ශ්‍රමදානයට අපි ඔක්කොම ගියා තමයි! |
උදම් වෙන්න හැකි තරමක ජය ලබලා
උදම් නොවී කර බාගෙන ඉවසාලා
සිතින් සතුටු- පැමිණිය මඟ සිහි කරලා
හිඳියි බහුතරය, හොඳටම සංසිඳිලා
ලැබූ ජය නියම විජයක් කර ගන්න
තියෙයි අපට හොඳ හැටියට වෙහෙසෙන්න
එකට එකතුවී කැපවීමෙන් ඔන්න
ඒ කටයුත්තෙ නියැලෙමු ‘අරමුණු ලෙසින’
ශ්‍රමදානයට අපි ඔක්කොම ගියා තමයි
පැරණි හොරුන් එළවා දැමු බවත් සැබැයි
එතැනින් සටන අහවර නෑ- ඇත්ත එයයි
දිනුමට වැඩිය අසීරු එය රැක ගැනුමයි!
අනුන් කරෙන් ගිය ගමනක් හිමි නොවෙන
තමන් වෙහෙස වීලා කටයුතු කරන
රට වෙනුවෙන්ම කැප වී පෙරටම ඇදෙන
‘උගත් නවක පිරිසකි- මේ රට දිනන’
පළපුරුද්ද නම් ඔවුනට ඇත්තෙ නැත
එකසිය පහළොවක් අලුතින් පත්ව ඇත
එනමුත් ඔවුන් උගතුන් බව
නම් පෙනෙත
ඔවුන් එක්ව රට ගොඩ ගන්නවා ඇත
සිරිලක සිව් දෙසින් එකතුව ජනතාව - එකාවන්ව ඡන්දය දී පළ කෙරුව... |
ඔවුනට හුරුයි පොඩි ජනයගෙ කුසගින්න
ඔවුනට තමයි හැකි සිරිලක ගොඩ ගන්න
ඔවුනට ලැබේවා දිරි- සවි අනුප්‍රාණ
සිරිලක සිව් දෙසින් එකතුව ජනතාව
එකාවන්ව ඡන්දය දී පළ කෙරුව
‘රිස්ස’ නොසිඳ වැඩි කරගත්තොතින් තව
දෑ කුල භේද යනවා ඇත අහෝසිව
විකිණුණු නමුදු පක්ෂ පවා මිල මුදලට මෙරට තුළ
පුරවැසි දන සිටිති තම ප්රතිපත්තිවල
මුදලට ගිජුව ඡන්දය දුන් දනන් කැල
දැන් නැත ලක්බිමේ - ඔවුනට ලැබිල මොළ
තුන හැට නවය කෙරුවෙත් පොදු ජනතාව
හැට නවයම තුනට දැම්මෙත් ජනතාව
සිය ගණනක් ගෙදර යැව්වෙත් ජනතාව
තමන් සතු බලය පෙන්නුවෙ ජනතාව
මාලිමා ගමන යං සංහිඳියාවේ! |
අනුන් දුකේදිත් කඳුළක් උනන ඇහැක්
සහිත තෙතමනය ඇති, අය හිටින රටක්
බිහිකොට ගනිමු; වෙයි සිරිලක සුරපුරයක්
වංචා නොකර සේවය ඉටු කරන දැයක්
යුතුකම තිතට කෙරුමට හුරුපුරුදු දැයක්
අභිමානයෙන් යුතු පුරවැසි සමාජයක්
ඇතිකොට ගැනුම අප හැමගේ වගකීමක්
පොඩිසිංඤොලගෙ සෙත සැලසෙන ආණ්ඩුවක්
හොරුන්ගෙන් තොරවු පිරිසිදු ආණ්ඩුවක්
නීතිය හැමට සමාන වෙන ආණ්ඩුවක්
ගොඩනැඟෙනවා නිසැකයි, නෑ කිසිම සැකක්
විවේචන කරන අය ඔහෙ කෙරුවාවේ
කකුලෙන් අදින අය එහෙමත් ඇද්දාවේ
කුලප්පුව තියෙන ඈයොත් හිටියාවේ
මාලිමා ගමන යං සංහිඳියාවේ
අල්ලස දූෂණය මුලිනුපුටා දැමෙන
අවනීතිය නොවෙයි නීතිය රජ කෙරෙන
දියුණුවෙ ඉනිමගේ හිණි පෙත්තට නඟින
රජයක් පත් කෙරේවා- ජන හද දිනන!෴O෴
ඇත්තේ වරදිමින් වැරදි හදාගනිමින් යාමට සිදුවන ගමනකි. හැටඅටලක්ෂයේ ඉවසීම හා අවබෝධය ඊට අත්‍යවශ්‍ය ය.
ReplyDeleteනිදිගේ කවි හැකිය අද දින ඉස්මතු වූවා
ReplyDeleteහදේ පැතුම මනරම් ලෙස කවි කෙරුවා
ජය ලැබ දැනට රට හෙමිහිට නැගිටීවා
ඉවසා සිටිමු හෙට තව බෝ දේ වේවා
වහල් නිමලේ ඔහුගේ තත්වය පෙනවුවා
ReplyDeleteපච ලපයා මාස හයෙන් ගුටි කන්නා
නිමලුත් බේරේ වැවේ නාගන්නා
කුමටද මෙවැනි වහලුන් හෙන හත වදිනා