මුලින්ම රජරට වැව් බැඳි රාජ්‍යයේ 1998 දි සේවය ආරම්බ කල මම සියලු පශ්චාත් උපාධි වලින් සමත් වූ පසුව පිවිසුනා රුහුනට- අටදහස් රට මාගමට. මම සොයාගැනීම් නොකලා කියන්න බෑ; සම්ප්‍රදායික රෝගීන් බලන, ප්‍රතිකාර කරන විදි වල ඇති නිරවද්‍ය බාවය නැති කර නොගෙන ඒ සේවා වලට යන ශ්‍රමය, කාලය සහ වියදම් අවම කරගැනීමට මම දිනපතා පර්යේශන කරනවා. ඒ අපේ රටේ ඇති සම්පත් වලින් කෙසේ හෝ මට බාර දී ඇති හම්බන්තොට දිස්ත්‍රික්කයට උපරිම සේවයක් ලබා දෙන්නට.
![]() |
විශ්‍රාම යන්නට පෙර අක්ෂි රෝගීන් මිලියන දෙකකට ප්‍රතිකාර කිරීමේ
ඉලක්කය හඹා යන අයස්මන්ත... |
මේ කාර්යක්ශම භාවයට මගෙ ජීවිත කාලෙක අත්දැකීම්, දෙමාපිය-
ගුරුවර උපදෙස් හා ආදර්ශ හේතු වෙන අතර, ඊට අවශ්‍ය
තාක්ශනික විශ්ලේශක විද්‍යාත්මක මනස හැදුනෙ IFS එකෙන්
සහ උඩ දැක්වූ මනමේ - මරාසාද් සාහිත්‍ය පරාසයෙන් නියෝජනය වෙන සාහිත්‍ය කලා ආස්‍රයෙන්...'
‘මේ කාර්යක්ශම භාවයට...’ කියද්දී අයස්මන්ත මහත්තයෝ, මට මතක් වෙන්නේ
ඔයා අක්ෂි රෝගීන්ව පරීක්ෂා කරන විදිහ.
‘හිටගෙන බලන පොඩි දොස්තර මහත්තයෙක් තමයි අද මාව බැලුවේ! ලොකු මහත්තයා එන්නැතුව වෙන්නැති.” එදා එක්කෙනෙක් කෙඳිරි ගානකොට තව ලෙඩෙක්මයි එයාට උත්තර දුන්නේ.
“පොඩි දොස්තර නෙවෙයි ළමයෝ, ලොකු දොස්තර මහත්තයා තමයි ඒ. මහත්තයා කරන වැඩේ හරියටම කරන හිංදා... එහෙම හනික ලෙඩ්ඩු බලන හිංදා තමයි අපිට රස්තියාදු නොවී ඉක්මනට බෙහෙතුත් අරං, ගෙදර යන්න පුළුවන් වෙන්නෙත්.”
මට මතකයි පීරිස් මහත්තයෝ, ඔයා රත්නපුරේ ඉස්පිරිතාලෙට මාරු වෙලා ගිය
ගමන්ම කියාපු දේ.
“මෙහෙ waiting list එකේ ලෙඩ්ඩු 8,000ක්
ඉන්නවා නිමල් අයියේ. මෙහෙ කෙරිලා තියෙන විදිහට නං හුඟක් ලෙඩ්ඩුන්ට අවුරුදු ගාණක්
බලං ඉන්නයි වෙන්නේ. මගේ target එක මාස
ගාණක් යන්න කලින් ඒක 4,000ට බස්සන්න...” ඒත් ඔයාගේ ඒ ඉලක්කය නං වැරදුණා. ඔයාගේ
වැරද්දක් නිසා නෙවෙයි, හොඳ වැඩිකම නිසා.
![]() |
මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමගේ IFS අද වෙද්දී... |
“ඔව් අය්යේ... කටින් කටට ආරංචිය ගිහිල්ලා රත්නපුරේ ලෙඩ්ඩුත් වැඩි
වෙන්න ගත්තනෙ. ඒ අස්සේ හම්බන්තොට- ඇඹිලිපිටිය- මොනරාගල පැතිවල ලෙඩ්ඩුත් මෙහාට එන්න
ගත්ත. ඉතිං කොහෙද මාස ගණනෙන් ටාර්ගට් එකට එන්නේ?”
නමුත් ටිකක් ප්‍රමාද වෙලා වුණත් ඔයා ඒ ඉලක්කයට ගියා. “IFS එකෙන් අපිට දුන්නු
දැනුමයි, ඇති කරවපු හික්මීමයි, හිතන්න පුරුදු කරවපු විශ්ලේෂණාත්මක ක්‍රමයි තමා ඒකෙ
රහස!” කියලයි- එදා ඔයා කිව්වේ.
රත්නපුරේ මිනිස්සු ඔයාට ‘අපේ
දෙයියෝ’ කියලා කියද්දී තමයි පීරිස් මහත්තයෝ ඔයා ආයෙමත් හම්බන්තොට රෝහලට මාරු වුණේ.
ඒ මගේ ප්‍රතිකාර ගැනත් හිතල විත්තිය කොහොමද නොකියා ඉන්නේ? ඔයා එහෙම හිතුව වාර කොච්චරක්ද? (ඒ ගැන ගොඩක් ස්තුතියි!)
ඒ විස්තර පැත්තකින් තියලා ඔන්න ආයෙත් යනවා- පීරිස් මහත්තයාගේ ඊමේල්
උපන්දින සුපැතුම් පණිවුඩයට.
2025 සැප්තැම්බර් 15 තමා අයියේ ඒ ලස්සන දවස ..
මහනුවර බෝගම්බර පිටිය අසලින් හන්තානේ කන්ද නැඟ,
NIFS වෙත හැරෙද්දි හදවත ගැහුනෙ 1990 ඉස්සෙල්ලාම යද්දි
වගේම.
එහි මුර කුටියට වාර්තා කර, ආ කාරනේ
පවසා අපි ඉස්සර ගිය විදියට මීදුම් පාවාඩ මැදින් කැන්ටිම පහු කරමින් පිලිගැනීමේ බරාඳයට යද්දි දැනුන සුවඳ පවා තවම ඒ වගේම
දැනෙනවා යැයි හිතුනෙ මට විතරද?
එතනින් පසු අපි මුලින්ම ගිය ශ්‍රවනාගාරය, (දැන්
එය සිරිල් පොන්නම්පෙරුම අනුස්මරන ශ්‍රවනාගාරය) වෙත යද්දි මම උන්නේ හරිම හැඟීම්බරව.
එදා අපිව පිලිගත් දීපාල් අයියා අද මහාචාර්ය දීපාල්
සුබසිංහ.
![]() |
කිරිකෝඩු මානවක මානවිකාවෝ 1990 දී... |
ඒ කාලෙ අපිත් මෙයාල වගේ නැවුම්ව ඉන්න ඇති නේද?! අපේ කාලෙ
වීරයො එක්ක අපිව සන්සන්දනය කරන්න බැරි උනත් අපි ක්ශේත්‍ර ගනනාවක විශේශඥයො හැටියට අපේ
achievements ඔවුන්ට පෙන්නන එක ඔවුන් දිරි ගැන්වීමට
කල යුතු දෙයක් උනා.
අපි හැමෝම අපිව අඳුන්වා දී, එකල IFS අප කල
දේත්- දැන් කරන දේත් කෙටියෙන් විස්තර කර, අපි මේ
මහ ගෙදරින් ලබාගත් දේ පවසා, ඔවුන්ට අනාගතයට
යම් උපදෙසක්, මඟ පෙන්වීමක්
කරන්නත් යෙදුනා.
ඒ මොහොත වෙද්දි මම කිසියම් ආලොකො උදපාදි තත්ත්වයක
හිටියා කියන්න පුලුවන්.
මම ඒ අංකුරයින්ට කිව්වා....
‘එදා අපි ඔතන හිටියා. අද අපි මෙතන. එදා අපි බීජ, එහෙම නැත්නම් පුංචි පැල වගේ ඕනම දෙයක් නිසා ක්ශනයෙන් වැනසී යා හැකි.කවදාවත්ම ඔතන ඉන්දැද්දි හිතුනෙ නෑ අපි මෙහෙම මහාචාර්ය වරු, ඇපල් වැනි සමාගමක ඉඳ ලෝකයේම ස්මාර්ට් ෆෝන් සංස්කෘතිය වෙනස් කරන, මිසයිල තාක්ශනයේ වැදගත් සොයාගැනීම් කරන, නොයෙක් විවිධ විශයන් වල ප්‍රාමානිකයින් විය හැකි බව.
![]() |
එදා කිරිකෝඩු මානවක මානවිකාවෝ අද ආචාර්ය මහාචාර්යවරුන් ලෙස... ... |
-එහෙම අපේ විද්‍යා පිපාසාව ඇවිලූ නිසා අප ගිය දුර, ඔබලාත්
අවුලුවාගෙන අපටත් වඩා දුර යා යුතුයි.
ඔය තරුන වයසෙ තියන නිර්මානාත්මක බව මැදි වයස වෙද්දි නිවී යනවා. අපිටත් වඩා ලෝකයට ඒ
දැනුමෙන්, ශක්‍යතා වලින්
සේවය කල යුතුයි.
සේවය කල යුතුමද?
විද්‍යාව විද්‍යාවටමද?’
නිමල් අයියා දන්නවද ඇල්බට් අයින්ස්ටයින් සාපේක්ශතා
වාද ඉදිරිපත් කර සම්ප්‍රදායික නිව්ටෝනියානු භෞතික විද්‍යාව උඩයටිකුරු කල බව 1905 හා
1915 දි?
ඒත් අන්තිමට ඒ හරහා පරමානු බෝම්බ හෙලුනා හිරෝශිමා
හා නාගසාකි නුවර වලට. කිසි වරදක් නොකර, මියගිය
හා විකෘති උන මිනිස්සු නිසා හිරෝශිමා නගරයේ අදටත් පහන් සිලුවක් නොකඩවා දැල්වෙනවා. කවදා
හෝ ජපානය එය නිවන්නෙ ලෝකයෙන් න්‍යශ්ටික අවි තුරන් වූදාටලු!
-අයියා දන්නවද ඒ බෝම්බ හෙලීමෙ ආරංචිය ආ පසු මැරෙන
තුරු අයින්ස්ටයින් හිනා නොවුනු වග?
විද්‍යාවෙන් ලෝකයට සේවයක් නොවේ නම් අඩු ගනනේ ව්‍යසන නොවිය යුතුයි කියලයි මම හිතන්නේ; ආයෙ ජුරැසික්
පාක්, අවතාර් චිත්‍රපට
අවධානයෙන් හදාරමු නේද?
ඊලඟට මට කියන්න ඕන උනේ ඒ සුන්දර මානවක මානවිකාවන්ට...
‘කවදා හෝ අපිට උනා වගේ ඔවුනුත් අපි ඉන්න තැන් හෝ ඊට වඩා තැන් වලට යන බව හදවතින්ම විශ්වාසයෙන්
ඉන්න... ඒ වෙනුවෙන් මොලයෙන්
වැඩ කරන්න’ කියලයි.
අපේ රටවල, සංස්කෘති
තුල තම තමන් අවතක්සේරු කරගෙන, ඉන් නොනැවතී
අනික් අයත් අවතක්සේරු කරගැනීම මුඛ්‍ය අංගයක් නිසා ආරම්බයේදීම මෙය කිව යුතුම වෙනවා.
![]() |
ගයා (Consultant Chemical
Pathologist), ප්‍රියංකා (Consultant
Histopathologist), වින්ධ්‍යා (Director NCD Policy Planning) අද... |
ඒකම ඇහුවොත් සාමාන්ය/
උසස් පෙල හදාරන ශිශ්යයෙක්ගෙන්, අරිට වඩා ටිකක් ඈලි මෑලි කරමින් අවිශ්වාසබරිත
උත්තරයක් දෙයි. මම
වෛද්ය
ශිශ්යයෙක්ගෙන්
ඇහුවොත් වාට්ටුවේදි දැන් MBBS එකෙන්
පස්සේ විශේශඥ පුහුනුවට තෝරගන්නෙ මොකද්ද; අක්ශි විද්යාවද, හෘදය/ ස්නායු/ ලමා රෝගද මොකද්ද කියලා, උත්තර නොදී
ඇඹරෙනවා; අරමුනු කරා යන ජවය මරලා අයියේ.
යොවුන් වියේ තිබිය යුතු සිය අරමුනු කරා අප්රතිහතව වෙර දරන ගමන් උකටලී නොවී ඉන්න ස්වභාවය
නිවිලා. ඒ ගැන හිතන එකත් නින්දාසහගත වෙලා වගේ. අපේ අධ්යාපනය මොකද්ද
මේ මානවකයන්ට කරන්නේ....
ඊට එරෙහිව උඩුගං බලා පිහිනීම පුරුදු පුහුනු කල යුතුම දෙයක්.
IFS හි නම් එහෙම උනේ
නෑ; හැමදාමත් තිබුනෙ පර්යේශන කරමින් අලුත් දේ සොයා යන්න
දිරි දෙන සංස්කෘතියක්.
අනික මොකද්ද මට කියන්න ඕන උනේ?…
‘-සර් හම්ෆ්‍රි ඩේවිගෙ සහායක වෙන්නම හීන මවාගෙන, අන්ත
දුප්පත්, නිසි අධ්‍යාපනයක්
නැති මයිකල්ගෙ අප්‍රතිහත කැප වීම නොවන්නට ෆැරඩේගෙ විද්‍යුතය ගැන සොයාගැනීම් කොහොම වෙන්න
තිබුනද? අද මේ වගේ හැම
මිනිස් ක්‍රියාකාරකමකටම විද්‍යුතය අත්‍යවශ්‍යම අංගයක් නොවෙන්න අපේ ජීවිත කොයිතරම් කඨෝර
වෙන්න තිබ්බද?
-අනෙක් අතට මයිකල් ෆැරඩේගෙ සොයාගැනීම් නොවන්න මැක්ස්
ප්ලෑන්ක් කොහොමද විසිවන සියවසේදි Universal Field Theory ගෙන එන්නේ.
ඒ නොවන්න කොහොමද රිචර්ඩ් ෆෙයින්මාන් අයින්ස්ටයින්ගෙ භාශිතයන් කඩාගෙන ක්වොන්ටම් භෞතික
විද්‍යාව වෙනත්ම මගකට ගෙන යන්නෙ (God playing dice).’
අපිට කොයිතරම් බලපෑමක් කරන්න පුලුවන්ද අපේ ඊලඟ පරම්පරාවට, අපි නොදැනුවත්ව.
ඒවා කියන වෙලාවෙ සත්තකයි අයියෙ මට ඔයාව සිහි උනා.
![]() |
දුෂ්‍යන්තන් (Missiles), නාලක (Apple Face ID), අයස්මන්ත හා යසා (Plastic Surgeon) |
ඔයා නිසාත් එහෙම වෙලා තියන බව දන්නවානෙ ඉතින්, 2011දි!
ඔයා ජීවිත කාලය ඇතුලත විද්‍යාඥයෝ, මූර්ති
ශිල්පියෝ, සංගීත වේදියෝ
වගෙ නිර්මාන ශිල්පීන් ලොවට ප්‍රදානය කර නැතත්, ඉදිරි
පරම්පරා වලට නොදැනුවත්ව හෝ දැනුවත්ව කොයිතරම් කමටහන් සපයලා ඇද්ද? ඒක මට
ඒ වේදිකාවෙ හිටි මිනිත්තු ගනනට මතක් උනා.
IFS ගමනින් මම ඉගෙන
ගත්ත ප්‍රධාන දේ ඒකයි. අපි නොදැන කරන කියන දෙයකින්, මේ දැන්
හෝ, තව වසර ගනනාවකින් හෝ, උකටලී
නිද්‍රාසහගත කෙනෙක් සම්පුර්නයෙන්ම කනපිට හරවා මිල කල නොහැකි දියමන්තියක් නිර්මානය වෙනවා
වෙන්න පුලුවන්.
නිමල් අයියේ, මෙච්චර මෙහෙම ලිව්වේ ඔයා කීමොතෙරපි
බෙහෙත් නිසි පරිදි නොගනිමින්, දියවැඩියාවට
නුසුදුසු කෑම බීම ඇතුලු බීම රටා වලට ඇදෙමින් හෙමින් දිවි නහගන්නා මාවතකට පිලිපන් බව
මම දකින නිසා.
තව කොච්චර දෙනෙක්ට නොදැන උනත් මහා වෙනසක් කරන්න ඔයාට පුලුවන්ද?
ඇවිදින පුස්තකාලයක් බඳු ඔයා මා දැනුවත්වම කොයිතරම් එහෙම කරල තියනවද!!
සිරිල් පොන්නම්පෙරුම නිර්මානය කල IFS එක අන්තිමට
ඔහුටම අහිමි වෙලා, නැවත සිය දෙවන
රට වූ ඇමෙරිකාවට ගොහින් විශ්ව විද්‍යාලයකදී හදිසි හෘදයාබාධයකින් මියගියත්, කිසි
මොහොතක ඔහු තමන්ට දිය හැකි දේ නොදී උන්නාද සමාජයට?
Die empty.... මිය යද්දී හිඟන්නෙක්
වගෙ, පිච්චියක් නැතිව
මිය යා යුතුයි කියල කියමනක් තියනවා; සල්ලි
වගෙ වත්කම් ගැන නෙමේ ඒ කියන්නේ. තමන්ගෙ දැනුම, බුද්ධිය, අත්දැකීම්, පුලුවන්
තරම් උකහා ගන්න කැමති අයට ගන්න දීල ඉවර කරන අයටයි නිදහසේ මැරෙන්න අයිතියක් තියෙන්නෙ.
මහමඟ / හදිසියේ මියගිය බුදුන් වහන්සේ, යේසුස්
වහන්සේ, මහත්මා ගාන්ධි, මාටින්
ලූතර් කිං වගේම මැල්කම් X වගෙ අය එහෙම නේද?
එහෙම නම් ඔයාට සීනි කෑම හරහා හෙමීට දිවිනහගන්න අයිතියක්
තියෙනවද?
![]() |
දෙවියනි- මිනිසුනි, මට සමාවුව මැනැවි! |
මොකද්ද මරන මංචකයෙදි ලියනාඩෝ ඩාවින්චි ඔහුට කිව්වේ: I
have offended God and mankind because my work did not reach the quality it
should have. (දෙවියන්ගෙන් හා මනුෂ්‍ය සංහතියෙන්ම මා සමාව
ගත යුතුය. මවිසින් කල යුතු මෙහෙවර සම්පූර්ණයෙන්ම නිමා කළා යැයි මට නොහැඟෙන බැවිනි
ඒ.)
උපතින් නොව, ක්‍රියාවෙන්
සුජාතම විශ්ව පුත්‍රයෙක්ට එහෙම නම් හිතුනේ අපි ගැන කවර කතාද අයියේ!!
ඔයාට ලැබිලා තියන ශක්‍යතා වල අස්වනු, දැනුම
have reached the quality they should have නිසාද
මනුස්සයෝ මෙහෙම ඉක්මනට චුත වෙන්න හදන්නෙ?
ශක්තිවන්තයා විතරක් නොමැරෙන, ජීවත්
වෙන වනාන්තර වලින් එලියට ආ අපි, (survival of the fittest), මානව දයාව, මානව
උන්නතිය මුඛ්‍ය වන සමාජයක් (altruistic society) කරා යන
මේ ගමනේ, මීට පෙර හිටියවුන්
දායාද කල දේ පුද්ගලවාදීව බැන බැන භුක්ති විඳින ගමන්, ඊලඟ පරම්පරා
වලට දිය යුතු දායාද සියල්ල නොදී මිය යාම ආත්මාර්ථකාමී කමක් නේද?!
සුබම සුබ උපන්දිනයක් වේවා නිමල් අයියේ.
මීට,
අයස්මන්ත ලමයා,
හම්බන්තොට මහ රෝහලේ
ඇස් වාට්ටුවේ සිට.
ප. ලි.
1 ඔයා
දන්නවද, මේ උපන්දින සමරු ලිපිය අරබයා කරන ලද සාකච්ඡා නිසා ලොකු යහපතකුත් සිද්ද
වෙන්නයි යන්නෙ.
අමුතු ඇටේ කුඩා දූපතකට සීමා වෙන්න ගිය සුමිතුරු නලින් කරුනාසිංහ,
IFS මොඩලය අනුයමින් මොරටුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන්ට
හැඩයක් නැති, නිර්මානාත්මක
සිතීම උලුප්පන වැඩ පිලිවෙලක් ආරම්බ කරන්න නියමිතයි.
2 නිමල්
අයියේ, මේ ලිපිය ලිව්වාම යුෂ්මතා කලබලෙන් ඉල්ලපු IFS කට්ටියගේ විස්තර සහ පින්තූර
සමහරක් මට අනිවාර්යයෙන් මගහැරෙන්න පුළුවන්. මේ ගැන අපේ IFS පවුලේ කට්ටිය මට සමාව දෙයි
නේද...? විස්තර / පින්තූර ඇතත් නැතත් අපි එක පවුලේ සහෝදර සහෝදරියොනේ...
ඉතින් නිමල් අයියේ…. කාලො අයං තෙ!’
![]() |
අපි කැබිලිත්තේ යනවා! |
ස්තුතියි, ස්තුතියි, ගොඩාක් ස්තුතියි අයස්මන්ත මහත්තයෝ! මගේ බලවත්
ඉල්ලීම හා නොකඩවා කෙරුණු කරදරය නිසාම මේ විස්තරය
ලියලා එවීම වෙනුවෙන්.
ඒත් මේ කතාවේ නිදාන කතාවත් අන්තිමටම හරි කියන්න වෙනවා. කමක්
නැහැනේ- ඒකත් අපේ ආදරණීය පාඨක පිරිසට කිව්වට.
“නිමල්, අගෝස්තු 8 -10 කැබිලිත්ත trip එකක් දාගත්තා. බෑ නොකියා යං.
ඔයා පහුගිය trips දෙක තුනකටම ආවෙ නැහැනේ... මේ සැරේවත් එනවනේ...” ප්‍රියන්ත කිව්වේ
ජුනි මාසයේ විතර.
සැරෙන් සැරේ ඒ ‘ගමනට යමු’යි කියලත් එකේක්කෙනා සිහි කැඳවීම් කළත් එක්ක. ගමන යන දවසට
කලින් දවසේ රෑ අයස්මන්ත යුවලයි, නෙවිලුයි අපේ ගෙදරටම ඇවිත් බල කරලමත් කිව්වා ‘යමු’
කියලා.
එක වතාවක් කැබිලිත්ත වන්දනාවේ ගිහිල්ල තියෙන හින්දත්- හය වතාවක්ම කතරගමට පාද යාත්‍රාවේ යෙදිලා තියෙන හින්දත් මං දැනගෙන උන්නේ ඒ වනගත පාරවල් ගැන. ඒ පාරවල්වල ජීප්වලින් යන්න වෙන ඒ ගමන ඇටකටු දිරා ගිහිං; අබල-දුබල වෙලා ඉන්න මට ඔරොත්තු දෙන්නෑ කියලා මටම තේරිලයි තිබ්බේ.
අනික තමා මගේ කකුල් දෙක මට වලංගු නැති ගතිය- හිටි ගමන්ම කැත විදිහට හිරි වැටෙන ගතිය. එහෙම වෙලාවට මං ඇවිදින්නෙත් කොරවක්කා නෙළුම් කොළේ උඩ ඇවිදිනවට වඩා පරිස්සමින්- දැන් වැටෙයි, දැන් වැටෙයි කියල බයෙන්. ඉතිං මං ගියේ නෑ!
“නිමල්, පෝලුයි පීරිසුයි මමයි හෙට එනවා ඔයාව බලන්න. පොලාට ඕනිලු ඔයාගේ තත්ත්වේ හරියටම දැනගන්න...” අගෝස්තු 12 වෙනිදා ප්‍රියන්ත කිව්වා. ඒ වගෙම එයාලා ආවා පීරිස් නැතුව.
“පීරා තමයි නිමල් අයියගේ දැන් තත්ත්වෙ හරියටම අපිට කිව්වේ කැබිලිත්ත
ගමනෙදී. ඌට අද වැඩ. ඒත් ඔයාව බැලුවට පස්සේ ඌට විස්තර කියන්න කිව්වා. ඒකයි ප්‍රියන්ත
අයියයි මායි ආවේ... ඉතිං ඉතිං... මොනවද ඔයාට තියෙන අමාරු...” පෝල් හෙවත් M.C.
පෙරේරා දොස්තර මහත්තයා මගෙන් ඇහුවා. මාත් විස්තර කිව්වා.
![]() |
අයස්මන්ත, රෝහණ (Prof) හා ගාමිණී සමන්ත (VOG)... |
“ඇයි නිමල්- ඔයාගේ අත්වල ඇඟිලි වෙවුලන එක... යටිතොල් හරිය හිරි
වැටිලා තියෙන එක... ඒවත් කියන්න එපැයි...” ප්‍රියන්තත් විස්තර එකතු කළා.
“බලමු ඔයාගේ මෙඩිකල් රිපෝට්ස්...”
එව්වා බලපු පෝල් මහතා ඇහුවේ එක ප්‍රශ්නයයි. “ඔයා මොනවද ඩයබිටීස්වලට බොන බෙහෙත්?”
“ඉංග්‍රීසි බෙහෙත් නං මොනවත් බොන්නෑ. ඒත් ගොඩක් වෙලාවට පැය 16 ෆාස්ටින් කරනවා... කෝවක්කා කොළ, කිරාත තිත්ත (හීන් බිං කොහොඹ) කොළ ටිකක් එහෙම ගිලිනවා සීනි පාවිච්චිය
වැඩි දවසට. හැබැයි මහත්තයෝ, මගේ දියවැඩියාව නං control වෙලා තියෙන්නේ?”
එතකොටය, පැකිළෙමින් වුණත් මගේ ක්‍රමය කියන්නට සිද්ද වුණේ. (දොස්තර
කෙනෙකුට ඇත්ත වසංගනවා කියන්නේ තමන්ටම හූනියමක් කර ගැනිල්ලක්නෙ.)
සමහර දවසක මුත්‍රා බිඳක් හෝ බිමට වැටුණු විට කළු කූඹින් ඒකට වහ
වැටෙනවා මට පෙනුනි. එදා සිට දිනපතාම උදේට සුළුදිය පහ කරද්දී එක බිංදුවක් බිමට වට්ටවා-
පැයකට විතර පසුව කළු කූඹින් ඇවිදින්දැයි බැලීමය; මගේ පරීක්ෂණය වුණේ. ඒක කීවාම අපේ
ගෙදර පුපුරණ තරමේ සද්දෙටය පෝල් මහතා හිනා වුණේ.
“අපරාදෙ ප්‍රියන්ත අයියේ. නිමල් අයියා ලොකුම අපරාදයක් කරගෙන තියෙන්නේ... ඔයාට තියෙන
අමාරුකම් එකක්වත් මල්ටිපල් මයෙලොමාව නිසා එන එව්වා නෙවෙයි. ඔයා කියපු සිම්ප්ටම්ස්
සේරම දියවැඩියාව නිසා ආපුවා...” පෝල් මහතා මට කියා දුන්නේය.
“නිමල් අයියේ, දියවැඩියාව ගණන් නොගෙන ඉන්න එක හරිම ඩේන්ජරස්! ලෙඩේ පරණ
වෙන්න වෙන්න ඒක ඇඟට බලපාන තරම වැඩි වෙනවා. ඒකත් එක එක්කෙනාට එක එක විදිහටයි
බලපාන්නේ. ඔයා කිව්ව නේද ඔයාට වැඩියෙන් මුත්‍රා පිටවීමක් නැහැයි කියල. ඒත් ඔයා
දන්නවද ඔයාට වෙලා තියෙන දේ? ඔයාගේ පර්යන්ත ස්නායු පද්ධතියටයි දියවැඩියාව බලපාල
තියෙන්නේ...” දොස්තර චමින්ද හීන් සීරුවේ මට පැහැදිලි කළා.
![]() |
මට තේරෙන විදිහට ඔයා දැන් ඉන්නේ අත-පය හිරි වැටෙන stage එකේ |
“එහෙම වෙන්නේ ඩයබිටික්වලට හරියට බෙහෙත් නොගත්තම. ඒ තත්ත්වෙට කියන්නේ
Peripheral Neuropathy කියලයි. සාමාන්‍යයෙන්
නම් මේ තත්ත්වෙට එන්නේ අවුරුදු දහයකට විතර පස්සේ. ඒක කලින්ම එන්නත් පුළුවන්, පාවිච්චිය
නරකයි නං. මට තේරෙන විදිහට ඔයා දැන් ඉන්නේ අත-පය හිරි වැටෙන stage එකේ; Glow and stockings type neuropathy තත්ත්වේ. මේක එච්චර හොඳ
නෑ. ඒ හිංදා පිස්සු කෙළින්නේ නැතිව දිගටම බෙහෙත් බොමු නිමල් අය්යේ. මම මේකට බෙහෙත්
ලියල දෙන්නං...”
එහෙම කියපු චමින්ද හිතවතා ගන්න ඕනි බෙහෙත් වර්ග දෙකකුත් ලියල
දුන්නා.
ප්‍රියන්ත හිතවතා එවෙලේම ඒ බෙහෙත් ගෙනවුත් දුන්නේය; (ඒවා ඉවර වෙන්නට
ආසන්නව තිබියදී තවත් මාස දෙකකට සෑහෙන බෙහෙතුත් ගෙනවුත් දුන්නේය.)
“නිමල්, නොවැම්බරේයි දෙසැම්බරෙයි trips දෙකක් තියෙනවා. බෙහෙත් බීලා ඒවාට යන්න සනීප
වෙමු.” කියලත් කීවේය; බෙහෙත් බොනකොට ප්‍රගතියක් තිබේද කියාත් විමසිල්ලෙන්
සොයන්නේය.
මට දැනෙන විදිහට මගේ ‘මොරාල් එක’ up කරන project එකක් හීන් සීරුවේ
දියත් වෙලාය! එක එක්කෙනා විටින් විට ඒ රාජකාරිය කරනවා වගේය!! (ඔයාල හැමෝටම ගොඩක්
ස්තුතියි!)
ඒකෙ කොටහක් විදිහට වෙන්නැති අයස්මන්ත මහතාත් එයාලගෙ ‘ආදි IFS’
කතන්දරේ මට කිව්වේ; මනුෂ්‍යයන් විදිහට අපි හැමෝටම මනුස්ස සංහතිය වෙනුවෙන් තවත් කරන්නට
දේවල් තියෙන විත්තිය මතක් කළේ;
අද ඉහළම තැන්වල වැජඹෙන ආදි IFSලා එකතු වෙලා කරන්නට සැලසුම් කරන ශිෂ්‍යත්ව; කැපකරු;
අධ්‍යයන; පෙළඹවීම් වැඩ කටයුතු ගැන කිව්වේ!
එතකොටයි මටත් හිතුණේ මගේ දායකත්වයත් පොඩියට හරි එයාලට ලබා දෙන්න. ඒ
හපන්කම් ගැන කියවන අයටත් යම්කිසි උත්තේජනයක් ලැබුණොත්...
ඒකයි අයස්මන්ත මහතාට කියලා මගේ ‘උපන් දින තෑග්ග’ට ඒ විස්තර කියැවෙන ලිපියක් ලියවා
ගත්තේ෴0෴
(නමී, ගොඩක් ස්තුතියි පරණ ෆොටෝස්වලට කඩිනමින් නව පෙනුමක් ලබා දුන්නාට!)
ලංකාවෙ අධ්‍යාපනය කොහොමත් කටපාඩම් කරල විභාග ලියන්න විතරක් තියෙන තත්වයෙන් වෙනස් වෙන්න ඕන දැන්වත්.
ReplyDeleteඑහෙම ලියන ගොඩක් දෙනෙකුගෙ ප්‍රායෝගික භාවිතාව යහපත් නෑ. IT diploma කරපු සමහරු ඉන්නව Word එකේ ලියුමක් ටයිප් කරනකොට පේජ් සෙටප් එක A4 වලට හදන්නෙ නැතුව ඩිෆෝල්ට් තියෙන ලෙටර් සයිස් එකේම වැඩේ කරන. ප්‍රින්ට් ගන්න ගියාම තමයි වැඩේ වල් වෙන්නෙ.
Hmmmmmmmmmmmmmmmmmm
ReplyDelete