දැන් දැන් හරි වැඩ රටේම වටපිට - සිද්ද වෙනව එක පෙළට වගේ
නැවකට තොරතුරු එළියට එනවා - වැස්සක් ඇද හැලෙනවා වගේ
ජරමර වැඩිකම හින්දද මන්දා - ඒවත් අමතක වෙනව වගේ
පොඩ්ඩක් සුලමුල අහලා බලමුද - කවියෙන්, එව්වයෙ තියෙන අගේ
ජානවලින්මත්
හොරකම උරුමව තියෙනව වාගෙයි... |
මුත්තා අපගේ හොරෙකිය උන්නේ හද්දා වනයක හැංගීලයි
යැපුණේ තවලම් වෙළෙඳුන්ගෙන් හොර-කම් කරගත් දේවලින්
තමයි
ජානවලින්මත් හොරකම උරුමව තියෙනව වාගෙයි- කියා හිතෙයි
උණ පුරුකේ හත් වසරක් ලෑවත් - බලු වලිගයෙ ඇද එහෙම්මමයි
මුත්තගෙ පුතුගෙත් ක්‍රියාව නරකයි - දුන්නෙන් විදලා පියා මරයි
වෙනත් ලඳුන් උන්නේ නැතිවද ඔහු - සහේට ගත්තෙත් නැඟණියවයි
රජෙක් වුණත් කරුමය පළ දෙනවා - ඒකෙ දෙකක් නෑ ස්ථීරයි
පුතෙක් උපන්නා නාහෙට නාහයි - දඩබ්බරයි; හොරකමෙත් යෙදෙයි
උපන් රටේ පුතු තියාගන්න බෑ - සමාජෙටම පිළිලයක් වගෙයි
මක් කරලාවත් හදන්න බැරි තැන - මිනිහව අල්ලල හිරේ දමයි
යාළුවො රොත්තත් එක්කම කුදලා - පැත්තක් බූ ගා නැවට දමයි
‘යකාට පලයන්’ කියා හිතාලා - ඒ නැව මහ සයුරට දැම්මයි
ඒ නැව
පාවී විත් නවතින්නේ - මිහිබට සුරලොව වැනි රටකයි |
ගෙවන්න තියෙනා කරුමය ගෙවන්න - උරච්චි කෙරුවට හරි නොයතෙයි
ඒ නැව පාවී විත් නවතින්නේ - මිහිබට සුරලොව වැනි රටකයි
හොරා දුටු ගමන් ආලෙන් වෙළිලා - ඔහු සැමියා ලෙස පිළිගනිතෙයි
නෑයන් වනසා, හොරාව රජකොට - කිරුළු පලන්දා රජ සැප දෙයි
ඕන්න ඔහොමලු සුදනෙනි සිංහල වරිගෙ ඇති විණියි කියවෙන්නේ
ඉතිං කොහොමදෝ අපහට උදාර - සාඩම්බර ගති හිමි වෙන්නේ
හතර අතේ හොරු, තුච්ඡ නීච හොරු හැකි උපරිමයෙන් දත කන්නේ
හොරා කන්නමයි; තිරිත්තමක් නැත- සීමාවක් නැත උන් දන්නේ
රට පාලනයට ලොකුම සුදුසුකම - හොරකම පුළුවන් වෙන එකද
තනතුරු දරන්න ලොකුම සුදුසුකම - ඒවට උඩගෙඩි දෙන එකද
ඉහළම තැන හිට පහළට යනකල් - ඔක්කොම ඉන්නේ පල් හොරුද
සුදු ඇඳ ගත්තට, අම්මප මහතුනි - මුන් ඉන්නේ හෙලුවෙන් නොවෙද
පරම්පරා හත-අටකට කෑවත් ඇති වීමක් නං නෑ වෙන්නේ
රසේ දන්න හින්දාමයි තාමත් බලේ අතැරලා නොදමන්නේ
ඔහේ කෑවදෙන් කියලයි නිවටයො - කටු ලෙවකාලා සැනසෙන්නේ
මුන් කන්නේ අපෙ රීරි මාංශෙයි; චුට්ටක් වගතුග හොයමු අනේ
සුදු
පිරුවට ඇඳ, පිරිත් නූල් බැඳ, රටට කරන්නලු පේ වෙන්නේ |
ඇමතිවරුන් රාජ්‍ය බැංකුවලට රුපියල් කෝටි 65,000කට වඩා පොලු තියලා!
මෙහෙම හොරා කා තියෙන්නෙ මුන්දැල ඔබෙයි මගෙයි වස්තුව නේද
කවුද මෙහෙම පොලු තිබ්බේ කියලා, නම් ගම් එක්කම කියනවද
උන්ගේ වගතුග රට දැන ගත්තම - වරදක් හෙම සිදු වෙනවාද
හොරා කෑව නං, ඒ බව කිව්වම - පැත්තක් යන්නේ නෑ නොවෙද
සුදු පිරුවට ඇඳ, පිරිත් නූල් බැඳ, රටට කරන්නලු පේ වෙන්නේ
සමහර උදවිය බණත් වදාරති; රහත් වෙලා වගෙ පෙන්නන්නේ
කටේ නරි වදන් නිතරම උන්ගේ රෙද්ද පල්ලෙනුයි බේරෙන්නේ
බොක්කේ දඩමස්, හක්කේ බුදුරැස් - අපිමයි උන්හට රැවටෙන්නේ
කෙටිකාලීනලු මතකය අපගේ - සුමාන දෙකයිලු පවතින්නේ
ඇත්තද මංදා, එහෙව් විත්තියත් - හිතා බලන්නට වටිනවනේ
නැත්තං මෙච්චර දේවල් වෙද්දිත් - වගේ වගක් අපහට නැහැනේ
හොරුන්ට දිගටම බලයෙ හිටින්නට - මනාපෙ දුන්නෙත් අපිමයිනේ
අමුතු ඇටේ
දැන් නීතිය එහෙමයි - ජහමනයා ඔහෙ බලා හිඳියි |
කෞතුක අයිටම් හත්දාහකටත් වැඩිය නැති වෙලා කටු ගෙදරින්
එහෙම කෙරෙද්දිත්, වගේ වගක් නෑ - හෙවිල්ලකුත් නෑ වගෙයි ඉතිං
රාජකාරි හරි හැටි ඉටු නොකරන - අයටත් දිගටම වැටුප් දෙමින්
නඩත්තු කෙරෙන්නෙ මොකටද අප්පේ - රටේ සල්ලි වියදම් කරමින්
විගණන කෙරෙනව- රිපෝට් කෙරෙනව විතරයි- ඒවා යට ගහතෙයි
ලොකු ලොකු උදවිය ගෑවිල ඇත්තන් - ඒවා කිසිදා උඩ නොඑතෙයි
බඩ ගින්නට පොල් ගෙඩියක් ගත්තත් - දුප්පතෙකුට නං අච්චු කෙරෙයි
අමුතු ඇටේ දැන් නීතිය එහෙමයි - ජහමනයා ඔහෙ බලා හිඳියි
තෙල් බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021.07ක් වැඩිපුර ගෙවලා: බර අපේ පිටට!
මෙච්චර හරියක් වෙනකල් අම්මප - වගකිව යුත්තන් බුදිද බොලේ
නැතිනං සේරම එකතු වෙලා - රහ බලලා වාගෙයි ‘තෙලේ අලේ’
දැනටම දෙන්නෙක් රටත් ගිහිල්ලලු - ලීක් වෙනකොටම ජංජාලේ
අනිත් උනුත් රට ගියාම වහනව - වගෙයි ගේට්ටුව ඉස්තාලේ
බෙදුම්කරුවො මේ රටේ මිනිස්සුද - කාගේ කවුරුද හොයනවද
වැඩිය ගෙවු මුදල් ආපහු ගන්නට ක්‍රමයක් එහෙමත් තියෙනවද
නැත්තං ඒවත් බොල් ණය ගොඩටම දාන්න සැලසුම් තියෙනවද
මෙහෙව් news ගැන හිතන්නෙ කවුරුද - රටකට වෙන්නේ මොනවාද
නිලේ
අල්ලලා මුන් දණ ගස්සන කාලය - වැඩි ඈතක නැහැනේ |
එක්ස්ප්‍රස් පර්ල් නැවේ දත්ත හිතා මතා මකලා!
විපත සිදු වෙලා අවුරුදු තුනකුත් ගිහිල්ල ඉවරයි නේද බොලේ
තවමත් වෙන්නේ එහාට-මෙහාට වීසි කරන එකමයි බෝලේ
මෙහෙ වැඩ වෙන්නේ, වෙන රටකදි නං - කවදාවත් නොවෙනා තාලේ
දත්ත මකාලලු හිතා මතාමත් - පැටලිලාද රට මේ
උගුලේ
කමු බොමු නිඳියමු පොංගල් කෙළිනෙමු - මෙව්වා දිගටම සිදු වෙද්දී
කාබාසිනියා කරන්ට උන්හට - තව වැඩියෙන් බදු පනවද්දී
රටට අපට වෙන සේරම දේවල් - නිරතුරු සන්තානයට වදී
රිදුම් දෙවයි හද, මෙහෙව් කොදෙව්වක උපන්නාට ‘මේ වෙලා මදී!’
මැති ඇමති පනස්හයක් ගෙවල් කුලියට පොලු තියලා
ගෙවල් කුලියවත් ගෙවන්න ලෝබයි - පිනටම ඉන්නයි සැරසෙන්නේ
යටිමඩි ගහ ගහ, බොරු පච කෙළ කෙළ - බලේ රැඳෙන්නයි දත කන්නේ
නිලේ අල්ලලා මුන් දණ ගස්සන කාලය - වැඩි ඈතක නැහැනේ
පන්නමු හොරු ටික මේ වංගියෙ නම් - වරද්ද ගන්නට එපා අනේ
·
කවි ටික ලියාගෙන එනකොට සෙනෙගාලයේ පාපන්දු ක්‍රීඩක Sadio
Mane පිළිබඳව මේ කතන්දරේ දැක්කා. ඔයාලත්
කියවල බලන්නකෝ.
මම මගේ රටේ දුප්පත් දරුවන්ට අලුත් පාවහන්,ඇඳුම් පැලඳුම්,කෑම දෙනවා. තනිව ජීවත් වෙනවා වෙනුවට ‘සුවපහසු- සුඛෝපභෝගී පාරාදීසය’ මගේ මිනිසුන් සමඟ බෙදා ගැනීමටයි මට අවශ්‍ය! |
‘චිත්‍රපටියකට කෝටි 150,200,කෝටි 300 උපයන සෝබන නළු නිළියන්
අතරෙ...
32 හැවිරිදි සෙනගාලයේ ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයා වන Sadio
Mane ලංකාවේ මුදලින් සතියකට රුපියල් කෝටි 60 ක් උපයනු ඇතැයි ගණන් බලා තිබේ.
මෙතරම් මුදලක් උපයා ගත්තද ඔහු බොහෝ තැන්වල දක්නට ලැබුණේ ඩිස්ප්ලේ කැඩිච්ච
ජංගම දුරකථනයක් සමඟය.
සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන විමසූ විට, "මම ඒක හදවගන්නම්.” ඔහු කීවේය.
“ඩිස්ප්ලේ දානවට වඩා ඔබට අලුතෙන් ජංගම දුරකථනයක් මිලදී ගන්න පුළුවන්
නේද?” මාධ්‍යවේදියෙක් ඔහුගෙන් ඇසුවේය.
“මට මොබයිල් 1000ක්,ෆෙරාරිස් 10ක්,ජෙට් යානා 2ක්,ගණන් කළ නොහැකි දියමන්ති ඔරලෝසු
මිලදී ගත හැකියි... නමුත් මම මේ සියල්ල මිලදී ගත යුත්තේ ඇයි?
මම දුප්පත්කම
දැක්කා... කෑමට දුක් වින්දා... කියවන්නවත් බැරි තරම් දුප්පත්කමෙන් වට වෙලා... අඳින්න
සපත්තු ගන්නෙත් නැතුව පාවහන් නැතුව සෙල්ලම් කළා... හොඳ ඇඳුම් නැතුව හිටියා... බඩගින්නෙ
හිටියා...
ඒත්... අද මම
ගොඩක් මුදල් උපයනවා;ඒකයි මම හම්බ කරන සල්ලිවලින් මිනිස්සුන්ට
ඉගෙන ගන්න පුළුවන් විදියට ඉස්කෝල හැදුවේ.
-මම මගේ රටේ දුප්පත් දරුවන්ට අලුත් පාවහන්,ඇඳුම් පැලඳුම්,කෑම දෙනවා.
තනිව ජීවත්
වෙනවා වෙනුවට ‘සුවපහසු සුඛෝපභෝගී පාරාදීසය’ මගේ මිනිසුන් සමඟ බෙදා ගැනීමටයි මට අවශ්‍ය."
Sadio Mane උත්තර දුන්නේය!’
අනේ Sadio වගේ කොලිටි අය - ඇයි මෙහෙ දැක ගන්නට නැත්තේ
දන්සල් දෙන්නන් නං වැහි වැහැලා - හිටියා දුටුවා මේ පැත්තේ
හැබෑම සුදනන්; හැබෑ මිනිස්සුන් - වැඩි වී හොරු අඩුවෙන තත්තේ
උදා වෙන්නෙ කවදාද සිරිලකට - එදාට රට ගොඩ යනු ඇත්තේ෴0෴