“තමුන්ගෙ පවුලේ කීප දෙනෙක්ම එංගලන්තයේ ඉන්න නිසා එහෙ නවතින්නම අවසර ලැබෙනවා නම් නේද වැඩිය කැමති? තමන් විවාහකයෙකුත් නෙවෙයි නේද?”
ප්‍රශ්න අහමින් හිටි නිලධාරියා ආචාරශීලී ඉංග්‍රීසියෙන් මගෙන් එහෙම ඇහුවේ කට
කොනකින් හිනා වෙවී වගෙයි මං දැක්කේ. මට ඒ හිනාවයි දිරෙව්වෙ නැත්තෙත්. දන්නවනෙ,
මට පොඩි මහන්තත්ත ගතියකුත් තියෙනවනේ. මොන බම්බුවකටද මුන්ට බාල්දු
වෙන්නේ?
“එහෙ නවතින්න? මට එහෙම ඕනිකමක් නෑ. මට
ඕන්නෑ මේ රට දාල ගිහිං උඹලගෙ රටේ දිගටම ඉන්න...” එක විඩේම මොට්ට මගේ කටෙන් එළියට
පැන්නේ ‘සිංහල ඊතල’. ඒ සුද්දන්ට සිංහල තේරෙන්නෙ නැති විත්තිය ඒ
එක්කමයි, මට කල්පනා වුණේ.
මළ පැන්න වෙලාවට; මදි පුංචිකමක් කෙරුණු වෙලාවට හරි කෙනෙහිල්ලක් කෙරිච්ච වෙලාවට... |
මළ පැන්න වෙලාවට; මදි පුංචිකමක් කෙරුණු වෙලාවට හරි කෙනෙහිල්ලක් කෙරිච්ච වෙලාවට, මොකද මේ ජාති භේද- කුල භේද- වරිග භේද මතක් වෙන්නේ... ඒවා ගැන පස්සේ හිතහං... දැන් තමුසෙ ඉන්න තැන සිහියට ගන්නවා.
“Sorry,
I’m really sorry...” කියල ඒ එක්කම කියා ගන්න මට පුළුවන් වුණා. ඊළඟට හොඳ හුස්මක්
කාරිය අරගෙන මං අර පුරස්නෙට උත්තරය ගැට ගහගත්තා. ඉංග්‍රීස්වලින්. මං ගැට ගහගත්තු
උත්තරෙන් කියැවුණේ මේං මේකයි.
“මම පළමුවෙනි වතාවේ එංගලන්තෙට ගියේ මීට අවුරුදු දහයකටත් කලින්. ඒ සැරෙත් තව මාසයක්
එහෙ ඉන්න වීසා තියෙද්දිම මං ආපහු ආවා. මට තමුන්ලගේ රටට ආපහු යන්න ඕනි නං මම ඒකට
මෙච්චර කල් ගනියි කියලද හිතන්නේ...”
අපි
යමක් කියනකොට ඒක කියන්නේ තාලයක්- උච්චාරණ ක්‍රමයක් එක්කයි. ලියද්දී ඒක පෙන්වන්න
වෙන්නේ සමහර වචන භාවිතයෙන්. එදා මං වහන්සේ ‘තමුන්ලගේ රටට’ කියන අදහස කිව්වේ Your
Country කියන වචන දෙකෙන්. එතැනට ‘උඹලගෙ රටට’ කියලත් කියතෑකි වුණත් එහෙම කියනෙක මගේ
හිතට හරි නෑ.
මොකද, මගේ එදිනෙදා ශබ්ද කෝෂයේ තමුන්, තමුන්ලගේ, යුෂ්මතා, උඹ, උඹලගේ කියන වචන නෑ.
හැබැයි තමුසෙ, තමුසෙලා වචන තියෙනවා.
කේන්ති ගිය වෙලාවට නං සමහරුන්ට විතරක් උඹ කියලත් මගෙන් කියවෙනවා.
දන්නවද? සෙනෙහස- මිත්‍රත්වය පෙන්වන්නත් මම දෙන්නෙකුට විතරක් ‘උඹ’ පාවිච්චියට
ගන්නවා. තජකයේ හිතවතියන් වෙන ඉන්දිරාට හා ගීතාට. ඉන්දිරා තමයි එදා ඉඳලම, අපේ ගොඩ
දෙනෙකුට වගේම මටත් ‘මචං’ කියලා
අමතන්නේ.
ඔය
ටික කිව්වේ, එදා තානාපති කාර්යාලයේදී මං විනාඩියකට ඇවිස්සුණත්- ඊළඟ විනාඩියේදිම calm
down වෙච්චි බවත් පැහැදිලි කරන්නයි. මගේ කටහඬේ තානයෙන් පවා මගේ කනගාටුව දනවපු බව කියන්නයි.
“අවුරුදු
දහයකට පස්සේ හරි මම මේ සැරේ එහාට යන්නෙත් අපේ නංගිගෙ වෙඩින් එකටයි. ඒ නංගි මට හරි
ආදරෙයි!” මං තවත් ටිකක් ආචාරශීලී වුණා.
මට
පෙනිච්චි හැටි හරි නං, ඒ interview එක කෙරෙන වෙලාවේ ‘මගේ පෙර විස්තර’ත් සංසන්දනය
කෙරුණා. මට එහෙම හිතුණෙ නිකංමත් නෙවෙයි. ඒ නිලධාරීන් ඉදිරිපිට කොම්පියුටර් කීපයක්ම
තිබුණු හිංදා. එයාලා ඒවා දිහා බලමින් තමයි මගෙන් ප්‍රශ්න ඇහුවේ.
මතක ඇති නේද, මං වහන්සේ පළමු වතාවෙත් ඔහොම දෙයක් කිව්වා. අනිලුයි මායි හීත්රෝ එයාපෝට් එකෙන්
පිට වෙන්න කලින්... එතැන හිටි නිලදරුවනුත් අපෙන් ප්‍රශ්න ටිකක් ඇහුවා. ඒ ඇහුවෙත්
පරිගණක තිර දිහා විපරමෙන් බලමින්. ඒවා පරිශීලනය කරමින්...
එහෙමයි
ඒ ඇත්තන් තාක්ෂණයෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ. ඒකටත් එක්ක අපේ රටේ...
දැක්ක නෙව- මුහුදේදී ගිනි ගත්තු එක්ස්ප්‍රස් පර්ල් නැවේ කතන්දරේ දත්තවලට වෙලා
තියෙන දේ. මකලා දාලලු!!! හැබැයි ඔය මොන දත්ත මකලා තිබ්බත් ‘නීතීඥ නාමොල් කුමාරයා’ට
ඔය වන්දි ගැනිල්ලෙ job එක බාර දෙන්නයි තිබ්බේ. අම්මපා! මේ මට තේරුම් ගිය සත්තක්මයි
කියන්නේ. උන්නැහේ එහෙනං කෙස් පලන තර්ක ගෙනැත් තිතටම වැඩේ දෙනවා, ආයෙ දෙකක් නෑ!
රටේ සාමාන්‍ය පුරවැසියන්ට කන් හැන්දෙන් බෙදන
අතරේ දේශපාලන සගයන්ට- හිතවතුන්ට පොල්කටු හැන්දෙන් බෙදා ගත්තු එක ගැන... |
මොකද වුණේ? මට අනුව නං, දැනටමත් ඒ තර්කයෙන් උන්නැහේ දිනුම්! අර දෙකෙන් එකකින්වත්
අයින් වෙන්න ඕනෙ නෑ. නාමොල් බේබි නීති විභාගෙට උත්තර ලියපු කාමරයේ තවත් ආබාධිත සිසුවෙකු හිටියයි
කියලා දැනටමත් කියැවිලා ඉවරයි.
නීතිය නං නීතිය... හොරයක්- බොරුවක්- වැරැද්දක්- මගඩියක් කරනවා වුණත් නීතියට අහු නොවෙන තාලෙට- තිතට කළාම ඉවරයි නෙව.
ඉතිං, රටේ
සාමාන්‍ය පුරවැසියන්ට කන් හැන්දෙන් බෙදන අතරේ දේශපාලන සගයන්ට- හිතවතුන්ට පොල්කටු
හැන්දෙන් බෙදා ගත්තු එක ගැන කියවෙන දේ පේනවනේ... නීතියට අනුවලු ඒ කාරිය කෙරිලා තියෙන්නේ.
මට
නං එදා එකම බොරුවක්වත් කියන්න ඕනි වුණේ නෑ.
එහෙම වුණේ ඒ එකම නිලධාරියෙකුවත් ‘උඹ එංගලන්තෙ ඉන්න කාලෙ මොකක්ම හරි පොඩි
රස්සාවක්වත් කළේ නැද්ද?’ කියන ප්‍රශ්නෙ නාහපු නිසා. බැරි වෙලාවත් එහෙම ඇහුව නං- මේ
සත්‍යවාදී හරිශ්චන්ද්‍රටත් බොරුවක් ඇද බාන්නයි වෙන්නේ.
කොහොමෙන්
හරි මගේ වැඩේ හරි ගියා!
වීසා ලැබුණා මාස හයකට... දැන් ඉතිං...
පහුගිය
කොටසෙදිත් කිව්වා, මට එතකොට හතලිහයි. ම් ම් ම්... චුට්ටක් ඉන්න! මොකද්ද නෝටි 40
කියන්නේ.
Naughty 40 කියන එක අදාළ වෙන්නේ ස්ත්‍රී පාර්ශ්වයට විතරක්ද? මට නං ගොඩක්ම ඒ වචන
ඇහිල තියෙන්නෙ කාන්තාවන්ට ඈඳිලයි.
‘තමුසෙ
දැන් ඒ විස්තර හොයන්න යන්න ඕනි නෑ. ලියාගෙන එන කතන්දරේ ලියාගෙන යනවා. නෝටි ෆෝටි
ගැන දන්න උදවිය ඒ ගැන කියයිනේ.’ යටි හිත තදින්ම කිව්වේ fb එකේ ‘නෝටි 40 සංසදය’
පැත්තට ගිහිං බලන්න හදනකොට, හිත මොර දෙනවා... ‘ඉදිරි දවස් ටික තමුසෙ දැන්මම ගොඩක්
වැඩවලට යොදාගෙනත් ඉන්න එකේ... පුළු-පුළුවන් විදිහට post එක කෙටියෙන් හරි ලියල ඉඳහං
මිනිහෝ.’
එහෙමමත්
බැහැනේ!
ලියන දෙයක් සංක්ෂේපයෙන්ම ලිව්වට හරි යන්නෙත් නැහැනේ. හතර වටේ පඳුරු තලන එක නෙව
නිදි; තමුසෙගෙ පුරුද්දත්...
‘නරක
හතලිහ’ මට නං වස නරක විදිහටයි බලපාල තිබුණේ. ලුණු වතුර බිව්වොත් පිපාසෙ තව වැඩි
වෙන විත්තිය දැන-දැනම මං එහෙම කළා. ඒකටම
හරි යන්න නයනානන්දත් Eveready පූසෙක් වගේ මගේ කිට්ටුවෙන්ම උන්නා.
සිංහ යුවළක් (විනාඩි 20-30 අතරතුරදී, එක වතාවකට
රමණය සඳහා විනාඩියකටත් වඩා අඩු කාලයක් වැය කරමින්) දවසකදී 50 වතාවක් විතර සංවාසයේ යෙදෙනවලු! |
ඒ දත්ත විස්තරේ ඔබ තමුන්නාන්සේලට කිව්වේ, ඒ දවස්වල නයනානන්දයි නිදියි Lionsලා තරම් නරක නැති විත්තිය
ඔප්පු කරන්නත් එක්කලයි. සිංහයොත් අපි වගේ දවසකට එක වතාවෙන් සෑහීමට පත් වුණා නං...
අහම්බෙන් දෙවතාවක් වුණත් මොකෝ?
අපේ
තාත්තා අපට ඉගැන්නුව දෙයක් තමයි ‘කියන දේ කරපල්ලා’ කියන එක. ‘අම්මව දෙනවයි කිව්ව
නං- තාත්තව ගස් බැඳලා හරි දියල්ලා’ කියලයි තාත්තා කිව්වේ.
පහුගිය කොටසෙ commentsවලට උත්තර ලියනකොට මං Pra Jay මහතාට පොරොන්දුවක් වුණා.
මං
හිතන්නේ Pra Jay මහත්තයා
blog අඩවි සේරෝටම වගේ ගොඩ වදින කෙනෙක් කියලයි. ඒ වගේමයි ඒ ඒ blog රචකයන්ව දිරි
ගන්වන්නත් උන්නැහේ සමතෙක්. Comment එකක් නොලියනවා නම්, අඩුම තරමෙන් වැටක් (++++)වත්
ගහන හින්දමද කොහේද අපේ සහෘදයෙක් Pra Jayට
‘වැටාධිපති’ කියලා නම්බු නාමෙකුත් දීලා තිබ්බා. හරිම සිම්පල් මනුස්සයෙක් වෙන Pra
Jay මහත්තයා lawyer කෙනෙක්ද කොහෙදත් එක්ක.
(ඔය ආචාර්ය,
මහාචාර්ය, පිනාචාර්ය උත්තමයන් ගැන වගේම නීතීඥ, අධිනීතීඥ, ජනාධිපති නීතීඥ උත්තමයන්
ගැනත් හුදී ජනතාව පිස්සු හදාගෙන ඉන්න මේ කාලෙ මං වහන්සේ තාම ඉන්නේ උකටලී
සෙයියාවෙන්. කොච්චර ලොකු පට්ටම්- ගරු නම්, පටබැඳි නම්, විරුදාවලිවලින් සැරසුණත්
මොකටද අවංකකම ගෑවිලාවත් නැත්තං...
-දන්නවනෙ, DKR හිතවතාගේ පෙළඹවීම
නිසාම මං 1996 අවුරුද්දේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයෙන් ‘ජන සන්නිවේදන
ඩිප්ලෝමා පාඨමාලාව’ක් හැදෑරුවා. දැනුම ලබා ගන්න විතරයි මට උවමනා වුණේ. සහතිකයක හිමිකාරයෙක්
වෙන්න නෙවෙයි. ඉතිං, මං වහන්සේ ඩිප්ලෝමා සහතිකය අරගන්නටවත් උනන්දු වුණේ නෑ. මහාචාර්ය
ප්‍රනීත් අභයසුන්දර මහත්තයා ඒ ගැන දැනගත්තාම මාව බලෙන්ම කැන්දාගෙන ගිහිල්ලයි මට ඒ
සහතිකේ අරගෙන දුන්නේ! (ස්තුතියි ප්‍රනීත් සර්!)
ඔන්න දැන්මම කිව්වා. සහතිකේ පෙන්නන්න කියන්න නං ඔට්ටු නෑ, හොඳේ. ඒක අපේ ගේ අස්සේ
කොතැනක හරි තියෙනවා- ඒත් තැන මතක නෑ, කොළ ගොඩක් අස්සේ වෙන්නෝනි.
‘හතලිහේදී 4 කොටස’ටත් උන්නැහේ ආන්න ඒ ජාතියේ comment එකක් එවල තිබ්බා.
‘//ඒ බුහුමන්
ලබද්දි මගේ හිතේ ඇති වුණේ පොඩි සතුටක්; ඒත් එක්කම ලොකුම ලොකු වරදකාරී හැඟීමක්.//
නිමල්ට
පැටලිලා වගේ.
බුහුමන් ලැබෙන්නේ බුහුමන් ලැබිය යුතු ඒවා කරල තියන
නිසා.
ඒවයි, අනිත් ඒවයි අතර
සම්බන්ධයක් නෑ.
අනිත්
එක නිමල්ගෙන් සහෝදර සහෝදරියන්ට, යාලුවන්ට වෙන්න තියන යුතුකම් ඉටු කරල
නම් (නිමල් ඊටත් වඩා කරල තියනවනෙ), නිමල්ගේ අතිශය පෞද්ගලික ජීවිතේ ඒගොල්ලන්ට
අදාල නෑ.
පාට්නර්ට
හොරෙන් කරන දේවල් ඒ පාට්නර්ට වැරැද්දක් වෙන්න ඇති. රිලේශන්ශිප් එකට පිට අයට ඒක අදාල
නෑනෙ. අනිත් එක පාට්නර් නිමල්ට හොරෙන් මොනව කලාද දන්නෙත් නෑනෙ.’
මම ඒකට මෙහෙම
උත්තරයක් දුන්නා.
‘ස්තුතියි Pra Jay මහත්තයෝ.
මට වැදගත් කරුණු කිහිපයක් මතු කළාට. ඊළඟ කොටසෙන්ම උත්තර දෙන්නං හොඳේ.’
මම එහෙම
කිව්වේ වෙනම post එකකින් ලියන්න තරං දේවල් ඒ වෙලාවේ හිතට කාන්දු වේගෙන- වේගෙන ආව
හින්දයි. ඒ අතරෙන් ප්‍රධානම කාරණයක් මේ. සමහර අංශවලින් නූතනවාදී පැත්තට බර මං
වහන්සේ සමහර තැන්වලදී අතිශයින්ම සාම්ප්‍රදායිකයි වගේ. මටම තේරෙනවා- ඒක මහ නරුම ගැටලුවක්.
පොඩ්ඩක් ඉන්නකෝ- ඒක තව ටිකක් පැහැදිලි කරන්න.
මම විශ්වාස
කරන විදිහට පවුලක් කියන්නේ පුරුෂ මූලික ඒකකයක්. එහි ගෘහ මූලිකයා පිරිමියායි.
ඒ එක්කම කාන්තාවට නිසි ගෞරවය ලබා දිය යුතුය කියලත් මම තදින්ම අදහනවා. ඒත් ඒ එක්කම
හිතේ කොනකින් ‘කොච්චර වුණත් පිරිමියා තමයි මූලිකයා’ කියන අදහසත් පොලා පනිමින් තියෙනවනෙ
පුදුම විදිහට.
මට හිතෙනවා, ඔය අදහස් මට එන්න ඇත්තේ මහරගම ආච්චී මට කියාදුන් කතන්දරවලින්ය කියලා.
යශෝදරා දේවිය, අමරා දේවිය, බන්ධුල මල්ලිකාව, මද්‍රි දේවිය, විහාර මහා දේවිය, කන්නගී
(පත්තිනි දේවිය), සාවිත්‍රී, සකුන්තලා, දමයන්ති... වගේ හැමෝම සුවච කීකරු බාරියාවෝ;
දිවි දෙවෙනිකොට පතිවත ආරක්ෂා කරගත්තු අංගනාවෝ; සැමියා වැරදි තැන්වලදීත් ඉවසමින්
දුක දරා ගත්තියෝ.
1960 තිරගත වෙච්චි ‘නළඟන’ film එකේ
දර්ශනයකට රුක්මනී දේවිය ජීන්ස් එකක් ඇඳගෙන පෙනී හිටියමත් මහා හා-හෝවක් ඇති කළා... |
අරහෙම මත
වපුරණ අතරතුරේ; ආච්චී නොදැනුවත්වම ‘තදබල දුර්මතය’ක් අනුමත කළා; ඒ දුර්මතය මගේ
හිතෙත් තදින්ම පැලපදියං වෙච්චි විත්තියයි මට පෙනෙන්නේ.
අපේ ආච්චි
මෙහෙමයි කිව්වේ.
‘කොල්ලයි බල්ලයි දෙන්නම එක වගෙයි, බොලල්ලා. බල්ලා හැම පඳුරටම හුජ්ජ කර කර, මොන
දහදුරාවේ කරක් ගහල ආවත් නෑව්වාම ගෙට ගන්න ඇහැකි තරමට පිරිසිදුයි නෙව... කොල්ලත් ආං
ඒ වගෙයි. නාවලා ගෙට ගත්තෑකි. කෙල්ලෙක් එහෙමයැ? වැරැද්දක් වුණොත් ඉතිං වුණාම තමයි...’
ඒ පසුබිමේ
හැදුණු වැඩුණු නිමල් දිසානායක අන්ත දෙකක කෙළවරවල් දෙකේ උන්නු ජීවියෙක් ගාණයි!
හැබැයි, ඉපදෙනකොට අරගෙන ආවා වගේ ‘හැම එකක්ම අහලා- බලන ගතිය’කුත්; හරි වැරැද්ද
තීරණේ කරන ගතියකුත් එයාට තිබුණා.
මට තවම
මතකයි, අපේ ආච්චී ‘වෙස්සන්තර ජාතකය’ කියල දෙන අතරේ මං අහපු ප්‍රශ්නයක්.
“ඒ වුණාට ආච්චියෙ වෙස්සන්තර රජ්ජුරුවො මද්‍රි දේවියට හොරෙන් දරුවෝ දෙන්නව ජූජක බමුණාට
දන් දුන්න එක නරකයිනේ... හරි පව්!”
“ඒ මොකටද
රංජි පුතේ පව් කියන්නේ. ඇස් ඉස් මස් ලේ දන් දිදී ආත්ම ගණනාවක් තිස්සේ අප මහ බෝසතාණන්
වහන්සේ පුරාපු දාන පාරමිතාව සම්පූර්ණ වෙන්නේ එහෙම අඹු දරුවනුත් දානය කළාමනෙ.” එහෙම
දැක්මකින් හිටිය ආච්චි නිතරෝම කියපු කවියක් ගැනත්
මම ඔයාලට කිව්වා මතක ඇතිනෙ...
ගැහැනු ජාතිය - ජරා ජාතිය
ගලේ ගහලා - මරා දාපිය
පිරිමි ජාතිය - උතුම් ජාතිය
කන්ට දීලා - මල් පුදාපිය
අමතක කරන්න
හොඳ නැති අමතර සාධකයකුත් තියෙනවා. කාලය.
ඒ කාලයේ සමාජ ආකල්පත් ගොඩාරියක් ‘පටු’ ඒවා වගෙයි.
ඒ සමාජ ආකල්ප වෙනස් වුණේ ඉබි වේගයකින්. 1960 තිරගත වෙච්චි ‘නළඟන’ film එකේ
දර්ශනයකට රුක්මනී දේවිය ජීන්ස් එකක් ඇඳගෙන පෙනී හිටියමත් මහා හා-හෝවක් ඇති වුණයි කියලා කියනවනෙ!
පාට්නර්ට හොරෙන් කරන දේවල් ඒ පාට්නර්ට
වැරැද්දක් වෙන්න ඇති. රිලේශන්ශිප් එකට පිට අයට... |
ඒ ප්‍රේමය නිකෙළෙස් එකක්; වීතරාගී පරිත්‍යාගශීලී එකක්.
ඒ ප්‍රේමය ඇතුළෙ රාගයට- කාමයට no place! නෝ චාන්ස්!!
මතවාදවල-
අවවාදවල- හැඩ ගැස්වීම්වල හා හික්මවීම්වල බලපෑම කොහොම වෙතත් ‘ලිංගික හෝර්මෝන’වල
බලපෑම මං වහන්සේ කෙරෙහි තදින්ම කිරියාත්මක වෙන්න ඇති. ඒ අතරේ සමහර දෙනෙකු එක්ක මං ආදරෙනුත්
බැඳුණා. නැත්තං, එහෙම වගේ මට දැනුණා. ඒත් ඒවා වැඩි හරියක්ම තිබ්බේ මගේ හිතේ- ඒක
පාර්ශ්විකව. එහෙම හැඟීමකින් ආතුර වෙලා ඉන්නකොට Pra Jay මහත්තයෝ...
‘...
පාට්නර්ට හොරෙන් කරන දේවල් ඒ පාට්නර්ට වැරැද්දක් වෙන්න ඇති. රිලේශන්ශිප් එකට පිට අයට
ඒක අදාල නෑනෙ. අනිත් එක පාට්නර් නිමල්ට හොරෙන් මොනව කලාද දන්නෙත් නෑනෙ.’ වගේ
දේවල් හිතෙන්නේ කාටද? ඊටත් අදින් අවුරුදු තිහ- හතලිහකට කලින් සමයක...
පතිවත
උතුම්කොට සලකපු යුගයක- දික්කසාදය අවමානයක් ලෙස සලකපු යුගයක- අඹු සැමියන් අතර පවා
එළිමහනකදී සිපගැනීමක් තරම් දෙයක්වත් සිද්ද නොවුණු යුගයක හැදී වැඩුණු ගැටවරයෙකුගේ හැටි
හිතා ගන්නට පුළුවන්ද?
එතකොට; ඒ
කාලයේදි මං වහන්සේ දැනගෙන උන්නේ නෑ...
ඒ හරිය ඊළඟ කොටසෙන්ම කියන්නංකො...à
පසුගිය පෝස්ටුවට ලියන්න ඕන කොමෙන්ට් එකක් මේ ලියන්නේ..
ReplyDelete1994 වෙනකොට තමන්ගේ ස්කොර් එක 175ක් වෙලා තිබුනා කියා ලියවෙලා තිබ්බානේ. ඇත්තෙන්ම ඔය සහකරුවන් 175න් කීයෙන් කීදෙනෙක්ද ඇත්තම සමකාමියෝ? මම හිතන්නේ ඔය අය බොහෝමයක් සමකාමි හැගිමක් ඇතිව ලංවු අය නොවේ. ඒ අය තමන්ගේ ලිංගික ආසාවන් සංතර්පනය කරගන්න ආපු අය විතරයි. ලිංගික සම්බන්දයේදිත් ඔවුන්ගේ මනසින් එක්වන්නේ කාන්තාවක් එක්ක මිසක් මේ ඉන්නේ පිරිමියෙක් කියලා හිතන්නේ නෑ..ඔබ මොකද හිතන්නේ මේ ගැන?