මං හිටිය අවදානම් තත්වේ ගැන
හිතා ගත්තහැකි නේද? පිටි පස්සෙන් සිංහය! ඉස්සරහින් කිඹුල! වම් පැත්තෙන්.... |
මගේ මතකය අලුත් කර ගන්නත් එක්ක,
දන්නා පින්වතෙක්- පින්වන්තියක් කියනවද ‘නරි
අඟ’ ගැන විස්තර?
පහුගිය කොටසේ අන්තිමට මංතුමා ඔබතුමන්ලාගෙන්
ඉල්ලා හිටියේ ගෞරව පුරස්සරව බහුමානයෙන්! අනේ, කියන්නත් සන්තෝසයි- ඉතාම හොඳ ප්‍රතිචාර
ලැබුණා.
Sam Perera රසික හිතවතා එදාම, නරි අං ගැන
අංග සම්පූර්ණ විස්තරයක් දිගෝම- දිග comment එකක් විදිහට එවලා තිබුණා. ඒ කමෙන්ටුවේ
දිග දැකලා වෙන්ටෝනි, D.G.M බස්සා මහත්තය
මෙහෙම ලියා තිබ්බේ. “යකඩෝ,
මේකෙ පෝස්ට් ඇතුලෙ පෝස්ට් නොවැ? ස්තූතියි.”
කොහොමෙන් හරි ‘නිදිගෙ පංච තන්තරේ’ පාඨක
භවතුන්ට විතරක් නෙවෙයිනෙ මෙහෙම සටහන්
කිරීම්වලින් සෙතක් වෙන්නේ. අනාගතයේ දවසක මේ තොරතුරු හොයන අයටත්...
ඒ නිසා මේ පින්කම්වලට සම්මාදම් වෙන හැමෝටම ස්තුතියි කියල, ඔන්න පොතට යනවා. හොඳේ!
මං හිටිය අවදානම් තත්වේ ගැන
හිතා ගත්තහැකි නේද?
පිටි පස්සෙන් සිංහය! ඉස්සරහින් කිඹුල! වම් පැත්තෙන් හැඩ පාර ඇති ගඟ! දකුණෙන් මහ ප්රපාතයක්!
ඊට පස්සේ දැනගන්න ලැබුණ, ඒකත් සර්ප විමානයක් කියල.
මගේ ඔළුව රත් වුණා. ඇඟට පණ
නැතුව ගිහිල්ල, ගහ කඩා එලුව වගේ එතැනම ඇද හැලුණ.
මම හිටියෙ, දැන් දැන් එක්කෝ සිංහයා චිරි චිරි ගාල මාව විකාවිය කියල- නැත්නම්
කිඹුලා ගෙඩි පිටින් ගිල දමයිය කියල. තත්පර තුන හතරක් ගියා....
මගෙ ඇඟට කිසි වේදනාවක් නොදැනුණට ඇහුණ නපුරු ගෙරවිල්ලක්!
මේ බයානක සතුරෝ දෙන්නම පරද්දලා ටිකක් වෙලා යනකොට මට මොනව උණාද කියල හොයාගෙන.... |
මම එතෙන්ට පැන්නෙ කඩුව ඇදගෙන.
එක කඩු පාරයි ගැහැව්වෙ.
සිංහයගෙ ඔළුව කිඹුල් කටේ- කඳ කෑල්ල මගෙ පාමුල වැටුණ. තුවක්කු වල්ලෙන් ඇනල ඇනල ඔළුව
කිඹුලගෙ උගුරෙන් පල්ලට තල්ලු කළා.
කිහි හෙලවිල්ලක් නෑ, උන්දැත් එතැනමයි!
මේ බයානක සතුරෝ දෙන්නම පරද්දලා
ටිකක් වෙලා යනකොට මට මොනව උණාද කියල හොයාගෙන මගෙ යාළුවත් ඔතෙන්ට ආව. එයා මේ
හපන්කමට මාව මුරුංග අත්තේ තියල කතා කෙරුව.
අපි දෙන්න එක්ක කිඹුලව මැනලා බැලුව. වැඩිය නෑ, දිග අඩි හතළිහයි අඟල් හතයි!
අපේ දඩයම ගැන ආණ්ඩුකාරතුමාට
කිව්වහම උන්නැහේ මේ සත්තු දෙන්නව ගේන්න මිනිස්සු රංචුවක් පිටත් කෙරුව, විසාල
වාහනේකුත් එක්ක.
මම ඒ රටේ හම් වැඩකාරයෙකුට කියල සිංහ හමෙන් කූරපයි ගණනාවක් මස්ස ගත්ත. එයින් ටිකක්
ලංකාවේ හිටිය හිත මිත්තරයින්ට තෑගි කළා.
කිව්වම විස්සාසෙට ගන්ඩ ඕනි ආයිබොවන්ලා.
ඊයේ රාත්තිරියේ ගරුතර මැංචෝසන් සාමිතුමා ආවා නෙව මේ ලියන නිදි ඇටිකිච්චාව මුලිච්චි
වෙන්න.
හැබැහින්ද ඇහුවා? මොකටද මගේ කට.... තමුන්නැහේලට බොරු කිව්වයි කියලා මට මොනවා
ලැබෙනවටද?
හැබැයි ඉතිං දැන් දැන් හැම තැනම බොරුව පැටවු ගහලා. කොයි කපේද කිරි බුදු අප්පච්චියේ
මේ තේ ගොයි රාළලාත් කිසිම බයක්-හැකක් නැතිව අතිගරු ජනාධිපති උතුමාණන් ඉදිරියේ; ඔව්
ඔව්- අපේ ‘ස’ ඉදිරියේ එකට-එක බොරු
කියාගෙන වාද කළේ? විපරීත කාලෙ විනාශ බුද්ධිඃ කිව්වලු නෙව.
ඒකෙන් මේකෙන් තව ඩිංගෙන් කියන්න ආව කාරණයත්
අමතක වෙනවා!
සිංහ හමෙන් කූරපයි ගණනාවක්
මස්ස ගත්තයි කියලා මම කිව්වනෙ. ආන්න එයින් එහෙක තමයි ඩේසි ආච්චී මැණික් කැට වගයක්
දමාගෙන ඇවිත් දීලා ගියේ! |
(මොකක්ද ඇහුවේ.... උන්නැහේ ආවේ හීනෙන්ද හැබැහින්ද කියලා ලියලම දෙන්නං පොතකුයි
පෑනකුයි ඇන්න ආවොත්! මගේ සිරසටත් ආලවකයා ආරූඪ වෙනවා ඔහොම පුරස්න අහද්දිං.) උන්නැහේ
එහෙම ඇවිත් කියපු දෙයින් නම් මාව තක්බීර් වුණා, අම්මපා.
“ඔහේට හින්දයි කියන්නේ. මෙච්චර කාලෙකට කටේ
කෙළ නොහෙළා හිටිය කතන්දරයක්. අර සිංහ හමෙන් කූරපයි ගණනාවක් මස්ස ගත්තයි කියලා මම
කිව්වනෙ. ආන්න එයින් එහෙක තමයි ඩේසි ආච්චී මැණික් කැට වගයක් දමාගෙන ඇවිත් දීලා
ගියේ! මම එයින් එක කූරපයියක් ජරාපස්ස වලව්වේ ආදිතම උත්තමයෙක්ටත් තෑගි කළා නෙව...
ඒක තමා ඒ!”
මැංචෝසන් සාමිතුමා ඒ නඩුවටත් සාක්කි දෙන්න
ඇති අප්පරසිද්ධියේ. ඒ ගැන ඔය මදැයි. එහෙනං, ආයෙම ‘මැංචෝසන් චාරිකා’ පොතට...
... මම ඒ රටේ
හම් වැඩකාරයෙකුට කියල සිංහ හමෙන් කූරපයි ගණනාවක් මස්ස ගත්ත. එයින් ටිකක් ලංකාවේ
හිටිය හිත මිත්තරයින්ට තෑගි කළා. ඉතුරු හරිය ඇම්ස්ටර්ඩෑම් නුවර ලොකු ලොක්කන්ට
දුන්න. ඒ ගොල්ලන්ට ලොකුවට ඕනෑකම තිබුණ, මට රන්කාසි දාහක තෑග්ගක් දෙන්න. මම මේ
තෑග්ග නොගෙන ගැලවුණේ බොහොම අමාරුවෙන්.
කිඹුල ගෙඩි හමට හම ගහල අරගෙන
ආව.
අද ඇම්ස්ටර්ඩෑම් නුවර කටුගෙයි
තියෙන අනර්ඝම වස්තුව ඒක තමා. කටුගෙයි බාරකාරය මගෙ කතන්දරේ හැම අමුත්තෙක් එක්කලම
කියනව. මිනිහ මේ කතාව කියන්නේ ලුණු ඇඹුල් ඇතිවයි. මංචාඩියකවත් බොරුවක් නැති ඇත්ත
කතාවට ඒකෙන් වෙන්නෙ බරපතළ හානියක්.
... කිඹුලට වෙච්ච ලජ්ජාව
උහුලගන්න බැරුව සාමිවරයා අතින් කඩුව උදුරගෙන ගිල්ලයි කියලයි. ගිල්ල පාරට උගේ හදවත
හිල් කරගෙන ගිහින් එතැනම මළාලු.... |
‘සිංහය කිඹුලගෙ කටෙන් ගිහිල්ල අනික් පැත්තෙනුයි මතු වුණේ. මතු වෙනවත් එක්කම අපේ
සත්-ගුණවත් සාමිවරය (එහෙමයි මිනිහ මට කියන්නෙ) උගෙ බෙල්ල කැපුවා. කපනකොට කිඹුලගෙ
වලිගෙන් අඩි තුනක කෑල්ලකුත් කැපිල ගියා.’ ඉතිං මේ කයිකාරයා කියන්නෙ කිඹුලට වෙච්ච
ලජ්ජාව උහුලගන්න බැරුව සාමිවරයා අතින් කඩුව උදුරගෙන ගිල්ලයි කියලයි. ගිල්ල පාරට
උගේ හදවත හිල් කරගෙන ගිහින් එතැනම මළාලු.
හොද්දට පැණි දාන මෙහෙම අන්දරේල හින්ද මට ඇතිවෙන හිත් වේදනාව කියන්න ඕනෑ නෑ. මේ අබුද්දස්ස කාලෙ මේ වගෙ වල්-බූත ඈඳුවහම, මං ගැන හොඳහැටි නොදන්න උදවිය කොහොමද මේ කතන්දරේ ඇත්තයි කියල බාර ගන්නෙ? පිහියෙන් අනිනව ඉවසතෑකි, අවංක මිනිහෙකුට මේ මුසාවාද ඉවසන්න බෑ!
දෙවැනි පිම්ම
රුසියාවට එන ගමනේ
සීත ඉර්තුවේ මැද හරියේදී
වතාවක් මම රුසියාව බලා පිටත් උණා. පළපුරුදු ගමන්කාරයෝ කවුරුත් කිව්වේ ඔය යන මාර්ගේ
ජර්මනිය, පෝලන්තෙ, කුවෝර්ලන්තෙ, ලිතුවේනියාව කියන රටවල්වල උතුරු හරියේ පාරවල්
නොසෑහෙන විදිහට අබලන් වෙලයි කියල.
ඒත් හිමෙන් කඩතොලු මැකිල ඔප
මට්ටම් වෙලා නැද්දැයි කියල මම මගේ ගමන යන්න ගියා. ගමනට ලේසිම විදිහ කල්පනා කරල
අස්සයෙකුත් තෝර ගත්ත. කිටි-කිටියේ ඇඟ තද වෙන්න ඇඳුම් අඳින්න උවමනාවක් කළේ නෑ.
එතකොටම දෙවි කෙනෙක් කතා කරල
මෙන්න මේ විදිහට... |
මටත් සෑහෙන්න හීතල තිබුණත් ‘අනේ කොහොමද’ කියල මගෙ කබාය ගලවල මිනිහගෙ ඇඟට දැම්ම.
එතකොටම දෙවි කෙනෙක් කතා කරල මෙන්න මේ විදිහට කියනව ඇහිච්චි!
“දරුව, මේ කර ගත්තු කුසල
කර්මයේ ආනිසංස තොපට මත්තෙදී ලැබෙනවා සහතිකයි.”
රෑ දවල් නැතුව ගමන් කෙරුව.
ගමක් දකිනව තියා හෝඩුවාවක්වත් තිබුණේ නෑ. මුළු පලාතම හිමෙන් වැහිලා. මමත් මේ
හාපුරා කියල යනවමයි.
පාං කියන්න බැරි තරම් අමාරු
උණහම, අස්සයා පිටින් බැහැල, ඌ බැන්ද හිමෙන් උඩට මතු වෙලා තිබිච්ච මොකක්ද උලක් වාගෙ
එහෙක. සූදානං සරීරෙ කියල පිස්තෝලයත් කිහිල්ලේ ගන්නගෙන හිම උඩම දිග ඇදුණ. නින්ද යන
එක නං නින්ද ගියා මදියි නොකියන්න.
මට ඇහැරෙනකොට ඉර මුඳුනටත් කිට්ටුයි. ඇස් දෙක පිහිදාල එහෙම වටපිට බැලුව. ඊයේ
හැන්දෑවෙ නිඳා ගත්තේ කොහෙද, දැන් ඇහැරිලා ඉන්නේ කොහෙද?
මෙන්න මේ ගම්මානෙක පල්ලිය වත්තේ වැටිල ඉන්නෙ!
මාව අන්දුං කුන්දුං වෙලා
හිටපි. අස්සයත් ආගිය අතක් නෑ. ටිකක් වෙලා යනකොට ඔන්න කොහෙද උඩක ඉඳන් ඌ අඬන සද්දේ
ඇහුණ. බැලින්නං පල්ලියේ කොතේ එල්ලිලයි ඌ මේ බෙරිහං දෙන්නෙ.
කලින් දා මුළු ගමම හිමෙන්
වැහිලයි තිබුණේ. හිටි හැටියේම කාලගුණේ වෙනස් වෙලා! |
කලින් දා මුළු ගමම හිමෙන්
වැහිලයි තිබුණේ. හිටි හැටියේම කාලගුණේ වෙනස් වෙලා. මමත් උන්නු හැටියටම නින්දටත්
බාදාවක් නොකර, හිම දිය වෙන්න දිය වෙන්න, ඩිංගෙන් ඩිංග පොළොවට පාත් වෙලා තියෙනව.
අන්දකාරේ උලක් කියල අස්සය ගැට ගහල තියෙන්නේ පල්ලියේ කොතේ!
කල්පනා කර කර ඉන්න දෙයක් නෑ.
පිස්තෝලේ අරං වෙඩි තිබ්බ කටකලියාව දෙකට කැඩෙන්න. අස්සය හෙමින් බිමට පාත් කරගෙන
එතැනින් පිටත් උණා. කිසිම හිරිහැරයක් නැතුව ගියා, ඌ පිට යන ටික.
රුසියාවෙ රට මැද්දට වෙනකොට මට
වැටහුණා, සීත ඉර්තුවෙ අස්සය පිටින් යාම තුට්ටු දෙකේ වැඩක් බව. දේසෙ හැටියට බාසෙ
කිව්වනේ! මමත් ඒ රටට පුරුදුකාරයෙක් උණා.
ගත්ත තනි අස්සය බඳින හිම කරත්තයක්. ඒකේ නැඟල සැන්ට් පීටර්ස්බර්ග් නුවර දිහාවට
සෑහෙන වේගෙකින් යන්න පටන් ගත්ත. මට නිච්චියටම කියන්න බෑ කොහෙද කියල.
හද්ද වනාතෙදී, කාලෙකින් ගොදුරක් නැතුව හෝපොතු ගැහිච්ච වුර්කයෙක් උන්නු ගමන්
පස්සෙන් එළවන්න ගත්ත. බඩගින්නේ සැරටද මන්ද ඌ ආවේ ඊ ගහේ වේගෙන්. ඒ බලල මේ බලනකොට අත
ළඟටම ඇවිල්ල. මොන මාදිලියෙන්වත් ගැලවිල්ලක් නෑ.
ආපු අතකට ඔට්ටුයි කියලා මම පාත් වෙලා කරත්තේ ඇතුළෙම ගුලි ගැහුණ. අස්සයත් දුවනවා පණ
එපැයි කියල.
එහෙම දෙයක් වෙයි කියල හිතන්න
නං බෑ. මගෙ හිත නං කිව්වේ වෙයං වෙයං කියලමයි. වුර්කය මාව පයිසෙකටවත් ගණන් නොගෙන
කරත්තේ උඩින් පැනපු පිම්ම වැටුණෙ අස්සයා උඩට. වැටෙනවත් එක්කම උගේ පස්ස පැත්ත හප
හපා කන්න පටන් ගත්ත. පොඩි වේදනාවක්යැ? ඊටත් වැඩියි පරාණ බය. අහිංසක අස්සයා මර අඬ
දිදී තව හය්යෙන් පිම්ම ඇල්ලුව.
හිටි හැටියේ පස්සෙන් වැදිච්ච
මේ හෙණ පාරෙන් හෙල්ලුම් කාපු වුර්කය පැන්න ඉස්සරහට පිම්මක්- |
වුර්කය හොඳටම ඇතුල් උණහම මගෙ වාරේ ආව.
කසේ මිටෙන් දුන්න රත් වෙන්න
පාරක්!
හිටි හැටියේ පස්සෙන් වැදිච්ච මේ හෙණ පාරෙන් හෙල්ලුම් කාපු වුර්කය පැන්න ඉස්සරහට
පිම්මක්- පුළුවන් දහිරියෙන්.
අස්ස කුණ පාරේ වැටුණ. ඒ
වෙනුවට වුර්කය බෝං ලීයට කර දුන්න.
ඔරුව පෙරළුණහමත් පෙරළිච්ච පැත්තට වැඩිය හොඳයි කිව්වනෙ මේ පැත්ත. මමත් කිසි ලෝබකමක්
නැතුව කසෙන් තළ තළා ඌව දැක්කුව. වුර්කයවත් මංවත් හිතුවද මෙහෙම ගමනක් යන්න? කොහොම
හරි අපි දෙන්න අතුරු අන්තරාවක් නැතුව යහතින් සැන්ට් පීටර්ස්බර්ග් නගරෙට යහපත්
වුණා.
ඔන්න ඩ්රැකියෝ, තමුන්නැහේ කියාපු කාරණාවකුත්
ඉෂ්ට කරන්න කාලෙ හරියාගෙන එනවා. මතකයි නේද?
ඩ්‍රැකීගේ අඩවිය, නිදිගෙ පංච තන්තරේ වගේ blog
අඩවිවල නිත්‍ය පාඨක රසික-රසිකාවන් විතරක් නොවෙයිනේ මේ ලිපි කියවන්නේ. අලුතිනුත්
පිරිසක් කියවන්න එනවනේ. මේ පරණ කතන්දර ලියන්නේ එයාලා වෙනුවෙන්.
එහාටම ගිහින් බලන්නත් ඇහැකියි
ඔන්න, ඔන්නං. ‘අරුම ගමන’ත් කියවලාම. |
‘Lassana kathawa. Oya wagema katha gonnak thibunu pothak dasaka thuna
hatharakata withara udadi kiyewwa mathakayi. Mama hithanne pothe nama "Manchosange charika" wageyi mathake
hatiyata.’
මමත් එතැනට comment එකක් යැව්වා, රහසකුත්
හෙළි කරමින්.
‘මැංචෝසන් චාරිකා ඒ චිත්‍ර එක්කම කියවන්න දෙනවා ළඟදීම,
නිදිගෙ පංච තන්තරේ අඩවියෙන්. සූදානං වෙන
ගමන්!’
කිව්වම විශ්වාස කරන්ඩ මහත්තුරුනේ, ඒ විත්තිය
කියවපු ගමන් මේ අසමජ්ජාති ඩ්‍රැකියා මෙහෙම කියලා තිබුණනේ, link එකකුත් දමන ගමන්.
‘එතකං ඉවසං ඉන්ඩ ම බැරි නං මෙතනිං පොත ඩවුන්ලෝඩ් කරගන්ඩ. (නිදි ගෙ කටේ පස්
දැමීමේ ඒකායන පරමාර්ථයෙනි)’
විස්වාස නෑ? ඩ්රැකී වගේ මහත්තයෙක් එහෙම’කෙනෙකුගේ කටේ පස් දාන්ඩ හදයි’ කියලා. මෙතන උඩින් ක්ලික් කරලා එහාටම ගිහින් බලන්නත් ඇහැකියි ඔන්න, ඔන්නං. ‘අරුම ගමන’ත් කියවලාම.
ඉතිං මම වැඩේ අල්ලලා දාන්නත් හිතුවා. ඒත්
බකුසුතුමා කිව්වනේ පොත දාන වැඩේ කරන්නයි කියලා. පස්සේ ඩ්රැකී උන්නැහෙත් මෙහෙම
කියලා තිබ්බා.
‘මං කැමතියි නිදි ගෙ පංචතන්තරෙන් ම මැන්චෝසන් චාරිකා කියවන්න. මොකද,
නිදි ගෙ තියෙනව ලස්සන ඉදිරිපත් කිරීමේ
ශෛලියක්.
ඊට සමාන්තරව මං ලියන්නං මැන්චෝසන් ගෙ ෆිල්ම්
එක ගැන.’
ආන්න එහෙමයි ‘ඌරො කැකුණ ඇට තලනකොට අහක ඉන්න
හබන් කුකුළන්ට රජ මඟුල්’ වෙන්නේ. |
(ආන්න එහෙමයි ‘ඌරො කැකුණ ඇට තලනකොට අහක ඉන්න හබන් කුකුළන්ට රජ මඟුල්’ වෙන්නේ. අනේ ආයුබොවන්ලා, සමා වෙන්නෝනි- උපහැරණයකින් කිව්වා මිස ඔය කාවවත් ‘හබන් කුකුළන්’ කරන්න හැදුවා හෙම නෙවෙයි! ඒ කතා නවත්තලා මෙන්න..
තුන්වැනි පිම්ම
රුසියාවේ වනාන්තරවල
මං හිතාගෙන හිටිය හැටියට
යුද්ද හමුදාවේ තානාන්තරයක් ලබා ගන්න එක පාරටම බැරි උණා. මාස ගාණක්ම නිදැල්ලේ
හැසිරෙන්න මට ඉඩ ලැබුණා. අත දිග ඇරල වියදම් කර කර කුමාර ලීලාවෙන් නන්දන කෙරුවා ඒ
ටිකේදි.
කණමොදා වාගෙ බීගෙන සූදු
කෙළියෙන් රෑ කීයක් ගත කරන්න ඇද්ද? අපේ මේ සාන්ත දාන්ත ජර්මනියෙ වාගෙ නෙවෙයි,
රුසියාවේ අඩි ගැහීම වැදගත්කමක්. බීමට මේ පාරට්ටුව ලැබුණේ රටේ තද හීතලයි,
චාරිත්තරයි දෙක හින්ද.
ඒ රටේ ඉහළම පැලැන්තියෙ
නම්බුකාරයො මම දන්නව, මේ වැදගත් චාරිත්තරේ යස මහිමෙට පුරුදු කර ගත්තු උදවිය.
කොච්චර කළත් අපි මොන ඇච්චොද, අපිට බීමෙන් අහලකටවත් කිට්ටු වෙන්න බැරි එක
මනුස්සයෙක් හිටිය.
වයසක පහේ සේනාපතියෙක්- තඹ පාට මූණ. රා මටුල්ලකට කියාපු රැවුල. මිනිහ අපිත් එක්ක
නිතරම වාගෙ එකට ඉඳන් කෑම කෑව.
ඉහළම පැලැන්තියෙ නම්බුකාරයො
මම දන්නව, මේ
වැදගත් චාරිත්තරේ යස මහිමෙට පුරුදු කර ගත්තු උදවිය.... |
අමුත්තෙක් මුණ ගැහිච්ච හැම වෙලාවකම, තොප්පිය දාගෙන කෑමට වාඩි වෙන්න සිද්ද වීම ගැන
හතරට පහට නැමිල සමාව ඉල්ලන්න මුන්නැහේ පුරුදු වෙලා හිටියෙ ඒ හින්දයි.
කන්න ගියහම බ්‍රැන්ඩි වීදුරු
බර ගණනාවක් ඇඟට පතට නොදැනී උගුරෙන් පහළට දාන එක මිනිහට මහ කජ්ජක් නෙවෙයි.
හමාරෙට
බ්‍රැන්ඩි බෝතලයක් හරි තව ඕනැ නං, ඒ වගේ දෙගොඩක් හරි බුත්ති විඳීම තමා මිනිහගෙ
සිරිත. බොනවයි කිව්වහම මෙහෙම බීමක් කොහෙද?
බිව්වහම පොඩ්ඩක් හරි වෙරි
වෙන්න එපායැ.
ඒත් අපේ සේනාපතිය නෙවෙයි, වෙරියක හෝඩුවාවක්වත් පෙන්නුවේ. කොච්චර
බිව්වත් ගිරුවාව මැදින් කෝඳුරුව ගියා වගෙයි.
මේක මහ පෙරෙහේලිකාවක්.
අහම්බෙන් වාගෙ හොරේ අල්ල ගන්න
මට පුළුවන් උණෙත් කාලයක් ගියාට පස්සෙයි!
ඒ කොහොමද කියලා කියෝමු තුන්වෙනි කොටසින්......