‘කොහොම පටන් ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේ’ කියල තමයි මටත් කියන්න වෙන්නේ... ඒ තරමටම නානාප්‍රකාර හිතුවිලි ගොන්නක් අතරේ නන්නත්තාර වෙලයි මං ඉන්නේ.
‘එහෙම උන්නයි
කියලා post එක ලියවෙන්නේ නැහැනෙ නිදි. දැනටමත් තමුසෙ පරක්කුයි. ඒ හින්දා කොතැනින්
හරි පටන් ගනිං!’ ඔන්න මගේ හිත මට බල කරනවා.
![]() |
ඒ weekend
එකේදිම’වාලම්පූරි’ ෆිලුම වාර්තාවකුත් තියලා. මිලියන 20ක ආදායමක් ලබමින්... |
හැබෑ වාලම්පූරියක් නං හාල් ගෝනියක ඔබලා තිබ්බත් උඩට මතු වෙනවයි කියල කියනවනේ... ‘ෂෝසල්
පොලිටිකල් කන්ටෙන්ට් ක්‍රියේටර්’ කෙනෙකු ලෙස තමාව හඳුන්වා දෙන්නට කැමති ලක්මාල්
ධර්මරත්නගේ ‘වාලම්පූරි’ත් මගේ හිතුවිලි අතරින් උඩට- උඩට ඉස්මතු වෙවී එන්නේ ඒ
විදිහටයි.
‘වාලම්පූරි’
බලන්න යන්නම ඕනි!
එහෙම හිතාගෙන, මාස ගණනක් තිස්සේ මං ඒකට හරි-බරි ගැහිලයි උන්නේ. Film එක හෝල්වලට
දැම්මෙ අප්‍රේල් 25. සිකුරාදා... ඒ weekend එකේදිම 'වාලම්පූරි’ ෆිලුම වාර්තාවකුත්
තියලා. මිලියන 20ක ආදායමක් ලබමින්...
මං ගොඩ
සැරයක් කියලා තියෙනවනේ. මම චිත්‍රපට පිස්සෙක්. අත දරුවා කාලයෙ ඉඳලම.
ඒ දවස්වල දැන් වගේ සමාජ මාධ්‍ය ගොඩක් තිබ්බෙ නැහැනෙ. රෙඩිෆියුෂන් එකයි, පත්තරයි
තමා. චිත්‍රපටයකට ප්‍රචාරය දෙන්න වුණෙත් එව්වයින් තමයි. ඒ රාජකාරියට ඒ කාලෙ තව ක්‍රම දෙකක් තිබුණු
විත්තියයි මං දැකල තියෙන්නෙ.
1. Film හෝල්
එකේම පෙන්නන ට්‍රේලරයක්. (සිනමා ඉතිහාසයේ විශේෂයෙන් ලියවිලා තියෙන ‘චණ්ඩියා’ ට්‍රේලරය
එහෙම එකක්. අර චුට්ටේ රිදී තිරේ දෙබෑ කරගෙන
ඉස්සරහට එන දර්ශනේ තිබ්බේ...)
එතකොට තිබ්බනෙ ප්‍රදර්ශන මණ්ඩල තුනක්. සිනමාස්, සිලෝන් තියටර්ස් දෙක තමයි වඩාත්ම පැතිරිල
තිබ්බේ. එව්වට අයිති සිනමාහල් ගොඩයි. සිලෝන් එන්ටටේන්මන්ට්ස් සිනමාහල් ටිකයි. ඒත්
ඒ ඒ මණ්ඩලයේ සිනමාහල්වල පෙන්වන හැම film එකක් එක්කම එයාල ඊළඟට පෙන්වන චිත්‍රපට
තුන-හතරකවත් ට්‍රේලර්ස් පෙන්නුවා, ප්‍රේක්ෂක අපිව පිස්සු වට්ටන්න.
2. චිත්‍රපටයේ
දර්ශන අඩංගු තඩි සයිස් බෝඩ් දෙකක් දෙපැත්තේ එල්ලා ගත්තු ගොන් කරත්ත තමයි අනිත් ක්‍රමේ.
ඒ කරත්තයට ලවුඩ්ස්පීකර් එහෙමත් හයි කරලයි තිබ්බේ. ඒ මදිවට සමහර එව්වයේ මෝලම් සෙට්
එකක් ගහන කට්ටියත් උන්නා- ගමටම ඇහෙන විදිහට ‘ජිං ජිනකං තප්පු තප්පු’ වගේ තාල වාදනේ
කරමින්.
ඇයි, පුංචි hand bills... එව්වත් බෙදුවා. ඒ කරත්ත පිටිපස්සෙන් ගමේම කොල්ලො-කුරුට්ටො
හමුදාවක් අර අත් පත්‍රිකා එකතු කරමින්; නට-නටා ගියා. (මාත් එහෙම ගියා- ජංගිය අඳින සංදියේ.)
විශේෂයෙන්
කියන්න ඕනි, මගේ ගැටවර කාලෙ මට තිබ්බ ලොකුම ප්‍රශ්නයක් ගැනත්. ‘හදිසියේ හරි මට මැරෙන්න
වුණොත්?’ කියලා හිතිච්ච හැම වෙලාවේම මට ලොකුම- ලොකූෟෟෟෟෟෟෟ දුකක් දැනුණා.
![]() |
‘වාලම්පුරි’ thriller ශානරයේ චිත්‍රපටියක් කියලා... |
‘ළඟදීම රිදී තිරයේ’, ‘Coming Soon’, ‘මීළඟට ඔබේ සිනමාහලේ’ වගේ පාඨයක් එක්ක පෙන්නපු
film ට්‍රේලර්ස්; කෙටි පූර්ව ප්රචාරක පට ඒ තරමටම මගේ ජීවිතේට කාවැදිලා තිබ්බේ...
දැන් ඒ කාලෙ
ගිහිං ඉවරයි. සේරම වෙනස්... ඒ ගැන අශෝක හඳගමයන් කියල තිබුණේ මෙහෙමයි:
‘වාලම්පුරි, thriller ශානරයේ
චිත්‍රපටියක්
කියලා PVR show list එකේ
හඳුන්වල දෙනවා. එක ශානරයක නැති විවිධ
ශානරවලින් යුත් චිත්‍රපට
සාර්ථක වෙනවා කියන්නේ චිත්‍රපටි
කර්මාන්තය හැටියට ගත්තහම හොඳ තත්ත්වයක්.
ලකා
කියන්නේ අලුත් විදියට හිතන, අලුත් විදිහට ලියන, අලුත්
විදිහට තමන්ගේ නිර්මාණය වගේම තමන්වත් present කරගන්න
පුළුවන් චරිතයක්. ඉස්සර චිත්‍රපටියක්
මුදා හරිනකොට පාවිච්චි කරපු publicity techniques වගේ නෙවෙයි
අද. විවිධ අත්හදා බැලීම් කරන්න වෙනවා.
චිත්‍රපට
මුදාහැරෙන මණ්ඩල අතරත් තියෙන්නේ තරගයක්. තම මණ්ඩලයේ නිදහස් කෙරෙන චිත්‍රපටියක්
සාර්ථක වුණොත් තමයි තමන්ට වාසියක් අත්වෙන්නෙ කියල ඒ අය දන්නවා. ඒක හින්දා එක චිත්‍රපටියක්
හරියටම දුවලා ඉවර වෙනකම් ඉන්නේ නැතුව තව එකක් දානවා. චිත්‍රපටියක්
දාන්න ඉක්මන් උනා වගේ නෙවෙයි ඒකෙන් අවාසි වෙන්නේ චිත්‍රපට
නිෂ්පාදකයාටමයි. වෙළඳ පොළ තර්කනය ඇතුලේ ඒක
වැරදියි කියන්න බැහැ. තරගය එහෙම තමයි.
ඒ
වගේම චිත්‍රපටියක්
නිදහස් කරන්න පස් මහ බැලුම් බල බල හිටියොත් නිර්මාණකරුවෙකුට තමන්ගෙ ඊළඟ නිර්මාණය
කරන්න පරක්කු වෙනවා. ඒ වගේ කල් ඉකුත් වූ චිත්‍රපට
තමන්ගේ ළඟ තියාගෙන අඬ අඬ ඉන්න නවක චිත්රපටිකරුවන් ඕන තරම් ඉන්නවා.
ලකා
මේ පිළිබඳ හොඳ අවබෝධයක් ඇති, advertising field එකේ
අත්දැකීම් ඇති කෙනෙක්.
වාලම්පුරි කියන්නේ කල් යල් බලා මුදා හැරෙන චිත්‍රපටියක්.
චිත්‍රපටියක්
හදන එක කලාවක්. ඒත් ඒක පෙන්නන එක ගේම් එකක් . චිත්‍රපටයේ
pre-publicity කැම්පේන්
එකෙන්ම ඒක බලන්න මිනිස්සුන්ගේ කැමැත්ත දැනටමත් හදලායි තියෙන්නේ. අපි බලමු කොහොමද
ලකා මේ ගේම් එකේ ඉතුරු ටික සෙල්ලම් කරන්නේ
කියලා...’
ලක්මාල්
ධර්මරත්නගේ විජයග්‍රාහී ටෙලිවිෂන් game එක ‘කූඹියෝ’ ගැන දැනගෙන උන්නු හැමෝම ලකාගේ
‘සිනමා game’ එක ගැන දක්වන්නෙත් අතිවිශාල උනන්දුවක්. ‘මහ විශාල කරදරයක්’ වෙන තරමටම!
![]() |
‘ලකා’
ඉතාම දක්ෂ සමාජ විශ්ලේෂක අනාවැකිකරුවෙකු විදිහට මගේ හිතේ තදටම පැලපදියම් වෙලා... |
සර්වසම්පූර්ණ
film
එකක්
බලන්න යන්නේ කියලා නොහිතා ගියා නම් ආතල් එකේ බලන්න පුලුවන්!!’ Shehani Perera එහෙම කියද්දී, Nigel Fernando මෙහෙම කියල තිබුණා.
‘...කුඹියෝ hype එකට ලකා සාධාරණයක් කරාද කියල නම් මට තාම හිතා ගන්න
බෑ.
එක්කෝ ලකා කුඹියෝ audience
එකෙන්, ජෙහාන් type ගේමක් ගහගන්න කරපු වැඩක් මේක.
හිතපු තරම් නම් නෑ. ඒත් අව්ලකුත් නෑ.
මම හිතන්නේ ලකා එයාගේ හිස්තැන් ඔක්කොම මේ ෆිල්ම් එකේ දී අපිට පෙන්නුවා...’
ඒවා එයාලගේ විවේචනය. මටත් මෙතැනදී වාලම්පූරියේ
පෙනුණු වැරැද්දක් ගැන කියන්නට හිතෙයි.
මුළු ෆිලුම පුරාම සිසිකා මැඩම්
(දිල්හානි අශෝකමාලා) ඇඳගෙන ඉන්නේ එකම රතු ගවුමකි. ඒක නිල ඇඳුමක්වත්ද?
ෆිලුමේදී දිගින් දිගටම කෙරෙන ‘ගොන් පොර’ සංකේතවත් කරවනු පිණිස රතු ගවුම යොදා
ගත්තාවත්ද?
(කකුලක් පිට කකුලක් දමාගෙන ඉන්නා ඉරියව්වට නං ඒ ගවුම හොඳට කැපෙන එක වෙනම
කතන්දරයකි... එහෙම මැඩම් කෙනෙකු එකම ඇඳුම අඳින්නට තරං දුප්පත් වෙන්නට නං බැරිය.)
මං වහන්සේ නං ෆිලුමක් බලන්න
යන්නේ, නාට්‍යයක් නරඹන්න යන්නේ ඒ ගැන චුට්ටක් හරි හොයල බැලුවයින් පස්සෙයි. නැත්තං ඒකෙ
නිර්මාපකයන්; ඉන්න නළු-නිළියන් කවුද කියල දැනගත්තම. (එහෙම කරලත් සමහර වෙලාවට
වරදිනවා. මේ ළඟදී රූපවාහිනියේ ගිය ‘හේමලයෝ’ එක බලන්න ගත්තේ දසුන් පතිරණයි, සමනලී
ෆොන්සේකයි, මාධනී මල්වත්තගේයි නිසා. එයාලගේ හපන්කම්වලින්වත් ටෙලිය ගොඩ ගියේ නෑ
කියලයි මම කියන්නේ.)
‘වාලම්පූරි’ ගැන නං මම
උනන්දුවෙන් බලාගෙන උන්නේ ‘ලකා’ ඉතාම දක්ෂ සමාජ විශ්ලේෂක අනාවැකිකරුවෙකු විදිහට මගේ
හිතේ තදටම පැලපදියම් වෙලා හිටි හින්දයි. ඒ නිගමනය සාධාරණ විත්තිය ‘ලකාගේ එකම එක
ලියවිල්ල’කින් විතරක් වුණත් ඔප්පු වෙනවා.
2024 අගෝස්තු 29 වෙනිදා ලකා ලියා තිබෙන ඒ හෑල්ල මෙතනට යොදන්නේ ඒ ලිපිය අදට වඩාත් ගැළපෙන
නිසා.
‘අනුර
දිනයිද...?
මට අනුව
නම් අනුර දිනිය යුතුය.
මම
2019 දී ගෝඨාභය දිනිය යුතු බව කී අතර ඒකට හේතුව ලෙස සමස්ත සමාජයම ආවරණය කරගෙන පාලනයේ
ඉන්න අය තිරය යට ගෙනියන සෙල්ලම මහා සමාජයට නිරාවරණය කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂ හෝ සරත්
ෆොන්සේකා වැනි දේශපාලන අත්දැකීම් නැති, වහන්නට නොදන්නා, සිවිල්
සමාජයේ සර්වයිවල් එක වන අනිකා රැවටීමේ ටෙක්නික්ස් නොදන්නා නාසිස්ටික් උද්ධච්ච මිනිහෙකුට
බවත් එවැනි පාලකයෙක් රටම ගිනි තියන බවත් ඒ ගින්නෙන් අළුත් රටක් උපදින බවත් මම 2019යේම
කිව්වෙමි. මේවා කෙලවුණාට පස්සේ ගහන බයිලා නොවේය.
https://www.facebook.com/laka.darmarathna.3/posts/pfbid0kZfUx6WfZEYRxDjTxUAEnjBk7xFg554ju2S31feLd4XdBhBw4zZdJXpS1RPCisd8l?rdid=6kxcspK0saJ3Dwmm#
කී පරිදිම ඒක එහෙමම උණේය.
ගෝඨාභය
මහත්තයා නිසා අවුරුදු ගාණක් අපෙන් වහගෙන බැලන්ස් කරගෙන උන් ආර්ථික කෝලම මහජනතාවට නිරාවරණය
උනේය. මුං මේ සහන දෙනවා කියලා කරන්නේ අපේ ළමයින්ගේ ළමයින්ටත් උන්ගේ ළමයින්ටවත් ගෙවලා
ඉවර කරන්නට බැරි ණය අරගෙන අපිට කන්නට බොන්නට දීම බව සාමාන්‍ය මිනිහාට තේරුණේය. නැත්තං
හාමුලා, සර්ලා, මහත්තයලා, ඒවා තමන්ගේ
පර්ස් එකෙන් ඇද අප කෙරේ අනුකම්පාවෙන් අපිට දෙන සහන නේදෝයි සාමාන්‍ය මිනිහා හිතාගෙන
හිටියේය. ගෝඨාභය ඒක ඉවරයක්ම කලේය.
![]() |
පිස්සුද...
අනුර දිනුවා කියා මේ ඉන්න තැනින් එක පාරට අපි අඟලක්වත් ඉස්සරහට යන්නේ නැත. යම් ස්තාවරත්වයකට
ඒමටත් අඩුම අවුරුදු කිහිපයක් ගතවෙනු ඇත. |
ඉන්පසු
එළඹෙන ලෝකය යනු නැවත ඒ බොරුව වෙත ආපසු නොයා යුත්තකි. රනිල් වික්‍රමසිංහ කළේ වේගයෙන්
තමන් දන්නා තැනට රට රීසෙට් කිරීමය. රනිල්ට පුළුවන් ඔච්චරම තමයිය. ඒ නිසා අපි රනිල්
ළඟ නොනැවතී ඉස්සරහට යායුතු යැයි මම 2022 දී කිව්වෙමි. රනිල් මේක රීසෙට් කරන බව මම කිව්වෙ
පෙට්‍රල් පෝලිම්, ගෑස්
පොලිම් තියෙද්දීමය. ඒක මම කිව්ව විදියටම උණේය.
https://www.facebook.com/share/p/EBdDaLe1ashuq78Y/
ඉතින්
දැන් අනුර දිනන්ට ඕනෑය...
ඒ ඇයි...
රට සුඛිත මුදිතව ආර්ථිකයෙන් ශක්තිමත්ව ඉංදියාවටත් ගේමදී ලෝක බලවතෙක් වෙන්නද...? පිස්සුද.
අනුර දිනුවා කියා මේ ඉන්න තැනින් එක පාරට අපි අඟලක්වත් ඉස්සරහට යන්නේ නැත. යම් ස්තාවරත්වයකට
ඒමටත් අඩුම අවුරුදු කිහිපයක් ගතවෙනු ඇත. නමුත් අනුරගේ ජයග්‍රහණය යනු විසාල අනාගත ජයග්‍රහණයක
දෙවන පියවරයි. ගෝඨාභයගේ ජය ඒකේ පළවෙනි පියවරයි.
මට අනුව
නම් අනුර දිනන්නේ දේශපාලනයේ එක පරිච්ඡේදයක් ඉවර කරගෙනය. එනම් ප්‍රභූන් හෝ ප්‍රභූ පන්තියට
බැල මෙහෙවර කළ හෝ කරන්නන්ගේ රාජ්‍ය පාලන යුගය නිමා කරමිනි. අනුර ජනාධිපතිවරයා මතට පැවරෙන
බරපතලම දේශපාලන කාර්යභාරය එයයි.
මේ ප්රභූන්ගේ
දේශපාන අවුල නම් එයාලා දේශපාලන බලය යනු තමන්ට අයිති, තමන්ට
ලැබිය යුතු වරප්‍රසාදයක් විදියට හිතන එකය. මේක අපිට අයිති අපේ රට යකෝ කියා හිතන එකය.
දූෂණය, හොරකම
පටන්ගන්නේම එහෙමය. අපිට අයිති රටේ අපි මොනවා කළාම මොකද යකෝ කියාය. එයාලාට පොදු අදහසක්
නැත. එයාලගේ ලෝකයේ ඉන්නේ, මම, මගේ පවුල, මගේ පවුලට
හිතවත් උන් විතරය. මේ රටේ හෙණය ඒකය.... ප්‍රභූන් අවසන් වෙන්නට ඕනෑමය.
අනුර
එනකොටම අනික් පක්ෂත් අනුරලා එක්කම ඒ ප්‍රභූ හෙණයෙන් නිදහස් වන්නේය. එම පක්ෂවල සිටින
දක්ෂ, තරුණ
මොඩර්න් එවුංට පක්ෂවල බලය සහ පාලනය හිමිවන්නේය. හේතුව ඉන්න උන්ගෙන් බාගෙට බාගෙකටත්
වඩා නඩුවල පැටලෙනු ඇති අතර අනික් උන් දේශපාලයෙන් සමුගෙන රේඩාර් එකේ යටට රිංගනු ඇත.
පරම්පරා
උරුමය ඇරෙන්නට වෙන කිසිම සුදුසුකමක් නැති පිංබත් ප්රභූන්ට පු#ට පයින්
ගැසීමේ බලය ඒ පක්ෂවල ඉන්න දක්ෂයන්ට ලැබෙනු ඇත. ඇත්තටම යූ ඇන් පියේ නායකත්වයට හරීන්
හොඳ නැද්ද...? අනුරම
දක්ෂයෙක් ලෙස හැඳින්වූ කාංචනට අගමැතිකමක්, ජනාධිපතිකමක්
උරුම නැද්ද...? තව හැංඟුන
දක්ෂ එවුන් කොච්චර ඒ පක්ෂවලම ඉන්නවද... පොෂ්, පැෂනේට් කොල්ලො
කෙල්ලො පාර්ලිමේන්තු එන්න ඕනේ නැද්ද...?
![]() |
නැතුව
දැන් ඉන්න මේක අපේ රටෞත්තෝ සීන් එකෙන් නෙවේය... |
අනුර
ජනාධිපති වීමත් එක්කම ඒ ඒ පක්ෂවලට එවුංට තමන්ගේ ප්‍රභූ වහල්භාවයෙන් මිදෙන්නට හයියත්
අවස්තාවත් ලැබෙනවා ඇත. රටේ දේශපාලනය අළුත්වෙන්නේ එහෙමය. ඒ ඒ පක්ෂවල ඉන්න ස්මාර්ට්, ලස්සන, දක්ෂ
කොල්ලන් කෙල්ලන් අනුරගේ විපක්ෂය වුවහොත් අපිට කුණුහරුප නොකියන, මිරිස්
කුඩු නොගහන, අදාල
විෂය ගැන හොයා බලා කතා කරන පාර්ලිමේන්තුවක 'බලාපොරොත්තුවක්' ලැබෙනු
ඇත.
ඉතිං
අනුර දිනලා අවුරුදු දෙක තුනකින් නැත්තං එක ධුර කාලයකින් ගෙදර ගියත් මට නං කමක් නැත.
හේතුව අනුර දිසානායක ජනාධිපතිවරයා විසින් සමස්ත දේශපාලන සංස්කෘතියට ගෙන එන වෙනස ඉදිරි
සියවසක ලංකාවේ දේශපාන සිතියම වෙනස් කරන එකක් නිසාය.
අනුරගෙන්
පසුව මම කියන විදියට ඉඩ හැදෙන්නේ ඒ ඒ පක්ෂවල ඉන්න ස්මාට්ම කොල්ලන්ට කෙල්ලන්ට නං එතනින්
පස්සේ අපිට ලැබෙන රට මට අනුව දේශපාලනිකව ආතල්ය. අනුරගෙන් පසුව බලය යෑමේ වැඩිම සම්භාවිතාව
ඇති නාමල් පවා අපට ලැබෙනු ඇත්තේ දැන් ඔය රැවුල් ඇඳගෙන, පටිය
දාගෙන තාත්තට රඟපාන, කට්ටිය
නැවිලා වඳින ලොකුසීන් නාමල් ලෙස නොව, NPP ආණ්ඩුවෙන් දේශපාලනිකවද, නීතිකටයුතුවලින්ද
දැඩි පීඩාවට පත්ව ඒකෙන්ම මැචුවර් වුණ, බලයට බය දේශපාලකයෙක් ලෙසටය. නැතුව දැන්
ඉන්න මේක අපේ රටෞත්තෝ සීන් එකෙන් නෙවේය.....
අනුර
ජනාධිපතිවරයා ඇති කරන මේ වෙනස විසින් දවසක අපි හීන දැකපු ආතල් රට අපෙන් පසුව ඉන්න එවුන්
හදාගනු ඇත. මගේ පිටපතේ හැටියට අනුර දිනන්ට ඕනෑ ඒ නිසාය.
ප.ලි
ඇත්තටම නැවත රනිල් හෝ සජිත් ප්‍රේමදාස දිනුවා කියා මට 'පුද්ගලිකව' කිසිම
අවුලක් නැත. හේතුව අවුරුදු හතළිහක් මම ජීවත් වුණ ණයට කන, පිනට
බොන, පජාත
සිස්ටම් එකට මම ඉතාම පුරුදු සහ ඒකෙන් ගොඩ යන හැඩය මම හොඳටම දන්නා නිසාය. ඒ නිසා මට
ඒකේ විශේෂ වෙනසක් නැත. ඒ උණත් මෙවර අනුර නැතත් කවුරු හෝ කවදා හෝ ඔය ඉහත මා කියන වෙනස
කරනවාමය. ඒ කවදා හෝ මේ රට ඇත්තටම වෙනස් වෙන්නට පටන් ගන්නවාය. මගේ එකම ආසාව ඒ වෙනස මගේ
ඇස්වලින් දැකීමය......’
![]() |
දිනන
එක නෙමේ අපේ ආතල් එක... අපේ ආතල් එක දුවන එක සර්... බේරි බේරී දුවන එක සර්... අපි ඉපදිලා
ඉන්නෙම මොකෙක්ගෙන් හරි බේරි බේරී දුවන්න සර්... සර්ලා හිතනවානේ අපි පව් කියලා... |
එහෙම දේවල් කියැවෙද්දී film hall එකේ උන්නු උදවිය නං හිනා
වුණේ මහ සද්දෙන්. මං හිතන්නේ එයාල එහෙම කළේ මොර දීලා අඬන්න බැරිකම නිසා වෙන්නැති
කියලයි.
ෆිලුමේ තව හුඟක් බොක්කටම වැදෙන හුඟ තැන්වලදිත් එහෙමම තමයි වුණේ!
අනෙක් අතට ‘අපි හැමෝම අපේ හිතේම හංගාගෙන ඉන්න අපි- අපි ගැනම තිත්ත ඇත්ත’ එළිපිටම
කියැවෙද්දී තක්බීර් වුණාම වෙන මොනව කරන්නද- හිනා නොවී...
‘...කැරකෙනවා සර්.. එකම තැන කැරකෙනවා... මස් කට්ටකට පොර කන බල්ලෝ
වගේ සර්... එකෙක් අරගෙන දුවනවා... ලෙවකනවා... හපනවා... රස බලනවා... දැන් සර් අරූගේ
මස් කට්ට මූට ඕනේ... ඉතින් ඌ පොරකවනවා... හපාගන්නවා... ලේ වැක් කෙරෙනවා... එතනින් දිනන
එකා සර් මස් කට්ට අරගෙන ආයෙම දුවනවා... ඉවරයක් නෑ සර්... ඉවරයක් නෑ... හති ඇර ඇර දුවනවා
සර්... අපිම අපේ පස්සේ කැරකි කැරකි පන්නනවා... අපි බලන්නේ බේරෙන්න සර්... හැබැයි සර්
බේරෙන්න බෑ... කැරෙකෙනවා පන්නනවා කාගන්නවා. ආයෙත් දුවනවා සර්... ඉවරයක් නෑ සර්... දිනන
එක නෙමේ අපේ ආතල් එක... අපේ ආතල් එක දුවන එක සර්... බේරි බේරී දුවන එක සර්... අපි ඉපදිලා
ඉන්නෙම මොකෙක්ගෙන් හරි බේරි බේරී දුවන්න සර්... සර්ලා හිතනවානේ අපි පව් කියලා... සර්ලා
කරන්නෙත් ඒකම තමා...’
පවුලේ ලොකු පුතණ්ඩියා ලෙසින් ඉපිද, ආර්ථික දුෂ්කරතා
හේතුවෙන් උසස් අධ්‍යාපනය ලබන්නට නොගොසින්-
මිනිස් වනාන්තරයේ සැරි-සරමින් දැනුම ලද ලක්මාල්ගේ ඇසට ‘මිනිසාගේ මේ දිවිල්ල’
මැනවින් හසුවීම අහම්බයක් විය නොහැකිය!
ඒවා කතන්දරවලට වස්තු බීජ ලෙසින්; ඒ වස්තු බීජවලට ලේ-මස් කවන
සිදුවීම් ලෙසින් යළි-යළිත් ලකාගේ නිර්මාණවලින් ඉස්මතු වෙනවා විය යුතුය. එවිට ඔහු
ලියන තිර නාටකයක් ඉතාම ළගන්නා සිද්ධි- දෙබස් සහිතව ලියැවීම අරුමයක්ද?
ටක්කෙටම ලියැවුණා වුණත් මදිය. ටක්කෙටම ගැළපෙන නළු-නිළියන්
චරිතවලට තෝරාගත යුතුය. ඒ අතිනුත් ලකා වාසනාවන්ත යකෙකි. ඔහුගේ පිටපත මඟින් ඒ ඒ චරිතවලට
ඉල්ලා සිටින නළු-නිළියන්ම ඒ යක්ෂයාට උවමනාය. කූඹියෝ ටෙලියට නළු-නිළියන් හෙවූ හැටි
ගැන කියද්දී ලක්මාල් මෙහෙම කියයි.
![]() |
‘ලොකු වුණාම චිත්‍රපට හදන්නට; අධ්‍යක්ෂණය කරන්නට හීන හැට-හුටහමාරක් දකින’ ක්‍රියේටර් කෙනෙකුට... |
දැනුයි මතක් වුණේ. ඔයාලට වෙලාවක් තියෙනවා නං ඒ සම්මුඛ සාකච්ඡාව බලන්න. මට නං ඒකත් ඉතාම රසවත්ය; සජීවය; දැනුම වෑහෙන්නක්ය.
එහිදී තුසිත ලක්නාත් ගැනත් කියැවෙයි. තුසිත ‘වාලම්පූරි’
ෆිලුමේ Casting Directorය. ඒකේ විතරක් නෙවේ, ‘නෙළුම් කුළුණ’ ෆිලුමේත්... ඒවා hit
වෙන්නට ‘ඉතාම ගැළපෙන නළු-නිළියන් යොදා ගැනීම’ හේතුවකි. ලංකාවේ තවමත් මේ ‘නිලය’ ගැන
අවධානය අඩුය. ඒ හින්දාම සමහර විටෙක දක්ෂ නළු-නිළියන් පවා හෑල්ලුවට ලක්වෙයි. එයට
හොඳම නිදසුනක් කියන්නේ මගේ ‘පණ්ඩිතකම’ පෙන්වන්නට නොවේ; අංජනට වෙච්චි දෙයක් ගැන මා
හොඳටම දුක් වුණු විත්තිය අමතක නොවෙන නිසාය.
අංජන ප්‍රේමරත්න. ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලියේ ‘පතෝලයා’.
‘වාලම්පූරි’ ෆිලුමේ චින්තක.
අංජන ඒ චරිත රඟපෑවා නොවේ. එව්වාට හුස්ම දී, පණ දී, ඒ චරිත අමරණීය කෙරෙව්වේය. එහෙව්
අංජන ‘වියළි’ ටෙලියේ ලොකු පුතාට කොහෙත්ම නොගැළපුණු විත්තිය මගේ හැඟීමයි. එහි අංජනගේ
රංගනය ගැන ඔබ හිතුවේ මොනවාද? (වියළි තිර නාටකයත් ටිකාක් විතර පැතලි; වියළි වීමත් ඒ
නොගැළපීම වඩාත් තීව්ර කළේය.)
ඉතිං... ඊයේ ‘වාලම්පූරි’ බලද්දී වැදුණු shock එක තවමත් අඩු
නැත.
පික්චර් පිස්සෙකු වෙන මේ නිමල් දිසානායකයා 'රාණි, නෙළුම් කුළුණ හා වාලම්පූරි' වගේ රසික අවධානයට
ලක්වෙන හොඳ films වැඩි-වැඩියෙන් හැදෙනවාට කැමැතිය.
ලක්මාල්ගේ පැතුමත් ඒ වගෙය... එයා කියන්නේ අශෝක හඳගම ‘රාණි’
චිත්‍රපටයෙන් භූමියේ පස සකසා දුන් බවයි; ඉලංගෝරාම් ‘නෙළුම් කුළුණ’ චිත්‍රපටයෙන් ඒ
භූමියේ බීජ රෝපණය කළ බවයි. ‘... අඩුම ගණනේ කරල් හැදෙනකල් ඒ පැල ටික රැකගන්න වාලම්පූරියෙන්
පුළුවනි නං...’ ලක්මාල් ප්‍රාර්ථනා කරයි!
එවැනි කටයුතුවලට හැකි උපරිමයෙන්ම සහයෝගය දෙන්නට නිදි කැමතිය.
මේ නිමල් දිසානායකයාට අනුව ඒ යුතුකමක් ඉෂ්ට කිරීමකි.
මේ post එක චිත්‍රපට විචාරයක් නොවේ. වාලම්පූරි නරඹද්දී හිතේ
ඇතිවුණු කම්පනය හා අදහස් සහෘද ඔබ හා බෙදා ගැනීමකි; ‘ලොකු වුණාම චිත්‍රපට හදන්නට;
අධ්‍යක්ෂණය කරන්නට හීන හැට-හුටහමාරක් දකින’ ක්‍රියේටර් කෙනෙකුට සුබාසිරි පැතීමකි.
![]() |
පසුව
එයාත් එක්කලා කෙරුණු කතාබහේදී හෙළි වුණේ එයා අන්තිමට සිනමා ශාලාවකට ගිහිං ෆිලුමක් නරඹා
තිබෙන්නේ අවුරුදු දහයකට එපිට ඈත කාලයක විත්තියයි! |
මේ කතන්දරය කියන්නේ කිසිවෙකුහටවත් මදි-පුංචිකමක් කරන්නට
නොවේ. ශ්‍රී ලංකේය නාට්‍ය, සිනමා ප්‍රේක්ෂකාගාරය හැකිළී ඇති ආකාරය ගැන blogs කියවන
පාඨකයන් දැනුවත් කරන්නටය.
නෙවිලුත් එක්ක වාලම්පූරි බලන්න යන්නට plan කරගත් පසුව මේ
ලියන්නා තව යහළුවන් දෙන්නෙකුටත් ආරාධනා කෙරුවේය. එක්කෙනෙක් ඇරයුම පිළිගත්තේය.
පසුව එයාත් එක්කලා කෙරුණු කතාබහේදී හෙළි වුණේ එයා අන්තිමට
සිනමා ශාලාවකට ගිහිං ෆිලුමක් නරඹා තිබෙන්නේ අවුරුදු දහයකට එපිට ඈත කාලයක විත්තියයි.
“එහෙනං වේදිකා නාට්‍යයක්වත්...”
“එකක්වත් නෑ!” ඒ හාදයා ඇත්තම කිව්වේ කිසිදු පසුබෑමක්; පැකිළීමක් නැතිවය.
(මේ හිතවතුන් දෙන්නාම තිස් ගණන්වල පසුවන්නවුන්ය.) දෙවෙනියා පළමුවැන්නාට
හපන්ය.
“ඔයාල යන්න. මට ඔව්වා දිරවන්නෑ. ඔයා දන්නවද, මම ජීවිතේට බලල තියෙන්නෙ එක චිත්‍රපටියයි.
ඒකත් අපේ වයිෆා එක්ක යාළු වෙලා ඉන්න කාලෙ. ඒකෙන්ම මට ෆිල්ම්ස් එපා වුණා.” ඔහු
කිව්වේය.
“ඇයි? ජරාවක්ද බලන්න ගියේ?”
”නෑ හලෝ! අපි box එකකට ගියේ. ඒකට ගිය ගමන්ම එයා කිව්වනේ -ඕන්නැති දේවල්වලට නං
ලෑස්ති වෙන්න එපා කියලා.”
මගේ දිවි තිබෙන තුරු ඒ ‘අපූරු සිනමා රසිකයන් දෙදෙනා’ත් ‘වාලම්පූරි’
ෆිලුමත් මට අමතක නොවෙන බව නං හොඳටම විශ්වාසය෴0෴
නිර්මාණයක් ස්වාධීනව රසවිඳින්න නම් ඒ ගැන ලියැවුන් කිසිත් නොකියවා යන එක තමයි හොඳ. හැබැයි මමත් අවුරුදු තිහකින් සිනමා ශාලාවකට ගිහින් නෑ.
ReplyDeleteමම නම් කැමැතියි නිර්මාණයක් රස විඳින්න කලින් ඒ නිමැවුම ගැන හැකිතාක් දැනුවත් වෙලා ඉන්න. හැබැයි ඒ නිර්මාණය බලනකොට ඒ අදහස් සේරම පැත්තකින් තියලා මගේ ඇසින් තමයි මං එය බලන්නේ - Litseeker. ඒ අතින් නං අපි දෙන්නා ඉන්නේ අන්ත දෙකක...
DeleteW.M.S. Fonseka ජනාධිපත් අරමුදලෙන් ලක්ෂ 50 ක් අරගෙනලු/ඔහේ ඒක දන්නවද?
ReplyDeleteඇත්තටම මං ඒ බවක් දන්නෙ නෑ උදාර. දැනගත්තත් මං වගේ දුහුනෙක් මොනවා කරන්නද?
Deleteදැන් මේකෙන් තමයි බැලෙන්නෙ.
ReplyDeleteවැඩිපුර සීරීස්. https://nkiri.com/category/international/
+++++++++++++++++++++👌🙏
Deleteස්තුතියි Pra Jay මහත්තයෝ. ඒ සයිට් එකට ගියා. යන්තම් ගෑවුනත් දැන්වීම් එනවනෙ... පස්සේ ආයිත් ගිහිං බලනවා.
Deleteබකුසුතුමා නං දැනටමත් එහාට ගොඩවැදිලා වගෙයි!
ඒවා බලන්නෙ නැතුව මුල් එක ආයිත් ක්ලික් කරන්න. දෙපාරකට හෝ තුන්පාරකට පස්සෙ හරි එකට ගියෑකි
Deleteඔව් Pra Jay මහත්තයෝ, එහෙම කළාම හරි! ස්තුතියි.
Deleteසිනමා ශාලාවකට ගිහිං ෆිලුමක් නොබැලුවොත් අවුල්ද? 😮🤔
ReplyDeleteවේදිකා සහ වීදී නාට්‍ය කළාව අභාවයට ගිය එක ගැන නම් දුකයි.
සිනමාහලකට ගියාම බස්සා මහත්තයෝ, අපි මුළුමනින්ම film එක බලන්න පේ වෙලානෙ ඉන්නේ. වෙන වැඩ නෑ... බාධා නෑ. නිර්මාණය නරඹනවා විතරයි.
Deleteඅනෙක තිරයේ size එක... sounds... සේරම මට නං වාව් තමා!
වේදිකා නාට්‍ය- වීදි නාට්‍ය- වෙසක් නාට්‍ය- කමත් නාට්‍ය- රූකඩ නාට්‍ය වගේ හැම නාට්‍ය වර්ගයකින්ම ඒ ඒ ඒවට ආවේණික වෙනම රස ජනනයක් කෙරෙන විත්තියයි මගේ අත්දැකීම.
Deleteහැබැයි බස්සා මහත්තයෝ, ඒ කලාවන් සේරම අපෙන් දුරස් වෙවී යනවා වුණාට තවම තිබෙනවා...
තණමල්විල කොල්ලෙක් බැලුව, රසවින්ඳා. හම්බන්තොට පැත්තෙ කටුක, වියලි ගැමි ජීවිතය හොඳට කැමරාවට අහු කරගෙන තිබ්බ නිසා සමීප බවක් දැනුනා. ස්මහර සිදුවීම් වලදී යම් කම්පනයක් දැනුනට ආයෙ,ආයෙ හිතන්න තරම් ලොකු පණිවිඩයක් තිබ්බ කියල මතක නෑ.
ReplyDeleteකූඹියෝ නම් ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. ලාංකික දේශපාලනයේ ඇඳුම් ප්‍රසිද්ධියේ ගැලෙව්වා වගේ. දේශපාලන- පාතාල සහජීවනය, වාමාංශික වෘතීය සමිති මාෆියාව එළිපිට සකච්චා කරලා තිබුනා. ඒක නං මාස්ටර්-පීස් එකක්.
ඔයා තරමක් දුරට හරි වගෙයි බස්සා මහත්තයෝ. නමුත් 'තණමල්විල කොල්ලෙක්' එකෙන් කියැවුණු සමාජ පරිවර්තනය- පවතින ක්‍රමය නිසා ජීවිත වෙනස් වෙන හැටි- වගේ දේවල් මාව නං කම්පනය වුණා.
Deleteසේවියර් කනිෂ්ක ( කනගාටුයි. චරිතයේ නම නං මේ මොහොතේ මට නිශ්චිතවම මතක නෑ. කූරා ද කොහේද) විරැකියාව නිසාම හමුදාවට බැඳීම... ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙ (අවජාතක පුතා වීම නිසා) දසුන් පතිරණ අවමානයට ලක්වෙමින් සිට බිස්නස්කාර හාමුදුරුවන් කෙනෙකු වීම... දීප්තට (යශෝධාගේ මඟ පෙන්වීමෙන්) ගොඩ යන්නට හැකිවීම වගේ ගොඩක් දේවල් මට අනන් තවම මතකයි...
කූඹියෝ විතරක් නෙවෙයි- සහෝදරයා එහෙමත් විග්රහ කරගෙන ඉවරයක් කරන්න බෑ.
බස්සා මහත්තයෝ, ඔයා නාමල් ජයසිංහගේ තිර රචනාවලින් හැදුව ටෙලි බලල තියෙනවද? බොහිමියානුවා එහෙම...
වාලම්පුරි නමින් ආව දෙවෙනි චිත්‍රපටිය නේද මේ? රොඩ්නි ජොන් ක්ලාස් ලියපු වාලම්පුරි පොත (ඒ. පී.ගුණරත්න පරිවර්තනය) ආශ්රයෙන් වාලම්පුරි චිත්‍රපටය 1980 විතර ආවා මතකයි. බර්මින් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කලේ. ඒ මහත්මයා කේරි එකේ ගුරුවරයෙක් ඒ දවස්වල.
ReplyDeleteඔයා හරි කුමාර. මුල්ම වාලම්පූරි film එක නවකතාවෙන් හැදූ එකක්. 1981. විජය ගීතා හිටියෙ. මගේ අදහස නං ඒක අසාර්ථක ෆිලුමක්.
Deleteලක්මාල් ධර්මරත්න කියනවා වාලම්පූරි නමෙන් පළමු film එකක් තිබෙන නිසාලු- එයාගේ film එක 'වාලම්පූරි හෙවත් හීන හතහමාරක්' කියල නම් කළේ.
නිමල් හිතට දැනෙන ෆිල්ම් එකක් බැලුවම නිතරම පාඨකයින් එක්ක බෙදා ගන්නවා නේද. මේ ෆිල්ම් එක ගැන කියපු එක හොඳයි; shorts දැක්කත් මම ඒවා බැලුවෙ නෑ, දැන් හිතුවා බලන්න ඕනෙ කියලා. නිමල් කියලා තියෙන සම්මුඛ සාකච්ජාවත් බලන්නම්.
ReplyDelete"ඉතිහාසයේ විශේෂයෙන් ලියවිලා තියෙන ‘චණ්ඩියා’ ට්‍රේලරය එහෙම එකක්. අර චුට්ටේ රිදී තිරේ දෙබෑ කරගෙන ඉස්සරහට එන දර්ශනේ තිබ්බේ.."
මට නම් ඔය චණ්ඩින්ව පේන්න බෑ. ලංකාවෙ චණ්ඩි කියලා පෙන්නන්නෙ අනිත් අය ගැන කිසිම හැඟීමක් නැති, self-esteem එකක් නැති, malignant narcissistic චරිතමයි.
ඔව් Lotus, හිතට දැනුනු නිර්මාණයක් ගැන අනිත් අයටත් කියන එක මගේ පුරුද්දක්. තවත් අය ඒක බලන්න ගිහිං රස විඳලා සතුටක් ලබනවා නං කොච්චර හොඳද?
Deleteඑතැනදී මං මට හැකි පමණින් සේවයක් කරන්නේ රසික රසිකාවියන්ට විතරක් නෙවෙයි. ඒ කලා කෘතිය නිමැවුවන්ට හා ඒකට දායක වුණු අයටත්...
හොඳ යහපත් දේට උපරිමයෙන් ප්‍රචාරය දීම- සහාය දීම- නොමසුරුව ප්‍රශංසා කිරීම හින්දා තවත් අයත් එවැනි දේ කරන්නට පෙළඹෙන බව මගෙ විශ්වසයයි Lotus.
ReplyDeleteතරින්දිට හොඳම නිළිය සම්මානය වියළි ටෙලිනාට්ටියට හම්බවුනා දැක්කා. ඒ වෙලාවෙ පෙන්නපු කොටසත් දැක්කා. නාට්ටිය බැලෙන එකක් නම් නෑ. ඒ වගේ ඕනවට වඩා දුශ්කර පරිසර හා චරිත මට depressing වගේ. (ඒක මගේ ආකල්පයේ වැරැද්දක් මිසක්, කිසිසේත්ම නිර්මාණවල වැරැද්දක් නෙවෙයි).
"වියළි තිර නාටකයත් ටිකාක් විතර පැතලි; වියළි වීමත්" කියලා නිමල් කියන්නෙ ඇයි ඒ නාට්ටිය high-low පොයින්ට්ස් නැතුව ඔහේ ගලාගෙන යන එකක්ද. නිමල් බලලා තියෙනවද "ජීවිතයට ඉඩ දෙන්න" නාට්ටිය. මමත් YouTube එකේ වෙන නාට්ටියකට රසිකයෙක් දාලා තියෙන කමෙන්ට් එකක් දැකලා බැලුවෙ. බිමල් ජයකොඩි ගැන දැනගෙන හිටියට, එයාගෙ රඟපෑම දැක්කෙ ඒකෙන්. ඒක නම් හරිම හිතට වදින කතාවක් සහ රඟපෑම්.
"දැන් වගේ සමාජ මාධ්‍ය ගොඩක් තිබ්බෙ නැහැනෙ. රෙඩිෆියුෂන් එකයි, පත්තරයි තමා". Rediffusion කියලම ලියලා 👍
ඔයා සඳහන් කරලා තියෙන කාරණා ත්‍රිත්වයට වන වෙනම comments තුනක් දෙන්න හිතුණා, Lotus.
Deleteකතා දෙකක් නෑ- තරින්දි දක්ෂයි. මට අනුව නං එයා 'වියළි' එකට වැඩියෙන් හොඳට රඟපෑවා 'තත්පරයක් දෙන්න' ටෙලියේ.
හැබැයි අපේ ගම, ගමේ රෙද්ද හැට්ට අඳින ගෑනු, කුඹුර හේන තිබුණාම ඔය විනිශ්චය මණ්ඩලවල ගොඩක් උදවිය ගිනිකන වැටෙන ගතියක් තියෙනවනෙ.
මගේ මතයට අනුව ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'බැද්දෙගම'ත් එහෙම උඩ දාපු එකක්!
වියළි ටෙලිය නවකතාවකින් හදපු එකක්. මම නවකතාව කියවා නෑ.
Deleteනමුත් ඒ කතාව පවතින්නේම 'තම බිරියගේ දෙවෙනි පුතු තමන්ට ජාතකව නූපන්නෙකු බව තරයේ විශ්වාස කරන අඹුසොඬ මිනිසෙකු මතයි.' සරත් කොතලාවල ඒ මිනිහාගේ චරිතයේ හිර වී අසරණ වෙච්චි ගතියක් මට දැනුණේ. අංජනට වුණෙත් ඒක.
ආනන්ද අබේනායකගේ 'ජීවිතයට ඉඩ දෙන්න' මට නං අමරණීය ගණයේ ටෙලියක්! තමන්ගේ නම පවා මතක නැති වෙන මිනිහෙකුගේ ඛේදවාචකය...
බිමල් ජයකොඩි විතරක් නෙවෙයි Lotus, ඒකෙ චාන්දනී සෙනෙවිරත්න- මීනා කුමාරි- අතුල පතිරණ හෙමත් සුපිරි රංගනයක යෙදෙනවනේ... ළමා චරිත රඟන අයත්...
ඒ දවස්වල රෙඩිෆියුෂන් නේන්නං තිබ්බේ. ට්‍රාන්සිස්ටර් රේඩියෝ ආවේ ඊට පස්සේ කාලෙක නේද Lotus. මගේ මතකය වැරදිද?
Deleteනිමල්, මම වැරදියට ඒ ටෙලි නාට්ටියේ නම ලියලා තියෙන්නෙ; sorry- හරි නම "ජීවිතයේ එක දවසක්". බිමල්, කලණි, නයනතාරා ඉන්නෙ. පලවෙනි කොටසෙ ඉඳලම හිත ඇදගන්න නාට්ටියක්.
Deleterediffusion ගැන මම මෙලෝ දෙයක් දන්නෙ නැතුව කමෙන්ට් එක දැම්මෙ, නිමල්ට පොඩි nudge එකක් දෙන්න 😍
ඔයාගේ වැරැද්දෙන් වුණත් ඉතා හොඳ ටෙලියක් ගැන කියවිලා තියෙන්නේ!
Delete'ජීවිතයේ එක දවසක්' ඉතා තදින් රසිකයන් කම්පනය කරන විශිෂ්ට ටෙලිනාට්‍යයක්. ලලිත් රත්නායකගේ නිර්මාණයක්. විෂම භාග නිර්මානයත් Lotus. මට මතක හැටියට '
අරුංගල්' සහ 'තෙත් සහ වියළි' ටෙලිත් ලලිත්ගේ හොඳ නිර්මාණ.
හරි වැඩේ! රෙඩිෆියුෂන් ගැන අහල නෑ කියන එකෙන්, මට තේරුණේ Lotus මම හිතං හිටියට වඩා තරුණ බවයි!
නිදි, වාලම්පූරි චිත්‍රපටිය බලන්නවෙන්නේ නෑ දැන්මම. නමුත් ආශාවෙන් ඉන්නවා බලන්න. කුඹියෝ බලලා ඇතිවෙච්ච ත්‍රිල් එක අත්හැරලා චිත්‍රපටිය බලන්න යන්න කිව්වට ඒක ප්‍රයෝගික නෑ . ලක්මාල් කිව්ව ගමන් මට ඔලුවට එන්නේ කුඹියෝ. ඊට අමතර තුමිඳුත් රඟපානවා. කුඹියෝ අවසානය ටිකක් විතර මට ඇල්ලුවේ නෑ . ඔය ලක්මාල් ලියලා කිව්වා කියන දේශපාලන හෑල්ල නම් ඉතින් ප්‍රායෝගික තලයේ වෙන්න නැති දෙයක්. අනුර ආණ්ඩු කරණයට ඇවිත් මාස 6 ඉක්මුනා. මාසයකට නලින්ද මහත්තය ඉතිරි කරන ලක්ෂ 75 අදිකරණ ඇමති ඉතිරි කරපු ලක්ෂ 50 ( අනිත් ඇමතිවරු සහ ජනාධිපතිතුමාත් සෑහෙන ඉතිරියක් කරන්න ඇති. ප්‍රසිද්ධියේ කියල තියෙන්නේ මේ දෙක ) යොදා ගන්නේ මොනවටද කියන එක තමා වැදගත්. වැදගත් වෙන්නේ ඔවුන් ගේ ඉතිරිය මිට පෙර අයගේ නාස්තියක් බවට ඔප්පු කරන්න ආණ්ඩුකරනයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කරගන්න එකයි. ප්‍රභූ නිර්ප්‍රභූ උගත් නූගත් දුප්පත් පෝසත් දුෂිත අදුෂිත වගේ යුගල පද දේශපාලන විචාරකයන්ගේ ෆැන්ටසි.
ReplyDeleteඅපි හැමෝම ළඟ තියෙනවානෙ Sonj තවත් අයට නාල්ලන කෑලිත් අල්ලන කෑලි වගේම!
Deleteස්තුතියි හොඳේ.
නිදි ලකාගේ යූ ටියුබ් ඉන්ටර්විව්ස් ටිකයි ෆේස්බුක් වෝල් එකයි ඔක්කොම ෆොලෝ කරලා හෝම්වර්ක් ටික ඔක්කොම කරලා වගේ චිත්‍රපටිය බලන්න ගිහින් තියෙනේ.
ReplyDeleteමමත් ලකාගේ ඒවා කියවනවා අහනවා. ඒත් ඉතින් මට දිරවන්නෙ නැති කෑලි නම් තියෙනවා.
වාලම්පූරිය ගැන චින්තන ධර්මදාස හොද අර්ථකථනයක් දීලා තිබ්බා. ඒක දැක්කද
මට නම් දැන්ම වාලම්පූරිය බලන්න බැරි වෙයි. ඒත් ඉතින් කතාව ගැන කියවලම මට වාල්ම්පුරිය ගැන හොද අදහසක් තියෙනවා. දැන් තියෙන්නෙ ඇත්තටම ෆිල්ම් එක බලලා ඉන්න.
ඔව් මයියෝ, මම ලකාගේ ආකල්ප හා වැඩ පිළිවෙලට කැමැතියි.අදහස් ප්‍රකාශ කරන විදිහටත්. ඉතිං නිකම්ම වගේ ලකා ලියනකියන දේවල් බැලෙනවා. හැබැයි එකෙන් කියවෙන්නේ නෑ මං එයා කියන සේරම පිළිගන්න බවක්.
Deleteචින්තනගේ විතරක් නෙවෙයි, දීප්ත කුමාරගේ ලිපියත් කියෙව්වා. එහෙම කියවන්නේ අලුතින් යමක් ඉගෙන ගන්නයි.
බලන්නකෝ මයියෝ- ලකා film එක ප්‍රමෝට් කරන්න කරණ මානුෂීය වැඩ.... එයා film එකේ හිරයෙන් පිටිපස්සේ හිටපු අයව හඳුන්වලා දෙනවා. Film එකට ලැබෙන credits ලෝබ නැතිව අනෙක් අයත් එක බෙදා ගන්නවා. ඒවායින් අපිට ඉගෙන ගන්න තියෙන දේවල් ගොඩ!
කොහොම වෙතත් ෆිලුම බලන්න!
මම මේ ලියන දේට නිදි කැමති වෙයිද දන්නේ නැහැ . මතකද මම දමිත ගැන ලිපියක් ලිව්වා . තවමත් හොයා ගන්න නැහැ කියල . මේකේ තිර රචනයත් දමිත නේද ලියල තියෙන්නේ . ලබන සෙනසුරාදා ලන්ඩන් වල පෙන්වනවා . අවාසනාවකට වගේ මට යන්න වෙන්නේ නැහැ . පස්සේ බලනවා . කතාව දැනටම දන්න නිසා බලන්න ඕන කමත් අඩුයි හැබැයි . මම වැඩිපුරම නෙට්ෆ්ලික්ස් , ඇපල් ටීවී සහ ස්කයි තමා බලන්නේ . හොඳ නොබලා බැරි ෆිල්ම් එකක් විතරක් නම් බලන්න හෝල් එකකට යනව . මෙහෙ එක දවසයි පෙන්වන්නේ . ආයේ පෙන්නුවොත් යනවා . දමිටැහැ ගැන ,මතක් කලේ ඉතින් දමිත් ගෙස් කරපු විධිහටම නේද එයාගේ යාළුවොත් දැන් හැසිරෙන්නේ . . ටෙලි නාට්‍යයක්, චිත්‍රපටයක් හා අභිනිෂ්ක්‍රමණයක්
ReplyDeleteඔයා කියන පැත්තකුත් තියෙනවා තමයි අජිත් මහත්තයෝ.
Deleteසමහරවිට ඇත්තටම දමිත සීමිත මිතුරන් පිරිසක් දැනුවත්ව විප්‍රවාසී වෙලා වෙන්නත් පුළුවනි කියලත් හිතෙනවා. නැතිනං කවුරුන්ම හරි එයාගේ අතුරුදහන් වීම ගැන පැමිණිල්ලක්වත් කරන්න එපැයි.
අතුරුදහන් දමිත වඩා බලවත්... වඩාත් අවධානය දිනාගන්න කෙනෙක්...
//මුළු ෆිලුම පුරාම සිසිකා මැඩම් (දිල්හානි අශෝකමාලා) ඇඳගෙන ඉන්නේ එකම රතු ගවුමකි.//
ReplyDeleteනිදි දැකල තියෙනව ද, මාර්ක් සකර්බර්ග් අඳින්නෙත් එක ම අළු පාට ටීෂර්ට් එක කියලා? ඒක සමහර විට, සමහර උදවිය විවිධාකාර ඇඳුම් තෝරන්න මොළේ වෙහෙසන්නෙ නැතුව එක ම විදිහෙ ඇඳුම් මිළදී ගන්න නිසා කියල හිතෙනව.
එහෙම වෙන්නත් පුළුවනි ඩ්රැකී. ඒ හින්දමයි මම post එකේදිම 'ඒක නිල ඇඳුමක්වත්ද?' කියලා ඇහුවේ.
Delete//අවුරුදු හතළිහක් මම ජීවත් වුණ ණයට කන, පිනට බොන, පජාත සිස්ටම් එකට මම ඉතාම පුරුදු සහ ඒකෙන් ගොඩ යන හැඩය මම හොඳටම දන්නා නිසාය.//
ReplyDeleteමං ජනාධිපතිවරණෙට කලින් කිව්වෙත් මේ වගේ දෙයක්. මේ ආණ්ඩුවත් ඒක ම කරනවාද කියලා අපට හරියට ම බලා ගන්න පුළුවන් වෙන්නෙ, මේ ඡන්දෙන් පස්සෙ, එහෙම නැත්තං පළාත් සභා ඡන්දෙත් තිබ්බොත්, ඒකෙන් පස්සෙ.
දැනට නං මට හිතිලා තියෙන්නෙ, තුනෙන් දෙකක් තියාගෙන ඇයි පළාත් පාලන ඡන්ද ක්‍රමය වෙනස් කළේ නැත්තෙ, ඡන්දෙ තියන්න කලින්? එහෙමත් නැත්නම්, ව්‍යවස්ථා වෙනසක් කරන්න පටන් ගත්තෙ නැත්තෙ කියන ප්‍රශ්නෙ.
ඩ්රැකී
Deleteඔයාට ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව වැඩිදුර හදාරන්න වෙනවා, ඇත්තටම 2018 මැතිවරණයේ දී එවකට බලයේ සිටිය යහපාලන ආණ්ඩුව දැඩිලෙස අප්‍රසාදයට පත්ව තිබියදීත් විපක්ෂ කට්ටිය පරදවා ජය ගැනීමට ජවිපෙ සම්පූර්ණ සහයෝගය සහිතවයි එම පළාත්පාලන මැතිවරණ ක්‍රමය සංශෝධනය කළේ, මේ (පවතින) ක්‍රමය අනුව ලංකාවේ පළාත් පාලන ඡන්ද ක්‍රමය තුළ බලයේ සිටින කවර හෝ ආණ්ඩු පක්ෂයකට වැඩි ආසන ගණනක් ලැබීමට බලපාන හේතු රැසක්ම තිබෙන නිසා
1. මිශ්‍ර ඡන්ද ක්‍රමය: මෙහිදී කොට්ඨාස ක්‍රමය සහ සමානුපාතික නියෝජන ක්‍රමය යන දෙකම භාවිතා කරනවා. කොට්ඨාස ක්‍රමය යටතේ යම් ප්‍රදේශයක වැඩි ඡන්ද ලබාගන්නා පක්ෂයට එම කොට්ඨාසයේ ආසනය අනිවා හිමි වෙනවා. එහිදී අනෙක් පක්ෂවලට ලැබෙන ඡන්ද සෑහෙන ප්‍රමාණයක් නොසලකා හරිනවා. එමෙන්ම සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ සමස්ත ඡන්ද ප්‍රතිශතය අනුව ආසන වෙන් කරනවා. මෙහිදී කුඩා පක්ෂවලට වඩා විශාල පක්ෂවලට සෑහෙන වාසිදායක තත්ත්වයක් උදා වෙනවා.
2. මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය: මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේදී බලයේ සිටින ආණ්ඩුවට වාසි වන පරිදි සීමා නිර්ණය කිරීමේ හැකියාව මෙහි පවතිනවා. මෙමගින් ආණ්ඩුවට වාසිදායක වන පරිදි කොට්ඨාස සකස් කරගන්නවා
3. කුඩා පක්ෂවලට ඇති අවාසිය: කුඩා පක්ෂවලට කොට්ඨාස ජයග්‍රහණය කිරීම අසීරු වෙනවා. එමෙන්ම සමානුපාතික ක්‍රමය යටතේ ද කුඩා පක්ෂවලට සාපේක්ෂව අඩු ආසන ප්‍රමාණයක් ලැබෙනවා.
4. ආණ්ඩුවේ බලය සහ සම්පත්: බලයේ සිටින ආණ්ඩුවට මැතිවරණයේදී රජයේ සම්පත් සහ බලය භාවිතා කිරීමේ හැකියාවක් පවතිනවා. මෙමගින් ඔවුන්ට මැතිවරණයේදී දැඩිලෙස වාසිදායක තත්ත්වයක් උදා වෙනවා.
5. ජනතා මනාපය: බොහෝ අවස්ථාවලදී ජනතාව ආණ්ඩුව කෙරෙහි කොතරම් අප්‍රසාදයෙන් සිටියත්, ඔවුන්ට විකල්පයක් නොමැති වීම නිසා පුංචි ඡන්දවලදී නිතරම බලයේ සිටින පවතින ආණ්ඩුවට ඡන්දය ලබා දෙනවා.
මෙම හේතු නිසා බලයේ සිටින ආණ්ඩුවට කොයිතරම් ජනතා අප්‍රසාදය තිබුණත් මෙම ක්‍රමය නිසා පළාත් පාලන මැතිවරණයේදී විශාල වැඩි ආසන ප්‍රමාණයක් ලබාගැනීමට හැකියාව පවතිනවා. මේක කපටි රනිල්ගේ උප්පරවැට්ටියක් වුණත් ජවිපෙත් එකල ඒකට සහාය දුන්නා, ඒ වෙනුවට අනුර කුමාර සහෝදරයා ප්රමුඛ රජය මේ මොහොතේ කළයුතු වන්නේ මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න ජිල්මාට් දැමීම වෙනුවට ලංකාවේ 2025 මැයි 6 පළාත් පාලන මැතිවරණයේ නිකුත් කර ඇති ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරන්නේ ඇයි කියා සෙවීම මොකද දැනට නිල ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතනවල බලය ජාතික ජන බලවේගයට තනිව පිහිටුව හැකි පිහිටුවිය හැකි වන්නේ සීමිත ප්‍රමාණයක පමණි.
බහුතර ප්‍රමාණයක ඔවුන් සියයට පනහ සීමාව සපුරා ගැනීමට සමත් වී නැත. මෙයට හේතු මොනවාද කියා ගැඹුරින් අධ්‍යයනය කර ඊට පිළියම් යොදන්නට උත්සාහ කිරීමයි අවශ්‍ය
අනෙක ගිය පාර ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය මාලිමාවේ ප්‍රධාන අලෙවිකරණ පාඨය වූයේ "රට අනුරට".. ඒකට රටපුරා ඉතාම හොඳ ප්‍රතිචාරයක් ලැබුනා..
මේ පාර අවුල වුනේ “ගම අනුරට” කියලා දාපු එක..මිනිස්සු කොන්ෆියුස් වුනා..
“ගම ටොම් පචයට” කියලා වගේ එකක් දැම්මනම් උඩින්ම දිනනවා..
මොකද දැන් රටම අනුර කුමාර ගැන දන්නේ හැරෙන හැරෙන පැත්තට ටොම් පච කියන පචයින් රෑනකට නායකත්වය දෙන ලොකුම ටොං පචයා කියන අලුත් නමෙන්. මේ තත්ත්වය වෙනස් කිරීමට ඔවුන්ට සාමූහිකව අතිවිශාල පරිශ්‍රමයක් දරන්නට වේවි.
ඩ්රැකී, ගොඩක් ස්තුතියි ඉතා වැදගත් ඉසව්වකට ප්‍රවේශයක් ගත්තාට...
DeleteAno පවසා තිබෙන සමහර කරුණු ගැන මාත් එකඟයි. මාලිමාව කෙරෙහි බලාපොරොත්තු තබාගෙන සිටින කෙනෙකු හැටියට මගේ අදහසත් - මාලිමාව දැන් සිංහාවලෝකනයක යෙදිය යුතු බව-යි!
ඒ විත්තිය ජනපතිතුමාටත් තේරිලා වගෙයි.
https://www.lankahotnews.net/2025/05/anura-kumara-dissanayake.html
මමත් මාලිමාව කෙරෙහි තබාගෙන හිටි බලාපොරොත්තු තරමක් කඩවෙලයි තියෙන්නෙ. කියන බයිල වලට සමානුපාතිකව, "ටැංජිබල්" වැඩ අවමයි. මම කියන්නෙ විපක්සෙ හොර නඩේට බලේ දෙන්න ඕනෙ කියල නෙමෙයි. ඒත් ආණ්ඩුවෙ මේ වැල යන අතට මැස්ස ගැසීමේ ඔතෑනි වැඩ පිලිවෙලන් වෙන්නෙ, මාලිමාවෙ ජනප්‍රියත්වට දිගටම අඩු වෙන එකයි.
Deleteමම විස්වාස කරන ප්රජාතන්ත්රවාද අනුව, එහෙයියෙක් නොවී කරන සාධාරණ විවේචන හොඳ දෙයක් ලෙසයි මම දකින්නෙ.
හොඳ සාකච්ඡාවක්, මගෙ අදහසත් උඩ දෙවෙනියට කමෙන්ටුවටදාපු කෙනාගේ අදහසට ටිකක් විතර කිට්ටුයි
Deleteඇත්තටම ජාතික ජන බලවේගයට මම 2024 ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ඡන්දය දුන්නත්, ඔවුන්ගේ ක්‍රියාකලාපය මට දැඩි කලකිරීමක් ඇති කර තිබෙනවා. ඔවුන් දිගින් දිගටම අතේ පැලවෙන බොරු කියමින්, විවිධ ප්‍රෝඩාවන් කරමින් අපව රවට්ටන්න උත්සාහ කරනවා. උදාහරණ විදිහට
* ලීසිං සමාගම් කඩා වැටෙනවා කියලා බොරු කතන්දර ගොතලා සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න බැරි තරමට වාහනවල ටැක්ස් අහස උසට වැඩි කළා.
* රිලවුන් ගණන් කරනවා වගේ මෝඩ වැඩ කරමින් රටේ සම්පත් නාස්ති කරනවා.
* අතේ පැලවෙන අමු පච කෙළිනවා. බොරුවට පරණ ආයතන නැවත විවෘත කළා කියලා ජනතාව රවටනවා.
* මෙලෝ වැඩකට නැති රාජ්‍ය පිං ගුත්තර සේවයට පඩි වැඩි කරනවා. පෞද්ගලික අංශයට කැඳත් නැහැ.
* හුස්ම ගන්නවටත් ටැක්ස් ගහනවා මෙහෙම ගියොත්.
* විදුලි බල මණ්ඩලේ කාලකන්නි හොරුන්ට ඕන විදියට සෝලා නතර කරන්න පාර කපනවා.
* කන්ටේනර් 300 ගාණක් හොරෙන් පන්නනවා.
* කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කිව්ව පාහර ගෑනි තාම රජයේ ඉහළම නිලධාරිනියෙක්.
* කෙහෙලිය පල් හොරාගේ සෞඛ්‍ය MoH නිලධාරී බෙහෙත් හොරු තාම හොරකම් කරනවා.
* මහ බැංකු හොරා නාකි රනිල් මුත්තා තාම එළියේ.
* පාස්කු බෝම්බ ගැහුව උන් තාම එළියේ.
* රටම උලා කාපු කැරි සාටක කපුටා තාම එළියේ.
••• ඔයවගේ ලැයිස්තුව දිගයි
මේ වගේ දේවල් නිසා ජාතික ජන බලවේගය කෙරෙහි මට කිසිම විශ්වාසයක් නැහැ. ඔවුන් ජනතාව රවටමින්, රටේ සම්පත් නාස්ති කරමින්, දූෂිතයන්ට ආරක්ෂාව සපයමින් සිටිනවා. ඔවුන්ගේ බොරු ප්‍රචාරවලට සහ ප්‍රෝඩාවලට රැවටෙන්න එපා කියලා මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඔවුන්ට නැවත වරක් ඡන්දය දීමෙන් රට තවදුරටත් විනාශ කරන්න බැහැ.
මේ පචෝරිස්ලා මෙලෝ වැඩක් නොකර කටින් වැඩ කරපු එකේ ප්‍රතිඵල. Imf පදේට නැටුවා, රටේ ඉදන් සල්ලි හොයන freelancerලාට බදු ගැහුවා, බැංකුවල ඉතිරි කරන ගිණුම් ස්ථාවර තැන්පතු වගේ ඒවයේ පොලියට තවත් 10% අධික බදු ගැහුවා, තෙල් මීල සෑහෙන අඩු කරනවා කියලා පච කෙලියා සහ තව පච කෝටියක් විතර කියෙව්වා. යන්තම් නමට ටිකක් විතර අඩුකලා නොදැනෙන ගානකට කොහොමත් මේ ආන්ඩුව මෙහෙම ජනතාව පීඩාවට පත්කොරොත් ඊලග වසර මුල වෙනකොට නැවත අපි අර නන්දසේන එලවන්න අරගල කළා වගේ අපිම ගහලා එලවනවා.
විපක්ශයේ කැපී පෙනන නැගිටීම රොටියාගේ සර්වජනය සහ හොර පෙරකදෝරුවාගේ පොහොට්ටුව. අපි අකමැති වුණත් ඔවුන් යටින් විශාල වැඩ කොටසක් කරමින් යනවා ඡන්ද පදනම වැඩිකරගන්න. නමුත් සජබේ ලොකු වැඩපිළිවෙළක් ක්‍රියාවට නගන්නේ නෑ. ඒත් මේ කට්ටියක් එකතුවෙලා ආන්ඩුව ගෙදර යවන්න සහ ඉක්මන් මහ චන්දයක් ගන්න ගේම ගහන්න ඉඩ තියෙනවා. ඊලග පාර්ලිමේන්තුවේදී අර අමන පච හරිනිට විශ්වාසභංගයක් ගේන්න ඕන වගේම උසාවි යන්න ඕන මැතිවරණ නීති උල්ලංඝනය කරන්න කියලා කිව්ව නිසා. ඒ ගෑනි අනුර නිසා ලැබෙන ඡන්ද ටිකටත් කෙලලා අරින මුස්පේන්තු මල හෝන්තුවක්
මෙතනදී මම ඇත්තටම දිලිත්ගේ දෘෂ්ටිවාදයට එකඟ නොවුනත්, දේශපාලනිකව වෙනස් අදහස් දැරුවත්, සාපේක්ෂව ඌ ප්‍රධාන ධාරාවේ රඟන වැඩ බැරි අපතයන්ට වඩා හොඳයි. නාකි මයිනා මහින්දට පස්සේ දේශපාලන ව්‍යාපාරය තුල දැකපු හොදම ව්‍යවසායකත්ව කපටියා
Media සෙට් එක අහද්දි අනුර ඔබට කතා කරාද කියලා නැහැ කිවුවොත් වැඩේ දෙල් වෙන බව දැනගෙන අමුතු පොතක් දාලා සතුටින් වගේ හිනාවෙලා හිමිහිට කියනවා ඔබතුමන්ලාම හිතාගන්නලු, කොහොම හරි බුද්ධිමත්ව වැඩක් කරන්න පුළුවන්. පුද්ගලිකව මමත් වැඩ කරන විදිය ගැන දැකල තියෙන, දක්ෂ, හිතට එකඟව වැඩ කරන මාලිමාවේ බහුතර නායකයෝ වගේ උද්දච්ච නැති සුහද චරිතයක්.කෙටිකාලීනව නම් මට පේන්නෙ රොටියා කැම්පේන් එකට ෆන්ඩ්ස් හදාගෙන ඇඩ්ස් වලට තමන්ගෙම චැනල්ස් වලට වියදම් කරනවා වගේ. පහුගිය අවුරුදු විස්සක් විතර රාජපක්ෂලාගෙන් ආපු ආදායමේ වොයිඩ් එකට හරියන්න, අනෙක ඩඩ්ලිලට වඩා දිලිත් හොදයි . දිලිත්ගෙ කථිකත්වයේ යම් පරිණත බවක් මං දකිනවා.ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය අපට අදාළ නැ.රටට වැඩක් ඇති අය විදිහට ගොඩනැගුනොත් ඇති .එක අතකට හිගන්නු දේශපාලනයට එන එකත් හොරකමට ලොකුම හේතුවක්.දිලිත් විතරක් නෙවෙයි ධම්මිකලා,ඉෂාරාලා අසෝක් පතිරගෙලා වගෙ දක්ෂ ව්‍යාපාරිකයන් ලංකාවේ දේශපාලනයට එන්න ඕන. වෙනසක උනත් විවිධත්වයක් තියෙන්න ඕන.
@ Bassa
Deleteමම Quote එකකින්ම උත්තර දෙන්නම් well-known quote is:
"Kill the messenger or understand the message if you are wise enough."
This idiom refers to the historical practice of blaming or even executing the bearer of bad news. It implies a refusal to confront the unpleasant truth of the message itself.
While not exactly "understand the message or kill the messenger," the implication is often there: if you don't like the message, you attack the person delivering it instead of addressing the issue.(පණිවිඩය තේරුම් ගන්න නැත්නම් පණිවිඩකරු මරන්න)
මේ නිව්ස් තනිකරම කතාකරන හෙඩ්ලයින්
"මාස 6ක් යන්නත් කලින් රාජ්‍යය බිඳදැමූ
පරණ රෙජිමය තමන්ගේ හම්බන්තොට ජන්ද පදනම දෙගුණ කරගන"
01. මහමැතිවරණයට සාපේක්ෂව ජන්දපොළට නොගිය ජන්ද 30,000ම NPP කියලා හිතුවත්,
මාලිමාවේ ඉතුරු ජන්ද 40,000ම
අනිත් පක්ෂ වලට බෙදිලා ගිහින්.
02. එතනින් මිනිස්සු අරගලයක් කරලා 2.5%කට ගෙනාපු කූජීත පොදුජන
පෙරමුණ හම්බන්තොට නගර සභා සීමාවේ පමණක්ම ජන්ද 31,000ක් වැඩි කරගන.
Delete ජයවීර නයි දෙරණ අතිතිකාරයාගේ පදක්කම ජන්ද 7000ක් වැඩි කරගන.
ඒ දෙකේ එකතුව පමණක්ම 38,000ක්.
“Coming colors no good”
04. ඒ කියන්නේ සිලින්ඩරෙන්, මාලිමාවෙන් මේ ජන්ද ගොඩ ආයෙම මහගෙදරට ඇවිත්.
05. දැනට කොහොම ගියත් 2029 වෙනකොට දිලිත් සහ නාමල් එක වේදිකාවක දකින්න තියන සම්භාවිතාවය ඉතා ඉහළයි.
මාස 6ට වෙනස මෙහෙම උනාම,
මාස 60කට වෙන්න පුලුවන් වෙනස්කම්
අපි අලුතෙන් කියන්න ඕන නෑ.
පණිඩිඩය clear.
සජිත් කවදාවත් දිනන්නෙ නෑ.
මිනිස්සු සම්ප්‍රදායික දේශපාලනය සම්පූර්ණයෙන්ම එපා වෙලා ඇතිවුණ ආවේගය සහ වෛරය එක්ක මාලිමාවට ජන්දයක් දුන්නා.
නමුත් ඒ මිනිස්සුන්ගේ වටිනා ජන්දය පළිහක් කරගන,
උද්දාමයට පත්වෙලා අධි උද්දච්ච කමෙන්, ලැජ්ජ බය නැතිව හිතෙන හැටියට ප්‍රසිද්ධ වේදිකාවල බොරුව පතුරලා පරණ තාලේ මඩ දේශපාලනය කරලා
මගඩි කරලා හිටියොත්,
ආයෙම ඔයාල හොරු කියපු අයම නැවත රටේ
බලය ගන්න එකට ලොකු කාලයක් යන්නේ නෑ.
ඩොලර් බිලියන 100ක ආර්ථිකයක ඔයාල ඇල්ටෝ එකේ
ගිහින් ඉතුරු කරන සොච්චම නෙමෙයි වැදගත්,
ආර්ථිකය ලොකු කරන එක. නව ව්‍යාපාර වලට නව ආයෝජන වලට අවස්ථාව හදලා දෙන එක තරුණ තරුණියන්ට අලුත් ව්‍යවසායකයන්ට වැඩ කරන්න පදනම හදලා අලුත් තරුණ පරපුරට ඉන්න හිතෙන විදිහට රටක් හදන්න උපරිම ලෙස උත්සාහ කරල වැඩ කරන්න ඕන
එහෙම නොකළොත් වැල්පාළමෙන් නාමල්ව එගොඩ කරපු credit එන්නේ මාලිමාවට..
2022-2024 කාලය තුළ රනිල් යටතේ ක්‍රියාත්මක උන ආර්ථික ප්‍රතිසංස්කරණ වල credit එක තමන් කළා වගේ ඒවාම උස්සන් දුවන වෙලාවෙ, අලුතෙන් තමන් මහන්සි වෙලා වැඩ කරලා පෙන්නන්න.
නැත්තන් මිනිස්සු අත හුරු තැනට යන්න වැඩි කාලයක් නෑ.
ඔය බලයෙන් උමතු නොවී,
අර විපක්ෂයේ ඉද්දි අනුරම අනිත් පක්ෂ වල මන්ත්‍රීවරුන්ට කියපු විදියට මේ සැරේ මාලිමාවට පත්වෙලා ආපු රැල්ලට පාර්ලිමේන්තුවට ආපු අලුත් පොල්කෝම්බ ටික හරි පාරට ගන්න.
උපක්රමශීලීව සහ නිර්මාණශීලීව හිතලා වෙහෙස මහන්සි වෙලා රටට වේගවත් ආර්ථික ප්‍රතිසංස්කරණ ගේන්න.
ලෝකය වටෙන්ම යුද්ධයක් එනවා. ඩොලර් බිලියන 12.5 කට වැඩි ISB ණය ඇතුලු අත්හිටුවා තියෙන ලොකු
ණය වාරික ගණනාවක්ම 2028 සිට ගෙවන්න පටන් ගන්නවා. ඒවාට දැන්මම ලෑස්ති වෙන්න ඕනෑ.
"කල්පනා කරල බලන්න"
නැත්තන් ඉතින් අනුර ජනාධිපතිතුමා
ඔබටත් සුබගමන්!
ජය!
TR
NGF
ඔයාලා හැම දෙනාගේම අදහස්වලට ස්තුතියි. මේ අදහස් වගකිව යුත්තන්ගේ අවධානයට් ලක් වේවා.
Deleteඇත්තටම බලය නැතිකොට තියෙන මොළේ බලය ඇතිකොට නැති වෙනවද?
ලකාගේ තියා කිසිම ටෙලියක් බැලුවේ නෑ මේ අවුරුදු කීපයේ. ඒත් එයාගේ වැඩ එක්ක ආපු හඬ අනුව(hype) මටනම් වාලම්පූරි කියන තරම්ම වාව් නෑ. බලාපොරොත්තු වීම එකඅතකින් නරක වෙන්ට පුලුහං. ඒත්... ආවස්ථික පිරිවැය තමා අවයවේ. කාලයට, මුදලට හෝ ගෙවන වෙනත් දේට අනුරූපව උපරිම දේ බලාපොරොත්තු වෙනවනෙ කවුරුත්. ඒ බලාපොරොත්තුව නිකම්ම ආතල් එකක්, මානසික තෘප්තියක්, ගැඹුරු සිනමාත්මකබවක් හෝ වෙනත් යමක් වෙන්ට ඇහැකි... බලන්නාගේ සිතුම් පැතුම් වලට සාපේක්ෂව තමා සියල්ල.
ReplyDeleteඒ හැරුණුකොට ෆිලුම හොඳයි. හෝල් පිරෙන්න මේවගෙ ඒවා එන්න ඕන. රජකතා, ජාතක කතා, යුධ කතා නතර වෙලා.
ලකාගේ පලවෙනි එක නිසා වෙච්ච අඩුපාඩු මගහැරගෙන... ඊළඟ එක හොඳින් කරයි හිටං 🙂
දර්ශන් ධර්මරාජ්ට හඬකවපු දර්ශන කොල්ලගෙ හඬ සෙට් නෑ, සිඩ්නිගේ අත කැපුවත් එතනදී ලේ ආවෙ නෑ, වාලම්පූරිය මැඩම්ගෙ ගෙදර විකුනද්දී බයර්ලට දෙන්නෙ ගමේ අයමයි, මැඩම්ගෙ ආරක්ෂාවට හිටපු අය ගැන හා කැමරා ගැන වාලම්පූරිය නැතිඋනහම ගමේ සෙට්එක කතා වෙන්නෙත් නෑ. එතැන සීන් ටික ටිකක් අවුල්.......
Deleteතව තියේ, කියන්න නොහිතෙන 🙃
ස්තුතියි නමී.
Deleteඅපරාදේ ඔයා පරක්කු වුණේ. සංවාදයකට දැන් පරක්කුයි වගෙ...
ඒත්, තව තියෙන දේවලුත් කියන්නකෝ.......
නිදී මම මේක දැක්කේ අද .. මගේ එකට දාපු කොමෙන්ට් එකෙන් ..
ReplyDelete[මම හිතන්නේ ලකා එයාගේ හිස්තැන් ඔක්කොම මේ ෆිල්ම් එකේ දී අපිට පෙන්නුවා...’] අර උඩින් දාල තිබ්බ මේ කොමෙන්ට් එක තමා මටත් කියන්න තියෙන්නේ ..
අපි බලමු .. ඉස්සරහට ඔහුගේ වැඩ කිඩ
ස්තුතියි පැතුම්!
Delete