F***ing
twice a week is good for your health.
ආන්න එහෙමයි උඩ්ඩ්ඩ්ඩම පේළියේ තිබ්බේ.
සතියකට
දෙසැරයක්... සරීර සවුක්කියට හොඳයි?
ඒකත් නරකම නෑ!
බලමුකො ඊළඟ පේළියේ මොනවද කියල තියෙන්නේ කියල.
F***ing refreshes you. |
ඈෑෑෑෑෑෑ... ‘... ඔබේ මනසට හා සිරුරට නියමාකාර සැහැල්ලුවක් ගෙන දෙයි.’
මේක කියපු එකාට නං අන්ධ කයිප්පු කැවිලා. සැහැල්ලුව කොහොම වෙතත් දැනෙන මහන්සිය නං...
ඉක්මන් වෙන්නෙ නැතිව ඊළඟට තියෙන දේවලුත් කියවල බලහං යෝදයෝ. මට හිතුණා.
F***ing
refreshes you.
After F***ing don’t eat too much, go for more liquid.
හැබෑවටම ඒකෙන් අපිව නැවුම් කරනවද?
ඒ මදිවට මොකක්ද මේ කියන්නේ? ඊට පස්සේ වැඩිය කෑම ගන්න එපාලු- වැඩියෙන් දියර ජාති
බොන්නලු! ඊටත් පස්සේ තියෙන්නේ කලින් කියපු දේවල්වලටත් වැඩිය වඳුරු කුණුහරුපයක්.
When
F***ing try to stay in bed because it can save you valuable energy.
හැමෝටම ඇඳන් තියෙනවයැ? පැදුරේ සැතපෙන මිනිස්සු කොච්චර ඉන්නවද... එතකොට එයාලගෙ
ශක්තිය ඉතිරි කර ගන්න වෙන්නෙ...? කමක් නෑ, කමක් නෑ... මෙච්චර දුරක් කියවගත්ත එකේ
ඉතිරි කාරණා දෙකත් කියවලම හිටපං නිදියො..
F***ing
can even reduce your cholesterol level.
ඒකත් මරුනේ අම්මපා! කොලෙස්ටරෝල් මට්ටමත් බහිනවලු F***ing කළාම. මාර කෙළියක්නෙ යකඩෝ
මේ.
ඊට පස්සේ තියෙන්නේ නං ටිකක් විතර තේරුම් ගන්න අමාරු වාක්කියක්.
F***ing make you more committed and you can be sensitive and receive from
above. බලමු ඩික්ෂනරියවත් පෙරළලා. commit- බාර දෙනවා, පවරා දෙනවා, බැඳෙනවා. (more
committed කියනකොට මං හිතුවේ ‘වැඩියෙන් කැපවී’ කියලනේ.)
එතකොට sensitive?
ඒ
වචනෙට දීලා තියෙන තේරුම් ටික තේරුම් ගන්න නං, තව පොතක් හොයා ගන්නයි වෙන්නෙ. ඔයාලත්
කියවල බලන්නකො මේ අප්‍රභංශේ තේරෙනවද කියලා.
‘වහා හැඟීම් ඇති වන; ක්ෂිප්‍රග්‍රාහී; සංඥාප්‍රකාශක; සියුම් ඉඳුරන් ඇති; ඉක්මනින්
කිපෙන, කලබල වන හෝ ප්‍රකෘතිය වෙනස් වන...’ ආච්චිගෙ රෙද්ද!
මෙන්න
එහෙනං ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය පාඨක පිරිසට කෙරෙන විනෝදාත්මක ආරාධනයක්.
තරහ නැතිව ‘F***ing make you more committed and you can be sensitive and receive
from above.’ කියන වාක්‍යය සිංහලට පෙරළලා එවන්නකො comment එකක් විදිහට.
මොකද
දන්නවද ඒ වගකීම දයාබර ඔයාලට පැවරුවේ. කණා බල්ලන් ගහනවා වගෙ වැඩ කරන්න හොඳ නැති
නිසා. නොදන්නා දෙමළෙට ගිහිං වරිගේ නහ ගන්න මං වහන්සේ අකැමැති නිසා. (අද කියන්න යන සිද්දියත්
එහෙම වැරැද්දක් ගැනයි.) ඊට කලින් මෙන්න කියාගෙන ආව කතන්දරේ ඉතිරි විස්තර කියනවා.
අන්තිමටමනේ- තද කළු
අකුරෙන් මෙහෙම වාක්කියකුත් කොටු කරලම දාල තියෙනවා දැක්කේ! |
බොලේ,
අන්තිමටමනේ- තද කළු අකුරෙන් මෙහෙම වාක්කියකුත් කොටු කරලම දාල තියෙනවා දැක්කේ!
So Remember: FASTING is good for your health.
ඇත්තනේ! උපවාස කිරීම
කාගෙත් සෞඛ්‍යයට හිතකරයි නේන්නං.
මම නං ඒ කාරණේ අත්දැකීමෙන්ම දන්නවා. වැරදි බෝනස්
එකකුත් එක්ක මට හම්බ වුණු මල්ටිපල් මයෙලෝමාව පාලනය
කෙරිලා තියෙන්නේ ඔය ‘උපවාස කෙරුවාව’ හින්දා කියලයි මං හිතන්නේ. ‘පිළිකා සෛලවල
පැවැත්මට රුධිරයේ සීනි උපකාරී වෙයි’ කියන කාරණේ තමයි, දොස්තර
අයස්මන්ත පීරිස් හිතවතා
පුන-පුනා මට මතක් කරන්නෙ. “ඒක නිසා සිරුරේ සීනි නැති වුණාම පිළිකා සෛල අඩපණ වෙනවා, මී හරකෝ!”
මා ‘ගෝඨාගෝගමේ අරගලය
දිනවල ගෝල්ෆේස් පිටියේදී... |
“ඔව් නිමල්, දැන් ඔයා පරෙස්සං වෙනවා අඩු පාටයි! හිනා වෙලා හරි යන්නේ නෑ.” ඒ ගමන
සංවිධානය කළ WAL Constructions අධිපති ප්‍රියන්තත් පීරිස්ට උඩගෙඩි දෙයි.
“ඔයාට
ඕනි නං fasting කරන එක මහ ලොකු දෙයක් නෙවෙයිනේ, නිමල්.” ප්‍රියන්ත කියන්නේ ඇත්තය. මට
fasting කිරීම පුරුදු නිසාමය මා ‘ගෝඨාගෝගමේ අරගලය දිනවල ගෝල්ෆේස් පිටියේදී පැය
68ක අඛණ්ඩ උපවාසය’ක පවා යෙදුණේ.
“දන්නවද
නිමල්, කාලෙක ඉඳලම මමත් පැය අටක් ඇතුළෙයි කන බොන සේරම කරන්නේ.” ප්‍රියන්ත කිව්වේය.
“ඔයත් අඩුම ගණනේ එහෙමවත් කරනවා නං නිමල්... නේද පීරා?”
මේ
හිතවතුන් සේරමලා හදන්නේ නිමල් දිසානායකයාව තව කාලයක් ජීවත් කරවන්නටය. ඒක හොඳය.
වැරැද්ද තියෙන්නේ මං වහන්සේගේ මුරණ්ඩුකමේය.
දවස් කීපයක්ම බත්- පාන්- අල- බතල පිටි ආහාර නොගෙන ඉඳින විට මගේ පෙරේතකම ඉස්මතු
වෙයි. මස්- මාළු- එළවලු ආදියෙන් බඩ පිරුණත් හිත පිරෙන්නේ නැති හැටි! ඉතිං, මේ
ලියන්නා කරන්නේ ‘උගේ දොළදුක සංසිඳවා ගන්නා එක’ය.
ඒත්
වාසනාව තවමත් මගේ පැත්තේය!
රූපවාහිනිය-
අන්තර්ජාලය හා ජංගම දුරකථන නිසා අද කාලේ එහෙම ‘වැරදිවලින් බේරිලා ඉඳිල්ල’ ලේසි
නැත. අරවා කන්න- මේවා බොන්න- අරහෙම කරන්න- මෙහෙම කරන්න... කඩවසම් හාදයෝ අපට කියති;
රූබර අංගනාවෝත් දිගින් දිගටම කියති; වැලපෙති. මොන හිතකින් ඒවාට බැහැයි කියන්නද
දෙයියනේ?
ඊටත් හපන් වැඩේය කියන්නේ- උපවාසය කරන දවස්වලට අලුත් කෑම ජාති අත්හදා බලන්නට මේ
ගොබිලාට හිතෙන එකය.
අද
ලියන්නට යන ‘ජංජාලය’ සිද්ද වුණෙත් එහෙම හිතුණු වෙලාවකය!
ඇලේ- දොළේ- වෙළේ ළිඳේ
සීතල වතුරෙන් නාලා, වෙල් එළියේ- කමතේ ඉඳගෙන... |
‘ශා ඔන්න මම කියවන්න ගත්තා. පටන් ගැන්මම රසවත්. කොන්ඩ
කැවුම් ගැන කියද්දී නම් හිනාත් ගියා. මමත් දැන් අවුරුදු 3කට
විතර කලින් පොඩි ට්‍රයල් එකක් කළා. You Tube බල
බලා. හම්මේ රස නම් ඉතාම ඉහලයි. ඒත් කොන්ඩෙ ගැන නම් කියලා වැඩක් නෑ. එක එක කැවුමට
එක එක කොන්ඩ මෝස්‌තර. අපේ මහත්තයා නම් මගේ අක්කලාට හිටන් කිය කියා හිනාවුනා,
පොලොසියෙන් ගුටි කාල වගේ මගේ කැවුම් ටික කියලා. කැවුම් ටිකට පින් සිද්ද වෙන්න ඇති
තරම් හිනා වුනා ඒ දවස්වල. ඔයාගේ කතා කියවන්න ගිහිල්ල මගේ අතීතෙත් ඔන්න ටික ටික
මතක් වෙන්න අරගෙන.’
ජනවාරි
තිස් වෙනිදා මම ලියෝනිට ලියපු උත්තරයයි මේ:
‘ඔයා ඔය තරමින් බේරිලා.... ලියෝනි, මට ගිය සතියේ ඔහොම දෙයක් කරන්න
ගිහිං වෙච්චි අකරතැබ්බයක් ළඟදීම ලියන්න හිතුණා, ඔයාගේ
හිනා කන කමෙන්ටුව කියවලා.
ස්තුතියි!’
දන්නවනෙ,
අපි අතීතකාමී මිනිස්සු. අපි ඉස්සර දේවල්වලට ගොඩක් ආදරෙයි- ගොඩාරියක් කැමතියි.
සේරම පහසුකම් තියෙන කොන්ක්‍රීට් මාලිගාවල හිර වෙලා ඉන්න ගමන්, අපි වරිච්චි බිත්ති තියෙන
පැල්පත්වල ඉන්න විදිහ හීනෙන් දකිනවා. ඇලේ- දොළේ- වෙළේ ළිඳේ සීතල වතුරෙන් නාලා,
වෙල් එළියේ- කමතේ ඉඳගෙන ඇඹුල රස විඳින්න පෙරුම් පුරනවා.
මමයි කියලත් කිසිම වෙනසක් නෑ තමා. මාත් ඒ ගොඩේම තමා...
ඉතිං
මේ අවුරුද්දෙ මුල දවසක You Tube එකෙන් මගේ ඇහැ ගැටුණා කුකරි වැඩ සටහනක්. ‘අද
වෙද්දී අපෙන් ගිලිහී ගිය බකිනි කැවුම් -ක්‍රම දෙකකින්’ කියලයි ඒ program එක Roo Eats එකෙන් හඳුන්වලා දීලා තිබුණේ.
බකිනිත් බක්කක්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මට නං ඔහොම දේවල් තදින් හිතට වැදෙනවා.
ඉවුම්-පිහුම් ගැටළුවක් ආවහම- අලුතින් දෙයක් දැනගන ඕනි වුණහම මං වහන්සේ ඉස්සෙල්ලම
අතට ගන්නෙ ‘ගුණසේන සූප ශාස්ත්‍රය’ පොත. ඒ පොත අරගෙන බැලුවා. ම්හු! බකිනි කැවුම්
ගැන කිසිම සඳහනක් ඒ පොතෙත් නෑ!!
බකිනි මල් කොයි වගේද
කියල...
|
නුවර පාරේද, කුරුණෑගල පාරේද කියලා නං හරියට නිච්චි නෑ. ඒත් ඒ පාරවල් දෙකින් එකක-
දකුණු පැත්තේ තියෙන බත් කඩේකට අවුරුදු පහළොවකට විතර ඉස්සර දවසක අපි ගියා කෑම කන්න.
“අතන පාරෙන් එහා පැත්තේ තියෙන්නේ බකිනි ගහක්! අඳුරනවද?” එහා පැත්තේ මේසයේ වාඩිවෙලා
කෑම ගනිමින් උන්නු වැඩිහිටියෙක් එයාගෙ පලෝලේ සගයෙකුට කියනවා මට ඇහුණා.
ඉක්මනට
කෑම කාලා එතුමා ළඟට ගිහිං, මං උන්නැහේගෙන් ඒ ගහ ගැන විස්තර අහගත්තා. දැක ගත්තත්
එක්ක. හැබැයි එදා ඒ ගහේ මල් තිබ්බේ නෑ.
‘බකිනි
ගහේ බකිනි මලෙන් පාර අහන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට ගෙදර තියෙන්නේ’,
‘...බක්මී මල වට බඹරු නටනවා- වරද මලේ සුවඳද
අම්මේ’ වගෙ සිංදුවලින් කියවෙද්දීවත් බකිනි මල් කොයි වගේද කියල හොයන්න මට නොහිතුණු
එකනෙ පුදුමේ!
අද
නං ඔන්න මේ post එක ලියන එකත් නවත්තල ජාලේ පීරුවා. පුදුමෙ කියන්නේ දැනගෙන හිටි;
ඒත් යටපත් වෙලා තිබණු සමහර කාරණාවල් දැන් මගේ මතකයට ඉබේම ගලාගෙන එන එක!
එහෙම එක කාරණාවක් බදුල්ලේ සෝම පුංචිගේ ලොකු දූ අනෝමා මානෙල් නංගිගෙනුත් අහල තහවුරු
කර ගත්තා- ඔයාලට කියන්න කලින්. (ස්තුතියි අනෝමා නංගි.)
ඔයාලා
මගේ උපන් ගමට; බදුල්ලට යන වෙලාවක ‘මුතියංගන රජමහ විහාරය’ට ගියොත් ‘බක් මී’ ශාඛයක්
දැක ගන්න පුළුවනි. මොකද, මුතියංගන පුද බිමේ ‘අටවිසි බෝධීන් වහන්සේලා’ම රෝපණය කරලා
තියෙන නිසා. බක් මී ශාඛයත් අටවිසි බෝධිවලින් එකක්. සුමේධ බුදුරජාණන් වහන්සේ
බුද්ධත්වයට පත් වෙලා තියෙන්නේ බක් මී ගහක් යටදී.
ඉතිං,
කම්පියුටරේ ඉස්සරහින් වාඩි වෙලා, You Tube එකෙන් ‘බකිනි කැවුම්’ වීඩියෝව බලන අතරේම
මම අවශ්‍ය ද්‍රව්‍යත් ලියා ගත්තා. ‘මහ ලොකු දේවල් ටිකක් නෙවෙයි ඕනේ කරන්නෙත්’.
හාල්
පිටි ග්‍රෑම් 250
බැදගත් සූදුරු ඇට ටිකක්
බැදගත් හාල් කප්පි ටිකක්
කිතුල් පැණි/ උණු කරගත් හකුරු හෝ කැරමල් කරගත් සීනි
සව් ඇට ග්‍රෑම් 200
ඕනි
කරන දේවල් එකතු-පහදු කරගෙන, Roo Eats වීඩියෝවේ කියන හැටියට මං ‘බකිනි කැවුම්වලට
පිටි අනාගත්තා’. ඊළඟට වැඩේ අනාගන්නේ නැතුව කැවුම් ටික ගුළි කරලා- සව් ඇට දවටලා වඩා
ගත්තා. කියන විදිහටම බැද ගත්තේ ඊට පස්සෙයි. ඒ සේරම කරලා, වතුර ටිකක් රත් වෙන්න
තිබ්බේ තේ හදන්න. ‘මෙලහට නෙවිලුත් මෙහාට එන ගමන්, මඟ ඇත්තේ. මානෙල්ලගේ ගෙදර යන්න
කලින්- තේ එකක් බීලම යනවා.’ කේතලේ රත් වෙන අතරේ සූදානං වෙමින් මං හිතුවා.
බකිනි කැවුම්!
ඉන්ටර්නෙට් එකෙන් බලලා හැදුවේ! |
“ඔහෙලට
ඔව්වා දකින්නවත් හම්බ වුණොත් ඉතිං දි..සා..නා...ය..ක..ලගේ දිහාවෙදි තමයි. දන්නවද
මොනවද කියලා... බකිනි කැවුම්! ඉන්ටර්නෙට් එකෙන් බලලා හැදුවේ.”
“ඉතිං තමුසෙ මටද මේවා ඉස්සෙල්ලම කන්න දීලා බලන්නේ?”
“ඔච්චර බයද මිනිහෝ මැරෙන්න? බය වෙන්න එපා. පැය බාගෙකට කලින් මං එකක් කාලා ඉන්නේ.
කාලා බලනවකො.”
“පෙනුම නං ලස්සනයි!” Test එකේ පළමුවෙනි කඩඉම හරි. “හ්ම්... රසත් හොඳයි. පැණි රහ
අඩුවෙන් හැදුවොත් තවත් හොඳයි- විශේෂෙන් ඔයාට.”
අපි
එදා මානෙල්ල ගෙදර යනකොට, එයාලටත් බකිනි කැවුම් ටිකක් අරගෙනයි ගියේ.
එයාලගේ ප්‍රතිචාරත් positive!
“හැබැයි ලොකා, දැන් කාලේ ගොඩක් දෙනා කෑම ජාති හදද්දී සීනි එකතු කරන්නේ අඩුවෙන්.” සීනි
පාවිච්චියක් ඇත්තෙම නැති අපේ මානෙල් එකතු කිරීමකුත් කළා.
ඉතිං-
එදාමයි මම හිතා ගත්තේ, ජනවාරි 26-28 දවස්වල යන්න තියෙන ට්‍රිප් එකට පැණි රහ අඩු බකිනි කැවුම් ටිකක්
හදාගෙන යන්න.
පළවෙනි දවසේ Sky Deck එකේ
කෑම්පින්. දෙවෙනි දවසේ සූරියකන්දේ Centauria Eco Bungalow එකට
යනව. |
‘එහෙව් එකේ බකිනි කැවුම් ටිකක්වත් හදාගෙන ගිහිං...’
ඉතිං
ජනවාරි 24 වෙනිදා උදේ මං වැඩේ පටන් ගත්තා.
සීනි කැරමල් කරලා පැත්තකින් තිබ්බා. හාල් කප්පියි, සූදුරු ඇටයි කබලේ බැදලා ගත්තා.
හාල් පිටි පැකට් එක නං ගෙනාවේ කඩෙන්.
අතිරසවලට
පිටි අනන විදිහට අනාගන්න කියලනේ වීඩියෝවේ කියන්නේ.
ඔව්
ලියෝනි- මාත් එහෙම කළා. පදම හරි. කැරමල් කරපු සීනි යහමින් තියෙද්දිත් අඩුවෙනුයි, මං
එකතු කළේ. ඒ, මේ වතාවේ බකිනි කැවුම් පැණි රහ අඩුවෙන් හදන්න හිතාගෙන උන්නු හින්දා.
පිටි මිශ්‍රණයෙන් පොඩ්ඩක් කාලත් බැලුවා. ‘යන්තමටයි පැණි රහ තියෙන්නේ. මේ ගණන මදැයි!’
වෙලාව
ගතවෙන වැඩේ තමයි පිටි ටික ගුළි කරගන්න එක. ලකයක් ඇතිව; සේරෝම එක ගණනට; හීං නාරං
ගෙඩි තරමට ගුළි කළා- සව් ඇටත් දැවටුවා. (පොලිසියෙන් ගුටි කාපු විදිහේ එක එක පන්නේ කොණ්ඩ
කැවුම් වගෙ නෙවෙයි. ගුළි සේරෝම එක වගෙයි.) ඊළඟට ඉතිං බැද ගැනිල්ල.
වෙහෙරක් ගිල්ලට පස්සේ අග්ගලාවක් ගිලින එක මහ කජ්ජක්ද? බකිනි කැවුම් 125ක් විතර
බැදලා ඉවර කරලයි නිමල් දිසානායකයා පස්ස බැලුවෙ.
වැඩි
වෙලාවක් හිටගෙන හිටියම, මගේ කකුල් මැඩ්ලින් ගහන්න පටන් ගන්නවනෙ!
ඒ විත්තියත් නොතකා, තේ එකකුත් හදාගෙනමයි මං වාඩි වුණේ. ඒ වෙලාවේ කවුද Fasting ගැන
යන්තමටවත් මතක් කරන්නේ? ඒත් වැඩිය නෙවෙයි, බකිනි කැවුම් දෙකක් විතරයි මං වහන්සේ පීරිසියකට
දාගත්තේ.
හෑෑෑෑෑෑෑෑෑෑෑ!
මොන හත්තිලව්වක්ද යකඩෝ මේ?
මගේ දත් වහල්ලට මොකක්ද දෙයියනේ මේ හදිස්සියේ වෙලා තියෙන්නේ... කැවුම හපා ගන්න බෑ!
බලමු අනිත් හක්කට තියලා... ම්හු. ඒත් එහෙමයි. ගල් ගෙඩියක් හපනවා වගෙයි යකෝ!
වැඩියෙන්
බැදිච්ච කැවුමක්ද? / නෑනේ! එකම විදිහට රන්වන් පාටටනෙ ඔය තියෙන්නේ. / බලමු තව එකක්
අරං. / මොන? ඒකත් ඒ වගේමයි. බකිනි කැවුම් නෙවෙයි, මෙව්වා යකඩ මූනිස්සම්! හපනවා
තියා එහෙම කරන්න හිතනවාවත් බොරු! නිකං මොකටද දත් කඩා ගන්නෙ... ඊටත්, මගේ දත් වහල්ල
හොඳටෝම දිරාපත් වෙලා තියෙන්නේ, ඇටකටුත් එක්කම.
අනුන්ට හිනා වෙනවා වගෙ
තමන්ටමත් හිනා වෙන්න පුළුවන්කම තියෙන්නේ අපි අතරෙන් කීයෙන් කී දෙනාටද? |
ඔව් හිතමිත්‍රාදීනි. කියන්න ආඩම්බරයි... ප්‍රතිඵලය බිංදුවයි! යකඩ කැවුම් එහෙම්මමයි- චුට්ටක්වත් පෙඟිල
තිබ්බේ නෑ හලෝ.
Trip
එක නං ගියා. හැබැයි, මං 'යකඩ බකිනි කැවුම්' ටික නම් ගෙනිච්චෙ නෑ. එහෙම කළත්, වෙච්චි
සංගදිය පස්සේ මගෙම කටින් එළියට පැන්නෙ සභාවේ සිනා ගොඩක් මැද්දේ.
මං එහෙමයි. මට වෙන වැරදි මමම කියල දානවා; මටම හිනා වෙනවා. අනුන්ට හිනා වෙනවා වගෙ තමන්ටමත්
හිනා වෙන්න පුළුවන්කම තියෙන්නේ අපි අතරෙන් කීයෙන් කී දෙනාටද?
අවුරුදු
පනහකට කිට්ටු කාලයක් තිස්සේ මගේ ළඟ ‘අතැඹුලක් සේ’ තියෙන පොතක් ගැන මං කිව්වා
මතකයිද? සිංහල සාහිත්‍ය විශ්ව කෝෂය!
ඒ පොත මට උගන්නපු කවියක් මේ:
කා
හටත් වරදී
ඉන් දොස් කීම වැරදී
මා හට නොවරදී
කියන අය හට නිතර වරදී
‘මට
වැරදෙන්න ඉඩ තියෙන බව’ දැනගෙන උන්නු මං ‘බකිනි කැවුම් වැඩේ වැරදෙන්න හේතු’ හොයන්න
පටන් ගත්තා. පළමුවෙනි සහ ලොකුම වැරැද්ද තමයි, එක කැවුමක් බැදලා- ඒක කාලා බලන්නේ
නැතිව මුළු lot එකම හදපු එක! (පළමුවෙනි සැරේ වෑයම හරි ගියා වුණත්... දෙවෙනි සැරේ වරදින්න
ඉඩ තියෙනවය කියල හිතන්නයි තිබ්බේ!)
බකිනි
කැවුම් ගල් වීම ගැන මං අහපු ප්‍රශ්නවලට උත්තර ජාලයේ තිබුණේ නෑ. අතිරස හදද්දී විය
හැකි වැරදි ගැන නං Roo Eats වීඩියෝවකම තොරතුරු තිබුණා. ඒකෙන් කියැවුණු විදිහට නං ‘අතිරස ගල් වෙන්නෙ සීනි මදි
වුණාම!’. සීනි මදි නං කැවුම් පිපිරෙන්න බලනවා කියලත් ඒ වීඩියෝවෙන්ම කියැවුණාම, නිමල්
දිසානායක උන්නැහේ එයාටම ටොක්කක් ඇනගත්තා, පුරුද්දේ විදිහට.
මං හදපු බකිනි කැවුම් ඔක්කොම යන්තමට පුපුරලත් එක්කයි තිබ්බේ, මං ඒ තරම් ගණන් නොගත්තට.
‘හොඳ
වැඩේ නිදියො තමුසෙට වුණේ. උයනකොට තුනපහ, දුරු මිරිස් අඩුවැඩි වෙනවා වගෙ නෙවෙයි මී
හරකෝ, කැවිලි- පෙවිලි හදද්දී. ඕනි කරන දේවල් තමුන්නෙ හිතුමතේට අඩුවැඩි කරන්න
ගියොත් කෙළවෙනවා. ආන්න ඒ පාඩමත් අමතක නොකර හිතේ තියා ගනිං, අද ඉඳලා.’
‘එහෙමයි’ මං සිරස නමලා ඒ අවවාදේ හිතට ගත්තා ඕං෴0෴