එතෙක් මගෙත්තෙක්ක රමණයේ යෙදිච්ච හැමෝම එහෙම කළේ බොහොම රහසෙන්. හැංගි හැංගී. එයින් ගොඩක් උදවිය ඒ වෙලාවල උපරිමෙන්ම තෘප්තිමත් වුණත් එක්ක. සමහර විට එයාලාට ‘හොරෙන් කනකොට වැඩි රහක් දැනෙන්නත්’ ඇති.
කොහොම වුණත්, මට තේරුම් ගිහිල්ලයි තිබ්බේ. මිනිස්සුන්ගේ මේ දවල් මිගෙල් - රෑ
දනියෙල් කෙරුවාව ගැන. ආඳා මාළු අතින් නොකා ඉරටුවෙන් කන කෙරුවාව ගැන. ඔහොම හැංගි
හැංගී නැටිල්ල මට නං අරහං...
මේ වෙලාවේ මොකුත් නොකර නිකං ඉන්නවා. ඒක
හොඳයි වගේ අනිත් සේරටම වඩා. |
එහෙනං?
‘ආයේ මොකක්ද එහෙනං කියන්නේ... කාගෙ හරි හොර අඹුව වෙන්න විතරක් නෙවෙයි- ඔය පොතක ලියලා නීතියෙන්ම පිරිමියෙක්ගෙ වහලියක්
වෙන්නවත් මට නං කිසිම ඕනිකමක් නෑ.’
හම්බ වෙයි උඹට! බලාගෙන හිටහං. ඉර අනිත් පැත්තෙන් පායනකල්. කළු ගලේ ඔළුව ගහ ගත්තම
මොකක්ද මිනිහො වෙන්නේ. රිදෙන්නෙ ඔළුවට මිසක් කළුගලට නෙවෙයිනෙ බං.. අපට පුළුවන්ද බං
මුළු සමාජයක්ම කණපිට ගහන්න?
මගේ උඩු හිතත්, යටි හිතත් ගජ රාමෙට වාදෙකය.
(ඒ හුඟක් උදවිය කරන්නා වගේ දිනන්නම බලාගෙන නොවේ. දිනුම පතා කෙරෙන එහෙම වාදයකදී
තර්කානුකූල නොවෙන දේ කියවෙයි; බොරුත් පැල කෙරෙයි; Flat න්‍යායයෙනුත් වැඩ ගැනෙයි...)
මගේ උඩු හිතටත්, යටි හිතටත් උවමනා කරන්නේ වඩාත් නිවැරදි දේ සොයා ගන්නටය; කොහොමෙන්
හරි දිනන්නට නොවේ.
‘හරි, තමුසෙ කියන්නේ මේ වෙලාවේ මොකක් කළොත් හොඳයි
කියලද?’
මේ වෙලාවේ මොකුත් නොකර නිකං ඉන්නවා. ඒක හොඳයි වගේ අනිත් සේරටම වඩා.
‘පැහැදිලි මදි. පැහැදිලි මදි... මොකක්ද ඔය නිකං ඉඳිල්ලෙන් මට සිද්ද වෙන්න පුළුවන්
සෙතේ?’
සෙතේ? ඇයි යකෝ පේන්නැද්ද - මොකුත්ම නොකර
ඉන්න එකෙන් උඹේ පරම්පරා කුට්ටම බේරෙනවනේ. ඒකම වුණත් මදිද. ඉපදෙනකොටම තමුසෙට නොමිලේ
හම්බ වෙලා තිබිච්චි ‘වජු බිල්ල’ ලක්ෂ ගාණක් වියදම් කරලා බිල්ලට දෙන්න නේද
හිතුවේ...?
‘මතක් කර ගනිංකො මහරගම ආච්චී පිරිමින් ගැන
කිය-කියා හිටපු කවිය.
ගැහැනු ජාතිය - ජරා ජාතිය
ගලේ ගහලා - මරා දාපිය
පිරිමි ජාතිය - උතුම් ජාතිය
කන්ට දීලා - මල් පුදාපිය’
ආච්චී වගේම නේද කළු අක්කත් හිතුවේ...
ගෑනියෙක් වෙලා ඉපදිලත්, ඒ මනුස්සයා සෝමේ අයියාගෙන් වරම් ගත්තේ ‘ලබන ආත්මේ
හරි පිරිමියෙක් වෙන්න...’ උඹ ඉපදෙනකොට නිකංම හම්බ වෙච්චි පිරිමිකම අතාරින්න පෙරුම්
පුරනවා.. ඇත්තටම උඹට පිස්සුද බං?
එච්චරක්ද? තමුසෙට මතක නැද්ද- ඩැඩා
ඔය ඉලව් ඔපරේෂන් එක ගැන කිව්ව දේවල්?
මට මතකය!
“නිමොල්, ඔපරේෂන් එකකින් gender එක වෙනස් කළාට විතරක් සේරම complete වෙන්නෙ
නැහැල්ලු. උඹට තියෙන්නේ male බොඩි එකක්නේ. ඉතිං උඹට දිගටම female හෝර්මොන්ස් ගන්න
වෙනවලු ගෑනු පෙනුමක් තියා ගන්න. දිගටම එහෙම ගන්නකොට එක එක side effects එන්නත් ඉඩ
තියෙනවලු. Operation එකකින් ගර්භාෂයක් එහෙම හදන්න බැහැනෙ...” ඩැඩා
කිව්වේය.
හැම එක්කෙනාම මාව දැක්ක ගමන්ම අහන්නේ -
මොකද තවම බබෙක් නැත්තේ - කියලයි. |
අපේ අම්මා විවාහවී මා ප්‍රසූත කළේ අවුරුදු දාහතේදීය. එතැනින් පස්සේ පුරා අවුරුදු විස්සක්
තිස්සේ දරුවන් වදන යන්තරයක් වීමටයි, අපේ අම්මාට සිද්ද වුණේ.
මානෙල් නංගිත් යෝජනාවකින් විවාහ කර දුන්නේ දහඅට
ලබනවාත් සමඟිනි.
“අනේ මංදා ලොකා. ගාමිණීලගේ නෑදෑයන් ඔක්කොටම
පුදුම ප්‍රශ්නයක්නේ තියෙන්නේ. හැම එක්කෙනාම මාව දැක්ක ගමන්ම අහන්නේ - මොකද තවම
බබෙක් නැත්තේ - කියලයි. උන් තීරණේ කරලා ඉවරයි වගේ, මම වඳ ගෑනියෙක් කියලා.” මානෙල්
කිහිප විටක්ම ඇයගේ දුක මට කියා තිබිණි. “ඒ
තියා අපේ අම්මටත් ඉවසිල්ලක් නැහැනේ ලොකූ.”
සිරි ලංකාවේදී නං හතර වරිගයේම නෑසියන්ට
උවමනා කරන්නේ තරුණියක් විවාහ වෙන පමාවෙන්ම ඇය මවක් වෙනු දකින්නටයි.
එතැනදී නම් 1954 වගේ ඈත කාලයකදීත්- අපේ
බදුල්ලේ ආච්චී; අපේ අම්මාගේ අම්මා; ගමේ නිල නොලත් වින්නඹු අම්මා හා ගෙඩි වෙද
හාමිනේ ‘කොච්චර නවීන අදහසක්’ දරන්නට ඇතිදැයි මට
නම් අමතක කරන්නට බැරිය. තමන්ගේ වැඩිමල් දියණිය අවුරුදු 17දී ගැබ්බර වුණු
විට ‘ලීලා, දැන්ම බබෙක් ඕනිද බං. බේතක් දෙන්නද මයෙ අම්මා?’ කියා විමසා තිබ්බේ ඇයයි.
අපේ තාත්තා ඒ ‘ගස්සලා යැවීමේ’
යෝජනාවට තරයේම විරුද්ධ වුණු හින්දාය- අද මේවා ලියන්නට 'නිදි' ජීවියෙකු ලෙසින් මෙලොවට
බිහි වී සිටින්නේ.
ඉතින්, අප එංගලන්තයට ආවාට පස්සේ මානෙල්ට
දරුවෙකු පිළිසිඳගෙන තිබිණි.
ඉන් පස්සේ මානි මට ලියා තිබුණු ලිපිවලින් පෙනුණේ ඇගේ සිතැඟියි. මානි සිතන බව
පෙනෙන්නේ, දැන් ඉතින් වෙනිං මොනවාවත්ම ඕනෑ නැති විදිහටය. එතැනින්ම මානෙල් නංගිගේ
ජීවිතය එක තැනක ඝනීභවනය වන්නටද යන්නේ- ගැහැනියක් වී ඉපදෙන්නේ දරුවන් ප්‍රසූත
කරන්නටමද?
එදා සිදුහතුන් ‘බැම්මක් ඇති විය, රාහුලයෙක් උපන්නේය’ යනුවෙන් කියුවේ මේ දාරක
සංතෑසිය ගැන නොවෙද?
සැත්කමකින් හෝ කාන්තාවක් වූවාට පස්සේ මටත්
වෙන්නේ ඒ නොනවතින ප්‍රවාහයේම බිල්ලක් වෙන්නටද? මං හදන්නේ මගේ නිදහස සදහටම අහිමි කර
ගන්නටද? මගේ අතින්ම සල්ලි දීලා හූනියමක් කර ගන්නට...
මේ සැරේ කරවල තෙල් දමලා දෙන්න කිව්වේ...
මං ලංකාවෙන් එනකොට ගෙනාපු බොම්බෙලි කරවල වගයක් තියෙනවා. ඒවා... |
එහෙත් මා දරුවන්ට ආදරේය. බෙහෙවින්ම ආදරේය.
කරුණාවන්තය; බෙහෙවින්ම කරුණාවන්තය. අපේ පවුලේ දරුවන්ට මෙන්ම අනෙකුත්
දරුවන්ටත්... ඒත් දරුවන්ට කොතරම් ආදරේ වුණත්- කරුණාවන්ත වුණත් දරුවන් වැඩිහිටියන්
මෙන් හැසිරෙන්නේ නම් ඊටත් මා කැමති නැත!
‘ඉතිං බූරු පැට්ටෝ, තව තවත් තෙපර බබා ඉන්නෙ
නැතිව තීරණයක් ගනිං. Operation කතන්දරේ
බල්ලට දාපං. තව මාස කීයද උඹලට එංගලන්තේ ඉන්න පුළුවන්කම තියෙන්නේ... දැන්වත් හිත
යොදවපං, ඒ ඉන්න ටිකේ කීයක් හරි වැඩියෙන් හම්බ කර ගන්න.’
නුවණක්කාර මොළය එක එල්ලයේම මේ නිමල් දිසානායකයාට
එහෙම කිව්වා තමා. ඒත් එක සැරේම ඒ අදහස අත් හැර දාන්නට ඇහැකිද?
අවුරුදු දහයක්- දොළහක් මගේ හිත පතුළෙම
හංගාගෙන; දරාගෙන හිටි බලාපොරොත්තුවක්!
සිරුරේ නළියන වේදනාවක් දැනෙද්දී මුතු
බෙල්ලෙකු මුතු ඇටයක් දරාගෙන ඉන්නෙ... ඒ වගේ නේද මාත් මේ හිතිවිල්ල දරාගෙන- ඉවසාගෙන
හිටියේ. ඔන්නොහෙ තව ටිකක් හිතල බලනවා!!
මං වහන්සේ ඔහොම දෙකට දෙවාරේ දෙගිඩියාවෙන්
හිටිද්දීය, නීලියා අපේ ගෙදරට එන විත්තිය අපේ අම්මට කියලා තිබ්බේ.
“... අස්වර් එන්නේ නෑලු. නීලියාට කරවල ටිකක්
තෙල් දාලා , පොල් සම්බෝලත් එක්ක බත් කන්න ඕනිලු- ඉස්සෙල්ලා දවසක් රංජි හදල දුන්න
වගේ. බබෙක්වත්ද දන්නෑ. දැන් දෙන්නා එකටනේ ඉන්නවයි කියන්නේ.”
“එදා නීලියලට කරවල උයලනේ අම්මෙ දුන්නෙ.”
“ඒ හින්දම වෙන්නැති නීලියා, මේ සැරේ කරවල තෙල් දමලා දෙන්න කිව්වේ... මං ලංකාවෙන්
එනකොට ගෙනාපු බොම්බෙලි කරවල වගයක් තියෙනවා. ඒවා තෙල් දාල හදමු නේද, රංජි?”
“ලොකූ, ඔයාගේ මුං ඇට කරියත් හදන්න please.
වැඩියෙන් හදන්න. මම ඒකට ආසයි... වැඩිපුර ටික මම කන්ටේනර් එකක දාල ෆ්‍රිජ් එකේ තියා
ගන්නයි හිතුවේ.” Sam කිව්වාය. “Do you need any help, Loku?”
“Thank you Sam... I can manage...”
ඒ මුහුණට අබ මිටක් දැම්මොත් පට-පට ගාලා
පුපුරණවා නිසැකය. ඒ තරම් තරහකි, ඒ මුහුණේ තිබ්බේ. |
අනිල් මල්ලී ස්වේච්ඡාවෙන්ම ඇවිත් කරවල ටික කපා දුන්නේය. “ලොකාට කියන්න අද නං මම බඩ
පැළෙන්න බත් කන්නයි යන්නෙ. මගේ ෆේවරිට් කෑමක් මේ!”
සමන්ති නංගීත් අපට උදවු කරමින් ළූණු සුද්ද
කර කපන අතරේ- මම සේදූ කරවල උතුරණ තෙලට දැම්මෙමි.
“අම්මෝ සුවඳ!” අනිල් කිව්වේය.
“Very strong!” සමන්ති කිව්වාය; ඒ එක්කම කුස්සියේ ජනේලය විවෘත කර දමමිනි.
“අනේ සෑම්... තමුසේ ලංකාවේදී බොම්බෙලි කරවල කාලා නැද්ද? කරෝලවලින් තදම සුවඳක්
තියෙන්නේ මෙව්වට වෙන්නැති.” අන්නා කිව්වේ ඔලොක්කු හිනාවකින් මුහුණ පුරවා ගෙනයි.
“මතක නැද්ද සුවඳ?”
අන්නා එහෙම කියලා විනාඩි දෙක තුනකට වඩා ගත
වුණේ නැති තරම්ය.
ඉස්සරහ දොරේ සීනුව එක දිගටම හැඬවෙන්නට විය.
“කවුද යකෝ bell එක කඩන්න යන්නෙ?” අනිල් නොමනාප ගතියෙන් දොර හරින්නට කලින් සමන්ති
නංගී ඉස්සර වුණාය- ගිහිං දොර හැරියාය.
“Good morning!” සමන්තිගේ සුබ උදෑසන
සුනු-විසුනු කරන ස්වරයකිනි, උත්තර ලැබුණේ. “Is Mr. Cecile in?” මමත් බිරාන්තවී එබී
බැලුවෙමි. තරමක් වියපත්- සුදු ජාතික කාන්තාවක් නොවසිල්ලෙන් ඉදිරි දොරටුව හරස්
කරගෙන සිටින්නීය. “I want to talk to him.”
ඒ මුහුණට අබ මිටක් දැම්මොත් පට-පට ගාලා පුපුරණවා නිසැකය. ඒ තරම් තරහකි, ඒ මුහුණේ
තිබ්බේ.
අනිල් අඩියට දෙකට උඩ තට්ටුවට දිව්වේය. ඒ ගිය
පමාවෙන්ම ඩැඩාවත් පෙරටු කරගෙන පල්ලං බැස්සේය. ඩැඩා
එතකොටත් හිටියේ පිජාමාව පිටින්මය! දොර ළඟ ගෝරනාඩුව උඩටත් ඇහිලා වගේය...
“Good morning!” ඩැඩාගේ සුබ ප්‍රාර්ථනය
කියවෙනවාත් එක්කම, අර අංගනාව පුපුරා හැලෙන්නට වුණේ කිසිම කටකමසිරියාවක් නැතිවය.
නොකඩවා ගලා හැලුණු ඒ වේගවත් ඉංගිරිසි දිය ඇල්ලෙන් බිංදුවකි, මට තේරුම් ගියේ. ඇය
පිටත්ව යනවාත් එක්කම අපේ ඩැඩා අරිටත් වඩා වේගයෙන් දෙස්ස කපන්නට පටන් ගත්තේය. ඒ
Samටය.
නොඉවසිල්ලෙන් බලාගෙන හිටි අපේ ඩැඩා ‘අයන්නේ
සිට අං- අඃ’ දක්වාම ‘ඒ කතන්දරේ’ පලිප්පු
දමමින් නීලියාට කිව්වේය. |
අර ගෑනිගේ ජරා කතා ඔක්කොම අහගෙන ඉඳල තව සමාව ඉල්ලන්නත් වුණා. What a shame... ඒ අම්මණ්ඩි කියපු filthy කතාව... shit...”
“ලොකූ, ඔයාලට නොදැනුණා වුණාට අපේ ගෙදර කරවල
හොද්දක් ඉව්වත් සුමාන ගාණක් යනකල් ඒ සුවඳ තියෙනවා. අපේ ඇඳුම්වලත්... ඒකමයි අපි
උයනකොට කුස්සියේ exhaust fan එක on කරලම
උයන්නේ. මාත් ගොනා වගේ opened ද වින්ඩෝ... සොරි ලොකූ...”
“මොකද්ද Sam අර ෆිල්දි කතාවක් කිව්වේ?”
“චීයා... මහ ජරා කතාවක් ඒ ගෑනි කිව්වේ. කියන්නත් හිරිකිතයි, අනිල් අයියේ.”
“හරි හරි... මට තේරුණේ නැති නිසානේ අහන්නේ. ඔන්න ටිකක් හෙමින් හරි කිව්ව නං...”
අනිල් එහෙම පෙරැත්ත කළාමය, සමන්ති අර කාන්තාවගේ වාග් ප්‍රහාරය අපට පහදා දුන්නේ.
‘උඹලට කන්න දේවල් නැතිවද අශූචි පුච්චලා කන්න
හදන්නේ?’ ඇය විමසා තිබිණි.
එයින් පසුව මමත් විමසිලිමත් වීමි. කතාව ඇත්තය.
අපේ ඇඳුම්වලින් තුනපහ සුවඳත් යාන්තමට දැනෙයි. Comfort සුවඳත් පරයමින්...
දැන් නම් කොම්ෆෝට් ලංකාවටත් අලුත් දෙයක්
නොවේ. බොහොමයක් දෙනා රෙදි සේදූ පසු තනුක කොම්ෆෝට් දියරයේත් ඒවා ඔබා ගන්නේ ඇඳුම්වලට
ප්‍රසන්න සුවඳක් එකතු කර ගන්නටය. මෙරටේ උෂ්ණත්වය වැඩි නිසාදෝ ඒ සුවඳ ඉක්මනින්ම
වියැකී යන බවයි මට හිතෙන්නේ. ඒ අතින් බලද්දී- අපේ මහරගම ආච්චිගේ පෙට්ටගමේ
ඇඳුම්වලින් වහනය වුණු සැවන්දරා මුල් + කපුරු බෝල සුවඳ අර කොම්ෆෝට් සුවඳට වඩා
බලවත්ය.
ඉතිං... ඉතිං... තව ඩිංගෙන් අමතකත් වෙන්නටයි
ගියේ. නීලියා එනකොට අප එයාගේ ඉල්ලීම සපුරාලන විදිහට කෑම සාදා අවසානය. බොම්බෙලි
බැදුමත් එක්කම!
නීලියා එනතුරු නොඉවසිල්ලෙන් බලාගෙන හිටි අපේ
ඩැඩා ‘අයන්නේ සිට අං- අඃ’ දක්වාම ‘ඒ කතන්දරේ’ පලිප්පු දමමින් නීලියාට කිව්වේය.
නීලියාගෙනුත් ප්‍රශ්න ඇසුවේය. “ඇයි නීලියා, උඹලා ඔය වගේ කෑමවලට ඔච්චර addicted?”
නීලියා මාව තනිකොට ගත්තේ කොයි තරම්
සූක්ෂ්ම විදිහටද? |
නීලියා මේ කියන්නේ මොනවා ගැනද? සැකයේ බීජයක්
හිතට ඇතුළු වුණත් ඒ ගැන ඒ වෙලාවේ තව දුරටත් හිතන්නට ඉඩක් මට නොවිණි.
එහෙම වුණේ උදේ හිටන්ම වැඩි කතාබහින් තොරව,
ඇඟ බේරාගෙන හිටි අම්මාත් ඉන් පස්සේ සුපුරුදු විදිහට දොඩමලු වෙන්නට පටන් ගත් බැවිනි;
ඩැඩා නීලියාට සරෙන්ඩර් වීම අම්මාට නව පණක් ලබා දී තිබූ සෙයකි. සුපුරුදු ලෙසින්මය,
විනෝදය සපිරි ප්‍රාණවත් පැය කිහිපයක් ගෙවී ගියේ. ඔව්! ප්‍රියයන් හා එක්වීම සතුටක්
නේන්නං.
ඉතිං, කෑම බීමෙන් සප්පායම් වෙලා, හවස පිටත්ව
යන්නට කලින් නීලියා මාව තනිකොට ගත්තේ කොයි තරම් සූක්ෂ්ම විදිහටද?
“නිමල්, මං හින්දා උඹලා සැසිල්ගෙන් බැණුමුත්
ඇහුව නේද. එක්ස්ට්‍රීම්ලි සොරි නිමල්...” නීලියා කිව්වාය. ඒත් එක්කම, ඊට අඩු
ස්වරයකින්; රහසෙන් මෙන් තවත් කොටසක් කතාවට එකතු කළාය. “දැන් මම දන්නවා උඹ ඔය වගේ
පුංචි දෙයකින් upset නොවෙන කෙනෙක් බව. Be Strong!”
ඒ ස්වරයත්, ඒ ටික කියමින් නීලියා ඉතා මෘදුව මගේ
අත අල්ලා මිරිකූ විදිහත් වෙනස්ම කතාවක් කියන විත්තියකි මට හැඟුණේ. එච්චරකුත් නොවේ.
එහෙම කියද්දී නීලියාගේ ඇස්දෙක දිලිසුණා වගෙත් මට පෙනුණි. එතකොටය මට මීටර්
වුණේ... (සමහර විටෙක මං වහන්සේ ටියුබ්
ලයිට් එකක් බවත් මෙතැනදී අමතක නොකරනු මැනවි.)
සැකයක් නැත. ලිංගේන්ද්‍රිය සැත්කම පිළිබඳව
අර තරම් හොඳින් වෛද්‍යමය කරුණු ගැන අපේ ඩැඩාව
දැනුවත් කරන්නට ඇත්තේ නීලියාම වෙන්නැති!
එයා පළපුරුදු වෛද්‍ය නිලධාරිනියක් නෙව.
‘චිකේ... මීට පස්සේ මම කොහොමද ලජ්ජා නැතිව
නීලියාගෙ මූණ බලන්නේ...’
අනේ නිකං හිටපං නිදි. නල්ල මලේ ලජ්ජාව. ඔම්ලට් එකක් හදන්න ඇහැකිද බිත්තරේ නොකඩා...
à ඊළඟ
කොටසට...