li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, August 22, 2020

කපුටු ගෙත්තම නං.... - පළමුවෙනි කොටස

පුදුමාකාර විදිහට අහම්බයන් කීපයක් එකට කැරලිලා......

හිතාදර තුෂාරි නංගී,

ගිය සතියේ අඟහරුවාදා; (අගෝස්තු 11 වෙනිදා) ඔයා අපේ ගෙදරට ඇවිත් ගිය දවසේ නම්, හීනෙකින්වත් හිතුවේ නැහැ මට මෙහෙම ලියුමක් ලියන්න හිත දෙයි කියලා. ඒත් ඉතින් අපි හිතන දේවල් නෙවෙයිනෙ වෙන්නෙ. පුදුමාකාර විදිහට අහම්බයන් කිහිපයක් එකට කැරලිලා, මේ ලියවිල්ල නොලියා බැරි තැනට වැඩ සිද්ද වුණා.

මේ සේරම පටන් ගත්තේ අඟහරුවාදා උදේ අපේ ගෙදර ටෙලිෆෝනය බෑඟිරි ගෑමෙන්.

“Nimal අයියේ,ඔයා අද ගෙදර ඉන්නවද?”

ඔයා මට කතා කළේ ගොඩ කාලෙකින්. දැන් මම ගෙදරින් එළියට බහින්නේ කලාතුරකින්ය කියලා ඔයා දන්න එකක්යැ? ‘පුක කැඩුණු කඩි’ සෙයියාවෙන්, දුව-පැන ගිය ‘මිස්ටර් කලබල’ කෙනෙක්නෙ ‘පියසිරියෙත්’, ‘විදර්ශන ප්‍රකාශන’ එකේත් වැඩ කරන කාලෙ හිටියේ. (ඊටත් අවුරුදු ගණනාවකට පස්සෙනේ මං ලෙඩ වුණේ; කලබල ගතිය අතුරුදහන් වුණේ; ඒකත් වුණේ ඇඟෙන් විතරයි; හිතෙන් නෙවෙයි.) මං ඒ වැල්වටාරං ඒ වෙලාවේ ඔයාට කිව්වෙ නෑ. 

“ඔව් තුෂාරි නංගී. දැන් ඉතින් වැඩිම හරියක් ගෙදරම තමා ඉන්නේ.....”

අපි එහෙමයැ? මළ ගෙදරකදිත් ශෝක mood නොගහා හිනා වෙවී...

“අනේ අයියේ, ඔයාව බලන්න එනවයි-එනවයි කියල කිව්වට, අද වෙනකං එන්න ඉඩක් හම්බ වුණේ නැහැනේ. අද අපි එන්නයි හදන්නේ.... සුහාෂිටත් එන්නම ඕනිලු නිමල් මාමව බලන්න.”

“ෂෝක්... එන්න, එන්න....” මං හිතන්නේ එවෙලේ මට දැනුණු සතුට මගේ කටහඬේ තියෙන්නැති. කොච්චර එකක්ද ඔයා, සුහාෂි වගේ අයව දකින එක.... කතාබහ කරන එක.... අවුරුදු දහයකට විතර පස්සේ......ඔයාවයි, ජනකවයි, විදූෂිවයි නම් අවුරුදු දෙකකට ඉස්සෙල්ලා Book Fair එකේදීත් දැක්කේ. ඒ විතරය.... එදා ඔයාලා අලුත්ම විදර්ශන ප්‍රකාශන ගොඩාරියකුත් pack කරලා දුන්නේ සල්ලිත් ගෙවන්න ඉඩ නොදී.......   

ඔයාට නම් මතකයිද මන්දා. මුලින්ම නම් මම ඔයාලට එච්චර හිතවත් වුණේ නැහැ වගේ.

දන්නවනේ, ජනක ඉනිමංකඩ මහත්තයා හිනාවෙන්නේ අතින් වියදම් වෙනවා වගේනෙ. එයාට කලාතුරකින් තමයි නයිට්‍රස් ඔක්සයිඩ් (Nitrous oxide) වාතය වදින්නේ. අපි එහෙමයැ? අපි කිව්වේ ඔයා- මං එහෙම. මළ ගෙදරකදිත් ශෝක mood නොගහා, හිනාවෙවී ඉන්න ජාතියෙනේ...

ජනකගේ ‘බකුසු මූණ’ හින්දම වෙන්න ඇති, අපි හඳුනාගත්තු මුල් කාලේ මට එච්චරටම සමීප බවක් නොදැනුණේ. තවමත් මට ලජ්ජා හිතෙන වැඩකුත් වුණේ ඒ නිසාම වගෙයි. ජනක ඉනිමංකඩ මහත්තයට නම් ඒ විත්තිය අමතක වෙලා තිබ්බේ නැති පාටයි.

මෙයා අපේ වෙඩින් එකට නෑවිත් නාට්‍යයක් බලන එකට ගියා!

“ඒයි, ඔයාට මතකද, නිමල් අයියා අපේ වෙඩින් එකට ආවේ නැති එක. එදා මෙයාට මොකක්ද නාට්‍යයක් බලන්න  යන්න තියෙනවයි කියලා කිව්වනේ. ඒ දවස්වල මෙයාට අපේ wedding එකට වැඩිය ලොකු වුණා නාට්‍යයක් බලන එක....”

පස්සේ දවසක මගේ ඉස්සරහම, ජනක ඔයාට එහෙම කිව්වා මතකද? ඇත්ත තමයි. ඒත් ඒ දවස්වලම මම ඔයාව හඳුනාගෙන හිටියා නම්, නාට්‍ය බලන එක පැත්තකින් තියලා ඔයාලගේ විවාහ මංගල්‍යයට එවෙන්න ඉඩ තිබ්බා. (ඒ කාලේ රාජ්‍ය නාට්‍ය උළෙලට- ජාතික තරුණ සේවා සභාවේ යෞවන සම්මාන නාට්‍ය උළෙලට තරග වදින නාට්‍ය එකක් නෑර බලන පුරුද්දක් මට තිබුණා. දැන් නම් මට ඒ නාට්‍ය පිස්සුව නැහැත් එක්ක. ඇයි දැන් වේදිකා උඩ කෙරෙනවට වැඩිය හොඳ නාට්‍ය රට පුරාම තිරෙන් පිටිපස්සේ නැටවෙනවනේ! )

තුෂාරි නංගී, ඉස්සර මම දන්න විදිහට නම්, ඔයා වැඩිපුර අන්තර්ජාලයේ සැරිසරන කෙනෙක් නෙවෙයි. දැනුත් එහෙමද මන්දා.

මම මේ ලිපිය ගොතන්නේ, මං ලියන බ්ලොගයේ publish කරන්න හිතාගෙන. ලියලා ඔයාට එවන්න නෙවෙයි. ඒත් මොකෝ? අලුත් තාක්ෂණය එක්ක ගැවසෙන, දැනුම යාවත්කාලීන කරගන්නා ජනක මහත්තයා ඔයාටත් මේ ලිපිය පෙන්නාවිනේ..... ඔයා එහෙම කියෙව්වේ නැතත්, මගේ ජීවිත කතාව කියවන්නට ‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළන උදවිය හරි මේක කියවයිනේ.

ඉතින් ඔයාලා අපේ ගෙදර ආවා.... දෙයියනේ, එතකොට චූටි හුරතල් සමනලියෙකු වගේ හිටි සුහාෂි දැන් ලොකුයි. අපූර්වත් ලොකුයි....

අපි දෙන්නා කතාවට වැටුණා..... තොරතෝංචියක් නැතිව.....

ඔයා අරං ආව පොත් දෙකක්ම ඒ අතරේ කියෙව්ව්වා........

“අම්මයි නිමල් මාමයි කතා කරනවා.... කරනවා.... අපි දෙන්නට අහගෙන ඉන්න විතරද තියෙන්නේ?” බැරිම තැනද කොහෙද සුහාෂි දෝණි නොක්කඩුත් කිව්වා.

ඔයාලා එන්න දවසකට කලින් මගේ කම්පියුටරේ කැඩුණා. මං පත්තරවලටයි, පොත්වලටයි කොටුවෙලයි හිටියේ. බලන්නකො නංගී, ඒකෙත් හැටි. පණ නැති; ඒත් පාළුව මකමින් ලෝකයම ඇස් ඉදිරිපිටට අරගෙන එන කම්පියුටරේ කැඩිලා තිබුණු එකත්, මේ සතියේ මට ලොකු ආසිරිවාදයක් වුණානෙ!

ඔයාලා උස්සගෙන ආව කදමලු අතරේ තිබ්බ පොත් දෙකක් කියවලා ඉවර කරන්න ඉඩ ලැබුණා සිකුරාදා වෙද්දීම. මං කිව්ව විදිහට කම්පියුටරේ කැඩිලා තිබුණු හින්දා.

කවුද නංගී මට තෑගි ගෙනෙන්න ඕනි පොත් තේරුවේ? ඔයයි ජනකයි දෙන්නමද?

කොහොමද ආගම්වාද- දර්ශනවාද- දේශපාලනවාද සේරම එකට කලත්තපු මෙච්චර රසබර පොතක්, ඒ ගොන්නට දාන්න හොයාගත්තේ? එච්චරකුත් නෙවෙයිනෙ නංගී, ඉතිහාසයෙ වැදගත් තැන්..... අනෙ අම්මෝ, පිටු 328ක පොතකට ඔය සේරම කැටි කරපු පොතක්.... මට නං විශ්වකර්ම වැඩක්!

මට නං කැත්ලින්ගෙ ‘ඉවුරු’ පොත සප්ත මහා සාගරේ වගෙයි!

‘ඉවුරු - ගඟ සිඳී ගිය දා’!! නම එහෙම වුණාට, මට නම් ඒ පොත සප්ත මහා සාගරය වගෙයි. කල්ප විනාශයෙදීවත් නොසිඳෙන තරම් ලොකු භව සයුර වගෙයි...

..... “සියදිවි නසාගැනීම කියන්නේ පාපයක් ද ෆාදර්?”

“ඇයි නැත්තෙ?”

“ඉතිං කන්න-බොන්න නැත්තං මනුස්සයෙක් ස්වාභාවිකව මැරෙන විත්තිය දෙවියන් වහන්සේ නොදන්නවා වෙන්න බැහැ නේ?”

පියතුමා එවර ද නිහඬ ව සිටියේ ය. යළි-යළිත් කතා කළේ වෙරෝනිකා ය.

“එතකොට බඹසර ආරක්ෂා කරගෙන එහෙම මැරිලා යන එක ද, සදාචාරෙට හෙණගහල ගියාදෙං කියල ජීවිතේ ජීවත් කරවන එක ද අඩුවෙම්ම පල දෙන පාපෙ වෙන්නෙ?”

“වෙරෝනිකා, ඕකට උත්තරයක් දෙන්න ඕන දෙවියන් වහන්සේමයි.” පියතුමා කීවේ නොසතුට නොමනාපය හැඟවෙන පරිදිය.

“මං දෙවියන් වහන්සේ නෙවෙයි.” (42 පිටුව)

ඔයාත් මේ පොත කියවන්න ඇති නේද තුෂාරි නංගී. කැත්ලින් ජයවර්ධන ඉතාම සූර විදිහට අඩුම වචන ගණනාවකින් කියන කතන්දරේ කොයි තරම් ප්‍රබලයිද?

අර කොණ්ඩ වහල්ල ගොත ගොතා උන්න අතිම්මනෙ ධාතූන් වහන්සෙට උඩින් දාපු.....

‘..... බුදුමැඳුර තුළ ධාතුන්වහන්සේ නමක් සුරක්ෂිත ලෙස තැන්පත්ව ඇති කුඩා චෛත්‍ය අනුරුව ආවරණය කළ මුතු ඇල්ලූ රෙදිකඩ ඇය අතගා බලන්නට වූයේ ‘අනේ හරි ලස්සනයි’ කියමිනි.

“ළමයො ඕව තියෙන්නේ අතගාන්න නෙවි.” නන්දිතා මෙහෙණියගේ විරෝධය පිටපැන්නේ එසේ ය. වෙරෝනිකා නික්ම ගිය පසු ඒ චිත්තාවේගය පුපුරා ගියේ දේවමිත්තා මෙහෙණිය හමුවේය.

“අර කොණ්ඩ වහල්ල ගොත ගොතා උන්න අතිම්මනේ ධාතූන් වහන්සේට උඩින් දාපු රෙදි කෑල්ල ඇල්ලුවෙත්.”

“කොණ්ඩ ගහකට මොකට බයවෙනව ද මෙහෙණින් වහන්ස? දන්ත ධාතූන් වහන්සේ මේ රටට වැඩම කළෙත් ස්ත්‍රී කෙස්රොදක දැවටිලා නේ?” (56 පිටුව)

ඇත්තටම තුෂාරි නංගී, කැත්ලින් අපිව පල්ලියට- පන්සලට විතරක් එක්කගෙන යන ගමනක් නෙවෙයිනෙ මේ...

... “දැංඋඹට මාව රුස්සන්නෙත් නෑ.” යි අම්මා කීවේ සුසුමක් හෙළමිනි.

“මොනවා කරන්න ද මගෙ පුතේ? මේකට තමයි කරුමෙ කියන්නේ.”

“කරුමෙ? ඒක කොහෙද තියෙන්නේ?”

“උඹත් එක්ක මං වාද කරන්නේ නෑ. වාද කළොත් දිනන්නේ උඹ. ඒත් මොකටද පුතේ? කටින් දිනන එකේ වැඩක් තියෙනවැයි? දිනන්න ඕනේ ජීවිතේ නේ?” (69 පිටුව)

මේ රණවිරුවා 71 කැරැල්ලට කැපවී, පණ දුන් යුවලකගේ පුතෙකි!

කැත්ලින් ජයවර්ධන එහෙම අපව කැටුව යන්නේ රණවිරුවෙකුගේ නිවහනටයි. ඒ රණවිරුවාත් එසේ මෙසේ කෙනෙකු නොවේ! 1971 කැරැල්ලට පණ දී, ඒකටම ජීවිතයත් දුන් කෙනෙකුගේ පුතෙකි, කැරලිකරුවනට බත් තැම්බූ සටන්කාමී මවකගේ පුතෙකි. එහෙත්....

 “ඇයි මාව ඉපැද්දුවේ? ඇයි මාව ලොකු මහත් කළේ?” යි ඔහු කෑගසා ඇසුවේ ය.

“කිසිම දෙයක් නොදන්නා නොතේරෙන නොදරුවකුට යම් යම් දේ කරලා දීලා, තේරෙන කාලෙදි ඒ දරුවට ඒව ගැන වගපල කිය-කියා වන්දි ඉල්ලන එක නේ අම්මල ඔය කරන්නෙ?”

“මං කවද්ද උඹෙන් වන්දි ඉල්ලුවෙ?” යි අම්මා ඇසුවේ ද වියරු ආවේගයකිනි.

“හනේ දෙයියනේ..... මේව දෙයියන්ටම පෙනිච්චාවෙ. තාත්ත නැතිවෙනකොට බඩට මාස තුනයි. උපන්නට පස්සෙ උඹ ව හදාගන්න, උඹට උගන්නගන්න මං කරපු යම යුද්දෙ ගැන උඹට හිතා ගන්නවත් බෑ. මටත් තිබුණ වෙන ගෑනු වගේ අවලමේ ගිහිං රජ සැප විඳින්න. ඒත් ආත්ම ගෞරවෙයි පතිවතයි ආරක්ෂා වෙන්න ඕන කියලයි මං හිතුවෙ....”

“අන්න ඒ දෙක තමයි හෙණේට හිටියෙ!” යි ඔහු කීවේ උපහාසාත්මක ව ය.

“මොකට ද ඒවා? කොච්චර වටිනව ද ඕව දැං මාකට් එකේ? කොච්චර මිලක් ගෙවනව ද ඒවට?”

“උඹ නං දරුවෙක් නෙවෙයි, මරුවෙක්!” අම්මා කීවාය.

“දරුවෝ අම්මලත් එක්ක කෙහෙවලු පටලවගන්නෙ අම්මල අයාලෙ යනකොට. නම්බුව ආරක්ෂා කළැයි කියල අම්මට හිනාවෙන එක ම දරුවා තමයි උඹ!” (72 පිටුව)

ඒ කාලේ විදර්ශන පොත් ගෙදර තිබුණු තැන දැන්.....

ගමේ ගෙදරක; නගරයේ මහා මන්දිරයක; යුද පිටියක- හමුදා කඳවුරක විතරක් නොවේ, පල්ලියක; පන්සලක පවා දැන් සාමය නැත. සංහිඳියාව නැත; අස්වැසිල්ල- සැනසීම නැත. එහෙම වෙන්නේ කාගේ වරදින්ද? මේ පිටු 328 ඇතුළේදී කැත්ලින් ජයවර්ධන අප ලවා හොයවන්නේ එයයි.

තුෂාරි නංගී, ඔයාත් ‘ඉවුරු’ පොත කියෙව්වද? ඒ ගැන නම් මට ටිකාක් සැකයි.... පොඩිපටු වැඩ කන්දරාවක්ය ඔයාටත් තියෙන්නේ? මට එහෙම හිතුණේ අද උදේ FB එකෙන් ෆොටෝ එකක් දැක්කාම.

කළුබෝවිල, පන්සල පාරේ අංක තිස්තුනේ ගෙදරත්, එහි තිබුණු ‘විදර්ශන පොත් ගෙදර’ත් අතුරුදන් වෙලා. හය මහලකින් යුතු නිවාස සංකීර්ණයක් එතැන හැදිලා, කුලියටත් දෙන්න ලැහැස්තියි. ඒත් එකම එක දෙයක් විතරක් වෙනස් නොවී එහෙමම ඉතිරි වෙලා තියෙනවා වගෙයි, ෆොටෝ එකට අනුව නම්! සදාහරිත ඇට්ටේරියා ගහ!!

ඒ දවස්වල අපි කොච්චර නම් දේවල් කතා කළාද? අපි නම් හුඟක් වෙලාවට කතා කළේ පොත් ගැන. ජනකලගේ තාත්තා; Ik මුදලාලිත් කතාවට එකතු වුණාම නම් ඒවා රටතොටට- දේශපාලනේට දික් ගැහුණා. මතකයිද, ඒ දවස්වල ඔයා නම් වැඩියත්ම කතා කළේ ‘අසිරි සිරිනි’ පොත් සීරීස් එක ගැන. හිතවත් කෙනෙකුට තෑග්ගට දුන්නෙත් එව්වා.....

‘වරණ’ පොතත් මට හොඳට වැදුණු එකක් හින්දා මම ඉස්සෙල්ලාම ‘තිවත’ පොතයි.....

ඒ පුරුද්ද හින්දම වෙන්නැති ගිය අඟහරුවාදා එනකොටත් අපූරු පොත් ටිකක් මට කද බැඳගෙන ආවේ.

ඇත්තම කියන්නද? මං ඒ පොත්වලින් ඉස්සෙල්ලාම කියෙව්වේ පද්මිනී සෙනෙවිරත්නගේ ‘තිවත’. මොකද ඔයාලම කලින් දවසක මට තිළිණ කළ, ඒ කතුවරියගෙම ‘වරණ’ පොතත් මට හොඳට වැදුණු එකක් හින්දා. වරණ වගේම තිවතත් අපූරුයි. දෙකම ඉතිහාස කතානේ. ටිකාක් ඈත ඉතිහාසය කියනවා, මෑත ඉතිහාසෙත් නිකම්ම මතක් වෙන විදිහට, රස බේරෙන්න. ඇත්තටම තුෂාරි නංගී, පද්මිනී නෝනාට තියෙන ඉතිහාස දැනීම හිතාගන්නත් අමාරුයි නේද?

දැන් ඉන්න ගොඩ දෙනා පම්පෝරි ගහන්නේ දුටුගැමුණු රජතුමා ගැන විතරක් දැනගෙනනෙ..... එයාලා පොත් කියවන්නේ නැති නිසාම හොඳයි! ‘තිවත’ කියෙව්වොත් හෙම මායාදුන්නේ හරි, ටිකිරි රජ්ජුරු හරි වෙන්න හදයි කියන බයටයි මට එහෙම කියවුණේ!! දුටුගැමුණුලා විතරක් හිටියම මදැයි!!! 

ඉතින්, තිවතට පස්සේ ‘ඉවුරු’ අතට ගත්තා. හැබැයි, මුලින්ම නම් ඒක ඒ තරම් හොඳ පොතක්ය කියලා මට හිතුණේ නෑ.

ඒ කාලේ චිත්‍රකතා පත්තරයි, අතට අහුවෙන හැම පොතක්මයි කියවපු පුරුද්ද හින්දා වෙන්නැති- මං කැමති නිස්කලංක පටන් ගැන්මකට නෙවෙයි. එකෙන්ම බොක්කට වදින තැනකින් පටන් ගන්න කතාවලට. 

භානු ඝාතනය සාධාරණීකරණය කළේය. වැඩි දෙනෙකුගේ යහපත වෙනුවෙන්....

තුෂාරි නංගී ඉතින් මගේ අති-පණ්ඩිත ගොන්කම් දන්නා හින්දයි මේ කියන්නේ, මං ලිව්වා නං ‘ඉවුරු’ පටන් ගන්නේ 4වෙනි පිටුවේ තියෙන ටිකක් ඉස්සරහට අරං. මතකයි නේද මේ ටික?

‘.... භානු ‘ඝාතනය’ සාධාරණීකරණය කළේ ය. ඔහුට අනුව වැඩි දෙනෙකුගේ යහපත වෙනුවෙන් ටික දෙනෙකු ඝාතනය කිරීම කවර ආකාරයේ හෝ පාපයක් නොවේ. ඔහු කීවේ පින්-පව් කතන්දරය ඇතුළු බයිබලීය අවධාරණ කෝකටත් තෛලය මෙන් භාවිතයට ගත නොහැකි බවය.

“මිනිස්සු මරණ එක පව්” යි එවැනි විටක ඇය කීවිට “ඇත්තටම ඒක පින් ද? පව් ද?” යි ඔහු ඇසුවේය.

අනතුරුව ඔහු හිත තිගස්සනසුලු කතාවකට මුලපිරුවේ පිටුපා යන ඇයගේ සෙවණැල්ල පාමින් ඇය පසුපස ඇදී එමිනි.

“පින්-පව් කියල දෙයක් ඇත්තටම තියෙනව නං හිට්ලර්, නැත්තං අඩුගානෙ ඉඩිඅමින් හරි ඝාතනය කළ කෙනෙකුට පවක් ද පිනක් ද සිද්ධ වෙන්ට තිබුණෙ?” (4 පිටුව)

මං ඔය විදග්ධ විචාර කරන්න දන්නා කෙනෙක් නෙවෙන නිසයි, කිසිම පැකිළීමක් නැතිව මෙව්වා කියන්නෙ. රසිකයෙකුගේ අදහස් දැක්වීමක් විදිහට. මගේ අදහස් කියවලා; දැනගෙන තව එක සහෘදයෙකු හරි මේ නිර්මාණ රස වින්දොත් කියල හිතාගෙන. ඒක මටත් පිනක්නෙ, තුෂාරි නංගී. 

‘තිවත’ එකේ ‘පත්තාමේස්ත්‍රී සිංහල කීර්ති රාජපක්ෂ භාති රාජ්ජ වන්නියා’ වගේ.....

ඉතින්... 5-6 පිටුවලට යද්දීම පොත බිමින් තියන්න හිතුණේ නෑ. දිගටම කියවාගෙන ගියා. පිටු 25ක්-30ක් කියවනකොටම මට හිතුණා ඔයාට ලියුමකින්ම විස්තර කියන්න ඕනියි කියලා. ඒ විඩේ මං පෑනකුයි කොළයකුයිත් ළඟට ගත්තා.

නංගී හිතුවෙ ලියුම ලියන්න කියලද? පිස්සුද.... දැන් මට ලියවෙන අකුරු මටම කියවගන්න අමාරුයි, කැතේ බෑ. ලියුමක් ලියන්න නෙවෙයි; ලියුම ලියනකොට ඕනේ වුණොත් කියලා පොතේ වැදගත් තැන්වල පිටු අංක ලියාගන්නයි කොළේ ළඟට ගත්තේ.

දැනටමත් පෙනෙනවානේ... ‘තිවත’ පොතේ ‘පත්තාමේස්ත්‍රී සිංහල කීර්ති රාජපක්ෂ භාති රාජ්ජ වන්නියා’ වගේ අර ලියාගත්තු සටහන්වලින් වැඩ ගන්න හැටි.

ඉතින්....

8 comments:

  1. You are fortunate to have books and time to read them. I have collected lot of books thinking I will read them one day. That one day yet to come. (Wijebahu)

    ReplyDelete
    Replies
    1. ඔව් විජේබාහු මහත්තයෝ, අසනීපය කරපු හොඳම වැඩේ මට ලොකු විවේකයක් දීම. ඒත් මට නං දවසේ වෙලාව මදි තියෙන රාජකාරිවලට.

      හැබැයි මම මටම තෑගි දීගන්නවා පොතක් කියවන්න- film එකක් බලන්න- පත්තර කියවන්න- ගහක් හිටවන්න- කෑමක් උයන්න වගේ දේවල් කරගනිමින්....
      ගොඩක්ම බ්ලොගයත් ලියමින්.......

      හිත ඇති නම්.....

      Delete
  2. මැදැයි.. දැන් ඉතින් 'ඉවුරු' හොයන්න එපැයි. නිමල් අපිව පිස්සු වට්ටනව.

    පින් පව්, සදාචරය, කරුමෙ වගෙ දේවල් ගැන මටත් ඔය ප්‍රශ්නම තියෙනව. මට හිතෙන්නෙම අපිට ධර්මය කියල කියලා දීල තියෙන්නෙ බුදු හාමුදුරුවො කියපු දේ වලට හුඟක් modifications දාල කියලයි, negative side එකට.

    මම නම් දැන් කිසිම දෙයක් 'කරුමෙ' කියල හිතන්නෙ නැහැ ඒ වෙනුවට හැම ප්‍රශ්නයක්ම ජීවිතේ යමක් ඉගෙන ගන්න ලැබුනු opportunity එකක් කියලයි ගන්නෙ. It is much more empowering than thinking of karma, pin paw etc.

    ReplyDelete
    Replies
    1. අනේ Lotus මහත්තයෝ මටත් කරුමෙ මතක් වෙන්නෙම නැති ගානයි! ගොඩක් හිතන දේවල් ඒ එක්කම හිතට එනවාත් එක්ක......

      මොකද මට කලකිරීමක් ඇත්තෙම නැති තරම් නිසා. යන්තමට- ලාවට දුකක් හිතුණත් මේ යක්ෂ මං ඒකටත් කැමතියිනේ. ෆිලම් එකක් බලද්දී එහෙම- දුක්බර කතාවක් කියවද්දී එහෙම හෝ ගාලා කඳුළු උනනවටත් මම කැමතියි; ඇස් පිරිසිදු වෙනවනේ....
      අනෙක ශෝකයත් එක රසයක්නේ.

      ඉවුරු කියෙව්වම නං ඔයාට හිතෙයි ත්‍රිපිටකයයි; බයිබලෙයි, කුරානෙයි, භගවද් ගීතාවයි සේරම කියවනවා වගේ.... කරදර වුණත් හොයාගෙන කියවන්න...
      මට නං නොමිලේම ගෙදරටම ගෙනත් දුන්නනේ තුෂාරි නංගී.

      Delete
  3. //දැන් ඉන්න ගොඩ දෙනා පම්පෝරි ගහන්නේ දුටුගැමුණු රජතුමා ගැන විතරක් දැනගෙනනෙ.....//
    රජවරු කිව්වාම දුටුගැමුණු ගැනයි, ගල්ගුහා කිව්වාම වලගම්බාහුයි විතරයි තමයි හුගක් අය දැනගෙන හිටියේ.
    දැන් ඔය මොන ඉතිහාසයක්වත් නොදන්නා හා උවමනාත් නැති විද්වතුන් කොටසක් ඉන්නවා. වැඩිපුරම සෝෂල් මීඩියාවල. රාවණා සහ රාවණාගේ හත්මුතුපරම්පරාවම කට පාඩමින් දන්න. ඒක හරිම happening ඉතිහාසයක්. දිනෙන් දින කෑලි ඇමිණෙනවා.
    වාල්මිකී දැනගෙන හිටියනම් මිනිහගෙ කතාවට මෙහෙමවෙයි කියලා !

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, මාත් හරිම ආසයි fictionsවලට. හැබැයි හොඳට-නියමෙට ගොතලා තියෙන්න ඕනි.

      කරුමෙ කියන්නේ අපේ මිනිස්සු වැඩි දෙනෙක් හිතළු ගොතන්නවත් දන්නෑනෙ. මං හිතන්නේ දන්නෙ බොහොම ටික නිසා වෙන්නැති.
      රාවණා කතන්දර ගොඩකුත් දුර්වල ගෙතුම්!

      Delete
    2. අපි මේ ලියන කතන්දරත් කවද හරි ඉතිහාසය වෙන්න පුළුවන්. ඔය දුටුගැමුණු රජ්ජුරුවො දිවිය ලෝකෙ ගිය කතාව, සාලිය කුමාරයා උපන් දවසෙ හාල් වැහැපු එක එහෙම... තව, මිහිඳු හාමුදුරුවො මෙහෙ ඇවිත් සතියක් ඇතුලත මහා විහාරයෙ සීමා ලකුණු කරල, අවුරුදු සිය ගාණක් අනාගතේට ගොඩනැගිලි පිහිටන තැන් ඔක්කොම ප්ලෑන් කරපු එක එහෙම... ඔව්ව ඔක්කොමත් කතන්දර ම තමා සැදැහැව වඩවන්ඩ කරපු.

      සුනේත්‍රා නොහොත් අවිචාර සමය වගේ කතාත් ඉතිහාසයට එකතු කරගම්මු.

      Delete
    3. ඩ්රැකී උන්නැහේ. කතන්දර ඉතිහාසයට එකතු කරගනිමු.

      හැබැයි හැබෑ ඉතිහාසය ඉස්සරහට ඇදගන්නේ නැතිව ඉඳිමු. එහෙම කරන්නේ ජාති බ්‍රෂ්ටයෝ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්