“ඇයි මහත්තයල දන්නැද්ද? නුවර පාර වහලලු. කඩුගන්නාවේ නායක් ගිහිං...”
“ංඈ?” / “අම්මට සිරි!”
![]() |
විශ්මයෙන් අයාගත්තු ඇස්-කන්-මුවවල්වලින්
යුතුව... |
“අර හරියට යමු... මම පෙන්නන්නං සිග්නල් තියෙන තැනක්...” කුමාරගම ඥාතියා එයාලට උදව්
කළේ හොඳ සර්ධාවෙන්. ප්‍රදීප් ලොක්කයි, අමිලයි දෙන්නත් එතෙන්ට ගියේ විශ්මයෙන්
අයාගත්තු ඇස්-කන්-මුවවල්වලින් යුතුව.
“පහළ
කඩුගන්නාවේ... හිඟුල හරියෙයි වෙලා තියෙන්නේ. කන්දේ උඩ තිබ්බ කළු ගලක් පහතට පෙරළිලා.
පස් කන්දකුත් එක්ක ගල පෙරළිල තියෙන්නේ හෝටලයක් උඩට... උදේ අටට විතරලු. හෝටලේට තේ
බොන්න ආව මිනිස්සුත් ඉන්න ඇති. පව්!”
“මේ
මේ හලෝ, තමුසෙගෙ කකුල් දෙකම හිරි වැටිලයි කිය-කියා නේද හිටියේ? මේ කතාව අතරේ,
දෙගල් අස්සෙ බිජු දාන්න යනවා වගේ තමුසේ හොරෙන්ම ඔය පඩි ටික බහින්නද හදන්නේ?”
නෙවිල් මට ගෝරනාඩු කෙරුවේ ඒ වෙලාවේ.
කුමාරගම
මහත්තයා සදාකාලික නින්දේ සැතපෙන තැන තියන්නෙ චුට්ටි බෑවුමක. සොහොන වටේට තේ පඳුරුයි,
ගම්මිරිස් වැලුයි, නොයෙක් වල් ගසුයි පොළොව බෙදා ගන්නට කරන නිරන්තර සටනක. (ඒ ගැන මං
පහුගිය කොටසෙදිත් ලිව්වා; එතැනදී නමී උන්නැහේ අරගත්තු photo එකකුත් දැම්මා.)
කාට
හරි එතැනටම යන්න උවමනා නං සිමෙන්ති පඩි කිහිපයක් පහළට බහින්න වෙනවා.
“...
තමුසෙ වෙවුල-වෙවුලා අමාරුවෙන් ඔය සොහොන ළඟටම යන්න ගිහිං වැටුණොත් හෙම මෙතැන තවත්
මරණයක්! අනේ නමී... ඔන්න ඔයාට පොඩ්ඩක් උදව් කරහං මචං.”
එතකොටත් නමී උන්නේ සොහොන ළඟටම ගිහිං ආපහු ඉහළට නඟිමින්. “හරි නෙවිල් අයියේ. මම
ඇලර්ට් එකේ ඉන්නං... නිදි ලොක්කා- ඔයා සොහොන ළඟටම ගියාට වැඩක් නෑ. ඒකේ තියෙන
කවියත් බාගෙට මැකිලනේ.”
“ඒ වුණත් නමී...”
කෙනෙකු
මැරුණට පස්සෙ අවසන් බුහුමන් දැක්වීම ගැන මං වහන්සේ එච්චර තැකීමක් කරන්නෑ. අද ඉන්න
වැඩි දෙනෙකු හොඳ මොස්තරවලට මහපු සුධවල ඇඳුම්වලින් සැරසිලා අවමඟුලකට එන්නේ Fashion
show එකකට එන විදිහට. ශෝකයෙන් මුසපත් වෙන්නේ, වැඩි-වැඩියෙන් රඟන්නේ වීඩියෝ කැමරා
එහෙම තියෙනවා නං...
කෙනෙකුට සලකන්න ඕනේ, තැකීමක් කරන්න ඕනේ ඒ මනුස්සයා පණ පිටිං ඉඳිද්දීනෙ. මළාට පස්සේ
නෙවෙයිනෙ!
අර
සිමෙන්ති පඩියක් උඩ දෑත බැඳගෙන- දෑස පියාගෙන- නිසොල්මන්ව හිටගෙන ඉඳිද්දී මට
වැඩියෙන් හිතුණේ ඔහොම අටමගල්. (හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි - තැන තැන ඇවිදිනවා!)
‘විමලරත්න කුමාරගම මහත්තයට උතුම් වූ නිර්වාණ සම්පත්තියම ලැබේවා!’
![]() |
පොඩි තේ කඩයක් ගාව
නවත්තන්න මහත්තයෝ... මට තේ එකක් නැතිව මොකක්ද මොකක්ද වගෙයි! |
“අපි
ආපහු යනකොට පාර ඇරල තියෙයි.” Pra Jay මහත්තයගෙ කල්පනාව තිබ්බේ කොළඹ- නුවර පාර
දිහාවේ.
මගේ කල්පනාව තිබුණේ තේ එකක් බීම ගැන. “ඉස්සෙල්ලම හම්බ වෙන තැනකින් ප්ලේන්ටියක්
බීලා යං නේද?”
“දැන් මොන තේද හලෝ... බත් කන වෙලාවත් කිට්ටුයිනේ... කෑම රුචිය වඩන්නත් එක්ක ඔය අයිස්
කැටයක්- දෙකක් දාලා කූල් කරගත්තු ටිකාක් විතර සැර බීමක්වත් නං...” නෙවිල් හදන්නේ මාව
අවුස්සන්නටය.
“අනේ
ප්‍රදීප්... එයාට ඕනි දෙයක් බී ගත්තාවෙ. යන ගමන් පොඩි තේ කඩයක් ගාව නවත්තන්න
මහත්තයෝ... මට තේ එකක් නැතිව මොකක්ද මොකක්ද වගෙයි.”
“මචං නෙවිල්. මගේ මනාපෙත් උඹටයි බං...” රවීගෙනුත් මුක්කුවක්. “... උඹ මොකද කියන්නෙ
නමී?”
“රවී
අයියා තවමත් නමියව හරි හැටියට අඳුරගෙන නෑ වගෙයි පෙනෙන්නේ... එයා හරි ගඩ්ඩා. ඔය වගේ
ප්‍රශ්නවලට මිනිහ ලේසියෙන් උත්තර දෙන්නෑ...” ඒත් නමී නෙවෙයි කටක් ඇරියේ. අමිලමයි
කතාව කරගෙන ගියේ.
“... අපි ඉස්සෙල්ලා තේ බීලා යමු. ඊට පස්සේ කුණ්ඩසාලේ හරියෙන් දවල්ට කාලාම යන්න
පුළුවන් BYO පොට් එකක නවත්තමු.”
එතකොට
නං රවී, නෙවිල් දෙන්නගෙම මූණුවලට පුර පෝය හඳක් පෑව්වා වගෙයි. “ඒ හරියේ BYO තැන්
තියෙනවද දන්නෑ...”
“ඇති ඇති මචං... දැන් හැම තැනම එහෙම තැන් තියෙනවා නෙවිල්. මට මතක හැටියට පාලමෙන් වම්
පැත්තට හැරිලා පොඩි දුරක් යනකොට ඔහොම තැන් දෙක තුනක්ම තියෙනවා.” ඒ ගැන හාරාවුස්සන වැඩේ
යට ගියේ ප්‍රදීප් ප්‍රශ්නයක් අහපු නිසා.
“අන්න
තියෙනවා පුංචි කඩයක් නං. නවත්තන්නං?”
“අනේ නවත්තලා යං ප්‍රදීප්.” පැනල උත්තර දුන්නේ මං. ඒකෙන් වුණේ මගේ හිතේ තිබිච්ච
කුතුහලය සංසිඳවා ගැනිල්ල ටිකක් ප්‍රමාද වුණු එකයි. ‘මොනවද මෙයාල මේ කතා වෙච්ච
බී.වයි.ඕ. තැන්? මෙච්චර දවසක් මට අහන්න ලැබිල තියෙන එකක් නෙවෙයිනෙ! තේ බීලා ඉවර
වෙලාම අහගන්නංකො.’
“මාමා,
අපිට මොනවා හරි කාලා සුපිරි ප්ලේන්ටියක් බොන්න පුළුවන් නේද?” ඉස්සෙල්ලම වාහනෙන්
බැහැගත්තු අමිල අහනවා ඇහුණේ, අපි කඩේට ගොඩවෙද්දී.
![]() |
සාදික්කා ලෙල්ල මැද්දේ තියෙන
ඇටේ ඝනයි... ඒවා ඕනිමයි වටලප්පන් හදද්දී. ඒ ඇටේ වටේට තියෙන ළා තැඹිලි පාට නහර වැල්
වගේ එව්වට තමයි වසාවාසි කියන්නෙ! |
“කමක්
නෑ මාමා. අර තියෙන්නේ ලැවරිය දෙක තුනක්... පරිප්පු වඩේ දෙකකුත් තියෙනවා. ආ- හැලප කීපෙකුත්
තියෙන්නේ. ඔය තියෙන්නේ ඉහටත් උඩින්. ඒ ටික දෙන්නකො බලන්න.” අමිල කිව්වේ ඒ ගමේම ගනුදෙනුකාරයෙක්
විදිහට ඇඟෑලුම්කමින්.
ඒ
අතරෙ ප්‍රදීප් කඩේ විකුණන්න තියෙන ජාති පිරික්සමින්. “නිමල් මේව කාල තියෙනවද?”
“මොනවද ප්‍රදීප්?”
“සාදික්කා චට්නිලු.”
“සාදික්කා චට්නි! කනව තියා ඇහුවෙත් අදයි, ප්‍රදීප්.”
ප්‍රදීප්
පොඩි යෝගට් කෝප්පයක සයිස් අසුරණයක් මගේ අතේ තිබ්බා. මං ඒකෙ ලේබලේ තියෙන විස්තර
කියෙව්වා. ඒ පළාතෙම නිෂ්පාදනයක්.
“මොනවද නිදි?” නමීත් ඒක අතට අරං බලන ගමන් ඇහුවා.
“නමියෝ-
මෙච්චර දවස් මෙයා අපට දුන්නේ පැණි කාමරංගා චට්නිනේ... ලැහැස්ති වෙයං මීට පස්සේ
දිගටම සාදික්කා චට්නි කන්න.”
“තමුසෙ මට සාදික්කා ගෙඩි ගෙනත් දෙනවකො... එතකොට මං හදන්නම්.”
“මෙයාව
අවුස්සන්නෙ නැතුව පොඩ්ඩක් ඉන්නකො නෙවිල්
අයියේ, නිදිගෙන් මේවා ගැන අහගන්නකල්. ඉතිං- ඉතිං නිදි...”
“සාදික්කා ගෙඩිවල ලෙල්ලෙන් වෙන්න ඕනි මේවා හදල තියෙන්නේ. ඝන මාංසල ලෙල්ලක්නෙ ඒවාට
තියෙන්නෙ, නමී. ලෙල්ල අහක දාලා, වසාවාසියි- සාදික්කා ඇටෙයි තමා වේළල ප්‍රයෝජනයට
ගත්තේ. මේ පළාතෙම කාට හරි අයිඩියාවක් ඇවිත් වගෙයි අර අහක දාන සාදික්කා ලෙලිවලිනුත්
වැඩක් ගන්න...”
“මමත්
අහගෙනයි හිටියේ..., ඔයා කිව්ව විදිහට වසාවාසියි, සාදික්කා ඇටයි දෙකම ගන්නෙ එකම ගෙඩියෙන්ද?”
“හ්ම්!
ගෙදර ගියාම internet එකෙන් බලන්නකො. ඇති! නැති වෙන්න බෑ. සාදික්කා ලෙල්ල මැද්දේ තියෙන
ඇටේ ඝනයි... ඒවා ඕනිමයි වටලප්පන් හදද්දී. ඒ ඇටේ වටේට තියෙන ළා තැඹිලි පාට නහර වැල්
වගේ එව්වට තමයි වසාවාසි කියන්නෙ.”
“ලොක්කා,
කතා කරන දෙයක් පස්සේ... දැන් තේ බීලා ඉඳිමු. ඔයා මොනවද කන්නේ?” අපේ කතාව නවත්තන්නට
සිද්ද වුණේ අමිලගේ කාලෝචිත යෝජනාව පිළිගත්තු හිංදයි!
![]() |
ඒක නෙවෙයි මාමා- හොඳ කිතුල්
හකුරු තියෙනවා නං තේවලට සීනි නොදා හකුරුත් එක්ක දෙනවද... |
“ප්‍රදීප්...
එහෙනං ඉතිං නමියටයි මටයි දෙන්නටත් ඕවා කන වාසනාව හම්බ වෙනවා!”
“තෑන්ක්ස් ප්‍රදීප්. ඔයාටත් නෙවිල්...”
“මචං නිමල්, උඹ මොකටද මේ අහක උන්න එකෙකුට thank කරන්නේ?” එතකොට රවීත් කතාවට සම්බන්ධ
වුණේ කමින් හිටි කෙසෙල් ගෙඩිය ඉවර කරලයි. මට ඉස්සෙල්ලා නමී එයාට උත්තර දුන්නා.
“අපරාදෙ කියන්න බෑ රවි අයියේ... නිදි ලොක්කා මොනවා හරි අමුතු කෑමක් බීමක් කනවා නං
අපිටත් පංගුවක් තියනවමයි. ලේසියෙන් නිදිට හොඳක් නොකියන නෙවිල් අයියා අර නොකියා
කිව්ව ඒ කතාවටනෙ මෙයා ඔය ස්තුති කළේ...”
“මහත්තයලට
ඔන්නං අලුතින්ම ගෙනාව විස්කිරිඤ්ඤත් තියෙනවා... දෙන්නද?” මුදලාලි ඇහුවේ අමිලගෙන්.
“කාට හරි ඕනිද?” අපෙන් ඇහුවේ අමිල. “... ඒක නෙවෙයි මාමා- හොඳ කිතුල් හකුරු තියෙනවා
නං තේවලට සීනි නොදා හකුරුත් එක්ක දෙනවද... එහෙම හොඳයි නේද ප්‍රදීප්?”
“That’s better!”
තේත්
එක්ක ලැබුණු කිතුල් හකුරු සුදු පාටට ඉතා කිට්ටුය; මෙලෙකය; ඇඟිලිවල උණුහුමටත්
දියවෙන සුළුය. එව්වයේ රස විඳිනවත් එක්කම අපේ නඩේ හැමෝටම උවමනා වුණේ හකුරු මුලක්- දෙකක්
ගන්නටය. ඒ මිෂන් එකට ස්වේච්ඡාවෙන්ම මැදිහත්කරුවා වුණේ රවීය.
“නරක වෙලාව මචං... හකුරුත් ඉවර වෙලාලු. හෙට අනිද්දායින් පස්සේ ආවොත් නං දෙන්නංලු.”
කාටත් ඇහෙන්නට ඒ ටික කිව්වට පස්සෙයි, රවී මුණු-මුණුවෙන් මේ ටිකත් කියා සිටියේ.
“...
මට හිතෙන්නේ කඩේ ඇතුළේ බඩු තියෙනවා. ඒත් මිනිහා ඒවා අපට දෙන්න බයයි වගේ. නිකංම පිනට
උස්සගෙන යයි කියලා හිතනවා ඇති!
කොහෙද- අමිලයා පොලිසියේ එකෙක් වගේ; පොලිස් cut කපල ඉන්න හතර රියං පුරුෂයා!
මාත් පැන්ෂන් ගිය පොලිස්කාරයෙක් වගේනෙ... හිතනවා ඇති අපිත් සුද්දෝදන ජරා පප්පෝ කට්ටියක්
තමයි කියලා...”
“එහෙම වෙන්නත් පුළුවනි රවී...
නමීට මතකයිනේ අර ප්‍රෝඩාරාම post එක ලියන්න කලින් අපේ අම්මා හොරණ හදලා තිබුණු ගෙදරට
සිද්ද වෙලා තියෙන දේ හොයන්න ගිය ගමන. එදත් මම අමිලව එක්ක ගියේ ඔය පොලිස්කාර; හමුදාකාර පෙනුම හින්දනෙ...”
තේ
බීලා අපි එතැනින් පිටත් වුණේ කුණ්ඩසාලේ හරහා නුවරට එන්නයි.
“අපි කෙලින්ම මහනුවරට යනවද මචං? ටිකක් රෙස්ට් කරලා refresh වෙලා නේද යනවයි කිව්වේ...
එහෙම නං පාලමෙන් එගොඩ වුණාම වම් පැත්තට හරවමු ප්‍රදීප්. ටිකක් දුර යනකොට BYO
පොට්ස් දෙක තුනක්ම තියෙනවා.”
![]() |
අර බලහංකො... සේරම
ගෙනල්ලා... උඹ බයිට් order කළා නේද මචං? |
“ඒ... ඒ... මෙන්න මහ ලොකු blog කාරයෙක් අහන ප්‍රශ්නයක්. ලෝකේ තියෙන සේරම ගැන ලියන
පණ්ඩිතයා බී.වයි.ඕ. තැන් ගැන දන්නෙ නෑ!”
“ලොක්ක
ඔව්ව ගැන දැනගන්න ඉතිං මජ්ජපමා දට්ඨානා කරන කෙනෙක් නෙවෙයිනෙ නෙවිල් අය්යේ. බී.වයි.ඕ.
කියන්නෙ නිමල් අයියේ Bring Your Own කියන එකේ කෙටි යෙදුම.
හෝටල්වල ලිකර් විකුණන්න තියෙනවා නං පිටිං ඒවා අරගෙන යන්න ඉඩ දෙන්නෙ නෑනේ. දැන් ගොඩක්
තැන්වලට අපේ ලිකර් ජාති ගෙනියන්න පුළුවනි. එහෙම තැන්වලට තමයි බී.වයි.ඕ. කියන්නේ...”
“ආහා!
ඉතිං එහෙම කළාම ඒ ගොල්ලන්ට පාඩුයි නේද?”
“මේකයිනේ අයියේ, ලිකර් විකුණන්න නං ලයිසන් එකක් තියෙන්න ඕනි. හුඟක් අයට Liquor License නැති නිසා කස්ටර්මර්ස්ලව
අද්දා ගන්න මේක හොඳ ක්‍රමයක්නේ... බොන අය එතැනින්මනෙ බයිට්, කෝක්, සෝඩා එහෙම අර
ගන්නෙත්. හැබැයි ඔය බී.වයි.ඕ. තැන්වලත් එක එක නීති තියෙනවා...”
“ගොඩක්
ස්තුතියි අමිල විස්තරේට... මං ඉතිං ඔව්ව දන්න එකක්යැ...” මං එහෙම කිව්වමවත් නෙවිල් නෙවෙයි නිහඬ වුණේ.
“නයි කයිද රෝස් පාන් කිව්වලු😕😕😕.“
කුණ්ඩසාලේ
රියැදුරු පරීක්ෂණ පැවැත්වෙන තැනට ආසන්නයෙන් තිබුණු ආපන ශාලාවකි, අපේ නඩේ ඇත්තන්ගේ තෝරා
ගැනීම වුණේ.
“මචං
නෙවිල්, මම හරි කැමතියි අමිලලත් එක්ක ගමන් බිමන් යන්න. මොනවාවත්ම මිස් කර ගන්නෙ
නෑ. අර බලහංකො... සේරම ගෙනල්ලා... උඹ බයිට් order කළා නේද මචං?” රවී කිව්වේ බෝතලුයි
අනිත් අඩුම-කුඩුමයි උස්සගෙන එන අමිලයි, නමියි දෙන්නා දිහාව බලමින්. “නමියත් මෙහෙම
ගමන්වලට මරු පොර නේද... හෙණ සපොර්ටිව්!”
ඊළඟට
ඉතිං රස මසවුළු, අන්න-පානවලින් හා රසබර අල්ලාප-සල්ලාපවලින් පිරිච්ච පැයක් දෙකක්...
ඒ අතරෙ කඩුගන්නාවේ නාය යෑම ගැන අලුත්ම තොරතුරුත් ගලාගෙන ආවා.
“පේරාදෙණිය
කැම්පස් එකේ එක්කෙනෙක් තමයිලු අර පහළට පෙරළුණු ගල් පර්වතේට යට වෙච්ච හෝටලේ තේ බිබී
ඉඳල තියෙන්නේ... තව අය හිටියයි කියලත් කියනවා.
තවමත් හොයනවලු. ඒ අස්සෙ තදට වහිනවලු...”
“අර...
මෙහාටත් වැහි කළු මුඳුන් වෙනවා... වැඩි වෙලාවක් යන්න කලින් මේ පැත්තටත් වහියි වගේ.”
“ඔව්, ඔව්... අපිත් ටිකක් ඉක්මන් කළොත් හොඳයි.”
Pra
Jay මහත්තයාගේ කල්පනාව නං එහෙම පිටින්ම යොමු වෙලා තිබුණේ නුවර-කොළඹ පාර දිහාවේ.
“අපි යනකොට පාර ඇරලා තියෙයි නේද අමිල?”
“මං හිතන්නේ...” අමිල කිව්වේ තිරසාර ස්වරයකින් නෙවෙන විත්තියයි මට නං හැඟුණේ.
![]() |
ප්‍රදීප් දුරකතනයෙන්
කිව්වේ ඒ සෝබර පණිවුඩයයි... “නිමල්, රවී අන්තරා වෙලා!” |
“නිදි, පරෙස්සමෙන්... ලිස්සනවා...” එතැන ඉඳලා කඩින්-කඩ වැස්ස. රවීව බස්සන්න
පැණිදෙනියට යනකොට වැස්ස තවත් වැඩියි.
“තෑන්ක්ස්
මචංලා... මම මෙතැනින් බහින්නං... උඩහටම ගියොත් කට්ටක් කාලා තමයි වාහනේ හරවගන්න
වෙන්නේ.”
“එහෙනං මාත් බැහැල රවී එක්ක ගිහිං එන්නං. ප්‍රදීප්- ඔයා වාහනේ හරවගෙන එන්න.”
රවීලගෙ
ගෙදරට උඩහින් තියෙන පටු වැලමිටි වංගුවෙන් වාහනය හරවගන්න ප්‍රදීප් කළේ පුංචි යුද්ධයක්.
අපි ආපහු එනකොටත් රවී අමිලත් එක්ක තෙමි-තෙමී පාර අයිනේ. ඒ අපට සමු දෙන්නයි!
කවුද
හිතුවේ ඒ රවීගේ අවසන් සමු ගැනීමය කියලා...
2026
ජුනි 12 වෙනිදා ප්‍රදීප් දුරකතනයෙන් කිව්වේ ඒ සෝබර පණිවුඩයයි... “නිමල්, රවී
අන්තරා වෙලා!”
මට නං
දැනුණේ ‘රවීව හොරු අරං ගියා’ කියලයි. මට විතරක් නෙවෙයි- තව සහෘදයන් ගොඩ දෙනෙකුටත්
එහෙම දැනිලා තියෙනවා. ඒකට හොඳම සාක්කියක් තමයි, නිහාල් කරුණාතිලක සොයුරාගෙ මේ
සටහන.
‘ආදරණීය
සොයුරු රවී වීරසිංහ
ඔබේ හිත ඉතා ළෙන්ගතු විය. මුහුණු පොත තුල දොඩමලු වූ ඔබ අපේ හිත් සැහැල්ලු කරවීය.
ඒත්
අද වනවිට නොකියම යන්නම යන්නම ගිහිං. අද ජුනි 12 වන සිකුරාදා රාත්‍රී 11.20 ට
පේරාදෙණිය ෆොන්සේකා මල් ශාලාවේ VIP කාමරයේ ඔබ තනිව හිඳිනා වෙලාවයි. එහෙත් අප
කිසිවකු ඔබ සිතින් තනිකර නැත.
මිය
යන්නට මොහොතකට පෙරද මුහුණු පොතට හාස්‍යජනක බවක් එක් කළ ආදරණීය රවී පැය කිහිපයකට
පසු ක්ෂණිකව නිහඬ විය.
ඔබගේ
මරණය වාසනාවන්ත යැයි කෙනෙකුට කිව හැකි වුවත්, මරණය දුකක් බව චන්ද්‍රා නංගි ඇතුළු අප
හැමට මොනවට පසක් විය.
ජුනි
මස 13 වන සෙනසුරාදා 6.30 හේ ගොම්මන් වෙලාවට ආදාහනාගාරයේ කුලුනු මත කවුළු දොරින් වා
තලයට මුසු වන්නට සවස 5.00 ට පේරාදෙණියෙන් නික්ම යනු ඇත.
![]() |
දිත්වා! තව දවස් ගාණක් වහියි
කියලත් කියනවා! |
නිහාල්
අයියා.’
හිතාදර
රවී, අපිදු ඔබට නිවන් සුව පතමු!
රවී
වියෝ වුණේ බෝමුරේ ගමනින් මාස කිහිපයකට පස්සෙයි. ඒත් ඒ ගැන කියලා ඉවර වෙලා හරි, අපේ
ගමනෙ අවසානයත් කියන්න ඕනිනේ. නේද?
අපි
රවීව ගෙදරට ඇරලවලා ආපහු නුවරට එද්දී අනෝරා වැස්ස. දන්නවනෙ එහෙම වෙලාවට තියෙන වාහන
තදබදේ! අපේ වාහනයත් ඉබි ගමනින් ඉස්සරහට ඇදෙන රිය ගංගාවට එකතු වුණා.
‘ප්‍රධාන
පාරෙම යනවද / කටුගස්තොට හරහා යනවද / කඩුගන්නාවෙන් පාර ඇරල ඇති නේද / මේ ධාරානිපාත
වැස්ස නවතින එකක් නෙවෙයි’ වගේ ප්‍රශ්න එකක් ඇරෙනකොට එකක් විදිහට වාහනය ඇතුළට ආවේ
කොහොමද මංදා...
මට
හිතුණෙ ඒ වෙලාවේ තිබුණු අවිනිශ්චිතකමයි- සැක සංකාව මුසු හැඟීමයි වෙන්න ඇති අපේ නඩය
දොඩමලු කෙරෙව්වේ.
“පාර
තවම වහලා... අන්න අන්න ප්‍රදීප් කොළඹට යන වාහන සේරම වමත පැත්තට තියෙන පාරකින් හරවනවා.
අද නං අපිට නියම පරිප්පුවක් තමයි කන්න වෙන්නේ...” ඩෝසන් කුලුන පෙනි-පෙනී තියෙද්දී
අමිලට කියැවුණේ හීල්ලීමකුත් එක්කමයි.
ඊට
පස්සේ... ඊට පස්සේ... තමයි කල්පයක් තරං දිග පැය කීපයක් ගෙවුණේ...
ප්‍රදීප්
වාහනේ එලෙව්වේ කොහොමද මංදා...
අපට
එන්න පාරවල් නෙවෙයි තිබ්බේ. පහත් තැන් හොයාගෙන ගලන ලොකු- පුංචි ඇල- දොළවල්; දිය පාරවල්. ඒවායෙ වතුර පීරාගෙන දෙපැත්තටම වාහන
ඇදුණේ පිස්සු හැදිලා වගේ... එහෙම ගියේ ගාට-ගාටා වුණත් නලා නං එක දිගටම නාද වුණා.
“මුංගේ ආච්චිලට... ^%# &*^$ #@*^ හෝන් ගහගෙන යන්න හැදුවට කොහේ යන්නද? මෝඩ #කන්නෝ!”
“ලංකාවේ ඩ්‍රයිවර්ස්ලා වැඩි දෙනෙක් වාහන එළවන්නේ හෝන් එකෙන්නෙ.😦😦😦”
සේරටම
හපන්- මහ වරුසාව හිංදා අඩියකට- දෙකකට වඩා දුරක් නොපෙනීම... තැන් තැන්වල විදුලියත්
නෑ... කට්ට කරුවලයි.
“මේක නං වෙනදා වහිනවා වගේ වැස්සක් නෙවෙයි.”
“සුළි කුණාටුවක්ලු. දිත්වා! තව දවස් ගාණක් වහියි කියලත් කියනවා.”
‘අර
පාර එහෙම පිටින්ම බ්ලොක් වෙලා / මේ පැත්තට හරවගෙන යන්න- හැබැයි ටිකක් දුරයි’ වගේ
උපදේශත් සමහර තැනකදී නොමිලේම අපට ලැබුණා. (දුරයි නේන්නං අප්පා, කඩුගන්නාවෙන්
ගම්පොළට- එතැනින් මාවනැල්ලට...) කොහොම වුණත් එදා රාත්තිරියේ අපි ආපහු ආවේ රෑ ජාමේ...
මට නං ඒ ගමන මගේ ජීවිතේටම අමතක වෙන එකක් නෑ.
ඒ හින්දමයි ඒ විත්තිය මෙහෙම සටහන් කරලා තියන්නත් හිතුවේ.
ඉතිං,
ඒ අත්දැකීම විඳගත්තු අපේ නඩේ අපි-අපි ඔක්කොමල්ලටත්, ඒ විස්තර කියවපු ඔයාලටත් ගොඩක්
ස්තුතියි කියමින් ‘පොකුරු පොකුරු මතක පොකුරු’ පෝස්ටු මාලාව ඉවර කරනවා, හොඳේ෴0෴







//හොඳේ෴0෴//
ReplyDeleteහුටා!
තාම කියෙව්වෙ නෑ. රෑ කෑම කාලාම කියවන්නම්. වෙලාවට පෝස්ට් කලාට ස්තූතියි.💐
මෙහෙ වේලාවෙන් දැන් උදේ 6.24 යි.
Deleteකුකුළාවත් අරගෙන නිදිගෙ පංච තන්තරේ කියවන්න ආවට ගොඩක් ස්තුතියි බස්සා මහත්තයෝ!
ඔයාලගෙ උනන්දුව මට ලොකු දහිරියක්!
දැන් මෙහෙ සිකුරාදා රෑ 9යි. කුකුලා කෙසේ වෙතත් තව ටිකකින් යක්කු මෙහෙ ගස් නගිනවා.🤣
Deleteඅන්න පෝස්ට් එක සින්ඩිවල අප්ඩේට් වෙලා. අපිට තමා බ්ලොගර්ගෙ පුෂ්,පුෂ්.😞
කඩුගන්නාව වහපු වෙලාවක මමත් ලොකු කට්ටක් කෑවා. ඒ ගැන ලියන්න හිටියත් තවම බැරි උනා.
ReplyDeleteආන්න ජංසං! ලියමුකො. දිට්ටා වෙලාවෙ නිදිලෑ කස්ටිය යන්තං බේරිලා ආපු කතාව කිව්වා යන්තමට මතකයි. ඒක මෙච්චර හොඳයි කියල දැනගෙන හිටියෙ නෑ.
Deleteනිදි ලොක්කාට සුබ උපන්දිනයක් වේවා... නීරෝගිසුව සම්පත්තිය හා දීර්ඝායුෂ ලැබේවා...
ReplyDeleteගොඩක් ස්තුතියි අසංග මහත්තයෝ.
Deleteකියවලා ඉවර කලා. බොහොම රසවත් ලිපියක්.
ReplyDeleteනිදිට සුබ උපන්දිනයක් වේවා... නීරෝගිසුව සම්පත්තිය හා දීර්ඝායුෂ ලැබේවා...x2
බස්සා මහත්තයාටත් ගොඩක් ස්තුතියි!
Deleteනිදීතුමා... නිදුක් නිරෝගී සුබමැ සුබ උපන්දිනක් වේවා. ජයම වේවා 🤗🎂🎉🥂
ReplyDeleteගොඩක් ස්තුතියි නමී, ජයම වේවා!
Deleteසුභ උපන්දිනයක් නිදි , පොස්ටු මාලාවම කියෙව්වා වැදගත් වගේම රසවත්.
ReplyDeleteසුපැතුමට ගොඩක් ස්තුතියි නිහඬපාල මහත්තයෝ. ඒ වගේම පැසසුමටත් ස්තුතියි.
Deleteනිදීට සුභම සුභ උපන්දිනයක්! 🎂❤️ නිදුක් නීරෝගී, සතුට පිරුණු දිගු දිවියකට හදවතින්ම සුබ පතනවා.
ReplyDeleteඒ එක්කම ‘පොකුරු පොකුරු මතක පොකුරු’ බ්ලොග් පෝස්ට් මාලාවත් අවසන් වෙනවා කියලා දැනගත්තම නම් පොඩි කනගාටුවකුත් ඇති වුණා. මම හිතාගෙන හිටියේ තව ටික දුරක් මේ මතක අතරේ අපිවත් එක්කගෙන යයි කියලා. 😊
සුපැතුම වෙනුවෙන් ගොඩක් ස්තුතියි මයියෝ.
Deleteපොකුරු පොකුරු posts ටික ලිව්වේ 2025 නොවැම්බර් 22 වෙනිදා බෝමුරේ ගමන ගැනනෙ. මතක අතරෙ තව ලියන්න දේවල් තියෙනවා මහත්තයෝ තව ඉස්සරහට!
කඩුගන්නාවේදී ගලක් කඩාගෙන හෝටලයට වැටීමෙන් යටවී මියගිය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයා ගැනත් මතකය නැවත අලුත් වුණා. ඔහු මගේ යහළුවන් කිහිපදෙනෙකුගේත් යහළුවෙක්. ඉතාම හොඳ පුද්ගලයෙකු බව ඔවුන්ගෙන් අසන්නට ලැබුණා. ඇත්තෙන්ම ඒ සිදුවීම ඉතාමත් දරුණු ඛේදවාචකයක්. එවැනි අකල් වියෝවක් ගැන සිතන විටත් ඇතිවන්නේ ලොකු කනගාටුවක්.
ReplyDeleteමිනිසා විසින්ම ඇති කරගත් විනාශය විදිහටයි කඩුගන්නාවේ ගල පෙරළීම මං දකින්නේ.
Deleteඅකාලයේ වියෝ වුණු ඒ තරුණ මහතාට නිවන් සුව පතමු!
හොඳ කිතුල් හකුරු ටිකක් හොයාගන්න එක නම් ඇත්තටම හරි අමාරු වැඩක් තමයි. හොඳ කිතුල් හකුරු නම් කටේ දාපු ගමන් හොඳට දියවෙන්න ඕනේ. ඒ වගේ නියම කිතුල් හකුරු ටිකක් හොයාගන්න දැන් ලේසි නෑ.
ReplyDeleteකිතුල් හකුරු වගේම තමයි ඉතින් හොඳ කිතුල් පැණි බෝතලයක් හොයාගන්න එකත්. නියම කිතුල් පැණි කියලා නොයෙක් දේවල් විකුණන්න හදන අය නම් ඕන තරම් ඉන්නවා. හැබැයි ඉතින් නියම බඩු ටිකක් හොයාගන්න තමයි අමාරු! 😄
අපේ සෝමා පුංචිව බලන්න බදුලු ගිය වෙලාවේ පුංචිගෙ දූලා අපිට දුන්නා නියම කිතුල් හකුරු මුල් ටිකක්. ඒවායේ නං ඔයා කියන කොලිටිය තිබ්බා- ලෙසටම. අපි ඒවා පාවිච්චි කළේ හරිම ලෝබකමින්.
Deleteහුම්. රස කියන එකත් කෙනාගෙන් කෙනාට දැනෙන විදි වෙනස්නේ?? මම ටිකක් චට්නි, අචචාරැ රස වැඩිවෙනවට එච්චරම කැමැතතක් නෑ. ඒත් සමහරැ ඒවට වහ වැටිල. බොනකොට සැර වැඩි බයිට් අඩූවෙන්ම තමා පරිබෝජනය 😁🤗
ReplyDeleteඑතෝට චින්තා කියල තිව්න... මිනිසා විසින් ප්‍රගුණ කරල ටේස්ට් කරන එකක්ය ඇල්කොහොල් කියල.
නමීට ඉතිං මිරිස්, ගම්මිරිස් සැර වුණත් අල්ලන්නේ නැහැනේ. අම්මා සුදටම වෙන්න ඇති ගෙදර උයන්නේ.
Deleteකවුද චින්තා?
නිදි සුබ උපන් දිනයක් . දැක්කේ නැහැ ෆේස්බුක් එකේ උපන්දිනේ වැටිලා තියනව . රවී ගැන දුකයි . ඒත් ඒ මතක සටහන් ලිවිම ගැන ස්තුතියි . අපි කට්ටිය සෙට් වෙච්ච් පින්තුරයක් ඔයා මේ ලිපියත් එක්ක බ්ලොග් එකේ දාල තිබුන .
ReplyDeleteගොඩක් ස්තුතියි අජිත් ධර්ම මහත්තයෝ සුපැතුම වෙනුවෙන්.
Deleteරවී ගැන දුක තුනී වෙන්න ලොකු කාලයක් ගත වෙන්න ඕනි වගෙයි...
කිතුල් හකුරු එළියේ තිබ්බහම දිය වෙනවනම් (අර කොළ වලින් හදන පොට්ටනිය ඇතුලේ නැතිව .ඒ සීනි එකතු නොකරපු නියම කිතුල් හකුරු කියල මට මුලක් විකනමු කෙනෙක් කීව . අපිපොදී කාලේ ගමේ තිබ්බ සාදික්ක ගහක ගෙඩි කලා පිට පොහ්තේ කනව මතකයි . අමුතු රහක් තියෙන්නේ
ReplyDeleteඔය අවදි වෙන්නෙ පොකුරු පොකුරු මතක පොකුරු!
Deleteසුබ (පහුවුණු) උපන් දිනයක් වේවා නිමල්! 🥰
ReplyDeleteමේ සැරේනම් පෝස්ට් එක ටක් ගාලා අප්ඩේට් වෙලා නේද.
"මට තේ එකක් නැතිව මොකක්ද මොකක්ද වගෙයි". අපේ අම්මත් ඔය වගේ. කොහේ ගියත් තේ නැත්නම් කෝපි ඕනෙ; නැත්නම් අප්සෙට්. අපේ ආච්චි අම්මා බත් කන්න විනාඩි පහකට කලිනුත් ප්ලේන්ටි බොන්න ඕනෙ වෙන කෙනෙක් 🤗
සුපැතුම වෙනුවෙන් ගොඩක් ස්තුතියි Lotus!
Deleteposts අප්ඩේට් වෙන එක හරි වගෙයි තමා.
අපි තේ කෝපිවලට ඇඩික්ට් වෙච්ච උදවියනේ Lotus...
"අද ඉන්න වැඩි දෙනෙකු හොඳ මොස්තරවලට මහපු සුධවල ඇඳුම්වලින් සැරසිලා අවමඟුලකට එන්නේ fashion show එකකට එන විදිහට". ලස්සණට ඇඳලා එන එකේ නම් වරදක් නෑ නේද. කැමරා දාගෙන රඟපාන එකයි හරි නැත්තෙ. මම ආස නැති තව එකක් තමයි මෘත දේහයත් එක්ක සෙල්ෆි ගන්න එක්ක. පිස්සුද මන් දන්නෙ නෑ. කෙනෙක් මැරිලා ඉන්න වෙලාවට ෆොටෝ ගන්නවට වඩා හොඳ නැද්ද ජීවත් වෙලා ඉන්න කාලෙ කරපු දේ ගැන මතකය ඉතුරු කරගෙන සතුටු වෙන එක.
ReplyDelete"කොහොම වුණත් එදා රාත්තිරියේ අපි ආපහු ආවේ රෑ ජාමේ" හිතාගන්නවත් බෑනේ.. ඔහොම එන්න ලැබුණු එක කොච්චර දෙයක්ද.
"අන්න-පානවලින්" කිව්වෙ සුරා මේරයද?. "අපි රවීව ගෙදරට ඇරලවලා ආපහු නුවරට එද්දී අනෝරා වැස්ස" රවි ජීවත් වුණු පැණිදෙනිය පේරාදෙණිය ළඟ නේද. එතකොට ආයි නුවරට ආවෙ ඇයි.
ඇත්තටම- කෙනෙක් ජීවතුන් අතර හිටිද්දී කළ කී හොඳ දේවල්වල මතකයන් ඉතිරි කරගැන්ම තමයි වටින්නේ!
Deleteඑදා රෑ ආපහු එද්දී වාහනය ඇතුළේ තිබුණු නොසන්සුන්කම, ආතතිය ගැන නං කියන්න වචන නැති නිසයි ඒ ගැන වැඩිපුර නොලිව්වේ...
අන්න පාන කියන්නෙ කෑම-බීම කියන එකයි. ඒකට ඔක්කොම ජාති අයිතියි...
මං හිතන්නේ අපි ආයිමත් නුවරට ආවේ නෑ වාගෙයි Lotus... අනෝරා වැස්සයි, වාහන තදබදෙයි ගැන මිසක් ඒ ගැන හරි හමන් නිනව්වක් ඒ වෙලාවේ තිබුණේ නෑනේ...