li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, January 20, 2019

දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස

ඒබ්‍රහම් මාස්ටර් ටිකාක් විතර මසුරුය. පස්සේ දැනගත් විදියට එයා වෙස්සන්තර කෙනෙකු නොවේ; අදින්න පුබ්බකයෙකි. නමුත් එදා නම් ලෝස් නැතිව ‘දුප්පතාගෙ හිතවතා’ වුණේය. ඒ ඔහුගේ ගීත අහන්නට, රස විඳින්නට රුචි පිරිසක්, ඕර්ඩියන්ස් එකක් අපේ නිවසේ රැස්වී හිටි නිසා විය යුතුය.


බැප්ටිස්ට් ප්‍රනාන්දු  දුප්පතාගෙ හිතවතා වුණේ ...........
වර්ණකුලසූරිය මහලේකම්ගේ ජෝන් බැප්ටිස්ට් ප්‍රනාන්දු ‘දුප්පතාගෙ හිතවතා’ වුණේ 1974 දීය. එහෙම වෙන්නට කලින් හැමදාමත් දුෂ්ටයා වුණේ බැප්ටිස්ට්ය.

1965 ඔක්තෝබර් 7 වෙනිදා පෙන්වන්නට පටන් ගත් ‘සත පනහ’ සිංහල සිනමාවේ 123 වෙනි චිත්‍රපටයයි. ඒක බැලූ දවසේ ඉඳන්ම බැප්ටිස්ට් මගේත් පරම හතුරෙක් වී හිටියේය. එහෙම වුණේ මගේ විතරක් නොවේ. ගොඩ දෙනෙකුගේය. බැප්ටිස්ට් වුණත් ඒ බව හොඳින් තේරුම් අරගෙන හිටියේය. 

කවුරුන්වත් සුදු චරිතයක් තමාට නොදෙන තැන, බැප්ටිස්ට්ම චිත්‍රපට නිෂ්පාදනය කරන්නට පටන් ගත්තේය. ඒත් මුලින්ම අවදානමක් ගන්නට ලැහැස්ති නොවී 1972 දී ‘සහනය’ නිපදවද්දීත් දුෂ්ටයා වුණු එයා ‘වීරයා’ විදියට කරළියට ආවේ ‘දුප්පතාගෙ හිතවතා’ වෙමිනි.

එතැන් සිට බැප්ටිස්ට් ප්‍රනාන්දු ජයග්‍රාහී ගමනක් ගියත් පසුව පරාජය වුණේ ‘වැඩි පොලී ගෙවන මුල්‍ය සමාගම්වල’ පිහිට හොයන්නට ගිහින්ය. 

ලක්ෂෙට කොඩි දමාගෙන උන් බැප්ටිස්ට් ප්‍රනාන්දු ඉක්මනින් සල්ලි පැටව් ගස්සන්නට ‘ගෝල්ඩන් කී සමාගමේ’ ගෙඩි රුපියල්වලින් 137 ලක්ෂයක්ම තැන්පත් කළේය! සමාගමට කෙළවෙද්දී තැන්පත්කරුවනටත් කෙළවුණේය.

සිරි ලංකාවේ ඔය සෙල්ලම වුණේ වරක්-දෙවරක් විතරක් නොවේ. තැන වෙනස් විණි. සමාගමේ නමත්, අයිතිකරුවනුත් වෙනස් විණි. තැන්පත්කරුවනුත් වෙනස් විණි. 

ඒ මොනවා වුණත් අපේ සම+හරක්.............
සක්විති වුණත්, කළුතොට වුණත්, ඊ.ටී.අයි. වුණත්, සණස සමූපකාර වුණත් ඒ හැම තැනම ලොක්කෝ පොංගල් කෙළියෝය; දහස් ගණන් දුප්පතුන් අමාරුවෙන් ඉතිරි කරගෙන තිබූ සකල සේසතටම විද්දෝය. හැමවිටම උන් බේරෙයි. වින්දිතයන් තවත් විඳවන්නට ඉතිරි වෙයි. ඒත්, එහෙම දේවල් පෙනි-පෙනීත් අපේ සම+හරක් අදත් රැවටෙති. හෙටත් රැවටෙනු ඇත!   

ඉතින් එදා අබරන් මාස්ටර් අපේ ගෙදරට නමෝවිත්තියෙන්ම සම්ප්‍රාප්ත වුණු දවසේ; දුප්පතාගෙ හිතවතා වෙමින් තේ බොන්නට දේවල් ගෙන්නූ දවසේ, අපි හැමෝමත් ‘සත පනහේ’ සිංදුවක් සර්පිනා වාදනය එක්ක කිව්වෙමු! කිව්වෙමු කියලා කියන එකට වඩා පහත් ක්‍රියා පදයක් ඒකට නැති නිසාය මං එහෙම කියන්නේ. 

සර්පිනා වාදනයත් එක්ක අපේ ගායනය ඇහුණේ දෙල් කොළ ගොඩේ හරක් යනවා වගේ වෙන්නැතිය!

හැටහයේදී, අදට 53 අවුරුද්දකට කලින් අප කියූ ඒ සිංදුව; හර්බට් එම්. සෙනෙවිරත්න පබැඳූ ඒ ගීතය අදත් නිබඳව කියවෙයි. ‘චන්ද්‍රා මෙ රෑ පාය ආවා - හර්දේ පෙමෙන් නාව-නාවා’.

සිංදුවක් කියන එකෙත්, සිංදුවක් ගයන එකෙත් වෙනසක් තියෙන බව ඒ වනවිටත් මා දැනගෙන හිටියේ නැත! අජාසත්ත පිරිවරේ අනෙක් අය මටත් එහාය. 
“හැබැයි ගුණේ, ටීටර් එකේ සිංදු ටික නං හොඳට ප්‍රැක්ටිස් කරවන්න වෙයි වගේ!” ගායනය ගැන උගත්; හැකියාවකිනුත් සන්නද්ධවී හිටි අබරන් මාස්ටර් අපේ ගායනය අමාරුවෙන් අහගෙන හිඳ, ප්‍රීති ප්‍රමෝදයෙන් මුහුණ ඇඹුල් කරගෙන තාත්තාට කිව්වේය! 

දේවාර් සූර්යසේන - දේවාර්, සුනන්ද මහෙන්ද්‍ර හා BBC එකේදී............
“ටීටර් එකක් මිනිස්සුන්ට අල්ලලා යන්නේ ඒකේ සින්දු ටික නැඟලා යනවා නං විතරයි. කොච්චර හොඳට ඇක්ට් කළත් වැඩක් නැහැ.”

අපේ තාත්තාත් හොඳ ගායකයෙක් නොවේ. තාත්තා දැනගෙන හිටියෙත් සින්දු දෙකකි. 

‘වීර මලේ රොන් ගෙන යන්නා’ එකකි. එය දේවාර් සූරියසේන ගායනා කළ එකකි. අනෙක ‘අම්මෙ උඹේ රස බත කාලා - කන්නෙ කොහොම බතල තම්බලා’ය. අවුරුදු කිහිපයකට කලින් වික්ටර් රත්නායකයනුත් මේ ගීතය යළි ගැයුවා මට මතකය.

එදා අපේ තාත්තා නම් ‘වීර මල’ ගැන වගේ-වගක් නැතිව ‘චන්ද්‍රා මෙ රෑ’ නොව මහ දවල් පායන හැටි අහගෙන උන්නේය. අපේ කඨෝර ගීත ගායනයටත් වඩා තාත්තාගේ හිතට වද දෙමින් තිබෙන්නට ඇත්තේ වියදම් ප්‍රශ්නයයි. විධුර නාට්ටිය කරන්නට ගත්තොත් දරන්නට වෙන වියදම.......? නළු-නිළියන් තිහක් විතර එක්ක?

“මාස්ටර්. අපේ අජාසත්ත එකට ආධාර එකතු කරන්න මේ කොල්ලෝ මහරගම හතර වටේ ගියා. මාසයක් විතර කාල්ගාලා කාල්ගාලාත් එකතු වුණේ රුපියල් හැටගානයි. විධුර එකට කැරැක්ටර්ස් තිහක් විතර තියෙනවානේ. ප්‍රැක්ටිස් කරන්න යනකොටත් ලේසි වෙන එකක් නැහැ. තේ එක ගණනේ දුන්නත්.... තිර... ඇඳුම්?” අපේ තාත්තා එදාම අබරන් මාස්ටර්ට කිව්වේය.

“අයියෝ ගුණේ. ඕවත් ප්‍රශ්නද? අපි ටවර් එකේ ටීටර් නැටුවේත් පුළුවන් තරම් පිරිමහලා, උඹ දන්නවද? ඇඳුම්-මාල-වළලු ලාබෙට හදාගන්න හැටි මං උඹට කියල දෙන්නම්. 
නාට්ටියට එන කොල්ලො-කුරුට්ටන්ට කියලා දැන් තියාම රබර ඇටයි, සිගරැට් පෙට්ටිවල ඇතුළේ තියෙන ඊයම් කොළයි එකතු කරෝපං. රබර් ඇට, ඊයම් කොළවලින් දවටලා අරන් හදපු මාල ලයිට් එළිය වැදිලා දිස්නේ දෙන්නේ රත්තරංවලටත් වැඩිය එළියට. 
දෝතියට අඳින්න කොයි ගෙදරින්ද සාරියක් දෙකක් හොයාගන්න බැරි?”

තුන් වේලම හයින්-හාමතේ ඉන්නා අසරණයන් වාගේ............
අබරන් මාස්ටර් එව්වා කියද්දී දකින්න තිබ්බේ අපේ තාත්තාගේ මුහුණය. ඒකේ තිබුණු අජූවය. “ඒ මනුස්සයා තවම ඉන්නේ අටසිය ගණන්වල වගෙයි. ඒ මදිවට කුණුකම. ඉච්චිකමටත් සීමාවක් තියෙන්න එපැයි! හරියට කන්නවත් නැති තුන්වේල හයින් හාමතේ ඉන්න මිනිස්සු වගේ ඔහේ ඉන්නව ඇති පොදි ගගහා!

එදා තාත්තා එහෙම කියද්දී මට හිතුණේ ‘මෙහෙම මිනිස්සුත් ඉන්නවාද?’ කියලාය. අපොයි, අදත් ඉඳිති. හෙටත් හිඳිනු ඇත. දැන් නම් මම ඒ බව නිසැකවම දන්නෙමි.

එක-එක පන්නයේ යහළු-මිත්තරයන් සෙට් වෙන තැන්වලට යද්දී හොඳ-හොඳ දේවල් මටත් දැකගන්නට පුළුවන් වෙයි. නොබී ඉන්නා නිසා, හොඳ සිහියෙන් ඉන්නා නිසා හුඟක් දේවල් දකින්නට වගේම තේරුම් ගන්නටත් මට ඉඩ ලැබෙයි. 
එහෙම දුටු විදිහට, මං කතා කරන්නේ නැති-බැරි අය ගැන නෙවේ. ඇති-හැකි අය ගැනය.

එහෙම එක යහළුවෙකුගේ ගෙදරදී හැමදාම වගේ කටගැස්මට තියෙන්නේ තැම්බූ බෝංචි කරල්, කැරට්, අර්තාපල් තීරු හා ගෝවා කොළයි. වැඩියෙන් තියෙන්නේ ගෝවාය. 
බොන්නන් දහ දෙනෙකු හිටියත් පුංචි තට්ට තසිම් දෙක තුනකට අර තම්බපු එළවලු සීරුවට අතුරලා, ගම්මිරිස් කුඩුත් ඉහලා අරන් එයි. ඒ වගේම පැතලි තසිමකට බැදපු කඩල හරි මුරුක්කු හරිත් දාගෙන එයි. ඒ සේරම ජාති එකට එකතු කළත් තුන් දෙනෙකුට මදිය. 

එහෙම ‘සම්භාරයක්’ ගේන්නෙත් සවුදම් ගහමිනි. “එළවලු බයිට් එක නියමයි. මගේ favourite.” එයා මිත්තරයන්ටත් නිර්දේශ කරයි!

“අම්මගෙ ෆේවරිට්. මේකා තරහ වෙන නිසා එනවා මිසක් ආයේ මෙහෙ පස් පාගන්න හිතෙන්නේ නැහැ. වියදම් කරන්න ලෝබ නං මේ මඟුල් නොකර නිකං ඉන්න ඕනේ.”
“මූ මචං, රියල් කුණා. හැමදාම මෙහෙමයි!”

තුන් දෙනෙකුටවත් මදි තරමේ එළවලු බයිට් තසිමක් දහ දෙනෙකුට........
“අර තට්ට දීසියේ තියෙන බෝංචි ටිකයි, කැරට් ටිකයි එක රවුමක් යන්නවත් ඇතිද බං. ඒවා හිස්වෙලා තිබුණත් මූ ඉන්නවනේ නොදැක්කා වගේ!” 
එයාගේ හිතවත්තු මෙතැන ලියන්නට බැරි කමෙන්ට්ස් පවා සපයති. හැබැයි ඒ සේරම කියවෙන්නේ, එයා නැති තැනදීය. 

ඒත් කෙනෙකුට ‘දොරක හඬත් පඩයක හඬත් වෙන් කොට හඳුනා ගන්නට බැරිද?’ 
යහළුවන් පාස් කරන හින්ට්ස් තේරෙන්නේ නැතිද? අනේ! ඒ මනුස්සයාට එහෙම දේවල් නොතේරෙනවාද, බබා හුකුම් පාට් පෙන්නනවාද කියලා නම් මට තේරෙන්නේ නැත. 
හැබැයි, ඒ හාදයා අනුන්ගේ තැන්වලදී bite එක diet එක කරගෙන ඒ දීසි හිස් කරන්නේ තරහෙන් වගේය!

අපරාදේ! ඒබ්‍රහම් මාස්ටරුත් එහෙමද කියා බලාගන්නට මට ඉඩ ලැබුණේ නැත. 

ඒ කාලයේ මඟුල් මේසයකටවත් මත්වතුර බෝතල වැඩම්මුවේ නැත. ඒවා සූජානං කළේ වෙනම කාමරයකය. බොන ඇත්තෝ හීන් සීරුවේ එතැනට රිංගති. ටිකක් සප්පායම්වී, මුහුණ ඇඹුල් කරගෙන, කට පිහ දමමින් එළියට එති. එහෙම කාලයක හින්දාදෝ අබරන් මාස්ටර් අපේ ගෙදරට බෝතලයක් ගෙනාවෙත් හංගා ගෙනය. එයයි, තාත්තායි ‘මජ්ජපානා’ සමාදන් වුණෙත් රහසින් වගේය.

එයාලාට කටගැස්ම වුණේ ............
වැඩිහිටියන් කන-බොන, කතාබහේ යෙදෙන වෙලාවට අපට එතන ඉඳීම තහනම්ය. හැබැයි, දොරත් උළුවස්සත් අතරින් බලාගෙන ඉන්නටත්, හොරෙන් කන්දීගෙන ඉන්නටත් තහනමක් තිබුණේ නැත.

එහෙම බලලාත් මට නම් පෙනුණේ එයාලා බොනවා විතරක් බවයි! ඒ වෙලාවටත් එයාලට කටගැස්ම වුණේ ටීටර්ය; නාට්ටිය!!                            

“.....උඹ දන්නවද ගුණේ. නියම ටීටර්කාරයෙක් නම් කොහොමද කියලා? මේ කොල්ලොන්ටත් කියලා දෙන්න ඕනේ ස්ටේජ් එකේ ඇවිදින විදිය හිට. මෙහෙමයි. වම් කොණේ ඉඳලා දකුණු කොණට ගියොත් දකුණටයි හැරෙන්නේ....... 
දකුණේ ඉඳලා වම් පැත්තට ගිහින් හැරෙන්න ඕනේ වමට. කොයියම්ම වෙලාවකවත් ඕඩියන්ස් එකට නළු-නිළියන්ගේ පස්ස පැත්ත පෙන්නන්න බැහැ! 
මට පුළුවන් පිටිපස්ස හෙළුවෙන් තියෙන්න ඇන්දෙව්වත්, ඕඩියන්ස් එකට ඒක නොතේරෙන්න stage එකක් උඩ ඇට් කරන්න.” කිහිප විටක්ම අබරන් මාස්ටර් ඒ පාඩම කරලාත් පෙන්නුවේය.

අජාසත්ත පුරුදු කරවද්දීවත් අපේ තාත්තා එහෙම දේවල් අපට කියාදී තිබ්බේ නැත. එහෙම වෙන්නට ඇත්තේ තාත්තා නාට්‍යකාරයෙක් මිස ටීටර්කාරයෙක් නොවුණු නිසා වෙන්නට ඇත.

ඒ වෙද්දී මං දැකලා තිබුණේත් එකම එක නාට්‍යයක් විතරය. ඒකත් අපේ ඉස්කෝලේ; විද්‍යාකර විද්‍යාලයේ නාට්‍යයකි. 
නම නං මතක නැතත්, කතාව හොඳට මතකය. ඒකටත් හේතු දෙකකි! 

එක, අපේ අම්මාත් ඇය වගේ යැයි කීමය. 

පත්තරවලින් මනමේ, හරිම බඩු හයක් වගේ.........
දෙක, ‘කථා සරිත් සාගරය’ පොතෙන් ඒ කථාව කියවන්නටත් කලින් අපේ ආච්චී මට ඒක ‘පණ පිහිටුවලා’ කියාදී තිබීමය. සාවිත්‍රී! (ඒ කතාව ‘වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා, පළමුවෙනි කොටසේ ලියා ඇත.)

නාට්‍යය වැඩියත්ම මගේ හිතට ඇල්ලුවේ මීට කලිනුත් කියා ඇති hut එකේ මුදලාලිගේ පුතෙක් ඒ නාට්‍යයේ ‘සත්‍යවාන්’ චරිතය රඟපෑ නිසාය. පාරේදී දකින විට කිසිම විශේෂයක් නොපෙනුණු ඒ තරුණයා කුමාරයෙකුට ඇඳලා හිටිය උජාරුව..... විභූතිය, මට තවම මතකය. අජාසත්ත එකේදී අපව පේන්නට ඇත්තෙත් එහෙමය. දිලිසි-දිලිසීය!

නාට්‍ය ගැන කියද්දී පත්තරවලින් නම් ‘මනමේ’, ‘හරිම බඩු හයක්’ වගේ නාට්‍ය ගැන කියවලා තිබුණත් ඒවා බලන්නට තියා, බලන්න යන්නට හිතන්නටවත් අපට වත්කමක් තිබ්බේ නැතිකොට මොන නාට්ටිද? 

පේව්මන්ට් එකේ රජවී’ පෝස්ටු කිහිපය කියවා ඇති ඔයාලාට, ඒ සන්දියේ අපේ දුප්පත්කම හොඳටම මතක ඇතිවාට සැකයක් නැත. 

ආයේ ඒ ගැන කිව යුතු නැත්තේ ඒ හින්දාය. ඊටත් මහරගම නාට්‍ය පෙන්වන්නට තිබුණේ ඉස්කෝල ශාලාවල් විතරය. මගේ මතකය හරි නම් අහම්බෙන් හරි නාට්‍යයක් ප්‍රදර්ශනය කෙරුණේ ‘ට්‍රේනිං කොලේජ් - ගුරු විදුහල්’ ශාලාවේය.

එරන්දතීගේ පාට් එකට නම් උඹේ කොල්ලා........
“හරි ගුණේ, මං තව දවස් කීපෙකින් ආයෙම එන්නං. ඊට කලින් උඹට ලොකු වැඩක් කරන්න වෙනවා. ඉස්සෙල්ලත් මං කිව්වේ. විධුර එකට රජවරුම පස් දෙනෙක් ඉන්නවා. එතකොට පූර්ණක යක්ෂ සේනාධිපතියටයි, විධුර පණ්ඩිතයාටයි දෙන්නෙකුත් ඕනේ. මේකා හොඳයි පූර්ණකට.” අබරන් මාස්ටර් එදාම නළුවරණයත් කරන්නට පටන් ගත්තේ එහෙමය. බන්දුල ජයකොඩි දිහා බලලාය.

අජාසත්ත කුමාරයාට රඟපෑවෙත් බන්දුලය. අපේ එකම නාට්‍යයකවත් බන්දුල මෘදු, කරුණාබර චරිතයක් රඟපා නැත. බන්දුට තිබුණේ රළු, නපුරු පන්නයේ කටහඬකි. දැඩි ගතියක් තිබුණු බන්දුට පෙම් චරිත ඇල්ලුවේම නැත!

“..... උඹේ කොල්ලා නම් එරන්දතීගේ පාට් එකට හොඳට මැච් වෙනවා. ඌ බිම්බිසාර දේවියට අන්දවලා හිටිද්දී මමත් රැවටුණා ගුණේ, ඇත්තටම කෙල්ලෙක් කියලා. ඒත් තවත් ගෑනු පාර්ට් එකක් මේකට තියෙනවා. වරුණ නාග රජ්ජුරුවන්ගේ බිසවගෙ කොටස. විමලා දේවිගේ කෑල්ල. එකට හරියන්නත් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි හොයාගන්නම වෙයි, ගුණේ.”

අජාසත්ත නාට්‍යයේ එක දර්ශනයකදී බිම්බිසාර දේවිය වුණු පමණින්ම ජයන්ති අක්කා රඟපාන්නට බැරි බව තේරුම් ගෙන හිටියාය.

මෙහෙම ආ අයගෙන් හොඳම උනන්දුවෝ දෙන්නා.............
ඒ වනවිට අපට එකතුවී හිටි අයගෙන් ලොකු චරිතයකට ගන්නට තවත් ඉතිරිවී හිටියේ ‘සුදු මල්ලී’-සමරසිරි විතරය. (සමරේ ගැන ‘මීන සංහාරය’ පෝස්ටුවේ ඇති පදම් කියලා තිබේ.) මෙතනදීත් ප්‍රශ්නය නිරාකරණය කරන්නට ඉදිරිපත් වුණේ සමරසිරිය. අපේ නඩයේ අයගෙන් උස-මහතට, සුදට, පෙනුමට හිටියෙත් සමරේය.

අබරන් මාස්ටර්ට නම් සමරසිරිව හිතට අල්ලලා තිබුණේ නැත. තාත්තා මට ඒක කිව්වේ එදා රාත්තිරියේය. “සමරේගේ වොයිස් එක නාට්‍යකාරයෙකුට හරි යන එකක් නෙවෙයිලු. මාස්ටර් කියනවා එයාලා ටවර් එකේ නටද්දී, මයික් නැතිව වුණත් හෝල් එකේ අන්තිම පේළියේ ඉන්න අයටත් ඇහෙන්න කතා කරනවාය කියලා. නැත්තං සමරෙගේ පෙනුම විධුර පණ්ඩිතයන්ට ගැළපෙනවා. මිනිහව ඒ කොටසට ගම්මු කියලා කිව්වමයි, මාස්ටර් ඔය ටික කිව්වෙත්!”

“ගුණපාල අයියේ, මං බුවෙනකබා ඉස්කෝලේ කොල්ලෝ ටික දෙනෙකුට පණිවිඩේ දෙන්නං. එතකොට ටික දෙනෙක් හරි හොයාගන්න බැරියැ.” සමරසිරි කිව්වේය. කියලා නිකං හිටියේ නැත. දවස් කිහිපයකදීම ගැටවරයන් තුන් -හතර දෙනෙකු කැන්දාගෙනත් ආවේය.

පමුණුවෙන් රංජිත් ගුණසේකර හා පද්මසිරි, කොටිකාවත්තෙන් නිහාල් ලියනගේ හා තිස්ස, මහරගමින් සිරිසේන කරන්නාගොඩ එහෙම පැමිණි පිරිසයි. වත්තේගෙදර නාලන්දාරාම පන්සල අසල පදිංචිව හිට ආ ‘චූටි’ගෙ හැබෑ නම තිස්සද කොහෙදය.

කොච්චර අතීතය කාල් ගෑවත් ‘ශක්‍ර දේවේන්ද්‍රයාටත්, ගරුඬ රජ්ජුරුවන්ටත්’ රඟපෑ දෙන්නාගේ නම් මට මතක් වෙන්නේ නැත.

එතකොට ලංකාවේ හින්දි පිස්සුව තිබුණේ...........
මෙහෙම ආ අයගෙන් හොඳම උනන්දුවෝ දෙන්නා රංජිත් අයියාත්, සිරිසේන අයියාත්ය. එයාලා තව-තවත් අය හොයා ගෙන ආවෝය.

පසු කාලයකදී හින්දි නිවේදකයෙකුවූ ‘කළු නිහාල්’ව අපේ ගෙදරට එක්කං ආවෙත් ඔය කාලයේය. 

එතකොට ලංකාවේ හින්දි පිස්සුව තිබ්බේ යන්තමිනි. මහරගම, නැෂනල් තියටර් එක ළඟ අතුරු පාරේ හිටි නිහාල් උනන්දුවෙන් හිටියෙත් රඟපාන්නට නොවේ; නිවේදන කටයුතු කරන්නටය.

අපේ තාත්තා මිනිහාව විධුර චරිතයට ගන්නට තැත් කළත් ඒකත් හරි ගියේ නැත්තේ එයාගෙත් කටහඬ ‘මදි’ නිසාය. 
“බැහැ, බැහැ ගුණේ. ඔහොම කළු හාදයෙක්ව විධුර පණ්ඩිතයන්ට? ඒක හරියන්නෙ නැහැ බං. විධුර පණ්ඩිතයන් වහන්සේ කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ. ඒ කැරැක්ටර් එකට දාන්න ඕනේ පිං පාට උතුරණ හාදයෙක්ව බං. මේකා නිකං කාපිරි කුමාරයා වගේනෙ.” 
අබරන් මාස්ටර් එහෙම කිව්වාම නම් අපේ තාත්තාටත් කේන්ති ගිහින්ය. ඒත් එව්වාට වග-උත්තර කිව්වේ මගෙත් එක්කය.

“එයා කියන විදියට නළුවෝ හොයන්න නම් අලුතින් ජාතක කරලා උපද්දන්නයි වෙන්නේ!”

ඉතින්, ඔය වගේ ජාතකේ ජාතකය ගැන කතා තව ඉස්සරහට තියෙනවා, හොඳේ.

3 comments:

  1. //කථා සරිත් සාගරය
    මේ ඩේවිඩ් කරුණාරත්න මහත්තයාගේ පරිවර්තනය නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් සිරිබිරිස් උන්නැහේ, 1964 දෙවෙනි මුද්‍රණයේ පොතක් තමයි මං ළඟ තියෙන්නේ.

      Delete
  2. බයිට් කිව්වම මතක් උනේ එදා නිමල් අයියලගෙ ගෙදර සෙට් උන දවසෙ තමා දවස එදා ඒක බයිට් එකක් නෙමෙයි තනිකරම ඩයට් එකක හම්බ උනේ ... එහෙම කරල අන්තිමට බුෆේ එකකට එහා තිබ්බ ඩයට් එකට වග කියාගන්න බැරිව තිබ්බ දුක දන්නෙ අපිනෙ ... තාම මාළු බොකු කරිය මතක් වෙනකොට කෙල උනනවා :-D

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්