li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, August 9, 2020

මාරක හී පහර - තෙවෙනි කොටස

වැඩේ කෙරෙන විදිහක්....(1921 වොෂින්ටනයේ රිය අනතුරක ෆොටෝවකි.)
“එහෙම නෙවෙයි... මං තමුසෙට කියන්නම් වැඩේ කෙරෙන විදිහක්....” මම කුමාට කීවෙමි. ඒක ඇහෙනකොට නම් මිනිහගෙ හිස් මුඳුනෙන් මලක් පිපීගෙන ආවේය. කඩි කෑවා වගේ කුලප්පුවකින් කුමා නැඟිට්ටේය; හරිම හදිසියකින් වගෙය.

“මගෙ දෙ..යි..යා....! ඉන්නකො මං ළඟ කඩේට ගිහින් බිත්තර ආප්ප ටිකක් ගේන්නං!”

“මේ. තමුසෙගෙ මොත්ත තියාගන්නවා තමුසෙටම... බිත්තර ආප්ප! ඒවා ගිහින් දෙනවා ජනාධිපතිට...” මම ගෝළු ගත්තෙමි.

ඒ, මනුස්සයාගේ හැටිය. අතමිටේ තියෙනවා නම් වටපිටාවේ හිටින හැමෝටම සලකන්නට ලෝබ නැතිය. “මං තමුසෙට සලකන්නෙ තමුසෙගෙ තියෙන මනුස්සකම නිසා... තමුසෙගෙ wife අසනීප වුණු වෙලාවේ ඒ මනුස්සයට සැලකුව විදිහ දැකපු නිසා.... නැතිව මට තෑගි ගෙන්නගන්න බලාගෙන නෙවෙයි... බිත්තර ආප්ප!”

“හරි, හරි. ඔයාට පොඩ්ඩ ඇත්තං තද වෙනවනේ.... සොරි එහෙනං... කියන්නකො, කියන්නකො. කෙරෙන විදිහ...”

“මේක අරගෙන ගිහින් ආයෙ ලියනවා... හොඳ පොතක්, නාට්‍යයක්, script එකක් ලියන්න අවුරුදු ගණන් ගත්ත අය ගැන හොයල බලනවා. හැබැයි, ලියන්න කලින් හිතා ගන්නවා ස්ටේජ් එක උඩට ගෙනෙන්නයි මේ ලියන්නෙ කියලා. වේදිකාවක් උඩ කඩු ෆයිට් කළාට ගෙවල් ගිනි තියන්න පුළුවන්ද... අස්සයෝ පිටින් ඇවිත් කෙල්ලෝ උස්සන්න පුළුවන්ද... වගේ දේවල් ගැන හිතනවා...” මම කීවෙමි!

හැබැයි ලියන්න කලින් හිතා ගන්නවා මේ ලියන්නේ ස්ටේජ් එකක් උඩ....

එක අතකට බලද්දී නං අපේ තාත්තායි මායි දෙන්නාත් කුමාගේ ගොඩේමය. 1966දී අපේ තාත්තා අජාසත්ත නාට්‍ය පිටපත ලිව්වේ එක රැයකිනි! අවුරුදු දෙකහමාරකට පෙර මා ඒ බව ලිව්වෙත් උජාරුවෙනි. කූඹියාට තුත්තිරි ගහත් ගහක්ය කියනවනේ.....

ඉතින් 69 විතර අපේ තාත්තා හිතුවෙත් ‘සාම ජාතකය’ නාට්‍යමය නැතිය කියලාය.

“ඔන්න පුතේ බරණැස් නුවර හිටිය රජ කෙනෙකුටයි, බිසවටයි සසර කලකිරුණා. දෙන්නම කැලේකට ගිහින් භාවනා කරමින් හිටියා. ඒ අතරේ බිසවට පින්වත් පුතෙක් උපන්නා.... ඒ තමයි අපේ බෝධිසත්වයෝ. ඉතින් ඒ බෝධිසත්ව කුමාරයාට අවුරුදු හත-අටක් වෙද්දී දවසක හරි අපරාධයක් සිද්ද වුණා...

කුමාරයගෙ දෙමව්පියෝ දෙන්නා පලවැල හොයන්න කැලේට ගිය වෙලාවේ වැස්සකට අහුවෙලා; තෙමිලා රූස්ස ගහක් යටට වෙලා දිය බේරි-බේරී ඉන්නවා. එහෙම බේරෙන වතුර වැටෙනවා, එතැනම තිබිච්චි හුඹහක් ඇතුළට. ඒක අස්සෙ හිටියයි කියමුකො මහා විස නාග රාජයෙක්...

නාග රාජයාට කේන්ති ගියා, තෙමෙනකොට. යැව්වා විස දුමක්.... අනේ, ඒ විස දුම වැදිලා අර අම්මගෙයි තාත්තගෙයි ඇස් අන්ධ වෙනවා.

ඊට පස්සේ අර බෝධිසත්ව පුත් කුමාරයා; සාම කුමාරයා තමයි අම්මවයි තාත්තවයි බලා ගන්නේ...” මගේ අසහාය කතන්දරකාරී; අපේ ආච්චී; දසනායක රත්නවතී උපාසිකා මාතාව කිව්වේ එහෙමය.

සාම කුමාරයාට පිළියක් රජතුමාගේ ඊතල පහරක් වැදෙන්නේ.......

එහෙම දෙමව්පියන් රැකබලාගත් සාම කුමාරයාට මුව දඩයමේ ගිය රජෙකුගේ හීතල පහරක් වැදෙයි. තමා මිය ගියෝතින් අන්ධ දෙමව්පියන් රැකෙන්නේ කොහොමද? එහෙම තැවෙන ඔහුට උදව්වට එන්නේ ශක්‍ර දේවේන්ද්‍රයාය.

ආච්චී ඔය කතන්දර කිව්වේ මටය. එහෙම වෙලාවක කනින්-කොනින් එයාට ඇහුණු ටික අනුවය, අපේ තාත්තා අර තීරණයට බහින්නට ඇත්තේ!

අමරේලාගේ නාට්‍ය රචක- අධ්‍යක්ෂ හා ප්‍රධාන නිළියගේ ස්වාමි පුරුෂයා නීරස වාගේ පෙනෙන සාම ජාතක කතාවෙන් අපූරුවට නාට්‍යයක් ලියා තිබිණි. ඒ කතාව අපේ තාත්තාට සනිදර්ශන සහිතව පෙන්නා දුන්නාම ‘වචනේ’ ලැබුණේය.

“එහෙනං ඉතින් අපිත් සාම ජාතකේම නටමු! හැබැයි රංජි, අමරෙලගේ කතන්දරේ ගත්තට නාට්‍ය නං අපි වෙනම ලියමු.....”

මගේ හිත ඩිග්-ඩිග්‍ ගාන්නට විණි. තාත්තා අර සිංදු ටිකත් ගන්නට එපා කියයිද? අනේ දෙයියනේ..... ශක්‍රයාට මගේ හිත පෙනෙන්නට ඇතිය; ‘පාණ්ඩුකම්භල ශෛලාසනය’ උණු වුණා වෙන්නටත් පුළුවනිය. තාත්තා කිව්වේ අමරේලාගේ නාට්ටියේ සින්දු නං ගත්තාට කමක් නැති බවයි. “උඹෙත් ආසාවනේ... අපි මෙච්චර දවස් ගත්තෙත් රේඩියෝ එකේ යන සිංදුමනේ... අර උඹ කියල පෙන්නපු සිංදු තුන හොඳයි. තව දෙක තුනක් පස්සේ තෝරාගන්න බැරියැ!”

ඩීමන් ආනන්ද සූරීන් එක රැයකදී එක නවකතාවක් බැගින් ලිව්වෙලු!

තාත්තා කිව්වේ මටම නාට්‍ය පිටපත ලියන්නටය. එතකොට මාත් හිටියේ එක රැයින් පොතක් ලියන එක හැබෑම හපන්කමක් ලෙස සලකමිනි. ‘මාරක කතා චක්‍රවර්ති’ ඩීමන් ආනන්ද මහතාවත්; ඔහුගේ පොතුත් මට හඳුන්වා දුන් ‘කොටුවේ ආච්චිගේ පුත් චන්දරේ මාමා’ය, මට ඔය ‘එක රැයේ’ හපන්කම ගැනත් කිව්වේ.

දැන් මම ටිකක් දන්නෙමි. අදත් විශ්ව සම්භාවනාවට පාත්‍ර වන කලා නිර්මාණ එකක්වත් දඩිබිඩියේ නිමැවූ ඒවා නොවේ!

ඒ ගැන හොඳම නිදසුනක් ගිය අවුරුද්දේ, ජුලි මාසයේ ‘දේශය’ පුවත්පතට මංජුල සේනාරත්න ලියා තිබිණි.

“....1862 තමයි වික්ටර් හියුගෝ මුලින්ම මේ පොත ලිව්වේ... ඒ කාලේ ඔහුව රටින් පිටමන් කරලා හිටියේ... ඒකට හේතුව තමයි එවකට පැවති පාලනයට විරුද්ධව මිනිසුන්ව අරගලවලට යොමු කරපු නිසා. වික්ටර් මේ පොත ලිව්වේ ප්‍රංශයට කිට්ටුව තිබුණු ගිනටි කියන දූපතේ ඉඳන්... අවුරුදු දහයක් තිස්සේ ඔහු මේ පොත ලියලා තියෙනවා.... වික්ටර්ගේ මේ පොතේ අත්පිටපතේ පිටු ගණන පිටු 6000ක්... ඒ කාලේ පරිගණක පහසුකම් තිබුණේ නැති නිසා... තනිකර අතින් තමයි මේ පොත ලිව්වේ....

මේ පොතේ අත් පිටපතට පිටු 6,000ක්.... දහ වතාවක් ලියද්දී පිටු 60,000ක්...

ඔහු දහ වතාවක් මේ පොත ඔහුගේම අත්අකුරෙන් ලියලා තියෙනවා... ඒ කියන්නෙ පිටු 60,000ක්...

මිනිහෙකුට පුදුම ඉවසීමක් තිබිය යුතුයි, දහ වතාවක් මේ පොත ලියන්න...  අදටත් ලෝක සාහිත්‍ය ඉතිහාසයේ ප්‍රකාශකයෙක් විසින් වැඩිම මුදලක් ගෙව්ව පොත තමයි වික්ටර් හියුගෝගේ ‘ලෙස් මිසරබල්ස්’ කෘතිය... පසු කලෙක මේ කෘතිය සිංහලට පරිවර්තනය කරනවා අයි.එම්.ආර්.ඒ. ඊරියගොල්ල මහත්තයා ‘මනුතාපය’ ලෙස... නමුත් ඒක සංක්ෂිප්ත පරිවර්තනයක්....

මොකද ‘ලෙස් මිසරබල්ස්’ කෘතියේ පිටු 1200 තියෙනවා.... නමුත් ඊරියගොල්ල මහත්තයා පරිවර්තනය කරපු මනුතාපයේ තියෙන්නෙ පිටු තුන්සිය ගාණක්........

..... ජීවිතේ හැම දෙයක්ම ගැබ්වෙලා තිබෙන පොතක් මේක.... අනිත් එක තමයි වික්ටර් හියුගෝගේ සූක්ෂම භාෂා ශෛලිය.... ඔහු භාෂාවෙන් හරඹ කරපු කෙනෙක්... මේ පොතේ එක වාක්‍යයක් තියෙනවා, ඒ වාක්‍යයේ වචන නමසිය පනස් දෙකක් තියෙනවා.... කොමා විතරක් තියෙනවා අසූ ගාණක්.... එක නැවතීමේ ලකුණයි තියෙන්නෙ... ලෝක සාහිත්‍යයේ දීර්ඝ වාක්‍ය අතර මේකත් ඉදිරියෙන්ම තියෙනවා. ප්‍රංශ ජාතිකයන් අතරත්, ලෝක සාහිත්‍ය ලෝලීන් අතරත් ඔවුන්ගේ ජීවත වෙනස් කරපු කෘතියක් තමයි මේ පොත...”

මේ ආදී කරුණු දැනගෙන අද මා වෙනස්වී තිබුණත්- එදා මගේ දැක්මත්, දැනුමත්, නොඉවසිල්ලත් අනුව දවස් දෙක තුනකදීය, ‘මාරක හී පහර’ ලියා අවසන් කළේ.

නාට්‍යය ලියද්දීම උඹට හිතුණෙ නැද්ද කාවද ගන්නේ කියලා?

අත්පිටපත කියවූ තාත්තා පොඩි හිනාවක් එක්ක කිව්වේ ‘මේ තියෙන්නේ’ කියලා විතරය. ඊට ටිකකට පස්සේ ආයෙමත් කතා කළේය. “ලියනකොටම උඹ හිතුවෙ නැද්ද කාවද නාට්ටියට ගන්න ඕනේ කියලා....”

තෝරා-බේරා ගන්නට තරම් නළු-නිළියන් ගොඩක් අපට හිටියේ නැත. අපට සිදුවී තිබ්බේ ඉන්නා අයගේ හැටි බලලා කතාවක් තෝරා ගැනීමය.

“.....නිහාල් අයියා තමයි දූකුලට හරි යන්නේ.”

නිහාල් ලියනගේ අයියා ‘විධුර නාට්‍ය’යේ රඟපෑවේ නා රජතුමාටය; ඒ මගේ; එරන්දතී කුමරියගේ පියාණන් විදිහටය. වඩාත් උස-මහත නැති; නිවුණු ඇවතුම්-පැවතුම් සහිත නිහාල් අයියාගේ කැපී පෙනෙන ලකුණක් වූයේ ‘බරි තොල්’ දෙකයි.

“මිනිහට රඟපාන්න දෙයක් නෑ. නිකනුත් මිනිහා තාපසයා වගේනෙ. පිළියක් රජ්ජුරුවන්ට තමයි ප්‍රශ්නෙ.... රංජිත්ව හරි බන්දුලව හරි ගන්න වෙන්නේ.... එතකොට අනික් එක්කෙනාට දෙන්න part එකක් නැහැ නේද?” තාත්තා ඇහුවේය.

අලුත් ආණ්ඩුවක් පිහිටුවද්දී ඇමතිකම් දෙනවා වගේ, අපේ නාට්‍යයට චරිත තෝරද්දී....

ඒකත් සෑහෙන්නට වැදගත් ප්‍රශ්නයක් බව මට කල්පනා වුණේ ඒ මොහොතේය. අපේ පිරිස අතරේ, ප්‍රධාන චරිත කරන්නට තරම් හපනුන් අඩුවෙන්ම ඉඳිද්දී ඒ එක්කෙනෙකුවත් අමතක කරන්නට බැරිය. අලුත් ආණ්ඩුවක් පිහිටුවන වෙලාවේ වගෙය. සුදුසුකම් විතරක් බලලා ඇමතිකම් දුන්නොතින් තරහ වෙන අය වැඩිය. නිලතල බෙදද්දී ඒ ඒ අයට තිබෙන ඡන්ද පදනමත් සලකා බලන්නම ඕනෙය!

විධුර නාට්‍යයේදී රංජිත් ගුණසේකර අයියා කුරු රටේ රජතුමාටත්, බන්දුල ජයකොඩි පූර්ණකයාටත් රැඟුවෝය. රඟපානවාට අමතරව පරණ තරහක් පිරිමහින්නට විධුර පණ්ඩිතයන්ව ඇත්තටම පර සක්වළ ගැහුවෙත් මේ බන්දුලය. ටික වෙලාවක් කල්පනා කළ අපේ තාත්තා හීනි හිනාවකුත් එක්ක ආපහු කතාව පටන් ගත්තේ, එයා නැඟූ ප්‍රශ්නයට එයාම උත්තර දෙමිනි. 

“හිටපංකෝ.... මම ඒකට පොඩි ගැටයක් ගහන්නං.... බන්දුවා හෙණ ආඩම්බරකාරයානෙ.... ඌට කියන්නං නාට්‍යයේ රජ්ජුරුවන්ට සීන්ස් දෙකයි තියෙන්නේ; කැමතිද රජ පාට් එකට කියලා....මට හොඳටම විශ්වාසයි බන්දු කැමති වෙනවා, රජාගෙ පාට් එක රංජිත් ගුණසේකරට දෙනවට!”

එව්වා විස්තර ඇතිවම කියන්නට හිතෙන්නේ හුදී ජනතාවට දැනෙන්නටත් එක්කය!

අපේ තාත්තා පංච තන්ත්‍රයවත්, මකියවෙල්ලිගේ කුමාරයා පොතවත්, කෞටිල්‍යගේ....

අපේ තාත්තා විෂ්ණු ෂර්මන් පඬිතුමාගේ ‘පංච තන්ත්‍රය’ පොත කියවපු කෙනෙක් නොවේ; මකියවෙල්ලිගේ ‘කුමාරයා’ පොත කියවපු කෙනෙකුත් නොවේ. කෞටිල්‍යගේ ‘අර්ථ ශාස්ත්‍රය’ පොත කියවනවා තියා දෑහින් දැකලා තිබුණු කෙනෙකුවත් නොවේ. ....... ඒත් එයා, පරම්පරාවෙන්ම ‘අමු කැලේ වුණත් ගිනි තියන්නට හපන්’ ජාන උරුම කරගෙන තිබුණේය. 

‘මෝස්තර එක්ක හත් වසරක් -16’ post එක කියෙව්වා නම් අපේ තාත්තාම යෝජනා කළ මංගල්ලයක මනාලයාගේ හිත වෙනින් එකියකට ගිය වෙලාව මතක ඇතිනේ. ඒවෙලේ තාත්තා ජාම බේරා ගන්නට මෙවැනිම ‘සම්‍යක් ප්‍රයෝගය’ක් කළෙත් තමන්ගේම ජානමය ඥානයෙනි! 

ඉතින්, කනගාටුවෙන් වුණත් කිව යුතුය.

මගේ විශ්වාසය නම්, මං අපේ තාත්තගේ නීත්‍යානුකූල ලොකු පුතා වන්නේ උප්පැන්න සහතිකයට අනුව විතරක් බවයි. සමහරවිට ඊට කලින් එයා ජාතක කළ, උප්පැන්නයට නම නොදුන් දූ-දරුවන් ගැන එයාවත් නිච්චියටම නොදැන හිටියා වෙන්නැතිය!

ඒ එක්කම ඉතා සාඩම්බරයෙන් කියන්නේ මං වහන්සේ නම් ‘දිසානායක හේවගේ ගුණපාල’ගේ කීවෙනි දරුවා වුණත්, අතිජාත පුත්‍ර රත්නයක් බවයි.

එහෙම හිතෙන්නේ අර ‘අමු කැලේ’ ජාන ද්විගුණවී; සිව්ගුණවී මේ මැට්ටාට උරුමවී තියෙන හින්දාය. එහෙම වික්‍රමයක් ගැනත් මේ දවස්වල ‘ආදර පූජාසනේ’ postවලින් ඔබට කියවිය හැකිය. 

ඔන්න බලපං රංජි, මේ සැරේ රමණී හිංදා නාට්ටිය බලන මිනිස්සු පිස්සු වැටෙනවා!

“ඔන්න බලහං රංජි, මේ සැරේ අපේ නාට්ටිය බලන මිනිස්සු පිස්සු වැටෙන්නැද්ද කියල රමණී හින්ද!” අපේ තාත්තා කිව්වේ ඇස් නොපෙනෙන කෙනෙකුට වුණත් කියන්නට පුළුවන් විදිහේ අනාවැකියකි.

රමණී නංගී mpmගේ ඥාති දියණියකි. හිටියේ මහරගම දුම්රිය ස්ථානයට නුදුරුවය. එතකොට රමණී අවුරුදු දහයක්වත් නැති දැරියකි. ඇඟපතෙන් වයසේ තරමටවත් වැඩී නොහිටියත්, හැකියාවෙන් නම් රමණී නංගී විසි අවුරුද්දත් පන්නලාය. “උඹ සාම ජාතකේ කරමුය කිව්වම මම කැමති වෙන්න ප්‍රධාන හේතුවත් රමණී.” අපේ තාත්තා පස්සේ කිව්වේය. 

රමණීගේ ගායන හපන්කම් අප දැක තිබුණත් රංගනය කොහොමදැයි ඒ වනවිටත් අපි දැනගෙන නොසිටියෙමු.

“හැබැයි සේරටම හපන් වැඩේ වෙන්නේ, කෙල්ලගෙ අම්මයි තාත්තයි දෙන්නා කැමති නොවුණොත්, රමණීව නාට්‍යයට එවන්න.” තාත්තා එහෙම කිව්වාමය මටත් ඒ තත්ත්වයේ බැරෑරුම්කම සිහි වුණේ. ඒ දවස්වල චිත්‍රපටවලට පවා ළමා නළු-නිළියන් හොඳටම හිඟය. හිටි අයගෙනුත් වැඩි දෙනෙකු එතරම් දක්ෂ නොවුණු බව මගේ හැඟීමයි.

“තාත්තේ, මෙහෙම කරමු. එයාව නාට්‍යයට එවන්නැයි කියලා mpm ලව්වා කියවමු. ඒ පවුල්වල ඔක්කොම එයාගේ වචනේ අහනවා....” මමත් මගේ තන්වැසි නුවණ ප්‍රදර්ශනය කළෙමි. ඒ උපාය හරි ගියේය! රමණී නංගී ‘මාරක හී පහර’ට එකතු වූවාය.

යන්නෙමි යන්නෙමි වනගත මා - මව්පියො දෙන්නා මෙ රකිනා ලෙසේ........

“රංජි, අර සිංදුව ලියපු කොලේ රමණීට දීලා- එක කියලා පෙන්නපං... දුවේ, ඔන්න හොඳට අහගෙන ඉඳලා ඔයාත් කියන්න ඕනි.” අපේ තාත්තා කියද්දී ඇය ඔළුව හෙලෙව්වාය. රංජිත් ගුණසේකර අයියා පකිස් පෙට්ටියකට ගසමින් තාලය ඇල්ලුවේය.

‘යන්නෙමි යන්නෙමි වනගත මා - 

මව්පියො දෙන්නා මෙ රකිනා ලෙසේ//

ඉන්නෙමි ඉන්නෙමි සරණ සදා - 

අඳ මව්පියො රැක ගන්නා ලෙසේ//

   රුදු නා රජිඳුගෙ විස දුම වැදිලා -

  මා මව්පිය නෙත් නොපෙනේ

  ඔවුන් රකින්නට - පලවැල සෙවුමට -

  මා මේ වනයේ යන්නේ

  පිහිට පතා// අයදිමි සමිඳේ/

  මව්පියො දෙන්නා මේ රකින ලෙසේ//

වන සිවුපාවුනි, කුරුළු කොබෙයියනි -

පලවැල මට පෙන්වන්නේ

වනයේ වෙසෙනා වන දෙවියන්ටයි -

මාගේ දුක පවසන්නේ

සරණ පතා// නමදිමි සමිඳේ/

මව්පියො දෙන්නා මේ රකින ලෙසේ//’

“රංජි මල්ලී, මේක හින්දි කොපියක්.... සිංහල සිංදුවකුත් තියෙනවා..... හැබැයි හින්දි එක තරම් අල්ලල ගියෙ නෑ!” සිංදුව ඉවර වුණාම රංජිත් අයියා මට කිව්වේය.

රමණී නංගී ඒ සිංදුව මටත් වඩා හොඳින් ගැයුවාය. මටත් වඩා හොඳින්.... ඒ මගේ හැඟීමයි. අමරේලාගේ සාම ජාතකයේදී ඒ ගීතය ගයමින් සාම කුමාරයාට රඟන්නටවී තිබුණේ මටය! ඒත් අපේ නාට්‍යයේදී මට පැවරී තිබුණේ සාම කුමාරයාගේ අම්මා; පාරිකා චරිතය රඟන්නටය.......

21 comments:

  1. රටින් පිටුවහල් කරලා තිබුන වික්ටර් හියුගෝට වෙන වැඩක් නැතිව ඉන්න ඇති දහ සැරයක් ලියන්න. කොහොම නමුත් ලෝක සාහිත්‍යට අනගි කෘතියක් එකතුවුනා නොවැ.
    කතා ලිවිල්ලත් එපා වෙන්නේ කප කපා සංස්කරනය කරන්න ගියාමනේ

    ReplyDelete
    Replies
    1. There is a widely-told story that Fanny woke Stevenson from a dream at the point of the first transformation of Jekyll into Hyde, thus causing an argument between them. Stevenson subsequently wrote the first draft of the story in three days; Fanny’s criticism was that, by using Hyde merely as a tool for the morally bad Jekyll, the story missed the potential to be a powerful allegory. This led Stevenson to burn his original manuscript, later rewriting it, again supposedly in three days. Both Fanny and her son insisted on the speed of the rewriting, Fanny stating ‘The amount of work this involved was appalling’.
      https://www.bl.uk/collection-items/preface-to-strange-case-of-dr-jekyll-and-mr-hyde

      Delete
    2. කපලා කොටලා නේද ඕනෙම දෙයක් තමන්ට ඕනි විදිහට හැඩ ගස්සන්න පුළුවන්............

      Delete
  2. https://www.wikiwrimo.org/wiki/List_of_published_authors_who_write_quickly

    https://www.theguardian.com/uk/2000/oct/25/books.booksnews

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay,
      මගේ පළමුවෙනි මුද්‍රිත නවකතාව 'යුවති කිරිල්ලී' ලිව්වෙත් දවස් 21 කින්.

      Delete
  3. ඔයා "දේශය" පුවත්පතෙන් උපුටා ගත් කොටසේ //වැඩිම මුදලක් ගෙව්ව පොත තමයි වික්ටර් හියුගෝගේ ‘ලෙස් මිසරබල්ස්’ කෘතිය...//
    ලෙස ලියවෙලා තිබුනාට ඒ නම සිංහලෙන් ලියැවෙනකොට "ලේ මිසරාබ්ල" ලෙස ලියැවීමයි නිවැරදි. එක්දාස් නමසිය බර ගණන් වල අපේ ගුරුතුමා අපි ලවා ඔය වචන දෙක, හතර පස් ගමනක් උච්ඡාරණය කෙරෙව්වාත් මතකයි.
    ඊරියගොල්ල මහත්තයා මනුතාපය විතරක් නොවෙයි, The Last Days of Pompeii කතාවත් "දේවතාපය" ලෙස පරිවර්තනය කලානේ. එකල අධ්‍යාපන ඇමති වූ එතුමාගේ මනුතාපය හා දේවතාපය පරිවර්තන දෙකට හින්ට් එකක් ගැසීම සඳහා, ඒ කාලේ (විරුද්ධ පක්ෂයේ) තිබුන ගුරු සංගමය ඒ ගොල්ලන්ගේ පුවත් පත (සඟරාව) "ගුරුතාපය" ලෙස නම් කර තිබුනා.

    ReplyDelete
    Replies
    1. මනුතාපය, දෙවතාපය පොත් දෙකම තවමත් මගේ ළඟ සුරැකිව තියෙනවා සෑම් මහත්තයෝ.
      ලේ මිසරාබ්ලේ කියලා සඳහනේ තුබුණේ නැති නිසයි එය වෙනස් නොකළේ. තිබුණු හැටියටම තියෙන්න ඇරියේ, මංජුල සේනාරත්න මහත්තයා ප්‍රංශයේත් හිටි කෙනෙකුනේ.

      ළඟදීම ලියන්නට ඉන්නා 'දාහතර වෙද්දී' පොස්ටුවෙදී ඊරියගොල්ල මහත්තය ගැනත් තව ලියන්නයි හිතාගෙන ඉන්නේ.

      Delete
    2. Lay Me-Zeh-rhab-bluh
      or
      Lay Mizz-er-obb

      ලේ මිසෙරාබ්
      ලේ මිසරොබ්

      https://www.wikihow.com/Pronounce-Les-Miserables

      Delete
  4. ඒ කාලෙ ලේඛකයෙක් වැඩිය පොත් ලිව්වෙ නෑ නෙව. ඉතාම ප්‍රශ්ස්ත කීපයක් විතරයි. ඒ අතරෙ නිදි දන්නවත් ඇති, කතාවක් තියෙනව, ඇලෙක්සැන්ඩර් ඩූමා දවසකට නියමිත පිටු ගාණක් ලියනව කියල. දවසක් එයා එක පොතක් ලියල ඉවර වෙද්දි, එදාට ලියන්න තව පිටු ගාණක් ඉතුරු වෙලා තියෙනව කියල මතක් වෙලා, එහෙම්මම ඊළඟ පිටුවෙන් "ත්‍රී මස්කිටියර්ස්" පටන් ගත්ත කියල අහල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකී ඕකට හේතු උනේ වෙන දෙයක්. ඇත්තටම ඩූමා හුගක් පොත් ලිව්වෙ සගරා වලට. ඒ සගරා වලට ඕන පිටු ගානක් තිබ්බා. මෑත කාලෙදි ලියන මැසිමක් උනේ අයිසැක් ඇසිමොව්. ඔහු විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට කරපු මෙහෙය සුවිසල්.

      Delete
    2. ලොකු, මට යන්තම් මතකයි ඩුමාස් උන්නැහේ එක පොතක් ලියන්න එක පාටකින් කඩදාසි විතරක් පාවිච්චි කල කතාවකුත්. වෙන කතුවරයෙක්ද දන්නෙත් නැහැ- හොඳේ.

      ඩුමාස්ටත් වඩා සඟරාවලට ලියමින් යැපුණු කෙනෙකු තමයි පියදෝර් ඩොස්ටයෙස්කි මහත්තයා.

      ඩ්රකී, ලොකූ.
      මෙලහටත් Pra Jay මහත්තයා අපට වැඩි විස්තර දැනගන්න links එවලත් ඇති මයේ හිතේ.

      Delete
    3. https://irisreading.com/10-of-the-most-prolific-authors-of-all-time/

      Delete
    4. ලොකු මල්ලි,
      ඇත්ත. ඇසිමෝව් ගෙන් දවසක් කෙනෙක් ඇහුවලු ඔබ මැරෙන දවස දැනගත්තොත් මොකද කරන්නෙ කියල. එයා කිව්වලු, මම ටයිප් කරන වේගය වැඩි කරනව එහෙනං කියල. උන්නැහැට විනාඩියට වචන සියක් ටයිප් කරන්න පුළුවන් කියනවනෙ...

      නිදි,
      ඔය පාට කඩදාසි වල ලිව්වෙ මෝපසාං මට මතක හැටියට. කතා එක පාටක, කවි තව පාටක...

      ප්‍රා,
      ඔය තියෙන්නෙ නිදි ගෙ කමෙන්ට් එක වේලෙන්නත් කලිං...

      Delete
    5. ඒක නේන්නං, ස්තුතියි Pra Jay. ඩ්රැකී ඔයාටත්!

      Delete
  5. මං මුලින් කියෙව්වෙ මනුතාපය...කිසා කරුවලේ වතුර ගේන්ඩ යන හැටි, ජනවර්ජන බීස්කුන් වහන්සේ ගේ රිදී ඉටි පන්දම් රදවන හොරකම් කරන හැටි, ජන්තු ගේ කුරිරුකම් මට තාම මැවී පේනවා...අනේ වික්ටර් හියුගෝ ගෙ ලෙ මිසරාබ්ල කියෙව්වට ඒ ගතිය දැනුනෙ නෑ...සිංහල අසංක්ෂිප්ත පරිවර්තන කලාවේ නියමුවා කේ ජී කරුණාතිලක මහත්තයා නේද?

    ReplyDelete
    Replies
    1. මනුතාපයෙන් සිංහල චිත්‍රපටි දෙකක් හැදුනු බවයි කියවෙන්නේ. මාත් එකයි බලලා තියෙන්නේ. දුප්පතාගේ දුක. සිනමාස් නිපැයුමක්. ජනවර්ජනගේ චරිතය කලේ ලැඩී රණසිංහ. ජන්තු මාක් සමරනායක. කොල්ලා- කෙල්ල දෙන්නා ස්ටැන්ලි= ගර්ලි යුවලයි.

      අනෙක් ෆිලුම සිරිසේන විමලවීර මහත්තය හැදු සිරකරුවා ලු.

      අදටත් බැලිය හැකි ජනප්‍රිය film එක දුප්පතාගේ දුක.

      මට හිතෙන්නේ ලොකූ, කේ.ජී. කරුණාතිලක මහත්තයාට කලින් මුනිදාස සෙනරත් යාපා මහත්තයා අසංක්ෂිප්ත පරිවර්තන කළා වගේ. තව ඉන්නවා.... ඩේවිඩ් කරුණාරත්න වගේ උදවියත්....

      අපරාධය හා දඬුවම- නිවටයා, ඔලිවර් ට්විස්ට්, ලෝක විචාරය වගේ පොත් නේද වඩා පැරණි.

      Delete
  6. මනුතාපය පොතත චිත්‍රපටයටත් අදත් කැමතියි . නිදි ගේ නාට්‍යය පොට්ය්හක් වශයෙන පළ කලාද

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, 1996දී තමයි මගේ මුල්ම මුද්‍රිත නවකතාව පළවුණේ, යුවති කිරිල්ලී. එකෙන් ටෙලියක් හදන්න කටයුතු කෙරිලා මට රුපියල් 10,000/ක අත්තිකාරමකුත් ලැබුනා.

      සමන්ති ලැනරෝල් මහත්මියගේ සැමියා; සෝමපාල ලැනරෝල් මහතා තමයි අධ්‍යක්ෂණය කරන්න ගියේ. නමුත් එතුමා හදිසියේ වියෝ වුනු නිසා ටෙලිය නැවතුනා.

      Delete
  7. මනුතාපය මම බැලුවෙ සහ හිතට වැදුණෙ රූපවාහිනියෙ ටයිටස් තොටවත්ත හඩකවපු ටෙලි ෆිල්ම් එක. අන්න නිර්මාණ ඈ...

    ReplyDelete
    Replies
    1. මට ඒක බලන්න හම්බ වුණේ නෑ.... යවෙස් ලූ මිනිහා එකත් එහෙම බැරි වුණු එකක්. තවම දුකයි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්