li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, June 28, 2024

ඕන්න ඔහොමලු සුදනෙනි සිංහල...

දැන් දැන් හරි වැඩ රටේම වටපිට - සිද්ද වෙනව එක පෙළට වගේ
නැවකට තොරතුරු එළියට එනවා - වැස්සක් ඇද හැලෙනවා වගේ
ජරමර වැඩිකම හින්දද මන්දා - ඒවත් අමතක වෙනව වගේ
පොඩ්ඩක් සුලමුල අහලා බලමුද - කවියෙන්, එව්වයෙ තියෙන අගේ

ජානවලින්මත් හොරකම උරුමව තියෙනව වාගෙයි...

මුත්තා අපගේ හොරෙකිය උන්නේ හද්දා වනයක හැංගීලයි
යැපුණේ  තවලම් වෙළෙඳුන්ගෙන් හොර-කම් කරගත් දේවලින් තමයි
ජානවලින්මත් හොරකම උරුමව තියෙනව වාගෙයි- කියා හිතෙයි
උණ පුරුකේ හත් වසරක් ලෑවත් - බලු වලිගයෙ ඇද එහෙම්මමයි

මුත්තගෙ පුතුගෙත් ක්‍රියාව නරකයි - දුන්නෙන් විදලා පියා මරයි
වෙනත් ලඳුන් උන්නේ නැතිවද ඔහු - සහේට ගත්තෙත් නැඟණියවයි
රජෙක් වුණත් කරුමය පළ දෙනවා - ඒකෙ දෙකක් නෑ ස්ථීරයි
පුතෙක් උපන්නා නාහෙට නාහයි - දඩබ්බරයි; හොරකමෙත් යෙදෙයි

උපන් රටේ පුතු තියාගන්න බෑ - සමාජෙටම පිළිලයක් වගෙයි
මක් කරලාවත් හදන්න බැරි තැන - මිනිහව අල්ලල හිරේ දමයි
යාළුවො රොත්තත් එක්කම කුදලා - පැත්තක් බූ ගා නැවට දමයි
‘යකාට පලයන්’ කියා හිතාලා - ඒ නැව මහ සයුරට දැම්මයි

ඒ නැව පාවී විත් නවතින්නේ - මිහිබට සුරලොව වැනි රටකයි

ගෙවන්න තියෙනා කරුමය ගෙවන්න - උරච්චි කෙරුවට හරි නොයතෙයි
ඒ නැව පාවී විත් නවතින්නේ - මිහිබට සුරලොව වැනි රටකයි
හොරා දුටු ගමන් ආලෙන් වෙළිලා - ඔහු සැමියා ලෙස පිළිගනිතෙයි
නෑයන් වනසා, හොරාව රජකොට - කිරුළු පලන්දා රජ සැප දෙයි

ඕන්න ඔහොමලු සුදනෙනි සිංහල වරිගෙ ඇති විණියි කියවෙන්නේ
ඉතිං කොහොමදෝ අපහට උදාර - සාඩම්බර ගති හිමි වෙන්නේ
හතර අතේ හොරු, තුච්ඡ නීච හොරු හැකි උපරිමයෙන් දත කන්නේ
හොරා කන්නමයි; තිරිත්තමක් නැත- සීමාවක් නැත උන් දන්නේ

රට පාලනයට ලොකුම සුදුසුකම - හොරකම පුළුවන් වෙන එකද
තනතුරු දරන්න ලොකුම සුදුසුකම - ඒවට උඩගෙඩි දෙන එකද
ඉහළම තැන හිට පහළට යනකල් - ඔක්කොම ඉන්නේ පල් හොරුද
සුදු ඇඳ ගත්තට, අම්මප මහතුනි - මුන් ඉන්නේ හෙලුවෙන් නොවෙද      

පරම්පරා හත-අටකට කෑවත් ඇති වීමක් නං නෑ වෙන්නේ
රසේ දන්න හින්දාමයි තාමත් බලේ අතැරලා නොදමන්නේ
ඔහේ කෑවදෙන් කියලයි නිවටයො - කටු ලෙවකාලා සැනසෙන්නේ
මුන් කන්නේ අපෙ රීරි මාංශෙයි; චුට්ටක් වගතුග හොයමු අනේ

සුදු පිරුවට ඇඳ, පිරිත් නූල් බැඳ, රටට කරන්නලු පේ වෙන්නේ

ඇමතිවරුන් රාජ්‍ය බැංකුවලට රුපියල් කෝටි 65,000කට වඩා පොලු තියලා!

මෙහෙම හොරා කා තියෙන්නෙ මුන්දැල ඔබෙයි මගෙයි වස්තුව නේද
කවුද මෙහෙම පොලු තිබ්බේ කියලා, නම් ගම් එක්කම කියනවද
උන්ගේ වගතුග රට දැන ගත්තම - වරදක් හෙම සිදු වෙනවාද
හොරා කෑව නං, ඒ බව කිව්වම - පැත්තක් යන්නේ නෑ නොවෙද

සුදු පිරුවට ඇඳ, පිරිත් නූල් බැඳ, රටට කරන්නලු පේ වෙන්නේ
සමහර උදවිය බණත් වදාරති; රහත් වෙලා වගෙ පෙන්නන්නේ
කටේ නරි වදන් නිතරම උන්ගේ රෙද්ද පල්ලෙනුයි බේරෙන්නේ
බොක්කේ දඩමස්, හක්කේ බුදුරැස් - අපිමයි උන්හට රැවටෙන්නේ

කෙටිකාලීනලු මතකය අපගේ - සුමාන දෙකයිලු පවතින්නේ
ඇත්තද මංදා, එහෙව් විත්තියත් - හිතා බලන්නට වටිනවනේ
නැත්තං මෙච්චර දේවල් වෙද්දිත් - වගේ වගක් අපහට නැහැනේ
හොරුන්ට දිගටම බලයෙ හිටින්නට - මනාපෙ දුන්නෙත් අපිමයිනේ

අමුතු ඇටේ දැන් නීතිය එහෙමයි - ජහමනයා ඔහෙ බලා හිඳියි

  කටුගෙයි බඩුත් නැති වෙලා!

කෞතුක අයිටම් හත්දාහකටත් වැඩිය නැති වෙලා කටු ගෙදරින්
එහෙම කෙරෙද්දිත්, වගේ වගක් නෑ - හෙවිල්ලකුත් නෑ වගෙයි ඉතිං
රාජකාරි හරි හැටි ඉටු නොකරන - අයටත් දිගටම වැටුප් දෙමින්
නඩත්තු කෙරෙන්නෙ මොකටද අප්පේ - රටේ සල්ලි වියදම් කරමින්

විගණන කෙරෙනව- රිපෝට් කෙරෙනව විතරයි- ඒවා යට ගහතෙයි
ලොකු ලොකු උදවිය ගෑවිල ඇත්තන් - ඒවා කිසිදා උඩ නොඑතෙයි
බඩ ගින්නට පොල් ගෙඩියක් ගත්තත් - දුප්පතෙකුට නං අච්චු කෙරෙයි
අමුතු ඇටේ දැන් නීතිය එහෙමයි - ජහමනයා ඔහෙ බලා හිඳියි

තෙල් බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021.07ක් වැඩිපුර ගෙවලා: බර අපේ පිටට!

මෙච්චර හරියක් වෙනකල් අම්මප - වගකිව යුත්තන් බුදිද බොලේ
නැතිනං සේරම එකතු වෙලා - රහ බලලා වාගෙයි ‘තෙලේ අලේ’
දැනටම දෙන්නෙක් රටත් ගිහිල්ලලු - ලීක් වෙනකොටම ජංජාලේ
අනිත් උනුත් රට ගියාම වහනව - වගෙයි ගේට්ටුව ඉස්තාලේ

බෙදුම්කරුවො මේ රටේ මිනිස්සුද - කාගේ කවුරුද හොයනවද
වැඩිය ගෙවු මුදල් ආපහු ගන්නට ක්‍රමයක් එහෙමත් තියෙනවද
නැත්තං ඒවත් බොල් ණය ගොඩටම දාන්න සැලසුම් තියෙනවද
මෙහෙව් news ගැන හිතන්නෙ කවුරුද - රටකට වෙන්නේ මොනවාද

නිලේ අල්ලලා මුන් දණ ගස්සන කාලය - වැඩි ඈතක නැහැනේ

එක්ස්ප්‍රස් පර්ල් නැවේ දත්ත හිතා මතා මකලා!

විපත සිදු වෙලා අවුරුදු තුනකුත් ගිහිල්ල ඉවරයි නේද බොලේ
තවමත් වෙන්නේ එහාට-මෙහාට වීසි කරන එකමයි බෝලේ
මෙහෙ වැඩ වෙන්නේ, වෙන රටකදි නං - කවදාවත් නොවෙනා තාලේ
දත්ත මකාලලු හිතා මතාමත්  - පැටලිලාද රට මේ උගුලේ

කමු බොමු නිඳියමු පොංගල් කෙළිනෙමු - මෙව්වා දිගටම සිදු වෙද්දී
කාබාසිනියා කරන්ට උන්හට - තව වැඩියෙන් බදු පනවද්දී 
රටට අපට වෙන සේරම දේවල් - නිරතුරු සන්තානයට වදී
රිදුම් දෙවයි හද, මෙහෙව් කොදෙව්වක උපන්නාට ‘මේ වෙලා මදී!’

මැති ඇමති පනස්හයක් ගෙවල් කුලියට පොලු තියලා

ගෙවල් කුලියවත් ගෙවන්න ලෝබයි - පිනටම ඉන්නයි සැරසෙන්නේ
යටිමඩි ගහ ගහ, බොරු පච කෙළ කෙළ - බලේ රැඳෙන්නයි දත කන්නේ
නිලේ අල්ලලා මුන් දණ ගස්සන කාලය - වැඩි ඈතක නැහැනේ
පන්නමු හොරු ටික මේ වංගියෙ නම් - වරද්ද ගන්නට එපා අනේ   

·        කවි ටික ලියාගෙන එනකොට සෙනෙගාලයේ පාපන්දු ක්‍රීඩක Sadio Mane පිළිබඳව මේ කතන්දරේ දැක්කා. ඔයාලත්
කියවල බලන්නකෝ.

මම මගේ රටේ දුප්පත් දරුවන්ට අලුත් පාවහන්,ඇඳුම් පැලඳුම්,කෑම දෙනවා.
තනිව ජීවත් වෙනවා වෙනුවට ‘සුවපහසු- සුඛෝපභෝගී පාරාදීසය’ මගේ මිනිසුන් සමඟ බෙදා ගැනීමටයි මට අවශ්‍ය!

‘චිත්‍රපටියකට කෝටි 150,200,කෝටි 300 උපයන සෝබන නළු නිළියන් අතරෙ...
32 හැවිරිදි සෙනගාලයේ ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයා වන Sadio Mane ලංකාවේ මුදලින් සතියකට රුපියල් කෝටි 60 ක් උපයනු ඇතැයි ගණන් බලා තිබේ.

මෙතරම් මුදලක් උපයා ගත්තද ඔහු බොහෝ තැන්වල දක්නට ලැබුණේ ඩිස්ප්ලේ කැඩිච්ච ජංගම දුරකථනයක් සමඟය.

සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන විමසූ විට, "මම ඒක හදවගන්නම්.” ඔහු කීවේය.
“ඩිස්ප්ලේ දානවට වඩා ඔබට අලුතෙන් ජංගම දුරකථනයක් මිලදී ගන්න පුළුවන් නේද?” මාධ්‍යවේදියෙක් ඔහුගෙන් ඇසුවේය.

“මට මොබයිල් 1000ක්,ෆෙරාරිස් 10ක්,ජෙට් යානා 2ක්,ගණන් කළ නොහැකි දියමන්ති ඔරලෝසු මිලදී ගත හැකියි... නමුත් මම මේ සියල්ල මිලදී ගත යුත්තේ ඇයි?
මම දුප්පත්කම දැක්කා... කෑමට දුක් වින්දා... කියවන්නවත් බැරි තරම් දුප්පත්කමෙන් වට වෙලා... අඳින්න සපත්තු ගන්නෙත් නැතුව පාවහන් නැතුව සෙල්ලම් කළා... හොඳ ඇඳුම් නැතුව හිටියා... බඩගින්නෙ හිටියා...
ඒත්... අද මම ගොඩක් මුදල් උපයනවා;ඒකයි මම හම්බ කරන සල්ලිවලින් මිනිස්සුන්ට ඉගෙන ගන්න පුළුවන් විදියට ඉස්කෝල හැදුවේ.

-මම මගේ රටේ දුප්පත් දරුවන්ට අලුත් පාවහන්,ඇඳුම් පැලඳුම්,කෑම දෙනවා.
තනිව ජීවත් වෙනවා වෙනුවට ‘සුවපහසු සුඛෝපභෝගී පාරාදීසය’ මගේ මිනිසුන් සමඟ බෙදා ගැනීමටයි මට අවශ්‍ය." Sadio Mane උත්තර දුන්නේය!’

අනේ Sadio වගේ කොලිටි අය - ඇයි මෙහෙ දැක ගන්නට නැත්තේ
දන්සල් දෙන්නන් නං වැහි වැහැලා - හිටියා දුටුවා මේ පැත්තේ
හැබෑම සුදනන්; හැබෑ මිනිස්සුන් - වැඩි වී හොරු අඩුවෙන තත්තේ
උදා වෙන්නෙ කවදාද සිරිලකට - එදාට රට ගොඩ යනු ඇත්තේ෴0෴

47 comments:

  1. is this a NPP propaganda piece Comrade Nidi?

    ReplyDelete
    Replies
    1. ඔයාට කැමති ගොඩකට දාගන්න. මට දැනුනු දේවල් ටිකකුයි ලිව්වේ.

      Delete
  2. සිංහලයො පැවතෙන්නෙ විජයගෙන් කියන එක පිස්සු කතාවක්.. ඊට වැඩිය මහා දීර්ග ඉතිහාසයක් මේ රටට, එහි මුල් පදිංචි කාරයන්ට තියනවා.. ඕක දැන්වත් හරි ගස්සන්න, ළමයින්ට සිංහලයගෙ ඇත්ත ඉතිහාසය උගන්වන්න ඔය ඉතිහාසවේදීන් කියන අය ඉදිරිපත් වෙන්න ඕනා.. ජැක්සන් ඕකට අඩිතාලම දාලා මැරිලා ගියෙ.. දැන්වත් අනිත් උන් ඒගැන කටයුතු කෙරුවොත් හොඳයි...

    ලංකාවෙ දේශපාලුවො පැවතෙන්නෙ විජයගෙන් කියන එකට මම එකඟයි.. ඒ නැවේ ආපු හොරු රංචුවෙන් බෝ වෙච්ච උන් තමා අද ඔය පාර්ලිමේන්තු ගිහින්, ජනාධිපතිලා, මැති ඇමතිවරු, රජයේ නිළධාරීන් වෙලා මේ රට හොරා කන්නෙ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සෙන්නා.
      අපේ ආදිතමයා විජය නෙවෙයි කියන මතයෙයි මාත් ඉන්නේ.

      සතියක් ගෙදර හිටියෙ නෑ. කතරගමට පාද යාත්‍රාවේ ගිය නිසා. ඊයේ රෑ ගෙදර ආවේ.පිළිතුරු දෙන්න පරක්කු වුණේ ඒකයි.

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. බදු ගෙවන මිනිස්සු තමංගෙ සල්ලි වංචා කරන එකට විරුද්ධව නැගී සිටිනකල් මේක හදන්න බෑ.
    (ආදායම් බදු විතරක් ගෙවන මනුස්සය විතරක් නෙමෙයි හැම මනුස්සයම කන පරිප්පු ඇටේට හිටං බදු ගෙවනවයි කියලත් මිනිස්සු තේරුං ගන්න වෙනව.)

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රසන්න මහත්තයෝ- පුලුවන් හැම ක්‍රමයකින්ම අපෙන් හොරාගෙන ඒවා නිසි විදිහට නොයොදවන ක්‍රමයක් තමයි මෙහෙ තියෙන්නේ. අපෙන් වැඩි දෙනෙකුටත් ඒ ගැන අවබෝධයක්- උනන්දුවක් නෑ.

      Delete
  5. නිලේ අල්ලලා මුන් දණ ගස්සන කාලය - වැඩි ඈතක නැහැනේ
    පන්නමු හොරු ටික මේ වංගියෙ නම් - වරද්ද ගන්නට එපා අනේ //
    ගියපාර පල්ලිවල බෝම්බ පිපුරුවා ,
    මේ පාර අප්පච්චිලා බාප්පලා මොන සප්‍රයිස් එකක් දෙයිද?
    මං හිතන්නේ මේ පර කොටි බෝම්බ ගහයි....

    ReplyDelete
    Replies
    1. තවම කස පුපුරන සද්දේ විතරයි ඇහෙන්නේ. පෙරහර පරක්කු කරවන්නනෙ හදන්නේ ලලිත්!

      Delete
  6. හ්ම්......කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. හ්ම්....හ්ම්....

      Delete
    2. ඉතාම සතුටුයි. ප්‍රසන්න මහත්තයට ආයෙමත් පරිගණකයේ කෝටා එක වැඩියෙන් හම්බ වෙන්න පටන් ගෙන වගේ.....

      Delete
  7. එකයි, දෙකයි තුනයි කියල බස්සන් ගැණපන්
    කිරි අප්පට , ඉංගිරිසියෙන් "හූම්" කියාපන්
    ගණ පිහිටලා, එලිවැට දිග මලුත් හිටෝපන්
    කවි ලියන්න නොදන්න අය මේක කියෝපන්

    කවි හදන හැටි

    ReplyDelete
    Replies
    1. හුටා! වැරදිලා ලොග් නොවී ඇනෝ විදිහට පෝස්ට් වුනා. මම කවි ලියන්න දන්නෙ නෑ. මෙච්චර කල් කලේ, කාගෙ හරි ප්‍රසිද්ධ කවියක් අරගෙන රී-ස්‍යිකල් කරන එකයි. එතකොට නිදි ලොක්ක කියනවා " හොඳට් ගණ පිහිටුවලා තියනවා, එලිවැට, එලිසමය හොඳයි" කියලා . මට මෙලෝ අල බෝලයක් තේරුනේ නෑ. පස්සෙ හොයන කොට තමයි උඩ තියෙන ලිපි පෙල හම්බවුනේ.

      දේසපාලනේ ගැන තියෙන අදහස ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඒත් ගැන ලියලා, සැර වැඩියි කියල හිතිලා මැකුවා .
      චන්දෙ එනවා. හොරු අතරින් හොඳම හොරා තෝරනවා ඇරෙන්න, වෙන විකල්පයක් නැති බව තේරෙනවා. නිදි හැමදාම වගේ, හිතට හරියි කියල හිතෙන දේ කියන්න කරන්න උත්සහා කරනවා කියල හිතෙනවා.👌🙏

      Delete
    2. බකුසුතුමෝ, කවි ලියන්න ඉගෙනගන්න හොඳම තැනකටයි ඔයා පාර කියා තියෙන්නෙ. මම එහාට ආයෙම යනවා- නිදහසේ.
      දේශපාලනේ ගැන විතරක් නෙවෙයි, මට දැනෙන හැඟෙන හැම දෙයක් ගැනම කියනවා- මට හරිය කියලා හිතෙන අදහස.
      මට හිතෙන්නේ නං අපි අපිත් තව ගොඩාරියක් අවංක වෙන්න ඕනිය කියලයි. අපි පුරුදු වෙලා ඉන්නත් පුළුවන් හැම තැනකදීම බොරුවෙන් වංචාවෙන් වැඩ කරන්න කියලයි මට හිතෙන්නේ. එහෙම සමාජයකින් එන නායකයොත් ඉතිං එහෙම එවුන් !

      Delete
    3. අහා! මට හිතුනා උත්තර දෙන්න පරක්කු වෙන කොට කොහේ හරි වල්ටුවර් එකක් හිහිල්ලා ඇති කියලා. නිදිට සංචාර සඳහා ලැබෙන ආරාධනා අනුව, නිදිව එයාලට නැතුවම බැරි සාමාජිකයෙක් වගෙයි පේන්නෙ.

      //අපි පුරුදු වෙලා ඉන්නත් ..... බොරුවෙන් වංචාවෙන් වැඩ ..... එහෙම සමාජයකින් එන නායකයොත් ඉතිං එහෙම එවුන්//

      මේක මසුරං කියමනක්. තට්ටයාත් ඔහොම එකක් කිව්වා"උපතේ සිට මිනිය දක්වාම අන්දන්න බලන් ඉන්න, "ගේමක්" ගසා ගොඩ යන්න බලන් ඉන්න සමාජයක කියලා. වරක් කොරියන් තානාපතිත් ඔහොම කතාවක් කිව්වා. කොරියාවෙ ඉන්න ලාංකිකයො ඉඩක් ලැබිච්ච ගමන් අයිස් ගහනවා කියලා. අපි අලස කම, හොරකම, වංචාච අගය කරන සමාජයක්. දේශපාලකයාගෙ ඉඳන් රාජ්‍ය සේවකයා දක්වාම කරන්නෙ ඒක. දැන් හයි ටෙක්, නැනෝ, AI වගේ ලොකු පුහු වැඩත් ඒකටම එකතු වෙලා. හිටපු ගමන් ඇල් වතුරෙන්, පොල් වතුරෙන් වාහන දුවවන "විද්‍යාඥයො" පහල වෙනවා. අපි මේ බොරුවෙන් මිදිලා, අපේ ඇත්ත තත්ත්වය තේරුම් අරගෙන, අර කිව්වා වගේ අවංකව කතාකරන තෙක් ගැලවුමක් නෑ.

      Delete
    4. 2013 මුල්වරට පාද යාත්‍රාවේ යැවුණේ මට ඕනෑ වුනු නිසා. අයස්මන්ත මහතායි සංවිධාන වැඩට උර දුන්නේ. මේ හයවෙනි වතාව. මං නිසා වේගය අඩාළ වෙද්දීත්, මගේ බරබද්දල් සේරම උස්සාගෙන යන්න වෙද්දීත් එයාල තවමත් මාව එක්කගෙන යනවා. පොඩ්ඩ බැරි වෙද්දී බනින්න ඉන්නේ මම විතරයිනේ
      අපේ නමී උන්නැහේත් දැන් පාද යාත්‍රා නඩේ නිත්‍ය සාමාජිකයෙක්- එය තුන්වෙනි වතාවට ඒ ගමන ගියේ. මගෙන් වැඩියම බැනුම් ඇහුවේත් නමී. ඒ යක්ෂයා තමයි එපා කියද්දීත් මගේ බෑග්ස් සේරම උස්සාගෙන යන්න හැදුවේ.

      බකුසුතුමෝ, ඇත්තමයි අපි සේරම අවංක වෙනවා නං, ප්‍රතිපත්තියක් ඇති අය වෙනවා නං එහෙම නායකයනුත් අපට ලැබේවි නේද?

      Delete
    5. අද උත්තර ලියලා සුපුරුදු විදිහට සහෝදර බලොග්ස් කියවන්න ගියා. මාතලන් 'ලෙනවගේ පෙත්සම, ජනාධිපතිවරණය, අධිකරණ බලය හා ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම' කියලා post එකක් දාලා. ඒකෙ comments අතරේ ඇනෝ කෙනෙකුගෙ කමෙන්ට් එකක් තියෙනවා...හර්දික් පාණ්ඩ්‍යා ගැන- අපූරු පාඩමක් වගේ. වෙලාව තියෙනවා නං කියවලා බලන්න වටිනවා.
      https://maathalan.blogspot.com/2024/07/blog-post_4.html

      ඊළඟට අජිත්ගේ "අසාමාන්‍ය ජර්මන් ගමන' post එකට.
      https://kolambagamaya.blogspot.com/2024/07/blog-post.html
      ඒකේ අපූරු විස්තර අතරේ මෙහෙම කොටසකුත් තියෙනවා.
      //පාටිය ඉවර වෙනකොට උදේ තුනට විතර ඇති. මෙහෙ පාටි වලට එන්න කීවම හැමෝම වගේ හොටෙල් කාමරයක් බුක් කරනවා රෑට නිදා ගන්න. කවුරුත් බීල ඩ්‍රයිව් කරන්නේ නැහැ. නොබී හිටිය නෑදෑ ළමයි දෙන්නෙක් ළඟ ළඟ හොටෙල් සහ ගෙවල් වලට කට්ටිය අරන් ගියා.//
      ලංකාවේ මම දන්නා 99%ක්ම බීලා වාහන එලාවනවා- නොයෙක් වංගු ගගහා....

      Delete
    6. ඕන්න අපේ නීතිගරුක බව..... විනය...

      Delete
    7. ස්තුති නිදි. ඇත්තටම මම ඕක ලංකාවේ මෙහෙ ඉන්න අයගෙත් දැකල තියනවා. බීලා ඩ්‍රයිව් කරනවද කියල ඇහුවම - අපෝ ඕක මොකක්ද " කියනව හෙන පිරිමි කමක් වගේ. සමහර වෙලාවට වයිෆ් ලත් කියනවා "මෙයාට පුළුවන් අනේ. කොපි එකක් බීලා යන්න " අනේ මන්ද ඉතින්. මම බීවොත් ඩ්‍රයිව් කරන්නේ නැහැ. මමයි වයිෆ් නුයි මාරුවෙන් මාරුවට තමා පාටි වල බොන්නේ. නැත්නම් දුව එක්ක යනවා එහෙමත් නැත්නම් යන තැන නතර වෙනවා . බැරිම වුනොත් උබර් එක තියෙනවනේ.

      Delete
    8. අනුන් හදන්න කලින් තම-තමනුත් හැදෙන්න ඕනනේ අජිත් . අපි නොකරන්නේත් ඒකමනේ!

      Delete
  8. මේ දවස් වල මම ගැටළු රාශියක!

    සාමාන්‍යයෙන් ජීවිතේ තිබුනු ප්‍රශ්න වලට අමතරව ඉඩම් නඩුවක්/ ගිටාර් පුහුණුවක්/ නැවත රට වටා සයිකල් සවාරියක් සඳහා සූදානමක් වැනි කාරණා නිසා බ්ලොග් කියැවීමට තබා මගේ බ්ලොගය යාවත් කාලීන කිරීමට නොහැකිවූ බව කරුණාවෙන් සලකන්න!
    ඒ නිසාඅම ඔබලාගේ රසවත් ලිපි කියැවීමට හෝ ඊට ප්‍රථිචාර දැක්වීමට නොහැකි වීම පිළිබඳව සමාව දෙන්න!

    අගෝස්තුව වන විට සුපුරුදු රිද්මයට වැටේවි.
    එතෙක් බලා සිටිමු.

    ඒ අතරේ මගේ හොඳම මිත්‍රයෙකුගේ අම්මා කෙනෙකුත් මිය ගියා.
    මේ ගැන මම පොඩි පෝස්ට් එකකුත් ලිව්වා.

    https://thattayagekolama.blogspot.com/2024/06/287.html

    පුළුවන් උනොත් ඒකත් බලන්න!
    ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. තට්ටයා මහත්තයෝ, ඔයාගේ කමෙන්ටුව spam ගොඩේ තිබ්බේ.
      ඉක්මනින්ම විවේකය ලැබී ලියන්නට ඉඩ සැලසේවා.

      Delete
  9. "හොරා දුටු ගමන් ආලෙන් වෙළිලා - ඔහු සැමියා ලෙස පිළිගනිතෙයි" එහෙම බලනකොට හොරුන් එක්ක 'ආලෙන් වෙළෙන' එකත් ජානවලින්ම ඇවිල්ලා වගෙයි. "අපේ හොරා අපිට හොඳයි" කියාගෙන හිටපු කාලයක් තිබුනනෙ.

    "තනිව ජීවත් වෙනවා වෙනුවට ‘සුවපහසු සුඛෝපභෝගී පාරාදීසය’ මගේ මිනිසුන් සමඟ බෙදා ගැනීමටයි මට අවශ්‍ය." හපොයි.. එතකොට Sadio Maneට ලබන ආත්මෙ දිව්‍ය ලෝකෙ යන්න බැරි වෙයිනෙ. ලංකාවෙ මිනිස්සුන්ගෙන්වත් ඉගෙනගෙන ඔය සල්ලි සෑසනේට පූජා කරන්න කියන්න.

    ReplyDelete
    Replies
    1. Lotus, තවමත් අපිට පුරුදු අපිට පොඩි හරි දෙයක් දෙන හොරාගේ පැත්තට ආවඩන්නනෙ. ළඟදිත් හාල් කිලෝ දහය ගණනේ දුර පලාත්වල හැමෝටම බෙදල තිබ්බේ.
      Sadio Mane වගේ උදවිය මේ ආත්මෙදීම පණ පිටින්ම දිවිය ලෝකෙ ගිහිං ඉන්නේ කියලය් මට හිතෙන්නේ. අපේ සැදැහැවත්තු- සාසන භාර උදවිය ගොඩ දෙනෙක් මේ ආත්මෙදිත් දැවි දැවී ඉන්න අතරේ.

      Delete
    2. "Sadio Mane වගේ උදවිය මේ ආත්මෙදීම පණ පිටින්ම දිවිය ලෝකෙ ගිහිං ඉන්නේ කියලය් මට හිතෙන්නේ". සම්පූර්ණ ඇත්ත.

      Delete
  10. "දන්සල් දෙන්නන් නං වැහි වැහැලා - හිටියා දුටුවා මේ පැත්තේ" ඔය දන්සැල් දෙන එකෙන් ඇත්තටම කිසිම වැඩක් තියෙනවද. මිනිස්සු සාමුහිකව එකතුවෙලා වැඩක් කරන එකනම් හොඳයි, ඒ වුනාට ඕවයින් දුප්පත් මිනිස්සුන්ට ලැබෙන දෙයක් තියෙනවද. මේ රටවලනම් ඕවා social events විතරයි. මම දැක්කා YouTubeවල සමහරු එක දන්සැලකින් දවල්ට බත් කාලා, ඊලඟට රෝස් පාන් කන්න යනවා. ඊට පස්සෙ බිස්කට්, කේක්, තේ දන්සැලකට ගිහින් කාලා, තව දන්සැලකින් සැන්ඩ්විචස් කාලා, එතනින් නූඩ්ල්ස් දන්සැලකට යනවා රෑට කන්න. ඒ යනගමන් තව දන්සැලකට ගිහින් බත් පැකට් ගන්නවා. අනේ මංදා.

    ReplyDelete
    Replies
    1. හුඟ දෙනෙක් හිඟන්නන්ට- දුප්පතුන්ට යමක් දෙන්නේ, දන්සල් දෙන්නේ තම-තමන්ගේ ඉසුරුමත් බව තමන්ට ඒත්තු ගන්වා ගන්නටය කියන අදහසකුත් තියෙනව නේද Lotus?
      දන්සල් දීම වැඩි හරියක්ම පිරිස් එකතු කරවන සාමූහික වැඩක් විදිහටයි මම දකින්නේ.

      මේ වතාවෙත් අපි පාද යාත්‍රාවේ ගිහිං ආපහු ආවා විතරයි. ඒ දවස්වල අපේ කෑම වේල් වැඩි හරියක්ම පිරිමැහුණේ දන්සල්වලින්. හාල් තුනපහ උස්සගෙන ගියත්- වෙහෙස නිසා උයන්නේ නැතිව, අපිත් දන්සල් වැන්දා.

      Delete
    2. "මේ වතාවෙත් අපි පාද යාත්‍රාවේ ගිහිං ආපහු ආවා විතරයි. ඒ දවස්වල අපේ කෑම වේල් වැඩි හරියක්ම පිරිමැහුණේ දන්සල්වලින්" කොච්චර හොඳද. ඒ වගේ දන්සල් තමයි ඇත්තට දන්සල්.

      Delete
    3. ඒ ගැන විස්තර ලියන්නයි හදන්නේ, Lotus.

      Delete
  11. නිදි ලංකාවේ ජනතාවට තියන චොයිස් හරිම අඩුයි. සජ්ජගේ පැත්තෙත් ඔය කියන හොරු සෙට් එකක් ඉන්නවා. මාලිමාවේ පැහැදිලි බෙදීමක් තියෙනවා.
    අර උඩ සෙන්න කීව වගේ රටේ ඉතිහාසය විජයගෙන් නෙමේ පටන් ගන්නේ කියන මතයේ මමත් ඉන්නව. හැබැයි මේ රාවනා සෙට් එකක් නටන නාඩගම් නිසා ඒ ඉතිහාසය එලියට ගන්න අමාරුයි

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, අපේ ගොඩක් දෙනාට සිද්ද වෙන වැරැද්ද යම් අදහසකට හරි ව්‍යාපාරයකට හරි කැමති වෙච්ච ගමන්ම ඒ පිලේ වැරදි නොපෙනී යන එක, පෙනුණත් කියන්න බැහැ- ද්‍රෝහියෙක් විදිහට ගැනෙන නිසා. අපේ උදවිය විවේචනවලට මාර බයයිනෙ.
      තමන්ගේ පිල දිනවන්න කෙරෙන වැඩි වැඩ නිසා සමහර වෙලාවට තමන්ටම අවාසි වන බවත් එයාලට තේරෙන්නෙ නෑ.

      ඇත්තටම අපිට චොයිසස් නැහැ නේද අජිත්? ඉස්සරහට දාන බලවත් හොරු අතරෙන් ටිකක් හරි හොඳ එවුන්ව තෝරා ගන්නවා ඇරෙන්න.

      Delete
    2. ලංකාවේ මෙච්චර කල් තොර ගත්තෙත් ටිකක් හරි හොඳ එවුන්නේ. දෙන්න කෙනෙක් නැහැ කියල. 😀

      Delete
    3. @ අජිත් අයියේ,

      ඔයා කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත, බලයේ ඉන්න අය ලොකු හොරු කියලා උන්ට විරුද්ධව "හොරු හොරු" කියලා මහා කෝලාහල කරන විපක්ෂ දේශපාලනය කරන අය පොඩි හොරු ඒ නිසා ලොකූ හොරු එලවන්න පොඩි හොරුන්ට බලය දෙනවා. අන්තිමට විපක්ෂ පොඩි හොරු බලය ලැබුණාම ලොකුම හොරු වෙලා හිටපු හොරුන් පොඩි හොරු බවට පත් වෙනවා, ඕක තමයි ලංකාවේ දේශපාලන විෂම චක්‍රය.

      ඔයා ජාජබ මාලිමාව ගැන කියපු නිසා දැක්කද නිව්ස් එකක් තියෙනව හොර බදු ඔප්පුවක් හදලා ගොඩනැගිල්ලක් නීතිවිරෝධීව
      අත්පත් කර ගැනීම සම්බන්ධව ජාජබ මාලිමා විධායක සභික සහ ජවිපයේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ සහෝදරයා වංචා විමර්ශණ අංශයට ගෙන්වා තිබෙන බව.

      මෙයට ජවිපයේම රංජන් ජයලාල් සහ මහින්ද ජයසිංහ යන වෘත්තීය සමිති කැදවුම් කරුවන් කියන දෙන්නාද සහාය වී ඇති බව පැවසේ.

      දින කීපයකට පෙර එල්ල වුන මේ චෝදනාවට වසන්ත සමරසිංහ සහෝදරයා හැරෙන තැපෑලෙන් උත්තරයක් දෙයි කියලා මම හිතුවට දැන් බලනකොට වසන්තට කට උත්තර නැතිවෙලා වගේ වැටහෙනවා. වසන්ත සමරසිංහලා දැනට මෙහෙම නම් බලයක් ලැබුනොත් ඔය විකුණනවා නෙවෙයි අපිත් කරන්නේ බදු දෙන එක කියලා ලංකාවේ ගොඩක් රජයට අයත්
      දේවල් පෞද්ගලික අංශයේ හිතවතුන්ට බදු දීලා අතයට ගානක් හොයා ගනී කියලා දැන් තේරෙනවා.

      ඒ වගේ මාලිමාවට බලය හිමි කාලයක නම් ඒවා ගැන ප්‍රශ්ණ කරන්න උදේ පත්තරේ කියවන චමුදිතලා වගේ අය බිහිවුනොත් හදිසියේම පාරේ වාහනය හැප්පිලා වගේ ස්භාවික මරණයක් වෙයි එච්චරයි.

      දැනටමත් බුකියේ මාලිමාවට සම්බන්ධ දායක සභාව දාන කමෙන්ට් දැක්කම අපිට තේරෙන්නේ ඒ වගේ කාලයක් බැරිවෙලා වත් ආවොත් ප්‍රශ්ණ කරනවා වෙනුවට අපේ සහෝදරයා ඒක කලේ රට වෙනුවෙන්, එය කලයුතුම කාර්යයක් ඒකට ජයවේවා කියන්න විතරයි පුළුවන් වෙන්නේ.

      ආන්න ඒ තරමට මේ බුකියේ විතරක් නෙවේ රටේම විනය හදාවි මාලිමාවට බලය ලැබුණාම, දැක්කද බුකියේ වීඩියෝ එකක තරුණ ගැහැණු ළමයෙක්ට කොලයක් දීල ඒකේ ප්‍රශ්න වල තියෙනව නම් හතරක් සහ තාම සිතලා නැත (අංක 5), එතකොට ඒ ළමයා අංක පහ පෙන්නනව ඒකට මාලිමාවට සම්බන්ධ මීහරක් හැත්ත ඒ ලමයට දාර එලදෙනක් බයියෙක් සහ ඊටත් වැඩිය දරුණු ලෙස අපහාස කරනව. මමත් මාලිමාවට මේසැරේ බලය දෙන්න ඕන කියල කලින් හිතාගෙන හිටියට උන් මහා මීහරක් හැත්තක් කියලා දැන් මට තේරෙනවා. ආර්ථිකය ගොඩදමන වැඩපිළිවෙල ඉල්ලුවාම විද්‍යා තාක්ෂණ වැඩපිළිවෙල කියලා ප්‍රෝඩාවක් කරනවා. ඕවයින් දැන උගත් තරුණ පිරිස රවටන්නට අමාරුයි.

      Delete
    4. ස්තුතියි. දීප්ත, මම හරි පරිස්සමෙන් මේවට නම් උත්තර දෙන්නේ. /දැනටමත් බුකියේ මාලිමාවට සම්බන්ධ දායක සභාව දාන කමෙන්ට් දැක්කම අපිට තේරෙන්නේ ඒ වගේ කාලයක් බැරිවෙලා වත් ආවොත් ප්‍රශ්ණ කරනවා වෙනුවට අපේ සහෝදරයා ඒක කලේ රට වෙනුවෙන්, එය කලයුතුම කාර්යයක් ඒකට ජයවේවා කියන්න විතරයි පුළුවන් වෙන්නේ.// මේක ම්මාත් ටිකක් නිරීක්ෂණය කළා ඉන්න ගෘප් වල. මේක ටිකක් අපේ අයගේ" පමණට වඩා චාර්ජ් වීමේ" හෙවත් එමෝෂනල් වීමේ ප්‍රශ්නයක්. මාලිමාවේ ලොකු නායකයෝ - AKD හෝ ටිල්වින් ඊට වඩා සංයමයෙන් කතා කරනවා. ලඟදි එකතු වෙච්චි අය තමා. හැබැයි ඕක අපි ගෝඨා ගේ සෙට් එකෙනුත් දැක්කනේ.

      Delete
    5. සමාජවාදය/මර්ධනය එකටම යන දෙකක්. නාමිකව "සමාජවාදී" වුන චීනය වගේ රටවල පවා "අයන් කර්ටන්"/ මොල සේදීමේ කඳවුරු ක්‍රියාත්මක වෙනවා. එහෙම වෙනකොට ප්‍රජාතන්ත්‍රවාදයත්/ අදහස් දැක්වීමේ නිදහසත් පණ එපා කියල දුවනවා. ඔබට "පරිස්සමෙන් මේවට නම් උත්තර දෙන්න" වෙලා තියෙන්නෙ ඒකයි. ඒක තමයි "දායක සභාවෙ" ප්‍රාර්ථනය. මේ බලය ලැබෙන්න පෙර තත්ත්වයයි.

      මේක සමාජවාදෙ උපන් ගෙයි දෝෂයක් - කාල් මාක්ස්/ දාස් කැපිටාල්/ පක්ෂ නායකත්වය දේවත්වයෙන් ඇදහීම. අදහස් දැක්වීමේ නිදහසක්, විවේචනයට ඉඩක් නැත්තෙ ඒකයි. සමාජවාදය තාම පටන් ගත්ත තැනම පල් වෙන්නෙත් ඒකයි.

      Delete
    6. අජිත්, බස්සා- රුසියන් නවකතාවක් වෙන 'අර්බත් දරුවෝ' නවකතාව කියවලා තියෙනවද?

      Delete
    7. ඒක කියවලා නෑ. මෙන්න මේක නං කියෙව්වා.

      විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රගතිය

      අම්මට හික්කඩු යන ණය තොගයක් අරගෙන නෙව පාටි දාලා තියෙන්නෙ. ☹️😟🤔😯

      Delete
  12. " In a time of deceit, telling the truth is a revolutionary act." - George Orwell

    ReplyDelete
    Replies
    1. බකුසුතුමෝ, ඔය කියමන තියෙන්නෙ '1984' පොතේද නැත්තං 'ගොවිපළේ පෙරලිය' පොතේද?

      Delete
    2. ඒක ගැන තාම කස්ටිය වාද කරනවා.🤣
      මම හිතන්නේ, සුල-මුල හොයනවට වඩා අදහස වටිනවා කියලයි.

      Delete
    3. සත්තයි, බක්සුතුමෝ. අදහස නං මරු!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්