බහු උචිතවාදියා දැන් කරලියේ; දේශපාලන කරලියේ.
බහුචිතවාදියා රට පුරා සිනමාහල්වල.
![]() |
බහු උචිතවාදියායි, බහුචිතවාදියායි! |
එතකොට මතක් වෙනවා ‘බහුචිතවාදියා’ කියන්නේ අද ඊයේ හදපු film එකක් නෙවෙයි කියන
කාරණයත්. අවුරුදු දහයක් විතර බලාගෙන ඉඳලලු ෆිලුම පෙන්වන්න chance එක හම්බ වෙලා
තියෙන්නෙත්.
ඒ කියන්නේ බහුචිතවාදියා සෑහෙන්න පරණ වචනයක්- හැබැයි, අලුතින් කලඑළියට ආපු.
බහුචිතවාදියා
වචනෙට එකේක්කෙනා එකේක තේරුම් දෙනවා; එයාව දකින්නෙත් එකේක විදිහට. මේ ෆිලුමේ
එක්කෙනා ගැන.
“... ඔහු ආර්ථික පීඩනයන්ගෙන් හා ලිංගික අපේක්ෂා භංගත්වයෙන් හිරවී සිටින අයෙකු
ලෙස නිරූපණය කෙරෙන අතර, ඔහුගේ සම වයසේ බොහෝ දෙනෙකු මෙන්, ඔහුගේ “කාලකණ්ණි පැවැත්මෙන්”
මිදීමට ඇති එකම මග ලෙස විදේශගත වීමේ ඒකායන අභිලාෂය පෙරදැරි කර සිටියි.
බහුචිතවාදියා යන නාමයම, සිංහලෙන් “බොහෝ සිත් ඇති අයෙකු හෝ” වඩාත් සෘජුව “තීරණයක්
ගත නොහැකි මනසක්” සහිත ඇත්තෙකු ලෙස පරිවර්තනය වන අතර සමකාලීන ශ්‍රී ලාංකේය තරුණ
පරපුරේ ස්වභාවය ලෙස සැලකෙන “දෙය” ග්‍රහණය කරගැනීම සඳහා මෙම යෙදුම නිර්මාණය වූ බව
වාර්තා වේ. මෙම නාමකරණයම, හුදු අවිනිශ්චිතතාවයෙන් ඔබ්බට ගිය මනෝවිශ්ලේෂණාත්මක ගවේෂණයකට
සුදුසු චෛතසික භූ දර්ශනයක් වෙත අපව යොමු කරවයි... (8-9 පිටු, වසන්ත වක්කුඹුර
ලියූ‘අස්ථායී ආත්මීයත්වය සහ නාගරික අද්භූතය: මාලක දේවප්‍රියගේ
බහුචිතවාදියා චිත්‍රපටය පිළිබඳ ලැකානියානු- ලින්චියානු කියවීමක් සහ බූපති නලින්ට
ප්‍රති-විචාරයක්’ කෘතිය)
මාලකලා
බහුචිතවාදියා ෆිලුමට දීලා තියෙන ඉංග්‍රීසි නම The Undecided. (ඒක කොයි කාලෙ යොදපු
එකක්ද දන්නෑ.) මං හිතන්නේ film එකට ඒ ඉංගිරිසි නම දෙන්න ඇත්තේ මාකටින් ගැනත්
සැලකිලිමත් වෙමින් විය යුතුයි. මොකද මේ film එක ‘ඉදිරිපත් කරන්නේ’ කොළඹ විශ්වවිද්‍යාලීය
විද්‍යාර්ථීන්ගේ සංවිධානය මඟින් නෙව!
ඉතිං...
අපේ අනිත් බහුචිතවාදියාව මං වහන්සේ දකින්නේ මේ විදිහටයි. සිරිලක දේශපාලන කරලියට බහු
උචිතවාදී කෙනෙක් අවශ්‍යව සිටි කාලයක බිහි වුණු බහු උචිතවාදියෙක්.
ජනතාව ඉල්ලා සිටියේ ගොඩ කාලයක් දේශපාලන බිමේ උන්නු; ඇටුවන් බැහැපු පැරණි අයට වඩා
තරුණ කෙනෙක්... අල්ලස දූෂණය දෙක පිටු දකින්නෙක්... වලව්වකින්; මන්දිරයකින් නෙවෙයි
ගමෙන් ආ හාදයෙක්...
එයා undecided කෙනෙකුත් නෙවෙයි, සෑහෙන කාලෙක හිට decided... පහුගිය ජනපති රේස් එකට
එයාව එවන්න තීරණේ වෙලා උන්නේ කාලයක ඉඳලා...
ඊට කලින් තිබ්බ වෙන වෙන රේස්වලට වෙන වෙන අස්සයන්ව එව්වා... No win. ඒ තියා
ප්ලේස්වත් ආවේ නෑ.
![]() |
බහුචිතවාදියා ෆිලුම දුවන්නේත් ඒ නිසා කියලයි මට දැනුණේ. ඒ සන්නිවේදන
කටයුතුවල යෙදිල උන්නේ හසල; දැනුවත්; නැණවත් උදවිය බවයි මට නම් වැටහුණේ. |
ඒ
විදිහට බලද්දී මාලිමාවේ ජනාධිපති බහු චිත්තවාදියෙකුට වඩා බහු උචිතවාදියෙක්...
මාලිමාවේ ආණ්ඩුවත් බහු උචිතවාදී රජයක් විදිහටයි මට පෙනෙන්නේ... සමහරුන් වර්තමාන
රජය 'වඩාත් සෘජුව තීරණයක් ගත නොහැකි එක’ක් ලෙස දකිද්දී.
කොහොමෙන්
වුණත් මේ බහුචිතවාදියෝ දෙන්නම වෙනුවෙන් බොහොම ක්‍රියාශීලී; නිර්මාණාත්මක පබ්ලිසිටි
කැම්පේන් දෙකක් නං ක්‍රියාත්මක වුණා.
‘රට
අනුරට’ ආවේ මාලිමාවේ ඒ ප්‍රචාරක ව්‍යාපාරවල සාර්ථකකම පෙන්නමින්.
ඒ සන්නිවේදන කටයුතුවල යෙදිල උන්නේ හසල; දැනුවත්; නැණවත් උදවිය බවයි මට නම්
වැටහුණේ.
හැබැයි...
ඊට පස්සේ- මාලිමාව දිනුවට පස්සේ වැඩියත්ම පොරචාරේ වුණේ ‘චාරයක් නැති චාටර් පොර
ටෝක්ස්!’.
පැලවත්තේ ‘මහ පුටුවල උදවියට මාස ගණනාවක් යනකල්ම එව්වා මීටර් වුණෙත් නැති’ පාටයි.
‘මාලිමාවේ
බහුචිතවාදියාට තව අවුරුදු කීපයක්ම තියෙනවනෙ’ කියල හිතුවාවත්ද? ඒ මදිවට මේ උන්නැහේට
හරිම පරෙස්සමින් නෙව වැඩ කරන්න සිද්ද වෙලා තියෙන්නෙ. ඒකත් ඒ තරං ගනිච්චියකට අරගෙන
තිබුන්නෑ වගෙයිනෙ. මුලින්මයි හිතන්න තිබ්බේ- කාගේත් එක්කද අනාගතයේදී වැඩ කරන්න
වෙන්නේ කියලා...
හුඟක්
තැන්වල වැජඹෙන්නේ; රාජකාරි කරන්නේ හිටපු මිනිස්සුමයි කියලා; පුහුදුන් මිනිස්සුමයි
කියලා. ඒ බහුතරයක්ම ලේසිය- වාසිය- ආත්මාර්ථය තකන මිනිස්සුය කියලා- හිතන්නයි තිබ්බේ.
‘එකට මම- දෙකට රට’ කියලා හරි ‘පළමුව මට- දෙවනු රටට’ කියලා හරි හිතන්නට පුරුදු
වෙච්ච මිනිස්සුය බහුතරයක්ම ඉන්නේ කියලා තදින්ම හිතේ තියාගන්නයි තිබ්බේ...
ඉතිං මොන දේ කරන්න හිතුවත්- කරන්න හැදුවත්- කළත්, ආන්න ඒ කාරණය දැන්වත් තදින්ම
මතකයේ තියා ගන්න වෙයි.
පාලන
බලය ලබා ගන්නවට වැඩිය දස-දහස් ගුණයක් අමාරුයි පාලනය කරන එක.
එතැනදී
‘හරි මිනිසුන් කණ්ඩායමකගේ’ උදව්- අවවාද- මඟ පෙන්වීම් ලබා ගැනීම ඊටත් වඩා අමාරුයි. මෙතැනදී
මං හරි මිනිසුන් කිව්වේ එහෙයියන්ට නෙවෙයි: සට්ටඹියන්ට නෙවෙයි. බලය තියෙන උදවිය වටේ
එහෙම අය පොදි කන්නේ තරගෙට.
ඒ නිසා ‘විවේචන’වලට අවධානය යොමු කිරීම සිදුවිය යුතුමයි.
මගේ
නිරීක්ෂණය නිවැරදියි නං ‘පිටිං ඉඳගෙන අදහස්-උදහස් දක්වපු; සංවර්ධනාත්මක විවේචන
කරපු අය කිහිප දෙනෙකුම දැනටමත් කලකිරීමෙන්.’
![]() |
මේ බයොලජි පංතියේ සෙට් එකට තියෙන මොළේ අපේ බහු+උචිතවාදියාගෙ වර්තමාන
ප්‍රචාරක බලඇණියට තියෙනව නං... |
අද එදාට වැඩිය වෙනස්... දැනුම හැම තැනම. ඉගෙන ගන්න උවමනාව විතරයි ඕනි.
සමහරවිට
ඔයාලත් fb පැත්තේ යනකොට මේ බැනර් එකේ foto එක දකින්න ඇති. ඔන්න ආදරණීය රසික
රසිකාවියන්ගේ පහසුව තකා මං ඒ දැන්වීම ආයෙමත් අකුරු කරනවා.
‘ඌරු
මස් සමඟ
කෑවොත් පව් සිද්ද වෙන නිසා ලුණු මිරිස් එක්ක
පොල් රොටී දන්සල
ජුනි 10 පොසොන් පොහෝ දින උදැසන 9.00 සිට
ජයමඟ අධ්‍යාපන ආයතනය (තිස්සමහාරාම) ඉදිරිපිටදී
ඔබ සැමට ආරාධනා!
සංවිධානය: දසිත් වීරවර්ණ සර් එක්ක Biology පංතියේ සෙට් එක’
හොඳම
වැඩ්ඩෙකු කරපු සුපිරි වැඩක්!
ඉගෙන ගන්න කෙනෙකුට සීරුවෙන් විග්‍රහ කරලා; සිංහලෙන්ම කියනවා නං ඇනලයිස් කරලා බලන්න
දේවල් එමටයි!!
මේ
බයොලජි පංතියේ සෙට් එකට තියෙන මොළේ අපේ බහු+උචිතවාදියගේ වර්තමාන ප්‍රචාරක බලඇණියට තියෙනව
නං... (පෙනෙන විදිහට මෙයාල ටිකක් ට්‍රැක් පැනලත් වගේ.)
හැබැයි
මාලකලගේ ප්‍රචාරක set එක ෆිලුම දුවවන වැඩේ නියමෙට කරනවා. ෆිලුම එන්න කලින්ම අපේ
මනස හැදුවා! තවමත් එකේක තුරුම්පු එළියට අදිනවා.
‘... ඒ වගේම ඔබට online හොරු ගැන දැනගන්න ඕන නම් මේ සිනමාපටය අනිවාර්යයෙන්ම
බලන්න වෙනවා.
සැලකිය යුතුයි!!!
මේ තිරගත වෙන්න කලින් ජාත්‍යන්තර සහ දේශීය සම්මාන පහක් හම්බ වෙච්ච චිත්‍රපටියක්.
එය
ඒ වගේම කොළඹ විශ්ව විද්‍යාලීය විද්‍යාර්ථීන්ගේ සංවිධානයේ ඉදිරිපත් කිරීමක්.
* 5 වැනි දෙරණ සිනමා සම්මාන උළෙල හෙට දවසේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානය.
* ජර්මනියේ බෙස්ටෙලර් ඉන්ඩිපෙන්ඩන්ට් සම්මාන උළෙල හොඳම ස්වාධීන චිත්‍රපටියට හිමි සම්මානය.
* සරසවිය සම්මාන 34 වැනි උළෙලේ හොඳම කුළුඳුල් චිත්‍රපටය ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස්
ජූරි සම්මානය.
* 8 වැනි සාර්ක් චිත්‍රපට උළෙල හොඳම අධ්‍යක්ෂණය සඳහා වූ විශේෂ ජූරි සම්මානය හා
* 8 වැනි සාර්ක් චිත්‍රපට උළෙල හොඳම ශබ්ද නිර්මාණ සඳහා වූ සම්මානය.
* 40 වන මොස්කව් ජාත්‍යන්තර චිත්‍රපට උළෙල NETPAC තරඟාවලියේ සඳහා තේරීපත් වීම...’
සිනමාලෝලී
බහු චිත්තවාදියෙකු වෙන නිමල් දිසානායක මෙහෙම ලියවිලි; ප්‍රකාශ කියෙව්වම පිස්සු හදා
ගන්න එක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒකාට කියවන්න හම්බ වුණු ගොඩක් ලියැවිලි ‘සාමාන්නිය
චිත්‍රපටි රසිකයෙකුට’ තේරුම් ගන්න බැරි තරම් ගාම්භීර; විදග්ධ; බරසාර ලියැවිලියි.
නිදි එතකොට හිතුවේ ‘අනේ, ඉතිං මං එච්චර උගත් කෙනෙක් නෙවෙන හින්දනේ ඔය කියමන් තේරුම්
ගන්න බැරි.’ කියලයි.
![]() |
එතුමිය වුණත් ජීවමාන කාලෙ ඒ වගේ දෙසුමක් අහගෙන හිටිය නං... |
අර මහාචාර්යතුමා අච්චර වෙහෙසක් දරලා කඩදහි කොළ ගණනාවක් පුරා ලියාගෙන ඇවිත්- කොළ බලාගෙන කියවාපු කතන්දරෙනුත් 90%ක්ම මට ඇහුණේ ග්‍රීක් වගේ කිව්වම!
-එතුමිය
වුණත් ජීවමාන කාලෙ ඒ වගේ දෙසුමක් අහගෙන හිටිය නං...)
අනිත්
කාරණේ fb එකේ තිබ්බ ලියැවිලි ඔක්කොම වගේ film එකට හිතකර එව්වා වෙච්චි එක. ඉතාම අහම්බෙන්
තමයි අහිතකර දෙයක් ලියවෙලා තිබ්බේ.
ඉතිං film එක රිලීස් වෙච්චි ගමන් මං වහන්සේ මහරගම ඇමිටි එකට කෝල් එකක් ගත්තා.
Shows තියෙන වෙලාවල් අහගන්න. උදේ දහයට විතරයි!
ටික දවසකට පස්සේ ඒක හවස පහට දාලා තිබුණා!!
ඒ
අතරේ වංගීස සුමනසේකර රසවතාගේ ලිපියකුත් මගේ ඇහැ ගැහුණා.
‘... මෙහිදී සමකාලීන යනුවෙන් අදහස් වන්නේ විවිධ 'කාලිකත්වයන්'වල සිටිනා මිනිසුන් එකම මොහොතක හමුවීමයි.
තරමක් සරල කරන්නේ නම් මින් අදහස් වන්නේ අරමුණු, සමාර්ථයන්, අතීත කුණු කන්දල්, අනාගත බලාපොරොත්තු, අත්දැකීම් ආදියෙන් සම්පූර්ණයෙන් වෙනස් පුද්ගලයන්
එකම අවකාශයක මුණ ගැසී සිදු කරන ගනුදෙනුවයි. ෆේස්බුක් එක මේ සඳහා ඉස්තරම් නිදර්ශනයකි.
මෙහි ඉහලම චින්තකයන්, දක්ෂ දේශපාලන සිතන්නන්, දක්ෂ විද්‍යාඥයන්, ආගමික අන්තවාදීන්, ජීවිතේට පොතක් නොකියවන මිනිසුන්, ඉගෙන ගැනීමට උනන්දු නැති අය සියල්ල සිටියි.
සියලු දෙනා එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගනියි. එනිසා එකිනෙකා තේරුම් ගැනීමේදී ඇති
වන්නේ මහා ජංජාලයකි. සියලු දෙනා 'එකම කාලයකදී' හමු වෙයි. එනිසා අප සියල්ලෝ සමකාලීනයෝ වෙති.
මට සිතෙන්නේ මෙම නිශ්චිත අර්ථයෙන් මාලකගේ "බහුචිතවාදියා" අතිශය
දක්ෂ ලෙස අපේ ජීවිතයේ මෙම සමකාලීනත්වය ස්පර්ශ කරනා බවයි. එහි බහුචිතවාදී තරුණයා විවිධ
කාලවල්වල සිටිනා තරුණියන් සමග එකවර ගනුදෙනු කරයි. එම නිසාම ඒවා අතර ඇති පරස්පරතාවලට
මුහුණ දෙයි. නමුත් එයින් ගැලවීමක්ද ඔහුට නැත. චිත්‍රපටිය අවසන් වන්නේද නැවත ඔහු චක්‍රයේ
ආරම්භයට යාමෙනි...’
Film
එක බලන්න තිබ්බ නොඉවසිල්ල තව ටිකක් ඇවිලුණා. මිතුරන් දෙන්නෙකුටත් කතා කළා.
“ඇයි හලෝ, පහට එන්නේ කොහොමද? මං off වෙන්නෙත් පහටනේ...” එක්කෙනෙක් උත්තර දුන්නේ
එහෙමයි.
“ඒකට
කරන්න දෙයක් නෑ මහත්තයෝ. එහෙම තමයි දැන් ලංකාවේ show times. ප්‍රජාතන්තරේ හොඳම එක.
No choices... දෙනදේ විතරයි.”
“අම්මගෙ රෙද්ද! #@%...”
![]() |
සසිත වන්නිගම සහ ඔහුගේ මිතුරාද, ඔවුන් හා බැඳෙන කාන්තාවන්ද... |
අපි
ගිය දවසේ හෝල් එකෙන් කාලක් විතර තමයි සෙනඟ උන්නේ. වැඩි හරියක් තරුණ- තරුණියන්...
තනි තනිව චිත්‍රපටය බලන්න ඇවිත් හිටියෙ බොහොම අඩු ගණනක්.
එයින් එක වියපත් මහත්තයෙක් වැඩ ඇරිලා එන ගමන් වගෙයි. එක අතක ඔෆිස් ගෙනියන හම් bag
එකක්. අනිත් අතේ බඩු මල්ලක්. මට ඒ මහත්තයව මීටර් වුණේ ඒ බෑග් දෙකයි, විඩාබර
මුහුණයි නිසා. එයා වාඩි වුණේ අපට පිටිපස්සේ පේළියේ seat එකක.
ෆිලුම
දිගෑරෙනකොට මට මතක් වුණේ Mudhu Ranjith De Silva රසිකයා කියල තිබුණු ටිකක්.
‘... බහුචිතවාදියා හී සසිත වන්නිගම සහ ඔහුගේ මිතුරා ද, ඔවුන් හා බැඳෙන කාන්තාවන් ද, ගිෆ්ට්නෙට් අයිතිකාරයා ද ( ලක්ෂ්මන් මෙන්ඩිස්)
මෙම මනුෂ්‍ය වර්ග දෙකම සතු ගති ලක්ෂණ වරින් වර ප්‍රදර්ශනය කරන්නා වූ යථාර්ථවාදී චරිත
හා භූමිකා වීම මාලකගේ දක්ෂතාව මත ප්‍රතිනිර්මාණය වූ විචිත්‍ර විග්‍රහයකි.
ද්‍රව්‍යය ද මිනිසාගේ සංයුතියේ මූලිකාංගයකි. මිනිසා පිළිබඳ භෞතිකත්වය
වන්නේ මිනිසාගේ ශරීරයයි. එනම් මොළය, ස්නායු පද්ධතිය හා ඉන්ද්‍රියන්ගෙන් සමන්විත මිනිසාගේ
කායික සංයුතිය යි. කෙසේ වෙතත් විඥානයේ මැදිහත්වීමකින් තොරව භෞතික වර්ධනයක් කිසිසේත්
ම නො සිදු වේ. මිනිසාගේ විඥානයේ වර්ධනය සිදුවනුයේ ශාරීරික ඉන්ද්‍රියන්ගේ ද වර්ධනය මත
ය. එනම් කායික ඉන්ද්‍රියන්ගේ හා විඥානයේ වර්ධනය ද්වන්දාත්මක ය.
මෙම චරිත තුළින් ඒ තත්ත්වයන් යළි යළිත් තහවුරු වේ. ගිෆ්ට්නෙට් හිමිකරුවාට
අවශ්‍ය වන්නේ තම ව්‍යාපාරය කෙසේ හෝ පවත්වාගෙන යාමට සසිතගේ ශ්‍රමය සූරාකන අතරතුර ඔහුගේ
අවම අවශ්‍යතා පවා ඉටු කරගන්නට හැකි මුදලක් වැටුපක් ලෙස නො ගෙවා තමා වෙත නතු කර ගැනීමට
ය. සසිතට වෙන කළ හැකි දෙයක් නොමැත. වෙනත් රැකියාවක් සොයා ගැනීම ද උභතෝකෝටික ගැටලුවකි.
සසිත තුළ වෙනත් අලෙවි කල හැකි වටිනාකමක් ද දක්ෂතාවක් ද දැනුමක් ද නැත. මෙය වර්තමාන
තාරුණ්‍යයේ ප්‍රබල සංකීර්ණ අර්බුදයකි...’
ඒ අස්සේ
ජංගමයෙක් අඬන්න පටන් ගත්තා. මාත් හැරිලා බැලුවා. පිටුපසම පේළියේ එහා කොණේ වාඩිවෙලා
ඉන්න තරුණ හාදයෙකුගෙ ෆෝන් එක තමයි බෑඟිරි දුන්නේ. ඒකා ඉන්න තැන ගැන වගේ වගක් නැතුව
එයාගෙ සංවාදේ කරගෙන ගියා. විනාඩි ගණනයි ගියේ. ආයෙමත් අර කරච්චලේ... දෙතුන් පාරක්ම.
හෙමිනුත් නෙවෙයි...
![]() |
වර්තමාන තාරුණ්‍යයේ ප්‍රබල සංකීර්ණ අර්බුදවලින් එකක්! |
එතකොට අර මං කලින් කිව්ව වැඩිහිටි මහත්තයා ‘ස්.. ස්.. ස්..’ කියලා සද්දයක් දාල අර තරුණයාට
මොනවද කිව්වා.
මොන?
අර හාදයා ඒක පයිසෙකටවත් ගණන් ගත්තේ නෑ. එයාගේ කතාව දිගටම කරගෙන ගියා. වර්තමාන තාරුණ්‍යයේ
ප්‍රබල සංකීර්ණ අර්බුදවලින් එකක්!
මගෙත් කට කොකියව්වා. ඒත් ‘ටෙලිෆෝන් ලෙඩා’ට කිට්ටුවෙන් උන්නු හැමෝම නිස්සද්දව
ඉඳිද්දී, ඈතින් වාඩි වෙලා උන්නු මං විරෝධය පෑම කොච්චර උචිතයිද? මං ඒ උභතෝකෝටියට
මැදි වෙලා ඉන්න අතරේ අර මහත්තයා නැඟිටලා හෝල් එකේ ඉස්සරහ පේළියකට ගියා...
ඒ මනුස්සයට
මොනවා හිතෙන්න ඇද්ද?
“ඔයාට
මොනවද හිතුණේ film එක ගැන?” චිත්‍රපටය ඉවර වෙලා එද්දී එක මිතුරෙක් ඇහුවා.
“ඉස්සෙල්ලා කියනවලකො ඔයාලට හිතිච්ච දේ...”
“මට හොඳයි!” දෙවැන්නා කිව්වා.
“මම නං ඉවසිල්ලක් නැතිව උන්නේ කොයි වෙලාවෙද film එක ඉවර වෙන්නේ කියලා.” පළමුවැන්නා
උත්තර දුන්නා. “නිදිට?”
“මට film එක වැදුණේ නෑ!” මං කිව්වා.
යම්කිසි
කලා නිර්මාණයකින් මං බලාපොරොත්තු වෙන දේවල් ගණනාවක් තියෙනවා. පළමුකොටම එයින් තෘප්තියක්- සතුටක්-
වින්දනයක් ලැබිය හැකි විය යුතුයි. ඒකෙන් ඥානනය වීමක්- දැනුවත් වීමකුත් වෙනවා නං
තවත් හොඳයි. ඒ නිර්මාණය මාව කම්පනයකට පත් කරවන- සිතන්නට පොළඹවන එකකුත් නං ඉස්තරම්.
ඔය ඔක්කොම එකකින් ලැබෙන්නේ කලාතුරකින්.
හැබැයි ඒ මොනවා තිබුණත් මට මදි. ඒ නිර්මාණයේ ළතෙත් ගතියකුත් තියෙන්නම ඕනි කියලයි
මං හිතන්නේ.
2018 ‘නිදිගෙ පංච තන්තරේ’ පටන් ගත්තු දවසේ ඉඳලා ලියාපු blog ලිපි 709න් වුණත් Fims 13ක් ගැන විතරයි මං කතා කරලා තියෙන්නේ. ඒ ෆිල්ම්ස් මට ගොඩක්ම වැදුණු ඒවයි! (මේ තියෙන්නෙ ඒ ලිපිවල නාමාවලියක්: (සමුදුරු මූර්තිය, විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා, හරි හුරතල් - විනාකිරි - සංග්‍රාමය, ප්‍රේමණීය චාරිකාවක්, උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය, දහතුනේ මාරකේ... Thirteen Lives, නඩු බලවපු නඩුවක්!, Nice View, අටේ කෝච්චිය, පොඩි හොරා Vs ලොකු හොරු, අමුම අමු; වල් වනචර කතන්දරයක්, Rekhachithram සහ කෝප්, අපේ සිනමාවට වාලම්පූරියක්!)
![]() |
ෆිලුම මාකටින් කිරීම සාර්ථකව කරන නිසා. (සිනමාව කර්මාන්තයක් වශයෙන්
දියුණු වෙන්න නං මෙහෙම කෙරෙන්නම ඕනි.) |
ලිව්වෙද...
සාධාරණ හේතු කීපයක් නිසා. එයින් දෙක තුනක්වත් නොකිව්වොත් අසාධාරණයිනෙ.
1. Film එකේ නිර්මාණාත්මක ගතිය හා plot එක නිසා.
(හැබැයි රජෝ මට දැනුණු ලොකුම වැරැද්දකුත් මෙතැනදී නොකියා බැහැ. මේ ෆිලුමේ චරිත
සේරම අමුම අමු බොරුකාරයෝ- වංචාකරුවෝ- ආත්මාර්ථකාමියෝ... කළුම කළු මිනිස්සු මිස අළු-
සුදු මිනිස්සු සමාජයේ ඇත්තෙම නැද්ද?)
2. ෆිලුම මාකටින් කිරීම සාර්ථකව කරන නිසා. (සිනමාව කර්මාන්තයක් වශයෙන් දියුණු
වෙන්න නං මෙහෙම කෙරෙන්නම ඕනි.)
3. හැමෝම ප්‍රශස්ති ගයද්දී සාධාරණ විවේචන ඉදිරිපත් කරන්නන්ට දිරියක් වෙන්නට මං කැමති
නිසා.
4. මෝඩ මට ෆිලුම වැදුණේ නැති වුණාට- ජාත්‍යන්තර සම්මාන, සහතික පවා බහුචිතවාදියා
ෆිලුමට ලැබිල තියෙනවනෙ.
ම්.. ම්.. ම්.. ඔන්න බහු උචිතවාදියා ගැනයි,
බහුචිතවාදියා ගැනයි මගේ අදහස් කිව්වා. බලමුකො ඔයාල හිතන දේ෴0෴