1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස

Sunday, November 4, 2018

රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස

නිවන් දකින් අම්මා...........
  පෙම්මා සුරතල් කියමින් දෙතනේ කිරි     බොම්මා
  වම්මා කඳුළැලි ඉස ඉස ඇවිදින් දැයි            අම්මා
  අම්මා අප නොදැක ඉතින් කෙලෙසක   වෑවෙම්මා
  සම්මා සම්බුදු වෙන දා නිවන් දකින්            අම්මා

අවුරුදු හැට-හැත්තෑවකට ඉස්සරත් මහ රෑ මැද්දේ ඔහොම කවියක් බරසාර හඬින්, අසන්නාගේ නෙතට කඳුළක් මෝදු කරවන තරම් ශෝකී ලයකින් යුතුව ගයනවා හෙම අහලා තියෙනවද?

“ඔන්න වෙස්සන්තරේ කියෝනවා.... ඇයි, උඹ බය වුණාද?” මං නින්දෙන් ඇහැරිලා පැදුරේ වාඩි වෙනවත් එක්කම අපේ ආච්චිත් ඔළුව උස්සලා මගෙන් ඇහුවා. 

ආච්චිට තිබුණේ කුකුළු නින්දක්. මං ඒකේ අනෙක් පැත්තනෙ. නිදා ගත්තම කුම්භකර්ණයා තමයි. ඒ නමත් මට නම් බාගෙට අර්ථාන්විතයි. මගේ ලග්නය ‘කුම්භ’නෙ!

“ඉතින් ආච්චියෙ පන්සිය පනස්  ජාතකේ තියෙන්නේ කවියෙන් නෙවෙයිනේ.”                    මං ආච්චිගෙන්ම ඉගෙනගෙන තිබුණු අවියකින් පහර දුන්නා. එතකොටත් ආච්චිම අපිට වෙස්සන්තර ජාතකය පණ පිහිටෝලා, බාගෙට රඟපාලා කියා දීලා ගොඩ කල්.      වෙස්සන්තර ජාතකය තමයිලු ජාතක පොතේ අන්තිම එක.

වෙස්සන්තර ජාතක කාව්‍යය පුස්කොළ පොත..........
“හරි බං. ඒ ඒක. මේ මේක. වෙස්සන්තරේ කියන්නේ කවි පොතක්. අපි පුංචි කාලේ හැම ගෙදරම වගේ බුද්ධ ගජ්ජය, සකස්කඩේ, ලෝ වැඩ සඟරාව, තුන්සරණේ වගේම මේකත් තිබුණා. ඔය අර එගොඩහ ගොඩේ මළගෙදර මළ පොත කියෝනවා....”  ආච්චිට එහෙම කියලා කට ගන්නට ලැබුණේ නැත.

“දැන් ආච්චි ඉස්සරලා කිව්වේ වෙස්සන්තර කවි පොත කියවනවා කියලානේ. දැන් කියනවා කියවන්නේ මළ පොතලු...” එදත් මට ඔහොම එව්වා පට ගාලා මීටර් වෙයි. මං එහෙම ඇහුවත් ආච්චී මට උත්තර දුන්නේ නැත. 

“යකෝ මුගෙන් තියන මළ වදයක්. රෑ තිස්සේ නිදි මරලා උඹ ඉස්කෝලේ යන්න නැඟිටින්නේ කීයටද? පස්සේ කියන්නං. දැන් නිදාගනින්, කට වහගෙන.”
 
‘මළ පොත’ කියවනවා කිව්වාම ඒ කාලේ අදහස් වුණේ ‘වෙස්සන්තර ජාතක කාව්‍යය’ කියෝන එකයි. එහෙම කියව්වේ හඬ නඟලා. අඬා වැලපිලා අඳෝනා නඟනවා වගෙයි, ඇදලා..... මළ ගෙදරක පාළු කපන්න. 

දැන් තරම් ගෙවල් නොතිබුණු ඒ සන්දියේ මහා රාත්තිරියේ, එහෙම සද්දෙට කවි කියවද්දී සතෙක් පැත්ත පළාතේ ආවේ නෑ. මරණයක් වුණාම හත් දොහේ දානෙ දෙනකල් ගෙදර දොර-ජනෙල් වහන්නෙත් නැහැනේ. ඒකට දැන්! ඉලව් ගෙදරත් මඟුල් ගෙදරක් වගෙම තමා. ඛජ්ජ-භොජ්ජ නැතිනම් දුක තුනී වෙන්නේත් නැහැල්ලු! 

යාළු-මිත්තරයො ඒ වගේ තැන්වලට සම්ප්‍රාප්ත වෙන්නෙම ‘පිදේනි තටුව’ බලාගෙන.  

පස්සේ කාලෙක නම් ‘තිබ්බත මළ පොත’ ගැනත් වංහුං වැඩියෙන් එළියට ආවා. ඒක ආරස්සා වෙලා තිබ්බේ තිබ්බතයේ උසම උස කඳුකර ආරාමවල. ඔයාලටත් ඒක කියවන්න පුළුවනි දැන් සිංහලෙන්ම. ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා ඒක ‘තිබ්බත මළ පොත’ නමින් සිංහලටත් පරිවර්තනය කරලා තිබෙනවා.

මාලිනී බුලත්සිංහල, දෙල්තොට චන්ද්‍රපාල සහ එච්.එම. ජයවර්ධන.....
“මළ පොතේ අකුරු බෑ කී මිනිහා - ඉංගිරීසි පත්තරයක් මුල ඉඳලා අගට බලනවා
අග ඉඳලා මුලට බලනවා - කොහෙන් ඉගෙන ගත්තද මංදා’

විශාරද මාලිනි බුලත්සිංහල සිංහල හඬින් ගැයුවා. එතැනදී මළ පොත කියලා කියන්න ඇත්තේ ‘වෙස්සන්තර ජාතක කාව්‍යයට’ වෙන්නැති. 

හරියටම ගීත රචකයාගේ අදහස දැනගන්න නම් ගීතයේ රචකයාව හොයාගන්න වෙනවා. ඒක කොහේ  හොයන්නද. දෙපැයක් තිස්සේ අන්තර්ජාලයේ කරක් ගහලාත් හොයාගන්න බැරිවුණු කොට. වැඩි තැනක තියෙන්නේ රචකයා unknown කියලයි. බලන්න ඕනේ පොත්, පත්තර කෑලි එහෙම අවුස්සලා.

ම්හු! පොතකත් නැහැනේ. ඊළඟට බලන්න වෙන්නේ පත්තර කෑලි. 

නරක නෑ. පැය දෙකක් විතර, දූවිලි කකා අවුස්සලා හොයාගත්තා. දෙල්තොට චන්ද්‍රපාල මහත්තයා තමා ‘මළ පොතේ අකුරු’ ගීය ලියලා තියෙන්නේ. ඒ විස්තරේ 2006 ඔක්තෝබර් 15 ඉරිදා ‘රිවිසරසි’ අතිරේකයේ 16 පිටුවෙයි තිබුණේ. සංගීතය එච්.එම්. ජයවර්ධනගේ.

අමිතා දළුගමට ‘පින්න මල් පිපී’, සනත් නන්දසිරිට ‘රත්ති අරන් උදැනැක්කේ’ වගේ ජනප්‍රිය, හොඳ ගීත ගණනාවක්මත් දෙල්තොට මහත්තය ලියා තිබෙනවා. 

මං ඒ ගීතය මෙතනට ගත්තේ දසනායක රත්නවතීව කැන්දන් එන්නයි. ඔයාලට මගේ පෝස්ටු ගොඩාරියකින් එයාව හමුවෙලා තියෙනවා. ඒ අපේ ආච්චී; තාත්තගේ අම්මා. එයාට නම් මළපොතේ අකුරු පුළුවන්. හැබැයි ඉංගිරිස් බැහැ.

1973 දී අපේ තාත්තා සහ 1983 දී සීයා, ආච්චී, සුනිල්, මල්ලිකා.....
‘මිනිහෙකු පිට නැඟි අසරුවෙකි - ඒ බර ගෙයි වහලට බරකි
පාන්දරින් පැරදුණු ඒ මිනිහා - හැන්දෑවෙත් අසු පිටට නඟී’
ඒක ගයන්නෙත් විශාරද ගායකයෙක්; සුනිල් එදිරිසිංහ. ඒ ගීතය නම් ප්‍රේමකීර්ති ද අල්විස්ගේ පබැඳුමක්.

ඩී.එච්.චාර්ල්ස්; අපේ සීයාත්, ඔහුගේ එකම පුත්තර රත්නය වූ දිසානායක හේවගේ ගුණපාලත් සුනිලුන්ගේ ගීතයේ කියැවුණු වංශයේ මිනිසුන්ය. මිනිසුන්ය කියද්දී අදහස් වන්නේ පිරිමින් විතරක් නොවෙයි නම්, ඒ ගොඩට ඩී. රත්නවතීවත් දාන්නට පුළුවන්ය. 

එහෙම පුළුවන් වන්නේ ඒ තුන් දෙනාම; අම්මයි තාත්තයි පුතයි තුන් දෙනාම රේස් සූදුවට ඇබ්බැහිවී හිටි නිසාය.

කාගෙන් කාට බෝ වුණාදැයි කියලා නම් මා දන්නේ නැත. අප බදුල්ලේ ඉන්නා කාලයේ නම් තාත්තා බූරු කප්පිත්තෙක්වී උන් හැටිත්, මාව ලැබෙන්නට අම්මාව රෝහලට ඇතුළු කරද්දීත් තාත්තා බූරු පිටියක රජවී උන් හැටිත් නම් අප්‍රේල් මාසයේ ‘නොදෙන්න හිටි රන් පදක්කම’ පෝස්ටුවෙදී ලිව්වෙමි. 

මහරගමට සංක්‍රමණය වුණු පසුව බූරු පිටි හොයාගෙන යන්නට ඔහුට ඉඩ ලැබුණේ නැත්තේ අසනීපය නිසාය. ඒ හිලව්වට තාත්තාත් රේස් දාන්නට පටන් ගත්තා විය යුතුය.

යුරෝපයේ එදා හවස පැවැත්වෙන.............
හිමිදිරියෙන්ම ඇහැරෙන සීයා තේ එක බීවා-නොබීවායින් හන්දියට දුවයි. ඔහු ආපහු එන්නේ රේස් කොළ දෙකක් අරගෙනය. ගෙනෙන රේස් කොළවල තිබුණේ යුරෝපයේ එදා හවස පැවැත්වෙන අශ්ව රේස්වල විස්තරයි.

තරගය, එයට සහභාගී වන අශ්වයන්, උන් පදවන ජොකියන්, ඔවුන් උසුලාගෙන යන බර වැනි ගොඩාක් විස්තර එහි සටහන්ව තිබුණි. 

“ඔන්න තාත්තේ අද ඩාර්බිෂයර් කප් එක.....අද කෙන්ටකි රේස් එක.... අද පිගොට් තමා කප් එක ගන්නේ...” වැනි අනාවැකි තාත්තා අපේ ගෙදරම සිට හයියෙන් කියයි. ඒ සීයාට වක්‍රව කෙරෙන ආරාධනයයි. සද්දෙන් කතා නැති සීයා ගෙදර හිටන්ම උත්තර නොදී, එයාගේ රේස් කොළයත් උස්සාගෙන අපේ ගෙදරට එයි. ඒක හරිම ලෙහෙසිය. ඒ අපේ ගෙවල් දෙකම එකම මිදුලේ තිබුණු නිසාය.

එතකොටත් තාත්තා ඔහුගේ ‘මහාර්ඝ ලේකම් මිටිය’ ලැස්ති කරගෙන ඉවරය. කාශ්‍යප බුදුන්ගේ කාලයේ හිට අච්චු ගහන්නට ඇතැයි කියතෑකි තරමේ රේස් කොළ එකතුවක් තාත්තා පරෙස්සමින් තියාගෙන හිටියේය. 

ඔන්න, දෙන්නා එක්කම නොකා-නොබී ඒ කොළ මිටියෙන් පරණ පැටිකිරි හොයන්නට පටන් ගනිති. ආච්චී side සපෝර්ට් එක දෙන්නීය. ඒ රේස් කොළ පෙරළන්නට නොවේ. පෙරළන අයට තේ හදාගෙන ඒමෙනි. “ඒයි, ඔහෙට තේ එක බොන්න අමතක වෙයි. ඕක නිවෙන්න ඉසෙල්ලා බීලා හිටිය නම්. ඉඳා ගුණේ, මං උඹටත් තේ එකක් ගෙනාවා.” ඒ රූටින් එක හැමදාම වුණේ එහෙමය.

හදාගෙන ආවා කිව්වාට වඩා ගැළපෙන්නේ වක්කරගෙන ආවා කියන එකය. අපේ ගෙවල් දෙකේම වැඩිම වෙලාවකට තේ බිව්වේ අල්ලේ කකාය. බෙලෙක් කෝප්පයට දැමූ තේ කහටත් එක්ක සීනි ඇට ටිකක් අල්ලට වැටෙයි. දිවගින් සීනි ඇට දෙක තුනක් තවරාගෙන විකා, තේ උගුරක්..... 

ඒකට කුඩු වැනි සීනි පිරිමැහෙන්නේ නැති නිසා ඒ දිනවල හොඳටම සිහින් කැට සහිත සීනි විකිණුණේත් නැත. අපේ මණ්ඩියේ එව්වා විකුණන්නට තිබ්බෙත් නැත.

දැන් නම් තේ වර්ග................
ඒ කාලයේ තේ කියන්නේ අපේ වැනි ගෙවල්වල ප්‍රධාන ආහාරයකි. කන්න නැතත් තේ ඩිංගක්, කහට උගුරක් නම් ඕනෑමය. දැන් නම් තේ වර්ග හැට-හුට හමාරකි. ජෙස්මින්, හර්බල්, මින්ට්, වැනිලා වගේ නෙක-නෙක ජාති වැහි වැහැලා ඇත. ජින්ජර් ටී කියන ගම්බීර නමින් කියන්නට දැනගෙන නොහිටියත් හුඟ වෙලාවට අපේ කහට එකට තලාගත් ඉඟුරු කෑල්ලකුත් එකල දමා තිබිණි. ඒකට අමුතු වියදමක් ගියේ නැත. වත්තේම තැන-තැන හිටවාගෙන තියෙන නිසාය.

තේ, පිරමිඩ ඉදිවෙන්නටත් පෙර සිටම පාවිච්චි කර තිබෙතැයි දැන් හෙළිවී ඇත. ලෝකයට තේ පානය හොයා දීම වෙනුවෙන් අප චීනයට ණයගැතිය.

ඉතිහාස කතාවලට අනුව තේ හොයාගෙන තිබෙන්නේත් අහම්බෙනි. ඒ චීන ශාඛ විශේෂඥයෙකු විසිනියි තැනෙක කියයි. අධිරාජයෙකු විසිනියි තව තැනෙක ඇත. හැබැයි මේ දෙන්නාම එක්කෙනෙක් විය යුතුය. දෙතැනම තිබෙන නම එකම නිසාය මං ඒ නිගමනයට එන්නේ. Shen Nung!

ක්‍රිස්තු පූර්ව 2737ට කලින් සමයෙක ෂෙන් නුන් උන්නැහේ දුර ගමනක් ගිහින් විඩා නිවන්නට ගහක් යට වාඩිවී හිටියේලු. සුළඟට අර ගහෙන් ගිලිහී, පහතට වැටුණු කොළ කිහිපයක් ඔහු බොන්නට ගත් උණුවතුර භාජනයට වැටී තියෙන්නේ එවිටය. 

කොළ ටික තැම්බෙමින් ප්‍රනීත සුවඳක් වහනය වෙන්නට පටන් ගත්තාම ෂෙන් උන්නැහේට උන්හිටි තැන් අමතක වෙලා ගිහින්ය.

ෂෙන් නුන් දුර ගමනක් ගිහින්............
බීලා බැලුවාම ටොපේ topය. මුලින්ම ලොකු අය අතරට... ඊළඟට තරමක් පෝසතුන්ට... ඔහොම ඔහොම ගිහින් ක්‍රි.වර්ෂ 1700දී විතර තේ පානය චීනයෙන් යුරෝපයටත් ඇබ්බැහි වුණේය.

රටින් රටට ගිහින් මෙහාටත් ආ තේ බිබී අපේ තාත්තාත්, එයාගේ තාත්තාත් අස්සයොන්ගේ ඉතිහාසය කාල් ගාමින් ‘එදා දිනයි කියා හිතෙන’ අස්සයන් තේරූහ.

‘හෙට මම නිවසට සුර සැප දෙනවා - අද රෑ ලුනුමිරිසෙන් ගත වෙනවා
කාසි මල්ල සතෙකුගෙ පිට යනවා - දූ දරුවන් පැදුරේ නිදියනවා’

අස්සයා ගැලොප් එකේ යන හැටි අපට ගීතයේ අතුරු වාද්‍ය ඛණ්ඩ අතරේ ඇහෙයි. රේස් දමන්නා නම් යන්නට ඇත්තේ හිටි පිම්මේය. මට හිතෙන්නේ අපේ රටේ ඔට්ටු අල්ලන්නන්ට තිබුණු රුදාව රේස් අශ්වයන් එළවූ මිනිසුන්ටවත්, උන්ගේ අයිතිකාරයන්ටවත් නොතිබෙන්නට ඇත.

ඒ කාලයේ සිරි ලංකාවේ නම් රේස් අශ්වයන් අයිති අය හිටියේ නැත. මට ඇසී තිබෙන කටකතාවකට අනුව නම් 80 ගණන්වලදී ලංකාවේ උන් ලොකුම පොහොසතෙකු වුණු උපාලි විජේවර්ධන මහත්තයාත් රේස් අශ්වයන්ගේ හිමිකාරයෙක් වුණේලු.

මක් වුණාදැයි නොදන්නා කෝටිපතියා උපාලි............
ඉතින් උයා-පිහා ඉවර වුණාම විතර ආච්චී සීන් එකට එන්ටර් වෙයි. 

එතකොට එක රේස් කොළයකට හෝ නිවනක් ලැබී තිබේ. ඔන්න ඒ වෙලාවේ ඉංගිරීසි නොදන්නා ආච්චී යස රඟේට රේස් කොළයේ ඉංගිරිසි අකුරු ඇහිඳින්නට පටන් ගනියි.

කොච්චර දත කාගෙන තේරුවත්, අපේ දැනුමැත්තන් තුන් දෙනාටම එකම දවසක නම් දිනුමක් නොලැබෙන බව මම සහසුද්දෙන්ම දැනගෙන සිටියෙමි. ඒ දිවියඥ්ඥානය තිබිලා හෙම නොවේ. 

තුන්දෙනාම හැමදාම වාගේ විශ්වාසය තිබ්බේ වෙන-වෙන අස්සයන් කෙරෙහිය. “මේකා හොඳයි. රැජිනිගේ අශ්වයා. අද මූ වින් කරනවා කරනවාමයි.” කියලා අනෙකෙකු කැට තියා කිව්වත් එයාලා තේරුවේ තම-තමන්ට ඕනෑ එවුන් විතරය.

රැජිනිගේ අශ්වයා, මේකා හොඳයි.......
‘විස්සාසා පරමා ඥාති’ කියලානේ බුදු බණේ තියන්නෙත්!

ආච්චීගේ සිලෙක්ෂන් එයාම ලියාගත්තත්, අන්තිමට පැහැදිලි අකුරෙන් තුණ්ඩුව ලියා දෙන්නේ අපේ තාත්තාය. ඒ වෙලාවට හරිම ලස්සන කතා ඇහෙයි. “මොකද්ද අම්මේ මේ හිඟන වැඩේ? ඔහොම ඉච්චිකමට තුට්ටු දෙකක් දාලා කවදා දිනන්නද? එක්කෝ නොදා ඉන්න. නැත්තං කීයක් හරි සෑහෙන ගානක් දාන්න.”

“උඹ නං කියයි. මං මේක කරන්නේ කීයක් හරි වැදුණොත් එළිසක්කාට දීලා ඉඩමෙ වැඩේ ඉවරයක් කරගන්න. ඒ මනුස්සයම නිසා හොඳයි. නැත්තන් එහෙම අපිට ඉඩමත් නැහැ, දීලා තියෙන සල්ලිත් නැහැ. කොහෙද, රංජියා හම්බ කරගෙන එන එකත් එහෙම පිටින්ම දිය කරනවා මිසක් උඹට ඉතින් ඉතිරියක් කරලා පුරුද්දක් තියෙන එකක්යැ?”

එහෙනං අපිත් දැනට මේක නවත්තලා, තේ එකක් කාරිය බීලා ඊළඟ කොටස කියවමු, නේද?


2 comments:

  1. අස්සයෝ කර තියාගෙන යන මිනිස්සු එමට ලංකාවෙ ටවුන් වල දැකල තිබ්බත් එක පාරක් ආසාවටවත් ඔය වැඩේ කරල නැහැනෙ. දැනට ලෝකෙ තියන විශාලම තෑගි මුදලක් දෙන (USD මිලියනයක්) අශ්ව රේස් එකක් තමයි Dubai World Cup. ඒකේ ප්‍රධාන තරඟයට එන්න කලින් තරඟ ජහමනයාට නරඹන්න සහ නොමිලේ ඔට්ටු අල්ලන්නත් අවස්ථාව ලැබෙනව. ඒ අස්ස රේස් නම් සැරයක් දෙසැරයක් මේදාන් - Meydan රේස් කෝස් එකේ බලල තියනව. ප්‍රධාන තරඟ තියෙන දවසට බවලත් උදවියගෙ ඇඳුම් පැළඳුම් වල උජාරුව බලන්න එපායැ.

    ReplyDelete
    Replies
    1. මට දැනුණු විදිහට නම් රේස් අන්තුවෝ, බූරු කප්පිත්තෝ වැඩියම ඉන්නේ අපේ රටවල්වල. බේබද්දොත්.

      යුරෝපා රටවල වැඩි දෙනා ඒවා කරන්නේ enjoy කරමින්.

      ඔයා කියනවා වගේ කණ්ඩො ඒ රටවල ගෑනුන්ගේ fashion පෙන්වන එක වෙලාවක් තමයි රේස් පිටිය.

      Delete