ඇඳුම්වල තීම් colours වුණත් වෙනස්... ඉතිං කවුරුත් බලන්නේ පරණ ඒවා අයින් කරලා අලුත් ඒවා ගන්න.”

“ඒ වුණාට සෑම්, මම දැක්කනේ tags පිටින්ම තියෙන ඇඳුනුත්. ඒවා use කරලා නැති ඒවානේ.”

එතකොට චූටි දැරියක වුණු අපේ චූටි නංගී දැන් උස්-මහත් වුණු දූ-පුතුන් පස් දෙනෙකුගේ අම්මෙකි. (නොබෝදා අපේ පොඩි මස්සිනා සුදිත්ගේ 50වෙනි උපන් දිනය දවසේ....)

“ඔව් ලොකූ, දැක්කම ආසා හිතිලා අරගත්තට use නොකරන කොච්චර දේවල් තියෙනවද? ලංකාවේ වගේ නෙවෙයි, මෙහෙ ගෙවල්වල ඉඩ ගොඩක් අඩු නිසා, පාව්ච්චි නොකරන ඒවා තියා ගන්නේ නැතිව අයින් කරන්නම වෙනවා.”

ඒ එංගලන්තයේ උදවියයි: අපි නොවෙමු. එදාත් ඊට පස්සෙත් Jumble Sale කීපයකටම ගිහිං අරගත්තු දේවල්වලින් තුන හතරක් තවමත් මේ දිසානායකයා සතුව තිබෙයි! ඉහළින් තියෙන 5 වෙනි foto කෑල්ලේ දැක්වෙන්නේ ඒවාය..

ඒවායින් නිදිගෙ favourite අංකය වනුයේ, ළා නිල් පැහැති චූටි ටෙඩි බෙයාර්ය.
අප ගිය ජම්බල් සේල් එකකින් ඒක අරගත්තු චූටි නංගී මාස දහයක් විතරම කාලයක් ඉතා ආදරයෙන් ඌව සුරතල් කළාය; රැක බලා ගනිමින්- සෙනෙහස පාමින් ටෙඩියාට අම්මෙක් හා මිතුරියක් වූවාය.
1986 ජනවාරියේ අප ආපසු ලංකාවට එන්නට සූදානම් වෙද්දී චූටි නංගී දීපානි එයාගේ චූටි ඇස් දෙක කඳුළු උතුරා යන පොකුණක් කරගෙන; මාව වැලඳගෙන ඒ ටෙඩියාව මගෙ සුරතේ තිබ්බාය.

“ඔයා ලංකාවට ගියාම හැමදාම  රෑට මේ ටෙඩීව ළඟ තියාගෙන නිඳා ගන්න ලොකූ, එතකොට ඔයාට මාව මතක් වෙයි. හොඳේ!” එදා; එවෙලේ අපේ චූටියාගෙන් වහනය වුණු උණුහුම් සෙනෙහසේ සුවඳ තවමත් මගේ පපු කුහරය ඇතුළේ කැරකෙයි. (එතකොට චූටි දැරියක වුණු අපේ චූටි නංගී දැන් උස්-මහත් වුණු දූ-පුතුන් පස් දෙනෙකුගේ අම්මෙකි.)

ඉතිං Jumble Saleවලට ආපහු යනකොටම මට මතක් වෙන්නේ, Van රියක පිටුපස ප්‍රදර්ශනය කරමින් තිබුණු රෙදි තොගයකි. ඒවා කච්චි පිටින්මය විකුණන්නට තිබ්බේ.
(‘සේද රෙදි* කච්චිය ගැනත් ලියන්න අමතක වුණා හෙම නෙවෙයි හොඳේ.’ කියලා
පසුගිය පෝස්ටුවෙදී කිව්වේ, මේ කාරණය හින්දාය.)

“අම්මෙ, අම්මෙ... අර- අර  අතන විකුණන්න තියෙන්නෙත් ඩැඩාගෙ යාළුවා සෝෆා කවර මහන්න ගෙනිහින් තිබුණ වගේ රෙදි පීස්නෙ...” ඒවා දුටු ගමන්ම අපේ අම්මා කඩාගෙන ගියේ එතැනටය. ඒ ගණන් හිලවු අහගන්නටය.
“එදාම මම කිව්වේ. මේ වගේ තැනකින් තමයි මිනිහා එව්වා ගෙනියන්න ඇත්තේ. ඒවා හරිම ලාබයි, අපිට වැඩක් නැතිව මිස.”

හොඳ වෙලාවටය, ඩැඩා අපේ අහලක නොහිටියේ. හිටියා නං අම්මා එතනදීම ඩැඩාගේ යාළුවා ගැන කියා රණ්ඩුවක් පටන් ගන්නටත් ඉඩ තිබිණි.
Car එකෙන් අපව ජම්බල් සේල් එක තියෙන තැනකට එක්කරං ගියත් ඩැඩා එතැන විකුණන දේවල් බලන්නටවත් එන්නේ නැත. ‘උඹල ගිහිං වරෙල්ල’යි කියලා- තේ, කෝපි, සැන්ඩ්විච් හා short eats වර්ග විකුණන තැනකට වී කෝපි එකක් බොමින් කල් මරණවා විතරය.
à ඊළඟ කොටසට...

22 comments:

  1. අන්තිම කෑල්ල කියවනකොට
    වාහනේකින් විකුණන මාර්ශ්මෙලෝස් දාපු හොට් චොක්ලට් මතක්වුනා.

    ReplyDelete
    Replies
    1. නෑ. නිමල් ලියල තියෙන්නෙ ලංකාව ගැන නෙමෙයිනෙ

      Delete
  2. මේක ගැන කලිනුත් ඇහැව්වා. මේ කියන "ආණ්ඩුවේ ප්ලැට්" එකක පෙනුම, සැලැස්ම තියෙන පිංතූරයක්/කටු සටහනක් නැත්ද?

    ReplyDelete
    Replies
    1. ළඟදීම දෙන්නං තව පොඩි විස්තරයකුත් එක්කම.

      Delete
  3. අද කතාව නියමයි. ලීලාගේ "මම්බල්-ජම්බල්" වලිය නිසා,කතාව වෙනදටත් වැඩිය රසවත් වෙනවා. ගානට ලුණු-ඇඹුල් වැටිලා තියනවා.
    විල්මන් ජයසිංහ නියම "ගල් ආඳෙක්" පාටයි. උන්දෑ, ඔච්චර "ස්ට්‍රීට් වයිස්" නිමොල්වත් තැඹුව එකයි පුදුමෙ.

    ReplyDelete
    Replies
    1. මාව තැම්බුවත් කාරී නෑ, උන්නැහේ නිසා අපේ රටේ නම්ට වෙච්චි කැළල ගැනයි දුක්. ඒ මදිවට ඊට පස්සේ තව කෙනෙකුත් එහෙම පජාති වැඩක් අම්මලට කළා!

      Delete
  4. ගෙනියන්නං කියලා අපේ පාර්සලය අරගෙන ගිහිං එයාම ඒක තියා ගත්තා නං.//මමත් හිතන්නේ ඊ මනුස්සයට මෙහෙම කරන්න තිබුන,

    ReplyDelete
  5. පොස්ටුව කෙටීද මන්ද.
    ඩැඩා සේල් එකට නොආවේ... ලොකුකම නිසාද මන්ද

    ReplyDelete
    Replies
    1. වැස්සයි, වැඩ වැඩිකමයි නිසා ලියන්න ලැබෙන්නේ ටිකක් අඩුවෙන්, නමී.
      ලොකුකම නිසාද කියල ඊළඟට කියන්නන්. ඒ කාරණය මතු කළාට ස්තුතියි!

      Delete
  6. //ඒ අප ඔහු දුටු අන්තිම දවසය; ඉන්පසු ඔහු අපේ ඇමතුම්වලට උත්තර දුන්නේ නැත.
    ඊට පස්සේ කවරදාවත් මට ඔහු මුණ ගැසීලාත් නැත; කතා කරලාත් නැත. අපට නොකියා; නොදන්වා ඔහු පිට පාරෙන්ම ආපහු ලංකාවට ගිහිංය.//සාමාන්‍යයෙන් .වෙන දේවල්. 😀

    ReplyDelete
    Replies
    1. ලංකාවේ අපට නම් ඕවා සාමාන්‍යයි තමා, අජිත් මහත්තයෝ. හැබැයි එහෙම නොවෙනවා නං නේද හොඳ.

      Delete
  7. අපේ චැරිටි එක දාපු අලුත අපිත් ගෙවල් වල තියෙන බඩු අරන් ගිහින් දවසක් වික්කා. වැඩිය මුදල් හම්බවෙන ව්‍යායාමයක් නෙමේ හැබැයි.

    ReplyDelete
    Replies
    1. ඒත් සජිත්, ඔය වගේ වැඩවලින් ලැබෙන සතුට... සමාජ ආශ්‍රය... සම්බන්ධතා වගේ දේවලුත් count කරන්න ඕනිනේ.

      Delete
    2. මොකද යකුනි තොප පිට්ටු නොකන්නේ
      ලුණු නැති පිට්ටුව, කොහොමද කන්නේ
      උත්තරයේ, අ-යනු, ස-යනු මාරු වෙලානේ
      පුවක් මලෙන් දෙකක්, තඩි බා පන්නේ

      Delete
    3. සිරස නමාලයි මෙහෙම කියන්නේ
      වරදකි මා'තින් සිදුව තිබෙන්නේ
      පුවක් මලෙන් දෙක නං දීපන්නේ
      සමා වෙන්න කියලයි ඉල්ලන්නේ

      Delete
  8. //“ඔයා ලංකාවට ගියාම හැමදාම රෑට මේ ටෙඩීව ළඟ තියාගෙන නිඳා ගන්න ලොකූ, එතකොට ඔයාට මාව මතක් වෙයි. හොඳේ!” එදා; එවෙලේ අපේ චූටියාගෙන් වහනය වුණු උණුහුම් සෙනෙහසේ සුවඳ තවමත් මගේ පපු කුහරය ඇතුළේ කැරකෙයි.//

    මේ කොටස කියවද්දී ඇත්තටම ඇස් කෙවනි තෙත්වෙනවා දැනුනා. අපේ වචනයෙන්ම කියනවානම් බොක්කටම වැදුනා..

    කොළොම්පුරේ අසංග

    ReplyDelete
    Replies
    1. සොයුරු පෙම කොහොමත් දැඩියි නේද අසංග.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්