li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, November 7, 2020

රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස

සොයිසලා තුන් දෙනෙකුගේ චණ්ඩිකම්වලින් බදුල්ල හෙල්ලී හිටි ඒ කාලේ....

“අනේ රංජි පුතේ.... සොයිසා කියලා මහා ලොකු සල්ලිකාරයෝ වගයක් මේ පැත්ත හොල්ලාන හිටියා කියලා විතරක් යාන්තමට මතකයි.... ආයෙ කාටද මයෙ පුතා ඔව්වා මතක තියාන ඉන්ඩ පුළුවන්.... ඒ කාලේ අපි පුංචි කෙල්ලොනේ!” සෝමාවතී හපුආරච්චිගෙන් 50-60 දශකවල බදුල්ලේ  හිටි චණ්ඩි ගැන ඇහුවොත් කියනවා ඇත්තේ එහෙමය.

අර්නල් සොයිසා, හරමානිස් සොයිසා, මැනුවෙල් සොයිසා කියන තුන්දෙනා බදුල්ලේ නමගිය චණ්ඩි බව කියන්නේ ඉතිහාසයයි!

“ඇයි පුතේ ඒ දවස්වල ආයෙ අපට පත්තර තිබ්බය කියලා? වෑර්ලස් රේඩියෝ තිබ්බය කියලා.... අපේ තාත්තලා-අම්මලා ආයෙ සන්දෙටවත් ගියා කියලය.... ගෙදරට ඕනි කරන දුරුමිරිස්-තුනපහ ටික වුණත් ගත්තේ කඩේ බාප්පාගේ කඩෙන් ඕං!” ඇය කියනු ඇත!

“අපේ තාත්තා ගමේ ගොඩේ මොනවාවත් හොයපු කෙනෙකුත් නෙවෙයිනේ...)

මොකක් හරි කියන්නට ගත්තාමය ඒවාට අදාළ තවත් කරුණු....

(සන්දෙ කියන්නේ බදුල්ලේ සති පොළටයි. දැන් නම් කොහොමද මන්දා... ඉස්සර නම් ඉරිදාට එය පැවැත්වුණේ බදුල්ල දුම්රිය ස්ථානයට ඉදිරිපසින් තිබුණු පහත් බිමකය.)

මගේ හිතේ නළියමින් තියෙන ප්‍රශ්න ටික සෝමා පුංචි ඉස්සරහින් වාඩිවීගෙනම අහගන්නටය මං පෙරුම් පුරමින් හිටියේ.

සෝමා පුංචි ගැන බ්ලොගය පටන් ගත් දවසෙමත් ලියන්නට වුණේය. දැන් නම් හිතාදර පාඨක ඔබට අමතක වෙලාත් ඇති.

අපේ ලොකු මාමාගේ විවාහය දවසේ මනාලිය කැන්දන් එන්නට ගියාම වෙච්චි දේ.... මනාලියට අන්දවන කෙනා නෑවිත්.... සෝමා පුංචි, කඩේ පුංචි එහෙම එකතුවී මනාලියට ඇන්දවූ හැටි..... මං වහන්සේ මනාලියට ‘Double Bun’ හෙයාර් ස්ටයිල් එක දැමූ රඟ..... 

ආයෙමත් ඒවා click වෙන්නේ දැන්ය!

මතකයේ හැටි එහෙමය. මොකක් හරි කියන්නට ගත්තාමය, අදාළ දේවල් ටිකෙන්-ටික මතක්වීගෙන එන්නේ. ඒ ඇන්දිල්ල ගැන ‘ආදර පූජාසනේ- 8’ පෝස්ටුවට, සෑම් පෙරේරා හිතවතා ඔක්තෝබර් 3 වෙනිදා එවා තිබුණු කමෙන්ටුව කියවද්දීවත් සිහියට ආවේ නැතිය. 

මේ දේවල් කරද්දී ඔයාට බය හිතුණේ නැද්ද?

'මිනිස්සුන්ව අන්දන එක කලාවක් නම් "නිදි" එහි පිකාසෝ කිව්වාට වරදක් නැහැ. මේ දේවල් කරද්දී ඔයාට බය හිතුණේ නැද්ද, මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙයි කියලා? තං මීටරේ තිබුණ ඒවායින් මට මතක මේ ටිකයි. අන්තිම දෙකේ අනුපිළිවෙල වැරදි විය හැකියි. නොතං, බොත්තං, යංතං, තං, පතං, නොපතං, දොන්ත පතං!

තොරතුරු මතු කර ගන්නට ඕනේ බලෙන් නොවේ; එකෑවරමත් නොවේ. පොහොර දමමින්, හූමිටි තියමින් හීන් සීරුවේය. මීමැස්සෙකු මලකින් රොන් ගන්නවා වගේ සාර සුබාවටය.

“අනේ රංජි පුතා.... මගෙත් ඇස්දෙක පියවෙන්න ඉස්සෙල්ලා ආයෙ වතාවක බදුල්ලේ ඇවිත් යන්ඩ එන්නකො පුතේ!” සතියකට, දෙකකට වතාවක් සෝමා පුංචි ඉල්ලා සිටියි. “ඔයා ඉතිං අපේ ගෙදරට ගොඩ වැදිලා නැහැනෙ තාම....” අනෝමා මානෙල් නංගිත් නෝක්කාඩු කිව්වේ වතාවක්-දෙකක් නොවේ.

“ආයෙමත් මෙහෙ ඇවිත්... දවසක් දෙකක්වත් ඉන්ඩ බලාගෙනම එන්ඩකො අයියා... එදා වගේ සිංදු කියලා....” දිස්නා නංගි මතක් කරන්නේ 2014 ඔක්තෝබරයේ බදුලු ගිහින් දවස් දෙකක් එයාලගේ ගෙදර හිටි විත්තියයි.

දිස්නා නංගී මේ මතක් කරන්නේ 2014 එහාට ගිය වෙලාවේ....

ඒ යද්දී සිරි බාප්පාත් ජීවතුන්  අතරය. ඊළඟට අප බදුලු ගියේ සිරි බාප්පාගේ මළගමටය. උදේ ගිහින් හවස ආවා විතරය. “ඔයා ඉතිං එනවා එනවා කියනවා විතරයි රංජි අයියා. ආයෙ එන්නෙ අපි කවුරු හරි මළාම තමා!” නිරංජනී නංගි එදා කිව්වේ කඳුළුත් පෙරමිනි.

ඇත්තම කියනවා නම් මාත් ඉන්නේ එහි යන්නට ආසාවෙනි. නැත්තේ නිවාඩුය; ඒකත් මට නොවේ. අපේ මානෙල් නංගිලාට, නෙවිල්ට එහෙමය...

තනියම එහෙ ගිහින් වැඩක් නැතිය.

අල්ලාප-සල්ලාප නැඟලා යන්නේ හරස් ප්‍රශ්න අහන්නට- කාඩ් ගහන්නට- රණ්ඩු කරන්නටත් කට්ටිය ඉන්නා විටය. මං හිතාන හිටියේ අමාරුවෙන් හරි; බලහත්කාරයෙන් හරි ඒ කට්ටියට නිවාඩු හොයාගෙන දවස් තුනකට බදුලු යන්නටය.

මං හිතාගෙන හිටි ගොඩාරියක් දේවල්; සැලසුම් වෙනස් කළේ පියවි ඇහැට නොපෙනෙන පුංචි වෛරසයකි; Covid 19ය. 

කොරෝනාවෙන් වෙනස් වුණේ; උඩු යටිකුරු වුණේ මගේ අහිංසක සැලසුම විතරක් නොවේ. මුළු මහත් පෘථිවිතල වාසීන්ගේම සැලසුම් හා බලාපොරොත්තුය!

අනෝමා මානෙල්, නීරන්ජනී දූලායි සෝමා පුංචියි...

හිතේ තෙරපෙන දුක හිතාදර ඔයාලට කියාගෙන ගියා මිස, ඒ සමහරක් කරුණු ‘නිදිගෙ පංච තන්තරේ’ පාඨකයන්ට ‘අන්ඩර දෙමළ’ හෝ ‘ග්‍රීක්’ හෝ වෙන්නට පුළුවන් බව මට කල්පනා වෙන්නේ දැන්ය.

සෝමාවතී හපුආරච්චි කියන්නේ විවාහයෙන් පස්සෙය.

ඊට කලින් එයා රහුබැද්දේ විදානේලාගේ සෝමාවතීය; ආර්.වී. ලීලාවතීගේ- අපේ අම්මාගේ නංගීය.

සෝමා පුංචිත් බදුල්ලේ එකියකි. මං මීට කලින් අපේ මව්රාජිනිය ගැන හෙළි කොට ඇති ‘නිගමනයක්’ පුංචිටත් වලංගුය. එයාත් පිරිමියෙකුට පැදුර පෑගුණත් ගැබ්බර වෙන අංගනාවකි. 

බදුල්ලේ කණුපැලැල්ල මයිලගස්තැන්නේ හිටි ආර්.වී. කිරිවන්තේ උන්දෑට නම් හිටියේ දූවරුන් දෙන්නෙකි.

ඒත් ලොකු දුවට දරුවන් දහ දෙනෙකි. දෙවෙනි දුවට දූපුතුන් අට දෙනෙකි. ජයන්ත, අනෝමා, නිහාල්, රෝහිණී, නිරංජනී (නීනි), දිස්නා, ගීතා (බේබි) හා චින්තා කියන්නේ පිළිවෙලිනි.

ඒ පැත්තෙන්ම කලිසන් අඳින අයව කසාද බැඳගත්තේ.....

“ඔයා දන්නෙ නෑ රංජි අයියා. ඉස්සර අපේ අම්මා කියන ආඩම්බර කතා.... එයයි, ලොකු අම්මයි විතරලු ඒ හරියෙන්ම කලිසන් අඳින දෙන්නෙක්ව කසාද බැන්දේ....” සෝමා පුංචිගේ ලොකු දූ අනෝමා මානෙල් නංගී තවමත් එයාල අම්මාගේ ‘පම්පෝරියක්’ මතක් කරමින් සිනාසෙයි.

“අක්කයි නංගියි දෙන්නම තකට තක. අපේ අම්මා හිටපු ගමන් නයෙක් අරිනවා- බදුල්ලටම හිටිය ලස්සන කෙල්ලෝ දෙන්නා එයාලයි කියලත්.” මම කියන්නෙමි.

කතන්දරේ විදිහට නං ‘සෝමා නංගිට’ කසාදය පට්ටල් කරලා තියෙන්නෙත් ගුණපාල මස්සිනාමය. ඒ කොළඹ හාදයා ගම්පහට ඇද්ද නිසාද, රේල්ලුවේකමට ඇද්ද නිසාද කියලා දැන් අහගන්නට බැරිය. දෙන්නාම දැන් මිය පරලොව ගොසිනි.

කලිසන්කාරයෝ වුණාට දිසානායක හේවගේ ගුණපාල, සිරිසේන හපුආරච්චි දෙමස්සිනෝ පුදුමාකාර නීතිකාරයෝ වූහ.

ඉස්සෙල්ලාම බදුල්ලට කෝච්චිය එන දවසේ ඒ අහිංසකයන් තණකොළ කපාගෙන... (foto- Shashin Wijethunga)

අපේ තාත්තා ගැන කියන්නට නම් බදුල්ලේ සීයාට අපේ අම්මා දුන් වී ගෝනියේ කතන්දරය විතරක් මතක් කළාම ඇතිය. සිරි බාප්පා හිටියේත් අපේ තාත්තා වගේම ගෙදර හැමෝම බය කරගෙනය. (ඒ මං දැක්ක විදිහය.) 

මට හිතෙන්නේ මේ පිරිමි දෙන්නාම ඒ විදිහට රජ කරන්නට ඇත්තේ බදුල්ලේ සීයා ගැමි ගොවියෙකුවූ නිසා වෙන්නට ඇති; බදුල්ලට ඉස්සෙල්ලාම කෝච්චිය එනවිට, කෝච්චියේ අශ්වයන්ට තණකොළ කපාගෙන ආව තරමේ අහිංසකයෙකුවූ නිසා වෙන්නටත් ඇති. 

කිරිවන්තේ උන්දැගේ බෑනලා දෙන්නාම හිතාගෙන හිටියේ එයාලා රජවරුන්ය කියලාය.

(හැබැයි, මා තේරුම් ගත් හැටියට තවත් භයානක ඇත්තකුත් නොකියා බැරිය.) මේ බිසෝවරු දෙන්නාම රජවරුන්ට නොදැනෙන්නට එයාලාගේ නහයත් විදලා- නාස් ලණුත් දමාගෙන හිටියෝය. (ඔහොම පෙනුණේ මගේ ඇස්වල ඒ දවස්වල කොරපොතු තිබුණ නිසාවත්ද?)

නමුත් මේ අක්ක නගෝ දෙන්නාම අපේ තාත්තාට කීකරු නොවෙන්නට....

සූර්යග්‍රහණ සිදුවෙන ආකාර අනුව....

එහෙම කීකරු නොවුණා නම් මොනවා වේදැයි උපකල්පනය කිරීමෙන් වැඩක් නැත. කීකරු වීමේ වාසි පැත්ත ගැනය මා බැලිය යුත්තේ. ඒ වාසිය හිමි වුණේ මට හින්දාය; මාරකයකින් ගැලවුණේ බිලිඳු මා හින්දාය.

ඒ පූර්ණ සූර්යග්‍රහණයක් තිබුණු දවසකය! හරියටම කියනවා නම් 1955 ජුනි 20 වෙනිදා....

සූර්යග්‍රහණයක් වෙන්නේ සූර්යයාත් හඳත් පොළොවත් එක පෙළට පිහිටන වෙලාවක... පොළොවේ ඉන්න කෙනෙකුට හඳේ හෙවණැල්ල නිසා සූර්යයා නොපෙනී යාමෙනි.... බොහොම පුංචි වෙලාවකට. සූර්යග්‍රහණ වර්ග තුනකි; අර්ධ, වළයාකාර හා පූර්ණ වශයෙනි.

මෙහෙම වෙන්නේ හැමදාම නෙවෙයි. අවුරුද්දකදීම වුණත් හතර වතාවක් විතරයිලු සූර්යග්‍රහණ වෙන්නේ. එයිනුත් පූර්ණ සූර්යග්‍රහණ හරිම කලාතුරකින් වෙන්නේ! 55 වුණෙත් එහෙම එකක්!

අදට අවුරුදු 65කට කලින්!!

සූර්යග්‍රහණය රූප ගන්නා විද්‍යාඥයන් බිලි ගනීද?

එදා ඉඳලා ලෝකය කොච්චර වෙනස් වෙලාද? වැඩියත්ම තාක්ෂණය නිසා. අද උදේ පාන්දර ප්‍රවෘත්ති බලද්දී දැක්කේ හරිම සුබදායක පුවතක්..... ඔයාලාට කලිනුත් කිව්වේ.... කොරෝනා නිසා ලෝකෙම උඩු-යටිකුරු වෙලා.... අංජ-බජල් වෙලා.... නන්නත්තාර වෙලා. සුබාරංචිය තමයි අපේ බලවන්තයෙක් විශ්ව ශක්තියෙන් ‘කොරෝනා’ව කොර කොරවන්නයි හදන්නේ.

ඊයේ අපේ ලොක්කො-ලොක්කියෝ තුන් දෙනෙක් ‘අර විශ්ව ශක්තියෙන් බල ගැන්වූ ජල කුම්භයන් හතරක් මාදු- කළු- කැළණි ගංගා තුනට වත් කරලා.

මං ඒත් බැලුවා මට වැරදිලාද කියලා. කළගෙඩි හතරක් ගඟවල් තුනකට?

හරිනේ... දෙන්නෙක්ම එකම කැළණි ගඟට දෙපොළකදී වතුර දාලා. නයි පටෝපු ගඟනෙ... නාග ලෝකෙටත් කොරෝනා පැතිරිලා වෙන්ටැති. නැත්තං මේ වෙලාවෙත් චීන කරඬුවක දාලා හරි එහෙන් බේතක් එවයි!

ඒ විතරක් නෙවෙයි; සෙසු දිස්ත්‍රික්කවල මැති-ඇමතිවරුන්ටත් ඒ පැන් කළගෙඩි බෙදා දීලා, ගම පළාත්වල ජල ධාරාවන්ට මුදා හරින්න.

විශ්ව ශක්තිය අඩංගු ඒ වතුරෙන් නාන්නද, බොන්නද ඕනෑ?

මේ කොරෝනා වසංගතේ දූරිභූත කරන්න ඇහැක් වෙන්නේ ඒ වතුර බිව්වමද, නෑවාමද නැත්තං ලෙඩාගේ පණ යන කල් ඒ ජලයේ ගිල්ලලා තිබ්බාමද කියලා නං තවම කියලා නෑ. මුලින්ම ගංගාවලට වක්කොරන්න ඇත්තේ සප්ත මහා සාගරයම ඖෂධයක් කරන්න හිතාගෙන වෙන්නත් පුළුවනි.

හැබැයි වැඩේ කියන්නේ මේ මනුස්සයෝ ටික ගඟට වතුර දාන්නේ පොලිතීන්වලින් කට ගැට ගහපු විදිහටම තියෙද්දී. නාවුක හමුදාවෙන් කිමිදුම් සූරයෝ යවන්නයි වෙන්නේ ඒවා ලෙහලා දාන්න. 

මොක වුණත් ඒ මහත්තැන්ලා business minded කට්ටිය නං නෙවෙයි!

මං වගේ නසරානියෙක් නං ඉස්සෙල්ලාම වතුර කළගෙඩි ටික යවන්නේ ඇමෙරිකාවට. එහෙ දවසකට කොරෝනා ලෙඩ්ඩු ලක්ෂෙත් පනිනවලුනෙ. ඇයි එංගලන්තේ.... සුමාන ගාණකට lock downලු! ප්‍රංශේ... ඒ වගේ තැන්වලට වතුර යවලා ලෙඩ්ඩු සනීප කළා නං අම්මපා, ඒ මහත්තැන්ලා නිකන් ඉඳීවිද කෙළෙහිගුණ නොපෙන්නා. ෂුවර්, අපේ විදේශ ණය සේරම උන්නැහේලා ගෙවා දමාවි නේද?

මේ වැඩෙත් අර හදිස්සියේ අපේ රටට ගෙන්නපු කොරෝනා පරතිකාරේ ‘අවිගන්’ වගේ එකක්ද කියලා දන්නෙ කවුද අප්පේ?

එතකොට මටත් ජයන්ත පුතාව.... (වමේ සිට) නිහාල්, නාරද හා ජයන්ත 

ඔන්න අපේ මොළේ! අපේ හැටි!! ප්‍රභාකරන් කිව්වැහේ ලංකාවේ මිනිස්සුන්ගේ මතකය සුමාන දෙකයි තමාය!!!

ඉතිං අවුරුදු 65කට ඉස්සෙල්ලා හිටිය ගොඩාරියක් පුරවැස්සන්ට තිබුණු මොළයේ වපසරියත් හොඳට පෙනුණේ එදා පොටේ තමාය.

“ලීලක්කට එහෙමත් ආරංචිය හම්බ වෙලා.... මටත් කවුදෝ කිව්වා! එතකොට මටත් ජයන්ත පුතාව හම්බ වෙන්ඩයි හිටියේ....” සෝමා පුංචි මතකය අවදි කරවන්නීය.

“සෝම නංගී.... පත්තරේක තිබ්බලු හෙට උදේට ඉර නොපෙනී යනවය කියලා... රෑ වගේම කරුවල වෙනවලු....”

“ඔව් ඔව් ලීලක්කා. ආං හැමෝම පුදුම වෙලා බලාගෙන ඉන්නවා හෙට වෙනකල්.... කල්ප-කාලාන්තරේකින්ලු මෙහෙම වෙන්නේ කියල කියව්වලු කඩේ බාප්පත්.....”

‘කඩේ බාප්පා’ මට නම් කඩේ සීයාය. විනයවර්ධන කල්ලියේ සාමාජිකයෙකුවූ; පාංශුකූලයකටවත් සංඝයා වහන්සේ කෙනෙකු වැඩම්මුවේ නැති කෙනෙකුවූ කඩේ සීයා ඒ ඉසව්වටම හිටි බුද්ධිමතාය; රැඩිකල් මතධාරියාය. ජ්‍යෝතිෂය දැන සිටි ඔහු හැමදාම නිඳා ගත්තේ මිනී පෙට්ටියකය. 

ලීලක්කයි මමයි කතා වුණේ පුතාටත් වදකහ පොවන්න!

“රංජි පුතා. එදා තව ඩිංගෙන් ලීලක්කයි, මායි ඔයාල තාත්තාගෙන් ගුටි කාලා මැරෙනවා!”

සෝමා පුංචිගෙන් මං මේවා අහගත්තෙ ළඟින් වාඩි වෙලා ඉඳගෙන නොවේ. යන්නට තහංචි හින්දා ටෙලිෆෝනයෙනි.

විඩෙන්-විඩේ එක-එක්කෙනාගෙන් කියවිලා තිබුණු තොරතුරු මෙහෙම ලේඛනාරූඪ කරද්දී, නැවතත් ඒවා විමසා බැලීම මගේ සිරිතය. නිකම්ම ‘මම තොරතුරු සපයමි - ඔබ තීරණය කරන්න’ කිව්වාට මදිනේ. හරිම ඇත්ත ලියලා තියන්නට වගකීමකුත් තියෙන්න ඕනිනේ.....

“ලීලක්කයි මායි කතා වුණේ ඔයාටත් වදකහ පොවන්ඩ!”

ඒ ඉරිදා, 1955 ජුනි 19 වෙනිදා ‘ඉරිදා ලංකාදීප’ පත්තරයේ වදකහ ගැන එවැනි උපදෙසක් පළවී තිබුණේලු. පූර්ණ සූර්යග්‍රහණය පවත්නා විනාඩි කිහිපය තුළදී වදකහ ස්වල්පයක් ගලගා පානය කිරීමෙන් වඩ-වඩාත් රූමත් විය හැකි යැයි ඒ පුවතේ තිබුණේල.

“ඇයි පුංචි, මම ඒ කාලේ කැතටද හිටියෙ?”

අනේ පුතේ ඔයා එතකොටත් ලස්සනයි! (අම්මයි මමයි)

“අනේ රංජි පුතා.... ඒ පැත්තේ හිටිය ලස්සනම කොල්ල ඔයා.... අපි හැදුවේ ඔයාව තවත් ලස්සන කරවගන්ඩයි. එකම ගෙදරක වගෙයිනෙ රංජි පුතේ අපි සේරම හිටියෙ. තනි- තනි බිත්තියෙන් තමා ගෙවල් වෙන්වෙලා තිබ්බේ.

-ඉතිං පුතේ ලීලක්කට වඩා ඔයා හිටියෙ මගෙ අතේ... පුතා දන්නවද? ගුණපාල අයියට තරහ ගිය ගමන් කරන අසත්පුරුෂ වැඩේ. ‘ගන්නෙ එහෙම නෑ මගෙ කොල්ලව උඹේ ළඟට’ කියලා ඔයාව වඩාගන්ඩ නොදී ඉන්නවා.... අනේ ඇත්තමයි පුතේ.... පුතාල තාත්තා හරිම නපුරුයි වෙලාවකට!”

“ඉතිං පුංචියි අම්මයි දෙන්නත් වදකහ....”

“මයෙ අම්මා.... දෙයියොම තමයි බලන්ඩ ඇත්තේ.... එදා ඔයාටත්....”

“පුංචි. තැඹිලි වතුරෙන්ද කොත්තමල්ලි වතුරෙන්ද ඔයාලා වදකහ උරච්චි කළේ?” මම තවත් වතාවක් උත්තරය කටටම දීලාත් විස්තර ගන්නට උත්සාහ ගත්තෙමි. සෝමා පුංචිට එච්චර විස්තර වැදගත් නැත. වාර්තාවන් කියන්නේ රන්වන් පැහැති සමක් ලබා ගනු රිසි අය තැඹිලි වතුරෙන් වදකහ ගලගාගත යුතු බවයි. බුද්ධි වර්ධනයට නම් කොත්තමල්ලි වතුරෙනි.

හානේ! එහෙමද කියල තියෙන්නේ?

උපදේශයෙන් කියැවිලා තියෙන්නේ වදකහ මංචාඩියක් ගලගාලා දියරයකට මිශ්‍ර කරන්නැයි කියලාය.

“හානේ! එහෙමද කියලා තිබුණය කියන්නේ... අපට පත්තර හම්බ වෙච්ච එකක්යැ පුතා. ආයෙ උගුරැස්සගහවත්තේ එක-එක්කෙනා කතා වෙච්චි එව්වා අහගත්තා මිස?”

ඉතිං...

22 comments:

  1. නිදි ලොක්කා ඉස්සෙල්ලාම ගස්සලා යවන්න හැදිල්ලෙන් බේරුනා දැන් වදකහ සුදියෙන්. බදුල්ලේ උන්දැලා හරි භයානකයි නොවැ.

    ReplyDelete
    Replies
    1. ආය නෑ කියන්ඩය මයෙ පුතා! මාත් ඒ බදුල්ලේ ඉස්පිරිතාලේ උපන් බින්තැන්නේ පුතෙකු නෙව.... අම්මල හත්මුතු පරම්පරාවම එහෙ කිව්වාම...

      Delete
  2. සූර්යග්‍රහණය වෙලාවේ රූමත් වෙන්න වදකහ බිව්වා වගේම, සූර්යග්‍රහණය හොඳින් පෙනීමට නම් වදකහ බොන්න ඕනෑ කියලා කියාපු බවකුත් මම කියවලා තියනවා. ඒ පුවතේ අන්තිම වාක්‍යය හැටියට, //සූර්යග්‍රහණය හොඳින්ම නැරඹීමට බලාපොරොත්තුවෙන් වදකහ බිවූ පුද්ගලයන්ට සූර්යග්‍රහණය නැරඹීම කෙසේ වෙතත්, වැසිකිලි වලට වී කල් ගෙවන්න සිදු උනා// වැනි අදහසක් දෙන වැකියක් කියැවූ බවත්යා මතකයේ තියනවා.

    ඔය විශ්ව ශක්තිය ඇතුලත් කරපු කලගෙඩි කිසිම ගරු සරුවක් නැතිව, "බල්ලන්ට ලෙලි පොල් දෙනවා වාගේ" ගඟට විසි කරපු එකට නම් මම විරුද්ධයි. ඒක කල යුතුව තිබුනේ, ගඟ ළඟටම ගිහිලා දණ ගහලා නැගෙනහිර බලලා (හරියම නැගෙනහිර එන්නේ නැතිනම්, සිතියමේ දිශාව පොඩ්ඩක් වෙනස් කරලා හරි ඒක හරියටම නැගෙනහිරට හදාගෙන ) දන් පිළිගන්වනවා වාගේ අත් දෙකෙන්ම කල ගෙඩිය ගඟේ තැන්පත් කිරීමයි. එහෙම නැතිනම් වතුර ටික ගඟට වඩලා (නිකම්ම වතුර හැලුවා කියලා ලිවීම අවමානයක්, ඒ නිසායි ගෞරවාර්හ පදයක් යෙදුවේ) ඔය කලගෙඩි ටික මැටි ඇමති ට ආපහු දීමයි. එහෙම කලානම්, කොරෝනා සම්පුර්ණයෙන්ම නැති වෙන බව සහතිකයි.

    ReplyDelete
    Replies
    1. හා හා මේ කොමෙන්ට් එකට හිනා ගියා

      Delete
    2. සෑම් මහත්තයෝ,වදකහ සුදිය බීපු අයට වෙච්චි දේවල් ගැන දෙවෙනි කොටසේ තියෙනවා.

      මමත් විශ්ව ශක්තිය විශ්වාස කරනවා. මතකයිනේ 'අරවින්ද, රිකී ගැන ලියනකොට මම කිව්වා. ඕනි නං ආයෙම ගිහින් බලන්න link එකත් මෙන්න ඔබනවා.
      https://nidigepanchathanthare.blogspot.com/2019/08/desert-rose-reiki.html

      හැබැයි මේ කරන විදිහට එක මිනිහෙකුට විශ්ව ශක්තිය එකතු කරගන්න පුළුවන් නං...... ඒකා බුදු හාමදුරුවන්ටත් වැඩිය කෙනෙක් වෙන්න එපැයි.

      ඒවා විශ්වාස කරන අයත් කැකිල්ලේ පරම්පරාවේ අය වෙන්නැති.

      අජිත් මහත්තයටත් හිනා යන්නේ ඒක වෙන්නැති.

      Delete
    3. මම ඔය ගැන කරපු පර්යේෂණ වගයක් ගැන බ්ලොග් එකේ ලිව්වා. ලිපි 12ක්. ආපහු දාන්න ඕනේ

      Delete
    4. කාගෙන්වත් අවසර ගන්න තියෙන එකක්යැ... ලිපි 12ක්? කාටත් වැදගත් වෙයි... ආයෙම දාන්න අජිත් මහත්තයෝ!

      Delete
  3. Replies
    1. ඔව් Pra Jay මහත්තයෝ, මටත් හිතන්නේ Sunday-ඉරිදා දවසේ පැවැත්වෙන සති පොළට කවුරු හරි ඉන්ගිරිස්කාරයෝ කියාපු වචනෙන් 'සන්දෙ' සිංහල වචනේ හදාගන්න ඇති.

      මට හිලා තියෙන්නෙම සන්දෙ කියලයි.
      නමුත් බදුල්ල පැත්තෙ කරන්න- බලන්න වගේ වචන වුණත් උච්චාරණය කරන්නේ කරන්ඩ- බලන්ඩ විදිහටය කියලා මේ ළඟදිත් සෝමා පුංචිගේ ලොකු දුව (එයා ටීචර් කෙනෙක්) අනෝමා මානෙල් නංගී තහවුරු කළා.
      එහෙමත් තියෙද්දියි සන්ඩේ සන්දෙ වෙලා තියෙන්නේ.

      Delete
    2. ඔව්..මාත් හිතන්නෙ ඕකෙ ආරම්භය Sunday වලින් කියල. කඩුගන්නාවෙ සතියෙ පොලටත් මිනිස්සු කියන්නෙ සන්දෙ කියල...ඒක තියෙන්නෙත් ඉරිදාට..

      Delete
    3. ලොකූ, ඔය විදිහට බලද්දී තව කොහේ කොහේ සන්දෙ තියෙනවද දන්නෑ නේද?

      Delete
  4. කලගෙඩි ඇමරිකාවට යවන්න ඕනෙ නෑනෙ නිමල්. ගගෙන් මූදට ගියාම ලෝකෙටම. ලගදිම චිලීවලින් එන ටින් මාලුත් විස්වසක්තිගතවූ ඒවා.

    ReplyDelete
    Replies
    1. බොලේ හැබෑට! සත්ත නේන්නං... හිරවෙලා එක්ස්පයර් වෙච්චි ටින් මාළු කාරයෙක් මේ අයිඩියාවෙනුත් වැඩක් ගන්න බැරි නැ!

      Delete
  5. රංජි පුතා කියන්නෙත් උඹටද මචං ? ගෙදරට කිව්ව නමද?මමත් ඔය විශ්ව ශක්තිය කියන එක විශ්වාස කරපු කාලයක් තිබ්බ. ඕකම නෙමෙයි මේ ලෝකයේ චුම්බක ශක්තිය. ඒක ටැප් කරන්න පුළුවනි කියල. ලයින් වගයක් උතුරු දකුණු ධ්‍රැව යා කරනවා කියල. මට නම මතක නැහැ. මේක මගේ බ්ලොග් එකේ ලියල තියනවා. හොයල අත හැරලා දැම්මට පස්සේ චෙක් ස්ටඩි එකක් කරලා තියනව දඩයම් බල්ලන්ට ඒක හොයා ගන්න පුළුවන් කියල. චුමබක ශක්තිය

    ReplyDelete
    Replies
    1. දැන් මම ඕක ලිව්වේ මම අර වයිට ගේ කුණ්ඩලිය විශ්වාස කරනව කියන්න නෙමේ. හේ හේ බ්ලොග් ලියන්නන් සහ බදුල්ල අතර මේ සමබන්ධය කොහොමද ආවේ කියල නිතර කල්පනා වෙනවා. නිදිටත් තියනවනේ.

      Delete
    2. අජිත් මහත්තයෝ, ගෙදරට මගේ නම රංජි. ඒ හින්දා බදුල්ලටමත්, පමුණුවේ හුඟ දෙනෙකුටමත් මං තවමත් රංජි.

      කුළුඳුල් පුතා ඉපදෙන්නත් කලින් අපේ අම්මයි තාත්තයි නම හදාගෙන ඉඳලා. නිමල් රංජිත් දිසානායක කියල. තාත්තගේ වාසගමේ හේවගේ කාලත් හලන්නයි හිතල තියෙන්නේ කැත නිසා.

      අම්මට අමාරු වෙලා ඉස්පිරිතාලෙට ගෙනියද්දි අපේ තාත්තා සරු බූරු පිටියකලු හිටියේ. පරක්කු වෙලා ඉස්පිරිතාලෙට යද්දින් මිසී කෙනෙක් වැඩේ අනලා, රංජි හලලා....තාත්තගේ වාසගම එහෙම පිටින්ම එකතු කරලා... ඔය නමේ කතන්දරේ මං ලිව්වේ අවුරුදු දෙකකට විතර කලින්. බලන්න කැමතියි නං 'නැණ බල්ලෙ දිනාවි' කැටගරියේ 'නොදෙන්න හිටි රන් පදක්කම' පෝස්ටුව බලන්නකො. එක්කෝ තවත් ලේසි වෙන්න link එකම දාන්නං. මෙන්න:
      https://nidigepanchathanthare.blogspot.com/2018/04/blog-post_1.html

      Delete
  6. නිමල්ගෙ පවුලෙ සහ extended family හැමෝම ප්‍රසන්න පෙනුම තියෙන, photogenic අයනෙ (දාලා තියෙන photos වල විදිහට). තව වද කහ මොනවටද.

    'නිඳා ගත්තේ මිනී පෙට්ටියකය': රැඩිකල් වැඩක් වුනත් ඒකෙන් එයාගෙ මරන භය නම් නැති වෙන්න ඇති නේද.

    ReplyDelete
    Replies
    1. ප්‍රශංසාවට ස්තුතියි Lotus, පවුලේ අය වෙනුවෙනුත් මමම හරි ස්තුති කරන්න ඕනිනේ. ඔය ප්‍රසන්න පෙනුමේ ජාන නම් අම්මලා පැත්තෙන් තමයි එන්නෙ කියලා මං හිතන්නේ.

      ඊටත් වඩා විශේෂම දේ විදිහට මම දකින්නේ අපේ පවුල්වල තිබුණු- තවමත් තියෙන විවෘතකම. හුඟක් ගෙවල්වල පරම්පරා පරතරයට ලොකු තැනක් තියෙනවද මන්දා... ඔය විවෘතකමේ වාසිය තමයි බ්ලොගයට ලැබිලා තියෙන විචිත්‍ර තොරතුරු සමුදාය!

      කඩේ සීයා නිතර මරණය මෙනෙහි කළ නිසයි මිනී පෙට්ටියේ නිදාගත්තේ. අනෙක එයා විනයවර්ධන නිකායෙනේ...

      Delete
  7. වදකහ ගැන ඇන්ටන් ජෝන්ස් ගෙ ද කොහෙද සිංදුවක් මතකයි. ඒ කාලෙ හැම බජව්වකම වගේ අන්තිමට කියපු සිංදුව...

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී මහත්තයෝ. ඒ සිංදුවට තාත්තලා ගොඩක් ඉන්නවා. සී. එල්. ෆොන්සේකා මහත්තයාගේ ඉඳලා. තියෙන කතාන්දරවලින් ඇත්තම හොයාගන්න වෙනම යුද්ධයක් කරන්න වෙනවා.

      Delete
  8. තව පොඩ්ඩෙන් “බිවුව නේද වදකහ සුදිය“ පෙව්ව නේද වදකහ සුදිය වෙනවා.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්