“යසිරු, මම නිමල්... නිමල් දිසානායක...”
“අඳුනගත්තා, අඳුනගත්තා... ආන්ටි ලීලා අපිට කිව්වා නිමල්, ඔයා එංගලන්තෙට එන බව- සමන්ති නංගිගේ වෙඩින් එකට... ඉතිං, ඉතිං... කොහොමද ලංකාවේ අමද්‍යප වැඩ එහෙම... මෙහෙම ටෙලිෆෝන් එකෙන් ඔව්වා සේරම කතා කරන්න බෑ, නේද?
දෙන්නත් එක්ක කයිවාරු ගහන්නත්
පුළුවන්... ලොකාත් ඔහේ අහගෙන ඉන්නවනෙ... |
“මෙහෙමයි
නිමල්. Job එකක් හොයනකොට ඔයාට ඔරොත්තු දෙන වැඩක් වෙන්නත් ඕනිනෙ.” යසිරුලාගේ ගෙදරදී
තාවකාලික රැකියාවක් ගැන කතාව මතු වුණාම යසිරු කිව්වේය. “අනෙක අහු නොවෙන විදිහෙ
එකක් වෙන්නත් ඕනිනේ. Work permit එකක් නැතිව වැඩ කරලා අහු වුණොත් දෙකක් නෑ- කූඩුවේ
තියාගෙන ඉඳලා ආපහු යවයි... black list කරලා. ඔයා එන්න කලින් ආන්ටි ලීලා රස්සාවක්
ගැන කතා කරද්දී ඔයාලගේ ඩැඩා ඔබ්ජෙක්ෂන් දැම්මත් එක්ක. මේ සැරේ නිමොල්ට ලංකාවට යන්න
වෙන්නේ බනානා බෝට්ටුවේ තමයි කියලා...”
“ලොකූ
job එකක් කරනවට එයා වැඩියෙන් අකැමැති සෙල්ෆිෂ්කම නිසා, යසිරු අයියේ.”
“ඒ මොකද ඩී?”
“ලොකා ඉන්නකොට ඩැඩාගේ චීස් ටෝස්ට්, කෝපි එහෙම හදල දෙනවනේ- ඉල්ලපු ගමන්. දෙන්නත්
එක්ක කයිවාරු ගහන්නත් පුළුවන්... ලොකාත් ඔහේ අහගෙන ඉන්නවනෙ...”
“වෙන්නැති,
වෙන්නැති. සැසිල් ආන්ටි ලීලාව marry කරලා තියෙන්නෙත් wife කෙනෙකුටත් වැඩියෙන්
කම්පැනියන් කෙනෙකුව ඕනි වුණු නිසාලුනේ.”
“මරු කම්පැනියන් කෙනෙක්ව තමයි හොයාගෙන තියෙන්නේ... අපේ අම්මා තුන්සිය හැටපස් දවසෙම
වැඩ!”
මං ඒ දෙන්නගේ කතාව මැද්දට පනින්න ගියේ නැත. අහගෙන හිටියා විතරය. මං නොඉවසිල්ලෙන්
උන්නේ රස්සාව ගැන විස්තර කියවෙන කල්ය.
“ඉතිං
නිමල්, මට හිතෙන හැටියට ඔයාට හොඳම තැනක් තියෙනවා. ගාමන්ට් එකක්... පකිස්ථාන්
එක්කෙනෙකුගේ ෆැක්ටරියක්. එතන සෑහෙන දෙනෙක් වැඩ කරනවා. හොරෙන් England ආව අයයි ගොඩක්
ඉන්නේ. මිනිහා ඔයාව එහාට ගන්න කැමති වුණොත් මරු chance එක. මාස හයම එහෙ වැඩ කරන්න පුළුවන්
වෙයි. ඔයා එහෙම වැඩකට කැමතියි නං අපි ගිහිං කතා කරලා බලමු. හැබැයි පුතෝ, නැවතිල්ලක්
නැතිවම වැඩ කරන්න වෙයි ඔන්න- මැෂිමක් වගේ. Mr. Aheer එහෙ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න
හැටි මාත් දැකල තියෙනවනෙ... ඒකයි දැන්මම කිව්වේ.”
“යසිරු
අයියෙ, මිනිහගෙ ගෙවීම් එහෙම...” මගේ හිතට නැඟුණු ප්‍රශ්නය දීපාල් ඇහුවේ කොහොමද?
“මේකයි
ඩී, හැම බිස්නස්කාරයම බලන්නේ උපරිම ලාබ ගන්න විදිහක්නෙ. කවුරු හරි හොරාටයි job එක
කරන්න එන්නේ කියල දැනගත්ත ගමන් එයාල බලන්නෙත් තුට්ටු දෙකක් ගෙවලා බේරෙන්න. මිස්ටර්
අහීරුත් එහෙම තමයි. හැබැයි හොඳක් තියෙන්නේ, මිනිහා වෙලාවට පඩි ගෙවනවා. හරියට හැම
සෙනසුරාදාම හවසට...
“ඩී, ඔයාලගේ
ලොකු අයියත් කැමැතියි නං, අපි ගිහිල්ලම බලමු, මං හින්දාවත් මිස්ටර් අහීර් වෙනසක්
කරයිද කියලා දන්නෙත් නැහැනෙ...’’
ඒත් දැන් නම් බොහොමයක්
දවසට මහරගම පොළේත් ‘බේබි කැරට්’ තිබේ. කොළත් එක්කම තියෙන ඒවායේ අලය ඉතා කුඩාය; කෑමට
ගත යුත්තේ කොළයි! |
යසිරුගේ ප්‍රියාදර බිරිය xxxxx හරිම අපූරුවට ඒ සම්බෝලය හදා තිබ්බේ අනුමාන
කරන්නටවත් අසීරු විදිහටය.
“නිමල් අයියට ගෙස් කරන්න පුළුවන්ද මේ කොළ ජාතිය?”
“අසමෝදගම් කොළ නම් නෙවෙයි නංගි... ඊට වැඩිය වෙනස් රහක් මේ... කොත්තමල්ලි කොළත්
නෙවෙයි. පාස්ලි කොළත් ටි..කා..ක් මේ වගෙයි... ඒ වුණා..ට පාස්ලිවල රළු ගතිය වැඩියි.
ඒවත් නෙවෙයි නේද? මෙහෙ හැදෙන ජාතියක් වෙන්නැති නේද?”
යසිරුටත්
හිනා. xxxxx නංගි මගෙන් ප්‍රශ්න ඇහිල්ල පටන් ගන්න කලින්ම එයා අපේ දීපාල්ට නිස්සද්ද
වෙන්න කියල කිව්වා. “xxxxx, අපි නිමල්ට එක ක්ලූ එකක් විතරක් දෙමු. ලංකාවෙත් වැවෙන
ජාතියක්... හැම එළවලු කඩයකම වගේ විකුණන්නත් තියෙනවා.”
“මොනවද
යකඩෝ මේ?”
යසිරුගෙ රුකුලෙන් මං තවත් පඹ ගාලේ පැටලුනු එකයි සිද්ද වුණේ. කොළ සම්බෝලය හොඳට
පීරලා-පෙරළලා බැලුවත් වැඩක් නොවුණේ xxxxx නංගි ඒ කොළ ටික ‘ඇහේ දාන්න ඇහැකි තරම්
හීනියට’ ලියලා තිබ්බ නිසයි. “ම්හු! මං පරාදයි. මොනවද කියන්නකෝ...”
“කැරට්
කොළ. හැබැයි මෝරපුවා නෙවෙයි. අනෙක බේත් ගහල හදාගත්ත එව්වත් නෙවෙයි. ලංකාවේ නං එහෙම
නෙවෙයිනෙ...”
“ඇත්තමයි. අපේ රටේ කොයි දේත් කෙරෙන්නෙ වැරදියටනේ. කෘමිනාශකයි, වල්නාශකයි ගහන්නෙත්
කියලා තියෙන විදිහට නෙවෙයි කියනවනෙ. තත්ත්වේ කොච්චර නරකයිද කියනවා නං, නුවරඑළිය වැලිමඩ
පැත්තේ එළවලු වවන කට්ටිය වෙනම පොඩි ඉඩක එයාලට පාවිච්චියට කිසිම Pesticide ජාතියක්
නොගහ එළවලු වවා ගන්නවලු.”
“That
is a ridiculous joke! ලොකා දන්නවද ඔය විදිහට ඕනෑවට වඩා කෘමිනාශක, වල්නාශක ගහපුවම
ඒවා පොළොවෙ හැමතැනම පැතිරෙන බව. ඉක්මනටම හේදිලා යන්නෙත් නැහැල්ලු. පව්! මෝඩ මිනිස්සු.
අනුන්ටත් වස කවලා තමනුත් කනවා.”
තවමත්
ඒ විසිළු සහගත තත්ත්වය එහෙමයිද කියන්නට තරම් දැනීමක් මේ ලියන්නාට නැත.
ඒ දවස්වල නම් කැරට් කොළවත්, කොළ සහිත කැරට් අලවත් විකුණන්නට තිබුණේ නැත. ඒත් දැන්
නම් බොහොමයක් දවසට මහරගම පොළේත් ‘බේබි කැරට්’ තිබේ. කොළත් එක්කම තියෙන ඒවායේ අලය
ඉතා කුඩාය; කෑමට ගත යුත්තේ කොළයි!
“නිමල්ට
නං කැරට් කොළ සම්බෝලේ අල්ලලා ගිය පාටයි. xxxxx, මෙයාලට යනකොට ගෙනියන්නත් කැරට්
ටිකක් ගලවලා දෙමු!”
කරදර වෙන්නට එපා යයි ඉල්ලුවත් xxxxx නංගී ඇහුම්කන් දුන්නේ නැත. “මොන කරදරයක්ද
අයියේ. ආන්ටි ලීලා අපට කරල තියෙන උදව්වල හැටියට...”
අපි දෙන්නා යාළු වුණේ McDonald’s
එකේ වැඩ කරද්දිනේ. අම්මයි ඩැඩීයි දෙන්නම හිතුවේ... |
“යසිරු මොකද හිතන්නේ... දැන්ම ගිහින් බලලා තිබ්බට කමක් නැද්ද... හැබැයි, මට වැඩට
යන්න වෙන්නේ වෙඩින් එකෙන් පස්සෙනේ.”
“කොයිකටත් අපි හෙට අනිද්දම වෙලාවක යං. ගියාම කියමු වෙඩින් එක ගැනත්...”
“අනේ
ලොකූ, ඔයා දැන්මම job එකකුත් හොයා ගන්නද හදන්නේ? එතකොට ඔයාට වෙලාවක් තියෙයිද අපේ
ගෙවල්වලට එන්නවත්?” ආරංචිය ලැබුණු ගමන්ම Sam නහයෙන් ඇඬුවාය.
ඇත්තය! මගේ විවේකය එහෙම පිටින්ම වාගේ නැතිව යනවා ඇත. යසිරු කිව්වේ සතියේ දින හතේම
අහීර් මහතාගේ ෆැක්ටරියේ රාජකාරි කෙරෙන විත්තියයි. ‘මට නිවාඩුවක් තිබ්බට විතරක් හරි
යනවයැ... අම්මත් හැමදාම වැඩ. සමන්තිලට කඩේ වහන්නත් බැහැ. දීපාලුත් ඊට හපන්...’ මට
කල්පනා වෙයි.
ශ්‍රී
ලංකාවේ අපට තියෙන තරම් ඉස්පාසු- නිවාඩු එංගලන්තවාසීන්ට නැත. ඒ වැඩි දෙනෙක් සෙක්කුවේ
ගැට ගැසූ ගොනුන් වාගෙය. එකම චක්‍රයක නොනැවතී යන්නට වෙයි. නීතියට අනුගත වෙන්නට
සිද්ද වෙයි. සමහර තැනකින් දින කිහිපයක නිවාඩුවක් ගැනීමට හැක්කේ මාස ගණනාවකට කලින්
දැනුම් දුන්නාට පසුවයි.
“ගිය
සැරෙත් ලොකාව වැඩිය කොහාටවත් එක්ක යන්න හම්බ වුණේ නෑ. ඔහොම ගියොත් නං මේ සැරෙත්
ඒකමයි වෙන්නේ...”
“මම ආවේ රට පුරා ඇවිදින්න බලාගෙන නෙවෙයිනෙ සමෝ, කොහෙවත් නොගියට කමක් නෑ. ඔයාගෙ
ජීවිතේ ලස්සනම දවස දැක්කම මට හොඳටම ඇති!” එයාලා මොන තරං කාර්ය බහුලද කියා ඒ
වෙද්දීත් තේරුම් ගෙනහිටි මා ඒ ගැන යන්තමින්වත් ඔවුන්ට ඇඟෙව්වේ නැත.
අපේ
රටවල උදවිය හිතන්නේ පිටරටකට ගියාම සුර සැප විඳින්නට ලැබෙනවා කියලාය. ඒ රටකට
ගිහින්ම බලන්නට වෙයි; විහින්ම අත්දකින්නට වෙයි. හරිහැටි තත්ත්වය තේරුම් යන්නේ
එතකොටය!
“බිමලුයි
මමයි යාළු වෙලා අවුරුදු පහක්. අපි දෙන්නා මුලදීම ඩිසිෂන් එකක් ගත්තා. කලබලේ මැරි
කරන්නේ නැහැයි කියලා. අපි දෙන්නා යාළු වුණේ McDonald’s එකේ වැඩ කරද්දිනේ. අම්මයි ඩැඩීයි
දෙන්නම හිතුවේ බිමලුත් ordinary කොල්ලෙක් කියලා. ඒක වෙන්නැති එයාල මුලින්ම බිමල්ට
කැමති වුණේ නැත්තේත්.
අපි තීරණේ කළා කවද හරි අපේම සල්ලි වියදම් කරලා තමයි අපේ වෙඩින් එක ගන්නේ කියලා. ඒ
වගේම අපි හරියට stabilise වෙනකල් marry කරන්නෙත් නෑ කියලා...”
1994ට පස්සේ, සමන්ති ආයෙමත්
මං එක්කලා ඔය විස්තර කියාගෙන ගියේ 2023 පාද යාත්‍රාවේ යන
අතරේ ලැබුණු විවේකයකදී. 94දී වුණත් ඒ විස්තර මේ තරම් හොඳට ලුණු-ඇඹුල් සහිතව
කියැවුණේ නැත.
පස් වසරක ප්‍රේමවන්ත
ජීවිතයකත්, විසිපස් වසරක විවාහ ජීවිතයකත් මතකය සමන්තිට ශේෂකොට තබා... (වමේ සිට- දීපාල්,
පවන්, බිමල්, ඩ්රූ, අනිල්, සුනිල්- අපේ අම්මා, සමන්ති, රෝසි හා ගාමිණීල අම්මා) |
එතකොටත්
මගේ හිතේ මේ posts හැඩ ගැහෙමින් තිබ්බේ. ඒ වෙලාවේ සමන්ති කියන විස්තර මං අහගෙන
හිටියෙ නම් දුකෙන්. ඒත් ඒ විත්තිය සෑම්ට නොපෙනෙන්නට පරෙස්සම් වෙමින්.
පාද යාත්‍රාව ඉවර වෙලා ආවට පස්සෙයි මං සමන්තිගෙන් අවසර ඉල්ලුවේ.
“Sam,
මම ලියන blog එකට ඔයාගෙයි බිමල්ගෙයි love එක ගැන ලියන්නද?”
“පිස්සුද ලොකූ. ඒ කාලෙ love ස්ටෝරිස්වලට වැඩිය දැන් කතන්දර කොච්චර තියෙනවද? කවුද ලොකූ උනන්දු වෙන්නේ old stories දැනගන්න?”
“සෑම්, ඔයාට විශේෂයක් නොපෙනුණා වුණාට ඔයාලගේ love story එක ස්පෙෂල් එකක්. ඔයා
හිතනවද අද කාලෙ ඉන්න කපල්ස් ඔයාලා තරං දුර හිතනවයි කියලා. Long term targets
තියාගෙන වැඩ කරනවයි කියලා.”
ඒ
වෙලාව හොඳ එකක් වෙන්නට ඇති. සමන්ති මගේ යෝජනාවට කැමැත්ත දුන්නාය. “සමා, මට ඔයා
කියන දේවල් ටිකක් රෙකෝඩ් කර ගන්න ඕනි. පස්සේ වෙලාවක, ඉක්මනින්ම.”
‘නැකත කියන්නේ අමුතු වෙලාවක් නොවේය; උදා වී
තිබෙන වෙලාව නැකතය- සුදුසුම වෙලාවය.’ සමහරු කියති. එනිසාම වැඩ පසුව කරන්නට කල්
දැමිල්ල හොඳ නැතැයිද ඔවුහු කියති. මේ වතාවේ නං ඒ කතාව තිතටම හරි ගියේය.
සමන්තිගේ කතාව රෙකෝඩ් කර ගැනීම ටිකෙන් ටික කල් ගියේය. අපේ අම්මාගේ අසනීපයත්, අභාවයත්
ඒ කල් යාමට හේතු විණි. ඒ අතරවාරයේ සමන්ති නංගිගේ හිතත් වෙනස් වෙලාය!
“අනේ
ලොකූ, ආයෙමත් ඒ කතා මතක් කරන්න ලෝබයි ලෝබයි වගේ. මම ආසයි ඒ මෙමරීස් ඔක්කොම මං මැරෙනකල්ම
මගෙත් එක්ක තියෙනවට.” සමන්ති කීවාය.
ටික කාලයකින් ඇගේ හිත වෙනස් වෙතියි කියා හිතාගෙනය, මං මේ posts ටික ලිවීම පමා කළේ.
නමුත් සෑම්ගේ හිත එහෙමමය. බැරිම තැන- මගේ මතකය විතරක් උදව් කරගෙනය 94 විස්තර
ලියන්නේ.
“මං
කිව්වේ ලොකූ, අපි හරියට stabilise වෙනකල් marry කරන්නෙත් නෑ කියල හිතාගෙන
ගොඩාරියක් මහන්සි වුණා. පව්... බිමල් තමයි මැරෙන තරං මහන්සි වෙලා වැඩ කෙරුවේ.
ඩ්රුතීයි අර්ජුන් කුමාරුයි දෙන්නත් අපිට හරියට help කළා. දෙයියොත් අපි දිහා
බැලුවා. අපි දැන් හොඳටම strong! ඔයා අම්මලට බරක් වෙන්න ඕනි නෑ ලොකූ. අපි හරි
කැමැතියි ඔයා ඇවිත් අපි එක්ක ඉන්නවා නං. ඔයා මෙහෙදිත් job කරන්න- මහන්සි වෙන්න ඕන්නෑ
ලොකූ...”
සමන්ති
විතරක් නොවේ, දීපාලුත් දීපානිත් ‘ලොකා මොකටද තවත් මහන්සි වෙන්නේ’ කියා ඇසූහ. ඒත් තරමක්
ආඩම්බරකාර නිදි ඒ කතාවලින් තමන්ගේ අදහස වෙනස් කරගත්තේ නැතිය.
එයාලා තල් අත්ත උඩට බෙලි ගෙඩියක් වැටුණාම ‘අහස කඩාගෙන වැටෙනවෝ!’යි
කියමින් දුවන්නට පටන්ගත් හා පැංචා වගෙය. |
“මට සවුත්හෝල්
පුරුදුයි යසිරු. ගිය සැරේ මෙහාට ආව වෙලාවේ මම සවුත්හෝල්වල ගෙදරක් paint කළා.
පුංචි ඉන්දියාවක් වගේ පැත්තක්නෙ ඒ.”
“ෂා මරුනේ! කොයිකටත් කියල ඔයා අපි යන පාර හොඳට බලා ගන්න. වැඩේ හරි ගියොත් ඔයාට
තනියමනෙ බස් එකේ එන්න වෙන්නේ.” යසිරු එහෙමය. හැම පැත්තක් ගැනම හිතයි. කලට වෙලාවට
තිතට පිළිවෙලට හීන් සීරුවේ සිතා බලා වැඩ කරයි. ඒ නිසාම සාර්ථක කෙනෙකු ලෙස එංගලන්තයේ
පදිංචිවී සිටියි.
‘කලට
වෙලාවට තිතට පිළිවෙලට හීන් සීරුවේ සිතා බලා’ කියන වචන ටික කොටද්දී මට මතක් වුණේ විස්මිත
විශ්වය fb පිටුවකින් දුටු කතන්දරයකි; ඒත් එක්කම මා දන්නා හඳුනන කීප දෙනෙකි. එයාලා
තල් අත්ත උඩට බෙලි ගෙඩියක් වැටුණාම ‘අහස කඩාගෙන වැටෙනවෝ!’යි කියමින් දුවන්නට පටන්ගත්
හා පැංචා වගෙය. ඒ කාටත් මේ කතන්දරය අපූරු පාඩම් රැසක් නොකියා කියයි.
මං
වහන්සේ වගේ නිතරෝම හිනාවෙන් ඉන්නට ඔයාලත් කැමතියි නං, සිනහ උල්පතක් වන් ‘අර කතාව’ත්
කියවල ඉඳිමුකො.
‘රෝන් නම්බර්!
ගෙදර දුරකතනය නාද විය.
(ටික වෙලාවකට පසු...)
ඒක කිව්ව විතරයි අම්ම එක පාරටම කලබල උනා. ඇඟේ ඇඳුනුත් නැතිව ඇඳෙන් බිමට
පැනල දුවගෙන යද්දි කකුල ලිස්සල වැටුනා.. ඔළුව පැලිලා දැන් ලේත් ගලනවා හොඳටම...
කතාවේ යටින්ම මේ
පේළියත් තිබුණා. (ආ මේ ෆොටෝ එක දැම්මෙ නිකන්,
නැත්තන් උඹලා කියවන්නෙ නෑනෙ |
ඊයෙ ඒක තාත්ති සුද්ද කළාට තාම වතුර පුරවල නෑනේ.... මම හිතන්නෙ එයා එතනම
මැරිල...
මේ කතා කරන්නෙ 053 - 2294385 නම්බර් එකෙන්
නේද..
(ආ මේ ෆොටෝ එක දැම්මෙ නිකන්, නැත්තන් උඹලා කියවන්නෙ නෑනෙ
ඔය කියන foto එක
මේ post එකේ හයවෙනියට දාලා තියෙනවා. හොඳේ.
ඉතිං- සවුත්හෝල් හරියේදී යසිරු කාරය පැදෙව්වේත් හෙමින්ය. “ඔන්න නිමල්ට පාර බලාගන්නයි මම හෙමින් drive කරන්නේ. මෙතැනින් වමට... ආයෙමත් වමට...”
පාර කෙළවර වුණේ අහීර් මහත්තයාලගේ ෆැක්ටරිය ළඟින්මය. ඒකට ඉදිරියෙනුත් තවත් ගොඩනැඟිල්ලකි.
“අර තියෙන්නෙත් ඉන්දියන් එක්කෙනෙක්ගේ කෑම හදන තැනක්. සමෝසා... සමෝසා හදන්නේ. මං
හිතන්නේ මුළු එංගලන්තෙටම සමෝසා හදන්නේ මෙතැන වෙන්නැති.” කියමිනි යසිරු ඉදිරියට
ගියේ.
ඉතිරි
හරිය ලියන්නේ ඊළඟ කොටසෙනි...à
මහත්තයා කැරට් කන්න ආසයිලු නේද. කෝලිකුට්ටු ආනමාලු වලටත් ආස ඇති.
ReplyDelete//උදා වී තිබෙන වෙලාව නැකතය- සුදුසුම වෙලාවය// අනේ ඔව්!
ReplyDeleteඅර කතාව වෙන විදිහකට අහලා තියෙ. ඒකෙ තිබ්බෙ කෝල් කරන මනුස්සය ගෙදර වැඩකාරයට කියනව වෙඩි තියන්න කියල දෙන්නටම 😂
ReplyDeleteසමන්ති (හා බිමල්ගෙ) privacy රැකගෙන නිමල්ට කතාව ලියන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
ReplyDeleteඅපේ අයගෙ කුතුහලය වැඩියිනෙ කොහොමත්. යම් සිදුවීමකින් inspiration එකක් ගන්නවට වඩා, සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් ගැන දැනගන්න තමයි වැඩිය උනන්දු. අර "මැයි මාර ප්‍රසංගය" පොත කියවපු හුඟක් අය වැඩිය උනන්දු ඒ කතාවෙ ගෑණු ළමයා 'සංචරණී' කවුද කියලා දැන ගන්න. මම පොත කියවලා නෑ නමුත් ඒ ගැන YouTube විඩියෝ කීපයක් බැලුවා. ඒ හැම එකේම වැඩියෙන්ම අහලා තිබුණ ප්‍රශ්නය තමයි "සංචරණී හම්බවුනාද, සංචරණී ආවද " කියලා. කතාව රසවිඳලා ඉවර කරන්නෙ නැතුව, ඒ ගෑණු ළමයව හොයන්න ඔච්චර උනන්දු ඇයි. මිනිස්සු එක්ක සම්බන්ධතා ගොඩ නඟා ගන්න ඒ මිනිස්සුන්ගෙ පෞද්ගලිකත්වය ආක්‍රමණය කරලා, boundaries cross කරන්න ඕනෙද.
"Work permit එකක් නැතිව වැඩ කරලා අහු වුණොත් දෙකක් නෑ- කූඩුවේ තියාගෙන ඉඳලා ආපහු යවයි... black list කරලා" යසිරු නිමල්ට ඒ ගැන මතක් කරලා දීපු එක හොඳයි 😁.
ReplyDeleteFor your sake, I really hope this Mr. Aheer is not a full-blown narcissistic. එහෙ අවුරුදු ගාණක් (සමහරවිට පරම්පරා ගානක්) ජීවත් වුණත් ඔය සමහර අය toxic.
අද කතාව නියමයි. කියවන්න, හිතන්න දේ එමටයි. පාපෝච්චාරණය: කලින් ඇවිත් කියවල ලුහුටලා ගියා.😁
ReplyDeleteපින්තූර දැක්කද?
Deleteබස්සො හරි පංඩිතයි නේ?
පංඩිතයි?? අනේ මගෙ හොට?😋
Deleteපහල ලින්ක් එක දැක්කද? ආන් අපිව දාලා මීයො අල්ලන්න. පොල්කටු ගමරාලාමීට කියල ලන්ඩන් කොරටුවක ජොබක් නං සලකා බැලියෑකි.
ආන් අපේ ජස්ටියත් රිසයින් වෙනවලු, එක්කො ඔන්න ඔහේ තව ටිකක් ඉඳලම බලනවා.😋😁
මේ ලංකාවෙ ගමරාල කෙනෙක් අපට රස්සා සපයනවා. වර්ක් පර්මිට් ඕනෙ වෙයිද මන්දා?
ReplyDeleteබස්සො දාලා මීයො අල්ලන්නේ