“ංආ... විජ්ජා සිස්ස සංගමෙන්... කෝ තොපේ විජ්ජා සිස්ස සංගමේ මහ ලොකු සභාපතියා?”
ප්රශ්නය ඇහුණා විතරය.
මගේ දෙකන්සෙන්ම දාඩිය උතුරන්නට වුණේය. එතෙක් නොතිබුණු ‘සුලු
දිය’ පහ කිරීමේ ඕනෑකමකුත් ඇති වුණා වගෙය. ඇත්තම කියනවා නං ඒ වෙලාවේ නිදි ‘සියලු
දෙවි දේවතාවුන්ට යදිමින්’... බයේ ගැහෙමින්, ළඟින්ම උන් සිසුවාට මුවාවී
වහං වෙලාය හිටියේ...
![]() |
මොන xත්තද යකෝ තොට ඔය නම කියල
දුන්නේ? පරයා, තෝ දැනගන් මේ ඉන්නේ... |
අපි
හිටියෙ දෙන්න-දෙන්නා පේළි ගැහිලනෙ.
“බට්ටෝ, මේ පැත්තට වෙයං...” මගෙත් එක්ක හිටි යාළුවා හෙමින් සීරුවේ කොඳුරමින් මාව
නොපෙනෙන පැත්තට තල්ලු කෙරුවා. “...අරූ- අර පඩ ගිරවා වටපිට බල බලා උඹව හොයනවා...
අරූට පෙන්නන්න තමයි.”
එතකොටම
තවත් චණ්ඩියෙක් එතෙන්ට කඩා වැදුණා.
“අඩෝ! මුන්ව අද දවසම පේළි ගස්සලා තියාගෙන ඉන්නද xත්තො උඹ හදන්නේ?” ඒකා අර ප්‍රශ්න
අහ-අහ උන්නු කොල්ලගෙ ඇඟට ගොඩ වුණා. “මොකක්ද ඩෝ- වැඩක් කිව්වම කියපු විදිහට කරපංකො
මචං... හා හා දැන්ම මුන් ටික දක්කමු ගාල පැත්තට... ඉස්සරහට... ඉස්සරහට.”
පේළිය ඉස්සරහට ඇදෙන්න ගත්තා. විද්‍යා ශිෂ්‍ය සංගමයේ සභාපතිව හෙවිල්ලත් එතැනින්ම
නැවතුණා. මං ඉෂ්ට දේවතාවුන් වහන්සේලා ඔක්කොමලටම මතක් කර-කර පිං දුන්නා.
අපි
ඔක්කොම දෙසීයක් විතර හිටියනෙ. ඉතිං අපිව තිහ හතළිහේ කට්ටිවලට බෙදලයි එක-එක පැතිවලට
අරගෙන ගියේ. එක එක විදිහෙ මැරයෝ- (මැරයෝ නෙවෙයි යමපල්ලෝ) තමයි ඒ ඒ කට්ටිවලට දෙන ‘වද’
තීරණය කළේ.
ඉතිං
අපේ පේළියම එක්කගෙන ගියා හරකුන් වගයක් කොටු කරලා හිටිය තැනකට. “පේනව නේද මේ කවුද
කියලා?”
අපේ
කව්රුන්වත් කට ඇරියෙ නෑ. එතකොට අපට වැටහිලයි තිබ්බේ මොකක් කිව්වත් උන්ගෙන් බැණුම්
අහන්න වෙන විත්තිය. එයාලට ඒකටත් කේන්තියි.
“තොපිලගේ කටවල්වල පිට්ටුද යකෝ. පේන්නැද්ද අපේ උත්තමයෙක් ප්‍රශ්නයක් ඇහුවා. උත්තර
දීපියව්. නැත්තං තොපි අද ගෙදර යන්න නෙවෙයි... හරිද?” පන්දමෙක් එයාලගේ ලොක්කව
පෙන්නලා කිව්වා. ඊට පස්සේ අර ප්‍රශ්නෙත් ආපහු මතක් කළා.
අපේ
සගයෙක් උත්තර දුන්නා. උත්තරේ නං මට මතක නෑ. හැබැයි එයා කිව්වේ ‘එතන කොටු කරල උන්නු
හරකගෙ නම’. ඒ හැම කුටියකම ඉස්සරහින් ඒකෙ ඉන්න ගවයාගේ සත්ත්ව විද්‍යාත්මක නම (වෙන්නැති)
සටහන් කළ පුවරුවක් බැගින් හයි කරලා තිබුණනෙ.
“මොන
xත්තද යකෝ තොට ඔය නම කියල දුන්නේ? පරයා, තෝ දැනගන් මේ ඉන්නේ...” කියලා අර නායකයා
දිගම දිග වග-වාසගමක් එක්කල මොකක්දෝ හරුපයක් දෙසපි.
ඒ වාසගම දේශපාලඥ නළුවෙකුගේ ‘සද්ද විද්ද රාජපක්ෂ පළඟ පතිර අඹකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර්
අල්පෝන්සු’ නම වගේ කලවම් එකක්. මං වහන්සේම කලින් ලියූ post එකක සඳහන් ‘දිගම නම ඇති
වයස්ගතම කාන්තාව වූ
‘සපත සාපත සා දිසාපති බමුණු බ්‍රාහ්මණ අබේකෝන් විජේසුන්දර විජේකෝන් මුදියන්සේලාගේ බිසෝ
මැණිකේ විජේකෝන්’ නමටත් වඩා දිග එකක්...
![]() |
දැන් උඹ කියපං බලන්න මේ වෘෂභ රාජෝත්තමයාණන් වහන්සේගේ නම... |
වෙන
වෙලාවක වගේ නං ඒ වගේ විපිරියාසවලට මට හිනා යනවා. ඒත් මර බයටමදෝ හිනාව මගෙන් ඈතට
ගිහිං. අනේ, අර ළමයත් ගොළු වෙලා: බයෙන් ගල් ගැහිලා.
අපි ඔක්කොමලා ගල්බීත වෙලා නිස්සද්දව උන්නා මිසක් කටක් හෙලෙව්වෙ නෑ.
“ඔහොමද
යකෝ තොපිලා යමක් ඉගෙන ගන්නේ? මූ විතරක් නෙවෙයි, මේ සැරේ උඹලා සේරම මෙයාගේ නම මතක
තියා ගන්න ඕනෑ. මම එක සැරයයි කියන්නේ. ඒ නම මතක තියාගන්න බැරි xකයලගේ කලිසම් ගලවල
ඔලුවට අන්දවනවා...” ඒගොල්ලන්ට සාධාරණය පිණිස මේ කාරණාවත් සඳහන් කළ යුතුම එකක්. එදා
එයාලා තරහෙන් කතා කළත්- කුණුහරුප කිව්වේ ඉතාමත් අඩුවෙන්! එහෙමත් කෙනෙක් විතරයි
එහෙම කිව්වෙත්.
අර ‘වෘෂභ
රාජයාගේ නාමය’ හරියට කියන්න සමතෙක් අපේ group එකේ හිටියෙ නෑ. ඒත් දඬුවම් කෙරුණේ
ටික දෙනෙකුටයි. ඒ හැමෝම දිග කලිසම් ඇඳගෙන හිටි කැපී පෙනිච්ච අය!
“හරියට නමක් මතක තියා ගන්න බෑ. ඒ වුණාට දැන්මම දිග කලිසංවලට බැහැලා. මනමාලකම නේද
යකෝ... අසරණ අම්මල තාත්තලාගේ සල්ලි නේද තොපි ඔය නාස්ති කරන්නේ. නවා ගනිං කලිසම්
කකුල් දණිස්ස ගාවට.” / “මචං, මෙන්න මූ කකුල් දෙකම නවනවා. එකයි... එකයි මොට්ටයෝ
නවන්න කිව්වේ.” / “උඹේ දකුණු කකුල... උඹ
වම...”
පුදුමේ
කියන්නේ ඒ විලම්බීත විගඩම් සේරම කෙරෙද්දී විශ්වවිද්‍යාලේ පිරිමි ළමුන් වගේම ගැහැනු
ළමුනුත් හරිම සතුටින් බලාගෙන හිටි එකයි. සාමාන්‍යයෙන් කාන්තා පාර්ශ්වය කරුණාවන්තයි
කියලනේ පිළිගැනෙන්නෙ. අනෙක එයාලටත් අපේ පලෝලේ නංගිලා- මල්ලිලා නැතිවද මංදා- එච්චර
නපුරු වුණේ...
එහෙම
වටේට බලාගෙන උන්නු අයත්, අපට එක එක විධාන දුන්නු අයත් විනාඩි කීපෙකින් එතැනින්
ගියා. ඒ වෙනින් කට්ටියක් එතැනට එනවත් එක්කම.
අලුතින්
ආව අය එතෙක් අපි කරලා තිබුණු දේවල් හගිස්සන්න පටන් ගත්තේ මොකුත්ම නොදන්නා තාලෙට; අපේම
ඕනෑකමට ඒ විකාර කරපු විදිහට සලකමින්. ඊළඟට අතොරක් නැතිව අපටම බනින්න පටන් ගත්තත්
එක්ක.
“තොපිට පිස්සුද යකෝ කලිසං කකුල් නවාගෙන ඉන්නේ... දිග කලිසමක් ඇන්දා නං ඒ විදිහට
ඉඳපල්ලා... දිග ඇරගනිල්ලා ඕවා.” / “මේ බලපංකො මචං. මුංගේ හැටි. සපත්තු දාන්නවත්
දන්නෑ.... දා ගනියව් සපත්තු කකුල්වලට.” / “මොකාද යකෝ මේ හරකට ඔහොම අප්‍රබංශ නමක්
දැම්මෙ? මේ බෝඩ් එකේ උගේ වර්ගේ නම ලියල තියෙන්නෙ...”
![]() |
එයාලා හිටියෙ රැග් බඩගින්නකින්ද? නැතිනං එයාලා පෙරහුරුවක්
කළාද... |
ඒ වුණත් එයාලා සේරම අර ‘වධකයන්ට’ ඒත්තු ගන්නල තිබ්බා අපි ඉක්මනට පිටත්ව යා යුතු
බව.
පේරාදෙණියේ
හුළඟවත් නොවදින තරං ඈතට ගියාමයි අපි කාටත් හරියට හුස්ම වැටුණේ.
ඒ වුණත්
ගමන යනකොට තිබ්බ සතුට- උද්දාමය- විනෝදය අපි ආපහු එද්දී තිබ්බේ නෑ. කතාබතාත් නැතිම
තරං... හැමෝම හිටියෙ කල්කදුරු තිත්ත කසායක් බීපු ගොළුවෝ වගේ. හේ බාපු ගමන්...
මැලවුණු ගමන්...
ඇයි
එයාල එහෙම අපිව රැග් කළේ? අපි විශ්වවිද්‍යාල ළමයි නෙවෙයිනෙ.
එයාලා හිටියෙ රැග් බඩගින්නකින්ද? නැතිනං එයාලා පෙරහුරුවක් කළාද...
ඊට කලින් හරි ඊට පස්සේ හරි අපි වගේම තව පාසල් සිසු-සිසුවියනුත් එවැනි වද දීම්වලට
ගොදුරු වෙලාද?
කවුරුන්වත් ඒ ප්‍රශ්නවලට උත්තර හොයන්න ගියේ නෑ.
ඒ
ඇබැද්දිය ගැන කාටවත්ම කියන්න එපැයි කියල එදා කිසිම කෙනෙක් අපට කිව්වේ නෑ. හැබැයි,
trip එක ගිය අපි-අපි අතරෙමවත් එදාට පස්සේ ඒ ගැන කතා වුණු බවක් මට මතක නෑ!
අදයි ඒ ගැන පුදුම හිතෙන්නේ...
මේ
post එකේ පළමුවෙනි කොටසට comment කරපු ‘බකමූණු කතා’ blog රචක බස්සා මහතා links
හතරක්ම එවල තිබ්බා. එයින් එකක් ‘කට්ටකාඩුව’ blog එකට... ඒකේ ‘තිත්තවැල්ගොල්ලේ වධකයා’ කියන
ලිපියට.
මේ තියෙන්නෙ ඒ post එකෙන් චුට්ටක්....
‘වරේවා!...වරේවා!!! කවුද ඩෝ කිව්වේ ශිෂ්‍ය සංගමේ
ඉන්නේ ජෙප්පෝ කියලා. මේ ඉන්නේ එල චරිතනේ... බොක්ක උනත් ෂෙයා කරන්ඩ කැමති අයියලානේ මේ...
අපි හිතුව විදිහ කොච්චර වැරදිද? අපිට
හිතුනේ එහෙමයි. ඉතිං පහුවදාම අපි ඔක්කොම කැම්පස් එක ඇතුලේ තිබ්බ හොස්ටල්වලට ආවා.
එදා දවල් කන වෙලාවේදී රැග් එක පටං ගත්තා. හරියට
ගුහාව ඇතුලට හා පැටියා එනකල් බලාගෙන හිටපු නරි රංචුවක් වගේ ඊයේ හිටපු අයියලා අක්කලා
අපිව වට කර ගත්තා.
පර බල්ලෝ දණ ගාගෙන පලයවූ කැන්ටිමට... එහෙම අණ නිකුත්
වෙනකොට අපි හිටියේ බොරළු පාරක...
අනේ අයියේ....
අයියේ.. කවුද හු*** අයියා? ජේෂ්ට
උත්තමයා කියාපිය! අපිට වඩා අවුරුද්දක් වැඩිමල් එකෙක් බෙරිහන් දුන්නා. ඔන්න එතන ඉඳන්
අපේ ජ්‍යෙෂ්ඨ උත්තමයෝ උත්තමාවියෝ අපිට කවන්ඩ පටන් ගත්තා.
![]() |
හරියට ඔලිම්පික් බලන ග්‍රීක දෙවිවරු වගේ ඒ උත්තමයන්ගේ මුහුණුවල සතුට
දොරේ ගියා. අපෙන් දෝරේ ගියේ කඳුළු සමග ලේ! |
හැබැයි එක බත් ඇටයක් කාලා තව එකසිය පනහක් විතර පෝලිමේ ගිහිං බත් ඇටේ ගානේ අරං කන කල්
බඩගින්නේ ඉඳීම නං මට අමාරු උනා.
හැබැයි සමහර සහෝදරියෝ විතරක් නෙවෙයි සහෝදරයන්ටත්
එක ගොඩකට දාලා අනපු කෑම කන එක හරිම අමාරු කාරණයක් උනා.
සමහරු වමනේ දැම්මා. එතකොට අමු තිත්ත කුණු හරුප වැලක් අහගන්ඩ පුළුවන්. එදා දවල් වරුවටම
බත් ඇට දහය දොළහකට වඩා කන්ඩ හම්බ උනේ නෑ. අපි ඔක්කොම එක බත් පාර්සලයක් කන්ඩ ඇති. අනිත්
සිය ගානම කුණු කූඩෙට!!
නවක හඳුනා ගැනීම ආරම්භ උනේ එහෙමයි!’
එදා රෑ ජ්‍යෙෂ්ඨ උත්තමයන්ගේ හොස්ටල් එකකට ගාල් කරපු
කොල්ලෝ ටික ඔක්කොම නිගන්ඨ ආගමට හරවන්ඩ ඒ උත්තමයෝ කාරුණික උනා. එහෙමනේ සමානාත්මතාව පුරුදු
පුහුණු කරවන්ඩ ඕන!
ගල් බැමි උඩ දණ ගසා සිටීම්, එහෙම
දණ සිටිමින් උඩ පැනීම් (එතකොට දණිස් තුවාල
වෙනවනේ කියල කවුද අහපු එකා.... යකෝ එහෙම නැත්තං කොහොමද දන්නේ හැම එකාගෙම දුවන්නේ රතු
පාට ලේ ද කියලා?.... දණිස් පලා ගලකින්...... බලන් රුහිරූ
එක රතු පාටින් ගලා හැලෙන අයුරූ.....), හොස්ටල් එකේ කොමන්
රූම් එක ස්විමිං පූල් එකක් කියලා හිතාගෙන නිර්වස්තරෙන් බඩ ගෑම්, හිටපු
ගමන් එකෙක් දෙන්නෙක් මිදුලේ වැලි උඩ විශේෂ පිහිනුම් සැසි සඳහා සහභාගී කිරීම් වැනි එකී
නොකී මෙකී දහසක් අලුත් සෙල්ලං අපි ඉගෙන ගත්තේ අර ජ්‍යෙෂ්ඨ උත්තමයන්ට පිං සිද්ද වෙන්ඩ.
අපි එහෙම සෙල්ලං කරන කොට ඒ උත්තමයෝ අමු තිත්ත කුණුහරුප
කියමින් අපිව උද්යෝගිමත් කළා. හරියට ඔලිම්පික් බලන ග්‍රීක දෙවිවරු වගේ ඒ උත්තමයන්ගේ
මුහුණුවල සතුට දොරේ ගියා. අපෙන් දෝරේ ගියේ කඳුළු සමග ලේ...’
කොහොමද
වැඩේ?
ඒ පෝස්ටුවෙන් බොහොම චුට්ටක් තමයි උඩින් දැම්මෙ. කට්ටකාඩුව blog අඩවියට ගිහිං
‘තිත්තවැල්ගොල්ලේ වධකයා’ පෝස්ටුවම කියවන්න වෙලාව නැති ටික දෙනා වෙනුවෙනුයි post
එකෙන් තව චුට්ටක් මෙතෙන්ට දාන්නේ.
![]() |
ඒ කොහොම උනත් දින සති ගණන්වලට පෙරලෙද්දී කලාබරගේ ලේ සහ කඳුළු පිපාසෙ
තව වැඩි උනා. |
කැන්ටිමෙන් උදේ කනකොට කලාබරතුමා දෙතුන් දෙනෙක්ගේ
පිඟන්වලට වතුර දාන්නේ හොදි මදි හින්ද වෙන්ඩ ඕන. ඊට පස්සේ ෆැකල්ටියේ කොමන් රූම් එකේ
තියන යකඩ පුටු අස්සෙන් රිංගලා බඩ ගාමින් තමයි අපි ඉංග්‍රීසි ක්ලාස් යන්ඩ ඕන. ඉතින් එතකොට
ෂර්ට් එකෙයි කලිසමෙයි පොලිෂ් ගෑවිලා දුඹුරු රතු පාටක් ගන්නවා. එක අතකින් ඒක හොඳයි.
නැත්තං අපේ කමිස කලිසංවල තියන ලේ පැල්ලම් දැක්කොත් අපිට ඉංග්‍රීසි උගන්නන උත්තමයෝ බයවෙලා
පාලනාධිකාරියට රපොර්තු කරන්ඩ පුළුවන්නේ. අනේ ඉතිං මොකටද කාටවත් කරදර කරන්නේ!!!!
දවස දෙක තුන ගෙවිලා ගියා. එක්කෙනා දෙන්නා තුන්දෙනා
ඉස්පිරිතාලවල පිහිට හෙව්වා. මේ වෙනකොට අපේ නිල වධකයා කලාබර බව අපිට තේරිලා තිබුනා.
මේ අස්සේ අපිට යන්තමින්වත් බුරුලක් දුන්නු, අපේ දුක
සැප හොයලා බලපු අයත් නොහිටියා නෙවෙයි. පොරමඩුල්ල සෙන්ට්‍රල් එකෙන් ආපු කණ්ඩියා එහෙම
කෙනෙක්. දැන් ඔහු කැළෑ කන්තෝරුවේ නිලයක් දරනවා. තව හිටියා මැඩෝනා කියල අක්කා කෙනෙක්.
අර මම මුලින් කියපු ශිෂ්‍ය සංගම් සභාපති ජිල්බා පස්සේ කාලෙකදී මේ අක්කව කසාද බැන්දා
කියලා දන්නවා මිසක් වැඩි විස්තරයක් දන්නේ නෑ.
අර අපායේ උනත් මිනිස් දෙවිවරු හිටපු බව කියන්නයි
මම එහෙම සඳහන් කලේ. තව කට්ටියක් හිටියා රැග් එකට විරුද්ධ. හැබැයි ඒ අය අපිට විශේෂ උපකාරයක්
කලෙත් නෑ. හැම දේම නොපෙනුනා, නෑසුනා වගේ හිටියා.
ඒ කොහොම උනත් දින සති ගණන්වලට පෙරලෙද්දී කලාබරගේ
ලේ සහ කඳුළු පිපාසෙ තව වැඩි උනා. ඔහුගේ සහයට බාවා වගේ චරිතත් එක්කහු උනා.
![]() |
දිව්‍ය ලෝකේ එක්තරා දෙවිවරු කොටසක් ඉන්නවලු අබ්භාහාරක දෙවිවරු කියලා.
ඔවුන් සන්තෝෂය මත යැපෙන අය. වෙනත් ආහාර ගන්නේ නෑ... |
ටික දවසකින් මගේ කකුලේ උලුක් වීමක් වෙච්ච හිංදා මේ වධවලින් ටිකක් බේරෙන්ඩ මට පුළුවන්
උනා. ඉස්පිරිතාලෙන් දීපු බේත් මම පාවිච්චි කලේ නැත්තේ උලුක්කුවේ වේදනාව නැති උනොත්
කලාබරගේ ගොදුරු බවට පත් වෙන්ඩ වෙන හිංදා...’
......
‘ඊට පස්සේ සතියේ මම කලාබරගෙන් ඇහුවා අහවලා අඳුනනවාද
කියලා. ඌ ටිකක් අමාරුවෙන් මතක් කරලා පිළිගත්තා ඌට සැලකුවේ අර මම කියපු සර්ගේ දෙමව්පියෝ
තමයි කියලා.
මම හිතාගෙන හිටියට රැග් කරන්නේ ජෙප්පෝ කියලා කලාබර
ජෙප්පෙක් නෙවෙයි. අඩු ගානේ ඌ එළිපිට ඒ බව පිළිගත්තේ නෑ. හැබැයි ඌ තමන්ට වඩා දුබලයන්ව
පෙළීමෙන් සතුටට පත්වෙච්ච මානසික රෝගියෙක්. මගෙ හිතේ තමන් ජීවිතේ පුරා මූණ දීපු දුප්පත්කමේ ශාපයේ ඇරියස් එක තමන්ගේම පංතියේ
එවුන්ගෙන් පහ කරපු බය ගුල්ලෙක්. අර සත් ගුණවත් පවුලකට මූව මුණ නොගැසුනා නං මේ වධකයා
ලෝකෙට ඉතුරු වෙන්නේ නෑ. මගේ බැච් එකේ අයට ඌ හම්බ වෙන්ඩ කලින් කනත්තක වලකට ඔහුව හම්බ වෙන්න තිබ්බා එහෙම
උනානං. අපේ පවට එහෙම උනේ නෑ.
කාලෙකට පස්සේ මට ආපහු කලාබරව හම්බ උනා. එතකොට...’
ආදරණීය
පාඨක ඔයාලා හැමෝටම ‘නවක වදයේ, වද දෙන්නන්ගේ හා වදයට ලක් වන්නන්ගේ එක පැත්තක්’ ගැන
හොඳටම තේරුම් ගත්තැකි ‘තිත්තවැල්ගොල්ලේ වධකයා’ සම්පූර්ණ
post එක කියෙව්වොත්. ඉතිං අමාරුවෙන් හරි වෙලාව හොයාගෙන ඒ පෝස්ටුව එහෙම පිටින්ම
කියවල ඉඳිමුද?
(ඒ
post එක ලියලා තියෙන්නෙ අවුරුදු හතකට විතර ඉස්සර. කට්ටකාඩුවේ ලොකු මල්ලී ගිය
අවුරුද්දටම ලියල තිබුණේ එකම එක පෝස්ටුවයි බොලේ!)
නවක වදයේ
තව පැත්තක් ගැන; එහෙමත් නැත්තං සුන්දර පැත්ත ගැන ලියවෙච්ච post එකක link එකකුත්
අපේ හිතවත් බස්සා මහතාමයි එවල තිබ්බේ. Thilini Shalwyn (සිත්තරී) රචිකාවියගේ ‘නවක වදය, සරසවිය හා සරසවි කුමරිය හා බැඳි මිහිරි මතකයේ මගේ අත්දැකීම
- 2’ පෝස්ටුවටයි ඒ ලින්ක් එකින් යා හැක්කේ.
මේ තියෙන්නෙ ඒ රසබර පෝස්ටුවෙන් චූට්ටක්:
‘“පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
මලකඩ වතුර නේරංජන ගඟ වේවා
සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා”
![]() |
චරිත් දිල්ෂාන් ගොඩ දෙනාගේ ඇස් අරවලා- ඇත්ත කතා කරන්නට තිබුණු බිය සැක
දුරු කරවලා;
මුවගුළු විවර කරවලා තියෙන බවයි පෙනෙන්නේ. ඒත් මේ රැල්ල කොච්චර කල් අල්ලා
හිටීවිද? |
“සරසවි ළඳක් එනවා දුර බොහෝ දුර
ආලය නොකරන්න මා ප්‍රිය සහෝදර
උපමාවක් වෙතොත් යුවලට පයෝධර
හරියට වගේ චූලෝධර මහෝධර”
අපිට ඕන වුණේ කැම්පස් එකත් එක්ක බැඳුණු හැමදේම අංශුවක්
නෑර උරා ගන්න. ඒක නිකන්ම කරන්න බැරි වුණා. ඒකට කැපවීමක් තියෙන්න ඕන. ඒ කැපවීම කරන්න
ඕන කවුරුත් රැග් එක කියල හඳුන්වන දෙයට අපෙත් සම්මාදම ලබා දීලා. ඒක වෙලාවකට වදයක් වුණත්
අද මේ රසබර මතක සේරම අපේ හිතේ තියෙන්නේ අන්න ඒ කරපු කැපවීම නිසා. එහෙම කරන්න බැරි අයට
පුළුවන් අල වෙන්න...’
(තිලිනි
blog ලිපි ලියලා තියෙන්නෙ 2011 සිට 2014 දක්වා කාලයේදි විතරයි. ඒත් ඇයගේ ලියැවිලි තවමත්
පාඨකයන්ව අවුස්සන විත්තියයි comments තීරුව බැලුවාම මට හිතුණෙ.)
තිලිනි
කියන විදිහට ඇයගේ පේරාදෙණි කැම්පස් ජීවිතය නං සතුට සපිරි එකම රස ගුලාවක්.
ඒත් ඒ පේරාදෙණිය විශ්වවිද්යාලෙදිම තමයි රූපා රත්නසීලී සිසුවිය ‘ඉටිපන්දම් ගැසීමේ
නවක වදය’ ඉවසා දරාගන්න බැරිව උඩුමහලෙන් බිමට පැනල සදාකාලික අබ්බගාතියක් වුණේ-
අවුරුදු 22 තරං යව්වන වයසකදී. (රෝද පුටුවකට සින්න වී උන් රූපාත් 1997දී සියදිවි
නසා ගත්තා.)
චරිත්
දිල්ෂාන්ගේ අවාසනාවන්ත අකල් මරණය එවැනි මරණ මාලාවක අලුත්ම එකයි. ඒවා ගැන මේ කතාබහ කෙරෙන්නෙත්
බලධාරීන්ගේ හා වගකිව යුතු අයගේ අවධානය ‘නවක වදය’ කෙරෙහි යොමු කරවීමේ අරමුණෙන්.
චරිත්
දිල්ෂාන් ගොඩ දෙනාගේ ඇස් අරවලා- ඇත්ත කතා කරන්නට තිබුණු බිය සැක දුරු කරවලා; මුවගුළු
විවර කරවලා තියෙන බවයි පෙනෙන්නේ.
ඒත් මේ රැල්ල කොච්චර කල් අල්ලා හිටීවිද?
මට
එහෙම හිතෙන්නේ ශ්‍රී ලාංකික අපේ වැඩි දෙනෙකුට තියෙන ‘දහදුරා පජාති ජඩ ගති’
හින්දමයි.
ඒකට මං දන්න හොඳම උදාහරණෙ සුමුදු මල්ලී. සුමුදු ඉන්නේ පමුණුවේ. (නම නං ආදේශකයක්.)
එයා තේරුණේ ජපුරෙට. (මීට අවුරුදු විසිපහකට- තිහකට විතර කලින්.)
“බලන්නකෝ
නිමල්... අපේ පුතණ්ඩියා කැම්පස් යන්න බැහැයි කියනවනෙ.” සුමුදුල තාත්තා මට කිව්වා. මං
එයාලගේ පවුලේ හිතවතෙක්.
“අනේ
ළමයෝ, ඔයාවත් මේ දරුවට කියන්නකෝ... අපේ පවුල්වලින් එකකවත් ඉන්නවද විස්ස විජ්ජාලෙකට
ගිය එකෙක්. අපට කොච්චර ආඩම්බරයක්ද- මෙයා උපාධිකාරයෙක් වුණොත්...? පවුලේ එකම කොල්ලාත්
වෙච්චි එකේ... කෙල්ලෝ දෙන්නට නං ඉහළට උගන්නන්න ඕන්නෑ නෙව ළමයෝ, පිටට දෙන්න ඉන්න
එවුන්නෙ.” සුමුදුලගෙ තාත්තා දිගටම කියාගෙන ගියා.
ඉතිරිය ඊළඟ කොටසෙන්....
ඛේදවාචකයක් සිදුවුන හැමවෙලාවෙම හැමෝම බැනඅඬගහනවා. හැබැයි රස්නෙ ගියාම පරණ පුරුදු තැටියමයි.
ReplyDelete++++++++++++👌
Deleteඒ අතරෙ පැරදිච්ච පක්ෂවල සපෝටර්ලා මේක දඩමීමා කර ගන්නවා ආණ්ඩුවට බනින්න. ඉන්න ආණ්ඩුවත් තවත් පැලැස්තරයක් අලවනවා. එකෙකුටවත් ඕනෙ නෑ ස්ථීර විසඳුමක් ගේන්න. හැමදාම වුනේ ඕකයි, අද වෙන්නෙත් , ඉදිරියට වෙන්නෙත් ඕකම තමයි.
ඔව් Litseeker, හිඟන්නා කැමති නෑ එයාගේ තුවාලේ සනීප වෙනවට.
Deleteබකුසුතුමෝ, නවක වදය තියෙන එකෙන් නං ගොඩක් දෙනෙකුට වාසි කඩාගන්න හැකියි. ඉතිං නවක වදේ නවත්තන්න; ස්ථිර විසඳුමක් දෙන්න එයාලා කැමති වේවිය?
Deleteපේනවනේ- විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා කිව්වට සිද්ද වෙමින් යන දේ.....
Hmm
ReplyDeleteස්තුතියි Pra Jay මහතාණෙනි.
Deleteලංකාවේ මිනිස්සු තාම ඉන්නේ ගල් යුගේ //
ReplyDeleteඔව් ලලිත්, දඩයම් යුගේ ඉඳල නෙවෙන්නන් මේ දඩයම් කරන පුරුද්ද මිනිහට ආවේ....
Deleteඒ කාලෙ හිංද උං බේරිලා.
ReplyDeleteදැන් ඉන්න ඉස්කෝලෙ කොල්ලන්ට ඔහොම රැග් කරන්න ගියොත් තමයි කැම්පස් වල උං ගොංපස් වෙන්නෙ.
අද ඉන්න කොල්ලො තමයි Praසන්ன මහත්තයෝ හෙට විශ්ව විද්‍යාල සිසුන් වෙන්නේ... එහෙම යන අයත් ගොංපාට් පවත්වාගෙන යන්න කැමති වෙන එක හෝ විරුද්ධ නොවී ඉන්න එක නෙව ප්‍රශ්නෙ...
Delete//...තව කට්ටියක් හිටියා රැග් එකට විරුද්ධ. හැබැයි ඒ අය අපිට විශේෂ උපකාරයක් කලෙත් නෑ. හැම දේම නොපෙනුනා, නෑසුනා වගේ හිටියා//
ReplyDeleteHmm...if you are not a part of the solution you are part of the problem. ජේෂ්ඨ අලයො සහ විවි ආචාර්ය මණ්ඩලය අයත් වන්නෙ මේ කොටසට.
කට්ටකාඩුවෙ මල්ලි අන්තිමට කියල තිව්නා, අර තිත්තවැල්ගොල්ලෙ වධකයා - කලාබර දැන් ආණ්ඩුවෙ ඉහළ රස්සාවක වැජෙඹන වග. බාගදා නවක වදය හොඳයි, බුදු බැච් ෆිට් එක, අලයො කාවත් ගණන් ගන්නෙ නෑ, කියල FB පෝස්ට් දානවත් ඇති.
එහෙම අයත් ඉන්නවා නේන්නං!
Delete+++
ReplyDeleteස්තුතියි Discourse!
Deleteමම කට්ටකාඩුවේ ගේ එකේ කමෙන්ට් එකක් ඒ දවස් වල දමං රැග් කරපු උන් ගෙවල් වල කොහොම කරනවා ඇතිද කියල . ඉතා කණගාටුයි කියන්න රැග් කරපු උන් ගෙවල් වල තමන්ගේ ළමයින්ට බිරිඳට සලකන්නෙත් එහෙමම තමයි . - ජවිපෙ ගැන කියනවනම් - ඒ ගොල්ලන්ගේ ඒ දවස් වල ප්‍රතිපත්තිය අර ස්ට්‍රයික් ප්‍රතිපත්තිය වගේ . 1980 සමාජ - කොමියුනිස්ට් කට්ටිය ජේ ආර් ආණ්ඩුවට එරෙහිව කරපු 80-වර්ජනය මතකද . ජවිපෙ කියල දන්නා අය විතරක් වර්ජනයට එකතු වෙන්න අනිත් අය වර්ජනය කරන්න එපා කියල තමා කියල තියෙන්නේ . ජවිපෙ කියල දන්න අය ට රැග් කරන්න බැහැ . ජවිපෙ කියල ප්‍රසිද්ධ නොවන අයට තහනමක් නැහැ . දැන් විශ්ව අවිද්යල වල බලය ඇත්තේ පෙරටුගාමීන් ට නිසා කොහොමද දන්නේ නැහැ . හැබැයි ඒ දවස් වල ජවිපෙ බලයක් තිබ්බේ නැති කොළඹ විශ්ව විද්‍යාලේ පවා රැග් කළා . ඔය සන්නස්ගල , දයා පතිරණ හිටි කාලේ . ස්වාධින එක සහ සමවාදී ශිෂ්‍ය සංගමය රැග නොකලට නැවත්තු වේ නැහැ . ඔන්න ඔතන තමා මට තේරුම් ගන්න බැරි
ReplyDeleteමටත් තේරුම් ගන්න බැරි ගොඩක් කරුණු මේ සම්බන්ධයෙන් තියෙනවා අජිත් මහත්තයෝ. මේකට වැරැද්ද මිනිහගෙ තිරශ්චීන ගතියද- එහෙමත් නැත්තං බුද්ධි හීනකමද කියල හිතාගන්න බැරිවයි මං ඉන්නේ.
Deleteමෙ වගෙ අත්දැකීමක් මටත් තියෙනවා .දවසක් මං ලංකාවේ ගමක සමුපකාරයක රැකියාවක් කරමින් ඉන්න අතරෙ ,ඉස්සරහා තියෙන තෙ කඩේට ගියා තේ එකක් බොන්න .එතනදී මාමා කෙනෙක් හිටියා අංශබාගය හැදිලා තරමක් හොඳ උන.මම ඉතිං ඇහැව්වා මාමෙ තේ එකක් බොමුද කියලා ,එයත් හා කිව්වා .එයා දන්නැ මං කොහෙද වැඩ කරන්නේ කියලා ..ඇත්තටම මම රස්සාව කලෙ කැමැත්තෙන් නෙමෙයි ,මොකද ඒක කරනව නම් හොරකම් කරන්ඩ ඕනා ,මට ඒක හරියන්නැ.ඉතිං තේ බීලා ඉවර වෙලා අර මාමා කිව්වා ,කොල්ලො දීපං උඹෙ අත මෙහාට කියලා .අත බලලා මේ මාමා මට කිව්වා ,උඹ ඔය කරන රස්සාව තව මාස තුනක් කරන්නැ,උඹට දැන් තියෙන කිසිම සම්බන්ධයක් හරි යන්නැ ,උඹ අනිවාර්යයෙන්ම රට යනවා ඊට පස්සෙ උඹට හරි යනවා කිව්වා .ඇත්තටම ඊට පස්සෙ එතන හිටියෙ මාසයක් විතර ,ඊට පස්සෙ ඩ්‍රයිවින් ජොබ් එකක් හම්බඋනා එකෙ ඉන්නකොට මට රට යන්ඩ චාන්ස් එකක් ලැබුනා ,දැනට මං රට ජිවිතෙ අවු, 22ක්.අර කිව්ව හැම සම්බන්ධයක්ම නැතුව ගියා ..ඊට පස්සෙ මම අර කඩෙ අයියගෙන් ඇහැව්වා කව්ද කියලා ,එයා කිව්වා ඒ මාමා ඉස්සර හාමුදුරු කෙනෙක් කියලා හොඳට හස්ත රේඛා සාස්තර දන්න,අංශබාගෙ හැදුනට පස්සෙ සාසනෙන් අයින් වෙලා කිව්වා ..🙏
Deleteජීවිතේ ගංගාවකි- දෛවෙ එහි දිය පාරකි...
Deleteමොකා ආණ්ඩුව කලත් පොඩි මිනිහා තමයි තැලෙන්නෙ..මැදපෙරදිග රටවල බලු දුක් විදලා හරිම අමාරුවෙන් වෙහෙස මහන්සි වෙලා ගතමනාවක් අරගෙන දරුවන්ටත් පුද්ගලික පන්ති වලටත් යවලා පුද්ගලික විශ්වවිද්‍යාලවල කෝස් වලට දාලා , ලංකාවෙත් දුගිදුප්පතුන් වෙනුවෙනුත් සත්කාරත් කරලා ආගම දහමටත් දන් දීලා පින් කරලා ,සුලු ගතමනාවක් ඉතිරි කරන එකෙනුත් රජයට කපා ගත්තම ,දුක්විදින අපේ කළදසාව කුමක්ද?😭 අපි ඈත පිටිසර ගම්මානවල ඉපදිලා රජයේ පාසල්වල හරි හමන් අධ්‍යාපනයක් දෙන්න ගුරුවරු නොසිටිය නිසාත් පහසුකම් නැති නිසාත් නිසි ඉගෙනුමක් නැතුව තනියම ඉගෙනගෙන මහන්සි වෙලා තාක්ෂණික දැනුම පුද්ගලික සමාගම්වල වැඩ කරලා පුද්ගලික ආයතන වලට ලක්ෂ ගණන් සල්ලි දීලා කෝස් කරලා ඒජන්සි වලට ලක්ෂ ගණන් වැය කරලා රට රස්සා හොයාගෙන මහන්සියෙන් වැඩ කරලා හම්බ කරන අසරණ මිනිසුන් යකුනේ
ReplyDeleteඅවුරුදු 33 ක් සවුදි මම ලංකාවේ කොයි ආණ්ඩුව ආවත් රජයෙන් එක රුපියලක් අරනුත් නැහැ දරුවෙකුට කියලා එක රුපියලක දෙයක් රජයෙන් දීලත් නැහැ මේ ආණ්ඩුවේ බලදාරින් අපේ බැංකුවේ තියෙන සල්ලි වලිනුත් WHT කියල බදු කපාගෙන යකෝ ගිය අවුරුද්දේ තොපිට රට ඉඳලා ඡන්දය දෙන්න රියාල් 3,500ක් වියදම් කරගෙන ආවටද තොපි අපට මෙහෙම කරන්නේ යකුනේ අපිට සහනයක් දීපල්ලා හරිම වේදනාවෙන් මේ ලීවේ.😭
Ano, ඔයා වගේ අයගේ වේදනාව නිසි බලධාරීන්ට දැනේවා කියලා ප්‍රාර්ථනා කරන එකයි මටත් කළ හැක්කේ.
Deleteනිදී අද අර පිස්සු අගමැතිනි මල හොල්මන තවත් ගොන් කතා කියලා නෝන්ඩි වෙලා නේද? අර නර්ස්ලාගේ නයිට් ඩියුටි ගැන හරිනි මල හෝන්තුව කියපු ගොන් කතාවත් පෝල්රාජ්ගෙ අමන කතාවට දෙවෙනි නෑ . නයිට් දෙකක් එක දිගට වැඩකරන එක හපන්කමක් නෙවෙයි. ඒ මිනිස්සුන්ට ඒ වෙනුවෙන් වැඩකරන්න අවශ්‍ය staff එක නැත්තෙ ඇයි කියලා බලන්න ඕන ආණ්ඩුව වශයෙන් මොකද පරණ හිටපු හොරු එලවලා අපි මේ ජාජබ පක්ෂය බලයට ගෙනාවේ ඒකට ඒත් කොළඹ මිනිස්සු කැටිපේ සහෝදරයා වගේ වැදගත් මනුස්සයෙක් ගෙදර යවලා කොළඹින් එකට මනාප දීලා එවපු මලහෝන්තුව සමයන් කියව කියව ඉන්නවා. ඒ මිනිස්සු නිදිමතේ දෙන බෙහෙත් වැරදිලා හරි වෙලාවට බෙහෙත් දීලා නැතුව හරි ඒ අය අසනීප වීම නිසා හරි සිද්ධවෙන්න පුළුවන් හානිය ගැන තේරෙන්නෑ. නිකන් ඒ මිනිස්සු මුරුංගා අත්තෙ නොතියා සැබෑ තත්ත්වය තේරුම් ගන්න ඕනේ. ඊයෙ පෙරේදා ලංගම බස් රථයක් ප්‍රපාතයට වැටිලා මිනිස් ජීවිත බර ගණනකට ජීවිතයෙන් වන්දි ගෙවන්න උනෙත් සදාකාලික ආබාධිත වුනෙත් ඒ රියදුරාට දරන්න බැරි දීර්ඝ වෙලාවක් බසය ධාවනය කරන්න වුන නිසායි. ඒ වගේ දීර්ඝ වෙලාවක් ධාවනය වන බසයකට රියදුරන් 3 දෙනෙක්වත් මාරුවට එලවන්න ඕන එකේ එක්කෙනෙක් එළෙව්වම සිදුවුන දේ තමයි ඒ. ඉස්පිරිතාලවල හෙදියන් වෙහෙසට පත්වීමෙන් සිද්ධවෙන මරණ ගැන කියවෙන්නෙ නැත්තෙ ඒ ලෙඩ්ඩු ඒ වෙනකොටත් හිටියෙ ඉස්පිරිතාලෙ නිසයි.
ReplyDeleteමාලිමා රජයේ වැඩි දෙනෙකුගෙන් කියවෙන කතා දුරදිග නොබලා / නොසිතා කෙරෙන වගයි මටත් හිතෙන්නේ. ගැලරියට නං ඒවා හොඳයි; නමුත් හැමෝටම ඒවා දිරවන්නේ නැහැනෙ.
Delete//ඒ වගේ දීර්ඝ වෙලාවක් ධාවනය වන බසයකට රියදුරන් 3 දෙනෙක්වත් මාරුවට එලවන්න ඕන// මේ වගේ වැරදි දිග කාලයක ඉඳන් සිද්ද වෙන්නේ... ඒ හැම එකක්ම සමාජයේ අවධානයට ලක් වේවා- ඉතා ඉක්මනින්.
රැග් එක නවත්වන්න නම් ප්‍රායෝගික විසඳුම් අවශ්‍යයයි. නීතියම නෙවෙයි. අවුරුදු කීපයක් වත් හැම බැච් එකටම හමුදාවෙ දෙතුන් දෙනෙක් ඇතුලට යවලා රැග් දෙන අයට හොඳට සලකන ක්‍රමයක් හඳුන්වා දෙන්න පුළුවන්. අනික රැග් දෙන අයගේ (සහ දුන්න අයගේ ) විස්තර ලබාගෙන වෙබ් සයිට් එකක් හරහා ප්‍රසිද්ධ කිරීම. අර Metoo movement එකේ අවුරුදු ගාණකට එහා වෙච්ච සිද්ධි වලට දඬුවම් දුන්න. ඒවගේ මෙච්චර කල් වෙච්ච දේවල විස්තර හොයලා සාක්කි කාරයො හොයාගෙන නඩු දැමීම. මේකට රජය නොව වෙන සංවිධානයක් පිහිටවලා කරන්න පුලුවන්. එකම දේ Time barred ප්‍රශ්ණය රජය විසින් විසඳා දිය යුතුයි.
ReplyDeleteඅගේ ඇති යෝජනා ටිකක් ඉයන් මහත්තයෝ.
Deleteවඩා හොඳයි නේද විස්තර ඇතිව මේවා ගැන විග්රහ කරමින් post එකක් ලිවීම...
අනාගත විශ්වවිද්‍යාල සිසු-සිසුවියන් වෙනුවෙන්... එහෙම කරන්නකෝ.
@ Ian
Deleteලංකාව වගේ ප්රජාතන්ත්රවාදී රටක ඔය වගේ ම්ලේච්ඡ වැඩ කරන්න බෑ අනෙක එහෙම යන හමුදාවේ අයට විරුද්ධව ජිනීවා මානව හිමිකම් උල්ලංඝනය කිරීම යටතේ වගේම ජාත්‍යන්තර යුධ අපරාධ සම්බන්ධ Geneva convention වගේ ඒවා යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ඒ වින්දිත සිසුන්ට පුළුවන්. ඒ නිසාම හමුදාව ඔය වගේ වැඩ කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ දැන්, ඒ වගේ ජඩවැඩ වලට හමුදාව යොදාගත්තේ 2014 සහ ඊට පෙර අවසාන වතාවට රාජපක්ෂ වනචර දශකය තුල මිනීමරු රාජපක්ෂ රෙජීමය, උන්ගේ ආරක්ෂක ලේකම් මිනීමරු නන්දසේන සහ ෆොන්සේකා ඇතුලු යුධ අපරාධ කරුවන් විසින්, නමුත් 2015න් පසුව නීත්‍යානුකූල ලෙස කටයුතු කිරීම හැර ඔවැනි ත්‍රාඩ වැඩ කරන්න ඉඩක් නෑ. පොලීසිය වුණත් ආයුධ පෙන්වන්නට එක්ක ගිහිල්ල මිනිස්සුන්ව මරණ එක දැඩිලෙස අප්‍රසාදයට පත්ව සිටින හොඳ ප්රජාතන්ත්රවාදී ඒ අතින් යුරෝපීය රටවලට බොහෝ දුරට ආසන්න අදහස් ඇති දියුණු සමාජයක වාසය කරන බව තේරුම්ගත යුතුයි ලංකාවේ ඉන්නවා නම්.
පැහැදිලි කිරීම ගැන ගොඩක් ස්තුතියි ඉයන් මහතාණෙනි.
Deleteහමුදා යොදන එකනම් භයානකයි. ඊට හොඳයි CCTV, Fingerprint දාන ඒවා, කාර්තු අවසානෙ ඇගයීම් වගේ දේවලින් ළමයින්ව ඉගෙනුමටම යොදවන්න වගේ බැලුවනම් තමා හොඳ.
Deleteඔහොම වැඩ කරවන්න හැකි නම් කොච්චර අගෙයිද?
Deleteචන්දිම ගෝමස් මහතාගේ ලිපියට එවා තිබුණු පළමු comment එක නමී කියෙව්වද?
//Lakshika Jayarathna 9 May 2025 at 02:03
මට හිතෙන විදිහට දෙවන වසරෙ සිසුවෙක් රැග් වෙනව කියන්නෙ හුගක් විට ඔය කැම්පස් එකෙන් සීනියර්ස්ල එක්ක කන්ටෑක් එක අයිං කරන උත්සහය අරං වෙන්න ඕනෙ. කෝමත් රැග් කරවන අය ඕක කැඩෙන්න දෙන්නෑනෙ. දෙවෙනි අවුරුද්දෙ හරි කරනව.
අපි කෝමත් නවක වද පනත යටතෙ ලියුමක් අස්සන් කරලනෙ එන්නෙ. ඒකට අනුව නවක වදය දුන්නත් දැනගෙන තොරතුරු වසන් කලටත් අපරාදමය වරදක්
මානසික සෞඛ්‍ය සායනයකට දානව කෙසේ වෙතත් පැය 24ම සතියේ දවස් 7ම ඉන්නව කියල අපිට මුලදි කිව්ව ඩොක්ටත් දැං කැම්පස් එකේ නෑ. එයාල කියන්නෙ කැම්පස් එකේ වැඩ කරන එක එයාලට පාඩුයි කියල
කැමරා දාන එක ප්‍රායෝගික උනත් ඔය කැමරා ඕෆ් කරවන එක අමාරු වැඩක් නෙමේ. ඊට පස්සෙ ටෙක්නිකල් ඉශූස් කියල යට යවනව.
මම දන්න විදිහට නවක වද පනතට අනුව නවක වදයක් වෙනවනං ඒකට ආචාර්ය වරුන් වගකියන්න ඕනෙ. (ඒක නං ලෙක්චර් කෙනෙක් කිව්වෙ)
බොඩි කැම් වැඩේ නං සාර්තක වෙන්න පුළුවං. හැබැයි හුගක් වෙලාවට මාශල්ලත් නවාගන්න සාස්තරේ ඔය රැග් ලීඩර්ස්ල දන්නව.
"ඒ වුණාට දැන්මම දිග කලිසංවලට බැහැලා. ... අසරණ අම්මල තාත්තලාගේ සල්ලි නේද තොපි ඔය නාස්ති කරන්නේ" ඕනෙම පහත් දෙයක් කරලා, අම්මලා තාත්තලා ගැන හිතන බව පෙන්නලා ඒ වැඩේ සාදාරනීය කරන එකත් සමහරුන්ගෙ strategy එකක්.
ReplyDelete"ඊට පස්සේ ඒ ඔක්කොම එකට අනන්ඩ. ඊට පස්සේ එක එක බත් ඇටේ ගණනේ අරගෙන කන්ඩ"..... "කැන්ටිමෙන් උදේ කනකොට කලාබරතුමා දෙතුන් දෙනෙක්ගේ පිඟන්වලට වතුර දාන්නේ...." මේවා කරන්න පුලුවන්ද අප්පා සාමාන්‍ය සිවිල් සමාජයේ මිනිස්සුන්ට. අනිවාර්යෙන්ම මානසික ලෙඩ්ඩු මේ.
හත් අට දෙනෙකුට හරි නීතියෙන් නියම දඬුවම් දෙනවනම්, ටික කාලෙකට හරි මේවා නවත්තන්න පුලුවන් ඒ අතර තුර අවශ්‍ය අනිත් institutional arrangements හදාගන්න කම්.
Lotus, සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ගිය මගේ ඥාති දියණියක් ඔය බත් සේරම අනල කන කතන්දරේ එක තවත් 'වදයක්' ගැන කිව්වම මට වමනේ යන්නත් ආවා.
Deleteඑක ටොෆී එකක් කටේ දාලා තවත් අයට සූප්පු කරන්න දීම...
ඇත්තටම මේ වදේ නවත්තන්න ඕනිකමක් නෑ වාගෙයි මට පෙනෙන්නේ. එහෙමත් නැත්තං අදෘෂ්‍යමාන බලවේග ක්‍රියාත්මක වෙනවද මන්දා. කෝ දැන් චරිත් දිල්ෂාන් වෙනුවෙන් නැඟුණු රැල්ල... හැමෝම සද්ද වහලා වගෙයිනෙ!
ඉයන් මහතාගේ comment එක කියෙව්වද Lotus?
"නවක වදයේ තව පැත්තක් ගැන; එහෙමත් නැත්තං සුන්දර පැත්ත ගැන ලියවෙච්ච පොස්ට් එකක ලින්ක් එකකුත්...." මොන සුන්දර පැත්තක්ද නිමල්. ඒ පෝස්ට් එකේ දලා තියෙන නවක වදය අතරතුර ගත්තා කියන fotosවල ජූනියර් සිසුන්ගෙ body language එක බලන්න. "සුන්දර පැත්ත" හිතාගන්න පුලුවන්. ලැජ්ජා නැතුව තව කයිවාරු පෝස්ට් දාලා 😒. අනිත් එක ඒ පෝස්ට් එකේ කියලා තියෙන 'බස් ටිකට් පාරෙ දාන්නෙ නැතුව ඉන්න පුරුදු වුනා, සාමුහිකත්වය පුරුදු වුනා' වගේ කතා එක තත්පරයකින් debunk කරන්න පුලුවන්.
ReplyDelete"ඒ කැපවීම කරන්න ඕන කවුරුත් රැග් එක කියල හඳුන්වන දෙයට අපෙත් සම්මාදම ලබා දීලා". හිකි හිකි හිකි... මේවා හොඳයි comedy showsවල කියන්න.
රජයේ උසස් රැකියාවල හිටියත්, හොඳ පවුල් ජීවිත තිබුණත් (allegedly), I am pretty sure their lives are miserable. අනිත් එක තමයි සාමන්‍යයෙන් හොඳ ජීවිත ගත කරන අයට ස්වබාව දර්මයේ කොහෙන් හරි අමාරු වෙලාවට පිහිටක් ලැබෙනවා. (මම මෙතන හොඳ ජීවිත කියන්නෙ සිල් රෙදි පෙරවීමවත්, තපස් රැකීමවත් නෙවෙයි). ඔය වගේ වධකයින්ට, වධය justify කරන අයට ජීවිතේ කවදාවත් ඒ වගේ පිහිටක් ලැබෙයිද??
සිත්තරීට විශ්වවිද්‍යාලයේදී සොඳුරු අත්දැකීම් විතරක් ලැබෙන්නත් ඇති සමහරවිට.
Deleteහැබැයි- එයාගේ post එකේ අදහස්වලට එකඟ නොවෙන commentsවලට සිත්තරී ලියා තිබෙන උත්තරවලින් නං පෙනෙන්නේ (විස්සවිජ්ජාලෙට ගියත්) ඇය විරුද්ධ මත ඉවසන්නටවත් පුහුණුවක් ලබා නැති බවයි. (ඒ මගේ මතයයි. මම වැරදි වෙන්නත් හැකියි.)
ඒ post එකේ link එක බකුසුතුමා එවන්න ඇත්තෙත් 'නවක වදයට' කැමති අයත් ඉන්න බව පෙන්වන්න වෙන්නැති.
එයට කැමති- අකමැති දෙපැත්තේම අදහස් සමාජගත කරන්නයි මම ඒ ලිපි දෙකේ links ලිපියට යොදාගත්තේ; සංජානාගේ සටහන වාගේම.
Lotus, අද නං ඔයාගේ ඉවසීම ටිකාක් විතර අඩු වෙලා!
Delete(සභාවේ සිනා!)
රැග් වෙන්න කැමති මානසික ආබාධිතයන්ට වෙනම තැනක් හදල දෙන්න විශ්වවිද්‍යාලයෙන්, උන්ගෙන් ලිඛිත කැමැත්ත සහ වගකීමෙන් මිදීමේ සහතිකයට අත්සන් අරගෙන . අනිත් අයට රැග්කරන කාලකන්නි පිස්සන්ට විරුද්ධව අපරාධ නීතිය යටතේ ක්‍රියාකරන්න
Delete//ඒ post එකේ link එක බකුසුතුමා එවන්න ඇත්තෙත් 'නවක වදයට' කැමති අයත් ඉන්න බව පෙන්වන්න වෙන්නැති//
Deleteනෑ, මම ඒ ලින්ක් එක එව්වෙ පාස්-අවුට් වෙච්ච නවක-වධකයො, අමානුසික නවක-වධය සාධාරණීකරනය කරන විදිහ පෙන්නන්නයි.
Pray Jayගෙ අදහස හොඳයි. කැමති අයට හිතේ හැටියට වධයට භාජනය වෙලා, සාමුහිකත්වය, සමානාත්මතාවය ඇති කරගෙන, අන්තිමට ඕනෙ නම් "බුදු සරණායි" කියාගෙන වැඩේ ඉවර කරන්න පුලුවන්නෙ 🤣 (ලංකාවෙ කට්ටිය ඕනෙ දෙයක් ඉවර කරන්නෙ එහෙමනෙ).
Deleteනිමල් ඒ ලින්ක් එක දැම්මෙ ඇයි කියලා මට තේරෙනවා; ඕනෙ දෙයක් ගැන විවිධ අදහස් අපි අතර තියෙනවනෙ. නමුත් මේ වගේ විවාදාත්මක, මරණයෙන් පවා කෙලවර වුනු සිදුවීම් එහෙම sugarcoat කරන්න අවශ්‍යද කියලා මම හිතුවෙ 🤔
Pra Jay මහතාගේ යෝජනාවට මමත් ඉතා කැමැතියි!!!!!!!!!!!!
Deleteනවක වධයට කැමැත්තෝ මේ මතය පිළිබඳව ඔවුනගේ අදහස් අපටත් කියත්වා!!!!!!!!!!!!
ස්තුතියි බකුසාණෙනි, පැහැදිලි කිරීම ගැන.
Deleteබුදු සරණයි Lotus, ඉවර කරන්න නෙවෙයි- තවත් අදහස් දක්වන්න.
Deleteඉස්සෙල්ලා උත්තරයට දිගුවක් මේ.
Deleteපරස්පර මත ගැටෙනකොට ඇත්ත නිකංම උඩට මතුවෙන බවයි මා දැක තිබෙන්නේ... Lotus.
ඔව් නිමල්, ඕනෙම ප්‍රශ්ණයක් විසඳගන්න පළවෙනි ස්ටෙප් එක ප්‍රශ්ණයක් තියෙන බව acknowledge කරලා, ඒ ගැන කතා කරන්න පටන් ගන්න එක කියනවනෙ (මෙතන වධයට පක්ශ අයගේ අදහස් මොකුත් නෑ නේද).
Deleteඒක නේන්නං... හරිම පුදුමයි නේද?
Delete