li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, September 14, 2024

ණයත් නැති, බයත් නැති, කොන්දක් ඇති...

“ආණ්ඩුවෙන් මම කිසිම දෙයක් අරගෙන නෑ. ඒ නිසා මම ණයත් නෑ, බයත් නෑ. මම ස්වාධීන තීරණ ගන්නේ. මම ගීතා කුමාරසිංහ. අපේ ජනාධිපතිතුමා... එතුමාව ජනාධිපති කරවන්න මමත් ඡන්දේ දුන්නා. පාර්ලිමේන්තුවේ මගේ ඡන්දෙන් එතුමාට අද ඔය ඉන්න පුටුවට එන්න හම්බ වුණා.

එක එක්කෙනා රටේ ජනතාවට කියන වයිවාරන්න කතන්දර කොච්චර තිබුණත් මොළේ තියෙන උදවිය දන්නවා...

එතුමා ඊයේ වෙනකොට මාව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් අයින් කළා. දවස් කීයකටද? තව දවස් අටයි තියෙන්නේ ජනාධිපතිවරණයට.

ඔය වගේ සිඟිති ආතල් දෙන්න හොඳ නෑ, ජනාධිපති කෙනෙක් විදියට.
මහ ලොකුවට කාන්තාවන් ගැන කතා කරනවා.

ඔයා සජිත් ගාවට ගියේ දිනන නිසා නේද කියා අහනවා.
මම කිව්වා ඔව්, දිනන නිසාමයි ගියේ. පැරදෙන එකකට ගිහිල්ලා- ගිලෙන බෝට්ටුවකට ගිහිල්ලා සියදිවි නසා ගන්න මට ඕනේ නෑනේ...” (ඔය කතාවේ කොටස් තුනක් තද කළු පාටින් සටහන් කරන වැඩේ මමයි කළේ...)

ඔය එඩිතර; කෙළින් කතාව කියලා තිබ්බේ ‘පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය’යි. කොළඹදි. සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකදී.

මේ දවස්වල නං එක එක්කෙනා රටේ ජනතාවට කියන වයිවාරන්න කතන්දර එමටයි. වැහි වැහැලා වගෙයි... එව්වා ඔක්කොම අහන්න- බලන්න- කියවන්න මෙලෝ පුතයෙකුට බෑ බෑ බෑම තමයි.

මොකෝ, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය තියෙනවයි කියලා ලෝකෙ හෙමින් කැරකෙනවයැ- දවසට තියෙන පැය ගණන වැඩි වෙනවයැ? නැහැනෙ...

ඉතිං අවිවේකය නිසා මං වහන්සේ අර වගේ කතන්දර අහන්නේ බොහොම අඩුවෙන්. හැබැයි අහන එක- කියවන එක - බලන එක ‘හොඳ සිහියෙන්’ කරනවා. එතකොට තමයි නොකියා කියන දේවල් තේරෙන්න ගන්නේ; හංගලා කියන දේවල් තේරෙන්න ගන්නේ; හැංගිලා තියෙන දේවල් තේරෙන්න ගන්නේ!
ඔය ප්‍රවෘත්තිය කියවද්දීත් මට වුණේ ඒකමයි... මගේ මොළ ගෙඩියේ තරමට, ඒකට තේරුණු තරමට, මට හිතුණා ප්‍රශ්න තුනක් අහන්න. ඒවා අහන්නේ ඒවාට සාධාරණ උත්තර මේ දවස්වල හම්බ වෙයි කියලත් නෙවෙයි.

මං වගේ සොච්චං පුඟුලෙකු අහන පුරස්නවලට වැඩිය ‘විසඳාගන්න තියෙන වැදගත් පුරස්න’ ඒ කාට-කාටත් ඇති නෙව, මේ ජනාධිපතිවරණ කාලෙ...

මේ වතාවේ නං රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත, ප්‍රාර්ථනාව, පැතුම...’ ඉෂ්ට වෙන පාටයි! 

ඔන්න බලන්නකෝ ඒකෙත් හැටි.

‘මේ ජනාධිපතිවරණ කාලෙ’ කියන වදන් තුන කොටනකොටම මතක් වෙච්චි දෙයක්. මොන සිංහල විශාරද අප්පච්චිද දන්නෑ ඔය ‘වරණය’ වචනේ ඔතෙන්ට ඈඳුවේ... (මං නං එස්.එස්.සී. වෙනකල් විතරක් ඉගෙන ගත්තු කෙනානේ- සිංහලවලටත් D එකක් තිබ්බට.)

චුට්ටක් ඉන්න හොඳේ... ආයෙමත් ඒ ‘වරණ ප්‍රශ්නය’ මතු වුණු වෙලාවේම ඒකත් බේරුම් කරගෙන හිටින්න.

මගේ සිංහල වචන ප්‍රශ්න විසඳලා දෙන ‘නිරුක්ති සහිත සිංහල ශබ්ද කෝෂය’ පොතේ 965 පිටුවේ ‘වරණය’ වචනෙට දීල තියෙන නිරුක්ති ටිකයි මේ:

වරණය: (සං. වරණ) අ. කැමැත්ත, කිහිපයක් අතරින් එකක් තෝරා ගැනීම. ආ. ඉවත් කිරීම, වැලැක්වීම, දුරු කිරීම. ඇ. ප්‍රාර්ථනාව, පැතුම.

‘ගොනෝ, හොයලා බලන්නෙ නැතිව දන්න ටිකෙන් විතරක් තේරුම් ගන්න ගියාම වෙන දේ දැන් ඔහෙට පේනවා නේද?’
පේනවා, පේනවා... වරණය කිව්ව ගමන්ම මෙච්චර කල් මගේ ඔළුවට ආවේ ‘ඉවත් කිරීම, වැලැක්වීම, දුරු කිරීම’ කියන තේරුම් ටික විතරයි. ඒ හින්දනෙ
මැති + වරණය = මැතිවරණය කියල තේරුම් ගත්තේ. අපේ රටේ නං වැඩියෙන්ම වෙන්නෙත් ඕකනේ. අපේ පාර්ලිමේන්තු ඡන්දයකදී වුණත් මහත්වරුන්; මැතිවරුන් දුරු කරලා දාන එකනේ මෙච්චර කල් කෙරුණේ. එතකොට ඉතිං වැඩියෙන් ඉතුරු වුණේ පාදඩයො, හොරු, නූගත්තුනෙ...

‘හැබෑෑෑෑෑෑෑද?
එතකොට ජනාධිපතිවරණය කිව්වම තමුසෙ මොකක්ද හිතුවේ?’

ජනාධිපති, ඒ කියන්නෙ ඉන්න ජනාධිපති + ඉවත් කිරීම කියලා.
‘දෙකක් නෑ. ඒකත් වෙයි තමා හලෝ... මේ වතාවේ නං රටේ වැඩි දෙනෙකුගේ කැමැත්ත, ප්‍රාර්ථනාව, පැතුම...’
...ඉෂ්ට වෙන පාටයි නේද? (ඉවසිල්ලක් නැතිකම ඉස්සර වුණා. අනෙකා කියන දේ කියල ඉවර කරන්න දුන්නෙත් නෑ.) දුරු කරන්න ඕන රොත්තටම යන-එන මං නැතිවෙන විදිහයි නේද?

‘ටිකක් ඉවසගෙන ඉන්නවා හලෝ. සේරටම කලින් අද තමුසෙ ලියන්න ආව දේ ලියල ඉන්නවා. ඔහේ blog එකට ලියන posts දිගටම කියවන හිතවත් පාඨකයන්ට සාධාරණ වෙලා ඉන්නවා. තව සතියක් වෙනකොට තමුසෙට වගේම ලෝකෙටමත් පෙනෙයිනේ ඡන්දෙ ප්‍රතිඵල.’

අම්මගෙ අප්පගෙ බූදලෙන් දෙනවා වගේ තානාන්තර දෙන්නේ සුදුසු අයටද- හිතවත් අයටද- හෙංචයියලටද- ගෙම්බන්ටද එහෙමත් නැතිනං ගෙම්බෝ වෙයි කියල සැකයක් තියෙන අයටද?

සමාවෙන්න ඕනි, යටිහිතත් එක්ක කතාව නවත්තලා... මේං ලියන වැඩේට බැස්සා...

බෙන්තර ගඟෙන් එහා පැත්තේ උපන්- කුමාර විදුගලගේ දෝන ගීතා සමන්මලී කුමාරසිංහ ‘ලස්සන කෙල්ල’ film එකෙන් සිනමාවට ආවා. සම්මානලාභී වුණා; ජයග්‍රාහී නිෂ්පාදිකාවකුත් වුණා. (මං හිතන්නේ ගීතා තමයි, තමන්ගේ නමෙන්ම සිනමා පත්තරයක් පවත්වාගෙන ගිය එකම සිනමා නිළිය.) දේශපාලනේට ආවේ ඊළඟට, 2015දී. එහෙව් අත්දැකීම් සහගත ගීතා කියන දේවල් නිකංම කියනවා වෙන්නත් බෑනෙ... එහෙම නේද?

1. ‘’ආණ්ඩුවෙන් මම කිසිම දෙයක් අරගෙන නෑ. ඒ නිසා මම ණයත් නෑ, බයත් නෑ.’’

1.1. ඒ කියන්නේ ආණ්ඩුවේ ඉන්න අයට මොන මොනවා හරි දේවල් ලබා ගන්නත් පුළුවනි කියන එකනේ... ලැබෙනවා කියන එකනේ. ලබා ගන්න ඉඩ තියෙනවා කියන එකනෙ.
ණයකාරයෙක් වෙන්න තරං ලොකු-ලොකු දේවල්ම ආණ්ඩුවෙ ඉන්න උදවියට දෙන විත්තිය නේද මේ කියවෙන්නේ... ඒ මදිවට ‘එහෙම දේවල් ගත්ත බව කියන්නත් බය වෙන්න තරං දේවල්’ තමයි දීල ඇත්තේ.

1.2. ආණ්ඩුවය කියන්නෙ පුද්ගලික සමාගමක් නෙවෙයිනෙ (හිතෙන හිතෙන විදිහට අරයට මෙයාට බෙදල දෙන්න.) කාගෙවත් තනි අයිතියට තියෙන දේකුත් නෙවෙයිනෙ. ඒක එහෙම නං ආණ්ඩුවකින් එහෙම දේවල් දෙන එකයි, ගන්න එකයි දෙකම වැරදි වෙන්න ඕනිනේ.

2. මාව ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශයෙන් අයින් කළා.

2.1.1. ඕන්න වැඩේ... ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් වගේ තානාන්තර දෙන්නේ සුදුසු අයටද- හිතවත් අයටද- හෙංචයියලටද- ගෙම්බන්ටද එහෙමත් නැතිනං ගෙම්බෝ වෙයි කියල සැකයක් තියෙන අයටද?

2.1.2. කිසිම පදනමක් නැතිව- එහෙම හිතුමතේ දුන්නු තනතුරු නං ඉතිං ලොකු-ලොක්කන්ට හිතෙන වෙලාවක, හිතුණු විදිහට වෙනස් කළත්... අයින් කළත් දොසක් කියන්නේ කොහොමෙයි? නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගෙ වගෙයිනෙ.

2.1.3. හැබැයි, මෙතැන වැරැද්දක් තියෙනවා... ක්‍රමේ! ඔහොම අයුතු දේවල් කරන්න ඉඩ තියෙන ක්‍රමේ!! බොරුද මං අහන්නේ.

3. දිනන නිසාමයි ගියේ.

3.1.1. දිනන නිසා? ගීතාට පෙනෙන්න ඇත්තේ එහෙමයි. (හැබැයි, අපරාදේ කියන්න බෑ. ගීතා ඇත්තම කියනවා වගෙයි.) එයාට එහෙම කියන්න පුළුවන් වුණාට හැමෝටම ඇත්ත කියන්න ශක්තියක් නැහැනෙ.

මාලිමාවේ අනුර කුමාර දිසානායක මහත්තයට...

3.1.2. මොකෝ? ඇත්තම කියලා, වැරදිකාරයො වෙන්න තියෙන නඩුවලින් නිදහස් වෙන්නද?

කෝටි ගණන් වටින ඉඩම් අක්කර ගණන් නිකංම හම්බ වුණයි කියන්නද?
බාර් පර්මිට් හම්බ වුණයි කියලා එළි කරන්නද?
පෙට්‍රල් ෂෙඩ් හම්බ වුණයි කියන්නද... ඊටත්, (අත යටින්) ඔව්වා ලැබෙන්නේ දිනන්න කලින්. දිනුවොත් Double Bonusලු.
මේ වතාවේ උන්දැලා පරදින විත්තිය ඒකාන්ත නිසයිලු ‘එහා මෙහා වෙන කුට්ටි’ ගොඩක් බර!

3.2. ප්රතිපත්ති නිසා පිල් මාරු කරනවය කියන්නත් දැන් ඉඩක් නැහැ නෙව... ඒ බයිලා වලංගු වුණේ ගොඩක් ඉස්සර කාලෙටනේ.

අද උදේ එක ප්‍රවුර්ත්තියක් කියවද්දී, මං වහන්සේට හිතුණු දේවල්වලින් කොටහක් තමයි ඔය ලිව්වේ. හැබැයි, ලියන්න හිතාගෙන උන්නේ වෙනින් කතාවක් ගැනයි.

ඒ කතන්දරෙදී හරිම වැදගත්ය කියලා මට හිතෙන කරුණු කීපයක් කියවෙනවා.

අ. හිටපු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහත්තයට ආණ්ඩුවෙන් ලබාදීලා තියෙන නිල නිවාසය අලුත්වැඩියා කරන්න විතරක්... අලුත්වැඩියා කරන්න විතරක් රුපියල් කෝටි 40ක් වියදම් කරලලු. කාගෙවත් සාක්කුවෙන් නෙවෙයි- ආණ්ඩුවේ සල්ලිවලින්.

(මට හිතෙන්නෙ, මෙතැනදී නං මාලිමාවේ අනුර කුමාර දිසානායක මහත්තයට වැරද්දක් වෙලා කියලයි. කෝටි 40ක්... එක බින්දුවක් වැඩි වෙලාවත්ද අපෙ හාමුදුරුවනේ?)

ලොකුම පුදුමේ ඔහොම කතා එකකටවත් උත්තර දීමක් නොකෙරෙන එකයි. එහෙම වෙන්නේ මාලිමා වේදිකාවල කියැවෙන දේවල් ඇත්තම ඇත්ත නිසාද?

ආ. වාහන බලපත්‍ර වගේ ආණ්ඩුවේ විශේෂ වරදාන ලබා ගැනිල්ලෙදීත් පක්ෂ- විපක්ෂ භේදයක් නැතුවම අපේ මන්ත්‍රීලා- ඇමතිලා හරි සමඟියිලු. (මරික්කාර් මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් පුද්ගලිකව කරපු ඉල්ලීම ඔයාලත් දකින්න ඇතිනෙ.

ඇ. තව එකක්! අපේ ජනාධිපතිතුමාට රට පුරහම ජනාධිපති මන්දිර තියෙනවය කියන්නේ. හැබෑද බොලේ? යාපනේ, අනුරාධපුරේ, නුවර, නුවරඑළියේ, කතරගම, උඩවලවේ විතරක් නෙවෙයි මහියංගනෙත්... කොළඹත්...

අකුදි මහත්තයෝ, හොඳට හොයලා බලන්න වෙයි, ඔන්න ඔය කාරණයත්.
ගිහි ගෙයි හිටියා නං සක්විති රජෙක් වෙන්න වාසනාව තිබිච්ච සිදුහත් කුමාරයාටත් තිබ්බේ මාලිගා තුනයිනේ.
මේ හුණ්ඩුවක් විතර රටේ පළමුවෙනි පුරවැසියාට ඔච්චර මාලිගා හැදෙව්වේ මොන මොන වහන්සේලාගේ ඕනිකමටද දෙය්යනේ...

‘අනාගතය නුඹයි රටේ’ කියල අනුරට කියන්නේ රටෙන් බාගයකටත් ටිකක් වැඩි අපි කට්ටියනේ...
ඈ. ඉතිං, ඒ කතාවේදීම මාලිමාවේ අනුර කියනවා එයාල බලයට පත් වුණාම...මන්ත්‍රී මැති ඇමතිවරුන්ට වාහන බලපත් දීම, විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දමන බව සහ
ජනාධිපති මන්දිරවලින් එකක් පමණක් තබාගන්නා බව.

මාලිමාවේ අනුර මුල හිටම කියනවා නෙව හොරකම හා දූෂණය නවත්තන විත්තියත්...

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට එහෙම කියන්න පුළුවන් වෙන්නෙ උන්නැහේ ‘ණයත් නැති- බයත් නැති- කොන්දක් ඇති’ කෙනෙක් හින්දනේ...

ඉතිං, ඔය කාරණා ටික විතරක් වුණත් කරන්න ඇහැකි නං- කෙරෙනව නං...
මොනවටද ආයේ ‘නං’? ඔය කාරණා ටික විතරක් නෙවෙයි තව ගොඩාරියක් දේවල් කෙරෙනව ඒකාන්තයි.

ඒකට හොඳම සාක්කියක් තමා දැන්-දැන් හොඳම උගතුන් විදිහට පෙනී හිටිය ඔස්තාද්ලා පවා මහජනතාව ඉදිරිපිටදීම නන්නත්තාර වෙන්න පටන්ගෙන තිබීම.

ඉතිං, ‘අනාගතය නුඹයි රටේ’ කියල අනුරට කියන්නේ රටෙන් බාගයකටත් ටිකක් වැඩි අපි කට්ටියනේ.
2025 උදාවෙන්න කලින් ‘අනාගතය සුබයි රටේ!’ කියල රටේ හැමෝම කියන තැනට වැඩ සිද්ද වේවි කියලයි මම නං හිතන්නේ෴o෴

Sunday, September 8, 2024

තකට තක

ඔන්න එකෝමත් එක ගමක කාන්තාවෝ දෙන්නෙක් හිටියා. එක්කෙනෙක්ගේ නම ගණිතවතී. අනෙක් එක්කෙනා තර්කවතී... ගණිතවතීට ගණිතය පිළිබඳ හොඳ දැනුමක් තිබුණා. තර්කවතීට තර්කානුකූලව සිතීමේ හොඳ හැකියාවක් තිබුණා.

ඉතිං ඔන්න දවසක් මේ දෙන්නා පොඩි කැලෑ පාරක් මැද්දෙන් ගමනක් යනවා...
ඔහොම යන අතරේ රෑ බෝ වී ගෙන ආවා. ගමටත් තව සැලකිය යුතු දුරක් යන්න තියෙනවා...

ගණිතවතී: ඔයාට තේරුණාද අනේ, අපේ පස්සෙන් මිනිහෙක් එනවා. දැන් විනාඩි 38 යි... තප්පර 30 ක වෙලේ ඉඳන් මිනිහා අපේ පස්සෙන් එනවා... මම මේ කල්පනා කළේ මිනිහට අපෙන් මොනවද ඕනේ කියලයි.

තර්කානුකූලව කරන්න පුළුවන් එකම දේ මම කළා. මම මගේ රෙද්ද ඉස්සුවා... (ගොන් පොරවලදිත් එහෙමනේ කෙරෙන්නේ...)

තර්කවතී: ඕක තර්කානුකූලයිනේ අනේ... ඒ මිනිහට ඕනේ අපිව දූෂණය කරන්න...

ගණිතවතී: අනේ අපොයි! මේ එන වේගයෙන් මිනිහා ආවොත්... තව විනාඩි 1යි තත්පර 28ක් ඇතුළත මිනිහා අපි ගාවට එනවා... අපි දැන් මොකද කරන්නේ..?

තර්කවතී: මේ වෙලාවේ කරන්න තියෙන එකම තර්කානුකූල දේ තමයි වේගෙන් ඇවිදින එක!

ගණිතවතී: ඒක හරියන්නේ නෑ...

තර්කවතී: ඔව්... ඒක හරියන්නේ නෑ තමයි! ඒ මිනිහත් කරන්න පුළුවන් හොඳම තර්කානුකූල දේ කරනවා... ඔන්න ඔන්න මිනිහත් වේගෙන් ඇවිදගෙන එනවා.

ගණිතවතී: දැන් අපි මොකද කරන්නේ? මේ එන වේගයෙන් අවොත්මිනිහා තව මිනිත්තුවක් යන්න කලින් අපි ගාවට එනවා...

තර්කවතී: හරි, දැන් අපිට කරන්න තියෙන එකම තර්කානුකූල දේ තමයි දෙකට බෙදිලා පාරවල් දෙකක යන එක... ඔයා අර පාරේ යන්න... මම මේ පාරෙන් යන්නම්... එහෙම ගියොත් තර්කානුකූලව මිනිහට අපි දෙන්නගෙම පස්සෙන් එන්න බෑ...

දැන් මේ දෙන්නා පාරවල් දෙකේ දෙපැත්තට යන්න පටන් ගත්තා. පස්සෙන් ආපු මනුස්සයා තර්කවතී පස්සෙන් යන්න පටන් ගත්තා. ගණිතවතී ගෙදරට ළඟා වුණා. තර්කවතී තාම ඇවිත් නැති බව දැනගත්තා. තර්කවතීට මොනවා වෙන්න ඇත්ද කියල දුක් වුණා...
ටික වෙලාවක් යනකොට තර්කවතී ගෙදර ආවා.

ගණිතවතී: අම්මෝ ඇති යන්තන් ඔයා ආවා... ඔයාට කරදරයක් නෑ නේද?
තර්කවතී: තර්කානුකූලව වෙන්න පුළුවන් එකම දේ වුණා. ඒ මිනිහට අපි දෙන්නගේම පස්සෙන් එන්න බැරි නිසා ඌ මගේ පස්සෙන් ආවා...
ගණිතවතී: හරි... හරි... ඊට පස්සේ මොකද වුණේ?

තර්කවතී: තර්කානුකූලව වෙන්න පුළුවන් එකම දේ වුණා... මම, මට පුළුවන් වේගයෙන්ම දුවන්න ගත්තා... මිනිහත් පුළුවන් වේගෙන් මගේ පස්සෙන් පැන්නුවා...

ගණිතවතී: ඉතින්?
තර්කවතී: තර්කානුකූලව වෙන්න පුළුවන් එකම දේ වුණා.. මිනිහා මගේ කිට්ටුවටම ආවා...

ගණිතවතී: අපොයි දෙයියනේ... ඉතින් ඔයා මොකද කළේ?

තර්කවතී: තර්කානුකූලව කරන්න පුළුවන් එකම දේ මම කළා. මම මගේ රෙද්ද ඉස්සුවා...

ගණිතවතී: අනේ.. ඊට පස්සේ අර මිනිහා මොකද කළේ?
තර්කවතී: තර්කානුකූලව කරන්න පුළුවන් එකම දේ මිනිහත් කළා... මිනිහා මිනිහගේ කලිසම පහත් කළා...
ගණිතවතී: අයියෝ... ඉතින්... ඊට පස්සේ මොකද වුණේ?

තර්කවතී: ඇයි අනේ... ඊට පස්සේ වෙච්චදේ තර්කානුකූලව ඔයාට හිතාගන්න බැරිද...
රෙද්ද උස්සපු ගැහැනු කෙනෙකුට, කලිසම පහත් කරපු පිරිමියෙකුට වඩා වේගෙන් දුවන්න පුළුවන් කියලා ඔයා තර්කානුකූලව දන්නෙ නැද්ද... මම ඉතිං දුවලා ආවා!

2024 විදර්ශන සාහිත්‍ය සම්මාන’ ප්‍රදානෝත්සවයේදී...

ධම්මික සමරතුංග!
ඔව්, එයා තමයි ‘තර්කවතී vs ගණිතවතී’ කියන හරිම රසබර කතන්දරේ fb එකට ලියල තිබ්බේ. ඒ කතාව කියවපු ගමන්ම මට කියැවුණේ ‘මුන් දෙන්නම තකට තක’ කියලයි.

එතකොටම මගේ හිත දිව්වා මාස ගණනාවක් අතීතයට.
‘දෙන්නම තකට තක’... ඒ වචන ටික චූට්ටක් වෙනස්ව ‘දෙගොල්ලොම තකට තක’ කියලා මගේ අවංක අදහස කියැවුණා; 2024 අලුත් අවුරුදු දවස්වල.

ඉස්සෙල්ලම මං ඒ ප්‍රකාශය කළේ ‘සුහර්ෂණී’ නෝනා මහත්තයාට. එයා මේ කියන්න හදන කතාවේ එක පාර්ශ්වයක්! ගණිතවතී පාර්ශ්වෙ කියමුකො.

සුහර්ෂණී කියන්නේ ඒ නෝනා මහත්තයාගේ නම නෙවෙයි. මේ කතන්දරේ ලියනකොට ලේසි වෙන්න හොයා ගත්තු නමක්.
ඒ නෝනා මහත්තයා posh lady කෙනෙක්. බොහොම ප්‍රියමනාප පෙනුමැත්තියක්. ද්විභාෂා හැකියාව ඇත්තියක්. උසේ තරමට නෙවෙයි මහත නං- ටිකාාාාාක් පිරිපුන් වැඩියි කියලයි මට හිතුණේ. එහෙම අපූරු ඉස්තිරියාවකට ඔය ආරියවතී, කමලාවතී වගේ නමක් දාන්නයැ- නිකමටවත්. එතකොට මතක් වුණා- සුහර්ෂණී නම.

ඒ නම ඉතාම මෑත දවසක ඇහුණේ ‘2024 විදර්ශන සාහිත්‍ය සම්මාන’ ප්‍රදානෝත්සවයේදී. (මතක ඇති නේද මං වහන්සේ ‘විදර්ශනෙන්, තෑගි අරං, එනව බොලං’ කියල blog posts කීපයකුත් ලිව්වා.) කියැවිච්ච විදිහටම සැප්තැම්බර් 1 වෙනිදා ගරු-ගම්භිරාකාරයෙන් ඒ තෑගි පිරිනැමුණත් එක්ක.
ප්‍රශස්ත කාව්‍ය- කෙටි ලැයිස්තුවේ තිබ්බ අත් පිටපත් තුනෙන් එකක් ‘සුහර්ෂිණී ධර්මරත්න’ගේ. එතැනිනුයි ඒ නම මේ කතාවට අල්ලාගත්තේ. (ස්තුති කරන්න ඕනි කාට-කාටද මන්දා... ඔන්න හැමෝටම ස්තුතියක්!)
  

ඉතිං අර ‘තකට තක’ කතාව සුහර්ෂණීට කියලා විනාඩි කීපයකට පස්සේ, මං අනිත් පාර්ශ්වයේ- (අපි එයාලට කියමුද ‘තර්කවතී පාර්ශ්වය’ කියලා.) නෝනා මහත්තුරුන් එක්කත් කිව්වා- මං සුහර්ෂණීට එහෙම කියපු විත්තිය.

හත්තිලව්වට ගැහුව කලාබරේ! එවෙලේ එයාලා ටික මාව සම්බෝල කළේ නැති ටික විතරයි.
අනේ අනේ නිමල් අයියේ. ඔයත් එහෙනං එහෙමයි. / ඔයාට වටින්නෙ නෑ නිමල් අයියේ, කීයටවත් ඒ ගෑනිගේ පැත්ත ගන්න! / ඔයාටත් එහෙනං ඒකිව ලොකු වුණා. / එතකොට අපියි වැරදි? / පිරිමි ඔක්කොම එකයි අනේ... බොහොම ආවේගශීලී සුසුම්- හීල්ලීම්- අවලාද කියුම් ගොඩාරියයි.
(ලොකුම කතන්දරේ- එහෙම වාගාලාප දෙඩුව තර්කවතීලා සේරෝමගේම ස්වාමි පුරුෂයන් හැමෝමත් ඒ trip එකට ගිහිං හිටපු එකයි.)

මම හොල්මන් වෙලා ගියා. වැරැද්ද එයාලගේද- නැත්තං මගේද?
මට අනුව නං, මගේ ප්‍රකාශයෙන් ඒ දෙගොල්ලන්ගෙන් කාටවත්ම අපහාසයක් වුණේ නෑ; මදිපුංචිකමක් වුණෙත් නෑ; පැසසුමක් මිස! අනෙක මං කිව්වේ මට හිතුණු ඇත්ත- මට දැනුණු සත්‍යය.
අපේ තාත්තා
අපට උගන්නල තියෙන්නෙ ‘ඇත්ත කියන්නයි බිම ඉඳ ගන්නයි බය වෙන්න එපා’ කියලනේ.

මතකයි, හොඳට මතකයි.

ඉතිං, ඒ ගමන හරිම ලස්සන එකක් වුණත් ඒ ගැන මොකුත් ලියන්න ඕනි නෑ කියලා මම හිත හදාගත්තා. ලියනවා නං මේ සිද්දිය ගැනත් ලියන්න වෙනවා. ඒ trip එකේ fotoසුත් දාන්න වෙනවා. මට හිතිච්ච ප්‍රධාන කාරණා කීපෙකුත් ලියන්න වෙනවා...

1. ගැහැනු තවත් ගැහැනුන් එක්ක ලේසියෙන් පෑහෙන්නේ නැද්ද? (පිරිමින්ට සාපේක්ෂව)
2. හැබැයි- එක පොදු විරුද්ධකාරියක් ඉන්නකොට එයාලා හරිම තදින්; හරිම ඉක්මනින් එකට සමඟි වෙනවද? (පොදු සතුරෙක් ඉදිරියෙදි පිරිමිත් එහෙමද? දේශපාලන පක්ෂත් එහෙමද?)
3. කෙනෙකුට විරුද්ධව යමක් හිතට වැටුණාම, අපිට ඒක අමතක කරන්න බැරි ඇයි? මානවයාට
තර්කානුකූල වෙන්න බැරිද හැබෑටම...

ඔය තුන්වෙනි කාරණේ නං මගේ හිතට හොඳටෝම වද දෙන කාරණයක්. මං වහන්සේ මාලිමාවට බරයි කියලා දන්න සමහරු කිණ්ඩියට වගේ අහන දෙයක් තමයි ’88-89 මතකයි නේද?’ කියලා.
විෂෙන් විෂ නසන්න පුළුවන් වෙලාවලුත් එනවනෙ- නේද...

“මතකයි, හොඳට මතකයි. ගෝනි බිල්ලොත් මතකයි. බටලන්දත් මතකයි. ඊට පස්සේ සුනාමි අරමුදල් ගසා කාපුවත් මතකයි.
මහ බැංකුවට සුද්දෙ දීපු හැටිත් මතකයි. සීනි බදු වංචා- සුදුළූණු වංචා එහෙමත් මතකයි...
බෙහෙත් කියලා පල්වතුර දුන්නු හැටිත් මතකයි. එහෙව් මනුස්සයාට විරුද්ධ විශ්වාස භංගෙදී උදව් කරල ආරස්සා කරගත්තු අයවත් මතකයි. තව ගොඩක් දේවලුත් මතකයි.
88 තරම් ඈත කාලෙ මතක ඔයාලට ඊට පස්සේ වෙච්ච ඔය වගේ දේවල් මතක නැද්ද හැබෑටම...” කියලා මං අහන්නෙ බැරිම තැනකදී විතරයි.
ඒත් එහෙම අහන්නෙත් ඔරොප්පු ස්වරයකින් නෙවෙයි; හොඳටම නිවිච්ච tone එකකින්.

හැබැයි- මං වහන්සේ එහෙම අහපු එක වෙලාවකවත් ‘සාධාරණ උත්තරය’ක් නම් තවම ලැබිලා නෑ!

එහෙම දේවලුයි, ගණිතවතීලගේ කතාවයි, ගිය මාසයේදී ගිය තවත් trip එකකුයි, මේ දවස්වල ඇහෙන- පෙනෙන දේවලුයි නිසා මට ආයෙමත් හිතුණා අර සිදුවීම ගැන ලියන්න.
හැබැයි, ගමනේ මුල අග ලියන්නෑ, හොඳේ... ගිය අය ගැන විස්තර ලියන්නෙත් නෑ... ඔට්ටුයිනෙ.

සීත පළාතක්. මීදුමෙන් වැහිලා. අපේ වාහන ටික සේරම ගෙස්ට් හවුස් එකට හැරෙව්වා... මිදුලේත්, ගොඩනැඟිල්ලට ඇතුළු වෙන්නට තිබුණු පඩි පේළිවලත් මල් පෝච්චි තොගයක්... ඒවා එකකටවත් හානි නොවෙන විදිහට- සැමන් pack කරන ආකාරයෙන් අපේ වාහන ටික park කරන්න උපදෙස් දුන්නෙත් සුහර්ෂණී.

ශිෂ්ට සම්පන්න විදිහට අතට අත දෙන ගමන්... (අකුදි රනිල් වික්‍රමසිංහ මහතාට අතට අත දුන්නා වගේ...)

‘Hello, Hello. කොහොමද? හොයා ගන්න අමාරු වුණේ නෑ නේද? I am Suharshani.’ එයාම කතාව පටන් ගත්තා. වටනාකමෙන් වැඩිම වාහන දෙකෙන් එළියට බැහැපු මහත්තුරු දෙන්නටම සුහර්ෂණී අතට අතත් දීපි.

වාහනයෙන් බහින ගමන් වුණත් තර්කවතීලා ඒක දැකලා. ‘අතට අත දෙන්නේ? ආයුබෝවන් කියන්න බැරිද.’ සුහර්ෂණීට අපේ නෝනලාගෙන් පළමුවෙනි රින ලකුණ එකතු වුණා.

දෙවෙනි මහත්තයාට අතට අත දෙන ගමන් සුහර්ෂණී එයාගේ රස්සාව ගැනත් අහපි. උත්තරේ හම්බ වෙච්ච ගමන්ම ගෑනි කියපි ‘මගේ මහත්තයත් ..... කෙනෙක්. My ex husband ඇක්චුවලි... I’m divorced... but, I’m happy. ඉතිං මං තනියම මේ හොලිඩේ බන්ග්ලෝ එක run කරගෙන ඉන්නවා.’ කියල දිග හෑල්ලක්. මම පස්සෙයි තේරුම් ගත්තේ, ඒ වෙලාවේ සුහර්ෂණී නෝනාට අපේ නෝනලාගෙන් minus points බර ගාණක් එකතු වෙලා කියල.
ඒ මදිවට මහත්තුරුන් කීප දෙනෙකුත් ඒ වැඩේට උඩගෙඩි දීලා.

එයා මොකටද දෙන්නෙකුට විතරක් අතට අත දුන්නේ? /
අපි කළුද නිමල් අයියේ? අපිටත් අතට අත දුන්නම මොකද වෙන්නේ- අපිට බෝවෙන ලෙඩ නෑනෙ... /
ඇත්තම කිව්වොත් මටත් දැනුණා එයා ඕනිවට වැඩිය වෙලාවක් මගේ අත අල්ලාගෙන හිටියයි කියලා. මම ඉක්මනට එතැනම හිටිය අපේ ලොකු දුවව එයාට ඉන්ට්‍රඩියුස් කරලා දුන්නා ‘මේ මගේ ලොකු දුව’ කියලා. එතකොට ගෑනි මගේ අත අතෑරියා. /
ඒකනේ අයියේ... එහෙනං එයා ගෑනු අපිවත් ඉඹින්න එපැයි.

(ඒ ප්‍රශ්න තව තව අයගෙත් මුවගුළු (ගණිතවතීලට එරෙහිව) විවර කෙරෙව්ව එකයි වුණේ. ඒ විතරක් නෙවෙයි- තර්කවතී පිලේ එකට එකමුතුව තවත් තහවුරු කිරීමත්.)

ඒ අදහස් ප්‍රකාශන මැද්දෙම අපේ නඩය bags අරගෙන ගිහිං කාමර බෙදාගත්තා.
එතකොටත් දවල් වෙලා.

“අපි දවල්ට මාළුයි, පරිප්පුයි, අඹයි, බැදුමකුයි හදාගෙන ඇවිත් තියෙන්නෙ. ඔයාල අපිට තේ ටිකක් හදල දෙන්න. ඊට පස්සේ බත් එකක් ගහල දෙන්න පුළුවනි නේද?” අපේ අංගනාවකගෙන් ප්‍රශ්නයක්.
“හා මිස්. එතකොට ඒකට හාල්?” සුහර්ෂණී අහන්න ඇත්තේ කෑමට ඕනෙ කරන පහේ-පන්න ටික සේරම අපි ගේනවයි කියලා තිබ්බ නිසා වෙන්නැති.
“මම ගෙනැත් දෙන්නං... තවම ගෙනාව බඩු van එකේ....”

ඊට විනාඩි කීපෙකට පස්සේ අපේ අංගනාව බොහොම සීරියස් මුහුණකින් මාව හොයාගෙන ආවා. “නිමල් අය්යේ, ඔයා කියන්නේ හාල් කිලෝවක බතකින් කී දෙනෙකුට කන්න පුළුවනිද?”
“ලොකු පිරිමි නං හය-හත් දෙනෙකුට ඇති, නංගි. ගෑනු පිරිමි දෙගොල්ලම නං අටකට නවයකට වුණත් කන්න පුළුවන්...”
“ඒකනේ! අර සුකුරුත්තම කියනවනෙ හාල් කිලෝවකින් හතර දෙනෙකුටයි බත් කන්න පුළුවන් කියලා.”

හොඳ collection එකක්නෙ.” මං නොපැකිලවම සුහර්ෂණීව අගය කළා! (foto: සෙරාන් එච්. ගමගේ)
අපේ සංවාදය කෙරුණේ රහසෙන් නෙවෙයි. ඒක කනේ වැටුණු තව අපේ කෙනෙකුත් ඒකට මැදිහත් වුණා. “අනේ මේ හලෝ... ඕකට මොකටද වාද කරන්න යන්නේ? ඕන්නං තව හාල් කිලෝ දෙක තුනක් වැඩියෙන් ගෙනෙන්න වෙයි. ඒ මනුස්සයට ඕනි ගණනක් උයන්න අරිනවලා. එතකොට ඉවරයිනෙ.”

“එහෙම කොහොමද? මොකෝ අයියලත් ඒ අම්මණ්ඩි කියන පැත්තටම කතා කරන්නේ...” තවත් කාරණයක් වයිරල් වුණා!

ඒ නවාතැන් පොළේ විසිත්ත කාමරයේ ලස්සන පොත් රාක්ක කිහිපෙකුත් තිබ්බා. හොඳ පරිවර්තන- ඉංග්‍රීසි පොත් එහෙම තමා ඒ රාක්කවල අසුරලා තිබ්බේ. “හොඳ collection එකක්නෙ.” මම නොපැකිලවම සුහර්ෂණීව අගය කළා.
“මගේ ළඟ තියෙන ඒවායින් ටිකයි ඔය.” සුහර්ෂණී බොහොම නිහතමානීව කිව්වා. “තව රාක්ක ටිකක් හදන්න දීලයි තියෙන්නෙ,”
එයා ඒ රාක්කවල තිබ්බ පොත් කියවලා තියෙනවද කියල නං මං ඇහුවේ නෑ. හැබැයි- ඒ පොත් එකතුව නිසා මගෙන් එයාට plus points ටිකක් නං එකතු වුණ විත්තිය කියන්නම ඕනේ.

එදා හවසත් තව පටලැවිල්ලක් වෙච්චි.
“මේ සැරේ කේක් ජාති හෙණ ගොඩයි. දෙකක්වත් දැන් කපන්න වෙනවා... මම කේක් කපන්නං. මොනවද බොන්න හදන්න කියන්නේ?”
මට ප්ලේන් ටී. / මට කිරි කහට. / මට කෝපි. / ටින්කිරි දාලා නං තේ හදන්නේ මට කිරි තේ.
හතර අතින් අසන්නන්ගේ ඉල්ලීම්!

“ඔය වැඩේ ඔහොම හරි යන්නේ නෑ... තමුසෙලට ඕනි කරන ගණන් ටික කොළ කෑල්ලක ලියල දෙනවා...” එක මහත්තයෙක් කිව්වා. “නැත්තං ඔහොම කියන්න ගියොත් අර මනුස්සයට පිස්සු හැදෙයි.”
“අලුතෙන් හැදෙන්න දෙයක් නෑ. එයාට නං දැනටමත් පිස්සු වගෙයි.” තර්කවතී කෙනෙක් නොරිස්සුමෙන් උත්තර දුන්නා. “වෙනදටත් අපි තුණ්ඩු ලියනවද?”. එයා එහෙම කියන අතරේ ගුරු මහත්මියක් මනාපයන් ගණන් හදමින් කොළ කෑල්ලක ලිව්වා. මහත්තයෙක් ඒ තේ තුණ්ඩුව සුහර්ෂණීට ගෙනිහින් දුන්නා.

එහෙම කරලත් දෙගොල්ලටම වැරදිලා තිබ්බේ මහ අවාසනාවන්ත විදිහටයි. පැය භාගයක විතර වාදයකුත් කෙරුණා- වැරදිච්ච තැනයි- වැරදුණේ කාටදැයි කියන කාරණා හොයන්න...
ඔයාලා හිතන්නේ පලක් වුණයි කියලද?

මෙච්චර කල් තිබිච්ච අපේ ආණ්ඩුවලින් වැරදි හොයන්න පත් කරපු කොමිසම් වැඩිම හරියකින් වුණෙත් ඒකමනෙ. ලක්ෂ කෝටි ගණන්වලින් මහජන මුදල් වියදම් කෙරුණා විතරයි. අරයා වැරදියි, මෙයා වැරදියි කිය-කියා චෝදනා එල්ල වුණා විතරයි. නිකං කාලෙ ගතවුණා විතරයි...
තව සති දෙකකින් ඉස්සරහට එන උදවියවත් ඒ නරුම ක්‍රමේ වෙනස් කරාවි කියලයි මම නං මේ  බලා ඉන්නේ...

මළ පැනලා විත්තිය පේන්න ගත්තම

එදා රාත්‍රියේ බාබකිව් එකක් දාන්නයි plan එක.

ඒකට ඕනි කරන දේවල් ගෙන්න යද්දිත් පරස්පර අදහසුයි මතු වුණේ. අවශ්‍ය chicken ප්‍රමාණ- අල හා එළවලු ප්‍රමාණ ගැන එහෙම... එතැනදී අපේ පිරිමි පාර්ශ්වයෙන් පිළිගැනුණේ ගණිතවතී සුහර්ෂණීගේ අදහස්. ඒවා නිවැරදි බව කෑම වෙලාවේ පේන්න ගත්තම අපේ තර්කවතී නෝනලා පුපුරන්න ගත්තා.
ඒ පිපිරීම පිටාර ගැලුවේ ‘උණු වතුර ප්‍රශ්නය’ක් විදිහට.

මොන හේතුවක් හින්දද මන්දා, ඒ රාත්තිරියේ බාබකිව් එක අස්සෙත් අපේ මහත්තුරුන් ගොඩකට (වෙනදා නැති තරමට) උණු වතුර ඕනි වුණා. කිසිම බැරි-බැරියාවකින් තොරව මහත්තුරු ඉල්ලන පමාවෙන් සුහර්ෂණී උණු වතුර වීදුරු supply කෙරුවා. ‘අද මේ ගොල්ලොන්ට උණු වතුර දොළදුක් හැදිලනේ! / අපි මොනවා හරි ඉල්ලුවම නං ගෑනි වරුවක් ගිහිල්ලයි ගේන්නේ.’ Sweet වොයිසස්වලින් angry මුණු-මුණු ගෑමක් ඇහුණත් එක්ක.

නෝනා මහත්තුරුන්ට මළ පැනලා විත්තිය පේන්න ගත්තම මහත්තුරුන්ට හෙණ ආතල්. උණු වතුර ඉල්ලීම් වැඩි වුණා. සුහර්ෂණී එක්ක කෙරෙන කතාබහත් වැඩි වුණු පාටයි.

ඒකට අප්‍රසාදය පෙන්නන්න වගේ තර්කවතීලා ටික වේලාසනම නින්දට ගියා.

මධු විතත් තිබ්බ නිසා පිරිමින්ගේ පැදුරු පාටිය නං ඉක්මනින් ඉවර වුණේ නෑ. හැබැයි- ආපහු ගෙවල්වලට ගියාම සිද්ද වෙන්න පුළුවන් ‘ගෘහස්ත හිංසන’ ගැන කල්පනා වෙච්චි නිසා වෙන්නැති... පිරිමි ටික දෙනෙකු සඳහා ටිකක් ඈතින් වෙන් කරලා තිබුණු නිවහනට කවුරුන්වත් ගියේ නැති තරම්...

සැක ඇති තැනට විදුලි කොටනවයි කියනවනෙ.
අපේ තර්කවතීලට සුහර්ෂණීගේ හැම දෙයක්ම පාහේ ඇදේට පෙනුණා වගෙයි. සුහර්ෂණීටත් එහෙමම හිතිලා!

ඒ විත්තිය පෙනුණේ අපි එතැනින් පිටත් වෙලා එන්න සූදානං වෙද්දී.
“ඔයාලා ගෙනාව බඩුවලින් ඉතිරි වෙච්ච දේවල් මේ... ඒවාත් ගෙනියන්නෙයි කියන්න.” සුහර්ෂණී කුස්සියේ මේසයක් උඩ ගොඩ ගහලා තිබුණු bags ටිකක් පෙන්නුවා. ඒවා අතරේ පොල් කටු ටිකක් දමාපු සිලි බෑගයකුත් තිබුණා.
“මේ මොකටද?”
“ඔයාලගෙ  නෝනලා මේවත් ඉල්ලයි කියලා හිතුවා. ඒකයි...”

ඒ වෙලාවේ තමයි මං මෙහෙම කිව්වේ. ‘අපේ කට්ටියයි සුහර්ෂණීයි දෙගොල්ලොම මරු. දෙගොල්ලොම තකට තක.’ මං එහෙම කියපු එක ගැන ඔයාලා මොකද හිතන්නේ?

2024 ජනාධිපතිවරණ සටනේදී මාලිමාවේ අනුර කුමාර දිසානායක දැනටමත් අනිත් අපේක්ෂකයන්ට වඩා හැම අතින්ම ගව් ගණනක් ඉදිරියෙන් ඉන්නවා වගේ!

පසු සටහන: “ඒ අම්මණ්ඩිත් මාර බඩුවක්. දැක්කද අපි පිටත් වෙන්න ඉස්සෙල්ල ඇවිත් මල් පෝච්චි ටික ගණන් කරපු හැටි.” / “ආයෙ එන්නත් කිව්වා.” / “එන්නම වැඩේ!” / “අපි පිරිමි ටික විතරක් එමු මචං!” වාහන ටික පාරට ගත්ත ගමන්ම කියැවිච්ච දේවලින් ටිකක් ඒ.

හොඳම ටික කියැවුණේ දවල් කෑමට පස්සේ...
සුහර්ෂණීලටම කියලා දවල් කෑම හදවගෙනයි, අපි ආවේ. එයින් බත ඇටකුණා වෙලා- පරිප්පුවට පොල්කිරි නොදා බෙරි කරලා- තව කරියකට ලුණු පෙන්නලාවත් නෑ. ඔයාලම හිතා ගන්නකො කියැවුණු දේවල්... එහෙම බලද්දී ඒ ගණිතවතී ඉන්නේ අපේ අයට වඩා ගව් ගණනාවක් ඉදිරියෙන් වගේ...

2024 ජනාධිපතිවරණ සටනේදී මාලිමාවේ අනුර කුමාර දිසානායක දැනටමත් අනිත් අපේක්ෂකයන්ට වඩා හැම අතින්ම ගව් ගණනක් ඉදිරියෙන් ඉන්නවා වගේ෴o෴

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්