![]() |
මෙවර පා ගමන යන්නට නොහැකි විය |
ඒ හින්දාම අසමත්කම සිදු විණිය
තවමත් හිත තැවෙයි ඒ වෙනුවෙන් දුකය
මෙවර පා ගමන යන්නට නොහැකි විය
දෙදහස් දහතුනෙයි අප පළමුවෙන් ගියේ
හයවෙනි වතාවට ගිය වසරේය ගියේ
කොතෙක් ගියත් ඇති වීමක් නැතිව ළයේ
නැවතත් යන්න ආසාවෙනි අප හිටියේ
![]() |
පාද යාත්‍රාවේ යන්න ඕනි නං යුෂ්මතාට සති දෙක තුනක්වත් ඇවිදින්නම
වෙනවා. පේ වෙන්නත් ඕනිනෙ... |
සති කිහිපයක් ඇවිදල පුහුණුව ලබන
සිරිත තිබුණෙ මං fit නැති නිසාවෙන
මහ වැසි නිසා බැරි විණි එය කර ගන්න
අපේ හිතවත් අයස්මන්ත පීරිස් මහත්තයා risks
ගන්නට දෙයියෙකි. හිතුණාම හිතවතුන්ට අන්දවන්නටත් සූරයෙකි. පාද යාත්‍රාව
සම්බන්ධයෙනුත් එහෙමය. මුල්ම වතාවේ සති ගණනාවක් තිස්සේ; පැය ගණන් අපව ඇවිද්දමින්
හිටි උන්නැහේ, නෙවිල්ව ඇන්දෙව්වේ පැය දෙක තුනකිනි. ඒ හාදයාත් එක්ක කිඹුලාවල ජොගින්
පාත් එකේ පැයක්- දෙකක් විතර ඇවිදලා (ඇමට වගේ) Cool Spot එකකින් ස්මූති අරං
දීලා කිව්වේ ‘ගමනට උඹ fit මචං’ කියලාය.
එහෙව් අයස්මන්ත පසුගිය හය වතාවෙන් එකකදීවත් මට
නං ඒ බුරුල නොපෙන්නුවේය!
පුහුණුවේදී මං වහන්සේ එක දිගට පැය තුන හතරක් ඇවිද්දත්
එයාට නොසෑහෙයි. මං මුරණ්ඩු වෙනකොට කඩා පනින්නත් නොපැකිළෙයි. “යකෝ, උඹද දොස්තර, මමද
දොස්තර? උඹ ලෙඩා... මං කියන දේ අහපන් අයියේ. පාද යාත්‍රාවේ යන්න ඕනි නං යුෂ්මතාට සති
දෙක තුනක්වත් ඇවිදින්නම වෙනවා. පේ වෙන්නත් ඕනිනෙ...” කියලාත් මතක් කළේය.
ඒත් වැස්ස වලාහක දිව්‍ය පුත්තරයා කිසිම බුරුලක්
නොදී අපේ මෙදා plan සේරම සුනු-විසුනු කර දැම්මේය.
![]() |
නොගියට මොකද පා ගමනට එක්කහුව... |
එහෙම risk එකක් නම් ගන්නට නොහැකි
කමක් නැහැනෙ- next time යන්න හැකි
නැහැ වාගෙයි මෙවර අපි ටික වැඩිය ලකි’
කිව්වා හිතාදර පීරිස් තිරසරව
පිළිගන්නට වුණා උවදෙස කීකරුව
නොගියට මොකද පා ගමනට එක්කහුව
තොරතුරු, foto නං දුටුවෙමි අඩු නැතිව
අවුරුදු දොළහකට කලින් ‘කතරගම පාද යාත්‍රාව’ මේ
තරම් ප්‍රසිද්ධ වී තිබ්බේ නැත. ඒකටත් එක්ක දැන්...
විශේෂයෙන් fb එකේ... පාද යාත්‍රාව ගැන සේරම තොරතුරු එහි වැටෙයි. වෙනෙකක් තබා, තම
කණ්ඩායම හා එක්ව පාද යාත්‍රාවේ යන්නට එන්නැයි නන්නාඳුනන්ට කෙරුණු ඇරැයුම් පවා එහි
තිබෙනු දුටුවෙමි!
![]() |
දහදාහකට වැඩියෙන් එහි ඉඳලාය! |
තිබුණු සියලු බස් ඕවර්ලෝඩ් වුණ
පුවත පැමිණියා, එවිටත් දහස් දෙන
උන්නලු ඔකඳ දෙවොලේ බිම වසාගෙන
ගමන ඇරඹුණේ ජුනි විසි වෙනිදාය
දහදාහකට වැඩියෙන් එහි ඉඳලාය
ගතින් නං එවෙලේ මං උන්නේ මෙහිය
හිතින්; සහමුලින් මා හිටියේ එහිය
එහෙම ඉඳිද්දී Fantastic Travelers සමූහයේ පළවී
තිබුණු ‘ලාහුගල’ foto රැසක්
දුටුවෙමි!
විසි-තිස් වතාවකටත් වඩා ලාහුගල හරහා ගමන්කොට තිබෙන මටත් ඒ foto රැස ලබා දුන්නේ
නවතම ආනන්දයකි; ප්‍රබල ආහ්ලාදයකි!
‘පාද යාත්‍රා ෆොටෝස්තුත් හොයාගෙන ලියන්න ඕනි foto වැඩි, text එක අඩු post එකක්... කවිත් එක්ක...’ මට සිතිණි.
ඔබ මේ කියවන්නේ ඒ පෝස්ටුවයි.
![]() |
දම් පැහැ කුසුම් යායම හරි දඟයි වගේ |
වියළි නැඟෙනහිරටත් දැන් මඟුල් වගේ
විල්ලු- වගුරු බිම් එහෙමත් වැව් වාගේ
දම් පැහැ කුසුම් යායම හරි දඟයි වගේ
බෙරු කන පිණිස රැස්වෙන හස්තියො කොහෙද
කලින් ඇවිත් කුස පුරවන් ගිහිල්ලද
මිනිස් අපට වැඩියෙන් උන් සංවරද
උන් මේ මල් පලස වනසන්නේ නැතිද
![]() |
බැතියම සවිය වෙයි ඔවුනට සුවය දෙමින්! |
මඟදී මළත් සැපතක් යයි හිතාගෙන
අඩුම-කුඩුම සේරම බර ඔසවගෙන
එනවා මේ ගමන හැම දුක් දරාගෙන
මාස ගණන් පේ වීගෙන සැදැහැ සිතින්
ගස් ගල් යට පවා රෑ කල ගත කරමින්
සැතපුම් සිය ගණන් ගෙව්වත් පා ගමනින්
බැතියම සවිය වෙයි ඔවුනට සුවය දෙමින්
![]() |
ඒ නිසා දෙයියන්ගෙ පිහිටයි ඕන් කලින්ම කිව්වා, වන්දනාව යන විදියට පිලිවෙලට
පලයල්ලා. ගොඩක් එව්න් ටිපර් වෙලා එයි... |
‘මේ ගමනත් යන්නෙ trip යනවා වගෙය’
‘බහුතරයක් පතන්නෙත් මින් විනෝදය’
කෙරෙන චෝදනා බොරුමත් නොවේමය
එහෙම නැඟුණු
චෝදනාවලින් එකක් මේ:
‘රේස් ගිහින් දවසෙන් ආවා දෙකෙන් ආවා කියාගෙන වැඩ පෙන්නන්න දඟලන උන් නම් දැන් මේකේ
හොඳටම වැඩි. ගිය අව්රුද්දෙ මෙච්චර රැඟිලි තිබුනෙ නෑ.
රැල්ලට යන එවුන් නම් සාපයක්. ගියාට කමක් නෑ. දැනමුතුකමක් දෙන මිනිස්සුන්ටත් පොර ටෝක්
දිදී මේකෙ රඟන්න එපා. අනික රෑ 7, 8 වෙනකම්
ගමන් කරල කෝම හරි රේස් ගිහින් දිනුවට කමක් නෑ. අන්තිමට අලිය ගැහුවා, කොටියා
ගැහුවා, වලහ ගැහුවා, මහසෝන
ගැහුවා කියාගෙන මේකෙ වැලලෙන්න හදන්නත් එපා. ඊට පස්සෙ විපාක විඳින්න වෙන්නෙ ඊලඟ අව්රුදුවල
වන්දනා කරන බැතිමතුන්ට.
මිනිස්සු
නීති පිලිපදින්නෙ නැතුව දඟලද්දි ඉදිරියේදි පාද යාත්‍රාවට මොන මොන සීමා දායිද කියල කව්ද
දන්නෙ. ඒ නිසා දෙයියන්ගෙ පිහිටයි ඕන් කලින්ම කිව්වා වන්දනාව යන විදියට පිලිවෙලට පලයල්ලා.
ගොඩක් එව්න් ටිපර් වෙලා එයි දැන් රෙද්ද උස්සගෙන. ආවට කමක් නෑ, අපිට නම් ගානක්වත් නෑ.😌’
![]() |
ඒවා කෙරෙන තැන්වලටත් වෙලා මුහුන් - ඒ සිරිතුත් ඉගෙනගෙන ඒ ගොල්ලන්ගෙන් |
මුරුගන්, අග්නි, සරවන නම් මැතිරීම
සඳුන් කපුරු දල්වා මල් පුද දීම
පා ගමනෙදිත් කෙරිලා ඇත ඉහළින්ම
ඒවා කෙරෙන තැන්වලටත් වෙලා මුහුන්
ඒ සිරිතුත් ඉගෙනගෙන ඒ ගොල්ලන්ගෙන්
ලියන්නට හිතාගෙන උන්නත් මේ මං
නොයැවුණු නිසා ‘ඒ අරමුණ විණි නට්ටං’
‘කඩාගෙන නොයා අපි හෙමිහිටම යමු
අමාරුවෙන් හරි ‘ඒ ගඳ’ උහුල ගමු’
‘ඔව් ඔව් රේස් නොදුවා හෙමිහිටම යමු
එහෙම කරල ගමනේ විසිතුරු බලමු!’
![]() |
අලි රාළටත් ගමනේ යන්නට හිතිලා |
එය වැරදුණා ‘පව් පළ දීමක් වැන්නේ’
කම් නැත හීන එකකින් නෑ එළි වෙන්නේ
අදට වැඩිය හෙට හොඳ දවසක් වෙන්නේ
අලි රාළටත් ගමනේ යන්නට හිතිලා
වගෙයි, ඒත් සංසුන්කම නෑ හිඳිලා
ඒකට මෙහේ ඉන්නා අලි වාහේලා
කිට්ටු වගෙයි දැන් යන්නට වඳ වීලා
![]() |
දැනගෙන කතරගම යමු නුවණැති විලසින්! |
කැලේ කඩාගෙන දුවනව මනුසත්තු
දුවන්නට ගිහිං පණ නැති කර ගත්තු
අඟන ගැන තවම මතකයි සියලු තතු
ළිං තුන කිට්ටුවෙදි සිදු වුණු ඒ විපතින්
උගත යුතුයි පාඩම්- වන මැද යන්නන්
දැනගෙන කතරගම යමු නුවණැති විලසින්
නැත්තං අතරමං වෙන්නට වුව පුළුවන්
![]() |
දැන් දැන් පා ගමනෙ යෙදෙනා උදවියට - කෑම බීම දන්සල් ඇත වකාරෙට |
කෑම බීම දන්සල් ඇත වකාරෙට
තැඹිලි, කොමඩු දුන්නලු හරි සාරේට
දෙන එක දෙන්න ඕනෑ මදි නොකියන්ට
අයිස්ක්‍රීම්, සව්, කිරිබත් වාගේම
මාළු පාන්, ඔසු තේ, බත් පෙර සේම
දුන්නලු ඒ නිසා පිරිමැහිලා කෑම
වේලක් නොඉව්වත් කළ හැක rest කෙරුම
![]() |
නෙතට සුව ගෙනෙයි අරණක දසුන පවා |
නෙතට සුව ගෙනෙයි අරණක දසුන පවා
දැවෙන සිත් සතන් වුව ඉන් දැමෙයි නිවා
සංහිඳියාව ගෙන දී සිත සතප්පවා
සුව දෙවනවා ලෙඩ රෝගත් දුරට යවා
වනස්පතියො හරිතෙන් ඇත සැරසීලා
කුරුළු කොබෙයියොත් වාගෙයි වහං වෙලා
පලු හා වීර පල තිබ්බලු වැහි වැහැලා
අපිත් ගියා නං කනවනෙ රස කරලා
![]() |
අම්මා, කකුලෙ දිය පට්ටා ඇවිදින්ද - නැත්තං කටු ඇනිල දිගටම කෙවෙනවද? |
ඒත් ඇවිත් සුපුරුදු ලෙස මේ වාරෙත්
(යන්න බැරි වුණත්, විස්තර දැක්කාමත්
දුකයි)- උයල අහවර නැතිවද තවමත්
අහවර වෙන්නෙ කොහොමද ළිප නිවිල වගෙයි
ළිපේ තරමටද දර කොට- ඒත් දෙකයි
ඉපල් කෝටු දැම්මා නං ළිප ඇවිලෙයි
අත දිග හරියෙ එව්වා නෑ හොයන්න වෙයි
අම්මා, කකුලෙ දිය පට්ටා ඇවිදින්ද
නැත්තං කටු ඇනිල දිගටම කෙවෙනවද
හෙම්බත් වෙලා වාගෙනෙ ඇයි මහන්සිද
නඩේ අනිත් උදවිය කොහෙ ගිහිල්ලද
‘එක සැරයක්වත් සිරීපාදේ ගිහිල්ල නැති මිනිහත්
මෝඩයා- එක සැරයකට වැඩියෙන් යන මිනිහත් මෝඩයා’ යැයි කීමක් ආදියේ පැවතිලා තිබෙයි. ඒ
කියමන ‘කතරගම පාද යාත්‍රාව’ සම්බන්ධයෙනුත් කියැවුණේ මගේ හිතවතෙකුගෙනි. ඒ කියමනේ ඇත්තක්
තිබේද?
මිනිහා කියන සතා තමන් කැමති ඕනෑම දෙයක් කරන්නේ එකම එක වතාවක් විතරයිද?
අනෙක් අතට හිතනකොට, චුට්ටං හරි මෝඩකමක් නැති මිනිසුන් ඉන්නේ කොයි සක්වලේ කොයි ලෝකෙද...
![]() |
පා ගමනේදි ඒ වගෙ පියවරු දැක්ම... |
‘ඇට මෝඩයෙකි තමුසෙත්’ හිත කියයි මට
‘වෙන්නැති මාත් නෝමල් නෙව’ හිතෙන විට
හිනා වෙන්න මදි වාගේ දැනෙයි කට
නොමිනිස්කම වගෙම මිනිසත්කමත් ඉතිං
උරුම වෙනව නෙව අපහට ජානවලින්
ජාන හොඳ වුණත් නොවුණත් ඇබ්බැහිකං
දුරැරලිය හැකිද අපි ජීවත් වෙනකං
පුතෙකු කර තියං උස්සාගෙන යෑම
තාත්තෙක් කරයි ආදරයෙන් බෝම
පා ගමනේදි ඒ වගෙ පියවරු දැක්ම
අරුම නෙවෙයි- දැක්කා හැම වාරේම
එවන් දසුන් ආයෙත් දෙනෙතට දෙන්න
වන අසිරිය මදිය නොකියා විඳගන්න
එන වසරේදි මේ පා ගමනේ යන්න
වාසනාව, ශක්තිය, ඉඩ මට දෙන්න෴0෴
දමිළ මිනිස්සු තමන් අදහන දෙයියන් ගැන භක්තියෙන් ඔය ගමන ගියාට අපේ සමහරක් කොයි තැනට ගියත් වනසන එක ඔතනටත් පුරුදු උනොත්නං අර මිනිස්සුංගෙ නිදහසත් නැති වෙන එකයි වෙන්නේ.
ReplyDeleteදන්සැල් දීල අරව මේව කරල ගමන පහසු කරවනවට වඩා අසීරුවෙන් යන්න තියෙනවනං ටිකක් හරි යන අය අඩු වෙයි.
නිමල් අයිය මේ ගමනත් ගියානං අපිට රසවත් විස්තරයක් බලාගන්න තිබ්බ. අපරාදෙ.
යන්නට තියේ ආසාවක් ඔය ගමන
ReplyDeleteඒකට නිදහසක් තවමත් මට නැතිය
මේ වගෙ වැනසුවොත් මුං ඒ පරිසරය
දෙයියොම තමයි දන්නේ හෙට වෙන හරිය
කන්නට අඳින්නට සැප ගන්නට එමට
Deleteඉන්නට රටක් ලැබුනෙත් අපිලගෙ පිනට
මේ රට හතර දිග්බාගෙම එක මිටට
දුන්නත් පාඩු නැත අනුරයියගෙ kaටට
අමන බදු කුමරු ජනපති වූ කල,
Deleteබදු බර වැඩි විය සරා ගුවන් තල,
හැඬුදන කඳුළින් රටක්ම තෙත් කල,
නිදහස මෙදුකින් ලැබේ කවර කල?
සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
ReplyDeleteකෙම්වර දවස්වල පානින් සැරසී ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම
අයියනායක - විමලරත්න කුමාරගම.
මමත් අදහන්නේ ඔය කවි පේලියේ තියන අදහස තමයි. නිදි , පාදයත්‍රාවේ යන face book නඩ ඔය දේවල් සිහියේ තබාගෙන පරිසරයත් ආරක්ෂා කරගෙන යනවානම් හොඳයි.
"එන වසරේදි මේ පා ගමනේ යන්න-වාසනාව, ශක්තිය, ඉඩ මට දෙන්න" ඒක හොඳයි; හොඳ බලාපොරොත්තු තියෙන තරමට ජීවිතේ ලේසියි.
ReplyDeleteමීට කලින් පෝස්ට් එකක නිමල් කියලා තිබුණා නේද කලින් ගිය ට්‍රිප්ස් ගැන මතක් කරලා සතුටු වෙන්න පුලුවන්, ඉස්සර වගේ දැන් නිතරම යන්න ඕනෙ නෑ කියලා. දැන් මේ පාද යාත්‍රා ට්‍රිප් එක ආයිත් යන්න ආස හිතුණද. මේක ගියාම 'දෙවියන්ගේ ආශිර්වාදය' ලැබෙනවා කියලා හිතේ තියෙන නිසා වැඩියෙන් ආසයි වගේද.
විඩයක් ලැබුණ සැන ආවෙමි කියවන්න
ReplyDeleteපැනයක් නැගුණි ඇහැකිද එයද විමසන්න
තිබුණත් මුඛ සයක් කතරෙ ට බත් කන්න
ඇත්තේ එක ෆුක නෙ හැකි වෙද ඉවසන්න?
හොඳ පැනයක්
Deleteකඳ දෙව් පිළිතුර:
විඩයක් නොලැබුනත් පැන නම් සුපුරුදු ය
මුඛ සය ඇතත් කෑමට පුක එකක්ම ය
ඉවසනු නොවෙයි සෙවි යුතු හොඳ විසඳුම් ය
හය ගුණයෙකින් ලොකු කළෙ මම් පුක් හිල ය
සැ.යු- පුක යනු කුණුහරුපයක් නොවේ!