li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, May 15, 2024

අඹරෝරෙට ටිකක් යටින් - දෙවෙනි කොටස

“මරු අයිඩියා එකක්නෙ මේ! වට්ටක්කා සුප් එක්ක හුළං විස්කෝතු. අපේ කට්ටියට නං වැඩේ අල්ලලා යනවා වගෙයි...”

“හොඳයිද සර්... හුළං විස්කෝතු තව තියෙනවා... බාස්කට් එකට ගොඩක් දැම්මෙ නැත්තේ පෙඟෙන්න බලන නිසා...” ජනක, අපේ හිතවතා ප්‍රියන්තට උත්තර දෙන අතරේ සාන්ත මට ප්‍රශ්නයක් ඉදිරිපත් කරයි.
“නිමල් අයියට කියන්න පුළුවන්ද අර වට්ටක්ක සුප් දාල තියෙන භාජනේ වෙනසක්?”

(ඒ බඳුන්වල ඡායාරූපයක් පසුගිය කොටසේ අවසානයට පළකොට තිබෙයි.)

ඔයා දන්නවද ජපානේ හුඟක් වෙලාවට සුප් ජාති සර්ව් කරන්නෙත් ඔය වගේ පාට දෙකේ භාජනවල...

“ඇතුළ රතු පාටිනුයි, පිට පැත්ත කළු පාටිනුයි තියෙන එකද..”
“අන්න හරි. ඔයා දන්නවද ජපානේ හුඟක් වෙලාවට සුප් ජාති සර්ව් කරන්නෙත් ඔය වගේ පාට දෙකේ හරි තද පාට හරි භාජනවල වගෙයි මම දැක්කේ.” ජපානයේ අවරුදු 5 ½ ක් රැකියාව කර තිබෙන සාන්තට ජපන් සිරිත්-විරිත් හා සංස්කෘතිය ගැන සෑහෙන දැනීමක් තිබෙයි. “අනෙක නිමල් අයියේ, ජපන් රටේ කන බොන වැඩ හැම එකක්ම හරිම ලස්සනයි. කලාවක් තියෙනවා.”

“කලාව අගේ කරන තැනක විදිහනෙ ඒ. මේ වගේ ලස්සන තැනකට ආවමත් නිකං මිනිස්සුත් කලාකාරයෝ වෙනවා...”

“අයියෝ සාන්ත, ඔන්න ඔය නිමල් අයියත් එක්ක කතාව නවත්තලා මෙහාට වරෙන් මචං... බලපං, මේ නෙවිල් අනුරසිරි පින්වතා කොච්චර මහන්සියෙන් මෙතන පූජාව ලැහැස්ති කරනවද කියලා.” ස්වීට් අතුල සාන්තව ඇදගෙන යයි. (ඒ දෙන්නා මිතුරන් වී තියෙන්නේ ජපානයේදීය.)
“පූජාව? අම්මප ඔව්නේ!”

නෙවිල් එහෙමය. හුඟක් තැන්වලදී බයිට් වර්ග- වීදුරු- ෂැන්ඩි වර්ග- අයිස් කැට වගේ දේවල් එක්කාසු කරලා සුදුසු තැනක් සූදානං කරයි. එතැනට උත්සවශ්‍රීයෙන් ‘බේත්’ බෝතල් වඩම්මන්නේ අන්තිමටමය.
“පව් ඩෝ, අපි පරක්කු වෙනකොට මිස්ටර් අනුරසිරිගේ හිත කැඩෙයි බං. නැද්ද හරිශ්?”
“නැත්තං නැත්තං... මෙන්න මෙහෙ එන්න සාන්ත. සාන්තට ඕන්නං නිමල් අයියල ගෙදට්ට ගිහිල්ල ඔය ඕනි කතාවක් කර ගන්න බැරිය.”

“උඹල දන්නෑ මචං. නිමලයා blog එකට ලියන්න විස්තර එකතු කරනවා.”
“Blog එක නෙවෙයි මර්වින්. චීත්තවාහිනිය.”
චීත්තවාහිනී නම රෙජිස්ටර් කෙරූ නෙවිල් කියයි.
“ඊට වැඩිය බයානකයි පුතෝ, දැන් හැමෝම වෙන දේවල් ඔක්කොම වීඩියෝ කරනවා, foto ගන්නවා. මේකා එව්වා සේරම ඉල්ල ගන්නවා.”

කතාව ඇත්තය. Trip එක ගිහිං ආවට පස්සේ මගේ කොම්පියුටරේ සෑහෙන පදමක ඉඩක් පිරෙයි. ඒ මා ඉල්ලා ගන්නා වීඩියෝ clips හා fotoවලිනි. ඒවාත්, මගේ (අපූරු) මතකයත්- මේ විස්තර ආදරණීය ඔබට ගෙනෙන්නට ගොඩාරියක් උදව් වෙයි. (මේ වතාවේ foto හා වීඩියෝ වෙනුවෙන් ගොඩක් ස්තුතියි- සෙරාන්, වෙනුජ, දිලිනි තුන් දෙනාටම!)

ඒ ෆොටෝස් හා වීඩියෝ ක්ලිප්ස්තුත්, මේ විස්තර ආදරණීය ඔබට ගෙනෙන්නට ගොඩාරියක් උදව්... (වමේ සිට- සෙරාන්, දිලිනි, මිත්මා, වෙනුජ හා චූටි දූ සනුති)

“නිමල් අයියේ, අපේ සද්දෙ නිසා අලි එහෙම පැත්ත පළාතේ එන්නෙ නැති වෙයි නේද?”

එදා රාත්තිරියේ නෙවිල්ලා ඔසු පැන් සාදයට ලැහැස්ති වෙන අස්සේය- ඒ ප්‍රශ්නය රහසෙන් මගේ කනට කෙඳිරුණේ. ඊට පස්සේ- මගෙන් ඒ ප්‍රශ්නය ජනකට...
“සිංහරාජේ කඳුකර අලි දෙන්නෙක් තමයි ඉන්නව කියලා කියන්නේ. උන් මේ හරියට නෙවෙයි, සිංහරාජ ආරන්නෙට නං ඇවිත් යනවලු. ඒකත් අවුරුද්දකට සැරයක් කියලයි කියන්නේ... ප්‍රියන්ත මහත්තය කිව්වා හෙට ඔයාලා සෙන්චූරියා එකට ගියාම ඒ ආරණ්‍යය බලන්නත් යනවය කියල.”

ඒ කතාව ඇහෙද්දී නං මට හිනා ගියේ නිකංමය.

අවුරුද්දකට වතාවක්... තව ටික කාලෙකින් කියාවි, එකම දවසකයි එන්නේ කියලත්! (අඥාත කර්තෘක) මෙහෙම කතාවල් උපාසක- උපාසිකාවන්ගේ ශ්‍රද්ධාව; භක්තිය තව-තවත් වර්ධනය කරවයි; ඔවුන්ව මෝහනය කරවයි! ඒ තැන්වලට ඔවුන්ව අද්දවයි...
නිකවැරටිය, දොළුකන්ද ගැනත් කියැවුණු කතන්දර ඔයාලටත් තවම මතක ඇති නේද?

ඒ අතරේ වෙනුජත්, සෙරානුත් ට්‍රයිපොඩ් එකක් අටවන්නට සැරසෙති. ඒ මෝදුවෙන සඳේ චමත්කාරය වීඩියෝවක හිර කර ගන්නටය.
“අර අර හඳ පායගෙන එනවා... නියමෙට ගන්න පුළුවන් සෙරාන් අයියේ.”
“මේ විදිහට දිගටම මීදුම නැතුව තිබුණොත් නං...”

“අර ඈතින්ම යන්තමට පේන්නේ සිරීපාද කන්දද... ඒ සීන් එකත් දිලිනි අක්කගේ ෆෝන් එකෙන් අරගෙන බලමුද...”

ඇත්තෙන්ම ‘අඹරෝරෙට ටිකක් යටින්’ තියෙන Skydeck කෑම්පින් අඩවියත්, මේ ඉසව්වත් එහාට යන අයව පිස්සු වට්ටවන තරමේ නෙත්කලු දසුන්වලින් පිරුණු තෝතැන්නකි!

ඔබ ඒ ඉසව්වේ කොතැනට ගියත්, පේන තෙක් මානයේ අනන්තය තෙක්ම විහිදෙන අහස් නිල්ල පෙනෙයි. ධවල වලාවන් විතරකි; ඒ නිල්ලේ නේක සිතුවම් අඳින්නේ.
ඒ වලාකුළු සිත්තම්වලට හානි වෙතැයි බියෙන් දෝ සකුණ, විහඟ කැල පවා ගුවන සිසාරා පියාඹා යෑමෙන් වැළකී ඉන්නවා වගෙය...
එත්, හිටි අඩියේ නොහික්මුණු; ආක්‍රමණශීලී හමුදාවක් සේ කඩා වදින හිතුවක්කාර මීදුමක් ඒ සුන්දර දසුන් වනසා- වසා දමන්නේ, අපට ඔච්චම් කරන්නාක් මෙනි. නමුදු වැඩි වෙලාවක් එක තැනක රැඳී හිඳින්නටත් ඒ අසංවර මීදුමට බැරිය. ඒවා හෙමිහිට තුනී වී යන්නේ ‘අපි තමයි හොඳටම කළේ’ කියමිනි.

අපේ සෙරාන්, වෙනුජ වගේ හැකියාවෙන් පිරිපුන් foto අරගන්නන් විසින් ගනු ලැබූ සූරියකන්දේ මනරම් ඡායාරූප සිය ගණනාවක් වුවද ඉතා පහසුවෙන් බුකියෙන් සොයාගත හැකිය. චුට්ටක් සොයා බලන්න. ඒවා මගේ යට කී ප්‍රකාශ සනාථ කරවයි.

අප සූර්යෝදය නරඹන අතරේ උදේ තේ එක ready වෙලාය!

එදා පමා වී නින්දට ගිය හැමෝමත් පසුවදා උදෙන්ම පිබිදිලාය. ඒ සූරිය උදාව බලන්නටය. අප සූර්යෝදය නරඹන අතරේ උදේ තේ එක ready වෙලාය.

“නියමෙට නින්ද ගියා නිමල් අයියේ!”
“නින්ද ගියා... ඇයි සරත්- ඊයේ හැන්දෑවේ සාන්තලා නෙවිල්ලා ඕමි ගහන වෙලාවෙත් ඔයා අර ගල් තලාව උඩ හොඳට ගොරව ගොරව නිඳාගෙන හිටියෙ... ඊට පස්සේ රෑටත් හොඳට නින්ද යනවද?”
“ඕක අහනවා දිසානායක, මිස්ටර් මර්වින් බොතේජුගෙන්. එයාට නින්ද ගියෙ නැහැයි කියාගෙනමයි අද උදේ නැඟිට්ටේ. හැබැයි රෑ තිස්සේ අපිටත් නිඳා ගන්න නෑ- ගෙරෙව්වා.”
“ඒ මම නෙවෙයි යකෝ. හරිශයා...”

සභාවේ සිනා උතුරා පිටාර ගලන්නේ එහෙම වෙලාවලය.
“නිමල් අංකල්, ගියාට පස්සේ මම ඔයාට නියම වීඩියෝ ක්ලිප්ස් දෙකක් දෙන්නං. මර්වින් අංකලුයි, හරිශ් අංකලුයි දෙන්නා එන ගමනුත් බෙල්ල කඩාගෙන නිඳා ගත්තු හැටි තියෙන...” වෙනුජ කියයි.
“ඕවා නිමල් අංකල්ට දෙන්න එපා පුතේ. එයා අපිට මඩ ගහනවා.” හරිශ්චන්ද්‍ර කියන්නේ මං වහන්සේට රවමිනි. “... මෙයා දැන් ඉස්සරට වැඩිය නරකයි පුතේ.”

එතැනම තැග් ගැහෙමින් අපේ වෙලාව ගත වෙද්දී, ස්කයිඩෙක් එකේ ජනකලා උදේ හීලත් නොපමාවම සූදානම් කරලා ගෙනැවිදින්ය.
“දැන් ඉතිං මේවත් සප්පායම් වෙලා ඉන්න එපැයි- සීතල වෙන්න කලින්. අනේ මන්දා. මේ ජනකලත් කරන වැඩ අප්පා... බනින්නත් බෑ මූණ බලාගෙන...”
“ඒක නේන්නං මචං. දැන් ඉතිං මක් කරන්නද? කාලා ඉවර වෙලාම මූණ සෝදමු!”
“උඹේ මූණ නං හේදුවේ නැතත් කමක් නෑ. ඊයේ උදෙත් ඔය මූණ හේදුවනේ මචං?”

“ළමයි, අපි එකොළහට කලින් මෙහෙන් පිටත් වෙන්න ඕනේ. තව කට්ටියක් අද මෙහාට එනවලු. මේ ගොල්ලෝ ඒකට ලෑස්ති වෙන්න ඕනිනෙ.”
“පරක්කු නොවී යන එක කෝකටත් හොඳයි, අයියේ... ඉර පෑව්වට පස්සේ අපට tent අස්සේ ඉන්න බැරි වෙයි.”
ගාර්ලික් බ්‍රෙඩ්, සොසේජස්, බිත්තර, හතු බැදුමක්, අන්නාසි පෙති, පිපිඤ්ඤ පෙති හා පැපොල් යුෂත්, කොමඩු යුෂත් එක්ක හටන් කරමින් හිටි අපේ නඩේ උදවිය ප්‍රියන්තටත්, බබිතාටත් සවන් දුන්නා විතරකි. උත්තර දෙන්නට; හරස් ප්‍රශ්න අහන්නට ගියේ නැත.

සමහර විට එයාලා එහෙම කරන්නට ඇත්තේ ‘කටේ මොකුත් තියෙද්දී කතා කරන්නට එපා’ යන අවවාදය හිස් මුඳුනෙන්ම පිළිගන්නා නිසා වෙන්නටත් ඇත.

ඊළඟට අප උන්නේ සෙන්චූරියා එකේය. සූරියකන්දේ Centauria Eco Bungalow එක කදිමය!

Skydeck camping site එකෙන් පිටත්වී අපට යන්නට තිබුණේ ටික දුරක් විතරය. මහිතේ විනාඩි දහයක විතර දුරක්...

“බබිතා... අපි මේ පාරෙන් ඇවිත් තියෙනවා වගෙයි මට දැනෙන්නේ. ඔයාට මතක නැද්ද නංගි, අපි පිටදෙනියේ බංගලාවට යන අතරේ රෑ නැවතුණා නලින්ගේ යාළුවෙකුගේ ගෙදරක... හොඳටම වැස්ස මැද්දේ ඇවිත්... අර... අර... අතැන ගස් අස්සෙ දොළ පාරකින් නෑවත් එක්ක- පහුවදා උදේ...” මට කියැවුණේ ආවේශයකින් මෙනි. “හරි නං තව ටිකක් උඩහට යද්දී දකුණු පැත්තෙන් ඒ ගෙදර තියෙන්න ඕනි....”
“හරි නේන්නං බොලේ. අර තියෙන්නේ ඒ ගෙදර... මගේ අම්මේ, අවුරුදු විස්සකට විතර කලින්... අපේ පොඩි අයියා ඇඹිලිපිටියේ ඉස්පිරිතාලේ වැඩ කරන කාලෙ අපි ඒ ආවේ...”

තවමත් මටම පුදුමය. ජීවිතයේ එකම එක වතාවක් පමණක් ගිය තැනක්, දිගු කාලයකට පස්සෙත් හඳුනා ගන්නට අපට පුළුවන්ද? එතැන සුවිශේෂ සලකුණු කිසිවක් නැති විටෙකත්...

ඊළඟට අප උන්නේ සෙන්චූරියා එකේය. සූරියකන්දේ Centauria Eco Bungalow එක කදිමය!
එතැනත් නිදහස්ය; නිසංසලය; සියලු පහසුකම්වලින් සමන්විතය. ඒත්...ඒත්... එවන් සුවපහසුකම් අත්විඳිමින් ගෙවූ අවස්ථාවන් ගැන මගේ මතකයේ නම් රැඳී තිබෙන්නේ අඩුවෙනි; ඒවා ගැන මතකයේ රඳන්නේ අඩුවෙනි.

සංචාරයකදී විතරක් නොවේ, ජීවන සංචාරයෙදීත් අපට විඳින්නට සිදු වෙන ගැහැට- අන්තරාය- පීඩා ආදිය තදින්ම අපේ මතකයේ තැන්පත් වෙනවා නේද? මේ හැඟීම මට විතරක් පොදු වූවක්ද?

කූඩැල්ලා මෙට්ටයක් උඩින් තිබ්බාට වැඩක් නැතැයි ඔබට කිව හැකිය.
එහෙත් එච්.එම්. කුඩලිගම කිවිඳුන්ට විතරක්වත් (මට වගේම) මෙහෙම හිතිලා තිබෙයි. ‘ගංගාවේ ගීතය’ කවි පෙළ රචනා කරන එතුමා එය අවසන් කරන්නේ මේ රසබර පැදියෙනි:

  හිරිමල් සිනා රැළි පෙණ පිඬු මිහිරිතම
  ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම
  සම තැනිතලාවල මතු වෙයි   අලසකම
  නිරසයි අතරමඟ බාධක නොදුටු   බිම

සෙන්චූරියා එකේ කැපී පෙනෙන අංගය ලෙසින් මට පෙනුණේ, එහි පිහිනුම් තටාකයයි. ප්‍රෝඩාරාමය postsවලදී කියැවුණු ‘හොරණ ගෙදර තඩාගය’ වගේම, මේ තටාකයත් ඉදිකොට තිබෙන්නේ පිහිටි කළුගල් තලාවක් මතය.
“”ෂෝක් වතුර ටික. පට්ට හීතලයි. නාමුද මචං?”
“නාන්න... කීයටද එතකොට set වෙන්නේ. මම කියන්නද වැඩක්. පූල් එකේ සෙට් වෙමු.”
“නෑ මචං, අර hut එකේ සෙට් වෙමු. ෂොට් දෙකක් විතර දාගෙන පූල් එකට එමු.”

“අද ඒ තරං අමාරු නෑ නිමලෝ!” අතුලත් එක්ක ඉස්සරහින්ම යන මර්වින් කිව්වේ...
“ඕනෙ එකක්. හැබැයි අයියලට ඉක්මන් කරන්න වෙයි.”

“ඒ මොකෝ? පූල් එක පැනල යනවයැ. අනේ, අපිට කිසි හදිස්සියක් නෑ. හැබැයි ඔයාගේ මහත්තයට නං කියන්න වෙයි ඉක්මන් කරන්න කියලා... එයා හොරාට හොරාට හෙමීට හෙමීට ගහන හින්ද වීදුරුවේ මදුරු පණුවෝ බෝ වෙනවා!”

“විහිලු නෙවෙයි අයියේ. අපිට ආරන්නේ බලන්න යන්න තියෙනවා හවසට. මෙච්චර ළඟට ඇවිල්ලත් එතෙන්ට නොගිහින් යන්නද? අර... අර... අර බස් එක යන්නෙත් එහාට... වන්දනා නඩයක්.”

“වන්දනා නඩයක්... ආරන්නෙට... අර කන පැලෙන්න සිංදු දාගෙන ආරන්නේ බලන්නද යන්නේ? මරු.. මරු... අනේ නංගි, ඔන්න ඕකනේ මට සිංහල බෞද්ධකම එපා වෙලා තියෙන්නෙ. ආරණ්‍යයක් කියන්නේ හාමුදුරුවරු නිස්සද්දව ඉඳගෙන භාවනා කරන තැනක්නේ. එතෙන්ට මේ මිනිස්සු ගෙන්න ගන්නවද මොළේ  තියෙන අය...”
“ඔයාලට ඉතිං... ඔය තව වාහන යන්නෙත් එහාටම තමයි... අපිත් හවසට ගිහිල්ලම බලමුකෝ.”

මෙතැනදී නම් මං වහන්සේ කළ දෙයක් නොකියාම බැරිය.

දෙතුන් දෙනෙකුගෙන් කියැවුණු දේවල් විදිහට මා ලියා තියෙන්නේ හත්-අට දෙනෙකුගෙන් කියැවුණු දේවල්ය. කරුණු වශයෙන් වැදගත් දේවල් සිහියේ රැඳී තිබෙතත්, ඒවා කිව්වේ කවුදැයි ටක්කෙටම මගේ මතකයේ නැතිය. ඒ හින්දාමය, ඒ කතන්දර කිව්වේ කවුරු- කවුරුන්දැයි නොලියා තියෙන්නෙත්.

එදා හවසත් මං හැදුවේ කන්ද නොනැඟ ඉන්නටය.

“වැඩිය දුරක් නෑ නිමල්. නැවති නැවතී ගියත් පැය බාගයක් යන්නැහැලු...”
“මං ලැහැස්ති වුණෙත් නෑ.”
“මොන ලෑස්තියක්ද අනේ... ඔන්නොහෙ සරම පිටිං යං.”
“ඒකනේ... යමු, යමු. කවිජ- ඔයා එන්න නිමල් අංකල් ළඟින්...”
“අපරාදේ කියන්න බෑ නංගි. නොකිව්වත් කවිජලා මට උදව් කරනවා- පොඩ්ඩක් හරි අමාරු පාටක් දැක්කොත්. ඊයේ ගල්දොළට නාන්න යද්දිත් එහෙමයි!”

“අද ඒ තරං අමාරු නෑ නිමලෝ!” අතුලත් එක්ක ඉස්සරහින්ම යන මර්වින් කිව්වේ එතකොටය.

“අයියොඃ... අමාරු නං මට කියන්න මිස්ටර් දිසානායක. මම උස්සගෙන යන්නං... හඃ හඃ හඃ!” අතුලත් කියයි.
“මේ අතුල. නිමල් අයියට උදව් කිරිල්ල තියලා- ගයායි සනෝලියි කොහේද කියලා බලල ඉන්නවා. ගයා හැම තිස්සෙම පරක්කුයි.”
“ඒකනේ... මං එයාව ඩිවෝස් කරන්න යන්නේ...” ඔහොම කතන්දර කියැවෙද්දී ආරණ්‍යය සීමාව ඇතුළේදී වුණත් හිනා නොවී ඉඳිතෑකිද?

බුදු හිමියන්ටවත් නැති වැදගත්කමක් හාමුදුරුවරුන් වහන්සේලා සිව් දෙනෙකුන්හටත්- ගිහි පින්වතෙකුහටත් ඒ පුවරුවෙන් පුදා තිබෙයි!

අප ගිහිං තිබුණේ ‘සිංහරාජ ප්‍රාන්ත අරණ්‍ය සේනාසනය’ටය. ඒ විස්තර එකින්- එක මතක් කරනවාට වැඩියෙන් ලේසි ක්‍රමයක් මට කල්පනා වුණේ එතනදීමය.

“අනේ වෙනුජ, හොඳ පුතා වගේ මෙන්න මේකෙත් foto එකක් ගන්නකො.”
මං කිව්වේ ‘අඩි 65කින් සමන්විත අවුකන ශ්‍රී සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ’ගේ පාමුල ස්ථාපනය කර තිබුණු ශෛලමය පුවරුවේ ඡායාරූපයක් ගන්නටය. (දිලිනි, සෙරාන්, වෙනුජ තුන් දෙනා එතැනදී foto සිය ගණනාවක් අරංය!)

ඒ ගැන කියන්නට කලින් ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය ඔබට කියවීමට දෙන්නේ ‘අර ගල් පුවරුවේ’ තිබෙන දේවල්ය.

හැම කෙහෙල්මලක්ම විග්‍රහ කරමින් බලන; හැංගී තියෙන දේවල් හොයන ‘නසරානි පුරුද්දක් ඇති’ මේ නිමල් දිසානායකයා කොච්චර හෙව්වත් ‘අඩි 65කින් සමන්විත’ බුදු හිමි කෙනෙකු එතැනදී මේකාට දැක ගන්නට ලැබුණේ නැත!

අනේ පව්!
පිළිම වහන්සේ ඉදි කරන්නට අවුරුදු 16ක් ගිහිංය. ඒ ඉවසීම ‘සමරු ඵලකයේ ලියැවිල්ල’ කෙටුම්පත් කරද්දී තිබිල නැතිවා වගෙය. මට හිතෙන්නේ එය ලියන්නට ඇත්තේ ‘තවමත් සිංහල ඉගෙන ගන්නා; කරුණු කාරණා නොදන්නා සාමණේර හාමුදුරුවන් වහන්සේ නමක්’ වෙන්නැති කියලාය.
 ශිලා පුවරුව පිහිටුවන්නට ඇත්තේ ‘අවුකන ශ්‍රී සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ’ නිරාවරණය කළ බව චිරාත් කාලයක් යනතුරුම සටහන්කොට තියන්නටය. එහෙත් එහි පිළිමයේ නම සටහන්ව ඇත්තේ සාමාන්‍ය අකුරෙනි. බුදු හිමියන්ටවත් නැති වැදගත්කමක් හාමුදුරුවරුන් වහන්සේලා සිව් දෙනෙකුන්හටත්- ගිහි පින්වතෙකුහටත් ඒ පුවරුවෙන් පුදා තිබෙයි!

(ඒ පුවරුවේ තිබෙන විදිහටමය, ඒ ලියැවිල්ල මේ අකුරු කරන්නේ.)

“සුඛෝ බුද්ධානං උප්පාදෝ”

වර්ෂ 1962ක් වූ මාර්තු මස 08 වන දින
ශ්‍යාමෝපාලි වනවාස මහා නිකායේ
මහා නායක බෝධිසත්ව ගුණෝපේත අතිපූජ්‍ය
පට්ටියවෙල ශ්‍රී රෝහණසිරි
මහා නායක මාහිමිපාණන් වහන්සේ විසින්
ආරම්භ කරන ලද
ඓතිහාසික සිංහරාජ ප්‍රාන්ත අරණ්‍ය සේනාසනයේ
2008 වර්ෂයේ නොවැම්බර් මස 28 වන දින
සේනාසනාධිපති
පූජ්‍ය හේනේගම ධම්මාධාර ස්වාමීද්‍රයාණන්ගේ
සහ පාලක අනුශාසක පූජ්‍ය
ගොඩකුඹුරේ ධම්මප්‍රිය ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ
අනුශාසනා පරිදි වත්මන් පාලක අනුශාසක ශ්‍රී රෝහණ
වනවාස මූලික පිරිවෙනේ නිර්මාතෘ සහ කෘත්‍යාධිකාරී
පූජ්‍ය දෙමුවාවත චන්දානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ
මෙහෙයවීමෙන් සහ කැපවීමෙන්
අඩි 65කින් සමන්විත අවුකන ශ්‍රී සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ
නිර්මාණය කිරීම සඳහා මුල්ගල් තබා භාරකාර මණ්ඩලයේ සහ
දායකකාරකාදී සැදැහැවතුන්ගේ ආධාර උපකාර මත
නිර්මාණය කොට 2024ක් වූ ජනවාරි මස 12 වන දින
ලෝවැසි සැදැහැවතුන්ට වන්දනා කිරීමට අරණ්‍ය සේනාසනයේ
භාරකාර තැන්පත් කරංකැටිය සමූහ ව්‍යාපාරයේ අධිපති
රොහාන් කුරුප්පු මහතාගේ පිංබර සුරතින්
නිරාවරණය කරන ලදි.
“චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං”

ඒ පිළිම වහන්සේටත් වඩා නරඹන අයගේ අවධානය දිනා ගන්නා බව පෙනෙන්නේ- ඉදිරිපසින් තිබෙන දිගු ‘නැරඹුම් වේදිකාව’යි.

“අර තියෙන්නේ බුදු පිළිමේ ඔළුව හදන්න ගත්ත අච්චුව නේද?” ගැටවර පෙම්වතියක් අහනවා ඇසිණි. ‘හෙමින්... හෙමින්... බුදු පිළිමෙක ඔළුව කියලා කියන්නෙ නැහැ සුදූ...’ ඒ දෙන්නා ඈතට ගිය නිසා ඉතිරි හරිය මගේ කනට වැටුණේ නැත.

එදා මට පෙනුණු විදිහට නම්, එතැන වඩාත් සිත් ගෙන ඇත්තේ ගැටවර ගැටවරියන්ගේය; තුරුණු පෙම්වතුන්ගේය. අප හැරුණුකොට එදා එතැන වැඩියෙන්ම හිටියේ එවන් පිරිස්ය. සමහරවිට එහෙම වෙන්නට ඇත්තේ ගොම්මන් වෙලාව එළඹෙමින් තිබුණු නිසා වෙන්නටත් හැකිය.

ඒ පිළිම වහන්සේටත් වඩා නරඹන අයගේ අවධානය දිනා ගන්නා බව පෙනෙන්නේ- ඉදිරිපසින් තිබෙන දිගු ‘නැරඹුම් වේදිකාව’යි. ඒ වේදිකාවේ කෙළවරට ගියාම සැතපුම් සිය ගණනාවක් ඈත ඔබට පෙනෙයි.
එහි සෙල්ෆි ගනිමින් සිටි කෙනෙකුගෙන් කියැවුණු විදිහට නම් රක්වාන නගරයයි, ළඟින්ම දැකිය හැක්කේ.

“ආරණ්‍යය සේනාසනයක් කිව්වට මොකද මෙතෙන්ට වැඩි-වැඩියෙන් වන්දනා නඩ අද්දව ගන්න කැමති පාටයි. පිළිම එහෙම වැඩියෙන් නෙළල තියෙන්නෙ ඒක නිසා වෙන්නැති.”
“දැනටත් වන්දනා නඩ පිටින් ඔය එන්නේ දානේ දෙන්න බාර ගත්තු උදවියලු.”

සිරීපාදේ කරුණා කරන්නට යන අපේ බැතිමතුන් ඒ පූජනීය අඩවියේ කැළි කසළ ටොන් ගණනිනි, දමා එන්නේ.

“තව වැඩි දවසක් යන්න කලින් ඒ සන්තෑසියම තමයි ‘සිංහරාජ ප්‍රාන්ත අරණ්‍ය සේනාසනය’ටත් වෙන්නේ. දැක්කද අපි මෙහාට එන අතරේ ගමේ මනුස්සයෙක් පාරෙ තියෙන කුණු එකතු කරපු හැටි. ඒ මනුස්සයා වන්දනාකාරයන්ට දොස් කිය-කියා ඒ වැඩේ කළේ. එයා වගේ හිත හොඳ මිනිස්සු නැත්තං, සමන් දෙයි හාමුදුරුවන්ටමයි දෙපොළක කුණු අදින්න වෙන්නේ!”

සමන් දෙයි හාමුදුරුවන්ටමයි දෙපොළක කුණු අදින්න වෙන්නේ!

“ඊට හපන්... මේ යන විදිහට නං තව ටික කාලයක් යද්දී හැම කඳු මුඳුනකම බුදු පිළිමයක් හරි කමියුනිකේෂන් ටවර් එකක් හරි තියේවි වගේ!”        

එදා රාත්තිරියේ මධු සාදයෙදීත් එවන් ‘ආන්දෝලනාත්මක මාතෘකා කීපයක්’ අපේ නඩය අවුස්සමින් මතු විණි.
“විනයවර්ධන නිකායේ නං ඔය පිළිමවලට වැඳිලි නෑනේ!” අතුල කිව්වේය, එතැනින් පස්සේ ඉතිං...
‘පාංශුකූලය දීම / සිව්වනක් පිරිස / දුටුගැමුණු කුමාරෝත්පත්තිය / මෝඩ ශ්‍රද්ධාව ආදී මාතෘකා ගොඩාරියක් අපේ විද්වතුන්ගේ සාකච්ඡාවට බඳුන් විණි. අන්තිමටම ඇදී ආවේ තලපත්පිටියේ තුරුම්පු xxxxලගේ පරම්පරාවේ විත්තියි; වෙඩි ගෙදර විත්තියි, ඒවා ප්‍රසිද්ධ කරන්නට බැරි තරමේ කාරණා වීමය; හිතට දුක.
එව්වා අත හැරියත් ලියනවා නං තව දේවල් තියෙන්නෙ...

මේ ගමන යද්දී අරගෙන යන්නනෙ ‘බකිනි කැවුම්’ හදන්න ගිහින් චාටර් වුණේ.
ඒ වගේමයි, අපේ ගීත සාද... අතුල- සාන්ත- මර්වින් තුන් දෙනාගේ නර්තන... ක්‍රමයෙන් දියුණු වෙන වෙනුජ පුතුගේ ගිටාර් වාදන හැකියාවන්...
සෙන්චූරියා එකේ රාමන්ගෙයි- කුමාර්ගෙයි අපූරු සේවාව...

ඔය ඔක්කොම ලියන්න ගියෝතින් නිදි වැටෙන්නේ සකල අමාරුවක! ඊට මීට වැඩිය සුබයි රජෝ, කුණ්ඩලි සලකුණු තියන එක. ඔන්න එහෙනං෴0෴

21 comments:

  1. //“නිමල් අයියට කියන්න පුළුවන්ද අර වට්ටක්ක සුප් දාල තියෙන භාජනේ වෙනසක්?”//

    https://www.youtube.com/watch?v=VM8Df0NjEGo

    ReplyDelete
    Replies
    1. කොහෙන්ද අප්පේ මේවා හොයා ගන්නේ?

      Delete
    2. ඊ ළඟට ඒ ෆිල්ම් එක ගැන ලියන්ඩ ද?

      Delete
  2. හාමුදුරුවො ඒ අයගෙ නම් පංසල්වල කොහොම ගහගත්තත් මටනම් කමක් නෑ.

    පාරවල්වලට "අති පූජ්‍ය වලස්පැටියානාවපුවැවේ ශ්‍රී සරණලෝකතිස්සානන්ද නාහිමි මාවත" කියලා දැම්මාම තමයි ඉතිං ... දේවදත්ත මතක් වෙන්නෙ

    ReplyDelete
    Replies
    1. Pra Jay, කාගෙ කාගේත් හොඳ වෙලාවටයි ඔයාට නාලාගිරි මතක් නොවෙන්නේ.

      Delete
  3. පෝස්ට් එකේ මාතෘකාව දකිද්දිම මමත් අහන්න ගියෙ "අඹරෝරෙ" කියන්නෙ මොකද්ද කියලා. හොඳ වෙලාවට බස්සා ඒක පළවෙනි කොටසෙ අහලා. මට මුලින්ම ඔලුවට ආවෙ අඹරෝරෙ කියන්නෙ මැෂින් එකක් වගේ අදහසක්.

    "සිරීපාදේ කරුණා කරන්නට යන අපේ බැතිමතුන් ඒ පූජනීය අඩවියේ කැළි කසළ ටොන් ගණනිනි, දමා එන්නේ". ඔය වගේ තව දෙයක් තමයි දානෙ ගෙදරක එහෙම ගියාම බලන්න- කාලා ඉවර වෙලා ගෙදර අයට භාජන අස් කරන්න වගේ පොඩි හෝ උදව්වක් කරන්න ඉතුරු වෙන්නෙ කීයෙන් කී දෙනාද කියලා. බහුතරය කරන්නෙ කාලා බීලා එන්ජෝයි කරලා, කෑම තියෙනවනම් බෙදාගෙන මාරු වෙන එක.

    ReplyDelete
    Replies
    1. කොහේද අප්පේ ගිහිං හිටියෙ? මට නම් අඩුව දැනුන ලොකුවටම.
      අපි පුරුදු වෙලා ඉන්නෙම 'එච්චර ගණන් නොගෙන ඉන්න'නෙ Lotus! හැබැයි දැන් දැන් ඒවාගෙන් මිදෙන බවකුත් පෙනෙනවා- මට නං.

      Delete
    2. අගය කිරීමට ස්තුතියි නිමල්. Missed you too.

      Delete
  4. "සෙන්චූරියා එකේ රාමන්ගෙයි- කුමාර්ගෙයි අපූරු සේවාව...ඔය ඔක්කොම ලියන්න ගියෝතින් නිදි වැටෙන්නේ සකල අමාරුවක!" ඔන්න ඔහෙ ලිව්වා නම් ඉවරනෙ නිමල්. හොඳ දේවල් ගැන වැඩියෙන් කතා කරද්දි කීප දෙනෙක් හරි ඔලුවට ඒවා දාගනියිනෙ (subconsciously).

    කලින් කොටසෙ customer service ගැන කියලා තියෙන කොටස් කියවද්දි මට මතක් වුණේ අර Chinese touristsලට මල් විකුණපු ලමයාව. අපි නොහිතන විදිහට, සමහරවිට ඉතාම පුංචි mannerism එකකින් පවා අනිත් අයගෙ හිත් දිනාගන්න පුලුවන් වීම ගැන හොඳම උදාහරණයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම Lotus, හැකි හැම වෙලාවේම 'හොඳ' දේවල් උලුප්පා පෙන්වන්න මං කැමැතියි. ඔයා කියනවා වගේ ඒ කරුණු අපේ උප විඥානයේ තැන්පත් වෙලා හෙමින් සීරුවේ හරි අපිව මෙහෙයවන බව මමත් විශ්වාස කරන හින්දයි ඒ. ඒ කාරණාව මතු කළාට ගොඩක් ස්තුතියි!

      "'මල් කුමාරයාගේ කතාව' අව්‍යාජ හිනාවකින්- සොඳුරු සංග්‍රහශීලී බවකින් උපරිම පළ ලැබෙන හැටි ගැන මං දුටු, මෑත කාලයේ හොඳම උදාහරණයක්.

      Delete
    2. සෙටිපිකැට් ඇත්ත. හොඳ කොටහ අරං බෝල්ට් කරන තරමට ඒ පිළිබඳ අවධානෙ ඔක්කෝටම ලැබෙනව හිටං

      Delete
  5. +++++++++++++👌💐
    වැටක් ගහල මලක් පූජා කරන්න ආවෙ. හිමීට කියවන්න ආයෙ එන්නං.

    ReplyDelete
    Replies
    1. වැටාධිපතිතුමා මොනවා හිතයිද දන්නෙ නෑ බස්සා මහත්තයෝ...

      Delete
  6. නිමල් අයිය නං කොහේ ගියත් මොනවා හරි බ්ලොග් එකේ ලියන්ඩ හොයා හොයාගන්නව නැත්තං හදාගන්නවා. ඒ නැතත්ම කොහොමහරි මොනවා හරි ලියනවනේ. මට ලියන්ඩ ඒවා තිබිලත් ලියන්න කම්මැලියි ඒයි. එපා වෙනවා

    ReplyDelete
    Replies
    1. මට නං මහේෂ්, එකේක වැඩ අප්පා. ලියන්ඩ දේවල් එමටයි, ඒත් ඒකට ඕනේ අඩුම-කුඩුම එකතු කරගන්නයි ලියන්නයි කාලේ එපැයි!

      කොච්චර වැඩ තිබුනත්, මාසෙකට posts පහක් ලියනවා කියන ඉලක්කයෙයි මං ඉන්නේ.

      Delete
  7. අදත් ආසාවෙන් කියෙව්වා...ජයවේවා...

    ReplyDelete
    Replies
    1. ඔහොම ආසාවෙන් කියවන ඔයාලා නිසාම තමයි මේ blog අඩවියට පාඨකයන්ගේ පිවිසුම් ගණන තුන් ලක්ෂය ඉක්මවා ගිහිං තිබුණේ!

      ඒ වෙනුවෙන් ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි!

      Delete
  8. හුම්! කියෙව්වේය. ඒ කරලා කමෙන්ට් කරන්න ආවේය.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ආව බව පේනවා. ස්තුතියි-
      තමුන්නැහේ ගිය සඳුදා නිවාඩුවකුත් දාල ඇවිත් මට උදව් වුණේ... ඔන්න ඒ කතන්දරේ පළමු කොටස අද blog එකට දැම්මා....

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්