li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, January 22, 2022

පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....

ඔයා කියන්නෙ මාකෝ අයියාටත් එක්කමයි කොල්ලෝ- ඔයාට විතරක් නෙවෙයි! (මල්ලියි අයියයි පදක්කම් දිනුවදා)

හලෝ නිමල් බෙන්,

හිතකවත් තිබ්බේ නැති ලියුමක් මේ ඔයාලට ලියවෙන්නේ!

නිමලෝ, ඔයාලට හිතා ගන්න පුළුවන්ද, ඒ ලියුමෙන් ආමන්ත්‍රණය කරන කෙනා කියවන්නේ නැති බව දැන-දැනම ලියන ලියුමක් ගැන එහෙම?
මේක එහෙම එකක්..... කොරෝනා එන්න කලින් නම් ඉඩක් තිබුණා, තව කාලෙකින් හරි ඔයාලා මේක සිංහලෙන් කියවන්න.
එහෙනං ඔයාලා දිගටම ලංකාවේ රැඳෙන නිසා සිංහල භාෂාවත් තව පුරුදු වෙනවනේ. ඔයා කියන්නෙ මාකෝ අයියාටත් එක්කමයි කොල්ලෝ- ඔයාට විතරක් නෙවෙයි!
ඔන්න්න්නොන්න.... මාකෝ ඔයා තරහ වෙන්න ඔට්ටු නෑ, මල්ලිට විතරක් special කියල, හොඳේ.
Heading එකක් වුණාම ඕනිවට වැඩිය දිගට දාන්න බැහැනේ. තේරෙනවනෙ....

ඒ වගේමයි, මේ ලියුම ඔයාලා දෙන්නාවත්- අම්ම තාත්තා දෙන්නාවත් නොකියෙව්වා වුණත්, මං ලියන ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන අය නම් කියවාවි. ඉතිං ලියන්න වෙන්නෙ එයාලටත් ගැළපෙන විදිහටයි.

ඔයාලගේ තාත්තගේ අම්මා; නැනා- සමන්ති නැන්දාවයි, තාත්තවයි, දීපානි පුංචිවයි එංගලන්තෙට එක්කන් යද්දී එයාලා තුන් දෙනාම බාලයෝ. අවුරුදු 16ට අඩු අය. එහෙම ගිය එක ගැන වැඩියම තෝන්තු වුණේ; ළතැවුණේ ඔයාලගේ තාත්තයි. දීපාල් ටිකක් වැඩියෙන් ලංකාවට attached වෙල වගෙයි එතකොටත් හිටියේ.
“ඇයි ලොකූ ඔයා අම්මට
මාව එංගලන්තෙට ගෙනියන්න ඉඩ දුන්නේ?” කියලත් එයා පස්සේ කාලෙක මගෙන් ඇහුවා. ඒ නිසාම වෙන්නැති එයා ආයෙම ‘සිය පවුල පිටින්ම’ උපන් රටට එන්න plan කරන්න ඇත්තේ.... එයාගෙම හීනයක් හදා ගන්න ඇත්තේ.

ඔයාලගේ තාත්තගේ හීනේ දැන් ආයෙමත් වෙනස් කර ගන්න වෙලා.
තාත්තා හිතාගෙන හිටියේ මෙහාට ඇවිත්, ඔයාලා දෙන්නව ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලට ඇතුළත් කරලා, හොඳට සිංහල කතා කරන්න- ලියන්න පුළුවන් කොල්ලො දෙන්නෙක් කරන්න. ඒ නිසාම තමයි ඔයාලව පුංචි කාලේ ඉඳලාම සැරෙන්-සැරේ ලංකාවට එක්කං ආවේ, මෙහාට හුරු කරන්න.

සමන්ති නැන්දගේ ඩ්රූ -පවන් පුතාලා දෙන්නමත් මට කියන්නේ ලොකු මාමා කියලනේ...

මතකයිනෙ, එහෙම කරපු වෙලාවල ඔයාලා වැඩියත්ම හිටියේ මානෙල් නැන්දලගේ ගෙදර. ඒකට හොඳම සාක්කියකුත් අපි මැරෙනකල්ම පවතියි. ඒ මේකයි: 

හරි විදිහට නම් ඔයාලා මට කියන්න ඕනි නෑකම ‘මහප්පා’!

සුනිල්, අනිල්, අජිත්ලට වුණත් එහෙමමයි. ඒත් මානෙල් නැන්දලගේ ගෙදරදී සුරංගත්, රෝසිත් දෙන්නා තිස්ස දෙවේලේම අපට කට පුරෝලා ‘මාමේ’ කියද්දී, ඒවා තමයි ඔයාලගේ කනට වැටුණේ.
සමන්ති නැන්දගේ ඩ්රූ -පවන් පුතාලා දෙන්නත් මට කියන්නේ ලොකු මාමා කියලනේ... ඔයාලත් එහෙමම කියන්න පුරුදු වුණා. තවමත් එහෙමමයිනෙ....
හැබැයි මහප්පා කියන වචනෙට වැඩිය මාත් 'ලොකු මාමා' වචනෙට කැමතියි. ඒ වචනේ තරමක් ගීතවත් වගෙයි.

ඉතිං දීපාල් මල්ලියා කොච්චර පෙරුම් පිරුවත්, ඔයාලා දෙන්නා වෙනුවෙන් එයාගේ හිතේ තිබුණු ශාන්ත තෝමස් target එක නං හරි ගියේ නෑ.
ගල්කිස්ස හෝටලේ පිසගෙන හමන සුළං රැලි කෙළින්ම වදින දුරින්; ඒක පෙනෙන මානයේම ගෙයක් හදාගෙන පදිංචි වුණත්, ඒ ඉස්කෝලෙට ඔයාලව දාගන්න ඔයාලගේ තාත්තට බැරි වුණා.

පුංචි දවස්වලම ඔයාලා කට්ටිය වතිකානුව බලන්න ගියාම ‘පාප් වහන්සේගේ ශුද්ධ වූ හස්ත ස්පර්ශය’ ලබන්න තරම් නිමල් බෙන් වාසනාවන්ත වෙලා තිබුණු නිසාවත් luck එකක් තියෙයි කියලයි දීපාල් අපට කියමින් හිටියේ. ඒත් ඒ ‘ලක්’ එක ‘හිලක්’ වුණා විතරයි.
අන්තිමේදී ඔයාලට බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලයට යාගන්න තමයි වාසනාව පෑදුණේ!

මාකෝ. මල්ලී ඔයාට වැඩියෙන් ඉක්මනට ‘සිංහල’ අල්ලා ගත්තා.  නිමලා, සිංහල බිංදුවක්වත් නොදන්නා ඔයාලගේ අම්මා; Pia; පීයාගේ official පරිවර්තකයා වුණේත් ඒ හින්දා නේද?
අනෙක් අතට මාකෝ ඔයා වැඩිය හිනාවෙන, අමුත්තන් එක්ක ඉක්මනින් යාළුකම් වගා-දිගා කර ගන්න කෙනෙකුත් නෙවෙයිනේ.
මතකයිද, ඔයා පොඩි කාලෙ කාගෙනුත් වැඩියම බැණුම් ඇහුවේ ඔයා. ‘ඇට්ටරකමට sorry කියන්නෙත් නැතිව ඇස් දෙකේ කඳුළු පුරෝගෙන ‘corner එකක’ තනියම බිත්තියට රවාගෙන හිටියා, තාත්තා ‘That’s enough!’ කියනකල්ම.

ඔයාලගේ තාත්තා ඔයාලට එහෙම තදේට ඉන්න ඇත්තේ එයා පුංචි කාලෙ, ඔයාලට වැඩිය ඇට්ටර... (දීපාල් - දීපානි පොඩි කාලේ)

මල්ලී එහෙම නෙවෙයි. හෙණ අණ්ඩපාලයා. තිස්සෙම හිනාවකින් මූණ සරසාගෙන ඉන්නේ.... ඕනිම කෙනෙකු එක්ක පට ගාලා යාළු වෙයි.

මගඩි වැඩ කරලා අහු වුණාම, කියන්නත් කලින් ‘සොරි’ කියලා සමාවත් ඉල්ලනවා. ගාණෙන් වැඩේ ගොඩ දාගන්නවා.

දන්නවද? ඔයාලගේ තාත්තා ඔයාලට එහෙම තදේට ඉන්න ඇත්තේ එයා පුංචි කාලෙ, ඔයාලට වැඩිය ඇට්ටර කොල්ලෙක් වෙච්ච බව එයාටම මතක තියෙන නිසා වෙන්නැති.

දවස් පහක trip එකක් යන්න තියෙද්දී, ගොළුබෙලි කටුවකට කකුල කැපිලා පැසවලා- උණත් ගැනිලා ඉඳිද්දී ඒ හාදයාව ගෙදර දාලා යයි කියන බයට මට ඒක නොකියා හංගගෙන හිටියේ (ත්‍රිකුණාමලයට යනතුරුම) අවුරුදු දහයටත් අඩු වයසෙදී.
එයාලව ආංබාං කරන්න සමහර වෙලාවට වේවැල නැතිව බැරි වෙච්චි හැටි...
වැරද්දක් කරලා අහුවුණාම වේවැලත් අතට අරගෙනයි, මං දීපාල්ට අඬ ගහන්නේ. ‘මෙහාට වරෙන්, අල්ලපං අත!’ මාකෝ/නිමල්- එතකොට ඔයාලගේ තාත්තා අත දික් කරනවා. චටාස්!
වේවැල් පාර අතට වැදෙනකොට එයා ‘හූස්ස්ස්ස්’ කියලා උඩට හුස්මක් අදිනවා විතරයි. අඬන්නේ නං නෑ.... අත අහකට ඇද ගන්නෙත් නෑ. ඒ තරං පුතයා.

එතකොට එයා ටිකාක් විතර හඩ්ඩා. උදේට මුහුණ-කට හෝදන්න, නාගන්න යවන්නේ හරකෙක්ව මරන්න යවනවා වගේ බල කරලා. සමහර දාට ගිය පයින්ම මිනිහා ආපහු එනවා.
“තමුසේ ඔය නාලත් ඉවරයිද?”
“ඔව් ලොකූ!”
“දතුත් මැද්දනේ!” මම කටටම උත්තරේ දෙනවා. මිනිහත් ඔළුව වනනවා. “කෝ බලන්න තමුසෙගෙ දත් වහල්ල.” එතැනම වැරැදි දෙකයි. බොරු කීමයි, දත් නොමැද සිටීමයි. ඉඩක් තියෙන වෙලාවක නම් එයාට මගෙන් ගැලවෙන්න හම්බ වෙන්නේ නෑ. “යමං ආපහු ළිඳට.”

මං මිනිහව නාන ළිඳට ඇදගෙන ගිහිං දත් මැදලා, කුණු අතුල්ලලා නාවනවා. එයාගේ සරුවාංගෙම කුණු දූවිලි. මං ඒවා යැව්වේ කපා ගත්තු පොල් ලෙලි කෑල්ලකින් අතුල්ලලා. ඉඳහිටවත් එයා ඔය විස්තර ඔයාලට කියනවාද?

හිතා ගත්තැකිද ඔයාලා ඒ තරම් ඇට්ටර නොවෙන්න හේතුව?

අවුරුද්දට කැවුම් හදන්න මුං ඇට බදින තාච්චිය උඩට වැටිලා එයාගේ බඩේ හම ගැලවිච්ච හැටි එහෙම.  

ඒ වගේම තමයි, මහරගම පොලීසියෙන් පවත්වපු අවුරුදු උත්සවේක ‘ඔළුවෙන් හිටගැනීමේ’ තරගෙකට ඉඳලා මේ බටු ඇටයා ලොකු මිනිස්සුත් පරද්දවමින් දුන්නු ගේම.
ඔයාල නං කවදාවත් ඒ තරං මගෝඩිස්ලා වුණේ නැහැ නේද?
(හැබැයි ඉතිං ‘දිසානායකලාගේ ටිකිරි මොළේ’
perfect නැති බවටත් ඔයාලගේ තාත්තාත් නියම උදාහරණයක්!)

ඔය සේරටම හපන් මානෙල් නැන්දගේ වෙඩින් එකේදී,  ඔයාලගේ ලොකු මාමා (පව් විකුණන්න බැහැයි කියලා) කළුකුම්ලා කීප දෙනෙකුගෙයි- ගං කුකුල්ලු 50ක් විතරයි මරණ වෙලාවේ උන්ගේ කකුල් ගැට ගහලා දුන්නෙත් ඔයාලගේ තාත්තා. ඒ තරමට මිනිහගේත් හිත තදයි. එයා එව්වා ඔයාලට කියනවාද?  

හිතා ගත්තැකිද ඔයාලා ඒ තරම් ඇට්ටර නොවෙන්න හේතුව?
අපට; ඔයාලගේ තාත්තලාට පුංචි කාලෙ නොතිබුණු අවස්ථා ගොඩාරියක් දැන් ඔයාලට හමු වෙන නිසා වෙන්නෝනි කියලයි මට හිතෙන්නේ.
නිකමට හිතන්නකෝ.... ඔයාලට පිහිනුම්, ඔරු පැදීම්, ටෙනිස් වගේ ක්‍රීඩා ඉසව් විතරක් නෙවෙයි පියානෝ වාදනයත් උගන්වන්න අම්මයි, තාත්තයි කරන කැපවීම- වියදම කොච්චරක්ද කියලා.
ඔයාලගෙ තාත්ත පොඩි කාලෙ එහෙම දේවල් එකක්වත් කරන්න හැකියාවක් ඔයාලගේ ලොකු මාමාට තිබුණේ නැහැ මාකෝ/නිමල්.

හැබැයි මං අවුරුද්දකට වතාවක් විතර එයාලව trip එකක් නං එක්ක ගියා. මාස දෙක තුනකට වතාවක් film එකක් බලන්නත් එයාලව එක්ක ගියා.

ගිය සතියේ දීපාල් මට කතා කළේ පුදුම සන්තෝසෙකින්.
“ලොකූ. නිමල් බෙන් ලන්ඩන්වල ඉස්කෝලෙන් කලර්ස් තුනක් අරං... Studies, Sports, Music තුනටම.”
“තව මොනවත් ගන්න ඉතිරි වෙලා තියෙනවද මල්ලා. මාස කීයද එහාට ගිහින්?”
“ඒකනේ ලොකූ....” දීපාල්ගේ කටහඬ වෙවුළුවා, එතකොට.

ඔයාලගේ ප්‍රතිඵල හොඳ වුණාට රට කරවන ඇත්තන් නම් එයාලගෙ විභාගෙන්...

මාකෝ/ නිමල්. මම නං හඳුනා ගත්තා..... ඒ තමයි තාත්තෙකුගේ ආදරේ!

ඔය වගේම එයාගේ කටහඬ වෙවුළුවා මාකෝ ඔයාගේ O/L විභාගයේ results මට කියපු දවසෙත්. මම නම් වැඩිය ඔව්වා ගණන් නොගන්නවා වුණාට එයාලට එහෙම බැහැනේ.
දැන් එයාලගේ හිතේ තියෙන්නේ ඔයාගේ A/L exam එක ගැන. ඒකෙ ප්‍රතිඵල කොහොම වෙයිද කියලා.

ඔයාලගේ ප්‍රතිඵල හොඳ වුණාට රට කරවන ඇත්තන් නම් එයාලගෙ විභාගෙන් fail කියලයි රටේ විතරක් නෙවෙයි, පිටරටවල උදවියත් කියන්නේ.

“ලොකූ, ලංකාවේම හිටියොත් මේ දෙන්නට අනාගතයක් නැති වෙයි කියලා පීයාටයි, මටයි දෙන්නටම දැන් හිතෙන්නේ. නිමල් බෙන්ට සෙන්ට් පීටර්ස් කොලේජ් එකෙන් කිව්වා ‘නැෂනල් ස්කූල් රෝවින් ටීම්’ එකටත් යන්න පුළුවන්කම තියෙද්දී, අපරාදේ නේද එංගලන්තෙට යන්නෙ කියලත්..... ඒත් ලොකූ මේ යන විදිහට...” දීපාල්ගේ හඬ  බලාපොරොත්තු සුන් වෙච්ච කෙනෙකුගේ වගෙයි.

මාකෝ/නිමල්.
ඔයාලා දෙන්නම
Bolgoda Lake Rowing Club (BLRC) එක නියෝජනය කරමින් තරග කරලා ගත්ත මෙඩ්ල්ස්. එච්චරක්ද? ගිය අවුරුද්දේ ජාතික ඔරු පැදීමේ පාසල් තරගවලදී ඔයා bronze පදක්කම් දෙකකුත්, නිමල් බෙන් රන් පදක්කමක් හා ලෝකඩ (bronze) පදක්කමකුත් දිනුවේ.
එහෙමත් තියෙද්දී... ඒවා අතහැරලා...

“දැන් ඉතිං නිමල් බෙන් දැනටමත් එහෙ ගිහිල්ලනේ ලොකූ. මාකොයි මායි දෙන්නත් ජුලයිවල එංගලන්තෙට යන්නයි plan එක.”
“මල්ලා. එතකොට ඔයාලගේ ගේ... ඔයා කොටුවෙන් ගත්ත building එක?” මට කියැවුණේ ඉබේමය.

බඩා මල්ලියා මෙහෙ ආපු හැමදාම වගේ ගොඩාරියක් එයාගේ future plans ගැන මාත් එක්කලා කියනවනේ. ඒවා වැඩි හරියක් ඔයාල වටේයි දැවටිලා තිබුණේ.
“ඒවා කුලියට දීලා යන්නයි හදන්නේ.” දීපාල් කිව්වා.

රජිත් අපේ ගෙදරට ගොඩ වැදුණේ කොහොමද මහප්පේ?’ කියාගෙන. (රජිත්, උත්පලා හා ඇනා)

තවමත් අපේ රටේ බන්ගෝස්ලා හරි ආඩම්බරෙන් කියනවා ‘අපිට ඕනි දේශපාලනයක් නෑ, අපි හම්බ කර ගත්තොත් අපිට කතෑකි.’ කියන, අමන කතා.

දැන්-දැන් නං එයාලටත් තේරෙන්න අරං ‘දේශපාලකයන් මඤ්ඤං කෙළින’ ඒවා ‘අපි හම්බ කර ගෙන කන එකට කොච්චර බලපානවද කියලා.’ එයාලා bull කෙළිද්දී එව්වාට වන්දි ගෙවන්න වෙන්නේ අපි හැමෝටමයි කියලා.

වන්දි කියද්දී මතක් වුණේ.
පෙරේදා; ජනවාරි දාහත්වෙනිදා රජිත් ආවා මාව බලන්න. එයා ලංකාවට ආවනේ සති කීපයකට. එයා සුනිල් මාමලගේ බලංගොඩ ගෙදරත් ගිහින් දවස් කීපයක්ම එහෙ ඉඳලා.
දන්නවද? සුනිල් මාමයි- මල්ලිකා නැන්දයි දෙන්නා නං රජිත්ටයි, ජයශංඛටයි දෙන්නටම පුංචිම කාලේවත් ඉඩ දුන්නේ නෑ, මට ලොකු මාමේ කියන්න.
“එතකොට නෑකම වැරදියිනේ ලොකූ. සුනිල් ඔයාගේ ලොකු මල්ලී. මේ එයාගේ පුතාලා දෙන්නා. මෙයාලට ඔයා මහප්පා වෙන්නේ... මෙයාලා මාමා කියලා කියන්න ඕනි මගේ සහෝදරයන්ට...” මල්ලිකා නැන්දා ඉතිං එහෙමනේ.

ඉතිං ඒ පුරුද්දටම රජිත් අපේ ගෙදරට ගොඩ වැදුණේ ‘කොහොමද මහප්පේ?’ කියාගෙන. අපි ගොඩක් වෙලා කතා කර-කර හිටියා. එතකොටයි මේ කතන්දරේ කියැවුණේ...

“අපෝ මෙහාට ඇවිත් දවස් දෙකෙන්, ආයේ ලංකාවට ඇවිත් යන්නවත් එන්න එපා වුණා මහප්පේ. තව ඩිංගෙන් අපි දෙන්නව පිච්චිලා මැරෙනවා.”
“පිච්චිලා... දෙන්නා....”

“ඔව් මහප්පේ, මමයි තව එංගලන්තේ ඉන්න ලංකාවේ යාළුවෙකුයි දෙන්නාම එකටයි මෙහාට ආවේ. මාසෙකට. අපේ wife; උත්පලාගේ අක්ක තමයි අපිට නවතින්න අපාර්ට්මන්ට් එකක් එහෙම හොයලා තිබ්බේ. එදා හවස අපි දෙන්නට තේ එකක් හදා ගන්න හිතිලා kitchen එකට ගියා. ගෑස් ටැංකිය ළිපට connect කළෙත් අපි. ළිප පත්තු කරලා විනාඩියෙන් වටෙන්ම ගිනි ගන්න ගත්තා.
මං ෂෝටක් ඇඳල හිටියේ. ගින්දර නිවන්න දඟලද්දී දණිස් දෙකෙන් පහළ කකුල් දෙකම පිච්චුණා. යාළුවගේ ට්‍රැක් බොටම් එකටත් ගින්න ඇවිළෙද්දී හරි අමාරුවෙන් gas ටැංකිය ගලවලා එළියට දැම්මේ...”

“රජිත්! ඔයාලගේ වාසනාවට ඔයින් ගියේ!” මම කීවෙමි.

ඔයාල දෙන්නත් මේ රටට ගොඩක් ආදරෙන් හිටියේ....

“හොඳම වැඩේ වුණේ ඊට පස්සෙයි, මහප්පේ. ගින්දර නිවලා, ටැංකිය බැල්කනියට දාලා අපි පහළට බැහැල සිකියුරිටි සෙක්ෂන් එකට ගිහිල්ලම වැඩේ inform කළා. උන් අපිට කිව්වනේ ‘මහත්තයලම පොලිසියට කියන්න’ කියලා.... පස්සෙයි news එක දැක්කේ, ඔය gas කම්පැනියෙ ලොක්කව අස් කරලා පැයක් යද්දී ප්‍රසිඩන්ට්ම ආයෙත් මිනිහවම පත් කරලයි කියලත්.” රජිත් කිව්වේ ගොඩාරියක් එපා වෙලා.

“නෑ නෑ. ගණන් ගන්න එපා... එහෙම කරන්න ඇත්තේ world record එකක් තියන්න වෙන්නැති!” මං කතා කළේ අපේ ශ්‍රී ලංකේය අභිමානය වෙනුවෙන්.

මාකෝ/ නිමල්... මම දන්නවා, එංගලන්තේ ඉපදුණත් ඔයාල දෙන්නත් මේ රටට ආදරෙන් හිටියේ.... අම්මගේ පිලිපීනෙට වගේම. හැබැයි තව අවුරුදු කීපයක් යද්දිත් ලංකාවට ආසා හිතෙන මට්ටමක ‘මේ ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ තියේවිද කියල නං මටමත් සැකයි!

ඒ නිසාමයි දැන් මමත් ඔයාලා කොයි-කාටත් පුළු-පුළුවන් විදිහට වෙන රටකට යන්න කියන්නේ. රජිතුයි, ජයායි, මායි ඊයේ මානෙල් නැන්දලගේ ගෙදර ගිහින් එන ගමන් අකලංක අයියලාගේ ගෙදරත් ගියා. (එයානේ මට මේ blog එක හදලා දුන්නෙත්.)
එයා නං මේ රට දාලා යන්න අදහසක් නෑ වගේ...
එයාත් එයාගේ තාත්තා; අනිල් මාමා වගේම පණ්ඩිතයා. ඒ ගැන නම් මං වගේම ඔයාලත් දන්නවනෙ, අන්තිම කාලෙ
අන්නා හිටියේ ඔයාලත් එක්ක නිසා. (අමතක කරන්න එපා- එයාලගේ ලොකු අයියා තමා ලොකුම ලොකු බක-පණ්ඩිතයා.)  

අකලංකටම හරියන එක්කෙනෙක්ව තමයි මිනිහා හොයාගෙන තියෙන්නෙත්. මිනිහ වගේම වෙජිටෙරියන් වුණු, මංගල්ලේ දවසේවත් රිදී-රත්තරං කණකර ආභරණ ඇන්දේ නැති ෂෙහානි දිල්ශිකාව. අපේ පවුලට නැතිව හිටියේ ඒ වගේ කෙල්ලෙක් විතරයි!

මහප්පේ, ආර්ය කියලා ලියන හරි විදිහ මොකක්ද?” කියලා ගිය අවුරුද්දේ මුල්ම දවසක අකලංක මගෙන් ඇහුවා. (අකලංක, ආර්ය හා ෂෙහානි)
(ඔයාලගේ අම්මා; පීයාත් එහෙම විශේෂ චරිතයක් තමයි.

වෙඩින් ඇල්බම් එකෙන් දකින්න ඇතිනේ. එයාට ඕනි වුණා මුහුදු වෙරළේ ගහපු පෝරුවක් උඩදී ශ්‍රී ලාංකික සිරිත්-විරිත්වලට අනුව මංගල්‍යය කරවන්න. මනාලිය විදිහට සැරසිලා ඇතෙකුගේ පිටේ නැඟලා, නෑදෑ සහපිරිවරින් පෝරුව දක්වා එන්න.... නෑයෝ හැම දෙනාම රෙද්ද-හැට්ට, සරොම්- බැනියම්වලින් සැරසිලා ඉන්න....)   

ඉතිං, ආපහු අකලංකලගේ කතාවට යමුකෝ.  “මහප්පේ, ආර්ය කියලා ලියන හරි විදිහ මොකක්ද?” කියලා ගිය අවුරුද්දේ මුල්ම දවසක අකලංක මගෙන් ඇහුවා.

“ඉස්සර නං ඕක ලියන්නත් දෙවිදිහක් තිබ්බා... දැන් කවුරුවත් අර ‘ය’ අකුරට උඩින් අනිත් පැත්ත හරවපු කොම්බුව; ‘රේපය’ දාලා ලියන වචනේ ලියන්නෙ නැහැනේ....”

“නෑ, නෑ. මහප්පේ මට ඒ විදිහ තමයි දැන ගන්න ඕනි!”
“ඒ මොකටද මිනිහෝ. තමුසේ ජාවා scripts ලියන්නෙත් හුදු හෙළුවෙන්ද?” කියලා මම එතකොට එයාගෙන් ඇහුවා.
“නෑ මහප්පේ... අපේ පුතාට නම දාන්න යන්නෙ ආර්ය කියලා. මට ඕනි අර විදිහට ඒක පුතාගේ උප්පැන්නේටත් ලියවන්න... අපි සිංහල භාෂාවට තැන දෙන්න ඕනිනේ....”

“අනේ මිනිහෝ! තමුසේ දන්නවද මානෙල් නැන්දත් ඔය වගේ වැඩක් කරලා වෙලා තියෙන දේ?
එයා රෝසිට නම දැම්මේ උපේඛා කෞෂිනී කියලනේ. තමුසෙම රෝසිව හම්බ වුණු වෙලාවක අහගන්නවකො ඉස්කෝලේ සහතිකවල හිටං ඒ නම ලියල තියෙන විදි කීයක්ද කියලා...” ඔන්න මං එහෙම කියලත් මිනිහා නෙවෙයි, නැමෙන්න ලෑස්ති වුණේ.
“ඉතිං මහප්පේ, ඔහොම ගියොත් සිංහලවලට මොකද වෙන්නේ?”

පාලකයන්ගේ වැරදි හින්දාත්, වැරදි ප්‍රතිපත්ති හින්දාත්, නිසි ලෙස සැලසුම් හදා නොගෙන රට පාලනය කරන හින්දාත්...

“මොකුත් වෙන්නේ ගැළපෙන විදිහට update නොවී හිටියොත්. ඔයා පුතාගේ නම රේපය දාලා ලියන විදිහට ලිව්වට අනිත් මිනිස්සුත් එහෙමම ලියයිද? මිනිහෝ, සරලකම වැරද්දක් නෙවෙයි.... සරලව ලියන්න පුළුවන්කම තියෙද්දී මොකටද සංකීර්ණ කරලා පණ්ඩිතමානී වෙන්න හදන්නේ?”

තාත්තලා හදන්නේ එයාලගේ ලෙයින්, මසින්, මහන්සියෙන් ජනිත කළ දරුවන් ලවා එයාලගේ සිහින හැබෑ කරව ගන්න... එයාලගේ ජීවිත සැමරුම් දිගටම ගෙනියන්න.

“ලොකූ, අපි දෙවෙනි පුතාට ඔයාගේ නිමල් නම තියනවා.” දීපාල් එංගලන්තේ ඉඳලා මට call එකක් දීලා කිව්වා අවුරුදු 17කට කලින්. “Loku, It’s a tribute for you!”

“මල්ලා මම එච්චර දෙයක් ලබන්න...”
“You have done enough loku! ඔයා දන්නෑ අපි හැමෝටම ඔයාව කොච්චර ප්රෙෂස්ද කියලා.” දීපාල් කිව්වා.
එහෙමයි මල්ලියාගේ දෙවෙනි පුතණ්ඩියා ‘නිමල් බෙන් ටොමෙල්ඩන් දිසානායක’ වුණේ; පොඩි නිමල් වුණේ. ලොක්කා
‘මාර්කෝ ටොමෙල්ඩන් දිසානායක’ වෙද්දී.

අපේ රටේ පාලකයන්ගේ වැරදි හින්දාත්, වැරදි ප්‍රතිපත්ති හින්දාත්, නිසි ලෙස සැලසුම් හදා නොගෙන රට පාලනය කරන හින්දාත් කොන්ද කෙලින් තියෙන උගතුන් රට දාලා යනවා. වැඩක් කරලා ආයතනවලින් ලාබ පවා උපයා දෙන අයව තනතුරුවලින් ඉවත් කරනවා... තමුන්ගෙම මිනිස්සු වෙලත්.

පෙර වැරදිවලට නම් දරාපු අයව ගෙනල්ලා මහ පුටුවල ඉන්දවනවා. මෙලෝ යකෙකුට තේරුම් ගන්න බෑ සිද්ද වෙන අප්‍රබංශ හුටප්පර. 

ඒ වගේ දේවල් දරා ගන්න බැරිව තමයි අරවින්ද මාමාත් ලංකාව දාලා ගියේ ‘එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝලර්’ වගේ රස්සාවත් කරද්දීම. දැන් මේ රටේ කොන්දක් තියෙන මිනිස්සුන්ට ඉහ ගහගෙන ඉන්න බැරි වීගෙනයි යන්නෙ....

අපේ දූ-පුතුන්ගෙන්, මුණුබුරු-මිණිබිරියන්ගෙන් වැඩි දෙනෙක්ම දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයි.  

ඔව්වා දැක-දැක තමයි මාකෝ/නිමල්, තාත්තා ඔයාලව ආයෙමත් එංගලන්තෙට එක්කගෙන යන්න හදන්නේ. ඒ සිරි ලංකාව වාසයට ‘පතිරූප දේශ’යක් නොවීගෙන යන නිසා...

ඉතිං දෙයියනේ කොහොමද මං කටක් ඇරලා ඔයාලට කියන්නේ ‘යන්න එපා. ලංකාවේම ඉඳහල්ලා දරුවනේ’ කියලා.

මට නං දුකයි. හොඳටම දුකයි!
මගේම දරුවන් නොවුණාට, මට ඔයාලා හැමෝම ආදරේ කළා. ඔයාලගේ පුංචි දවස්වල අම්මලා- තාත්තලා ඔයාලව බය කරලා තියා ගන්න මාව රාස්සයෙක් කළා. ‘අම්මෝ ලොකු මාමා බනියි’, ‘ලොකු මාමට තරහ යයි’ එයාල නිතරම කිව්වා. ඒත් ලොකු වෙනකොට ඒ කතාවල පදනමක් නැති විත්තිය ඔයාලටම තේරෙන්න ඇති.
ඔයාලා උස්-මහත් වෙන්න-වෙන්න ඉස්සරට වැඩියෙන් මට කිට්ටු වුණා.
එහෙම වෙච්චි දරුවෝ..... කී දෙනෙක් නං දැනටමත් කොච්චර ඈතට ගිහින්ද?

අපේ දූ-පුතුන්ගෙන්, මුණුබුරු-මිණිබිරියන්ගෙන් වැඩි දෙනෙක්ම දැන් ඉන්නේ ලංකාවේ නෙවෙයි.

ඒත් මොනවා කරන්නද? අපි තියෙන ඇත්ත තේරුම් ගන්න එපැයි; ඒ යතාර්තයට මුහුණ දෙන්න එපැයි.
ඒත් හැම කෙනාම මෙහෙම රට දාලා ගියොත් ලංකාවේ ඉතිරි වෙන්නේ මොකුත්ම කර-කියා ගන්න බැරි අපි වගේ නාකි පරාණකාරයන් විතරක් වේවි නේද? ඉතිං රට තවත් පල්ලමටම යයි....

මාකෝ/නිමල්.
අනාගතේ දවසක ‘Google’ එකේ උදව්වෙන් හරි ‘දැන් ලොකු මාමාගේ හිතේ තියෙන හැඟීම්’ හොඳින් පරිවර්තනේ කරවාගෙන කියවල බලන්න ඔයාලට ඉඩක් ලැබෙයි.
දැනට නං ඒකෙන් කෙරෙන පරිවර්තන සමහරක් ‘කෑලි පන්සීයේ ජිග්සෝ පසල් එකක්’ වගෙයි. ගූගල් translations හොඳටම කෙරෙන කාලෙ එනකොට මේ ලොකු මාමා ඒවා දකින්න ඉන්න එකක් නෑ.
ඒත් මේ සටහන් ඔයාලට උදව් වේවි 2022, ඔයාලා ආයෙම එංගලන්තෙට ගිය කාලේ ශ්‍රී ලංකාව තිබුණු තත්ත්වයත් කොහොමද කියලා වටහා ගන්න.

ඉතිං ඔයාලා හැමෝටම සුබ ගමන්, සුබ අනාගතයකට සුපැතුම්!
ආදරණීය ලොකු මාමාගෙන්෴

31 comments:

  1. ලංකාව බොහොම පහත් තත්වයකට වැටිලා කියලා අපි කනගාටු උනාට, ඉදිරියේදී මීටත් වඩා පහලට වැටෙයි කියලයි මම හිතන්නේ. ඒ සිතුවිල්ල වැරදි වෙන්න කියලත් මම පතනවා.

    ඒ උනාට මේ යන හැටියට අපි වෙනිසියුලා, සිම්බාබ්වේ, සුඩාන් එහෙම පරද්දලා "හොඳටම කරයි" කියලා තමයි හිතෙන්නේ.

    රට හැර ගිය ඔයාගේ ඥාතීන්ට සුභ ගමන් කියලා මමත් පතනවා.!

    ReplyDelete
  2. Sam, මගෙත් එකම පැතුම රට තවත් ප්‍රපාතයට නොවැටේවා කියන එකයි!

    ReplyDelete
  3. කොහොමත් දෙමව්පියන්ගෙ රුචි අරුචිකම්, කරපු දේවල්, කරගන්න බැරිවුන දේවල්, පෞද්ගලික කැමති අකමැතිකම්, මත වගේ දේවල් අවමයකට තියන එක හොදයි ලමයි ගැන ක්‍රියාකිරීමේදි. අධ්‍යාපනය, ආර්ථිකය වගේ දේවල්වලට පුලුවන් තරම් හොදින් උදව්කරන එක තමයි වෙන්න ඕනෙ. ලංකාව වගේ අපහසුතා වැඩි රටක විතරක් නෙමෙයි ඕනෑම ලමයෙකුට රටවල් එකකට වැඩි ගාණක පුරවැසිබව තියනවනම් ඒක අනාගතයට ලොකු දෙයක්, අනාගතයේ වෙනස්වලට මුහුණදෙන්න choice එකක් තියන එක.

    ReplyDelete
    Replies
    1. හැබැයි Pra Jay මහත්තයෝ, අපේ රටේ දෙමව්පියන් ගොඩකට දරුවන් කියන්නේ ස්වාධීන ජීවීන් කොටසක් නෙවෙයි වගේ. එයාලට එයාලගේ මත - ආකල්ප - දැක්මක් ඇතිව නැඟී ස්ටින්නට උදව් කිරීම නේද දෙමව්පියන් කල යුත්තේ?

      හැම දෙකටම choice එකක් තියෙන එක වැදගත්!
      අපේ රටේ නැත්තේම ඒකනෙ.

      Delete
  4. Replies
    1. දැන් බස්සෝ හූම් කියලා නෙවෙයිද කියන්නෙ?

      Delete
    2. නෑ නෙව? බොක්සර්ලා තමයි දැන් හූම් කියන්නෙ. බස්සො "බුහ්" ගානවා.

      Delete
  5. අප්පේ මීට වඩා නම් පහලට යන්න බෑ නිදි.....

    ReplyDelete
    Replies
    1. ඒක නං ඇත්ත නමී... අප දැන් පතුලේම වගේ තමා ඉන්නේ..

      Delete
    2. අපිට ගණිතය උගන්නපු ගුරුතුමා පහළට යනවා කියන්නේ නෑ. එයා කියන්නේ ජාතික ආදායම කාලය වශයෙන් අවකලනය කලාම ලැබෙන පිළිතුර ඍණ අගයක් කියලයි. ඒ කියන දේ තේරෙන්නෙ හොඳගණිත දැණුමක් තියෙන කෙනාට විතරනෙ.
      බැඳුම්කර ණය ගෙවන එකත් එහෙම විජ්ජාවක්නෙ.

      Delete
    3. මටත් ඔය ණය ගෙවන- ගන්න විජ්ජාවල් අස්සේ හැංගිලා තියෙන අමු තක්කඩි ප්‍රෝඩාකාරී අටමඟුල් ගැන වැටහෙන්න ගත්තේ 'ඉකොනොමැට්ටාගෙ බොජුන් හලේ' පෝස්ටු කියවන්න ගත්තමයි....
      අනුර, මේ මිනිස්සු උගත්කම 'වේසාකමේ යෙදවීම'ක් විදිහටයි මට ඒවා පෙනෙන්නේ.

      Delete
    4. උගත්උනාට ගුණවත්කම, සාරධර්ම හැමෝගාවම නෑනේ නිදි ඒකයි පුරස්නෙ. ඉතින්තමා ගැන පමණයි සිතීම

      Delete
    5. නමී, මට නං හිතා ගන්නවත් බෑ- මේ මිනිස්සුන්ට හෘදය සාක්කිය කියලා දෙයක්වත් නැද්ද? අනිත් මිනිස්සු ගැන අනුකම්පාවක්....

      Delete
  6. "තවමත් අපේ රටේ බන්ගෝස්ලා හරි ආඩම්බරෙන් කියනවා ‘අපිට ඕනි දේශපාලනයක් නෑ, අපි හම්බ කර ගත්තොත් අපිට කතෑකි.’ කියන, අමන කතා.

    දැන්-දැන් නං එයාලටත් තේරෙන්න අරං ‘දේශපාලකයන් මඤ්ඤං කෙළින’ ඒවා ‘අපි හම්බ කර ගෙන කන එකට කොච්චර බලපානවද කියලා.’ එයාලා bull කෙළිද්දී එව්වාට වන්දි ගෙවන්න වෙන්නේ අපි හැමෝටමයි කියලා."
    මේ කථාව හරියට හරි
    1963 උපන් කෙනෙක් විදියට පවතින තත්ත්වය ගැන දැඩි කණගාටුවක් තියෙනවා.
    ඔබගේ ලිවීම හැමවිටම මට සංවේදීව දැනෙනවා.සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවතීවා යයි පතමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බන්දුල විතානගේ මහතාණෙනි!
      රට ගැන ලියන වැඩි වෙලාවක සතුට දනවන දේවල් ලියන්නට නැති වීම මොන තරම් අවාසනාවක්ද කියලයි හිතෙන්නේ.

      සිද්ද වෙන දේවල්වලට ඔරොත්තු දීම සඳහා මට විතරක් නෙවෙයි, අපි හැමෝටම වඩාත් සෞඛ්‍ය සම්පන්නව සිටීමට සුබ පතා ගනිමු, නේද?

      Delete
  7. බාගයයි කියෙව්වෙ ඉතුරු ටිකත් කියෝලම කොමෙන්ට් එකක් දාන්නං.

    මේ ලංකාව ගැන වෙන්න බෑ නේද කියල තියෙන්නෙ. මෙහේ කොහේදිවත් ගෑස් ගිනිගත්තෙ නෑනෙ.

    ReplyDelete
    Replies
    1. මේක උතුරුකුරු දිවයින නේ ප්‍රසන්න. ඔන්න ආයෙමත් දියසේන කුමාරයාවත් කැන්දන් එන්න එනවා... අලුත්ම news plant කෙරිල්ල.....

      Delete
    2. දියසේන කුමාරයෙක් ලොකු ගිණුමකින් ලොකු ඉලක්කම් ටිකක් අරගෙනළු. ඒකයි අළුත් එක!

      Delete
    3. අනේ අනේ, අසද්ද බොරු නොකියා ඉන්න අනුර මහත්තයෝ.

      අහිංසක නාමල් බේබිම ප්‍රසිද්ධියේ කියලා තියෙනවා දැක්කේ නැද්ද 'තාත්තගේ සල්ලි හොරකං කරපු විත්තිය දන්නෙ මාධ්‍යවලින් දැක්කම' කියලා.
      https://www.economyhub.info/2022/01/26/namal-rajapaksa-contact-number/

      Delete
  8. බය වෙන්න එපා මචන්. දැන් ආපහු ටුවරිස්ට් ල එන නිසා මේ කට්ටියම් ආපහු චන්දෙ දෙනවා. උඹට නම් මධ්‍යම අධිවේගේ හැදුවට ඉරිසියාව. 😄 මගේ අක්කල ඒ දවස්වල ළමයිව හදන්නේ ලොකු මාම සැරයි ආවම කියනවා වගේ ඒවා කියල. ඉතින් එක පාරක් ලංකාවට ගියහම් (අවුරුදු ගානකට කලින්). අක්කගේ ලොකු පුතා වයස හයක් විතර ඇති ඒ කාලේ- මාව මුලින්ම දැක්කම කියපි - සැර ලොකු මාම හරි පොඩියි නේ. පටි රෝල් ඉතින්.
    හැබැයි පොර පස්සේ දැන ගත්ත පොඩි වුනාට ලොකු මාම කියන්නේ මොකාද කියල. ඌ දැන් අඩි හයක් විතර උසයි. 😄

    ReplyDelete
    Replies
    1. ඔය වැඩේ අජිත්, හැම තැනම වෙන එකක්. අම්මල තාත්තලා පොඩි එවුන්ව බය කර ගන්න කාව හරි බිල්ලෙක් කරනවාමයි. අන්තිමට ඒ පුරුද්දට ලොකු වුණාට පස්සෙත් අපිට බිල්ලෝ ඕනිමයි. මැතිවරණ කාලෙට බලන්නකෝ උන්ට තියෙන ඩිමාන්ඩ් එක!

      Delete
  9. //අනාගතේ දවසක ‘Google’ එකේ උදව්වෙන් හරි ‘දැන් ලොකු මාමාගේ හිතේ තියෙන හැඟීම්’ හොඳින් පරිවර්තනේ කරවාගෙන කියවල බලන්න ඔයාලට ඉඩක් ලැබෙයි. ගූගල් translations හොඳටම කෙරෙන කාලෙ එනකොට මේ ලොකු මාමා ඒවා දකින්න ඉන්න එකක් නෑ.//
    ඇත්තටම ලොකු දුකක් දැනුනා...

    ReplyDelete
    Replies
    1. අනිච්චේ දුක්ඛේ සංසාරේ තමයි අසංග...

      Delete
    2. මතකද ගීතිකාලගෙ ගෙදර දුවයි පුතායි කෑම කවන්න මාව යකෙක් කරලනෙ තිබුණෙ. එතකොට කෙල්ල එකේ පංතියෙ. උදේනිගෙ කකුලෙ උළුක්කුවකට තෙල්ගාලා අදින කථාවක් කීවාම කෙල්ල මගෙන් අහපි ඔයා අපිව ගිලින්නෙත් තෙල් ගාලා ඇදලද කියල.එදා ඉඳල මං කියන්නෙ බත් නොකෑවොත් තෙල් ගාලා මට කෝල් එකක් දෙන්න කියලයි.

      Delete
    3. ගීතිකා නෙවෙයි ගීතා, අනුර මහත්තයෝ. ඔයාව විතරක් නෙවෙයි, සචීට යකෙක් කරලා තිබුනේ. අපේ හිතවතා wal ප්රියන්තවත්.
      හතර රියන් ඔයාව දැක්කම ඒ ළමයා නිකන්ම බය වෙන එක පුදුමයක්ය?

      Delete
  10. පොඩි දෙන්නා යන එක ගැන නිමල්ගෙ හැගීම් පාඨකයින් එක්ක බෙදාගත්තට ස්තුතියි.

    'නිමල් බෙන් ලන්ඩන්වල ඉස්කෝලෙන් කලර්ස් තුනක් අරං... Studies, Sports, Music තුනටම'. දුර්ලභ සම්මිශ්‍රණයක්! මෙහෙම අය කොහොමත් යන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. බුද්ධි ගලනය රටක දියුණුවට හොඳ නැහැ කියලනේ Lotus කියන්නේ.

      Delete
  11. H3ම හරි නේද? ඉතිං ඇයි හිත කරදර කරගන්නෙ?

    ReplyDelete
    Replies
    1. ආත්මාර්ථකාමී හැඟීම් තමයි ඉතිං....

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්