ඇයට පෙනෙනසේ කාමරයෙන් එළියට එන්නට සිතුණත්
ඔහු එසේ කළේ නැත. |
ඇයට පෙනෙනසේ කාමරයෙන් එළියට එන්නට සිතුණත්
ඔහු එසේ කළේ නැත.
‘මාව දැක්ක ගමන්ම කලබල වුණොත්.... අප්පච්චිත් බලයි මොකද කියලා...’ අනපේක්ෂිත මොහොතක තමාව දැක ගැන්මට සැලැස්වීමෙන් ඇයව කලබලයකට පත් කරවීමට ඔහු බිය වූයේය.
********
“මෙච්චර කාලෙකට මමවත් අප්පොගෙ ඔය වගේ ගති
ඇතිය කියලා දැනගෙන උන්නෙ නැහැනෙ!” මුදලිහාමි පළමුවෙන්ම කතාව පටන් ගත්තේය.
මාලතීලා ආපසු එනතුරු කිරි අම්මාත්, චන්ද්‍රාත්,
කුසුමාවතීත් සිටියේ මඟ බලමිනි. පිල් කණ්ඩිය මත වාඩි වී සිටි චන්ද්‍රා, පාරේ ඈත
කොණෙන් මතු වූ මාලතීව හඳුනාගත් විගසම කේතලය ළිපේ තැබුවාය.
“විල්මට්ලගේ තුන්මාසෙ දානෙ කටයුතු බොහොම
හොඳට කරන්ඩයි කියලා රුපියල් පන්දාහක්ම දීලා මේ කෙල්ලට... හරියට වෙස්සන්තර
රජ්ජුරුවෝ දාන පාරමිතාව පිරුවා වගේ, අප්පොත් මොකක් හරි පාරමිතාවක් පුරනවාද කවුද
දන්නෙ?”
“මදැයි! එන්ඩ කියව්වේ ඔහොම දේකටය කියලා,
අපි කාටවත්ම හිතුණෙ නැති එක නෙවැ පුදුමේ!” කුසුමාවතී චීත්තය සකසා හැඳගත්තාය.
“උඹලටත් ඉතිං ඕක දැනගන්නකල්නේ ඉවසිල්ලක්
නැතිව ඉන්ඩ ඇත්තේ.... දැන් ඉතිං දැනගත්තනෙ! යමල්ල- යමල්ලා ගෙදර...”
“මගෙ
වාතෙ පුරෝ දාලා තියෙද්දින් කොස් ඇටත් කෑවොත්... රතිඤ්ඤා වැලක් පත්තු කළා වගෙ
තියේවිනෙ!” |
“මේ කොහෙන්ද දුවේ?”
“අර වැල ගහ යට කොස් ඇට වකාරෙට.... බැදලා
ලඩු කෙටුවා... අපෙ අම්මත් කැමතියිනෙ. ගන්ඩකො අපෙ අම්මා තව එකක්.... ඇයි, කිරි
අම්මා කන්නෙ නැතිය?”
කිරි අම්මා සිනාසී අහක බැලුවාය. “මගෙ වාතෙ
පුරෝ දාලා තියෙද්දින් කොස් ඇටත් කෑවොත්.....”
“.... රතිඤ්ඤා වැලක් පත්තු කළා වගෙ තියේවිනෙ!” මුදලිහාමි හක-හක ගා සිනා වුණේය.
“වයසට යනකොට ඔහොම තමයි... ආයෙ ඉතිං නවත්ත
ගන්ඩයැ....”
තේ පානයෙන් පසු නික්මී යන මවට, ලඩු ගුළි
කිහිපයක් දැමූ බෑගයක් දීමට චන්ද්‍රා අමතක නොකළාය. “මේවා නංගිල- මල්ලිලට....”
“අක්කලාගේ අප්පච්චිගෙත් වැඩ පාළු වුණා,
මාත් එක්ක වලව්වට යන්ඩ ඇවිදිල්ලා...” මුදලිහාමිත්, කුසුමාවතීත් යනතුරු මඟ බලා සිටි
මාලතී ආපසු හැරුණාය.
“ඒකට කමක් නෑ.... ඉක්මනට වරෙන්... අර
කඳුරේ පේමවතීගෙ ගවුම් ටික මහලා ඉවර කරන්ඩ ඕනේ. හෙට උදේට ඒකි එයි එව්වා ගෙනියන්ඩ.
පේමවතීට ගාමන්ට් එහෙක රස්සාවක් හම්බ වෙලා!” චන්ද්‍රා මාලතීවත් ඇදගෙන ආවාය.
යෙහෙළියෝ ඇඳුම් මසද්දී කිරි අම්මා නින්දකට
වැටුණාය. “ඕං මාලතී කිරි අම්මා ගොරෝනවා.... ඔළුව අඩමානෙට හිටලා වෙන්ඩැති....”
මැෂිම නවත්වා නැඟී සිටි මාලතී, මිත්තණියගේ
හිස සකසා තැබුවාය. “පව්! හොඳටම නින්ද ගිහිල්ලා.”
“උන්දෑ හිතේ හයියෙන් තමා දැන් පණ ගැට
ගහගෙන ඉන්නේ!”
“කිරි අම්මව මෙහාට එවිච්ච එක කොච්චර එකක්ද
අක්කා. නැත්තං අපි දෙන්නා විතරයිනෙ මේකෙ තට්ට තනියම ඉතිරි වෙන්නේ!” මාලතී සුසුමක්
හෙළුවාය.
කඩිසරව කුඹුරු-වතු පුරා ඇවිදිමින් ඈ දහසක්
කටයුතුවල නියැළුණු අයුරු..... |
කිරි අම්මා තම නිවසට පැමිණි පසු සිසිලියානා සතුටු වූ සැටි මාලතී සිහිපත් කළාය.
“අපෙ අම්මගෙ පණ තියෙනකල්ම මට පුළුවනි, මේ අත් දෙකෙන්ම අපෙ අම්මට සාත්තු-සප්පායම්
කරන්ඩ.”
එදා ඇයගේ පැතුම සිහිනයක් වී ගියේ කෙතරම් අනපේක්ෂිත ලෙසින්ද? ජීවිතය පැතුම්වලින්
පිරුණු එකකි. එහෙත් ඒවායින් ඉටු කරගත හැක්කේ කීයෙන් කීයක්ද?
“ඔහොම කල්පනා කර-කර හිටියොත් නං මැහිලා
තියෙයි අද!”
“මට අපෙ අම්මලාව මතක් වුණා චන්ද්‍රක්කා.
උන්දැ කොච්චර නං දේවල් හිතාගෙනද හිටියේ? හොරු අරං ගියා වගෙ....”
“කොච්චර ඕවා ගැන කතා කළත් දැන් වැඩක්
ඇතියැ... කෝ, ඔය කර්ණාකාර පටිය අල්ලලා ඉවරද? එහෙනං මේකෙත් ඉණ රැලි කරලා ගනිං...”
චන්ද්‍රා මාලතීට වැඩ කිහිපයක්ම පැවරුවාය.
“ඒක නෙවෙයි බං... මට මතකම නැති වුණා. අද
උදේ ලියුමක් ආවා. උඹට මතකයිද, අර අයියගෙ මරණ ගෙදරට යාළුවො වගයක් ඇවිත් හිටියා...
එයින් උස එක්කෙනා...”
සොහොයුරාගේ මිතුරන් කිහිප දෙනෙකුම අවමඟුලට
සහභාගි වූ බව මාලතීට මතකය. සමහරු හත්දොහේ දානයටත් පැමිණුණහ. එහෙත් එයින් එක අයෙකු
පිළිබඳවවත් ඇයට විශේෂත්වයක් හැඟුණේ නැත.
“ඇයි බං අර උස හීන්දෑරි එක්කෙනා...
ගිනිකූරු කට් එක තියලා හිටියේ... චන්දන. මතක නැද්ද? වැඩියත්ම අපි එක්ක කතා කළේ..”
“ඉතිං?”
“එයා ගැන තමයි වික්‍රම ඒ දවස්වල කියල
තිබුණේ.... උඹලගේ අයියගෙ හොඳම යාළුවා එයාලු!” චන්ද්‍රා ඉඳිකටුවට නූල් පොටක්
ඇමිණුවාය. මාලතී හිස ඔසොවා බැලූ අයුරු ඇය දුටුවේ නැත.
ඔන්න එයාල මෙහෙ එනවලු, ආයෙමත්! |
“අනේ චන්ද්‍රක්කෙ... අපි ඔය ගැන කතාව
නවත්තලා දාමු!”
“නවත්තල දාන්න හම්බ වෙන එකක් නෑ...
එච්චරටම ලේසියෙන්. ඔන්න එයාල මෙහෙ එනවලු, ආයෙමත්!”
මාලතී චන්ද්‍රා දෙස බැලුවේ ඈ විහිළුවක්
කරනවාදැයි දැනගනු සඳහාය. එවැන්නක් නොදුටු
ඈ විස්මයට පත් වූවාය. “මෙහෙ එනවා....?” ඇයට ඇසුණේ ඉබේමය.
නැඟී සිටි චන්ද්‍රා අල්මාරිය මතවූ ලිපිය
මාලතී දෙසට දිගු කළාය. මැහුම පසෙකට කළ මාලතී ලිපිය දිග හැරියාය.
එය කෙටි ලිපියකි. ලිපිය ලියවී තිබුණේ
මාලතීගේ නමට නොවේ. චන්ද්‍රාට ලියැවී තිබුණු එහි, තුන් මාසයේ දානය යෙදෙන දින ආදිය
විමසා- අනෙකුත් ඒ හා අදාළ විස්තරද දන්වන්නැයි කෙරුණු ඉල්ලීමක්ද විය. වික්‍රම
වෙනුවෙන් ඔවුන්ගේ සුහදතාවත්- බැඳීමත් පහදා දී තිබූ ඔහු, ඔවුන්ට හැකි උපරිම අයුරින්
මාලතීලාට සහාය දෙන බවද ලියා තිබිණි.
“දැන් ඉතිං උත්තරයක් ලියන්න වෙයි!”
ලිපිය නැවතත් කවරය තුළට බහා ආපසු දිගු කළ
මාලතීට චන්ද්‍රා කීවාය. මාලතී හෙළුවේ උදාසීන බැල්මකි.
“මටයැ එවල තියෙන්නේ? චන්ද්‍රක්කටනේ!”
“ඒකට කමක් නෑ.... උත්තරයක් යවමුකෝ.”
“චන්ද්‍රක්කට ඕනි නං ලියන්න. මට ඕනෑ ඇති
චන්දනයෙක් නෑ අක්කා....”
“මෝඩි! ඔළුවේ කැක්කුමක් හැදුණත් සඳුන්
ටිකක් තමා දෙහි ඇඹුලෙන් උරච්චි කරලා ගාන්නේ.... චන්දනගෙන් නරකක් වෙන එකක් නෑ
බං.....”
“මට නං චන්දනගෙන් අමුතු හොඳක් වෙන එකකුත් නෑ අක්කා...” මාලතීත් හරහට
උත්තර දුන්නාය.
********
අපි මොනවා කිව්වත් වැඩ සිද්ද වෙන්නේ බලධාරීන්ටම ඕනෑ විදිහටය... හොඳයි නැද්ද? |
දැන් අප කියවන්නේ ප්‍රවෘත්ති මාතෘකා විතරය.... අප කිව්වේ
මාත් ඇතුළුවය. එවෙලෙ ආතල් එකක් ගන්නවා මිස; ලේ කෝප කර ගන්නවා මිස, ඒ පුවත්වලින්
වැඩි හරියක ගත යුත්තක් නැතිය කියලාය, මට නං හිතෙන්නේ.
ජහමනතාව සැලකිල්ලක්
දැක්වුවත් නැතත්, එපා කියලා පර සක්වළ ගැහුවත් නැතත් හීන් සීරුවේ බලධාරීන්ට උවමනා
විදියට වැඩ සිද්ධ වෙයි.
මගේ අසංවර වදන් කොස්ස නිරායාසයෙන් එළියට පනින්නේ මෙහෙම වෙලාවක ප්‍රශ්නයක් අහද්දීය.
‘අපි ඕවා කියෙව්වා කියලා අමුතු ලබ්බක් වෙනවයැ?’
අනෙක් අතට අප උනන්දු වන්නේ ස්ත්‍රී දූෂණ; ප්‍රසිද්ධ අයගේ
දික්කසාද වගේ දේවල් ගැන කියවන්නටය. අද්‍යතන ශ්‍රී ලංකාවේ දවසකට පිළිකා රෝගීන් 80ක්
විතර වාර්තා වෙන බව කියවනවාට වඩා, රූමත් තරුණියකට කෙරුණු අඩන්තේට්ටමක් ගැන
විස්තරයක් අපේ අවධානය දිනා ගන්නවා නේද?
එහෙව් පසුබිමක, පොතක් පළ කරවා ගැනීමටත්- එය පාඨකයා වෙත
ගෙන යාමටත් තියෙන්නේ හරිම දුක හිතෙන ක්‍රමවේදයන්ය!
යුවති කිරිල්ලී පොත අච්චු ගහන්නට හදන කාලේ මට ‘ගිහාන් ශ්‍රීනාත් අල්විස්’ සහෘදයා හමුවී තිබිණි. ඒ ගිහාන් TYTP- අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයට පැමිණි වෙලාවලදීය. ගිහාන් ආවේ, උපුල් සාන්ත සන්නස්ගලගේ ‘සරසවි දියණියෝ’ පොත බෙදා හැරීමේ වැඩවලටය.
“නිමල් අයියා පොත ගහනවා නං මම බෙදා හරින්නම්!” ගිහාන්
පොරොන්දුවක් දුන්නේය.
“හැබැයි නිමල් අයියේ, පොතෙන් කොටසක් හරි ගොඩගේ- දයාවංශ ජයකොඩි වගේ තැනකටත් දෙන එක
හොඳයි බෙදා හරින්න.... අපි වුණත් දුර පැතිවල යන්නෑනේ පොත් උස්සගෙන.....” ගිහාන්
තේරුම් කළේය.
“මගේ අකමැත්තක් නැ ගිහාන්. ඔයා ක්‍රමේ දන්න මිනිහනෙ.”
“එහෙම වුණාට මම ඉස්සෙල්ලම ඒ තැනක් එක්ක කතා කරලා බලන්න ඕනි. ඉස්සෙල්ලම ගොඩගේ
මහත්තයට කියල බලන්නංකො. කැමති වුණොත්, පොතේ බෙදාහැරීම ගොඩගේ එකෙන් කියලත් පොත්
දාහකට විතර දාන්න වෙයි... අනෙක් දෙදාහට විතරක් මගේ නම දාමු- බෙදා හැරීමට.” වැඩේ
සිද්ධ වුණෙත් ඒ විදිහටය. ඒ 1996 දීය.
මට කියන්නට වෙන්නේ අතීත අත්දැකීම් ගැන
විතරය.... |
දැන් මට කියන්නට වෙන්නේ අතීත අත්දැකීම් ගැන විතරය, හොඳේ!
ශාඛා රැසක්ම තියෙන ප්‍රකාශන සමාගමකිනුත්, ‘අනුන්ගේ පොත්’ ළඟට ගෙනිහිල්ලාම දුන්නත්
දුර-බැහැර ශාඛාවලට යවන්නේ නැතිය. “ඒ ශාඛාවකින් එවන්නයි කියලා ඉල්ලලා එවන පිටස්තර
පොත් විතරයි අපි ඒවාට යවන්නෙ.... අපේ පොත් ගොඩක් තියෙනවනේ, සාප්පුවල display කරන්න
බැරි තරමට.” වතාවක් මටම ලැබුණු උත්තරයකි ඒ.
“නිමල් අයියේ, ඔන්න ඔයාට තමයි තීරණේ කරන්න වෙන්නේ.
පොතක් බෙදා හරිද්දී, ලොකු සමාගම්වලින් පොත් සීයක්-දෙසීයක් ගන්නවා අත්පිට මුදලට...
හැබැයි 50%ට. එහෙම ගන්නේ පුස්තකාල ටිකට යවා ගන්න.
එහෙම නැතිව පොත් විකිණුණාම සල්ලි දෙන්නත් බාර ගන්නවා; ඒ 40% කොමිස් එකට..... හුඟක්
වෙලාවට එයාලා 10%ක් තියාගෙන තමයි, පිට පළාත්වලට පොත් යවන්නෙ....” ගිහාන් කියාපු
දේවල් අනුවය මං ගණන් හැදුවේ.
“විකිණුණාම සල්ලි දෙනවයි කිව්වේ....”
“අපි හිතමුකො පොත් දහයක් සාප්පුවකට දැම්මාය කියලා. හුඟ වෙලාවට ඒ පොත් දහයම
විකිණෙණකල් ඉන්න වෙනවා සල්ලි හම්බ වෙන්න.” ගිහාන් එදා කියූ තත්ත්වය දැන් වෙනස්වී
ඇතිදැයි දන්නා කෙනෙකු වේනම්, කරුණාකර මටත් දැනගැනීම වෙනුවෙන් විස්තර ලියා එවනු
මැනවි.
“....හුඟක් තැන්වලින් ගන්නෙත් පොත් පහයි- දහයක් දෙන්න වෙන්නේ බලෙන් වගේ....
සාප්පුවේ ඉඩ නැහැයි කියනවා....”
“මාර වැඩක්නේ ගිහාන්!”
“ඒක හින්දම තමයි නිමල් අයියේ පොත් ගැහිල්ල ලොකු කම්පැණිවලටම සින්න වෙවී යන්නේ...
ඒක වුණත් ලොකු දෙයක්, දැන් පොත් සාප්පු වැහීගෙන-වැහීගෙන යන විදිහට..... නිකමට හොයල
බලන්නකො, ප්‍රධාන ටවුමක වුණත් පොත් සාප්පු තියෙනවද කියල...” එදා ගිහාන් ශ්‍රීනාත්
අල්විස් තරුණ පොත් බෙදා හරින්නා මට පැවසුවේ එහෙමය!
ධනුෂ්ක වාඩි වී කල්පනා කරමින් සිටින්නේ..... |
“එන්න එන්නම පොඩි-පොඩි සිල්ලර කඩ වුණත් වැහීගෙන යනවා වගේ තමයි නිමල් අයියේ, පොත්
සාප්පුත්... ආසාවට කරගෙන ගියාට, මම වුණත් මේ වැඩේ නවත්තයි- තව ටික කාලෙකින්...
නවත්තයි නෙවේ, අනිවාර්යෙන් නවත්තන්න වෙයි
වගේ!”
ගිහාන්ගේ මුහුණේ එදා තිබුණු විමසුම් බැල්ම නොවේ,
මිලින්දගේ දෑසේ තියෙන්නේ....
“ඉතිං මිස්ටර් ධනුෂ්ක රුවන් දන්තුරේ
බණ්ඩාර?”
මිලින්ද දෙඅත් බැඳගෙන මිතුරා දෙස බැලුවේ
ආඩම්බර ලීලාවකිනි. ධනුෂ්ක වාඩි වී කල්පනා කරමින්
සිටියි. දෝතළු ගස් ගොල්ලේ සෙවණැල්ල තණබිම හරහා තවත් දිගු වෙමින් තිබේ.
ධනුෂ්ක වතාවක් මිලින්ද දෙස බලා නැවතත් බිම බලා ගත්තේය.
“කියපංකො හපාචියෝ, උඹලගෙ ප්‍රේම වෘතාන්තයේ
අලුත්ම එපිසෝඩ් එක මොකක්ද කියලා.... බුම්මගෙන ඉන්නෙ නැතුව!”
“එපිසෝඩ් එක නෙවෙයි මචං, දැන් වෙනින් ප්‍රශ්නයක්
තියෙනවා. උඹට පුළුවන් නං ඒකට විසඳුමක් දීපං.”
“යකෝ! උඹට ඉතිං ප්‍රශ්න නැති දවසක්
නැහැනෙ... මච්චාං... මේ අපි වගේ ඉඳපන්... එතකොට නෝ ප්‍රොබ්ලම්. කොහෙද? මේ බුවා අහක
යන ප්‍රශ්නයක් හරි ඇදගෙන ඇඟට දාගන්නවනේ.”
“දැන් අපේ අම්මගෙන් මට බේරිල්ලක් නෑ...
නිල්ගල වලව්වෙ පූර්ණිමා ගැන කියලා. මට පේන්නෙ, අපේ අම්මා මාව ඉක්මනටම ලංකාවට ගෙන්නගෙන
තියෙන්නේ පූර්ණිමා නිසා වගෙයි.”
“බොක්කෙ පින මචං! අපිට නැහැනෙ ඔහොම
වාසනාවක්. කවුරු හරි මට ඔහොම හොයලා දෙනව නං.... පින නෑ මචං, පින නෑ!” මිලින්ද
කියාගෙන ගියේය.
“...අරහෙන් මාලතී... සිරාවටම ලව්! මෙහෙන් පූර්ණිමා. ඇයි බං බල-බලා ඉන්නේ? ගට්ස්
අරං- පපුව ඉස්සරහට දාලා- පලයං අම්මලත් එක්කලා නිල්ගල වලව්වට. කියපං පූර්ණිමාට
කැමැතිය කියලා... හොඳ බරකුත් හම්බ වෙනවනේ!”
පූර්ණිමාව බැඳ ගත්තාය කියලා... (foto-
ඉෂාර වනසූරිය) |
“ඉස්සර උඹලගේ සීයලත් කරල තියෙන්නේ ඔය වගේ
වැඩනෙ! පූර්ණිමාව බැඳ ගත්තාය කියලා මාලතී අහක බලන එකක් නෑ.... ඒකිත් ඔහේ සයිඩ්
එකෙන් ඉඳියි. උඹට ඉතිං දෙකක් වැඩි නැහැනෙ මචං...ඔන්න ඉතිං බෑෑෑෑෑෑෑමයි කියලා
හිතෙනවා නං, ඒත් බය වෙන්න එපා මචං... මේ මස්සිනා මිලින්ද ඉන්නවා! මාත් සපෝට් එකක්
දෙන්නං, ඔය ස්පෙයාර් වීල් එක හරි බලාගන්න...”
කියවෙන්නට ආ කුණුහරුපය ගිලගත් ධනුෂ්ක
දත්මිටි කෑවේය. විසිවෙනි සියවසෙහි අග භාගයේදී ආදරය මෙතරම්ම හෑල්ලුවට පත් වී ඇත්තේ
කෙසේද?
ආදරය යනු ආශාවන්ට වහල් වීමම නොවේ; හැඟීම්වලට ඉඩ දීමද
නොවේ; එය පිවිතුරු හැඟීමක් විය යුතුය.
‘මිලින්දය හිතන්නේ මාත් අපේ අප්පච්චිලා
වගේම මාලතීව මගේ ඇඳට ගෙන්න ගන්න බලා ඉන්නවා කියලා. මුංට තේරෙන්නෙ නැත්තෙ ඇයි මං මේ
තරමටම කුපාඩියෙක් නෙවෙයි කියලා...’
තමාගේ සිතේ රෝස්මරී ගැන තිබුණේත් පිවිතුරු
ආදරයක්ද? ධනුෂ්කට සිහි වූයේ පිළිතුරු නොමැති පැනයකි. ‘ඇයි නැත්තේ? වෙච්ච වැරැද්ද
නැති කරන්න බෑ... ධනුෂ්ක. උඹ රෝසිට ඇත්තටම ආදරේ කළේ නෑ!’යටි සිත කෑ ගසයි. යෙදුණු
අවස්ථාවන්ට අනුකූලව පාළුවේ; කාංසියේ සිටියදී තමා රෝසිගේ ඇසුරට වැටුණා පමණි.
මුලදී එය ආශාවක් විය; තාවකාලික පිළියමක් විය.
‘අන්තිමටම මං හිතුවෙ රෝසිට මගෙන් කෙරෙන්න
ඕනි යුතුකමක් හැටියට...! මාත් ලංකාවෙ ඉපදිලා මෙහෙ විදිහට හැඩ ගැහිච්චි එකෙක්
නොවුණා නං, රෝසිට කියාවි අපි නොගැළපෙන නිසා වෙන් වෙමු කියලා...එච්චර කාලයක් එකට
හිටියට පස්සේ ඒ විදිහට කියන්න බැරිකමනේ මට තිබුණේ....
හොඳයි, එතකොට මාලතී? කවුද
දන්නෙ මගේ හිතේ මාලතී ගැන තියෙන්නෙත් ඒ වගේ උණුසුම් හැඟීමක් විතරමද කියලා....’
මං මාලතීට
ආදරෙයි! ඇත්තටම ආදරෙයි!! |
‘මං මාලතීට ආදරෙයි! ඇත්තටම ආදරෙයි!!’
ප්‍රශ්නය එය නොවේ; ඒ ආදරයේ අරමුණ කුමක්ද?
තමාට එවැනි ආදරයකට උරුමකම් කියන්නට අයිතියක් තිබේද යන්න මුලින්ම විසඳාගත යුතුය.
‘තව වැඩි දවසක් මේවා හංගගෙන ඉන්න බැරි
වෙනවා.... එදාට... එදාට ඔක්කොම එළි කරන්න වෙයි!’යටි සිත අනතුරු අඟවන බව ධනුෂ්කට
වැටහිණි. හැකිතාක් කල්ගෙන සිටියත් එහි අවසානය එළඹෙමින් තිබෙන බව දැන් ඔහුට පෙනෙයි.
*********
තුන්මාසයේ දානයට දින නියම කරගෙන තිබිණි.
චන්ද්‍රා ඒ බව සඳහන් කරමින් චන්දනට ලිපියක් ලිව්වාය.
“ඉඳා, මේක හොඳද බලපංකො!” ඈ ලිපිය මාලතීටත් පෙන්නුවාය. එහෙත් මාලතී එය කියවූයේ නැත.
ධනුෂ්ක අප්පෝ නැවතත් ලංකාවට පැමිණ ඇති බව
දැන් ඈ දනියි. මාලතී මෙතෙක් දිනක් පවත්වාගෙන ආ චිත්ත සමාධිය බිඳ වැටුණේ ඒ බව ඇසූ
මොහොතේමය. කොතෙක් වෑයම් කළත් සිත අයාලේ දිව යයි. එය නවතා ගැනීම කළ නොහැක්කකි.
‘ධනුෂ්ක අප්පෝ ලංකාවට ආවා නං ඇයි මට
පණිවිඩයක්වත් නොඑව්වේ?’ මාලතීට සිතුණේ ඉබේමය.
... කරන්ඩ තියෙන්නේ ඉෂ්ට දේවතාවුන්ට පහනක්
පත්තු කරලා පිං දෙන්ඩයි; උඹව ඔය වගේ එකෙක්ගෙන් ඉක්මනටම ගලව ගත්තට.... |
චන්ද්‍රාට විරුද්ධව ඉදිරිපත් කළ හැකි
කිසිම තර්කයක් මාලතීට නැත. ධනුෂ්ක අප්පොගේ හැසිරීම සැබවින්ම ප්‍රහෙලිකාවකි.
“තනි හිතකින් ආදරේ කරන්ඩ පුළුවනි බං....
ඒත් මාලතී ඒක ජීවිතේම දුක් කන්දරාවකට ඇදලා දා ගැනිල්ලක් විතරයි....”
මිතුරියගේ එවැනි වදන් දැන් මාලතීට හොඳහැටි පුරුදුය.
ධනුෂ්ක අප්පොගේ හැසිරීම කෙතරම් ගුප්ත
ස්වභාවයක් ගත්තත්, එය වැදගත් දෙයක් නොවේ. දැන් තමාගේ හදවතේ නිදන්ව ඇත්තේ ඒ රුව
පමණක් බව මාලතී දනී. ධනුෂ්කගෙන් තොර ජීවිතයක් ගැන සිතන්නටවත් බැරි තරමටම ඈ ඔහුට
පෙම් කරන්නීය. එය පැහැදිලිය.
ප්‍රශ්නය වනුයේ ඔහුත් තමාට නොගැළපෙන බව පෙනෙන මේ ගැමි යුවතියට සැබවින්ම පෙම්
කරන්නේද යන්නයි.
‘මෙච්චර ඉක්මනට මාලතී කියල කෙනෙක් හිටියද කියලවත් මතක නැතිවෙන
තරමට නපුරු වුණේ කොහොමද අප්පෝ?’
“මාලතී, හැමදාම ප්‍රශ්න යට ගහ-ගහ ජීවත්
වෙන්ඩ බෑ නංගියේ.... මට තේරෙනවා.... මාත් ආදරේ කරපු කෙල්ලක් බං. උඹේ හිතේ පත්තු
වෙන ගින්දර මට තේරෙනවා.
ආදරේය කියලා, ඔය ගින්දරෙන් හැමදාම පිච්චි-පිච්චී ඉන්න එකේ තේරුමක් නෑ නංගියේ....
මං කියන එක අහපං! මම උඹට කියන්නෙ නෑ දැන්මම තීරණයක් ගන්ඩය කියලා.... එහෙම
හදිස්සියක් නෑ. හැබැයි, උඹ තේරුම් ගන්ඩ ඕනෑ උඹ වගේ කෙල්ලෙකුට හැමදාම තනියම ජීවත්
වෙන්ඩ බැරි බව.”
අපේ අම්මලා-අප්පච්චිලා දහදුක් විඳලා
අපිව හදල-වඩලා ආසාවෙන් බලා ඉන්නවා..... |
“මෝඩි! උඹ හිතනවද, මං වුණත් මැරෙන තුරාවටම
මෙහෙම තනියම ඉඳීවි කියලා.... නෑ බං. මට ඕනෑ වුණත් ඒක කරන්ඩ බෑ...
අපේ
අම්මලා-අප්පච්චිලා දහදුක් විඳලා අපිව හදල-වඩලා ආසාවෙන් බලා ඉන්නවා, අපේ ජීවිතත්
හොඳට ගෙවෙනවා දකින්ඩ. දැනටමත් උන්දැලා පපුවේ ගින්දරෙන් ඉන්නේ මාව ගෙදරටම නාකි
වේවිද කියලා...
ගමේ එවුන් කියනවා මගේ කාලකන්නිකමටමයි වික්‍රම මැරුණේ කියලා. මං ඕවා
නොදන්නවා නෙවෙයි බං.
මම ඔය ඔක්කොමලටම පෙන්නනවා දවසක...
ඉරණමටම ඔක්කොම බාර දීලා, මම නං නිකං බල ඉන්නෙ
නැහැ බං.... අන්තිම මොහොත වෙනකල්ම පුළුවන් දහිරිය සේරම දානවා.....!”
............