li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, June 4, 2018

....නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - පළමුවෙනි කොටස

"අයියේ, ඔයා ITN එකේ දැක්කද?"
      
සුනිල් අද (2018 මැයි 21) හවස තුනහමාරට විතර කෝල් එකක් දී මගෙන් ඇහුවේය. මා එවෙලේ හිටියේ තද නින්දකය.
 
මෙච්චර සුකුරුත්තන් නැතත් ඈත, සීත, හුදෙකලා පලාතක කන්දක් මුඳුනේ ......
සුනිල්ලා ඉන්නේ බලන්ගොඩය. එහෙම කිව්වාට රාස්සගල- සීතගලය. ඈන්ගේ ඕනෑකමට සුනිල් ඒ තරම් දේශ-දීපංකරයකට අභිනිෂ්ක්‍රමණය කළ බව මගේ හැඟීමයි. ඈන් වගේම සුනිලුත් ඇරියස් කවර් කරන්න හදනවාද දන්නෙත් නැත.

ඈත සීත පළාතක, ලොකූ කන්දක් මුදුනේ, කාත්-කවුරුවත් නැති දිහාවක, චූටිම-චූටි ගෙයක් හදාගෙන, සාරි ඉරලා ජනෙල්වලට දාගෙන, පොල් සම්බෝලයි බතුයි කකා ඉන්නට හිතාගෙන ඒ ජෝඩුව ඒ පැත්තට සංක්‍රමණය වුණු බවයි මගේ වැටහීම නම්. ටිකක් wrong යනවද....වැරදිද? චික් විතරක්! මට පෙනෙන්නේම ඇදේට වගෙයිනේ! 

අක්කර දෙකහමාරක තේ වත්තක් එක්ක හැප්පුණත් ඒගොල්ලොන්ට TV බලන්නත් ලොකු කාලයක් තියෙනවා වගේය. ඉතින් මොකක් හරි හිතට අල්ලන වැඩ සටහනක් යද්දී සුනිල් මටත් කතා කර ඒක බලන්නට කියයි. "ලාල් අයියා අක්කර පහේදී මාලිනීව බඳිනවානේ!"

මෙච්චර කල් ගිහිල්ලාත් ලාල් අයියා චිත්‍රපට නළුවෙක් බව සුනිල් දන්නේ නැද්ද? මට හිතුණේ නම් එහෙමය.
"ඒකෙ විතරක් නෙවෙයි, දෑස නිසා එකෙත් ඉන්නවා. තව එව්වයේත්...." මම සුනිල්ව දැනුම්වත් කළෙමි. ලාල් අයියා රවීන්ද්‍ර රන්දෙනියගේ ප්‍රියාදර බිරිය ප්‍රීති සෙනෙවිරත්නවත් තැලි-පිළි පළන්දා පෝරුවේදී කසාද බැන්දේය. ඒත් චිත්‍රපටයකටය.

ලාල් අයියා අක්කර පහේදී කසාද බඳිනවා දැක්කද?
ලාල් හේවාපතිරණ! ඔන්න, ඔන්න මට මතක් වෙයි. ඒ හීනෙකින් වගේය. ලාල් අයියාගේ සම්පූර්ණ නම කොහෙදිද මගේ ඔළුවට වැටුණේ? මා කරන්නට යන්නේ ලිට්මස් පරීක්ෂාවකි. ලාල් අයියේ, මෙය කියවනවා නම් හෙම මා කියන්නට යන දෙය නිවැරැදි දැයි මට කියනු මැනවි. ජිනසිරි ලාල්මිත්‍ර හේවාපතිරණ!

ඒ ඔබගේ සම්පූර්ණ නාමයයි. මට ලාල් අයියා. අපේ අම්මාට ලාල් පුතා. ම්...ම්....ම්. අපේ අම්මාට 'මමී' කියා කතා කරන්නේ ලාල් අයියා විතරක් වගේය.

මට ලාල් අයියා මුණ ගැසුණේ ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ (FPA), තරුණ ජනගහණ කමිටුවේදීය, 1979 දී විතරය. ෆැමිලි ප්ලෑනින් එක ගැනත් තජකය ගැනත් වෙනමම කියන්නට තරම් දේවල් කන්දකි.
ලාල් අයියාත් තජකයේ ආරම්භක සාමාජිකයෙකි.
අපට කථන හා නායකත්ව පුහුණු වැඩ සටහනක් පැවැත්වෙද්දී එය මෙහෙයවූයේ ලාල් අයියාය.

මා පළමුවරට මහාචාර්ය නන්දදාස කෝදාගොඩ, දේශකීර්ති එඩ්වින් ආරියදාස, වෛද්‍ය ශ්‍රියානි බස්නායක වැනි මහත්ම මහත්මීන් හැබැහින් දැකගෙන හඳුනාගන්නේ එහිදීය. ඇයි ප්‍රවීන නිවේදිකා චිත්‍රා රංජනී අබේසිරි, මහේෂ් පැස්කුවෙල්, නන්ද පී. කළුතන්ත්‍රී...!

මට පළමුවරට මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මැතිඳුන් හමු වන්නේත් ............
පුහුණුව ලබන අය අතරේ සී.ආර්. විජේවන්ත, අනුර ජිනදාස, අසෝක කපුරුගේ, මර්වින් බොතේජු, ඩී.ඩී. පද්මසිරි, ගීතා ශ්‍රීමතී, ඉන්දිරා හෙට්ටිහේවා, අනෝමා ද සිල්වා, ටියාරා ටියුලා ද සිල්වා, සිල්වරීන් ද සිල්වා, ඩන්ස්ටන් හා මමද වීමු. ඔය මට මතක අයයි. පද්මිණී අක්කාත්, ඩයසුත් සිටි බව මතක ඇතත් ඔවුන්ගේ මුළු නම් මතක නැත. සිල්වරීන්ද මාද උඩවැඩියා පන්තියේ ඉහළම දස්කම් පෙන්නූ දෙදෙනාය.

නවසිය හැට ගණන්වලදීම මා කථික තරගෙකින් දිනා, රන් පදක්කමක් ලැබූ හැටි 'නොදෙන්න හිටි රන් පදක්කම' පෝස්ටුව කියෙව්වා නම් ඔබ දැනටමත් දනී. 
ඒ කාලයේම මා රස්සාවක් ලෙස පේව්මන්ට් එකේ දේශනා කරන තරමේ හපනෙකුවූ බවත් 'පේව්මන්ට් එකේ රජවී' කියවන විට ඔයාලා දැනගනු ඇත! 
  
හැබැයි 'කථනය කලාවක්' බවත්, උගත යුතු තරම් ශිල්ප-ශාස්ත්‍රයක් බවත්, නිති එය ප්‍රගුණ කළ යුතු බවත් මා දැනගත්තේ ඒ වැඩ සටහනට පින් සිදු වන්නටය.
කතාවක් පැවැත්විය යුතු අයුරු මෙන්ම, එය නොකළ යුතු අයුරු පිළිබඳවත් මා උගත්තේ එයින්ම බවත් කියන්නටම ඕනෑය. ඕනෑම දේකට කලාවක් ඇත. ඒක ඉගෙන ගන්නට ඕනෑ මුළාවේ නොවැටී වැඩ කරගෙන යන්නටය.

මා තජකයට (Youth එකට) ගියේ 'උඩවැඩියා' වගා කරන හැටි ඉගෙන ගන්නටය.
එදා රිවිරැස පත්තරයේ ඉතා කුඩා දැන්වීමක් පළවී තිබිණි. ඉතින් මමත්........
'රිවිරැස' පත්තරයේ ඉතා කුඩා දැන්වීමක් විය. ස්වයං රැකියාවක් ලෙස උඩවැඩියා වගාව, ඇඳුම් මැසීම හා කෘත්‍රිම මල් සෑදීම කරන්නට නොමිළේ  උගන්වන බව එහි සඳහන්ව තිබිණි. මමත් ඉල්ලුම් පත්‍රයක් දැම්මෙමි. සම්මුඛ පරීක්ෂණයකිනුත් සමත්ව පාඨමාලාව හදාරන්නට පටන් ගත්තෙමි.

ඒවා පැවැත්වුණේ යහපත් 'උගුලක්' හැටියටය කියා කීම ඉන්තේරුවෙන්ම සාධාරණය. ඔවුනට; තජකයට අරමුණු දෙකක් තිබිණි.

1. තරුණ පෙළට පවුල් සැළසුම හඳුන්වා දීම.

2. තජක වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සඳහා දක්ෂ නියමුවන් පිරිසක් හඳුනා ගැනීම.
ඒ දෙවෙනි අරමුණ සපුරා ගන්නටය අර පාඨමාලා හදාරණ 120 කින් 30 ක් විතර තෝරාගෙන 'විශේෂ පුහුණු වැඩ සටහන්' කළේ.

ඒ මටත් හරි-හමන් වැඩක් නැතිවෙමින් තිබුණු කාලයයි. විවෘත ආර්ථිකය නිසා බතික්වලට තිබුණු ඉල්ලුම සීග්‍රයෙන් පල්ලම් බහින්නට ගත්තේය. එබැවින් මට වැඩි විවේකයක් ලැබෙමින් තිබිණි. අලුත් අත්දැකීම් ලබාගන්නට මඟ බලමින් හිටි මමත් උනන්දුවෙන් පුහුණු වීමි.

ඔයාලා කීප දෙනෙක්ව තෝරාගන්නවා අපේ නායකත්ව වැඩ සටහන්වල ලෙක්චර්ස් කරන්න.....
"අපි ඔයාලා කීප දෙනෙක්ව තෝරා ගන්නවා අපේ තරුණ වැඩ සටහන්වලදී කතාවල් පවත්වන්න." ලාල් අයියා නිවේදනය කළේ සහභාගිවූ හැම දෙනාටම testing කතා පවත්වන්නට කියා අවසානයේදීය.

මුලින්ම තෝරාගත් හතර දෙනා අතර මාත් විය. "ලබන සතියේ ඔය හතර දෙනයි, අපියි යනවා ඇඹිලිපිටියෙයි, මොනරාගලයි තියෙන තරුණ වැඩ සටහන් දෙකකට. මුල් දවසේ වැඩ සටහනේදී දෙන්නෙක්ව යොදාගන්නවා. ඊළඟ දවසේ අනෙක් දෙන්නා. තේරුණානේ? 'සී'තුයි, නිමල්තුයි දෙන්නා 'තරුණයා හා නායකත්වය' ලෙක්චර් එක කරන්න ඕනේ. අනෙක් දෙන්නා පවුල් සංවිධාන සංගමයයි, යූත් එකයි අඳුන්නලා දෙන්න ඕනේ."

ලාල් අයියාගේ කතා-බහේදී අමුතු 'තුත්' කෑල්ලක් භාවිත වෙයි. ඔහුට අනුව නම් නිමලුත් 'නිමල්තුත්'ය. අනුරත් 'අනුරතුත්'ය.

මට තවම මතකය. පුහුණු වැඩ සටහනේදී අපට කියා දුන් පාඩම්, උගැන්වූ කරුණු සේරමත් ප්‍රයෝජනයට ගෙන මමත් උපරිමයෙන්ම සූදානම් වූයෙමි. මුලින්ම කෙටි සටහනක්.... තරුණයා යනු කවරෙක්ද? ඊළඟට තරුණයා ගැන නිර්වචන... ඒ ගැන වියත් මත. ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම් මහතාගේ මතය. මහාචාර්ය නන්දදාස කෝදාගොඩ මහතාගේ මතය. එඩ්වින් ආරියදාස මහතාගේ මතය .....

ඊළඟට නායකත්වය. නායකයෙක් කියන්නේ කවුද. ඔහුගේ හෝ ඇයගේ විදිය....
එක්තරා වඳුරු විශේෂයක නම් නායකත්වය ලැබෙන්නේ වලිගය හොඳටම වක්වී තිබෙන්නාටය කියාත් මගේ සටහනේ ලියාගෙන තිබිණි. මා හිතාගෙන හිටියේ ඒකට වැඩි බරක් දාන්නටය. ඒ වඳුරු වර්ගය ෆොරීන් නිසාය.

ඊ.ඩබ්ලිව්. අදිකාරම් මහත්තයා වැනි වියතුන් ගොඩ දෙනෙකුගේ මත හා ප්‍රකාශයන් ...
නියමිත සෙනසුරාදා හිමිදිරියෙන් පිටත්වී, උදේ නවයටත් පෙර අපි ඇඹිලිපිටියේ වීමු. වැඩ සටහන සංවිධානය කර තිබුණේ ජාතික තරුණ සේවා සභාවේ, යෞවන සමාජයකිනි. සභාව මෙහෙයවන මූලාසනයේ හිටියේ ලාල් අයියාය. ඒ රාජකාරිය ඔහුටම පවරා තිබ්බේ සූදානම් ශරීරේ කියලා බව අපට පෙනුණේ ඉක්මනින්මය.

පොල්තෙල් පහන් දල්වා, පිළිගෙන, සමාරම්භක කතාවලින් පසු වැඩ සටහන ඇරඹිණි.

"හෙට මාත් කරන්නේ මේ කතාවනේ. බලමු, මෙයාගෙනුත් මොකවත් අහුලා ගන්න." මම හරි-බරි ගැහී බලා උන්නෙමි. ලාල් අයියාම කථිකයා හඳුන්වා දුන්නේය. 'සී' අයියා ඔහුගේ සටහනත් ගෙන නැඟිට්ටේය.
දෙයියෝ සාක්කි! අපට උගන්වා තිබ්බේ කෙටි සටහනක් ගහගෙන එන්නටය. 'මුළු කතාවම ලියාගෙන එන්න එපා. ඒත් පුරුදු වෙනකල් ටිකක් විස්තර ඇතිව ලියාගත්තට කමක් නැහැ.' අපට සහනයකුත් දී තිබිණි. ඒත් ෆුල්ස්කැප් කඩදාසිවල?

"සභාවෙන් අවසරයි. මම සූදානම් වෙන්නේ තරුණයා සහ තරුණ නායකත්වය......" කථික මේසය උඩින් අර කඩදහි ගොන්න තියාගත් 'සී' අයියා වහලයේ උළු උඩ යවාගෙන-යවාගෙන ගියේය. විනාඩියක් ගියේ නැත. ඔහු කඩදාසි ටික අතට ගත්තේය. කියවාගෙන-කියවාගෙන ගියේය.
ඔහු කොතරම් ආවේගශීලීවී උන්නාද කියතොත්, සටහන් අල්ලාගෙන උන් අත් වෙවුලන තරම හැමෝම දැක ගත්හ.

දේශනයට විනාඩි 45ක් වෙන් කර තිබ්බත්  විනාඩි අටෙන් කතාව ඉවරය. ඉතින් මොකේදැයි දන් වළඳන්නේ?
කතාවට විනාඩි හතළිස්පහක් වෙන් කර තිබ්බත්, විනාඩි අටෙන් කතාව ඉවරය! තව විනාඩි තිස්හතක් ඉතිරිය. 'ආන්න' ලාල් අයියා ඔහුගේ ශිල්ප දැක්වූ අවස්ථාවක්!

"ඔව්. අපේ 'සී' සොහොයුරා ඉතාම සාරගර්භ දේශනයක් කළා, තරුණයා හා තරුණ නායකත්වය මැයෙන්. මං කැමැතියි ඔහු ඉදිරිපත් කළ දේශනයේ සමාලෝචනයක් ඔබ ඉදිරියේ තබන්න....." කියා පටන් ගත් ලාල් අයියා අර දේශනයම හෙමිහිට කළේය. දේශනයට විනාඩි අටයි. සමාලෝචනයට විනාඩි තිස් හතයි!

මරේ මරුය. මං ඔය සේරම බලන් උන්නේ තූෂ්ණිම්භූතවය. හෙට මට මොකද වෙන්නේ?

එදා රාත්‍රියේ අප නැවතුණේ මොනරාගල තානායමේය. හැමෝම ඇඟ-පත සෝදාගත් පසු තේ බොමින් එදා දවසේ කටයුතු ගැන සමාලෝචනයක් කෙරිණි. එව්වා සේරම කළේ එවකටත් පරිණත ලාල් අයියාමය. 'සී' අයියා ගැන සිනාමුසු විවේචනයක් කළ ඔහු, ඉන්පසු මා දෙසට හැරුණේය. "දැක්කනේ. ඔන්න හොඳ පාඩමක්, නොකළ යුතු හැටි ගැන."

මා කිසිවක් කිව්වේ නැත. මමනේ දන්නේ මගේ සූදානමේ තරම!

ෆොටෝ එකේ වම් කෙලවරේ සිටින ලලිත් එස්. මෛත්‍රීපාල මහතාත් අනුලා ඇන්ටිත් එකට අකුරු කළ උදවියයි.....
අපේ ගෙදර අය පමණක් නොව අනුලා ඇන්ටිලාගේ ගෙදර අයවත් සභාවට ගෙන්වා මම ගෙදරදී පෙරහුරුවක් කළෙමි. මට කළු ලෑල්ලක් නැති අඩුව පිරෙව්වේ අපේ ඉස්සරහ දොරයි. වැදගත් කරුණු ඒකේ ලියා, හරබර කරුණු නිවිහැනහිල්ලේ අවධාරණය කරමින් මා කළ කතාව ඉස්තරම් යැයි අනුලා ඇන්ටි සහතිකයකුත් දුන්නානේ.

අනුලා ඇන්ටි ප්‍රවීන ගුවන් විදුලි නිවේදක ලලිත් එස්. මෛත්‍රීපාල මහතාත් එක්ක එක පන්තියේ උන් හිටිවන කිවිඳියකි. (අජාසත්ත 1 පෝස්ටුවේදී මම අනුලා ඇන්ටි ගැන ටිකක් කිව්වෙමි.) එව්වා එහෙම වුණත් ඉතින්.... ඇත්තම කිව්වොත් එදා රෑ මට නින්ද ගියේ නම් අඩුවෙනි. 

අඩුවෙන් නිඳාගත්තා මදිවාට මට හීන් දාඩියත් දාන්න ගත්තේ මොනරාගල වැඩ සටහන පවත්වන ඉස්කෝලයට ගියාමය.

අප යනවිටත් ගොඩ දෙනෙක් ඇවිත්ය. තවත් අය එමින් සිටිති. අනේ, කාටවත් අපහාසයක් කරනවා හෙම නොවේ. ඇත්ත ඇති හැටියෙන් කියනවා විතරය. එදා ගොඩ දෙනා ඇඳගෙන එන ඇඳුම්වලින්ම මගේ කතාව ඔවුන්ට අල්ලන්නේ නැති වෙන බව මටම තේරිණි. වැඩි දෙනා ඇඳගෙන ඇවිත් තිබුණේ සරොම්ය. කලිසම් ඇඳගෙන හිටියත් කමිස බොම්බයි මොටයි පාටය, එක්කෝ ලා කෙහෙල් දලු පාටය. නැත්තම් ..... ගවුනුත් එහෙමය. පිටින් බලද්දී නම් එන පොට හොඳ නැත! කෙල්ලව ගෙට ගත යුතුය!

හැබැයි, ඒ එදාය, 1979 විතරය. අද? සිදාදියේ අයට දෙවෙනි නොවන්නට ඔවුහු අඳිති, පළඳිති, මෝස්‌තර කරති. පිටින් නම් එහෙමය. ඇතුළෙන් කොහොමදැයි කියලා නම් මා දන්නේ නැත.

චරිත් සුදර්ශන බඩල්කුඹුරේ හාදයෙකි. අසංක ලක්ෂ්මන් බිබිල පිටකුඹුරේය. දෙන්නාම කුඹුරුවල වුණත්...
මේ ඉන්නා චරිත් සුදර්ශන මොනරාගල බඩල්කුඹුරේ හාදයෙකි. දෙවෙනියා අසංක ලක්ෂ්මන්ය. අසංක බිබිලේ, පිටකුඹුරේය. මොණරාගලටත් වඩා ඈත හාදයෝ දෙන්නෙකි. (මගේ මිතුරන් වන ඔවුහු එකිනෙකා හමුවෙලාත්, හඳුනාගෙනත් නැත.) ඒත් ඒ දෙන්නාම එදා මා මොනරාගලදී දුටු අයට වඩා ගවු ගණනාවක් ඉදිරියෙන් හිඳිති.

"කතාවක් කරනකොට මුලින්ම පටන් ගන්න ඕනේ ඉතාම සිත් ගන්න විදියකට.
මට මතක්  වෙනවා හොඳ උදාහරණයක්. එතකොට ටී. බී. තෙන්නකෝන් මහත්තයා තමයි සමාජ සේවා ඇමතිතුමා. එතුමාට ආරාධනයක් ලැබුණා රත්මලානේ අන්ධ විද්‍යාලයෙන්. එහෙ තියෙන විශේෂ උත්සවයකට සහාභාගී වෙලා කතාවකුත් පවත්වන්න.

-හැබැයි එදාම එතුමාට තව රාජකාරියකටත් යන්න තිබුණා. ඉතින් තෙන්නකෝන් මහත්තයා එයාගෙ ලේකම්තුමාට පැවරුවා අමාත්‍යාංශය නියෝජනය කරමින් අන්ධ විද්‍යාලයේ උත්සවයට යන එක.

-ඔන්න ලේකම්තුමාට කතාවකුත් කරන්න වෙනවානේ. එයා උපාධිකාරයෙක්. පිටරටත් ගිහින් ඉගෙනගෙන තියෙන කෙනෙක්....." මොනරාගලදී මට මතක් වුණේ අපේ පුහුණු වැඩ සටහනේදී එඩ්වින් ආරියදාස මහත්තයාගේ දේශනයකදී කියවුණු කතාවක්. ඉතින් මෙහෙමයි ඉතිරි හරිය...

එඩ්වින් ආරියදාස මහත්තයා එතැනින් කතාවට විරාමයක් තියලා ප්‍රශ්නයක් ඇහුවා!
"දැන් ලේකම්තුමා දන්න දේවල් ඔක්කොම එකතු කරලා බොහෝම සාරගර්භ දේශනයකට කටු සටහනක් හදා ගත්තා. ගියා උත්සවයට. එයාට කතාව තියෙන්නේ අන්තිමටනේ.

එයා හොඳට සභාව දිහා බලන් හිටියා.

-කිසිම ප්‍රතිචාරයක් නැහැ. අන්ධ අය නිසා අඩුම තරමින් එයාලා බලාගෙන ඉන්න අහ මොකද්ද කියලාවත් තේරුම් ගන්න බැහැනේ.

- ඔන්න එයාගෙ කතාවට වෙලාව ළංවෙද්දී ඇමතිතුමා ආවා. ඇමතිතුමා එයාට කියලයි තිබුණේ අන්ධ විද්‍යාල උත්සවයට එන්න උපරිමයෙන් වෑයම් කරන බව.
දැන් මනුස්සයත් බලාගෙන ඉන්නවා ඇමතිතුමා මොනවා කියාවිද, හොඳටම උදාසීන සභාව කොයි විදියට ප්‍රතිචාර දක්වයිද කියලා. ඇමතිතුමා කතාවට නැඟිට්ටා...."

එඩ්වින් ආරියදාස මහත්තයා එතැනට විරාමයක් තියලා ඊට පස්සේ, පුහුණුවන්නට ගිහින් හිටි අපට ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

කොහොමද කතාව පටන් ගන්න ඈත්තේ?
"කොහොමද ඇමතිතුමා කතාව පටන් ගන්න ඇත්තේ? උත්තරේ හොයාගන්න ලේසිවෙන්න මෙන්න හිච්චි රුකුලකුත්. එතකොටම අර අන්ධ අය සේරම එක පාරම පිබිදිලා ආවා වගේ ඇමතිතුමාගේ පැත්තට හැරෙන්න පටන් ගත්තා."

ඔන්න ඔයාලා හැමෝටමත් මොළේ කුලප්පු කරගන්න ඉඩක් දීලා, අදට අතරමඟින් නවත්තනවා. බායි!

4 comments:

  1. ප්‍රතිචාරයට ස්තුතියි!

    ReplyDelete
  2. ඇත්තටම කොහොමෙයි ඇමතිතුමා කතාව පටන් ගත්තෙ ? සීනුවක්වත් ගහලද ?

    ReplyDelete
    Replies
    1. කණ්ඩා, ඔයාටම උත්තරේ ලැබෙයි, ඊළඟ කොටසින්.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්