‘මැණිකේ මගේ හිතේ’
hit වුණෙත්
පුදුම විදිහට. මේ දවස්වල... |
“ඇයි මහත්තයෝ... මම මුලින්ම අතින් ලෙල්ල ගහනවා... ඊට පස්සෙ කටේ දාගෙන ඉස්ම එනකන් සූප්පු කරනවා.." කියලා. ඒ කතන්දරෙන් ඉවර කළේ ‘හිනා තවත් හිනා’ දෙවෙනි කොටස.
1970 ගුණදාස කපුගේ- අනුලා බුලත්සිංහල දෙන්නා ගයපු ගීතයක් ඊට සෑහෙන කාලෙකට පස්සේ hit වුණා, කපුගේ-මාලනී සුසංයෝගයෙන් යළි උපන්නාම.
ඒ වගේම තවත් පරණ සිද්දියක් මේ.
ආත්මා ලියනගේ 1977 හදාපු ගීතයක් රූපවාහිනියේ
‘නන්දන වින්දන’ වැඩ සටහනට ගැයුවා 89 අග. 1990 මුල වෙද්දී හැම කැසට් කඩේකින්ම
ඇහෙමින් තිබ්බේ උපරිම ජනප්‍රියත්වයේ රැඳුණු ‘ලිය තඹරා’ සිංදුව.
අපේ පරිවර්තකයන්ගේ කුසලතාව මොනවට පෙන්වමින්, සංස්කෘතික තානාපතිවරියක බවට පත් කෙරුණු ‘යොහානි ද සිල්වා’ ගායිකාවගේ ‘මැණිකේ මගේ හිතේ’ hit වුණෙත් පුදුම විදිහට.
මේ දවස්වල මට උදේ- හවා- දවල්- රෑ නැතිව ඇහෙන්නේ ඔය සිංදුව. යාබද ගෙවල් හතරක ළමයින් හය දෙනාම එකතුවෙලා ඒ ගීතය ජප කරනවා, අපේ ගේට්ටුව ඉස්සරහට වෙලා. (අපේ පාරේ කුලඟන සමිතිය රැස් වෙන්නේ එතැන බව මගේ චීත්තවාහිනියෙන් ඔයාලට කලින්ම කියලා තියෙනවානේ.)
ඔහොම hit වෙච්චි කතාවක් තමයි ‘අටවන
මාටින්’.
බ්ලොගයට ඒ කතාව උපුටා ගත්තට මොකද, අදටවත් මං දන්නෙ නෑ ඒක කාගෙද කියලා. අලුතෙන්ම...
පෙරේදා හිමිදිරියෙන්ම දැක්ක දේ තමයි අපේ බකුස්තුමාගේ අලුත්ම පෝස්ටුව. හැබෑම වටිනා
post එකට දාලා තියෙන නම ‘අටවන මාටිංගේ බ්ලොග්
එක’. මටත් හෙණ තැන... මගේ අනුග්‍රහය
විත්තියකුත් ලියලා! ඒ වගේම අටවන මාටින්ගේ අපූරු foto එහෙකුත් එතනට ඔබලා!!
ඒ වගේම
අටවන මාටින්ගේ අපූරු foto එහෙකුත් එතනට ඔබලා!! |
හිතේ කැකෑරුණු දේවල් ටිකක් කියලා නිදහස්
වෙන්න ඕනිනේ. මට ඉතිං නිදහසේම ඔව්වා කියන්න ඉන්නෙත්, නිදිගෙ පංච තන්තරේ කියවන
ඔයාලා තමයි.
අනවසරයෙන්ම එහෙම කියලා, මෙන්න යනවා මගේ පොතට....
15. උණුවෙන් බොද්දී.....
හෙට්ටිආරච්චි මහත්තයට වස බඩේ
අමාරුවක් හැදුණා.... බඩේ අජීර්ණයක්! මොනවා කෑවත් බිව්වත් වැඩක් නෑ. විනාඩි දහයක්
යන්න කලින් බඩ අඹරවලා, රිදෙන්න පටන් ගන්නවා.
මුලින් අත්බේත් කළා, හරි ගියේ නෑ.
දොස්තරලා ළඟට ගිහින් බෙහෙත් ගත්තා.... ඒත් හරි ගියේ නෑ. අන්තිමට විශේෂඥ දොස්තර
මහත්තයෙක් ගාවටම යන්න වුණා.
ලෙඩාගේ මළ- මුත්‍ර සේරම
පරීක්සා කරලා බලවලයි විශේෂඥ තීන්දුව දුන්නේ.
“මේ අමාරුව සනීප වෙන්න නං සුමාන දෙකක් විතර මව් කිරි බොන්න වෙයි!”
කෙළියා නේද තාප්පෙටම? මොන යකාද
දැන් හෙට්ටිආරච්චි මහත්තයට මව් කිරි හොයල දෙන්නේ... මොකෝ, විකුණන්න තියෙන දෙයක්යැ.
එහෙම තිබ්බා නං කීය දීලා හරි ගන්න තිබුණා.
ඒත් ඉතිං බැහැයි කියලත් බැහැනෙ.
ගම පුරාම පුංචි සමීක්ෂණයක් කළා, බිලිඳු ළමයින් ඉන්න අම්මලා ගැන.
තරුණ
අම්මා පියයුරු නිරාවරණය කළේ ඇස් වහගෙන.... |
හෙට්ටිආරච්චි මහත්තයා බොහොම ප්‍රවේසමෙන්
ඒ අම්මව හම්බ වෙලා තමන්ගේ ප්‍රශ්නේ කිව්වා.
“අනේ, වරදවල හිතන්න එපා. මේ ලෙඩේ හින්දා මං දැන් බාගෙට මැරිලයි ඉන්නේ.....ඉල්ලන
ගානක් දෙන්න මම ලෑස්තියි. මට මේ උදව්ව කරන්න....”
ඔන්න ගණන් හිලවු කතා කර ගත්තා.
පහුවදා ඉඳලම ප්‍රතිකාරේ කෙරෙන්න පටන් ගත්තා. අම්මටත් වැඩිය, හෙට්ටිආරච්චි මහත්තයාටයි
ලජ්ජ.
තරුණ අම්මා පියයුරු නිරාවරණය කළේ ඇස් වහගෙන....
හෙට්ටිආරච්චි මහත්තයත් ආපහු බිලිඳු වයසට ගියෙ ඇස් දෙකම වහගෙන.
හැබැයි, දෙන්නගෙම කෝඩු ගතිය
තිබුණේ මුල් දවස් කීපෙදී විතරයි. දැන්-දැන් හෙට්ටිආරච්චි මහත්තයාගේ මව් කිරි බීම
ටිකාාාාාක් එක විදිහක්.....
අර අම්මණ්ඩිත් හිතුවා තමන්ටත් යන-එන විදිහක් නැති එකේ.....
ඊළඟ දවසේ හෙට්ටිආරච්චි මහත්තයා
ප්‍රතිකාර ගනිද්දී තරුණ අම්මා හීන් හඬින් කතා කළා.
“ඔයාට ඔච්ච්රමද ඕනේ... වෙන
මුකුත්...”
හෙට්ටිආරච්චි මහත්තයා
පුදුමයෙන් ඇස් විතරක් නෙවෙයි, කටත් ඇරගෙන තරුණ අම්මා දිහාව බැලුවා.... බලලා මෙහෙම
ඇහුවා.
“කොච්චර එකක්ද... ඔයාාාාා තරහ
වෙයි කියල බයෙනුයි මම මෙ..ච්..ච..ර දවසක් ඇහුවේ නැත්තේ... උණුවෙන් මොනවා හරි
බොනකොට මං විස්කෝතුවකුත් හපන පු..රු..ද්..ද..ක් තියෙනවා. එහෙනං, හෙට ඒකක් ගෙනාවට කමක්
නැහැනෙ?”
16. බලු හුරතලා
“ප්‍රිය මහතාණෙනි,
අධ්‍යයන කටයුත්තක් සඳහා ඔබේ හෝටලය තිබෙන පලාතට පැමිණිය යුතුව තිබේ. එවිට ඔබේ
හෝටලයේ නවාතැන් ගැනීමට අදහස් කරමි. එහෙත් එසේ කළ හැකි වන්නේ මගේ කීකරු, මැනවින්
පුහුණුකොට ඇති සුනඛ හුරතලාටත් මගේ කාමරයේම නවාතැන් ගැනීමට ඉඩ දෙන්නේ නම් පමණි.
එසේ අවසර දෙන්නේ දැයි දන්වනු
මැනවි!”
එතෙක්
මෙතෙක් කල් කිසිම බල්ලෙක් හෝටලයේ තුවා සොරකම් කොට නැත..... |
“හිතවත් මහාචාර්යතුමනි,
ඔබගේ විමසීම ලදිමි.
මෙම හෝටලයේ කළමනාකරු ලෙස වසර දහයක් සේවය කරන්නෙමි. එතෙක් මෙතෙක් කල් කිසිම බල්ලෙක්
හෝටලයේ තුවා සොරකම් කොට නැත. ඇඳ ඇතිරිලි, රිදී හැඳි, ගෑරුප්පු හෝ හෝටලයේ විසිතුරු
බඩු සොරෙන් ගෙනගොස් නැත. එපමණක්ද නොවේ:
අනෙකුත් නවාතැන්කරුවන්ට හිරිහැර වනසේ බීමත්ව අශෝභන ලෙස හැසිරුණු අවස්ථාවන්ද නැත.
හෝටලයේ නවාතැන් ගෙන,
ආහාර-පානවලින් සප්පායම්වී බිල් පත නොගෙවා හොරෙන්ම පළා ගිය බල්ලෙකු ගැනත් මම
නොදන්නෙමි.
එබැවින් ඔබතුමාගේ මැනවින්
පුහුණුකොට ඇති, කීකරු සුනඛ සුරතලාවත්- ඌ කැටුව එන ඔබතුමාවත් සාදරයෙන් පිළිගනිමි.
ස්තුතියි!”
17. කළ කම් පළ දෙන හැටි
අර යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම
හාමුදුරුවෝ මොකක්ද පොතක ලියල තිබුණලු කවියක්. හරියටම නම් වචන මතක නෑ. ඒත් මෙන්න මේ
වගේ:
‘අපායට යන්න ඕනෑ නම් නුඹට
කරපං මහ ඇමතිකම එක දවසකට’
හැබැයි ඒ කවිය ලියන කාලේ මහ ඇමතිකම් තිබුණේ නෑ, අගමැතිකම්- ඇමතිකම් මිසක්.
කොහොමෙන් හරි ඔය චූර්ණිකාව
මතක් වුණේ මොකද දන්නවද? අගමැතිකම් කරපු දෙන්නෙකු ගැන කතාවක් මතක් වෙච්චි නිසා.
ගල්ඔය ව්‍යාපාරෙ
ඇති කළා... තව ගොවි ජනපද හැදුවා... |
ඔන්න උන්නැහේ යම ලෝකෙට ගිහින් යම රජ්ජුරුවෝ ඉස්සරහ
ඉන්නවා.... යම රජ්ජුරුවෝ ඉස්සරහ තඩි පොතක්. (මනුස්ස ලෝකේ උදවිය කරන- කියන හොඳ, නරක
ඔක්කොම ඒ පොතේ ලියැවිලා තියෙනවලු!)
“හා කැලෑ ජෝන්! කොහොමද
ඉතිං....” යම රජ්ජුරුවෝ ඇහුවා. ඩී.එස්. සේනානායක මහත්තයට පටබැඳිල තිබණු නමක් තමයි
ඔය ‘කැලෑ ජෝන්’ කියන්නේ.
ඩී.එස්. සේනානායක මහත්තයා හොඳ
උස- මහත මහ කළු සිංහලයෙක්නේ. ආඩම්බර තාලෙට ඔළුව යන්තමට හොලවල හිනා වුණා.
“හොඳයි, මොනවද තමුන් කරපු හොඳ
දේවල් මනුස්ස ලෝකේ ඉන්දැද්දී.” යම රජ්ජුරුවෝ ඇහුවා.
“මම ලංකාවට නිදහස ගන්න සටන්
කළා.... සේනානායක සමුද්‍රය හැදෙව්වා... ගල්ඔය ව්‍යාපාරෙ ඇති කළා... තව ගොවි ජනපද
හැදුවා...” ඔය විදිහට සේනානායක මහත්තයා එයා කරපු දේවල්වල ලැයිස්තුවක් කියාගෙන කියාගෙන
ගියා.
ඒ ඔක්කොටම සාවධානව කන් දීපු යම රජ්ජුරුවෝ ඊළඟට ඇහුවේ යකාගෙ ප්‍රශ්නයක්...
“තමුසෙ බඩු කීයක් ගහල
තියෙනවද?”
සේනානායක මහත්තයට තේරුණා මේක
මේ නොදන්නාකමට අහන ප්‍රශ්නයක් නෙවෙයි කියලා. බොරු කියනවට වැඩිය හොඳයිනේ ඇත්තම කියන
එක.
“හතරයි ස්වාමිනි.” කියලා උත්තර
දුන්නා.
යම රජ්ජුරුවො අඩි පොළොවේ
හැප්පුවා. “හතරද? යම පල්ලනි, වහාම මේ නරයා රැගෙන ගොස් ඔහුට හිමි වාස භවනය
පෙන්වනු!”
ඩී.එස්. සේනානායක මහත්තයත් යම
පල්ලෝ එක්ක ගියේ ගැහි-ගැහී. මොනවා වෙන්න යනවද දන්නෙ නැහැනෙ.
ඒත් හොඳ ගෙයකට එක්ක ගිහිං, ඒකෙ යතුර දුන්නම ඒ බය නැති වුණා. ගෙදරත් හොඳයි! ඇඳ පුටු
මේසත් තියෙනවා.... ඒ මදිවට ගරාජ් එකකුත්. ඒක ඇතුළේ ‘දඬු ෆෝඩ්’ කාර් එකකුත්
තියෙනවා.
බණ්ඩාරනායක
මහත්තයා මොළකාරයානෙ. හීන් සීරුවේ අහගත්තා යම රජ්ජුරුවො අහන්නෙ, කරන්නෙ.... |
මෙන්න බොලේ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහත්තයා ඉස්සරහට එනවා. ඩී.එස්.
කාර් එක නැවැත්තුවා; බැස්සා.
“මොකද බණ්ඩො මෙච්චර ඉක්මනට උඹ
මෙහෙ?”
“ඒක නේන්නං... මගේ පංච මහා
බලවේගේ අංක එකේ එක්කෙනෙක් මට වෙඩි තිබ්බනේ...” එතැනින් පටන් ගත්තු ආගිය කතාව ටිකක්
දිගට ඇදිල ගියා.
බණ්ඩාරනායක මහත්තයා
මොළකාරයානෙ. හීන් සීරුවේ අහගත්තා යම රජ්ජුරුවො අහන්නෙ, කරන්නෙ මොනවද- කොහොමද කියල.
අහගෙන ඉවර වෙලා, සේනානායක මහත්තයට ‘බායි’ කියලා ගියා යම රජ්ජුරුවෝ ළඟට.
යම රජතුමා එයාගෙනුත් ඇහුවා කරපු
හොඳ- නරක.
“මම වරාය, බස් සමාගම් ජනසතු
කළා... සිංහල රාජ්‍ය භාෂාව කළා....” ඔය වගේ දේවල් ගොඩාක් බණ්ඩාරනායක මහත්තයත්
කීවා.
යම රජතුමා පුරුදු විදිහටම ඊළඟ
ප්‍රශ්නෙත් ඇහුවා. බණ්ඩාරනායක මහත්තයත් බල-බලා හිටියේ ඒක අහනකල්.... උන්නැහේට
ෂුවර් ‘ගණන’ ඉහළ යනකොට හම්බ වෙන දේවලුත් ඉහළ යන බව....
“දහයයි ස්වාමිනි.”
“හ්ම්! දහයයි... යම පල්ලනි, මොහුට හිමි තැන පෙන්වනු!”
අනේ! යම පල්ලෝ බණ්ඩාරනායක
උන්නැහෙව එක්කරං ගියපි පොල් අතු පැලකට. ඒ මදිවට ඒකෙ ඇඳ පුටු මේසත් බොහොම කබල්....
ඔක්කොමත් හරි, ගේ අයිනක බිත්තියට හේත්තු කරලා තියෙන මළකඩ කාපු බයිසිකලේ දැක්කම
බණ්ඩාරනායක මහත්තයගෙ බඩ පපුව දාලා-පිච්චිලා ගියා.
මං වන්නා
බයිසිකලේක හරි එනවා. ආං අර කටු පඳුරු පිරිච්චි පාර දිගේ... |
දවසක්දා පයිප්පෙත් කටේ ගහගෙන, හති දදා, දාඩිය පෙරාගෙන- අර බයිසිකලේ පැදගෙන යන බණ්ඩාරනායක මහත්තයට හම්බ වෙච්චයි කියමුකෝ, සේනානායක මහත්තයාව.
“මොකද බණ්ඩො මේ ෆුට් සයිකලේක?”
සේනානායක මහත්තයා අහපි. බණ්ඩාරනායක මහත්තයත් මෙහෙම කියපි.
“මං වන්නා බයිසිකලේක හරි එනවා.
ආං අර කටු පඳුරු පිරිච්චි පාර දිගේ මල්වත්තා සෙරෙප්පුත් නැතිව පයින්ම වඩිනවා.”
මොකක් හරි කියවද්දී මගේ මොළේ වැඩ කරන්නේ
‘සිනමා ප්‍රක්ෂේපන’ යන්තරයක් වගේ වෙන්නැති කියලයි මට හිතෙන්නේ. වචන ටික එක
පැත්තකින් ඔළුවට යන අතරේ- ඇස්දෙකේ එක දිගටම අර වචනවලින් කියවෙන සිත්තම් එක පෙළට දිග
හැරෙන්න ගන්නවා. හැබෑට, ඔය අසනීපෙ තියෙන්නේ මේ පිස්සු මට විතරයිද?
එහෙම හිතුණේ අර අන්තිම ඡේදය අකුරු කරන අතරේ දිස්වෙන්නට ගත්තු රූපාවලිය නිසා....
වියපත් උන්නාන්සේ කෙනෙක් නිරුවත් දෙපාවලින් යුතුව දුෂ්කර පාරක වඩිමින් ඉන්නවා. ඒ
අතරේ කබල් ෆුට් සයිකලේක නැඟුණු බණ්ඩාරනායක මහත්තයා හිටු කියලා, සයිකලේ පාගමින්
අරුන්නාන්සේව overtake කරනවා!
අනේ සංතෝ, ඒ ටික කෙරෙද්දී ඔළුවට ආවේ ‘මාතලන්’ බ්ලොග් අඩවියේ අලුතෙන්ම පළ වුණු පෝස්ට් එකකට Anonymous කෙනෙකු එවා තිබුණු comment එකක්.
[හොරෙක්, මංකොල්ලකරුවෙක්, මංපහරන්නෙක්,දේශප්‍රේමියෙක්.... මෙන්ම විශ්වයේ ජීවියෙක්ද වෙතැයි කියා ගන්නා මාතලන් පළකොට
තිබුණු ඒ post එක ‘ට්‍රින්කෝ තෙල් ටැංකි හා දෙවනි ගමන’ නමිනුයි හඳුන්වා තිබුණේ.
මාතලන්, එයාගේ ඒ විශේෂණ අතරට ‘අනුනට උදව් කරන්නෙක්’ කියලත් දාගන්නයි තියෙන්නේ.
මාතලන්ගේ සින්ඩියෙන් බ්ලොග් ලියන අපිට ලැබෙන සුපිරි තල්ලුව පොඩි නෑනෙ. ඒකයි එහෙම කිව්වේ.]
කතාවේ
හැටියට ඔන්න ටීටර් එකක් පෙන්නනවලු. දන්නවනේ ඉතින් ගමේ.... |
‘..... කතාවේ හැටියට ඔන්න ටීටර් එකක් පෙන්නනවලු. දන්නවනේ ඉතින් ගමේ ප්‍රභූන් අරුන්
මුන් ඔක්කෝම එනවනේ. ලයිට් නැති නිසා පැට්‍රෝමැක්ස් ලාම්පු, එතකොට කෑලි පහේ ටෝච්
අරවා මේවා තමයි විදුලි ආලෝකය. ඔය අස්සේ එකෙක් ස්පොට් ලයිට් එක දෙන්නේ බයිසිකලේකට
හයි කරපු ඩී.සී. ඩයිනමෝ එකකින් පවර් සප්ලයි දෙන ලයිට් එකකින්ලු. බයිසිකලේ
ඉස්ටෑන්ඩ් එක ගහලා පස්සෙ රෝදෙ උස්සලා ඩයිනමෝ එකේ ලෝඩ් එක දීල එකෙක් එකසිය ගානට
පදිනවලු.
මොකෝ ඩයිනමෝව කැරකෙන ඉස්පීඩ් එකටනේ ආලෝකේ වැඩි වෙන්නේ. ඉතින් ඔන්න ඔහොම
දැන් නාට්ටිය යනවාලු, දැන් හිතහන්කො මේ නාට්ටිය බැලසන්ත නාඩගම කියලා, ඔන්න සින්දුව යනවා;
අලිසන්දරා පට්ට ඩාන්ස්
එකක් දාගෙන පුල් ගම්භීර් තාලෙට එනවා ඉස්ටේජ් එකට;
ගම්‍භීර තෙදැති කොංස්‍තන්
තීනුපුරේ
කොංස්‍තන් තීනුපුරේ
පුරවර්ධන කරන අග නරනා මෙ
මම්//
නාමය මං අලිසන්දිරී//
මම ධර්මෙන් මෙපුර පාලන
කරමින්නේ
ධර්මෙන් මෙපුර පාලන
කරමින්නේ
ඉන්නේ මැදුරෙ ප්‍රීතිය
විඳිමින්නේ//
එහෙම උනාත් මෙ මට ඇත
ලොකුම දුකාක්
මෙ මට ඇත - ලොකුම දුකාක්
කරකාරියක් නැතුව සිත
නොමැත සැපාක්//
එය විසඳාගන්නා ලෙසා...//
මගෙ මන්ත්‍රී කැඳවා මම
පහදා කියමි එය//
නොමැත ළඳක් මෙහෙසිය ලෙස
ගන්නට//
ගම්‍භීර තෙදැති
කොංස්‍තන් තීනුපුරේ
කොංස්‍තන් තීනුපුරේ
පුරවර්ධන කරන අග නරනා මෙ මම්//
මං මේ
මුළු තුන් ලෝකෙන්ම, ලස්සනම ගෑනු කෙනාට අඳින්න මල් හතේ සාරියක් ගෙනාවා. |
ඊළඟ හිනා කතාව කියවන්න කලින් හිනාව නවතිනකල්
හිටිමු නේද?
18. දෙකේ වෙනස
“හොඳයි විමලා, දැන් කියන්න
බලන්න ‘මම ලස්සන වෙමි’ කියන වාක්‍යය අයිති මොන කාලයටද?”
“ටීචර්ගේ අතීත කාලයට!”
19. තුන් ලෝකෙම ලස්සන ගෑනි
වෙනදා වගේම කණ පාත් වෙන්න බීපු
ගලපිටමඩ මහත්තයා හොඳටම රෑ වෙලා ගෙදර ආවා. හරි වැඩේ! ගෙදර දොර-ජනෙල් ඔක්කොම වහලා.
ගලපිටමඩ මහත්තයා දොරට
ගැහුවා... නෑ සද්දයක්. ජනේලෙට ගැහුවා... ඒත් සද්ද නෑ. කුස්සියේ දොරට ගැහුවා.. ඒත්
සද්ද නෑ.
‘අද නං ගෑනිට හොඳටම ඔරොප්පු වෙලා’ තමන්ටම කියා ගත්තු ගලපිටමඩ මහත්තයා අයිඩියා එකක්
හෙව්වා ගේ දොර ඇරවගන්න.
“නෝනේ... දොර අරින්න නෝනේ....
චුට්ටක් පරක්කු වුණා තමයි! ඒත් ඔයා දන්නවද? මං මේ මුළු තුන් ලෝකෙන්ම ලස්සන ගෑනු
කෙනාට අඳින්න මල් හතේ සාරියක් ගෙනාවා.” ගලපිටමඩ මහත්තයා සද්දෙට කිව්වා.
මෙන්න බොලේ එතකොටම දොර ඇරුණා.
හිනා වීගෙන එළියට ආපු ගලපිටමඩ නෝනා, මහත්තයාගේ අතේ තිබුණු බෑග් එක උදුරා ගත්තා;
ඇදලා බැලුවා.
“බොරුකාරයා, කපටියා. කෝ ඉතිං
ගෙනාවයි කියපු සාරිය...”
“සාරිය තිබුණට වැඩක් නෑනෙ
නෝනේ! අර ලස්සනම ගෑනු කෙනාත් නැතිකොට.”
දැන් හත්
මාසයක්. හරිම අමාරුයි, මේ බඩත් උස්ස ගෙන එහෙ මෙහෙ ඇවිදින එක. |
විවාහයෙන් පසු පළමු වසරේදී
සැමියා කතා කරයි; බිරිඳ අසා සිටියි.
විවාහයෙන් පසු දෙවන වසරේදී
බිරිඳ කතා කරයි; සැමියා අසා සිටියි.
විවාහයෙන් පසු තෙවන වසරේ
සිට දෙදෙනාම කතා කරති; අසල්වැසියෝ අසා
සිටිති.
21. මමයි ඒක කළෙත්
පුංචි සිරිපාලගේ මගෝඩි වැඩ
නිසා පළමු වසර පංතියේ ගුරුතුමිය සිටියේ හිතේ අමාරුවෙනි. කොතෙක් කීවත් සිරිපාල ඒවා
කණකටවත් නොගනී; දඟ කරයි. අනෙක් සිසු-සිසුවියන්ටද වද දෙයි. ඒ සියල්ලටමත් වඩා ඉවසිය
නොහැකි වූයේ සිරිපාලගේ වයසට වඩා වැඩි පණ්ඩිත කතා කීමය. ඒවා බොහොමයක් අසභ්‍ය ඒවා
විණි. බැරිම තැන ගුරුතුමිය සිරිපාලගේ අම්මාට
පණිවිඩයක් යැව්වේ, පැමිණ තමා හමු වෙන්නැයි කියමිනි.
ඊළඟ දින උදෙන්ම සිරිපාලගේ මව
පාසලට පැමිණ ගුරුතුමිය හමු වූවාය.
“ටීචර්ගේ පණිවිඩේ අහක දාන්න බැරි නිසයි ආවේ... දැන් හත් මාසයක්. හරිම අමාරුයි, මේ
බඩත් උස්ස ගෙන එහෙ මෙහෙ ඇවිදින එක.” අම්මා ටීචර්ට කීවාය.
ඒ අතරේ එතැනට වී සිටි සිරිපාල
උජාරුවෙන් වටපිට බලා, මහ හඬින් මෙලෙස කීවේ මවගේ ගැබ දෙසට දබරැඟිල්ල දිගු කරමිනි.
“කොහොමද මගෙ වැඩ? මේකත් මගෙ
වැඩක්”
සිරිපාලගේ අම්මාත්,
ගුරුතුමියත් මුහුණින් මුහුණ බලා ගත්හ.
“හා, හා. ඔයා ගිහින් අනිත්
ළමයි එක සෙල්ලම් කරන්නකෝ. මං අම්මත් එක්ක කතා කරනකල්.” ගුරුතුමිය සිරිපාලව ඈතට
යැව්වාය.
“පේනවනෙ, වෙනදටත් ඔහොමම තමා.
තරමට වැඩිය දේවල්ම තමා කියන්නේ...” ගුරුතුමිය සිරිපාලගේ අම්මාට සියලුම විස්තර
කිව්වාය.
කවදාවත්ම
ගුද මාර්ගික සංසර්ගයක ප්‍රතිඵලය විදිහට දරුවෙක් පිළිසිඳ ගන්නෙ නෑ! |
ඇය නික්ම ගිය පසු ගුරුතුමිය
සිරිපාලව ළඟට ගෙන්වා ගත්තාය. හිස අත ගෑවාය. “බලන්න පුතේ, ඔයාලගේ අම්මා ආපහු ගියේ
අඬ-අඬා. ඔයා කියාපු කතාවට අම්මට ගොඩාරියක් ලජ්ජා හිතුණා. පොඩි ළමයි ඔහොම බහුබූත කතා
කියන්නෙ නැහැනෙ පුතේ...”
“බහුබූත? බහුබූත නෙවෙයි ටීචර්.
මං කිව්වේ ඇත්තම ඇත්ත... අම්මපා ඇත්ත!” සිරිපාල හතී-අත දිවුරුවේය.
“චී චී, ඔහොම කතාවක්.... මහා
පව් වැඩක්!”
“ටීචර්ට වැරදිලා. ඔය ටීචර්
හිතපු විදිහේ දෙයක් නෙවෙයි මං කිව්වේ. මම දන්නවා අපේ තාත්තගේ කොන්ඩම් හංගලා තියෙන
තැන. ඉතිං, මං ඒවා ඔක්කොමගේ මුඳුන හිල් කරනවා.... ඒකනෙ....”
ගුරුතුමියට ඉතිරි කොටස නෑසුණේ
ඇය ක්ලාන්තය දමා වැටී සිටි බැවිනි.
22. දේශපාලකයෝ ඉපදෙන්නේ...
පවුල් සැලසුම් ක්‍රම පිළිබඳව
උපදෙස් දෙමින් සිටි වෛද්‍යවරයා අසන්නෙකු මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේය.
“කවදාවත්ම ගුද මාර්ගික සංසර්ගයක ප්‍රතිඵලය විදිහට දරුවෙක් පිළිසිඳ ගන්නෙ නෑ!”
ඒ සමඟම නැඟී සිටි වියපත්
තැනැත්තෙක් ඊට එරෙහි වූවේය.
“එහෙම නං කියනවා, කොහොමද මේ
ජාතියේ පොලිටීෂියන්ස්ලා මෙච්චර ඉපදෙන්නේ?”
වැදගත් ප්‍රශ්නයක් අහපුවාම ඒකට හරි යන විදිහේ
උත්තරයක් ගළපා ගන්නත් සෑහෙන කාලයක් යනවනේ... ඒකට ඉඩ සලස්වලා අදට නවතින්නං,
හොඳේ....
ඊට ඉස්සෙල්ලා පුංචි ඉල්ලීමකුත් කරන්න තියෙනවා. අලුතෙන් blog අඩවි කීපයක්ම කරලියට ඇවිත්, ඒ වගෙමයි ‘බොග දැමිල්ල’ අමතක කරලා හිටි දැවැන්තයන් කීප දෙනෙකුත් යළි පිබිදිලා. ඒ හැමෝම අතින් කාගෙන හරක් බලමින්, අතේ වැරෙන් ඔව්වා කොරන්නේ- පාඨක ඔයාලා අපි වෙනුවෙන්..
අපිත් මේ වෙලාවේ ඒ සද් කාර්යයට අත දෙන එකනෙ යුතුකම!