“මගෙ දෙයිය! මගෙ අම්ම!! මගෙ දෙයියට උම්ම පන්සීයක් විතර දුන්නත් මගේ හිතට මදි, අම්මප- සත්තයි- බුදු හාමුදුරුවන්පල්ල- නිමල් අයියේ..ඒ..ඒ.ඒ.ඒ...” කියමිනි අසෝක පියසිරි ඉස්සරහට පැන, මාව ඉඹගෙන ඉඹගෙන ගියේ.
එතැන උන්නු හැමෝම කැකිරි පළමින් හිනා වුණේ එතකොටයි!
![]() |
කොච්චර සුපිරි මතකයක් තියෙන කෙනෙකුට වුණත් එහෙම වෙන්න... |
ඉතාම සීරුවෙන්; සැලකිල්ලෙන් මේ posts කියවන
කෙනෙකුගේ හිතේ ලොකුම ප්‍රශ්නයක් දැනටමත් පැන නැඟී තිබෙනවා විය හැකිය! ඒ රාත්‍රියේ
ඒ පැත්ත පළාතේ නොහිටි අසෝකයෙක් මේ වෙලාවේ මේ කතන්දරය මැද්දට උන්හිටි ගමන් කඩා පාත්
වුණේ කොහොමද? එහෙම පුරස්නයක් ඔබේ හිතටත් එන එක සාධාරණය!!
අසෝක හිතවතා මේ නිමල් දිසානායකයාව කිටි-කිටියේ
බදාගෙන ඉඹගෙන- ඉඹගෙන ගියේ එවෙලේම නොවේ. ඒ රාත්‍රියෙන් සති දෙකකට විතර පස්සෙ දවසකය;
අපේ ගෙදරදීය; තව දහ-පහළොස් දෙනෙකු ඉදිරිපිටදීය!
අසෝක පියසිරි හිතවතාගේ ඒ ‘කොමඩි’ රංගනය මේ දැනුත් මගේ ඇස්දෙකේය; තෙත් වී ගිය
ඇස්දෙකේය. (ඔයාට නිවන් සුව ලැබේවා- අසෝකයෙනි!) ඒ මොහොතේ මතකය ගැනය, පෝස්ටුවේ පටන්
ගැන්මේදීම මා සඳහන් කළේ.
ජාතක පොතෙත් තියෙන A to Z කතන්දර කියන ශෛලියට
අනුව නං එහෙම දේවල් ‘වච්චිල්’ය; ‘out’ය. තවත් විදිහකින් කියනවා නං ‘ඔට්ටු නැතිය’. ඒ
නිසා ගත වෙච්ච සති දෙකේදී සිද්ද වුණු වැදගත්ම කාරණා ටික අනුපිළිවෙලින් කියලම ඉන්නංකො.
එතකොට ඉවරයිනෙ...
අපේ නාට්‍යයට රුපියල් දාහ ගණනේ වියදම් කරන්න
කැමති තවත් සහෘදයන් හය දෙනෙකුව හොයා ගන්න අපට ඇහැක් වුණා. ඉතාම ළාවට වගේ මට මතකයි-
ඒ හය දෙනා අතරේ (මට කොහොඹ කිනිති 50ක් අමුවෙන්ම කවන්නට මුල් වුණු) සෝමවීර මල්ලිකාරච්චි හිතවතාත්
උන්නු විත්තිය. සෝමවීරත් රඟපෑමේ පිපාසයෙන් හොඳටම ආතුර වෙලා හිටපු කෙනෙක්.
සල්ලි දාපු අනිත් පස්දෙනා පිළිබඳව කිසිම මතකයක්
මට නැති එක ගැන මටම පුදුමයි.
කොච්චර සුපිරි මතකයක් තියෙන කෙනෙකුට වුණත් එහෙම වෙන්න ඇහැකියිලු නෙව- කාලාන්තරයක්
තිස්සෙ යන්තමින්වත් මතක් නොකරන කාරණාවලදි. මෙතෙන්දිත් ඒක තමා වෙන්න ඇත්තෙ. පහුගිය
අවුරුදු හතලිස් පහකටත් වැඩි කාලයක් ඇතුළත මේ නාට්‍යයට සල්ලි දැම්ම හිතවතුන් ගැන
මතකයන් ඇවිස්සුවේ නැහැනෙ. ඉතිං ඒ මතකයන් මැකිලා ගිහින් වෙන්නැති.
අනෙක් කාරණේ තමයි නාට්‍යයට තෝරා ගන්න කතාව.
![]() |
| ඒ කාලේ එහෙම තමයි. දැන් වගේ නෙවෙයි! |
“තමුසෙටම වුණත් හිනා ගියේ නැද්ද සමහර films බලද්දී... මෝරපු නිළියො ඉස්කෝලේ යන කෙල්ලන්ට ඇක්ට්
කරනවා දකිනකොට?”
(ඒ කාලේ එහෙම තමයි. දැන් වගේ නෙවෙයි! ජනප්‍රිය වෙලා හිටි වැඩිහිටි නළු නිළියන්වම
තමයි ළාබාල චරිතවලටත් ගත්තේ, නොගැලපුණත්. ගොඩක්ම සිංහල සිනමාවේත්- හින්දි, දමිල සිනමාවේත්.)
ඒ අතරේ මට දිගටම මතක් වුණේ සුප්පා දේවිට act
කරන්න බඩේ- පපුවේ මයිල් ගෑවාම
වෙච්චි දේ. ඊට පස්සෙ එව්වා තවත් හොඳට වැවුණා. ඒ හින්දා නාට්‍යයක් වෙනුවෙන්වත්
ආයෙමත් සැරයක් එහෙම මයිල් ගාන්න බැහැයි කියල මට හිතුණා. ‘ඔව්! හොයන්න ඕනේ ටිකක්
මෝරපු- වැඩිහිටි ගෑනු චරිතයක් තියෙන කතාවක්. එතකොට හරිනෙ! ඒත් ඒක බණ කතාවක්
වෙන්නත් එපැයි!’
එහෙම හිතාගෙන හොයනකොටයි මට හම්බ වුණේ යකින්නක්
ඉන්න ජාතක කතාවක්!
‘පද මානවක ජාතකය!!’
‘ඒ කතන්දරේ නාට්‍යයකටත් හොඳයි. ළද-බොළඳ ගෑනු
චරිතයක් වෙනුවට ඒ ජාතක කතාවේ ඉන්න යකින්නිට ඇක්ට් කෙරිල්ල මට ගැළපෙයි!’ මං හිතා
ගත්තා. ඒත් එක්කම නාට්‍යයේ සීන්ස් මෙහෙම මෙහෙමයි වෙන්නේ කියලත් හිතේ ඇඳගන්න පටන්
ගත්තා.
‘හැබැයි ගොයියෝ, ආයෙමත් නාට්‍යයක් කරනකොට අලුතෙන් නළු-නිළියො හොයාගන්න වෙයි. මතකයි
නේද විධුර නාට්‍යයට නළු-නිළියො ඇහිඳපු හැටි! දැනටමත්
හිටපු කට්ටිය සීසීකඩ විසිරිලා ගිහිංනෙ ඉන්නෙ...’ ඒ කාරණෙත් හොඳින් කල්පනාවට ගත්ත
නිසා මං නාට්‍යය ලියන වැඩේට අත තිබ්බෙ නෑ. ටිකක් ඉවසුවා...
“කරන්න යන අලුත්ම නාට්‍යය ගැන පොඩි සාකච්ඡාවක්
ලබන සෙනසුරාදා හවස හතර-හමාරට අපේ ගෙදරදී කෙරෙනවා. නොවරදවාම ඔයාත් එන්න- පරක්කු නොවී.”
අදාළ උදවිය ගොඩකට මමම පණිවිඩේ කිව්වා.
කළු අක්කා, සරත් රංචාගොඩ ඇතුළු තව කිහිප දෙනෙකුත් මගේ පයිණ්ඩය බෙදා හරින්න උදව්
වුණා. ඒ job එක එච්චර දෙයක් නොවුණේ අපි කවුරු- කවුරුත් උදේ හවස හම්බවෙන ගම්මුන්
වීම හිංදයි.
ඒ කාලය වෙද්දීත් පමුණුව මේ තරමටම පිටස්තරයන්ගෙන්
පිරිලා ඉතිරිලා ගිහිං තිබුන්නෑ. ඒකටත් එක්ක දැන්... පිටස්තරයෝ කියද්දි කල්පනාවට
ආවේ එම්. බී. රත්නකාන්ති වික්‍රමආරච්චි අම්මාවයි, එස්. වත්සරණි රත්නායක ආදරණීය දියණියවයි.
ඒ දෙන්නත් පදිංචි වෙලා හිටියෙ අපේ මහගෙදර- බතික් වැඩපොළ එහෙම තිබුණු පමුණුවේ,
එක්සත් සුබසාධක මාවතේ ගෙදරකයි.
ඒ අම්මගෙයි, දූගෙයි විත්තිය මං දැනගත්තේ අප්‍රේල් 19 වෙනිදා...
![]() |
ඔය හැම trip එකක්ම plan කරන්න ගත්ත දවසේ ඉඳලම WAL ප්‍රියන්ත, අයස්මන්ත, නෙවිල් ඇතුළු හිතවතුන් මට
බල කරනවා ‘යං යං’ කියල. (Foto- සෙරාන් එන්. ගමගේ) |
Camping ගියාම නිඳා ගන්න වෙන්නේ ඇඳන් උඩ නෙවෙයිනේ... බිම නෙව. එහෙම නිඳා ගත්තම මට
තනියෙන් නැඟිටගන්න බෑ- කාගෙ හරි උදව්ව ඕනිමයි. ඒක නං කොහොම හරි කර ගන්නවයි
කියමුකො.
ඒත් සිරුරු කිස?
හුඟ වෙලාවට අපට ශරීර කෘත්‍යය කරන්න වෙන්නේ කැලේට ගිහිං... (අපේ නඩේ ඔහොම කැලේ වදින
trip යනකොට පොඩි උදලු කෙටියකුත් ගෙනියනවාමයි.) සමහර කඳවුරු බිම්වල නං වැසිකිළි
තියෙනවා තමයි. එව්වයෙත් තියෙන්නේ උක්කුටික පෝච්චිනෙ. එහෙම එකක උක්කුටිකයෙන් වාඩි
වුණාට පස්සෙ නැඟිටගන්නත් උදව් ඉල්ලන්නයැ. ඔය දැවෙන ප්‍රශ්න තියෙද්දි මං මතකයට
කැන්ද ගත්තෙ ‘උපදේශ කාව්‍යයෙ’ තියෙන කවියක්.
බොරැල්ලේ තරම දැන ගෙන උඩ පනිනු
ගොඩැල්ලේ තරම දැන ගෙන ළිඳ කපනු
ක ඩු ල් ලේ තරම දැන ගෙන කද බඳිනු
තමන්නේ තරම දැන ගෙන දවසරිනු
ආන්න ඒ නිසයි ‘මට මහලු වයසේ - බැරිය වෙණ ගායනා
පෙරසේ’ කියලා මං දැන් වැඩිපුර එහෙ-මෙහෙ නොයා විහිංම නිවාස අඩස්සියට පත් වෙලා ගෙදර
ඉන්නේ.
හැබැයි- තවමත් ඔය හැම trip එකක්ම plan කරන්න
ගත්ත දවසේ ඉඳලම WAL ප්‍රියන්ත, අයස්මන්ත, නෙවිල් ඇතුළු හිතවතුන් මට බල කරනවා ‘යං යං’
කියල. ඒ ආදරණීය ඉල්ලීම්වලට ගොඩක් ස්තුතියි, හොඳේ.
ගෙදර උන්නු මට දහනව වෙනිදා රෑ අපේ මානෙල් නංගි
කතා කළා.
“ලොකා, සුබ සාධක මාවතේ ගෙදරක උඩ තට්ටුව ගිනි අරං... ඔයාට ආරංචි නැද්ද? හතර දෙනෙක්ම
පිච්චිලා. අම්මෙකුයි දුවෙකුයි පිච්චිච්ච එකෙන් මැරිලත් එක්ක..”
“කවුද හලෝ මෙහෙ වෙන දේවල් කොට්ටාවේ ඉන්න තමුසෙට ඔච්චර ඉක්මනට කිව්වේ?”
“චූටි නංගි!”
“අපේ චූටි? එංගලන්තෙ ඉඳලා...?”
“ඒකනේ ලොකා කියන්නේ... අපේ සුදිත් තමයි news
බලද්දී දැකලා චූටියට කියලා තියෙන්නේ... ඒ ගමන තමයි චූටි නංගි මටත් කතා කරල කිව්වේ...”
“යකඩෝ, ඒකෙත් හැටි. පමුණුවෙම ඉන්න මං දන්නෑ... එංගලන්තෙ ඉන්න සුදිත්ල දන්නවා...
හෙට තමයි මානෙල්, මට ටිකක් විපරම් කරල බලන්න පුළුවන්.”
ඒත්, පසුවදා උදේ විපරම් කර බලන්නට දෙයක් තිබ්බේ
නැත. ඒ සිද්ධිය ගැන තොරතුරු ජනමාධ්‍යවල
පළ වී තිබිණි.
![]() |
රත්නකාන්ති අම්මාත්, වත්සරණි දුවත්, ඔලීත් තිදෙනාම ඒ වෙනවිටත් මිය ගිහිංය. |
ගෙට ගිනි තබා තිබෙන්නේ ගෙවල් හිමියා ඔලීමලු. එයාගේම පුතණ්ඩියා එක්ක තරහටලු!
මේ සිදුවීම ගැන විමසමින් එදා උදේ වරුවේම තවත්
ෆෝන් කෝල්ස් හතරක් මට ආවාමය මං තවත් පුදුම වුණේ. එයින් ඇමතුම් දෙකක්ම blog ලියන
හිතවතුන් දෙදෙනෙකුගෙනි. ‘පමුණුවේ, එක්සත් සුබ සාධක මාවත කිව්වම නිදිලගෙ මහ ගෙවල්
තියෙන්නෙත් එහෙ කියලා මීටර් වුණා... පංච තන්තරෙන්ම කියවලා.’ ඒ දෙදෙනාම කීවෝහ.
“ඔය ඔලී පමුණුවෙම ගම්කාරයෙක්... හැබැයි, එයාලා
අසල්වාසීන් එක්ක වැඩිය පයුරු පාසනයක් පවත්තපු කට්ටියක් නෙවෙයි- මං දැකපු හැටියට
නං.
ඔය ගින්නට සුමාන තුනකට විතර කලිනුත් මට ඔලීව පාරෙදි හම්බ වෙල කතා කෙරුවා. හැබැයි
අද තමයි දැන ගත්තේ එයාගේ නම ඔලිවර්ය කියල.
පුංචි දන්නවද- ඔලීලගෙ ඉඩමේ මායිම දිගටම ඒ කාලෙ හිටවල තිබ්බේ පාවට්ටා ගස්. නික ගහකුත්
තිබ්බා. පමුණුවෙන් බාගයක්ම වගේ කසාය බෙහෙත්වලට ඒ දෙජාතිය හොයන්න ආවෙ එහාට.” මං අපේ
සෝමා පුංචිට ඔලීලා
ගැන ගොඩක් විස්තර කිව්වේ පසු තැවෙමින්.
බාගෙට එක්තැන් වෙලා වගෙ ඉන්න සෝමා පුංචි ලෝකේ
හතර වටේම ඉන්න දූ දරු මුණුබුරු මිණිබිරියන් හා මී මුණුබුරු මිණිබිරියනුත් හමු
වෙනවා What’s App හරහා.
සුමානෙකට දෙකකට සැරයක් පුංචි බදුල්ලේ ඉඳල මේ රංජි
පුතාටත් කතා කරනවා; සැප සනීප අහනවා. එයාගේ දරුවන්ට වගෙම මටත් ආදරෙයි. හරිම මව්වත්... මං පැටියා
කාලේ මාව තව ලස්සන කරන්න ‘වදකහ සුදිය’ත් පොවන්න
හදපු කෙනානේ.
ඒත් මං... මම නෙවෙයිනෙ එහෙව් මනුස්සයටවත් call එකක් දෙන්නෙ. ඒ නොතකා හැරීමක් හිංදා
නෙවෙයි, මං පුරුදු වෙලා ඉන්න විදිහ නිසා. ජන්මෙටත් වැඩිය ලොකුයි කියනවනෙ පුරුද්ද.
ඉතිං... අපි තියන්න සූදානං කරපු අර රැස්වීමටත්
ආරාධනා ලබපු කට්ටිය ආවේ එයාලා පුරුදු වෙලා ඉන්න විදිහට-පැය කාල බාගෙ පරක්කු වෙවී.
හැබැයි, අසෝක පියසිරි නං සරත් රංචාගොඩවත් කැන්දාගෙන කල් තියාම ආවා... සෝමවීරත්. ඒ
ආව වෙලාවේ ඉඳල අසෝකයි, සෝමවීරයි දෙන්නා ළිහන්න තියෙන මල්ල ඔබන්න පටන් ගත්ත.
![]() |
කාගෙ ජාතකේද සෝමවීර අයිය අහන්නේ? (ෆොටෝ එකේ කෙළවරවල්
දෙකේ මේ ලියන්නාත්- සෝමවීරත් සිටී.) |
“පිං සිද්ද වෙයි, තව චුට්ට වෙලාවක් ඉවසගෙන ඉඳපල්ල
යකුනේ... කට්ටිය ආවත් නාවත් අපි පහමාරට වැඩේ පටන් ගත්තම කියන්නං. නැත්තං මට එකම
දේවල් දෙපාරක් කියන්නයි වෙන්නේ... තේරෙනව ඇතිනෙ- දැන්ම ඔයාල අහන එව්වටත් උත්තර
දෙන්න ගියෝතින්...” එහෙම කාරුණික වචන... ටිකාක් විතර තර්ජනාත්මක tone එකකින් උච්ඡාරණය
කරලයි මං ඒ දෙන්නව සංසිඳව ගත්තේ.
අපේ අවිධිමත් මූලික සාකච්ඡාවට සහභාගි වූ ඇත්තන්
පිළිගැනීම, අපේ අරමුණ පැහැදිලි කිරීම වගේ දේවල් කළේ මං වහන්සේමයි. නැඟුණු ප්‍රශ්නවලට
උත්තර දෙන්න වුණෙත් මට.
“මොන කතාවෙන්ද නිමල් අයියේ, ඔය නාට්‍යය කරන්න
යන්නේ? රජ කතාවක් නේද...” අසෝක ඇහුවා.
“ජාතකේ මොකද්ද මචං?” සෝමවීර ප්‍රශ්න අහන්නෙත් පොල්ලෙන් ගහන තාලෙට. ඒ ප්‍රශ්නෙට නං
කළු අක්කගේ මල්ලී; කළු අයියා උත්තර
දුන්නා- තව ප්‍රශ්නයකින්ම. “කාගෙද? කාගෙ ජාතකේද සෝමවීර අයිය අහන්නේ?”
“මං ඇහුවෙ නිමල්ගෙන් මිසක් තමුසෙගෙන් නෙවෙයිනෙ, කළු අයියේ...”
“මාත් අහන්නමයි හිටියේ. නාට්ටියේ කතාව මොකක්ද නිමල්
මල්ලී...”
“පද මානවක ජාතකේ කළු අක්කේ...”
“අනේ, මම නං ඒ නම ඇහුවෙත් අදමයි...” ඉක්මනින්ම ‘ඒක නේන්නං / මාත් එහෙමයි / වැඩිය
ප්‍රසිද්ධ නැති කතාවක්නේ’ වගේ අදහසුත් කිහිප දෙනෙකුගෙන්ම කියවුණා.
“නිමල්ට පුළුවනිද ඒ කතාව අපිට කියල ඉන්න.”
කාගෙන්ද ආරාධනයකුත් කෙරුණා. වැඩි දෙනෙක් ඒ ආරාධනයට කැමත්ත දුන්නු හින්දා නිමල්
දිසානායකයාම ඒ ජාතක කතන්දරෙත් කියන්න පටන් ගත්තා.
“බරණැස් නුවර රජ කරපු බ්‍රහ්මදත්ත රජ්ජුරුවන්ගේ
බිසව හරිම වනචර එකියක්. රජතුමාව රවට්ට රවට්ට තව තව සම්බන්ධකම් පවත්තද්දී දවසක් රජ්ජුරුවන්ටම
මාට්ටු වෙන්න ගියා. ඒ ගමන බිසව බොරුවට දිවුරුවා. ‘මම එහෙම වැරද්දක් කළා නං ලබන
ආත්මයේ අශ්ව මූණක් තියෙන යකින්නක් වෙලා ඉපදෙන්න ඕනි’ කියලා.
-ඉතිං එයා මැරුණම එහෙම යක්ෂණියක් වෙලා උපන්නා;
ඉපදිලා, දොළොස් අවුරුද්දක්ම වෙසමුණි රජ්ජුරුවොන්ට කඹුරලා මිණී කන්න වරමක් ඉල්ල
ගත්තා...”
“වෙසමුණි රජ්ජුරුවොත් දැන් ඉන්න දේශපාලකයෝ
වගෙයිනෙ යකෝ... තමන්ට කඹුරන හෙන්චයියලට වරම් දෙන්නේ...”
“මේ සෝමේ, අපි මෙහාට ආවේ උඹේ කතා අහන්න නෙවෙයි...” අසෝක කිව්වේ තරහෙන්. එයාගෙ
උනන්දුව එහෙම පිටින්ම තිබ්බෙ නාට්‍යය ගැනයි.
“Please සෝමේ, ෂට් අප් යුවර් පඩික්කන් මවුත්!”
“රංජි, මම මුං දෙන්නවම එළියට ඇදල දාන්නද? එතකොට ඔයාට පුළුවනි එක දිගට ඔය කතාව
කියාගෙන යන්න.” අපේ පොඩි මාමා
මගෙන් ඇහුවේ ඇත්තටමයි. පොඩි මාමාත්, සෝමවීරත් දෙන්නා හිටියෙ ඕනෑම මොහොතක කොක්කක්
ඇද ගන්නට සූදානමිනි.
![]() |
හැබැයි රජෝ- කාට කාට කියල හරි උඩ දම්මවගෙන; කාගෙ කාගෙ උදව්වෙන් හරි රජ වෙන්න නං පුළුවන් කියමුකො... |
“හා හා ඇති... මෙතන තව මිනිස්සු ඉන්නවා... අනෙක පොඩි මාමේ- මේ දෙන්නව එළියට ඇදල
දැම්මොත් හෙම අපේ නාට්‍යයට රජවරු දෙන්නෙක්ම නැති වෙනවනෙ.” මගේ හිතේ තිබුණු ඒ කාරණය
කියැවුණාමය, අසෝක ඉස්සරහට පැන්නේ; පැනලා මාව ඉඹ ගන්නට පටන් ගත්තේ.
“මගෙ දෙයිය! මගෙ අම්ම!! මගෙ දෙයියට උම්ම පන්සීයක්
විතර දුන්නත් මගේ හිතට මදි, අම්මප-
සත්තයි- බුදු හාමුදුරුවන්පල්ල නිමල් අයියේ... එහෙනං ඔයා මාව රජෙකුට අන්දවන්න නේද
හිතාගෙන ඉන්නේ? මරු මරු නිමල් අයියේ... මේ උදව්වට නං ස්තුතියි කියල විතරක් මදි! නාට්‍යයකදි
වුණත් රජ වෙන්න තියෙනව නං කොච්චර එකක්ද අප්පා?”
“හැබැයි රජෝ- කාට කාට කියල හරි උඩ දම්මවගෙන;
කාගෙ කාගෙ උදව්වෙන් හරි රජ වෙන්න නං පුළුවන් කියමුකො... ඊට පස්සෙයි අමාරුම හරිය
තියෙන්නේ. නියම රජෙක් විදිහට ඇක්ට් කරන්න වෙනව!!” මට කියැවිණි;
“... එහෙම නොකළොත් නං රජෝ, බබිත් සුං බබියගෙ අම්මත් සුං!”
ඉතිරි ටික කියන්නං ඊළඟ කොටසෙන්... හොඳේ!






බොහොම කණගාටුයි ඔබගේ අඳුරන කාන්තාවන් දෙදෙනාගේ අවාසනාවන්ත නික්ම යාම ගැන. නාට්‍ය කොටස විනෝදවත් . දුකයි විනෝදයයි නිදි හොඳට මික්ස් කරනවා .
ReplyDeleteස්තුතියි අජිත් මහත්තයෝ.
Deletehttps://www.youtube.com/watch?v=s4S2o2pGwi4&pp=ygUYQWppdGggZGhhcm1hIGJsb2dnZXIgaXRu
Deleteස්තුතියි Ano! පැයකටත් වැඩිය දිග වීඩියෝවක්...
Delete@ Annonymous 5.02 AM
Deleteඕක කරුමයක් ඕයි ඔහේගේ... මැදමුලනේ හොර රැලේ මහ හොර දෙටුවා නාකි මයිනා මහින්ද රටකාපු කාලේ පස්ස උඩදාගෙන මයිනාගේ රෙදි හේදුවා... ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල රාජිතගේ කරුලාගේ රෙදි අමුඩ ගහගෙන හම යනකං ඇපිල්ලුවා අන්තිමට ඒකෙනුත් බලුවෙලා කුජීත වුණා, ඊළඟට නන්දසේන ගෝඨාභයගේ කකුස්සියේ ඉදන්ම හේදුවා.. දැන් පචකොට අනුරගේ මාලිමා හොර රැලේ රෙදි අසූචි ගූ හෝදනවා.. 😆😆
@ නිමල් අයියේ ඔයාට කියන්න තියෙන්නේ ඔයත් ගාණට කඩේ යන්න අයියේ. මොකද විජේවීර බේරගන්න ජීවිතේ පරදුවට තියලා හමුදාව එක්ක යුද්ධ කරලා ප්‍රිසන් කඩපු පක්ෂය වෙනුවෙන් ජීවිතේම කැප කරලා විමුක්ති ගී වැඩසටහන් කරපු නන්දන මාරසිංහ වගේ මනුස්සයෙකුත් කැත නැතුව කෙලින්ම වෙඩි තියලා මරන්න පුලුවන් නං, ෆ්ලැට් කරපු පක්ශෙ ආයේ මුල ඉඳලම නැවත ගොඩ නගපු සෝමවංශට නන්දනට විමලසිරි ගම්ලත්ට අන්තිම සක්කිලි බලු විදිහට සලකන්න පුලුවන් නං, පානදුරේ අපේ හිතවත් නන්දන අයියට අස්වාබාවික මරනයක් වෙන්න පුලුවන් නං, දැං මෙ වංචාව ගැන පැමිනිල්ල කරපු මනුස්සයගෙ මරනෙත් හරි අස්වාභාවික විදිහට වෙලා තියන එකෙ ඔයාල නතිං ..ඈ.
බුකියෙ කහින දෙකයි පනහෙ හරක් නෙවෙයි මොල හෝදපු මහ ජෙප්පො දන්නව දැනට ජෙපි වෙලා හිටියට උන්ගෙ තක්කඩිකම් හොරකම් නිසා පක්ෂේ එපා වුණොත් ඔයා ජෙප්පංට රෙදි ගලවං යන්න උත්තර දෙන්න පුළුවන් විදියේ පොරක් බවත් ඔයා වගේ අය ආයි කොයි වෙලෙ හරි ආය ටර්න් වෙනව කියල. එදාට දෙයියනෙ කියල ෂේප් එකේ නැවට නැගගෙන හිටියොත් හොඳයි. නැත්තං ඔයත් කවදාවත් සමාව නොදෙන ද්‍රෝහියෙක් හොඳේ. ලොකු ජෙප්පො වැඩියම වෛර කරන්නෙ විරුද්දවාදින්ට නෙවෙයි උන් එක්ක ඩීල් දාගන්න නිසා. ඒත් උන්ට පේන්නම බැරි ජෙපි කාඩරයේ එකට ඉදල අයින් උන අයට, උන්ගේ වචනෙන් ද්රොහින්ට. අනික ද්‍රෝහි නුනත් තමන්ට එවෙලෙ වැදගත් ඇජෙන්ඩාවෙන් පිට ගියොත් ඒ මිනිහත් ඉවරම තමයි.
අවවාදයට ස්තුතියි Ano මහතාණෙනි!
Deleteමම ආවේ නොස්ටැල්ජික් පරණ කතා කියවන්න
ReplyDeleteතලල තිබුනි වටේ පඳුරු , තුත්තිරි ඇට විසි වෙන්න
බරණැස් නුවර බ්‍රහ්මදත්ත කී වෙනියද ඔය ඉන්න
වවුලගෙ ගෙදර ආව නිසා, හා! ඔලුවෙන් හිට ගන්න
එදවස බ්රහ්මදත්තල ගොඩ ඉන්න ඇති
Deleteමේ කී වෙනියදැයි දන්නෝ ලොවෙත් නැති
වවුලොත් එක්ක බස්සල හිත හොඳින් නැති
කතාවකුත් තිබ්බා- වගෙ මතකෙ ඇති
නික්ම ගිය නිදිගේ සහෘදයන්ට නිවන් සුව!
ReplyDelete"ගෙදර උඩ තට්ටුව ගිනි" නිවුස් එක ගැන අසල්වාසී ඇහෙන් කොටස හොඳයි. ඔය වගේ "ඕප" වලට කව්ද අකමැති? කලින් පෝසෙ එකේ තරම්ම නැතත් පරණ පිංතූර ටිකත් හොඳයි. 👌
ස්තුතියි බකුසාණෙනි!
Deleteඉස්සර හැමෝම ළඟ කැමරා තිබ්බේ නැහැනේ. තිබුණු ඒවයෙනුත් ගන්න ඇහැක් වුණේ කළු සුදු ෆොටෝස්. හැබැයි ඒවා colour ෆොටෝස් වගේ ඉක්මනට නරක් වුණේ නෑ.
ඔය සෝමවීර ඉන්න ෆොටෝ එක කෝට්ටේ නාග විහාර බිමේ 'සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධාන මූලස්ථාන ගොඩනැඟිල්ල ඉදිවෙමින් තිබියදී - එය ඉදිරිපිටදී 1985-89 අතර කාලේ ගත්තු එකක්.
තවත් එකක්... බස්සා මහත්තයෝ.
Deleteතමුන්නැහෙගේ comment එකක් ස්පෑම් ගොඩේ තිබ්බා. ඒක publish කළාම වෙන කොහාට හරි ගිහිල්ල නෙව!
ඒ කමෙන්ටුවේ තිබ්බේ link එකක්.
හැකර්ලා පැනලා
Deleteමතක නෑ, මගේ නමින් දාපු හොර එකක් වත්ද?
Deleteවෙන්නත් පුළුවන් නෙව...
Deleteහපොයි දෙයියනේ blog වලටත් හැකරු පනී ද?
Deleteමේ නිව්ස් එකේ තියෙන විදිහට ලංකාවේ මේ දවස් වල හැම තැනම හැකරු බෝවෙලා වගේ නේද?
//
මෙම මූල්‍ය මංකොල්ලය දෙස බැලීමේදී පැහැදිලි වන්නේ මෙය පිටස්තර හැකර්වරුන්ගේ වැඩක් නොව, රජය ඇතුළේම සිටින "සුදු කරපටි හොරුන්" විසින් සූක්ෂ්ම ලෙස සැලසුම් කරන ලද දේශපාලන හස්තයක් සහිත දැවැන්ත වංචාවක් බවයි. ජාත්‍යන්තර මට්ටමේ HSBC බැංකුව පවා මෙම ගනුදෙනුව සැක සහිත බවට දෙවතාවක්ම අනතුරු අඟවා තිබියදී, ඒ සියල්ල නොසලකා හරිමින් ආණ්ඩුවේ බලධාරීන් බලහත්කාරයෙන් මෙන් මෙම මුදල් නිදහස් කිරීමට පියවර ගැනීම තුළින්ම ඔවුන්ගේ හොර උගුල හෙළිදරව් වේ. ලෝකයේ පිළිගත් මූල්‍ය ආයතනයක් වන HSBC බැංකුව මෙරට මෙහෙයුම් නවතා දමා NTB බැංකුවට වගකීම් පවරා ලංකාව හැර යාමට තීරණය කිරීම මේ මූල්‍ය අරාජිකත්වයේ බරපතළම ප්‍රතිඵලය වන අතර, එය රටේ බැංකු පද්ධතියේ විශ්වාසනීයත්වය ජාත්‍යන්තරය ඉදිරියේ සුණු විසුණු කළ මරු පහරකි. නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා මෙම කරුණු හෙළි කරන තෙක් මාස හතරක් තිස්සේ CID පරීක්ෂණ ගැන බොරු පවසමින් ජනතාව නොමඟ යැවූ පාලකයන්, අවසානයේ "දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා" න්‍යායෙන් රටේ ජාතික ධනය මංකොල්ල කා අතේ පැලවෙන පච කියමින් තවමත් නිරුවතින් සිටීම ජාතික අපරාධයකි.//
අපේ ගමේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් හැකරු පනී ද මන්දා නේද මචන්ලා?
තුට්ටු දෙකේ හොරු දැන් නැත
Deleteකෝටි ගණන් කෑ උන් ඇත
ඒ මදිවටදෝ හැම අත
හැකර්වරුත් ඉන්නා හැඩ!
ගෙයි ගිනිගත්තු සීන් එකනම් මහ ඛේදවාචකයක්!
ReplyDelete//තමන්නේ තරම දැනගෙන දවසරිනු// - මසුරන් කවිය 🙌
ඔව්නේ නමී. ඉස්සර උදවිය කවියෙන් කියපු අවවාද- උපදේශ- බෙහෙත්- බණ වගේ දේවල් තාමත් පවතින එක ගැන හිතනකොටත් පුදුමයි, මට නං.
Deleteමෝරපු නිලියො මොකෑ. මෝරපු වැඩිහිටි උන්දලත් සැබෑ ජීවිතෙත් බාල කාලෙ වගේ ජීවත් වෙන්නෙ 🤣
ReplyDeleteඇයි නැත්තේ ශ්රීයාත් ඒ වාගේ නේද?
Deleteමොනවත් කියන්න ගිහින් වලියකට පැටලෙනවට වැඩිය හොඳයි කට වහගෙන ඉන්නවා... නමීව අඳුරන කෙනෙක් වගේනෙ ශ්‍රියාව මතක් කරලා තියෙන්නේ.
Deleteසරස්වතී, ලක්ෂ්මී දේවින්නාන්සෙල ගැන කලින පොස්ටුවේ කතා කල හන්ද මේ කියල ඇත්තෙ හිටං... ශ්‍රියාකාන්තාව ගැන වෙන්ටෑ 😂
Deleteඅනේ අනේ නමී. ඔයාගේ මතකයේ රඟ.
Deleteප්රශ්නය අහල තියෙන විදිහෙන් නං මේ කියන්නේ පාද යාත්‍රාවේ යද්දී අපිට හමුවුණු පොතුවිල් ශ්‍රියා ගැනයි!
(මම නං ප්රශ්නය අහන කෙනා ගැනත් අනුමාන කරගෙන ඉන්නේ.)
හුම් හුම්!
Deleteඒ උනාට මං හිතන්ට කැමතී ඇනොතුමා කීවෙ... ශ්රියාකාන්තා දෙවඟන ගැන කියල හිටං 😁
තමුන්නාන්සේගේ කැමැත්තක්...
Delete//මෝරපු නිළියො ඉස්කෝලේ යන කෙල්ලන්ට ඇක්ට් කරනවා දකිනකොට// මාලනී ගීතා සබීතා ඉස්කෝලේ ගියා සැහෙන්න කල්.
ReplyDeleteඑහෙනං නිහඬපාල මහත්තයටත් මතකයි!
Deleteඔවු මට මතක හැටියට අවුරුදු හතලිස් ගණන් වලත් ඒ අය ඉස්කෝලේ ගිය චරිත කළා වගේ නේද?
Deleteඒ කාලේ ID නිකුත් කරලා තිබ්බේ නැහැනේ. නිළියන්ගේ වයස ප්‍රසිද්ධ කෙරුනෙත් නෑ... දැන් නෙව පැපරාසිලට හපන් මීඩියා චක්රවර්තිලා ඉන්නේ.
Deleteදිනමිණ - April 29, 2026
ReplyDeleteමුල් ලියාපදිංචියක් නොමැති රථයකට අංක තහඩු නිකුත් කළැයි මෝටර් රථ ප්‍රවාහන හිටපු නියෝජ්‍ය කොමසාරිස් ගයනි කෞශල්‍යා විජේසිංහ අත්අඩංගුවට
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ඊයේ (28) අත්අඩංගුවට ගෙන තිබේ.
නීත්‍යනුකූල මුල් ලියාපදිංචියක් නොමැති රථයක් සඳහා අංක තහඩු නිකුත් කිරීමට අදාළව දූෂණය නමැති වරද සිදු කිරීම මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක ලෙස කටයුතු කළ වර්තමානයේ බත්තරමුල්ල, පරිවාස හා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරියක ලෙස කටයුතු කරන රාජපක්ෂගේ ගයනි කෞශල්‍යා විජේසිංහ යන තැනැත්තිය මෙලෙස අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම පැවසීය.
සුභාෂිණී සේනානායක
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙතනින් බලන්න.
This is copied from Maathalan blog
Delete//ලන්ඩනයේ කැනරි වෝෆ් (Canary Wharf) හි අහස සිඹින වීදුරු ගොඩනැගිල්ලක පිහිටි HSBC ප්‍රධාන කාර්යාලයට නුදුරින් වූ සුඛෝපභෝගී කෝපි හලක, 'තට්ට' හිසක් ඇති, කොට සිරුරකින් යුත් මොංගල් හොර පෙනුමැති මිනිසෙක් වාඩි වී සිටියේය. ඔහු ලංකාවේ දේශපාලන ලෝකය හඳුන්වන්නේ 'AD-K, Lotus' A, ඩෝබිකීර්ති යන අන්වර්ථ නාම වලිනි.
ඔහු ඉදිරියේ සිටියේ පකිස්ථානු ජාතික 'ෆයිසාල්' ය. ෆයිසාල් කරච්චියේ ප්‍රබල මූල්‍ය මාෆියාවක ලන්ඩන් නියෝජිතයාය.
"වැඩේ හරි ඩෝබිකීර්ති," ෆයිසාල් රහසින් කීවේය. "අන්තිමටම ආපු ගල් අගුරු නැවෙන් සහ මහබැංකු සිස්ටම් එකෙන් 'පන්නපු' ඩොලර් මිලියන 50ක් දැන් අපේ නෙට්වර්ක් එකට ඇවිත් තියෙන්නේ. ලංකාවේ 'මාලිමා දේශපාලන පාතාලය ඒ සල්ලි සුදු කරලා දෙන්න කියලා මාර බලපෑමක් කරන්නේ."
ඩෝබිකීර්ති සිනාසුණේය. ඔහු කරන්නේ අතිශය සූක්ෂම ක්‍රියාවලියකි. ලංකාවේ දූෂිත දේශපාලකයන් මහජන මුදලින් කොල්ලකන ධනය, 'හවාලා' ක්‍රමයට පකිස්ථානු මාෆියාව හරහා ලොව වටා කැරකැවේ. ඉන්පසු එම මුදල් විවිධ කවච සමාගම් (Shell Companies) හරහා යුරෝපයේ සහ මැදපෙරදිග බැංකු ගිණුම්වලට "නීත්‍යානුකූල ආයෝජන" ලෙස ගලා එයි.
"මුන් මේ සල්ලිවලින් ලංකාවේ අහිංසක මිනිස්සුන්ව රවට්ටලා සුඛෝපභෝගී ජීවිත ගත කරනවා. ක්‍රිප්ටෝ වොලට්වලට සල්ලි ටික මාරු කරපු ගමන් අපිට අල්ලන්න බැරි වෙනවා," ඩෝබිකීර්ති තම ලැප්ටොප් තිරය දෙස බලමින් කීවේය.
එදින රාත්‍රියේ, කොළඹ තෙත් බිම් අසල පිහිටි දැවැන්ත මන්දිරයක සාදයක් පැවැත්විණි. එහි සිටි ලංකාවේ බලවත්ම තනතුරක් දරන ප්‍රබල දේශපාලකයෙකුගේ දුරකථනයට පණිවිඩයක් ආවේය. 'ලන්ඩන් පාලමෙන් පාර්සලය එව්වා.'
එම පාර්සලය මුදල් නොවේ; එය HSBC බැංකුවේ සහ තවත් ජාත්‍යන්තර ගිණුම් හරහා විශුද්ධිකරණය වී, අවසානයේ ඩුබායි හි දේපළ වෙළඳාම් සමාගමක කොටස් සහ ක්‍රිප්ටෝ මුදල් ලෙස ඔවුන්ගේ අත්වලට පත්වූ "සුදු" කරන ලද කළු සල්ලි සමූහයක අයිතිය සහිත ලියකියවිලිය.
රටම ණය උගුලක හිරවී තිබියදී, මේ 'තට්ට කොට' තැරැව්කරු සහ පකිස්ථානු මාෆියාවේ සහය ඇතිව, දේශපාලන පාතාලය ලන්ඩනයේ සීතලට මුවා වී රටේ අනාගතය අළු කරමින් සිටියේය. නමුත් ඔවුන් නොදත් දෙය නම්, මේ ජාත්‍යන්තර මූල්‍ය අපරාධ ජාලය පසුපස රහසිගත බුද්ධි අංශ ඇසක් යොමු වී ඇති බවයි.//
- Copied
Is this kind of things happens? How to avoid this kind of corrupt political crimes?
අංජනමකින් බලල වගෙයි!
Delete@ Ano April 28, 10:14 AM,
Deleteඔය කතාව තව දිගට තියෙනවා. කතාව ඇත්ත ද දන්නේ නැහැ ඒත් ෆීල්ම් එකක් හදන්න පුළුවන් ලස්සන ප්ලොට් එකක්
මෙතනින් බලන්න
http://maathalan.blogspot.com/2026/04/blog-post_19.html?showComment=1777496668927&m=1#c8303250579124496157
මම නං මේ කපේදී ෆිල්ම් හදන එකක් නැහැනේ.
Delete@ anonymous 7:12 PM
ReplyDeleteඅපේ කෞෂල්‍යා මැඩම්ට මඩ ගහන්න එපා ඕයි, ඕවා බොරු මඩ, මෙන්න එතුමිය ගැන චරිත සහතිකයක්
////ජාතික ජන බලවේගයේ (NPP) පාලනය යටතේ නවෝදයක අරුණළු සොයන වර්තමාන ශ්‍රී ලංකාව තුළ, ළමා පරපුරේ සුරක්ෂිතතාව උදෙසා ගයනි කෞෂල්‍යයා විජේසිංහ මහත්මිය සහ සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරිය පෑහී සිටිනුයේ දේශයේ දරුවන්ගේ නෙත් අග රැඳි කඳුළු පිසලන මහා කරුණා මෙහෙවරක පුරෝගාමීන් ලෙසිනි.
දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය පරිපාලනය අතර තිබිය යුතු සුසංයෝගය මනාව පසක් කරමින්, සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ඉතාමත්ම සමීප මිතුරියක මෙන්ම විශ්වාසනීය සහකාරියක ලෙස ගයනි කෞෂල්‍යයා විජේසිංහයන් දක්වන දායකත්වය, දශක ගණනාවක් පුරා අඳුරේ පැවති ළමාරක්ෂක ක්ෂේත්රයට අලුත් බලාපොරොත්තුවක් එක් කර ඇත.
විශේෂයෙන්ම "You Belong to the Country" වැනි ජාතික ජන බලවේගයේ ජාතික වැඩසටහන් හරහා ඇය පෑ සහයෝගය, අමාත්‍යවරියගේ සමාජ සාධාරණත්වයේ දැක්ම යථාර්ථයක් බවට පත් කිරීමට විශාල රුකුලක් වූ අතර, ඇයගේ විශිෂ්ට පරිපාලනමය ශක්තිය සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ඍජු ප්‍රතිපත්තිමය තීන්දු ක්‍රියාත්මක කිරීමට මනා පිටිවහලක් වී තිබේ. එනමුදු, අහස උසට වැඩ කරන දැවැන්තයන්ට එරෙහිව පවතින නීතිමය රාමුවල දුර්වලතා හේතුවෙන් ළමා අපචාර නඩු ප්‍රමාද වීම වැනි චෝදනා ඇය හමුවේ එල්ල වූයේ, දැවැන්ත වෘක්ෂයකට පවා කුණාටු හමන නියාමය සිහිගන්වමිනි.
එසේ වුවත්, වත්මන් ආණ්ඩුවේ පාරදෘශ්‍ය දැක්ම තුළ ඇය පෑ මිතුදම සහ නිල මෙහෙවර, දරුවන්ගේ මල් වැනි සිත් සුවපත් කරමින් රටට අලුත් හෙටක් උදා කරන උදාර පාරමිතාවක් ලෙස ඉතිහාසයට එක් වනු නොඅනුමානය.//
මේ පාරමිතා පුරන බෝසත් වරියක් ඕයි?
එහෙමද?
Delete++++++++++++++
ReplyDeleteස්තුතියි Pra Jay මහතාණෙනි!
Delete“ගෙට ගිනි තබා තිබෙන්නේ ගෙවල් හිමියා ඔලීමලු. එයාගේම පුතණ්ඩියා එක්ක තරහටලු!“ ඒ කියන්නෙ පුතා එක්ක තරහට ඒ තාත්තා තමන්ගෙ පුතාගෙ බිරිඳයි, දරුවයි මරලා, තමනුත් ඒ process එකේදි මැරිලද. අනේ මන්දා.. ලංකාවෙ මිනිස්සුන්ගෙ communication skillsවල ලොකු අඩුවක් තියෙනවා, තමන්ගෙම මිනිස්සු එක්කවත් කතා කරලා ප්‍රශ්ණ විසඳගන්න බැරි. යූ ටියුබ් ටෙලිඩ්රාමාස්වලට වැටෙන කමෙන්ට්ස්වලත් වැඩි පුර තියෙන්න තමන් අකැමති චරිත මරන්න ඕනෙ, "උන්ට ගහන්න ඕනෙ, මැරිලා යන්න ඕනෙ" කියලා. හැබැයි රට බෞද්ධලු 😄.
ReplyDeleteඅර ෆොටෝ එකේ සෝමසිරි ළඟ ඔහුගෙ දකුණු පැත්තෙන් ඉන්නෙ කවුද. හැන්ඩි පෙනුමක් තියෙන්නෙ 😁.
ඔලීගේ පුතාලා මුලින් ඒ ගෙදර උඩ තට්ටුවේ ඉඳල තියෙන්නේ. තාත්ත රණ්ඩු වෙන්න ගත්තට පස්සේ එයාල උඩ තට්ටුව වෙනින් පවුලකට කුලියට දීලා... එයලා වෙනම කුලී ගෙදරකට ගිහින්ලු. හැබැයි උඩ තට්ටුවේ ගෙදර කුලිය අරං තියෙන්නේ ඔලීගේ පුතයි. ඒකට ඔලී ගොඩක් තරහෙන්ලු උන්නේ.
ReplyDeleteපිච්චිලා තියෙන්නේ අර කුලියට හිටිය පවුලේ තුන් දෙනයි ඔලීයි.
හැබැයි Lotus- ඔයා කියනවා වගේ අපි ඉන්නේ අවුරුදු පන් දහසක් කල් බුදු දහම සුරැකෙනවයි කියන ධර්ම ද්වීපයේ!
ඒ ෆොටෝ එක ගත්තේ කෝට්ටේ නාග විහාර භූමියේ 'සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ මූලස්ථාන ගොඩනැගිල්ල' ඉදිරිපිටදී- 1984-86 විතර කාලයේ.
Deleteසලඅතස සාමාජිකයන් පිරිසක් ඒ ෆොටෝ එකේ ඉන්නේ.
සෝමෙට දකුණෙන් ඉන්නේ 'සනත්' වාගෙයි මට මතක. මැදින් ඉන්න කෙනාත් යන්තමටයි මතක - අනිල් වගේ. (හැබැයි ඒ දෙකම අනුමානයන් විතරයි Lotus.)