“Many Happy returns of the Day, dear Loku!”
“සුබ උපන් දිනයක් අයියේ!”
ඩෙඟ ඩෙඟ පරි - රඹට කැකිරි කිව්වලු! එච්චර වෙලාවක් මෙයාලා
කොහෙද දෙයියනේ වහං වෙලා උන්නේ... තවත් තුන් දෙනෙක් කලඑළියට ආවම මට හිතුණා...
සත්තයි- සහතිකයි. ඒක නං මං හිතුවෙම නැති සුමිහිරි ගීතයක් වගේ සර්ප්‍රයිස් එකක්...
දැන් ඉතිං කේක් එක කපලා
හිටිමු. (මේ ෆොටෝව අවුරුදු 10කට ඉහතදී- බොල්ගොඩ රන්මල් හෝටලයේදී පැවැත්වුණු මෙවැනිම
සර්ප්‍රයිස් උපන් දින සාදයකදී ගත්තකි.) |
අපේ බඩා මල්ලා; දීපාලුයි, සුනිල් මල්ලී හා එයාගේ බිරියයි.
කවුද
යකඩෝ හීනෙකින්වත් හිතුවේ, එයාලත් එයි කියලා.
“සුනිල්! කොයි වෙලාවෙද ඔයාලා බලන්ගොඩ ඉඳලා ආවේ?”
“අද උදේ අයියේ! මෙච්චෙල්ලා මානිල ගෙදර හිටියෙ...”
“එතකොට දීපාල්?”
“සමන්ති අක්කා ආවේ සඳුදා. මම Tuesday... ඔයාට රියල් සර්ප්‍රයිස් එකක් දෙන්න ඕනි
හිංදා අපි ඔක්කොමල්ල මේ ටිකේ හැංගි- හැංගී හිටියෙ... හිමා ඔයාට ෆෝන් එකෙන් කතා
කරද්දී හරි අපි ආවයි කියලා ඔයාට කියයි කියල අපි බයේ උන්නේ.”
“නිමල්,
ඒකත් ගෙස් කරලා කොළේ ලිව්වේ නැහැනෙ” ප්‍රියන්ත ඇහුවේ full සැටිස් tone එකකින්.
“එහෙම guess කරන්න නං මට දිවැස් තියෙන්න ඕනිනෙ, ප්‍රියන්ත.”
“හරි හරි... දැන් ඉතිං කේක් එක කපලා හිටිමු නිමල් අයියේ. අපි වෙල්කම් drink එකත්
සර්ව් නොකර හිටියෙ කේක් එක කපනකල්...”
නෙවිල්ගේ
ලොකු අයියාගෙ ලොකු දියණිය දිල්හා කේක් ගෙඩිය හදා තිබ්බේ ‘නිදිගෙ පංච තන්තරේ’ පොතක
හැඩයට අරගෙනය. ස්තුතියි දිල්හා!
නමුත්, කේක් එක හැදූ දිල්හාටවත් පාටියට ආරාධනා කෙරී තිබුණේ නැත! දිල්හාට විතරක්
නොවේ, තවත් සීයකට විතරත්...
‘අපටත් නොකියම මේ සැරේ birth day එක සෙලිබ්රේට් කළා නේද?’ කිහිප දෙනෙකුම පස්සේ ඇහුවාත්
එක්කය.
මගේ එකම
උපන් දිනයක්වත් මෙතෙක් කාලයකට මගේ උවමනාවෙන්; මගේ සංවිධානයෙන් යුතුව උත්සවාකාරයෙන්
සමරා නැතිය! මගේ හිතවතුන්ටත්, ඔවුනගේ පවුල්වල සේරටමත් කියලා එහෙම කරන්නට ගියොත් ඒ
වෙනුවෙන් ලොකු පිට්ටනියක් හොයා ගන්නට සිද්ද වෙනවා නිසැකය. එවන් සාදයක් ලෝකෙට පරකාසෙට
කෙරෙන්නක් මිස- හෘදයාංගම එකකුත් නොවෙනු ඇතැයි මට සිතේ.
නිමල් දිසානායකයා හිතන්නේ ඒ විදිහටය.
(‘නිමල් අයියේ, ඔයාට fb එකේ යාළුවො ඉන්නෙත් අඩුවෙන්නෙ. ඒ මොකෝ?’ කියලාත් කීප
දෙනෙකුම මගෙන් අසා තිබෙයි.
ඒ උදවියට මා විශ්වාස කරන ‘150 න්‍යාය’ පහදා දෙන්නට මට සිදු විණි!)
අනෙක් අතට ‘නසරානි දෙබිඩ්ඩෙක්’ වෙන මා,
මගේ ඒ හිත මිතුරන් සැවොම එකම වේදිකාවකට කැඳවන්නේ නැත. ඒ ඒ අයව ඒ ඒ සර්කල්ස්වල
රඳවා- සීමා කොට තබා ගැනීම මගේ සිරිතයි. (ප්‍රධාන විශ්වයන් දෙකකට අයත්
හිතවතුන් මට සිටින විත්තියත් මා කලින් කියා තිබෙයි.) ඒ ඒ උදවියගේ රුචි-අරුචිකම් ගැන
දත්ත ඇති තරමින් මගේ data base එකේ ගබඩා වී තිබීමත් මට එහිදී ප්‍රයෝජනවත් වෙයි.
මගේ උපන් දින සාදය
අවසානයේදී, අංජනලගේ කෙළියට වඩා අපූරු ගිනිකෙළි සංදර්ශනයකුත්... |
‘හැපි මාසයක් අලුත් උපන් දිනයක් වේවා. අපට නොකිව්වට කමක් නැහැ. ප්‍රා ජේ ට නොකිව්ව
එකටයි හිතට දුක...’)
මගේ
හිත-මිත්‍රාදීන් අතරේ ‘නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අංජන සඳරුවන්’ වැනි උදවිය නැති
වීමත් මට වාසියකි. මං වහන්සේ එහෙම හිතන්නේ මන්දැයි දැන ගන්නට කැමති නම් (විනාඩි 1 තත්පර
49ක) මේ වීඩියෝව නරඹලා ඉන්න!
‘මගෙ ගෙවල් ගිනි තියා ගත්තේ- කකුල් කඩා ගත්තේ මම.’ කියා අංජන කියද්දී, මට නං
හිතෙන්නේ ‘බළලා මල්ලෙන් එළියටත් පැනලා’ තිබෙන බවයි! ඒ ඇවිළුණු ජංජාලය සිද්දවී
තියෙන්නෙ නොවැම්බර් 3 වෙනිදා හලාවතදීය.
හරියටම ඊට මාසයකට කලින්- මගේ උපන් දින සාදය අවසානයේදී, අංජනලගේ කෙළියට වඩා අපූරු ගිනිකෙළි
සංදර්ශනයකුත් පැවැත්වුණු විත්තිය මෙතැනදී කියන්නට අවසර දෙන්න...
“නිමල්
අයියා දන්නවද? පාටිය අන්තිමට පත්තු කරන්න මම මල්වෙඩි වගේකුත් හදවගෙන ආවා. මුලින්ම මං
ලලිත්ට ඒක කිව්වම ඕනි නැහැයි කියලත් කිව්වා...” හරිශ්චන්ද්‍ර මගේ කනට කෙඳිරුවේය. “එහෙම
බැහැයි කියන්න බැහැනේ නේද නිමල් අයියේ... මං ලලිත්ට කිව්වා මල්වෙඩිත් ඕනිමයි
කියලා. හඃ හඃ හඃ... ඒ පාර ලලිත් මට කිව්වා උඹට ඕනි බම්බුවක් ගහ ගනිං කියලා...”
ටික ටික
ආරංචි වුණු විදිහට සාදය ගොඩාක් සරුසාර වෙලා තියෙන්නේ එකේක මිතුරු-මිතුරියන් එකේක
ජාති හදාගෙන හෝ මිලදී ගෙන එන්නට ඉදිරිපත් වී තිබුණු නිසාය.
“ඔව්
නිමල් අයියේ... හැටකට නෙවෙයි ගමකට ඇති වෙන්න කෑම තියෙනවා, හදාගෙන ආපු. පේනවනෙ...
මේවා කාල ඉවර කරන්න වෙයි ඔන්න.” බබිතා හා මැණිකේ නංගිලා කීවෝය.
“ඇයි බබිතා- අපේ එක්කෙනා තවම නාන් රොටියි, කරි ජාතියි ගෙනාවෙත් නැතුවනෙ මේ.”
“ප්‍රියන්ත නානුත් ගේන්නද හදන්නේ රසික නංගි... මෙච්චර දේවල් තියෙද්දී...” මගේ ඒ ප්‍රශ්නයට
උත්තර දුන්නේ මැණිකේ නංගිය. “නිමල් අයියා දන්නවනෙ අපේ අයියගෙ හැටි. (පෝල්) චමින්ද අයියලා ඩෙසර්ට් ජාති දෙක තුනක්ම හදාගෙන එන්නං කියල
තියෙද්දිත් අපේ අයියා අයිස්ක්‍රීම් කෝනුත් ගෙනාවා...”
ලොකු
මේසයක් පිරෙන්නටම එකිනෙකා රැගෙන ආ කෑම ජාතිය. බයිට් වර්ග- මුරුක්කු වර්ග- කඩල, කජු,
මස් වර්ග- මාළු වර්ග විතරක් නොවේ සොසේජස් හා ඉස්සොත්... ඩෙවල් කර- බැද- සලාද
වශයෙන් සකසා...
ටෙලිෆෝනය හදන්නට ආ තරුණයන්
දෙන්නා; චතුර හා එෂාන්- ටෙලිෆෝන් සබඳතාව හදන අතරේ කෙරුණු කතාබහෙන්... |
“අපරාදේ
ලොකා... මෙච්චර කෑම ජාති තියෙනවයි කියල කවුද දන්නෙ... එහෙම දන්නවා නං මම නෙවිල්
අයියට කියනවා මෙච්චර බයිට් නොහදා ඉඳිමු කියලා.”
“ඇයි මානි, නෙවිල් කිව්වද ඌරු මසුයි, කුකුල් මසුයි ගොඩක් හදන්න?”
“ඒකනේ ලොකා. කිලෝ පහ ගණනේ... අපරාදේ...”
මේවා
කීම පුරසාරම් දෙඩවිල්ලක් විදිහටත් ගත හැකිය. එවැනි දෙයක් මගේ නම් හිතේ නැත!
මා මේවා ලියන්නේ කරුණු දෙකක් අවධාරණය කරන්නටය.
1. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබීමේ
මහිමය: ඒ අතින් නම් කියන්නට දේවල් එමටය. ඉඩකඩ සැලසුණු හැටියට පසුගිය postsවලදී මා
ඒ සමහර මිතුරන්ගේ අගය උදාහරණ සහිතවම ඔබට කියා තිබෙයි. කෝටි ප්‍රකෝටි ගණනින් උපයා
ගන්නවාට වඩා වටිනාකමක් ‘කලණ මිතුරන් ඇති කර ගැනීමේ’ තිබෙයි!
හැකි උපරිමයෙන්ම සතර සංග්‍රහ වස්තුවලින් මිතුරනට සැලකීම ඊට හොඳම මාර්ගයයි.
ඒ ගැන
චූටි පම්පෝරියකුයි මේ:
දන්නවනෙ, පහුගිය දවස්වල වැහැපු තරම. ඒ හින්දා මගේ ටෙලිෆෝන් එකත් කැඩුණා. ඒක හදන්නට
ආව තරුණයන් දෙන්නා- (චතුර හා එෂාන්) ටෙලිෆෝන් සබඳතාව හදන අතරේ
කෙරුණු කතාබහෙන් මාත්තෙක්ක හොඳටෝම හිතවත් වුණා. කොච්චර කුළුපග වුණාද කියනවා නම්...
එෂාන්ලගේ අම්ම චතුරට එවල තිබුණු ඉඹුල් කිරිබත් ගෙඩියකුත් මට තිළිණ කරලයි එයාල ගියේ!!!!!!!!!!!!!!
මං
වහන්සේ එහෙම ඉතා ඉක්මනින් තවත් අය එක්ක කුළුපග වීම, අයස්මන්ත මහත්තයා නං
හඳුන්වන්නේ ‘නිමල් අයියා ප්‍රේමයෙන් වෙළීගෙන- වෙළීගෙන යෑමක්’ විදිහටයි!
ඒත් මොකෝ? මට නං ඒකෙන් කරදර වෙලා; හිත රිදිලා තියෙන්නෙ ඉතාම අඩුවෙන්.
2. හොඳ මතකයක් තියා ගැනීම හා අවංකවම අගය කිරීම.
කවුරු හරි මට පුංචි උදව්වක් හරි කළත් මං ඒක මතක තියා ගන්නවා. (ඔව්, ඔව්- මතක තියා
ගන්නවා කියනවටත් වැඩිය නිවැරදියි ‘නිකංම ඒවා මගේ මතකයේ රැඳෙනවා’ කියන එක.
මාව හොඳට අඳුරන අය නං මෙතැනදී කිණ්ඩියට වගේ හිනාවෙයි. ඕන්නං මෙහෙමත් කියයි. ‘අපොයි
නිමලෝ, උඹ හරි බෝසතා. බලන්න ඕනි උඹට පොඩි හරි කෙනෙහිල්ලක් කරපුවම මතක තියා ගන්නෙ
කොහොමද කියලා.’ ඇත්ත, ඒවත් හොඳින්ම මතක හිටින‘පොළොං ගතියකුත්’ මට තියෙනවා. ඒක වෙනම කතාවක්.)
නමුත්, මට කරපු උදව්වකට ප්‍රසිද්ධියේම ස්තුති කරන්නත්; අවංකවම ඒක අගය කරන්නත් මම
අමතක කරන්නේ නෑ.
මම හිතන්නේ ගහක් ගලක් ඇඳක් පුටුවක්
උපකරණයක් වුණත් පණ ඇති දෙයක් විදිහටයි. එව්වට පවා ‘කෘතවේදී’ විය යුතුයි නේද? |
මම
හිතන්නේ ගහක් ගලක් ඇඳක් පුටුවක් උපකරණයක් වුණත් පණ ඇති දෙයක් විදිහටයි. මම නං
එව්වටත් ස්තුතිවන්ත වෙනවා. එහෙම ‘කෘතවේදී
වීම’ අපි හැමෝගෙම ඇබ්බැහියක් වෙනවා නං...
“මල්ලා,
ඔයා අලුත් job එකකට ගිය කිට්ටුවනේ... කොහොමද නිවාඩු ගත්තේ...”
“It was not easy. ඒත් ලොකූ මෙහෙම දවසක් මඟ අරින්න පුළුවනිද? ඔයානෙ අපිට තාත්තෙක්
වුණේ; මම ඉපදෙන්නත් අවුරුදු ගාණකට කලින් ඉඳලා. චූටියත් එනවා දරුවෝ ටික නැත්තං. නැද්ද Sam?”
“Of course D! Loku, අපි ඔයාට කොච්චර සැලකුවත් මදි- ඔයා කරලා තියෙන දේවලුත් එක්ක.”
“හරි
හරි. ඒවා තියෙද්දී මට කියනවා තමුසෙල කොච්චර දවස් මෙහෙ ඉන්න බලාගෙනද ආවේ කියලා.”
“අනේ සොරි ලොකූ, මම Monday වැඩට යන්න ඕනි. මගේ ෆ්ලයිට් එක ඉරිදා.” සමන්ති නංගි
කිව්වාය.
“මගේ flight එක සඳුදා උදේ.” දීපාලුත්...
“අයි යකඩෝ, තව දවස් දෙකයිනේ ඉතිරි වෙලා තියෙන්නෙ- තමුසෙලා එක්ක කතා කරන්නවත්...
ඔච්චර වියදම් කරගෙන ඇවිල්ලත්...”
එයාලා
මාව පුදුම කරවන්නට ගියායින් වුණේ, අපට එක්ව ගත කරන්නට තිබුණු කාලය අතිශයින්ම සීමාසහිත
වීමයි.
“මේ,
අය්යල නංගිලා එකතු වෙලා ඇති පදම් කතා කර ගන්ඩලා පස්සේ. එන්ඩ Sam ඩාන්ස් කරන්න.
හිමාගෙන් මටයි බේරිල්ලක් නැත්තේ.”
“ඔව් ඔව්... ප්‍රීතිකා නංගි. කතාව අස්සේම මම බලාගෙන උන්නේ- ඔයාට ගැලවිල්ලක් නැති
හැටි.” ඇත්තෙන්ම එදා වැඩියෙන්ම නටන්නට සිද්ද වුණේ අයස්මන්ත මැතිනි ප්‍රීතිකාටයි.
ඒ
අතරවාරයේ මහත්වරු විවිධාකාරයෙන් ‘බොනපාට්’ චරිතය රඟන්නට පටන් ගත්හ.
අවුළුපත් තසිම් ගියේ එයාලා අතරට විතරක් නොවේ. ලලනාවන් හා දූ පුතුන් අතරටත්...
“එක
අතකට ලජ්ජයි මචං...” සුමිතුරු උදේනි දසනායක මගේ සවනට කොඳුරයි. “... ඇයි බං අපි කවද්ද trip එකක් යද්දී,
පාටියක් තියෙද්දී සිංදු නොකියා හිටියෙ. මං ඒත් නෙවිලයගෙන් ඇහුවත් එක්ක කීබෝඩ් එක ගේන්නද
කියලා. ඌ OK නොකළ නිසා මාත් නිකං හිටියා මචං... උඹෙන් අහන්නත් බැහැනෙ, පාටිය උඹේ
නෙවෙයිනෙ. හඃ හඃ හඃ!”
කෑමෙන් පස්සේ අපේ කව්රුනුත්
හිනා කෑවෝහ. ඒ වීඩියෝව බලද්දීය. එයින් උපුටාගත් foto එකකි... |
”පැදුරක් දාමු... පැදුරක් දාමු- අද හෙටම. කාලෙකින් පැදුරක් දාන්නත් බැරි වුණානෙ
බං.” උදේනි යෝජනා කරයි. ඒ දවස්වල නම් අපට සංචාර- ප්‍රිය සාද- පැදුරු සාජ්ජ කෙළවරක්
නැත.
දැන් ඒවා කෙරෙන්නේ ඉඳහිටය.
ඉන්ධන
මිලේ ඉහළ යාමත්, බඩුමුට්ටුවල මිල වැඩිවීමත් එවන් අතිරේක වැඩවලට තිරිංග දමලාය!
“නිමල්
ඔයා මොනවා හරි කන්න ගත්තා නං හරි. අතන බෝතල් ඉවර වෙන්න කිට්ටුයි. වෙන ඉෂූ කළොත් over
යනවා. පීරා වීඩියෝ එකකුත් හදාගෙන ඇවිත්... හරිශයගේ මල්වෙඩි පත්තු කරන්නත්
තියෙනවනෙ...”
“ලොකාට කෑම බෙදාගෙන එන්නං?” ප්‍රියන්තගේ යෝජනාව ඇසුණු පමාවෙන් මානෙල් මගෙන් අහයි.
“නෑ මානි. මම පොඩ්ඩයි කන්නේ...”
“පොඩ්ඩයි?
දන්නවනෙ මානෙල් නංගි මුගේ හැටි. නිමලයා ඔය පොඩ්ඩක් කන්න හදන්නේ, පෝලලා හදාගෙන ආව ඩෙසර්ට්
ජාති සේරමගෙන්ම කන්න බලාගෙන... යකෝ, තොට පැණි රස එව්වා හොඳ නෑ.” මර්වින්
පොලිස්කාරයෙක් වෙන්නට හදයි.
“ඒවට සූදානං වෙලා ආවේ! මේ!!” මගේ උත්තරයත් එක්කම, කමිස සාක්කුවෙන් එළියට වඩින ‘කිරාත
තිත්ත (හීන් බිං කොහොඹ) කොළ අහුර’ මර්වින්ගේ ඉවසිල්ල නැත්තටම නැති කරයි.
“ඕවා රෝල් කරලා ගහ ගනිං තොගෙ xx... මූ අපිටත් කුණුහරුප කියවනවා නංගි.”
“කෝ, දිසානායක
තා..ම මෙතැනනේ... කෑම බෙදා ගත්තේ නැද්ද? අද ඉක්මනට කනවා, හරිද- පෙරේතකමට අත ගගා
ඉන්නැතුව. අපි කට්ටියත් කෑමට එන්නයි හදන්නේ. වීඩියෝ show එක තියෙන්නේ කෑමෙන්
පස්සේ... උඩ තට්ටුවේ... ළමායි... ඇටෙන්ෂන් ප්ලීස්...” නෙවිල් සද්දෙන් ආපහු නිවේදනය
කරන්නට සූදානම් වෙයි.
“මේ හලෝ චුට්ටක් ඉන්නවා... අද තමුසෙගෙ limit එක පැනල නේද?”
“අ..ද
නොබී කොහොමද? සෙරාන් පුතා ඔයාලගේ ගෙදරට යනකල් වාහනේ ගෙනිහිං දෙන්නං කිව්වා. කොච්චර
කියනවද- දැන්වත් ඩ්‍රයිවින් පුරුදු වෙනවකො හලෝ.”
කෑමෙන්
පස්සේ අපේ කව්රුනුත් හිනා කෑවෝහ. ඒ වීඩියෝව බලද්දීය. එයින් උපුටාගත් foto එකකි; ඉහළින්
තියෙන්නේ. (මෙතැනදී නිදහසට යමක් කියා පලක් නැත. නිමල් දිසානායක සුධීමතුන්හට ‘මඩ
ගහන්නට’ එවැනි ආයුධ අයස්මන්ත- ප්‍රියන්ත- මර්වින්- නෙවිල් වැන්නවුන් රැසකගේම අත
තිබෙයි. වැඩක නිරත වෙන අතරේ බාධාවක් කර මාව අවුස්සා; කේන්ති ගන්වා; ආලවකයා මගේ
සිරසටම වැඩම්මවීම ඔවුනගේ ප්‍රියතම විනෝදාංශවලින් එකකි.)
අපි යන්න කලින් කෝපිත් දෙනවා
නේද? |
අප වෙනුවෙන් සුනිලුත්, දීපාලුත් හිතවතුනට තුති පිදූහ. “ඒ මදි ඒ මදි. නිමල් අයියගෙනුත්
කතාවක් ඕනෑ.’යි කියැවිණි. ඉතිං, මගෙනුත් කෙටිම
කෙටි කතාවක්...
ආපහු බිම්
මහලට...
“අපි යන්න කලින් කෝපිත් දෙනවා නේද?”
“වතුර උණු වෙනවා... මේ... කෑම ජාති ඔක්කොම වගේ ඉතිරියි. අනේ, ඔයාලා කැමති කැමති
දේවල් ඔතා ගන්නකො යනකොට ගෙනියන්න.” රසිකා-බබිතා- මැණිකේ නංගිලාගෙන් පෙරැත්තයකුත්...
“නිමල් අයියටත් අපි ඔතන්නං...”
‘කෑම නං
එපා මචං. ඔය කොටයක්- බෝතලයක් එහෙම තියෙනව නං දෙන්න කියහං!’ හඬ අඩු ඉල්ලීමකුත්
කෙරිණි.
ඊට
දෙදිනකට පස්සේ මම ඒ උපන් දින සාදය ගැන
මෙසේ fb සටහනක් ලිව්වෙමි.
‘වෙනදාටත් වඩා ඉහළින් මේ වතාවේ මගේ උපන් දිනය සැමරුවා.
හැබැයි මම නං හිතාගෙන- වටහාගෙන හිටියෙ ඔය පොඩි මොකක් හරි කෙරෙනවා
කියලයි; කසුකුසු පෙනුණාම.
ඉතිං තුන්වෙනිදා හවස හතහමාරට නෙවිල් මාව ප්‍රියන්තලගේ ගෙදරට
එක්කරගෙන යද්දී හිතා ගන්නවත් බැරි පිරිසක් එහෙ. හිතවත් මිතුරු මිතුරියන් පනහක් විතර.
ඒ අතරේ ලංකාවේ ඉන්න මගේ සොයුරු- සොයුරියන් විතරක් නෙවෙයි, එංගලන්තේ ඉන්න සමන්ති නංගියි- දීපාල් (බඩා) මල්ලායි
දෙන්නාත්....
ඇත්තෙන්ම සර්ප්‍රයිස් බර්ත්ඩේ පාටියක්....
එක එක්කෙනා කෑම- බීම- කේක්- අතුරුපස- බයිට් හදාගෙන ඇවිත්...
අන්තිමේදී ගෙවල්වලට ගෙනියන්නත් එක්ක... තරම තේරුම් ගත්තෑකිනෙ බයිට්වලටම කුකුළු මස්
කිලෝ පහකුත්- ඌරු මස් කිලෝ පහකුත් හදල තිබීමෙන්ම...
මගේ ගණනයට අනුව ලක්ෂ එකහමාර පැනපු වියදමක්... (මං එච්චර වටිනවද?)
ඇත්තෙන්ම සජීවී උපන් දින සාදයක්! වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම live...!!
ඒ අදහස- යෝජනාව- සැලසුම්- සංවිධානය කව්රු කවුරු කළාද කියල මං
තවමත් දන්නෑ. හැබැයි සුපිරියටම තිබුණා.
සාදය අන්තිම වුණේ කෙටි වීඩියෝවක් පෙන්නලා- කෙටි කතා ටිකක් පවත්වලා. සුබ පැතුමකුත් කරලා.
බරපතළ ඉල්ලීමකුත් කරලා.
"නිමල්, ඔයා තව අවුරුදු තුනකින් ලෝක වාර්තාව තියන්න
ඕනි, මල්ටිපල් මයෙලොමාව හැදුනට පස්සෙත් වැඩිම
කාලයක් හිටිය කෙනා වෙලා." ප්‍රියන්ත හිතවතා අයස්මන්තත් එක්ක මුලින්ම ඒ ටාගට් එක
මට දුන්නේ නදීකා දහනායක සොයුරියගේ අකල් මරණය දවසෙ; (අවුරුදු දෙකකට කලින්).
ඉතිං, එදා ඉඳලම සුබ පැතූ, තවමත් සුබ පතන අයටත් ස්තුතියි. මං ලියන මේ විස්තර කියවන හැමෝටමත් ස්තුතියි! සෙනෙහසින් හා ආදරයෙන්.... |
සාදයට සපැමිණි ඔයාලා හැමෝටම ස්තුතියි! (අන්තිම මොහොත දක්වාම
රහසක් විදිහට තියාගන්න ඕනි නිසාත්- ඉඩකඩ ප්‍රශ්නය නිසාත් සාදයට ආරාධනා කරල තිබ්බේ
60 දෙනෙකුට විතරයිලු. එන්න බැරි වෙලා තිබ්බේ 3 දෙනෙකුට විතරයි.)
ඉතිං, එදා ඉඳලම සුබ පැතූ, තවමත් පතන අයටත් ස්තුතියි.
හැමෝටම සෙනෙහසින් හා ආදරයෙන්....’
Post එක
හමාර කරන්න කලින් මගේ අතින් වෙච්ච වස වැරැද්දකුත් නිවැරදි කරන්න ඕනි.
fb සටහනේ මං ලිව්වනේ ’ලක්ෂ එකහමාර පැනපු වියදමක්...’ කියලා. එදා සාදයේදී අපේ
බොනපාට්ලා පාවිච්චියට ගත්තු මධු විත බෝතල්වල වටිනාකම විතරක් ‘එක් ලක්ෂ තිස් දාහක්’
විතර වුණාලු! ඒවා පාවිච්චියක් නැති මට නං ඔව්වයේ අගයක් නැහැනෙ- කොච්චර මිල වැඩි
වුණත්...
ඒත් එහෙම කියැවුණාම නං මට තවත් ආඩම්බර හිතුණා- මගේ අගේ තවත් ඉහළ ගියානේ කියලා෴O෴
උත්සවේ වීඩියෝ එක බැලුවා වගේම දැනුනා!
ReplyDeleteඑහෙම නං මගේ උත්සාහය සාර්ථකයි, වෘතාන්ත හිතවතාණෙනි. ස්තුතියි.
Deleteනිමල් ආතා නිවනට තව ලං වෙන්නා
ReplyDeleteඑයයි බුද්ධාගමේ අප සැම දන්නා
තනි නොතනියට ලපයත් ඇරගෙන යන්නා
අපගේ පැතුම එයයි රට වෙනුවෙන් ඉන්නා
නිවන ගැන මගේ අවබෝධය නම් පටුය
Deleteඑය ලැබ ගැන්ම තනි තනියෙන් කළ යුතුය
උපදින්නෙත් මැරෙන්නෙත් අපි තනිවමය
රට වෙනුවෙන් මළත් ඒකත් සැපතක්ය!
මරු පාටිය
ReplyDeleteඒක නං හැබැයි, Praසන්ன මහත්තයෝ.
Deleteනිමල් අයියා අතීතයේ නෑදෑයන් හිතවතුන්ට කල දේවල් වලට සැලකුම් ලැබෙනවා කියල මට හිතෙන්නේ...
ReplyDeleteකලණ මිතුරෝ ගැන කියද්දී බ්ලොගර්ස්ලගේ නේවි කැප්ටන් කෙනෙක් හිටියා මතක් උනා ....
මං හිතන්නේ උන්නැහේව සුදු වැන් එකකින් උස්සලා .....
ලලිත් මහත්තයෝ, ඔයා හරි. වපුරන දේවල් තමයි කපා ගන්න ලැබෙන්නේ කියලත් කියනවනෙ.
Deleteකවුද අප්පේ ඒ නේවි කැප්ටන්?
කියෙව්වා -skim read. නෑඳෑ හිතවතුන්ගෙ සැලකුම් ලැබීමේ වාසනාව, හැමෝටම නැති දෙයක්. 👌
ReplyDeleteඇත්තයි බකුසුතුමෝ. වාසනාව නැත්තං; පෙර කළ පිං ඇති බව මට නං සෑහෙන්න තියෙනවා වගෙයි.
Deleteනිමල් අන්කල් කෝ තාම ලෝටස් අක්කි ගෙන් බර්ත්ඩේ උම්මා එකක් ලැබුනේ නැහැ නේද? ඔයාට ලැබුනොත් මාත් එක්ක ඒක බෙදාගන්න හොඳේ ...මම ලෝටස් අක්කි ගේ ක්‍රෂ් එක
ReplyDeleteසුබ උපන් දිනයක් වේවා නිමල් අංකල් !
ReplyDeleteස්තුතියි Ano!
Delete//මධු විත බෝතල්වල වටිනාකම විතරක් ‘එක් ලක්ෂ තිස් දාහක්’....අතන බෝතල් ඉවර වෙන්න කිට්ටුයි. වෙන ඉෂූ කළොත් over යනවා//
ReplyDeleteඅනේ මන්දා , නිමල් බොන්නෙත් නැති එකේ, මේක බොන්නම සෙට් වෙච්ච පාටියක් කියලයි හිතුනෙ. නිමල්ට වැදගත් වෙන වටිනා තෑග්ගක් දීලා....... එක්කො ඕනෙ නෑ. මිනිසුන්ගෙ ඇත්තම හිතවත්කම බලන්න පුළුවන්, මිනිහෙක් වැටුනාමයි. බොහෝ මිනිස්සු සහජයෙන්ම ආත්මාර්ථකාමීයි.
මම ඉගෙන ගත්ත දෙයක් තමයි, තමන් තමන් ගැන බලාගන්න ඕනෙයි කියන එක.
Ano, මේ නෑදෑ හිතවතුන් මගේ සැපතේදී වගේම විපතෙදීත් මගේ ළඟින්ම ඉන්නවා.
Deleteඅවුරුදු 11කට කලින් මට මල්ටිපල් මයෙලෝමාව හැදුනු වෙලේ මේ හැමෝම බාරහාර වෙමින්- දැවැන්ත බෝධි පූජා පවත්වපු හැටි-
පිටරටකින් හෝ ඖෂධ ගෙන්වා දිය යුතු නම් ඕනෑම වියදමක් දරා ඒවා ගෙන්වා දීඒමට ඉදිරිපත් වුනු හැටි-
කීමෝ ප්‍රතිකාර දෙද්දී පවා විකිරණ අනතුරු නොතකමින් මගේ ලෙඩ ඇඳ ළඟ උන් හැටි-
මම මේ බ්ලොගයෙන්ම ලියා තියෙනවනේ...
තමන් හිසට තම අතමය කියන තැනට නං මම තවමත් පත් වෙලා නෑ- මටම පුදුමයි ඒ වාසනාව ගැන.
හැබැයි, හැකි හැම විදිහෙන්ම- ඉතා සුළුවෙන් හරි මමත් එයාලට සහයක් වෙන නිසා වෙන්නැති (මං එයාලට වාතයක් වෙද්දීත්) යන හැම ට්‍රිප් එකකටම- තියෙන හැම සාදයකටම මාවත් බලෙන්ම හරි ඇදගෙන යන්නේ.
'මිතුරු තුමෝ දුක සැප දෙකෙහිම පැවතී. බිතුසිතුවම් රූ මෙන් පිටු නො පාවතී' කියල ඉංගිරීසි පත්තරේකත් තිව්න.
ReplyDeleteස්වස්ථි සිද්ධම්!
නමී, තමුන්නැහේ දැන් කියවන්නේ ඉංගිරිස් පත්තර වගෙයි!
Deleteඅනේ සාදු....
කෙනෙක්ට සාදය මාරයි සල්ලි හමාරයි කියන්ටත් ඇහැකි. ඒත් මිනිස්සු පාටි නොදා හම්බකරපු සල්ලිවලට මක්කා කරන්නද වෙන. බොන බීමේ මිල ඉතින් දරන්න පුලුවන් අයට සාපේක්ෂයි නෙව!
ReplyDeleteඑහෙම වියදම් නාස්තියක් විදිහටත් කෙනෙකුට පෙනෙන්න පුළුවනි තමයි. නමුත් නමී, රටක ආර්ථිකයට මෙහෙම මුදල් සංසරණය වෙන එකත් හොඳයි නේද කියලත් මට හිතෙනවා.
Deleteඕස්ටේලියාවේ සිට නිවාඩුවකට ඇවිත් ඉන්න ලංකාවේ මිතුරෙක් පෙරේදා කිව්වා ඩියුටි ෆ්‍රී සාප්පුවකදී දුටු රුපියල් ලක්ෂ හයකට ආසන්න මිලක් වෙන මත්පැන් බෝතලයක් ගැන. ඒ සාප්පුවෙන් එයා ඇහුවලු 'අන්තිමටම ඒ බෝතලයක් විකිණුවේ කවදද?' කියලත්. 'සතියකට කලින්' කියල උත්තරත් ලැබිලා.
අක්කි තාම ආවේ නෑනේ , උම්මා තාම දුන්නේ නෑනේ , වයස ගියත් නිදි තාම ඉලන්දාරියා !
ReplyDeleteහරිම ලස්සනයි මේ වගේම තවත් ලස්සන කතා ලිවිමට හැකියාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🥰❤️❤️ බුදු සරණයි නිමල් අයියේ 🥰❤️
ReplyDeleteගොඩාරියක් ස්තුතියි Ano!
Deleteහැබැයි- මම ලියන ඔක්කොම දේවල් සිද්ද වෙච්ච දේවල් විතරක් හින්දා /ලිවීමට හැකියාව ලැබෙන්න/ කියලා නෙවෙයි ප්‍රාර්ථනා කරන්න ඕනි, නිමල් අයියට තව තව 'ජරමර හුටපට' සිද්ද වේවා කියලයි.
නිදි , ඒක මම ප්‍රා ව අවුස්සන්න් දාපු එකක් . පාටිය නියමයි ඈ. අර පරිප්පු රෙසිපිය හොයා ගන්න බැරිව දීපාල් මල්ලිට කෝල් එකක් දුන්න . ඔයාගේ නොම්මරේ හොයා ගන්න . ප්‍රා කීව මොබයිල් පාවිච්චියක් නැහැ . ලෑන්ඩ් ලයින් විතරයි කියල වැඩේ අත ඇරලා දැම්ම .
ReplyDeleteඔය බොල්ගොඩ රන්මල් එකේ තමා අපි දෙන්නගේ ලංකාවේ වෙඩින් එක ගත්තේ
ඔව් අජිත් මහත්තයෝ, මං මොබයිල් පාවිච්චියක් නෑ. ඔයාත් හොඳටම දන්නවනෙ Pra Jay මහත්තයා වැඩිය කැමති ලොකු පිරිසක් ඉන්න සද්ද-බද්ද වැඩි සාදයකට වඩා සීමිත පිරිසක් ඉන්න එකකට බව. නමුත් ඔයා බෝලේ උස්සලා දීම ඇත්තටම ලිවීමේදී ලියන්න පහසුවක් වුණා!
Deleteමොකක්ද ඕනා පරිප්පු රෙසිපිය.
දීපාල් මල්ලියාව අල්ලා ගත්තද?
රන්මල් එකේ?
Deleteඑහෙනං ඉතිං අජිත්ලට ඇනුවසරි පාටියකුත් ලංකාවෙදී ගන්න වෙයි!
පාටි යන්නෙ නොගිහින් හරි නැත්නම් විතරයි. නැත්නම් කොහොම හරි නොගිහින් ඉන්න බලනවා
Deleteඒකනෙ!
Delete