li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, September 29, 2020

මාරක හී පහර - අටවෙනි කොටස

අහිගුණ්ටික මනුස්සයා නයි පෙට්ටියත් අරන්.....

මරු සිරාගෙ දූ සිඟිත්ත, නාග කන්‍යාවිය, සිරි අයියා.....එයාලා තුන් දෙනා නං නාට්‍යයක් රඟන්නට යන බව දැනගෙන උන් අයයි. පණ තිබුණු තිරිසනුන් දෙන්නා වුණත් නාට්‍යයක වගතුගක්; හාන්කාවිසියක් නොදැනය හිටියේ. එහෙම නොතේරෙන- පුහුණුවක්, හීලෑ කිරීමක් නැති අයය, අප වේදිකාවට ගෙනෙන්නට සූදානමේ හිටියේ! මතකයිනෙ? (අහිගුණ්ටිකයාගේ) නයා, කිංස්ලි රාජපක්ෂ මහත්තයාලගේ පුළුන් පිරවූ කොටියා සහ නාඳුනන හිතවතෙකු ගෙනවුත් දුන් වඳුරා.

එදා පොසොන් සඳ උදාවෙද්දී නගර සභා ක්‍රීඩා පිටිය පිරෙන්නට සෙනඟ ගලන්නට විණි......

ලියනගේ මාමාට පංගාර්තු කර තිබුණු විදිහටම හැන්දෑ වෙද්දී අහිගුණ්ටික මනුස්සයාවත් කැන්දාගෙන ඇවිත් තිබිණි.

කලින් දෙවතාවේම මොනවාද වෙන්නේ කියලා බලන්නටවත් නාට්‍ය පෙන්නූ තැනකට නොආ අපේ සීයා, එදා සැරේ ආවේය. තනියමත් නොවේ; අහිගුණ්ටිකයෙකු වාගේ වඳුරාවත් කරේ තියාගෙනය. ඒ වෙද්දී අපේ සීයාට වඳුරාත්, වඳුරාට සීයාත් නැතිව බැරි තරමට ඇවිත්ය. දැන්ය කල්පනාවට එන්නේ. අපේ සීයා; චාලි නානා; චෙම්බාස්සල පීයා-ජලා හුටා-හුකා පරියා හෙවත් දිසානායක හේවගේ චාර්ල්ස් උන්නැහේ වඳුරාටත් අබිං ටිකක් දුන්නා වෙන්නටත් පුළුවනිය! ඒ තිරිසනා ඒ තරමටම සීයාට ලැදිවය උන්නේ!!

රජ්ජුරුවන් එක්ක පරිවාරේට යන....

රජතුමාත් එක්ක පරිවාරේට යන ඇමතියෙකු විදිහට, අන්තිම මොහොතේ නාට්‍යයට එක්වුණු සිරි අයියාට නාට්‍ය ඇඳුම් ඇන්දෙව්වේත් අන්තිමටමය. එහෙම වුණේ, සිරි අයියාට කොටියාව ආරක්ෂා කරමින් කාමරයේම ඉන්නට වෙලා තිබුණු හින්දාය.

“බලන්නකෝ රංජි මල්ලී! ඔයා දැක්කනෙ කිංස්ලි රාජපක්ෂ මහත්තයා මාව විශ්වාස කරලා කොටියව දීපු හැටි. ගෙනාව හැටියටම ඌව පරෙස්සං කරලා ගෙනියන්න එපැයි. මෙතැන හැම එකාටම ඌව අතගාලා බලන්නයි, ඔබන්නයි ඕනි වෙලානේ. පොඩ්ඩ එහා-මෙහා වෙන්න බැහැ...”යි ගතු කියමිනි සිරි අයියා කොටියා ළඟටමවී හිටියේ.

‘සෙනඟ සූ ගාලා.’ කවුරුන්දෝ කියනවා ඇසිණි. ආරාධිතයන් ලවා පොල්තෙල් පහන් දල්වන අතරේ, මාත් තිරයක මුවාවේ හිඳගෙන නගර සභා පිටියට ඇස් යැව්වෙමි. ඇත්තය. පිට්ටනිය- පරණ පාර විතරක් නොවේ, හයිලෙවල් පාරෙත් සෙනඟය.

අපේ හැම නාට්‍යයක්ම පාහේ කියා තිබුණු වෙලාවටම පටන් ගන්නට තාත්තා වගබලා ගත්තේය.

“වෙලාව නං වෙලාව. මිනිස්සුන්ට එපා වෙනවනෙ හිටගෙන බලා ඉන්න වුණාම!” අපේ තාත්තා 1976 ජීවිතයෙන් සමුගන්නේ නැතිව ‘සැටලයිට් නෝනා’ රටේ පාලිකාව වෙනකල් ජීවත්ව හිටියා නම්..... මොනවා කරාවිද?

ඒ කොහොමද තිරිහන් වෙන්නේ?

“නිමල් අයියා දන්නවද? ඔය blog එක ලියන වැඩෙන් ඔයා තව තිරිහන් වෙනවා.” මේ ළඟදී දවසක අක්ෂි වෛද්‍ය විශේෂඥ අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා කිව්වේය.

“ඒ කොහොමද? මෙයා තිරිහන් වෙන්නේ?” ඒ කතාව කියන වෙලාවේ, ළඟින්ම හිටි මිත්‍රයෙක් මටත් වඩා කලබල වුණේය.

“මේකයි මචං. අපේ හිතිවිලි අතීතයට යද්දී.....” අයස්මන්ත මහත්තයා එවෙලේ කියූ ටික මම මතක හැටියට අකුරු කළෙමි. ඒ ටිකේ වැරැද්දක් තිබේදැයි කියා අහලාත් යැව්වෙමි. අයස්මන්ත පීරිස් මහත්තයා ඒ හරිය, එයාට මතක හැටියට ලියා එව්වේය. එය වඩාත් හරවත්ය කියලා සිතුණෙන් ඒ ටික මෙතනට යොදමි; ගෙඩිය පිටින්. 

'මට ඒ පර්යේශනයේ මතක දේ නම්...

අවුරුදු හැත්තෑවක් විතර වයසැති අය අරගෙන, කාන්ඩ දෙකකට බෙදලා තියනවා. එක් කාන්ඩයකට කියනවා පුලුවන් තරම් අවුරුදු විස්සකට පෙර අතීතය සිහි කරලා, visualize කරලා ජීවත් වෙන්න කියල.

අතීතයේ; 1905 වසරේ ගත්, දකුණු ඩැකෝටා රතු ඉන්දියානුවෙකුගේ foto එකක් අලුතින් පණ පොවලා!

අනික් කාන්ඩයට එහෙම කියල නවතින්නෙ නෑ; පර්යේශනය කරන සති කීපය පුරාවටම ඔවුන්ව රඳවන්නෙ අවුරුදු විස්සකට පෙර තිබූ ආකාරයෙ තැනක; කෑම, බීම, දොර ජනෙල් තිර පවා අමුතුවෙන් නිර්මානය කරනවා ගැලපෙන්න. අහන රේඩියෝ/ රූපවාහිනී වැඩ සටහන් පවා. සංගීත තැටි පවා!

පර්යේශන කාලය මුලදිත්, අවසානයෙදිත්, මොවුන්ගෙ උස, බර, ආත්‍රයිටිස් වැනි වයස්ගත වීමත් එක්ක එන රෝගී තත්ව මනිනු ලැබුවා.

ඔවුන් සොයාගත් දේ තමා මුලුමනින් අතීතයේ ජීවත් වූ අයගෙ ජීව දත්ත එපරිදිම පස්සට ගොස් ඇති බව. ආත්‍රයිටිස් reverse වෙලා. හන්දි නීරෝගී වෙලා. උස වැඩි වෙලා- අස්ථි රෝග reverse වීම නිසාවෙන්.

කොන්ඩෙ, හම, ජවය, රුධිර පරීක්ශන ආදී සියලුම පාඨාංකවල පාහේ සැලකිය යුතු හොඳ වෙනස්කම් වෙලා තිබුනා.

ඔවුන් දුටුවේ තරුන කාලයේ සක්‍රියව තිබී ක්‍රමයෙන් අකර්මන්‍ය වූ ජාන නැවත ක්‍රියාත්මක වී ඇති බවයි.

වයසට යාමේදී බාහිර පරිසරය විසින් දෙන උත්තේජනවලින් 'ඔබ දැන් වයසයි, නාකියි; දැන් ඉස්සර කරපුවා කරන්න බෑ. පැත්තකට වෙලා ඉන්න. දැන් අසනීප එනවා. ඒකයි යථාර්ථය. ඒවාට සූදානම් වෙන්න' වගෙ යෝජනා ජානවලට කෙරෙනවා. මේ  ජාන සක්‍රිය/ අක්‍රිය කිරීමේ ප්‍රධාන කාර්යභාරයක්- චිත්ත තරංගවලින් කරන්න පුලුවන් බව ඔවුන් නිගමනය කලා.

ඉතින් යකෝ අතීතෙට හරි ගිහින් මේකා ලියන්නෙම....

වික්ටර් රත්නායකයන්ගේ 'අපි මැරෙන්නෙ නෑ' ගීතයෙ සෑහෙන දෙයක් තියනවා නේද?'

“ඉතින් යකෝ, අතීතෙට ගිහින් හරි කොහෙට ගිහින් හරි මූ ලියන තරමක් ලියන්නේ අපි කට්ටිය ගැනනෙ. හරි අසාධාරණයක්නෙ අපිට වෙන්නේ. අපි ගැන මතක් කර-කර ලියලා මේකා තිරිහන් වෙනවා.... හරි නං අපිත් තිරිහන් වෙන්න එපැයි!” අර අතීසාර මිත්‍රයා නහයෙන් ඇඬුවේය. තව දෙන්නෙක් ඊට මුක්කු ගැසූහ.

“ඒකට කරන්න තියෙන්නෙ, තමුසෙලත් මගේ blog එක කියවන්න පටන් ගන්න එක! හක්ස්ලි විතරයිනෙ මුල ඉඳලම මේවා කියෝ-කියෝ, මේ ගැන ලියන්නයි කියලා නිතරම මතක් කර-කර හිටියේ.... මිනිහත් තිරිහන් වෙලා වගේ ඉන්නෙ....”

“අනෙඃ මැන්ටලේගෙ තිරිහන්කම!”

“විහිළුවක් නෙවෙයි මචං. ඔය අපේ කස්ටිය සෙට් වෙලා පරණ කේස් මතක් කරන එක, එදා ප්‍රියංකර සර්ලගෙ ගෙදරදී වගේ පරණ සිංදු කියන එක.... එහෙමත් හොඳ තෙරපියක්! ඕක අපි දන්නා විද්‍යාවෙන් නෙවෙයි ක්වොන්ටම් භෞතික විද්‍යාවෙන් තමයි පැහැදිලි කරන්න වෙන්නෙත්!”

එදා කිරමේදී සිංදු කියූ.... (වමේ සිට) පේමවතී අම්මා, අයස්මන්ත, ප්‍රියංකර, ජානකී, සන්ධ්‍යා, මාලා හා දිමුතු...

ඇත්තය. එයාලා කොහොම මොනවා කිව්වත් මගේ හිතිවිලි නම් අලුත් වෙලා වගෙය; මනස නවමු වෙලා වගෙය. එදා ‘මාරක හී පහර’ වේදිකා ගතවෙන දවසටම ගිහින් වගෙය, මට දැනෙන්නේ.... පොසොන් සඳේ කිරණින් නැහැවෙමින්, පැවිලියන් එකේ දෙවෙනි පඩි පේලිය මත්තේ වැජඹුණු සම්ප්‍රදායික පොල්තෙල් පහන... ඔන්න, ගරු ආරාධිතයෝ දල්වති.

ඉදිරිපස තිරය ඇරෙයි..... දෙපැත්තට. නාට්‍යය පටන් ගත්තේ ඊට පස්සෙය.

නාට්‍යයේ රඟන අපේ අලුත්ම ආධුනිකයන්ගෙන් ඉස්සෙල්ලාම වේදිකාවට එන්නට තිබුණේ මරු සිරාගේ දෝණියන්දෑටය; දෙවෙනි මනාලිය හැටියටය. නාට්‍යයේ මුල හරියෙදීම දූකුල- පාරිකා දෙන්නා සරණ බන්ධනයට පත් කරවන බැවිනි. දෙවෙනි මනාලියට අන්දවා තිබුණේ, පාරිකාට හිටි මටත් වඩා දිලිසෙන සාරියකි. වේදිකාවේ ඉදිරිපසින්ම, ආරාධිතයන්ට වෙන්කර තිබුණු පුටු දෙකක වාඩිවී මරු සිරාත්, බිරියත් දෝණියන්දෑ දිහාවේ ආශාවෙන් බලා ඉන්නවා මට පෙනුණේ හදිසි බැල්මක් දැම්මාමය.

ඒ මෙනෙවියට පෙනී හිටින්නට තිබ්බේ එතැන විතරය. අවුලක් නැතිව ඒ කොටස ඉවර වුණේය!

ඔන්න දූකුල-පාරිකා දෙන්නාම ගිහිගෙය හැර දමා තපසට යති. සාම කුමරු ඉපදෙයි. ලොකු වෙයි. එතැනට එනකල්මත් සේරම රංගගත වුණේ අපේ සැලසුම් විදිහටමය.

ඊට පස්සේ නාග කන්‍යාවිය නටලා....
දැන් තියෙන්නේ දූකුල-පාරිකා තාපස ජෝඩුව පලවැල නෙළන්නට යන ජවනිකාවය. ජාතක කතාවේ හැටියට නම් එවිට අකල් මේඝයක් ඇද හැළෙයි. ඊට හසුව දියබත්වී දූකුල- පාරිකා දෙදෙන සුවිසල් ගසක් මුලට යති.
එතකොටය අහිගුණ්ටිකයාට තුඹස අස්සේ ඉඳගෙන කරන්නට නියමිත රාජකාරිය තිබුණේ.

“හොඳට මතක තියා ගන්නවා... මේ ළමයා නාග නැටුම නටලා ඉවර වුණාම තමුසේ නයාව පෙට්ටියෙන් එළියට අරගෙන ලැහැස්ති වෙලා ඉන්නවා.... මේ දෙන්නා ‘වහිනවා’ කියා-කියා ස්ටේජ් එකේ එහාට-මෙහාට යනකොට මෙයා කොටියව ඉස්සරහට තල්ලු කරයි.... තේරෙනවා නේද?” නාට්‍යය පටන් ගන්නට ඉස්සරලා, අපේ තාත්තා තුන්-හතර වතාවක්ම අහිගුණ්ටික මනුස්සයාට පාඩම් කෙරෙව්වේය.

“යේක ෂරි මාතියා... ෂරි! එතෝට මං පාම්බුව තමා ගුලෙන් එළියට විසි කරනවා!”

“අම්මට හැම......!”

අපේ තාත්තාට කියැවුණේ අර ප්‍රසිද්ධ කීමෙන් කොටසක් පමණය. ‘අම්මට හැම නියං කාලෙදිම වතුර ලැබේවා!’

“.... කවුද ඕයි නයාව විසි කරන්න කිව්වේ, නයාව ගුලෙන් එළියට දානවා... ටික.... ටිකයි... කොන්ජම්... කොන්ජම් නේද? ටික-ටික... ඔන්න තමුසේ නයාගේ වලිගයෙන් තදට අල්ලගෙන ටිකයි එළියට දාන්නේ.... ටිකයි... ටිකයි.... පොඩ්ඩයි. තෙරියුමා?” අපේ තාත්තා දන්න දෙමළ වචන දෙක තුනත් පාවිච්චියට ගත්තේය.

“පය වෙන්ඩ එපා මාතියා. තෙරියුම්... තෙරියුම්..... ෂරි ෂරි!”

පලවැල නෙළනවය කියලා ගිය ගමන්ම තියෙන-තියෙන සේරම....
තිරය ඇරුණේය; දූකුල පාරිකා වේදිකාවට ආවෝය.  පල නෙළන්නට පටන් ගත්තෝය.

“උඹල දෙන්නත් පලවැල නෙළනවයි කියලා, stage එකේ අතුවල එල්ලලා තියෙන අඹ ටිකට වැඩේ දෙනවා හෙම නෙවෙයි ඕං. අන්තිම show එක වෙනකල් ඒවා තිබිච්චාවේ... මම මේ කියන්නෙ තාපස ජෝඩුවටයි, සාම කුමාරයටයි විතරක් නෙවෙයි. හැමෝටම... හැමෝටම...” අපේ තාත්තා එදා හවස; කල් ඇතිවම මහ සද්දෙන් සත්තමකුත් දැම්මේය.

“රංජි මල්ලී.... සීන් එකේදී ඔයා අර ඉදිච්චි අඹ ගෙඩිය කඩන්න. stage එකේදී ඔයාලගෙ තාත්තා එපා කියන්නයැ? අපි දෙන්නා act කරන ගමන්ම ඒක බෙදාගෙන කමු... අලුතින් වචන දෙක තුනක් දාලා.” නිහාල් ලියනගේ අයියා රහසින් මට කී කතාව අපේ තාත්තාට ආරංචි වෙලා එහෙම කීවාදැයි අප දෙන්නා හිටියේ බයෙනි. ඒ නිසාම අපේ සුමන්ත්‍රණය ක්‍රියාවට නොනැංවිණි.

“අන්න විලිකුන් පලයෙන් පිරුණු වෘක්ෂයක්... පාරිකා. එන්න, අපි එයින් පල ටිකක් නෙළාගනිමු.” කියාගෙන දූකුල තාපසයා බිරියත් කැන්දාගෙන වේදිකාවෙන් බැහැර වුණේ, පිටපතේ තිබුණු ක්‍රමයටමය.

ඒ නාග කන්‍යාවට නාග නැටුමට අවස්ථාව දෙන්නටය. නැටුම ඉවරවී ඇය තුඹසේ මුවාවට යද්දී වේදිකාවේ එළිය නිවෙන්නට- පත්තු වෙන්නට- dim වෙන්නට ගත්තේය. හෙණ පුපුරණ හඬ අස්සේ සංගීතයෙනුත් කලබල ස්වරූපයක් ජනිත කෙරිණි. වහින්නටය හදන්නේ.....

තොවිලයකදී ‘අයිලෙ පදිනවා’ දැකල තියෙනවද?
“සොඳුර, හොඳටම වහිනවා නේද?” කියාගෙන දූකුල ආයෙමත් වේදිකාවට පිවිසෙයි. පාරිකාත් පස්සෙන් එයි.....

එතැනට එනතුරු සේරම සිද්ද වුණේ ටක්කෙටමය; plan කරලා තිබුණු විදිහටමය. ඒ අතරේ සිරි අයියාට නියම කරලා තිබුණු විදිහටම කොටියාවත් වේදිකාවට තල්ලු කළා විතරය!

තොවිලයකදී ‘අයිලෙ පදිනවා’ දැකලා තියෙනවද?

ඊළඟට වුණේ අයිලේ පැදිල්ලකි. එතෙක්-මෙතෙක් කාලයකට මා ‘අයිලේ පදිනවා’ දැක තියෙන්නේ දෙවතාවකි. අයිලේ පැදිල්ලක් අපේ නාට්‍ය පිටපතේ තිබුණේ නැත. හොඳටම සහතිකය! එහෙම දෙයක් ගැන හංකාවිසියක්වත් අපට කල්පනාවී තිබුණේ නැත.

ඔහොම වචනයක් හරි මතක් වුණාම ‘එහි එල්ලෙන්නේ නැතිව යෑම’ නිදිගෙ සිරිත නොවේ! අන්තර්ජාලයේ ඕනෑම දෙයක් තිබෙනවා කියලාය මං හිතාගෙන ඉන්නේ.  ඉතින්, හොයන්නට පටන් ගත්තෙමි. අයිලෙ පදිනවා- අයිලෙ පැදිල්ල- ayile padinawa- ayila padilla.... ම්හු! ඊළඟට ගියේ ක්‍රිෂාන්ත ප්‍රියංකර ගුරුතුමා හොයාගෙනය, FB එකෙන්. සංගීත ගුරුවරයෙක් බැවිනුත්, දකුණු පළාතේ කෙනෙකු හින්දාත් යමක් දන්නවා ඇති! මට හිතුණේ එහෙමය.

ප්‍රියංකර මහත්තයා නැටුම් ගුරුවර-ගුරුවරියන් කිහිප දෙනෙකුගෙනුත් අහලා; එහාට-මෙහාටත් කතා කර අහලා පොටක් පාදා දුන්නේය. “නිමල් අයියේ, ඕක පහතරට සම්ප්‍රදායේ එන එකක්.... ගරා යකුමටයි සම්බන්ධ....” ඊළඟට මං හොයන්නට ගත්තේ ගරා යකුමය. (ඔත්තුවට ගොඩක් ස්තුතියි, ප්‍රියංකර සර්!)

උඩරට අයිලය, පහත රට අයිලයට වඩා වෙනස්ය!

හොයද්දී ලැබුණු තොරතුරු අල්පය. ඒ ටික වුණත් මෙතැනට ඔබන්නේ මතු-මත්තේ හෝ සොයන්නෙකුට පලක් වෙතියි හිතාගෙනය.

මේ හෙවිල්ලේදී මහාචාර්ය මුදියන්සේ දිසානායක මහත්තයාගේ ‘කොහොඹා යක් කංකාරිය සහ සමාජය’ පොතෙන්ය, මුල්ම ඔත්තුව මං හොයා ගත්තේ. ඒත් ඒ අයිලය මා සෙවූ අයිලය නොවේ. කමක් නැහැනෙ, අපි ඒ ටිකත් කියවමුකො!

මගේ සෙවිල්ලේ result එකට අනුව ‘අයිල’ වර්ග දෙකකි.

‘වැදි යක්කම

කංකාරි මඩුවෙන් පිටත, කංකාරිය කෙරෙන භූමියේ ම ‘ගොඩ අයිලය’යනුවෙන් හැඳින්වෙන කුඩා මැස්සකි. එය වහලයක් ද සහිත ය. කණු සතරක් සිටුවා ඒ මත කෙසෙල් පතුරු සහ කෙසෙල් කොළ තබා ආහාර තැබීම පිණිස සකස් කරනු ලැබේ. ඊට දකුණු පසින් මුදුන එකිනෙක කැපී යන සේ සිටවූ ලී කණු දෙකකින් තැනූ ආධාරක දෙකක් මත කෙසෙල් පිත්තක් තබා ඇත. වම් පස ඉරුගල් බණ්ඩාර දෙවි වෙනුවෙන් හාල්, පොල්, අළුකෙසෙල්, වට්ටක්කා සහ කරවල අඩංගු හාල්මාළු පට්ටයක් එල්ලා තිබේ. දකුණු පස ඉදුණු කෙසෙල් කැනකි. වැදි යකුන් සඳහා ‘ගොඩ අයිලයේ’ පුදන බත් සහ එළවළු පිසිය යුත්තේ.........’ 135- පිටුව.

ඒ කියන විදිහට නම් ඒ උඩරට ‘අයිලය’ මිනිහෙකුට නඟින්නට- හතර අතට පද්දන්නට තරම් සවිමත් එකක් නොවේ.

ඇස් දෙක පල්ල දුටුවම මට කෙළ ගිලුණී!

එහෙම පද්දන්නට හැකි; අයිලය උඩ නැඟී හිතේ හැටියට රඟන්නට හැකියාව තියෙන්නේ පහතරට ශාන්ති කර්මයකදී තනන අයිලයටය. මේ අයිල කතාව තිබුණේ ගරා යකුමක් ගැන කියද්දීය....... ලියන්නා’blog අඩවියේ පළවුණු ‘රෑ පුරා නිදි වරා’ පෝස්ටුවේය.

'.... ආතුර ප්‍රේක්ෂකයන්ට පැමිණ ඇති ඇස්වහ, කටවහ, හෝවහ, අවොල්, දෙවොල් දෝෂ දුරු කිරීම සඳහා ගරා වෙස් පෑම සිදු කෙරේ. මෙහිදී පූර්ණ ගරා යකුමක් සිදු නොකරන අතර කීල ගරා පමණක් නර්තනයෙහි යෙදේ. රංග භූමියෙන් පිටත ගොරක අතු දෙකක් සිටුවා, බුරුල්ල අතුවලින් ආවරණය කොට ගරා අයිලයක් සාදා දෙනු ලැබේ.

කපු මහතා ගරා යකුට කරන ආරාධනා කවිවලින් ගරා යක් උපත හා ඔහුගේ ස්වරූපය පිළිබිඹු වේ. ගරා වෙස් මුහුණක්, නර්තකයන් පළඳිනු ලබන අතර ගරා වෙස් පෑම විනාඩි 15 ක් පමණ සිදු කරයි. ගරා යකුගෙන් තමා පිළිබඳව විස්තර අසන ගුරුන්නාන්සේට දෙන පිළිතුර හාස්‍ය රසයෙන් ද, පදවල අරුත් සඟවා කියන රාගික හැඟීම්වලින් ද යුක්තය.

   කැස්බෑවේ සිටන් පිටකොටුවට   පැමිණි
   බසයක නැගී ගම්බද පිටිසර         තරුණි
   ඇස් දෙක පල්ල දුටුවම මට කෙළ ගිලුණි
   බස් එක පිටින් උස්සා යන්නට      සිතුණි’

එදා අයිලය පැද්දේ ගුරුන්නාන්සේ කෙනෙක් නොවේ. අපේ නොසන්ඩාල.....

මට මතක හැටියට නම් අයිලය කියන්නේ තරමක් මේරූ ගොරකා අතු දෙකක් හිටුවා, ඒ දෙක යා වෙන්නට මෝල් ගස් දෙකක් බැඳ හදන අට්ටාලයක් වැන්නකි. පාන්දර යාමයේදී තොවිලය නටන කට්ටඩි උන්නැහේ කෙනෙක් අර මෝල් ගස්වලට නඟියි. ඒ ආතුරයාට අණවින- හදි හූනියම් කළ යක්ෂයා ඒ කට්ටඩියාගේ සිරුරට ආරූඪ කරගෙනය.

රෝග පීඩාව ගැන විමසන අතරේ, දිගම දිග විසුළු සංවාදත් කෙරෙයි. අණවින- ලෙඩදුක් ඇති කළ යකාගෙ අන්තිම සූදානම බලි-බිලි පුදත් අරගෙන පිට වෙන්නටය.

ඒ කාරණය සංකේතවත් කරන්නේ දෑතින් ගොරකා අතු දෙක අල්ලාගෙන, මෝල් ගස් උඩ හිටගෙන ඉන්නා ගුරුන්නාන්සේ කරන පැද්දිල්ලකිනි. වේගයෙන් වැයෙන බෙරවල රිද්මයට ඉස්සරහට- පස්සට- පැත්තට ගොරකා අතු නවමින්; පද්දමින් කෙරෙන ‘අයිලෙ පැදිල්ල’ සාර්ථක වන්නේ එක ගොරකා අත්තක් බිඳුණාමය.

හොඳම ගුරුන්නාන්සේ කෙනෙකුටවත් එදා අපේ ‘මාරක හී පහර’ වේදිකාවේ කෙරුණු ‘අයිල පැදිල්ල’ පරද්දන්නට බැරි බව මට නම් සහතිකය. එදා එතැන අයිලය පැද්දේ ගුරුන්නාන්සේ කෙනෙකු නොවේ. ‘වඳුරු වහන්සේ’ කෙනෙකි’. අඹ අත්තේ උඩ හිඳුවා, දම්වැලින් බැඳ දමා තිබුණු අපේ නොසන්ඩාල-මගෝඩි වඳුරු මාල්ලාය.

නරඹන්නන් හිනස්සවන ගුරුන්නාන්සේ කෙනෙකු වගේ....... 
ගුරුන්නාන්සේ කෙනෙකු වගේ නරඹන්නන් හිනස්සමින් ඌ අයිලය පැද්දේ යකෙක් ආරූඪ වීමකින් නොවේ; මාරයා ආවේශ වීමෙනි!

අපේ තාත්තාවත්, වෙනින් කෙනෙකුවත් වඳුරන් කොටින්ට බය වෙන බව හිතා බලා තිබුණේ නැත. සිරි අයියා හීන් සීරුවේ, වේදිකාවට කොටියාව තල්ලු කරද්දී වඳුරා හිටියේ අඹ අත්තේ උඩය. ඒ තිරිසනාව දම්වැලකින් අත්තට ගැට ගසා තිබුණේ අඩියක්-දෙකක් එහාට-මෙහාට පනින්නට විතරක් බුරුල තියලාය. කොටියා දැක බිය වුණු වඳුරා, ඒ ළඟින්ම ගැට ගසා තිබුණු පේර අත්තකට පැන්නේය. පේර අත්ත තරමක් ළපටි එකකි; වඳුරාගෙ බර දරන්නට නොහැකි තරමේ එකකි.

“ඒ අස්සේ මට පෙනුණා අර අහිගුණ්ටික වේසිගෙ පුතා නයාව හුඹහේ කටෙන් එළියට දානවා. එතකොටම නයා පේර අත්තේ වෙළිලා.....”

12 comments:

  1. ඒක යකෝ... කතාව බ්‍රේක් කරපු කැත!

    මං කියන්ඩ උන්නෙ ඔය සම්පූර්ණ නාට්‍යයම සිදුවීම් විදිහට ලිව්වනං මාර රසවත් ලිවීමක් වෙයි නේද කියල...

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් වුණත් බ්රේක් කරන්න ඕනි මෙහෙම තැනකින් නේන්නං. අනෙක ඩ්රැකී, දන්නවනේ ඉතින් නිදිගෙ කුප්ප ගතිය...

      Delete
  2. ඉතිහාසය, අතීතකාමය, අයිතිහාසික නවකතා වගේ දේවල් තමයි මගෙ ප්‍රියතම කියවීම්. තිරිහන් වුනෙත් නෑ තිරිසන් වුනෙත් නෑ තාම.
    හැබැයි වයසට මේවයි ගැලපෙන්නෙ නොගැලපෙන්නෙ කියලා වැඩ ලිස්ට් මං ගාව නෑ. නීතිවිරෝධී හෝ කාටවත් හානිකර නොවෙනවනම් පුලුවන් කැමති දේ කරනව

    ReplyDelete
    Replies
    1. හරියට හරි Prs Jay මහත්තයෝ!
      මේ සේරම නීති සම්ප්‍රදායවල් ලෝකාරම්භයේ තිබ්බ දේවල් නෙවෙයිනෙ... හිතට එකඟ නං එච්චරයි!

      Delete
  3. අයිලය හදන්නේ ගොරොක් අතු වලින් කිව්වාට ඒකට හරි කෙලින් තියන ගොරොක් ගස් දෙකක් තමයි ගන්නේ. ඒවා අඩි දොළහක් විතර උස, මුල් හරිය මෝල් ගහක, එහෙම නැතිනම් රුපියල් හැටේ පොල් ගෙඩියක විතර වට ප්‍රමාණය තියන ඒවා. ගොරොක් ගස් කියන්නේ කැඩෙන්නේ නැති "ඇඹුල් ලී" වශයෙන් හැඳින්වෙන නැමෙනසුලු ගස්. කැත්තකින් මේ ගොරොක් ගස් වල අතු පෑහලා ඒවා මට්ටම් කරන්නේ කට්ටඩියා ගේ ගෝලයෙක්. එයා මේ අතු පාහින අතර හොරෙන්ම මේ ගස් දෙකටම හෝ එකකට හොඳ කැති පාරක් බැගින් ගහනවා. එහෙම කරන්නේ ගරා යක් නැටුම අවසානයේ මේ අයිලය කඩාගෙන යකා බිමට පැනීමේදී අයිලය කැඩෙන්න පහසු වෙන්නයි. ගරා යකාට මේ අයිලය කඩන්න බැරි වෙන තරමට තමයි මේකේ විනෝදය තියෙන්නේ. ඒකට මේ ගොරොක් ගස් පෑහීම කට්ටඩියාගේ ගෝලයන්ට නොදී තමන්ගේ කෙනෙක් ලවා කිරීමත්, ගොරොක් ගස් හිටවන කොට වලේ පතුලට පොල් කටුවක් දැමීමත් කරනවා. මේ පොල් කටුව නිසා අයිලේ පදින විට කණු දෙක ඇඹරීමට භාජනය වනවා මිසක් නැවීමට ලක් වෙන්නේ නැහැ.
    මං මේවා ලිව්වාම මගේ කලින් ජොබ් එක කොට්ටෝරුවෙක්ද (කට්ටඩියා ගේ ඇසිස්ටන්) කියලා අහන්න එපා. අපිටත් මොලේ අමාරුව තිබුන කාලේ හැමදාම වෙසක් එකට කුඩුවක් හැදුවා. ඒක අවසානයේ ගරායක් නැටුමක් නටනවා. අපේ ගමේ හිටපු චීෆ් කට්ටඩියා බොහොම පොඩි සිරුරක් තියන කෙනෙක්. එයා සාමාන්‍යයෙන් ගරා මූණ බඳින්නේ නැහැ. ගෝලයෙකු ලවා තමයි නැටුම කරවන්නේ. නමුත් වෙසක් එකට අපේ ගෙදර මේක කරන්නේ ගමේ පොදු වැඩක් වෙනුවෙන් නිසා එයාම ගරා යකාට වෙස් බඳිනවා. එයාට අයිලේ කඩන්න බැරිවෙන්න දීපු පනිෂ්මන්ට් තමයි මේ ඉහල ලියා තියෙන්නේ.

    පංච තන්තරේට අපේ බයිලා ලිව්වාට නිදි මහත්තයා තරහා වෙන්නේ නැති බව දන්නවානේ!

    ReplyDelete
    Replies
    1. තරහ වෙන නෙවෙයි සෑම් මහත්තයෝ, ස්තුති කරලා මල් මාලයක් දාන්නයි ඕනෙ!
      මං අයිලය පදිනවා දැක්කේ කොලු කාලේ. හීනෙක වගේ මතකේ තිබ්බේ. ඔය කැති පහර- පොල් කටුව වලේ යටටම දැමීම වගේ ඒවා ගුරු මුෂ්ටි! ඒවාත් අපේ ආදරණීය blog කියවන උදවියට කියා දීම කොච්චර එකක්ද?
      ඔය වෙසක් කූඩුව තිබ්බේ කොට්ටාවේ ආනන්දේ හරියේ නේද?

      Delete
    2. ස්තුතියි සෑම් මහත්තයා, අනාගතයේදි අයිලයක් කියන්නේ මෙකක්දැයි නොදන්නා පිරිසක් බිහිවෙනවා. මෙවැනි දේ ලියවිමත් වටිනවා.

      Delete
    3. ඒක නේන්නං අසංග. මම අර පොල් කටු කතාවයි, කැති පහරේ කතාවයි දැනගත්තේ මේ සෑම්ගෙ කමෙන්ටුවෙන්!

      Delete
  4. අඩේ මරු සෝ එකක්නේ තිබිලා තියෙන්නේ.නයයි කොටියයි රිලවයි බෝයි.වැඩේ අන්දොස් නොවී තිබුනා මැදෑ.

    ReplyDelete
    Replies
    1. අන්දොස්... අන්දොස්... අන්දොස්..
      අන්දොස් කියලා හාදයෙක් හිටියා අපේ නාට්‍යයකටත් සම්බන්ධ වුණු. ඉස්සරහට ලියවෙන්න තියෙද්දී, සයවන ඉන්ද්රියයකින්වත් සිරිබිරිස් උන්නැහේට දැනුණාවත්ද?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්