![]() |
මෙවර පා ගමන යන්නට නොහැකි විය |
ඒ හින්දාම අසමත්කම සිදු විණිය
තවමත් හිත තැවෙයි ඒ වෙනුවෙන් දුකය
මෙවර පා ගමන යන්නට නොහැකි විය
දෙදහස් දහතුනෙයි අප පළමුවෙන් ගියේ
හයවෙනි වතාවට ගිය වසරේය ගියේ
කොතෙක් ගියත් ඇති වීමක් නැතිව ළයේ
නැවතත් යන්න ආසාවෙනි අප හිටියේ
![]() |
පාද යාත්‍රාවේ යන්න ඕනි නං යුෂ්මතාට සති දෙක තුනක්වත් ඇවිදින්නම
වෙනවා. පේ වෙන්නත් ඕනිනෙ... |
සති කිහිපයක් ඇවිදල පුහුණුව ලබන
සිරිත තිබුණෙ මං fit නැති නිසාවෙන
මහ වැසි නිසා බැරි විණි එය කර ගන්න
අපේ හිතවත් අයස්මන්ත පීරිස් මහත්තයා risks
ගන්නට දෙයියෙකි. හිතුණාම හිතවතුන්ට අන්දවන්නටත් සූරයෙකි. පාද යාත්‍රාව
සම්බන්ධයෙනුත් එහෙමය. මුල්ම වතාවේ සති ගණනාවක් තිස්සේ; පැය ගණන් අපව ඇවිද්දමින්
හිටි උන්නැහේ, නෙවිල්ව ඇන්දෙව්වේ පැය දෙක තුනකිනි. ඒ හාදයාත් එක්ක කිඹුලාවල ජොගින්
පාත් එකේ පැයක්- දෙකක් විතර ඇවිදලා (ඇමට වගේ) Cool Spot එකකින් ස්මූති අරං
දීලා කිව්වේ ‘ගමනට උඹ fit මචං’ කියලාය.
එහෙව් අයස්මන්ත පසුගිය හය වතාවෙන් එකකදීවත් මට
නං ඒ බුරුල නොපෙන්නුවේය!
පුහුණුවේදී මං වහන්සේ එක දිගට පැය තුන හතරක් ඇවිද්දත්
එයාට නොසෑහෙයි. මං මුරණ්ඩු වෙනකොට කඩා පනින්නත් නොපැකිළෙයි. “යකෝ, උඹද දොස්තර, මමද
දොස්තර? උඹ ලෙඩා... මං කියන දේ අහපන් අයියේ. පාද යාත්‍රාවේ යන්න ඕනි නං යුෂ්මතාට සති
දෙක තුනක්වත් ඇවිදින්නම වෙනවා. පේ වෙන්නත් ඕනිනෙ...” කියලාත් මතක් කළේය.
ඒත් වැස්ස වලාහක දිව්‍ය පුත්තරයා කිසිම බුරුලක්
නොදී අපේ මෙදා plan සේරම සුනු-විසුනු කර දැම්මේය.
![]() |
නොගියට මොකද පා ගමනට එක්කහුව... |
එහෙම risk එකක් නම් ගන්නට නොහැකි
කමක් නැහැනෙ- next time යන්න හැකි
නැහැ වාගෙයි මෙවර අපි ටික වැඩිය ලකි’
කිව්වා හිතාදර පීරිස් තිරසරව
පිළිගන්නට වුණා උවදෙස කීකරුව
නොගියට මොකද පා ගමනට එක්කහුව
තොරතුරු, foto නං දුටුවෙමි අඩු නැතිව
අවුරුදු දොළහකට කලින් ‘කතරගම පාද යාත්‍රාව’ මේ
තරම් ප්‍රසිද්ධ වී තිබ්බේ නැත. ඒකටත් එක්ක දැන්...
විශේෂයෙන් fb එකේ... පාද යාත්‍රාව ගැන සේරම තොරතුරු එහි වැටෙයි. වෙනෙකක් තබා, තම
කණ්ඩායම හා එක්ව පාද යාත්‍රාවේ යන්නට එන්නැයි නන්නාඳුනන්ට කෙරුණු ඇරැයුම් පවා එහි
තිබෙනු දුටුවෙමි!
![]() |
දහදාහකට වැඩියෙන් එහි ඉඳලාය! |
තිබුණු සියලු බස් ඕවර්ලෝඩ් වුණ
පුවත පැමිණියා, එවිටත් දහස් දෙන
උන්නලු ඔකඳ දෙවොලේ බිම වසාගෙන
ගමන ඇරඹුණේ ජුනි විසි වෙනිදාය
දහදාහකට වැඩියෙන් එහි ඉඳලාය
ගතින් නං එවෙලේ මං උන්නේ මෙහිය
හිතින්; සහමුලින් මා හිටියේ එහිය
එහෙම ඉඳිද්දී Fantastic Travelers සමූහයේ පළවී
තිබුණු ‘ලාහුගල’ foto රැසක්
දුටුවෙමි!
විසි-තිස් වතාවකටත් වඩා ලාහුගල හරහා ගමන්කොට තිබෙන මටත් ඒ foto රැස ලබා දුන්නේ
නවතම ආනන්දයකි; ප්‍රබල ආහ්ලාදයකි!
‘පාද යාත්‍රා ෆොටෝස්තුත් හොයාගෙන ලියන්න ඕනි foto වැඩි, text එක අඩු post එකක්... කවිත් එක්ක...’ මට සිතිණි.
ඔබ මේ කියවන්නේ ඒ පෝස්ටුවයි.
![]() |
දම් පැහැ කුසුම් යායම හරි දඟයි වගේ |
වියළි නැඟෙනහිරටත් දැන් මඟුල් වගේ
විල්ලු- වගුරු බිම් එහෙමත් වැව් වාගේ
දම් පැහැ කුසුම් යායම හරි දඟයි වගේ
බෙරු කන පිණිස රැස්වෙන හස්තියො කොහෙද
කලින් ඇවිත් කුස පුරවන් ගිහිල්ලද
මිනිස් අපට වැඩියෙන් උන් සංවරද
උන් මේ මල් පලස වනසන්නේ නැතිද
![]() |
බැතියම සවිය වෙයි ඔවුනට සුවය දෙමින්! |
මඟදී මළත් සැපතක් යයි හිතාගෙන
අඩුම-කුඩුම සේරම බර ඔසවගෙන
එනවා මේ ගමන හැම දුක් දරාගෙන
මාස ගණන් පේ වීගෙන සැදැහැ සිතින්
ගස් ගල් යට පවා රෑ කල ගත කරමින්
සැතපුම් සිය ගණන් ගෙව්වත් පා ගමනින්
බැතියම සවිය වෙයි ඔවුනට සුවය දෙමින්
![]() |
ඒ නිසා දෙයියන්ගෙ පිහිටයි ඕන් කලින්ම කිව්වා, වන්දනාව යන විදියට පිලිවෙලට
පලයල්ලා. ගොඩක් එව්න් ටිපර් වෙලා එයි... |
‘මේ ගමනත් යන්නෙ trip යනවා වගෙය’
‘බහුතරයක් පතන්නෙත් මින් විනෝදය’
කෙරෙන චෝදනා බොරුමත් නොවේමය
එහෙම නැඟුණු
චෝදනාවලින් එකක් මේ:
‘රේස් ගිහින් දවසෙන් ආවා දෙකෙන් ආවා කියාගෙන වැඩ පෙන්නන්න දඟලන උන් නම් දැන් මේකේ
හොඳටම වැඩි. ගිය අව්රුද්දෙ මෙච්චර රැඟිලි තිබුනෙ නෑ.
රැල්ලට යන එවුන් නම් සාපයක්. ගියාට කමක් නෑ. දැනමුතුකමක් දෙන මිනිස්සුන්ටත් පොර ටෝක්
දිදී මේකෙ රඟන්න එපා. අනික රෑ 7, 8 වෙනකම්
ගමන් කරල කෝම හරි රේස් ගිහින් දිනුවට කමක් නෑ. අන්තිමට අලිය ගැහුවා, කොටියා
ගැහුවා, වලහ ගැහුවා, මහසෝන
ගැහුවා කියාගෙන මේකෙ වැලලෙන්න හදන්නත් එපා. ඊට පස්සෙ විපාක විඳින්න වෙන්නෙ ඊලඟ අව්රුදුවල
වන්දනා කරන බැතිමතුන්ට.
මිනිස්සු
නීති පිලිපදින්නෙ නැතුව දඟලද්දි ඉදිරියේදි පාද යාත්‍රාවට මොන මොන සීමා දායිද කියල කව්ද
දන්නෙ. ඒ නිසා දෙයියන්ගෙ පිහිටයි ඕන් කලින්ම කිව්වා වන්දනාව යන විදියට පිලිවෙලට පලයල්ලා.
ගොඩක් එව්න් ටිපර් වෙලා එයි දැන් රෙද්ද උස්සගෙන. ආවට කමක් නෑ, අපිට නම් ගානක්වත් නෑ.😌’
![]() |
ඒවා කෙරෙන තැන්වලටත් වෙලා මුහුන් - ඒ සිරිතුත් ඉගෙනගෙන ඒ ගොල්ලන්ගෙන් |
මුරුගන්, අග්නි, සරවන නම් මැතිරීම
සඳුන් කපුරු දල්වා මල් පුද දීම
පා ගමනෙදිත් කෙරිලා ඇත ඉහළින්ම
ඒවා කෙරෙන තැන්වලටත් වෙලා මුහුන්
ඒ සිරිතුත් ඉගෙනගෙන ඒ ගොල්ලන්ගෙන්
ලියන්නට හිතාගෙන උන්නත් මේ මං
නොයැවුණු නිසා ‘ඒ අරමුණ විණි නට්ටං’
‘කඩාගෙන නොයා අපි හෙමිහිටම යමු
අමාරුවෙන් හරි ‘ඒ ගඳ’ උහුල ගමු’
‘ඔව් ඔව් රේස් නොදුවා හෙමිහිටම යමු
එහෙම කරල ගමනේ විසිතුරු බලමු!’
![]() |
අලි රාළටත් ගමනේ යන්නට හිතිලා |
එය වැරදුණා ‘පව් පළ දීමක් වැන්නේ’
කම් නැත හීන එකකින් නෑ එළි වෙන්නේ
අදට වැඩිය හෙට හොඳ දවසක් වෙන්නේ
අලි රාළටත් ගමනේ යන්නට හිතිලා
වගෙයි, ඒත් සංසුන්කම නෑ හිඳිලා
ඒකට මෙහේ ඉන්නා අලි වාහේලා
කිට්ටු වගෙයි දැන් යන්නට වඳ වීලා
![]() |
දැනගෙන කතරගම යමු නුවණැති විලසින්! |
කැලේ කඩාගෙන දුවනව මනුසත්තු
දුවන්නට ගිහිං පණ නැති කර ගත්තු
අඟන ගැන තවම මතකයි සියලු තතු
ළිං තුන කිට්ටුවෙදි සිදු වුණු ඒ විපතින්
උගත යුතුයි පාඩම්- වන මැද යන්නන්
දැනගෙන කතරගම යමු නුවණැති විලසින්
නැත්තං අතරමං වෙන්නට වුව පුළුවන්
![]() |
දැන් දැන් පා ගමනෙ යෙදෙනා උදවියට - කෑම බීම දන්සල් ඇත වකාරෙට |
කෑම බීම දන්සල් ඇත වකාරෙට
තැඹිලි, කොමඩු දුන්නලු හරි සාරේට
දෙන එක දෙන්න ඕනෑ මදි නොකියන්ට
අයිස්ක්‍රීම්, සව්, කිරිබත් වාගේම
මාළු පාන්, ඔසු තේ, බත් පෙර සේම
දුන්නලු ඒ නිසා පිරිමැහිලා කෑම
වේලක් නොඉව්වත් කළ හැක rest කෙරුම
![]() |
නෙතට සුව ගෙනෙයි අරණක දසුන පවා |
නෙතට සුව ගෙනෙයි අරණක දසුන පවා
දැවෙන සිත් සතන් වුව ඉන් දැමෙයි නිවා
සංහිඳියාව ගෙන දී සිත සතප්පවා
සුව දෙවනවා ලෙඩ රෝගත් දුරට යවා
වනස්පතියො හරිතෙන් ඇත සැරසීලා
කුරුළු කොබෙයියොත් වාගෙයි වහං වෙලා
පලු හා වීර පල තිබ්බලු වැහි වැහැලා
අපිත් ගියා නං කනවනෙ රස කරලා
![]() |
අම්මා, කකුලෙ දිය පට්ටා ඇවිදින්ද - නැත්තං කටු ඇනිල දිගටම කෙවෙනවද? |
ඒත් ඇවිත් සුපුරුදු ලෙස මේ වාරෙත්
(යන්න බැරි වුණත්, විස්තර දැක්කාමත්
දුකයි)- උයල අහවර නැතිවද තවමත්
අහවර වෙන්නෙ කොහොමද ළිප නිවිල වගෙයි
ළිපේ තරමටද දර කොට- ඒත් දෙකයි
ඉපල් කෝටු දැම්මා නං ළිප ඇවිලෙයි
අත දිග හරියෙ එව්වා නෑ හොයන්න වෙයි
අම්මා, කකුලෙ දිය පට්ටා ඇවිදින්ද
නැත්තං කටු ඇනිල දිගටම කෙවෙනවද
හෙම්බත් වෙලා වාගෙනෙ ඇයි මහන්සිද
නඩේ අනිත් උදවිය කොහෙ ගිහිල්ලද
‘එක සැරයක්වත් සිරීපාදේ ගිහිල්ල නැති මිනිහත්
මෝඩයා- එක සැරයකට වැඩියෙන් යන මිනිහත් මෝඩයා’ යැයි කීමක් ආදියේ පැවතිලා තිබෙයි. ඒ
කියමන ‘කතරගම පාද යාත්‍රාව’ සම්බන්ධයෙනුත් කියැවුණේ මගේ හිතවතෙකුගෙනි. ඒ කියමනේ ඇත්තක්
තිබේද?
මිනිහා කියන සතා තමන් කැමති ඕනෑම දෙයක් කරන්නේ එකම එක වතාවක් විතරයිද?
අනෙක් අතට හිතනකොට, චුට්ටං හරි මෝඩකමක් නැති මිනිසුන් ඉන්නේ කොයි සක්වලේ කොයි ලෝකෙද...
![]() |
පා ගමනේදි ඒ වගෙ පියවරු දැක්ම... |
‘ඇට මෝඩයෙකි තමුසෙත්’ හිත කියයි මට
‘වෙන්නැති මාත් නෝමල් නෙව’ හිතෙන විට
හිනා වෙන්න මදි වාගේ දැනෙයි කට
නොමිනිස්කම වගෙම මිනිසත්කමත් ඉතිං
උරුම වෙනව නෙව අපහට ජානවලින්
ජාන හොඳ වුණත් නොවුණත් ඇබ්බැහිකං
දුරැරලිය හැකිද අපි ජීවත් වෙනකං
පුතෙකු කර තියං උස්සාගෙන යෑම
තාත්තෙක් කරයි ආදරයෙන් බෝම
පා ගමනේදි ඒ වගෙ පියවරු දැක්ම
අරුම නෙවෙයි- දැක්කා හැම වාරේම
එවන් දසුන් ආයෙත් දෙනෙතට දෙන්න
වන අසිරිය මදිය නොකියා විඳගන්න
එන වසරේදි මේ පා ගමනේ යන්න
වාසනාව, ශක්තිය, ඉඩ මට දෙන්න෴0෴
දමිළ මිනිස්සු තමන් අදහන දෙයියන් ගැන භක්තියෙන් ඔය ගමන ගියාට අපේ සමහරක් කොයි තැනට ගියත් වනසන එක ඔතනටත් පුරුදු උනොත්නං අර මිනිස්සුංගෙ නිදහසත් නැති වෙන එකයි වෙන්නේ.
ReplyDeleteදන්සැල් දීල අරව මේව කරල ගමන පහසු කරවනවට වඩා අසීරුවෙන් යන්න තියෙනවනං ටිකක් හරි යන අය අඩු වෙයි.
නිමල් අයිය මේ ගමනත් ගියානං අපිට රසවත් විස්තරයක් බලාගන්න තිබ්බ. අපරාදෙ.
ඔව්නෙ Praසන්ன මහත්තයෝ,
Deleteමේ වතාවේ ගිහිං දමිළ බැතිමතුන්ගේ සිරිත් ගැන වැඩිපුර හොයන්න ඕනි කියලයි අපි කතා වෙලා උන්නේ. වැඩේ කරගන්න බැරි වුනානේ- අපරාදේ.
ගමන ටිකක් දුෂ්කර වුණාම නිකමටම යන උදවිය අඩු වෙනව තමයි. ඒ නිසා දන්සල් එහෙම ඕනෑවට වඩා වැඩි වීම එක අතකට නරකයි තමා.
ඒත් හොඳටම මහන්සි වෙලා යනකොට එක වේලක් හරි නොඋයා විවේක ගන්න ලැබීමේ තියෙන සනීපෙත් පොඩි නෑනෙ Praසන්ன.
අනික කොච්චර දන්සල් තිබ්බත් ඒවායින් නොකන- තමන්ම උයාගෙන කන අයත් ඉන්නවා. මම එහෙම දෙන්නෙක් ගැන ගිය වතාවේ ලිව්වත් එක්ක. මඩකලපුවේ අයියයි මල්ලියි ගැන... ඒ වගේමයි- අමු පොල් හා කැරට් විතරක් කෑමට ගනිමින් යන සාමි ගැන... හරෝහරා හයවෙනි වරටත් සහ කීටෝ - හයවෙනි කොටස post ඒකෙදි.
https://nidigepanchathanthare.blogspot.com/2024/08/blog-post_8.html
යන්නට තියේ ආසාවක් ඔය ගමන
ReplyDeleteඒකට නිදහසක් තවමත් මට නැතිය
මේ වගෙ වැනසුවොත් මුං ඒ පරිසරය
දෙයියොම තමයි දන්නේ හෙට වෙන හරිය
කන්නට අඳින්නට සැප ගන්නට එමට
Deleteඉන්නට රටක් ලැබුනෙත් අපිලගෙ පිනට
මේ රට හතර දිග්බාගෙම එක මිටට
දුන්නත් පාඩු නැත අනුරයියගෙ kaටට
අමන බදු කුමරු ජනපති වූ කල,
Deleteබදු බර වැඩි විය සරා ගුවන් තල,
හැඬුදන කඳුළින් රටක්ම තෙත් කල,
නිදහස මෙදුකින් ලැබේ කවර කල?
@ නිදි
Deleteමේක නම් හරිම ලස්සන කවියක්, ටිකක් සැර වැඩි වගේ නේද මීට වඩා සංවරව ලියන්න පුළුවන් නම් හොඳයි.
මමත් ලියන්නම් කොටසක් මෙහෙම
ලංකා ජනතා වළප (වැළපීම) වගේ නමක් දාමු
බත කා ඉවරයි බලමින් උන්නොත් ටික දොහකින් සිංහල හාලේ
ලපකොට හරකා ලංකා ඉඩමෙන් පන්නන්නට සැරසෙව් රාළේ
පුංචි එකාගේ සෙල්ලම් බඩුවට දහස් ගණන් මොන බදුද අනේ
තනේ තිබෙන කිරි ටිකටත් බද්දක් ගෙවන්ඩ වේවිද නුදුරු දිනේ
අනේ මගේ ළමයිනේ අඬන විට මොනවද නුඹලට මම දෙන්නේ
බණේ සිටින දෙවියෝ අද ඇත්නම් ලපයව හතරට පලනවනේ
මේක දිගටම සිව් පද මාලාවක් විදියට ලස්සනට ලියන්න පුළුවන්ද?
මම අදහස් ටිකක් දෙන්නම් මේවා ලස්සනට ගලපලා ලියන්න පුළුවන්ද?
රටේ හඬ! 💔
බත කා ඉවරයි, බලමින් උන්නොත් තව දොහකින්,
සිංහල හාල් ටික, නැති වේවි අප දෙසින්.
ලපකොට හරකා, ලංකා ඉඩමෙන් පන්නා,
රටම දුකට දමා, රාලේ සෙල්ලම් කරනවා.
පුංචි එකාගේ, සෙල්ලම් බඩුවට දහස් බදු,
තනේ තිබෙන කිරි ටිකටත්, බද්දක් එයිද නුදුරු?
අනේ මගේ ළමයිනේ, කිම දෙමි අඬන විට?
බණේ සිටින දෙවියෝ, ලපයා පලයි සතරට!
දමා හඬ නඟන්නන් දඟ ගෙය තුළට,
නොදී ඉඩ කඩක් බහිනට මහමගට.
පොලීසියට අණ බල දී දෙන්න බැට,
මර්දනේට පෙළ ගැහෙයි මුන් සැරට.
මන්දපෝෂණෙන් දරුවන් පිරී රටේ,
බදු බර මහමෙරක් මව්පියෝ හඬා වැටේ.
උන් සැප විඳී බොරු කියමින් හතර වටේ,
පරදමු මර්දනය, මුන් හට දීලා බැටේ!
පාතාලෙට විසඳුම් පොරොන්දු දුන්නේ,
දවසේ වෙඩිල්ල කොහේදැයි අදත් නොදැනේ.
රටේ සාමය සොයනා දන වැලපෙන්නේ,
දුන් පොරොන්දු කොතැනදැයි දැන් කිසිවක් නැහැනේ.
පාසල් දරුවට යහපත් හෙටක් කියා,
ඉතිහාසයත්, සෞන්දර්යයත් ගිලිහී ගියා.
NGO උවමනා, සැලසුම් දියත් කළා,
දරුවන්ගේ අනාගතය අඳුරේ දමලා.
ඉන්දියාවට ගැති ගමන නවත්වන්නට,
ඡන්දය දුන්නා මාලිමාවට දිනවන්නට.
ගිවිසුම් රහස්, දැන් පෙන්වන්නේ නැත රටට,
මේ රහස් ගිවිසුම් කොපමණ භයානකදැයි හෙටට!
IMF කඹයේ එල්ලී රට වැනසීම,
ඉන්ධන විදුලිය මිල දින දින වැඩිවීම.
අඩු කරයි කියා දුන් පොරොන්දු බොරු වීම,
ජනතාවගේ බලාපොරොත්තු සුන් වී යෑම.
හොරකම් අල්ලන්න දුන් බලය ඇන්නෑවේ,
බිලියන ගණන් වංචා, අධිකරණයට නාවේ.
දේශපාලන අසමත්කම පෙනෙයි සැම තැන,
අප සූරාකෑමද දැන් කරන්න ඕන?
අනුරත්, මාලිමාවත් වචනෙන් රඟපෑවා,
පෙර හොර රජුන්ටත් වඩා විශ්වාසය බිඳ දෑවා.
ජනතාව නුගතුන් නොවේ, ඉතිහාසය පෙන්වයි,
ලබන ඡන්දයේදී කතිරෙන් උත්තර ලැබෙයි!
රාජපක්ෂ හොර රැලටත් හෙන ගහපන්,
කජු මුත්තයි සජියයි වල පල්ලට පලයන්.
ලප වානර රිලවුන්ටත් හෙන ගහපන්,
කෙබර කොටා අවීචි මහා නරකාදියටම පලයන්.
මේ අදහස් ලස්සනට හසුරවා සාහිත්‍යයමය විදියට ලස්සනට ලියන්න පුළුවන්ද?
මේ කවිය ඔයාටයි Praසන්ன.
Deleteහිත තිබිලා විතරක් මදි නෙව දෙයියෝ
වෑයම් කරන්නත් ඕනෑ නෙව අයියෝ
පරිසර නසනවා ටොයියෝ සහ බයියෝ
සැරයක් හනික මේ ගමනත් යමු දෙයියෝ!
Deleteනිදිගෙ පංච තන්තරේJuly 19, 2025 at 1:09 AM
කවියට ස්තුතියි. ඒත් මගේ නමින් ලිව්වේ ඇයි? මගේ නම මහ ලොකු එකක් නෙවෙයිනෙ...
DeleteAnonymousJuly 19, 2025 at 2:48 AM
කුමන කුමරු ජනපති වූවත් මෙකල
ගෙවන්නට තිබෙයි පව් බරකුත් තුමුල
දසක හතක කෙරුවාවේ- එහෙම පල
උරුමව තිබේ දුරලන්නට 'ලැබෙයි බල'
රිවිහාර දුම්මලගහහේන ලස්සන නමක්. නොනමින් නොලියා ඔබේ නමින්ම ලිව්වාට ස්තුතියි.
Deleteසාහිත රසය විවිධය එකිනෙකාහට
දැක්මත් ඒ වගේමයි තව කෙනෙකුහට
එකෙකුට වස දැනෙයි රස මෙන් තව අයට
යළි ලියනුයෙ කුමට- ඔබ ලියලනෙ යසට
ඔය රිවිහාර පින්නදුව කියල පෙරටුගාමී සමාජවාදී මල්ලි කෙනෙක් ඉන්නව ස්පාටකස් කියල බ්ලොග් එකක් කරපු . මේ ඒ වෙනුවට හදපු ෆේක් නමක් නේද ? https://rivharapinnaduwa.blogspot.com/
Deleteඑහෙමද අජිත් මහත්තයෝ?
Deleteජනාධිපති අනුරලා ඇතුලු කට්ටිය අවුරුදු තිස් ගණනක් පාර්ලිමේන්තුවේ ඉඳලාත්..., ආණ්ඩුක්රමය හදාරලා නෑ, සාමාන්‍ය කතා කරන ඉංග්‍රීසි ඉගෙන ගෙන නෑ.... .රට පාලනය කරන විදිය ඉගෙන ගෙන නෑ..... එකට හේතුව, කවදාහරි ඔබලාට ආණ්ඩු බලය ලැබෙයි කියලා, හිතුවෙ නැති නිසයි... . 2022 ජනතාවගේ නැගිටීම සහ සම්ප්‍රදායික දේශපාලන සංස්කෘතිය ජනතාවට සම්පුර්ණයෙන්ම එපාවීම නිසයි , මාලිමාවට ජනතාව ඡන්දය දීලා මේ තියෙන බලය ලැබුණේ... .
Deleteකොතලාවල පනතට එරෙහිව, අනුරලා විශ්ව විද්‍යාල සිසුන් පෙළගැස්සුවා . ඔවුන්, නගරයක් ගානෙ, ජනතාව දැනුවත් කලා. මම පුද්ගලිකව මගේ වියදමින්ම මගේ ගෙදර සිට, මහ විශාල බැනරයක් ,ගෙනහින් නිට්ටඹුව නගරයෙ ගැහුවා .අපේ ළමයින් ගැන, ඇඟේ ලේ වතුර වෙලා හිටියෙ .කොළඹ කොටුව දැනුවත් කිරීම්වලදි, පොලිසිය, ළමයින් අල්ලන්න පස්සෙන් ..උසස් අධ්‍යාපනය අමාත්‍යාංශය ඉදිරිපිට, අට්ටාලයක් ගහගෙන ඉන්නකොට ,ඒවා කඩාබිඳ දමලා පළමු වසරෙ ළමයින්, උසාවි දාලා , දින 14 කට, හිරේ දැම්මා .කොවිඩ් නිසා, නඩු අහන්නෙ නැතුව ,මාස ගණන් ළමයින් හිරේ හිටියා .මගේ ළමයා නැතත්, මම හිරගෙදර ගියා .ඔවුන්ගේ වැඩ, බොහොමයක් කලේ මගෙ ගෙදර ..ඒවාට දරුවන් උසිගැන්වූයේ මාලිමාවේ අය ..ඒවගේම බොහෝ දරුවන්, නිදහස් අධ්‍යාපනය වෙනුවෙන්, අනේක වධහිංසනයට ලක්ව දිවි පිදුවා .දැන් කොතලාවල පනතත් හොඳයි .නිදහස් අධ්‍යාපනයත් ඉවරයි .
දැන් ඤාති ,මිතුරු සංග්‍රහය , ප්ලග් බේස් වගේ හොරකම , කන්ටේනර් ,චිකාගෝ වගේ දිනපතාම වෙඩි ,රිලා කෝලම්, බොරුව , සංදර්ශන වගේ පරණ සිස්ටම් සියල්ලම නොඅඩුව තියෙනවා .
76 වසරක, නරක පාලනය ගැන පමණක් කතා කලත්, මේ අතීතයේ අපිට නැව් හතක් තිබුණා . කඩදාසි ,තුල්හිරිය රෙදි ,පුල්මුඩේ ඇපටයිට් ,පිඟන් ,වානේ ,සීනී, ලුනු , මුද්‍රණ ,උලු, මිනිරන් , පොල් ත්‍රිකෝණය , වී ,රබර් , තේ , ටයර්, කිරි , CTB වගේ, විශාල කර්මාන්ත රාශියක් තිබුණා . ලංකා සිතියමේ මේ කර්මාන්ත තිත් වැස්සක් වගේ . නැව්වල නම්, මේ කර්මාන්ත, අපිට පාඩම් කරන්න තිබුණා .
ඒ කාලයේ ඔබලාත්, මේ කර්මාන්ත පහත හෙලන්න දායක උනා . මෑත මැතිවරණයෙදි ඔබලා ,සේරම කියලා තියෙන්නේ සිහින කතන්දර , සුරංගනා කතා .ඒකට හේතුව, රාජ්‍ය පාලනය ,හදාරා නොතිබීම .
ආගමික කතාව බැලුවත්, දේශපාලනික ආගමිකත්වයක් තියෙන්නේ .
කාගම සිරිනන්ද, තවත් එක මැදමුලන නිකායෙ හොරගණයෙක් වගේම කැත විදියට දේශපාලනික දේශනා කල නිසා, ජනාධිපති ලැජ්ජ එතනට ගියා .පහුවදා හොරු පැන්නා .
ප්‍රසාදිනී ගන්න සජබෙට කඩේ ගිය චීවරධාරියෙක් පසසේ මිහින්තලේ ගියා, ලොවෙත් නැති ආසන 150..160 පිංකමට පැත්ත පළාතේ ආවෙ නෑ . ඒකට බොහෝ දඬුවම් ලැබුණා .එකක් තමයි පළාත් පාලන ප්‍රතිඵලය. ප්‍රසිද්ධියේ මම කිව්වෙ, ගමේ හැම පාක්ශිකයම එකතු වෙලා කරන, සාමූහික පාලනයක් ලබා දෙන්න කියලා .
පළාත් පාලන ප්‍රතිඵලයත් තිතටම කිව්වෙ මම .. නමුත් දූශිත නිලධාරීන් ලවා, රහසේම පළාත් පාලනය කරන්න යන්නෙ .
ඉන්දියානු රහස් ගිවිසුම්...සිරිමාවෝ කච්චතිව් දූපත පවා අපේ භාරයට ගත්තා . බාරෙ පිංකමේ කොටසක් තමයි ,දේවාශිර්වාදය ,ඔබගේ දෑත් වලට දෙවියන්ගේ ශක්තිය ලබා දීම ,ඔබව හරි මගේ යැවීම රට වෙනුවෙන් .. ඒකට ඉතිං ,ඒ පිංකම, කරන්න එපායැ 😏
Anura Kumara Dissanayake සහෝදරයාට මතක් කිරීමක්..
සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
ReplyDeleteකෙම්වර දවස්වල පානින් සැරසී ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම
අයියනායක - විමලරත්න කුමාරගම.
මමත් අදහන්නේ ඔය කවි පේලියේ තියන අදහස තමයි. නිදි , පාදයත්රාවේ යන face book නඩ ඔය දේවල් සිහියේ තබාගෙන පරිසරයත් ආරක්ෂා කරගෙන යනවානම් හොඳයි.
@ නිහඬපාල
Deleteඅපි පසල් ගිය කාලේ මීට වසර විසි පහකට විතර ඉස්සර අපේ සිංහල භාෂාව සහ සාහිත්‍යය පෙළපොත්වල තිබුණ ලස්සන කවි පෙළක් කොළඹ යුගයේ කවිය එකලු කල විමලරත්න කුමාරගම සූරින්ගේ ලස්සන පද මාලාවක්
නමුත් අවාසනාවකට වගේ මේ කවි පන්තිය විකෘති කරලා කට්ටිය මේකේ නම කයියනායක කියලා හදලා සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම දාලා
මේ බලන්න මේ පද පෙළ
//
කයියනායක කවි
නවසිය හැට පහේ මැයි දාහතර දිනේ
ලක්දිව වෙත කඩා වැටුණිය ලොකුම හෙණේ
නිදහස් ලකට හැත්ත හතක් ගෙවුනු තැනේ
නයුවෙක් නැතත් මෙහි පඹයෙක් රඟනු පෙනේ
සතියට තිබෙන හැම දවසෙම පුවත් වල
වපුරා කෙබර දන රැවටූ වදන් පෙල
ගැන විස්වාස කළ ලක්දන නැණ විකල
ඔසවා තැබුවෝය පුටුවේ ලොකුම බල
දොඩවන නොයෙක් පාරම් බස් කටෙන් මැත
ආ විගසින්ම ණය ගත්තා නැතුව කැත
පහු පහු වෙද්දි ඇඹරෙයි මූ හතර අත
කයි රිලවුන් එකසිය හැට ගොබ්බ කැත
දෙවි දේවතාවුන් සැරි සරන දිවයිනේ
උල් කර කෙලින පච ලොම් තුඩකටද දැනේ
කෙබරවලින් මුළු සිරිලකම කෙලෙසුනේ
අපෙ ගැරහුමට නැත රැවටෙන දන ලක්වුණේ
අමු ටොම් පච වලට යළි යළි රැවටීම
රෙදිත් ඇඳන් මීටින් වල බඩගෑම
බින්න අසා ඔල්වරසන් හඬ දීම
මා නොකෙරුවත් නොකළමි එය ගැරහීම
මහ වැසි වලට පසු ආ ගංවතුර වලින්
සහනය පතා පච රිලවුන් වෙතට කෙළින්
යන ජනයා සැරසීමට නුවණ මලින්
පෙළඹෙන අයට සුබ ආසිරි පතමි මුලින්
දිවයින වටා ඇති මහ සාගරේ මැන
ජීපීඑස් යොදා මාලුන් රැගෙන එන
බලවත් කයියනායක, දුන් ටෝක්ස් ගෙන
කතිරය ගැසූ ධීවරයන් අදිති පණ
සඟ වෙද ගුරුවරුන් හෙදියන් සිටින තැන
රණවිරුවන් ද ගොවි කම්කරු මහා දන
තෑපෑලයෙන් දුන් ඡන්දයෙ තරම දැන
අද දින තැවෙති කළ ගොන්කම් නැවත ගැන
මළමිනි නිදන් කර තැන පැලවත්ත කොනේ
බර ගාණක් ගෙවා හැදු බිල්ඩිමක් පෙනේ
සමාජ වාදෙ වෙනුවෙන් මළ උන්ගෙ බිමේ
පාවා දුන්නු උන් කරණම් ගසනු පෙනේ
පෝලෝ කමිසයෙන් ලොකුකම පෙන්වීම
තම දරුවන්ට රට ප්‍රයිවෙට් ඉගෙනීම
දියවන්නාවෙ සත ගානට බත් කෑම
ඌ කර කරත් කෙරුවලු එය ගැරහීම !
//
මේ වගේ කවි අම්බානක තියෙනවා ෆේස් බූක් වල යහ යු ටියුබ් වල
සර්ච් කරලා බලන්න, දැන් හම්බ වෙච්ච තව එකක් මේකත් බලන්න
https://www.youtube.com/watch?v=jEjr2Lek_RY&pp=0gcJCcwJAYcqIYzv
මේ වගේ විකෘති කවි පන්ති දහස් ගණනක් හදලා ද කොහේද? ඇත්තටම කවුද මේවා හදන්නේ?
නිහඬපාල මහත්තයෝ, අද තරුණ පරම්පරාවේ සමහර දෙනෙක් සාහිත්‍ය රස වින්දනයක් ගැන අහලවත් නැතිව වගෙයි. අරුත් රසයක් දන්නේ නැතිව වගෙයි. ඒ හින්දම වෙන්නොනි ශබ්ද රසය විතරක් විඳින්නේ.
Deleteකොළඹ යුගයේ කවීන්ව හෙළා දැකපු කාලයකුත් තිබ්බයි කියනවා නෙව.
මේ තත්ත්වය වෙනස් කරන්න අපි උපරිමයෙන් වෑයම් කරමු.
Himesh Bandara මහත්තයෝ,
Deleteගොඩාක් ස්තුතියි ඔයාගේ comment එකට.
අපි ඉස්කෝලේ යන කාලෙත් ඔහොම විකෘති කිරීම් අහන්නට ලැබුණා. (ගුත්තිලයේ ‘සදවා සුදු වැලි පිවිතුරු’ වගේ කව්වලටත්.) මිනිස් සන්තානයේ හැටි නේද? නමුත් එව්වා එකක්වත් පවතින්නේ නැහැනෙ. තවමත් අයියනායක - කුමාරගම වගේ නම් අපි මතක් කරන්නේ ඒ නිසා නේද...
අනෙක, ඒ කාලෙ එහෙම විකෘති කිරීම් සමාජගත කරන්න ක්‍රම තිබ්බෙත් නැහැනෙ. අද එහෙමද... අතිශයෙන්ම ග්‍රාම්‍ය, පක්ෂපාතීකමෙන් අගතියට ගිය, අසත්‍ය, වෛරී, අපහාසාත්මක අදහස් වුණත් නිදහසේ පළ කරන්න මාධ්‍යයන් තියෙනවනේ හිමේෂ්. ඒවායින් වැඩ ගන්න දක්ෂයින් හැම පැත්තේම.
හැබැයි ඒ ගොඩක් දක්ෂයන්ට සවිමත් කශේරුකාවක් නෑ- ආත්ම ශක්තියක්; ආත්ම විශ්වාසයක් නෑ තමන්ගේ නමින් පෙනී සිටින්නටවත්. මට නං එයින් ඒත්තු යන්නේ ඔවුන් කරන බොරුව; ඔවුන් කරන රැඟුම පිළිබඳව එයාලා දැනුවත් බවයි. (සමහරවිට ඒවා කරන්නේ වැටුපක් ලබමින් නිසා වෙන්නත් පුළුවන්.)...
... තව කාරණයක් තමයි හිමේෂ්, එහෙම වැරදි මත පතුරවද්දී කිසිම පදනමක් නැති නිසා නොදැනුවත්වම තමන් කියන දේට තමන්ම එදිරි වීම. එහෙම තැන් එමටයි. මේ එකක් විතරයි.
Deleteකයියනායක කවි පන්තියේ එන මේ කවියේ හතරවෙනි පේළියෙන් කියන මේ අදහසට එකඟවද අනෙක් කවි ලියල තියෙන්නෙ කියල බලද්දී මට නං කට මදි හිනාවෙන්න...
‘අමු ටොම් පච වලට යළි යළි රැවටීම
රෙදිත් ඇඳන් මීටින් වල බඩගෑම
බින්න අසා ඔල්වරසන් හඬ දීම
මා නොකෙරුවත් නොකළමි එය ගැරහීම’
@ himesh
Deleteමාලිමාව සෝවාන් උන ආණ්ඩුවක් නෙමේ. එයාලත් කරන්නේ කලින් ආණ්ඩු කරපු දේවල්ම තමා. එයාලා බලය නැති කොට ජනතාව කුලප්පු කරන්න රටේ නැති බොරු කතා ගොතලා බොරු පොරොන්දු දේවල් කිව්වට ඇත්ත එයාලත් දැනගෙන තමා ඕවා කලේ. එකම අරමුණ බලය ගන්න. සැප විඳින්න. සල්ලි හොයන්න. දේශපාලනය කියන්නේ අති කාල හරක් බලාගන්න තැනක් නෙමේ කියලා ඔලුවක් තියෙන අයට තේරෙනවා මාලිමාවට කතිරේ ගහපු අයට ඇරෙන්න. ඒ නිසා ඒ අයටත් කීයක් හරි හොයාගන්න හම්බ වෙච්ච චාන්ස් එකේ ඔය හොරකමක් දෙකක් කරගන්න ඉඩ දෙන්න. ඔයාලා ඒ කාලේ ඡන්දය දීලා දැන් ඒ අයටම කුණුහරුප කියලා බනිනවා නේද? හරි වැරදියි.
"එන වසරේදි මේ පා ගමනේ යන්න-වාසනාව, ශක්තිය, ඉඩ මට දෙන්න" ඒක හොඳයි; හොඳ බලාපොරොත්තු තියෙන තරමට ජීවිතේ ලේසියි.
ReplyDeleteමීට කලින් පෝස්ට් එකක නිමල් කියලා තිබුණා නේද කලින් ගිය ට්‍රිප්ස් ගැන මතක් කරලා සතුටු වෙන්න පුලුවන්, ඉස්සර වගේ දැන් නිතරම යන්න ඕනෙ නෑ කියලා. දැන් මේ පාද යාත්‍රා ට්‍රිප් එක ආයිත් යන්න ආස හිතුණද. මේක ගියාම 'දෙවියන්ගේ ආශිර්වාදය' ලැබෙනවා කියලා හිතේ තියෙන නිසා වැඩියෙන් ආසයි වගේද.
ස්තුතියි Lotus,
Deleteඅවුරුදු කීපෙකට කලින් ගිය trip එකක් අවසානෙදී (ඉතාලියේ ඉඳල ඇවිත් හිටි) ටිරාන් - නදීකා දෙපල මාව පොරොන්දු කරවා ගත්තා ඊළඟ වතාවෙත් එයාල ලංකාවට ආවාම එයාලත් එක්ක ට්‍රිප් එකක් යන්න එන බවට. එතකොට මං හීනෙකින්වත් හිතුවේ නෑ මං දුර්වල වෙමින් ඉන්න බවත්- වියපත් වෙමින් ඉන්න බවත්. එහෙමත් තියෙද්දී; ගමන් යෑම හොඳටම අඩු කරල තියෙද්දී; ඊයේ එයාලත් එක්ක යන්නයි වචනේ දීල තිබ්බේ. ඒත් ඒක රකින්න බැරි වුණා.
එහෙම තත්ත්වෙක ඉඳගෙනත් ලබන අවුරුද්දේ පාද යාත්‍රාවේ යන්නයි දැන් හිටම ලකලැහැස්තිය. විශේෂ භක්තියක්- බාරයක් නිසා හෙම නෙවෙයි. මං නොයනවා නං අපේ කට්ටියත් නොයන පාටක් තියෙන නිසා.
විඩයක් ලැබුණ සැන ආවෙමි කියවන්න
ReplyDeleteපැනයක් නැගුණි ඇහැකිද එයද විමසන්න
තිබුණත් මුඛ සයක් කතරෙ ට බත් කන්න
ඇත්තේ එක ෆුක නෙ හැකි වෙද ඉවසන්න?
හොඳ පැනයක්
Deleteකඳ දෙව් පිළිතුර:
විඩයක් නොලැබුනත් පැන නම් සුපුරුදු ය
මුඛ සය ඇතත් කෑමට පුක එකක්ම ය
ඉවසනු නොවෙයි සෙවි යුතු හොඳ විසඳුම් ය
හය ගුණයෙකින් ලොකු කළෙ මම් පුක් හිල ය
සැ.යු- පුක යනු කුණුහරුපයක් නොවේ!
රසික මහත්තයෝ. මේකයි මගේ අදහස.
Deleteවිමසිය යුතු දෙයක් ඇති තැන විමසන්න
ඔබ නොපැකිළෙන බව කරුණකි මම දන්න
ඇහුවට සිද්ද වෙනවයැ නිරයට යන්න
සතුටුයි නැඟුම ගැන මේ වගෙ කදිම පැන
සුර ලොව ඉපිද දිව සැප විඳිනා නිතින
සුරයන් අතර වෙසෙසක් ඇත හරි වටින
දෙවිවරු අහර නොබුදින මුත් දුටු මතින
සැනසෙනවාලු - ගුදයක් මක්කට ඉතින
Anonymous July 19, 2025 at 2:42 AM
Deleteමගේ මතය මම රසිකට කියා ඇත
නමුත් මැතිතුමනි පැනයක් පැන නැඟෙත
මුඛවල් හයක් තිබ්බත් මදි කෙනෙකු වෙත
කොහොම පුකක් තිබ්බොත් ඇති වෙයිද සෙත
(සැ.යු- මාත් ඔබේ ගොඩේ. පුක යනු අසැබි වදනක් නොවේ.)
නොගිය වුනත් පෝස්ට් එකක් ලියා ඇතී
ReplyDeleteදමිළ අයගෙ පාද ගමන පිරින් බැතී
මීමුරේ වගේ "ෆන්" අරගෙන කා දමතී
පෝස්ට් එකම හාමුද, දැන් හිතට ගතී
බකුසුතුමෝ,
Deleteසැරි සරමින් දසත ලස්සන තැන් දැකලා
තුටු වෙමි එහෙම තැන් නොදමා වනසාලා
ඒ බණ නොදත් ඔලමොට්ටල වාහේලා
ඉවර කරති යන යන තැන ගම කාලා!
සුර සැප විඳිනා කතරගම සුරිදු නිතින
ReplyDeleteසුරයන් අතර බොහෝ ඇත බොරුවෙන් රවටන
දුවමින් හදිසියේ පාද යාත්‍රා නිම කරවමින
සැනසෙනු හැකිද නැතිව භක්තිය ඉතින
විමසා ඇතත් එක කවියෙන් නෙක කරුණු
Deleteපවසමි එකක් ගැන මට තදටම හැඟුණු
වේගයෙ අඩු-වැඩිය නොහැඟෙයි ලෙස දරුණු
ගතේ සවිය ඇත්තෝ දකිතැකි දුවනු
සැනසිල්ලක් දැනේ යැයි ඒ වගෙ අයට
නොහිතෙයි නිදිට වැඩි දුරටත් හිතනකොට
බැතිය ගැන වුණත් මම නොතකමි බරට
එය සාපේක්ෂයි - එක එක්කෙනාහට
විමසිය යුතු දෙයක් ඇත මෙහි විමසන්න
ReplyDeleteඔහු පැකිළෙන බව කරුණකි මම දන්න
ඇහුවට කියවෙද්දැයි කොලුවට පැන යන්න
විඩයක් ලැබුනිද නමිට ශ්‍රියා සමගින් සැනසෙන්න
වෙසෙසින් ශ්‍රියා ගැන විතරක් විමසන්නේ
Deleteඇයි කියලායි මට කුහුලක් උපදින්නේ
පා ගමනේ යන අඟනෝ ‘මව් වැන්නේ’
අම්මා කියල අපි ඔවුනට අමතන්නේ
නමී උන්නැහේ හරි බිසි ජොබ් එකක
කතාබතා නෑ - ගිලිලලු වැඩ ගඟක
පුරුදු ලෙස ඇවිත් නෑ බ්ලොග් පලාතක
හෙටවත් බලයිදෝ කියලා හිතෙයි සැක
යනවිට අපේ හැත්ත
ReplyDeleteයාල මීමුරේ කැබිලිත්ත
එය වී දැන් බලු හුත්ත
වනසා මැය ගතයුත්ත
පරිසරයට කරන විපත්
Deleteහැත්ත දැකල කෝප වුණත්
ලිව්වොත් දේවල් නොපනත්
පිරිහෙනවනෙ ඔබත් මාත්
වැරැද්ද නං වැරදි තමයි
එය පෙන්නා දිය යුතුමයි
දරදඬු ලෙස කිව්වොත් නං
අහන කෙනත් නාහ ඉඳියි!
නොදැන ගියොත් අතරමග
ReplyDeleteදැනගෙන ගියොත් කතරගම
නැවතෙන්න ගියොත් මහරගම
කෙල වුනොතින් රටම මග
එක අරමුණක පිහිටාගෙන තිරසරව
Deleteයා යුතු ගමන යනවා නං අනලස්ව
දුර නැත ළඟම හමු වෙනු ඇත ජය කණුව
ඒකට යයි වගේ ජාජබෙ ආණ්ඩුව