li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, November 14, 2026

No work- No problem, More work- More problem - පළමු කොටස

සති කීපෙකට කලින් අපේ නමී උන්නැහේ මට මෙසේජ් එකක් එවල තිබ්බා. ‘නිදි, කවුද මංදා ඩොක්ටර් පීරිස් ගැන බොරු තියෙන වීඩියෝ එකක් දාලා. මෙන්න ලින්ක් එක. බලල ඉන්නකො- ඉස්සෙල්ලම.’

අපිට හිතාගන්නත් බැරි තරම් උතුම්, වටිනා, අමිල සේවයක් අපේ ලංකාවේ මිනිස්සුන්ට කරපු මිහිපිට දෙවියෙක් වගේ...

ඒ වීඩියෝව නමීලා ඉන්න Whatsapp සමූහයකයි තිබිල තියෙන්නේ. එදා මට හුඟක් අවිවේකී දවසක්. එදාම වීඩියෝව බලන්න හම්බ වුණේ නැත්තේ- ඒ හින්දයි.

පහුවදා උදේ fb පැත්තේ යනකොට මෙන්න බොලේ අයස්මන්ත පීරිස් හිතවතා ලියපු ලියැවිල්ලක් තියෙනවා. ඒක නං එවෙලේම කියෙව්වා... බොහොම සංවේදී ලියැවිල්ලක්...

“මේ මොකද යකඩො මේ? වීඩියෝවක් දැකලා දොස්තර මහත්තයා මෙච්චර වැටිල තියෙන්නේ?” මට හිතුණා ඒක කියවන අතරෙ. අයස්මන්ත මහත්තයා ඒ ලියැවිල්ල අකුරු කරලා තිබ්බේ හොඳටම හැඟීම්බරවයි! ලිව්ව ගමන්ම fb එකට දාල වගෙයි. (වදන් 1876කින් සමන්විත ඒ ලියැවිල්ල ඔයාලටත් එහෙම පිටින්ම කියවතෑකි ‘නමියගෙ වීදිය’ අඩවියට ගියොත්, නමීගේ කෙටි විවරණයකුත් එක්කම.)

හම්බන්තොට, නාවලපිටිය රෝහල් දෙකේම අපි හඳුනන හිතවතුන් සෑහෙන්න ඉන්නවා. අයස්මන්ත මහතා හරහාමයි අපි එයාලව හඳුනාගත්තෙත්. ඒ හැමෝම වගේ දොස්තර මහත්තයාගේ fb පෝස්ටුව ෂෙයාර් කරලා. මං මොකද කළේ- ලිව්වා කවියක්. අර posts සේරටම comment එකක් විදිහට මං යැව්වේ ඒ කවියයි.

නොහිතා ඵලය ගැන කරදර නොවී හිඳ
කරමුකො යහපතම පෙරදැරි හිතින්  හොඳ
නොමිනිසුනුත් ඉන්නව ගස්සමින්           ගඳ
බල්ලෝ බුරද්දිත් පායයි
; දිලෙයි             හඳ!

ඊළඟ දවස් කිහිපයේදී අයස්මන්ත මහත්තයාගේ original post එකෙන් අදහස් අරගෙන තවත් උදවිය posts හදල තිබුණා. එව්වයින් එකක් Dinuk Rogersගෙ. ඒ fb පෝස්ටුවයි මේ:

‘නොමේරූ දිවියකින් ජීවිතේ ලබමින් එදා අම්මා කියා දුන් වචන පෙල හිතේ තියාගෙන ලක්ෂ 17කට ලෝකය දකින්න මංපෙත් විවර කරපු මිහිපිට දෙවියෙක් වන් උතුම් දෑත් හිමි වෛද්යවරයෙක් ගැන කතාවක් - Dr. Ayasmantha Peiris

අද මම ඇත්තටම කියන්නේ අපිට හිතාගන්නත් බැරි තරම් උතුම්, වටිනා, අමිල සේවයක් අපේ ලංකාවේ මිනිස්සුන්ට කරපු මිහිපිට දෙවියෙක් වගේ උතුම් වෛද්යවරයෙක් ගැන. ඔයාලා දන්නවද මේ කවුද කියලා?

ඔයාලට හිතාගන්නවත් බෑ නේද මෙච්චර සැත්කම් ප්රමාණයක් එක මනුස්සයෙක් කරලා තියෙනවා කියලා. ඒ කතාව පටන් ගන්නේම පුදුම තැනකින්.

නොමේරූ බිළිඳෙක් විදියට ඉපදිලා මියයමින් ඉන්න මොහොතක, ප්රතිකාර ටිකක් මන්දගාමී වීම නිසා තත්ත්වය ගොඩක් අසාධ්ය වෙලා තියෙද්දි, එයාගේ අම්මා දුවලා ගිහින් තියෙන්නේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්යවරයාගේ නිවසටමයි. මෝටර් රථයේ බොනට්ටුව උඩ තමයි ඒ පුංචි ජීවිතය තියලා බේරලා අරන් තියෙන්නේ.

එදා දරුණු විජලනය නිසා වම් මැණික්කටුවේ කරපු venous cutdown සැත්කමකින් තමයි එයාට ආයෙ ජීවිතේ ලැබිලා තියෙන්නේ. එදා අම්මා දුන්නු උතුම්ම වචන ටික තමයි "කවදාවත් ලෙඩ්ඩු හරවලා යවන්න එපා" කියන එක. ඒ වචන ටික ජීවිත කාලෙම හිස් මුදුනින් තියාගෙන තමයි එතුමා මේ ගමන ඇවිත් තියෙන්නේ.

සැත්කම් 70,000කට වඩා සිදු කරලා තියෙනවා... (සැත්කම් 162ක් කළ දවසක..)

එතුමා තමයි විශේෂඥ අක්ෂි ශල්ය වෛද්ය අයස්මන්ත පීරිස් මහතා - Dr. Ayasmantha Peiris.

1998 වසරේ ඉඳන් මේ දක්වා අවුරුදු 28ක් පුරාවට ලංකාව පුරාම රෝගීන් ලක්ෂ 17කට වඩා පරීක්ෂා කරලා, සැත්කම් 70,000කට වඩා සිදු කරලා තියෙනවා කියලා එතුමාගේ නිල සටහනේ සඳහන් වෙනවා.

කොළඹ නාලන්දා විද්යාලයේ ආදි ශිෂ්යයෙක් වෙන එතුමා කොළඹ වෛද්ය පීඨයෙන් උපාධිය අරගෙන, ශල්ය වෛද්ය පිලිප් වීරසිංහම්, මහාචාර්ය ෂෙරිෆ්ඩීන්, ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්ය චරිත් ෆොන්සේකා සහ විශේෂඥ වෛද්ය අසේක මකුලොළුව වැනි ගුරු දෙවිවරු යටතේ විනය සහ රාජ්ය සේවයේ අවංකකම ප්රගුණ කරලා තියෙනවා.

යාපනය, වවුනියාව, පොලොන්නරුව, කන්තලේ, සේරුවිල, නාවලපිටිය, රත්නපුර හරහා හම්බන්තොට දක්වා දිවෙන ඒ සේවා ගමනේදී නාවලපිටිය සහ රත්නපුර අක්ෂි ඒකක දෙකම මහා පරිමාණයෙන් සංවර්ධනය කරන්න සිංහ සමාජය, LCIF සහ WHO ආධාර සම්බන්ධ කරගෙන විශාල මෙහෙවරක් කරලා තියෙනවා.

අද වෙනකොට හම්බන්තොට අක්ෂි ඒකකයේ විතරක් මාසෙකට සැත්කම් 600කට ආසන්න ප්රමාණයක් කරනවා. ඒ වගේම රුපියල් ලක්ෂ 120කට වඩා වටිනා තමන්ගේ පෞද්ගලික උපකරණ පවා රෝහලේ රෝගී සත්කාරය වෙනුවෙන්ම කැප කරලා තියෙනවා.

එතුමා පෙන්වා දෙන විදිහට නුවරඑළිය සහ ජාතික අක්ෂි රෝහල්වල ප්රමිතියෙන් තොර ඖෂධ භාවිතය නිසා රෝගීන්ගේ පෙනීම අහිමි වූ සිදුවීම් වාර්තා වෙද්දි, හම්බන්තොට ඒකකයේ කිසිදු ආසාදනයක් වාර්තා නොවී තිබීමට හේතුව Viscoat, Discovisc වැනි clinical safety & efficacy අතින් ඉහළම සුරක්ෂිතතාවයක් ඇති උසස් තත්ත්වයේ ඖෂධ සහ කාච පමණක් භාවිත කිරීමයි. එංගලන්තය, හොංකොං, මැලේසියාව වැනි රටවලින් පරිත්යාග ලෙස ලැබෙන කාච හිඟ අවස්ථාවලදී ගෙන්වාගෙන, ඒ සියල්ල රෝහල් රෙජිස්ටර්වල විගණනයට විවෘතව නිසි ලෙස සටහන් කර ඇති බවත් සඳහන් වෙනවා.

ඒත් අවාසනාවකට රෝහලේ හෙද නිලධාරිනියක් ඉලක්ක කරගෙන හදපු වීඩියෝවක් සහ සමාජ මාධ්ය හරහා එල්ලවෙන අසත්ය චෝදනා නිසා ඉදිරියේදී සැත්කම් ප්රමාණය 100 දක්වා සීමා කරන්න සිදුවන බවත්, හම්බන්තොටට ලැබෙන්න තිබුණු අති නවීන ලේසර් යන්ත්රය, OCT Scanner සහ Eye Angiogram Viewing Suite වැනි වටිනා සැලසුම් ටික අහිමි වී යාමේ අවදානමක් තියෙනවා කියලත් එතුමා කනගාටුවෙන් ප්රකාශ කරලා තියෙනවා.

එයාලගෙ උදව් නොලැබුණා නම්... (වෛද්‍ය චමින්ද හා ශිරන්ත...)

තමන්ගේ මුළු ජීවිතේම, පවුලේ සතුට, දහදිය මහන්සිය පසෙකලා පොදු ජනතාවගේ දෙනෙත් පාදන්න වෙහෙසෙන මෙවන් මිනිසුන්ට අපවාද එන එක නම් හදවත කම්පා කරවන දෙයක්.

ඒ නිසා මෙවන් අමිල සේවයක් කරන ඔබතුමාට අපගේ උපහාරය, ගෞරවය, ප්රණාමය හිමිවිය යුතුමයි. ඔබතුමා හදා වැඩු දෙමව්පියන්ටත් අපි අපේ ගෞරවය පුද කරනවා, මේ සියලු පින ඔවුන්ටත් හිමිවෙනවා. ඔබතුමාගේ ඔය පින්වත් උතුම් දෑත් දෙකට බුදු සරණයි!

තහවුරු කළ මූලාශ්රය : විශේෂඥ අක්ෂි ශල්ය වෛද්ය අයස්මන්ත පීරිස් මහතාගේ (Dr. Ayasmantha Peiris) නිල ෆේස්බුක් ප්රකාශය.’

මං අයස්මන්ත හිතවතාව හඳුනා ගත්තේ එයා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණු දවස්වල. හිතවත් W.A.L. ප්‍රියන්තගෙ සොහොයුරු නලින් ප්‍රියදර්ශන මඟින්. නලින්, අයස්මන්ත, චමින්ද (පෝල්), ලාල්, ශිරන්ත, සාදු, ඩොනල්ඩ් කට්ටියම බැචාලා. දැන් ඒ හැමෝම වෛද්‍යවරු. (එයාලා හරහා රෝහල් දෙක තුනකම කාර්ය මණ්ඩල සාමාජිකයනුත් අපේ මිතුරු-මිතුරියන් වෙලයි ඉන්නේ.)

ඉතිං ඒ හැමෝම මගේ හිතවතුන් වීම හිංදා මටයි ලොකුම වාසිය හිමි වුණේ. ඒ 2013දී මට වැරදි බෝනස් එක ලැබුණු වෙලාවේ... (එතැන ඉඳලා එයාලගෙ උදව් නොලැබුණා නම් 60 පනින්නත් කලින් මම අඩි හයක් යටට ගිහිං...) ඒ හැමෝටම මගේ කෘතවේදී ස්තුතිය හිමිවෙන්නේ ඒකයි!

‘නිමල් අයියේ, අපේ සර්ටයි අපටයි ලජ්ජා කරන්න දාල තියෙන බොරුකාර වීඩියෝව දැක්කෙ නැද්ද? ඒ ගැන ඔයා මොකක්ද කරන්න හිතාගෙන ඉන්නේ?’ මං ‘නිදිගෙ පංච තන්තරේ‘ ලියන විත්තිය දන්නා අර හිතවතුන්ගෙන් දෙතුන් දෙනෙකු ඇහුවත් එක්ක.

ඒත් මං වහන්සේ චුට්ටක් විතර පස්ස ගහමින් හිටියේ. මාත් අයස්මන්ත මහත්තයගෙ හිතවතෙක්නේ. මං මොන තරං ඇත්තක් ලිව්වත් ‘බරක් නෑ’; යාළුවාගේ පිට කහනවා කියල කියන්නත් ඉඩ තියෙනවා.
එහෙම හිතමින් තමයි මං, එක-එක්කෙනා ෂෙයාර් කරගෙන තියෙන; නිර්මාණය කරලා තියෙන (අයස්මන්ත මහතා ගැන කියවෙන) posts කියෙව්වේ.

එතකොට තමයි මගේ හිත දොඩමලු වුණේ... ‘නිදි- තමුසෙට මොකද හිතෙන්නේ ඔය එක එක්කෙනා එවල තියෙන comments කියවද්දී?’
මාර දේවල්නෙ ලියල තියෙන්නේ!
‘එව්වයෙන් හොඳම ඒවා එක තැනකට ගන්නවකො හලෝ! FB එකේ ලියැවෙන ඒවා නිකංම යට යනවයි කියලනෙ තමුසෙ කියන්නෙත්.’

කාලයක් තිස්සේ ‘ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය’ ගැන මගේ හිතේ පැසවන ප්‍රශ්න කිහිපයකුත් ඒ comments අතරෙ තිබුණු නිසා මං හිතුවා ඒ රාජකාරිය කරන්න.
හැබැයි මගේ හිතට වැදුණු කමෙන්ට්ස් තමයි මෙතැනට ගන්නෙ. එව්වා ලියල එවපු අයගෙ නම් නැතුව...

ඉදිරියටත් ඔබේ සේවය මිනිස්සුන්ට අවශ්‍ය වේවි!

එහෙනං... මං වහන්සේ මේ හරි-බරි ගැහෙන්නේ ඒ comments තෝරන්න. (මේවා ලියපු හැමෝටම ගොඩක් ස්තුතියි!)

‘ඇයි සර් ඔහොම වැටෙන්නෙ. ඒක සර්ගෙ ගතිය නෙවෙයිනෙ. හැමදාමත් අපිට උපදෙස් දීපු සර් ඔහොම වෙනවද. මොනදේ උනත් හැම වෙලාවෙම අපි සර්ට හයියට ඉන්නවා. සර් වැටෙනවා දැක්කෙ එක දවසයි, හොඳටම උණ හැදිලත් නතර නොකර surgery list එක කරපු දවසෙ. සර් ගැනවත් හිතන්නෙ නැතිව උදේ 5,6 ඉඳන් 600ක් ආවත් ක්ලිනික් එක ඉවර වෙනකම් එකම එක කෑම කටක් කන්නෙ නැතිව දිගටම වැඩ කරන්න ශක්තිය තිබුනු සර්.

-කවුරු මොනවා කිවුවත් හැම වෙලාවෙම සමන් දෙවියොත් සර්ව රකිනවා. සර් කියනවා වගේ, සර්ගෙ ආසම වචන ටික ආයෙම මතක් කරන්නම් ‘වසන්තය එනවා සත්තයි සර්’. අපි සර් වෙනුවෙන් ඕනිම වෙලාවක ඉන්නවා.  සතුටින් ඉන්න සර්.’

‘ආදරණීයම සර්,
මේ අපිට ලැබෙන කටුක දේවල් නිසා ඔබේ මනුස්සකම් නැති කරගන්නෙපා. නමුත් අපි නිහඬව ඉමු ටිකක්. ලැබෙන උපකරණවලින් විතරක් වැඩ කරමු. බලන් ඉමු
, අර වීඩියෝව දාගෙන රටටම කෑ ගහපු මනුස්සයා දැන් අහිංසක රෝගින් වෙනුවෙන් රජයෙන් දේවල් ඉල්ලලා වීඩියෝවක් දමාවිද කියලා.

-කිසිසේත්ම නැතිවේවි. මොකද අදාළ වීව්ස් ගන්න මිසක්, කොහෙද ඔවුන්ගේ සමාජයීය හැබෑ පරහිතකාමී ක්‍රියාවන්.
ඔබගේ සේවය අමිලයි. කොන්දේසි විරහිතව මමත් ඔබ සමඟ සෞඛ්‍ය සේවයේ අප වෙනුවෙන් පෙනී සිටින්නෙමි.’

‘මචං උඹගේ ලිපිය කියවද්දි උඹ ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා. උඹ එදා වෛද්‍ය විද්‍යාලයට ආවේ A-4 හතරක් අරගෙන ලංකාවේ පළමුවෙනි කීපදෙනා අතර ඉඳගෙන. අපේ ගෲප් එකේ හැම විටම උඹට විශේෂ තැනක් තිබුණා, ඒ වගේම නාට්‍ය නිර්මාණවලට දායක වූ හැටිත් මට මතකයි.

-ඉතින් අවුරුදු 28ක් තිස්සෙ විශාල කැප කිරීම් හරහා රෝගීන්ට පෙනීම ලබා දෙන්න, රෝහල් දියුණු කරන්න ගත්ත මහන්සිය පිටුපස තිබෙන අභියෝග සහ බාධා බොහොමයි. පිටරට ජීවත් වුණත් උඹගේ සේවය අගය කරන සහ කෘතඥ වන මිනිස්සු අතර උඹගේ ආදරබර batch matesලත් ඉන්නවා කියලා අමතක කරන්න එපා. ඉදිරියටත් ඔබේ සේවය මිනිස්සුන්ට අවශ්‍ය වේවි. ඒ සඳහා ශක්තිය ලැබේවා.’

එතුමා සද්භාවයෙන් කරන ලද දෙයක ප්‍රතිඵලයක්...

‘Dear Dr. Peris
If you are doing community work / help make sure not to collect single cents from patients; they will curse you. If you wants to help them make sure get some donation and do free for everything. In my experience patients expect everything free as the government offers free treatment in hospitals. When patients starts to pay money for treatment for their illnesses they will expect a discount from you and they will pray for you. Please continue your good work but make sure not to collect money from Patients.’

‘එක එකාට පාලු ගෙයි වළන් බිඳින්න නොදී, සර් මේක ලියපු එක වටිනවා.’

‘සර්, හම්බන්තොට අහිංසක මිනිස්සුන්ට සම්පතක්. ඇහැක් වගේ ඇහැ වටින මිනිස්සුන්ට සර් සම්පතක්... ලංකාවෙ කොතන රාජකාරි කලත් සර්වම හොයාගෙන එන ලෙඩ්ඩු බොහොමයක් එනව... ඒ සර් කරන්නෙ හොඳම දේ කියල දන්න නිසා.

-මගේ තාත්තාගෙ ඇස් දෙකම සර්ජරි කරේ සර්. කිසිම සංකූලතාවයක් උනේ නෑ. හොඳටම හොඳයි. සර් රත්නපුර ඉද්දි මං හම්බන්තොට ඉඳල රත්නපුරට තාත්තා එක්කරන් ආව. සර් දෙවි කෙනෙක්. සර්ගෙ staff එක eye ward එකේ සර් වගේම තමයි.

-දහස් සංඛ්‍යාත රෝගීන් වෙනුවෙන් එයාලත් මාර කැපවීමක් කරන්නෙ. තමන්ගෙ දරුපවුල් හිතවතුන් අත් හැරල සර් එක්කම සේවයට කැප උන සංවේදී මනුස්සකම පිරුනු සේවක මන්ඩලයක් සර්ට ඉන්නෙ. අර විදිහෙ මන්ද මානසික postවලට ඒ සේවයෙ ගුණාත්මක භාවය නැති කරන්න බෑ.
නොදන්නා මිනිස්සු සමාජ මාධ්‍ය භාවිත කරන්න ගියාම
, වඳුරට කන්නාඩිය අහු උනා වගේ තමයි.’

ඔයාලා ඒ කියෙව්වේ මං තෝරාගත් commentsවලින් කොටහක් විතරයි; තව තියෙනවා.

හැබැයි නමී උන්නැහැගේ blog පෝස්ටුව කියවලා comments එවා තිබුණේ අයස්මන්ත මහතාව නාඳුනන පිරිසක්- ඒත් එයාලා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන ගොඩක් කරුණු දන්නා අය වගෙයි. ඒ දැනමුත්තන්ගෙ ප්‍රතිචාරවලිනුත් ටිකක් මෙතනට උපුටා ගන්නවා. එහෙම කරන්නේ ඒවාවල හුඟාක් වැදගත් කරුණු අඩංගු නිසයි.  

නිහඬපාල Nihandapala
අයස්මන්ත දොස්තර මහත්තයාට වෙලා තියනදේ එතුමා සද්භාවයෙන් කරන ලද දෙයක ප්‍රතිඵලයක් බව පේනවා.

-මීට ඉස්සර ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍යතුමියට හෙණ ඉල්ලපු සමාජ මාධ්‍ය ඇයව දැක්කේ ඖෂධ මාෆියාව එක්ක ඩීල් දාපු කෙනෙක් විදිහට. එතුමියව රිමාන්ඩ් කරලා පරීක්ෂණ කරන්න තරම් අල්ලස් ලොක්කෝ උනන්දු වුනා. ඒකෙන් පස්සේ ඔය කියන local purchase ක්‍රමය විතරක් නෙමෙයි ජයවර්ධනපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයත් වැහුන.

හිතන්ට නිදහස ලියන්ට කියන්ට නිදහස...

-(ඔය ටික වෙන බව මම කලින්ම post එකක ලිව්වා) අල්ලස් ලොක්කොත් සද්භාවයෙන් කරපු වැඩක් වෙන්න ඇති. එතකොට මැරුන ලෙඩ්ඩු ගාන ගැන කව්ද අල්ලස් ලොක්කට පැමිණිලි කරන්නේ ? You Tube කාරයෝද. අනෙක් අතට අද හැමෝම පැමිණිලි කරන්න යන්නේ චමුදිත ගාවටනේ. උන්නැහේනේ නඩු අහන්නේ. අර වෛද්‍යවරිය වගේම අයෙස්මන්ත මහත්මයවත් මම පෞද්ගලිකව දන්නේ නැහැ.

-හැබැයි එතුමා උදෑසන ‘බැන්ද ධජා සිරි ලක්දිව මන්දිර’ කියලා පාසලේ උසස්පෙළ ශිෂ්‍යයෙක් වෙලා ගායනා කරනකොට මම කනිෂ්ට ගායන කණ්ඩායමේ ඉන්ඩ ඇති. එතුමා බ්ලොම් නේවාසිකාගාරයේ අවසන් වසරට පාඩම් කරනකොට මම පලවෙනි දෙවැනි වසරවල ඉන්ඩ ඇති. එතුමා ගැන බොහොම දේ දැනගත්තේ නිදි මාර්ගයෙන්.

D.G.M. බස්සා
හිතන්ට නිදහස ලියන්ට කියන්ට  නිදහස
බනින්ට නිදහස ඇති රට මේ උත්තම රට
වහලා දාමු රෝහල්වල ශල්‍ය ඒකක   ටික
නිවන් දකිත්වා අපගේ ජන නායක   කැල

නමියගෙ වීදිය
නිහඬපාලතුමා ශල්‍ය වෛද්‍යතුමියක් ගැන කියද්දී මට ආයෙම මතක් වෙන්නෙ වඳ සාපෙ 😔😔
. ෂාෆි දොස්තරට වෙච්ච සන්තෑසිය. මහපොළොව නුහුලන අපරාධ. අන්තිමට මේවා සමාජේ ඉස්සරහට ගෙනා කවුරුවත් නෑ. ගුටි කාපු කෙනෙක් ඉන්නව. ගහපු කෙනෙක් නෑ වගෙ තමා!
"නඩු නැති රටට මොට පායාද සූරියා"

නිහඬපාල
සාෆි දොස්තර මහත්තයට වෙච්ච දේ ගැන කණගාටුයි. ඒකට වගකියන්න ඕනේ රෝහලේ අධ්‍යක්ෂක වෙච්ච වීරබංඩාර. මේ වගේ පැමිණිලි ආපුවහම ආයතන මට්ටමින් පරීක්ෂණ කරන්නේ නැතුව සමාජ මාධ්‍යයෙන් දඬුවම් කීරීම නිසා ගින්නක් ඇතිවෙන්න පුළුවනි. ඔය චෝදනාවම කිසිම විටක ඔප්පු කරන්න පුළුවන් එකක් නෙමෙයි.

-සැත්කමක් අතරතුර පැලෝපීය නාලය තදින් artery frocep එකකින් තද කරනවා. එහෙම සිංහල මව්වරු වඳ කරනවා කියලා කිව්වට කිසිම විටක විද්‍යාත්මකව ඔප්පු කරගන්න බැරි චෝදනාවක්. අනවශ්‍ය දෙයක්. මට හිතෙන්නේ අධ්‍යක්ෂක සමග තිබුන පෞද්ගලික ප්‍රශ්න නිසා මාධ්‍ය සහ දේශපාලන සම්බන්ධතා උඩ ඇතිවුන කුලප්පුවක්.

-නමුත් ඔහුට තවත් චෝදනාවක් තිබුනා. ඒක මුල්‍ය අපරාධ පිළිබඳව. වෛද්‍ය ෂාෆිට 2019දී රුපියල් මිලියන 40ක් පමණ වටිනා වත්කම් සැකකටයුතු ලෙස උපයාගත් බවට චෝදනා එල්ල වුණා.

-පාස්කු කොමිසම හමුවේ හිටපු පොලිස් නිලධාරියකු සාෆිගේ බැංකු ගිණුමකට රුපියල් මිලියන 40ක් බැරවී තිබූ බවත්, මුදල් මූලාශ්‍රය සොයාගැනීමට නොහැකි වූ බවත් සාක්ෂි දුන්නා. එම මුදල් ත්‍රස්ත සංවිධානයකින් ලැබුණු බවට සැකයක් ද ඉදිරිපත් වුණා.

කුමන රටකින් ආවත් ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ලංකාවේ වෙළෙඳපොළට ඇතුළු නොවන බවට සහතිකයක්...

-නමුත් 2024 නොවැම්බර් 6 වැනිදා CID විසින් එම මුදල් ඔහුට ත්‍රස්ත සංවිධානයකින් ලැබුණු බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව වාර්තා කිරීම හේතුවෙන් ඔහුට එරෙහි සියලු චෝදනාවලින් අධිකරණය නිදහස් කළා.

-පොඩි පරහකට තියෙන්නේ ඔහු සතුව මේ වත්කම් ඇත්තටම තිබුනාද නැතිනම් මේ වත්කම් ලැබුනේ ත්‍රස්ත සංවිධානයකින් කියලා ඔප්පු කරගන්න බැරි වුනාද කියන අපැහැදිලි බව. සාමාන්‍යයෙන් මේසා රුපියල් මිලියන 40ක් වෛද්‍යවරයෙක් ළඟ තියෙන්න විදිහක් නැහැ. (ඔය කියන ගණන් ඇත්තද දන්නේ CID ම තමයි.)

මයියා
//දැන් දවස ගානෙ වෙනස් වෙන
brand එකක් නිසා, safety සහ efficacy ඉතිහාස සැක සහිත බෙහෙත් නිසා සදහටම අන්ධ උනොත්...... ඒත් අර ‘වැරැද්ද’ කරන්න එපාලු. ජාතික රෝහලේ වගේ සිය ගනන් අන්ධ උනොත් ඒ වැරැද්ද හරි ගස්සන්න බෑ. මම මොකද්ද ඉදිරියට කල යුත්තේ?//

-මේ ආණ්ඩුව ඉන්දියාවත් එක්ක ඇතිකරගත්ත ගිවිසුම් අතර මගේ අවධානයට ලක්වෙන ප්‍රධාන කාරණයක් තමයි ඖෂධ ප්‍රමිතීන් සම්බන්ධ ගිවිසුම.

-ඉන්දියානු ඖෂධ ප්‍රමිතීන් පිළිගැනීමෙන් අඩු මිලට ඖෂධ ලබාගන්න පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් මෙතන තියෙන ප්‍රශ්නය තමයි ඒ ඖෂධවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව තහවුරු කරන්නේ කොහොමද කියන එක.

-ඉන්දියාවෙන් එන හැම බෙහෙතක්ම බාලයි කියලා මම කියන්නේ නැහැ. හැබැයි කුමන රටකින් ආවත් ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ලංකාවේ වෙළෙඳපොළට ඇතුළු නොවන බවට සහතිකයක් තියෙන්න ඕනෑ. ඒ සඳහා ස්වාධීන පරීක්ෂණ සහ දැඩි නියාමනයක් අවශ්‍යයි.

-මට මෙතන තියෙන ලොකුම බය මේ තීරණ කලාපීය බල දේශපාලනයත් එක්ක ගැටගැහෙන එකයි. එහෙම වුණොත් අනාගතයේ වෙනත් ආණ්ඩුවකට වුණත් මේ තීරණ නැවත සලකා බලන්න දේශපාලනික පීඩනයක් ඇතිවෙන්න පුළුවන්.

-ඒ නිසා ආණ්ඩුව ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ මේ ගිවිසුම්වලින් ලංකාවේ ඖෂධ නියාමන අධිකාරියේ ස්වාධීනත්වයට සහ ඖෂධ පරීක්ෂා කිරීමේ බලයට කිසිම බාධාවක් නොවන බව.

-මොකද මේක නිකම්ම ඉන්දියාවත් එක්ක කරන වෙළෙඳ ගනුදෙනුවක් නෙමෙයි. මේ තීරණවල අවසාන ප්‍රතිඵලය බලපාන්නේ මිනිස්සුන්ගේ ජීවිතවලට.’

ඉතිරි හරිය දෙවෙනි post එකෙන් කියවමු නේද...

21 comments:

  1. අනේ පව් කියලත් හිතුනා... ඔහොම තමා ලෝකේ හැටි අර කතාවකුත් තියෙන්නේ පල ඇති රුකටයි මිනිස්සු ගල් ගහන්නේ කියලා.
    ඒ කතාව මෙතනටත් වංගු වෙනවා කියලා තමා මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ලියෝනි, ඒත් එහෙම දේවල්වලින් වැඩ කරන අය වැටෙනවනේ, ටිකකට හරි...

      Delete
  2. මම අයස්මන්ත මහත්තයාව දන්නෙ නෑ. නිදි ලියපු දේවල් වලින් තමයි දන්නෙ. පේන විදිහට, සුපුරුදු චැනල් මාපිල්ලු, වෛද්‍ය මාෆියාවය වඩා වෙනස්, එක්ස්ට්‍රා මයිල් එක යන වෛද්‍යවරයෙක්.

    මට නොතේරෙන කොටස මේකයි:
    අයස්මන්ත මහත්තයට බාධා කරන්නෙ කවුද? එහෙම කරන්නෙ ඇයි? පොලිටිකල් බලල් අතක් තියනවද? අපිට නොකියන, කතාවෙ කොටසක් තියනවද?🤔

    ReplyDelete
    Replies
    1. අපි මොන පණ්ඩිත comment ලිව්වත් මටත් තියෙන්නේ බස්සා මහත්මයට තියන ප්‍රශ්නය.//මට නොතේරෙන කොටස මේකයි:
      අයස්මන්ත මහත්තයට බාධා කරන්නෙ කවුද? එහෙම කරන්නෙ ඇයි? පොලිටිකල් බලල් අතක් තියනවද? අපිට නොකියන, කතාවෙ කොටසක් තියනවද?🤔// ඊළඟ කොටෙසෙන් කියයි නේද ?

      Delete
    2. ඒත් ලංකාවෙ "නිදහස" ගැන දන්න නිසා, මෙහෙමත් කියන්න හිතුවා:

      ඔක්කොම කතාව කියන්න බැරි නම්, ඒක ඒ හැටිය අවුලකුත් නෑ. කියන්න බැරි හේතු තියෙන්නත් හැකි බව මම පිලිගන්නවා. ඉහල නිළධාරි බියුරෝක්‍රසිය එක්ක කෙලින්ම හැප්පෙන එක, වෘතීය "සිය දිවි නසා ගැනීමක්" වගේ වෙන්නත් ඇහැකි.

      කොහොමත් බ්ලොග් එකක් කියන්නෙ ගෲප් තෙරපි එකක් වගේ තැනක්. ඔබෙ දුක අපෙත් දුකයි, ඔබ බයින එකාට අපිත් බයිනවා. ඒ සපෝට් එකේ අඩුවක් නෑ. අපි රෙඩි, දෙමු බැස්ටිය.

      Delete
    3. බස්සා මහතාණෙනි, නිහඬපාල මහතාණෙනි,
      ඔයාලා දෙන්නාගේ commentsවලම ඔබතුමන්ලා අහන ප්‍රශ්නයට උත්තර තියෙනවා.
      කව්ද කැමැති වෘත්තීය දිවි නසා ගැනීමකට?
      දේශපාලනික බළල් අත් නැත්තේ කොහේද? ...

      Delete
    4. ... මේ ප්‍රශ්නය ගැන ලියන්න මම කල් ගත්තෙත් ඒකයි. අත් දෙක බැඳලා වතුරකට දැම්මම පීනන්න පුළුවනැයි...
      එහෙම ලතවෙවී ඉන්නකොට තමයි දැක්කේ 'මට කියන්න ඕනි කරුණු' එක එක්කෙනා එයාලගෙ commentsවලින් ටික ටික හරි කියලා තියෙන බව. ඉතිං මම ඒවා උදව්වට ගත්තා - බළලුන් ලවා කොස් ඇට බාවන්නෙක් විදිහට...
      ඊළඟ කොටසකට යන්නෙත් තව කියන්න දේවල් බොහොම නිසා...

      Delete
    5. බස්සා, නිහඬපාල මහත්වරුන් දෙන්නාට වගේම තව අයටත් මේ තත්ත්වය තේරුම් ගන්න ඇහැකි විත්තිය මට විශ්වාසයි!

      Delete
  3. නොසැලී ඉන්න කීවත් අවංකව සේවයක් කරන කෙනාට බොරු චෝදනාවක් ආවොත් දරාගන්න අපහසුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් Litseeker, එහෙම අභූත චෝදනා එද්දී හිතේ හැටියට උත්තර දෙන්නත් ඉඩ නැත්තං...

      Delete
  4. ++++++++++++++++++++++++මගේ මවගේ එක ඇහැක් අන්ධ කලේ කැටරක්ට් කියන ඔපරේෂන් එක කල ඇස් රෝහලේ වෛද්‍යවරයෙකි

    ReplyDelete
    Replies
    1. අනේ...
      අජිත් ධර්ම මහත්තයෝ, අයස්මන්ත මහතා කැටරක්ට් සැත්කම් තමයි 70,000කට වැඩියෙන් කරලා තියෙන්නේ.

      Delete
  5. ෆේස් බුක්, යූ ටියුබ් වගේ මාධ්‍ය හරහා මිනිසුන්ට පහර ගහන්නේ ඊරිසියාව හෝ සමාජ වෛරය නිසා කියලයි මට හිතෙන්නේ. ඒ වගේම රීච් හිඟන්නොත් ඔය වැඩේ කරනවා. කවුරු කලත්,

    මහනෙල් සුවඳමය,
    කුඩමසු පිලී ගඳමය,
    දෙකට එක දියමය,
    හොඳට නරකට දෙකට මාධ්‍යය

    ReplyDelete
    Replies
    1. සහකම්පන ප්‍රතිචාරය ගැන ගොඩක් ස්තුතියි Sam මහත්තයෝ.
      ගොඩ කාලෙකින් නේද?

      Delete
  6. හොල්මන් කතාවක් නෙමෙයි, ඒත් කියෙව්වාම කියෝපු එකාව හොල්මන් වෙන කතාවක්. ඒත් කියවන්න වටිනවා:

    https://kurundha.blogspot.com/2017/08/blog-post.html

    පරණ සෙන්නා ස්ටැයිල් කතාවක්. ගිහින් කියවල මක්කා හරි ලියපල්ලා. නැත්නම් ආයෙ අමාරුවෙන් ලියන්න හදන එවුන්ට ඒකත් එපා වෙනවා.

    සුරංගයත් ලියලා:
    https://yanhella.blogspot.com/2026/11/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඔය දෙපලටම ගිහිං කියවල බලලා, කවි දෙකකුත් ලියලම ආවා. ඔත්තුවලට තොත්තු දෙකක් මෙන්න, බකුසුතුමෝ.

      Delete
  7. ඉතාම හොඳ, සාධාරණ මිනිස්සුන්ට පවා නොයෙක් නින්දා අපහාසවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක ලෝක ස්වභාවයක්. බුදු දහමේ අටලෝ දහමෙනුත් කියන්නේ ඒකනේ.

    සුභාෂිතයේත් කියනවා, “විපුල ගුණැති මහතුන් හට පත් විපත – නිසල නැණින් යුතු උතුමෝ ම දුරලත” කියලා.

    හැබැයි මට පෙනෙන විදිහට අද මේ තත්ත්වය තවත් වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම ආණ්ඩුවට සහාය දක්වන ඇතැම් පිරිස් අතර විරුද්ධ මත ඉවසන්න බැරි ස්වභාවයක් සහ අනවශ්‍ය වෛරී ප්‍රතිචාර දකින්න ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. විරුද්ධ මත ඉවසන්න බැරි ස්වභාවයක් සහ අනවශ්‍ය වෛරී ප්‍රතිචාර...
      මෝඩකමට බෙහෙත් නෑනෙ මයියා මහත්තයෝ...

      Delete
  8. “විෂ්ණු දෙවියොත් බටකොළ කෑවා” කියලා අපේ පැරණි කියමනක් තියෙනවානේ. ඉතින් කොච්චර හොඳ, සාධාරණ මනුස්සයෙක් වුණත් නරක කාලයක් ආවම නින්දා අපහාසවලට මුහුණ දෙන්න වෙනවා. ඒත් ඒ අපහාසවලින් ඒ මනුස්සයාගේ වටිනාකම අඩු වෙන්නේ නැහැ.


    නපුරු කලට සතහට පැමිණෙති වෙහෙස
    වදුරු නොවෙයි කළ පව් පල දෙවා මිස
    තැවුරු වනය මුකුලිත වන බව සවස
    කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අදහසට නම් මමත් එකඟයි.
      හැබැයි රජෝ කවිය නං මං අහල තිබුණේ මෙහෙමයි.

      නපුරු කලට සතහට පැමිණෙන වෙහෙස
      එදුරු නොවෙයි කළ පව් පල දෙවා මිස
      තඹුරු වනය මුකුලිත වන බව සවස
      කවුරු විසින් වැළකිය හැකි මෙදිය කුස (සුභාෂිතය)

      Delete
  9. කියෙව්ව. නිදාස් වෙලාවක කොමෙන්ට් කරන්න ආයෙම එඥ්ඤං 🤗

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්