“Very sorry බ්‍රදර්- කිර්පාල් කිසිම කමකට නැති බාස්ටර්ඩ් කෙනෙක්. ඒ හාදයා අපේ රටටත් අවනම්බුවක්... හරිම ඩර්ටි. He hate water. ස්ටින්ක්... You know stink?” බල්නූර් මුහුණ විරූපකොට, නහය හකුළුවා, අභිනයෙන් ‘දුඟද’ වටහා දුන්නේය. මම හිස සොලවමින් උත්තර දුන්නෙමි.
![]() |
මං මුලින් හිතාගෙන උන්නේ බල්නූර් ලවා කිර්පාල්ට හොඳවයින් දෙස්සක් කප්පවලා
මට ශාන්තියක්... |
අහීර් සර් කිර්පාල්ව ඔයා එක්ක කපල් කරන්න ඇත්තෙත් මිනිහට පාඩමක් උගන්වන්න. අපිට වගේම කිර්පාල්ටත් ඉංග්‍රීසි බෑ. ඔයාට පංජාබිවත් හින්දිවත් බෑනෙ... ඉතිං මිනිහට වෙන්නේ කට වහගෙන ඔයත් එක්ක වැඩ කරන්නයි.
ඔයා දන්නවද brother,
ඔයාලව ඉස්සරහින්ම මේසයකට අරගෙන
තියෙන්නෙත් සර්ට නිතරම කිර්පාල්ව පේන්න...”
බල්නූර්ගේ කතාවෙන් සිද්ද වුණේ කිර්පාල්වත්- ඒ
රස්සාවත් දෙකම මට තව ටිකක් තිත්ත වීමය.
මං මුලින් හිතාගෙන උන්නේ බල්නූර් ලවා කිර්පාල්ට හොඳවයින් දෙස්සක් කප්පවලා මට ශාන්තියක් කරවාගන්නටය.
“No result brother. මම කිව්වට වැඩක් නෑ. Two three days මං එයාට කියලයි තියෙන්නෙ.
ඒත් මිනිහා ගණන් ගත්තේ නෑ... මම කියන්නේ you tell Kirpal. එතකොට කැන් ලිස්ට්න්
sometimes.”
“තව දවස් දෙක තුනක් යන්න කලින් මම එයාට කතා
කරන්නං. නැත්තං මට වෙන්නේ වැඩට නෑවිත් ඉන්නයි!”
“No, no. Not do that! සර් උඹ ගැන කැමති වෙලයි ඉන්නේ... යුවර් ෆියුචර් good හියර්.
සර් මගෙනුත් ඇහුවා. සමීරා තමයි සර්ට කියල තියෙන්නෙ you speed good!”
“මං ඔයාට කිව්වේ රංජි. ටිකක් ඉවසල බලමු. මං
යසිරු පුතාට කියන්නද, ඔයාලගේ අහීර් සර්ට කතා කරන්න කියලා.” අපේ අම්මා ඇහුවේ ඉස්සරහ
සීට් එකේ වාඩිවී දීපාල්ට උපදෙස් වරුසාවක් වස්සන Daddyට නෑසෙන්නටය.
එතකොට අප උන්නේ සමන්තිලාගේ ගෙදරට යමිනි. එදා වැඩ අහවරවී ගෙදර ආ විටය, අම්මා මට ඒ
විත්තිය කිව්වේත්.
“සෑම්ලට හා කියන්න කලින් මගෙන් ඇහුව නං ඉවරයිනෙ අම්මේ.”
“අහන්න තිබ්බා ඔයා වැඩ කරන තැන ෆෝන්
නොම්මරයක්වත් ඉල්ලගෙන ඇවිත් අපිට කියල තිබ්බ නං.” ඒකත් ඇත්තය. ‘හෙට වැඩට ගිය ගමන්ම
මිස්ටර් අහීර්ගෙන් ඔෆිස් එකේ නොම්මරේ ඉල්ල ගන්න ඕනි.’
“නෑ අම්මේ... බලන්නකෝ දැනටමත් නමයමාරට කිට්ටුයි. එහාට ගිහිං කාලා බීලා ඒ පිම්මටම
හැරෙන්න තමයි වෙන්නේ. හෙට නිවාඩු දවසක්වත් නෙවෙයිනෙ. ඒකයි!”
“Oh my God, ලොකූ- මෙහෙ හැටි මෙහෙම තමා. නිවාඩු
දවස් බල බලා ඔකේෂන්ස් දාගන්න හිටියොත්...”
“ඔව් රංජි. දීපානි කියන දේ තමයි හරි. මේ රටවල මිනිස්සුන්ට ලංකාවේ වගේ නිවාඩු හැටහුටහමාරක්
නෑ. හුඟක් උදවිය dinner එකකට ගිහිං රෑ එකට දෙකට ගෙදර ආවත්- පහුවදා පුරුදු වෙලාවටම
ඇහැරෙනවා. ඇහැරිලා වෙලාවට වැඩටත් යනවා. එහෙම කරන්න බැරි නං ඉතිං ගෙදරටම කොටු වෙලා
ඉන්නයි වෙන්නේ.”
![]() |
කුණාටුවක වේගයෙන් අපේ ඉස්සරහට එමින් හිටි ‘සුනඛ රාජයා’... |
“රංජි මොකද නිකං කොලොප්පමට වගේ අම්මට සිරි කියන්නේ....”
“ඉබේටම එහෙම කියවෙනවනෙ අම්මේ- අම්මයි චූටියයි දෙන්නම එක දේකට හරි සමාදානෙන් එකඟ
වෙනව දැක්කම. නැත්තං ඉතිං ඔයාලා ලංකාවේ ආණ්ඩු පක්ෂෙයි විරුද්ධ පක්ෂෙයි වගේනේ.”
“එකඟ වෙනව තමා! අනේ පොඩ්ඩක් ඉස්සරහට එබිල බලන්න
රංජි- අන්න අන්න අර දෙන්නා ඇවිලෙන්න යනවද කොහෙද...
දීපාල්... ඔයත් ඉතිං කොක්ක වගේ එයත්තෙක්ක ඇමිනෙන්න යන්නැතිව කට වහගෙන එලෙව්ව නං
ඉවරයිනෙ. මහ තැනට ඕනි කෙහෙල්මලක් කියාගන්න ඉඩ දීලා.”
“පිං සිද්ද වෙයි අම්මේ, එහෙනං මෙන්න මේ මනුස්සයට කියන්න වාහනේ එලවන වැඩේ මට කරන්න
දීලා එයාට කට වහගෙන යන්නයි කියලා. මගේ ඔළු ගෙඩිය පුපුරලා යයි තව දිගට මේවා අහගෙන
ගියොත්...”
“අනේ Dipal, තව චුට්ටනෙ...” දීපානි බැගෑපත් වෙයි.
“අද විතරක් නෙවෙයිනෙ ඩී. එයාගේ පුරුද්දනේ...
ලොකූ ආයෙත් අපි එක්ක මෙහෙම ගමන් එන එකකුත් නෑ ඔන්න, ඔයාල ඔහොම රණ්ඩු කර-කර ගියොත්.
නේද ලොකූ...
දැන් නං සමන්ති අක්කා shop එක වහන්න පටන්
අරගෙනත් ඇති... Mum, අපි මේ එහාට යන්නේ after a long time නේද?”
දීපානි නැවතිල්ලක් නැතිව දිගටම කතා කරන්න ගත්තම,
එයාට ඉඩ දීලා දීපාල් කට වහගත්තා. සාමය ස්ථාපිත වුණා!
අනෙක් ගෙවල්වලත් මෙහෙමමද වෙන්නේ? ඒ පවුල්වල සාමාජිකයනුත් හොස්ස අගින් මැස්සෙක්
ගියත් කලබල වෙනවද? එහෙම කලබල වෙන එයාලා ඊළඟ විනාඩියේදීම මොකුත්ම නොවිච්ච ගණනට
සංසිඳෙනවාද...
අපේ නඩයේ කට්ටියට වෙනින් ‘හටන් නාඩගමක්’ නටන්නට
ඉඩක් නොලැබිණි. ඒ අපි ගමනාන්තයට ඇවිත් හිටි නිසාය.
“Still it’s open!”
“මෙහෙ එහෙම තමයි රංජි. නීති හරි තදයි. දහය නං දහය. දහයට විනාඩියක් තියලවත් ෂොප් එක
වහන්න බෑ.”
“වහන්න බැරි මොකද අම්මේ?” දීපානි හිනාවෙමින් කියන්නේ අම්මව අවුස්සන්නට වෙන්නැති.
“ඕනර්ස්ලට ඕනි විදිහට ලිකර් ෂොප් එක වුණත් වහන්න පුළුවන්. හැබැයි අහු වුණොත්
ලයිසන් එක නැති වෙන එකයි වෙන්නේ.”
“බ්රූනෝ බ්රූනෝ, Sit down!”
කවුද බොලේ බ්රූනෝ?
ඉන්නකෝ කියන්න... වුණේ මේකයි...
අපි කට්ටියම කඩේට ඇතුළු වෙන්න දොර තල්ලු කරනවත් එක්කම දොරේ සීනුව හැඬවුණා. සෑම්
ඔළුව උස්සල බැලුවා. “බ්රූනෝ බ්රූනෝ, Sit down!” සමන්තිට කියැවුණේ නිකංම වගෙයි.
ඒ මොහොතේම කුණාටුවක වේගයෙන් අපේ ඉස්සරහට එමින්
හිටි ‘සුනඛ රාජයා’ නිශ්චල වුණා. හැරිලා ගිහිං සාප්පුවේ මුල්ලක කොන්ද කෙලින්
තියාගෙන වාඩි වුණා.
![]() |
කොසොල් මහ රජාණන්ගේ අග බිසව මල්ලිකාවුන් හා සසඟෙහි යෙදුණු ‘අයාලේ යන
සුනඛයෙකුගේ’ හපන්කම ගැන 'දහ බලු කතා වස්තුව’ post එක ලියද්දී... |
“අනේ ලොකූ. Give me a second please.”
සමා ඒ විනාඩිය ඉල්ල ගත්තේ බ්රූනෝ ළඟට ගිහිං, එයාගේ ඔළුව අතගාලා- එයාට බිස්කට් එකකුත්
දෙන රාජකාරිය කරන්නයි.
බ්රූනෝව දැක්ක ගමන් ඕනි කෙනෙකු shock වෙන තරම්. එයා එතරම්ම දැවැන්තයි. (ඒ ගැන කියද්දී මට මතක් වෙන්නේ කෝටිපති ‘සිව්වෙනි Gunther’ සුනඛ රජාණන්ව. කොසොල් මහ රජාණන්ගේ අග බිසව මල්ලිකාවුන් හා සසඟෙහි යෙදුණු ‘අයාලේ යන සුනඛයෙකුගේ’ හපන්කම ගැන 'දහ බලු කතා වස්තුව’ post එක ලියද්දී මම Gunther ගැනත් ඔයාලට කිව්වේ...)
“සෑම්, ඔයාගෙ හුරතලා දුවගෙන එනව දකිනකොට නං ඕනි කෙනෙක් පණ බයේ ගල් ගැහෙනවනේ!”
“හුරතලා? මෙයා හුරතලෙකුටත් වඩා- ගාඩ් කෙනෙක් ලොකූ. He is well trained. He is
protecting me... නේද මගෙ පැටියෝ... ඔයා මාව පරෙස්සම් කරන එක්කෙනා නේද?
අපි ෂොප් එක අරින වෙලාවේ ඉඳලා වහනකල්ම බ්රූනෝ අර කෝනර් එකේ වාඩි වෙලා එයාගේ පාඩුවේ
ඉන්නවා. හැබැයි, door bell එක ring වෙනකොටම බ්රූනෝ දොර පැත්ත බලනවා. එයා knows අපේ
ඒරියා එකේ මිනිස්සු සේරම. But කවුරු හරි අලුත් කස්ටමර් කෙනෙකු හරි, යන්තම්වත් සැක
විදිහෙ කෙනෙකු හරි කඩේට ගොඩ වැදුණොත් බ්රූනෝ ටක් ගාලා නැඟිටිනවා. පුරුදු කෙනෙකු
වුණත් ඕනිවට වැඩිය කලබලෙන් ෂොප් එකට ආවොත් එයාට සැකයි. එයා කලබල වුණොත්, මාත්
තුවක්කුව අතට ගන්නවා...”
“එංගලන්තෙ වෙලත් එච්චර හොරු ඉන්නවද Sam?”
“අනේ ඔව් ලොකූ. දැන් දැන් loot කරන අය වැඩියි. ඉස්සර වැඩියෙන් හිටියෙ පොඩි පොඩි
දේවල් හොරෙන් ගන්න shop lifting කරන අයනෙ. වැඩේ කියන්නෙ ලොකූ, loot කරන ගොඩක් අය
very young කොල්ලො.”
“මට හොඳටම තිබහත් එක්ක සෑම්!” අපේ අම්මා කිව්වේ
එතකොටය. සමන්ති මගේ පැත්තට හැරුණේ එයාගේ මඳහස අම්මට නොපෙනෙන්නයි. ඒක දකිනකොට නං
මටත් හිනා ගියේ නිකංමයි... අම්මට තිබ්බේ පිපාසයක් නෙවෙයි; එයාටත් සහභාගී වෙන්න
බැරි සාකච්ඡාවක් නවත්තන්න ඕනිකමක්.
අපි ඔක්කොමලම නොදන්න එකක්යැ අපේ අම්මගෙ හැටි!
“Shop එක වහන්න වෙලාවත් හරි යාගෙනනේ එන්නෙ! එහෙනං
එන්න අම්මේ- අපි යමු. යං ලොකූ අපේ ගෙදරට.” සමන්ති ඉස්සර වුණා.
![]() |
අර Doll එක කියන්නේ- අන්න ඒක අරගනිමින් ඉන්න; රස්සා නැති කට්ටියගෙන් ඒ job එකට සුදුසු අයව තෝරලා එවනවා.
එයාලගෙන් අපිට කැමති කෙනෙක්ව රස්සාවට... |
“කඩේ ඇරලා තියෙද්දී වුණත් ගියාට ප්‍රශ්නයක් නෑ අම්මේ. බ්රූනෝ ඉන්නකං. දැන් නං කඩේ
වහන්න දන්න දෙන්නෙක්ම මෙතැන ඉන්නවනෙ...” සමන්ති කිව්වේ ඇහැක් වහල ඉඟි කරමින්.
“...නේද දීපානි? දීපාලුත් help කරයිනෙ ඉතිං.”
සමන්තිට හදිසි වැඩක් යෙදුණම මල්ලා හරි චූටි
නංගි හරි තමයිලු ඇවිත් සාප්පුව බලා ගන්නේ.
“ ඒ නිසා එයාලත් දන්නවා අපේ ෂොප් එකේ වැඩ කෙරෙන විදිහ... බඩු තියෙන තැන්...”
‘ඉතිං නිමල් අරයගෙ මෙයාගේ තැන්වල වැඩ කරන්න
නොගිහිං ඔයාට තිබ්බනේ සමන්තිලගේ ෂොප් එකක වැඩ කරන්න.’ දැන් ඔබට හිතුණද? ඒ දවස්වල මේ
විස්තර කතා කෙරෙනවිට මගේ මිතුරු-
මිතුරියන්ගෙන් නැඟුණු පැනයකි ඒ.
“තමුන්ගේ තැනක වුණත් පිටරට කෙනෙකුව වැඩට ගන්න
නිකම්ම බෑ ලොකූ. අපි ඒ වේකන්සිය fill කරන්න ගන්න ඕනි මේ රටේ කෙනෙකුව. එහෙම කෙනෙක්ව
හොයා ගන්න අපිට බැරි නං අපි ඒකත් දැනුම් දෙන්න ඕනි.
එතකොට Jobseeker's
Allowance (JSA) එක... අර Doll එක කියන්නේ- අන්න ඒක අරගනිමින්
ඉන්න; රස්සා නැති කට්ටියගෙන් ඒ job එකට සුදුසු අයව තෝරලා එවනවා. එයාලගෙන් අපිට
කැමති කෙනෙක්ව රස්සාවට ගත්තෑකි.” සමන්ති මට පැහැදිලිකොට දුන්නාය.
“මාර වැඩක්නෙ!”
“මාර වැඩක් තමයි!” බඩා මල්ලියාත් සමන්තිගේ උදව්වට එමින් ඌන පූරණයක් කළේ එතකොටයි.
“ලොකූ දන්නවද, එහෙම එවන අයගෙන් එක්කෙනෙක්වත් අපේ ළඟ job එකට කැමති නැත්තං විතරක්
අපිට පුළුවන් අපේ කෙනෙක්ව ගෙන්න ගන්න apply කරන්න.”
ඒ දවස්වල doll එක කීයක් විණිදැයි මං වහන්සේ
හෙව්වේ නැත. ඒත් ඊයේ හවස නං ඒ ගැන චුට්ටක් විපරම් කළේ ‘දයාබර පාඨක ඔබ සැම’
වෙනුවෙනි.
2024දී ඒ ගෙවීම් සිද්ද වී තිබෙන්නේ මෙන්න මේ
ගණන් හිලවු අනුවලු!
වයස අවුරුදු 24 දක්වා කෙනෙකුට සතියකට පවුම්
71.70ක් (£71.70).
ඒ දීමනාව අවුරුදු 25ට වැඩි කෙනෙකුට නම් ‘සතියකට £90.50’කි.
“මං මේ කල්පනා කළේ මල්ලා, මෙහෙ ඉන්න දාර කම්මැලි
පොරකට දිගටම job එකක් නොකර ඉඳගෙන වුණත් ඔය වීක්ලි එලවුන්ස් එකෙන් ගැටගහගන්න
පුළුවනිනේ!”
“No way ලොකූ! Doll එක ගන්න කෙනෙකුට හොයල දෙන
ජොබ්ස් තුනකටම යන්න කැමති නොවුණොත්... එයාට ඩෝල් එක දීම නවත්තනවනෙ!”
![]() |
හැබැයි එහෙම නොකර ඉන්ගලන්ත ගවන්මන්ට් එකෙන් දෙන බෙනිෆිට්ස් සේරම ගන්න
ගමන්... |
(මා මෙම posts ලියන්නේ වැඩි වශයෙන්ම මගේ මතකයට
අනුවයි. දෙවෙනි වරට මා එංගලන්තයට ගොස් වසර තිහක් ඉක්ම ගොසිනි. ඒ කියන්නේ වත්මන් England
පිළිබඳ මගේ දැනීම ඉතා අල්ප බවයි. එබැවිනි මේ ආයාචනය කරන්නේ. විශේෂයෙන් දෙදෙනෙකුට.
දැනටත් එංගලන්තයේ වෙසෙන, ඒ ගැන blog posts ලියන අජිත් ධර්ම මහතාණෙනි, Hounslowහි නිවාස සැලසුම
හා C
& L Country Club ගැන තොරතුරුත් සැපයූ Ano මහතාණෙනි, අද්‍යතන එංගලන්තයේ තතු දන්නා හිතාදර පාඨක-පාඨිකාවෙනි,
මට වැරදුණු තැන් වෙතොත් හෝ අලුතින් සඳහන් කළ යුතු යයි ඔබ සිතන දෑ වෙතොත් හෝ කරුණාකර
ඒවා අපට දන්වනු මැනවි.)
“එහෙම වැඩවලටත් ඔයාලා වෙනම ටැක්ස් එකක් ගෙවන්න
ඕනිද, Sam?”
“ලොකූ, ඒකටයි කියලා වෙනම tax එකක් අපි ගෙවන්නේ නෑ තමයි. ඒත් ඔයා දන්නවද වැඩ කරන
අය... බිස්නස් කරන අය කොච්චර ලොකු ටැක්ස් එකක් මෙහෙ ආණ්ඩුවට ගෙවනවද කියලා. Yasiru
අයියා knows well... ඔයා ඒ ෆීල්ඩ් එක ගැන ඉන්ටරෙස්ටින් නං එයාගෙන් අහන්නකො...”
දීපාල් වටපිට බැලුවේය- අම්මා ළඟක නැත; දීපානි
එක්කලා බර කතාවකය. මේ යෝදයා අපට රස රහසක් හෙළි කෙරුවේ කෙඳිරිලි හඬිනි.
“හැබැයි එහෙම නොකර ඉන්ගලන්ත ගවන්මන්ට් එකෙන් දෙන බෙනිෆිට්ස් සේරම ගන්න ගමන් odd
jobs කරන- පෙනි (පැන්ස) එකක්වත් tax කියල නොගෙවන එක්කෙනෙකුත් ඉන්නවා!” (අපි තුන්
දෙනාගේ හිනා!)
“ඒවා කතා කරන්න ගියොත් හෙට එළි වෙයි ලොකූ! Where
is Daddy? ඩැඩා තවම සිගරට් එක බොනව වගෙයි... M..u..m, මේ ලොකූත් එක්ක අම්මා උඩට
යන්නකො ප්ලීස්.
ඩ්රුතී උඩ ඉන්නවනෙ. මම ඩැඩාව එක්ක එන්නං.” කියලයි සෑම් ඩැඩා ළඟට ගියේ.
“බලාගෙන ගියාම අම්මේ, අපි කොච්චර නිදහසක්
විඳිනවද මෙහෙ මිනිසුන්ට වඩා.”
“ඒක නං එහෙම තමයි, රංජි! හැබැයි එහෙම මහන්සි
වුණේ නැත්තං මේ රටේදි දියුණුවක් ලබන්න බෑ!!
මොකද දන්නෑ- බිමලුයි, ඩ්රුතීගේ මහත්තයා අර්ජුන් කුමාරුයි දෙන්නත් එයාලගෙ කඩ වහලා තවම
ආවේ නැත්තේ. ඒ කඩ දෙක තියෙන්නෙ ටිකක් ඈතින්නෙ. තුන් දෙනාට කඩ තුනක්...
මං හිතන්නේ කඩ කෙරුවාව කළාට මොකද මුල් දවස්වල ඔය අර්ජුන් කුමාර්ට ඉංග්‍රීසි
ලියන්නවත් බෑ...”
“ලියන්න බැරි වුණත් හොඳට ඉංග්‍රීසි කතා කරන්න
පුළුවන් ඇතිනෙ!” හිතන්නත් කලින් මගේ කටෙන් වචන විසි වුණා!
උඩ තට්ටුවේ දොර ඇරෙනකොටම ඉන්දියන් කෑමවල සුවඳ
ගලාගෙන ආවා.
![]() |
බිමල්ගේ පැත්තේ නෑදෑයන්- දෙවෙනි පේළියේ වම් කෙලවරේ වාඩි වී
සිටින්නී ඩ්රුතීය. |
“අම්මත් එන නිසයි එයා ඔය කරි ජාති හෙම ගොඩක් හදන්නේ... අම්මා කැමති එහෙමනේ...” සමන්තිගේ
hint එක ගණන් නොගත්තු අම්මා ඩ්රුතීව බදා ගත්තා; ඉම්බා; My ඩා..ර්ර්ර්ර්ලින් කියල
දිග..ට දිග..ට ඇදලා කිව්වා.
එදා ලැබුණු ප්‍රනීත රෑ කෑම ගැන නං එච්චර මතකයක්
නෑ. මතකෙ තියෙන්නේ යහමින් යොදා තිබුණු ගිතෙල් ගැනයි.
“අනේ ලොකූ, ඩ්රුතීට
ඇහෙන්න තෙල් ගැන මොකුත් කියන්න එපා. මම දෙතුන් පාරක්ම කියල කියලයි ඔය තරම් අඩුවෙන්
ගී use කරල තියෙන්නෙ. අම්මෝ- මං මෙහෙට ආව දවස්වල මට තිබ්බ ලොකුම problem එකක් තමයි
ඔය. ඩ්රුතීලට පුරුදු හැම එකකටම වැඩියෙන් Ghee දාලා උයන්න. ඒකනේ ලොකූ එයාලා වැඩි දෙනෙක්ම
චබී!”
“අපිට පොල්තෙල් වගේ!”
“ඒ වගේද ඔයා හිතන්නේ? එයාලගේ ස්වීට්ස්වලත් හරියට තෙලුයි සීනියි. මම නං ගොඩක්
වෙලාවට එව්වා කටේවත් තියන්නේ නෑ.”
“ඒක නෙවෙයි සෑම්. ඩැඩාට...”
“Don’t worry. ඩැඩාට වෙනම ‘රෝස්ට් චිකන් ඇන්ඩ් සැලඩ්’ හදලයි තියෙන්නෙ. මං ඊයෙම
කට්ලට්ස් ටිකකුත් හදල තිබ්බා. බැදලා ගන්න විතරයි තියෙන්නෙ. අපි හදන කෑමවලින් ඩැඩා කැමති
එව්වට විතරයිනෙ ලොකූ.”
ආපහු එන අතරෙත් දීපාල් ඩැඩා එක්කලා පැටලුනාදැයි
කියන්නට මම නොදනිමි. උදේ පටන්ම වෙහෙසී උන් මට, බර රාත්‍රී ආහාරයෙන් පස්සේ තද
නින්දක් ගිහිංය; වාහනයට නැඟලා සීට් එකට හේත්තු වෙනවාත් එක්කම...
කිර්පාල්ල කනවා ඇත්තෙත් ඩ්රුතීල වගේම අය උයන-
පිහන දේවල් වෙන්නැති. එදා නං මට ඔය ගැන හාන්කවිසියක් කල්පනා වුණේ නෑ. ඒත් පහුගිය කොටසට Lotus
රසිකාවිය එවා තිබුණු comment එකක් කියෙව්වාම නං ඒ විත්තිය මීටර් වුණා!
‘ඒ දුර්ගන්ධය මුඛ දුර්ගන්ධයක් විතරක් නෙවෙයි නේද.
ඒගොල්ලො සමහරු කන කෑමවල තියෙන අධික කුළුබඩු සාන්ද්‍රණය (intensity) නිසා දහඩියවලට ඒ දුර්ගන්ධය එකතු වෙලා තියෙන්නෙ. නිමල් කලින් ගිය වෙලේ එහෙම
අත්දැකීම් තිබුනෙ නැත්ද.
අවාසනාවට ඒ සමහර අය මේ ලෝකෙ deodorant කියලා ජාතියක් තියෙනවා
කියලා දන්නෙත් නෑ.’ Lotus සඳහන් කරලා තිබ්බේ එහෙමයි.
//ඒ සමහර අය// ඒ කියන්නේ මිනිස්සු...
මිනිස්සු කී දෙනෙක් විතර මේ මිහිතලය මත ජීවත්
වෙනවා ඇද්ද? (මිනිස්සුය කියලා කියන්න බැරි අමනුස්සයො වගේ මිනිස්සුත්-හිස, කඳ, බඩ,
ගාත්‍රා සේරම තියෙද්දී තිරිසන් සත්තු වගේ ජීවත් වෙන මිනිස්සුත් ඔක්කොම මිනිස් ගොඩට
දාලා ගණන් බැලුවොත්...)
එහෙනං රත්තරනේ, දැනට නවතින්නං... ඊළඟ post එක කියවන්න
ආයෙත් එනවනෙ...à
No comments:
Post a Comment