... ඒත් එහෙම වුණේ නැත. පසුවදා පාන්දරින්ම සෑම් ටෙලිෆෝනයෙන් කිව්වේ ඒ විත්තියයි.
“It’s amazing ලොකූ. අම්මා asked about පාද
යාත්‍රා. She hasn’t forgotten.
එයාත් එන්නයි හදන්නේ...
ඔයාට තමයි බේරෙන්න බැරි වෙන්නේ...”
ගම කන වැඩකි වෙන්නට යන්නේ...
හැම දෙයකම funny side එකත්
දකින්නට; දැකලා හිනා වෙන්නට හැකියාව තියෙන... |
මෙතනදී වුණත් එකම එක ‘අහිංසක බොරුවක් වුණත් කියන්නට’ මගේ දිව නොනැමෙයි.
(ඔව් Lotus... ඒක එහෙමමය. තව ඉස්සරහට කියවගෙන යන්නකෝ.) අම්මාට කිව හැකි ඇත්තක් මට සිහිපත්
වුණේ, ටික වෙලාවක් කල්පනා කළාමය.
“අම්මේ, ගමන යන van එකේ තව
එක්කෙනෙකුට යන්න ඉඩ නෑනෙ. දැනටත් හිර වෙලා වගේ තමයි අපිට යන්න වෙලා තියෙන්නෙ... ලෑස්ති
කර ගෙන තියෙන මේ ගමන ගිහින් ආවට පස්සේ අපි වෙන trip එකක් යමු! එහෙම හොඳයිනේ...”
එතකොට දෙයියෝ අපේ දිහාව බැලුවෝහ. අම්මා මගේ යෝජනාවට අකැමැත්තෙන් කැමති වුණාය.
‘පාද යාත්‍රා ගමනේදී’ත්
අපේ ඉෂ්ට දේවතාවුන්නාන්සේලා ඇතුළු බලධාරී දේව මණ්ඩලයම නොවරදවා අප දිහා බලන්නට ඇත!
මං
එහෙම කියන්නේ නිකංම ආවට-ගියාට නොවේ; හේතු ඇතිවය.
අපේ මර්වින් බොතේජු උන්නැහේ
අන්තිම මොහොතේදී පාද යාත්‍රා ගමනට නාවේය. ඒ ඔහුගේ ප්‍රියාදර බිරිය
ලලිතා අසනීප වුණු බැවිනි.
පාද යාත්‍රා ගමන නිමාවී, සති දෙකකට විතර පස්සේ මර්විනුත් අසනීප වුණේය. හේතු හොයාගෙන
යද්දී එළිදරව් වුණේ ඉක්මනින්ම ඔහුට Angiogram පරීක්ෂණයක් කළ යුතු බවයි.
අයස්මන්ත පීරිස් දොස්තර හිතවතා කල් තියාම මර්වින්ගේ එකම පුතණු මාධවටත් දන්වා
තිබුණේ- අවශ්‍ය වුවහොත් නොපමාවම ‘stent කිරීම’කට හෝ ‘බයිපාස් සැත්කම’කට හෝ මුහුණ දෙන්නට
තාත්තාට සිදු වෙන බවයි.
ඒ අනතුරු ඇඟවීම හරි ගියේය. එන්ජියෝග්‍රෑම් පරීක්ෂණය හා සමඟම stent කිරීමත් කෙරුණි.
“Doctor සම්පත් කිව්වේ,
බැරි වෙලාවත් මං පාද යාත්‍රාවේ ගියා නං එහෙම මොන-මොනවා වෙන්න තිබ්බද කියලා හිතා ගන්නවත්
බැහැ කියලා. ඒ තරමටම මගේ පපුවේ ලේ නහර හීනි වෙලා තිබ්බලු!” පසුව මර්වින් කිව්වේ එහෙමය.
“දෙයියොම තමයි මගේ දිහා බැලුවේ!”
හැම දෙයකම funny side එකත්
දකින්නට; දැකලා හිනා වෙන්නට හැකියාව තියෙන අයස්මන්ත මහතා නං, ඒ ගැන කිව්වේ වෙනත් කතාවකි.
ඔය විවාදයට තුඩු දෙන දේවල්
පැත්තක තිබිච්චාවෙකො- මට හිතෙන්නේ, මගේ දිහාවට නං... |
නිමල් අයියේ, මට මැවිලා පේනවා- මර්වියා පාද යාත්‍රාවේ යද්දී මොකුත් වුණා නං හෙම, ලලිතා අපිට බිම දාගෙන ගහන හැටි...”
මං වහන්සේට කල්පනා වුණේ තවත්
පැත්තකි.
මර්වින් ගොයියාත් නිතිපතා Gym යන්නෙකි. එහෙම කෙනෙකුටත් මෙහෙම නං... මීට පස්සේ
පාද යාත්‍රාවට කට්ටිය තෝරා ගනිද්දී වෛද්‍ය පරීක්ෂණයකුත් කරන්නට වෙයිද? ඒ කල්පනාව එහෙමම
තියෙද්දී වුණත්, මර්වින් බොතේජු හිතවතාට ඉක්මනින්ම සුපුරුදු නිදුක්- නිරෝගී සුව ලැබේවායි
පතන්නටත් මම අමතක නොකරමි.
ඔය විවාදයට තුඩු දෙන දේවල්
පොඩ්ඩකට පැත්තක තිබිච්චාවෙකො- මට හිතෙන්නේ, මගේ දිහාවට නං ‘දේව බැල්ම’ වැටුණාමය කියලයි!
පාද යාත්‍රා ගමනෙන් අපේ අම්මාව
නවත්තන්නට කාරණාවක් විදිහට ඒ වෙලාවේ ‘වෙනින් trip එකක්’ ගැන කිව්වත්, මා කියූ වචනය
රැකිය යුතුය. අපේ තාත්තා අපට නම් උගන්නලා තියෙන්නේ; පුරුදු- පුහුණු කරවලා තියෙන්නේ
එහෙම කරන්නටය. ‘අම්මව දෙනවයි කිව්ව නං පුතේ, තාත්තව ගස් බැඳලා
හරි දියං!’
“ලොකා, ඔයා කිව්වට trip
එකක් එක්කං යන්න තරං තත්ත්වෙකද අම්මා ඉන්නේ? සමහර දවසකට නං හොඳයි. ඔයා දන්නවද,
සමහර දවසකට අම්මව තුන්-හතර සැරයක්ම නාවල හෝදවන්න වෙනවයි කියලා... අම්මට දැන් එහෙම දේවල්
කන්ට්‍රෝල් කර ගන්න බෑ... පැම්පර්ස් අන්දවල තිබ්බටම හරි යන්නෙ නෑනෙ.” මානෙල් කියන්නේ
ඇත්තය. එහෙම වුණත්...
ඉතිං, පාද යාත්‍රාවේ යද්දීත් ඔය කාරණය මගේ හිතේ දිගටම වැඩ කළේය.
විසඳුමක් මගේ ඔළුවට ආවේ කුඩා කැබිලිත්ත දේවාලය අසලදී කුඹුක්කන් ඔයේ ගිලී ස්නානය කරන
වේලාවේය!
ඒ නිසාය මං කිව්වේ, මටත් දේව
බැල්ම වැටුණාය කියලා.
නිදිගෙ පංච තන්තරේ දිගටම කියවපු අය නං දැනටමත් දනිති, මගේ ඔළුවට ‘විලිසියානු රත්තරං’
වගේ හොඳ-හොඳ ideas වැඩි-වැඩියෙන් පහළ වෙන්නේ නාන වෙලාවටයි කියලත්...
‘නීච කුමන්ත්‍රණේ’කින් බේරෙන්නට දිසානායක හේවගේ චාර්ල්ස්ට
උපකාරී වුණු, නිදිට ‘නොදෙන්න හිටි රන් පදක්කම’ ලබා දෙන්නට දිසානායක හේවගේ
ගුණපාලට උපකාරී වුණු ‘අයිඩියානන්ද පරම්පරාවේ ජාන’ මා තුළ වැඩියෙන් ක්‍රියාකාරී වෙන්නේ
නාන වෙලාවටවත්ද?
අපේ ‘පික්නික්’ එකේදී
අපට කැමති විදිහට ඕනෑ ඩෙඟා නැටුමක් නටා ගන්නටත් නිදහසක් එහෙදී ලැබෙයි. (2013 ගිරිතලේදී...) |
එතැනට මානෙල් නංගිලාගේ ගෙදර හිට වැඩි දුරකුත් නැත. තියෙන්නෙත් මනස්කාන්ත වෙල් එළියක-
නිල්ල නිලන කුඹුරු යායක් අද්දර- ඕවිටි කෑල්ලකට ටිකක් උඩින්ය.
ඕනි නං අපේ අම්මාට ඇලවී- හාන්සිවී ඉන්නට වුණත් පුළුවන් විදිහට, ඇඳක් සහිත කාමරයකුත්
තිබේ; යාබද අංග සම්පූර්ණ wash room එකකුත් සමඟ.
එච්චරයැ, අතින් වතුර අරගෙන නාන්නට පුළුවන් අපූරු ‘වෙල අද්දර ළිඳකුත්’ ඒ වත්තේම කොණකය!
ඒ සේරෝටමත් වඩා plus
point එක මේකය: අපේ ‘පික්නික්’ එකේදී අපට කැමති විදිහට ඕනෑ ඩෙඟා නැටුමක් නටා ගන්නටත්
නිදහසක් එහෙදී ලැබෙයි.
ඒ ගෙදරකි; බල්ලෙකුවත් නැති-
‘කෝකි නල්ලෙකු’ පමණක් ඉන්නා ගෙදරකි.
යටි පෙළෙන් කියවෙන දේ පවා මැනවින් අල්ලා ගනිමින් ‘නිදිගෙ පංච තන්තරේ’ ඉතා සුපරීක්ෂාකාරීව
කියවන Lotus රසිකාවිය වෙතින් ‘Unsung Hero’ කෙනෙකු ලෙසත් හැඳින්වුණු ඒ සහෘදයා
නිවසන්නේ එහිය.
Trip එකක් යන යන විදිහට අපේ අම්මාව එහාට කැන්දාගෙන යත හැකිය.
මට හොඳටම ෂුවර්ය. වතාවකට- දෙකකට වඩා එහාට ගිහින් නැති නිසා අම්මා එතැන හඳුනා ගන්නා
එහෙකුත් නැත.
ඉතිං තවත් මොනවද?
‘තමුසෙට හිතෙන-හිතෙන විදිහට එහාට යන්න තීරණේ කරන්නෙ ඒක විවෘත
අම්බලමක්ද?’ කඩප්පුලිකමටම තමාය, කාට හරි එහෙම අහන්නට හිතුණොත් හිතෙන්නේ.
අපේ හිතවතා- සද් ගුණවත් නෙවිල් අනුරසිරි පෙරේරාගේ නිවස අම්බලමක් නොවේ... තිස්සෙම
හායි කියලා දොර ජනෙල් සේරම ඇරලා තියෙන තැනකුත් නොවේ. නෙවිල්ලගේ අම්මා හිටිද්දීත් එහෙමය.
දැනුත් එහෙමය. දැන් නං එහෙම කෙරෙන්නේ දවසේ පැය විසි හතරෙන් 15ක්-16ක් විතරම ඒ හාදයා
ගෙදර නැති බැවිනි.
නෙවිල් කැමැත්ත දුන්නේය!
“තමුසෙලගෙ මඟුල්වලට ඉඩ දීලා පස්සේ මට මළ වදයක් වෙයිද මන්දා! ඔන්න දිසානායක ආයෙම නං
ඔය කෙහෙල්මල් මෙහෙ දාගන්න බෑ. හරිද?” කියලාත් කිව්වේය. නෝක්කාඩු
ස්වරයකින් එහෙම කිව්වත්, ඒ හාදයා අන්තිමට ‘මගෙන් මොනවද හලෝ කෙරෙන්න ඕනෙ?’ කියලාත් තෙතමනය සහිත ස්වරයකින්
ඇහුවේය.
පාද යාත්‍රාව අවසන්වී ජුනි
16 වෙනිදා ආපසු ගෙදරට පය තියනකොටත් මගේ සිතේ ‘සිදු විය යුතු දේවල්වල’ කටු සටහනක් ඇඳී
තිබිණි. පියවරෙන් පියවර නිදි ක්‍රියාත්මක කළේ ඒ සැලසුම්ය.
අනේ, මං එහෙම කිව්වා විතරකි-
අම්මාගේ මුහුණේ පිපුණු සිනහ නෙළුම් මලේ ලොකු! |
අනේ, මං එහෙම කිව්වා විතරකි- අම්මාගේ මුහුණේ පිපුණු සිනහ නෙළුම් මලේ ලොකු!
ඊට පස්සේ අපි මානෙල්ලගේ ගෙදර හිටි පැය දෙකකට වැඩි කාලය තිස්සෙම අම්මා trip එක ගැන ප්‍රශ්න
ඇසුවාය; හාර-හාරා විස්තර ඇසුවාය; එකම ප්‍රශ්න වැල යළි-යළිත් ඇසුවාය.
ඩිමෙන්ෂියා රෝගීන්ගේ සිහි-කල්පනාව අවදි වුණු විට එයාලාට කෙතරම් තර්කානුකූලව
සිතන්නට හැකිදැයි මේ ලියන්නාට තේරුම් ගියේ අන්න ඒ දවසේදීය.
එතනට නොගැළපුණු එකම දෙය වුණේ
‘එකම ප්‍රශ්න නැවත නැවතත් ඇසීම’ය. (මට ඒ ප්‍රශ්නෝත්තර සියල්ල කටපාඩම් වෙනකල්ම, අපේ
අම්මා දහ-දොළොස් වතාවක්ම ඒවා පුන-පුනා ඇසීමය.)
“දැන් කවදද ලොකු පුතේ අපි
ඔය ගමන යන්නෙ?”
“ජුනි 22. එදාට හොඳයි නේද?”
දවස හොඳදැයි කියලා අම්මගෙන් ඇහුවාට මොකද, ඒ වැඩේට
සුදුසු වෙනත් එකම දවසක්වත් අපට ඉතිරිව තිබ්බේත් නැත.
“Yes Loku, ලංකාවේදී
පට-පට ගාල දවස් ගෙවිල යනවනේ... හරිම ක්වික්ලි. Englandවලදී මීට් වෙච්ච දීපාල්ගේ යාළුවො
ගොඩක් අපෙන් dates ඉල්ලුව- පවනුත් යන්න කලින් අපිව lunch එකකට හරි dinner එකකට හරි
එක්ක යන්න. Not enough time. මං එයාලට suggest කළා ඒ සේරමල්ල එකතු වෙලා එකට outing
එකකට යමු කියලා.” සමන්තිලාගේ අවිවේකී බව අපට කියැවුණේ එහෙමය.
“ඉරිදා අපි ආපහු යන්නත් ඕනිනෙ ලොකූ.”
“ඔයාට හපන් Sam අපි දෙන්නට.
නෙවිල් අයියටයි මටයි ඒ weekend එකේ වස්ගමුවේ යන trip එකකට ජොයින්ට් වෙන්න වෙලා
තියෙන්නෙ. මාස දෙක තුනකට කලින් ඉඳලමයි එයාලා අපට කිව්වේ. ඉතිං බෑ කියන්නද? අනේ sorry
සෑම්. ඔයාලට Good bye කියන්න වෙන්නෙත් කලින්.”
“It’s ok loku!”
හයියෙන් ඔහොම දේවල් කතා කරන්නට
ගිහිං පාඩමක් ඉගෙනගත් බැවින්, අප එදා කතා කළේ හෙමින්ය. අම්මා එතකොටත් හිතුවේ නුහුරටය.
“ කියන දෙයක් මටත් ඇහෙන්න
කියන්නකො, රහසෙන් කතා කරන්නෙ... දැන් කවුරු කවුරුද ගමන යන්නෙ?”
“අම්මයි, සමන්තියි- පවනුයි, මානෙල්ලගේ ගෙදර කට්ටියයි...”
“මර්වින් පුතා... නෙවිල්, ඔයත් යනව නේද. නෙවිල් පුතා නොගියොත් කවුද සිංදු කියද්දී බෙර
ගහන්නේ? ගමනේ කිසි ජොලියක් නැහැනෙ, සිංදු එහෙම නොකිව්වොත්...”
කොච්චර ෂෝක්ද එයාලත්
එනව නං... (වැඩේට සහභාගී වූවෝ: නමී, නෙවිල්, මර්වින්, ප්‍රීතිකා, පීරිස්, තමීර,
චානක) |
“නෙවිල්ලා විතරක් නෙවෙයි
අම්මේ, ඩොක්ටර් පීරිස්- ප්‍රීතිකා ජෝඩුවත්...”
“කොච්චර ෂෝක්ද එයාලත් එනව නං... වෙනදට අපි trip යද්දී තව කට්ටිය ගොඩක් යනවනේ ලොකු පුතේ...”
“දඩිබිඩියේ ලැහැස්ති කර ගත්ත ගමනක්නෙ අම්මේ... පාද යාත්‍රා ගමන ගිය යාළුවොත් එයි.”
“කොහාටද අපි යන්නෙ?”
ඇත්ත කියන්නද? බොරුවක් කියන්නත් බැරිය. එහෙම වෙලාවට මට තියෙන විසඳුම් දෙකකි, බාග ඇත්තක්
කීම හෝ වෙනින් යමක් කීම. “ඒක නං අම්මේ සප්‍රයිස් එකක්. ගියාට පස්සේ බලන්නකෝ හොඳද කියලා...
එතකොටනේ ගති!”
“ඔන්න අම්මේ, එදාට මගේ ගණනේ
ඉඳියාප්පයි, චිකන් කරියි, අල හොද්දකුයි, හදනවා. තව... මඤ්ඤොක්කා ටිකකුත් තම්බලා,
කොච්චි ලුණුමිරිසකුත් හදන්නං. ලොකා කුරක්කන් පිට්ටුයි, ඌරු මසුයි, පොල් සම්බෝලයි හදනවය
කිව්වා. ඇතිද?” මානෙල් අහන්නේ අතින්-පයින්-ඇස් දෙකින් පවා රඟමිනි.
“මානෙල් අක්කේ, මම බිමල් හදන විදිහට ජීරා චිකන් හදන්නද?” සමන්ති අහන්නේ වැඩි හොඳටය.
“දිසානායක කුරහන් පිට්ටුත්
හදන නිසා, මී කිරියි කිතුල් පැණියි දෙකත් ගෙනෙමු...”
“හරී ෂෝක්! මම කොච්චර lucky
අම්ම කෙනෙක්ද ඔයාල වගේ දරුවෝ, යාළුවො ගොඩක් ලබන්න.... මට ගොඩාක් ආදරෙන් සලකන.”
අම්මා කියයි. අද අම්මාගේ mood එක හොඳය. එහෙම වෙලාවට අම්මා ඉතාම ප්‍රසන්නය;
කරුණාබරය; ආචාර සම්පන්නය!
සමහර දෙවිවරුනුත් එහෙමලු, වෙලාවකට ඔවුන් බෙහෙවින්ම යහපත්ලු... ඒත් තවත් වෙලාවකට...
“අද නං මට හොඳටම එපා වුණා
ලොකා!” පහුගියදාක උදෙන්ම මානෙල් ටෙලිෆෝනයෙන් නඩුවක් කීවාය. “ඇයි, මොකද වුණේ?”
“බලන්නකෝ ලොකා. අම්මා හරියටම
විනාඩි හතළිස්පහක් පුටුව උඩ ඉඳගත්තු ගමන්ම හිටියනේ.”
“ඉතිං මනුස්සයෝ, සමහර වෙලාවට අම්මා පැය හත-අට ඔහොම දිගටම වාඩි වෙලා ඉන්නේ; ඒ පුටුවෙන්
මේ පුටුවට මාරු වෙවී. ඔහෙ ඉන්න අරිනවා.” මං කිව්වේ හැකිතාක් සැහැල්ලු වෙමිනි.
හැබැයි, අම්මා එහෙම ඉන්නකොට මානෙල් බාධා කරන්නේ නැත. එයා මෙහෙම නහයෙන් අඬන්නේ වඩා බරපතළ
යමක් සිද්දවී ඇති නිසා විය යුතුය.
“ඉතිං කියනවකො බලන්න-
දිගටම හූල්ල හූල්ල ඉන්නේ.”
මගේ හිතට වැටුණු මේ ‘මහ
බරෙන්’ ටිකක් හෝ අඩු කර ගන්නටය, මං මේ විස්තර... |
“හරි යකෝ. ඒ මනුස්සයාට ඔව්වා
කල්පනා වෙන්නේ නැහැනෙ හැම තිස්සෙම. තව චුට්ටක් ඉඳල බලනවකො. මම අම්මට කතා කරන්නද?”
“එපා ලොකා. මේ පාන්දර ඔයාටත් තරහ යයි. නිකං මොකටද පව් පුරව ගන්නේ... අද අම්මා හිතාගෙන
ඉන්නේ, එයා එංගලන්තේ ගෙදර ඉන්නවයි කියලා...”
“අම්මට සිරි! අද අම්මට එහෙම හිතිලද මානි.”
“ඒක නේන්නං ලොකා -මගේ ගෙදර මට ඕනි විදිහට ඉන්න බැරිද? ඔයාල මගේ ගෙදරට ඇවිත් ඉන්නවා
නං මම කියන විදිහටයි ඉන්න ඕනි. බැරි නං දෙන්නම ගෙදරින් එළියට බැහැල යන එකයි තියෙන්නෙ,
මගේ පාඩුවේ මට ඉන්න දීලා- කියලා අපිට බැනගෙන බැනගෙන ගියා...”
“දෙන්නම කිව්වේ... තව
කවුද හිටියේ?”
“ඇයි ලොකා අපේ ගාමිණී. අද එයාටත් වැඩට යාගන්න නෑ අම්මගෙ ජෝගි නිසා... පව්, ඒ මනුස්සයා.”
මගේ හිතට වැටුණු මේ ‘මහ බරෙන්’
ටිකක් හෝ අඩු කර ගන්නටය, මං මේ විස්තර නෙවිල්ට කිව්වේ. “මතකයිනෙ අපේ අම්මා...
කාමරේට වැදිලා දොරත් වහගෙන හිටියා- මැරෙනකල් දොර අරින්නේ නෑ කිය-කියා. ඔයාලගෙ අම්මත් ටික
ටික එහෙම වේගෙන එනවද දන්නෑ.”
“ඒකනෙ කියන්නෙ... දවස තිස්සෙම ඔව්වා පෙනි-පෙනී
මානෙල් ඉවසගෙන ඉන්න ඉඳිල්ල...”
නිදිගෙ පංච තන්තරේ දයාබර පාඨක ‘විජේබාහු මහත්තයා’ පසුගිය පෝස්ටුවට comment එකක් එවමිනුත් ‘මේ තත්ත්වය දරා ගැනීමේ අසීරුකම පිළිබඳව’ පවසා තිබිණි. එතුමා කියා තිබුණේ,
‘සංසාරේ හැටි තමයි, හිටපු ගමන් යන්න වෙන්නේ නෑ හැමෝටම.
නිදි ගේ නංගීට ගොඩක් පින් ලැබේවි, ඔය ජොබ් එක ලේසි නෑ, නංගීට විෂාදය එන්න
පුළුවන්. එයා ගැන බලන්න. (හිත හයිය නම් බය වෙන්න දෙයක් නෑ.) යනුවෙනි.
ඔව් විජේබාහු මහත්තයෝ, අප
ඉන්නේ හැකිතාක් හිත හයිය කර ගෙනය; එකමුතුවය.
සමන්තියි බිමලුයි
පුතාලා දෙන්නයි... (රෝසිගේ විවාහය දවසේ; 2017 දී අපේ අම්මා- ගාමිණීලගෙ අම්මා සමඟ) |
“පොඩාට එන්න අමාරුයි කිව්වා අම්මේ... සීතගල ඉඳලා එන්න දුරයිනෙ අම්මේ. හැබැයි අපි කට්ටියම
වීඩියෝ callsවලින් එදාට එකතු වෙන්නයි කතා වෙලා ඉන්නේ. ෂැම්පේන් එකකුත් කඩලා...”
සමන්ති එහෙම කිව්වා විතරය. නෙවිල්ගේ කට ඇරුණේය.
“දිසානායක ළඟත් ෂැම්පේන්
බෝතල් දෙකක්ද කොහෙද තියෙනව නේද පුස් කකා. අපි ඉල්ලුවට දෙන්නෙත් නෑ Sam. අපරාදෙ...”
“ඇත්තද ලොකූ?”
“ඇයි සෑම්, ඔයාට මතක නැද්ද... ඔයයි බිමලුයි දෙන්නමනේ ඒවා මට පරෙස්සමින් අරං තියන්න
දුන්නේ. දීපාල්ගේ wedding එකෙන් පස්සේ. 25th වෙඩින් ඇනුවසරි එක දවසට ගනිමුය කියලා...
ඉතිං මම එව්වා එහෙමම තියාගෙන ඉන්නවා.” මං කිව්වේ ආඩම්බරෙන්!
“අනේ ලොකූ, ෂැම්පේන්
තියන්න ඕනෙ ඒවාට breathe කරන්න පුළුවන් වෙන විදිහට...”
“එහෙම තමයි සමෝ ඒවා තියල තියෙන්නෙ.”
“කොහොමද?”
“ටිකක් ඇලේට. කිරල පොරොප්පෙට ෂැම්පේන් ගෑවි-ගෑවී තියෙන විදිහට.”
“කොහෙද හලෝ ඕවා තියලා තියෙන්නෙ... හැබැයි නංගී, දිසානායකගේ භූත බංගලාවේ අලියෙක්ව වුණත්
හංගලා තියා ගන්නත් පුළුවන් කාටවත් නොපෙනී...”
“ඇත්තද ලොකූ... Are you
sure? ඔයා ෂැම්පේන් bottles චෙක් කරලා බැලුවද ළඟදී?”
“මොකටද චෙක් කරන්නෙ... දීපාල්ල කසාද බැඳලා තවම අවුරුදු විසිපහ වුණේ නැහැනෙ...”
“මෙහෙමත් මොට්ට රාළ කෙනෙක්...
ඔන්න ඕක ගේනවා හලෝ මේ විසි දෙවෙනිදට.”
“මං ඒවා ගේන්නෙ මට එව්වා දුන්නු අයිතිකාරයො කිව්වොත් විතරයි.”
“කවුද අයිතිකාරයො?”
“සෑමුයි බිමලුයි.”
“හරි, ඔයා එදාට ඒ බෝතල් දෙකම
ගේන්න, ලොකූ... නෙවිල් අයියේ, අපි එදාට එක ෂැම්පේන් එකක් කඩමු!”
“එළකිරි!”
ඉතිං ඊට පස්සේ...à