li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, October 31, 2025

උපන් දිනේ පට්ටන්දරේ - දෙවෙනි කොටස

2015.10.01-
දීපානිලා එංගලන්තයෙන් පිටත් වෙන්නේ අද.

අදයි සර්ප්‍රයිස් පාටියේ හැංගිලා තිබුණු විස්තර එළිදරව් වුණේ... Samගෙනුයි, නෙවිල්ගෙනුයි. ‘ ග්‍රෑන්ඩ් මොනාර්ච් ඉම්පීරියල් එක හොඳයි කියලා recommend කළේ දීපාල්. ඒකේ ජැපනීස් රෙස්ටෝරන්ට් එක තෝරගත්තේ අපි.’
“දන්නවද? ඔයාට නොදැනෙන්න ඔයාව එහාට
ගෙන්න ගන්න plans තුනක් අපිට තිබ්බා.”

කැවුම්, කොකිස්, දොදොල්, කෙසෙල් එහෙම සේරම ගත්තා. ආස්මීත් හැදෙව්වා. චූටි නංගි කිව්වා මැතිව් හරි ආසයි කියලා ආස්මීවලට... (ෆොටෝ- මැතිව්)

“ප්ලෑන්ස් තුනක්?

‘ඔව් හලෝ. Plan A, B, C... එකක් හරි නොගියොත් ඊළඟ එකට...’ නෙවිල් කිව්වා. “පීරිස්ට එන්න බැරි වෙච්ච නිසා plan A අතාරින්න වුණා. Plan B තමයි හරි ගියේ...”
“එතකොට Plan C එක මොකක්ද?” මං ඇහුවා.
“ඒක රහසක් විදිහටම තිබිච්චාවෙ. ඉස්සරහට හරි වැඩක් ගන්න බැරියැ!” කියලයි නෙවිල් කිව්වේ- කෙලින්ම උත්තරයක් නොදී.

2025.10.02-
“ලොකා, අද පාන්දර පහට විතර චූටිලා මෙහාට ආවා.” මානෙල් උදෙන්ම කතා කරලා කිව්වා. “මෙන්න චූටිටත් ඕනලු ඔයාට කතා කරන්න...”
“හායි ලොකූ... ගුඩ් මෝනින්! ඔන්න ලොකූ තව ටිකකින් අපි පන්සලට යනවා. ඊට පස්සේ අපි ඉස්සෙල්ලම ඔයාව බලන්න එනවා...”
“පිස්සුද චූටි? ඔයාට අද දවසේ කී දෙනෙක්ව බලන්න යන්න තියෙනවද? මං හවසට නෙවිල් අයියත් එක්ක ඔහෙට්ට එනවනේ... අනික අද රෑටත් මම ඉන්නේ ඔහෙනේ. එතකොට හම්බ වෙමු. ඒ මදැයි... ඔයාගේ වෙලාව ඉතිරි කර ගන්න ඕනිනේ.”

“නෑ නෑ ලොකූ, I must see you first!”

“It’s up to you... කෝ- රෝසි එහෙම ළඟ ඉන්නවද? ඉන්නවා නං...”
“ඉන්නවා ඉන්නවා... රෝසා, මෙන්න ලොකු මාමට ඕනිලු ඔයාට කතා කරන්න.”
“ඇයි ලොකු මාමේ...”
“මම දන්නවා, ඔයා b’day කේක් එකක් හදවනවා නේද? ඒකේ සුනිල් මාමගේ නමත් දාන්න. අපි දෙන්නම එකතු වෙලා හෙට කේක් එක කපන්නං. සුනිල්ගේ උපන් දිනේ සැප්තැම්බර් 26 වෙනිදනේ...”

මම එහෙම කිව්වේ මට දැනෙමින් තිබුණු පසුතැවිල්ල අඩු කර ගන්නයි. මොන හේතුවකටද මංදා ඒ කාලේ ඉඳලම මගේ උපන් දිනය තරමක් හෝ ජයටම සැමරුනා. අපේ පවුලේ අනිත් අයට ඒ chance එක ලැබුණේ අඩුවෙන්. ඒකයි මට දුක...

ඊට පස්සේ මං මානෙල්ගෙන් ඇහුවේ එයාලගේ සැලසුම් ගැන. “මොනවද මානි ගෙනියන්න ගන්නේ?”
“ඔයා මොකුත් ගන්න ඕනි නෑ. පොඩාලට කිව්වා කිරිබතක් විතරක් හදන්න. කැවුම්, කොකිස්, දොදොල්, කෙසෙල් එහෙම සේරම ගත්තා. ආස්මීත් හැදෙව්වා. චූටි නංගි කිව්වා මැතිව් හරි ආසයි කියලා ආස්මීවලට...”

රෝසිලගේ ‘කල එළි මංගල්‍යය’ තිබ්බෙත් ඔය සමන් දේවාලේදී... (ඉදිරි පෙළේ මැදින්ම සිටින්නේ රෝසියි.)

දෙවෙනිදා හවස අපි මානිල ගෙදරට ගියා.

පහුවදා පාන්දරින් නැඟිටින්න තියෙද්දිත් අපි පරණ කතන්දර සජ්ජායනා කරමින් උන්නේ හරිම ආසාවෙන්. “ලොකාල නිඳා ගන්නෙ නැද්ද? හතරහමාරට වාහනේ මෙහාට එයි.” ගාමිණී මතක් කළාමයි අපේ ආ-ගිය කතන්දර කීල්ල නැවතුණේ.

2025.10.03-
හතරහමාර වෙද්දී වාහනේ ආවා. එතකොටත් අපි සේරමලා ලෑස්තියි.

“බලංගොඩටනෙ යන්නෙ... ඉංගිරියට ගිහිං රත්නපුර පාරේ යමු නේද?” රියැදුරු මංජුල ඇහුවා. නෙවිල් එක පයින්ම කැමැත්ත දුන්නා. මං එයාලගේ තේරීමට විරුද්ධ වෙන්න ගියේ නෑ. ඒත් ඒ (A 8) පානදුර- රත්නපුර පාරට මගේ නං එච්චර කැමැත්තක් නෑ- වංගු වැඩි හිංදා.

“මේ පාරෙන් යන නිසා රත්නපුරේ සමන් දේවාලෙටත් ගිහිං යමු. දීපානි දන්නවද රෝසිලගේ ‘කල එළි මංගල්‍යය’ තිබ්බෙත් ඔය සමන් දේවාලේදී...”
“මොකක්ද ලොකූ කල එළි මංගල්ලේ කියන්නේ?”
“හොඳටම උඩරට නැටුම් ඉගෙන ගත්තට පස්සේ තමයි පිරිමි අයට වෙස් බඳින්නේ. ඒකට ගුරුතුමා සැටිස් වෙන්න ඕනි. අර ඔටුන්නක් වගෙ වෙස් තට්ටුව බැඳලා තමයි උඩරට නැට්ටුවෝ නටන්නේ... සාමාන්‍යයෙන් ලංකාවේ ගෑනු අයට වෙස් තට්ටුව පළන්දන්නේ නෑ- පාහිම් පත් බඳිනවා විතරයි. නැටුම් ගුරුවරයෙක්ගේ හොඳම ගෝලයන්ට වෙස් බැඳලා- පාහිම් පත් තියලා ප්‍රසිද්ධියේ නටන මුල්ම show එකට තමයි කල එළි මංගල්‍යය කියන්නේ...  රෝසි, තමුසෙ කට වහගෙන ඉන්නේ- කියල දෙනවකො දීපානි පුංචිට ඒ විස්තර...”
“ලොකු මාමා ඔක්කොම විස්තර කිව්වනේ! වෙන මොනවද කියන්නේ?”

“මට තියෙනවා question එකක්... ඇයි ගෑනු අයට අර මොකක්ද- වෙස් තට්ටුව බඳින්නෙ නැත්තේ... It’s unfair...” දීපානි විමසයි.

“මේකනේ පුංචි. ඒක තමයි සම්ප්‍රදාය... ගොඩ කාලෙක ඉඳලම තියෙන tradition එක.” රෝසි විස්තර කියයි. “රැජිනි සෙල්වනායගම් මැඩම් එයාගේ ගෝල ගෑනු ළමයි කීප දෙනෙකුට වෙස් තට්ටුව පළන්දලා වෙනසක් කළා... හැබැයි ඒ trend එක දිගට ගියේ නෑ.”

“රෝසි දන්නවද? අපි දන්න ගෑනු ළමයෙකුත් එදා වෙස් බැන්දා. Show එක තිබ්බේ මහරගම ජාතික තරුණ සේවා සභාවෙ. මතකද නෙවිල්... අපි දෙන්නත් ගියා ඒක බලන්න. හැබැයි එදා මට හිතුණේ සම්ප්‍රදාය මොක වුණත්, ගෑනු ළමයින්ට වෙස් තට්ටුව ගැළපෙන්නේ නෑ කියලයි...”
“ඔව් දීපානි. ඒක දැම්මාම ගෑනු ළමයින්ගේ සියුමැලිකම නැති වෙනව වගෙ!” නෙවිලුත් මගේ පැත්තට...

දීපානි විවේක වේලාවන්වල සුපැතුම් පත් නිර්මාණය කරයි; අන්තර්ජාලය හරහා ඒවා අලෙවි කිරීමත් කරයි. (ෆොටෝ- මැතිව්)

අපේ කතාබහ මැතිව්ටත්, ස්ටෙෆ්නිටත් තේරෙන්නේ නැත. එයාලාට සිංහල තේරෙන්නේ යාන්තමිනි. ඒත් සිංහලෙන් උත්තර නොදී ඉන්නටය ඒ දෙන්නාගේ කැමැත්ත...

අප කිරිඇල්ල හරියට යද්දී වටින්-ගොඩින් එළිය වැටිලාය. මැතිව් හරි බිසිය. ඈතින් පෙනෙන අළු පැහැති කඳු පන්ති අතරින් වලාකුළු මවන නෙක රටාවන් මැතිව් ෆොටෝවලට ගනියි.
“Matthew is a very clever boy! ඔව් මානෙල් අක්කේ- මැතිව්සුත් මං වගෙම greeting cards හදනවා. ඒ ටැලන්ට් එක එයාටත් තියෙනවා...” දීපානි කියන්නේ උද්දාමයෙනි.
දීපානි විවේක වේලාවන්වල සුපැතුම් පත් නිර්මාණය කරයි; අන්තර්ජාලය හරහා ඒවා අලෙවි කිරීමත් කරයි.

“මවුන්ටන්ස්... mountains...!” හිමන්‍යා වාහනය දෙදරවන හඬින් උඩ පනියි. කෙල්ල කඳු පන්ති- වනාන්තර ආදියට හරි කැමතිය. “අපි දැන් බලංගොඩ නේද නෙවිල් සීයේ?”
“ඒකට තව ටික දුරක් යන්න ඕනි හිමා. මේ රත්නපුරේ... සමන් දේවාලේ... එහාට ගිහිං ඇවිත් අපි කෙලින්ම බලංගොඩට යනවා.”

“අනේ! ටෝනි මං එනකං බලාගෙන ඉන්නවා ඇති...” හිමන්‍යා ටෝනි කිව්වේ සුනිල්ලගෙ ගෙදර ඉන්නා පූසාටය!
“ඔව්, ඔව්... සුනිල් සීයා ටෙලිෆෝන් එකෙනුත් කිව්වා ටෝනි ඔයා එනකල් බලාගෙන ඉන්නවා කියලා.”
“මානෙල් ආච්චි බොරුමයි කියන්නේ... පූසොන්ට කතා කරන්න බැහැනෙ.” හිමන්‍යා එක්ක යමක් කියා පිරිමැසීම ලේසි නැත. කතාවේ අං-කොන් සේරම හගිස්සන කෙල්ල අවුරුදු පහක දැරියක් වුණත් වයසට වඩා බුද්ධිමත්ය.

‘ඔන්න හිමා වැරදි වැඩ කරන්නේ බලාගෙන... දෙයියො අහසේ උඩ ඉඳගෙන අපි දිහා බලාගෙනයි ඉන්නේ.’ වතාවක් මානෙල් හිමන්‍යාට කියා තිබේ.

“එතකොට මේ බඩ්ඩ චුට්ටක් කල්පනා කර කර ඉඳලා මගෙන් අහනවා -දෙය්යෝ උඩ ඉඳලා කක්කා දානකොට ඒවා කොහාටද වැටෙන්නේ- කියලා...” ඊට පස්සේ මානි හිමා මිනිබිරියට යමක් කියන්නේ ඉතා පරෙස්සමිනි.

“මානෙල්, පොඩ්ඩා ඔයාට ෆෝන් කළාද?”
“ඔව් ලොකා... එයාලා කිරිබත් හදලත් ඉවරයිලු. මං කිව්වා සමන් දේවාලය වැඳලා මෙහෙන් පිටත් වෙනකොට පොඩි අයියට කියන්නං කියලා.”
“ඒ කියනකොට සුනිල්ලට කියන්න පොල් බෑයකුත් ගාල තියන්නයි කියලා.” ඒ විත්තිය ඇහුණු ගමන්ම ඇවිස්සුණේ නෙවිල් උන්නැහේය.

සෑම්- දීපානි අනිල්ගේ කට්ටිය බලන්නට ගිහිං...

“ඒ මොන ලජ්ජ නැති වැඩක්ද හලෝ... කොයි රටේද කැවුම් කිරිබත් එක්ක ගාපු පොලුත් කන්නේ?”

“කවුද කිව්වේ ගාපු පොල් කන කතාවක්... මං අග්ගලා හදන්න හාල් බැදලා කුඩු කරගෙන ආවා. ඒකටයි මනුස්සයො පොල්.”
“නෙවිල් අයියේ... දේවාලෙට ගිහිං ඇවිත් ඔයාලගෙ රණ්ඩුව කරමු නේද? පරක්කු වෙලා බෑ. අපිට බඩගිනිත් එක්ක...” ඒ මානෙල්.
“එහෙනං ආපහු ආවම බිස්කට්ස් දෙන්නං!” මේ දීපානි.

“ලොකු සීයේ... I am going to help you. එන්න... මගේ අත අල්ලගෙන යමු...”
“Thanks Hima. It’s very kind of you!”
“එහාට ගියාම මේ මල්වලින් ටිකකුත් මං ඔයාට දෙන්නංකො ලොකු සීයේ පූජ කරන්න... රතුපාට ඒවයි- සුදුපාට ඒවයි දෙකෙන්ම දෙන්නං. හාද?”

“චූටි, අපි ආපහු ආවාම මං කියන්නං ලස්සන කතාවක්. අපේ මහරගම සීයා ගැන... මට මතක් කරන්නකෝ.”

හිමිදිරි පාන්දර නිසාත්, සතියේ දවසක නිසාත් සමන් දේවාලයේ උන්නේ බැතිමතුන් කිහිප දෙනෙකු පමණි. පමා වෙන බැවින්දෝ අපේ නඩේ සැදැහැවතුනුත් වන්දනාවට ගත්තේ කෙටි කාලයකි. යදමින් බැඳ දමා තිබුණු අලි ඇතුන් වෙත ‘අනිමිස ලෝචන පූජා’ පැවැත්වීමට ඔවුහු ඊට වඩා දිගු කාලයක් ගත කළහ.

“මොකක්ද ලොකු මාමේ මහරගම සීයාගේ කතන්දරේ?” පවුලේ අතීත කතා අහන්නට කැමති රෝසි මතක් කරයි.

”සීයා වැඩ කළේ රේල්ලුවෙනේ. එතකොට එයාලා ඉඳල තියෙන්නේ රත්නපුරේ. මේ කියන කාලේ අපේ තාත්ත පොඩි එකෙක්. ඒ දවස්වල සීයා හෙණ හැන්ඩියාලු. ටීචර් කෙනෙක් එක්ක හුටපටයකුත් තිබිලා ආච්චිලට මාට්ටු වෙලා. ඒ වෙලාවේ සීයා low point එකක් දාලාලු බෙල්ල බේරා ගත්තේ. එච්චරට මොළයක් තිබිච්ච සීයා හිටි ගමන් විශ්වාස කරන්නත් බැරි තරං තකතිරු වැඩත් කරල තියෙනවා... ඒකයි පුදුමේ!”

“අපෝ. ඒකෙ කිසිම පුදුමයක් නෑ... දිසානායකලාගේ හැටි එහෙම්මනේ... මතකනෙ නිමල් දිසානායක සරුංගල් දානයක් දීලා කරගත්ත හුටපටේ...”

“ලොකු අයියගේ කතාව ඉවර කරන්න දෙන්නකෝ නෙවිල් අයියේ. ඊට පස්සේ ඔයා අපට කියන්න ඒ සරුංගල් දානෙ කතන්දරේ...”
“එකට සීයක් කියන්නංකො දිසානායකගේ මෝඩකම් නං...”
“සීයක්? සීයක් නෙවෙයි- පහක්... පහක් කියනවා පුළුවනි නං.”

අපේ නඩේ සමන් දේවාලය ළඟදී...(ෆොටෝ- මැතිව්)

“හරි, හරි. ෂේප් ෂේප්. Silence please... ලොකූටයි දැන් චාන්ස් එක. සීයලා රත්නපුර ඉඳිද්දී මොකද ලොකූ වුණේ?”

“මේ සමන් දේවාලේ අවුරුද්දකට වතාවක් ලොකු පෙරහරක් තියෙනවා... ඒක දවස් ගණනාවක් තිස්සේ තියෙන උත්සවයක්. පළාතේම සෙනඟ එනවලු පෙරහර දවස් ටිකේ. අපේ ආච්චිත් හෙණ බිස්නස් මයින්ඩඩ් අම්මණ්ඩි කෙනෙක්ලුනෙ...”
“අපේ Sam වගෙ!”
“මට කියන්නේ? දැන් තමුසේ නේද චූටි business woman කෙනෙක් වෙලා තියෙන්නේ...”
“ඒ පාර උඹල දෙන්නා පටන් ගත්තද? කට වහගෙන හිටහල්ලකො ලොකාට කතාව කියන්න දීලා.” මානෙල් ස්වේච්ඡාවෙන්ම කතානායක ධුරය බාර ගෙනය. “ඉතිං ඉතිං...”

“ඉතිං සමන් දේවාලෙ පෙරහර කාලෙට දාන තාවකාලික කඩවලින් එකක් ආච්චිත් අරං... ඒකෙ සරුවත් කඩයක් දාලා. කඩේ වැඩට කොල්ලෙකුත් අරගෙන. සීය තමයි ඒ කොල්ලත් එක්ක සරුවත් බිස්නස් එක කරගෙන ගිහිං තියෙන්නේ- ආච්චිගේ මැහුම් වැඩත් ගොඩ ගැහිලා තිබ්බ හිංදා.
දවස් දෙක තුනකට පස්සේ දවසක රත්නපුරේ ලොක්කෝ වගයක් සෙනඟකුත් පිරිවරාගෙන ආච්චිව හම්බ වෙන්න ඇවිත්. ඒ මිනිස්සු ඇවිත් තියෙන්නේ හොඳටම කේන්තියෙන්. ‘මොකක්ද හාමිනේ මේ කරන නොහොබිනා වැඩේ තේරුම. චාර්ල්ස් මහත්තයාත් අඩු කුලේ එක්කෙනෙක්ද? අර පදු කොල්ලව සරුවත් කඩේ කැෂියර් කූඩුවෙන් වාඩි කරවලා ඉවර වෙලා උන්නැහේ පක්කලි වැඩ ටික සේරම කරන්නේ... හාමිනේලා ගැන දන්නා හින්දයි කියලා යන්න ආවේ... රත්නපුරේ ඉන්නේ වංශවත් අපි වගෙ උදවිය. හාමිනේ අදම ඒ පද්දාව කඩෙන් එළවලා දාන්න ඕනි. චාර්ල්ස් මහත්තයා කිව්වත් ඌට වටින්නේ නැහැනෙ කැෂියර් පුටුවේ වාඩි වෙන්න. උන් දැනගන්න ඕනි ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න. ඌව එළෙව්වේ නැත්තං අපි අදම හාමිනේලගේ සරුවත් කඩේ කුඩු කරලා ගිනි තියල දානවා.’ කියලලු ඒ මිනිස්සු ගියේ. ආච්චි එවෙලෙම කඩේට යනකොටත් සීයා පරණ හම්පඩයක් ඇඳගෙන වීදුරු හෝදනවලු... අර කොල්ලා කැෂියර් පුටුවෙලු... ආච්චි එවෙලෙම ඌව එළවලා...”

“Sorry loku... I couldn’t understand. Who is පද්දා? What is අඩු කුලේ?” දීපානිගේ මුහුණ විසඳීමට අසීරු ප්‍රහේලිකාවකට මැදි වුණු එකියකගේ වගෙය.
“It is cast... lower cast... Isn’t it loku?”

මේ පාරේ කිලෝ මීටර් හතහමාරක් විතර යන්න ඕනි! (ෆොටෝ- මැතිව්)

“ඔව් සෑම්. ඒ කාලේ ඔය කුල කතන්දරේ ගොඩාරියක් තදේට තිබ්බා. නාට්‍යයක වැඩවලට අපේ  ගෙදරට ආව අඩු කුලයක කෙනෙකුට සැලකුවය කියලත් සැරයක් ආච්චි අපට තඩි දෝස්මුරයක් දැම්මා...”

“මේ දිසානායක... ඔයා ඉස්සරහින් වාඩි වුණේ පාර කියන්න නේද. දැන් අපි බලංගොඩට ඇවිත් ඉන්නේ. ඉතිං පාර වරද්දගෙන ගෝරියක් දාගන්නේ නැතිව හරි පාර පෙන්නනවා මංජුට...”
“නෙවිල් හිතන්නේ මගේ රාජකාරිය මට අමතක වෙලයි කියලද? අතනින්... මංජු. අතනින් වමට; උඩහට තියෙන පාර... බදුලු පාර නෙවෙයි... රාස්සගල පාර. හරි! මේ පාරේ කිලෝ මීටර් හතහමාරක් විතර යන්න ඕනි.”

ඒ දුර ඩිංගිත්ත යන අතරේය, Sam ඉතිරි හරිය සැලසුම් කළේ.

“සුනිල්ලගේ වත්ත ඇතුළට වාහනේ ගන්න කලින් අපිට වාහනෙන් බහින්න වෙනවා... මිදුලේ ඉඳලා පාරට එනකල් ලොකු පල්ලමක්නෙ තියෙන්නේ...” නෙවිල් තත්ත්ව වාර්තාවක් දුන්නා.
“හැමදාම කරනවා වගේ පොඩි අයියා අපිව ගෙදරට යවලා යයි අපේ  bags ටික බාන්න...” මානෙලුත් කරුණු එකතු කළා.
“එතකොට මට තියෙන්නේ වාහනේ පිටිපස්සේ සීට් එකක් අස්සේ ගුළි වෙලා ඉඳලා ‘හග්’ කියලා පොඩි අයියගේ ඇඟට පනින්න. ඔන්න ඕගොල්ලෝ හිනා වෙලා වැඩේ කන්න එහෙම එපා... හොඳේ!”

ඒ විස්මය කොතෙක්දැයි කියන්නට කිසිම කැමරාවක් සමත් නොවෙනු ඇතැයි මට සිතේ! (ෆොටෝ- මැතිව්)  

හැමෝම හිනා වුණා නොව හිනා කෑවෝහ; 😂😂😂😂😂.
ඒත් අප එහෙම කළේ අපේ සුන්නා සමන්තිව දැකලා පුදුමයෙන් අත ඔළුවේ ගසා ගත්තාමය. ඒ විස්මය කොතෙක්දැයි කියන්නට කිසිම කැමරාවක් සමත් නොවෙනු ඇතැයි මට සිතේ!
 

තෙවෙනි කොටස තව දින කිහිපයකින්...

3 comments:

  1. ලින්ක් දෙකටම ගිහින් සීයගෙ කතන්දර කියෙව්වා. තෙත ගෝනියෙන් වහලා පිඟන් බින්ඳ කතාව මරු.😁

    ReplyDelete
  2. මම මේක මතක තියා ගන්න ඕනෙ "නිමල් දිසානායක සරුංගල් දානයක් දුන්නා වගේ".😜

    ReplyDelete
  3. කියෙව්ව කියෙව්ව ඉතිං.
    ඔය කුල කේස් එකනං මම තදිංම ප්‍රතික්ෂේප කරන දෙයක්.

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්