ඒ බැනර් එක; ‘ඌරු මස් සමඟ පොල් රොටි දන්සල’ කියලා තිබ්බ බැනර් එකේ foto එක නියමෙට ඇහැට වැදුණා. සුමාන ගණනකට කලින් දවසක.
අම්මට සිරි! දැන් කාලෙ මාර දන්සල්නේ දෙන්න හදන්නේ... ජුනි 10, පොසොන් පොහෝ දින උදේ
9.00 සිට දෙනවලු...
![]() |
දැන්වීමක තියෙන්න ඕනි හැම දෙයක්ම නියමෙටම තියෙනවා. කෙරෙන්නෙ මොකක්ද
/ කවදා, කීයට, කොහෙදිද / කරන්නේ කවුද...
සේරම තියෙනවා. |
ළඟ පාතක නං යන්නත් බැරියැයි...
(හැබෑ
බොරු කොහොම වෙතත්) ඒ බැනර් එක නං පංකාදුයි. හොඳට දන්නා අය එකට එකතු වෙලා ලියලා-
හදලා වෙන්නෝනි.
දැන්වීමක
තියෙන්න ඕනි හැම දෙයක්ම නියමෙටම තියෙනවා.
කෙරෙන්නෙ මොකක්ද / කවදා, කීයට, කොහෙදිද / කරන්නේ කවුද... සේරම තියෙනවා. දකින අයගේ
අවධානය ගත යුතු හැටිත්, හොඳට දැනගෙන plan කරලා තියෙන්නෙ.
පොල්
රොටි දන්සල කියල කෙළින්ම නොලියා හරිම නිර්මාණශීලී විදිහටයි text එක ලියල; පේළි
තුනකට කඩලා font sizes යොදල තියෙන්නෙත්. ඇහැට වදින්න...
‘ඌරු
මස් සමඟ කෑවොත් පව් සිද්ද වෙන නිසා ලුණු මිරිස් එක්ක පොල් රොටී දන්සල’.
කළු අකුරෙන් තියෙන පේළි දෙක තමයි බැනර් එකේ ලොකුම අකුරුවලින් තියෙන්නෙ...
‘කෑවොත් පව් සිද්ද වෙන නිසා ලුණු මිරිස් එක්ක‘ කියන වසං කළ යුතු ටික තමයි බැනරයේ
පුංචිම අකුරුවලින් තියෙන්නේ.
මගේ
බාසාවෙන් නං ‘සම්‍යක් ප්‍රයෝග’ කියන්නේ ඒ වගේ දේවල්වලට. උචිත පරිදි එහෙම ප්‍රයෝග යොදන්න
දන්නවා නං අපිට අපේ ජීවන ගමනෙදිත් ගොඩක් ප්‍රශ්න මතු වෙන්නෙ නැති විදිහට වැඩ ටික ෂේප් කර
ගත්තැකි.
ඉතිං
ඉතිං ඒ බැනරයේ ‘ප්‍රශස්ත බව’ හින්දාම මං ඒ ගැන ගිය සතියේ ‘බහු උචිතවාදියා + බහුචිතවාදියා’ post එකේ ලිව්වා.
ඒ පෝස්ටුවට comment එකක් එවමින් අපේ හිතාදර රසිකාවියක් වන Lotus මෙහෙම කතාවක් කියල
තිබ්බා.
‘බහු උචිතවාදියා දැන් කරලියේ; දේශපාලන කරලියේ. බහුචිතවාදියා රට පුරා සිනමාහල්වල".
හොඳ ගැලපීමක්, නිමල් 👍
"ඌරු මස් සමඟ පොල් රොටි.." බැනර් එක හරියට කියවන්නෙ නැතුව අතිශය
බෞද්ධ කී දෙනෙක් තරහ ගන්න ඇතිද. ඒ වගේම ආගම දර්මය ඉස්සරහට දාගෙන තමන් හරි හොඳ මිනිස්සු
කියලා පෙන්නගෙන ඉන්න (virtue signaling) අයට හොඳ පාරක් ගහලා තියෙන්නෙ. මගෙ යාලුවෙක් ඉන්නවා
වෙජිටේරියන්; ඒ අතරෙ මස් මාලු කන අනිත් අයට පලු යනකම්
බනින එක තමයි කොයි වෙලෙත් කරන්නෙ. වෙජිටේරියන් වීම නිසා යම් පිනක් වෙනවා නම් (allegedly), ඊට වඩා කීප ගුණයක පවක් කරගන්නව ඇති මස්
මාලු කන අයට බැනලා.’
ඒ
විස්තරේ කියෙව්වම මං හීනෙකින්වත් ලියන්න නොහිතපු කරුණු කීපයක් ලියන්න ඕනියි කියල
හැඟීමක් ආවා. මං ඒ විත්තිය Lotusට ලිව්වත් එක්ක.
![]() |
ජීවිතේට අපේ පැත්තේ එන්නෙත් නැහැ. |
ඒවායින් post එක කියවන පිරිස වැඩි කරවනවනේ...’ මම නං හිතන්නේ එහෙමයි.
මට
පෙනෙන විදිහට සහෝදර blog රචක- රචිකාවන් වැඩි දෙනෙකු ඒ වගේ පැති ගැන හිතන්නේ
අඩුවෙන්. ඒ විත්තිය මේ මෑත දවසක අජිත් ධර්ම මහත්තයා ලියූ ‘මගේ පස්සෙන් එන්න’ පෝස්ටුවේ comment එකකිනුත් කියැවුණා. ඒ
කමෙන්ට්ස් තීරුවේම තව වැදගත් කරුණු කීපයක්මත් කියැවිලා තිබුණා.
Ajith Dharma.30
June 2025 at
19:44
මම මේ කල්පනා කොරේ, බෝධිනී ගේ බ්ලොග් එක ගැන කල්පනා කරපු වෙලේ.
සමහර ආඩම්බරකාර බ්ලොග් තියනව. අපේ බ්ලොගයක්
එල්ල ගන්නෙත් නැහැ. ජීවිතේට අපේ පැත්තේ එන්නෙත් නැහැ. ඒ ගොල්ලන්ව තියන් ඉන්න එක වැඩක්
නෑ වගේ නේද? (බෝධීගේ බ්ලොග් එක ගැන නෙමේ මේ කියන්නේ.)
සාමාන්‍ය බ්ලොග් එතික්වල හැටියට අනිත් අයගේ බ්ලොග් එකට ගොඩ වැදිලා විටක් කාල කහට එකක්
බීලා යන එක නෙමේද කරන්න ඕනේ.
D.G.M බස්සා 2
July 2025 at
02:14
මට හිතෙන්නෙ සිංහල බ්ලොග් අභාවයට යන්න එක හේතුවක් ඒක කියලයි. බ්ලොග් ලියන අය, ඒ වෙනුවෙන් තමන්ගෙ කාලය, මහන්සිය වැය කරල අපට නොමිලේ බලන්න දෙනවා.
අඩුම ගණනේ වැටක් ගහල හරි ඒ අය දිරි ගන්නවන එක අපේ යුතුකම.
Ajith Dharma. 2
July 2025 at
20:25
ආන්න ජන්සන්! යුතුකම් දන්නා මහත්මයෙක්.
.......
Ajith Dharma.1
July 2025 at
23:08
බ්ලොග්වල තියෙන්නේ වෙනම වයිබ් එකක්, ඔයාගේ පෙරදිග සටහන් වෙබ් අඩවිය බැලුව. හොඳයි.
ඒකට පාඨකයෝ එනවද? හුඟක් වෙලාවට කමෙන්ට් නැත්නම් මම බ්ලොග්
ලියන එහෙකුත් නැහැ දැන්නම්. ඉස්සර නම් හිතුන කමෙන්ට්ස් වැඩක් නැහැ කියල. දැන් ඔය සමහරුන්ට
වගේ ලියල බලන් ඉන්න අමාරුයි.’
ඒ
commentsවලින් මගේ හිතට වැදුණු කරුණු කීපයක් ගැන නිස්සද්දව හිටියැකිද මගේ සත
පහෙනුත් දායක නොවී.
1. තමන්ගේ Blog රෝල් එකේ සහෝදර blogs කිහිපයකවත් නම් එල්ල ගත්තට පැත්තක් යනවැයි? ඒ
වෙනුවෙන් අමතර ගෙවීමක් එහෙම කරන්න වෙන්නෙත් නැහැ නෙව...
![]() |
ආන්න ජන්සන්! යුතුකම් දන්නා මහත්මයෙක්... (බකුසාණෝ) |
මේකට නං ටිකක් වෙලාව යනවා තමයි. ඒත් එහෙම වෙලාව ගියත් කමෙන්ටුවක් ලිවීමෙන් පළ
කෙරෙන කෘතවේදීත්වය මහමෙරක්... ඒ විතරක්යැ, ඒකෙන් ඇතිවන සුහදත්වයත් සුළුකොට තකන්න
බෑ... ඒ නිසා ඇතිවන මිතුරුකම්! (මගේ වර්තමාන මිතුරන් අතරින් දුසිමකටත් වැඩිය
ඉන්නවා blogs හරහා මිතුරු වුණු උදවිය. තවම පියවි ඇසින් දැක නැති; එහෙත් අතිශයින්
සමීප blog හිතවතුනුත් ගොඩක් ඉන්නවා.)
-අනෙක්
වැදගත්ම කාරණය තමයි අපේ blog අඩවිවලට; ඔබගේ නාමයට ලැබෙන පිළිගැනීම හා ප්‍රචාරය. මට
වැය කළ හැකි සීමිත වෙලාවේදී මං තෝරාගත් blog අඩවි කිහිපයකට ගොඩ වදිනවා- ඒ posts
කියවනවා- commentsතුත් යවනවා. (Posts නොකියවා කමෙන්ට්ස් යැවීම නං මගෙන් කෙරෙන්නේ
නැහැ.) ඒ සමහර අඩවිවලින් මගේ බ්ලොගය කියවන්නට පැමිණෙන රසික රසිකාවියන් ගණනින්
පෙනෙනවා- මගේ කමෙන්ට්ස්වලින් කෙරෙන ප්‍රචාරයකුත් තියෙන බව.
-ඒත්
අජිත් ධර්ම මහතා තරමටම නං මං වහන්සේ කමෙන්ට්ස් බලාපොරොත්තු වෙන්නේ නෑ.
-මොකද
දන්නවද? මම ලියන්නේ මගේ ජීවිත කතාව කියන්නත් එක්කනේ. අනෙක මං වෙච්ච දේවල් ඒ
හැටියෙන්ම ලියනවා. ඉතිං- ගොඩක් නඩලං, නාඩගම් නටල තියෙන- අඩව්-කස්තිරම් අල්ලල තියෙන
‘නිමල් දිසානායක’ ලියන සමහර posts ‘අසභ්‍ය’ පැත්තටත් බර වෙනවා.
ඒ නිසාද කොහෙද නිදිගෙ පංච තන්තරේ කියල blog අඩවියක් තියෙන බවවත් මගේ හිතවතුන්
නොදන්නවා වගෙයි අඟවන්නේ.
-දුර
පලාතක ඉන්න බොහොම forward හිතවතියක් 2020 දී මට රහසක් කිව්වා. “මිස්ටර් දිසානායක
ලියන blog සේරම මමත් කියවනවා. හැබැයි ඒවා කියවන බව ගෙදර අයටවත් අඟවන්නේ නෑ. ඔයාට තේරෙනවනෙ...”
ඒ තත්ත්වය ගොඩ දෙනෙකුට පොදු ඇතියි කියලා මට හිතෙනවා. ඒ හින්දමයි මම වැඩිපුර
comments බලාපොරොත්තු වෙන්නෙත් නැත්තේ.
-හැබැයි,
මාත් කමෙන්ට්ස්වලට ආසයි. සෘජුව ලියවෙන අවංක අදහස්වලට හරිම කැමැතියි... අජිත් ධර්ම
මහතා කියනවා වගේ ලැබෙන පාඨක commentsවලින් ලියන අයට සතුටක් වගේම, තවත් ලියන්නට හොඳ
උත්තේජනයකුත් ලැබෙනවා නෙව!
පෝස්ටුවක්
කියවන හැමෝම උඩුපෙළ වගේම යටිපෙළත් වටහාගන්න වෙහෙසෙන්නේ නෑ. එහෙම දේකට උවමනාව
තිබ්බත් නිදහසත් තියෙන්න ඕනිනෙ. එහෙම උවමනාවයි, නිදහසයි තියෙන ආදරණීය පාඨකයන්- පාඨිකාවන්
ටික දෙනෙකුත් අපට ඉන්නවා. ඒ අතරින් Lotus විශේෂ වෙන්නේ ‘රැඩිකල් මත දරන බුද්ධිමත්
රසිකාවියක්’ ලෙස හැඟෙන නිසා.
![]() |
එතුමා ඉන්න තැනක ඕනිම කෙනෙක් කතා කරන ඕනිම දෙයක් ගැන එයාත් දන්නවා... එයාත් ඒ සිදුවීමේ
කොටස්කාරයෙක් වෙලා හිටි බව අඟවන්නයි... |
ඒකටම එකතු කරන්න හිතුණා වැදගත්ය කියලා මං වහන්සේට හිතුණු තව කාලීන කරුණු ටිකකුත්...
මට
නානාප්පරකාර යාළු මිත්‍රයන් ඉන්නවනෙ. එයින් කෙනෙකුව තමයි මට මතක් වුණේ ‘Virtue signaling’; මවා පෙන්වාගෙන ඉන්නා විස්තරේ
දකිද්දී.
ඒ
මිත්තරයා මිස්ටර් එක්ස් කියා හිතමුකෝ!
මනුස්සයා උගතා; බුද්ධිමතා; සැදැහැවත් බෞද්ධ මහෝපාසකයා- පුරා පෝය දවසට සිල් ගන්නවත්
එක්ක. ඒ වගේම සත්ත්ව අවිහිංසාවාදියා; මදුරුවෙක් ඇවිත් ඇඟේ වැහුවත් ඌව එළවල දමනවා
මිසක මරන්නෙ නෑ.
නන්නාඳුනන මනුස්සයෙක් පීනමින් ඉන්නවා දැක්කත් මිස්ටර් X හදන්නේ එයාව වතුරෙන් ගොඩට
ගන්න! අපේ මිත්‍රයා ඒ තරමට ‘පරෝපකාරය’ටත් ලැදියි.
එතුමා
ඉන්න තැනක ඕනිම කෙනෙක් කතා කරන ඕනිම දෙයක්
ගැන එයාත් දන්නවා... එයාත් ඒ සිදුවීමේ කොටස්කාරයෙක් වෙලා හිටි බව අඟවන්නයි එයාට
ඕනේ. ඒ වෙනුවෙන් ගල් පැලෙන තරමේ බොරු කීමේදී මුන්නැහේ චේතිය රජ්ජුරුවන්ටත් හපන්.
එහෙම බොරු කියද්දී උන්නැහේ කිසිම පැකිළීමක් නැතිව යාළු මිත්‍ර හිතවත් අපිවත් ඒ
කතන්දරවලට ඈඳා ගන්න එකයි ප්‍රශ්නෙ.
එහෙම ඈඳගෙන ගොතන ප්‍රබන්ධ රස කරමින්; පලිප්පු දමමින් කියනකොට එව්වයින් අනිත් උදවියට
සිද්ද වෙන අවමානයන්; අපහාසයන්; මදි පුංචිකම් ගැන උන්නැහේට කිසිම ගාණක් නෑ!
ඊටත්
වැඩිය එයා ගැන කියන්න ඕනි වුණේ මේ කාරණයයි. උන්නැහේ ගව මාංශ- සූකර මාංශ දෙක
වළඳන්නේ නෑ. බිත්තර- කුකුළු මස්- මාළු වර්ග වළඳනවා.
මගේ
දැක්ම මේකයි.
හරක් මස් කන එක පාපයක් නම් හාල්මැස්සන් ආහාරයට ගැනීම ඊට වඩා විශාල; බරපතල පාපයක්. (මේ
වගේ තැන්වලදී මගේ මතය වැරදි වෙන්නත් පුළුවනි. මරන්න හොඳ නං කන්න බැරි ඇයි කියලා ‘මීන සංහාරය’ post එකේදි කිව්වා මතක ඇතිනේ. ‘පව්
විකුණන්න බැහැ’ කියන මතයේ පිහිටලා මමම අපේ මානෙල් නංගිගේ මංගල්ලයට ‘සැවුළු සංහාරයක්’
කළ හැටි
කිව්වා මතක ඇතිනේ.)
ඒ
හින්දා, මේ වගේ සච්චරිතවාදීන්ට එක ප්‍රතිපත්තියක් නැත්තේ ඇයි කියන එක මට තවමත් ප්‍රශ්නයක්!
සහමුලින්ම එකිනෙකට පරස්පර දේවල් මෙයාලා හිස්මුඳුනෙන් පිළිගන්නේ කොහොමද කියන එක මට
තවමත් ප්‍රශ්නයක්.
ඒකටත්
හොඳම උදාහරණය අපේ මිස්ටර් X.
![]() |
මෙහෙම දෙබිඩිකම් හැම තැනම සිද්ද වීමයි අරුමේ! එහෙම වැඩ වැඩියත්ම බලාගන්න
ඇහැකියි ‘මිතුරු සාද’වලදී... |
මනුස්සයා දේව පූජාවකට හකුරු- පලතුරු ගෙන්න ගත්ත දවසක ඒවා ෆ්‍රිජ් එකේ තියනවට විරුද්ධ වුණාලු ‘මස්-මාළු දාන ෆ්‍රිජ් එකනෙ’ කියලා.
මගේ
මතය අනුව නං මේවා අන්තවාදී පට්ට දෙබිඩිකම්!
දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මෙහෙම දෙබිඩිකම් හැම තැනම සිද්ද වීමයි අරුමේ!
එහෙම වැඩ වැඩියත්ම බලාගන්න ඇහැකියි ‘මිතුරු සාද’වලදී.
පහුගිය
දවස්වල එවැනි මිතුරු කව කීපයකම සංවාදවලට සහභාගී වෙන්නත් මට වාසනාව පෑදුණා. ඒ වගේ
අහඹු; අවිධිමත් සංවාද හැම එකක්ම පටන් ගන්නේ ලාවට; හීනියට. ඉතාම ඉක්මනින් ඒවා
දේශපාලනික සංවාද බවට පත් වෙනවා. ඒත් එක්කම එව්වා සංවාදවලට වැඩිය ‘කුඩා දේශපාලන
රැස්වීම්’ බවට පත් වෙනවා.
එහෙම වෙන්නේ හැම දෙනාටම වගේ කියාගන්න දේවල් යහමින් තියෙන හින්ද වෙන්නැති; ඒවා සේරම
එක සැරේම කියල දාන්න හිතන නිසා වෙන්නත් ඇති.
‘මම කියන දේ විතරයිනේ හරි! අනිත් අය මොනවද දන්නේ?’ වගේ හැඟීමකින් හැමෝම ආතුර වෙලා
ඉන්න නිසා වෙන්නත් ඇති.
එහෙමත් නැත්තං කියවන්න මිසක් අහගෙන ඉන්න පුරුද්දක් නැතිකම නිසා වෙන්නත් ඇති.
ඉතිං,
එහෙම සංවාදවලදී මේ දවස්වල කෙරුණු තදබල දෝෂාරෝපණවලට- විවේචනවලට ඉලක්ක වුණේ මාලිමා
රජය හා අනුර කුමාර ජනපතිතුමා. ඒත් එක්කම ජාජබෙ පිළිවෙත් හා ක්‍රියා පිළිවෙල.
පුරවැසි යුතුකම් ගැන අනුපාන කතන්දරත් ඒ අස්සට එකතු නොවුණා නෙවෙයි...
ඒ
අවස්ථාවන්වලදී...
-තමන්ගේ කුටුම්බයේ කටයුතු හරියාකාරව හසුරුවාගන්න අසමත් වෙච්චි මිනිස්සු රාජ්‍ය
යාන්ත්‍රණය වෙනස් විය යුතු ආකාරය හරි අපූරුවට පෙන්වා දෙනවා.
-තමන් කරන රාජකාරිය නිසියාකාරව ඉටු නොකරන උදවිය ‘රටේ අනිත් මිනිසුන්ගේ රාජකාරි පැහැර
හැරීම්’ ගැන පුදුමාකාර කේන්තියකින් යුතුව විවේචනය කරනවා.
-හරියට බදු නොගෙවන; අවම සේවක අයිතිවාසිකම් පවා ලබානොදෙන; ව්‍යාපාරික මහත්වරුන් රටේ
ආර්ථික කළමනාකරණ වැඩ නිවැරදිව කෙරෙන්න ඕනි මෙහෙමයි කියලා බොහොම විදග්ධ විදිහට
කියා පානවා.
-හොරු ඇල්ලීම සිල්ලර වැඩක් හින්දත්, එයින් රට ගොඩ නොයන නිසාත් ඒවට ප්‍රමුඛතාව
නොදිය යුතුයිලු. එහෙම කියන්නේ පඩිය වගේ කීප ගුණයක් ‘අත යට ඉපැයීම්’වලින් ලබන බව පැහැදිලිවම
ලෝකෙට පෙනෙන උදවිය.
![]() |
අනුන්ගේ අඩුපාඩු හොය-හොයා විවේචනය කර-කර ඉන්න එයාල ජීවිත කාලෙදි එකම-එක
වතාවක්වත්... |
‘ලෝකෝපකාරය’
පොතේ තියෙන-
‘ඔවා දෙනු පරහට - තමා සම්මතෙහි පිහිටා සිට
දුසිරිත් දනන් දෙන - ඔවා වැද්දන් කියන බණ මෙන’ කවියවත් එයාලා අහල නැද්ද...
අනුන්ගේ අඩුපාඩු හොය-හොයා විවේචනය කර-කර ඉන්න එයාල ජීවිත කාලෙදි එකම-එක වතාවක්වත්
තමන් ගැන ස්වයං විවේචනයක් කරගෙන තියෙනවද දන්නෑ. අපෙන් වැඩි දෙනෙකුත් එහෙම උදවියද...
මවා පෙන්වන අයද... ‘ඔබ අවංකව ස්වයං විවේචනයක යෙදෙන කෙනෙක්ද’ කියන ප්‍රශ්නෙ අපටත්
යොමු වුණොත්...
ඒ ප්‍රශ්නයට
දෙන්න තියෙන උත්තරේ??????????????
ඒ
ගැන හිතනකොට මට කල්පනා වෙන්නේ මේ පෝස්ටුවේ පටන් ගැන්මෙදි කියපු බැනරයේ text එක.
ඇත්තටම ‘ඌරු මස් එක්ක පොල් රොටි කන එක වැරැද්දක්ද?
එහෙම කළොත් පව් සිද්ද වෙනවද?
එතකොට
ආත්ම වංචනිකයෙක් වීම පවක් නෙවෙයිද???????෴0෴
ප්‍රාන ඝාතය ගැන බණෙහි ඇති කරුණු පහ ඇත්ත නම් මස් කෑවට පාපයක් සිද්දවෙන්න බැහැනේ. ඒ කරුණු දිහා බලන කොට හිතෙන්නෙ මස් කෑමට ආසාවෙන්ම පසුකාලීනව හදපු දේවල් වගේ. ඒ කෙසේ වෙතත් ඔය ඔක්කොම හිතලා ජීවත්වෙන්න අමාරුයි.
ReplyDeleteමස් කෑමේ පව් පින් ගැන නම් වාද කරන්න පුළුවන් until cows come home. බුදු හාමුදුරුවොත් මස් කෑව කියනවනේ, ඔන්න ඔහේ සතා මරපු එකාට විතරක් පව් කියලා ඉන්න එකයි ඇත්තේ. චේතනාහන් බික්කවේ කිව්වනේ.
ReplyDeleteකොමෙන්ට් ගැන, මම දාපු කොමෙන්ට් එක මිසින් නම්, මෝඩරේට් වෙලා එන ඒවට, දාපු එකට කිසි රිප්ලයි එකක් නැත්නම් කොමෙන්ට් දන්නේ නෑ. අපිත් මිනිස්සුනේ.
මම විජේබාහු
මෙහෙමයි, සමස්තයක් ලෙස, ඌරු මස් සමඟ පොල් රොටී දන්සැල් දීම බුදු දහමේ මූලික අහිංසාවාදී ඉගැන්වීම් සමඟ එකඟ වන්නේ නැහැ. එයින් පිනට වඩා අකුසලයක් සිදුවිය හැකි අතර, බෞද්ධ සංස්කෘතියේ ප්‍රතිරූපයටද හානි විය හැකියි. පින් රැස් කිරීමට නම්, මස් රහිත ආහාර පිරිනැමීම වඩාත් සුදුසු බවයි පොදුවේ මගේ අවබෝධය වෙන්නේ
ReplyDeleteනිදී අප හිතවත් අජිත් පැරකුම් ජයසිංහ අංකල් ලස්සනට ලංකාවේ ආර්ථික දේශපාලන බල අරගලයක් ගැන මේකේ කියලා තියෙනවා මේක බලන්න
https://shorturl.at/De1JT
අජිත් පැරකුම් ජයසිංහ ඉතාම සුක්ෂ්ම ලෙස සහ මැදහත්ව ලංකාවේ දේශපාලනය ගැන සියුම්ව Praja අඩවිය හරහා කතා කරනවා, ඔහු මෙහි නාමල් ගැන කියන ඒවාට නම් මම එච්චර කැමති නෑ නමුත් පොදුවේ ගත්තාම ඔහු ලංකාවේ භූමියේ සැබෑ තත්ත්වය ගැන ඉතාම බුද්ධිමත්ව අවබෝධයක් සහිතව ලියන්න කෙනෙක් බවයි පේන්නේ, මේ කියන විදියට රාජපක්ෂ කල්ලිය නැවත ශක්තිමත් වෙනවානම් ඔවුන්ගේ බලය දැන්ම විනාශ කිරීමට ඔවුන්ව හොඳින් හෝ නරකින් සිරගත කිරීම අනිවාර්ය බවයි මට හිතෙන්නේ මොනවා හරි බොරු නඩුවක්වත් දාලා සුක්ෂ්ම ලෙස සාක්ෂි හදලා අවුරුදු පහළොවකට වත් ඇතුලට දාගන්ඩ බැරි වුණොත් තත්ත්වය ඒ හැටි හොඳ මදිවේවි ද කියලත් මට හිතෙනවා, බලමු.
ආවෙ දැනට එක මාක් කරල යන්නයි. පස්සෙ ආයෙ එන්නම්.
ReplyDelete//මනුස්සයා දේව පූජාවකට හකුරු- පලතුරු ගෙන්න ගත්ත දවසක ඒවා ෆ්‍රිජ් එකේ තියනවට විරුද්ධ වුණාලු ‘මස්-මාළු දාන ෆ්‍රිජ් එකනෙ’ කියලා.//
ReplyDelete"ඉතිං මස් මාළු දාන්නෙ ඩීප් ෆ්‍රීසරේ නෙ. ඒක වෙන් කරල තියෙද්දි, හකුරු පළතුරු පහළ කොටසෙ වෙන ම දැම්ම ම භේදයක් නෑනෙ." කියල කියල කියන්න තිබුණා.