“Yeeeh, මාත් කියන්නේ ඒකමයි. Sam කියන්නෙත් ඒක. කිව්වට තරහ වෙන්න එපා ලොකූ, ඔයා හරි ආඩම්බරයි... ඔයාගෙම නංගිල මල්ලිලගෙන් වුණත් උදව් ගන්න කැමති නෑ. ඒකයි හොරේ!”
“අනේ අනේ චූටියෝ. තමුසෙ පැහිල තියෙන තරම.
ඇත්තමයි කියන්නේ, කවදා හරි මට උදව් ඕනි වුණොත් අන්න එදාට මං ඔයාලට කියනවා දීපානි.
ප්‍රොමිස්. එතකං මම මගේ කකුල් දෙකෙන් හිටගෙන ඉන්නයි ගොඩක් කැමති. හැබැයි, තමුසෙගෙ වෙඩින්
එකටත් මම ඉංග්ලන්ඩ් එනවා
මට ටිකට් එකක් එව්වොත්. හරිද?”
මං නං කවද හරි මැරි කරන්නේ මම කැමති
කෙනෙක්. |
-බඩා මල්ලා දීපාල්ගේ පෝරු මස්තකාරූඪය කෙරුණේත්
කොග්ගල බීච් හෝටලයේ මනරම් වෙරළේදීය.)
“දැන් තියාම ඔව්වා කතා කරලා මේ දෙන්නවත් spoil
කරන්න එපා රංජි. මේ දෙන්නගේ මඟුල් දෙකවත් සැසිල්ටයි මටයි ඕනි විදිහටයි කරන්න හිතාගෙන
ඉන්නේ. සමන්ති හිතුවක්කාර වුණාට අනෙක් අයටත් එහෙම වෙන්න දෙන්න පුළුවනැයි?”
“මේ මේ Mum, ඔන්න දැන්මම කිව්වා... Don’t be angry! චූටියා කොහොම වෙයිද මං දන්නෑ. මං
නං කවද හරි මැරි කරන්නේ මම කැමති කෙනෙක්. තාත්තා ඉඳිද්දීම ලොකූ එයාටත් කියල
තිබ්බේ...” දීපාල් ගිනි ඇවිළුවේ බෝම්බයක සේව නූලටය. “එදාත් ගෙදර ලොකු රණ්ඩුවක් වුණාලු
නේද?”
“පිං සිද්ද වෙයි දීපාල්, මට කනක් ඇහිලා ඉන්න ඉඩ
දීලා ඔය හැකර කට වහගෙන අන්නරහෙට ගිහිං ඕනි දවසක ඕනි මඟුලක් කර ගන්නවා...” අම්මා
දෝතින්ම දෙකන් වසාගෙනය.
“ඇයි දීපාල්ට විතරක්... මාත් එහෙමයි කරන්න යන්නේ. අම්මත් කළේ එහෙමනේ...” චූටි නංගිත්
ඒ අව්වස්සේ ඇස් නටවමින් රඟයි.
“ඇයි ඒකට විතරක් අම්ම කරපු හැටි... එහෙනං ඉතිං
අනිත් දේවල්වලටත් අම්ම කරන විදිහටම කරන එකනේ තියෙන්නෙ... අම්මත් එහෙමනේ! ලජ්ජ
නැතිව ඒක කියපු ලස්සන... අම්මා කරපු දේවල් හින්ද නේන්නං ඔයාලා අද මෙහෙ ඉන්නේ...”
“අනේ අම්මේ! තව කප්පරක් කල් තියෙනවනෙ ඔය ප්‍රශ්නවලට
උත්තර හොයන්න. දැන් හෙට මම දවල් කෑමට මොනවද ගෙනියන්නේ?” මා කල්පනා කරමින් උන්නේ ඒ
ගැනය.
“ඔය වැඩට එන කවුරුවත් බත් පාර්සල් බැඳගෙන එන පුරුද්දක් මෙහෙ නෑ රංජි! ඉක්මනට කන්න පුළුවන්
ලේසි දෙයක් ගෙනියනව මිසක්.”
“Don’t worry Loku! මම ඔයාට හදල දෙන්නං නයිස් සැන්විච්
එකක්. චීස් පෙත්තක්- ටොමැටෝ පෙත්තක්- හැම් පෙත්තක් එහෙම දාලා... ආ, තව කියුකම්බර්
පෙති දෙකතුනක්...”
“මුල් දවසෙම තියෙන සුකුරුත්තං ඔක්කොම දාලා Jumbo sandwich හදන්න යන්න එපා හලෝ. මං
දැකල තියෙනවනේ... ඉන්දියන් කට්ටිය වැඩට එනකොට අරගෙන එන්නේ චපාති වගේ දෙයක්.”
දීපාල් දීපානිට උපදෙස් දෙද්දී අම්මා අහගෙන හිටියේ ඔලොක්කු හිනාවකින් මුහුණ
සරසාගෙනයි.
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක්
තිබ්බත් මදියි කියනවලුනෙ! |
මෙච්චරකල් මම පාන්දරින් නැඟිටලා වැඩට යනවා. මෙයාලා එක්කෙනෙක්වත් ‘අනේ පව්නෙ අම්මා’
කියල හිතලවත් එක දවසක්... එක දවසක්වත් පාන්දර මට තේ එකක් හරි කෝපි එකක් හරි හදල
දීලා තියෙනවයි කියලද?”
“අම්මා ඉතිං වැඩට යන්නෙ early five විතරනෙ... It’s too early to wake up!”
“අනේ නිකං ඉන්න දීපානි, ගිය සැරේ ලොකා මෙහෙ ඉන්නකල් හැමදාම උදෙන් නැඟිටලා මට තේ හදල දුන්නේ... නොකෙරෙන වෙදකමට කෝඳුරු
තෙල් හත් පට්ටයක් තිබ්බත් මදියි කියනවලුනෙ. තව චුට්ටක් ඉල්ලනවලු...” අම්මාගේ ඒ
කතාවෙන් පස්සේ සභා තොමෝ විසිර ගියේ සතුටින් නොවේ!
ඒත් අම්මා කිව්වා හරිය. පසුවදා පාන්දර චූටියා
නැඟිටලා එනකොට මං ගෙදරින් පිටත් වෙන්නට ඔන්න- මෙන්නය. “අනේ ලොකූ, එක්ස්ට්‍රීම්ලි
සොරි. මම ඔයාට කිව්වේ- මටත් ඇහැරවන්න කියල... සීතලට නින්ද ගියා.”
“හරි, හරි. මං සැන්විච් හදා ගත්තා. දැන් ගිහිල්ලා තව ටිකක් නිඳා ගන්නවා හලෝ. නිඳි
කුම්බරී!”
‘මේ මනුස්සයා වෙන්නැති ෆැක්ටරියේ දොරවල්
අරින්නෙත්!’ වැඩ පටන් ගැනීමට නියමිත වෙලාවට වඩා විනාඩි පහ දහයකටත් පෙරාතුව මං
වහන්සේ ෆැක්ටරියට යද්දීත් අහීර් මහත්තයා වැඩ පටන් අරංය. ලොකු- දිග මේසයක රෙදි
එලමිනි ඔහු උන්නේ. තවත් දෙදෙනෙක් ඔහුට සහය වෙමින් සිටියහ.
අහීර් මහතා අප එකිනෙකාට හඳුන්වා දුන්නේය. “නිමල්, මේ සමීරා. අපේ ෆැක්ටරියේ පරණම
එක්කෙනා. මෙයා බල්නූර්- all rounder කෙනෙක්. හරි දක්ෂයා...”
සමීරා චාම් පෙනුමැති, කැපී පෙනෙන උස මහතක් නැත්තියකි.
බල්නූර් මිටි- මහත- ප්‍රසන්න පෙනුමැති අයෙකි. “වෙල්කම් ටු ඉංග්ලන්ඩ්. You Sri
Lanka, me Punjab.” උණුසුමින් මගේ අත සෙලවූ බල්නූර් පළමුවෙනි තත්ත්පරයේදීම ඔහුගේ
හිතවත්කම විදහා පෑවේය.
අහීර් මහතා රෙදි මදින පේළියේ හතරවෙනි තැනට මාව කැන්දාගෙන
ගියේය. එතන තිබුණු දැල් පෙට්ටිය පිරී තිබ්බේ මසා ඉවර කළ බ්ලවුස් තොගයකිනි. ඒවා
සියල්ලම එකම රෙද්දකින්- එකම විදිහට මසා තිබිණි. (මේ විස්තර කියන්නේ අසීරුවෙන් මතක
ඇහිඳිමින් බව විශේෂයෙන් කිව යුතුය.) එක බ්ලවුසයක් අතට ගත් Mr. Aheer එහි කොලරයත්,
කොලරයට යටින් (හරහට) තිබෙන තීරුවත්, අත් දෙකත් මැද්දේය. ඒ මට පෙනෙන ලෙසිනි.
“මෙච්චරයි උඹට මදින්න තියෙන්නෙ. ඊළඟට මේක මේ
විදිහට, ඉස්සරහ මේසයේ එක්කෙනාට ගන්න පුළුවන් විදිහට... මේ කම්බියෙන් එල්ලනවා.
එච්චරයි, උඹේ part එක එච්චරයි. අමාරු නැහැනෙ. Complicated වැඩකුත් නෙවෙයිනෙ.”
කියලත් සැහැල්ලුවෙන් කීවේය. “රයිට්! මම පෙන්නපු විදිහට එකක් මැදලා බලමු දැන්.”
යකඩෝ මේ නොදරුවන්ට කියලා කරවාගන්න
ඔබින දේවල්ද මේ? |
‘ළමයින්ට තනියම එයාලගේ වැඩ කරගන්ඩ ඉඩ දෙන්න ඕනි!’
අපේ අම්මා නිතරම ජප කළේ එහෙමය. එසේම ඒ කියමන ප්‍රායෝගිකවත් කිරියාවේ යෙදෙව්වාය.
ඒ නිසාම අපේ ගෙදර දූ දරුවන් හැමෝටම ගේදොර අතුපතු ගාන්නට සිද්ද වුණේය; නංගිලා
මල්ලිලා පරක් කරගන්නට සිද්ද වුණේය; ඔවුන්ට කවන්නට පොවන්නට සිද්ද වුණේය; ඔවුනගේ
කැත-කුණු අත ගාන්නටත්- ඔවුන් සෝදා පවිත්‍ර කරන්නටත් සිද්ද වුණේය;
උයනකොට උදව් දෙන්නටත්- උයන්නටත් සිද්ද වුණේය.
තම තමන්ගේ කිලිටි ඇඳුම් සෝදාගන්නට සිද්ද වුණේය; එව්වා මැදගන්නටත් සිද්ද වුණේය.
අපේ ආච්චී නං ඒ කෙරේමය නිර්දය ලෙසින් විවේචනය කළාය.
“කම්මැලි අම්මණ්ඩි. උකුණෝ ලව්වා ගල් අද්දවනවා... යකඩෝ මේ නොදරුවන්ට කියලා කරවාගන්න
ඔබින දේවල්ද මේ? කොහෙද- ගෙදර මහ එකාගේ කොන්ද පණ නැතිකොට- ඇස්වල කොරපොතු හැදිලා වගේ
මේ විගඩම් ඌට පේන්නැතිකොට අපියි කියල මොනවා කරන්ඩද? උගේ ගෑනි- උගේ ළමයි!”
ඉතිං, යටකී වැඩ රාජකාරිවලින් මට අප්‍රසන්නම
වැඩේ වුණේ ඇඳුම් මැදිල්ලයි. කොච්චර අප්‍රසන්න වුණාදැයි කියතොත් රැකියාවන් කරන්නට පටන්
ගත්තු දවසේ සිටම- ඇඳුම් මදින වෙලාවට මගේ කමිස සියල්ලම අයන් කර තබන්නට මම පුරුදු වී
සිටියෙමි. එහෙව් දුෂ්කර ක්‍රියාවක් පුරුදු පුහුණු කර තිබුණු මං... එක දිගට ඇඳුම්
මදින්නට- රැකියාවක් වශයෙන් වුණත්...
මගේ දෛවය මේ තරමටම විසිළු සහගතද?
එදාත් මං වහන්සේ කළේ එවැනි අවස්ථාවලදී මා කරන සුපුරුදු
දෙයකි. බිඳක් යහමින් සිතා බලන්නට වීමි... මගේ අසතුට ඛණ්ඩනය කරමින් විග්‍රහ කර
ගන්නට වීමි.
‘තමුසෙට මේකත් මහ ලොකු කජ්ජක්යැ? මෙයිට වැඩිය
දේවල් කරල තියෙන එකේ... කොහොමද එදා අර යකඩ සිස්ටර්ට අහුවෙයි කියල මරබයේ තමුසෙ මහ
ඉස්පිරිතාලේ මිනී කාමරේ අයිනෙ කරුවලේ
හැංගිලා හිටිය හැටි.’ හිත ඇහුවේය.
‘පල නැතේ තැවුල් වී- උත්සහය ජය ලබා වී
ඒ නිසා, වී තොසා, සෝක තාප දා නසා
ඉවසනූ හදේ!’ අපේ අසහාය ගායිකා; කලාශූරී ලතා වල්පොල ගයා තිබෙන්නේ ‘මාතලන්’ එකට
ගැළපෙන්නට විතරක් නොවේ යැයි හිත මතක් කළේය. ‘ඒවා නිකංම සිංදු නෙවෙයි. මෙහෙම
වෙලාවල්වලටත් ගැළපෙනවා.’
වන්නාටය! අන් කවර විටෙකදීටත් වඩා කෙනෙකුහට ධීර
වීර ධෛර්යය අවශ්‍ය වන්නේ මෙවන් විටෙකදීය. ඉතිං වෙර වඩාගෙන- දිරි උපද්දාගෙන- සියලු ඉෂ්ට
දේවතාවුන් සිහි කරගෙන මමත් වැඩ ඇල්ලුවෙමි.
... ඉන්දියානු භාෂාවකින් මොනවාදෝ
කිව්වේය. මට ඒ කිසිවක් තේරුණේ නැත. |
“Very good. You got it... carry on...” වගේ comments දෙමින් අහීර් මහත්තයා වටපිට
බැලුවා. ‘කාව හරි හොයනවා වගේ.”
එතකොටමයි උස හාදයෙක් ෆැක්ටරියට ඇතුළු වුණේ.
“කිර්පාල්... Hurry up. Come here. You work with Nimal.”
ඇයිද මංදා. මට පෙනුණේ කිර්පාල් හාදයා අසතුටෙන්
ඒ මේසයට ආවා වගෙයි.
ඒත් ඒ හාදයාත් වැඩ පටන් ගත්තා. බ්ලවුස්වල ඉතිරි කොටස මදිමින් හැන්ගර්ස්වල එල්ලන්න
පටන් ගත්තා. අහීර් මහත්තයා ඒ දිහාව බලාගෙන හිටියේ නොපහන් බැල්මකින්. ටික වෙලාවක්
එහෙම බලාගෙන ඉඳලා එයා මොනවදෝ කිව්වා. කියපු භාෂාව මට නොතේරුණත්, කියාපු ලීලාවෙන්
නං පෙනුණේ කිර්පාල්ට දෙස්සක් කපාපු විදිහක්. ඉක්මන් කරන්නයි කියලත් කිව්වා
වෙන්නැති, Speed වචනෙත් කියැවෙනවා ඇහුණේ!
අහීර් මහත්තය එතැනින් ඈතට යනවාත් එක්කම
කිර්පාල් එයාගේ දකුණතේ කිහිල්ලට යටින් මගේ දිහා බැලුවේය. එහෙම හොරෙන් බලලා
ඉන්දියානු භාෂාවකින් මොනවාදෝ කිව්වේය. මට ඒ කිසිවක් තේරුණේ නැත. (ඒත් මොකක්දෝ මහා අප්‍රසන්න
ගඳක් නම් දැනුණේය.)
පෙනෙන්නේ මාත් රහසෙන් කතා කළ යුතු බවයි. “English!”
මම රහසෙන් කෙඳිරුවෙමි.
“You English? England English? Me Indian...
You?”
“Me Sri Lankan.”
“Me Kirpal. You?”
“I am Nimal.”
කිර්පාල් මගෙත්තෙක්ක කතා කළේ මන්දැයි කිව්වේ
ඊළඟටයි. ඒ ටික කිව්වෙත් කිහිල්ලට යටින් බලමිනි. “Work slow. Slow... Nimal slow!”
එතකොටත් මගේ කොටස මැදලා හමාර කළ බ්ලවුස් කීපයක්ම කිර්පාල්ගේ අතට යන්නට පෙළ ගැහිලාය!
එතකොටම වගේ සමීරා එතැනට ආවාය. ‘සමීරා අපේ කතාව දැකලාවත්ද?’
නැති විදිහය. කිර්පාල් මැදලා ඉවරකොට තිබුණු බ්ලවුසස් ටික එකතු කරගත් සමීරා ඒවා
සියල්ල රැගෙන ගොස් ලොකු බාර් එකක එල්ලුවාය. ඒ අතරේ තවත් එකියක් අපේ දැල් බක්කිවලට
තව තවත් බ්ලවුස් ගෙනත් පිරෙව්වාය.
ඒ ඉස්තිරියාවන් දෙන්නාම ඈතට ගියාට පස්සෙය,
කිර්පාල් ආයෙත් කට ඇරියේ. “බිච්! සමීරා බිච්!!” ඊළඟට ආයෙමත් මොකක්දෝ ඉන්දියානු
වචනයක්. මට ඒ බාසාව නොතේරෙන බව ඒකාට මතක් වෙලාය. “සමීරා ජේම්ස් බොන්ඩ්! ජේම්ස්
බොන්ඩ්...” (ආයෙමත් අර ගඳ!)
කිර්පාල් කියන්නට හදන්නේ සමීරා ඔත්තුකාරියක
බවද? “සමීරා spy?” එතකොට නං ඒ හාදයා හිනා වුණේ ඉන්නා තැන අමතක වුණු ගණනටය.
“ආාාාාා ඉස්පයි... ඉස්පයි. Yes, yes... සමීරා ඩේන්ජරස්!” (එක විඩේම අර ගන්දස්කාරයේ
සැර දෙගුණ වුණාවත්ද? කිර්පාල්ට එය දැනුණු විදිහක් නොපෙනෙයි. මේ ගඳ දැනෙන්නේ මට විතරමද?)
ඒ රොබෝවා හුස්මක් ගනියි. මඳක් වමට
හැරී දැල් බක්කියෙන්... |
හරි හරි! චා කියන්නේ තේවලට වෙන්නෝනි. කට්ටියම ෆැක්ටරියේ ඇතුළට යන ගමන්ය. බල්නූර්
එක්කම මාත් ඒ පැත්තට... එතකොට වැඩිම වුණොත් දහයමාරට ඇති.
මා උන්නේ පාෂාණිභූත වෙලාය!
ගතවුණු පැය දෙක- දෙකහමාර තිස්සෙම නිමල් දිසානායක
කියා ජීවියෙක් මේ මිහිතලය මත උන්නේ නැත. එහි සිටියේ සිතක් ඇති රොබෝවෙකි! ඒ රොබෝවා
හුස්ම ගන්නා ගමන් එකම එක රටාවක වැඩ විතරකි, කළේ. ඔහු සර්ව සම්පූර්ණයෙන්ම පිටස්තර
ලෝකයෙන් විසන්ධිවී හුන්නේ අනුකම්පා සහගත අයුරෙනි.
ඒ රොබෝවා හුස්මක් ගනියි. මඳක් වමට හැරී දැල් බක්කියෙන් බ්ලවුසයක් වමතට ගනියි. බ්ලවුසයේ උරහිස් තීරුව අයනින් ටේබල් එක උඩ මනාව අතුරයි. (තව හුස්මක්...) ඒ උඩින් පදමට රත්වී තියෙන ස්ත්‍රික්කය දුවවයි. ඊළඟට ඒ සාත්තුවම කොලරයට හා අත් දෙකට. (හුස්මක්- දෙකක්.) ඉස්සරහට කොන්ද නවමින් බ්ලවුසය කොක්කට... ලොකු හුස්මක් අරගෙන ආයෙමත් අර චක්‍රයේ මුලට... සිය වතාවක්... දෙසිය වතාවක්... ඊටත් වඩා...
‘තියා ගනිල්ලා- උඹලගෙ මහ ලොකු රස්සාව’ කියලා මහ
සද්දෙන් බෙරිහන් දෙන්නට... රෙදි මදින මේසය අනෙක් පැත්තටම පෙරලා දමන්නට මට හිතුණේය.
‘මිනිහෙකුට රස්සාව විදිහට වුණත් එක දිගට පැය හත අටක් හිටගෙනම ඉන්න ඇහැකිද බොලව්?
විනාඩියකට පොඩ්ඩක් පුක තියාගන්න තැනක්, බංකු කෑල්ලක් මේ පේළියේ අයට තිබ්බොත් හෙණද?’
හොඳටෝම දෙකකුල් රිදෙමින් තිබුණු ඒ වෙලාවේ මට හිතුණේය. ඒ සිතුවිල්ලෙන් මා මිදුණේ
බල්නූර්ගේ ඇමතුමෙනි. ඒ ඇමතුම කෙරුණේ ඉන්දියානු බසකිනි. ඔහුට මා ඉන්දියානුවෙකු නොවන
විත්තිය අමතක වෙලාය!
ළඟ ළඟම පිහිටි රටවල් දෙකක පුරවැසියන් වෙලත් අප
වහරන්නේ එහෙම පිටින්ම වෙනස් භාෂාවන්ය. ලොවේ සියලුම මිනිසුන් එකම බසක් කතා කරනවා
නම්... ලෝකයේ දැනට තිබෙන ලොකුම අවුල් වියවුල්වලින් බාගයකටත් වඩා ඇති වෙන එකක් නෑ
නේද?
මැවුම්කාර දෙවියනේ, ඔබ වහන්සේ මොන තරම්
අසාධාරණයිද... තමුන්නාන්සේම මවපු මිනිස්සුන්ට කතා කරන්න වෙනස් වෙනස් භාෂාවන් දීලා
කොච්චර ලොකු අවුල් ගොඩකටද ඔබතුමා මුල පිරුවේ...
‘බාබෙල් කුලුනේ කතාව’ දන්නා කෙනෙකු නම් මං එහෙම
ඇහීම ගැන පුදුම නොවෙනු ඇත.
අපේ ප්‍රවීන ලේඛක අජිත් තිලකසේනයන් ගැන ලිපියක් ලියන ‘අනුසර වීරසිංහ’ බාබෙල් කුලුනේ
කතාව කියන්නේ අපූරු ප්‍රවේශයක් ගනිමිනි...
සකල මනුෂ්‍ය වර්ගයා සතු මේ අප්‍රමාණ
ශක්තිය නෙත ගැටෙන දෙවියන් වහන්සේ, ඔවුන් තව දුරටත් මෙලෙස එකමුතුව
සිටියහොත්... |
එදායින් පසු එකී භාෂාවන්ගෙන් අදහස් හුවමාරු කරගත්
මිනිසුන්ට, තවත් මිනිසෙකු කී දේ සම්පූර්ණයෙන්ම
වටහා ගන්නට හෝ භාෂාව යොදාගෙන සිය සිතුවිලි තවකෙකුට සම්පූර්ණයෙන් ම තේරුම් කරන්නට නොහැකි
විය. ඉතින්, එකිනෙකා හරිහැටි තේරුම් ගන්නට
නොහැකි වූ මිනිස් වර්ගයා බෙදී වෙන් වන්නට වූහ. ඉනික්බිති, මෙලෙස ඉරිසියාකාර දෙවියන් වහන්සේ විසින් තෑගි කළ
භාෂාවන්ගෙන් කවියෝ කවි ලියූහ. කතන්දරකාරයෝ කතන්දර ලියූහ.
එහෙත්, භාෂාව
නම් එකී උගුලට විරුද්ධව කැරලි ගැසූ හිතුවක්කාර ලේඛකයන් බිහි වූයේ අතලොස්සකි. ඒ අතරින්, ලාංකීය සාහිත්‍යයේ අකුරු එක්ක අරගල කරමින්, භාෂාවකින් ප්‍රකාශ කිරීමට සමත් ‘අදහස් විශ්වයෙන්‘
ඔබ්බේ පවත්නා මිනිස් හැඟීම්, අද්දැකීම්
හා අවිඥානික සිතිවිලි සිය කතන්දර හරහා කියාපාන්නට තැත් කළ හිතුවක්කාර කෙටිකතාකරුවෙක්
විය. ඔහු නමින් අජිත් තිලකසේන ය...’
“කකුල් දෙක රිදෙනව නේද?” මගේ චින්තාවලියට බාධා
කරමින් බල්නූර් පංජාබි බසින් විමසා තිබුණේ ඒකය.
ඒ හිත හොඳ මනුස්සයාත් සීයට සීයක් නිවැරදි ඉංග්‍රීසි
නොදන්නා පාටය. ඒත් අතින්- කටින් හා අභිනයන්ගෙන් උදව් අරගෙන කියන දේවල් තේරුම්
ගැනීමට ලේසිය.
“දවසක් දෙකක් යනකල් විතරයි බ්‍රදර් ඔය කකුල්වල අමාරුව තියෙන්නෙ. ඊට පස්සේ නිකම්ම
හුරු වෙනවා. යමු! ඉක්මනට තේ එක බීලා ගිහිං අපි ටිකක් වාඩි වෙලා ඉඳිමු.”
වාඩි වෙන්නේ කොහෙදැයි මං බල්නූර්ගෙන් ඇහුවේ
නැත. විවේක ගන්නා තැනක් වෙනමම තියෙනවා ඇති... එතැන පුටු තියෙනවා වෙන්නැති. එහෙම හිතමින්
තේ බඳුන්වලින් එකක් අරගත්තෙමි; මුවට ළං කළෙමි.
‘මොනවද යකෝ මේ? තේ නෙවෙයි, ‘චා’ම තමා.’
විශ්වාස කරනු මැනවි. එතෙක්- මෙතෙක් කාලයකට මේ නිමල් දිසානායකයාට බොන්නට ලැබී ඇති ‘අජපල්
තේ’ එක ඒකය! එහෙම කිව්වාට එදා විතරක් නොවේ; ඊට පසුවත් හැමදාම; දිගටම එහෙන් ලැබුණේ
අර ‘ජරා කොලිටියේ තේ’මය. ඒ තේවල කහටත් නැත; සීනිත් නැත; කිරිත් නැත; මදිය නොකියන්නට
තිබුණේ වතුරයි රස්නයයි විතරය.
මෙහෙම කීවාම ඒ තේ එකේ කොලිටිය ගැන කාට වුණත්
තේරුම් ගත හැකිය!
ඒ තේ එක- කිරි තේ දමා තිබූ කෝප්ප හත අටක් එක
වතුර වීදුරුවකින් සේදුවාම ලැබෙන වතුර වගෙය!!!
හැබැයි, නිතිපතාම ඒ තේ හැදූ සමීරාට වෙනමම සුවිශේෂ සම්මානයක් දිය යුතුය කියලාත් මට
හිතෙයි. ඒ හැමදාම කිසිම වෙනසක් නොවී- එකම වහුකුණු රසයක් ලැබෙන විදිහට ඒ තේ සෑදීම
වෙනුවෙනි. ඒකත් ලොකුම ලොකු හපන්කමක් නෙවෙයිද?
ඉතිං... ඉතිරි හරිය ලියන්නේ ඊළඟ කොටසෙනි...à
No comments:
Post a Comment