li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, November 22, 2021

පහළොවේදී...- හත්වෙනි කොටස

එහෙව් ආදරයක්, ඕනෑම බරක් දරා ගන්නට; ඕනෑම දුකක් දරා ගන්නට අවශ්‍ය ශක්තිය.....
ඔච්චර තද වෙද්දී කොහොමද ..... ඩග්ලස් පසු බැස්සේය. මං නුගේගොඩ - දෙහිවල 118 බසයකට නැඟ ගනිද්දීත් ඩග්ලස් බස් නැවතුමේ බලා හිටියේය. 

එදා ඩගී මගේ එපාකීමට කීකරු වී බස් නැවතුමේ සිට බලාගෙන සිටි අයුරු තවම මගේ ඇස් දෙකේය. ඔහොම ඒවා මට තදින් මතක හිටියි.

අපට එහෙම මතක හිටින්නේ මොන වගේ දේවල්ද?

ඊට පසුවදා උදේම දීඝායු අතරමඟට වෙලා බලා උන්නේය. ‘නිමා, එහෙනං ඔයා මේක පරෙස්සමෙන් එස්ට දෙනවද?’ කියා අහන ගමන් ලියුමකුත් මගේ අතට දුන්නේය. දීඝායුගේ වචනවල ඒ මොහොතේ ගැබ්ව තිබුණු ආදරණීය ස්වරය තවමත් මගේ සවන් යුග ඇතුළේ නින්නාද නංවයි. ඒ හඬ ඒ තරමටම සෙනෙහෙබරය.
එහෙත් එසේ ආදරණීය වූයේ මා වෙනුවෙන් නොව එස් වෙනුවෙන් බව එදාත් මට වැටහුණේය; ඒ වැටහීම නිසාම, දුකකුත් හිතුණේය!

දැන් මම දනිමි.
ආදරයට සුදු-මුදු-සිනිඳු කළ නොහැකි දළ-රළු-ගොරහැඩි දෙයක් තිබෙන්නට බැරිය.
රසවත් කළ නොහැකි; සුමිහිරි කළ නොහැකි නීරස-අමිහිරි දෙයක් තිබෙන්නට නොහැකිය!
ඇත්තය. එහෙව් ආදරයක් ඕනෑම බරක් දරා ගන්නට; ඕනෑම දුකක් දරා ගන්නට අවශ්‍ය ශක්තිය අපට ලබා දෙයි. මට තිබෙන ප්‍රශ්නය නම් ‘එවන් ආදරයක් වුවත්, නොනැසී; අඛණ්ඩව දිගු කාලයක් පවත්වා ගත හැකිද?’ යන්නයි.

විපරම කෙරුණේ මගේ දෙනෙතින් විතරය.

එදාට ඉස්සරින්, වසන්තට ලියුමක් නෙවෙයි; වාක්‍ය දෙක තුනක් කුරුටු ගාන්නටත් දීඝායුට දවස් දෙක-තුනක් ඕනෑ වුණේය. එහෙව් හාදයා, එස්ට ලියන ලියුම නම් එක රැයින්ම පිටපත් කරලාය. ඇත්තම කියනවා නං, එතකොට මගේ හිතේ ඒ ගැන කෝන්තරයකුත් උපන්නා මතකය.

කවදාවත් දීඝායුගෙන් ඒ ගැන ඇසුවේ නැතුවා වුණත්, තවමත් මගේ හිතේ ඒ කහට පැල්ලමේ ඡායාවක් ඉතිරිව තිබේ!

දීඝායුගේ ඒ ලියුම දුන්නාම එස් පෑ හිනාවත් මට මතකය. මා කාටත් රහසින් එස්ට ලිපිය දුන්නත්, එස් මට ස්තුති කරද්දී බට්ටිත් එතැන හිටියාය. ‘එහෙනං මෙයාටත් කියලයි තියෙන්නේ.’ මට සිතිණි.

ඉතිං ඒ පෙම්වතුන් දෙන්නාට ‘පුළුවන් විදිහකින් උදව්වක් කරන්නට’ හිත හදා ගත්තත්, මගේ හිතේ පිරී තිබුණු දුක තුනී වුණේ නැත.
දීඝායුට රිදවන්නට හෝ අවැඩක් වේවායි සිතන්නටවත් උවමනාවක් මට නොවිණි. නමුදු ඔහු වෙනුවෙන් මගේ හිතේ තිබුණු ඉඩ පිළිබඳව කියා ගන්නට බැරි තරම් තරහක් මට තිබිණි; මගෙත් එක්කම උපන් තරහක් මට තිබිණි. සමහර දුකක වුව මිහිරක් ගැබ්ව තියෙනවාවත්ද? තිත්ත කරවිල ගෙඩිය කාගෙන සිටින පණුවාට ඒ තිත්ත දැනෙන්නේ රසයක් විදිහටලු නේද....

“මගේ ලියුම දුන්න නේද?”
හැන්දෑවේ මාව දැක්ක ගමන් දීඝායු ඇහුවේ ඒකය. ‘දැන් ඉතිං හැමදාමත් මෙහෙම තමා!’ මට සිතුණි.

එදා ඩග්ලස් පෙනෙන්නටවත් නොසිටියේය. විපරම කෙරුණේ මගේ දෙනෙතින් විතරය.

එයාට ආසයිලු ඔයාගේ නැටුමක් බලන්න!

කළුබෝවිල ඉඳලා මං ආපහු එද්දී ඩගී බස් නැවතුමේ සිටියේය! මං එනතුරු...

එතකොට ඒ බස් නැවතුම තිබ්බේ හයිලෙවල් පාරෙන් නුගේගොඩ පරණ පාරට හැරෙන තැනම තියෙන පල්ලිය ඉස්සරහය. ඩගීගේ හිනාවට මගෙනුත් හිනාවක්; ප්‍රශ්නයකුත්....

“කොල්ලා අදත් ටියුෂන් පන්ති ගියේ නෑ වගේ... හවස මං ඔයාව දැක්කෙ නැහැනේ...”

“අපිව පෙනෙයිද... අර භූතයාව විතරනේ නිමල්ට පේන්නෙ....”
“ඔයා හිතන විදිහේ මොනවත් නෑ.... එයා මට ලොකූෟෟෟෟෟ උදව්වක් කරපු කෙනෙක්....” මට කියැවුණේ හිතන්නෙවත් නැති කඩිනමකිනි.

“මේ මේ... මට ඌ ගැන වැඩක් නෑ... මට ඔයාටත් උදව්වක් වෙන දෙයක් කරන්නයි ඕනි. මම ඊයෙම ඔයාට කිව්වේ සීරියස් වැඩක් තියෙනවයි කියලා.... ඔයාව ගමනක් එක්ක යන්න තියෙනවයි කියලා.”
“ඒකටමද ඩගී මේ තකහනියේ මං එනකල් බලා හිටියේ....”
“ඔන්න. ඔන්න... පොඩ්ඩ බැරි වෙන්න බැහැනේ ඔයත් එක්ක.. ඔයාට විතරක් නෙවෙයි, ඒ උදව්ව කරන්න යන්නෙ... මගේ තව යාළුවෙකුටත් එක්කම...”

ඩග්ලස් එහෙම කියද්දී නං මටත් කුතුහලයක් දැනුණි.

“තව යාළුවෙකුටත්?”
“කලබල වෙන්න දෙයක් නෑ නිමල්. මම අඳුරන මහත්තයෙක් ඔයාව දැකලා.... එයාට ආසයිලු ඔයාගේ නැටුමක් බලන්න.” ඩග්ලස් කිව්වේය.

“මං නැට්ටුවෙක්ද?”
මං එහෙම අහනකොට නං ඩග්ලස් ටිකාක් විතර පසු බැස්සා වගෙය. එයා ගැළපෙන වචන තේරුවා වෙන්නට ඇති....

ඒ මහත්තයා එයාගේ කාර් එකෙයි එතකොට ඉඳල තියෙන්නේ... එයාට ඕනිලු ඔයාගේ වැඩේ...

“අනේ මන්දා... මමවත් තවම දැකලා නැහැනේ ඔයා job එක කරන හැටි... ඊයේ මාත් කළුබෝවිලට එන්න හැදුවේ කොහොමද බලා ගන්න. ඔයා එපා කිව්වනේ.....” ඩගී කතා කළේ හොඳටම පරෙස්සම් වෙමිනි. මට හිනා ගියේ ඒක අගේටම දැනුණු හින්දාවෙනි.

“මම ආසාවට පේව්මන්ට්වල නටන්නේ නෑ ඩගී.... ඒකාංගික නාට්‍යයක් පෙන්නලා කවි පොත් විකුණනවා...” එතකොටත් මං කරන දේවල් ගැන හංගා ගන්නා පුරුද්දක් මට නොතිබුණා විය යුතුය. ඊටත් වඩා අපේ දුප්පත්කම ගැන කිසිම ලජ්ජාවක් මට නොතිබුණා විය යුතුය. 
“හරි! ඒ වුණාට වෙනම ඇඳුමක් ඇඳලනෙ ඔයා....” ඩගී කිරා බලන සෙයියාවෙන් කිව්වේය.
“...හ්ම්!”
“අර මහත්තයට ඕනිලු ඔයා ඒක කරන හැටි බලන්න... එයා යන්තමට ඔයාව දැකලා තියෙන්නේ....” ඩග්ලස් දිගටම කියාගෙන ගියේය.

ඩගී කියන හැටියට නම් ඒ මහත්තයා කොළඹ ලොකු කන්තෝරුවක ලොක්කෙකි. කොටුවේ පල්ලිය ඉදිරිපිටදීය, මං ‘පේව්මන්ට් එකේ රජ වෙන’ හැටි දැකලා තියෙන්නේ. “ඒ මහත්තයා එයාගේ කාර් එකෙයි එතකොට ඉඳල තියෙන්නේ... එයාට ඕනිලු ඔයාගේ වැඩේ බලා ගන්න.” 

“එහෙනං එයාට කියන්න එහෙම තැනකට එන්න කියල....” මගේ ආඩම්බරය ඔළුව ඉස්සුවාවත්ද? ඩග්ලස් මගේ පස්සෙන්ම ආවේ මේ මඟුලකටද?

“මං ඔයාට කිව්වෙ නිමල්.... එයා ලොක්කෙක්. එයාට පුළුවනිද ඕනෙම තැනකට එන්න.... ඉන්නකො, මං ඔයාල ගෙදරට ඇවිත් තාත්තා එක්කලම කතා කර ගන්න.” ඩග්ලස්ගේ කතා  පරෙස්සම එයාටම අමතක වෙලාය.

මම එස්ට ලියුමක් ලිව්වා!

“එහෙනං අපේ තාත්තවම එක්ක යන්න!”

ඒ වෙලාවේ මට උත්තර බඳින්නට නොආ ඩග්ලස් දවස් හත-අටකට විතර පස්සේ අපේ ගෙදරටම ඇවිදින් තාත්තාව හම්බ වෙලා තිබුණේය.

දැන් නං එදා සිට දවසක් දෙකක් අතීතයට නොගිහින් බැරිය. එහෙම නොකළොත් සිදු වුණු දේවල් මඟ හැරේවි!

එස්  ලියූ පිළිතුරු ලිපියත් දීඝායුට අරගෙන ගිය පියුන්කාරයා වුණේ මං වහන්සේය. නමුත් මේ ගැන කිසිම දෙයක් කොරල සුන්දරීටවත්, දඩෝරියාටවත් නොකියන්නටත් මම වග බලා ගත්තෙමි.
සාමාන්‍යයෙන්ම මට තිබෙන්නේ ඒ පුරුද්දය. අනෙක් අයගේ පෞද්ගලිකත්වය හැකිතාක් ආරක්ෂා කරලා දෙන එක හොඳයි කියලාය අදත් මං හිතන්නේ.

ඊළඟ වදකාර ප්‍රශ්නය මතු වුණේත් මගේ ඒ ප්‍රතිපත්තිය නිසාය.

“මචං නිමල්... උඹට බඩ්ඩක් කියන්නං, හැබැයි කාටවත් කියන්න බෑ....” දඩෝරියා මට කිව්වේ අප දෙන්නා විතරක් පන්තියේ හිටි වෙලාවක් බලලාය.
“ඔච්චර රහසක් නං ඉතින් මටවත් නොකියා හිටපංකෝ!” මට කියවුණේය.

“අඩෝ... මචං නිමලෝ... ඉස්සෙල්ලම මේක උඹට කියන්න හිතුවම ඔහොමද බං...”
“හරි හරි. එහෙම නං කියපංකො.”
“මම එස්ට ලියුමක් ලිව්වා!”

ජංජාලේ! මේ මොන මඟුලක්ද වෙන්න යන්නෙ?
“මොකක්?”
“යකෝ කට, කට.....” දඩෝරියා මගේ කට මිරිකුවේය. “රහසක් කියන්න ආවම, උඹ නං මරු.... මොට්ටයා!”
මට එහෙම සද්දෙන් ප්‍රශ්නයක් ඇහුණු එකෙනුත් වාසියක් වුණේය. පන්තියේ දෙතුන්-දෙනෙක්ම අප දෙස බලනවා දුටු නිසා දඩෝරියා නිස්සද්ද වුණේය. ‘අදට නං බේරුණා... ඒත් හෙට... එතකොට එස්?’

එහෙම වෙන්නෙත් කේන්දරේ ග්‍රහයන් පිහිටීම අනුවවත්ද?

“මාර අවුලක්නේ නිමා වෙන්න යන්නෙ!” එදා හැන්දෑවේ මේ විත්තියට සවන් දුන් දීඝායු කිව්වේය. “මං දැන් මොකද කරන්නේ?”

“ඔයාට නං බොරුවක් හරි කිව්වැකි. ඔයාට දඩෝරියාව හම්බ වෙන්නේ කලාතුරකින්නේ. මට එහෙමද... වරුවක්ම...” මං කීවේ මට පෙනුණු පැත්තයි.

“ඌට බොරු කියලත් බෑ... ඇත්ත කියලත් බෑ. අපි ටික දවසක් සද්ද නැතිව ඉඳිමුද?”
මම ඔළු භාෂාවෙන් උත්තර දුන්නෙමි. ‘හා!’

‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ඔයාලට කොහොමද මන්දා, මට නම් අරුම දේවල් සිද්ධ වෙන්නේ එක-පිට එකමය. එහෙම වෙන්නෙත් කේන්දරේ ග්‍රහයන් පිහිටීම අනුවවත්ද?

චමින්ද දිසානායක රසිකයා ‘පහළොවේදී 3’ පෝස්ටුවට comment එකක් එවමින් ‘පෝරුවෙ කතාව කලින් දැනන් හිටියනම් නංගි කෙනෙක් ඉන්න මනමාලියක් හොයාගන්නවා. මොකද අපි හොඳ බෞද්ධයෝනෙ.’ කියා සඳහනක් කොට තිබිණි. 

අනුර ජිනදාස හිතවතා ඒ කමෙන්ටුවට ජ්‍යෝතිෂයෙන්ම උත්තරයක් දීලාය. ‘හත්වැන්නේ උප අධිපති ද්විස්වභා රාශියක නැතිනම් ඒ කෙළි හරියන්නේ නෑ.’
එහෙම කරලා
අහවරවී, අනුර මට ෆෝන් කළේය.
ඒ කෙනෙකුගේ ග්‍රහ පිහිටීම් අනුව බහු විවාහ ගැන නිච්චියටම කිව හැකි බව කියමිනි. “අර කොටුවේ මේ ග්‍රහයෝ ඉන්නවා නං....” වගේ විස්තර ගොඩකුත් කිව්වේය. ඒ අස්සෙම කලින් කතාවකට ඌන පූරණයකුත්  කෙරුණේය.

“අර ශුද්ධෝදන රජතුමා ප්‍රජාපතී ගෝතමීවත් විවාහ කරගත්තනෙ පොළොවෙන් මිටි රියනක් උඩට නඟින පෝරුවක් හදවලා.... මතකයිනෙ පළමුවෙනි පෝරුව හැදුණු කතන්දරේ. දරුවන් ගොඩක් හදලා ප්‍රජාවක් බිහි කරවන්න හිතාගෙන රජ්ජුරුවෝ ඒ බහු විවාහේ කර ගත්තත්, ඒක හරි ගියේ නැහැනෙ හිතපු විදිහට....”

කෙනෙකුට තිබෙන විශේෂ හැකියාවන් ගැනත් කේන්දරෙන් කියවෙනවාද? (එවන් දක්ෂයෙකු ශාක පත්‍රයකින් කළ කැටයමකි මේ.)

“ඒ කිව්වේ අනුර, ප්‍රජාපතී ගෝතමීගෙන් දරුවෝ ගොඩක් ලැබුණේ නෑ!”

“නෑනේ නිමල්.... ඒ කියන්නේ, සමහර දේවල් කේන්දරවලින් වුණත් පෙන්නන්නේ වෙනස් විදිහට. අපි ඒ ග්‍රහ පිහිටීම් බලලා මෙහෙම-මෙහෙමයි වෙන්නේ කිව්වට ඒක වෙනස්ම විදිහකට වුණත් වෙන්න ඉඩ තියෙනවා....අපිත් මිනිස්සුනේ. අපි කියන්නේ අපට පෙනෙන විදිහ...
ප්‍රජාපතී ගෝතමී බිසව තමන්ගේම දරුවන් ලැබුවේ නැති එක ඇත්ත. නමුත් හිතන්නකෝ, එතුමිය නව ප්‍රජාවක්ම බිහි කළානෙ!” අනුර කියද්දී නං මගේ ඉවසිල්ල නැත්තටම නැති වෙලාය, තිබ්බේ.
“ඒ කිව්වේ ඒ අනාවැකිය බොරු?”

“ඒ ඔයා දැකපු විදිහනේ.... ඇයි හලෝ, කවුද භික්ෂුණී ප්‍රජාවම බිහි කරන්න මූලිකත්වය ගත්තේ?” අනුර ජිනදාස හිනා වෙමින් අහයි.

ඒ වෙලාවේ මගේ හිතට ආවේ මේකය.
ජ්‍යෝතිෂ විද්‍යාවේදී කෙරෙන්නේ ගණිතමය කටයුත්තකි. ඒ කියන්නේ ජ්‍යෝතිෂවේදීන් ගණිතඥයන්ද වන බවයි. ඒක එහෙම නං ගණන් හදනවා වගේම ‘ගණන් අරින්නටත්’ එයාලා ප්‍රවීනයන් වෙන්නට හැකිය. එහෙම බලද්දී සාස්තරකාරයන් එක්කලා හැරෙන්නටවත් අපට බැරිය. එයාලාට හැම දෙයක්ම වෙනස් විදිහකින් බලන්නත්- එව්වාට අර්ථ කථන දෙන්නටත් අපූරු හැකියාවක් තිබේ.

ඒ පැසසුම කරන ගමන්ම අනුරගෙන් ප්‍රශ්නයකුත් අහන්නට අවසර දෙන්න.
‘කෙනෙකුට තිබෙන විශේෂ හැකියාවන් ගැනත් කේන්දරෙන් කියවෙනවාද?’

අපරාදේ! අනාගතයේදී මෙහෙම දේවල් ලියවෙතියි දැනගෙන හිටියා නං ‘ඩගී’ හාදයාගේ උපන් වෙලාවත් ලියාගෙන තියා ගන්නවාය; අනුරට කියලා බලවාගන්නට.
ඩග්ලස්ට ඒ හැකියාව; අනුන් නම්මා ගැනීමේ හැකියාව උපතින්ම ලැබිලා තිබුණා වගෙය.

උඹට ඔහොම ලේසියෙන්ම ලෙස්සලා යන්ඩ හම්බ වෙන්නෙ නෑ....

“අද දවල් උඹේ යාළුවා ඇවිත් ගොඩක් වෙලා කතා කර කර ඉඳලා ගියා..” ඒ කිට්ටු දවසක අපේ තාත්තා මට කිව්වේය. “... ඒ හාදයා උඹ එක්කත් කිව්වද, මෙහෙ එනවයි කියලා....”

“මගෙන් වරං අරගෙනද තාත්තව හම්බ වෙන්න එන හැමෝම මෙහෙට්ට එන්නෙ?” කියමිනි, මං තාත්තාගේ ප්‍රශ්නය නිදැල්ලේ යන්නට දුන්නේ.
යළි-යළිත් මේ ඔබට අවධාරණය කර කියන්නේ මගේ බොරු නොකියා, ඇත්තත් නොකියා, ප්‍රශ්නවලට උත්තරත් සපයා බේරෙන උපාය ගැනයි. ඉතිං, මං ලියන දේටත් ඒ ආභාසය ලැබිලා තියෙනවා වගේ වුණත් ‘can’t help’ තමාය.

“උඹට ඔහොම ලේසියෙන්ම ලෙස්සලා යන්ඩ හම්බ වෙන්නෙ නෑ රංජි.
ඒ හාදයා දන්න හොඳ වැදගත් මහත්තයෙක්ව උඹට මුණ ගස්සන්නනෙ හදන්නේ... එදාට රස්සාව කර ගන්න බැරිවෙන පාඩුවත් ඒ මහත්තයා බලා ගන්නවලු.... තව මොනවද?
උඹට නං ඒ හාදයාව අල්ලන්නෙ නැති බව මට තේරෙනවා. ඒ වුණාට බූරුවෝ, ලොකු- ලොකු මිනිසුන්ව අඳුරගෙන හිටියම කවදා හරි වැඩක් වෙන්න පුළුවන්... හොඳට මතක තියා ගනිං, දවසක උඹටම තේරෙයි.... කොහෙද, පවට පින දෙන්න බැහැනෙ බං...” තාත්තා හෑල්ල ඉවර කරන පාටක් ඇත්තේ නැත.

“හරි හරි... කියන දවසක, කියන තැනකට ගිහින් බලන්නංකො ඔය මහ ලොකු සිටාණෝ සලකන විදිහ....”

ඊට දවස් දෙකකට පස්සෙ දවසේ උදේ මං පන්තියට ගියා විතරය. දඩෝරියා බුම්මාගෙන මගේ ළඟට ආවේය. “අඩෝ, උඹ මහ වලත්තයෙක් බං.... යකෝ! ගමේ වැල ගමේ කපුටන්ට බං... ඒකවත් හිතපන් බං...” දඩෝරියා කිව්වේ full වොලියුම් එකෙන්ම නොවුණත්, හෙමින්මත් නොවේ. ඒ කතාවෙන් අන්ද-මන්ද වුණු මට හුස්මක් ගන්නටවත් ඉඩ නොතියා රණවකත්, ඒකටම සූදානමින් හිටියා වගේ- මගේ desk එක ඉස්සරහට කඩා පාත් වුණේය.

ඒ ආදරයද, ආසාවද නැතිනම් තණ්හාවද... ඒත් නැතිනම්... 

“තොට හොඳ වැඩේ! බුවෙනකබා ගොබ්බයාට xx දෙන්න ගියා.... තොටත් හොඳ වැඩේ දඩෝරියො... මං කිව්වට පිළිගත්තෙ නෑ! උඹලත් මහ ලොකුවට බට්ටවමනෙ උඩ දාගෙන හිටියේ....”

රණවක කියා හමාර වෙනවත් එක්කම දඩෝරියා... “අදින් පස්සේ අපේ කිසිම යාළුකමක් නෑ බට්ටෝ!” යි දිවුරා කීවේය.

යාළුකමක් නැතිවීම එකකි; සතුරුකමක් ඇතිවීම තවෙකකි. යාළුකම නැති වෙන බව කිව්වත්, සතුරුකමක් ඇති වෙන බව දඩෝරියා එදා මට නොකිව්වේය. තදම එදිරිවාදීකමක් ඇති කර ගන්නා බව නොකිව්වේය. එහෙම වුණේ පෙම් පලහිලව්වක් නිසා වීමය, සිනහවට හේතු වෙන්නේ. ඒ ආදරයද, ආසාවද නැතිනම් තණ්හාවද... ඒත් නැතිනම් අපේ හැදියාවද?

ආදරය, ආසාව, හැදියාව හා සිතුම්-පැතුම් රටෙන් රටට වෙනස් වෙනවාද? ජාතියෙන් ජාතියට වෙනස් වෙනවාද? කාලයෙන් කාලයට....

දැන්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකයා නායකත්ව තනතුරෙන් ඉල්ලා අස්වෙලා. ලෝකප්‍රසිද්ධ ‘අළු බඳුන’ උදෙසා පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලිය කටේ තියෙද්දීයි ‘ටිම් පෙයින්’ ඒ විදිහට ඉල්ලා අස්වී තිබෙන්නේ.
ඒ 2017 අවුරුද්දේ ටස්මේනියා ක්‍රිකට් සමාජයේ සේවිකාවකට පෙයින් යැවුවයි කියවෙන ‘ලිංගික අදහස් සහිත කෙටි පණිවිඩ’ කිහිපයක් ගැන විමර්ශනයක් ඇරඹීමට නියමිතව තිබියදී. එහෙමයි ඒ රටවල තත්ත්වේ.

නමුත් ලෝකෙන් උතුම් රට ලංකාවේ?
මතකයිද බාල වයස්කාර දැරිවියක් අපයෝජනයට සම්බන්ධ සිදු වීම... කවුරුන්ද වැරදිකාරයන් වුණේ.... දැන් අපට ඒ ගැන උනන්දුවක් නෑ, මතකයකුත් නෑ. 2021දීත් ලංකාවේ තත්ත්වය ඒකයි. අවුරුදු පනහකට එහා අවධියක ශ්‍රී ලංකා හැදියාවේ තරම ඔයාලට හිතාගන්න පුළුවන් නේද?

ලිංගික අදහස් සහිත කෙටි පණිවිඩකිහිපයක් යැවීම ගැන විමර්ශනයක් ඇරඹීමට නියමිතව තිබියදී....

රණවක මට එදිරිව සිටියේ මා ඔහුට අවනත නොවීම නිසාය. 

දඩෝරියා මට එදිරි වූයේ එස් දඩෝරියාගෙ ප්‍රේමාරාධනාව ප්‍රතික්ෂේප කිරීම නිසාය.

“අනේ නිමල්.... මෙච්චර දෙයක් වෙයි කියල මං හිතුවේ නෑ. xx (දඩෝරියා) ලියුමක් දුන්නම මම ආපහු ඒක එයාටම දුන්නා. ඇයි එපා කියන්නේ කිය-කියා වද කරනකොටයි මං කිව්වේ. මට දීඝායු ඉන්නවා කියලා.... xx වෙන්ඩ බෑම කිව්වා..... මං දන්නවනෙ ඔයාලගේ යාළුකම. ඒ හින්දයි xxට කිව්වේ ඔයත් දන්නවා- ඔයාගෙන් අහගන්න කියලා!”

ඒ විස්තරය එස් මට කිව්වේ ටිකෙන්-ටිකය. ඉඩ ලැබුණු ලැබුණු විදිහටය. පන්තියේ අනිත් ළමයින්ට රහසෙන්ය. කොරල සුන්දරී හා බට්ටි (බී. එස්.) විතරක් ඉස්සරහදීය.

ඉතිං ඊට පස්සේ..... කියවමු ඊළඟ කොටසින්...

67 comments:

  1. පලවෙනි කොමෙන්ට් එක දාල බස්සා වගේ ලිස්සලා ගියා ඔන්න. +++++++ ලියුම් මාරු කරනවට හොඳ වැඩේ

    ReplyDelete
    Replies
    1. අපි නං එහෙම ලිස්සන්නෙ නෑ.😊

      සුරුස්....

      Delete
    2. ඇයි අජිත්, ඔය ලියුමක් දෙකක් ගෙනිහින් දීලා ගැටවර වයසේ පෙම්වතුන් දෙන්නෙකුට උදව් කෙරිල්ල ඔය හැටි ලොකු වරදක්ය.
      ඒකෙන් තමයි මං අන්තිම වතාවට ගුටිත් කෑවේ අම්බානකට. ඉස්සරහට බලන්නකෝ...

      බකුසු, අජිත් මහත්තුරු දෙන්නටම ස්තුතියි.

      Delete
    3. මමත් එහෙම ඒවා කොරල තියනවා, අහුවුනත් එක්ක. ගුටි කෑවේ නෑ හැබැයි

      Delete
    4. ඔයා වාසනාවන්තයි අජිත්!

      Delete
    5. @අජිත් මාමෙ,
      ඔයා 3මාන ලිපි කියවනවා දැක්ක.
      එයාලා යෝජනා කරන ආකාරයේ දේශපාලනයක් ගැන ඔයාගෙ අදහස මොකක්ද?

      Delete
    6. මම ත්‍රිමාණ එකට ලිපි ලියනවා දැකල නැත්ද
      ඩීසල් බලාගාර මාෆියාවට මුහුණ දීම

      Delete
    7. @නවින් එයාලා යෝජනා කරන දේශපාලනය ගැන ඔයාට එයාලගේ ලිපි කියවල දැන ගන්න පුළුවන්. නැත්නම් එයාලගේ දේශනා තියනවා. මගේ අදහස වැදගත් නැහැ. මගේ අදහස් මම ලිපි වලින් ලියනවා මගේ බ්ලොග් එකේ. මම මේ කල්පනා කොලේ දුවල දෙන්නම තවම බැඳලා නැති එකේ බෑන කෙනෙක් හම්බ වුනේ කොහොමද කියල. 🧐

      Delete
    8. අජිත්, නවීන් මටත් මාමේ කියනවනේ මට දූලා පුත්තු කවුරුවත් නැතිවත්.
      ලංකාවේ මාමා නෑකම දෙව්දිහකට හැදෙනවනේ. ඔයා කියන එක එකක්. අනෙක අම්මගේ සහෝදරකමට. ගම්වල අය නෑකමක් නැතිවත් වැඩිහිටි කෙනෙකුට මාමේ කියන්නේ (අම්මගේ සොයුරෙකුට)දක්වන ගෞරවය දෙමින් නේද? මම නං එහෙම කියනවට කැමතියි.

      හැබැයි, මම නවීන්ට මුලදීම කිව්වා එකක්."මට මාමා කිව්වට මං පුතා කියන්නේ නම් නෑ නවීන් කියනවා මිසක්. මොකද මගේ බෑනලා, ලේලිලා සේරටමත් මං නම කියලයි අමතන්නේ." කියලා!

      Delete
    9. මාමෙ කියල කතා කරෙ ඉතින් බෑණා මගුලක් නිසා නෙමෙ🤣

      මං ගමේ එකානෙ. කාටත් කතා කරන්නෙ නැන්දෙ මාමෙ කියලා; නිදි මාමා දන්නෙ නෑති මාමා කියලා කියන 3 වෙනි ක්‍රමය,

      නෑදෑකමකට නෙමෙයි නිකම් කතාබහේදි මම මට වඩා සෑහෙන වැඩිමල් නම්, නිකම් මගෙ අම්මගෙ තාත්තගෙ වයසෙ වගෙ කෙනෙක්ට ආමන්ත්‍රණය කරන්නෙ මාමෙ, නැන්දෙ කියලමයි.

      ඒක එහෙම කරන එක අවුල් ද? නැත්නම් නිකම් සුදුසු නෑ වගේ මොකක් හරි තියෙනවද?
      ඒ වෙනුවට පොදුවේ භාවිතා කළ හැකි ආමන්ත්‍රණයක් යෝජනා කරන්න පුලුවන්ද එහෙම නම්....

      Delete
    10. අජිත් _____, මුලින් මට නිකම් භාවිතා කල හැකි ආමන්ත්‍රනයක් කියල දෙන්න. නම විතරක් කියන එක නිකම් හරි නෑ වගේ...

      Mr/ මහත්තයා වගේ ආමන්ත්‍රනයක් මට දැනෙන්නෙ ටිකක් රාජකාරීමය වගේ කියලා...



      3මාන ලිපි කියෙව්වා, ඔයා ලියපු ඒවත් දැක්කා.
      දැන් දාපු එකත් බලන්නම්.

      නෑ මට දැන ගන්න ඕනි ඔයාගෙ ලංකාව ගැන තියෙන නිරීක්ෂණ එක්ක, එයාලා යෝජනා කරන විදියේ දේශපාලනයක් කරන්න පුලුවන් වෙයි ද?
      බැරි වෙයිද?
      වගේ බැරි වගේ නම් ඇයි කියන එක.

      එහෙම අදහසක් උනත් පොදුවේ කියන්න බැරි අවුලක් තියෙනවද?

      Delete
    11. නිදි මාමෙ, එදා මම මුලින්ම අනුර සර් ට කතා කරෙ මහත්තයා කියල හරිද යන්නකලින්,

      ඊට පස්සෙ ගියාම තමයි දන්නෙ එයා ගුරුවරයෙක් කියලා, ඔන්න එතන ඉදලා කියන්නෙ සර් කියලා..

      මහත්මයා කියන එක familiar නැහැ වගේ ඒකයි අවුල මට.

      වෙන කොහොම කියලද කතා කරන්න පුලුවන්?

      Delete
    12. මම හිතන්නේ බ්ලොග් ලෝකයේ ඔය මහත්තයා, සර් , මාමා , නැන්ද අරව එම්ව තියෙන්න බහ කියල. එහම ගෞරව අරව මේවා බලාපොරොත්තුවෙන් එන අය සාමාන්‍යයෙන් කොමෙන්ට් දාන්න එන්නෙත් නැහැ. මම ඒක විහිළුවට කීවේ. හැබැයි ජර්මනියේ වගේ රටවලනම් තමා කියන්නේ. මම ඕක පුරුදු වුනේ සෝවියට් දේශයේදී, සහෝදරයා නැත්නම් නම. අපේ බොස් ලට වුනත් අපි කතා කරන්නේ නම කියල.

      Delete
    13. මම බැන්ද අලුත් ඉනෙස් ගේ අම්මටයි තාත්තටයි අම්ම තාත්ත කීව . මට තේරුණා අප්සෙට් කියල ටිකක්. පස්සේ ඉනෙස් ම කීවඑයාල ඔයාට ආදරෙයි. ඒත් නම කියල කතා කරන්න කියල. ඒක ඇත්තටම හොඳයි. මගේ දුවල ආච්චි සීය කියනවා. පස්සේ බලනකොට ඒක විතරයි. හැබැයි සීය ගේ සහෝදරයට අපේ ලමයිඋනත් නම කියල කතා කරන්නේ. රටේ හැටි.

      Delete
    14. ලංකාවේ තියනව මළ විකාර සර් සන්කෘතියක්

      Delete
    15. //
      නෑ මට දැන ගන්න ඕනි ඔයාගෙ ලංකාව ගැන තියෙන නිරීක්ෂණ එක්ක, එයාලා යෝජනා කරන විදියේ දේශපාලනයක් කරන්න පුලුවන් වෙයි ද?
      බැරි වෙයිද?
      වගේ බැරි වගේ නම් ඇයි කියන එක.// නවීන් මේ දේශපාලනය හරි කියල මේ දේශපලනය කරන්න කියල හරි කාටවත් කියන පුරුද්දක් මට නැහැ. ඔයා එයාලගේ ලිපි කියවල, ඒ සංවිධානෙට කැමතිනම් ගිහිල්ල සහභාගී වෙලා ඔයාම තේරුම් ගන්න. ඔයාගේ තීරණය තමයි හරි තීරණය

      Delete
    16. අජිත්😑,
      මම හැදිලා තියෙන පරිසරය අනුව වැඩිහිටියෙකුට නම විතරක් කියල කතා කරන්නෙ නෑ. නම විතරක් කිවම හරි නෑ වගේ.ඒකයි එහෙම කතා කරෙ.

      ඉස්කෝලෙ security officers ලටත් security uncle කියල කතා කරන්නෙ. ඒක පුරුදු වෙලා. අනේ මන්දා 😞😞😞

      සර් කියන එක නම් මාර කේස් එකක් තමා. ඒක ගැන මන් දැක්කා කට්ටිය කතා කරලා තිබුනා කොහෙදි හරි....

      ඔව් මම ම ගිහින් බලන්න ඕනි. මගෙ තිබුන අවිශ්වාසෙ වගේ එකක් නිසා තමයි මම ඔයාගෙන් ඇහුවෙ කියල මට පස්සෙ තේරුණා වෙන ලිපියක් කියවද්දි...

      Delete
    17. නවින් ඔයා මට කොහොම කතා කළත් ප්‍රශ්නයක් නැහැ. ඔයයි නිදියි පට්ට සීරියස් පොරවල්. /. -මම මේ කල්පනා කොලේ දුවල දෙන්නම තවම බැඳලා නැති එකේ- මේක ස්ටෑන්ඩඩ් ජෝක් එකක්. ඔයාට පහසු විධිහකට කෙනෙකුට කතා කරන්න. හැබැයි ඉතින් අවුරුදු 20-21 පැන්නට පස්සේ තමන්ගේ තාත්තගේ යාළුවන්ට ඇර අනිත් අයට ඇන්ටි අන්කල් කියන එකනම් පට්ට අවුල්. අපේ ළමයි වුනත් අපේ යාළුවන්ට ඇරෙන්න පාරේ හම්බවෙන හැමෝටම මාමේ නැන්දේ කියන්නේ නැහැ. ඔයා එයාලගේ වයස දන්නේ නැහැනේ.

      Delete
    18. ඒක හරි.
      වයස 19ක් උනාට මම තාම පොඩි එකා වගේ නෙ ඉන්නෙ😅 ඒකත් බලපානව ඇති😁

      වයසයි වගේ පේන අයට විතරයි කියන්නෙ හැබැයි😁😁

      Delete
    19. හේ හේ එහනම් කමක් නැහැ නවින් පුතේ. මගේ පොඩි දුවට තවම 18 යි. 😀

      Delete
    20. කෝමද ඒක😀😀

      දුරරට ඉන්න අය හරියන්නෙ නෑ😂😂

      මගෙ ෆැන්ටසිය ගමේ කෙල්ලෙක්😅

      Delete
    21. 😆 ගමේ ඉඳගෙන නැහියන් ඉතින්. වෙන මොනව කියන්නද 😆

      Delete
  2. Replies
    1. ගිහින් කොමෙන්ට් එකක් දාලා ආවා.

      https://sandhakadapahana.blogspot.com ගිහින් ඊමේල් එකක් දාහං. නැත්තං හැමදාම වර්ණපාලම තමයි.😂

      Delete
    2. මාත් ගිහින් බුරලා ආවා. 🙏👌

      Delete
    3. Me තුමෝ, ඔන්න මාත් එහාට ගොඩ නැඟලා ආරාධනාවකුත් කරලම ආවා.

      සැකෙන් තමයි, ඔබතුමා දාලා තියෙන වර්ණපාල වචනේ උඩ ක්ලික් කළේ.

      Delete
    4. ඒකා මේ වෙනකොට නිව්ටන් ගෙ හැට නමවන නියමය ගැනත් ලියලා. බොලා‌ මෙමෙ මේ බඹර පැණියක් ගැන දොඩවනව.

      Delete
  3. මං කියපු දේ වැරදියට කියවෙලා වගේ.
    ජ්‍යේතීර්වේදියා අන්තර්ඥානයෙන් යුක්ත වෙනවා කියන්නෙ කාලයේ හැටියට දේශයේ හැටියට කියන එකයි. රාජ යෝග කියල පොතේ තියෙන එකක් දැකපු හැටියෙම රජ වෙනවා කීවොත් මොකද වෙන්නෙ. පච වෙනවානෙ.
    ජ්‍යේතීර්වේදීන් කොහොමත් ගනං කාරයො. ඇයි අහල නැද්ද සිකුරු ගණිතයා බරණ ගණිතයා ගැන එහෙම.

    ReplyDelete
    Replies
    1. සිකුරු කිව්වේ සිකුරගේ කුණ්ඩලාභරණේ ලබාගෙන සිකුරාජපති වෙච්චි කෙනාද?
      බරණ ගණිතයා නේද අනුර 'දවසක මෙ කඳු දෙක හා වෙනවා' කියලා අනාවැකියක් කිව්වේ. ඒ කඳු දෙකේ නම් නං මතක නෑ. හා වෙච්ච වේල්ල නං වික්ටෝරියා. මතකයිද අපි කට්ටියම වික්ටෝරියා වේල්ල හැදෙන කාලෙ ඒ ළඟ කන්දක් නැඟලා උඩම ඉඳන් බැලුවා... මට මතක හැටියට එයි ඔයා ඔය විස්තර අපට කිව්වේ.

      Delete
    2. ඒ දෙන්න තමයි.ඔයාට 86 87 ඒවා තවම මතක හැටි

      Delete
    3. එතකොට දැන් කියනවනෙ වික්ටෝරියා වේල්ල ලගදිම පුපුරල යයි කියලා ඒක ගැන මොකුත් අදහසක් නැද්ද?

      Delete
    4. භරණ ගණිතයා කීවෙ තමා මළාට පස්සෙ දවාලෙත් විවාහ නැකැත් ගනී කියලයි. වික්ටෝරියා නෙවෙයි කොත්මලේ වේල්ල ගැනයි එහෙම අනාවැකියක් කීවෙ.ඒ කොත්මලේ ගණිතයා. සිකුරාධිපති ගැන ඔයාම කථාව කියලනෙ.

      Delete
    5. නවීන්, එහෙම කතාවක් තියෙනවද? හිතන්නවත් බැරි ව්‍යසනයක්නේ.

      අනුර,මට අවුරුදු හතරේ පහේ සිට දේවලුත් ගොඩක් මතකයි! මටම පුදුමයි ඒ ගැන.

      දවාලේ විවාහ නැකත් ගැන, සිකුරු හටන ගැන වගේම එකක්ද-දෙකක්ද ඇට තිබුණු යෝධ ගස්ලබ්බ ගැන වගේ දේවලුත් විස්තර ඇතිව ඔයාගෙම බ්ලොගයකින් කියවන්නට ලැබේවා!

      Delete
    6. එහෙම කතාවකුත් තියෙනවා ඉතින් අනේ මන්දා

      Delete
  4. විමලධර්මසූරිය රජතුමාගෙන් ගම්වර ලබපු පවුලකින් පැවත එන පිරිසක් අදත් ඉන්නවා කෑගල්ල ප්‍රදේශයේ. ඒ ගම ගණිතපුර. ඒ අයගෙ කේන්දරය තියෙන්නෙ අපේ වගේ කොටු දොළහක් නෙවෙයි. අටක්. ඒ ක්‍රමය ශිව දෙවියන් අතින් උමාවට ලැබුණු ක්‍රමයක්ළු.එයාල නැකැත් හදන්නෙත් ශිවා ලිඛිතය කියන වෙනස්ම ක්‍රමයකට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අනුර, අලුත් පුවතක්... නරකද ඔව්වා ගැන රසිකයන්ට කිව්වොත්.... මං කියන්නේ blog එකක්වත් පටන් අරං..අපූරුවට හිටියි.

      Delete
    2. ඒක තමයි බ්ලොග් එකක් ලියන්න කියන්නම වෙනවා නේද නිදි මාමෙ😁

      Delete
    3. මම නං අනුර මහත්තයට ඒ යෝජනාව කළත් එක්ක. ඔයාටත් එහෙම අදහසක් තිබ්බ නේද නවීන්?

      Delete
    4. ඒ ගැන කටයුතු කරමිනුයි ඉන්නෙ. හැබැයි මං ලියන්න හිතාගෙන ඉන්නෙ මං ගැන. මට වෙච්ච දේවල් ගැන. මං කරපු මරිමෝඩකං නිසා වුණු දේවල් ගැන වගේම සා පෙළ පංතියේ ඉඳං පශ්චාත් උපාධි ලබාගෙන අදවෙනකං මෙහෙම ජීවත් වෙන්න මං කරපු ජීවන අරගලය ගැන. යමක් ගැන මං දන්න දෙයක් තියෙනවනං ඒක අනෙක් අයට කියන්න මට තිබුණු උණ නිසා වෙච්ච දේවල් අතර සමහර ඔයවගේ දේනලුත් ඒ තැන්වල ලියැවෙඉවි.

      Delete
    5. නිදි මාමෙ, ඔව් ඔව් මාත් කියන්නෙ අනුර සර්ට ලියන්න කියලා.

      අනුර සර්,
      ඒවා තමයි මන් දකින විදියට ලියන්න ඕනිම දේවල්.....

      Delete
    6. අනුර මහත්තය ලියන්න. ගොඩක් වැදගත් ඔය දේවල්, කැමති කෙනෙකුට ජීවිකය හැඩ ගස්වගන්න.

      Delete
  5. https://www.boredpanda.com/unbelievable-historic-coincidences/?utm_source=google&utm_medium=organic&utm_campaign=organic

    ReplyDelete
    Replies
    1. අම්මෝ Pra Jay මහත්තයෝ, හෙණට වටිනා විස්තරයක්නේ. දැන් කියෙව්වේ ටිකයි. අද උදේම ගමනක් යන්න තියෙන නිසා. ඇවිත් කියවන්න book mark කර ගත්තා. ස්තුතියි!

      Delete
  6. බොහොමයක් කතා "ලව් ට්‍රයැන්ගල්" උනාට මේ කතාව ලව් පෙන්ටගන්/හෙක්සගන් විතර වගේ!

    ReplyDelete
    Replies
    1. Sam ඔයාලා අටපට්ටන් කියලත් කියයි වගේ තව ටික දවසකින්....

      Delete
  7. "ඒ ආදරයද, ආසාවද නැතිනම් තණ්හාවද... ඒත් නැතිනම් අපේ හැදියාවද?"
    පිටින් කෙනෙක් අපේ ජීවිතේට ඇවිල්ලා, කොන්දේසි විරහිතව, සදාකාලිකව අපිව සතුටින් තියයි කියන අදහස පොඩි කාලෙ ඉඳලම අපේ ඔලුවලට දාලා තියෙන්නෙ. එහෙම වෙන්න පුලුවන් වගේම නොවෙන්නත් පුලුවන් කියන දේ ඔලුවට දාලා හෝ ඔලුවට අරගෙන තියෙනවා මදි. පස්සෙ කාලෙක ආපස්සට හැරිලා බලද්දි ඔය ඉස්කෝලෙ කාලේ කතන්දර ඇතුලු සමහර crushes නම් නොවිච්ච එක කොයි තරම් හොඳද කියලා හිතෙනවනෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත ටයිටැනික් එකේ ජෝඩුව උනත් නිව්යෝක් වලට ගිහින් කසාද බැන්ද නම් එහෙම කොහොමද මළ ජංජාලයක් වෙලා තියෙයි.

      Delete
  8. Lotus, ලෝකයේ මිනිස්සු වැඩි දෙනෙක් හිතන්නේ 'සතුට තියෙන්නේ වෙනින් තැන්වල; වෙනින් අය ළඟ; වෙනින් දේවල්වල' කියලා නේද? ඒ හින්දාම එයාලට ගොඩක් දේවල් පස්සේ දුවන්න වෙලා තියෙනවා කියලයි මට හිතෙන්නේ..

    සතුට තියෙන්නේ තමන් ළඟමය; තමුන් තුළමය කියලා තේරම් ගන්න තරමට පුංචිම දෙකින් වුණත් සතුටු වෙන්න අපට පුළුවන් නේද?

    අනෙක, ඔයා කියනවා වගේ ඔය crushes සේරම විවාහවලින් කෙලවර නොවෙන එක හොඳයි තමා... එහෙම විවාහ වුණොත් හෙම ඩිවෝස් කේසස් කොච්චර හිටියිද?

    ReplyDelete
    Replies
    1. නෙළුම් මම හැමදාම විශ්වාස කරපු දෙයක් තියෙනවා. ඒක වගන්තියකින් ඇහුවේ මගේ පුතාගේ භෞතික විද්‍යා ගුරුතුමාවන පාලිත සිරිවර්ධන මහතාගෙන්. ඒක කොලුවා ඇවිත් මට කීවාමයි තේරුණේ මගේ ජීවිතේම ගෙවිලා තියෙන්නේ ඒ වගන්තියට අනුව නේද කියලා! මෙන්න ඒ වගන්තිය:- "සතුට; ජීවිතයේ සාර්ථකත්වය මනින මිනුම කර ගන්න!"

      Delete
    2. මොකක්ද මන්දා රටකත් දියුණුව මනින්නෙ ඔය සතුට අනුවලු...

      සතුට මනුස්සයගෙ තුලම හැංගුව කියල කතන්දරේකුත් තියෙන්නෙ....

      Delete
    3. තට්ටයා මහත්තයෝ, නවීන් දෙන්නටම ස්තුතියි.
      සතුට හොයමින් නේද අපි ඔක්කොම යන්නෙ... සේරම දේවල් කරන්නේ. නමුත් සතුට කියන්නේ මොකක්ද කියල අඳුනන්නේ නැතිව; බොහෝවිට.

      Delete
    4. අද බූතානය දියුණු රටක තත්වය ලබාගෙන තියෙන්නෙ ඉහළ GDP අගයකින් නෙවෙයි. සතුට ගැන කියැවෙන GHIGross Happyness Index නිසා. ඒක බ‌‌‌දුබනේ තියෙන කථාවක්. සංතූට්ඨි පරමං ධනං. අවුරුදු 2500 ක් ගිහිල්ලත් බෞද්ධ කියාගෙන ඉන්න අපිට තවම මෙ යථාර්තය තේරුම් ගන්න බැරිවෙලා

      Delete
    5. ඔය සතුට ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ට හොයන්න අමාරුයි සර්, එදිනෙදා මූලින ආර්ථික ප්‍රශ්න එක්ක නෙමේද මිනිස්සු බහුතරයක් ඉන්නෙ?

      එහෙම උනාම ඔය වගේ දෙයක් තේරුම් ගන්නෙ කොහොමද?

      අනික අධිපරිභෝජනය නිසා මිනිස්සුන්ට දෙන අදහස මොකක්ද භාණ්ඩ හා සේවා පුලුවන් තරම් ගන්න එතකොට සතුටින් ඉන්න පුලුවන් කියලා....

      Delete
    6. නවීන් සතුටේ අර්ථ දැක්වීමක් ගැන හිතන්න.ලබුණු දේ ලවය හැටියටත් ඕනෙ දේ හරය හැටියටත් තියෙන භාගයක් තමා සතුටේ අර්ථ දැක්වීම කියලයි මං විශ්වාස කරන්නෙ. ලැබෙන දේ වැඩිවුණාම සතුට වැඩි වෙනවා. හිතල බලන්න. භාගයක හරය කුඩා වුණාමත් අගය වැඩි වෙනවා. ඒ කියන්නෙ ඕනෙ දේ අඩු වුණාමත් සතුට වැඩි කරගන්න පුළුවන්. ඕනෑ දේ ශුන්‍ය වෙනවා කියන්නෙ මොකක්ද? සතුට අනන්ත වෙන එක නේද? නිබ්බාණං පරමං සුඛං කීවෙ ඒකට නේද?

      Delete
    7. ස්තුතියි අනුර මහත්තයෝ, හොඳ අදහසක්- ලවය හරය කතන්දරේ....
      ඒ වගේමයි, නිබ්බාණං පරමං සුඛං කියන්න ඕනෑ දේ ශුන්‍ය වීමය- අදහසත්..

      Delete
    8. අනිවාරෙන්ම සර් ඒක ඒ විදියට දකින්න පුලුවන් නම් ගොඩක් වටිනවා

      Delete
  9. බුදාම්මෝ! ඔයාට් වෙලා තියෙන දේවල්! අපි මේ ගඟේ මූදෙ බැහැලාවත් ඔහොම දේවල් වෙලා නෑ! හොඳ වෙලාවට තාත්තා "සෙලින්කෝ රන්දරු" අරං තිබ්බේ!

    ReplyDelete
    Replies
    1. එහෙම අලකලන්චි සම්භාරයක් වෙච්චි නිසානෙ මෙහෙම ලියන්න දේවල් තියෙන්නේ...

      Delete
  10. හැමදේම වෙන්නෙ හොඳට කියන්වනෙ. නැත්නම් අපිට මේ කතා අහන්න වෙන්නෙත් නෑ නෙ

    ReplyDelete
    Replies
    1. ව්‍යාස ඍෂි කීවාලු සංසාර විෂ වෘක්ඛෂ්‍ය ද්වේ මේ අමෘතං ඵලං සුභාෂිත රසාස්වාදඃ සජ්ජනෙසහ සංයුතඃ කියලා

      Delete
    2. තේරුමත් කීවා නම් තමයි නේද සර් හොඳ?

      Delete
    3. ඔය ශ්ලෝකය මම පළමුව ඇහුවේ අනුරගෙන්මයි youth එකේ වැඩවලදී. මට නං ඕකෙන් කියවෙන දේ නොඅඩුව ලැබිලා තියෙනවා. මං ඒ ගැනත්, ශ්ලෝකය- අරුතත් එක්කම 2018 දී ලිව්වත් එක්ක. මෙන්න link එක. https://nidigepanchathanthare.blogspot.com/2018/08/blog-post_29.html

      Delete
    4. හරි බොහොම ස්තුති නිදි මාමෙ.😁

      Delete
  11. සංයුක්ත නිකායෙ අනාථ පිණ්ඩික සූත්‍රය බලන්න. එතන ඔයවගේ දේකට හොඳ උපදෙස් තියෙනවා සැරියුත් හාමුදුරුවො දීපු අණේපිඬු සිටුතුමාට

    ReplyDelete
    Replies
    1. ඒක බැලිල්ල නං අද හෙට කෙරෙන එකක් නෑ, අනුර. ඒ වුණත් අදහස දුන්නාට ස්තුතියි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්